16 January 2013

මාරයාට ලියුං...

රස්සාවෙන් වගේම ඉන්න තැනිනුත් යන්න ලක ලෑස්ති වෙන ගමන් බඩු මුට්ටු අස් පස් කොරද්දී මගේ අතින් නැති උනා කියලා හිතං හිටිය..ඒත් එහෙම වෙලා නැති බොහෝම වටිනා කියන පුරා වස්තු වගයක් හම්බ උනා... වෙනදා වගේ ලියන්න වෙලාවක් නැතිව ඉන්න අතරේ මේවා ලැබීම ගැන ඇති උන සංතෝසේ අච්චරයි මෙච්චරයි කියලා පමණ දක්වන්ට බැරි තරං... ඔන්න බලමු එයින් එකක්...

කොහොමද වැඩේ...


මේ මංතුමා කළුතර පොලිස් අභ්‍යාස විජ්ජාලේ පුහුණුව ලබන කාලේ මගේ මහප්පාගේ දරු කැල..ඒ කියන්නේ මගේ අයියා අක්කා සහ ඔය ඉඳහිට මගේ බ්ලොග් එකේ කොමෙන්ට් කොරන නංගිකාරයා ඇතුළු තිදෙනා විසින් මට එවාපු ලියුං කරදහිය..එකේ තිබුන අපූරු ආතල් එක හින්දම අවුරුදු පහලොහකට විතර පස්සෙත් තාමත් මං ගාව පරිස්සමට තියෙනවා කිව්වම පුදුමයි නේද..?

45 comments:

  1. මට මේක කියපන් මාරේ ,උබ මේ ජීවත්වුණු ටිකට නොකරපු වැඩක් ,නොහිටපු තැනක් තියේද බං?

    ReplyDelete
    Replies
    1. මේ පාරත් අළුත්ම රස්සාවකට යනවද ?

      වෙනි අයියට කිව්වා වගේම, ඕනි මංගල්ලයක් වේවා කියල සුභ මංගල්ලයක් කියන්නම්.

      Delete
  2. පුදුමෙනුත් පුදුමයි

    ReplyDelete
  3. මෙච්චර කාලයක් කෙල්ලෙක්ගෙන් ලැබුණු ලිවුමක්වත් තියෙයි කියල හිතන්න අමාරුයි..
    එක නෙවෙයි දැන් මේ කොහාටද යන්න හදන්නේ? කොහේ ගියත් දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබේව...!!!!!!

    ReplyDelete
    Replies
    1. //මෙච්චර කාලයක් කෙල්ලෙක්ගෙන් ලැබුණු ලිවුමක්වත් තියෙයි කියල හිතන්න අමාරුයි//


      හෙහ් හෙහ් එහෙමනං ටිකක් බලං ඉමු..එහෙම ඒවා කිහිපයකුත් තියේ...

      Delete
  4. අපේ මහත්තයගේ චිත්තර ( වගේ ඒවා ) ටිකත් දාන්න ඕනේ වෙලාවක .. හි හි.... ( මට නම් හොයන්න දෙයක් නෑ... පොත් ගොඩේ උඩිම්ම තියෙන්නේ ඒ ටික තමයි... හි හි)

    ReplyDelete
    Replies
    1. @හිරු..
      ඇත්ත කියහං මේ ලියුම ලිව්වෙ උඹ නේද?

      Delete
  5. පො ල්ලක් අතින් ගත්
    ලි යන්න කියන්න නොදත්
    සි යල්ලන්ටම එපාවූ
    ය ක්කු
    මාරයි නේන්නම් එහෙනම්

    ReplyDelete
  6. ඔය වගේ එකක් මටත් ළඟදි කාමරේ අස්කරනකොට ලැබුනා... මාර ෆන් එකක් එන්නෙ ඔය වගේ එකකින්...

    ReplyDelete
  7. උඹ රස්සාවට නොනකලේ තෙල් බෙහෙත් විකුණන එක විතරද

    ReplyDelete
    Replies
    1. ඇයි බං මැෂින් හදන එක.. :D

      Delete
    2. හා හා මචන් එහෙම කියන්නෙපා,මේකා කොරපු රස්සාවල හැටියට ඒකත් කොරල ඇති මයේ හිතේ

      Delete
    3. තෙල් බේත්නං මංදා..කිරිබත් ගොඩ ස්කිම් එකේ මඤ්ඤොක්කා.කෙහෙල් මුහනං වික්කා කාලයක්...

      Delete
    4. මං හිතන්නේ අර ලෑන් මාස්ටරෙන් එලෝලු අදපුකාලේ වෙන්ට ඇති නේද?,මචන් මාරේ මං මේ උබව පුම්බනවා නෙමෙයි,මං උබේ හැම පොස්ට් එකක්මවගේ කියවලා තියෙනවා,ඇත්තටම උබේ ජීවිත කතාව ආදර්ශෙට ගන්න වටිනවා බන්

      Delete
  8. ඇත්තටම මාරේ කොහෙද යන්න හදන්නේ.... කරන දෙයක් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා කියා පතන්නම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. බස්නාහිර පළාතේම පොඩි ස්ථාන මාරුවක් විතරයි නලින්...

      Delete
  9. සුබ ගමන් !! තබන තබන පියවර ජයග්‍රාහී වේවා !!!

    ReplyDelete
  10. මම මේ කටත් හදාගෙන ආවා පැණි බේරෙන සෙනෙහෙකොලයක් කියවන්න..ෂික් මෙතන එහෙම එකක් නෑනෙ..ආ අර ඇදලා ඉන්නේ මාරයා අයියවද ?

    ReplyDelete
  11. මේවා කියවද්දි හිතෙනවා තව අවුරුදු දහයකට පහලොවකට කියන්න තරම් අත්දැකිම් මාරයියට ඇති කියලා....

    කොහෙ ගියත් හොඳින් ඉන්ඩෝ ජය වේවා මාරයියේ

    ReplyDelete
  12. මට තාමත් බැරි උනා මාරයියේ උබ බ්ලොග් එකේ කියපු ජීවිතේ කරපු රැකියා ගාන ගනින්න,,ඒ පාර ඒකට පදිංචි ස්තානත් එකතු වෙයි වගේ,,,අර මෙතෙන්ට එද්දි හදපු මේස පුටු වලට මොකෝ කරන්නේ

    ReplyDelete
  13. කතාව ඇත්ත. ආතල් තමයි ඒවා බැලුවම. මතක සටහන්නේ...

    ReplyDelete
  14. පොලිසියෙත්? මේ ඇත්ත කියහං උඹේ වයස දැන් හැට කීයද? උඹ තිරිහං වෙන්න වද කහ සුදිය බිව්වේ කොහෙන්ද?

    අඩේ මගේ ගාව ගෑල්ලමය දුන්න ලියුමක් වත් නෑ බං. පරිස්සම් නැති නිසා නෙමේ, එයා ලියුං දුන්නැති නිසා.

    ReplyDelete
  15. ඒ පාර කොයි යන්නේ උබ ? වැඩි ඇතකට නෙමෙයි වෙන්න ඇතිනේ...

    ReplyDelete
  16. චිත්‍රයෙන් පැහැදිලිවන්නේ ඒ කාලයේදීද මාරයාට ගැල්ලමයි පළහිලව් කීපයක්ම තිබී ඇති බවය. අර කලින් වතාවක දමා තිබූ ට්‍රිප් එකක් ගිය පොටෝ දැක්කහම හිතෙන්නේ, ඉඳහිට හෝ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි එක්ක බත් කා ඇති බවය.

    ReplyDelete
  17. හපොයි දැං මූ ලියන ඒවයෙ හැටියට ඔය ලියන්න කියන්න නොදත් කියන කෑල්ලනං අයිං කරගන්න වෙනව.

    එකපාර කෙල්ලො දෙන්න දෙන්න ගැන නේද හීන බලන්නෙ. :D

    ReplyDelete
  18. ado maraiye, nikan wahenoro nehuwa yana thenak apitath kiwwoth narakada.ai yako bota hodak wenawa nam apith sathutu wenawane. Ekata kemathi nethda?


    Ei bolala dannawada, maraya mamandige hitha sathutu karanna aluth jobak set koragenaluuuu

    ReplyDelete
  19. පො ල්ලක් අතින් ගත්
    ලි යන්න කියන්න නොදත්
    සි යල්ලන්ටම එපාවූ
    ය ක්කු
    මරේ මරු අර්ථ දැක්වීම....
    හයියෝ,,මොනවා නැතත් මාරයියට හෙන ‍ෆිට් කොල්ලෝ කෙල්ලෝ දූ පුත්තු ටිකක් ඉඳලා තියෙනවා.

    ReplyDelete
  20. පොලිසිය ගැන දීපු නිර්වචනෙ තමා නියම... සුබ ගමන් :)

    ReplyDelete
  21. හා හා පැත් කොරාද? එහෙනං ගිහුං එන්න...

    ReplyDelete
  22. යන ළෝකේක ගිහින් ඉක්මනට ලියපන්...

    සුබ අනාගතයක්......!!!

    ReplyDelete
  23. හප්පේ මාරයත් ජරා බාප්පා කෙනෙක් වෙන්න පුහුණු වෙලා තියෙනවා කියල දැනගත්තේ අදනේ. අම්මෝ මේකා ඉන්න තැන පොලිස් කාරයොන්ට බනින්න නාකයි. කියන්නබැහැ මේකා රහස් ඔත්තු සේවෙටවත් වැඩකරන බුවෙක්ද කියලා. හැබැයි කොහොම වෙතත් මේ පොස්ටුවෙන් මට මාරයාගේ වරස ගැන අවභෝදයක් ගන්න හැකි උනා. මොකද අයියේ ජොබ් එක දාලා යන්නේ?

    ReplyDelete
  24. අවුරුදු 33 කට ලබා තියෙන ජීවිත අත්දැකීම් නම් මාරම තමා... ඉතිං ලියුමේ පරිදි ජරාව කෑවද...

    ReplyDelete
  25. තාම ගියේ නැද්ද බං අයියේ? කසකාරයෝ ගියේ ගිය සතියෙ නේද?

    ReplyDelete
  26. මගේ ලඟත් පරිස්සමට අරන් තිබ්බ ලියුම් ටික මේ කසාඳෙ බැඳල ගෙවල් මාරු කරනකොට විසිකරල දාල ආවා. අන්තිමට එක සැරයක් කියවල. මොකද ඒ ලියුම් එකක්වත් එව්වේ අදාළ පුද්ගලය නොවෙයි. හික් හික්..බඳින්න කලින් අපි දෙන්න ලව් කලේ පෝන් එකෙන්.. ඉස්කෝලේ කාලේ සීන්කෝන් ඔක්කොම ගියෙ ලියුම් වලින්.. විසිකලේ අපරාදේ කියලත් හිතෙනව මේව දකිනකොට

    ReplyDelete
  27. පොලිසිය ගැන අර්ථ දැක්වීමයි, සිත්තරේයි දෙකම එළ! උඹෙන් ඇහුවට කියන්නෙ නෑ නෙ උඹ මේ කොහෙද යන්න ලෑස්තිවෙන්නෙ කියලා. උඹ ගණං උස්සනවනෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  28. එකම තැන ඉන්නවට වඩා වෙනස් කරන එකත් හොඳයි.

    ReplyDelete