12 December 2012

මාරයාගේ පතෝල...

පතෝල කිව්ව ගමන් අපේ මතකෙට එන්නේ මොකක්ද හා..?




මෙලෝ රහක් නැති.. දියාරු... එහෙටත් නැති මෙහෙටත් නැති ගතියක්නේ..හා නැද්ද හා..?

ඒකනේ ඔය එහෙටත් නැති.. මෙහෙටත් නැති සමහරුන්ව දැක්කම අපේ උන්දලා "අපෝ..ඌ මහ පතෝලයනේ බං" කියලා කියන්නේ...

එහෙම කා ගැන හරි හැඳින්නුවාම අපේ ඔළුවට එන්නේ මෙලෝ රහක් නැති එකෙක් ගැන චිත්‍රයක්...

ඒ මිනිස්සු ගැනනේ...

ඒත් ඇත්තටම පතෝල වලට ඇයි මෙහෙම කලක් ගියේ...? ඇත්තටම පතෝල මෙලෝ රහක් නැති කෑමක්ද..?

මං දන්නවා හුග දෙනෙක් උත්තරේ ටක් ගාලා දෙයි...

"ඔව්"

ඒ කියන්නේ හුඟ දෙනෙකුට පතෝල කියන්නේ මෙලෝ රහක් නැති කෑමක්... ඒත්...

ඔව් ඒත් ඔය එක පාරටම ඔව් කියන අය ඇත්තටම පතෝල වල රහ දන්නවද..? දැන ගන්න පතෝල කන්න එපෑ... පතෝල කනවා කියන්නේ අර අම්මලා අපි පුංචි කාලේ කිරෙන් තම්බලා..එක්කෝ පරිප්පු එක්ක කලවං කරලා වතුර වගේ උයලා දෙන හොද්ද කනවටනං නෙවෙයි...

හුඟාක් වෙලාවට අපිට පොඩි කාලේ පතෝල හම්බ වෙන්නේ අපිට උණක් ගැනුනම... ඒ කාලේ අසනීප වෙලා ටිකක් හොඳ අතට හැරීගෙන එද්දී අපිට දෙන කෑම වේලේ තියෙන දේවල් තමා ඔය පතෝල සහ වැටකොළු කියන එළවළු ජාති දෙක... එහෙම දෙන්නේ ඒවා දිරවන්න පහසු..කොයි දේටත් අගුණයක් නැති ආහාර හැටියට සැලකුණ හින්දා... අසනීපයක් වෙලා කෙලින් කටින් වෙද්දී බර ආහාරයක් උනත් දිරවන්න සරීර කූඩුවට ලේසි නැහැ නෙව.. ඒ හින්දයි අපිට එහෙම දවස්වලට පතෝල වැටකොළු වගේ කෑම දෙන්නේ...

හැබැයි ඒ හින්දාම කාලයක් යද්දී අපිට පතෝල වැටකොළු කියලා කියද්දිම මතකෙට එන්නේ "හපෝ..ලෙඩ කෑම" කියන හැඳින්වීමනේ... ආන්න එතනින් තමා අපිට පතෝල එපා වෙලා තියෙන්නේ මට තේරෙන හැටියටනං...

මං උනත් පතෝල වලට ඉස්සර ඒ හැටි ආසාවක් තිබුනේ නැහැ.. හැබැයි මගේ එදත් අදත් ප්‍රියතම එළවළුව වෙන්නේ නම් වැටකොළු.. ඒක ආයේ සක්කරයාගේ පුතා වයිමා තියා බන්ධුල ආවත් වෙනස් කරන්න බැහැ...

ඉතිං ඔය පතෝල එක්ක තිබුන අකමැත්ත මගේ නැතිව ගියේ මං අර පන්සල් ජීවිතේ ගත කරන කාලෙදි තමා... ඒ මං දන්න කියන නායක හාමුදුරු කෙනෙක් හින්දා...

උන් වහන්සේ බොහෝම මනාපයි ඔය අළුත් එළවළු පලතුරු වලට... දාන මාන වලට ගියා උනත් තෙල් මිරිස් දාලා තියෙන කෑම ජාති..මස් මාංස වැළදීමට කැමැත්තක් නැහැ... අපිට උනත් හැම වෙලේම කියන්නේ 

"දාන වේල සරලව ගන්නවලා... ඕනවට වඩා බර ආහාර කියන්නේ තමුන්නැහේලා අවුරුදු හතලිහ යද්දී දියවැඩියා කාරයෝ ප්‍රෙෂර් කාරයෝ වෙන එකයි... දායක ඇත්තෝ ඉතිං තමුන්ට පුළුවන් උපරිම දේ දෙන්න බලනවා තමා... එහෙම දුන්න පලියට ඇඹරුවා වගේ නෙවෙයි අන්තිමේදී විඳවන්න උනාම..."

ආන්න එහෙම අවවාස අනුශාසනා දෙනවා විතරක් නෙවෙයි ආදර්ශයෙන්ම ඒක පෙන්වනවා... මමත් ඉතිං ඔය නායක හාමුදුරුවෝ එක්ක රට වටේ කරක් ගහපු හාදයා... උන්නාන්සේත් සංචාරයට බොහෝම ප්‍රිය මනාපයි... ඒ ගියාම ඔය ගම්බඳ පැති වලට ගියාම කොරටුවලින් නෙලා ගත්ත එළවළු ජාති ඒ ඒ කොරටු ඉස්සරහම මැහි වලට දාලා විකුණන්න තියෙන තැන් කට්ටිය දැකලා ඇතිනේ.. ආන්න ඒ වගේ තැන් දැක්කාම නායක හාමුදුරුවෝ නැවතිලා අළුත් එළවළුවක් දෙකක් අර ගන්න අමතක කරන්නේ නැහැ... පතෝල කියන්නේ ආන්න එහෙම වෙලාවට උන්නාන්සේගේ කැමතිම එළවළුවක්... හැබැයි පතෝල කන්නේ උයලා කරලානං නෙවෙයි...

යන්තං කුරුට්ට ඇරලා..දෙකට පලලා හිමි හිමිහිට අමුවෙන්ම තමා ආහාරයට ගන්නේ... ගන්නකොට ගන්නේ ලපටිම කරල් හින්දා ඇට එහෙම නැති ගානයි... ඇත්තටම ළපටි එළවළු අමුවෙන් නෙලා ගත්ත ගමන් කද්දී ඒවායේ පුදුම කිරි රසක් තියෙනවා... ඒක ඉතිං දන්නේ කාපු අයම තමා... පතෝල උනත් ආන්න එහෙම කනවනං බොහෝම රසවත් එළවළුවක්.. හැබැයි ඉතිං හොද්දට දාලා තම්බලා ගත්තමනං මෙලෝ රහක් නැහැ තමා...

හා හා මේ කතාව කියං ආවේ ඒ විකාරයක් කියන්ට නෙවෙයි... අද ආවේ කාලෙකින් පස්සේ මාර සරණියට ලිපියක් දාන්න හිතං.. ඒත් ඉතිං දන්නවනේ..මං තුමා කොනක් අල්ල ගත්තාම කොයි අතේ යනවද කියලා මංතුමාම දන්නේ නැහැනේ...

මෙන්න අද පතෝල අළුත් විදියකට හදන හැටි පින්තූර සහිතවම... 

හරි ලේසියි... පතෝල ටික රවුම් කපා ගත්තා..මැද සුද්ද කරලා සෝද ගත්තා.. කැමැතිනං කුරුට්ට ඇරියැකි.. නැත්තං මං වගේ නිකංම කෑහැකි...
පිරවුම සඳහා ඔය කැමති දෙයක් හදා ගතෑකි.. අර කට්ලට් හදන්න ගන්නවා වගේ මිශ්‍රණයක් හොඳයි.. මේනං මං ලේසියට හදා ගත්ත එක..අල ගෙඩියක් තම්බ ගත්තා බත් එක උයන ගමන් එකේ ස්ටීමරේටම දාලා... බිත්තරයක් වෙනම තම්බලා අරං..අලයි බිත්තරයි පොඩි කරලා ඒකට ලූණු මිරිස් ටිකක් කපලා දාලා ලුනු ගම්මිරිස් දෙහි ඇඹුල් ටිකක් දා ගත්තා... ආයේ අමුතුවෙන් තෙම්පරාදු කලේනං නැහැ..ඕනනං එහෙම කර ගත්තත් කමක් නැහැ...

හදා ගත්ත මිශ්‍රණය පතෝල වලට පුරවගන්නවා... බිත්තරයක් කඩලා අරං ඒකට ලුනු.. ගම්මිරිස්.. මිරිස් කුඩු.. කහ කුඩු.. ටිකක් දාලා හොඳට බීට් කර ගන්නවා...


හදා ගත්ත බිත්තර සාරුවේ පුරවා ගත් පතෝලවල එක පැත්තක් ගිල්වලා අරං රත් උන තෙල් තැවරු සෝස්පෑන් එහෙක තියලා බැදගන්නවා... කැමතිනං පියනකින් වහන්න..එතකොට හුමාලයට යන්තමට වගේ පතෝල කෑලි ටික තැම්බෙනවා... එහෙම නැත්තං ඒත් අවුලක් නැහැ...

එක පැත්තක් බැදුනට පස්සේ අනිත් පැත්තේ බිත්තර සාරුව දවටලා ආයේ බැද ගන්න.. ඕනනං මේ විදියට දෙතුන් වතාවක් බිත්තර සාරුව එක මත එක තවරලා බැද ගතෑකි... 

හරි එච්චරයි.. කෑමට සූදානම්... ඔය තියෙන්නේ නියම කෑමක්... පතෝල කියන්නේ තව දුරටත් ලෙඩ කෑමක් නෙවෙයි හරිය.. මේක ඇවිල්ලා රජ කෑමක්... හදන්න පහසුයි... බොහෝම රසයි... ඔක්කෝටමත් වඩා හොඳ අපූරු සුවඳක් තියෙනවා...

මාර සරණියට අළුත් ලිපියක් දාන්නේ නැද්ද කිය කිය බුකියේදී තර්ජන ගර්ජන දෑමූ සියළුම අක්කලා නංගිලා වෙනුවෙනි...

ඇයි අයියලා මල්ලිලා..උන් නැද්ද..? පිස්සුද..උන්ට මේවා ඕන නැහැ..උන් මේවා දැම්මම කරන්නේ මාව මරං කන ක්‍රමයක් හොයන එක...

(හා දැන් කියහල්ලා අර සුපුරුදු වාක්කිය...)

67 comments:

  1. මාරයාව මරා ඩෙවල් දැමිය හැකි ක්‍රමයක් ඊළග ලිපියෙන් බලාපොරොත්තු වෙමු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. මේක ටැයි කරල බලන්න වටිනව. මට එපාවෙලා තියෙන්නෙ අපේ ගෙදර හැමදාම හදන පතෝල කරිය

    ReplyDelete
  3. පතෝල නම් අරහන්... ඒත් මේ ක්‍රමේ ගැන අම්මට කියල බලන්න ඕන...

    ReplyDelete
  4. අවුරුදු 10කත වේදියා කාලයකින් කාලනැහැ, මෙහෙම ට්‍රයි කරලා බලන්න ඕන, හොද උනොත් ගෙදර ගියාම හාමිනේටත් උගන්වනවා, කාටද එතකොට ආඩම්බර

    ReplyDelete
  5. පතෝල හොඳයි හැපෙනවනම්. මං කැමති හැපෙන ඒවට. නැත්තම් වැඩක් නෑ.

    ReplyDelete
  6. //අසනීපයක් වෙලා කෙලින් කටින් වෙද්දී බර ආහාරයක් උනත් දිරවන්න සරීර කූඩුවට ලේසි නැහැ නෙව//

    වෛද්‍ය විද්‍යාත්මක පැත්ත මම දන්නේ නෑ , ආගමික සදාචාරයත් අමතක කලොත් . උණ ගැනිලා සනීප වේගන එන වෙලාවක කොස් , හරක් මස් එකතුවෙන් මාර ෆිට් එකක් එන බවක් අහලා තියනවා . අර චිකන් ගුන්යා ලෙඩේ ආපු කාලේ ඕක කරලා හරි ගිය උන් ඉන්නවාලු ! . මම නම් කරල නෑ ,හැබැයි පතෝල කන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. මමත් ලෙඩක් හැදෙන්න වගේ යද්දි දිලා අදිනවා.... ඒක ප්‍රතිපල තියෙනවා... සෙම්ප්‍රතිශ්‍යාව, සාමාන්‍ය උණක් වගේ එකක් හැදෙන්න යනවා නම් ඕට්ස් ටිකක් කිරිත් එක්ක බඩ පිරෙන්න කෑවම ලෙඩේ හැදෙන්නෙ නෑ.

      මේක කුරුලු හමුදාවේ ඉද්දි ලැබුනු අද්දැකීමක්. විද්‍යාත්මක පැත්ත ගැන දන්නැ.... :)

      Delete
  7. සෝයි අනා! පතෝල වලට පොඩි කාලෙ අපිත් කියන්නෙ හපොයි ලෙඩ කෑම කියලා. ඒත් මේ කාලෙනම් පතෝල එහෙම ලේසියෙන් කන්න ලැබෙන්නෙ නෑ. කාලාතුරකින් හරි ලැබුනොත් පරිප්පු දාලා කන්න ආසයි. හරිම ලාමක ටින් ටින් කෑමක්. හොඳයි ඔබේ අළුත් සරණීය නිර්මාණ්ය.

    ReplyDelete
    Replies
    1. ආහ් වැටකොලු වලටත් ඒ කාලෙ ආස නෑ. දැන්නම් ඒකත් කනවා. මම දන්න කෙනෙක් ඉන්නවා එයා සතියකට වරක් වැටකොළු කනවා නොවරදවාම. :)

      Delete
  8. මාත් හරි ආසයි වැටකොළු වලට.. ඒත් බත් එකට බඳින්න බෑනේ.. ඒක නිසා හදනවා අඩුයි..
    එදා මාරයියා කිව්වට පස්සේ මාත් ඕක හැදුවා... හැබැයි රෝල්ස් විදියට.. ෆොටෝ එකක් ගන්න බැරි උනානේ...

    ReplyDelete
    Replies
    1. දැන්නම් වැටකොළු හිරුවා ගාවම තියනවනේ. මොකද අපේ මහත්තයා ඕකෙම එල්ලිලානේ ඉන්නේ.

      Delete
    2. වැටකොලු පතෝල ත් එකට බැන්දෝතින් බඩුම තමා

      Delete
    3. ඇයි තායි රෙස්ටුරන්ට් වලින්ම පමණක්ම කන්න පුළුවන් චිකන් වැටකොළු .......චිකන් කෑලි ටිකක් දාල ...ඊටත් වැඩියෙන් පොතු ඇරපු වැටකොළු කෑලි කපල දාල ....රත්නපුර පැත්තේ කාපු කෙනෙක් ඉන්නවනම් කියමු ,,,බලන්ඩ ....බයිට් එකකටනම් එලම එල....

      Delete
  9. අඩේ...ඔය ගමන්ම කියහන්කෝ කොහොමද වෙජිටේරියන් කුකුලෙක් ඩෙවල් දාන්නේ කියල. මම මේ වෙජිටේරියං වෙන්න හිතුවේ.

    ReplyDelete
    Replies
    1. කුකුලා පොඩි කාලෙ ඉඳලම එළවළු කන්න දීලා හදන්න ඕනා. ඊට පස්සෙ අනික් එවුන් ඩෙවල් දාන විදිහට දාගන්න පුලුවන්.

      Delete
    2. කුකුළට ඩෙවල් කරපු එළවළු විතරක්ම කන්න දුන්න නම් වැඩේ ලේසියි. තල්ලෙ ඇලෙනව නම් පිහාටු ටික විතරක් ගැලෙව්වහම ඇති.

      Delete
  10. පතෝල අමුවෙන්නං කාල තියේ.. අපි ඉස්කෝලේ ගෙහුන් එද්දි ආවේ පතෝල කොරටුවක් මැද්දෙන් නොවැ... හප්පේ කිරි රහ.. බෙහෙත් ගහපු දවසට කොරටුවේ මාමා කඩුල්ල ගාව ඉඬම්ම කියනවා.. කොල්ලමේ සුමානයක් විතර යනකන් පතෝල හොරෙන් ක්ජඩන්න එපා බෙහෙත් ගහලයි තියෙන්නේ කියලා .....

    මාර අය්යේ කොටහළු වෙච්ච කෙල්ලන්ට ඇයි වැටකොළු දෙන්නෙ කියලත් කියන්න්ඩකෝ.. මං අහල තීයනවා දැකලත් තියනවා උන්ට වැටකොළු දිය හොද්දක් හදලා දෙනවා

    ReplyDelete
    Replies
    1. මම මේක විද්‍යාත්මකව ඇත්තමද කියන්න දන්නේ නෑ.. අපේ අම්මා කිව්වේ වැටකොළු වලට ඇඟේ තියෙන උෂ්ණ ගතිය නැති වෙනවා කියලා...

      Delete
    2. හ්ම් .... අපි පොඩි දවස්වල සරම්ප හැදිල ඉන්දැද්දි අපේ අම්මත් නිතරම ගෙන්නල හදල දුන්ට මතකයි. ඊට පස්සෙන් පහු නම් ඔන්න ඒකත් මගේ නොකන ලිස්ට් එකේ. :)

      Delete
    3. එහෙම සීන් එකක්ද.. මං හිතුවේ... කොටහළු වැටකොළු නිකන් එකවගේ හින්දා කියලා...

      Delete
  11. මමනම් කන්න වැඩිය ආස නැහැ හැබැයි දාල තියෙන හැටියෙට පෙරේතකම ඇවිස්සෙනවා.

    ReplyDelete
  12. කවුද කියන්නෙ පතෝල කියන්නෙ රහ නැති කෑමක් කියලා. පොඩි කාලෙදි නම් එහෙම තමයි. හැබැයි සිරාම කෑමක් තමයි, පතෝල කිරි හොදි හදලා, හොඳවැයින් ලුණු මිරිසකුත් එක්ක, සුදු සම්බා පත් කනකොට....අමුර්තේ පරාදයි....

    අපේ අම්ම නම් හදනවා ඔයිට ටිකක් සමාන විදිහට පතෝල පුරවලා හරියට අර මාළුමිරිස් පුරවලා හදනවා වගේ. ඒකට නම් ගන්නේ ටිකක් ලොකු මහත පතෝල කරල් තමයි.

    අපේ අම්මා තව පතෝල හද විදිහක් තමයි, පතෝල කරල ග්‍රේට් කරලා, පොල්, කොච්චි, බැදපු මීරිස්, දෙහි, උම්බලකඩ දාල හදන පතෝල සම්බෝලේ. හදල බලපන් ඒ විදිහට.....!

    ReplyDelete
    Replies
    1. කොට්ටවේ රෙඩ් බැලූන් එකේ මේවගේ කෑමක් තියනවා.. ඒකත් සිරා..

      Delete
    2. ඔය පතෝල සම්බල සිරා කෑමක්

      ලපටි පතෝල සෙට් උනොත්
      ආයේ කියලා වැඩක් නෑ

      Delete
  13. අපේ ආච්චිත් ඒ කාලේ හදනවා පතෝල කිරි හොදි,මාර රසායි , හැබැයි මං එහෙම රහට පතෝල අදවෙනකල් කාල නැහැ ,ආච්චිගේ රෙසිපි එක අහගන්න බැරිඋනා

    ReplyDelete
  14. ඔය ගැන වෙනී අයියගෙ බ්ලොගේ දාපු වෙලාවෙ මම ඉතිං මගේ අදහස කිව්ව, දැන් ඔන්නොහෙ මේක අම්මට පෙන්නල හදවන් කාලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අහන්ට බැරි වුනා, මට සාමාන්‍යයෙන් පතෝල නොකන්නෙ ඒකෙ අමුතු දියරහ අප්‍රිය නිසා. මෙහෙම හැදුවම බිත්තරයි අලවලයි රහ ඇරෙන්න පතෝල රහක් එහෙම තදට දැනෙන්නෙ නැද්ද?

      Delete
    2. මෙයාගේ නොකන කෑම ලිස්ට් එකෙන් එකක් නේද ‌මේ.. හි හි

      Delete
    3. ඒකනේ දෙයියනේ ඇහුවෙ, මම අර්තාපල් බිත්තර නම් කනව, පතෝල කන්නෙ නෑ, ඉතිං අර පතෝලවල වහතු රහ එන්නැති විදියට හදනව නම් පොඩ්ඩක් කාලා බැලුවට අවුලක් නෑනේ, ඒකයි හදවගෙන කාලා බලන්ට ඕන කිව්වෙ. මේකෙ වැඩිපුර තියෙන්නෙ බිත්තර නේ. බැරිම නම් පේස්ට් එක කාලා නිකා ඉන්න බැරියැ. :)

      තව ඔය කීපයක්ම තියෙනව ඔය විදියෙ. හාල් මැස්සො එහෙම කන්නෙ නෑ, ඒත් පොල්සම්බල් හදනකොට හාල්මැස්සෙක් දෙන්නෙක් තලල දැම්මට අවුලක් නෑ. මාළු කන්නෙ නෑ, ඒත් බලමාළු කෙළවළු මාළුවල සුදුපාට කෑල්ලකින් ටිකක් කනව. මගේ කෑම නොකෑම ඔහොම තමා, හිතාගත්තෑකිනේ. හැබැයි මොන විදියට හැදුවත් නොකන ජාති නම් හුඟක් තියෙනව.

      Delete
    4. ඕක කන‍කොට පතෝල රහක් ආවොත් අර ටොපියෙ කොලේ ගලවනව වගේ පතෝල පොත්ත අයින් කරල මැද ටික කන එකයි තියෙන්නෙ.

      Delete
  15. 01. පතෝල තම්බන්නෙ නෑ නේද? රස්නෙට හැදෙනවාද?

    ReplyDelete
  16. මේ... ඔය ඔක්කොම පැහැදිලිව දාලා වෙනම බ්ලොග් එකක් ලියන්ට සුදු අයියෙ.

    ReplyDelete
  17. 02. මේවා බවලත් උදවියට පෙන්නලා හදලා දෙන්න කියනවට වඩා, මේවා හිතට අරගෙන ඒ ගොල්ලන්ට හදා දි වැඩ පෙන්වීම මගින් බොහෝ ලකුණු ප්‍රමාණයක් එක් රැස් කර ගත හැකි බව මාගේ අද්දැකීමයි.

    ReplyDelete
    Replies
    1. අඩේ ... මේකා ඒ අස්සෙත් රොටියක් පුච්චගන්න බලන්නෙ.

      Delete
  18. ඒගැන මාරයා මහතාට මගේ බලවත් මෙව්වා එක පිරිනමමි.

    ReplyDelete
  19. පතෝල කිව්වහම, අන්ද කුමාරිකාවගෙ පතෝල කොටුව මතක් උනා.

    මාත් පතෝල කෑවෙ නෑ කලින්, ඒත් දැන් ඕන පතෝලයක් කනව. කනව නෙමෙයි කන්න වෙනවනෙ.

    මාරයාට බඩේඅමාරුවක්(පුවතක්)

    ReplyDelete
  20. පිං සිද්දවෙච්චාවෙ...හදල බලන්න ඕන..!

    ReplyDelete
  21. අපේ නෑනාට කියලා වෙලාවක හදලා බලන්නම්...මේ විදියෙ ක්‍ර‍මයක් දැක්කමයි... රස නොබලා යමක් කියන්න බැරි නිසා රස බැලූ දිනක ඒ ගැනත් කියන්නම්...

    තාම මාරයාට දවල් උනේ නැද්ද ?

    ReplyDelete
  22. කටට නන්ස්ටොප්ම කෙල උනනවා... ස්තූතියි ..මමත් පතෝල කන්නෙම නෑ.. මෙහෙම හැදුවොත් නම් කනවා.. :D

    ReplyDelete
  23. මාරයා මේක නම් අනිවා මමත් හදනවා

    ReplyDelete
  24. මටත් මේක අත්හදා බැලීමෙ ආසාවක් ආවා

    ReplyDelete
  25. අපේ අම්මත් එක්ක කෑම තෝරනවා බොරු. ඒ හන්දම කන්නෙ නෑ කියන එලවළු මා ලඟ නෑ...ළපටි පතෝල හුඟාක් වෙලාවට හීනියට ලියලා අරගෙන සම්බෝල හදලා කනවා. මේක නියම ක්‍රමයක් වගේ. හදලා බලලා රස ගුණ කියන්නම්කො...

    ReplyDelete
  26. ඇයි බං, මෙහෙම කෑවාම මේකෙ කිසිම පතෝල රහක් එනවයැ.?? බිත්තර රහයි, අලයි, වෙන එකේක පුරවපු ඒවයෙ රහයි නෙවැ එන්නෙ.. ඊට වඩා හොඳයි අර දුමියා කියලා තියෙනවා වගේ පතෝල සම්බලේ හදලා කන එක, ඒකට පතෝල ග්‍රේට් කරන්නම ඕන නෑ, හීනියට ලියා ගත්තත් හරි..

    උඹ කිවුවත් වගේ ළපටි එළවළු අමු‍වෙන් කන එකනම් පට්ටම තමා ඈ.. කිරි රහට හැපෙන බණ්ඩක්කා, මෑකරල්, කිරිඉරිඟු ටිකක් කන්න තියෙනවා නම්... :(

    ReplyDelete
    Replies
    1. ලපටි ඒවා කිරි රහට හපන්න.... සික් මුන් වගේ අසික්කිතයෝ.

      Delete
  27. අර සී.ටී.කේ කියන්නේ මොකක්ද??????

    ReplyDelete
    Replies
    1. දැන් මේකෙ මැද කෑල්ල කාලා, වටේ ලෙල්ල ඉතුරු කරනවද?

      Delete
  28. හපෝයි වැරදි බටං එක උඩ ඉඳගෙන....

    ReplyDelete
  29. තව එක එක කෑම ජාති ඩෙවොල් කරන එව්වයි, බාගෙට තම්බන එව්වයි මම බලාපොරොත්තුවෙන් සිටිමි..


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  30. අඩේ මගෙත් අකමැතිම කෑමක් තමයි පතෝල.
    මේ විදියට හැදුවොත්නං ගොඩ දාගන්න පුලුවං වෙයි වගේ.

    උඹ මේ කෑම එකට නමක් දැම්මෙ නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. " බතෝල පටාස්" කියලා දාමු, නිකන්ක් ඉටෑලියන් මෙවූවා එකක් එනවා නේද?

      Delete
  31. පතෝල වැටකොළු මගෙත් ප්‍රියතම එලවලු . මේ ක්‍රමේටනම් හදල නෑ . හදල බලන්න ඕනේ . ගොඩක් අය මෙවැනි කෑම වලට අකමැති හරියට හදල කාල නැති නිසා කියල මට හිතෙන්නේ . මෙවැනි එලවලු වලට හොදි තියලනම් කන්න බෑ .හොඳ උකු කිරි ටිකක් දාල , උම්බලකඩ , රතු ලූනූ ටිකක් වැඩියෙන් දාල හැදුවම රසයි .

    ReplyDelete
    Replies
    1. හූ හූ එහෙනම් කාලා ඉවරයි

      Delete
  32. මාරේ මේක මම මගේ යාලුවන්ට ඊ මේල කරා අවුලක් නැහැ නේද?
    කාටද ආඩම්බර , උඹේ කෑම 5 ස්ටාර් හොටෙල් වල සර්කියුලේට් වෙන කොට.

    ReplyDelete
  33. පතෝල සම්බෝල නම් හදලා කනවා. බලමු මේකත් හදලා

    ReplyDelete
  34. මටනම් ඔය නොකන කෑම ලිස්ට් එකක් නෑ,
    උයලා තිබ්බොත් ඕනි දෙයක් කනවා

    උයන්න හිතුනොත් ඕනි දෙයක් උයනවා, අපි උයන ඒවා කොහොමත් රහයි නේ
    :-)

    ReplyDelete
  35. අම්මේ... මේක හදල දෙන්නකෝ.....
    කාල බලලම කියන්නම් :P

    ReplyDelete
  36. කාලෙකට පස්සෙ මාර සරණිය ඇවිල්ල :)
    මගෙත් ආසම කෑමක් වැටකොළු. පතෝල වලට නම් ආස නෑ. ඒත් ඉතින් කනව. අපේ ගෙදරත් පතෝල සම්බෝල හදනව උම්බලකඩ හෙම දාල. එතකොට නම් රසයි. මේකත් වෙලාවක ට්‍රයි කරලා බලන්න ඕනි.

    ReplyDelete
  37. ලපටි පතෝල අමුවෙන්.... මගෙත් ආසම කෑමක් තමය්.

    ReplyDelete
  38. පතෝල හොදි කනව, කෑලි කන්නෙ නෑ.. පතෝල ඇට හැපෙද්දි අප්පිරියයි. මෙහෙම මැද සුද්ද කරල නම් හොඳා වගේ. ඔන්න අපේ අම්මත් අර කෑම වට්ටෝරු ලියන පොතේ ලියා ගත්තා. හැබැයි කොයි කාලෙ හදාවිද දන්නෙ නෑ. දැනටමත් ඔය පොතේ කෑම ජාති 1500 කට වඩා ලියල. ඒත් තාම එකක්වත් හදල නෑ ?
    (@ වටපිට බලමින්)

    ReplyDelete
  39. අඩේ මේක දැක්කාමනම් කන්න ආසයි...ඒත් අනිත් වෙලාවටනම් පතෝල පේන්න බෑ අප්පා..

    ReplyDelete
  40. මේක බයිට් එකටත් හොඳ ඇති නේද?

    ReplyDelete
  41. ම්ම්ම්..... රස පාටයි.... හදලම තමා බලන්න වෙන්නේ......

    ReplyDelete
  42. හප්පේ! කැන්ටිමේ ඇන්ටි ට කියන්න ඕනේ හෙට දවල්ට මෙහෙම පතෝල දෙන්න කියලා!

    ReplyDelete
  43. මන් හිතන්නේ අර නායක හාමුදුරුවෝ අපේ සෞඛ්ය ඇමතිතුමාටත් අරටික කියලද කොහෙද දැන් සීට්ටුවක් හදල තියෙන්නේ..
    මන් කෑම ගැන ඔහෙට කියල ඇති බුකියේ.

    ReplyDelete
  44. පතෝලා හදන්න නියම ක්‍රමයක්නේ... අත්හදා බලන්න වටිනවා... කට්ලට් ඔම්ලට් පතෝලාස් කියලා මේකට නම දාමුද...?

    ReplyDelete
  45. මේකනං මාර කෑමක් තමයි මාරයෝ, ඒ උනාට මම නම් අස පතෝල අමුවෙන් කන්න

    ReplyDelete