13 January 2013

කොතැනක සිටියත් මා මෙලොවේ...

ඉස්සරනං මෙහෙම හැම එකම ඔහේ ලියං ගියාට දැන් දැන් එහෙම ලියවෙනවා අඩුයි කියලා මටම දැනෙනවා... කම්මැලිකමද..? නැත්තං වෙන මොකක් හරිද කියන්න මටම තේරෙන්නේ නැහැ... කොහොම උනත් මේක ලියන්න ගත්ත මුල්ම කාලෙට වඩා දැන් වැඩ වැඩි වීමත් හේතුවක් වෙන්න ඇති...

අද ඉරිදා දවසනේ.. ඒ කියන්නේ මෙහෙ පොල දවස.. උදේ අටට වැඩට එන්නත් ඕන... ඒ කොහොම උනත් එයිට කලින් පොලට ගිහින් ඕන කරන අඩුම කුඩුම ගෙනත් තියලා වැඩට දුවන එක තමා මං ඉරිදට වැඩ වැටිලා තියෙන දවස්වලට කරන්නේ.. එහෙම නැතිව ඉරිදා නිවාඩුනං ඉතිං උදේ අටට වැඩ ඇරිලා ගිහින් නවයට දහයට විතර පොල පැත්තේ ඇවිත් නිවී හැනහිල්ලේ බඩු මුට්ටු අරං යනවා...

කොහොම උනත් අදනං ඇත්තටම පොලේ යන්න තරං දෙයක් තිබුනෙත් නැහැ.. ඒ කිව්වේ මේ ටිකේ කරන්නේ ගෙදර තිබුන උයන පිහන බඩු අහවර කරන එක... අනික වැඩ පලත් එක්ක උයන්න පිහන්න වෙලාවක් අහුවෙනවත් අඩුයි.. ඒ හින්දා වැඩි හරියක්ම කඩෙන් තමා කෑම... හදාගත්තත් ඔය සුළු දෙයක් තමා... ඒ හින්දා පොලේ ගිහින් ගේන්නය කියලා ඒ හැටි දෙයක් තිබුනේ නැහැ.. ඒ උනාට ආයේ මට මේ පොලට යන්න වෙන එකක් නැහැ කියලා දන්න හින්දා අන්තිම පාරටත් ඔන්න ඔහේ ගිහින් එන්න කියලා ගියා...

වෙනදා වගේ කරවල ජාති දෙකක්.. අනං මනං ගන්න තිබුනේ නැහැ..ගෙදර තව කරවල තියෙනවා... පොල් ගෙඩි දෙකකුයි.. අල ටිකකුයි... අමු මිරිස්..රතුළුණු රම්පේ කරපිංචා ටිකක් එහෙම අරං මං ආපහු ආවා... ඒ ගෙනාවත් උයන්න වෙයිද දන්නෙත් නැහැ...

කොහොම උනත් හැමදාමත් මං බඩු ගන්න කීප දෙනෙකුටම කියලයි ආවේ මං ආයේ එන එකක් නැහැ කියලා... බඩුවක් ගත්තත් නැතත් හැමදාමත් කතා බහ කරලා එන්න පුරුදු වෙච්ච වෙලෙන්දෝ වෙලෙන්දියෝ කිහිප දෙනෙක් හිටිය නෙව... ඉතිං උන්දලට මතක් කරලා එන එක හොදයි කියලා හිතුන හින්දම තමා ඔය පොලට අද අඩිය ගැහුවේ...

වෙනදට හැමදාමත් කරවල ගන්න තැන මල්ලි... වට්ටක්කා කෑල්ලක්..එලෝලුවක් ගන්න තැන අයියා... අල ලූණු ගන්න තැන ඉන්න මුදලාලියි එයාගේ හාමිනෙයි... රම්පේ කරපිංචා ගන්න අක්කා... ඒ වගේම මට හැමදාමත් දරුවෙකුට වගේ කතා බහ කරලා කොහිල අලයක්..කැකිරි ගෙඩියක්..අමු මිරිස් ටිකක් වගේ දෙයක් විකුණන නැන්දට එහෙම කියාගෙන ආව... උන්දැටනං ඇඩෙන සයිස්... මං ඉතිං තනියෙන් උයා පිහාගෙන කන හාදයා කියලා ඔය කට්ටියම දන්නවා.. මොකද පොලේ ගියාට මං හැම එකම ගන්නේ සීමිත ප්‍රමාණ වලින්නේ... එහෙම ගන්න ගියාම මුල්ම කාලේ ඔය හැමෝම වැඩියෙන් දේවල් දෙන්න හැදුවත් මං එච්චර වැඩියි මේ ටික තිබුනම ඇති කියලා මට ඕන ප්‍රමාණ කිව්වම අනිවාර්යෙයෙන්ම අහනවා ඔය කීදෙනෙකුටද කියලා.. එතකොට ඉතිං කියන්න එපෑ මට විතරයි කියලා.. එහෙම පටන් ගන්න කතාව අවසානෙදි අහවර වෙන්නේ මගේ වංහුං ටිකක් විතර දැනගෙන තමා.. හැබැයි එයින් පස්සේ උන්දලා හැමෝම මට හුගක් හිතවත් වෙනවා... ආයේ මං අමුතුවෙන් කියන්න ඕන නැහැ..මට ප්‍රමාණවත් වෙන තරමට දේවල් කිරලා මැනලා දෙන්න දන්නවා... 

ඔය අන්තිමට කිව්ව නැන්දත් එහෙමම තමා.. උන්දෑ ලොකුවට වෙළදාමක් කරන කෙනෙක් නෙවෙයි.. ඔය ගමේ ගොඩේ තියෙන දෙයක් උස්සං එන කෙනෙක්... බොහොම වෙලාවට තියෙන්නේ කොහිල අල..කොල ජාති... කොස් ඇට... කඩ මිරිස්..නාරං..කොච්චි..අමු ඉගුරු... කිරි අල ටිකක් වගේ දේවල්... ඉදහිට කැකිරි ටිකක්..වැටකොළු පතෝල වගේ දේකුත් තියෙන වෙලාවල් තියෙනවා... කොහොම උනත් පොල වටේම ගියත් අවසානෙදී උන්දැට රුපියල් දහයක් විස්සක් දීලා කැකිරි ගෙඩියක් කොහිල අල කෑල්ලක් නැති උනොත් මිරිස් ටිකක් දෙහි ගෙඩියක් හරි අරං එන එක මගේ පුරුද්ද... මං මෙහෙං යන වග කිව්වම වෙළදාම නවත්තලා බොහෝම දුකින් කතා බහ කොරලා ආයේ මේ පැත්තේ ආවොත් කතා කරලා හරි යන්න එන්න කියලා කිව්වේ අවුරුද්දක් විතර කාලයක් දැන හදුනාගත්ත ගනුදෙනු කාරයෙකුට වඩා තමුන්ගේම නෑයෙකුට සමාන විදියට...

අවුරුදු තිස් තුනක ජීවිත කාලයෙන් ගෙදර හිටිය කාලේ ටිකක් වැඩියි.. එයින් පස්සේ එක තැනක හිටිය කාල හරි අඩුයි... රංපොකුණුගමට මං ඇවිත් දැන් අවුරුදු එක හමාරක් විතර වෙනවා... අනිත් හිටිය හැම තැනකදීම වගේම මෙහෙදිත් දැන හදුනාගත්ත අය අතරේ වැඩියම මට සමීප උනේ මේ වගේ බොහෝම පුංචි මිනිස්සු තමයි... මාත් එක්ක වැඩ කරපු සරා.. එතකොට කලින් වැඩ කරපු තැන හිටිය අපිට බත් දුන් රමණි අක්කා.. පන්සල ලග අමරේ අයියගේ පුත්තරයා... මේ පොලේ නැන්දා වගේ බොහෝමයක් අය හුගාක් ලොකු මිනිස්සුන්ට වඩා හරි අපූරු මිනිස්සු... අදටත් සරාලා.. රමණී අක්කලා.. මං කොහේ හිටියත් ඉද හිට කතා කරලා සැප දුක් අහන්න අමතක කරන අය නෙවෙයි... අමරේ අයියගේ පුත්තරයා අවුරුද්දකට දෙතුන් පාරක් මං බලන්න එන එකත් වරදින්නේ නැහැ... ඒ ඒ මිනිස්සුන්ට ඇති ලාබ ප්‍රයෝජනයකට නෙවෙයි.. තනිකරම මනුස්ස කමට කියන දේ මං දන්නවා... එහෙම නැතිව හිටි හැටියේ මතක් වෙලා කතා කරන අයත් නැතිවා නෙවෙයි... ඒත් අර මිනිස්සුන්ගේ තියෙන ලෙංගතුකම හිතවත්කම ඒ කට හඩවල් වලින් එන්නේ නැහැ... කතා කරනකොට මුලින්ම කියන්නේ නිකං මතක් උනාට කොහොමද කියලා බලන්න කතා කලා කියලා උනත් ටික වෙලාවක් යද්දිම හැබෑම උවමනාව කියලා දානවා... කොහොමටත් මිනිස්සු කවුද කියලා කල් ඇතිවම දන්න හින්දා එහෙම වෙලාවට හිතට අමුතුවෙන් කණගාටුවක් එන්නේ නැති උනත් මිනිස්සු වැඩේ පැත්තක තියෙද්දී වත්ත වටේ යන එක ගැන හිනානං යනවා...

කොහොම උනත් ජීවිත කාලයක් ආස්සරේ කරපු බොහෝම ලෙංගතු චරිත අතරේ ලී මැස්සක් උඩ තියං ගොඩේ එලොලුවක් දෙකක් විකුණං හිටිය වෙළෙන්දියෙක් උන මේ නැන්දවත් මට කවදාවත් අමතක වෙන එකක් නැහැ... එහෙම අය සමහරක් විට ආයේ ජීවිත කාලෙටම හමු නොවෙන්නත් පුළුවන්... උදේ හවස හමුවෙන කතා බහ කරන හුග දෙනෙකුට එහෙම හිත ඇතුලේ ඉඩක් වෙන්නේ නැති උනත්... ඒත් මේ ලොකේ කොයි කොනක මං හිටියත් හමු උන එක තත්පරේකට හරි මනුස්සකම අඩුවක් නැතිව පෙන්නපු උදවිය හැමදාමත් මගේ හිතේ මාත් එක්ක ජිවත් වේවි... 

43 comments:

  1. 1 කොහේද බං යන්නෙ

    ReplyDelete
  2. තනියෙං හිටියට මාරයට කවදාවත් තනිකමක් දැනෙන්නැත්තේ මේ වගේ මනුස්සකම දන්න අය වටේ ඉන්න හින්ද වෙන්නැති

    ReplyDelete
  3. මාරයියේ මොකක්ද කේෂ් එක ගම දාල යනවයි o.O

    ReplyDelete
  4. ආයෙත් ස්ථාන මාරුවක්ද?

    ReplyDelete
  5. ඔන්න යන්තම් අසල්වැසිකමෙන් අයින්වෙනකොටම 1 වුනා. ඒත් මාරයියෙ මම දන්න දවසෙ ඉදං අහන මගේ කොල්ලගෙ හඳහන බලාගන්නත් බැරිවුණෙ නෙව.

    ReplyDelete
  6. ඔහොම දුප්පත් මිනිහෙක් තමයි බං තමන්ගෙ හදවතිංම මිනිහෙක්ව ආස්සරේ කරන්නෙ. සල්ලි පස්සෙ දුවන එවුවංට මිනිස්සුංගෙ අගයක් නෑ.

    ReplyDelete
  7. මනුස්සකම තෙරුනාට .. යන එන දිහාවක් අගක් මුලක් තේරුනේ නෑ මාරයා අයියේ.. මොකෑ කේස් එක..

    ( මේ ඒක නෙවෙයි අර පොලේ කට්ටිය එහෙමත් මේ බ්ලොග් එක කියවනවද )

    ReplyDelete
  8. මොකෝ මේ දාල යන්න හදන්නේ? කොහෙද යන්න යන්නේ?

    ReplyDelete
  9. මේ සංසාරේ හැටි තමයි. එක තැනක බොහොම ටික කාලයයි. ඕකට තමයි මේ තරම් ගහ මරා ගන්නේ. කමක් නැහැ යන තැනක හොදින් සිටීමේ කළාව හොදින් ප්‍රගුණ කළ ඔබට වරදින්න විදියක් නැහැ. සුභ ගමන්!!!

    ReplyDelete
  10. මිනිස්සු කියන්නේ කකුල් දෙකෙන් ඇවිදින, ඇඳුම් අඳින සත්තු ජාතියක් විතරක්ම නෙවෙයි කියන්න තරම් මාරයියා වටේට මිනිස්සු ඉන්නවා... හැම කෙනාම එහෙම නොවුනත් එකෙක් හිටියම කීපදෙනෙක්ගේ වැරදි කැපිලා යනවා... මාරයියා ඒ අතින් වාසනාවන්තයි...

    යන දිහාවෙදිත් මේ වගේ අය හමුවේවා.... කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  11. ස්ථාන මාරුවක් වගේ මාරයියේ. යන තැනක මේ වගේම සහෘද ලෙන්ගතු පිරිසක් මුණගැහෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. උඹ ගම් රටවල් දාල යනවද?... ඒකත් හොඳයි... එකම තැනක ඉන්නකොටත් එපා වෙනවවනෙ...

    ReplyDelete
  13. සත්තකින්ම....ඔය වගේ මිනිස්සුන්ගෙ තියෙන මනුස්සකම සල්ලි ඇති ඇත්තන් ගෙන්නම් බලාපොරොත්තු වෙන්න බෑ..!

    ‍රැකියාවේ මාරුවක්ද..?
    සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා..!

    ReplyDelete
  14. මගේ හිතට ආවේ "ගිනියම් අව්වේ මහා වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ" කියන ගීත කාණ්ඩය. මේක මිනිසුන් වැඩ ඉන්නේ කිව්වත් වැරදි නෑ.

    ReplyDelete
  15. මාරයා රට යනවා!!! සුබ ගමන්!!! සියලු පැතුම් සඵල වේවා!!!

    ReplyDelete
  16. මාරේ කොහේ ගියත් මේක ලියනවානේ.... කටයුතු හොදින් සිද්දවේවා කියන්නම්...

    ReplyDelete
  17. අද සමාජයේ ජීවත්වෙන මිනිස්සු ඇත්තටම මිනිස්සුමද කියල හිතෙන කාලෙක කවදාකවත් දැකලවත් නැති උබගැන අපිට දැනෙන හැගීම කොහොමද කියල මේ සයිබරේ කරක්ගහන උබේ බ්ලොගේ කොමෙන්ට් කරන පිරිස කියන දේවල් වලින්ම තේරෙනවනේ,
    එහෙව් උබ දවස් කීපයක් ගනුදෙනුවකට එහා ගිය විදියට ඇසුරු කල මිනිසුන්ගෙන් වෙන් වෙන එක වේදනාවක් බව අමුතුවෙන් කියන්න ඕනේනෑ, ජිවිතේ තාවකාලික නවාතැනක් පමණයි කියන දහම අපි කාටත් උරුමයි.. කොහේ ගියත් උබට වරදින්නෑ යන තැනක තව හොද මිනිසුන් උබ වටේ එකතු වෙයි..
    ඇත්තටම. ,
    ''කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජිවත් වෙන්න''....

    ReplyDelete
  18. යකෝ... එතකොට ගෙට්ටුව???

    මාරයා හැබැහින් බලන්න හිටියා මදැයි :(

    ReplyDelete
  19. කොතනක සිටියත් ඔබ මෙලොවෙ
    රැකගෙන ලැප් එක ඔබේ ඇකේ
    දිගුකල් පිස්සු කෙලින්න එන්නකෝ...ඕ ඕ...

    ReplyDelete
  20. ''ඉස්සරනං මෙහෙම හැම එකම ඔහේ ලියං ගියාට දැන් දැන් එහෙම ලියවෙනවා අඩුයි කියලා මටම දැනෙනවා... කම්මැලිකමද..? නැත්තං වෙන මොකක් හරිද කියන්න මටම තේරෙන්නේ නැහැ...''
    ඔකේ ඇයි අමුතුවෙන් තේරුම්ගන්න දෙයක්නෑ. මෙතනට වඩා අතනට(FB) මුල්තැන දීපු එකයි හේතුව..

    ReplyDelete
  21. මාරයා මාරු වෙයි ද ?
    කොහේ ගියත් දෙන්නට හොඳින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
  22. මාරයා මලයා කොහෙද මේ යන්න යන්නේ.

    ReplyDelete
  23. ඇත්තටම කියනවනම් මට සින්ඩියක් පටන් ගන්න හේතු වුනෙත් ඔබ වැනි බ්ලොග් වීරයන් නිසයි ,ඔබලාගේ ආශීර්වාදයෙන් බ්ලොග් එකක් ලියන්නත් හිතාන ඉන්නේ ,මාත් ලංකාවට ආපුවම ආශාවෙන් කොරන රාජකාරියක් තමා පොලේ යන එක ඔයාගේ පොස්ටුව බලපුවම මැවිලා පේනවා ,කොහේ ගියත් බ්ලොගේ යන යන තැන සිට බ්ලොගේ අප්ඩේට් කොරන්න මාරයා ජයවේවා ..!!

    ReplyDelete
  24. ඔළුව ඉදිමිච්ච ලොකු මිනිස්සුන්ට වඩා පොඩි මිනිස්සු දාහිං සම්පතයි...

    මාරෙ අයිය පදිංචිය වෙනස් කරනවද?

    ReplyDelete
  25. mare koi yanne habatama mamam dannwa umba yanne gass stove eka hadanna neda

    ReplyDelete
  26. ලෝකේ කොහෙත් කවදත් මනුස්සකම අඳුනන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ අයව පෙන්නේ මනුස්සකම අඳුනන මිනිහෙකුට විතරයි. මාරයාගේ ලිපි ගබඩාවේ ඒ වගේ සංවේදී මිනිස්සු ගැන ලියපු සටහන් සෑහෙන ප්‍රමාණයක් තියනවා. මාරයා කියලා නම දාගෙන ඔරෝගෙන හිටියට මාරයා කියන්නෙ මනුස්සකම අඳුනන සංවේදී චරිතයක් කියලා ඒ ලිපි වලින් පේනවා. අලුත් වෙනසට සුභ පැතුම්!!!

    ReplyDelete
  27. ඉස්සරට වඩා ලිපි අඩුවෙන්නනම් හේතුව අර පරණ යාළුවෙක්ව තරහා කරගත්තු එක! ඒ යාළුවා උන්නු කාලේ දවස ගානේ ලිපි වැටුනා මාරයියා ඇඳට වැටෙනකම්ම! :D
    සුභ ගමන්!

    ReplyDelete
  28. අඩෝ උබ කොහෙද යන්නේ ,අපිවත් එක්ක පලෝ

    ReplyDelete
  29. ඉතින් ඔහොම කියන්න ඇත්තේ පොලේ මිනිස්සු නේද . මොකද ඒ මිනිස්සු එහෙම්ම ඉඳිද්දී මාරයා වෙන තැනකට යන්න වගේ නිසා .

    ''කොතැනක හිටියත් ඔබ මෙලොවේ ..බ්ලොග් එක නොම අත්හල යුතුවේ ''

    ලෝකේ හරිම නරකයි කිව්වට හොඳ මිනිස්සුත් ඉන්නවා

    ReplyDelete
  30. හුටස් ඒ පාරමොකෝ වෙන්න යන්නේ

    ReplyDelete
  31. සිකුරු හතේද?

    ReplyDelete
  32. අහල ඇතිනෙ මේ සිංදුව...

    "සාම ල අමර ල පොත් තුල තව ඇත..
    එන එන අය හා යාලුවෙතේ..."

    මල්ලී උඹ ගියාට පොළට තව මාරයෙක් එයි... ඒ වගේම උඹත් පොළක් නැති නුවරකට යන්නෙ නැතුව ඇතිනෙ... යන තැනක හොඳින් පොළේ යන්න ලැබේවා....

    ReplyDelete
  33. ළගදීම ජීවිතයට නැවුම් වෙනසක් වෙන්න යනවා කියලා ආරංචියක් ආවා... වැඩේ ඇත්ත වගෙයි එහෙනම්... මගෙන් සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඔය එන්නෙ රහස් එළියට..එතකොට ඒකත් එහෙමද...ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම් !

      Delete
  34. සිරා මලය කියපු විදිහෙ සුභදායක වෙනස්වීමක් වෙනුවෙන් කෙරෙන සමුගැනීමක්නම්
    මෙන්න මමත් සුභපැතුව...ඉතින් යන කාරනාව වෙනම ලිපියකින් දාන්ටකෝ ඉක්මනට.
    පොලේ කට්ටියනම් දන්නවා ඇති දැනටමත්.

    ReplyDelete
  35. එකක් නම් ටක්කෙටම ෂුවර්. ලෝකෙ කොහේ ගියත් උඹට හොදින් ඉන්න පුළුවන්. ඒ උඹ කවුද කියල නොදන්න එවුන් කොහොම හිතා හිටියත් උඹ හිත හොද එකා වග දන්න අයගෙන් මමත් එකෙක් නිසා. උඹට සුභ ගමන් මාරයියේ!

    ReplyDelete
  36. ලගදිම මොකක් හරි වෙන්න වගේ යන්නේ.. අපි බලාගෙන ඉමුකෝ නේ...

    ReplyDelete
  37. ඇත්තෙන්ම මාරෙ උඹ ඒ ගමන මොකක්ද මේ කරන්න යන්නෙ?
    උඹට යහපතක්ම වේවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  38. මාරයාගේ දිවියට සුබ දෙයක් වෙන ළකුණු...කොහේ ගියත් ජයම වේවා....

    ReplyDelete
  39. නව දිවියට සුභ පැතුම් මාරයෝ....

    ReplyDelete
  40. මාරයා සහ මාරි ගේ හෝරාව ළඟදීම බලාපොරොත්තුවන්න ......

    ReplyDelete
  41. @මාරයා,

    උඹ තාම මිනිහෙක් වුනා විතරයි නේ. පළමු වසර තිහ අපි ගෙවන්නේ වඳුරෝ වගෙයි නේ. මේ වගේ බ්ලොග් තුලින් කියන කතාවලින් මට කරුමෙට හරි උරුමෙට හරි නොතිබුන ජීවිත අත්දැකීම් ගැන දැන ගන්නවා. හඳුනා නොගෙන මාරයා වගේ උන් මාත් එක්ක එකට කතා කලාට, දන්න උන් හ්ම් ගාන රැළක් විතරයි. දැන ගන්න, දැන ගන්න ඈත් වෙන උන් අතරේ බ්ලොග් ලෝකෙන් ලැබෙන තොරතුරු කදිමයි.

    මම නම් බ්ලොග් ලියන්න අකමැතියි. ඒත් එකෙක් කියපු කතාවකට පස්සෙ කරන්න වුනා. ඒකාට මගේ දැනුම කියවන්න ඕන වෙලා.

    මාරයෝ, මට ඕන දේවල් දැනගන්න එකෙක් නොවෙයි කෝටියක් මාරයෝ ඉන්න තැනකට වුනත් මම එනවා. මට උඹව හම්බවෙන්න ඕන කිව්වෙ වැදගත් දෙයක් දැන ගන්න. එකක් තමයි අර වර්ගපූර්ණිකාව ලියපු එකා සොයාගැනීම. උඹ අතුරුදහන් නොවේ යයි සිතමි.

    ඒ ගැන දන්න දෙයක් ලියපන් මගේ බ්ලොගේ (http://sinha-ali.blogspot.com.au/). ඒකේ මිනිස්කම මොකක්ද කියල හරියටම කියලත් ඇති. මට ඕන එකෙක්, කොතන හිටියත් අවශ්‍ය නම් සොයාගත හැකි නිසා කණගාටු නොවෙමි. මොනව කලත් මිනිස්කම රැකපන්. මිනිස්කම කියන්නෙත් මැද මාවත කියන්නෙත් මිනිසෙක් වී ඉපදී, මිනිසෙක් ලෙස ජීවත් වී, මිනිසෙක් ලෙස දිවි ගෙවා, මිනිසෙකු ලෙස ගත හැර දමා, නැවත මිනිසෙක් ලෙස ඉපදීමයි.

    උඹ රට දාල යනවා නම් මිනිසෙක් නොවේ. මේ මොහොතේ රට යන්නේ මාරයට (මරණයට) කැප වූවන් විතරයි. ඇත්තම කියනවා නම් මාරයා කියල එකෙක් නෑ. මැරෙනවා කියන්නේ හරියට අබලන් වාහනයක් අත හැරීමක්. ඒක, හැකි උන්ට අළුත් වාහනයක් ලැබීමකට මග පාදනවා.

    ReplyDelete
  42. Koheda habatama yanna yanne??? Yana thanakath me wage manussakama danna minissu inna kiyala mama prarthana karanawa

    ReplyDelete