05 December 2012

බඩාමද මැරුවේ..?

"බඩා පුතේ... මොකද බං මේ මහ රෑ පාර මැද්දේ නිදි..බලහං වාහනයක් එහෙම ගියොත් උඹට මොකද වෙන්නේ..නැගිටලා ගෙදර පලයං..ගෙදර ගිහින් නිදා ගනින්.."

පොඩි මුදලාලි බාප්පා එසේ කීවේ මහ රෑ තාර පාර මැද වෙරි මතෙන් වැටී නිදා සිටි බඩාටය... ඒ බඩාගේම හොඳට මිස වෙන යමකට නොවේ.. එහෙත් ඒ වදන් ටිකම පොඩි මුදලාලි බාප්පාට නරකට හිටී යැයි ඔහු හීනෙන්වත් නොසිතන්නට ඇත...

බීලා වැඩි වී ඉඳ හිට වාහනයක් දෙකක් යන එන පාළු තාර පාරේ වැටී නිදියන බඩාට පාරේ යන වාහනයකින් වන අනතුරක් වැලැක්වීමට සිතූ පොඩි මුදලාලි බාප්පා ජීවත් වූ අවසාන රැය..අවසාන පැය කිහිපය... එය විය...

---------------------------------

පොඩි මුදලාලි...

මා දන්නා කාලයක නම් ඔහු කල වෙළදාමක් නැත.. එහෙත් ඔහුව හඳුන්වන්නට මුදලාලි කෑල්ල භාවිතා විය... ඒ අප ඉපදෙන්නටත් වර්ෂ ගණනාවකට කලින් ඔහුගේ තරුණ කාලයේදී කුඩාවට කල සිල්ලර කඩයක් හේතුවෙනි... එහෙත් එම කඩ කෙරුවාව වැඩි කලක් නොකල හෙතෙම වෙනත් වෙනත් දේ කරමින් සිය ජීවිකාව සකස් කර ගන්නා ලදි...

කිසිවකුට යටහත් නොවී සිය වෙහෙස මහන්සියෙන් ලී කොටන් සමඟ ඔට්ටු වී ගතමනාවක් හොයාගෙන එදා වේල සරි කර ගත් මුදලාලි බාප්පාට දරුවන් පස් දෙනෙකු විය.. එයින් වැඩිමහළු දරුවන් සිව් දෙනාම මට වඩා වයසින් වැඩි මහළු වූ අතර බාලම පිරිමි දරුවා අප සමඟ එකට කෙලි සෙල්ලම් කරනු ලැබූ අතර ඔහු මට වඩා අවුරුද්දකින් වයස්ගත විය... පවුලේ බාලයා වූ එකම දියණිය ඉගෙනීමට දක්ෂතා ඇති දරුවෙකු වූ අතර පවුලේ තුන් වැනි දරුවාත් එසේම ඉගෙනුමට ස‍මතෙක් විය...

ඒ හැර අනිත් දරුවන් වූ වැඩි මාළු දරුවන් දෙදෙනාත්.. අප හා කෙලි සෙල්ලම් කල මිතුරාත් එතරම්ම ඉගෙනුමට බර නොවීය...නමුත් යම් තරමකින් ඒ සියල්ලෝම අධ්‍යාපනය ලබන ලදි...  කෙසේ වෙතත් ඔවුන් සියළු දෙනාම එකට එකතු වී බොහෝ සාමකාමීව දිවි ගෙවනු ලැබූ බව නම් මතකයේ ඇත.

මුදලාලි බාප්පාගේ නිවස තිබුනේ මහ පාරෙන් හැරී කුඩා දෙවට පාරක් දිගේ මීටර් සීයයක් පමණ ගිය තැනය... එම දෙවට පාරද එල් හැඩැති වංගුවකින්ද දැඩි බෑවුමකින්ද  සමන්විත වූ බැවින් නිවස තිබූ තැන පාරට පෙනෙන්නේ නැත.. එසේම කෝපි ගස් වලින් දෙපස ගැවසී ගත් නිසා දෙවට පාර සිහින් අඩිපාරකට පමණක් සීමා වී තිබිණි...

කාමර කිහිපයකින් යුතු වැඩ අවසන් නොකල නිවසක් ඔවුනට වූ අතර ගෙට පහළින් වූයේ විශාල වෙල් යායකි... ඔවුන්ගේ නිවස අසලම වෙනත් නිවෙස් නොවූ අතර  මහ පාරෙන් හැරෙන තැන නිවාස කිහිපයක් විය... ඒ හැරුනු කල ඔවුන් ගත කලේ තරමක නිදහස් නිහඩ පරිසරයක වූ ජීවන රටාවකි...

මෙම කාලය වන විට බඩා විවාපත්ව සිටියේය... එසේම තදින්ම බේබදු කමටත් වෙනත් ගැහැණුන් පසුපස යෑමටත් පුරුදුව සිටි කාලයකි... ආර්ථික ප්‍රශ්න වැඩි වෙත්ම බඩා දත් එකම ක්‍රමය වූයේ දවස පුරාම බී ගත්වනම සිටීමයි... රැකියාවක් නොකල ඔහුගේ ආදායම් මාර්ගය වූයේ ගමේ එක් කැලෑ මණ්ඩියක කෙරුණ කසිප්පු පෙරන වැඩට අත් උදවු දීමයි.. එසේ අත් උදව් දීම හරහා නොමිලේම බීමට කසිප්පු ලැබුනු අතර ඉඳහිට ලැබෙන මුදලක්ද විය.. එහෙත් එම මුදලින් කල හැකි වැඩි යමක් නොවීය... වැඩි පුරම සිදු වූයේ එම මුදලින්ද කසිප්පු බීම මිස වෙන යමක් නොවේ...

මේ වන විට සුමුදු අක්කා ගැබ්බරව සිටියා වන්නට ඇත.. ඒ පිළිබඳව මාගේ මතකය එතරම්ම පැහැදිලි නැත... ගෙදරින් පැන ගියාට පසුව සුමුදු අක්කා ජීවත් වූයේ තරමක් වහං වී ගත්වනමය... අප ඔවුන් ජීවත් වූ කුලියට ගත් අබලං කඩ කාමර දෙක අසලින් යන විටක පවා කොතරම් බැලුවත් සුමුදු අක්කා අපට පෙනෙන්නට කිසි විටක පිටතට නොපැමිණියාය... මා පාසල් ගියේ ආවේ සුමුදු අක්කාගේ බාල නැගණියන් දෙදෙනා සමඟ බැවින් ඇය ඔවුනට තමන් ජීවත්වන දුක්ඛිත තත්වය හෙලිවනවාට අකමැත්තෙන්දෝ කිසි විටක අප හමුවේ පෙනී නොසිටියාය...

බඩා සමඟ ආවාට සුමුදු අක්කාට කන්න අදින්න දුන්නේ බඩාගේ සොහොයුරන්ය... විශේෂයෙන්ම බඩාගේ පවුල වෙනුවෙන්ම කැප වී කටයුතු කල පවුලේ දෙවැනි පිරිමි දරුවා වූ  "සනත්" බඩාට බාල සොයුරා විය. හේ පාසල් යන අවධියේ පටන්ම කුලී වැඩ කරමින් හෝ පවුලේ බරට උර දුන් ශක්තිමත් අයකු විය... සිය සහෝදරාදීන්ට කන්න අදින්න දෙනවා මදිවාට වැඩිමාළු සොයුරාගේ පවුලට කන්න අදින්න දීමත් කරන්නට වී තිබුණි.

--------------------------
ඒ එක්දහස් නවසිය අසූව දශකයේ අග භාගය විය... ගම මැදින් වැටුනු තාර පාර තරමක් ප්‍රධාන මාර්ගයක් වූවද දශකයක පමණ කාලයක නොසැලකීම නිසා තාර පොදක් නොවැටී අබලන්ව තිබුණි... එහෙයින් උවමනා වූවත් එහි වේගයෙන් රථ ධාවනය කල නොහැකි විය... එසේ වේගයෙන් රථ වාහන ධාවනයට හැකියාව තිබුණි නම් බඩාගේ අවසානය ලියවෙන්නේ එවැනි වාහනයක ‍රෝද හතර පල්ලේ බව අමුතුවෙන් කිව යුතුව නැත. 

උපතින්ම ආ අලුගුත්තේරු ගතියත්.. බේබදුකමත් හා එක්වූ චණ්ඩි පාට් එක නිසා ඔහු ජීවත් වූයේ ඔහුට ඕනෑ ආකාරයටය... බී ගත් පසුව ඔහු නිදියන්නේ මහ පාරේද.. වෙලක් මැදද යන්න ඔහුට වැදගත් නැත.. ඔහු කොතැන වැටුනද අනිත් අය ඔහුට ඉඩදී තම කටයුතු කර ගත යුතුය... මහ පාරේ නිදියාගත් විට එහි යන එන වාහන ඔහුව දුටු පසුව පාරේ අයිනෙන් හෝ ධාවනය කොට ගමන යා යුතු වූවා මිස ඔහුගෙන් ඉඩ ඉල්ලීමට රථයේ නලාව හෝ හැඩවීම යනු අහක යන නයෙක් රෙද්ද අස්සට දමා ගැනීමකි...

ඔහුගේ වග හොඳින්ම දත් ගම් වැසියෝ කිසි විටක බඩා හා කතාවට නොයෑමට වග බලාගත්හ...

බඩාගේ බේබදු රංගනය අපූරු එකකි.. බී ගත් පසු පළමුව ඔහු තමා ඉදිරියට එන සියල්ලන්ටම ආදරය කරන්නට ගනී... එම මොහොතේ ඔහුට හමුවන සියල්ලන්ටම නෑදෑකම කියා ආදරයෙන් ආමණ්ත්‍රණය කරයි... මූණ අත ගායි.. අතින් අල්ලගෙන කියවන්නට පටන් ගනී.. ඉඹින්නට යයි.. තුරුළු කරගනී... ඔහුට හසු වූ කෙනා මේ සියල්ල ඉවසා ගත යුතුය.. වැරදීමකින්වත් තමාට හදිසි බව පවසා එතැනින් යාමට හෝ.. බඩා කරන කියන දේට අකමැති බව හැඟ වූවොත් බඩාගේ ආදර ගීතය එතැනින් අවසානය.. එතෙක් වේලා "නැන්දේ මාමේ බාප්පේ අයියේ මල්ලියේ" යනුවෙන් නෑදෑ කම් කියමින් කරනු ලැබූ කතාව එත් ඇසිල්ලකින් රළු පරළු ආකාරයට වෙනස් වෙයි...

"ඈ බොල කැ** තෝ මොන හු**ගේ පුතෙක්ද යකෝ මට එහෙම කියන්න..? තෝ දන්නෑ මේ බඩා කවුද කියලා... කැ* වේ** පුතා.. තෝ මරං කනවා යකෝ..."

යැයි කියමින් ඔහු සිය චණ්ඩි රංගනයට අවතීර්ණ වෙයි.. එවෙලෙට ඔහුගෙන් බේරී පලා යාම කල හැක්කේ එහෙමත් අයෙකුටය.. නැතිනම් සිදුවන්නේ ගුටි ඇන ගන්නටය... කෙසේ හෝ බේරී පැන ගත්තද එයින් පසුව ඔහු නිතර විමසිල්ලෙන් සිටිය යුත්තේ බඩා බී ගත් වාරයක් වාරයක් පාසාම පරණ සිද්ධි සිහි කොට තරහා කාරයින් සොයා යන ගතියක් තිබූ නිසාය...

එහෙවු බඩා ගැන මුදලාලි බාප්පා නොදැන සිටියා නොවේ... එහෙත් ඉරනම් ගමන යන්නට කැපවී සිටි බාප්පාට එදා වැරදුනි... එසේ හෙයින් දවස පුරා වෙහෙසී සිය කලමනා ආම්පන්නත් රැගෙන නිවසට යන අතර වාරයේ බඩාව ඇහැරවා ගෙදර යැවීමට ඔහු උත්සහ ගන්නේ නැත...
නමුත් කර්ම ශක්තිය සියල්ලටම වඩා ඉහලින් සිටී... ඒ කරුමය විසින් පෙළඹවූ බාප්පා බඩා නැමති සර්පයාව අවදි කරන්නට යෙදුණි... ප්‍රතිඵලය වූයේ පැය කිහිපයකින් පසුව පොඩි මුදලාලි බාප්පාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමය...

එහෙත් එම ඝාතනය සිදු කලේ බඩාමද..?

මුදලාලි බාප්පාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දෙවැට පාරේ වැටී තිබියදී බඩාගේ සුන් බුන් වූ සිරුර තිබුනේ මුදලාලි බාප්පාගේ පිළිකන්නේය...

එදා රෑ සිද්ධ වූයේ කුමක්ද...?

නීතිය හමුවේ අදටත් නොවිසඳුනු... එහෙත් මුළු ගමක් දන්නා ඒ රහස කුමක්ද..?

--------------------------------------------

කඩනවා පුතේ බෙල්ල කඩනවා වගේ කැඩිල්ලක් ඕං...

90 comments:

  1. ඊලග කොටස කවදද එන්නේ

    ReplyDelete
    Replies
    1. හිටහං ඉවසලා ලෝක විනාසෙට කලින් දෙන්න බලන්නං...:D

      Delete
  2. "කඩනවා පුතේ බෙල්ල කඩනවා වගේ කැඩිල්ලක් ඕං..."
    මේ කෑල්ලෙ තේරුම මොකක්ද?

    ඔන්න අපි එහෙම දන්නෑ. ඒ පැත්තෙ පොලිසියට ආරංචි වුණොත් ඇවිත් කුදලං යයි නීතියට සත්‍යය හැංගුවා කියලා

    ReplyDelete
    Replies
    1. නලිනි නෝනා

      මාරයත් වැඩේට සම්බන්දද මන්දා

      Delete
    2. මමත් හිතන්නෙ. මොකද, අර දෙන්නා කතාබහ කරපුවත් අකුරක් නෑර දන්නෙ මෙයා...

      Delete
    3. මාර ...වැඩක්නේ...මේකෙ කොතනකවත් තියනවද මේක සත්‍ය කතාවක් කියලා..අනික සත්‍යකතා ඇසුරින් කියලා ගහන චිත්‍රපටි ගහන තරමක් ගහන්නෙ කෙප්පනෙ....

      උඹ ලියපං මාරෙ...අපි එන්නං බත් මුලක් බැඳගෙන වැලිකඩ :)

      Delete
    4. @නලිනි
      //"කඩනවා පුතේ බෙල්ල කඩනවා වගේ කැඩිල්ලක් ඕං..."
      මේ කෑල්ලෙ තේරුම මොකක්ද?//

      මං හිතන්නේ ඕක ඊළඟ කොටසේ මාතෘකාව වෙන්ටැ... කුචුහලය අවුස්සලා ඊළඟ කොටසේ කමිං කෑලි දාලා නවත්තලා තියෙන්නෙ...

      Delete
    5. කතාව මැද්දෙන් කඩන්න උන එක ගැන ලිව්වේ... කස්ටිය මට බයින්න කලින් මංම කියලා දැම්මා...

      Delete
    6. මං ‌මේ බයින්න ආවේ අටමගේ ලෙඩේ බෝ කරගෙන කියලා.... මෙයා කලින්ම බේරිලා....

      Delete
  3. අඩේ මාරේ අයියේ උඹ කතාව කියන විදියෙන් පිස්සු වැටෙනවනේ..සමහර තැන් වල සමාජය ප්‍රවීනයි කියල ලේබල් ගහපු නවකාතා කාරයන්ගේ මට්ටමට වැඩිය ගොඩක් ඉහල ගද්‍ය රසයක් තියනවා..සේකරගේ ශ්ය්ලියත් සමහර තැනක තියනවා..ඒක නම් ගම්පහ දිස්ත්‍රික්කේ අයට උරුම වෙච්ච දෙයක්...ඊලග කෑල්ලත් ඉක්මනට දාන්න...

    (උඩින්ම පහරලා තිබුනත් කතාවේ රසය නිසා කොමෙන්ටුවක් නොදා යන්න හිතුනේ නෑ)

    ReplyDelete
    Replies
    1. දානවා දානවා ඉක්මනට දානවා...

      Delete
  4. මුදලාලි බාප්පව මැරුවට . ඇදගන ඇවිත් බාප්පගේ පුත්තු බඩාව පෙති ගැහුවද

    එහෙම නැත්තං කවුරුහරි බඩාව මරලා ගෙනත් දාලා . බපාප්පවත් මැරුවද

    ReplyDelete
    Replies
    1. පොලිසිය නොමග ඇරලා බේරෙන්ඩ වාගේ

      Delete
  5. දැන් මේක මෙතනිං ඉවරද ? නැත්තන් මරන පරීක්ශන වාර්තාවත් එක්කම දාලා කේස් එක ක්ලොස් කරනවද ? " එහෙත් මුළු ගමක් දන්නා ඒ රහස කුමක්ද..? " ඒකත් කියමු නේ !!

    ReplyDelete
  6. නොතේරේ....කුතුහලයකි..!

    ReplyDelete
  7. ආ රහස් පරීක්ශක කතාවක ආරම්භය වගෙයි..අනේ මන් හරිම ආසයි මේ වගේ කතාවලට... බලමු බලමු කවුද මැරුවෙ...කවුද මැරුනේ... කොහොමද මැරුනේ කොහොමද මේක අභිරහසක් උනේ කියලා..

    ReplyDelete
    Replies
    1. මේ නං එන්නෙ හොඳකට නෙමෙයි.
      මාරයත් ගස් යන වැඩක් තමයි.

      Delete
    2. CTK රහස් පරීක්ෂකගේ තවත් වික්‍රමයක්.... හි හි...

      වොට්සන් කෙනෙක් තාම හොයා ගන්න බැරි වෙලාලු... ඩයනා ලියන ඒවයේ කොළ කඩනවනේ.. එයා ගැන විශ්වාස කරගෙන ඉන්න බෑලු... හි හි

      Delete
    3. විස්කෝතුවක් කන්න අයියා!!

      Delete
  8. මාර කතාවක්නේ . ලිවිම නම් හොඳයි ..ඒ වුනාට භයානක කතාවක්

    ReplyDelete
  9. මොකක්ද බං අයියෙ මේක ඉවර කරපු හැටි. දැන් ඉතිං ඉතිරි ටික අහගන්නෙ පොලිසියෙන්ද? මුළු ගමක් ම දන්නව නම් ආයෙ මක්කද මෙතන ලියල දාන්ට තිබුණනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ගමක්ම දන්නවනම් ආයේ අහවල් එකකට මෙතන අගේ කොරනවයි....

      Delete
    2. ඇයි යකෝ... ඉතුරු ටික ගමේ කාගෙන් හරි අහගන්න කියලනේ මේ කියන්නෙ... අනේ උඹලගෙ මොලේ...

      Delete
    3. ඇයි මාරයගෙ ගමේ වෙන මොකාද බ්ලොග් ලියන්නෙ, ලින්ක් එකක් දැම්ම නම් අහල බලන්ට තිබුණ ගිහින්. ඇයි වදේ නැතුව අපි හොයාගෙන යන්නයැ මාරයගෙ ගම මේ කොහේවත් යන මිනීමැරුමක් ගැන විස්තර අහන්න.

      Delete
  10. //"ඈ බොල කැ** තෝ මොන හු**ගේ පුතෙක්ද යකෝ මට එහෙම කියන්න..? තෝ දන්නෑ මේ බඩා කවුද කියලා... කැ* වේ** පුතා.. තෝ මරං කනවා යකෝ..."//

    මචන් මේ බඩා කතාකරනකොට සමහර අකුරුවලට පස්සේ තරු විසිවෙන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++

      බි.පෙ.සි.

      Delete
    2. ඒ පැත්තෙ කසියා ගැහැව්වම ඒම වෙනවළු ! :-D

      Delete
  11. මාරයා කාට හරි මාරයෙක් වෙලා තියෙන හැඩයි :D

    ReplyDelete
  12. මේ ලිවිල්ලේ හොඳ මෙව්වා එකක් තියෙනවා..

    සිද්ධිය ගැන ගත්තොත් දෙන්නගෙම පොදු සතුරෙක් ඉඳල තියෙනවා කියන එක මේ කොටසෙන් පැහැදිලියි.

    නීතිය හමුවේ අදටත් නොවිසඳුනු... එහෙත් මුළු ගමක් දන්නා ඒ රහස කුමක්ද..?


    කඩනවා පුතේ බෙල්ල කඩනවා වගේ කැඩිල්ලක් ඕං...

    ReplyDelete
  13. ඇති යංතං..ලෝක විනාසෙට කලිං උඹට ආයෙත් බඩාව මතක් වුනා. මං හිතේ ගිංදරෙං උන්නේ මේ කථා ටික නොදැකම සෙත්ත පෝච්චි වෙන්න වෙයිද කියල.

    ReplyDelete
  14. මේක ඇත්ත සිද්ධියක්ද මාර නිර්මානයක්ද. නිර්මාණයක් නම් දිගටම ඇදගන යන්න මරු. ඒත් ලිවිල්ලෙන් හිතෙන්නෙ නම් සත්‍ය කතාවක නිමිත්තක් බවයි. අවසානයේ මේ මිනි මැරුම් වූයේ කෙසේද යන්න අපට අනුමාන කළ හැකි ඉසව් බොහොමයි. ඒ අප අදුරේ අත පත ගාමින් තමා. ඒත් ඒ සිද්ධිය ගමම දන්නවා නම් ඇයි පොලිසිය නොමග ගියේ.ඉතිරි කොටසත් දාන්න
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. නලින් මේක හෙන රහ කතාවක් ලේබලේට කොටලා බලහං බඩාගේ පරණ කතා

      Delete
  15. මාරේ අය්යේ .. මෙහෙම කීවට මුකුත් හිතන්න එපා. පොඩි අවුලක් තියෙනවා... මේක හරියට සම්භාව්‍ය ෆිල්ම් එකක් වගේ.. මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ .. !!! අය්යේ අය්යාගේ මාර සරණිය පොඩ්ඩක් අප්ඩේට් කරන්නකෝ.. සොරි ලොක්කා .. !! :)

    ReplyDelete
  16. ඔබ මේ ලියා ඇති ආකාරයේ සිදුවීම් 1960 - 70 දශක වලදී අපේ රටේ ගම්බද පළාත් බොහොමයක දකින්නට ලැබුනා. මමත් ඒවා දැක තිබෙනවා. බීමත්කම නිසා ඇතිවූ කෝපය හේතුවෙන් සිදුවූ මිනීමැරුමක් මම කුඩා දරුවකු කාලයේ දැක තිබෙනවා.
    මෙතනින් බලන්න මම ඒ ගැන ලියන ලද ලිපිය.
    http://jangun.wordpress.com/2012/02/17/%e0%b6%87%e0%b7%83%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%9a%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-%e0%b6%af%e0%b7%94%e0%b6%a7%e0%b7%94-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%90%e0%b6%bb/

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම දැක්කා විචාරකයා ආයිත් කොහෙවත් ලින්ක් දාන්නැ කියල කොහේ හරි ලියල තියෙනවා වගේ

      Delete
    2. එහෙම දෙයක් විචාරකයා කොහේ හරි කිව්ව/ලිව්ව බවක් විචාරකයාට නම් මතක නැත. මතක් කර දෙන්නේ නම් මැනවි. සමහරු තමන්ගේ අඩවියට එන්න කියලා ලින්ක් දානවා. මම වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් කරන අතර, වෙන අයගේ බ්ලොග් වල කමෙන්ට් දාන්නේ මගේ ජී මේල් ගිණුමෙන්. ඒ ඔස්සේ මගේ බ්ලොග් එකට සම්බන්ධවෙන්න බැරි නිසා, ඔය පහල තියන විදිහට ලියනවා මම කවුද කියලා. නැත්නම් නිර්නාමිකයකුගේ තත්වයට පත්වන නිසා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. sorry විචාරක තුමනි ඔබේ හිත රිදවීමට අදහස් නොකලෙමි,

      Delete
  17. බයානකයිනේ.. :O :O
    ඉතින් ගමම දන්නවනම් පොලිසියට හොයාගන්න බැරි වුනේ ඇයි..??

    ReplyDelete
    Replies
    1. ගමම නෙවෙයි රටම දන්න දේවලුත් තියනවනෙ පොලිසියට හොයා ගන්න බැරි..ඕක එච්චර පුදුම වෙන්න දෙයක් නෙවෙයි..

      Delete
    2. @පමුදි,
      එහෙනං පොලීසිය මෙලාකට සුදර්මන් ගොයියව හොයාගෙන උසාවි දාලත් ඉවරයි

      Delete
  18. අඩන්න ඕනලු කිරි එරෙන්න.යාන්තං බඩා ආපහු උඩට අරගන..

    ලෝක විනාසෙත් ළග එකේ ලියන දෙයක් පරිස්සමෙන් ලියපං..හැබැයි අපේ කුතුහලය අවුස්සලා මෙතන මාර සරණිය දාන්න හදන්නනං එපා...ඉතිරි ටික ලියනකං රිෆ්‍රෙෂ් කරමින් බලා සිටින මම..


    බ්ලොග් නොලියන ලකීසිරි

    ReplyDelete
  19. මොකෝ මාරයා අයියේ ...බ්ලොග් එකේ පෝස්ට් සයිස් එක එන්න එන්නම කුඩා වෙනවනේ...දැන් අර පත්තරේ තීරු ලිපියක් වගේ වෙලා...

    //කඩනවා පුතේ බෙල්ල කඩනවා වගේ කැඩිල්ලක් ඕං...//

    මේ මොකද්ද මේ හරුපය ?

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ළිහිණි... තීරු ලිපි ගානටම ඇවිත්.... ඒත් මේ කලින් දාලා තිබ්බ කලු, කොළ පාට ටික මාරු කරගත්තේත් අඬලා අඬලා.. ඒක නිසා ඕකට අඬන්න යන්නේ නෑ මම.. හි හි...

      Delete
  20. කඩනවා පුතේ බෙල්ල කඩනවා වගේ කැඩිල්ලක් ඕං.

    මේකෙන් කියන්නේ මේ පොස්ට් එකෙන් Commants රෙකොර්ඩ් එකක් තියනවා කියල මමනම් හිතන්නේ..

    ReplyDelete
  21. "එයින් වැඩිමහළු දරුවන් සිව් දෙනාම මට වඩා වයසින් වැඩි මහළු වූ අතර බාලම පිරිමි දරුවා අප සමඟ එකට කෙලි සෙල්ලම් කරනු ලැබූ අතර ඔහු මට වඩා අවුරුද්දකින් වයස්ගත විය"

    ඒ කියන්නෙ බාල දරුවා ඔයාලා එක්ක කෙලි සෙල්ලම් කරන අතරතුරම ඔයාට වඩා අවුරුද්දකින් වයසට ගියා? හරි පුදුමයක් ඒක.

    හ්ම්ම හ්ම්ම්, එහෙනම් ඉතිරි ටිකටත් එන්න ඉක්මනින්, 21 ට කලින්. 20ත් මම නෑ, තව පොඩි බඩු ටිකක් තියෙනවා ලෑස්ති කරගන්න.

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්..බලං ගියාම 5 දෙනාම වැඩිමල් වගේ...

      Delete
  22. අපේ මෙව්වා එක මෙව්ව කරලා මෙහෙම කොස් ගහ කඩා වැටුණා වගේ නතර කරන එක හරි නෑ නේද මාරේ අයියේ ?

    ReplyDelete
  23. මචන් ඇත්තටම උබ හෙන ටැලන්ට් පොරක්නේ
    ඔයි ... සෙල්ලමකට ගන්න එපා මේ අවවාද ඕන් ...

    ReplyDelete
  24. බඩා ගේ සුන් බුන්.!!?? මෙතනදි බඩා මැරෙන්න විදියක් නෑ ‍නේද.?? පස්සෙ කාලෙක උඹේ පන්සලේ ඇබිත්තකමත් කරගෙන හිටියා නේද.??

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට.. අර කිව්වත් වගේ...

      Delete
    2. shhh...මේක හීනයක්.

      Delete
    3. කලින් පයින්නෙ නැතුව හිටහල්ලකො... අභිරහසක්ය කියනවනෙ...

      Delete
    4. අප්පට ඔව්නේද , ම‍ටත් පැටලුනා,

      සමහරක්විට රාගම ඉස්පිරිතාලෙන් සුන්බුන් එකතු කොරලා බඩාව හදන්ඩ ඇති

      Delete
    5. ආ ... ඒක නම් මටත් මතක් වුනා, මම හිතුවෙ මෙයා මේ අතරින් පතර කියන නිසා ඊට පස්සෙ කාලෙ වෙච්ච දෙයක් ගැන කියල වෙන්න ඇති කියල.

      Delete
    6. නෑ නේ බං, මේ කියන්නෙ මාරයා ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච දෙයක් ගැන.. මාත් හිතන්නෙ අටම් කිවුවා වගේ රාගම ඉස්පිරිතාලෙන් මිනිහගෙ කෑලි එකතුකරන්නැති‍‍.. හරියට අර හින්දි පිචෑර් වල කෑලි කෑලි කපපු එවුනුත් ආයෙ නැගිටින්නෙ, ආන්න ඒ වගේ..

      Delete
    7. යා ... යා .... යු ආ කරෙක්ට්.

      Delete
  25. දැනුයි දැක්කේ, උඹෙ බ්ලොග් රෝලෙ නම් ටික නං පංකාදු පහයි බොලං.. :D

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කෙ දැන්! සෝක් නම් ටික....

      ඒත් මාරයෝ "අංකල්ගෙ සින්දු"???? ග‍්රර‍්රර‍්රර‍්රර‍්ර පව්, අපේ ශුඩු අයියගේ වටිනා ශින්ඩු පොත :((

      Delete
  26. එදා රෑ සිද්ධ වූයේ කුමක්ද...?
    අවාසනාවට ඇත්ත කතාවක්.......

    ReplyDelete
  27. මෙහෙමත් කඩනවද මං අහන්නේ.. ඉතුරු එක හෙට වැටේවිනේ..

    අහ්.. මාරයා වාසස්තානේ වෙනස් කරලා තියෙන්නේ..

    ReplyDelete
  28. උඹේ ආදරණීය ඇනෝලා ටික දැන් මේකට උඹව මාට්ටු කරයිද දන්නෙ නැහැ.... කොහොමහරි උඹේ බ්ලොගේ නමටම ගැලපෙන කතාව...

    ලෝක විනාසෙට කලින් ඉතුරු කෑල්ල යයි ද?

    ReplyDelete
  29. බ්ලොග් එක අළුත් කරපු විදිහ මරු

    ReplyDelete
  30. දැනුයි ඒක දැක්කෙ ! මට රෙජිස්ටර් කරලා තියෙන නම...හිටුකො ඩයනාගෙන් අර ෆයිල් එකේ ඉරපු කොලේ නම් ඉල්ල ගෙන ඒක එහෙම්මම කිසිම සංස්කරණයක් කරන්නෙ නැතුව දානවා... සතියකින් මේ පැත්ත වෙනස් වෙලා නොතිබ්බොත් !

    ReplyDelete
  31. එදා රෑ සිද්ධවූයේ කුමක්ද?

    අපි දන්නවැයි බං උඹම කියල දාහං ඉක්මනට.

    මොකාද අර බ්ලොග් රජු කියන බ්ලොග් එක ලියන්නෙ.


    මම අරක නොලියන මූ.

    ReplyDelete
    Replies
    1. ඒයි, ඇයි බං ඒකට "චාප්‍රසන්න.බ්ලොග්ස්පොට්.කොම්" කියන්නෙ.!? ඌ එච්චරටම චා ද.?? :P

      Delete
  32. මට මේ නැට්ට එල්ලන වැඩේ අමතක වෙලාම යනවා ලකියයි ප්‍රසායි නැත්නම් වැඩේ නැත්තටම නැති වෙලා යයි වගේ..ඕන් එල්ලුවා..



    මන් අරක ලියන අරයා..

    ReplyDelete
  33. ඒ කියන්නේ බඩාත් අහවරද ... බඩා ගේ කතා ටික මම හරි අසාවෙන් කියවපු ටිකක් , මිනිහා පන්සලෙත් හිටියා කිව්වා මතකයි... කොහොම උනත් අමුතු චරිතයක්... මේකේ තවත් කොටහක් තියෙනවා නේද මාර අය්යේ ...

    ReplyDelete
  34. තොට................

    *&^%%#^%$%^$%$%^$^%&$%^$%%$#&$%&.............

    ReplyDelete
  35. අප්පට සිරි දෙන්නම මරිලානේ මොලිසියෙන් හොයන්නේ කොහොමද දෙන්නම මැරිලානේ.

    ReplyDelete
  36. බඩා නම් ඉවත් කල යුතු චරිතයක්. බලමුකො ඉදිරියටා....

    ReplyDelete
  37. බලමු මොකද වෙන්නේ කියලා

    ReplyDelete
  38. සතියකින් මේ පැත්තෙ එන්න බැරි වුනා... පොස්ට් 5ක්ම දාල :) අලුත් ඇඳුමකුත් අන්දවල දැන් හොඳයි
    දෙවෙනි කොටසෙන් අබිරහස විසදන්නකො ඉක්මනටම (ලෝක විනාසෙට කලින් හොඳේ)

    ReplyDelete
  39. මට පෙන්නන්න බැරි ජාතියක් තමා අරක්කු එක්ක චන්ඩියා බඩට දාගන්න එවුං

    ප.ලි.
    කඩල නේන්නං බෙල්ල කැඩුව වගේ

    ReplyDelete
  40. ඈ... රහස් පරීක්ෂක කතාවක්ද?

    ReplyDelete
  41. හප්පට බොල බ්ලොගේ අලුත් වෙලා නොවැ

    ReplyDelete
  42. ඔන්ට බලන්නකෝ බඩා ප්‍රෙමා්ට් කරපු විදිය.. සුමුදු අක්කට තමා කියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. හම්මට සිරි මාර නං සෙට් එකකනේ බොල දාල තියෙනේ අඹ ගස් වලට. චැක්.. සුපිරියි. වැල මරුවා... බ්ලොග් රජු..... කන්කරච්චලේ.. කුපාඩියා.එළකිරි තමා

      කොහොම හරි අර අඩපු සිරා කොළුවට හොද නමක් දාපු එක හොදා..

      තවත් එක මාරසත්කිරියාවක්.. හැක්...

      Delete
    2. දැං අටුට්ලුක් එක හොදා. මං තොට කුනුහරුප කිය කිය හිටියේ කළු කුමාරයා බිංගේකට රිංගුවයි කිය කිය...

      Delete
  43. එහෙත් එම ඝාතනය සිදු කලේ බඩාමද..?

    Meken penne Bada Mudalaliya Marala nethi bawai..........

    මුදලාලි බාප්පාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දෙවැට පාරේ වැටී තිබියදී බඩාගේ සුන් බුන් වූ සිරුර තිබුනේ මුදලාලි බාප්පාගේ පිළිකන්නේය...

    Methaninn hegenne mun dennawa marala thiyenne wena ekek bawai........

    88 -89 nam Meka jeppange wedak wenna ona...

    ReplyDelete
  44. මාරයාගේ හෝරාවට මම ගොඩ උනේ අහම්බෙන් වගේ හැබැයි එදා ඉදන් හැමදාම වගේ ගොඩවෙලා බලනව අලුත් පොස්ට් තියෙනවද කියල. දැන් නම් මම මේකේ ඉස්තිර පදින්චිකරයක් වෙලා කියලා මට හිතෙන්නේ. මේක තමි මගේ පලවෙනි පොස්ට් එක.
    Ayilas

    ReplyDelete
  45. මේ තියෙන්නෙ කතා.. ඉතිරිය එනතුරු...

    ReplyDelete
  46. ඔය බඩා වගේ චරිත නැති වෙන්නේ කජු කිරි කොල්ලන් අතින්.

    ReplyDelete