31 January 2012

සත දහයේ කොන්ඩමයෙන් රත්ගම බුවාට වූ විපත...

මෙව්වා කියලත් බැරිය.. නොකියත් බැරිය..කිව්වොත් මා මහා කුපාඩියෙක් යැයි හංවඩු ගැහෙනවාය..එහෙත් මා එහෙම නැතිය..ඉතා හොඳය..අහිංසක..විනීතය..කාරුණිකය..සංවරය..මනාව දමනය කරණ ලද ඉඳුරන් ඇත්තාහුය..හිටි හැටියේ දමනය ලිහී යැම මාගේ වරදක් නොව සමාජයේ වරදක්මය..සමාජය විසින් මා කුපිත කරන්නාහුය..එවිට මාගේ දමනය වූ එව්වාද..මෙව්වාද දමනයෙන් මිදී රිසි සේ හැසිරෙන්නෝය..එසේ වූ කල සිදුවන අකටයුතුකං මගේ වරදක් නිසා නොව එහෙං පිටිංම සමාජයේ වරද මතම සිදු වන ඒවා බව සියල්ලෝම දත යුතුය...එසේ නැතිව මා අසංවර එකෙකැයි කිසි සේත්ම නොසිතුව මනාය...

දැන් දෙඩෙව්වා ඇතිය..කියන්නට ආ හරුපය කිවිය යුතුය..සියල්ලෝ සාවධානව ඇසිය යුත්තාහ...

මේ කියන්නට යන්නේ රත්ගම බුවාගේ කතාවක්ය..ඌ ගැන නොදන්න එකෙක් වී නම් මෙතැනින් බලා ඌ හඳුනා ගත යුත්තාහ... හඳුනනවා වූවද මෙතැනින් බැලිය යුතුමය..මන්ද යත් එතැන බැළු කල මෙතැන ලිවීම මට පහසු වන නිසාමය..

ඉඳින් එකල්හී මා වැනි මානවකයෝ බොහෝ පිරිසක් අභීමානවත් ලෙසින් කුරුළු හමුදාවෙහි සේවය කරමින් උන්නාහුය... අප සියල්ලෝම රට රැක ගන්නට දිවි නොතකා කටයුතු කලාහුය.. නිතර එඩියෙන් ඉදිරියටම යන්නට එකා මෙන් පෙල ගැසී සිටියාහුය.. සතුරා නැසීමටත් යුධ බිමේ දිරියෙන් ඉදිරියටම යාමටත් කිසිදු බියක් ඒ වන විට අප වෙත නොතිබුනාහුමය..එහෙත්...

කරුමයකි..යුධ බිම අපගෙන් කිලෝමීටරයන් දෙතුන් සීයයකට ඔබ්බෙන් වීම කරණ කොටගෙන කිසිදා අපට එයට අවස්ථාවක් නොලැබුනාහුමය... එසේ නොම වී..යුධ බිම අප අත පොවන මානයේ වී නම් ඉතිහාස කතාව මෙයට වඩා බොහෝ සේ වෙනස් වන්නාහුමය... අපගේ වාසනාවටත් තොපගේ අවාසනාවටත් එය අපගෙන් ඈතකම වීමට අප කුමක් නම් කරමුදැ..?

හරි හරි සම්බාවිය විදියට ලිව්ව මදෑ..ඒක කියවන්න ගිහින් බොලාටත් අමාරු වෙනවා..මගෙත් හක්ක පයිනවා..

මෙන්න මේකයි සිද්ධිය..

ඒ කාලේ ඉතිං අපි ඔය කුරුළු හමුදාවේ කඳුවුරකට වෙලා ඒක මුර කොරගෙන හිටිය කාලේ... ඇත්තටම ඒ අපේ වෘත්තීය පුහුණු කාලේ උනත් කඳවුරු රාජකාරිත් අපිට පැවරිලා තිබුනා.. ඉතිං ඩියුටි යන දවසට 150ක් විතර පිරිසක් ඒකට දෙන්න ඕන.. ඒ දෙන 150ත් කඳවුරේ කුරුළු හමුදා රෙජි‍මේන්තු භාර නිලධාරීන් විසින් කණ්ඩායම් වලට බෙදලා ඒ ඒ කොටසේ ආරස්සාවට යවනවා.. 40ක් ග්‍රවුන්ඩ් ඩිපෙන්ස් සෙක්ෂන් එහෙමත් නැත්තං ජීඩීඑස් කියලා යවයි.. තව 65ක් වී ඒරියා කියයි.. තව ටිකක් අර ඒරියා කියයි.. ඔහොම කිය කියා කෑලි කඩනවා...

ඔතනින් අමාරුම කෑල්ල උනේ අර ප්‍රහාරක යානා තියෙන පැත්ත.. මගෙ අම්මෝ පණ යනවා.. කාස්ටක අවුව.. ඒ මදිවට කොයි වෙලෙත් අර යානාවල කණ දෙ‍දරවන සද්ද.. පොඩ්ඩක්වත් හෙලවෙන්න බැහැ.. ඈත ඉන්න නිලධාරීන්ටත් පේනවා ඒ හරියේ රාජකාරි කරන අය පොඩ්ඩක් හෙලවූනත්.. පුංචිම වැරැද්දක් දැක්කත් පටස් ගාලා අඩ ගහලා පනිෂ්මන්ට් දෙන්නේ.. ඒ හින්දා ඔය හරිය මාරාන්තික පෙදෙසක්.. ඉතිං හැමදාම ඔය ටික වැටෙන උන් පුදුම කරුමයක් තමා ගෙවන්නේ... ජූනියර් කාලේ ඉතිං ඔය වගේ අමු කටු කන හරියම තමා අපට සෙට් වෙන්නේ... පරණ උන් හරි ආතල් එකේ යනවා සැප කලාප හොයාගෙන..

කොහොම හරි කාලේ ගෙවිලා අපිත් ටිකක් ඕක ඇතුලේ පොරවල් උන කාලේ ආවට පස්සේ අපිටත් අර සැප කලාප උරුම උනා... කොහොම උනත් අවුරුද්දක් ඔකේ ඉන්නකොට මුළු කඳවුර වටාම තියෙන සෑම බිං අගලක්ම දැන හදුනා ගන්න අපට පුළුවන් වෙනවා.. ඒ කියන්නේ හැම පොයින්ට් එකකම ඩියුටි කරන්න වෙනවා...

ඉතිං ඔහොම ගිහිං අපේ සීනියර් කාලේ ආවට පස්සේ අපිත් දැන් යන්නේ අර සැප කලාප වලට.. ඒත් මට ඒ හැටි දවසක් එහෙම කලාප වල ඩියුටි ඇද ඇද ඉන්න උනෙත් නැහැ කලින් අපේ පුහුණූ පාසලේ ඇඩ්මින් වැඩ කොර කොර හිටිය බුවා ඒකෙන් අහක් වෙලා මල් සංගමේ සදා කාලික සාමාජිකත්වය අරං ඒ තනතුර අපේ කණ්ඩායමට දැම්මම ඒක පැටළුනේ මගේ කරේ.. ඉතිං ඊට පස්සේ ඩියුටි යෑමක් නැහැ.. ඒ වෙනුවට කරන්න තියෙන්නේ ඩියුටි යන අයට වෙපන් ගන්න අවශ්‍ය ලිය කියවිලි සකස් කිරීමයි.. ආමරිය ගාවට ගිහින් කට්ටියට වෙපන් අරං දීලා අර කලින් කිව්ව විදියට ඒ ඒ කොටස්වලට කට්ටිය බෙදලා පවරලා දීමයි තමයි.. ඊට අමතරව ඔය නිවාඩු යැවීම්.. කඳුවුරු පවිත්‍ර කිරීමේ වැඩවලට පිරිස් ලබා දීම් ආදී දහසකුත් එකක් රාජකාරිත් පැවරෙනවා..

මං ඉතිං ඔය විදියට දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරගෙන..අහ් නැහැ අපේ කොල්ලන්ව විචාරගෙන කල් යවන කාලේ තමා මේක උනේ... දැන් රත්ගමයා ගැන කියවන්න ඇතිනේ.. තමුන්නැහේලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ලොක්කා උනාම ඥාති සංගරහා හිත මිත්තර සංග්‍රහා අනිවාර්යයෙන්ම කොරන්න එපැයි.. අහක ඉන්න ඈයෝ ඔය ඉරිසියාවට මොනවා කිව්වත් එව්‍වා නොකර හිටියැකිද ආයිබෝං.. ඔය කෑ ගහන උදවිය උනත් ‍එහෙම කෑ ගහන්නේ තමුන් තැනකට එනකල් විතරයි.. තමුන් තැනකට ආව ගමන් තමුන්ගේ උන්ට අස්වද්දන්න වේලිලා ගිය වැවක් හරි ගොඩ දා ගනී.. එහෙවු රටේ ඉතිං මං තුමාත් මගේ යාළු මිත්තරයින්ටත් සමකාලීන වෘත්තීය සගයින්ටත් අර කිව්ව සැප කලාප වෙන් කරනවා කියන එක අහන්ට දෙයක් නැහැනේ... අනික එතැනට එනකල් මේ මාත් එක්කම අර කාස්ටක කොන්කිරිට් කලාපවල මාස හයක් විතර එකට කටු කාපු උන්ට නොසලකා කොහොමද..?

ඉතිං අපේ කඳවුරේ සැපම කලාපය තමා "ඇස්" කලාපය කියන්නේ.. ඒ පැත්තට යවන්නෙ 22කක් විතරයි..ඒ කියන්නේ ඩියුටි පොයින්ට් 11යි තියෙන්නේ..එකකට දෙන්නා ගානේ තමා ඔය 22ක හැදෙන්නේ..

ඒ හරිය බොහෝම සාමකාමීයි.. ඒ වගේම පිටත ආරක්ෂක වලල්ලක් උන නිසා හුගාක්ම අවධානමක් තිබුනෙත් නැහැ.. තනිකරම පොල්වත්ත... පොයින්ට් එකෙන් පොයින්ට් එකට මීටර් දෙසියක පමණ දුරක් තිබුනා.. පිටි පස්සෙන් කඳවුරු බිමට අයත් පොල් වත්ත.. ඉදිරියෙන් කම්බි වැට හා පාළු ඉඩං... ඒ ඉඩංවල අතරින් පතර ගෙයක් දෙකක් තියෙනවා..

කොහොම උනත් මේ හරියට රාජකාරියට යන උදවිය ඒ හරියේ රාජකාරි කලේ තමුන්ගේ ගෙදර දොරේ ඉන්නවා වගේ තමා.. මුර කුටි බොහෝම පිරිසිදුවට තියාගෙන.. පුංචියට වගේ ගොවිතැන් වැඩත් කරගෙන තමා උන්නේ.. ගොවිතැන් කිව්වේ ඉතිං වැඩි හරියක්ම ඔය මල් වැවීම වගේ දේවල් තමා කලේ.. හැබැයි ඉතිං ඔය මල් දැකලා කට්ටිය ඇස්වහ කට වහ ගනී කියලා ඒ මල් වැවුවෙත් හොඳටම හංගලා.. කාටවත් නොපෙනෙන විදියට..

ඒ විතරක්ද සත්ව පාලනයත් හරි හරියට කලා. සත්තු කිව්වේ මේ හාවන්ට තමා අපේ උන් වැඩියම ආදරේ.. ඉතිං මුලින්ම රාජකාරියට අදාල තැනට ගියාම කරන දේ තමා එකෙක් රාජකාරිය කරන අතරේ අනිකා අවට බිම පරීක්ෂා කිරීම.. එහෙම පරීක්ෂා කරලා ඒ අවට බිම වැටී ඇති හා බෙටි එකක් නෑර අහුලලා ඒවා ගලක් උඩින් තියනවා වේලෙන්න.. පස්සේ කර වෙන්න වේළුනාම හොඳට කුඩු කරලා කොලයක ඔතලා අරං තියනවා පර්යේෂණ කටයුතු වලට ගන්න කියලා.. ඉතිං මල් වගාවත්.. මේ හා බෙටි වේලීමත් වැනි කටයුතු කරගෙන හොඳින් අපේ උදවිය ඔය පැත්තේ ජීවත් උනා... කවුරුවත් දැන් මගෙන් අහන එකක් නැහැ මොකටද මල් වැව්වේ සහ "හා බෙටි" සංරක්ෂණය කලේ කියලා..

ඉතිං ඔය දේට අමතරව තව අමතර වාසියක් ඔය පැත්තේ රාජකාරි වලට යන අයට ලැබුනා... ඒකට පුරුදු වෙච්ච උන් වෙනමම වැඩක් කරනවා ඩියුටියට ගිය ගමන්ම.. ඒ තමා අවට වැටිලා තියෙන පොල් ගෙඩි ටික ඇහිදලා ගෙනත් මුර කුටිය අසල ගොඩ ගහන එක.. බලන්නකෝ කොයි තරං හොඳ ළමයිද අපේ හිටියේ කියලා... මල් වවන.. සතා සීපාවගේ බෙට්ටත් ආරස්සා කොරන.. පොල් ටික අහුලලා ගොඩ ගහන බොහෝම හොඳ ළමයි තමා හිටියේ...

ඒත් ඔය පොල් ඇහිලිල්ල හැමෝම කරන්නේ නැහැ..ඒකට හුරු උන කිහිප දෙනෙක් තමා හිටියේ..එයින් එකෙක් තමා ඔය රත්ගමයා... ඌ හරි හරියට මල් වැවුවා.. හා බෙටි ඇහිළුවා.. පොල් එකතු කලා.. බොහොම හොඳ භටයා...
ඉතිං ඇයි මේ පොල් ඇහිදින්නේ..?අන්න වැදගත් ප්‍රශ්නයක්...

ඔය ඉස්සරහා කම්බි වැටෙන් එහා හිටියා එක්තරා සුවිශේෂී චරිතයක්.. ඒ තමා "පොල් අක්කා.."

අක්කා කිව්වට මොකද කුරුළු හමුදාව ආරම්භ කරපු කාලේ පටන්ම උන්දෑ පොල් අක්කාම තමා කියලයි දන්න උන්නං කියන්නේ.. ඉතිං හිතා ගන්ටකෝ වයස කොහොමද කියලා.. ඉතිං පොල් අක්කව දැන අදුරගත්ත අය තමා මේ පොල් ටික අහුලලා තියන්නේ..

හැමදාම ගොම්මන් අඳුර වැටෙන්න කිට්ටු වෙනකොට පොල් අක්කා එනවා ඔය හරියට.. ඒ එන්නේ පොල් අහුලං යන්ට.. ඒත් එළීයේ තියෙන කණාටු ඉඩංවල මොන පොල්ද.. පොල් තියෙන්නේ මේ පැත්තේ නෙව.. ඒත් අක්කා එළියේ...

ඉතිං ඔතනදී හරි අපූරුවට භාණ්ඩ හා සේවා හුවමාරුවක් වෙනවා...

අන්න එතනදී අපේ උන්දලට ඕන වෙන වැදගත්ම දෙයක් තමා කොණ්ඩම් කියන්නේ... දැන් ඉතිං ඕක නොදන්න උන් ඉන්නවනං ඒ අවුරුදු 12කටත් අඩු කෙනෙක් තමා.. ඒ හින්දා ඒක ලිව්වට මොකද..?


ඉතිං ඔය පොල් අක්කා එක්ක ගණූදෙනු තියං හිටිය කිහිප දෙනා ඔය පැත්තට රාජකාරියට යනකොට මතක ඇතිව කොණ්ඩම් පැකට් එකක් අරගෙනම තමා යන්නේ.. අපේ රත්ගමයත් ඔය අක්කගේ හොඳ ගණූදෙනුකාරයා වෙච්චි.. ඒත් බුවාට ඔය කොණ්ඩම් ගෙනියෑම බොහෝම වෙලාවට අතෑරෙනවා.. එහෙමත් නැත්තං ගෙනිච්ච ඒවා දවසෙන් ඉවර උනාම පහුවදාට බඩු නැති වෙනවා...

ඔන්න ඔය වගේ කොණ්ඩම් නැති උන වෙලාවක තමා අපේ බුවා ඔය සත දහයේ කොණ්ඩම් භාවිතා කලේ...

මොනවද මේ සත දහයේ කොණ්ඩම්..? සත දහයට කවදද ඕවා තිබුනේ..නේද..? ඔව් ඒත් ඒ දවස්වල ඔය බත් කොලයක්.. එහෙමත් නැත්තං ලන්ච් ෂීට් එකක් සත දහයයි නෙව... ඔන්න අපේ රත්ගමයගේ සොයා ගැනීම... මේකා එලොවටයි මෙලොවටයි දෙකටම නැති එකා වෙච්චි.. නැති බැරි වෙලාවට කරන්නේ කෑම එක ඔතලා යවපු ලන්ච් ෂීට් එක හෝදලා අරං කෑම ගෑවුන පැත්ත පිටටත් හොඳ පැත්ත ඇතුලටත් හිටින විදියට ඕක පාවිච්චි කරලා අදාල දේ කරන එකයි... අපේ උන් කොච්චර බැන්නා උනත් ඌට ඔකේ ගානක් නැහැ... අනික කවදාවත් බැන්නට ආපහු බයින්නේ නැහැනේ.. කෝකටත් ඌ කරන්නේ හිනා වෙන එකනේ..

ඒත් දවසක් ඌට ඔය හිනාව නැති වෙන්නම වැඩේ සිද්ධ වෙලා තිබුනා...

එක දවසක් රාජකාරියට ගිහිං ආපු වෙලේ ඉදන් රත්ගමයා එහෙට දුවනවා මෙහෙට දුවනවා.. නානකාමරයට යනවා.. ආපහු එනවා.. අයේ දුවනවා.. කොටින්ම එක විදියකට ඉන්නෙම නැහැ... ඒත් මට ඕක හොයන්න වෙලාවක් තිබුනේ නැහැ.. ටික වෙලාවක් යනකොට අපේ බණ්ඩා නොහොත් මල් බණ්ඩා බඩ අල්ලං හිනාවෙනවා... අන්න ඒ වෙලේ තමා මමත් ඇහැවුවේ

"මොකද බං බණ්ඩෝ පෙරලි පෙරලි හිනා වෙන්නේ..?"

"හිනා නොයයිද බං..අන්න රත්ගමයා කෙලෝගෙන..ඌ අද හවස ඩියුටි ඕෆ් වෙලා එන්න ඔන්න මෙන්න තියලත් පොල් අක්කව හම්බ වෙලා ඇවිත් හදිසියට ලන්ච්ෂීට් එකේ දෙපැත්ත මාරුවෙලා.. දවල් කෑම එකේ සැරට උයපු මස් හොදිත් තිබුනාබං.. අන්න දාගෙන පිඹිනවා.. හූවෑහ්.. හික් හික්..."

බණ්ඩා ඇඳක් උඩට වැටිලා හිනා වෙන අතරේ රත්ගමයා කුණූ හරුප වැලක් කියාගෙන ආයෙමත් නාන කාමරය පැත්තට දුවනවා බලං හිටිය අපේ උන් රැලම හූ කිය කිය හිනා උනා ඇර වෙන මොනවා කරන්නද..?

ඔන්න ඔහොමයි සත දහයේ කොණ්ඩම් භාවිතයෙන් රත්ගමයා විපතට පත් උනේ...

මේක කියවන තමුන්නැහේලා එහෙම මෙහෙම දේවල් විහිළුවකටවත් අත්හදා බලන්න එහෙම යනවා නෙවෙයි... ආයේ මොකටද පවුලගෙන් අහගන්නේ..

"මොකද ඕයි බත් පාර්සල් කරන්න හදනවද..?" කියලා...

30 January 2012

මාරයාගේ පුක නැති උනේ මෙහෙමයි...

හුග දෙනෙක් කලින් කතාව කියවන්ට නැතෑ.. ඒත් ඒකෙන් මං අරමුණු කොල කාරණාව ඉස්ට නොවුනය කියලයි මං හිතන්නේ.. මොකද එතනදී මං හැදුවේ එහෙං පිටිංම මගේ පුරාජේරුවයි මගේ ලොකුකොමයි මගේ අරකයි මගේ මේකයි ලොකු කරලා පෙන්නන්න තමා.. ඒත් මේ බ්ලොග් කියවන උන්දලා දන්නවද එච්චර හරියක්.. උන්දලට අහු වෙලා තිබුනේ "පුක ලෝකෙට බිහි උනේ කොහොමද..?" කියන කතාව වගේ දේවල් විතරයි.. යකඩෝ මං ලියන්න ගියේ මං ගැන.. ඒත් අන්තිමට මුංට ලොකු උනේ පුක.. ඒකත් මගේ එකනං ඉවසන්න බැරියෑ.. ඉතිං මොටද මෙහෙම රෙද්දවල් ලියලා..

ඒ අස්සේ අර දුමියා ඒක බලං ඉඳලා පුක බිහිඋන හැටි දැකලා පිකප් වෙලා ආන්න ගිහිං නැට්ට පුකේ ගහ ගන්න හැටියි නැටි පුකේ ගහ ගත්තම ලැබෙන වාසියි කියලා තියෙනවා.. අනේ මංදා මුංවනං හදන්න බැහැ.. මං මේ දහ අතේ කල්පනා කොරනවා කොහොමද මේ බ්ලොග් කඩ මල්ලෙන් මේ ලෝකේ හදන්නේ.. මේ සමාජය යහපත් තැනක් කරන්නේ.. වාගේ ලොකු ලොකු දේවල්.. ඒත් මුං එව්වට කිසිම උනන්දුවක් නැතිව පුකක් බදං දගලනවා.. ඒ පාර මාත් හිතුවා මගේ සම්බාවිය සිහිනයට පොඩි ඉස්ටොප් එකක් දීලා.. මගේ පුක ගැනත් ලියන්න...

කතාව තියෙන්නේ මගේ පුක නැතිවීම ගැනයි.. ආ ඒවගේම කල් ඇතිවම කියන්ට ඕන මේවා මේ හිනා යන කතා එහෙම නෙවෙයි.. ඇයි ඕයි පුක නැති වීම විහිළුවක්ද..? ඒ හින්දා හිනාවෙන්ට බලං එහෙම කියවන්ට එපා අවසානෙට ඇඩෙයි...

හැබැයි මේක ලිවීමේ තව අරමුණක් තියෙනවා... ඒ තමා ඔය කස්ටිය කියන්නේ මං මහින්දට ඕක දෙනවා කියලා.. ඔන්න බලන්න පින්වතුනි දෙන්න කලින්ම ඕක මට නැති උනා කියලා නොදැනනේ මුංදලා එහෙම කතා කියන්නේ.. කඩේ යෑමයි ඒකයි අතර පැහැදිලි වෙනසක් දන්නේ නැති හාදයෝ.. සික් ඉතරක්...

හරි මෙන්න මෙහෙමයි මේ කතාව සිද්ධ උනේ.. ඒ එකදහස් නවසිය බරගණන්වල කතාවක්..

එතකොට මං හිච්චි එකා.. කොටින්ම කිව්වොත් ඉස්කෝලේ යන්ටවත් වයසක් නැහැ.. ඕනනං අවුරුදු හතරක් විතර යන්තමට ඇති.. දන්නවනේ ඉතිං ඒ දවස්වල අපි බොහෝම දුක සේ ජීවත් වෙච්ච කාලේ.. මං ඒ ගැන කොහොමටත් ලිපි පෙලක් කියාගෙන යන නිසා ඒ ඒ ලිපිවලදී හොයා ගන්ට ඇහැකි වෙයි මට අවුරුදු හතරක් වයස වෙද්දී අපි හිටිය තත්තේ කොහොමද කියලා.. ඒ හින්දා දැනට හිතා ගන්ටකෝ ටිකක් අමාරුකාල සීමාවක් කියලා..

එදා මහ අඳුරු දවසක්...හතර අතින් කළු කොරගෙන වහිනවා.. ඒ මදිවට එක සීරුවට අකුණු ගහනවා.. අහල පහල අන්දකාරේ හරියට... මහා මූසල පෙනුමක් තමා තිබුනේ...

අපේ ගෙදර සාමාජිකයෝ හතර දෙනෙක් නෙව.. තාත්තයි.. අම්මයි.. මමයි.. මල්ලියි.. මට වයස හතරනං මලයට වයස එක හමාරයි.. ඌ එතකොටත් අම්මගෙන් කිරි බොනවා.. කොටින්ම මේ මහා විනාසේ වෙච්චි වෙලාවේත් ඌ කිරි බිබී තමා හිටියේ...

මෙන්න මේ වගේ පරිසර තත්වයක් තියෙද්දී අපේ තාත්තයි මමයි හිටියේ ගෙයි තිබුන කුස්සි කෑල්ලේ... ඒක බොහෝම පොඩි තැනක්... මං හිටියේ මිරිස්ගල තියලා තිබ්බ සිමෙන්ති බැම්මට හේත්තුව දාගෙන අත් දෙකත් බැඳගෙන.. තාත්තා කොරන වැඩේ දිහා බලං.. ආ එතකොට තාත්තා කොරපු වැඩේ කියන්ටත් එපෑ..

උන්දෑ ඒ වෙලාවේ හිටියේ වංගෙඩියක් කොට කොටා.. වංගෙඩියක් කොටනවා කියන්නේ ආයිබෝං වංගෙඩියේ දාලා ඔය හාල්.. කෝපි වගේ දෙයක් කොටනවට නෙවෙයි.. අළුතින් වංගෙඩියක් හදනවට... අපේ තාත්තා ඒ දවස්වල ඔය කොහෙන් හරි කොස් කොටයක් උස්සං ඇවිත් තිබුනා.. ඒක අඩි දෙක හමාරක විතර එකක්... ඉතිං එකේ වටේ හොදට සුද්ද කරලා කපලා කොටලා රවුම් හැඩේ එහෙම අරං.. තව අර මැදින් වගේ වෙන්ට පොඩි කට්ටයක් එහෙම හිටින්ටත් කපලා පිටත හැඩේ අරගෙන ඊට පස්සේ තිබුනේ වංගෙඩියේ වල හාරන්ට.. ඔය කිසිම වැඩකට අපේ ගෙදර ඒ කාලේ හරි මහන් ආයුධයක් තිබුනේ නැහැ.. වංගෙඩියේ පිටත හැඩ තල ඔක‍්කෝම සකස් කලේ මන්නා පිහියකින්.. උඩයි යටයි විතරක් කාගෙන්දෝ ගෙනාව අත් කියතකින් බොහෝම අමාරුවෙන් දවස් ගානක් තිස්සේ හෙම හෙමිහිට කපලා මට්ටමට අරගෙන තිබුනේ.. මේකේ වල හාරන්ට භාවිතා කලෙත් එහෙමම උපක්‍රමයක් තමා..

මුලින්ම පොල් කටු කිහිපයක් ලිපට දාලා අවුලෝලා ඒ ගිනි අඟුරු අරගෙනඅර වංගෙඩි කොටේ වල හාරන්ට ඕන කියලා පැන්සලකින් සලකුණු කොරලා තිබුන රවුමේ මැදට දානවා.. ඊට පස්සේ ඔය කාඩ් බෝඩ් කෑල්ලක් අරං ඒ අගුරු ටික තව තවත් හොදට ඇවිලෙන්ට හුලං ගහනවා.. එහෙම ඇවිලෙනකොට බොහෝම සුළු ප්‍රමාණයක් කළු වෙලා අගුරු වෙලා ඇවිලිලා ගියාම පරණ පිහි තල කෑල්ලකින් ඒ අගුරු වෙච්ච ලී කෑලි හූරලා අහක් කරනවා.. එහෙම ගිනි අගුරු බස්ස බස්ස මේක තරමක් ලොකු වලක් හාර ගත්තට පස්සේ අර පිහිතලෙන් හූරන එක නවත්තලා වෙන විදියක් පටන් ගන්නවා..

ඒ තමා මෝල් ගහෙන් කොටන එක.. එතනදිත් අර විදියටම අගුරු බස්සලා වල පුච්චලා ඊට පස්සේ ගිනි අගුරු අහක් කරලා මෝල් ගහෙන් කොටනවා නිකං හාල් කොටන්නැහේ.. එතකොට වලේ තියෙන සුන් බුන් එහෙම අහක් වෙලා හොද රවුමට වල හැදෙනවා ටික ටික.. ඕක මේ මං මෙහෙම කිව්වට එක විනාඩි දහයෙන් කොරන්ට ඇහැකි දෙයක් නං නෙවෙයි.. බොහෝම නිවි හැනහිල්ලේ ඉවසීමෙන් යුක්තව දින ගණනාවක් කරන්ට ඕන දෙයක්.. මට මතක හැටියට අපේ තාත්තණ්ඩි ඔය විදියට වංගෙඩි හත අටක්ම හදලා තියෙනවා.. ඒත් ඉතිං උන්දෑ හදනවා.. අහල පහල දන්න කියන උන්දලා ඇවිත් "අනේ අපූරු වංගෙඩි පොඩ්ඩ" කියලා තෙපර බානකොට ආ එහෙනං අරං පලයං කිව්වම අරකත් අරං යනවා.. ආයේ ඉතිං ඒ ගැන එච්චරයි.. ඒත් උන්දැට ඔය වගේ වැඩ කොරන්ට තිබුන ආසාව හින්දා එව්වා ගානකට ගත්තේ නැහැ...


ඉතිං මේත් කොර කොර හිටියේ එහෙම වැඩක්.. උන්දෑ එදා වංගෙඩියක් කොටනවා මං ඒක බලං ඉන්නවා.. ඔය රූපේ තියෙන්නේ කහ පාටට ඇදක් හරිද..? ආන්න එකේ අපේ අම්මයි මල්ලියි ඒ වෙලාවේ හිටියේ.. මල්ලිට කිරි දිදී..
ඔය නිල්පාටට පේන සිමෙන්ති බැම්මට හේත්තුව දාං කොළපාටට පේන්නේ මංතුමා.. එතකොට අළු පාටට පේන්නේ තාත්තා හිටිය තැන.. එතනම තියෙන අහස් නිල් පාට තිත තමා වංගෙඩිය.. දැන් හරිනේ...

ඔව් මං දැන් දන්නවා අර රතුපාටට දුවන ඉර මොකක්ද කියලනේ අහන්නේ.. ආන්න ඒක තමා "හෙනේ.."

ඔව් එදා ඒ මූසල හැන්දෑවේ අපේ ගෙදරට හෙන ගැහැව්වා... වෙලාව හවස පහට විතර කිට්ටු ඇති.. වැහි අඳුරත් රාත්තිරිය ආසන්නවත් තිබුන ඒ වෙලාවේ එළීයේ මහ වැස්සක් කියලා මං කල් ඇතිවම කිව්වනේ.. ආන්න ඒ වේලාවේ එක පාරට අහල පහල ගිගුරුම් දෙවමින් පොලවට කඩං පාත් උන හෙනයක් අපේ ගෙයි ඉස්සරහ බිත්ති මුල්ලක් බිමට කඩා ඉහිරවමින් ඇද වැටුනා.. ඒත් එක්කම ඒ හෙන ගෙඩියෙන් නිකුත් උන විදුලි සැරයක් වගේ එකක් ඔය රතු පාට ඉර ගමන් කරන ආකාරයට ඉස්සරහ දොරින් ඇතුළු වෙලා.. කුස්සියේ දොරින් එළීයට ඇදිලා ගියා.. ඒ ගියේ මගේ ඇස් දෙකට පෙනී පෙනී අපේ තාත්තගේ දණ හිසට ටිකක් පහලින් කකුල් දෙක මැද්දෙන්මයි.. එක පාරට කහ පාටත් රතු පාටත් මුහු වෙච්ච ගිනි දල්ලක් ඇදිලා යනවා දැක්ක මට කතා කරගන්නත් බැරි උනා.. මට ඇහුනා අම්මා හයියෙන් කෑගහනවා... එයා දැකලා තියෙනවා ඒ ගිනි දල්ල ගේ ඇතුලට එන ආකාරය.. බය වෙච්ච පාර මල්ලිවත් උස්සං උන්දෑ කෑ ගහගෙන දුවං ආවා කුස්සියට.. ඒත් තාත්තා කලබල උනේ නැහැ...

උන්දෑ අම්මා දිහා බලලා ඒ දෙන්නා හොදින් කියලා දැක්කට පස්සේ මං දිහා බැළුවා..

"ලොකු පුතේ..ලොකු පුතේ..ලොක්කෝ..උඹට කරදරයක් නැහැ නේද..?"

මට කතා කරගන්න බැහැ... කට අරින්න හැදුවට වචන පිට වෙන්නේ නැහැ.. ඒ මදිවට මට දැනෙනවා මගේ ඇ‍ඟේකෑල්ලක් නැහැ වගේ.. කොටින්ම කිව්වොත් මගේ පුකට පොල්ලකින් ගහනවා වගේ දැනුනා අර එළීය ගිය වෙලාවේ.. ඒ වෙලේ ඉදන් මට පුක තියෙනවද කියලවත් දැනෙන්නේ නැහැ.. පස්ස පැත්තම ගල් වෙලා.. තාත්තා යන්තමින් දැකලා තියෙනවා මං හේත්තු වෙලා හිටිය මිරිස් ගල පැත්තටත් ගින්දර විසි වෙනවා..ඉතිං කොහොම හරි පැයක් විතර යද්දි තමා මට යන්තං තතන තතන කතා කරන්ට පුළුවන් උනේ.. ඒ කතා කරපු ගමන් මං කිව්වේ "තාත්තේ මගේ පුක නැහැ" කියලා තමා ඕං..

ඔන්න ඒ වෙලාවේ කට්ටිය කලබල වෙලා හොයලා බැළුවා..‍ ඊට පස්සේ දන්න කියන අය.. ඒ කියන්නේ මේ හෙනේ පාත් වෙච්ච බලන්න ඇවිල්ලා හිටිය මුළු ගමේම අය අතරින් දන්න කියන අය නොයෙකුත් ප්‍රතිකර්ම කිව්වා.. විදුලි සැරයකදී ඔය විදියට හිරි වැටීමක් වෙන බවත් මද රස්නෙට රත් කරපු යකඩ කෑල්ලකින් තැව්වම ඒක හරියන බවත් උන්දලා තමයි කිව්වේ.. ඉතිං එදා ඉදන් දවස් ගානක් යනකල් තවලා තවලා තමයි මගේ නැති උන පුක යන්තං ගොඩ දාගත්තේ...

අන්න එහෙමයි එදා අපේ ගෙදරට හෙන ගහලා මගේ පුක නැති උනේ... ඒ වෙනකොට බොහෝම අසීරු අඩියේ හිටිය අපිට මේ වෙච්ච හානිය හින්දා තවත් තත්වය දුෂ්කර උනා.. ඊටත් පස්සේ තමා අපේ අම්මා ගෘහ සේවය සඳහා රට යන්න තීරණය කලේ..හරියටම කිව්වොත් එයින් පස්සේ තමා අපිට ඇත්තටම හෙන ගැහැවුවේ...

29 January 2012

මුරකරුවාගේ ලොකු ටෝක නොහොත් පරුමකලාගේ වර්ථමානය...ළමයින්ට සුදුසු නැත...

ලිච්ඡවී රජ දරුවන් එහා මෙහා පේනවායි කියා කොහේදෝ තිබී කියැවීමි. ඒ කියන්නට යෙදුනේ ඔවුන් විනිවිද පෙනෙන සුළුය කියනා කාරණාවයි.. එසේත් නැතිනම් ඇඟ මස සියුම්ය යනුයි. හරියට නිකං වීදුරු වගේය... මට ඔය ලිච්ඡවීයන් හා ආබස්සරයන් නිතරම මාරු වේ... හෙවත් ටැපලෙයි... එහෙත් අමාරුවෙන් මතක් කර ගත් විට ආබස්සරයන් ආලෝකය විහිදුවන්නන් බවත් ලිච්ඡවියන් විනිවිද පෙනෙන්නන් බවත් යන්තමින් මෙන් සිහිපත් කර ගත හැක..

ඕනවට වඩා බණ කතා මතක තියා ගන්නට ගියහොත් මොලේ අවුල් වී යනු ඇත.. එහෙයින් ඒ වැඩි පණ්ඩිතකම් උවමනා නැත.. පණ්ඩිත කම් වැඩිය නැතත් දැනටත් මොලේ වයර් මාරු වී ඇති බව සමහරුන්ට මා දෙස බැලු විට එක පාරින්ම කියත හැක.. ඒ මාගේ වරදක් නොව ඔවුනගේ බැල්මේ ඇති වරදක් බව මා සහසුද්දෙන්ම දනිමි..ඒ මා සියල්ල දත් එකා නිසාය... අනිවාර්යයෙන් ඔවුන් දන්නවා ඇත්තේ මට වඩා එකක් හෝ අඩුවෙන් විය හැක.. එසේ සිතා මා ප්‍රීති වෙමි...

අද ඉරිදාය.. නිවාඩුය.. ඒ මට නොවේ මෙහි සේවය කරනා අනිකුන්ටය... මා මෙහි මුරකරුවාය... මට නිවාඩු අද නැත.. එහෙයින් මා මෙය මුර කල යුතුය.. පැයකට එක හමාරකට වරක් කර්මාන්තශාලාව වටා රවුමක් ගසා පැමිණීය යුතුය... ඒ සොර සතුරන් ඉන්නවාදැයි කියා බැලීමටය... ඉන්නවනං ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට දිය යුතුය.. මක් නිසාද යත් ඔවුනට පහර දී මැඩලීමට මා බෲස් ලී හෝ ජැකී චෑන් නොවන හෙයිනි. අඩුම ගානේ ඩෝං කියා පත්තු කරන්නට තුවක්කුවක් තියා රතිඤ්ඤයක්වත් මෙහි නැත. ඉතින් වැඩි සෙල්ලම් හොඳ නැත. සද්ද නැතිව මාරු වී පොලෝසියට කෝල් කල යුතුය.. එයින් එහාට කල හැක්කක් නැත.මේ මාගේ රාජකාරියයි...

මේක ලියන්නට හිතුනේ එසේ මෙය වටා රවුමක් ගහන්නට යන අතරේදීය... කර්මාන්තශාලාවේ ජනේලයක වූ වීදුරුවකින් මම මගේම රුව දුටිමි... එය එතරම්ම අජූව නැත.. තාමත් ඒ දෙස බලා බත් ටික කෑමට අප්පිරියාවක් නොසිතෙන තරමට දැකුම්කළුය.. මනරම්ය.. සිත්කළුය.. හැඩකාරය... ඔය ඇතිය.. මෙයට වඩා වනන්නට යා යුතු නොවේ.. වටින දේවල් කොහොමටත් වැඩිය වර්ණනා කරන්නට හොඳ නැතිය.. අනිත් එව්වෝ ඉරිසියා කරනවාය.. මා අනිකුන්ගේ ඉරිසියාවට ලක් විය යුතු නොවේ. හැකි තාක් පරිස්සම් විය යුතුය.. එහෙත් මට මාවම වනන්න උවමනා වූ විට එයට ඉස්ටොප් එකක් නැත. එහෙත් ආයාසයෙන් හෝ එය කල යුතුව ඇත. නැතිනම් මෙයිට එහා මෙය කියවීම අසීරු වී කියවන්නාට අජීර්ණ වැනි තත්වයන්ට මුහුණ දිය යුතුවේ.. මං එයට කැමැති නැත. ලෝකයේ බිහි වූ මහා පුරුෂයෝ එසේ අනිකුන් හට නිතරම අනුකම්පා කෙරෙති. ඉතිං මාත් එසේ කල යුතුය. මක් නිසාද යත් මාද මහා පුරුෂයෙක් වන නිසාය... මහා පුරුෂයින් වන්නේ උත්තමයෝය.. මාත් උත්තමයෙක්මි.

සිංහලය උගැන්මේදී පුරුෂයින් තිදෙනෙක් ගැන කියැවේ..

ප්‍රථමා පුරුෂ
මධ්‍යම පුරුෂ හා
උත්තම පුරුෂ යනු ඒ තිදෙනායි... මම යන්න අයත් වන්නේ උත්තමයටය... එසේ හෙයින් මා උත්තම වෙති.. ඉතින් එසේ උත්තම වූ මා විසින් අනිකකු හට විපතක් නොකල යුතුමය...

කතා වෙන් කතාවෙන් කියන්නට ආ දෙය නොපිට පෙරැළී යන්නට විය.. මා කියන්නට ගියේ මාගේ උත්තම භාවය ගැන නොවේය... එය බොහෝ දෙනා දන්නා නිසා තව තවත් එය හුවා දැක්විය යුතු නොවේ.. මා කියන්නට ආවේ ජනේල වීදුරුවෙන් මාගේ රුව දුටු කල මා චිත්ත සන්තානයෙහි නැගී ආ සිතිවිල්ලය...

මා දුටුවේ මාගේ රූපය පමණක් නොවේය..ඒ තුලින් මා මුරකරුවා දුටිමි. තද දුඹුරු පැහැ කලිසමත්.. ක්‍රීම් පාට කමිසයත් හැඳ අද ඉරිදා හෙයින් සපත්තු කුට්ටම මෙසය යටට විසිකොට නිදහසේ පැළ‍දගෙන ගිය රබර් සෙරෙප්පු කුට්ටමත් සහිත මාගේ රුව දුටු කල මුරකරුවා මට හසු විණී... ඒ දුටු මාගේ සිත තුල උපන් හැගීම විස්තර කරලීමට මට පහසු නොවේ.. දුකක්ද.. සතුටක්ද නැතිනම් කෝලමක් දුටුවාක් වැනිද වූ හැගීම් ජාලයකින් මසිත වෙලී යන ලදි... ඒත් සමඟම මට මුරකරුවා යනු කවරෙක්දැයි සිතිණි.

වර්ථමානයේ මුරකරුවන් වර්ග බොහෝය.. සමහර තැන්වලදී ඔවුනට බොහෝ ගරුසත්කාර ලැබෙති. ලොකු ලොකු වාහන වලින් යති එති.. හොඳ හොඳ දෑ කති බොති.. අනිකුත් දේත් එසේම කරති. ඒ අල්පයක් වූ මුරකරුවන්ටය.. බහුතරය මා මෙන් වෙති... ශි‍ෆ්ට් ක්‍රමයට සේවය කරති... නිතර නිදි කිරා වැටෙති. යන්තමින් බඩට කති. හැකි පමණීන් අඳිති පළදිති.. දුක සේ දිවි ගැට ගසා ගනිති. විවාහකයෙක් නූවූ හෙයින් මට එතරම්ම දුකක් නොවූවත් මේ හා සමානව වැටුප් ලබනා අනිකුත් බොහෝ මුරකරුවන්ගේ තත්වය සෝචනීයය.

එහෙත් මුරකරුවාටද අභිමානයක් තිබිය යුතුය.. එහෙයින් මා එම අභිමානය සහිත කතාව සිහිපත් කර ගතිමි.

මුලින්ම මේ ලෝකයට ලෑන්ඩ් කලේ ආබස්සරයින්ය... ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන්ය.. ඔවුන් මා පෙරදී කීවාක් මෙන් ආලෝකමත්ය.. හදිසියකට රෑකට ගමනක් යන්නට ටෝච් උවමනා නැත... ඔව්වා කියන්නේ මා නොවේය.. පොත පතය.. අග්ගඤ්ඤ හෝ බ්‍රහ්මජාල සුතුරෙහි මේ වගක් සදහන් වී තිබී බව යන්තමින් මතකය.. එහෙත් හරියටම නොවේය.. මගේ මතකයන් එසේය.. කිසි කමකට නැති.. එහෙත් එහි යමක් නැත්තේද නොවේ...

මුලින්ම ලෑන්ඩ් කල අය අද ඉන්නා මිනිසුන් මෙන් නොවූහ.. ඔවූහූ ඉතා පිරිසිදු ජාතියක් වූහ.. සිතිවිලි පිරිසිදුය... ලිංග බේදයක් නැත්තෝහ... අවශ්‍යතා රහිත වූවෝය...ඔවූහු සතුටම ආහාරය කොටැගෙන ජීවත් වූහ..

එහෙත් එසේ කාලයක් යන විට ඔවුන්ටත් එක එක අසනීප වැළඳිණි..මේ ජරා පෘතුවිය ඔහොමමය.. ගෑවුනොත් විසබීජමය.. කරුමෙට ඒ කාලේ ඩෙටෝල් තිබුනේත් නැත. එසේ වූවානම් මේ එක වදයක්වත් නැත. ඉතිං ඩෙටෝල් නොමැති අබස්සරයෝ ටික කලක් යන විට එක එක පිස්සු නැටූහ... මුලින්ම එකෙක් නිකං ඉන්නට බැරිව පොලව ලෙවකා බැලූහ.. අම්මට හුඩුය... පොළව රසය.. එයට රස පොලව යැයි කියති.. අදටත් ඇතැම් විට බල්ලන් පොලව කනවා ඔබ දැක ඇත.. පස් හාරහාරා කන විට අප කරන්නේ තඩි ගලක් අරගෙන "දුප් බල්ලා" යැයි කිය ඌට ගැසීමය.. එයින් පසු මෙසේද කියති... "වල් බල්ලා පණු අමාරුවටද කොහේද පස් කනවා.. මිදුල ගන්න දෙයක් නැහැ"

එහෙත් අපට වැරදී ඇත ඒ බල්ලා උලා කන්නේ තවමත් ඉතිරිව ඇති රස පොළවයි... නැවුම් වළඳකට දිව තබා බලන්න යම් කිසි රසයක් ඔබට දැනෙනු ඇත... ඒ තවමත් ඉතිරිව ඇති පොළවේ රස අපට දැනෙන හැටිය.. ඉතිං මෙසේ වූ රසයක් දිව ගා බැලූ මුල්ම එකා එයට ලොල් විය.. හරියට අද අපේ උන් කුඩු ගසන්නාක් මෙනි...

එකෙක් එකක් කරන්නට ගත් විට අනිත් උනුත් එයම කිරීම වනාහී ඒ කාලේ සිටම පැවත එන්නකි. අනිත් උන්ද එයම කරන්නට පුරුදු වූහ.. අදෝමැයි.. මෙතෙක් කලක් ප්‍රීතිය ආහාර කොටගෙන හිටි උන්ට නිතර බඩගිනි වන්නට විය.. ඒ හා සමගම වැඩි වැඩියෙන් පස් කන්නට වූහ.. අද මහ පොලව හූරා කන අපේ ඇත්තන්ට දොස් කියන්නට නොහැක්කේ උන්ද පැවත එන්නේ අරුන්ගෙන්ම නිසාය... ආබස්සරයෝ කලකදී පොලව කන එක අතෑරියත් මුං තාම කති...

පස් කෑවාට එයත් හරහට හිට්ටේය.. ඒ අනිකක් නිසා නොව මෙතෙක් කලක් ප්‍රීතිය ආහාර කොටගෙන ජීවත් වූ ආබස්සරයෙන් මෙහාට ලෑන්ඩ් කල වුන්ට මල මුත්තරා කරන්නට අවශ්‍යතාවයක් නොවූ හෙයින් ඊට අදාල සරීරාංග පිහිටා නොතිබිණී.. එහෙත් දැන් කන පස් කොහේ හෝ යා යුතු නිසා පස්සා පැත්ත පලාගෙන අදාල මාර්ග ඇති විය.. පුක බිහිවූයේ එසේය.. ඒ පුකේ උපතයි... ඒකනං ලේසි නැත.. බඩ වේලවා සිටියදී මල පහ කරන වේදනාව දන්නා එකෙකුගෙන්ම එය ඇසිය යුතුය... එය මාරාන්තික වේදනාවකි.. කෙසේ හෝ පුක ඉරාගෙන ඒ වැඩේටත් මේ හාදයින් ටික හුරු විණි...

වැඩේ එතැනින් නැවතුනේ නැත.. කලක් යන විට පොලෙවේ රස ගතිය අඩු විය... එහෙත් මොනවාදෝ මංදා පැල ජාතියක් හැදෙන්නට පටන් ගති.. ඒවා පීදී අමුතුම ආකාරයක බීජ වර්ගයක්ද පල දැරීය..මේ කියන්නේ වී වර්ගයක් ගැනය..ඉබේ හටගත් නිසා ඒවාට ස්වයං ජාත යැයි කියති..මොන මගුලක් හෝ නිසා හැල් වී යනුවෙන්ද මෙයම හදුන්වති..එසේ හෙයින් "ස්වයංජාත හැල්" බිහි වුනේ ඔන්න එහොම කාලයකදී..

ඒ අස්සේ තව බොහෝම දේ කෙරී තිබිණි.. අර කලින් කියූ අංගය වැනිම අංගයක් මොවුන්ට ඇති වීමට පටන් ගති.. ඒක වී ඇත්තේ අර රස පොලව කන්නට ගත්තාට පසුවය.. ඔවුනගේ සිතේ අමුතු අමුතු හැගීම් පහල වන්නට පටන් ගෙන තිබේ.. නිකං ඉන්න ගමන් තමුන් ඉදිරියේ සිටින අනිත් උන් දිහා ආසාවෙන් බලාගෙන ඉන්නට පුරුදු වූ පසුව ලෝකයේ ප්‍රථම වතාවට ලිංගයක් කියා දෙයක් පහල වන්නට විය.. මොන හේතුවක් නිසා හෝ සමහරුන්ට පුරුෂ ලිංගයත්.. තවත් අයට ස්ත්‍රී ලිංගයත් පහල වී ඇත.. අදටත් ඔය දෙකටම නැති අය මා හිතනා ආකාරයට වඩාත් සමීප මිනිස් කොට්ඨාශයට වඩා පූර්ව ආබස්සරයින්ට විය යුතුය.. එසේ හෙයින් එසේ වූ අයට විහිළු නොකට යුතුය...

නිකං ඉන්නට බැරිව පොලව කෑවා වගේ නිකං ලැබුන ආයුධ වලින් ප්‍රයෝජන ගන්නටද මොවුන් කෙසේ හෝ පුරුදු වී ඇත. මොන විදියකින් ඒක හුරු උනාදැයි දන්නේ උන්හා උඩ ඉන්නා දෙයියන් පමණකි...

මුලින් මුලින් එලි පිටත්.. පසුව ගෙවල් දොරවල් හදාගෙන ඒවා තුලත් ඔය කියන අපූරු කෙලිය හෙවත් රති කෙලිය කරන්නට මොවුන් හුරු වූහ.. මුල පටන්ම ඕක මහා රහස් වැඩක් බවට පත් වූයේ එසේය.. මුල්ම කාලයේ ගෙවල්වලට දොරවල් තිබී නැත.. එහෙත් පස්සෙන් පහු දොරවල් දාගෙන ඇත්තේ ඕක කරන වෙලාවට අනිත් උන් ඇවිත් එබී බලන එක නවත්තන්නටය.. ඒ කියන්නේ ඒ කාලයේ සිටම අනිත් උන් ඕක කරනා විට ඒක බලන්නට ආසා කල උන් සිට ඇත... අදටත් උන් එය නවතා නැත... ඉංගිරිසි ඇක්ස් අකුරු තුනකින් සමන්විත බොහෝ දෑ තිබෙන්නේ ඒ අතීත උරුමය අදටත් අපට ලබා දීම පිණීසමය... ඒවාට ගැරහීමත් නොකට යුතුය...

කෙසේ හෝ මෙසේ කලක් යන විට ස්වයං ජාත හැල්ද ඉබේ හට ගැනීම නැවතී ඇත.. මුලදී පොත්ත රහිත වූ හාල් ඇට වටා කාලයත් සමග පිට පොත්තක් ඇති වන්නට විය.. ආබස්සරයින් ටික ටික ලෝභ උපදවන.. පෙරෙතකං කරන ජාතියක් බවට පත් වෙමින් සිටියාහ.. ඒ හා සමානවම ඔවුනට ලෝකය දුෂ්කර තැනක් වෙමින් පැවතියාහ.. අදටත් එසේමය.. උවමනාකං වැඩි වන්නට වන්නට උන්හට ලෝකය දුෂ්කරය.. සුළු දෙයින් යැපෙන්නා හට මෙය තවමත් මුල්ම කාලයේ ලෝකය මෙන් සැහැල්ලුය...

මෙහෙම කලක් යන විට මුලින් මුලින් ඉබේ හැදුන හැල් ඒ ඒ තැන්වලට ගොස් ආහරයට ගන්නට පුරුදු වී සිටිය උන්ට එය වවාගෙන කන්නට සිදු විය.. පොතු ඇරගෙන කන්නට සිදු විය.. එපමණක් නොව මුංගේ තියෙන කුම්මැහිකමේ මහතක තරම කියන්නේ කුඹුරට ගොස් බඩගින්නේ තරමට කා ආව එක නවතා ගෙවල්වලටත් ගෙනැවිත් ගබඩා කොට ගෙන කන්නට වූහ.. තමාටය කියා කොටු කරගන්නට වූ කුඹුරු විය.. තමාගේ කොටස තිබියදී අනිකාගේ කොටසට පැන හොරකං කරන්නටද පුරුදු විය.. වැඩේ අමාරු වන්නට විය.. අවසානයේ සියළු දෙනාටම මේවා ආරස්සා කර දෙන එකෙක් ඕනෑ විය...

බේරෙන්නට බැරිම තැන සියල්ලන්ම එකතු වී කතිකාවක් සාදාගත්තෝය.. ඒ අනුව එවකට සිටි හැඩි දැඩි පොරක් තෝරාගෙන ඌව ආරක්ෂකයා කරන ලදි.. සියළු දෙනාම ඔහු හට සිය වගාවන් ආරස්සා කරදෙන හෙයින් යම් බද්දක් ගෙවන ලදි.. ඒ ඔහුගේ වැටුපයි... ලෝකයේ මුල්ම මුරකරුවා පහල වූයේ එසේය... ඔහුට නාමයක් තිබිණී.. ඒ "පරුමක" යන්නයි.. ඔය කතාව මා හට මුලින්ම කියා දුන්න සාමණේර හිමි නම එම නාමය මා හට මතක තබා ගැනීමට පහසුවන පහසු ක්‍රමයක්ද කියා දෙන ලදි.. ඒ එම නම අනිත් පැත්තට මතක තබා ගැනීමයි...

හරි එය අනිත් පැත්තට කියවා මතක තියා ගත්තනං දැන් ඉතිරි ටික කියවමු...

එසේ බලන කල්හී මුරකරුවන් යනු ඒ කාලයේදීත් සුවිශේෂ පුද්ගලයෝ වූහ... එහෙත් කලක් යන විට එකාටම මේ කාරිය කල නොහැකි විණි එහෙයින් ප්‍රධාන පරුමකයා යටතේ තව තවත් පරුමකයින් බිහි විය.. විධිමත් පාලන තන්ත්‍රයක් ලොකයේ ඇති විණී.. අවශේෂ පරුමකයින් හරහා ගොඩනැගෙන බලය කරණ කොටගෙන ප්‍රධාන පරුමකයින් බලවත් විය.. උවූහූ අද රට රටවල ජනපතිවරුන් වෙති.. එයට පහලින් විවිධ මට්ටම්වල පරුමකයින් වෙති.. අප එහි අවසාන පුරුක් වෙති..

මෙසේ බලනා කල්හී පරුමකයින් යනු සුළු කොට තැකිය යුත්තහු නොවෙති.. ඔවූහූ ලෝකයේ සුවිශේෂ පුද්ගලයෝ වෙති...

ලෝකය පාලනය වන්නේ ඔවුන් අතිනි.. මුලින්ම ලෝකයේ නමක් කියා දෙයක් ඉස්මතු වී ලැබෙන්නේ ඔවුනටය.. මුල්ම වැටුප් සහිත රැකියාව ලැබෙන්නේද ඔවුන්ටය...

කොටින්ම කිව්වහොත් ලෝකයට ලොක්කන් වන්නේ පරුමකලාය... පරුමකලාගේ වර්ථමාන නියෝජිතයින් වන අප එසේ හෙයින් කුමකට සුළු වෙන් අප ගැන තකත්ද..? නැත එසේ විය යුතු නැත..

මමද සාඩම්බර පරුමකයෙක් වෙමි... පරුමකයින්ගේ පරපුරේ වත්මන් සාමාජික මුරකරුවකු වෙමි..

ඔන්න ඔහොමයි මුරකාරයෙක් වෙච්ච මං මගේ රස්සාව ගැන මහා පරිමාණයේ කතා කියා ස්වයං මෙව්වා එකක් ගන්නේ...

25 January 2012

මාරයාට තවත් මඩක්...


පැය 48ක් තුළ තිත් 36ක් වූ හැටි...

අපට දිවැස් නැත. එනිසා ඇහෙන පෙනෙන දෙයින් කතාව ගලපාගත යුතුව ඇත.
"සෑහෙන දවසකට පස්සේ හුගාක් දේවල් කල අති සාර්ථක දවසක්..."
"කළ" යන්නෙහි වැරදි ල යන්න අමතක කොට මේ ප්‍රකාශය සළකා බැලූ කල්හි පැය 48කට පෙරාතුව මාරයා කෙතරම් ප්‍රීතියෙන් සිටින්නට ඇත්දැයි සිතාගත හැක. හෙතෙම "හුඟාක් දේවල්" එදින කර ඇත. ඒ සියල්ලම "අති සාර්ථක" වී ඇත. දවසම අති සාර්ථක වී ඇත්තේ එහෙයිනි. මාරයෙකුගේ දවස අති සාර්ථක විය හැක්කේ බොහෝ දෙනෙකුට මරු කැන්දීමෙන් විය හැක. එහෙත් ඒ සඳහා හුඟාක් දේ කිරීමට සිදු වූවානම් එය මාරයෙකුට තරම් නොවේ. අනෙක් අතට "සෑහෙන දවසකට පස්සේ" යන යෙදුමෙන් ගම්‍ය වන පරිදි මේ "දේවල්" මරු කැඳවීම් වීමට ඇති ඉඩකඩ අඩුය. මන්ද, ලෝකයේ දිනකට බොහෝ දෙනා මරු දකින හෙයිනි. එසේනම් මේ කියනුයේ වෙනත් දේවල් ගැන විය යුතුය; සාමාන්‍යයෙන් මාරයෙක් නොකරන දේවල් ගැන විය යුතුය. කෙසේ වුවද, මේ "දේවල්" මොනවාදැයි මේ ප්‍රකාශයෙන් පැහැදිලි නොවේ. ඒ නිසා මාරයාගේ දවස අති සාර්ථක කළ "දේවල්" මොනවාදැයි සොයනු පිණිස අපි ඉදිරියට යමු.
ඔහුගේ ඊලඟ ප්‍රකාශය "එහෙමනං දැන් ඉතිං නිදා ගනින්..." යන්නය.මෙය පැහැදිලිවම ඇණවුමකි. ආදරයෙන් කියන ලද්දක්ද නොවේ.මෙය කාහට පවසන ලද්දක්ද? එක් අයෙකුටද, එසේ නැත්නම් දෙන්නෙකුට හෝ ඊටත් වැඩි ගණනකට වරින් වර පැවසූවක්ද? (එකම ඇණවුම කිහිප දෙනෙකුට කොපි පේස්ට් කළා විය හැකිය.)එසේත් නැත්නම් දෙබිඩි චරිතයකින් යුත් මානසික විකෘතියක් නිසා තමන්ගේම එක් චරිතයක් විසින් අනෙකාට පවසන ලද්දක්ද?
අති සාර්ථක දිනයක අවසානයේදී මෙලෙස පවසන බැව් අමතක කළ නොහැක.

ඊලඟ ප්‍රකාශය ප්‍රශ්නයකි. "හා කියන්න බලන්න කවුද කැමති පලවෙනි බිල්ලට යන්න මේ වතාවේ..?"
ගැටළුව ලිහා ගනු වස් මුල්ම සාධකය සැපයෙන්නේ මේ පැණයෙනි. මාරයා බිලි පූජාවක් සඳහා සූදානම් වෙයි. "මේ වතාවේ" යන්නෙන් ගම්‍ය වන පරිදි මීට පෙරද ඔහු මේ බිලි පූජාවේ නිරතව ඇත. මේ පැණයේ සිට පෙර ප්‍රකාශයන් දෙස බැලූ කල්හි සිද්ධි දාමය මෙලෙස පෙළ ගැස්විය හැකිය:
මාරයා බිලි පූජාවකට සූදානම් වෙයි. ඒ මීට ප්‍රථම කරන ලද බිලි පූජාවන්ගෙන් සෑහෙන දවසකට පසුවය. බිල්ලට දෙනුවස් හුඟාක් මිනිසුන් අල්ලාගෙන පැමිණ ඇත. (බිලි පූජාව ඇතැම්විට ආසනික් දෙවියන් උදෙසා විය හැකිමුත් ඒ පිළිබඳව පැහැදිලි සඳහනක් සොයා ගත නොහැක.)අනතුරුව පූජාව උදෙසා අල්ලා ගන්නා ලද මිනිසුන්ට මෙසේ කියයි: "එහෙමනං දැන් ඉතිං නිදා ගනින්..."
පසුදා උදෑසන, පූජාව අරඹන මාරයා, සිය අසරණ ගොදුරුවලට ඔච්චම් කරයි: "හා කියන්න බලන්න කවුද කැමති පලවෙනි බිල්ලට යන්න මේ වතාවේ..?"
මෙතෙක් කතාව මෙලෙස ගලපාගත් පසු ඉදිරි ප්‍රකාශ නිරවුල්ව තේරුම් ගත හැක.
"මිනිසුන්ගේ අරමුණු පිටතින් බලා වටහාගත නොහැක.කියන්නේ එකක් වූවත් කරන්නේ තව එකකි.. "හා" කිව්වට එහි ඇත්තේ "බෑ"යන්නද විය හැක.සුද්දවන්තයින් නොමැත..අඩු වැඩි වශයෙන් සෑම දෙනාතුලම හොඳ නරක මිශ්‍රව ඇත..."
පලවෙනි බිල්ල ලෙස යම් අයෙකු කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නට ඇත. ස්වයංපූජාවකට ඉදිරිපත්වන්නා සුද්දවන්තයකුයයි සිතා මාරයා රැවටී ඇත. එහෙත් එලෙස ඉදිරිපත් වූ පුද්ගලයා කර ඇත්තේ කපටිකමකි. "හා" කියා කැමැත්ත ප්‍රකාශ කොට ඉදිරිපත් වී, අනතුරුව පැන ගොස් ඇත. ඉන් අසතුටට පත් මාරයා විසින් ඉහත ප්‍රකාශය කර ඇත.
"මූට ටිකක් විතර පිස්සු... මතක තියාගන්න අපිටත් එහෙමම තමා..."මේ ප්‍රකාශය මාරයා පළ කරනුයේ තමන්ගේ බිත්තියේ නොව, වෙනත් අයෙකුගේ බිත්තියෙහිය. මෙහි මූ යනුවෙන් අදහස් කරනුයේ, ඉහත ප්‍රකාශයේ කියැවුණු පැන ගිය සුද්දවන්තයා පිළිබඳවය. ඉතිරි ගොදුරුද පැන යාම වළකනුවස් මාරයා උන්ට දේශනාව දෙයි: ඌට පිස්සු, අපිටත් එහෙමම තමා; එහෙම පැනලා යන්න හිතෙයි. ඒත් යන්න එපා...
එහෙත් ඒ වෑයම සාර්ථක නොවේ. මාරයා විසින් අති සාර්ථක දවසක් පුරා එකතු කරගන්නා ලද ගොදුරු සියල්ල ඔහු රවටා පැන යති. කණස්සල්ලට පත්වන මාර තෙමේ මෙසේ කියයි: "මට ලෝකය හදන්නට බැරි බව මා අවබෝධ කරගත්තේ හුග කලකට පෙරදීය..එයින් පසුව මම අනුන්ට බණ කීම නවතා දැමීමි.
එහෙත් මගේ වරද මට එය හිටි හැටියේ අමතක වීමය..."
මාරයාගේ කණස්සල්ලට හේතුව කුමක්ද? ආසනික් දෙය්යන්ට පොරොන්දු වූ බිලි පූජාව නිසි අයුරින් පැවැත්වීමට නොහැකි වන සේ සියලුම බිලී පැන ගොස් ඇත. එම නිසා ආසනික් දෙවියන් මාරයාව බිල්ලට ගැනීමට ඉඩ ඇත. මේ අනතුර දකින හෙතෙම අපට මෙසේ කියයි: "හරි එහෙමනං..අද දවසත් අහවර කරමු.. හෙට උදේ මැරිලා නොහිටියොත් ආයේ එඤ්ඤං..."
පසුදා උදෑසන එළඹෙයි. මාරයා සිතූ පරිදි ඔහුව බිල්ලට හසුවී නොමැත. ඔහු තවමත් ජීවත් වෙයි. ඉන් අමන්දානන්දයට පත්වන මාරයාට මෙලෙස කියැවෙයි: "මල් පිබිදෙන එක වසන්ත සමයක..."
මල් මතක් වුණු මාරයා, පණ බේරුණු ප්‍රීතිය සැමරීමට මලක් ගැසීමට ගොස් ඇත. එහි ප්‍රතිපලය ඊලඟට: "...................................."

----------------------------------------
ඉහත සඳහන් ලිපිය රචනා වූයේ මට කෙලින්ටය... නොඑසේනම් මඩ ගසන්නටය..ඒ සඳහා මුල් කරගත්තේද මාවිසින්ම ලියූ දෑය..ඒ මා විසින් පසුගිය පැය 48 තුලදී බුකියේ දමන්නට යෙදුන ස්ටේටස් අප්ඩේට් ඇසුරිනි... මෙයට පෙර රසවත් රෝස් පාන් හදා ගන්නා කෙටි ක්‍රම කියා දෙමින් මගේ මාර සරණීයට අභීයෝගයක් කල අය විසින්ම මෙයත් ලියා එවන ලදි..
පහත දැක්වෙන්නේ මාගේ ප්‍රකාශයන්ය...

1-"සෑහෙන දවසකට පස්සේ හුගාක් දේවල් කල අති සාර්ථක දවසක්..."
2-"එහෙමනං දැන් ඉතිං නිදා ගනින්..."
3-"හා කියන්න බලන්න කවුද කැමති පලවෙනි බිල්ලට යන්න මේ වතාවේ..?"

4-"මිනිසුන්ගේ අරමුණු පිටතින් බලා වටහාගත නොහැක.කියන්නේ එකක් වූවත් කරන්නේ තව එකකි.. "හා" කිව්වට එහි ඇත්තේ "බෑ"යන්නද විය හැක.සුද්දවන්තයින් නොමැත..අඩු වැඩි වශයෙන් සෑම දෙනාතුලම හොඳ නරක මිශ්‍රව ඇත..."

5-"මූට ටිකක් විතර පිස්සු... මතක තියාගන්න අපිටත් එහෙමම තමා..."
6-"මට ලෝකය හදන්නට බැරි බව මා අවබෝධ කරගත්තේ හුග කලකට පෙරදීය..එයින් පසුව මම අනුන්ට බණ කීම නවතා දැමීමි.
එහෙත් මගේ වරද මට එය හිටි හැටියේ අමතක වීමය..."
7-"හරි එහෙමනං..අද දවසත් අහවර කරමු.. හෙට උදේ මැරිලා නොහිටියොත් ආයේ එඤ්ඤං..."

8-"මල් පිබිදෙන එක වසන්ත සමයක..."
9-"...................................."


23 January 2012

මෙතනට නොගියනං යාපනේ ගියේ නැහැ වගේ තමා... බයිසිමොටෝවෙන් යාපනයට...

මම යාපනයට ලගා උනේ 12 වෙනිදා රාත්තිරියේ..ඊට පහුවෙන්දා තමා කඳුරුගොඩ විහාරයයි..කීරමලෙයි..නිලාවර ළීඳයි බලලා පේදුරු තුඩුවටත් වාර්ථා කලේ..එයින් පස්සේ ඉර යාපන කලපුවේ ගිලිලා මියෑදෙද්දී යන්තං යාපනයේ දුම්රිය ස්ථානයත් දැක බලා ගත්තා... එයින් පස්සේ මට තිබුනේ එකම එක තැනකට යන්ට විතරයි...

කොහොම හරි ඒ තැන හොයාගෙන යන්ට තිබුනේ මගේ නවාතැන් පොල අහලටමයි.. ඒ කියන්නේ මං නැවතිලා හිටිය තැනට නුදුරින් තිබුන නල්ලූර් කෝවිල අසලම තමා ඕං... ඒත් ඒ අහලට යද්දී ඇහැ රවටන තැන් බොහෝමයි.. ඒ කිව්වේ මං හොයං ගිය තැනට.. ඒ නමට සමාන වෙන්න හදපු ව්‍යාජ තැන් කිහිපයක්ම ඒ අවට තියෙනවා.. ඒත් මං තව ටිකක් ඉදිරියට ගියා..අනෙ අම්මේ මේ තියෙන්නේ දිලිහි දිලිහී...
ඔව්..මේ තමා යාපනයේ නල්ලූර් කෝවිල අසල ඇති රියෝ අයිස්ක්‍රීම් වෙළඳ සැල... මට යාපනේ යන්න කලින් මේ ගැන මුලින්ම කිව්වේ අපේ ගිම්හානි නගා තමා.. ඒත් ඉතිං ඔය ගෑණු ළමයි අයිස් ක්‍රීම් ගැන ලොකුවට කිව්වට අපි ඒ හැටි ගණන් ගන්නවයෑ..එයාල ඉතිං චොකලට් වලට අයිස්ක්‍රීම්වලට පණ ඇරලා නෙව..ඒත් ඉතිං කෝකටත් කියලා ඔන්න මාත් ගියා බලන්න..

හත් ඉලව්වේ එතනනේ වැඩේ තියෙන්නේ... මං කොර වෙලා ගියා ඒක දැකලා... පේන පේන හැම තැනම පුටු මේස පුරෝලා..මං එත් බැළුවා මෙච්චර එව්වෑ වාඩි වෙලා අයිස් කිරිං කෙලින්ට මිනිස්සු එනවද කියලත්..ඒත් ටික වෙලාවක් යනකොට එතනට එන පිරිසත්..ඇවිත් ආපහු කාලා බීලා පිටව යන පිරිසත් දිහා බැළුවම ඇත්තටම පුදුම හිතුනා..යාපනයේ තියෙනවා අපේ නැති ආකාරයේ වෙනම අයිස්ක්‍රීම් සංස්කෘතියක්... මං කලිනුත් කිව්වනේ අර කීරමලේදී මං කාපු අයිස්කිරිම ගැන..එතනදී අත්විඳපු දේ දස දහස් ගුණයකින් වැඩියෙන් මට මෙතනදී දැනුනා...

එළී මහනේ වගේම ඇතුලත් බොහෝම පිරිසිදුවට සහ ක්‍රමානුකූලව සකස් කරපු මේස පිරිලා... වට පිටාව බොහෝම සන්සුන්... මුලින්ම යන්න තියෙන්නේ කැෂියර් එක ලගට..එතන තියෙනවා එයාලගේ නිශ්පාදන සියල්ලෙහිම වගේ පින්තූර සහ මිල සඳහන් කාඩ් පත්.. අපිට තියෙන්නේ එම කාඩ් පත් බලලා අපට කැමති ආකාරයට තෝරා ගන්නයි..අපි තෝරාගන්නා දේ බිල්පත් දමන කෙනාට කිව්වම එයා පරිගණකය ආශ්‍රයෙන් තත්පර ගානක් ඇතුලත එම භාණ්ඩවලට ආදාලව කොපි දෙකකින් යුක්ත බිලක් නිකුත් කරනවා.. එම බිලට අදාල මුදල ගෙවලා අපිට පුළුවනි අපි කැමති ඕනම තැනකින් වාඩි වෙන්ට..එතකොටම එයාලගේ සේවක මහත්මයෙක් අපි ගාවට ඇවිත් අපි සතුව තියෙන බිල්පතෙහි කොපිය රැගෙන යනවා.. එයිට විනාඩි කිහිපයකට පසුව අපි ඉල්ලපු දේවල් අපේ මේසෙට ගෙනල්ලා බොහෝම පිරිසිදුවට තැන්පත් කරලා ඔවුන් පිටව යනවා.. එච්චරයි හරිම සරලයි..

අපිට ආයෙමත් මොනවා හරි උවමනානං කම්මැලි නැතිව ආයේ යන්න වෙනවා අර කවුන්ටරේ ලගට.. ආයෙම ඇනවුම දීලා පෙර විදියටම කරන්න තමා තියෙන්නේ..මං මේක කිව්වේ ඉතිං මට ඒක කරන්න උන හින්දා..එක දවසක්නං මදෑ දවස් දේකේම...ඒ වගේම අපි රෝල්ස් කනකන් ඕන නම් ආයෙමත් අයිස්ක්‍රීම් එක ශිතකරණයේ තැන්පත් කරලා තියලා පසුව ගෙනත් දෙන්නද අහන තරමට එතන සේවක මහතුන් කාරුණීකයි...

ඉතිං මෙතන කෑමටනං ගොඩාක් ජාති නැහැ..ප්‍රධානම දේ තමා රෝල්ස්... ඒ කියන්නේ වෙජිටබල් රෝල්ස්... ගානත් හරිම පහසුයි..රුපියල් විස්සයි..උණූ උණූවේ දුම් දදා තමා කන්න වෙන්නේ.. ඒ තරම් රස්නෙන් ඔවුන් ඒක දෙනවා..තව පාට කරපු නිකං ලොකු පොල් ටොපී වාගේ ඒවයි..ලඩ්ඩු වගේ දේවලුයි තිබුනා උනත් ඒවා කන්ටනං මං ගියේ නැහැ... මුලින්ම ගත්තා රෝල්ස් දෙහෙකුයි බලලා බලලා අයිස් ක්‍රීම් එහෙකුයි...
අපරාදේ කියන්න බැහැ රෝල්ස් කන්න සෝස් ටිකයි..පේපර් සර්වියට් එකයි..වතුර වීදුරුවයි ඇතුළු හැම දේම ලබා දෙනවා.. එක රෝල්ස් එකක් ගත්තත් ඒ ටික අඩු නැතිවම එයාලා දෙනවා..රුපියල් විස්සකට එච්චර දෙයක් අපිට මෙහෙදී කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ...


රෝල්ස් එක ගැන කිව්වනේ..දැන් යං අයිස් ක්‍රීම් ගැන කතාවට...ඒත් ඒක ලියන්න ලේසි නැහැ.. මොකද එතන හදන සියළුම අයිස් ක්‍රීම් වර්ග කාලා රස ගුණ කියන්නනං මට මාසයක්වත් එහෙ ඉන්න වෙනවා..ඒ තරමට තෝරා ගන්න ජාති ගොඩයි.. ඒ වගේම ඒ අයිස්ක්‍රීම් පිළී ගන්වන්න සකස් කරන ආකාරය බලා හිඳිමත් හරි අපූරු වැඩක්..ඔබ කැමතිනම් එය බලං ඉන්න පුළුවන්...ඒකත් වෙනම පැත්තක අපිට පේන විදියටම කරන දෙයක්..

ඉතිං මං කියන්නම් මම කාපු වර්ග ගැන ටිකක් විතර විස්තර..
මේ තමා එයාලගේ ප්‍රධානම අයිටම් එක..ඔරිජිනල් රියෝ අයිස් පැක් එක..මිල රුපියල් 80/=යි... ඕක සකස් වෙලා තියෙන්නේ ඔය කප් එකේ පතුලෙම පලතුරු සලාද තට්ටුවක්..ඊට උඩින් ජෙලි තට්ටුවක්..එයිටත් උඩින් වර්ග තුනක රසවත් රියෝ අයිස් ක්‍රීම් බොල් තුනක්..ඒ මතින් තැවරූ චොකලට් ද්‍රාවණයක් හා මතුපිටින් ඉසිනු ලැබූ කජු කැබලිවලින්..මේ කජු කිව්වේ රට කජු නෙවෙයි නියමම කොට්ට කජු...

දැන් මේකේනං පෙන්නේ අයිස්ක්‍රීම් බෝල දෙකයිනේ..ඇයි අප්පා කන අතර මැද්දෙනේ පොටෝ ගහන්න මතක් උනේ..ඒ හින්දා ඕකේ තිබුන කොලපාට අයිස් බොලේ මගේ බඩේ ඒ වෙනකොට... කොල පාට කියන්නේ අඹ රස අයිස්ක්‍රීම්..කහ පාටට කෙසෙල් රසයත්..දම් පාටින් මිදිත්..සුදු පාටින් වැනිලාත්ආදී වශයෙන් වර්ග කිහිපයකින්ම අයිස් ක්‍රීම් ඔවුන් මේ සඳහා යොදනවා..

මේ තියෙන එක වැනිලා/අඹ/කෙසෙල් කියන වර්ග තුනෙහි එකතුවක්..අර මං උඩින්ම දාලා තියෙන කප් එකේ තියෙන්නේ අඹ/මිදි/කෙසෙල් කියන රස තුනෙන් අයිස් ක්‍රීම්.. මේක බොහෝම රසවත් වගේම ලොකු අයිස්ක්‍රීම් පැක් එකක්... කරුමෙට මට ඒක මදි මදි වගේ උනාට..ඇයි යකඩෝ මං ජීවිතේට කාලා නැහැ එහෙම රස අයිස්ක්‍රීම් එකක්... මං හිතන්නේ මෙහෙ හදන අයිස්ක්‍රීම් හදන තරමක් හදන්නේ පිටිකිරි දියකරලා හින්දා වෙන්න ඕන..අරකනං එලකිරි රස දිවට දැනෙනවා නියම විදියට...

මේ තියෙන්නේ චොකලට් නට්ස් කියන එක..රුපියල් 60/=යි
මෙන්න චොකලට් ඩබල් නට්ස්..මිල 90/=යි
ආ තව එකක් කියන්ට එපෑ..ඔය උඩින්ම ගහලා තියෙන බිස්කට් එක සෝස් එක්ක මාර රසයි ඈ... කොහේද යාපනේ ගියත් මගේ තියෙන ජහර වැඩ අතාරින්න පුළුවනෑ...ජොලියටත් එක්ක බිස්කට් කෑවා සෝස් එක්ක..

මේ පහතින් තියෙන්නේ ෆෘට් ඇන්ඩ් නට් ඩබල් කියන කප් එක..ඒකත් 90/=යි...
තව ජාති කිහිපයක්ම කෑවා සමහර ඒවයේ පොටෝ ගන්ටත් බැරි උනා...එයින් එකක් තමා කිතුල් නට්ස් කියන එක..ඒකත් රුපියල් 60යි.. අර චොකලට් නට්ස් එකමයි අඩියට කිතුල් පැණී දාලා..

එතකොට ෆෘට් සැලඩ් අයිස්ක්‍රීම් එක රුපියල් 70/=යි..

ඔන්න ඔහොම ජාති හැට හුට හමාරක් කාලත් වැඩේ ගොඩ දාගන්න බැරි උනා කියමුකෝ..ආයේ මං යාපනේ යන්නේ තුන් වේලටම අයිස්ක්‍රීම් කන්න බලං තමා ඒං.. ඒ තරමට මට මේ වැඩේ අල්ලලා ගියා..එදා විතරක් නෙවෙයි මං පහුවදා රෑත් සෙට් උනේ මෙතනටම තමා... යාපනේ හිටිය රැයවල් තුනෙන් දෙකක් අයිස්ක්‍රීම් සහ රෝල්ස්වලින් තමා දිව්වේ කියමුකෝ... මට දුක පලවෙනි දවසේ මෙතනට යන්න බැරි උන එක ගැනයි...

මෙතන තියෙන වැඩිම ගණන් අයිස්ක්‍රීම් එක රුපියල් 150ක් වගේ මට මතක.. ඒ වගේම රුපියල් 50හේ ඉඳලා ඉහලට තියෙනවා... මිල ගණන්වල හැටියටනං ඒ ගානට අරං ඇවිත් කොලඹ ඒ වගේ දෙගුනයක් මිලට වික්කත් විකිණෙයි ඒ තරම් ලාභයි... කොහොම හරි මං එක වේලකට රෝල්ස් තුනකුත් අයිස් ක්‍රීම් වර්ග තුනකුත් වගේ වෙන්ට නෙළුවා කිව්වොත් ඔයාලා ගණන් ගන්ට එපා.. ඒම නොකෑවනනං මං කෝමද ඔයාලට මේවායේ විස්තර සපයන්නේ..ආන්න ඒ හින්දා හිතන්ට එපා මගේ පෙරේත කම කියලා එහෙමනං..මේක තනිකරම මං හුදී ජන ලාම්පු මෙව්වා එක හින්දාම කොරපු එකක්..

එහෙමනං යාපනේ කවදා කොහොම ගියත් මතක ඇතිව රියෝ එකට ගිහින් අයිස්ක්‍රීම් එහෙක රස බලන්න අමතක කරන්න එපා..මුළු යාපනේ ගමනත් හරි රියෝ අයිස්ක්‍රීම් එකත් හරි කියලා මං බොහෝම මනාපෙන් කියන්නේ ඒකේ ඇති වැදගත් කම වගේම රසයත් නිසාමයි ඕං...


ආ මේක ඉතිං මං ඔහේ ගියා කියන්ට ගන්න සාක්කිය නෙව...

21 January 2012

දේවිය නැතිව වැනසුන යාපනයේ සොඳුරු නැවතුම... බයිසිමොටෝවෙන් යාපනයට...

උදෙන්ම ඩෙල්ෆ් යන්න ගොහින් ඒකට කෙලවෙලා..අවසානයේ ආපහු ඇවිත් යාපනෙන් දවල්ට තෝස කාලා..ආරම්භ කරපු ගමන.. කඳුරුගොඩ විහාරය..කීරමලේ පොකුණ..නිලාවර ළිඳ ඔස්සේ පේදුරුතුඩුවෙන් අවසන් කරලා ආපහු හැරුනේ නවාතැනට ඇවිත් වැටෙන්න කියලා... ඒත් එහෙම එද්දි යාපනයට එනකොට බිම් අඳුර වැටෙන්න තවත් සුළු මොහොතක් තියා තව එක තැනක් දැක බලාගන්න මට අවස්ථාව ලැබුනා.. ඒ තමයි යාපනය නගරයේ තවත් එක සුවිශේෂී ස්ථානයක් වෙච්ච මෙන්න මේ තැන... හඳුරන්න පුළුවන් නේද..? මං මුකුත්ම කියන්න ඕන නැහැ දිගටම බලාගෙන යන්න පින්තූර ටික.. ආලෝක තත්වයේ අයහපත් කම නිසා තරමක් පැහැදිලි නැතත් ඔය පේන හරිය ඇති වෙයි විපතක මහත ඔබට තේරුම් ගන්න...

දුම්රිය නැති ෆ්ලැට්ෆෝමය...

උඩු මාලේ නැවතුම් හලේ අද තත්වය...

මේ ඔබට පෙන්නන්ට යෙදුනේ අද වෙනකොට යාපනය දුම්රිය ස්ථානයේ තත්වයයි..යාල් දේවී දුම්රිය විනාශ කල කොටි ත්‍රස්ථයින් යාපනය නගරයේම ඇති මෙම ස්ථානයද වනසා දමා ඇත. ගලවා ගත හැකි සෑම වටිනා දෙයක්මත් ගලවාගෙන ගොස් ඇත..මේ අද එහි ඇති තත්වයයි...

උඩුමහලට නැග බැළු විට එක් කාමරයක බිම උඩට නෙරා විත් ඇති ආකාරය දැක එය ඡා‍යාරූපයට නැගුවද ආලෝක තත්වය මඳ හෙයින් එම පොටෝව පැහැදිලි නැති හෙයින් මකා දමන්නට යෙදුණි. එම නෙරීම ඇති වී ඇත්තේ කෙසේදැයි සොයා බැළු විට යට තට්ටුවේ ඇති ටිකට් කවුන්ටර කාමරය යැයි සිතිය හැකි කාමරයක සිදු වූ බෝම්බ පිපිරීමක් නිසා එසේ කොන්ක්‍රීට් තට්ටුව පුපුරා ඉහලට නෙරා ඇති වග දැක ගන්නට ලැබුණි...

මේ සියල්ල හොඳින් බලන්නටනම් දහවලක යායුතු නමුත් මා යන විට ප්‍රමාද වැඩිය..එහෙත් එම තත්වය යටතේත් මේ තරමින් හෝ දැක බලා ගන්නට අවස්ථාව ලැබීම ගැන සෑහීමකට පත් වීමි.තවත් විශේෂයෙන් සිහිකල යුතු කෙනෙකු මෙහිදී ඇත. ඒ එම ස්ථානයේ රාජකාරි කල කුඩා ආරක්ෂක නිලධාරියායි... වයස 18ක් 20ක් පමණ ඇති ‍දමිළජාතික මලයාට සිංහල අකුරක්වත් නොහැක. එසේම ඉංගිරිසියද නොහැක..මා වගේමය.. ඉතිං හස්ත මුද්‍රා ආශ්‍රයෙන් කතා කරනවාට වඩා යමක් නොවීය..

කොළුවා බොහෝ ප්‍රිය මනාපය.. එක් විටක අතේ ලියාගෙන ඇති යමක් පෙන්වා මොන මොනවාදෝ කීයයි.. පසුව තේරුම් ගිය හැටියට ඒ කියා තිබෙන්නේ මෙය නැවත සෑදීම සඳහා 18 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි පැමිණ පරීක්ෂා කිරීමට නියමිත බවය... ඒ සඳහා යම් සූදානමක් ඇති වග ඉදිරිපස නවතා ඇති යන්ත්‍ර සූත්‍ර මගින්ද.. ඒ වන විටත් රේල් පාර සුද්ධ කරමින් තිබූ යන්ත්‍රයද සලකුණු විය... කට පුරා හිනා වෙමින් රාත්‍රී මුරය සඳහා පැමිණීමට නියමිත මුර සඟයා එනතෙක් ඈත මෑත බලමින් සිටි කොළු ගැටයා ඔහුට හැකි සෑම අන්දමකින්ම එහි විස්තර කියූ අතර..අවසානයේදී උඩු මහලට ගොස් අනික් පසින් පැමිණීමටත් පාර පෙන්වන ලදි... සිංහලයින් සමඟ වෛරයක් තබා වෛරය යනු කුමක්දැයි යන්නවත් ඔහුගෙන් විද්‍යාමාන වූයේ නැත... ඉදිරිය රටේ සාමය ගැන බලාපොරොත්තු දැල්වීමට හැක්කේ මෙවැනි අය දුටු විට බව පවසා මා මෙයින් නික්ම යමි...
ඊ ළග ලිපියෙන් යාපනයේ රසවත්ම මතකය ඔබ හට ගෙනෙමි...

මෙන්න මේකට අදාල බුකියේ ඇල්බමය...

උතුරුකොනට ගියෙමි...බයිසිමොටෝවෙන් යාපනයට...

ඔන්න ඉතිං නිලාවර ළිඳ පහු කරලා ආයෙමත් පාරට වැටුනා...එතැන් සිට පූත්තූර් දක්වාත් අර කලින් කිව්වා වගේම දුෂ්කර මාර්ගය..හැබයි තව බොහෝම ටිකයි..කිලෝ මීටර් හයක් වගේ දුරක්.. එයින් පස්සේ මට හමුවෙනවා යාපනයේ සිට පේදුරුතුඩුව බලා දිවෙන AB20 ප්‍රධාන මාර්ගය...
ලංකාවේ මාර්ග අතරින් හම්බ උන හොඳම මාර්ගයක්... තව ඒකේ යාපනයේ සිට කිලෝමීටර් 8ක් පමණ වැඩ ඉවර නැති උනත් හදලා ඉවර හරියනම් හොඳටම තියෙනවා... මගේ බයිසිමොටෝවේ උපරිම වේගය ලබා ගන්න ඒ හරියෙදි පුළුවන්කම ලැබුනා කිව්වම..ඔව් ඉතිං මේකේ මොන වේගද..? යන්තං 90 පන්න ගත්තා එයිට එහා යන්ට ඇහැකි එහෙකනං විදිල්ල වගේ යන්ට පුළුවන් පාර.. ඉතිං කොහොම හරි අර කොට කොට ආව පාරෙන් මේකට ආවට පස්සේ නිකං කෙලින්ම අපායේ ඉඳින් දිවිය ලෝකෙට උසස්වීමක් ලැබුනා වගේ උනා...

ඇත්තටම ඒ පාර දෙපැත්තත් බොහෝම ලස්සනයි.. ඒක ඉතිං ගිහින්ම දැක්ය යුතු දෙයක් තමා..ඒ විතරක් නෙවෙයි බොහෝම සරුසාරෙට පැසෙන කුඹුරු...
විතරක් නෙවෙයි හිටි හැටියේ අර කොයි වෙලෙත් පෙනෙන තල් ගස්වලට අමතරව මෙන්න බොලේ පොල් ගසුත් තියෙනවා...අඩුවක් නැතිව තියෙන කෝවිල් අතරේ මෙන්න මෙහෙම කෝවිලකුත් තිබුනා..ඔය කෝවිල හරියේනං පාර කැඩිලා තිබුනේ... ඕක දිහා බලං ගෙහුං වලකින් වැටිලා මගේ බයිසිමොටෝවේ එක පැත්තක හයිකරලා තිබුන පෙට්ටියක ඇතුලේ තිබුන වතුර බෝතලයක් වේගෙන් ඇවිත් පියනේ වැදිලා පියන උඩට ඇරුනේ එකේ තිබුන අගුලත් කඩාගෙනයි..ඒ පාර නැවතිලා කෝවිලේ පින්තූරයකුත් අරං වයර් කෑල්ලකින් පෙට්ටි පියනත් බැඳලා දාලා ආයේම පිටත් උනා...ඔය පාරේ අවසාන හරිය.. ඒ කියන්නේ පේදුරුතුඩුව නගරයට ආසන්න හරියත් ආයේම පාර ඒ හැටි හොද නැහැ.. කොහොම හරි පේදුරුතුඩුව නගරය හරහා ගෙහුං මුහුදු බඩ මාර්ගය හොයාගෙන එහි වම් අත පැත්තට කිලෝමීටර් තුනක් විතර ගමන් කරද්දි හරියටම මට පේදුරු තුඩුව හම්බ උනා...අර උඩින්ම තියෙන්නේ එතන නෙව..ඔය යටින් දාලා තියෙන්නේ ඒකේ සඳහන් තොරතුරු ටික...ඔන්න කොහොම හරි රටේ උතුරු කොනත් මාරස්පාදස්පර්ශයෙන් පුණ්‍ය භූමියක් බවට පත් කලා...(ඕක කියවන්න ගිහින් හක්ක පැන්නොත් මං නැහැ ඕං..) ඉතිං එතනටත් ගිහිල්ලා ඔය බෝඩ් ලෑල්ල එහෙම අල්ලලා කරලා ආයෙම අවට සිරි නරඹමින් එන්න පිටත් උනා...මේ වෙරළ තිරයම ධීවර කටයුතු ඉතාමත් හොඳින් කෙරෙන හරියක් කියලා කියන්න පුළුවන්..එක දිගටම ධීවර බෝට්ටු පේළීයට නවත්තලා..වෙරළ දිගට කරවල වේලනවා.. ඒ අතරේ කවදාවත් දැකලා නැති දේකුත් දැක්කා උනත් ඒක පොටෝ ගහන්න ගියේ නැහැ..ඒ තමා කරවල වේලන තැන්වල කපුටෙක්ව මරලා කෝට්ටක එල්ලලා තැබීම..මං හිතන්නේ එහෙම කලාම අනිත් කපුටෝ ඒ හරියට එන්නේ නැද්ද කොහේද.. ඒත් ඉතිං දවසට එකා ගානේ කපුටෙකුට අවසන් ගමන් යන්න වෙනවා කරවල පැදුරු හත අටක් වෙනුවෙන්...ඔන්න ඔය කරවල පැදුරු බල බල එන අතරේම තමයි මං දැක්කේ බොහෝම අපූරුදර්ශනයක්.. මේ බලන්න මොනව හරි පේනවද..?වම් අත පැත්තේනං මහ මුහුද කියලා යන්තමට පේනවනේ... එතකොට දකුණු අත පැත්තේ..ම්හූ මෙහෙම බැළුවට පේන්නේ නැහැ..සමාවෙන්න මගේ අසරණ ෆෝන් කටුවෙන් ගන්න ඡායාරූප වෙනුවෙන්..එහෙමනං බලමුකෝ පහල පිංතූරය...දැන් පේනවද..? ඒ තමා මුහුදට මීටර් පණහක් නුදුරෙනුත් යාපනේ මිනිස්සු වගාකරන හැටි...ඕය වගා බිම මම යනකොට සකස් කරමින් තිබුනේ..ලියදි ගහලා තිබුනේ අර මං කලින් දැකපු තැන්වල ආකාරය හින්දා වවන්න හදන්නේ ළුණු කියන එක පැහැදිලි උනා.. හිතල බලන්නකෝ මුහුදු තීරය දිගට ධීවර කර්මාන්තය කරන අතරේ එයිට මීටර් පණහක් ගොඩ බිමේ ඉඳන්ම වවන්න පටන් ගන්න මිනිස්සු ගැන..හරියට බැළුවොත් පෙනෙයි මුහුදු මට්ටමෙයි..ඔය වගාබිමේ මට්ටමෙයි කිසිම වෙනසක් නැහැ..සමහර විට මුහුදු මට්ටමටත් වඩා ඩිංගක් පහත් බිමක් වෙන්නත් ඇහැකි..ඒත් උන්දලා ඒකෙත් වවනවා... ඒත් අපි..?මෙහෙ තිබුන විශාලම වෙල් යායක් උන "මුතුරාජවෙල"..එක්කෝ ඕන නැහැ අපි ඒ ගැන කතා නොකර ඉමු...අපි යං ආයෙත් ගමනට...

ඉතිං එහෙම ඇවිත් ආපහු පේදුරු තුඩුව නගරය පැත්තට හැරිලා ආපු පාර දිගේම එනකොට හැරෙන්න ඕන තැන මග ඇරිලා තව ඩිංගක් ඉස්සරහට ගියාම තමා මේක දැක්කේ...
පේදුරුතුඩුව ප්‍රදීපාගාරය..ඒත් කියන්නත් කණගාටුයි වෙන හයිකරන්න තැනක් ඇත්තේම නැතිව වගේ එතනම හිටෝලා තියෙන අනිත් කුළුනත් බලන්ටකෝ...

පොඩ්ඩක් ඕක මීටර් සීයක් දෙසීයක් අහකට ගෙනිච්චනං හෙන ගහනවද..? ඒ ගැනත් හිත හිත ආපහු එන්න ආවා නගරය පැත්තට පාරත් හොයාගෙන...ඒ එනකොට ආවේ පුත්තූර් හරහා කෙලින්ම යාපනය පැත්තට තියෙන පාරෙම තමයි.. ඒ ඇවිත් බලන්න ගිය තැන ගැන ඊ ළග ලිපියෙන් කියන්නම්... හැබැයි එතකොට හොඳටම කරුවල වැටිලා...

20 January 2012

නිලාවර ළිඳ හා දමිළයින්ගේ පරම හතුරා...බයිසිමොටෝවෙන් යාපනයට...

ඔන්න ඉතිං කීරමලෙන් ආපහු හැරිලා මගේ ගමන් මාර්ගය ආයේ යොමුවෙන්ට ගත්තේ පේදුරුතුඩුව පැත්තට..ඇයි යකඩෝ යාපනේ ගිහිල්ලත් රටේ එක කෙරවලකට නොගියොත් ඒකේ ඇති වැඩක් තියේද..? ඒත් පේදුරුතුඩුවට යන අතරවාරයේ මට උවමනාව තිබුනා අපේ ප්‍රභාකරන් උන්නැහේගේ ගම්පළාත වෙච්ච වැල්වැටිතුරේ හරහා යන්න වගේම පලාලි කෑම්ප් එක එහෙමත් දැක බලාගන්න..එතකොට කොටින්ගේ පාලනය යටතේ තිබුන බැංකු උසාවි ආදි දේවලුත් පොඩිත්තක් බලා කියාගෙන යන්ට.. ඒත් ඒ සිහිනය ටිකක් අප්සෙට් උනා අතර මගදි හම්බ උන රථවාහන අංශයේ පොලිස් නිලධාරී මහතැන් කෙනෙක්ගෙන් ඒ සම්බන්ධව පාරවල් එහෙම අහපුවාම...

"පලාලි කෑම්ප් එක පාර අධීආරක්ෂිත කලාපයක් කරලා තියෙන්නේ ඒ පැත්තේ පාර වහලා යන්න දෙන්නේ නැහැ.."
"වැල්වැටිතුරේ කියලා බලන්න අමුතුම දෙයක් නැහැ..ඔහේ ගෙවල් තියෙනවා මැද්දෙන් ගියැකි එච්චරයි."
"කොටින්ගේ ගොඩනැගිලි සංකීර්ණ පැත්තත් දැනට වහලා තියෙන්නේ ඒ හරියට යන්න දෙන්නේ නැහැ."

"ඔයාට එයිට වඩා හොදයි යන්න නිලාවර ළඳ බලලා ඒ පාරෙන්ම පීපීඩී(පේදුරු තුඩුව ඈ..)"

ඔන්න ඔය වගේ කියුං ටිකක් හින්දා මං මගේ අදහස වෙනස් කරගත්තා... කීරමලේට ගිය වෙලාවේ එතන හිටිය ‍පොලිස් ප්‍රධාන පරීක්ෂක වරයෙකුත් ඔය කතාව තහවුරු කලෑයින් පස්සේ මමත් හිතුවා නිලාවර ළීඳ බලාගෙන ඒ පැත්තෙන් යන්න..අනික අර මං කලින් පාර අහපු රථවාහන අංශයේ පොලිස් නිලධාරී මහතැන් මට බොහෝම පැහැදිලිව නිලාවර ළීඳ බලන්න යන්නත් ඒ හරහා පේදුරුතුඩුවට යන පාරත් කියා දුන්නා..ඇත්තටම උතුරේ සේවය කරන හමුදා සහ පොලිස් නිලධාරී මහත්වරුන් බොහෝම උනන්දුවෙන් සහ ආසාවෙන් මේ පාරවල් කියන වැඩෙත් ආ ගිය තොරතුරු කතා කරන වැඩෙත් කරනවා.. ඒ ගැනත් නොකියාම බැහැ.

ඉතිං ඒ අනුව මං ඔන්න ආපහු හැරුනා කීරමලෙන්..ඒ හැරිලා අපහු ආවා අර මං කලින් කදුරුගොඩ යන්න හැරුන හන්දිය මතකයිනේ අන්න එතනට..ඒ කියන්නේ චුන්නාකම් වලට..එහෙම ඇවිත් ආයෙම හැරුනා කලින් කදුරුගොඩ යන්න හැරුන පැත්තට නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට...ඔය සිතියම බලන්ටකෝ ඒකේ තියෙනවා මගේ ගමන් මාර්ගය බොහෝම පැහැදිලිව...

ඔය සිතියමේ අංක අනුව කියනවනං..
0=යාපනය
1=කඳුරුගොඩ
2=කීරමලේ
3=නිලාවර ළිඳ
4=පේදුරු තුඩුව
ඕං ඉතිං "චුන්නාකම් හන්දියෙන්" හැරුනා කියමුකෝ නිලාවර ළිඳ පැත්තට..අහ් මට කියන්ට අමතක උනා ඔය පාරට කියන්නේ "පුත්තූර්" පාර කියලා...ඉතිං ඔය පුත්තූර් පාරේ හැරිලා ඔන්න මං එන්ට ගත්තා..හැබැයි ර‍ජෝ ඔය පාරනං ටිකක් විතර අබලන්..මේ පේනවනේ..ඔය යන්තං බයිසිමොටෝවේ යන ගමන් පොටෝවක් ගන්නට තරං පාරේ ගැස්සිලි අඩු උන ගමන් ගත්ත එකක්...
අනිත් හරිය ඔයිට වඩා බොහෝම දුෂ්කරයි..වලවල් දස අතේ..මාත් ඉතිං අර මොකාද එකා වගේ වලවල්වල බැහැ බැහැ සමහර තැන්වල උඩින් පන්න පන්න බයිසිමොටෝවත් ආංබාං කරගෙන ආවා කියමුකෝ...ඔන්න ඔහොම එනකොට තමයි මං මේ ගමනේ දැකපු සුන්දරම දර්ශන ටික දැක්කේ...

ඔය පාර ටිකක් විතර කැලෑ පාරක්...හත් ඉලව්වේ ඒ පාර දිගටම එක සීරුවට වගා කොරලා නෙව..දන්නවනේ ඉතිං මටත් ඔය එළවළු ජාති..පලා ජාති.. එහෙම පේනකොට නලියන ගතියක් තියෙන එකානේ.. සමහරු කියන්නේ මං ඉන්න ගේ හතරවටේට එක ගහක කොලයක් නැති වෙන්ටම මං ඒවා මලවං කාලා කියලනේ.. අන්න ඒ වගේ එළවළු පලාවලට රුචි මංතුමාට මේ දැකපු දර්ශන ටිකනං නිකං දිවිය ලොකේ දැක්කා වගේ...
මෙන්න බලන්ටකෝ...
ගෝවා වගාව ඇහැට ගේන්නේ පුදුම සිහිලසක්..ප්‍රදේශය පුරාම තිබුන දූවිලි නැහැවුන කාස්ටක ගතිය මැද එක පාරටම මෙහෙම හරියක් දැක්කම නිකං නුවරඑළි ගියා වගේ හැගීමක් දැනෙනවා...
ඒ අස්සේ ළුණූ වගාව.. ඇහැට පේන හැම බිං අගලකම එක දිගට යාය පුරා වවලා...
ඒ මදිවට මඤ්ඤොක්කත් තියෙනවා කියහංකෝ..එයිට එහායින් කෙසෙල්...හරියට අපේ ගම්පළාත් වගේමයි...
එතනින් ගියාම මේ ළුණු පාත්ති සකස් කරලා තියෙන ආකාරයත් හරිම අපූරු දසුනක්... බලන්ටකෝ මේ පසේ තියෙන සාරවත් පෙනුම...
ඔන්න බලන්ට එයාලා වතුර දාන හැටිත්...
ඇඩෙනවා නේද..? මං ආ ගිය කිසිම තැනක කිසිම මනුස්සයෙක් නිකං හිටියේ නැහැ..මොනවම හරි වැඩක... එක්කෝ පොළව කොටනවා...වගාවේ අඩු පාඩු බලනවා...මුහුදු යනවා...නැත්තං මාළු දැලක් සුද්ද කරනවා... කඩේකට ගියත් අපේ වගේ නෙවෙයි පුදුම උනන්දුවකින් දුවං ඇවිත් අහලා බලලා හැම දේම ලගට දෙනවා.. පුදුම කඩිසරයි... ඒ විතරක් නෙවෙයි සිංහල කියලා දැන ගත්තම පුළුවන් හැටියට කැඩි කැඩි හරි සිංහලෙන් කතා කරනවා..ඒ නැතත් දෙමලෙන් කතා කරන ගමන් අතින් පයින් පෙන්න පෙන්න විස්තර අහනවා... ගම් පළාත් කොහේද කියලා අහනවා..කට පුරා හිනා වෙනවා..මේ ජාතී දෙකක් අතර යුද්ධයක් තිබුනද කියලවත් හිතන්න බැරි තරමට සුහදතාවයක් තියෙනවා...

කොළඹ ඉඳලා අපේ අය මොනවා කිව්වත් ඒ අය දවසින් දවස ඔළුව උස්සන්න කැපවීමෙන් වැඩ කරනවා... ඒ වගේමයි අනුන්ට අතපාන ස්වභාවයක් ඇත්තේම නැහැ... සුනාමිය කියලා අදටත් හිගාකන අපේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් සහ පිළීකුලක් ඇති වෙන්නේ මහා යුද්ධයකින් සෝදා පාළු වෙලා ගිය ඒ පළාත්වල අය නැගී ඉන්න දරන උත්සහය දැක්කමයි... යුද්ධයක් තිබුන පළාතක අතපය කකුල් අහිමි වෙච්ච උදවිය කොයි තරම් ඉන්න ඕනද..? ඒත් මේ ගමනටම මම එහෙම කිසිම කෙනෙක් දැක්කේ නැහැ..මෙහෙ වගේ පාරක් පාරක් ගානේ හන්දියක් බස් නැවතුමක් පෙට්‍රල් ෂෙඩ් එකක් ගානේ හිගා කන කිසිම කෙනෙක් එහෙ නැහැ. අපේ අයනං ඔහොම යුද්ධයක් මෙහෙ තිබිලා ඉවර උනානං හ‍ඳෙන් ගෙනත් දෙනකල් උඩ බලාගෙන අරයට මෙයාට ආඩපාලි කිය කිය ඉඳි..ඒත් යාපනේ තත්වය වෙනස්... ඒ මිනිස්සු හිගන්නෝ නෙවෙයි...උත්සහවන්ත මිනිස්සු...

මං දැකපු දේවල් බොහෝම පොඩ්ඩයි වෙන්න පුළුවන්..ඒත් ඒ පොඩ්ඩ ඇතුලෙත් හිතන්න දේවල් හුගාක් තියෙනවා... මෙච්චර හරියක් වෙලත් නැගිටලා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන ජාතියට ඔය යුද්ධය උරුම උනේ නැත්තං අද කොතැනක හිටීද..? භාෂා ප්‍රශ්නයක් ඇදගෙන වෙනම රටවල් සංකල්ප ඇඳගෙන ඒ මිනිස්සුන්ට යුද්ධයක් උරුම කරලා දුන්න තකතීරු නාය‍කයෝ ටිකයි..ඒ නායකයින්ගේ අදහස් එක දෙක කරලා ඇගට අරගෙන වසර තිහක් තමන්ගේ ජාතිය ආපස්සට ඇදලා දාපු ප්‍රභාකරනුයි නැති උනානං අද මේ වෙන කොට ඔය කියන භාෂා ප්‍රශ්න සහ වෙනම රටවල් කතාවක් නැතිවත් ඔවුන් මෙහි ප්‍රභල ජාතියක් හැටියට ජීවත් වෙන්න ඉඩ තිබුනා කියන එකනං අමුතුවෙන් කියන්න ඕන නැහැ. එහෙම බැළුවම ප්‍රභාකරන් කියන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය විතරක් නෙවෙයි පරපුරක්ම විනාස කරලා ආපස්සට ඇදලා දාපු ජාතියේ කරුමෙට පහළ වෙච්ච මනුස්සයෙක් විතරයි... සිංහල ජීවිත බර ගාණනක් බිල්ලට ගත්තා උනත් ප්‍රභාකරන් කරපු දේවලින් සිංහල ජාතියට උන හානියට වැඩි හානියක් තමන්ගේම දෙමළ ජාතිකයින්ට කරලා තියෙන හානිය වැඩියි කියන එකයි ඒ දැකපු දේවල් හරහා මට හිතෙන්නේ.. මේක එහෙම නෙවෙයි කියලා කියන අයත් හිටිවී...ඒක ඉතිං ඒ ඒ අය දකින විදිය..ඒත් මං කැමතියි කාට උනත් කතා කරන්න කලින් එහෙ ගිහින් සාමාන්‍ය ජන ජීවිතයට පොඩ්ඩක් ඔළුව ඔබලා බලලා එන්න කියලා... ඇත්තටම මට දෙමළ බැරිවීම ගැන කණගාටුයි නැත්තං මීටත් වඩා දේවල් අසා දැනගෙන ඇවිත් කියන්න තිබුනා...

හරි අපි යමු ආයෙමත් ගමනට...

ඔය කියන වගා බිම් මැද්දෙන් යනකොට තමා ඉහත අංක 3 සඳහන් ස්ථානයට මම යන්නේ... ඒ තමා නිලාවර ළිඳ...
මෙතන තුන්මන් හන්දියක් තියෙන්නේ ඒ වගේම මෙයිට යාබඳ ඉඩමේ කෝවිලක් එහෙමත් සරුසාරෙට ඉදි වෙලා තියෙනවා..අනිත් පැත්තේ බොධියක් තියෙනවා... ආගම් දෙහෙකට මැදි උන තැනක්...

නිලාවර ළිඳ ගැන කියනවනං මේක ප්‍රසිද්ධ පතුල නැති ළිඳක් හැටියට..ඕක ඉතිං ටක්කෙටම මට කියන්න බැරි මං ඒකට බැහැලා බැළුවේ නැති හින්දයි... එතකොට තව කතාවක් තියේ මේක පොළව යටින් අර මං කලින් ගිය කීරමලේ පොකුනට සම්බන්ධයි කියලත්... කොහොම උනත් කළුපාට ජලය නිසා අඩියක් පැහැදිලිව පේන්ටනං නැහැ..එයිට වඩා මට ඔය ළීඳ ගැන පිටින් බලලා මුකුත්ම කියන්ට විදියකුත් නැහැ..ඒත් ඔන්න ඔහොමයි ඒකෙ බලන්ටකෝ ඔයාලත් කොහොමද කියලා නිලාවර ළි‍‍ඳේ වගතුග...

හරි එහෙමනං අපි දැන් ආයෙම යං මෙතැනින් ඉස්සරහට..ඔව්..පුත්තූර් හරහා පේදුරුතුඩුවට...

19 January 2012

කීරමලේ ‍ඓතිහාසික ඖෂධ පොකුණ..බයිසිමොටෝවෙන් යාපනයට...

හරි මං කලින් කිව්වනේ කදුරුගොඩ විහාරයට ගියයි කියලා... එතැනින් පස්සේ මගේ ඊ ළග අරමුණ උනේ කීරමලේ ‍‍ඖෂධ පොකුණ දැක බලාගන්න...ඒ සඳහා මම නැවතත් කඳුරුගොඩ යෑමට හැරුන චුන්නාකම් මංසන්ධිය කරා ආපසු ඇවිත් එතැනින් වම්පසට..ඒ කියන්නේ කන්කසන්තුරේ පැත්තටම හැරුනා...චුන්නාකම් ඉදලා කිලෝමීටර් 12ක් පමණ කන්කසන්තුරේ දෙසට යන විට හමුවන මාවිද්දපුරම් හන්දියෙන් නැවතත් වම් පසට හැරී කිලෝ මීටර් තුනක් පමණ ගමන් කලාම හමුවනවා ඔය කියන තැන... ඇත්තටම එතන මම බලන්න ගිය ඖෂධ පොකුණට අමතරව නගුලේෂ්වරම් කියන ඉපැරණී කෝවිලත් තියෙනවා... යාපනයේ ප්‍රසිද්ධ කෝවිල් කිහිපය අතරින් එකක් මේ නගුලේෂ්වරම් කෝවිලත්...
ඔය සිතියමේ තියෙන්නේ මගේ ගමන් මාර්ගය වැටී තියෙන ආකාරය තමා..රෝස පාටින් අංක බින්දුව හැටියට තියෙන්නේ යාපනය නගරය ..ඒ ළගින්ම ඇති කොලපාට තිත මම නැවතිලා හිටිය නල්ලූර් කෝවිල අසල නවාතැන් පල පිහිටි ස්ථානය..
එතකොට අංක එකෙන් පේන්නේ කලින් මම ගිය කඳුරුගොඩ විහාරය...
කීරමලේ තියෙන්නේ අංක දෙක යටතේයි.. පැහැදිලියි නේද..?
ඔන්න කීරමලේට ගිය ගමන් පේන්න තියෙන සුවිශාල වාහල්කඩ..මේක අළුත් නිර්මාණයක් වගේ පේන්න තියෙන්නේ... ඔය කෙලින්ම ගියාම නගුලේෂ්වරම් කෝවිලට යත හැකි..දන්නවනේ ඉතිං මට ඔව්වාට කමිස ගලව ගලව යන්න තරං වෙලාවක්වත් ඒ හැටි කැමැත්තක්වත් නැහැ කියලා.. ඒ හින්දා මං ගියා මගේ අරමුණ ඉෂ්ට කරගන්න..ඒ කියන්නේ කීරමලේ ‍ඖෂධ පොකුණ බලන්න..ඒක තියෙන්නේ ඔය වාහල්කඩින් දකුණු අත පැත්තට මීටර් සීයක් එකසිය පණහක් වගේ ගියාම තමා...
දැක්ක ගමන් පිස්සු හැදෙන දර්ශනයක්... නොගැඹුරු මුහුදු ජලය පිරි පැහැදිල් ජල තටාකයක්..මිනිස්සු හිතේ හැටියට එකේ බැහැලා නානවා...ඒත් එක්කම එයට යාබදව බිත්තිවලින් වට කරපු තවත් පොකුණක් තියෙනවා..ඒක අපිට බලන්ට තහනං නෙව..ඔව් ඔව් ඒක අයිති කාන්තා පාර්ෂවේට..උන්දලා නාන්නේ ඒකේ.. ඔන්න ඔය කාන්තාවෝ නාන එකෙත් ‍කියන්ට කතාවක් තියෙනවා නෙව... ඔය ‍කෝවිලත් නාන පොකුණත් බොහෝම ප්‍රසිද්ධයි කියනවා නෙව මේ දරුවන් නැති ගෑණු උදවියට දරුඵල ලබා දෙන්න..

දරුවෝ නැති කාන්තාවෝ ඔය ඖෂධ පොකුණෙන් නාලා ඒ ළගම තියෙන කෝවිලට ගිහිං එතන තියෙන ශිව ලිංගේ ස්පර්ෂ කරමින් එය සේදුවාම ඒ අයට දරුවෝ ලැබෙනවයි කියලා කියනවා..මංනං ඉතිං ඔව්වා දන්නේ නැහැ..ඒත් මේ ළගකදී අපේ මහ වෙදනත් ඔය වගේ කතන්දරයක් කියලා තිබුන හින්දා වැඩේ ඇත්ත වෙන්ටත් ඇති කියලා මට හිතුනා...

අනිත් දේ තමා මේ පොකුණු දෙකට ලොකු ඉතිහාසයක් තියෙනවයි කියලත් කියනවා..කොටින්ම කිව්වොත් රාවණා රජුගේ කාලෙත් මේක තිබුනාය කියලත් පුරාණ කතා පවතිනවා... ඒ ගැන හොයන කෙනෙකුට බැරියෑ ඕනනං ඔය කාබන් පරීක්ෂණයක් එහෙම කොරලා මේකේ වයස එහෙම හොයාගන්ට..මට මොන පරීක්ෂණද..?

ඊළගට තවත් කියනවා මේකේ වතුර ලුණු රස නැතැයි කියලා... මේ පොකුණු දෙකෙන්ම පිටාර ජලය යන්නේනං මුහුදට... මෙයට වතුර පිරෙන්නේ උල්පත් වලින්... ඒ උල්පත් වලින් පිරෙන ජලය වැඩි වෙන කොට පිටාර ගලලා මුහුදට යන විදියට තමා සකස් වෙලා තියෙන්නේ...මුහුද අයිනෙම තියෙන මුහුදට සම්බන්ධ පොකුණේ වතුර ලුණු රස නැහැ නං ඒකත් අරුමයක් තමා.. ඒත් ඕං මංනං නැහැ ඔය වතුර රහ බලන්ට ගියේ...

අපරාදේ කියන්ට බැහැ කස්ටිය නානවා හෝ ගාලා... මටනං ඒකට වෙලාව තිබුනෙත් නැහැ..මොකද ඒ වෙනකොටත් කාලය මදි වගේ අනිත් තැන් බලන්න යන්න..මොකද උදේ ගිය ගමනත් වැරදිලානේ මෙතනට කඩං පාත් උනේ...
හැබැයි නාන අයට නාලා ඉවර වෙලා පිරිසිදු වතුරෙන් නාගන්නත් මෙතන පහසුකම් තියෙනවා..මං ගෙහුං ඒ නාන කාමරනං පරීක්ෂා කලා.. ඒවයේ ෂවර් හයි කරලා තියෙනවා වගේම වතුරත් එනවා..ඇඳුම් මාරු කර ගන්නත් පහසුකම තියෙනවා... ඉතිං මෙතනට යන කෙනෙකුට බය නැතිව ගෙහුං නාලා කරලා එන්ට ඇහැකි...

ඔය ටික බලලා ඉවර වෙලා එතනින් ආපහු එන්ට කලින් අයිස් කිරිමක රස බලන්නත් මං අමතක කලේ නැහැ... අයිස් කිරිමක් රුපියල් 20යි.. ඇත්තටම ලාබයි... කෝන් එක පුරෝලා අයිස් ක්‍රීම් දෙනවා..ඒකත් පාට පාට ඒවා... මම කෑවේ කොළපාට මිදි රස වගේ තිබුන අයිස්කිරිමක්..ඒකට උඩින් ජෙලි කෑලි එහෙමත් ඉහලා..තව පැණී පාට සිරප් එහෙකුත් වක්කරලා තමා දෙන්නේ..හොඳ රස අයිස්කිරිම... මොනවා නැතත් යාපනේ අයිස්කිරිමක්නං කවදාවත් අපිට මේ පැතිවලදී කන්න වෙන්නේ නැහැ... ඒ තරමට ඒ පැත්තේ අයිස්ක්‍රීම් සුපිරියි කියලා බය නැතිව කීවැකි.

හරි ඊට පස්සේ මං ආයෙම එන්ට පටන් ගත්තා මගේ ඊ ළග අරමුණට..ඒ කියන්නේ වැල් වැටි තුරේ පැත්තට යන්න කියලා.. ඒත් ඒකට පොඩි ප්‍රශ්නයක් මතු උනා...

18 January 2012

බයිසිමොටෝවෙන් යාපනේ චාරිකාව... ජැටිය පාර හා කඳුරුගොඩ විහාරය...

හනේ ඉතිං රෑ ඇඳට වැටිලා දොයිය ගත්තේ උදේ රැයින් අවදි වෙලා යන්ට නෙව ඩෙල්ෆ් දූපත බලන්ට... ඔය බ්ලොග් වලින් කියෝපු ලිපි වලට අනුව උදේ නවයට එක බෝට්ටුවක් පිටත් වෙන්ට නියමිතයි ඩෙල්ෆ් දූපතට...ඒකේ ගෙහුං ආයේ හවස 3ට එහෙන් පිටත් වෙන්ට තියෙන බෝට්ටුවේ එන්ට කියලා හිතං තමයි මම හිටියේ...
ඒත් දෙයියනේ කලින් දවසේ තිබුන ඇගේ පතේ කැක්කුම් වලට මට හොඳ ටෝම නින්ද ගෙහුං නැගිටිනකොට උදේ 7ට විතර ඇති.. ඉතිං මක් කොරන්නද කොහොම කොහොම හරි උදේම නාලා කරලා ලෑස්ති වෙනකොට අටටත් කිට්ටුයි.. ඊටත් පස්සේ ආයේ බයිසි මොටෝවත් ඉට්ටාට් කොරගෙන ගියා ඩෙල්ෆ් හොයන්ට... ඒක ලේසි නැහැ කවදාවත් යාපනේ නොගිය මට..ඒත් කොහොමින් කොහොම හරි පාරවල් හොයාගෙන යන්තං ජැටියට යන්න තියෙන පාරට වැටුනා...
ඒ පාර කිලෝ මීටර් 25ක් විතර දුර පාරක්... ඒකෙත් තැනින් තැන හැරෙන්න තැන් වගේම අබලන් හරියවළුත් බොහෝමයි.. ඉතිං ගමන ටිකක් හෙමින් නෙව..ඒත් ඒ හැම දේටම වඩා ගමනට බාධාව උනේ අවට තිබුන සොබා අලංකාරේ... පේන තෙක් මානේ හතර වටින්ම කලපුව... ඒ කළපුව මැදින් ඉද්ද ගැහැව්වා වගේ තනි කෙලින් පාර අනන්තයට දුවනවා... මගේ වම් අත පැත්තෙන් ඉරපායාගෙන එනවා... ඒ පැත්ත බලන්න අමාරුයි..ඉරේ එළීය කලපු දිය මතට වැටිලා පරාවර්ථනය වෙනකොට කලපුවේ ඒ පැත්තම රිදී පාටට බබලනවා..අමාරුවෙන් හරි බැළුවාම ආයේ ඔළුව හරවන්න හිතෙන්නේ නැහැ.. ඒ විතරක්ද පාර දෙපැත්තේ නොගැඹුරු දියේ හැම තැනම එක දිගටම මාළු දැල් හිටවලා...
ඒ අතරේ තැනින් තැන හමුවන කුරුළු රෑන්..උන් කොක්කුමත් නෙවෙයි එක එක හැඩේ උන්.. ඒ විතරක්ද කුඩා උකුසු වර්ගයක් අර කලපුව පුරා අතුරලා තියෙන මාළු දැල්..මාළු කොටුවල වහලා..උන් බලං ඉන්නේ දැලට මාළු අහුවෙනකල් උන්ගේ බඩ කට පුරෝගන්න... ඒ අතරේ හෝඩි පොතේ දැක්කට පස්සේ හැබැහින් හුගාක් ළගින් දකින්න හම්බ උන රුවල් ඔරු... සමහර ඔරු රුවල විදාගෙන ඇවිත් කලපුව මැදින් දිවෙන මා යන පාර හරහා කලපුවේ අනිත් පැත්තට මාරු වෙන්නේ පාර යටින් තියෙන බෝක්කුවක් යටින්..ඒ බෝක්කුවට ලං වෙද්දිම ඔවුන් ඔරුවේ රුවල් පාත් කරනවා.. ඊට පස්සේ දිග රිටි වල උපකාරයෙන් දිය දෙබෑ කරගෙන පාරේ වම්පසින් බෝක්කුව යටට ඇතුල් වෙනවා..ඊටත් පස්සේ දකුණූ පසින් මතු වෙනවා... ටික දුරක් රිටි ගහලා ඉදිරියට ඇදෙන ඔවුන් නැවතත් රුවල් ලීය කෙලින් අතට සිටුවලා රුවල් සකස් කරනවා.. ඊට පස්සේ හුළගේ ආධාරයෙන් වේගෙන් ඇදිලා කලපුවේ ඈතකට යනවා..




මේවා බල බල කොහොමද හයියෙන් යන්නේ... යන්න ගිය ගමනත් අමතක වෙනවා..ඒත් කොහොම කොහොම හරි ගිහින් මම කියා ජැටියට... එතනින් තමයි ඩෙල්ෆ් වලට වගේම නාගදීපේටත් යන්න බෝට්ටු පිටත් වෙන්නේ..නාග දීපයටනං කොයි වෙලෙත් බෝට්ටු ඕන තරං..ජැටියේ ඉඳන් පැය කාලක ගමන.. ඒත් ඩෙල්ෆ්වලට ජැටියේ ඉඳන් පැයක ගමනක් තියෙනවා.. හරියටම කිලෝමීටර් 12ක පමණ දුරක්... ඒත් මුහුද රළු වෙලාවට පැයකුත් මදි ගමනට...
මම ජැටියට යන විට නවයයි දහයට විතර ඇති.. ඔව් ඒ වන විට ඩෙල්ෆ් වලට යන්න නියමිත ‍‍බෝට්ටුව පිටත් වෙලා... සැලසුම වෙලා ති‍බුනේ 13 වෙනිදා ඩෙල්ෆ් ගිහිං 14 යාපනය බලලා ආපහු එන්න.. ඒත් බෝට්ටුව මග ඇරුනට පස්සේ සැලසුම වෙනස් උනා.. ආයෙම එන්න පිටත් උනා යාපනය අර්ධද්වීපයේ ඇති අනිකුත් ස්ථාන නැරඹීමට... එතකොට නාගදීපේ..?

ම්හූ..මගේ කොහොමත් සැලසුමක් තිබුනේ නැහැ ඒක බලන්න යන්න.. මම ගියේ වන්දනා ගමනක් නෙවෙයිනේ... වන්දනා ගමනක් වෙනුවෙන් මිස නාගදීපේ යෑම හරහා වෙනත් නැරඹීය යුතු ලොකු දෙයක් ගැන කිසිම තැනකදී මං විස්තරයක් දැකලා තිබුනේ නැහැ..ඉතිං ඒක මගේ ගමනේ කෑල්ලක් නෙවෙයි.. ඉතිං මම ආයේමත් ආවා යාපනයට..

ඒ එන අතරදී තමයි උදේට බඩට මුකුත් දාගන්න උනේ... ඒකත් ලොකු ආහාරයක් නෙවෙයි වඩේ එකයි ප්ලේන්ටියයි..ඇත්තටම ඒ වඩේ එක ඇති උදේ වේලකට... තූනියට හදලා හොදින් බැදපු රසවත් පරිප්පු වඩේ එකක්... මේ පැතිවල තියෙන ඒවා වගේ මැද අමු වඩේ නෙවෙයි...හොදින් කරවෙන්න බැදපු වඩේ..ඒ විතරක් නෙවෙයි ඒකට එකතු කරලා තිබුන සූදුරු වලින් අමුතුම රසයක් එකතු උනා.. කොහොම හරි වඩේ කාලා ප්ලේන්ටියක් ගහලා ආයෙම ඇදුනා යාපනය පැත්තට.. ආ කියන්න අමතක උනානේ..අතනට ගියේ රුපියල් 30 යි..වඩේ එකට 20යි..ප්ලේන්ටියට 10යි...

ඒ ගමන යන්තං දවල් 11ට කිට්ටු වෙද්දී ආයෙමත් මං යාපනේ කොටුව සමීපයේ.. දැන් කල්පනාව කදුරුගොඩ විහාරය බලන්න යන්න...ඒත් එයිට කලින් මොනවා හරි හරි හමන් විදියට කාලා ගියොත් හොඳයි කියලා හිතුන හින්දා ගියා යාපනය නගර මධ්‍යයේ ඇති කඩයකට... කෑවා තෝසේ... තෝසේ 3ක් ගිලලා ප්ලේන්ටියක් ගහලා ආවා එළීයට... බිල රුපියල් 70ක්ද කොහේද..? මෙහෙන් කෑවනං තෝස 3ටම 90යි.. ඇත්තටම යාපනේ කෑම බීම සාධාරණ මිලකට පවතිනවා...මම පස්සෙන් පහු මේ ගමනේ කෑම බීම නවාතැන් ආදි හැම දේ ගැනම වියදම් විස්තරයක් දක්වන්න හිතං ඉන්න හින්දා ඒ විස්තර අපි පස්සට දාමු...

බඩත්පිරුන එකේ යන්න පටන් ගත්තා කදුරුගොඩ හොයන්න..සිතියම් වලට අනුව ඒකට යන්න ඕන KKS පාරේ..ඒ කියන්නේ කන්කසන්තුරේ පාරේ... කොහොම හරි එහෙං මෙහෙං අහගෙන KKS පාරටත් වැටුනා.. එහෙම කිලෝ මීටර් 16ක් විතර ඇවිත් චුන්නාකම් හන්දියෙන් වමට හැරිලා තවත් කිලෝ මීටර දෙකක් පමණ යද්දි ආයෙමත් වම් අත පැත්තට ඇති අතුරුපාරක් දිගේ ගියාම හම්බ වෙනවා කදුරුගොඩ විහාරය... මේක යාපනය අර්ධද්වීපයේ ඇති ඉපැරණි විහාරයක්..මෙහි ඇත්තටම ඇත්තේ ‍කුඩා චෛත්‍ය සංකීර්ණයක්... පෙර කලක විසූ රහතන් වහන්සේලා 60 නමකගේ ධාතු නිධන් කොට සෑදූ චෛත්‍යය 60ක් මෙහි තිබිය යුතු වූවත් තවමත් පුරාවිද්‍යා කැණීම් වලින් හදුනාගෙන ඇත්තේ එයින් 56ක් විතරයි කියලයි එහි තිබූ පූවරුවක දිස් උනේ... ටිකක් ලොකු කරලා බැළුවොත් මෙම පූවරුව ඔබටත් කියවන්න හැකි වේවි..මම කියනවට වඩා සෑහෙන විස්තරයක් එහි සඳහන් වෙලා තියෙනවා...
එහෙමනං අපි බලමු කඳුරුගොඩ විහාරයෙහි දැනට ඇති දා ගැබ් සමූහය...ඒත් එක්කම කියන්නට ඕන වැදගත් දේ තමා දැනටමත් මෙම විහාරයට අයත් ඉඩම අවට වැසියන් විසින් අල්ලාගෙන ගෙවල් හදාගෙන නිසා තව බොහෝමයක් දැ ගැබ් අපිට කවදාවත් දකින්න වෙන එකක් නැති වග...

කඳුරුගොඩ විහාරය දැක බලා ගැනීමෙන් පසුව මම පිටත් උනේ කීරමලේ ඖෂධ පොකුණ දැක බලා ගන්ට තමා ඕං..එව්වා ඊ ළග ලිපියෙන්...

මෙන්න මේ සබැඳිය හරහා ගොස් මූණූ පොතේ ඇති පොටෝ 50ක පමණ ඇල්බමයක් දැක බලාගන්නටත් ඔබට හැකියාව ඇත...