01 January 2013

සතුටු වෙයල්ලා..ඉරිසියාව අත ඇරහල්ලා... ඉරිසියාකාර බ්ලොග් කාරයෝ...

අපේ රටේ ඉන්නේ මහ මොක්කුද වගේ ජාතියක්... එකාට එකෙක් නැහැ.. එකෙක් දියුණු වෙනවා බලං ඉන්ට බැහැ... මුංගේ ඇස් දනවා... ඇයි යකෝ කවුරු හරි එකෙක් දියුණු වෙන්ට තනනවනං ඒකට අකුල් හෙලුවා කියල හරි ඒකට විරුද්දව කතා කලා කියලා හරි ඒක නවත්තන්ට ඇහැකිද..? අනික කවුරු හරි මොනම ක්‍රමයකින් හරි දියුණු වෙන්ට හදද්දී ඒකට පඩත්තල කතා කියන්ට ඕනද..? මටනං මෙව්වා ගැන හිතද්දී අම්බානකට කල කිරෙනවා... පුදුම මිනිස්සු... මේ බ්ලොග් කාරයෝ අතරෙත් එහෙමමයි..මට මේ දැන් ටිකකට කලින් අහු උනා එහෙම අනුන්ගේ දියුණුව දකින්න බැරි ප්‍රසිද්ධ බ්ලොග් කාරයෝ දෙන්නෙක්..මට කණගාටු එයින් එකෙක් මගේ බ්ලොග් ගමනට බොහෝම උපකාර වෙච්ච එකෙක් වීම... මං කවදාවත් හිතුවේ නැහැ ඌත් එහෙම එකෙක් කියලා..බලං ගියාම මුං ඔක්කෝම එකයි...

මෙහෙම වෙලාවක මං ඒ බ්ලොග් කාරයෝ දෙන්නගේ නං නොකියා හිටී කියලා හිතුවද පින්වතුනි.. හපෝ නැහැ උන්ගේ රෙදි ගලවන්න ඕන... මුං දෙන්නා තමා අර පාන්දරයා සහ රෙජිස්ටර් බෙබා... ආයේ මොකටද හංගන්නේ.මෙහෙම උන්ගේ නං ගං මෙහෙම කෙලින්ම කියන්ට ඕන...

දැන් මේ හදිසියේ කස්ටිය බලයි ඇයි මේ මං සරම කරට අරං සද්දේ දාන්නේ කියලා.. දැන් බලන්න පින්වතුනි මේ දැන් ටිකකට කලියෙන් වෙච්ච දෙයක් මේ...

අපේ ඔය පාන්දරයා කොහේද මංදා තිබුන ලින්ක් එකක් උස්සං ඇවිත් බුකියේ දැම්මා... ඒ ලින්ක් එකේ තියෙන්නේ අර පොලොන්නරුවේ මනංපිටිය දිඹුලාගල හරියේ අහිංසක ගෑණු මනුස්සයෙක් දියුණුවෙන්න හිතං කොල වැඩක් ගැන කියවිලා... ඒ උන්දෑ වැඩි යමක් කරලා නැහැ... කරලා තියෙන්නේ මේ අහසින් වැටුන උල්කාපාත කෑල්ලක් ඉඹලා බලන්න ගිය එක විතරයි.. ඒත් ඉතිං ඒක ඉඹලා උන්දැට සිහි නැති වෙලා... එහෙම දේවල් වෙනවා තමා ඉතිං.. මොකද දැන් ඔය ලෝක ප්‍රසිද්ධ සොයා ගැනීම් කරපු උන් ඒ දේවල් එක තත්පරෙන් හොයා ගත්තයෑ.. නැහැනේ... අවුරුදු බර ගානක් කැරකිලා..දත කට පූට්ටු කොරං..බුරිය විකං නැහිලානේ ඒ දේවල් හොයාගෙන තියෙන්නේ...සමහර උන් හෙළුවෙන් පාර පුරා දුවලා හිටං තියෙනවා... ඒ වගේම ඒ ඒ පරියේෂන වලදී මේ ගෑණියෙක් සිහි නැති වෙනවට වඩා එහා ගිය දේවල් ඕන තරං වෙලා තියෙනවා.. එහෙමයි කියලා ඒක පාච්චල් කොරලා කතා කරන්න වටිනවද මං අහන්නේ...

ඒත් මේ අපේ පාන්දරයා ඒ ලින්ක් එක බුකියේ දාන ගමන් පහලින් ලියනවා මෙහෙම...

//අපේ උන්දැලාට පිළිකා හැදුනත් කමක් නෑ පත්තරේ ටීවී එකේ පින්තූරේ වැටෙනවනං!//

ඌ එහෙම ලියද්දී අර අනිත් එකා..ඔව් ඔව් අර රෙජිස්ටර් බෙබා ඇවිත් කියනවා මෙහෙම...


//මන් අහලා තියෙන්නේ නම් ඔය උල්කාශ්ම කියන ඒවා අභ්‍යවකාශේ තියෙන නිසා අධික විශභීජ ප්‍රමානයක් අඩංගු නිසා අතින්වත් අල්ලන්න හොඳ නැහැ කියලා. ඕවා නිසා හඳුනා නොගත් ලෙඩක් උනත් හැදෙන්න පුළුවන් කියලා. දැන් ඕවා බදාගෙන ඉඹලා ෆොටෝ අරන් පත්තරේ දාන, ටීවී එකේ යන උන්ට ලෙඩ හැදුනොත් කියයි ඒකත් පිටසක්වල ප්‍රහාරයක් කියලා.//


අනේ ඉතිං මේක මුංටම ගිය රට... ඇයි යකුනේ මේ හැටි අර ගෑණිට මුංදලා ඉරිසියා කොරන්නේ..?

ඔන්න දැන් බලන්ට පින්වතුනි මේ කාරණා දිහා...

බොහෝම අහිංසක කොලුවෙක් ඉන්නවා... දවසක් ඌට මේ මකුළුවෙක් හපනවා... දැන් ඔය අපිටත් පොඩි කාලේ ඕන තරං කූඹී කාලා තියෙන්නේ..දිමි කාලා තියෙන්නේ..කඩි කාලා තියෙන්නේ.. ආන්න ඒ වගේ... හැබැයි මේ මකුළුවා කාපු කොල්ලා අර කඩි කාපු දිමි කාපු අපිට වඩා වාසනාවන්තයි... මොකද එයින් පස්සේ ඌ ලෝක ප්‍රසිද්ධ බුවෙක් වෙනවා..අම්බානක වැඩ කිඩ පුළුවන් වෙනවා.. කොටින්ම ඌ එදායින් පස්සේ බස් එහෙක කෝච්චියටකවත් සල්ලි දීලා ගිහින් නැහැ... පාන් බාගයක් ගේන්න කඩේට යන්නෙත් උගේම නූලක එල්ලිලා... ඒ හරහා ඌට ලැබුන චෑන්ස් ගැන කියන්න ගියොත් මේක කියලා ඉවර කරන්න වෙන්නේ නැහැ... 

හරි ඔන්න තව එකෙක් හිටියා... ඌ මොකක්ද මංදා පරීක්ෂණයක් කරන්න ගිහින් ඒක කෙලවෙලා අන්තිමට හෙන දඩාර සයිස් යෝධයෙක් වෙනවා... නිකං යෝධයෙක් නෙවෙයි ඌ  යූ ඇන්පී යෝධයෙක් වෙනවා... අර හල්ක්ද කවුද කියන්නේ... හිතලා බලන්ටකෝ..එසේ මෙසේ වැඩද කියලා...

තවත් ඔය වගේ සෙට් එකක් හිටියා... උන් ඔන්න ඔය අභ්‍යාවකාසේ ටුවර් එකක් යද්දී මොකක්ද මංදා වැහි කෝඩෙකට අහු වෙලා සෙට් එක පිටින්ම අමර බුවාලා උනා... උන්ට බැරි දෙයක් නැහැ... එකෙක් ඉබ්බෙක් වගේ හයිය හත්තිය ඇති පොරක් වෙද්දී..තව එකෙක් රබර් කෑල්ලක් වගේ වෙනවා... අනිකා ඇස් දෙකෙන් ගින්දර පිට කොරනවා... ඒ අස්සේ හිටිය තව එකියක් නොපෙනී යන්න ඇහැකි එකියක් බවට පත් වෙනවා... බලන්ටකෝ ආයිබෝං ඒ දවස්වල අපේ රාවණා රජතුමාගේ කෝකටත් තෛලේ වගේ තිබුන වරිගපූර්ණිකාව පොතේ තිබුන කලුවර අදුන වගේ දේකින් ඇර වෙන එහෙකුට පුළුහංද නොපෙනී යන්ට... එහෙව් වාසනාවක් අර කෙලීට ලැබුණා...

ඔය ඔක්කෝමත් පැත්තකින් තියමුකෝ... ඒ හැම එකටම වඩා හපං කතාව තමා අර ස්මෝල් විල්ද කොහේද කියන ගම්මානෙට අහසින් වැටුන පොඩි එකා... හප්පා ඌ යක්ෂ පැටියා... ඌට කරන්න බැරි කෙංගෙඩියක් නැහැ... අහසේ පියාඹනවා... ටොං ගනන් උස්සනවා ජිල් බෝල සයිස් එකට... වෙඩි උණ්ඩ කටින් අල්ලනවා... කලිසමට උඩින් ජොකා අඳීනවා... කොටින්ම ඌට බැරි අර අපේ ජේ ආර් පප්පටත් බැහැය කියලා තිබුන දේ විතරයි... අර ගෑණු මිනිස්සු කොරන්නයි මිනිස්සු ගැහැණු කොරන්නයි... (කෙල්ලෝ ගැහැණු කොරන්නනං පුළුහං වෙන්ට ඇති මයෙ හිතේ...)

ඉතිං බලහල්ලා මෙච්චර දේවල් පුළුහං උදවිය මේ නිකං පහල උනාද.. නැහැ අමුතු අමුතු දේවල් වලින් තමා ඔය හැම දේම සිද්ධ උනේ...

ඉතිං...

ඉතිං කියන්නේ දැන් මේ කියන මනංපිටියේ ගෑණු කෙනා උනත් ඔය උල්කාපාත කෑල්ල ඉඹින්ට ගොහින් නිකං හරි අර කලින් සිද්ධිවල වගේ අමුතු පවර් එකක් ලැබිලා අහසින් යන්ට එන්නට ගත්තනං... අතින් අල්ලලා පාරේ දුවන වාහන සුටුස් ගාලා නවත්තන්ට ගත්තනං... හොරු මංකොල්ල කාරයෝ තොග ගානට අල්ලලා පොලෝසියට බාර දෙන්න ගත්තනං... කාටද ආඩම්බර... කාටද ඒකේ නම්බුව.. මේ දුප්පත් පුංචි රටේ අපිට නේද..? ඒ ගෞරවේ අපිට ලබා දෙන්න නේද මේ ගෑණු මනුස්සයා තමුන්ගේ දිවි පරදුවට තියලා අර උත්සහය අරගන්නේ... මොන තරං උත්කුරුස්ඨ කාන්තාවක්ද..? මොන තරං දේෂහිතයිසී කාන්තා රත්නයක්ද.. එහෙව් අම්මණ්ඩිට නේද අර යක්කු අරෙහෙම පඩත්තල කතා කියන්නේ... අම්මපා ඉතිං මයේ යකා ඇවිස්සෙන එක අහන්ටත් දෙයක්ද..? මුංගේ ඉරිසියාවනේ ආයිබෝං.. අපේ එකෙක් උඩිං යයි කියලා... තුක් ඉරතක්...

අනික ඔය අල්කාපාත කෑල්ල ඉම්බා කියලා ඔයාකාර දෝස කියන්ට ඕනද අර ගමක අහිංසක ගෑණු මනුස්සයෙකුට.. දැන් ඔය අපේ උන්දලා අතේ තියෙන තුට්ටු දෙක විතරක් නෙවෙයි ඇදන් ඉන්න සරම කමිසේ හිටං උගස් කරලා ඒවා පරදුවට තියලා බූරු ගහන්නේ නිකංද..? එතකොට රුපියල් විස්ස විස්ස පුදලා ලේසියකට දිනුමක් නැහි බව දැන දැනම සුවිප් ටිකට් ගන්නේ නිකංද..? ඇයි එතකොට අස්ප රේස්වලට සල්ලි දාන්නේ..මොකද ඒවයින් ගොඩ ගිය උන් බුරුතු ගානට ඉන්නවා කියලද..? නැහැනේ.. මේ හැම එකක්ම කරන්නේ යම්කිසි දියුණුවක් ලබන්ට.. ඒත් ඉතිං ඒ හැම එකක්ම හරි යනවෑ.. එහෙමයි කියලා අපි එහෙම නොකර ඉන්නවෑ... ඒ හැම දෙයක්ම මනුස්සයෝ කරන්නේ දියුණු පමුණු වෙන්ට..ඉතිං එහෙවු එකේ මේ කොහේවත් යන ගල් කෑල්ලක් ඉම්ඹා කියලා ඇති වරද මොකක්ද.. අනික ඒ ගෑණු මනුස්සය ඉම්බේ ගල් කෑල්ලක් මිසක් අහල පහල අනුන්ගේ මිනිහෙක්වයෑ... එහෙම ඉම්බත් ඒ ගෑණු මනුස්සයගේ මිනිහටත් නැති රුදාවක්නේ මුංදලට තියෙන්නේ... තූ..තූ... මෙහෙමත් ඉරිසියාකාරයෝ....

හනේ ඉතිං අර උන්දෑ ඔය උල්කාපාතේ ඉඹලා.. කොහොම හරි අර සුපිරි පවර් එකක් ලබා ගත්තනං... අපිට කොයි තරං දෙයක්ද ඒක.. එහෙමනං උන්දෑ රෙද්ද හැට්ට ඇදලා... හැඳි මිටක් අතින් අල්ලගෙන.. අර හිට්ලර් අත දික් කරං ඉන්නවා වගේ ඒ හැදි මිටත් උරුක් කරං අහසේ වෙඩිල්ල වගේ විදලා යන ගමන් මේ අපිව දැක්කම ටටා පාරක් එහෙම දීගෙන යද්දී කාටද ඒකේ සංතේසේ... කාටද ඒකේ නම්බුව... ඒ ගැන හිතහල්ලාකෝ ටිකක්... හප්පා එහෙම හිතද්දිත් මට දැනෙන සංතෝසේ... අනේ මේක දකින ඔය ගංවල මලයලා නගාලා..නැන්දලා මාමිලා.. අක්කිලා අයියලා... හැමෝම ඔය පාන්දරයලා වගේ ඉරිසියාකාරයින්ගේ පඩත්තල කතාවලින් අදයිරියට පත් නොවී... අහසින් වැටෙන හැම ගස් ලබ්බම අල්ල අල්ල බලහල්ලා.. බලලා ඉඹහල්ලා... ඒ කොහොම හරි කරලා මේ මෙලෝ රහක් නැතිව ඉන්න අපිටත් අපේ පණ කෙන්ද ලිස්සලා යන්ට කලින් දැක බලා ගන්ට අහසේ වටයක් දෙකක් ගහපල්ලා... එච්චරයි වෙන්ට ඕන...

ඔය ඉරිසියාකාරකං කරන උනුත් ඒවා අතෑරලා මෙහෙම දේකදී ඒ අයව උනන්දු කරවන්ට උත්සහ ගනිල්ලා... ඒකයි අපෙන් වෙන්ට ඕන ජාතික මෙහෙවර... එහ්නං...

69 comments:

  1. අපේ එකෙක්ට හරියනවට මුන් ඉරිසියයි

    ReplyDelete
    Replies
    1. මේ උතුම් කාන්තාව හෙළ යක් පරපුරේ වියයුතුයි ,අහසින් ගිය රාවනාගෙන් පැවතෙන්නන් වන අපගෙන් එකෙකුට මෙවන් වරමක් ලැබුනොත් එයනම් මට අතිමහත් ප්‍රීතියකි මාරයාණෙනි

      Delete
    2. අන්න නියම හෙළු පුතෙක්... අපි හැමෝම ආඩම්බර විය යුතු තැන්වලදී ඉරිසියා කරන්ට නරකයි...

      Delete
    3. මෙය දැනගත් මොහොතේ පටන් මගේ හෙළ යක් ලෙය කැකෑරෙන්නට විය ,හෙළුවන්ට බලය ලබෙනවග දැන එයට විරුද්දව ක්‍රියාත්මක වන විදෙස් කුමන්ත්‍රණයක් විය නොහැකිද මෙය මාරයාණෙනි

      Delete
    4. විය හැකියි..විය හැකියි...

      Delete
  2. ඔබේ ඉරිසියාව මගේ දියුනුවයි... ආටා එකක පිටිපස්සේ ඔහොම්ම කොටලා තිබ්බනේව මාරයියේ අනේ හැබැට නේද..

    ReplyDelete
  3. //ඔය උල්කාපාත කෑල්ල ඉඹින්ට ගොහින් නිකං හරි අර කලින් සිද්ධිවල වගේ අමුතු පවර් එකක් ලැබිලා අහසින් යන්ට එන්නට ගත්තනං... //


    ඔය දේශපාලු උත්තමයෝ අහසින් යන්නේ අහවල් එක ඉඹලාද බන් ?

    ReplyDelete
    Replies
    1. සමහර උන්නං එහෙම එක එක ඒවා ඉඹගෙනත් දේශපාලනේට ආවා කියලානං අහලා තියේ...

      Delete
  4. දැන් මේක කියවලා හැමෝම ගල් ඉඹින්න පටන් ගනීද දැන්නෑ ?

    ReplyDelete
    Replies
    1. අනේ මංදා..මේක බලපු ඇලානං අන්න පහල කියලා තිබුනා ගල්වල කෙල ගාපු කතාවකුත්... ඔව්වා ඉතිං අපි දන්නවෑ..

      Delete
  5. ප්‍රොෙමාෂන් පාරක්ද මේ....

    ReplyDelete
    Replies
    1. මොන ප්‍රොමෝෂන්ද නලින්... මේක මේ හිතේ කේන්තියට ලිව්ව එකක්...

      Delete
  6. මාරයාට සුභ නව-වරක් චක්කරයක් වේවා...
    ඔය ගෑණු මනුස්සයා ගල් ඉඹලා පර්යේෂණ කරන්න ඉස්සර අපි ගල් ඉඹලා (සුවඳ) අතගාලා (ස්පර්ෂ) කෙළගාලා (ද්‍රාව්‍යතාවය)ආදී වශයෙන් පර්යේෂණ කළේ.... අන්න ඒ පර්යේෂණවල සොයාගැනීම් නිසා තමයි අද රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ ආයතනය මේ තරම් සාර්ථකව පවත්වාගෙන යන්නෙ...
    අනෙක තමයි අපේ ශ්‍රී ලාංකිකයො සතු ගල් පිළිබඳ දැනුමට ගහන්න තවත් දැනුමක් ලෝකෙ කොහේවත් තියෙනවා කියලා හිතන්න අමාරුයි.. මොකද කියනවා නම් අපේ ලංකාව ගල්වලට ප්‍රසිද්ධ වුනේ අද ඊයෙ නොවන නිසා.. රත්න දීප කියලා අප මාතෘභූමියට නම වැටුනෙ අතීතයේ තිබුණ ගල් නිසා...
    ඒ නිසාම වෙන්න ඇති අපේ මේ ශ්‍රී ලංකාද්වීපයට මෙච්චර ගල් වදින්නෙ...

    හැබැයි මම මේ ඉහත කියපු හැම දේටම එකඟයි... විශේෂයෙන් අර කාන්තාවට සුවිශේෂ බලයක් ලැබුණා නම්, අසාධාරණයට, දූෂණයට, භීෂණයට, එරෙහිව සටන් කරන දිරිය මාතාවක් වේවි... එහෙනම් ඉතිං බටකොළ ආච්චි නැවත උපත ලැබුවා වගේ තියේවි...
    කොහොමද ගල් දෙක අස්සෙ වැරදුනා... කකුල් දෙක අස්සෙ ඉදලත් ගහගෙන අහසින් ගිහින් කණ්ගැට්ටා වගේ පොරවල් ගේම දෙන්න යනකොටම කණෙන් අල්ලගෙන ඇවිත් ගෝල්පේස් එකේ බණ්ඩාරණායක ප්‍රතිමාව මුල ගැට ගහලා ඉන්නකොට... අම්මපා මැවිලා පේනවා... එතකොට අපේ කෙල්ලොත් ඔය බාගෙට අඳින ඒව නවත්තලා ඒ ආදර්ශමත් මාතාව වගේ රෙද්දයි හැට්ටෙයි ඇඳලා යන හැටි...
    හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා... සමහර වෙලාවට සුපිරි වීරයෝ තමන්ට තිබෙන බලය ප්‍රසිද්ධියෙ පෙන්වන්නෙ නැහැ.. ඒ නිසා ඒ ආදර්ශමත් මාතාව බොරුවට සිහිය නැතිවෙලා වගේ හිටියද දන්නෙ නැහැ..
    ඔන්න රෑට රෑට අපරාධකාරයො අතුරුදහන්වෙනවා කියලා කතාවක් හැදුනොත් අන්න ඒ ආදර්ශමත් මාතාව රහසේ ක්‍රියාත්මක වෙලා කියලා අපට සාධාරණ උපකල්පනයක් කරන්න පුළුවන්..
    නැද්ද මං අහන්නෙ ?

    ReplyDelete
    Replies
    1. යකෝ මේක එහෙං පිටිංම පෝස්ට් එකක්නේ... ඇල්කෙමියට ගල් ගැන මනා පරිචයක් ඇති වග සක් සුදක් සේ පැහැදිලි වූ කොමෙන්ටුවකි...

      අම්මපා අන්තිමට කිව්වා වගේ උනාද දන්නෙත් නැහැ... ඒත් එහෙම උනොත් මේ ඉරිසියාකාරයෝ ඊ ළගට ඒකටත් අර කොහේවත් ඉන්න ගෝඨයියව අල්ල ගනී...

      Delete
    2. ගල් කිව්වොත් ඉතිං නලිනයා ඇමිනෙන්නමයි බලන්නේ. එතකොට හොද එකෙන් ලියනවත් එක්ක.. හැක්..

      Delete
  7. යකෝ මන් කිව්වේ අර ගෑනිගේ මිනිහා ගැන හිතලා. බැරිවෙලා හරි අර ගෑනිට සුපර් පවර් ලැබුනොත් අර මිනිහට මොන කලක් යයිද මන් අහන්නේ. :-D

    ReplyDelete
    Replies
    1. පලයල්ලා පලයල්ලා... උඹලගේ පැහැදිලි මෙව්වා එක ඔය... අනික දැන් බලහං කිව්ව කතාව... එහෙං පිටිංම ගෑණු උඩ යයි කියලා ඉරිසියාවනේ... සික්

      Delete
    2. යෝදයා උන් නිකනුත් යන්නේ උඩින් තමා තව ඕවා ඉඹලා ඊට පස්සේ තවත් උඩින් යන්න ගත්තම අපිට කොහොමත් දැන් තියෙන හුළං ටික තවත් වැඩි වෙන එක තමා වෙන්නේ :-D

      Delete
    3. හරි හරි බං ඒ මෙහෙ ඉන්න පොෂ් ඩයල්නේ.. මේ අර ගමක අහිසංක ගෑණු කෙනෙක්නේ... එහෙම කෙනෙක් උඩින් ගියාම මොකද..අනික රෙද්ද හැට්ට ඇදලා... :D

      Delete
  8. ඊරිසියාව රෝගයක්.ඒත් ඉතිං එහෙම කරනවා කියන්නේ තමන් තව තවත් දියුණු වෙනවා.ඊරිසියාව පන්නරයක් කරගෙන ජිවිතය ජය ගනිමු.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ.

      Delete
    2. හික් හික්... දෙවැනි සීන් එකට නේද ඉන්දරේ..? මටනං ඇඩෙනවා...

      Delete
  9. හෙහ් හෙහ්... ඔච්චර දුරට කල්පනා වෙන්නෙ නෑනෙ බන් අපිට... උඹේ මොලේ කවදහරි ඇල්බට් අයින්ස්ටයින්ගෙ එක ගාවින්ම තියන්න කියන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමනේ කෙරෙන්න ඕන නේද..? දැක්කනේ සාතන්ගේ කිසිම ඉරිසියාවක් නැහැ...

      (කවුද මංදා එකෙක් කිව්වා මෑනුත් ඉස්කොලෙන් පැන්නුව කතාවක්.. නැහැ මං සැලෙන්නේ නැහැ ඒවට..එව්වත් මේ ඉරිසියාවට කියන කතා වෙන්න ඇති..)

      Delete
  10. මරු සිද්ධියක් මතක් වුණා... අපි දවසක් යාලුවෙකුගෙ ගෙදරක අවමඟුලකට ගියා... අපි බාරගත්ත අර වල වටේ සරසන කෝස් එක... කට්ටිය හීනියට ඔතාපුව පාවිච්චි කරල වැඩේ කරගෙන ගියා... එකෙක් පැත්තකට වෙලා සොහොනක් උඩ වාඩිවෙලා තඩියට ඔතපු එකක් උරනව... දුම් කෝච්චියයි... අදින පාරට අගින් ගිනිදැලුත් එන සයිස්... කිට්ටුවෙලා හොයල බැලින්නම් මූ.. අරව මදි වෙලා ලඟ තිබුනු සයිප්‍රස් ගහේ වේලිච්ච කොල පොල්හුල වාගෙ ඔතාගෙන අදිනව.... අපි පලු යන්න බැන්නහම මූ කියනව... " වැඩේ වැරදුන හින්ද උඹල බනිනව... මට මේකෙන් වැදුන නම් හෙට මම කෝටිපතියෙක් " කියල...

    ...........................

    මාරයා... පැතු පැතුම් ඉටුවෙන සිත තුටින් බරවෙන සුබ අලුත් අවුරුද්දක්...!!!

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනේ... අපේ අය හැම තැනදිම දැන හෝ නොදැන කරන්නේ ඉරිසියාකාරකංමයි.. අර වගේ කොල්ලෝ තමා මේ ලෝකය දියුනූ කරන්නේ.. සපාලා කරන්නේ එහෙම උන්ට මග අහුරන එක... ඔන්න තවත් ඉරිසියාකාර බ්ලොග් කරුවෙක්.. දැන් තුනයි...

      බොහෝමත්ම ස්තූතියි කිව්වා සුඵ පැතුමට... ඒ වගේම අයියටත් අක්කටත් හිතන පතන දේ ඒ හැටියෙන්ම ඉස්ට සිද්ධ වෙන වසරක් වේවා...!

      Delete
    2. ආ අනිත් කාරනේ... දැන් මේ මෙච්චර අපූරු කතා තියාගෙනත් අර උලව්ව නොලියන්න හේතුවක් කියමු බලන්න... මේක මෙතන මෙහෙම අගලට තලලා දැම්මට මේකම අඩියට ඇදලා ලියන්ට ඇහැකි කතාවක්නේ...

      Delete
    3. මාත් කියන්ඩ ගියෙ ඔය ටිකමයි.
      'මට මතක හැටියට' අහරෙ වේලෙනව.

      Delete
  11. මදෑ 1වෙන්න ආවා. සුබ අලුත් අව්රුද්දක් වේවා

    ReplyDelete
  12. ගල් අපිට නැතුවම බැරිය.ගල් කිව්වම තරුණ අපට ගල් දෙයාකාරයකින් වැදගත් වන්නේය.එක ගලක් ඉඹින්නේ හොඳ සිහියෙන්ය අනික ඉඹින්නේ සිහිය නැතුව ගියහමය.හැබැයි මේ කියන ගල ඉස්පෙසල්ය.(අතේ තියනව කියන ගල)ගලට පෙම් බඳින අයට ඉරිසියා කරන එක හරි වැරදිය පවුය

    ReplyDelete
    Replies
    1. යකෝ නම වෙනස් කරහං අවතාර් වෙනුවට “ගල් ඔස්තාර්“ කියලා...

      Delete
  13. ෴ ... හොරු මංකොල්ල කාරයෝ තොග ගානට අල්ලලා පොලෝසියට බාර දෙන්න ගත්තනං... ෴

    ඔන්න මාරය අයියෙ ඔහේ වරද්ද ගත්ත තැන, ඔහේ කියන්නෙ අපිටත් දේශද්‍රෝහියෝ වෙන්න කියලද? මේ අපි නෑ ඕවට. (හෙට උදේ වෙන කොට වැඩේ හරිද බලන්නවත් අර උන්දැ ඉඳීද අතුරුදන් වෙයිද මන්ද)

    ReplyDelete
  14. මෙයට ඉරිසියා කිරීමට දෙයක් නොමැත.නව සොයා ගැනීමකි.එම අංගනාව නව නිර්වින්දන ඔසුවක්‌ සොයාගෙන ඇතැ.නමුත් නරක පුර්වදර්ශයකි.මෙය කාන්තාවන් නිර්වින්දනය කීරීම සඳහා පිරිමින් විසින් යොදා ගැනීමට ඉඩ ඇත.

    (දැන් ඔය උම්මා දීපු ගල අහසින් වැටුන එකක් කියල සුවර්ද?)

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔය කිව්වමනේ මටත් ඒක මීටර් උනේ..බලහං මුං මේ එහෙවු සොයා ගැනීමකටනේ ඉරිසියා කොරලා තියෙන්නේ..

      Delete
  15. //නිකං යෝධයෙක් නෙවෙයි ඌ යූ ඇන්පී යෝධයෙක් වෙනවා..//

    අඩේ මට එකපාරටම මතක්වුනේ රනිල් මාමාව.... කොහෙන් ගියත් ඒ අහිංසක කාටවත් කරදරයක් නැති ඇල්වතුර ටිකට ඉන්න මනුස්සයගේ කඩේ ගාවගන්නවනේ ඉතින් පව් අප්පා...

    අර මනුස්සයට දැන් ප්‍රවේසම් වෙන්ඩ කියන්න මාරයියේ වැරදිලාවත් ඒ අහිංසක මනුස්සයා තමංගේ හාමිනේව උතුරාගත නොහැකි ආදරෙන් ඉඹලා කාරිය මොකාක් හරි වින්නැහියක් වුනොත් කාට කියන්නද??? එහෙමත් වෙලා ඕක වයිරස් එකක් වගේ පැතිරිලා ඉඹින ඉඹින එවුන් මැරිලා වැටෙන්න ගත්තොත් මොන දෙයියංට කියන්නද මං අහන්නේ..... අහිංසක අපිටත් මොකාක්වත් ඉඹලා දැන කියාගන්න බැරිවෙනවනේ අප්පා.... ඉතිං අර අපේ අයියලා දෙන්නා ඒ කතාව කියලා තියෙන්නේ අපේම හොඳටනේ අපිට තියෙන ආදරේටනේ....

    ඕං ඔහේ අල්ලලා දාන්න මාරයියේ ඉඹින්න පෙර සිතා බලනු කියලා බලාගෙන ඉම්මුකෝ....

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බං රනිල් මාමට මාත් හරි ආදරෙයි මෙහෙම හිටියට... උන්දැ හින්දනේ අපි මේ සැපට ඉන්නේ...

      අල්ලලා දාන්නනනං බැරියෑ බං.. කෝ ඒත් මුංගේ මේ ඉරිසියාකාරකංවල නිමක් නැහැනේ...

      Delete
  16. එතකොට ඔය කාන්තා රත්නයටත් උඩින් යන එර්දි බලය ලැබුනොත් යට අඳුම උඩින් අඳින්න වෙයි, මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒක මට කල්පනාවට ආවෙම නැහැනේ...

      Delete
  17. සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  18. ඔය රෙජිස්ටර් බෙබාට ඔය වගේ ගල් කෑල්ලක් හම්බුනොත් මොනා කරයිද? අහිංසක හිම්බිජ්ජා වගේ උන්නට ඕකා තමා මේ බ්ලොග් අවකාශෙටම ඉන්න නොසන්ඩාලයා,,ඕකා එක්ක තවත් ඒ වගේම නොසන්ඩාලයෝ සෙට් එකක් ඉන්නවා,,,නිකමටවත් ඕකුන් ලගට ඔය ගලක් පාත් උනොත් ඉන්න හිටින්න හම්බෙන්නේ නෑ මේ අහල පහලකවත්

    ReplyDelete
  19. පැහැදිළි ඉරිසියාවම තමයි ඉතින්,,

    ReplyDelete
  20. Matath den blog belilla epa wela ban thiyenne..gossip 9 ekak allagena ane manda ekek uge warigayatama jathiya amatha katha karanawa.. Honda lipiyak liyaka thawa kebekta adarshayak wenna nemei abunta garahala santhosa wena amana sinhala jathiya..demalu nuslim aya 10000% hondai ammapa..

    ReplyDelete
  21. මාත් ගල් ඉඹලා උඩින් ගිය බවක් මතක තියේ... ගල් ඉඹිනවාය කියන්නේ මූලික පරීක්සනයකි.... බරපතල ටැස්ටිං පසුවටය... හැබැ‍යි කාන්තාවක් ගල් ඉඹින දර්සනයක් මේ නිල් පාට විස්වයේ කොහේදිවත් දැකලා නැතිය. අරුන් දෙන්නාට ඉරිසියා හිතුනේ ඒ හින්දා වෙන්නට ඇතිය. හැබැයි පුතෝ දැන් දැන් ඉඹින්නට හිතෙන ගල් වැහි වැහැලාය. ඕවා ඉඹින්නට ගියොත් කොයි වෙලේ හරි සිහි නැතිවෙන එක සුවර්ම සුවර්ය.

    ReplyDelete
  22. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  23. ඔවුන් දෙන්නගේ පැහැදිලි ඉරිසියාව නේන්නම් ඕක ! අපිත් මේ බල බලා ඉන්නෙ කවුරු හරි රෙද්ද හැට්ටෙ ඇඳලා උඩින් යනකම්ම නොවැ !

    ReplyDelete
  24. ඔය ගල් කැපුවට කමක් නැද්ද

    (මම කියුවේ හැක්ෂෝ එකකින් වගේ)

    ReplyDelete
  25. ආශ්චර්යමත් යුගය උදාවෙනවා වගේ :D

    ReplyDelete
  26. නිස්ටඹුවේ කළු මාරයාට අඩිය තියන තියන තැන පෝස්ට්කටු දාන්න දෙයක් ලැබෙන බ්ලොගේට සුභ, අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  27. අඩේ මාරයො උඹ ඉන්න පැත්තට එහෙම ඔය ගල් වැටුනෙ නැද්ද?

    කොහොම උනත් මේකනං පැහැදිලි ඉරිසියාවක් තමයි.

    ReplyDelete
  28. Ale ehema una nam kochchara shok da e akki gavuma adala udin yaddi hari lassanata thiyevi.anith ek api e vage minissunva thava thavath dirimath karanna one

    ReplyDelete
  29. නව වසර සුභම සුභ වේවා!

    ReplyDelete
  30. අප්පට හුටා..... මට දැණුයි තේරුනේ ඔය බස්වල හිටන් කෙල්ලන්ගේ කොන්ඩෙ උරහිස් ඉඹින්නේ මේ පවර් එක ලබා ගන්ට වෙන්ටෑ... කව්ද අනේ දන්නෙ... මේ වගේ දැණුවත් වීම් ඉතින් බ්ලොග් ළොවෙන් හැර වෙන කොයින්ද ඈ....

    ReplyDelete
  31. හුටා කාපන් පාන් කිව්වලු. මාරයා අයිය සෑහෙන්න දේශප්‍රේමියෙක් වෙලානේ බොල.
    සුභ නව වසරක් වේවා

    ReplyDelete
  32. අර කිව්වත් වගේ බං. අර ගෑනු මනුස්සයට හෙන පවර් එකක් ලබුනන් අපේ උන් බැන බැනම ඉදි. අනේ බුදු නංගියේ මට මේක කොරලා දියන් කිය කිය පස්සෙන් යයි....... හැබැයි පුතෝ අපේ උන් මේක කියවල දැන් එක කෙළියට ගල් ඉබින්න යයිද දන් නැහැ ඔන්......ඔන්න මාරේ උබ තමා ගල් ඉබිල්ල ප්‍රොමෝට් කොලේ...........

    ReplyDelete
  33. හික්....හපොයි....පාන් කෑවොත් ඔහොමමයි...... :)

    ReplyDelete
  34. දැනට මේ පේන්න ඉන්න මායා කාරයොයයි, විජ්ජාකාරයොයි වැඩිත් එක්ක. ඒ අස්සේ මාරය ඉදං ගල් ඉඹිල්ලකුත් ප්‍රමෝට් කරනවා.. ඊට පස්සෙ ඔය ගල්කාරයොත් (ගල් සිම්බ උදවිය) මායා කොරන්න ගත්තොත් හලි සෝයි එකට තියෙයි.. හෙහ්.
    සුභ 2013 මාරයෝ!

    රස්තියාදුකාරයාගේ දිනපොත

    ReplyDelete
  35. පෝස්ටුවයි කමෙන්ටුයි බලලා හිනා වෙලා හිනා වෙලා හුස්ම හිර වෙලා තව පොඩ්ඩෙන් නවතිනෙ යම ලෝකෙ.මාරයි මාර අයියෙ පෝස්ටුව..
    මම,
    http://kalusudu-nimthera.blogspot.com/

    ReplyDelete
  36. ඔය ගෑනු දරිවිගේ ගෙවල් පැත්තට වැටුන නිසා ගල ඉබල නැවතුනා , මාරයාගේ ගෙවල් පැත්තට වැටුනානම් ඕකත් කපනවා

    ReplyDelete
  37. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  38. නීතියෙ හැටියට ගල් අල්ලනවා තියා ගල් වල අත වැදුනත් ක්‍රිමිනල් කේස් එකක්. එහෙව් එකේ ඉඹින්න ගිය එකනෙ වැඩේ. ඔය කාන්තාව (රත්නයද මොකක්ද එක. මළා රත්න කියන්නෙත් ගලට නේද?)වහාම රක්ෂිත බන්ධනාගාර ගත කරන්න ඕන. ඊට පස්සෙ පාර්ලිමේන්තු කමිටුවකින් නඩු අහලා හිස ගසා දාන්න ඕන.

    සුබ නව වසරක් වේවා. 27 වෙනිදට හම්බ වෙමු මාරයියේ. ජය...!

    ReplyDelete
  39. දේශ ප්‍රේමි මාරයා මැති තුමාට මේ ලැබුවා වූ නව වසර හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන නව වසරකම වේවා.....

    ReplyDelete
  40. හල්ක් කියන්නෙ යූඑන්පී යෝදයෙක් කියලා මට මතක් වුනෙත් උඹ කිව්වට පස්සෙ බං.
    රුසියාවර වැඩිය ලොකුයි කියනවනෙ ඉරිසියාව. ඔය ත්‍රීවීල්වලත් ගහලා තියෙන්නෙ.
    සික් අපේ බ්ලොග් කාරයෝ නම්...
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  41. රතු වැස්ස කහ වැස්ස මදිවට කොල වැස්සයි ආකාශ වස්තු වැස්සයි ඇවිත්..ලෝක විනාශෙවෙනකොට නම් වහිනවා කියන්නේ මුරුගසන් වරුසාව.. එතකොට එකිනෙකා මරා ගන්නකල් සාමෙන් ඉන්ඩ කියලා හැමෝටම කියන්නේ.. ,මාරයා මලයාට සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  42. පන්සල් කතා,බස් පළුවන්ගේ කතා වගේ කතාවක් අහන්නත් ආසයි.

    ReplyDelete