29 December 2012

බැඳීමෙන් මිදුන හොත්...

නොමැති කල බැදීමක්..
රැඳීමක් රිදීමක්..
ජීවිතය සිහිනයක්..
එහි නැතේ හැගීමක්..

ඒ නමුත් බැදීමෙන්
මීදීමත් විඳීමක්...
සිහිනයෙන් මිදීමත්..
එක්තරා සහනයක්...

ඇති නමුත් ආ මගක්..
යායුතු වූ මගක් නැත..
අද මෙන්ම හෙට දිනෙත්
හිරු නැගී එයි එහෙත්...

උදාවන නව දිනේ..
කුමක් කල යුතු දැයි කියා
නැත කිසිත් හැගීමක්..
හෙට දිනය හීනයක්...





28 comments:

  1. හෙට දින සිහිනයක් නොවෙන්නනම් .. අර බුකියේ දන බිඉම වර්ග අඩුවෙන් ගන්න

    ReplyDelete
    Replies
    1. කටුක ඇත්ත රසවත්ව දැකිමක්

      Delete
  2. මං කොහෙ හරි කියෙව්වා මෙන්න මෙහෙම දෙයක්...

    “ උදේට නැගිටින්න හේතුවක් නැති දවසට සන්තෝසෙන් ඇඳට ගියාට, උදේට ඇහැ ඇරුනම අද මොකටද මං නැගිටින්‌ෙන් කියලා හිතාගන්න බැරි වෙනවා.... ”

    ඔය මගේ වචන වලින් ලිව්වේ.. මට මතක නෑ තිබ්බ එක හරියටම...

    අපි උදේට නැගිටින්නේ හිරු පායන නිසා නෙවෙයි... අපිට කරන්න දෙයක් තියෙන නිසා... කරන්න දෙයක් නැති උනාම ඇඳට වෙලා ඉඳලා එපා වෙනවා...ඒ වගේ තමා ජීවිතේත්...

    බැඳීම් නැති උනාම හිතට සහනයක් උනාට, ඇල්පෙනිත්තකින් ඇන්නා වගේ වගේ හදවතට දැනෙන පුංචි රිදුමක් ජීවිතේට තේරුමක් ගේනවා..

    ReplyDelete
    Replies
    1. අර දහජරාව බොන්නම ඕනේ උනාද මාරයියේ මේ ටික තේරෙන්න..... හි හි

      Delete
  3. ඇත්තනේ කතාව ..ජීවිතේ දිගු හීනයක් ලු ;) මේක ලොකු කතාවක්නේ අප්පා
    :)

    ReplyDelete
  4. හීනය ලස්සන වෙන තරමට ජීවිතේ සතුටුයි නේද?,

    ReplyDelete
  5. බොන්නම ඕනේ ලෝකේ ඇත්ත තේරෙන්ඩ නේද මාරයියා...

    ReplyDelete
    Replies
    1. පිස්සුද දිනුක, මාරය අයියා මහනවෙල හිටියළුනේ කාලයක්. ඒ කාලෙ අපූරුවට ඔය ටික තේරෙන්න නැතැ, දැන් මේ බීල නහින්න ඕනද ඕක තේරුම් ගන්න. ඒත් මට තේරුම් ගන්න බැරි උභතෝකෝටිකයක් නම් එතන තියෙනව, ඒත් ඒ ගැන කතා නොකර ඉන්න එක හොඳයි කියල හිතෙනව.

      Delete
  6. නොමැති කල බැදීමක්..
    සිතේ ඇත සහනක්..
    උදා වන සැම දිනම...
    සිටිය හැක තුටු සිතින ..
    මෙයයි මගේ බුදු සමිඳ...
    දෙසු දම් බිඳ සබඳ..

    ReplyDelete
  7. පෙන එන එව්වා බොන්න ගත්තා විතරයි කවිත් ලියවෙන්නේ ඔය! :D

    ReplyDelete
  8. හෝරයාගේ මාරාවට කාලෙක්න් ගොඩවුනේ ,හීනම දකින්න එපා :)

    ReplyDelete

  9. හොදටම රසවින්ද කවි පෙළක් මාරයෝ.
    උදාවන නව දිනේ..
    කුමක් කල යුතු දැයි කියා
    නැත කිසිත් හැගීමක්..
    හෙට දිනය හීනයක්...

    සම්පූර්ණ අත්තක් උන දෙයක්.දරාගන්න බැරි වේවි
    තව තවත් ...

    ReplyDelete
  10. ජීවිතය ම හීනයෙකැයි කියා සිතෙනවා.....
    ප්‍රේම්ගේ ගී පදයක් මතක් වුණා.

    ReplyDelete
  11. අනාගතේ ගැන හීන දකින්නෙපා.. වර්තමානෙ ජීවත් වෙන්න. අනාගතේ ඉබේම ගොඩ නැඟෙවි

    ReplyDelete
  12. මේ ළගදි සුදු මල්ලියා දාලා තිබුණු කවියකින් පස්සෙ දැකපු ලස්සනම පද පේලි ටික..
    //නොමැති කල බැදීමක්..
    රැඳීමක් රිදීමක්..
    ජීවිතය සිහිනයක්..
    එහි නැතේ හැගීමක්..

    ඒ නමුත් බැදීමෙන්
    මීදීමත් විඳීමක්...
    සිහිනයෙන් මිදීමත්..
    එක්තරා සහනයක්...//

    මේ ටික නම් ඇත්තම ඇත්ත..

    ReplyDelete
  13. අපට මේ සංසාරෙක බැඳීමකින් මිදෙන්න බෑ පින්වතුනි. අපට කල හැකි එකම දේ ඊලඟ ආත්මය මනුස්ස ආත්මභවයක් ලබා ගැනීමට පින් කර ගැනීම පමණයි පින්වතුනි.

    ReplyDelete
    Replies
    1. සාධු ! සාධු !! සාධු !!!

      Delete
    2. අන්න නෙගටිව් තින්කින්.
      උත්සහ කළොත් බැරි වෙන්නෙ නැහ.

      Delete
  14. බැදීමක් නොමැති බොට.
    දැනෙන ඒ පාළුව.
    සතියකට දෙකකටවත් මට ගන්න පුළුවන් නම්...
    අනේ මට කරන්න තියන වැඩ ගොඩක්...

    ReplyDelete
  15. නැති කලට අරමුණක්
    හෙට දිනය හීනයක්
    තොල ගැටෙන රහමෙරක්
    පද බඳියි රස කවක්

    බොට තියේ එළ බොගක්
    දැන් ලියාපිය පොතක්
    බැරිම නම් ඒ වගක්
    හදාපිය රෙසිපියක්

    ReplyDelete
    Replies
    1. මෙන්න තිසර උඹට මගෙන් වැටක් ++++++++++

      Delete
  16. මේ දවස්වල උඹ වර්ෂ අවසාන නිවාඩු එහෙම ගත්තද?

    ReplyDelete
  17. හෙට හරිම බොඳවූ චිත්‍රයක්. මේ අයියේ කාලක් වත් දාගත්තද කවිසිතිවිලි එන්න.

    ReplyDelete
  18. මා දුටු, මාරයාගේ ඉතාම සාර්ථක කවි පංතියක්.

    ReplyDelete
  19. " හෙට දිනය හීනයක්... "

    ඒකනම් සහතික ඇත්ත මාරයියේ..

    ReplyDelete
  20. ලබා දී නිමාවක්
    විඳවූ අතීතයට
    රිදුම් දෙන වත්මනත්
    පතමු හෙට සුබ දිනක්

    ReplyDelete