27 December 2012

ජුංඅල මාරයාට නඩු දමයි...

“මහ මාරයෝ... මහ මාරයෝ... කෝ මහ මාරයා...“

තාත්තා දුවලා පාරට ගියා මොකද මේ වින්කලේ ලොකු අම්මා බෙරිහං දෙන්නේ කියලා බලන්න...

“ඇයි අක්කේ..මොකද..?“

“හුහ්..මොකද තමා... උඹලයේ කොල්ලෝ දෙන්නා අර අපේ අහිංසකයගේ අත කඩලා...“

“මොකක් අක්කේ...? කාගෙද..? කවද්ද..?“

“කාගෙද ඉතිං අපේ ජුංඅලගේ මිසක්... කවද්ද කියන්නේ මේ අද..දැන් ටිකකට කලින්..“

“ලොකු එකෝ..මෙහෙ වරෙං... මොකක්ද මේ කතාවේ තේරුම..ඇත්ත කියාපිය... තෝ ජුංඅලගේ අත කැඩුවද..?

මෙච්චර වෙලා කතාව අහං හිටිය මායි මල්ලියි දිවුවා මිදුලට...

“ජුංඅලගේ අත අපි කැඩුවේ කොයි වෙලේකද..? මේ දැන් තාත්තා අපිට බත් කන්න එක්ක එනකොටත් අර හිටියේ ඕවිටේ කුන්දිරා ගහ ගාව..ඇයි රතනයත් හිටියනේ... අපි අතක් කැඩුවනං තාත්තා දකින්න එපෑ.. තාම බත් කාලා කොහේවත් ගියායෑ...“

“හැබෑවටම අක්කේ..ඔව්නේ... මං මුං දෙන්නා කන්න එන්න පරක්කු හින්දා ගිහින් කෑගහලා එක්ක එද්දිත් ජුංඅලයි රතනයි හිටියා නේන්නං හොඳට ඕවිටට වෙලා... එහෙම අතක් කඩලා තිබුනනං එවෙලේ කියන්න එපෑ..“

“මොකක්... එහෙම වෙන්න බැහැනේ..දැන් ජුංඅලගේ තාත්තා  අහන කොට කොහොමද අත කඩා ගත්තේ කියලා ජුංඅලමනේ කිව්වේ මාරයා තල්ලු කරලා අත කැඩුනා කියලා... පොඩ්ඩක් හිටහංකෝ මං ආයේ ගෙදර දුවලා එන්න..“

ලොකු අම්මා රෙද්ද කරට අරං ආපහු හැරිලා ගියා... මෙන්න ටික වෙලාවකින් එනවා පෙරහැරම... ජුං අලයි.. රතනයයි..ජුංඅලගේ තාත්තයි..වින්කලේ ලොකු අම්මයි කට්ටියම... (වින්කලේ ලොකු අම්මා කියන්නේ ජුංඅලයලගේ තාත්තගේ අයියා ගේ පවුල..ජුංගේ අම්මට ඒ හැටි සිහි කල්පනාවක් නැති හින්දා දන්න කාලේ ඉදන් ජුංඅලයි රතනයි ගැන උන්දෑ හොයලා බලනවා... උන් දෙන්නත් ලොකු අම්මට අම්මේ කිව්වා මිස වෙන නෑකමක් කියන්න ගියේ නැහැ..) ඒ මදිවට අහල පහල ගෑණු දෙන්නෙකුත් ඇවිත් නඩුව අහනවා බලන්න...

“මොකද අයියේ වෙලා තියෙන්නේ... ජුං අල මොකද කිව්වේ...?“

අපේ තාත්තා මිදුලට බහින ගමන් ඇහුවේ ජුංගේ තාත්තගෙන්...

“මේකා අත උළුක් කරංනේ බං... මං ඇහුවම කිව්වේ උඹලයේ ලොකු කොල්ලා ඔවිටෙන් පහලට තල්ලු කරපු කතාවක්.... ඈ බං කොල්ලෝ මොකද උනේ..?“

ඒ පාර පසයාල මහප්පා.. ඒ කිව්වේ ජුංඅලගේ තාත්තා මං දිහාට හැරිලයි ප්‍රශ්නේ ඇහුවේ... ඉතිං මං එපැයි උත්තර දෙන්න...

“අනේ මංනං දන්නේ නැහැ මහප්පේ... මායි මල්ලියි ඕවිටේ කුන්දිරා ගහේ පොල් අතු පැද පැද හිටියා... ජුං අලයි රතනයි බලං හිටියා... ජුං අලත් පොල් අතු පදින්න ඉල්ලුවට මමනේ අත්ත පාත් කරගත්තේ.. ඒ හින්දා මට ඇති වෙනකල් පැදලා මල්ලිට දුන්නා මිස මං ජුංඅලට පොල් අත්ත දුන්නේ නං නැහැ..පස්සේ තාත්තා ඇවිත් කෑ ගැහැවුව හින්දා අපි පොල් අත්ත පදින එක දාලා ගෙදර ඇවිත් බත් කෑවා.. ඒ අතරේ තමා වින්කලේ ලොකු අම්මා මෙහෙ ආවේ...“

කට උත්තරේ දෙන හැටි හොදට බලං හිටිය ජුංගේ තාත්තා වැට අයිනේ තිබුන ගහකින් හොඳ කෝට්ටක් කඩලා එකේ තිබුන කොල ටික එහෙම හූරලා අරං හැරුනා රතනයගේ පැත්තට...

“පොඩි එකෝ... තෝ දකින්න ඇතිනේ මොකද උනේ කියලා..කියහං බලන්න ඇත්තම කතාව...“

කෝට්ට අතට ගත්තා කියන්නේ අනිවාර්යයෙන් ගුටි කෑමක් බව තේරුන රතනයා හිටිය තැනින් පස්සට පැන්නා.. ඒ පැනලා දුවන්න බලාගෙන දුන්නා කට උත්තරේ...

“තත්.. තාත්තේ..අනේ මංනං නෙවෙයි..අයියා තමයි කිව්වේ එහෙම කියන්න කියලා... මාරයා අයියලා කන්න යනකල් ඉදලා අපි දෙන්නා පොල් අතු පදින්න ගත්තා... මා..මාරයා අයියල එන්න කලින් පොල් අත්ත ගලවමු කියලා අයියා හයියෙන් පදින්න ගිහින් අත්තත් එක්ක කඩාගෙන බිම වැටුනා... එහෙමයි අත කැඩුනේ... තා තාත්තා ගහයි කියලා බයට තමා මටත් කිව්වේ මාරයා අයියා තල්ලු කලා කියන්න කියලා... අනේ මටනං ගහන්න එපා.. මූටම ගහන්න..මං නෙවෙයි එහෙම කිව්වේ...“

කියන ගමන් රතනයා කලිසං කොටෙත් අතකින් අල්ලං දුවන්න උනා... ජුංඅලට කර කියා ගන්න දෙයක් තිබුනේ නැහැ... කට අරින්නත් කලින් කොටු පාරවල් දෙකක් පුක හරහා වැදිලා ඉවරයි... වින්කලේ ලොකු අම්මයි අපේ තාත්තයි පැනලා අල්ල නොගන්න ජුංගේ පස්ස පළු යන්න තිබුන වෙලාවක් ඒක...

ආයේ ඉතිං මොකටද බොරු කියන්නේ.. පොඩි කාලේ ඔය දැන් තරං අපි හිතන්නෙත් නැහැ..උං හිතන්නෙත් නැහැ... අපිත් ලොකු කමට පාත් කරගත්ත පොල් අත්ත තනි සම්බුත්තියට පැද්දා මිස අරුංට දුන්නේ නැහැ.. උනුත් අපි යනකල් ඉදලා ඒකේ වාඩුව ගන්න පොල් අත්ත ගලවන්න ගිහින් අත කඩාගෙන ඒක ගෙදරට කියන්න බයට ඇරියා අපේ කරේ... එහෙම වෙලා බොරුව මාට්ටු වෙලා ජුංඅල ගුටි කද්දී අපි දුක් උනා කියලා හිතනවද පින්වතුනි..?අපොයි නැහැ...   දැන් ජුමා ගැන පවු කියලා හිතුනට එදානං එහෙම හිතුනේ නැහැ කියලා ඇත්තම කියන්න එපෑ... මායි මල්ලියි උඩ පැන පැන හිනා වෙවී බලං හිටියා... ඇයි..තව ටිකක් එහෙ මෙහෙ උනානං ඔය විදියට කන්න නියමිත වෙලා හිටියේ අපිනේ... එහෙම උනානං ඌත් අර අපි පැන්නා වගේම උඩ පැන පැන හිනාවෙනවට කිසි සැකයක් නැහැ... ඒ විතරක්නං මදෑ.. එහෙම ගුටි කන්න උනානං මේක මෙහෙම ලිව්වැකිද රෙදිත් අදගෙන... මේක කියවන බොලාලත් උඩ පැන පැන හිනා වෙන්නේ මටමනේ... අපි අහු වෙයි ඕවට...

------------------
ලියලා අහවර උනාට පස්සේ කල්පනාවට ආවේ.. පොල් අතු පැදිල්ල ගැන නොදන්න අය නැහැනේද..? මං හිතන්නේ පොල් අතු පැදලා ඇති කවුරු කවුරුත් දවසකට හරි...

-------------------
කතාව ලියන්න ගත්තේ ජුං අලගේ මේ වගේ කෙටි කතා තුනක් ලියන්න හිතං..ඒත් මේ දවස්වල නෙට් කොනෙක්සොම ස්ලෝ හින්දා දිගට ලියලා පබ්ලිෂ් කරන්න ගියාම පැයක් විතර දගලන්න වෙනවා... කලින් ලියාපු මාමලගේ ගෙදර කතාව ලියන්න පැයයි..පබ්ලිෂ් කරන්න විනාඩි හතලිස් පහයි.. ඒ කට්ට අදත් කන්න ඕන නැහැනේ...

37 comments:

  1. ඉතින් මාරයා අය්යානේ ඒ කට්ට කන්නේ.... අපිට මොකෝ.... එහෙමෙයි කියලා කියවන්න තියන කතා දෙකක් අඩු කරන එක සාධාරණද මන් අහන්නේ.......

    ReplyDelete
  2. අපිට ජුං අලගේ ෆෝන් නම්බරේ ගන්න බැරි වෙයිද මේකේ ඇත්තම විස්තරේ දැනගන්න. :P

    ReplyDelete
  3. කනෙක්ෂන් එක ස්ලෝ වුනට අපි මක් කරන්නද දාන්නයි කිව්වේ දැන්ම ඉතිරි කෑල්ලත්. ඔන්න දැන්ම කිව්වා. පස්සෙ බලමුකෝ ඒ නඩුවේ හැටි.

    ReplyDelete
  4. එච්චරට ස්ලෝද ... මෙහෙ හොඳයි වගේ බලපුවාම...

    ReplyDelete
  5. ඒකත් මාර ජුං අලයෙක් ම තමා

    ReplyDelete
  6. ඔව් ඉතිං රෙදි ඇඳගෙන ලියන්න බෑ තමා උඹ කාපු පරිප්පු...ඉතිං හත්වලාමෙ රෙදි ගලවගෙන ලියාපන්කො..ඕය කාමර කෑල්ලෙ කාට පේන්නද...මොකෝ අපිට පේනවායෑ.
    මොකක්ද බං ඒනෙට් එක පබිලිස් කරන්න එච්චර වෙලා යන...?

    ReplyDelete
    Replies
    1. එහෙම බෑනෙ. හිටි හැටිය ගෑණුළමයි මූට බත් පාර්සල් උස්සං එනවනෙ. ඒ වගේ වෙලාවක මූ රෙදි ගලවං හිටියොත් එහෙම මොන වගේ තත්වයක් උද්ගත වෙයිද?

      Delete
    2. එහෙම උනොත් ඉතින් පෝලිමේ බත් පාර්සල් උස්සගෙන් එයි

      Delete
  7. මදෑ බියර් කවියක් ලියන්න ආවා.. දැන් කාහල්ලකො ජුංඅල...

    ReplyDelete
  8. ඕනෙම දෙයක් කියන්න පුළුවන් මට්ටමට දෙමවුපියො ඉන්න ඕනය කියන්නෙ ඕකට තමා. :P ඇත්ත කිව්ව ගමන් බඩු ෂුවර්.

    ReplyDelete
  9. නඩු දැම්මයි කී ගමන්ම මන් නම් දුවන් ආවෙ මේ පාරවත් හිරේ වැටිලද බලන්න චෙහ් !

    ReplyDelete
  10. සිරාවටම ඔය පොල් අතු පැදිල්ල නම් අපිත් කරලා තියෙනවා. පොල් අතු කිව්වට තැඹිලි අත්තක්. මොකද අත්තක් පාත් කර ගන්න පුළුවන් තරමට තිබ්බේ තැඹිලි ගහක් විතරයි.

    මරු නම් ජුං අල...හි හී

    ReplyDelete
  11. අඩේ මම නං දන්නෑ මොකක්ද පොල් අතු පදිනවා කියන්නේ කියලා! පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ අයියේ!

    ReplyDelete
  12. මේකෙ හැංගිච්ච දේශපාලන අර්ථයක් තියෙනවද මන්දා.... මට නං එහෙමත් හිතෙනවා...

    ReplyDelete
  13. මොකද්ද ඒ පැදිල්ල පොල් අත්තේ එල්ලිලා යන එකද?
    පෝස්ට් ලියන පබ්ලිස් කරද්දි මාරයට එන ලෙඩේමයි මටත්

    ReplyDelete
  14. මටනං පේන්නෙ මාර පැටවු දෙන්න පොල් අත්ත බාගෙට ගලෝලද කොහොද අරුං දෙන්නට දීල තියෙන්නෙ.

    ReplyDelete
  15. අද කාලේ ජීවත්වෙන ලමයි වැඩිහිටියන් උනාට පස්සේ තමන්ගේ පොඩිකාලේ ගැන මේ වගේ කියන්න ලැබෙයිද?.ඒ අතින් අපි වාසනාවන්තයි.අද ගොඩක් උන් ලෝකය දකින්නේ බිත්ති හතරකට කො‍ටු වෙලා අගල් දාහතකින්

    ReplyDelete
    Replies
    1. මමනං අඟල් පහලවහමාරකින්

      Delete
  16. අනේ අර කෙටි කතා ලියලා දාපන් ඉක්මනට... සඳරුවත් නැති එකේ.. මේ කතා මල් මසුරන්...

    ReplyDelete
  17. දැන්නං පොල් අතු පදිනවා දැකලත් නැති ළමයි ඉන්නේ. උන්ට එලි වෙන්නෙ රෑ වෙන්නේ ටියුෂන් වලනේ. ඒ අතින් අපි වෙන්න ඇති අන්තිම වාසනාවන්තයො ටික. මං කියන්නේ 80 දශකයේ උපන් කට්ටිය. ජය...!

    ReplyDelete
  18. කථාව පොඩි වුණාට අපූරුයි. ඒත් මම කියන්න හිටි අතුරු කතාව
    මට ඉස්සරින් ප්‍රදීප් කියලා. අපි පොඩි කාලේ "අපිට හාල් ලැබෙන්නේ කෙසේද?" කියලා අහපු ප්‍රශ්නෙකට එකෙක් උත්තර දුන්නලු "කරත්තෙන් කියලා". දැන් පොඩි එකෙක්ගෙන් ඇහුවොත් ඌ දෙන උත්තරේ මට හිතාගන්න බැහැ. මොකද උන්ට පොල් ගහක්, කුඹුරක්, කරත්තයක් දකින්නවත් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. හාල් ලැබෙන්නේ සුපර්මාර්කට් එකෙන් ගේන හාල් ගෝනියෙන්

      Delete
  19. මමත් පොඩි කාලේ ආච්චිලාගේ ගෙදර පැල කුන්දිරා ගහක පොල් අතු පදින්න ගිහිං කොන්ද කඩාගන්නේ නැතිව බේරුනේ 99.999 හිකිස්........

    ReplyDelete
  20. හකැ හැක්.. ඔය කිව්වට කවුද දන්නෙ උනේ මොකද්ද කියාලා! :P

    ReplyDelete
  21. මං නම් කඩන්නෙ කෙක්කෙන්

    ReplyDelete
  22. මේක නම් වසවර්ති මාරයා ප්ලෑන් කොරලා කොරපු වැඩක් ආයේ ෂුවර්ම තමා...

    හැබැයි ඉතින් ඔහොම වෙලාවක යන්තමින් හරි කන්කෙටිය අඹරන්න ඇති කවුරු කවුරු හරි නැද්ද මං අහන්නේ??

    ReplyDelete
  23. ජුංඅල කන්නේ තම්බලාද?

    ReplyDelete
  24. මට ජුන් අලයා ගැන දුකයි ඈ

    ReplyDelete
  25. ඇත්ත කතා කොරන්නේ උඹ විතරයි මාරයියේ.මම උනත් ලිව්වනං ලියන්නේ ජුංඅලයා ගුටි කද්දී මට දුක හිතුනා කියලා නෙව.

    ReplyDelete
  26. ජුංඅලයා/ මාරයලා වගේ මමත් පොල් අතු පැදලා තියෙනවා ඉස්සර සිස්සත්ත පන්තිය තිබුන තැන පිටිපස්සෙ වත්තෙ... අංජුලයගෙ පුක පව්...

    ReplyDelete
  27. අපේ තාත්තා ඉස්සර කට උත්තර ගැනිල්ලක්, සාක්ෂි විමසීමක් නෑ, පැමිණිල්ල මතම තීන්දුව දීලා මට නෙලනවා ...

    ReplyDelete
    Replies
    1. ගාමිණී අය්යේ තාත්තා කැලණිය පැත්තේද?

      Delete
    2. මමනම් හිතන්නේ ෂුවර් එකටම තාත්තා කැළනියේ..... ඒකනේ එහෙම උනේ....

      Delete

































  28. අපෝ පොඩි කාලේ ඔය වගේ ගුටිකන වැඩ කීයක් කරලා ඇත්ද ?











    ReplyDelete
  29. ජුං අලයා දන්නවද බං උඹ මෙව්වා ලියනවා කියලා

    ReplyDelete
  30. ජුංඅල කතා ආයෙත් පටන් ගනින්කෝ

    ReplyDelete