01 January 2013

එහෙමනං ඕං ආයෙත්...



මේ පෝස්ට් එක ලියන්න කියලා පටන් ගද්දී තමා දැක්කේ යකෝ ගිය අවුරුද්දට ලියපු පෝස්ට් ගාන හරියටම 199ක්නේ කියලා... ඕක ඊයේ රාත්තිරියේ මයේ ඇහැ ගැටුනනං තව එකක් ලියලා 200ක් ගහනවනේ... නූලෙන් මිස් උනා නෙව... එයිට කලින් අවුරුදු දෙකේම පෝස්ට් 200 පැනලා ලියවිලා තිබුනා උනත් ගිය අවුරුද්දේ 200ට එකක් අඩු වෙලා.. ඕකට ඉතිං හේතුව ගමන් වැඩි වීමම තමා... අනිත් එක බ්ලොග් එක පමණටම මූණු පොතෙත් ජීවත් වීම... මෙතනම ලියන්න තිබුන හුග දේවල් මුණු පොතේ ලියැවිලා..පල වෙලා නැවතුන හින්දා වැඩි හරියක් මෙතනට එකතු වෙන දේවල් අඩු උනා... ආ ගිය ගමන්වල සටහන් සෑහෙන හරියකට ඒ දේ උනා...

කොහොම උනත් ඉස්සරහට ලිපි ලියන වේග තව දුරටත් අඩු වෙන්න හැකියාව තියෙනවා... අපි දැන් වයසක මෑන්ස්ලා නෙව... මුල්ම කාලේ අතට අහුවෙන හැම එකම ලිය ලිය හිටියා උනත් දැන් දැන් ඒ වගේ පොඩි පොඩි දේවල් බුකියෙන්ම අහවර වෙනවා... ආයේ මොටද මෙතන ඕවා ලියලා නිකං කොල්ලංගෙන් බැනුං අහගන්නේ... මට මහළු වයසේ බැරිය බ්ලොග් කෙරුවාව පෙර සේ කියලා හැකි දේ විතරක් ලියන්න ගත්තම ඔය ෂේප් එකේ හිටියැකි... එහෙම නැතිව පඩයක් ගියත් ඇවිත් මෙතන ලියන පරණ පුරුද්ද දැන් ටිකක් අඩු කොරන්ට ඕන... :D මෙව්වා තියෙන්නේ එහෙම ඒවට නෙවෙයි බොහෝම හර බර එව්වා මෙව්වා ලියන්න කියලයි ඒ දවස්වල සමහරු මට උපදෙස් දුන්නේ... කෝ ඉතිං මගේ තියෙන නොසණ්ඩාල කොමට මං ඕවා කනකට ඇහුවේ නැතිව අතට අහුවෙන හැම රෙද්දම මෙතන එබුවනේ... කයි කෑලි... කෑම ජාති... අරවා මේවා හැම එකම... එහෙම කරලා ප්‍රබුද්ධ පොරවල් වලින් ජාති කතා අහ ගත්තා... 

ඔය සමහර වෙලාවට මෑතකදී බ්ලොග් ලියන්න ගත්ත නංගිලා මල්ලිලා මාවත් ඔය ප්‍රබුද්ධ ප්‍රවීණ බ්ලොග්කරු ලේබලේ යටතේ අමතන්න ගත්තම මට පොළව පලං යන්න තරං ලැජ්ජාවක් උපදිනවා... මෙලෝ හරයක් නැතිව අරකයි මේකයි ලිය ලිය එදාවෙල හොයා ගන්න එකෙක් වෙච්ච මට මොන ප්‍රවීණ ලබ්බවල්ද..? මට ඉතිං අවුරුදු ගණන් පර්යේෂණ පවත්තලා කරුණු හොයාගෙන... නණ ලළ බේධ සලකමින් වියරණය තිතට රකිමින් ලියන ආකාරයේ ලිපි ලිව්ව හැකියෑ... එහෙම බැලුවම සිංහල බාෂාව ඊටින් කරන්න දායක උන තවත් එකෙක් විතරයි මංතුමා... ඒත් මක්කා කොරන්නද..? පුංචි අපිට නැද්ද ඉඩක් කියලා ඇහැකි විදියට ලියං යනවා ඇර...

මේ ඒක නෙවෙයි..අර මුලින් හෙන අස්ප ටෝකක් දුන්නට මොකද..මට ආයත් හිතෙනවනේ අද උදේ ඇරිය පඩයක් ගැන මෙතන ලියලා දාන්න...  මදෑ කොලා...අස්ප ටෝකක් දිලා විනාඩි පහක් යනකල් මට මගේ ටෝක පරිස්සං කර ගන්න බැරි හැටියක්...
------------------

අද උදේ මං කිරිබත් ඉව්වා නෙව... පහුගිය අවුරුදු එහෙකවත් මං කිරිබත් ඉව්වේ නැහැ මට මතක හැටියට... හැබැයි ඉතිං කොහෙන් හරි ජාතියේ පිනකට කිරිබත් ටික වැරදුනේ නං නැහැ... ඒත් මෙදා පාර මට හිතුනා ඔන්න ඔහේ කිරිබත් පාරක් දාලාම අවුරුද්ද පටන් ගන්න.. ඒ හින්දා ඊයේ ගෙහුන් සුදු කැකුළු හාලි ටිකකුත් ගෙනත් දැම්මා... අද උදේම ඉතිං තකහනියේ නැගිටලා කොරලා රයිස් කුකරය ආධාරයෙන් කිරිබතකුත් උයලා... ලුනු මිරිසකුත් හදාගෙන ඊයේ රෑම ඒදලා උයලා තියාපු මිරිස් මාළුත් එක්කම වළදලා කොරලා දවල්ටත් එයින්ම ටිකක් ඔතාන ආවා වැඩට...

අද ඉතිං මේවෑ ඒ හැටි වැඩක් කෙරෙන්නේ නැහැ.. ඔන්න උදේ ආවා කිරි ඉතිරෙව්වා... පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා වැඩක් කලා.. එකොළා හමාර වෙද්දී වර්ක් ෂොප් එකේ උදවිය යන්ටත් ගෙහුං අහවරයි... තව ටිකකින් ඔෆිස් ළමයි ටිකත් ගියාම පලවෙනිදා රාජකාරි අහවරයි... ඔහොම තමා කොයි අවුරද්දත් පටන් ගන්නේ... හෙට ඉදන් වැඩ තමා ඉතිං...
------------------

හම්මේ ඇති යන්තං..හිතට මාර හෑල්ලවක් දැනෙන්නේ ආන්න එහෙම ලියලා දැම්මම... එහෙම නැතිව හිතට අරං හර බර ඒවා ලියන්න ගියොත් මේක නිකං මගේ බ්ලොග් කටුව නෙවෙයි වෙන කාගෙදෝ එකක් වගේ කියලා මට හිතෙන්නේ... ඒ හින්දා මේ අවුරුද්දත් ඔය හිටියා වගේ සරල සිම්පල් වලින්ම ගෙවා දාන එක තමා හොඳම දේ... ආයේ නොදන්න සිල්පෙට ගොහින් මොකට වරිගේ නහ ගන්නවද..?

එහෙමනං ඕං පරණ විදියටම අළුත් අවුරුද්දත් ඇදං යං... තමන්ගේ මට්ටං තං මට්ටං කිව්වළු...

44 comments:

  1. මාරයටත් සුභම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ පලවෙනි පෝස්ටුවට පලමු කොමෙන්ටුව දැමූ මයියාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා..!

      Delete
  2. මාරයත් ඔන්න සුබ නව වසරක් කිව්වා ...

    ReplyDelete
  3. ඔහොම යන් මාරයෝ... ඔය ලියන විදිහ නියමයි කොලුවෝ.
    ඔන්න මගෙනුත් 2013 ට උණුසුම් සුබපැතුම්

    ReplyDelete
  4. මේ අවුරුද්දෙවත් එක්කෙනා දෙන්නා වෙන්න හේතු වාසනා වේවා කියලා ඕන් පින් අනුමෝදන කොරා....

    ReplyDelete
  5. යකඩෝ මට ගිය අවුරුද්දටම ලියන්න ඇහැක් වෙලා තියෙන්නේ පෝස්ට් 29යි . . .
    උදේ නැගිට්ට ගමන් ටොයිලට් යනවා වගේ කොම්පීතරේ ඔන් කොරපු ගමන් බ්ලොග් කියවන්න හුරු වෙච්චි මම ත් වගේ ගොඩක් උන්ට මාරයගෙන් උනේ සෑහෙන්න ලොකු සේවයක් . . . උඹේ මාගල් වගේ සමහර ඒවා නම් කියෝලම නැති තරම් ඒත් උඹේ මේ බ්ලොග් සේවය 2013 වසරෙදිත් නොකඩවා කොරගෙන යන්ටැයි සුභ පතනවා මාරයෝ . ..

    ReplyDelete
  6. මගෙත් ලිවීමේ සීග්‍රතාව සෑහෙන්න බැහැලා. මේ අවුරුද්දේ නග්ග ගන්න ඕනේ! :D

    මොකක්ද මාරයියා අන්තිමට කිව්වේ...ආ..... තං මට්ටං කිව්වා නේ? :D

    ReplyDelete
    Replies
    1. ගම්පහ පාළම යටට වෙලා හිටියනම් නග්ගගන්න තිබ්බනේ

      Delete
  7. මාරයටත් සුභම සුභ නව වසරක් වේවා....

    ReplyDelete
  8. උඹ ස්පීඩ් එකක් ගැන කතා කරනව... මමතුමා නම් ලිව්වල නවත්තලම දැම්මා... (එහෙම තමා හිතන් ඉන්නෙ)

    සුභ 2013ක් මාරෙ අයියා!...

    ReplyDelete
  9. මාත් අද උදේ කිරිබත් හදලා වැඩි හරියක් තනියම කාලා දැං නිදිමතේ වැනි වැනි ඉන්නවා....

    ඔන්න මේ පාරවත් 250ක් විතර පෝස්ට් දාගන්නකෝ... හි හි

    හැබැයි කමෙන්ට් වලට උත්තර නොදී ලොකු පාට් දාන්න පටං ගත්තොත් බලාගත්තෑකි...

    ReplyDelete
  10. කටට කෙල උනනනවා මාරයියේ
    සුභ නව වසරක් වේවා !!

    ReplyDelete
  11. මේ මේ උඹට ඕන විදිහට ලියන්න

    එවුවා කොහෙද.............
    ලියපිය වෙනද වගේම.....

    ReplyDelete
  12. එහෙඤං ඉතින් කිරිබත් ටිකක් වළඳාල කාරිය පටන් ගමුකෝ බ්ලොග් කෙරුවාව....

    අඩේ උඹ ප්‍රබුද්ධ නැද්ද? දන්නවනං එන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔයිං මෙයිං අමතක උනා... සුභ අලුත් අවුරුද්දක් වේවා එහෙනං...

      Delete
  13. යන්තම් ඇති එහෙනම් නාකියි කියලා පිලිගත්තා ඕන්... අපිත් දෙතුන් සැරයක්ම කිරිබත් කාලා වැඩ පටන් ගත්තා..
    අද ඉඳන්ම වැඩ !

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කොරනවා මාරයා අයියට!!
    අපිට ඌරු කො‍ටුවේ වැඩ බලාගන්න දිලා බ්ලොග් එක බලාගෙන හිටියනම්
    අහවරයිනෙ අප්පා :D :D
    එහෙනම් පෝස්ට් 200 පන්නනත් තිවුනා (හිතේ අම්බානක සෝකේන්)

    ReplyDelete
  15. මේ වසර අඤ්ඤකොරොස් එකක් නොවේවා...!!!

    කොමෙන්ට් වලට රිපලයි කරහන් හොඳේ... හරිය....

    ReplyDelete
  16. අනේ මලේ උඹලා අපි නිකම් මේ හාල් කෑලිනෙ. ඒත් ඉතින් අපිත් හැකි පමණට මුකුත් ලියන්න එපෑ. කොහොම හරි මාරයට අලුත් අවුරුද සුභම වෙන්න ඕනෙ. කවදත් හිත හොද මාරයා නොවැ.

    ReplyDelete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  18. සුභ නව වසරක් වේවා.. හැබෑටම මාරයිය ප්‍රබුදධ නැද්ද??
    මෙච්චර කල් අපි හිතාගෙන හිටියේ බ්ලොග් ලෝකේ හෙන වැඩ්ඩෙක් කියලනේ..

    ReplyDelete
  19. ඇදගෙන හරි තල්ලු කරගෙන හරි, කරගහගෙන හරි,වැටි වැටී හරි, ඉදිරියට යාමනේ වැදගත්. සියල්ලම නිවැරදිව කරන්න බැරි වුනත් ලිවීම නොනවත්වා කරගෙන යාම තමයි වැදගත්.

    ඔබට සුබ නව වසරක් වේවා!

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  20. සුභ නව වසරක් වේවා! :)

    ReplyDelete
  21. මාරයා වැඩ අල්ලයි...මෙදා 200පන්නමු. හදවතින්ම සුබ පැතුම්

    ReplyDelete
  22. අඩේ මොක්කුද බං ඔය ප්‍රබුද්ධයො කියන්නෙ.

    මමනං ගිය අවුරුද්දටම දාල තියෙන්නෙ එක පෝස්ට් එකයි.

    උඹටත් කිරි පැණි උතුරන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. උඹ එකක් දැම්මද ? සික් එතනත් මම පරාදයිනෙ

      Delete
  23. ඔය අළුත් අවුරුද්දෙ වැඩ පටන් අරන් තියෙන්නෙ කලින්ම, කෑම පිඟාන බ්ලොගේ දාලා. :)

    මාරය අයියටත් මේ 2013 අවුරුද්ද සියළු පැතුම් ඉටුවන යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියල නැවතත් ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
  24. මාරයියට සුභ අලුත් අවුරුද්දක්..!!

    ReplyDelete
  25. /* තමන්ගේ මට්ටං තං මට්ටං කිව්වළු... */

    කොන්තනෝනක්කාත් අමතක කරන්න එපා!

    ReplyDelete
  26. සුබ නව වසරක් කිව්වා ...!!

    ReplyDelete
  27. මාත් උදේම අම්මත් එක්ක එකතුවෙලා කිරි බතක් හැදුවා. කැට කපන්න කෙහෙල් කොළයක් හොයා ගන්න තැනක් නෑනේ.. එහෙමයි කියලා වැඩේ ඇතෑරියෙත් නෑ. සාස් පානක පියනක් අරන් එකේ වඩලා කිරිබත් කැට කැපුවා. නියමෙටම ආවා...හි හි හී

    කිරිබතින්ම පටන් ගත්ත 13නේ අවුරුද්ද ජයෙන් ජයම වෙයි... මාරයා අයියා දහතුනට අකමැති නැද්ද ?

    ReplyDelete
  28. දිගට ම ලියමු....
    ජයෙන් ජය!!!

    ReplyDelete
  29. අවුරුදු 3කින් කිරිබත් කෑල්ලක් කාල නැති හින්ද පොටෝ එක දැක්කම කෙල ගිලුන තමයි, හැබැයි අවුලක් නෑ මන් කෙල ගිලිද්දී මාරයිය මේ පිගන ගිලබාලා පැය 2ක 3කටත් වැඩි හින්ද,
    බුකියට වෙලා ඉන්නවට වඩා මේ පැත්තේ හිටියනම් 300 කට කිට්ටුව ලියන්න තිබුන මන් හිතන්නේ, අවුරුදු 3ක් විතර මමත් බ්ලොග් කියවනවා, එත් ගිය අවුරුද්දේ අවසන් මාස6දි හමොමවගේ ලිඅන ප්‍රමාණය අඩුවෙලා තියෙන බවයි මට පෙනුනේ,
    මාරයියගේ ලේබල් ටිකේ ඉතුරු කොටස් මේ අවුරුද්දේ කියවන්න ලැබෙයි කියල හිතනවා..
    ඔබටත් බ්ලොග් ලියන සැමටත් වැඩියෙන් ලියන්න සිත් පහල වන වසරක් වේවා...!!!!!!!!

    ReplyDelete
  30. ඔය විඳින දුක් කරදර නිමා වී ලබන ජනවාරි 1 වෙනිදා උදේට වලලු දාපු සුකුමාල ලලනා අතකින් කිරිබත් කෑල්ලක් මාරය මල්ලිගෙ කටටත් ලංවේවා!.....

    එදාට එහෙම වෙන්න ඒ වාසනාව මේ ලැබුවාවූ 2013 නව වසර ඇතුලත ඉක්මනින් උදාවේවා!....

    දෙසීයටත් වැඩියෙන් ලියන්නට වසර පුරාම නිදුක් නිරෝගි සුවයත් නොඅඩුව ලැබේවා!......

    ප්‍රබුද්ධනම් මොන ලබ්බක්ද මලයා.....කියවන්න ආස හිතෙන විදිහට ලියන මේ ක්‍රමය සහ විධිය හොඳටම හොඳයි...මොලේ උලුක්කු කරගන්නෙ මොකටද අර කිව්වත් ‍වාගේ...

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් කේන්දරේ නැහැයි කියල ඔය මාරයම නෙව කියන්නේ. තනි අතිං සේවය..

      Delete
  31. නිදුකින්,හිත සතුටින් අළුත් අව්රුද්ද ගෙවේවා...

    ReplyDelete
  32. මාරයියටත් සුභම නව වසරක් වේවා!!

    මං තුමාත් මේ අවුරුද්දේ 200ක් ලියනවාමයි කියලා හිතන් හිටියලු..

    ReplyDelete
  33. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete

  34. ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි

    ReplyDelete
  35. බුකිය.. මාර සරණිය.. බ්ලොගේ ඔය ඔක්කොම සමබර කරගෙන ඇදගෙන පලයන් කොල්ලො ( අන්කල් වගේ ඉන්න එකෙක්ට කොල්ල කීවා කියලා තරහ යයිද මන්දා ) .

    කමෙන්ට් නොකෙරුවට උඹේ ගොඩක් පෝස්ට් මමත් බලනවා. වැඩ වැඩිකම තමයි හරහට තියෙන්නෙ. මගේ බ්ලොගෙත් මේ සැරේ 500 වෙනි පෝස්ට් එක දාන්න ඉන්නෙ වරෙල්ලා ඔක්කොම හොඳේ..

    ReplyDelete
  36. ඔයාට හිතේ තියන සියලුම බලපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත නව වසරක් පතනවා..........

    ReplyDelete
  37. සුභ මාර අවුරුද්දක් වේවා!

    ReplyDelete
  38. පතන්නා සේම සරල, සිම්පල් සුබ අළුත් අවුරුද්දක් වේවා.....

    ReplyDelete
  39. මමත් ට්‍රයි කරලා සරලව ලියන්න උත්සාහ කරනවා. මොකද එහෙම ප්‍රබුද්ධ ගණයේ ඒවා කියවන අය මෙතන නෑ මට තේරෙන විදියට. මාරයාගේ බසේ මට තේරෙන එක් දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ප්‍රාදේශීය භාෂා වල වචන මිශ්‍රණයක් භාවිතා කිරීම. නොවැ, යන්ට, ගෙහුං, කොමට වගේ වචන විවිධ පළාත් වලට ආවේනික වචන.

    ReplyDelete