29 November 2012

සුමනක්කට වල් මාරයාගෙන්...

සුමනක්කා ආයෙමත් ලංකාවට ඇවිත් කියලා මේ වෙනකොට ගොසිප් අඩවිවල හෝ ගාලා යනවා නෙව.. ඒ මදිවට අදත් ඔන්න සුමනක්කාගේ කතා බහක් දාලා තිබුනා ගොසිප් කාරයෝ... ඒක සරසවිය පුවත්පතට දුන්න සම්මුඛ සාකච්ඡාවක් කියලා තමා දාලා තිබුනේ... ඒ කොහොම උනත් කාලෙකට පස්සේ ආව සුමනක්කාව මාරයා තුමා වෙච්ච මංතුමානං සාදරයෙන් පිළිගන්නවා... මොනවා උනත් ගැටයෝ කාලේ අපි වෙනුවෙන්ම කැප උන ගෑණි... එහෙවු ගෑණිව අමතක කොරන එක කාට පුළුවන් උනත් මේ මංතුමාටනං බැරුවා...

පුංචිබොරැල්ලේ ඉස්කෝලේ යන කාලේ.. ඉස්කෝලෙන් පැනලා ගොහින්..මරදානේ පත්තර ලෑලිවල යටින් තියං විකුණන පුංචි පත්තර කෑල්ලත් අරං මරදානේ නවත්තලා තියෙන කෝච්චි පෙට්ටියකට ගොඩ වෙලා කට්ටියත් එක්ක පිටුව පිටුව බෙදාගෙන කියවපු ඒ කාලේ... අපිට දකින්න තිබුනේ සුද්දියන්ගේ හෙළු බැලි පිංතූර විතරයි... ඒත් ඉඳ හිට හරි පත්තර කවරයක් යන්තං අපේ දේශීය රුවකින් සැරසුනානං ඒ සුමනක්කාගේ දැවැන්ත ශරීර කූඩුවෙන් තමා... දැක්කම ඒ හැටි ප්‍රියතාවයක් නැති උනා උනත්.. මොනවා උනත් දේශිය දේ නේද කියලා හිතලා අපි එදත් අදත් සුමනක්කව අගේ කලා.. ඉස්සරහටත් කරනවා... (අපි කවදත් දේශීය දේ අගයන උන් හරිය...)

යංතං ෆිල්ම් හෝල් එහෙකට රිංග ගන්න වයස හරි නොගියා උනත් පෙනුම හරි ගියාට පස්සේ මරදානේ රූබී එකේ සුද්දියන් නිරුවස්තරෙන් ඇඹරෙන දඟළන පොරකන ඒවා දැකලා හෙම්බත් වෙලා හිටි අපට දෙයියනේ කියලා ලෝබ නැතිව "අපේම අපේම අපේ කෙනෙක්" කියලා ලාංකීය නාරි දේහයක් යම් තරමකට හරි පෙන්නුවනං ඒත් සුමනක්කාම තමයි...

අපි බුදු වෙලා නැහැනේ ආයිබෝං... යන්තං අවුරුදු දොළහා දහ තුන පනිද්දිම හිතටයි ගතටයි ඇතිවෙන වෙනස්කං උඩ... පිස්සු නටන කාලේ.. මොනවත්ම හරියට නොදන්න අපිට මොනවාම හරි දුන්න සුමනක්කාව අමතක කරන්නනං අපි ආයේ මැරිලා උපදින්න ඕන... ඇත්තම කිව්වොත් අපේ යුගයේ හිටිය බොහෝමයකට සුමනක්කා කියන්නේ මතක වස්තුවක්... 

සමහර වෙලාවට ඔය බුකියේ එහෙ මෙහෙ යන ෂෙයාර් කෑලි අස්සේ යනවා 90 කලින් ඉපදුන අයට මතකද කියලා එක එක දේවල් අහලා... ඒ අතරේ ඔය හා හා හරි හාවා වගේ කාටුන්... නයිට් රයිඩර් වගේ ටෙලි නාට්‍ය කතා.. එහෙමත් සඳහන් වෙලා තිබුනා උනත් කවදාවත්ම ඒ ‍වායේ නොතිබුන.. ඒත් එක සුපිරිම  කාරණාවක් වෙන්ට ඕන "සුමනක්කා හා ඇගේ චිත්‍රපටි"... ඒත් අවාසනාවකට හරි ඒවා ෂෙයාර් කරන අයට ලැජ්ජ හින්දා හරි සුමනක්කාව ඒ වගේ ඒවට ගාව ගන්නේ නැහැ...

අද සරසවියට දීලා තිබුන කතාව දැක්කම තමා මට හිතුනේ මොනවා උනත් සුමනක්කා හරි කෙලින් ගෑනි කියලා... රෙද්ද ගලවන්න පුළුවන් උනාට ඒක පිළිගන්න අකමැති හුඟාක් නිළියෝ අතරේ ඇය අදටත් තමන් කල කී දේ පිළිගන්නවා... ඒ විතරක්ම නෙවෙයි ඒ දෙවල් කරපු හැටි ගැන බොහෝම විවෘතව කතා බහත් කරනවා... එයිටත් වඩා වැදගත්ම දේ දැන් ඇය ජීවත් වෙන විදියත් බොහෝම පැහැදිලිව කියලා දානවා... මෙහෙන් රට ගිහිල්ලා මොනවා හරි කරලා ඇවිත් පස්සේ නැව් ටෝක් දෙන අය අතරේ.. ඇය කියනවා ඇය ජීවත් වෙන්න වයසක රෝගියෙක් බලා ගන්න වග... වෙන කෙනෙක්නං කියන්නේ මං එහෙ ගිහිල්ලා ජාත්‍යන්තර සිනමාවට අත ගැහුවා වගේ කේස්නේ.. ඒත් අපේ සුමනක්කා ඇත්තටම කොරන හරිය ඔහේ කියලා දානවා...

ඒ මදිවට කොහොම හරි සුමනක්කා කසාඳයකුත් කොරගෙන... මං දැක්කා ගොසිප් සයිට් එහෙක කොමෙන්ට් එකක්.. "කීයක් බැඳ ගනීද දන්නේ නැහැ" කියලා... ඇයි යකෝ ඒ ගෑණි කීයක් බැඳගත්තත් මොකද..අනික මොන මගුලකට හරි ඔය බැන්දා මිස අපි දැනං හිටියද සුමනක්කා ඇත්තටම මෙච්චර කාලයක් බැදලද ලෙහලද හිටියේ කියලා... කොහොම හරි උන්දෑ බැඳලා සතුටෙන් ඉන්නවනං මටනං එච්චරයි... මොනවා උනත් අපිව සතුටෙන් තියපු සුමනක්කාටත් සතුටෙන් ඉන්න ලැබෙන්නයි ඕන...

සුමනක්කා රඟපෑවේ සල්ලි හොයන්න වෙන්න පුළුවන්.. ඒත් ඒ හරහා මොකක් නමුත් සිනමාවක් ටික කාලයක් ඇඳීගෙන ගියා වගේම..අපිත් මුලදී වල්කමටත්.. කාලයක් ගිහින් හිනාවෙවී හරිත් ඒවා බැළුවා... වල්කම වරදක් කියලා හිතන රටක වල් නිළියක් වූ සුමනක්කට..වල් කොල්ලෙක් වූ මගේ ප්‍රණාමය...



26 November 2012

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට...

පුරුදු විදියට ඔන්න අදත් උදේම වැඩට ආවා... හයට නැගිට්ටා..ඉවුවා.. නාලා කරලා තේ එහෙකුත් හදාගෙන බීලා බත් දෙකත් බැඳගෙන..වළං පිඟන් ටිකත් හෝදලා දාලා අට වෙද්දී වැඩ පොලේ...

අටේ ඉඳන් අටයි හතළිස් පහ නවය විතර වෙනකල් කට්ටිය උදේ වැඩට එනවනේ..ඒවා ලකුණු කොරන ගමන් නිසි බලධාරී උදවිය ආවම ගෙහුං යතුරුවල සීල් කඩලා..පැට්ටේරියේ දොරවල්..ඔෆිස් කාමර එහෙම ඇරලා දාලා ඇවිත් උදේ බත් ගෙඩිය ගිලිද්දී කොහොමත් නවය.. නවයයි කාල විතර වෙනවා... බත් එක දිග ඇරගත්තම ඒක ඔතන් ආව පත්තර කොලේ පේන්න තියෙන ප්‍රවෘත්ති බලන එක මගේ පුරුද්දක්... පොඩි කාලේ ඉඳන් තියෙන පුරුද්දක් තමා කන ගමන් මොනවා හරි පොතක් පත්තරයක් දිග ඇරගෙන පැත්තකින් තියං කියවන එක...අපේ තාත්තට ඕකට ඉස්සර ඌරු ජුවල්...

"තොට කාලා ඉවර වෙලා බැරිද ඕක කියවන්න..මුලින් කාලා හිටපං.. පස්සේ කියව ගන්න බැරිනං ඕන එකක්.." ඔහොම බැන්නට උන්දෑ මං පොත් පත්තර කියෝනවට බොහොම කැමතියි.. හැබැයි කන වෙලාවට ඇර...

හරි දැන් මේ කියන්න ආවේ ඒ කෙලියක් නෙවෙයිනේ... අර මං කිව්ව බත් එක බැඳන් ආව පරණ පත්තර කෑල්ලේ තිබුන පරණ නිව්ස් එකක් ගැන...

"නාවික හමුදාවෙන් වාර්ථාවක්"

අන්න එහෙමයි හෙඩිම... කේස් එක වෙලා තියෙන්නේ සතියක කාලයක් ඇතුලත හොරෙන් ඕස්ට්‍රේලියා ගිය බෝට්ටු හතක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම...

ඕක කියෝපු වෙලේ තමා මං මේ සංක්‍රමණ පුරස්නේ ගැන කල්පනා කොලේ...

ඇත්තටම හොරෙන් ඕස්ට්‍රේලියා යන එක නරක වැඩක්ද..? සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්නයකදී ඕක නරක වඩාත් දියුණු රටේ උදවියට වෙන්න ඕන.. ඒ කියන්නේ මේ වෙලාවේ හැටියටනං ඕස්ට්‍රේලියාවටයි ඕක ප්‍රශ්නයක් වෙන්න ඕන... අපිට ඕක ලොකුම ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ... මොනවා උනත් අපේ උන් ඔය හොඳ රටවල් වලට පැන ගත්තාම වැඩිය නැතත් රුපියල් සීයක් හරි රටට එවයිනේ කවදක හරි.. සමහරු මේ රටේ ඉන්න සුදුසු වාතාවරණයක් නැති හින්දා යනවා කියලත් කියනවනේ... එහෙම ඈයොන්ටත් යන්ට දෙන එකමයිනේ කාරිය...  හරිනං නාවික හමුදාවෙන් ඕකට උදව් කොරන්ට ඕන කියලයි මං කල්පනා කොරන්නේ... 

ඕනනං ඔය ඕස්ට්‍රේලියාවෙන් ඥරු ඥුරු ගාද්දී ඉඳ හිට බෝට්ටුවක් අල්ලලා ප්‍රසිද්ධ කලාම මදෑ... අර පොලිසියෙන් කසිප්පු අල්ලන සිස්ටම් එකට... එහෙම නැතිව මෙහෙම වාර්ථා තිබ්බා කියලා අපිට අහවල් කෙංගෙඩියක් ලැබෙනවද..? තව එකෙකුට ගොඩ යන්න තිබුන අවස්ථාව නැති කරලා...

ඕනනං දැන් කියයි එහෙම කලාම ඕස්ට්‍රේලියාවෙන් අපිට දෙන හොඳ රැකියා අවස්ථා නවත්තලා දායි කියලා... ඒත් ඉතිං එහෙම දෙන ගාන වගේ දහ ගුණයක් මෙහෙම ඇරලා හොයා ගන්ට බැරියෑ.. හා නැද්ද...? අනික උන්දලා දෙන රස්සාවල්වලට අරවා මේවා කිය කිය දාහක් ජාති තෝරලා දෙන වෙලේ මෙහෙම තොග පිටින් යවා ගන්න ඇහැකිනං කොයි තරං නං පහසුද..?

අනික මංනං ඕකේ ආසම කෑල්ල තමා ඒ වගේ රටවල්වලට වෙන ප්‍රශ්නයකුත් නැති එකේ ඔහොම ප්‍රශ්නයක් හරි තියෙන්න එපෑ... මිනිස්සුන්ට තමන්ගේ රටවල් වල ප්‍රශ්න නැති උනාම තමා අනුන්ගේ ප්‍රශ්නවලට හොට දාන්න එන්නේ.. මංනං කියන්නේ බෝට්ටුවල බැරිනං පහුරුවල නග්ගලා හරි ඕස්ට්‍රේලියාවට..එංගලන්තෙට.. නොර්වේ වලට..විතරක් නෙවෙයි ඇමරිකාව කැනඩාව වගේ රටවල් වලටත් අපේ උන්දලා පටවන්න සෙට් කරන්න ඕන... නිකං නෙවෙයි පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ... එහෙම යැව්වාම ඔය කොහොම හරි විදේශ විනිමය ටිකකුත් එයි... ලංකාවේ රැකියා හිඟයත් අඩු වෙයි... ලංකාව ජීවත් වෙන්න නුසුදුසු රටක් කියලා හිතං කටයුතු කරන අයට තමන් කැමති රටකට යා ගන්නත් හම්බු වෙයි... ඒ ඒ රටවල්වලටත් නිකං ඉන්නවට විසඳන්ට ප්‍රශ්න ටිකක් එකතු වෙයි... ආතල්නේ අප්පා...

ඒ විතරක්ද කොහොම හරි ඒ රටවල් වලට යවන අපේ ඈයින්ට ටික කාලයක් ගිහින් එක පැත්තකට එකතු වෙලා ඒ රටවල් වලින් කෑල්ලක් ඉල්ලගන්නත් පුළුවන් වෙයි... අපේ රටේ වගේ කෑ ගහන්න යුද්ධ කරන්න ඕනත් නැහැනේ ඔය වගේ රටවල් හරි කැමතියිනේ බලය බෙදා දෙන්ට... එයාලගේ බෙදන්ට කවුරුවත් ඉල්ලන්නේ නැති හින්දනේ අනුන්ගේ හරි රටවල් බෙද බෙද ඇවිදින්නේ.. එහෙවු එකේ අපි එයාලට බලේ බෙදන එක එයාලගේම ගෙදරට ගිහින් දුන්නම එයාලටත් ආතල්නේ... එහෙම බැළුවමා මං හිතන්නේ එයාලා උනත් ඕකට දීර්ඝකාලීනව කැමති වෙයි... ආසාවෙන් කොරන බෙදන වැඩේ අමාරුවෙන් අනුන්ගේ රටවල් අස්සේ රිංගං කරනවට වඩා පුල් ජොලියේ තමන්ගේම රට ඇතුලේ කොරගන්නකොට කාටද ඒ ආතල් එක..එයාලටමනේ...

ඔය ටික කල්පනා කොර කොර ඉන්නකොට මං මේ නිකමට වගේ කල්පනා කොලේ... ඉන්දියාව දියුණුයි කිව්වට මොකද.. අපේ උන් මේචචර ලග තිබිලත් ඇයි ඔය ඈතක තියෙන ඕස්ට්‍රේලියාවටම දුවන්නේ...? ඇයි ඉන්දියාවට නොයන්නේ කියලා... මෙහෙ උන් නෙවෙයි අඩුම ගානේ උතුර පැත්තේ ඈයෝවත්... ඕස්ට්‍රේලියාවට යන්න ගිහින් අහුවෙන අය අතරත් උතුරුකරේ ඈයෝ ඉන්නකොට ඉන්දියාවේ දියුණුව ගැන නිකං මොකක්ද වගේ...

අවසාන වශයෙන් මට ආව ප්‍රශ්නය... දැන් අපිට ආතල්.. අපේ උන් පිට රට ගියාම... උන්ට ආතල් උන්ට විසඳන්ට ප්‍රශ්න ලැබීම.... යන උන්ට ආතල් උන්ගේ වැඩේ හරියෑම... එහෙම බැළුවාම හැම පැත්තක්ම වගේ ආතල් එකේ තියන්ට ඇහැකි කේස් එකක්නේ මේක... එතකොට මේකට විරුද්ධ අය කවුද ඉන්නේ...?

කවුද එකෙක් මෙයිට කලින් ඔය වගේ කතාවක් ඇදෙනකාට කිව්වා දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙන් ගිය අයනං විරුද්ධ වෙයි කියලා... ඌට පිස්සු... ඒ අය මොකට අකමැති වෙනවද..? තමුන්ගේ රටේ උදවිය ඒ අය ඉන්න පැතිවලට ආවම එයාලටමනේ හොඳ.. දන්න කියන අය එක්ක ඉන්න ලැබීම කොයි තරං සතුටක්ද..? අනික එතකොට එයාලගේ බලයත් වැඩි වෙනවනේ ඒ රටේ... එතකොට එයාලටම කියලා කෑල්ලක් ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලගන්ටත් ඇහැකි... ඒක එයාලට කැමති ආකාරයෙන් පාලනය කොරන්ටත් ඇහැකි.. එහෙ ඉඳන් මෙහෙ ප්‍රහ්න විසඳන්ට දඟලන වෙලාවේ එයාලටත් එයාලගේම කියලා වැඩක් පලක් කරගතෑකි... එහෙවු එකේ එයාලා මොකට අකමැති වෙනවද..?

25 November 2012

අරකිගේ ඇටේට කොරාපු වැඩේ...

අර මේ ලගකදී අරකි දාලා තිබුනානේ එයලා කොස් කිරන හැටි ගැන කතාවක්.. එතැනදී තමා මේ ඇටේ ගැන කතාව ඇදිලා ආවේ... ඉතිං ඕන ඇටයක් රුපියල් විස්සයි කියලා මාත් ඔන්න ඇටේට දුන්නා වැඩේ...


ආයේ අමුතුවෙන් කියන්නත් ඕනද..?

කොහොමද ඇටේ සයිස් එක.. නියම ගාන... නියම හැඩේ... දැක්කම ආස හිතෙනවා නේද...? නිකංම බැහැ ටිකක් ඔන්න එහොම කොරලා හීට් කොරලා ගන්න ඕන.. ටිකක් හොදට එහෙ මෙහෙ පෙරල පෙරල හීට් කොලාම ගානට පදං වෙලා එනවා...

මේ ඇටනං ටිකක් චූටියි.. ඒත් හරි අපූරුයි... ටිකක් සැරයි.. පරිස්සමට තමා පාවිච්චි කොරන්න ඕන.. පොඩ්ඩ වැඩි උනොත් මලා තමා...

අර හීට් කොරලා පදමට අහු උනාම ඇටේ කොටන්න ඕන හොඳට මෙන්න මේ වගේ හොඳ මෝලක දාලා... මෝල හොඳ තරමටයි ඇටේ හොඳට කෙටෙන්නේ... කට්ටිය ඉතිං දැන් කියන්ට බැරි නැහැ මෝල හොදට තියෙන එකෙක් තමා ඕකට හොඳ කියලත්... මංනං ඔව්වා නොදනී...

ආ දැන් ඇටේ කොටලා ඇති... ඕනවට වඩා කොටන්න ගියොත් ඇට කෙසේ වෙතත් ගැට ඇලවෙන්නත් ඇහැකි... හරි  ඒකට දැන් අපි දානවා ටිකක් පැණි රහ ජාතියේ ඇට ටිකකුයි... කිරි රහ ජාතියේ රැලි ටිකකුයි... ඒ විතරක්ද ඩිංගක් විතර ලුනු රහ ජාතියෙන් කුඩු ටිකකුයි... එහෙම දාලා ආයේ ටිකක් මෝලේ කොටනවා...

ඒ කොටලා අරං මෙන්න මෙහෙම.. කොහොමද මෙන්න මෙහෙම බෝල බෝල කරලා හදා ගන්නවා.....


එහෙම බෝල කරලා හදාගෙන මෙන්න මෙහෙම පහළ තියෙනවා වගේ.. පදමට අමු ඉඟුරු එහෙම දාලා හදා ගත්ත ප්ලේන්ටියක් එක්ක තියලා හොඳට පොටෝ ගන්නවා.. එහෙම පොටෝ අරං.. ඒ පොටෝ ටික මෙහෙම බ්ලොග් එකේ එල්ලලා පෝස්ට් එකක් ලියන ගමන් අර ඇට ගුලි කොරලා හදාපු කොස් ඇට අග්ගලා කකා..ප්ලේන්ටිය බොන්ට ඕන...

හරි නේද එහෙනං...



24 November 2012

නත්තල් සීයාගේ හොම්බෙන් යෑම...


ටිකක් ගැස්සෙනවා හෙලවෙනවා තමා.. ඒත් වැඩේ පැහැදිලියි... කට්ටිය මේ වෙනකොට දන්න කියන කෙනෙකුත් අවසානෙට එනවා... බලමු අදුරනවද කියලා..?

22 November 2012

නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය 2012

ඇත්තටම ලෝක විනාශය මෙම වසරේදී සිදුවනවාද..?

ඔව්... නියත වශයෙන්ම 2012/12/21 වැනි කිවි දින ශ්‍රී ලංකා වේලාවෙන් ආසන්න වශයෙන් සවස තුන පමණ වන විට ලෝක විනාශය ආරම්භ වන බව දන්වා සිටිමි. ලෝකයේ අනිකුත් ප්‍රදේශයන්ටද එම වේලාවට සමගාමීව මෙම ලෝක විනාශය සිදු වන්නට නියමිතය. මෙය වැලැක්විය නොහැකි අනතුරකි.

එය සිදුවන්නේ කෙසේද..?

පෘතුවිය දෙසට ඇදී එන යෝධ ග්‍රහ වස්තුවක් පෘතුවිය හා ගැටීමෙන් එය සිදුවේ.

එසේ සිදුවන්නේ නම් මෙතෙක් කලක් එය අප නොදන්නේ ඇයි..?

පැහැදිලි ලෙසින්ම එය අපගෙන් සඟවා ඇති නිසා...

කවුරුන්ද එය සඟවා ඇත්තේ..?

ප්‍රධාන වශයෙන්ම මෙය සොයා ගත් අය විසින්... ඒ කියන්නේ ඇමරිකානු නාසා ආයතනය විසින්. මෙය සොයා ගනු ලැබුවේ නාසා ආයතනය යැයි කියූවත් ඇත්ත වශයෙන්ම ප්‍රථමයෙන්ම මෙය සොයා ගනු ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයක සිසුන් කණ්ඩායමක් විසිනි. ඔවුන් පසුගිය වර්ෂ කිහිපයක සිට සූර්යග්‍රහණ පිළිබඳව පර්යේෂණ කරමින් සිටි අවස්ථාවකදී මෙම ග්‍රහ වස්තුව පිළිබඳව සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීමෙන් පසුව මේ පිළිබඳව නාසා ආයතනය මගින් වැඩිදුරටත් සොයා ගෙන ඇත. මුලින් සඳහන් කල සිසුන් පිරිස මෙම ග්‍රහ වස්තුව ගැන සොයා ගත්තද එය පෘතුවිය හා ගැටෙන කතාවක් දැන සිට නොමැති අතර අළුත් හා තරමක් අසාමාන්‍ය ග්‍රහවස්තුවක් ලෙසින් පමණක් ඔවුන් එය වාර්ථා කොට ඇත. එහෙත් වැඩි දුර පර්යේෂණ වලදී මෙය නියත වශයෙන්ම පෘතුවිය හා ගැටෙන බවත් ඉන් ලෝකය විනාශ වී යන බවත් සොයාගෙන ඇත්තේ නාසා ආයතනයයි. ඉන් පසුව මේ ගැන ඇමරිකානු ධවල මන්දිරය දැනුවත් කොට ඇති අතර තීරණාත්මක සාකච්ඡා කිහිපයකට පසුව මෙම තත්වය කිසිදු ආකාරයකින් ලෝකයට නිරාවරණය නොකර සිටීමට ඔවුන් තීරණය කොට ඇත. එහෙයින් මෙම තත්වය සැඟවීමට ක්‍රියා කොට ඇත්තේ ඇමරිකානු ධවල මන්දිරය හා නාසා ආයතනය මඟින් බව පැහැදිලියි.

ඔවුන් එසේ මෙය සැඟවීමට හේතුව..?

හේතු කිහිපයක් විය හැකියි. ඉන් ප්‍රධානම දේ ජනතාව කලබලයට පත්වීම වැලැක්වීම විය හැකියි. මක් නිසාද යත් මෙය දැන ගත් වහාම ජනතාව අතර නොසන්සුන්තාවය වැඩි වීමට බොහෝ ඉඩ ඇත. ඒ හරහා ඇතිවන කැළඹීම් වලින් ජනතාව කැරලි ගැසීමටත්.. නීතිය හා ආරක්ෂණ ක්‍රම වේද බිඳ වැටීමටත් ඇති හැකියාව මත විය හැකියි. එසේ හදිසි තත්වයක් උද්ගත වූවහොත් ලෝක විනාශයට පෙරදීම ලෝකය විනාශ වීමට ඇති හැකියාව වැඩි බව කල්පනා කල හැක. එසේම එවැනි තත්වයක් මත මෙයින් මිදීමට හැකි මගක් සොයනවා වෙනුවට ඇතිවන අර්බුධ පාලනය කිරීමට වෙහෙසෙන්නට වීම මත තත්වය ජයගත හැකි මඟක් සොයාගත නොහැකි වීමට ඉඩ ඇත. එසේම තවත් ආකාරයකින් මෙම විනාශය නැවතීමට ක්‍රමයක් නොමැතිනම් දැනට මෙය දන්නා අය හෝ ලෝක විනාශයෙදී ආරක්ෂා වීමට ගත හැකි ආරක්ෂක වැඩ පිළිවෙලවල්වලට බාධා වීමක් ඒ හරහා විය හැකියි.. මෙවැනි කරුණු රාශියක් මත මෙය සැඟවීම සිදු වී ඇති බව කිව හැකිය. 

ඒ හැර විද්‍යාවට පමණක් ගරු කොට ඉපැරණි මායා ශිෂ්ඨාචාරයේ තාක්ෂණය ආදී දේ නොවැදගත් දේ ලෙසින් ඔවුන් කටයුතු කරගෙන ආ ක්‍රමය වැරදියි යන වග පිළිගැනීමට ඔවුන් තුල වූ අකමැත්තත් මෙයට යම් ආකාරයකින් හේතු උනා විය හැකිය.

මේ වන විට තත්වය කුමක්ද.. ලෝක විනාශය නැවැත්වීමට ඇමරිකාවටත් නාසා ආයතනයටත් නොහැකිද..?

ඔවුන් උත්සහ කොට තිබෙනවා... එහෙත් සියළු ගණනය කිරීම් වලට පසුව විද්‍යාඥයින් තීරණය කොට ඇත්තේ ඒ සඳහා කිසිදු උත්සහයක් දරා පලක් නොමැති බවයි.

මෙතෙක් කලක් විද්‍යාඥයින්ට සොයා ගැන්මට නොහැකි වූ එම ග්‍රහ වස්තුව කොහේ සිට පැමිණෙන්නක්ද..?

තරමක් බැරෑරුම් ප්‍රශ්නයක්.. එහෙත් සරල ලෙසින් මෙය පැහැදිලි කරනවා නම් එය මෙසේය... පෘතුවියේ විද්‍යාඥයින්ගේ දූර දක්න වලට (මෙහිදී පෘතුවිය මත පිහිටා ඇති හා අභ්‍යවකාශගත දුරදක්න යන සෑම දෙයක්ම අයත්ය) හසු වනවාට පිටින් මෙම ග්‍රහ වස්තුව තිබී ඇත. අපගේ පෘතුවිය සහිත මන්දාකිණියට පිටත වූ මන්දාකිනියකය... එය අපට ගණනය කල නොහැකි තරම් විශාල එකක් වන අතර හරියටම කිවහොත් එම විශාල මන්දාකිණියෙහි අංශුවක් තරම් වූ මන්දාකිණියක අපගේ මන්දාකිණිය පිහිටා ඇත... එම විශාල මන්දාකිණිය පාලනය වන බලයන් අපගේ මණ්දාකිණිය තුල පවතින තත්වයට වඩා වෙනස්ය.. අපේගේ පෘතුවිය හා ගැටෙන්නට එන මෙම විශාල ග්‍රහ වස්තුව එම විශාල මන්දාකිණියේ පවතින එකක් වන අතර එහි ගමන්මාර්ගයද වක්‍රාකාර එකකි.. නමුත් එහි වක්‍රය ඉතා විශාල බැවින් එය එක් වක්‍රයක් සම්පූර්ණ කිරීමට අධිකතර කාලයක් ගනී... එය අපගේ ග්‍රහ ලෝකය වැනි ග්‍රහ ලෝක ඇති වී නැතිවී යන කාලයටත් වඩා දිගු කලකි.. එහෙයින් මෙයට වසර කෝටි ප්‍රකෝටි ගණනකට කලින් එය අද අප සිටින තැනින් යන්නට ඇත. නැවත එය අප සිටිනා ස්ථානයෙන් යන්නට පැමිණෙන විට අපගේ ග්‍රහ ලෝකය කී වතාවක් ඇති වී නැතිවී ගියාදැයි කිව නොහැක. කෙසේ හෝ එය නැවත වරක් අප සිටිනා තැනින් ගමන් ගන්නට එයි.... එහි විශාලත්වය මත හා එහි සංයුතිය මත එය විනාශ කිරීමට හෝ ගමන් මාර්ගය වෙනස් කිරීමට අප හට නොහැක. තත්වය එසේය... අප අසරණ වී ඇත. කල හැකි යමක් නොමැත.

සම්පූර්ණ ලෝකයම විනාශ වී යයිද..? නැතිනම් කොටසක් හෝ ඉතිරි වේද..?

කිව නොහැකියි. එහෙත් ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් පසුගිය වර්ෂ දෙක තුල මේ සඳහා හැකි තාක් සූදානම් වූ බව කිව හැක. ඒ අනුව ඉතිරි වෙතොත් ඒ ඉතිරි වන අයට අවශ්‍ය දේ සම්පාදනය කිරීමටත්... එම ගැටීම සිදුවන මොහොතේ හැකි උපරිම ආරක්ෂාවෙන් ආරක්ෂා වීමට යම් කිසි ආරක්ෂක ස්ථානයක් තැනීමටත් ඔවුන් කටයුතු කලා... ඒ පමණක් නොව පසුගිය ඇමරිකානු මැතිවරණය පවා ඒ සඳහා යොදාගත් රැවටීමක් පමණක් උනා. මන්ද යත් මේ මොහොතේ ආණ්ඩු වෙනසක් කිරීම ඔවුන්ගේ ආරක්ෂණ වැඩ පිළිවෙලට හානියක් නිසා. ඒ අනුව ඔවුන් ප්‍රදර්ශනාත්මක ජන්දයක් තබා තව දුරටත් ඔබාමා ඇතුලු රජයට දිගටම බලයේ සිටින්නට හැකි ලෙස ප්‍රතිඵල වෙනස් කොට පෙන්වූවා. මෙම මොහොතේ ජනාධිපතිවරයා වෙනස් කොට නව ජනපතිවරයෙකුට මුල සිට ඇති වී ඇති තත්වය ප්‍රකාශ කිරීම අසීරු බැවිනුත්.. ඔබාමා පැරදුනහොත් ඔහු මෙම රහස එළිකරන්නට ඇති ඉඩකඩත් මෙයට බලපෑවා. මොකද කිවහොත්.. දැනට සකස්කොට ඇති ආරක්ෂක ස්ථානයෙහි ජනපතිවරයාට මිස හිටපු ජනපතිවරයාට තැනක් නොමැති බැවිනි. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ ආරක්ෂක ස්ථානයට දෙසැම්බර් මස 20 වැනිදා වන විට ඇතුළු වී අවසන් වනු ඇති අතර ඇතැම් විට අවසාන දිනය තුලදී හෝ දෙක තුලදී තත්වය මුදා හැරීමටත් ඉඩ තිබෙයි.

එතකොට මායාවරුන්ගේ දින දර්ශනය හරිද..?

සීයට සීයක්ම... ඔවුන් නිවැරදියි. අවාසනාව මුළු ලෝකයක්ම ඔවුන්ට හිනා උනා.. අවමන් කලා.. අපහාස කලා.. එහෙත් අවසාන දිනයේදී හෝ ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් මෙය හෙලි කලහොත් වසර කිහිපයක සිට බැණුම් ඇසූ මායාවරුන්ට අවසන් දිනයේදී හෝ සිය ගරුත්වය නැවත ලැබෙනු ඇත. එම ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය.

ඔබ මෙම තත්වය හෙළිදරවු කරගත්තේ කෙසේද..? ඒ සඳහා ජ්‍යොතිෂය උදව් කරගත්තාද..?

ඔබට පිස්සුද? ජ්‍යෝතිෂයෙන් කැලිෆෝනියා සරසවි සිසුන් කරන කියන දේ පේනවාද..? ඇමරිකානු ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම පේනවාද..? සකස් කර ඇති ආරක්ෂක ස්ථාන පේනවාද..? මෙය සොයා ගැනීමේදී ජ්‍යොතිෂයක් භාවිතා කරන්න උනේ නැහැ.

එසේනම්..?

මෙය දීර්ඝකාලීන උත්සහයක ප්‍රතිඵලයක්...

ඇත්තටම ඔබ කවුද..?

මමද..?  මම කවුරු කියලද ඔබ සිතන්නේ..?

21 November 2012

චෝයි චීටර්...

කෝල සිනා පාමින් දඟ දමන ලියේ..
බාල ලමා වරුනට සිප් සදන ලියේ...
කඩ තිරයෙන් මෙපිට සිටන් රඟන ලියේ..
නුඹේ රැඟුම් දැක මා ගැස්සුනා ලියේ...

ලමා ලපටි කැල වට කොට රඟන ලියේ..
බලා සිටින අය හට නොපෙනෙනා ලියේ..
වේදිකාව පිටුපස මා දුටුව ලියේ...
ළමා නැටුම් නටනා ගුරු මෙනෙවි ලියේ...

සාරි පොටින් දහදිය පිස දමන ලියේ...
රඟන ලමුන් හට අත්වැල දුන්න ලියේ..
ළමුන් රඟන විට  හිනැහුනු අයුරු ලියේ...
දුටුව මටත් නටනට සිතෙනවා ලියේ...


18 November 2012

කහවත්තේ ඝාතක වැල මරුවා අල්ලා ගැනීම...

හැකි තරම් කෙටියෙන් මෙම ලිපිය ලියන්නට අදහස් කරමි...

කහවත්තේ ඝාතන මගේ දැනුම අනුව කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය...

1- තෝරාගත් එක්තරා ආකාරයක පිරිසක් පමණක් අරමුණු කරගත් ඝාතන...

2- පළමු කී රැල්ලටම යටව යන ලෙසින් වෙනත් අවශ්‍යතා මත සිදු කෙරුනු ඝාතන...

අපි කවුරුත් දන්නා විදියට මුලින් මුලින් කහවත්තේ ඝාතන රැල්ල ඉස්මතු උනේ එක්තරා මට්ටමක සමාන අයවලුන් ඝාතනය කිරීමෙන්... ඒ ඝාතනයන්ට ලක් වූ හැමෝම වගේ මැදිවිය ඉක්මවා ගිය... හුදකලාව වාසය කල... කාන්තාවන්...

දෙවැනුව මතු උන ඝාතනවලදී එක් අයකුට වඩා ඝාතනයට ලක් උනා වගේම ඒ ආකාරයෙන් එකට ඝාතනය වූ අය අතර පැහැදිලි වයස් පරතරයක් තිබුනා... එතැනදී අඩුවයස් අයද ඝාතනය උනා... ඒ කියන්නේ අර මුල්ම රැල්ලට වඩා පැහැදිලි වෙනස්කම් දෙකක් තියෙනවා...

තනි පුද්ගල ඝාතනයක් නොවීම සහ මැදිවිය පසු කරනු ලැබූ අය පමණක් නොවීම...

එහෙම ගත්තාම මේ ඝාතන සියල්ලම එකම අයකු හෝ එකම පිරිසක් අතින් සිදු නොවූ ඒවා බව කල්පනා කරන්න පුළුවන්...

මෙයින් දෙවැනි කාණ්ඩයේ ඝාතන පෞද්ගලික එදිරිවාදිකම් මත හා වෙනත් අරමුණු මත සිදු වූ ඒවා.. හැබැයි ඒ ඝාතනත් අර පෙර කී රැල්ලේ ගිණුමට දාන්න ඒවා සිදුකල අය උත්සහ ගෙන තිබුන වගත් පේන්න තිබුනා.. ඒත් ඒ දේවල් අසාර්ථක වූ නිසා මේවන විට එවැනි දෙවැනි කාණ්ඩයේ ඝාතනවලට වගකිව යුතු කිහිප දෙනෙක්ම අත්අඩංගුවට අරගෙන අවසානයි...

ඒත්...

මෙම ඝාතන රැල්ලේ ආරම්භය වූ මා පලමු කී වර්ගයේ ඝාතන සිදු කල පුද්ගලයා හෝ කිහිප දෙනා මේ වන විටත් අසු වී හෝ..ඔහු හෝ ඔවුන් ගැන කිසිදු හෝඩුවාවක් හෝ ලැබී නැහැ... 

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක මේ වන තෙක්ම මතු නොවූ තත්වයක් කහවත්තේ තියෙන්නේ... සාමාන්‍යයෙන් අපරාධ සම්බන්ධ පොත්පත් හා වෙනත් වැඩසටහන් නැරඹු අය දන්නා දෙයක් තමා ලෝකයේ බොහෝ තැන්වල මෙවැනි ඝාතන රැලි සිද්ධ වෙනවා... ඒවාට සම්බන්ධ වෙන්නේ ඉතා සූක්ෂම ආකාරයෙන් කටයුතු කරන ඝාතකයින්... සමහර විට මොවුන් නීතියට හසු නොවී අවුරුදු ගානක්ම මේ සෙල්ලම සිදු කරනවා... සමහර අය ජීවිතාන්තයටම හසු වෙන්නෙත් නැහැ... ඇතැම් අය හසු වෙන්නේ ඝාතකයා මිය ගියාට පසුව ඔහු සිටි ස්ථානය වෙනත් අයකු විසින් පරීක්ෂා කල විට හමුවන දේවල්වලින් හෝ.. එම ස්ථාන නවීකරණය කරන්න ගියාම හසුවන හෝඩුවාවන්ට අනුවයි... ඒත් ඒ වෙද්දී ඝාතකයා මිය ගොස් අවසානයි...

ලංකාවට තාමත් හුරු නොවුනත් මෙවැනි ඝාතකයින් හට පොදුවේ කියැවෙන නම තමා සීරියල් කිලර්-serial killer)  ( කලින් යොදා තිබුනේ සීරියස් කිලර් -series killer ලෙසිනි‍.එය නිවැරදි කල අයට ස්තූතියි )  කියන නාමය...

මොවුන් අතර විවිධ විවිධ ආකාරයේ අය ඉන්නවා... ඇතැම් අයෙක් නූගත් පීඩිත අය අතරෙන් මතු වෙන අතර තවත් අයෙක් සමාජයේ දැන උගත් ධනවත් අය අතරෙනුත් මතු වෙනවා... ඒ විතරක් නෙවෙයි ඇතැම් විට නීතිය රකින්නට ඉන්නා අය අතරිනුත් මොවුන් බිහි වෙනවා... ඒ ඇතැම් අය පොලිස් නිලධාරීන්.. නීතීවේදීන්... වගේ අය...මේ තත්වයට පත් වූ අය අතර ඉතා සුවිශේෂ බුද්ධිමතුන් ඉදලා තියෙනවා... ඒ වගේම ඇතමුන් මනෝ විද්‍යාව වැනි දේ ගැන ප්‍රාමාණික විද්වතුන්... එහෙම අය අතරිනුත් මෙහෙම අය මතු වීම අපූරුයි නේද..?

එහෙම ගත්තාම මෙවැනි අය බිහි වෙන්න හේතුව මේකයි කියලා කෙලින්ම කියන්න අමාරුයි... හැබැයි මෙවැනි අය සාමාන්‍ය අපරාධකාරයින්ට වඩා බොහෝම සූක්ෂමව කටයුතු කරනවා... ඒ වගේම තමන්ගේ ඝාතන සඳහා නොයෙකුත් ආකාරයේ ආවේණික ක්‍රම යොදා ගන්නවා... සමහරු තමා විසින් මරනු ලබන අයගේ කුමන හෝ දෙයක් සිහිවටන ලෙසින් එකතු කරනවා... තවත් සමහරු ඝාතනයක් කල සෑම තැනකම තමාට සුවිශේෂ සලකුණක් තබා යනවා... මේ අයගේ ඇති පොදු ලක්ෂණයක් නම් මුලදී මේ ඝාතන තමාගේ කුමන හෝ අරමුණක් වෙනුවෙන් කලත් පසු කාලීනව ඒ ඒ ඝාතනවලට යම් අවධානයක් ලබා ගැනීමට උත්සහ කිරීමත් පෙනෙන්නට තිබීමයි... පෙර කී සලකුණක් තබා යෑම වැනි දෙයින් ඔවුන් අපේක්ෂා කරන්නේ එවැන්නක්.. ‍ඒකත් හරියට "මේකත් මගේ වැඩක් ඩෝ" යැයි කියනවා වැනියි... ඒ කියන්නේ ඔවුන් ප්‍රසිද්ධියට හා අවධානයට ලක්වීමටත් එක්තරා දුරකට කැමැත්තක් ඇති අය...

මෙන්න මේ ආකාරයේ අමුතු ගති ලක්ෂණ මේ අය තුලින් පෙන්නුම් කෙරුනත් මේ අය බොහෝ දෙනෙක් සමාජයේ වැඩි වෙනසක් නැතිව පෙනී ඉන්නත් දන්නවා.. ඇතැම් විටක එවැනි අපරාධකාරයෙක් හසු වූ පසුව ඔහු අවට වැසියන් එය පිළිගැනීමට පවා සූදානම් නැහැ... ඒ තරමටම ඔහු සමාජයේ යහපත් ආකාරයෙන් පෙනී සිටිනවා... මේ තමා සීරියස් කිලර්ලාගේ තත්වය... 

-----------------------------
හරි ඇයි මේ හදිසියේම මාරයට මේ කහවත්තේ ඝාතකයා හොයන්න හිතුනේ... ඒකට හේතුව පින්වතුනි මෙන්න මේකයි...

ඔය සීරියස් කිලර් කියන එකට තේරුම හොය හොය මේ දවස්වල එක්කෙනෙක් සයිබරේ සැරිසරනවා... මගේ භාෂා දැනීම අනුවනං ඕකට හොඳම වචනේ "වැල මරුවා" කියන එකයි...

ඔය සීරියල් කියන කෑල්ල අපි පැහැදිලි කරගන්නකොට අපිට පේනවා එයින් කියැවෙන්නේ යම් කිසි දාමයකට අනුව ඒ කියන්නේ එක් වැලකට  සිදු කරනු ලබන කියන තේරුම... කිලර්නං ඉතිං මරුවා කියන එක අහන්නත් දෙයක්යෑ...

එතකොට වැලකට මරන..මරුවා වැල මරුවා වෙනවා... පැහැදිලියිනේද..? ඉතිං අපි දන් හොයන්න ඕන මේ කහවත්තේ වැල මරුවා ගැන...

-----------------------------

මෙතනදී අපිට පහසුවෙන්ම හිතන්න පුළුවන් කාරණයක් තියෙනවා...

ඒ තමා..ඝාතකයා කහවත්ත හෝ ඒ අවට වීම...

හරි එතකොට අපිට තව කාරණයක් උපකල්පනය කරන්න පුළුවන්... 

මේ ඝාතන අතර කාලය එක්තරා පිළිවෙලකට නොවීම සහා හිටි හැටියේ සිදුවන නිසා මේ ඝාතකයා කහවත්තේ හෝ ඒ වට උනත් නිතර තම ප්‍රදේශයේ නොවන.. ඇතැම් විට වෙනත් පළාතක රැකියාවකට යන හෝ තාවකාලිකව පදිංචිව සිට වරින් වර ගමට පැමිණෙන අයකු වීම...

රයිට් දැන් කාරණා දෙකක් අපිට තියෙනවා...

ඊ ළගට ඇයි මේ මැදිවිය පසුකල අය මරන්නේ...?

සාමාන්‍යයෙන් මැදිවිය පසුකල අය තරමක් ශාරීරිකව දුබලයි... ඝාතකයාට එවැනි අය ගොදුරු කර ගැනීම පහසු විය හැකියි.. ඇතැම් විට ඝාතකයාත් එතරම් ජවයකින් යුක්ත නැති මැදිවියේ අයකු වීමට හෝ ශාරීරිකව තරමක් දුර්වල තත්වයක ඉන්නවා වෙන්නත් පුළුවන්... නාකි සිංහයෙක් දඩයම් කරන්නේ තරුණ මුවන් නෙවෙයිනේ...

හරි එතකොට අපිට හිතන්න පුළුවන් මෙහෙම...

කහවත්තේ හෝ ඒ අවට පදිංචි..දැනට ගමේ නැති... එහෙත් ඉදහිට ගමට යන එන... තරමක් දුර්වල ශාරීරික ශක්තියක් ඇති හෝ මැදිවිය ට ආසන්න හෝ ඉක්මවා යන මට්ටමේ අයකු...

පැහැදිලියිනේ... ඔයින් එහාට තව හුගක් දේවල් හිතන්න අපිට පුළුවන් උනත් මේ ඒකට කාලය නෙවෙයි.. අද ඉරිදා..පොල දවස.. දැනටත් වෙලාව 11ට කිට්ටුයි.. මං පොලේ යන්න ඕන... නැත්තං කාලා හමාරයි... එහෙම නොවුනනං මට මේ ගැන තව විමර්ශනය කරන්න තිබුනා... ඒත් ඉතිං මට ඕවට ගෙවනවා කියලෑ... 

ඒත් අපිට ඕනනං හිතන්න පුළුවන් ඔය ඝාතකයා සමහර විට මනෝ විද්‍යාව ගැන පරීක්ෂණ කරන... සිදු කරන ඝාතන වල සිහි සටහන් තබා ගන්නා.. (ඇතැම් විට එය දිග බම්බු කැමරාවකින් කරනු ලබන ඡායාරූප ගැනීමක් උනත් වෙන්න පුළුවන්...) අයකු වෙන්න පුළුවන්... සමහර විට අර මං කලින් කිව්වා වගේ ඔහු අවට සමාජය හීනෙන්වත් ඔහු එසේ යැයි නොහිතන අන්දමේ බල්ලන්ට බිස්කට් කව්වන ජාතියේ අහිංසක පෙනුමක් ඇති අයකු උනත් වෙන්නට පුළුවන්... සමහර විට නවීන තාක්ෂනික උපකරණ බාවිතා කරමින් වැල මරුවන් ගැන අධ්‍යයනය කරන අයෙකු වීමටත් පුළුවන්... වැල මරුවෝ කිව්වම කොයි කොයි ආකාරයේ වැල මරුවන් ඉන්නවද..?

ඇත්තටම මොනවද නොවෙන්න පුළුවන්.. නේද..?

හා මං යනවා පොලේ යන්න... පුළුවන් කෙනෙක් ඉන්නවනං අල්ල ගන්න එකයි ඇත්තේ... මට බැහැ කාටවත් ඇගිල්ල දික් කරන්න... හරියට නොදැන ඇගිලි දික් කරන එක හරි පව්...

අවසාන වශයෙන්...
සිළුමිණ පත්තරේ ගිය "මල මිනිස්සු බොරු නොකියති" ලිපි කියවීමෙනුත්..
ෂර්ලොක් හෝම්ස් ගොයියාගේ පොත් කියවීමෙනුත්...
එක්ස් ෆයිල්ස් වැනි කතා අධික ලෙස බැලීමෙනුත්... මනාව ඔප මට්ටම් වූ මගේ සුවිශේෂ අපරාධ පරීක්ෂණ මෙව්වා එකට මේ වගේ දේවල් අල්ලන එක සුළු දෙයක් කියලත් කියන්න ඕන...

ආයු රක්ඛන්තු ආවඩා...



මහින්ද අයියේ... 
ඔබට සුභ උපන් දිනයක් වේවා..!

16 November 2012

සබරගමුවේ ගල් කොල්ලෝ... පින්තූර සහිතයි...

මහා පරිමානෙන් නොවුනත් මං මේ වෙනකොට රටේ හුගාක් පළාත්වලට පුළු පුළුවන් හැටියකට ගෙහුන් තියෙනවා... ඒ හැම පළාතකම එක එක ආකාරයේ පළාත්වලට ආවේණික ගති ලක්ෂණ දැකලත් තියෙනවා... එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙලා තියෙනවා... මේකත් ඒ වගේ දෙයක්...

මේ පාර මං ගිය සබරගමු පළාතේ චාරිකාවේදී තමයි මට මේ ගල් කොල්ලෝ  හම්බ වෙන්නේ මුලින්ම... මේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ ගල් කොල්ලෝ දෙතුන් දෙනෙක්... එතකොට ඇයි මං මේ කෑගල්ලේ ගල් කොල්ලෝ කියලා නොකියා මුංව සබරගමුවේ ගල් කොල්ලෝ කියලා හදුන්වලා දෙන්න හිතුවේ... ඒකටත් තව හේතුවක් තියේ... මුංව දකින්න කලින් මං දැනට අවුරුදු ගානකට කලියෙන් තවත් ගල්කොල්ලෙක් දැකලා තිබුනා... ඒකා හිටියේ රත්නපුර දිස්ත්‍රීක්කයේ... මට මුං දෙන්නා දැක්ක ගමන් මතක් උනේ ඌව... ඌ තමා ඒ දවස්වල හිටිය ලොකුම ගල් කොල්ලා... ඉතිං රත්නපුරේ ගල් කොල්ලාවයි.. කෑගල්ලේ ගල් කොල්ලෝ දෙන්නවයි සිහි උනාම සබරගමුවේ කියලා පොදුවේ කිව්වැකිනේ කට පුරාම...

මෙන්න මේ ගල් කොල්ලන්ගේ පින්තූර...













කලින් මං දැක්ක ගල් කොල්ලා කවුද කියලා රත්නපුරේ ඈයෝනං දන්නවා ඇති... මතක කෙනෙක් හිටියොත් කියමු බලන්න..තාමත් මෑන් ඉන්නවා මයේ හිතේ... ඌත් ඒ දවස්වල මෙහෙමමයි...

----------------

මේක දැකලා දුක හිතුන කවුරු හරි හැකියාවක් ඇත්තෙක් ඉන්නවනං මහීපාල ගොයියට හරි සියඹලාපිටිය ගොයියට හරි කයලා ඇන්ද උන්වම යවලා හරි ඔය ටික මකවලා දාන්න ඇහැකිනං හරි වටිනවා... අච්චර ලස්සන ඕළු ඇල්ල ගාවත් පිංතූරයක් ගන්න බැරි වෙන්නම මුං ගල් සෙල්ලං කරලා... අපි දන්න හින්දා හොදයි... සංචාරය කොරන්න එන සුද්දෙක් හරි මොකෙක් හරි එකෙක් ආවනං ගල් කොල්ලන්ට හිනා වෙවි යයි... හැබැයි ඒ හිනා වෙන්නේ අපිටත් එක්ක වීම ගැන ටිකක් හිතට දුකයි...

ඕළු ඇල්ල සබරගමුව

මෙම පෝස්ටුව දමන්නේ සාමාන්‍යයෙන් මගේ බ්ලොගය බලනා අය අරමුණු කරගෙන නොවන වග කරුණාවෙන් සලකන්න. අනාගතයේ දවසක කවුරුන් හෝ ඕළු ඇල්ල ගැන සොයා බැළුවහොත් ඒ කෙනාට තොරතුරු නිවැරදිව දැන ගැනීම පිණිසයි.එහෙත් බ්ලොගය බලනා අයටද ප්‍රයෝජනයට ගත හැක...

මේ වන විට ඕළු ඇල්ල යනුවෙන් කවුරුන් හෝ අන්තර් ජාලයේ සෙවීමක් කල හොත් ඔහුට හෝ ඇයට හමුවන්නේ ප්‍රථමයෙන්ම මෙන්න මේ ලින්කුවයි..

http://www.elakiri.com/forum/showthread.php?t=1280381&page=8

 ඒ කුප්‍රසිද්ධ එළකිරියේ ඇති ඕළු ඇල්ල ගැන වූ සටහනකි. එහෙත් එහි ඇති තොරතුරු නිවැරදි නොවන හෙයින් මෙම සටහන බ්ලොගයට ඇතුලත් කිරීම යෝග්‍ය බව සිතමි... එළකිරියේ ඇති සටහනට අනුව ඔළු ඇල්ල ඇත්තේ ගාල්ලේය... එහෙත් එය නිවැරදි නොවේ.

ඔළු ඇල්ල පිහිටා ඇත්තේ සබරගමු පළාතේය... කෑගල්ල දිස්ත්‍රීක්කයට අයත් යටියන්තොට ප්‍රාදේශිය සභාවට අයත්වය... මෙන්න ගමන් මාර්ගය...

 කොළඹ සිට මෙහි යෑමට ප්‍රධාන ගමන් මාර්ග 2ක් ඇත...

1. කොළඹ සිට අවිස්සාවේල්ල/දෙහිඕවිට/කරවනැල්ල/යටියන්තොට (65 KM)


2.කොළඹ/නිට්ටඹුව/ඌරාපොල/රුවන්වැල්ල/කරවනැල්ල/යටියන්තොට(75KM)


යටියන්තොටට පැමිණි පසුව මෙම ආකාරයෙන් ගමන් කල හැකිය...
යටියන්තොට/පරුස්සැල්ල/පොලටගම/ඔළු ඇල්ල...(16 KM)


මෙයට අමතරව නුවර සිට පැමිණෙන අයකුටනම් කෑගල්ලෙන් රුවන්වැල්ල පාරේ පැමින පනාපිටිය හන්දියෙන් වමට හැරී පරුස්සැල්ලට පැමිණ මෙම මාර්ගයේ ගමන් කල හැකිය...


මෙහිදක්වා ඇති ප්‍රථම මාර්ගය වූ අවිස්සා වේල්ල හරහා යටියන්තොටට කිලෝ මීටර් 65ක් පමණ දුර ඇති අතර නිට්ටඹුව හරහා එන්නේනම් කිලෝමීටර් 75ක් වේ. යටියන්තොට සිට ඔළු ඇල්ලට කිලෝමීටර් 16ක් හරියටම ඇත. එනම් 16 වැනි සැතපුම් කනුව අසලම මාර්ගයේ දකුණු පසින් ආරම්භවන ඇල්ල මාර්ගය හරහා යොදා ඇති දැව පාලමේ යටින් ගොස් මාර්ගයේ වම් පැත්තෙන් අවසන් වේ... (යටියන්තොට සිට කිලෝ මීටර් 3.7ක් ගිය තැන පරුස්සැල්ල හන්දිය හමුවන අතර ඔබ එයින් දකුණු පැත්තට ඇති මාර්ගයේ ගමන් කල යුතුය... එතැනින් වම්පසට ඇති මාර්ගය පනාපිටිය හන්දිය හරහා බුලත්කොහුපිටිය කෑගල්ල මාර්ගයට වැටෙයි.)

කිසිදු අපහසුවකින් තොරව ඕනෑම රථයකින් මේ සඳහා ලගාවිය හැකිය. එසේම පරුස්සැල්ල හන්දියේ සිට ඕළු ඇල්ල දක්වා ඇති මාර්ගය අවට බොහෝ සුන්දර දසුන් ඔබට හමුවේ... 





පාරට සමාන්තරව වම් පසින් ඉතාමත් පිරිසිදු දිය දහරක් වන "වී ඔය" ගලා බසී... 



එයට අමතරව අතරින් පතර හමුවන කුඩා කුඩා දිය ඇලි රාශියකි.. විශේෂයෙන්ම යටියන්තොට සිට ගමන් කිරීමේදී හමුවන 13වන කිලෝමීටරය පමණ වන විට මාර්ගයේ වම්පසින් ඉතා සුන්දර දිය ඇලි කිහිපයක්ම වන අතර ඒවායේ නම් මා හට සොයා ගැන්මට නොහැකි උණි...



 (මට හමු වූ ගම්මුන්ද ඒ ගැන වැඩි යමක් නොදනිති..) එම ප්‍රදේශයට "ජානක වත්ත" යනුවෙන් ව්‍යවහාර කෙරෙන බැව් පමණක් දනිමි.

ඔළු ඇල්ල

වැඩි ප්‍රසිද්ධියක් නැතත් මෙය ලංකාවේ උසින් පස් වැනි(5) තැන ඇති දිය ඇල්ල ලෙසින් සඳහන්ව ඇත...(විකිපීඩියාව) එසේම ඉතාමත් සුන්දර දිය ඇල්ලක් වේ... ඇල්ල ඉදිරිපිටින් ඇති දැව පාලම මෙම ස්ථානයට තවත් අපූර්වත්වයක් එක් කරනු ලබන බවත් කිව යුතුය...








මෙය නරඹා අවසන එයින් තවත් කිලෝ මීටර් දෙකක් පමණ දුරින් ඇති අමනාවල ප්‍රදේශයේ  ඇති වී ඔයහරහා කුඩා බැම්මක් බැඳ විදුලි බලාගාරයක් සඳහා ජල ටැංකියක් ඉඳිකර ඇති ආකාරය බැලීමට යෑමට වූවද හැකියාව ඇත.. එහෙත් එම මාර්ගය දුෂ්කරය... නමුත් වාහනය අතරමග නවතා මීටර් පන්සීයක් පමණ දුරක් පයින් යා හැකිනම් එය ගැටළුවක් නොවේ...

විශේෂයෙන් සඳහන් කල යුතු දේ නම් මුළු ගමන් මාර්ගයටම එකම එක පොලිතින් කැබැල්ලක් හෝ අවම වශයෙන් පත්තර කොලයක්වත් නැති ප්‍රදේශයක් බවයි... ප්‍රදේශයේ මිනිසුන් මෙන්ම වතු සමාගම් මගින් ඉතාමත් හොඳින් පරිසරය ආරක්ෂාකරගෙන ඇති බව කිව යුතුය... නාන්නට සුදුසු තැන් ඕනෑ තරම් ඇතත් වෙනත් අනවශ්‍ය දේට ප්‍රදේශය සුදුසු නැති බවත් දන්වා සිටිමි. ආහාර පාන යටියන්තොටින් ගෙන යාම හෝ නිවසේ සිටම ගෙන යාම සුදුසුය...

කරුණාකර බලන්න ගියාට කමක් නැත... වනසන්නේ නැතිව ආපහු එන්න.. නැත්තං ඔය ඉන්නවා වගේම ගෙදරට වෙලා කාලා බීලා ඉන්න... 

14 November 2012

කෝ මුං..?

පට්ට කම්මැලියි... උදේ ඉඳන් කරන්න හිතං හිටිය එක වැඩක්වත් හරියකට කෙරුනේ නැහැ... අපි මොනවා හරි ප්ලෑන් කරද්දි ඒකට වෙන කිසිම පුද්ගලයෙකුගේ ගෑවීමක් නැත්තං අපිට අපේ දේවල් ප්ලෑන් කරගන්න හෙනට ලේසියි.. ඒත් තව එකෙක් හරි ගෑවුන තැන ඒ හැම එකක්ම සංකීර්ණ වෙනවා... 

උදේ ගමනක් යන්න හිටියා... ඒ අස්සේ කාලෙකින් එක ගෝතයෙක් කතා කරලා හම්බ වෙන්න ඕන කිව්වා හදිසියක් කියලා... ආ හරි කීයටද එන්නේ..? හවස 3 වෙද්දී එන්නං කිව්ව එකා නවයට විතර කියනවා මං මචං 10ට එනවා කියලා... උගේ මෑණියන්ට කියලා කියන්නත් හදලා එනවනං හරියටම 10ට වර මට වැඩක් තියෙනවා කියලා පැහැදිලිව කිව්වත් උගේ 10ය උනේ 11ට... ගමන හිතෙන් අතෑරියා... ඒකත් ඉවසියෑකි ගමන යන්න හිටිය හින්දා උයලා තිබුනෙත් නැහැ... අර ගෝතයාගේ වැඩේ මේ විනාඩි 10ක වැඩක්... ඌට ඒක ෆෝන් එකෙන්ම කරගන්න තිබුන එකක්.. ඒත් හරි ලොකු රෙද්දක් වගේ ඇවිත් කතා කරන්නම ඕන උනා... තද වෙනවා පින්වතුනි...

අන්තිමට දවල්ට කන්නත් නැහැ... යන්තං නූඩ්ල්ස් ටිකක් රත් කරං බඩට දාගද්දී හවස තුනහමාරයි... මේක මෙහෙම වෙන්න තිබුන දවසක් නෙවෙයි... අරූගේ මෑණියන්ට හොඳවෑයින් හාල් සේරු දෙකක් තුනක් ගරලා දෙන්ට ඕන...

එයින් පස්සේ ගමන් බිමන් හිතෙන් අතෑරලා දාලා එල්ලුනා නෙට් එකේ... නොදකින් ඇහුවොත්නං සිංහල බ්ලොග් අවකාසේ පඳුරකට පයින් ගැහුවොත් විස්සක් තිහක් විසි වෙන ගානට බ්ලොග් කාරයෝ.. ඒත් කම්මැලිකමට කියවන්න පෝස්ට් දහයක් නැහැ...

මේ ගිය සෙනසුරාදා.. ඔව් ඒ කියන්නේ 10 වෙනිදා... මට එදා දිනේ හරියටම මතක තිබුනේ නැහැ... මං එදා උදේ බ්ලොග් බලන්න කියලා බලද්දී මොන කෙහුරක්වත් නැහැ... පට්ට පාළුයි.. ඉතිං මං හිතාගත්තා එදා ඉරිදා තමා කියලා... මොකද ඉරිදටනේ සිංහල බ්ලොග් අවකාශය පාළු සොහොන් පිට්ටනියක් වෙන්නේ... ඇයි ඉතිං අපේ බ්ලොග් ලියන කියවන උදවිය වැඩි හරියක් ආණ්ඩුවේ හෝ ආයතනයේ වියදමෙන් නෙට් එන ඈයෝ නෙව... (හා දැන් මාව මරං කාහල්ලා... :D ) ඉතිං ඉරිදාට ඒ ඒ ආයතන නිවාඩු කියන්නේ වැඩි පිරිසකට නොමිලේ අන්තර්ජාලය නැති හින්දා ඉරිදට මෙකේ ඉතිරි වෙන්නේ අපි වගේ මැන්ටල් කිහිපයක් විතරයි...

ඒත් ටික වෙලාවකින් කාත් එක්ක හරි කතා කර කර ඉන්න ගමන් මගේ අතින් අද ඉරිදා කියවුනහම තමා ඕං ඒ කවුරු හරි ඇහුවේ උයාට සෙනසුරාදාම ඉරිදා උනාද කියලා... කාලා තියෙන්නේ හොඳම එකෙන්.. ඇත්තනේ... ඇයි එහෙම උනේ... දැන් ඉරිදා ‍විතරක් නෙවෙයි සෙනසුරාදත් ආයතනවල නිවාඩුද මංදා... සංසාරේ...

හරි ඉරිදා සෙනසුරාදා අතාරිමුකෝ... දැන් මේ සතියේ දවස් වෙලත් මොකද බ්ලොග් අවකාසේට වෙලා තියෙන්නේ..?

පරණ බ්ලොග් ලියපු උන්දලා දැන් ඒවා ලියන්නේ මාසේ පෝයට පසලොස්වකට වගේ වැදගත් දවස් අල්ලලා විතරයිද කොහේද.. ලියන සමහර එව්වත් අනේ මංදා...

ඕං බලමු අපේ කස්ටිය...

සඳරු... ඌට අලියා ගහලා... 

කතන්දර... පොටෝ කෑලි පත්තර කෑලි දදා ඉන්නවා. මං හිතන්නේ කතන්දර අහවර වෙලා... හැබැයි ඇහුවොත් වෙන්න කතන්දර අච්චරයි මෙච්චරයි...

දුකා... ඌට මේ සමාජේ සිද්ධ වෙන අසාධාරනේ දරා ගන්න බැරිව ගිහින්... ආතතිය...

දුමී... ඒකා දැන් ඔය මහින්ද අයියලා වගේ පොරවල් එක්ක සාජ්ජ දානවා ඇර ලියන්න හිතන්නේ නැහැ.. ඌට දැන් බ්ලොග් පොඩි වැඩියි...

බුද්ධියා... අන්න ඒක වහනවළු.. ගෙදර පිඟන් කෝප්ප..හැලි වළං හෝදන්න ගියාම ආයේ ලියන්න වෙලාවක් නැහැළු.. මං රීඩරෙනුත් අහක් කරලා දැම්මා..උගේ කැමැත්තනේ...

මාතලං... ඇති යාන්තං ඌ වගේ එකෙක් දෙන්නෙක් හින්දා තමා එදා වේල පිරිමහ ගන්නේ...

බුවා... පස්ට පරණ චිත්තර පටිවලට විචාර ලියනවා... මං හිතන්නේ හෙට අනිද්දට සැඩ සුළං.. හතර දෙනාම සූරයෝ වගේ ඒවටත් ලියයි...

ලියන්නා... ඌට මනෝ විජ්ජාද මොකක්ද පිස්සුවක් ගහලා.. ලියනවට වඩා තෙපර බානවා... එපා වෙනවා...

ඕනයා... ඌට ලියන්න ඉතිං කුණුහරපම එපෑ.. උගේ කුණුහරප අහවර වෙලාලු...

මගේ මරණේ... ඌත් බ්ලොග් ආයේ ලියන්නේ නැහැ කිව්වද කොහේද.. හැබැයි හොරෙන් කවි ලියනවා...

වැප්... ඌ පන්සලේ ඇබිත්ත කමට ගියත් හරි බ්ලොග් එක ලියවෙන්නේ පෝය දෙකතුනකට සැරයක්.. ඒකත් අභිධර්මෙන්...

සිඳු... යන්තං එහෙං මෙහෙං ලියනවා... මේ ළගදිත් හොඳ ලිපියක් දාලා තිබුනා...

බින්දි... එයත් හිටි හැටියේ පත්තු වෙනවා...

නලිනි... මේ දවස්වල ඩිස්පැන්සරියට ලෙඩ්ඩු වැඩි වෙලා... 

නිසූපා... කඩං වැටෙන විදියට බිල්ඩිං හදන්න ගිහිල්ලා...

ජීවිතේ මල්... අහෝ සංසාරේ...

රත්ගමයා... ඌට පේරාදෙණියෙන් තොර ලොවක් නැහැ... මුහුදම දැක දැක හිටිය එකානේ වරදක් කියන්නත් බැහැ...

සෑම්... ඌට රස්සාවයි කාර් එකයි හම්බ උනාට පස්සේ මේවා ගැන සිහියක් නැහැ...

මකරා... ඌට බ්ලොග් ලියවෙන්නේ සිංගප්බූරුවේදී විතරළු... ලංකාවට ආවම ඌට සිංහල මතක නැහැ


මෙහෙම කීයක් කියලා කියන්නද... මේ තියෙන්නේ මං ෆලෝ කරන ලිස්ට් එක... ඕකේ නැති ඒවත් තියෙනවා ඒ කෙලින්ම රීඩරේට දාගත්ත ඒවා... ඇත්තටම කෝ මුං...?



යකුනේ මෙහෙම බනිද්දිවත් ලියාපියවු... නිකං අපේ ලේ කෝප නොකර... කමෙන්ට් කලත් නොකලත් අපිත් කියෝනවා ඔය හැම රෙද්දක්ම...