17 January 2013

නංගී බැහැ කියයි... මාරයාට දුක තමා...

ජිවත් වෙනකල්ම අමතක නොවන..අමතක නොකරන කතාවක් තමා මේ... ඒක ඒ තරමටම සුන්දර මතකයක්.. අවසානය කොහොම උනත්... හැබැයි මේක අමුතුවෙන් කිය කියා ඉන්න  උවමනා නැහැ... මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්...

හරි..මේ තියෙන්නේ ඒ කතාවේ එක්තරා සැමරුමක්... මෙයින් තමා ඒ කතාව නැවතුනේ... ඒත් අදටත් මා ළග තියෙන දේවල් අතරින් එකක්... ඉතිං කොහොමද නිවන් දකින්නේ... මෙච්චර පුංචි දෙයක් අත්අරින්නේ නැතිව අවුරුදු දහ අටක් විතර තියාගෙන ඉන්නවනං...








69 comments:

  1. Replies
    1. අනුන්ගෙ ලියුම් කියවන්නෙ නෑ බොල, අපි වගේ හැදිච්ච් උන්.මට ඒ පොඩි අකුරු ටික දැකලනම් ඇහැට කදුළු ආව

      Delete
  2. නිර්මල
    පූජනීය
    බට්ටී / චුට්ටී / පොඩ්ඩී

    ReplyDelete
    Replies
    1. වට්ටී/මුට්ටී/හට්ටී වෙන්න බැරිද? :D

      Delete
    2. ඇයි සන්ධ්‍යා... කරුණාවතී... එතකොට අර මාබිම එක්කෙනා... (නම මතක නැහැ..එදා කිව්ව වෙලේ මට ඒක මතක තියා ගන්න අමතක උනා)

      Delete
    3. මාබිම කිව්වෙ ගම්පහ ජා ඇල පාරෙ මාකෙවිට හරියෙ තියන ගමද මාරයෝ? :O

      Delete
  3. "ඔයාගේ ජීවිතයට ආදරය වගේම මුල් ජීවිත කාලයම කැප කරන්න කෙනෙක් කොහේ හරි ඉපදිලා ඇති.."

    ඒ දැරිවි මොන තරම් අහින්සකවද හිතන්නේ එහෙම අය හම්බ වෙනවා ඇත්තේ එක්කෙනයි කියල..

    ReplyDelete
  4. mama ehadath ahuwa. Maraya athithayata adare karana kenekda?

    ReplyDelete
    Replies
    1. ඔව්... සහතිකෙන්ම... වර්ථමානයත් තව ටිකකින් අතීතයට යනවනේ... අතීතය දිහා බලලා සතුටු වෙන්න පුළුවන් තරමේ දේවල් අනන්තව තියෙද්දී ඒකට ආදරය නොකර කොහොමද...? මේ ගත වෙන මොහොතත් අතීතයට ගියාම ඒ ගැනත් මං සතුටු වේවි.. මේ කාලයට ආදරය කරාවි... මේ දෙවල් අනාගතේ දවසක කට්ටියත් එක්ක කියාවි...

      Delete
  5. කෙල්ලට පෙර පිං තිබිලා තියෙනවා

    අනුන්ගේ ලියුං කියවන්නේ නැති හින්දා.. සිරාවටම ලියුම කියෙවෙ නෑ

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ කෙල්ල අනු නවයයි දශම නැවෙන් බේරිලා :P

      Delete
    2. කාගේ වෙලාව හොද උනාද කියලනං මං දන්නෙත් නැහැ අප්පා...

      Delete
  6. මාරයාගේ ලව් ඉස්ටෝරිය. අනේ මන්දා මාරයෝ

    ReplyDelete
  7. මොකක්ද බං අර ගෑණුළමයගෙ මූනට කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොලාලා දැකලා ඇස්වහ කටවහ ගත්තොත් කියලා ආවරණය කොලා..

      Delete
  8. අය්යා.... අය්යා .... මක්කද මේ වෙන්නේ!!

    ReplyDelete
    Replies
    1. මක්කවත් නැහැ නංගි... පරණ සටහන් වගයක් හම්බ උනා.. අනිත් කොයි දේත් වගේ මේකත් කට්ටියත් එක්කලා බෙදා හදා ගත්තා

      Delete
    2. ආයේ හම්බුනොත් එහෙම ඔය කතාව අමතක කරන්න එපා මාරයෝ

      Delete
  9. උඹ අපි කවුරු කියලා හිත්වද ? අනුන්ගේ ලියුම් කියවන්න.....?

    (යකෝ මේකිගේ අකුරු කියවන්න බෑ. ඕක යුනිකෝඩ් වලින් කොටලා දාපිය.....! එතකොට කියවන්නම්.)

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න දුමී අයියා.. :D

      Delete
  10. සික් මේකට දාන්න තිබ්බ කොමෙන්ට් එක කලින් එකට දැම්ම. මාත් ලියුම නම් කියෙව්වේ නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. ඇයි ඇස් දෙකින් ස්කෑන් කොර ගත්තද..?

      Delete
  11. අයියා...මේ උඹ මේක දැම්මට පි කියවන්නේ නෑ හරිය...දැන් පුළුවන්නම් දාපං මේකට පිළිතුරු ලිපිය. ඒක නම් අපි බලනවාය.

    ReplyDelete
    Replies
    1. මේකට පිළිතුරු ලිපිය නෙවෙයි බං..මේක හම්බ වෙන්න කලින් මං දුන්න ලියුම් කිලෝ ගාන.. ආන්න ඒ ටික තිබුනනං මං ඒවත් දානවා... බ්ලොග් නැති කාලේ ලියාපු කියාපු හැටි සිහි වෙන්නත් එක්කලා... මං හිතන්නේ කෙල්ල ගාවවත් එකක්වත් නැතිව ඇති...

      Delete
  12. චතුෂ අයියා වෙත,

    ඒ බොල නරියෝ ඔය කොල ටික සුට්ටක් දිග ඇරෙනකං ඉදල දාන්න බැරි උනාද, ඇහැත් නැමෙනවා.. කාරි නෑ.. අවුරුදු 18 ක් තියාගත්ත එකම මදෑ... නිවන් දකින එක පස්සට දාන්ට වෙනවා නේන්නං.. හැක්..

    ReplyDelete
    Replies
    1. මූට කාගෙංහරි ස්කෑනර් එකක් ඉල්ලගන්න තිබුණෙ නැද්ද මං අහන්නෙ.

      Delete
    2. ඔය උපරිම දිග ඇරුන ගාන තමා.. ආයේ වැඩිය එහෙ මෙහෙ කලොත් ඉරිලා යයි බොල...

      ස්කෑනරයක කතාව මට එහෙං පිටිංම අමතක උනානේ...

      Delete
  13. අද මෙහෙම මේක මෙතන දැම්මට එදා උබේ හිතේ තිබුන දුක හිතාගන්න පුළුවන්..
    වටින් පිටින් ඇහෙන දේවල් හා ඒවාට දක්වන නොදක්වන ප්‍රතිචාරවලින් තෙරුම්යන්නේ ඕව දැන් අමතකම කරල දාල අලුත් ජිවිතේට මුනදෙන්න කලේ හරි කියලයි .
    අලුත් කැටගරියත් නරකමනෑ ''මාරයාට ලියුම්''

    ReplyDelete
    Replies
    1. එදානං මං හිතන්නේ මම සතියක් විතර හෝන්දු මාන්දු වෙලා හිටියා..අවුරුද්දක් විතර යනකල් හූල්ල හූල්ල හිටියා... තවත් කාලයක් හිත කොනේ තියං හිටියා... හරියටම කිව්වොත් අදටත් මතකයේ තියෙනවා.. ඒත් කාලය විසින් ඕනම දෙයක් හරි අපූරුවට විසඳනවා... දැන් මේ දේවල් එක්ක තියෙන්නේ සුන්දර මතකයක් විතරයි.. ඒ මතකය මට බොහෝම වටිනවා...ඒ තමා මං ආව ලස්සන පාර... මේවා නැති උනානං මමත් නිකංම නිකං මෙලෝ රහක් නැති පාරක ආව එකෙක් වෙනවා....

      බොහෝම ස්තූතියි...

      Delete
  14. ආව්.. මෙහෙම ඒවා 10ක් විතර මාත් ලියලා නෑ.. ඒත් කියලා තියෙනෝ..... හි හි... ඔයා ගැන තියෙන්නේ සහෝදර ප්‍රේමයක් විතරයි.... හයියෝ..ඒ මගේ ලයින් එකක්.. හි හි

    ReplyDelete
    Replies
    1. ඔයාගේ විතරක් නෙවෙයි හිරුවෝ ඕක කෙල්ලෝ හුග දෙනෙකුගේ ලයින් එක.. ඒත් ඉතිං කාටවත් හානියක් නැහැනේ...

      Delete
  15. මාරයා මාව අතීතයටම ඇදගෙන ගියා. ඒ වගේම පොඩි දිරියකුත් දෙනවා ලියපං ලියපං කියලා. මගේ ප්‍රේම කතා ටිකත් වෙලාවක ලියලා දාන්න හිතෙනවා අම්මපා. මගේ බ්ලොග් රෝලේ මොකක් හරි අවුලක් බ්ලොග් කීපෙක ඒවා අප්ඩේට් වෙන්නේ නෑ. මාරයාගේ එකත් එයින් එකක්.

    ReplyDelete
    Replies
    1. ලියහං සුදීක..ලියහං.. ඔව්වා තියෙන්නේ අපි කා අතරෙත් බෙදා හදා ගන්න... මොන තරං සුන්දර දේවල් තියෙනවද ඔය කතා අතරේ... කුණුවෙච්ච මිනිස්සු කුණු ලියද්දී උඹලා ලස්සන දේවල් හංගං ඉන්න එක වටින්නේ නැහැ...

      Delete
  16. භව තන්හාවෙන් දැන් මේ බ්ලොග් කාරයා මේ ලියම් තියං ඉදලා ඒවා විකුණ විකුණ ජීවත් වෙනවා. සංසාරේ භවේ දුකා...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... කෝ දැන් දෙමු බලන්න මේක කියවපු ගාස්තුව... මං ජිවත් වෙන්ට එපෑ මචෝ...:D

      Delete
  17. කෙල්ලනේ බලාගෙන... මු ඔක්කෝම පබිලිස් කොරනවනේ.. ඕන නම් නඩු යන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. නඩු යන්න ඕන නැහැ මචං..කෙල්ලට ඕනනං මං දිපු ලියුං දාන්න ඇහැකි.. හැබැයි ඉතිං ඒවා වැටුන දවසට මගේ පෂ්ෂ පැත්ත නැහැ... එහෙමට සාහිත්තයක් ඒවෑ තිබුනේ... :D

      Delete
  18. එන පොට හොඳ නැත. :)

    ReplyDelete
  19. අවසර නොමැතිව මෙය පල කළා නම් ඔබ කර ඇත්තේ වැරදි වැඩක්. මට නම් අනුමත කරන්න බෑ!

    මේ මත පදනම්ව කතාවක් ගොතා කීම එකක්. නමුත් කවුරු වුනත් තවත් කෙනෙකුට පුද්ගලික ලිපියක් දෙන්නේ පත්තරේ දාන්න නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අපරාදේ..මං මේ බලං හිටියේ කතා මේක අනුමත කරනකල්. :P

      හරි එහෙමනං කතා හිතාගන්නකෝ මේකත් මේ ගොතලා කියපු කතාවක් සහ ඔය තියෙන්නේ මංම ලියපු ලිපියක් කියලා... එතකොට අවුලක් නැහැ නේද..?

      -------------------
      මේ ලිපිය පල කිරීම හරහා ලිපිය ලිවුව කෙනාට අපහාසයක් කිරීමක්වත් වෙන කිසිම දෙයක් කෙරිලා නැහැ. ඒ වගේම අහක ඉන්න මිනිස්සුන්ට මඩ ගස්සවන්න වේදිකා හදලත් නැහැ. ලියන්න දේවල් නැතිව කොහෙන් හරි උස්සං කාටවත් අදාල නැති දේවල් දාලත් නැහැ. එහෙම දාලා තුට්ටු දෙකේ වැඩ වලට මේක පාවිච්චි කරලත් නැහැ.

      මේ ලිපියේ මට මගේ අතිතයත් එක්ක බැදුන යම් අත්දැකීමක් වගේම කාලයත් එක්ක මේ ලිපිය යම් වටිනාකමක් ඇති සුන්දර සිහිවටනයක් වෙලා තියෙන හින්දා ඒක ඒ රසය දන්නා අයගේ රසවින්දනයට පල කලා පමණයි.

      ලෝකයේ වරින් වර එක් එක් අය අතර ගනුදෙනු උන ලිපි පසුකාලිනව ප්‍රසිද්ධියට පත්කරන කොට ඒ ලිපිවල එක් පාර්ශවයක් අවසර දෙනවා තියා ජිවතුන් අතරත් නැහැ. ඒ ලිපි පල කිරීමෙන් ඒ ඒ අය බලාපොරොත්තු උනේ ලිපිවල ඇති යම් වටිනාකමක් සහිත දේ බෙදා හදාගන්න මිසක් කාගෙවත් කුණු අවුස්සගෙන ඒ කුණු නාන්න නෙවෙයි.

      මං ලොක්කෙක්වත් මේක ලියපු කෙනා ලොක්කියක්වත් නෙවෙයි.. ඒත් අපිටත් බොහෝම රසවත් අතීතයක් තියෙනවා ලෝකයත් එක්ක බෙදා හදාගන්න. ඒක බෙදා හදාගන්න එක නරකද ලියන්න දෙයක් නැතිකමට මෙලෝ රහක් නැති දේවල් ලියනවා මදිවට අහක ඉන්න අයට මඩ ගස්සවන්න බ්ලොග් එක බදු දෙනවට වඩා. එහෙම බදු දීලා නිකං නොයිද තමන්ම ඇවිත් ඇනෝ කමෙන්ට් දදා අනිත් අයට මඩ ගහන මන්ද මානසිකත්වයක් තියෙන කෙනෙකුටනං මේක මහා අපරාධයක් හැටියට පේන්න පුළුවන්... එහෙම නැතිව කතෘ කවුද කියලා හොයා ගන්නත් නැති.. කාටවත් අපහාසයක් උපහාසයක් වෙලත් නැති ලිපියක් දැම්මම ඒක අනුමත කරවගන්නත් ඕනද...

      පික්ෂු නැත්තං චෝයි නේද කතෝ...

      මේ ටිකවත් ලියන්නේ නැහැ... ඒත් නොලියා හිටියොත් කතන්දර ඒකත් අනුමත නොකරයි කියලා හිතුනා.:D

      Delete
    2. මේ කක්කා කතන්දරකාරයෝ . අනුන්ගේ පුකවල්වල ඇගිලි නොගහා ඉස්පිරිතාලයකට ගිහින් බොහෙත් ටිකක් ගන්නවා ,

      අනුන්ගේ එව්වා අනුමත කොරන්ඩ , ලියන එව්වායේ සදාචාරය හොයන්ඩ කලින් , තමුන්ගේ ගෙදර ඉදන් තුච්ච විදිහට අනිත් එවුන්ට අපහාස කරන එක නවත්තලා දානවා.

      එහෙම කරන්නේ තමුන් නෙමෙයි කියලනේ තමුන් කියන්නේ , හරි අපි එහෙමමයි කියමුකෝ , මී බෙට්ටක තරම්වත් මනුස්සකමක් තියන මනුස්සයෙක් නං ඇයි හලෝ ඔය විදිහට අනිත් එවුන්ගේ තිරිසං ආතල්වලට ඉඩදෙන්නේ.

      අපිනං ආයිබොවං දෙකයි පනහේ කාලකන්නි කබ්බෝ , තමුන්නැහේ ඉතින් උගත් , බුද්ධිමත් , වැදගත් , පොරනේ , මොකදෑ ඉතින් ඔය දෙලොවටම නැති දහපත්දුරා වැඩ කරන්නේ . ඉන්නවකෝ මහත්තයෙක් වගේ ,

      තමුන්නැහේ සිංහල බ්ලොග් ලෝකයේ හෙන පොරක් තමා , ආයේ ඉතින ඒකේ විවාදයක් නැ , අති මහත් සේවයක් කොරලත් තියනවා සිංහල බ්ලොග් වලට ,

      ඒ උනාට අමතක කරන්ඩ එපා ලොක්කා , සිංහල බ්ලොග්වල . නිසිබලධාරියාවත් , අයිතිකාරයාවත් නෙමෙයි තමුන්,

      නිකං ගුමුට්ටි අතින් අරං එලුවේ හලාගන්නේ නැතුව දැන්වත් ඉන්නවකෝ මනුස්සයෙක් වගේ.

      Delete
    3. ආ අමතක උනා දැන් ඉතින් මතක් කරලා තමුන්නැහේගේ බල්ලෝ රැල ලෙහලා උසිගන්නනවා,

      අහලා තියනවද කතාවක් (කතන්දරකාරයා හින්දා අහලා ඇති)

      බල්ලොත් එක්ක බුදියපුවහම මැක්කොත් නැගිටින්ඩ උනේ ඉස්සරකාලේ , දැන් ලංකාවේ බල්ලොත් එක්ක ලැග්ගහම නැගිටින්ඩ වෙන්නේ බලු පැටවු එක්ක

      Delete
    4. //ඒක බෙදා හදාගන්න එක නරකද ලියන්න දෙයක් නැතිකමට මෙලෝ රහක් නැති දේවල් ලියනවා මදිවට අහක ඉන්න අයට මඩ ගස්සවන්න බ්ලොග් එක බදු දෙනවට වඩා. එහෙම බදු දීලා නිකං නොයිද තමන්ම ඇවිත් ඇනෝ කමෙන්ට් දදා අනිත් අයට මඩ ගහන මන්ද මානසිකත්වයක් තියෙන කෙනෙකුටනං මේක මහා අපරාධයක් හැටියට පේන්න පුළුවන්...//

      මේ මම කැමතිම ටික මාරයියේ..

      ඇත්තටම කකා ලියන සමහර ඒව රසයෙන් තොරයි. තේරුමක් නැහැ වෙලාවකට. ඒත් විවේචනය කරල නැහැ මම කොතනක වත්. මෙතැනදී ඒක කියන එක සාධාරනයි වගේ !

      Delete
    5. ඇත්තටම මේ ලිපියේ වත් පොස්ටුවක වත් එහෙම අපහස කිරීමේ අදහසක් ගැබ්වෙලා නැහැ කියල තමයි මට කියන්න තියෙන්නේ. (මට මගේ දැනීමට තේරෙන දේ) අනෙක මේ ලිපිය එවපු කෙනා අවසරය මෙන්න මේ ගන්න කියල ලැහැස්ති කරන බලන් ඉන්නව ඇති නේද?
      අනෙක ලියුම එවල තියෙන්නේ මාරයියටනේ ඒ නිසා එයාට අයිතියක් තියෙනවා මේක පල කරන්නත් මම හිතන්නේ නැහැ දවසක් වත් ආදරය කල කෙල්ලෙක්ව නෝන්ඩි වෙන විදියේ වැඩක් කරන්න තරම් පහත මනුස්සයෙක් කියල අපේ මාරයියා. මමත් මගේ වයිපරේ එක්ක යාලු වෙනකල්ම තියන් හිටියා මට දුන්නු පලවෙනි ලෙටර් එකත් පස්සේ එයාට දුන්නා. එයා එක අයින් කරලා දුන්නේ වෙන කෙල්ලෙක් නිසා. මම හිතන්නේ නැහැ කකා වගේ කෙනෙකුට අපි කියල දෙන්න ඕනේ කියල කොහොමද අදහස් පවසන්නේ කියල
      ඕනෙම කෙනෙක් දාන කොමෙන්ටුවක් කියන්නේ ඒ කෙනාගේ මානසිකත්වය මනින්න පුළුවන් මිම්මක් වගේ දෙයක්. පොතේ දැනීම කොච්චර තිබුනත් ඉහ නිකට පැහුනත් සමාජේ ඉන්න දැනීම නැත්නම් ඒ මිනිහා ................. (කැමති දෙයක් හිතාගත්තට කමක් නැහැ).

      Delete
    6. මටත් ඇබින්දක් මේ ගැන කියන්න හිතුනා. අනේ මට නම් බනින්න එපා අහිංසකය නෙව. සමහර වචන වල සිංහල වචනේ දන්නේ නැහැ. එකටත් සොරි ඈ.

      මටනම් මෙතන පෙන්නෙන්න තියෙන්නේ ethics සම්බන්ධ ප්‍රශ්නයකට වඩා කෙනෙකුගේ integrity (ප්‍රතිපත්ති ?) සම්බන්ධ ප්‍රශ්නයක්. ethics සම්බන්ධ ප්‍රශ්නයක් නම් හරි වරද්ද තේරුම් ගන්න එච්චර අමාරු නැහැ. නමුත් ප්‍රතිපත්තිමය කාරණයකදී ඒක බොහොම අමාරුයි.

      උදාහරණයක් විදියට මාරයා අයියා මෙම ලිපිය එවපු කෙනා හඳුනා ගත හැකි විදියට නම , ලිපිනය , මුහුණ සමග පල කළා නම් එතන පැහැදිලිවම තියෙන්නේ ethics සම්බන්ධ ප්‍රශ්නයක්. එතැනදී ඔහු අනිවාර්යයෙන් එවූ තැනැත්තාගේ විශ්වාසය කඩකිරීමක් වගේ දෙයක් සිදුකර තිබෙනවා. එවූ තැනැත්තාගේ පුද්ගලිකත්වයට එමගින් හානි සිදුවිය හැකියි. එය වැරදියි. දෙකක් නැහැ.

      නමුත් මෙතැනදී , ඔහු හැකි සෑම උත්සාහයක්ම ගෙන තිබෙනවා ලිපිය එවූ තැනැත්තාගේ පුද්ගලිකත්වය වසන් කර තැබීමට. එම නිසා මෙහි ඇති ethical ප්‍රශ්නයක් නැහැ.

      ප්‍රතිපත්තිමය වශයෙන් ??? . කෙනෙකුගේ ප්‍රතිපත්ති පෞද්ගලික දෙයක්. යම් කෙනෙක් අගය කරන ප්‍රතිපත්තිය වෙන අයෙක් පිළිකුල් කරන්න පුළුවන්. මිනිමරුවෙක් ට උනත් යම්කිසි ප්‍රතිපත්තිමය තීරණ හා අදහස් තිබිය හැකියි ඔහුගේ ක්‍රියාවන් තීරණය කරන. උදාහරණයක් විදියට කෙනෙකුට තිබෙන්න පුළුවන් ප්‍රතිපත්තියක් "මොනවා උනත්, කවුරු කිව්වත් මම මට කෙනෙක් මාව විශ්වාස කරලා කියපු රහසක් වෙන කෙනෙක්ට කියන්නේ නැහැ. මට අන් කෙනෙක් එවපු ලිපියක් කිසි විටක අන් ඇසකට පෙන්නන්නේ නැහැ" කියල . ඒක ඔහුගේ ප්‍රතිපත්තිය. එක ඔහුට අදාළ දෙයක්. එය ඔහු පෞද්ගලිකව තීරණය කර ක්‍රියාත්මක කරන දෙයක්.

      යහපත් සමාජයක පැවැත්මට යම් පමණක ප්‍රතිපත්ති ගරුක මිනිසුන් සිටීම අවශ්‍යයි. යම් කෙනෙකුගේ ප්‍රතිපත්තිමය තීරණ වල දැඩි බව සහ ක්‍රියාත්මක කිරීමේ ඇති ඍජු බව අනුව (හෝ ප්‍රතිපත්ති විරහිත භාවය අනුව ) ඔහු අවට සමාජය ඔහු ගැන යම්කිසි අවබෝධාත්මක එකඟතාවයකට එනවා. එහෙමයි යම් මිනිසුන් ඉතාමත් විශ්වාස සහගත ලෙසත් , ඇතැම් මිනිසුන් කිසි විස්වාසයක් නැති මිනිසුන් ලෙසත් වර්ගීකරණය වෙන්නේ.

      තමන් සම්බන්ධයෙන් , තමන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් තමන් ගනුදෙනු කරන සමාජය කිනම් ආකාරයේ අවබෝධයකින් යුක්ත විය යුතුද යන්න එකී නෙකා මත රැඳී පවතින , තීරණය වන දෙයක්.වෙන කෙනෙක්ට එහි හරි වැරැද්ද තීරණය කල නොහැකියි කියායි මට නම් සිතෙන්නේ.

      Delete
    7. @ මාරයා
      පිළිතුරට ස්තුතියි. නමුත් ඒ මුළු පිළිතුරම ලියවී ඇත්තේ අනුමත කිරීම යන වචනයේ මා අදහස් නොකළ තේරුමක් මත පදනම්ව බව පෙනේ.

      අනුමත කිරීම යන්නට තේරුම් කීපයක්ම තියෙනවා.

      ඉන් එකක් තමයි අපේ නිවාඩු බොස්ගෙන් අනුමත කරවා ගැනීම, නිවසක් ගොඩ නැගීමේ සැලසුමක් ප්‍රාදේශිය සභාවෙන් අනුමත කරවා ගැනීම වගේ තැන්වලදී යෙදෙන අදහස. පාලිත මානසිකත්වයෙන් අප සමහර විට ඒ තේරුමයි අනුමත කිරීම වශයෙන් වටහා ගන්නේ.

      නමුත් මා මෙහිදී අදහස් කළ අනුමත කිරීම වනාගී සිංහල බ්ලොග් අවකාශය වගේ හමුවකදී එක් අයෙකු ගෙණෙන යෝජනාවක්, මතු කරන අදහසක්, කරන ක්‍රියාවක් ගැන වෙනත් අයෙක් තම 'මතය' ඉදිරිපත් කිරීමයි. ඒ මතය මුල් මතය හා අනුගාමී වූ විට එය අනුමත කිරීමක් වෙනවා. මත ප්‍රති විරුද්ධ වූ විට එය අනුමත කළ නොහකි අවස්ථාවක් වෙනවා.

      උදාගරණයක් ළෙස රාජ් බ්ලොග්කරුවාගේ පෝස්ටුවකට හැලප කඩේ බ්ලොගකරුවා දැමූ මේ කමෙන්ටුව සලකන්න.

      http://raj1st.blogspot.com/2013/01/blog-post_17.html?showComment=1358443087555#c3036249192383969099

      මෙහිදී වී ඇත්තේ හැලප කඩේ රචකයා ගේ මතය, රාජ් බ්ලොගයේ රචකයා ගේ මතය හා සමපාත වීමයි, නැතහොත් අනුමත වීමයි. එසේ රාජ් බ්ලොගයේ ලිපියට හැලප කඩේ බොස්ගෙන් අනුමැතිය අනුමැතිය ගැනීමක් හෝ ලැබීමක් නොවේ.

      ඉහත වැරදි පදනම මත ඉඳගෙන ඉන්පසු ඔබ මට නගා ඇති චෝදනා ගැන මට කණගාටුයි!

      Delete
    8. /* ඒක බෙදා හදාගන්න එක නරකද ලියන්න දෙයක් නැතිකමට මෙලෝ රහක් නැති දේවල් ලියනවා මදිවට අහක ඉන්න අයට මඩ ගස්සවන්න බ්ලොග් එක බදු දෙනවට වඩා. එහෙම බදු දීලා නිකං නොයිද තමන්ම ඇවිත් ඇනෝ කමෙන්ට් දදා අනිත් අයට මඩ ගහන මන්ද මානසිකත්වයක් තියෙන කෙනෙකුටනං මේක මහා අපරාධයක් හැටියට පේන්න පුළුවන්... */

      ඉහත වැකිය ඔබ මට ඉඟි කරමින් කළ ඇති යැයි සිතෙන නිසා මේ කරුණු ලියමි.

      1. රස වනාහී සාපේක්‍ෂ සංකල්පයකි. ඔබට රස දේ මට රස නැතිවෙන්නටද, මට රස දේ ඔබට රස නොවෙන්නටද ඉඩ ඇති බව ඔබට මා අමුතුවෙන් කියා දිය යුතු නැත.

      2. කමෙන්ටු වාරණය ගැන මගේ ප්‍රතිපත්තිය මෙතනින් බලන්න.
      http://kathandara.blogspot.com.au/2013/01/i-hate-censorship.html

      3. මා කිසි දිනක නිර්නාමික කමෙන්ටුවක් දමා නැත. එසේ කරන්නට මට කිසදු අවශ්‍යතාවයක් නැත. ඔබට එසේ සිතුනේ ඇයි දැයි නැවත සිතා බලන්න!

      4. ඔබ කෙල්ලෙක් විසින් එවන ලද ලිපියක් පලකිරීම ගැන මා පැවසුවේ මගේ අවංක අදහසයි. එයට ඔබ එකඟ නොවීම එකකි. එසේ පීිවිරුද්ධතා ලොව තිබිය හැකි බව පිළිනොගෙන මගේ බ්ලොගයේ රස, මගේ වාරණ ප්‍රතිපත්තිය හෝ ඒ "මත අනුමත නොවීම හෙවත් මත ගැටුම" ට ඈදා ගැනීම සහ මට අසත්‍ය චෝදනා කිරීම ඔබ වැන්නේක් කරන්නේ ඇයි?

      Delete
    9. අනුමත කිරීම යන්නෙන් ඔබ අදහස් කල දේ කුමක් වූවත්... ඔබගේ අනුමැතිය තිබීම හෝ නොතිබීම මා හට කිසිදු වැදගැම්මකට ඇති දෙයක් නොවන බව කීමයි මාගේ පලවෙනිම අභිප්‍රාය වනුයේ. එයට හේතුව නම් අවංකවම ඔබ කෙරෙහි ඇති කලකිරීමයි. මුල්ම කාලයෙහි හැර මේ වන විට ඔබගේ බ්ලොගය ඔබ පවත්වාගෙන යනු ලබන තත්වය මත එකී කලකිරීම ඉපදී ඇත. මෙයින් මා අදහස් කරන්නේ ඔබ ලියනා දේ මට රස නැතිවීම ගැන නොව.. (එය මා හට කිසිසේත්ම අදාල නැත. මට රස දේ ඔබට රස නැති වීමටත් ඔබට රස දේ මට රස නැතිවීමත් යනු සරල කාරණයකි) එහි අයිතිකරු හැටියට වාරණය ප්‍රතික්ෂේප කරනවා යන ප්‍රතිපත්තියක් ඉස්සරහට දමාගෙන ඔබ විසින් ඔබගේ අඩවිය අනිකුත් බ්ලොග් කරුවන්ට මඩ ගැසීමට තෝතැන්නක් කරගෙන තිබීම මතයි.

      පෞද්ගලිකව මා හට බ්ලොග් අවකාශය තුල එල්ල වූ ප්‍රහාර මා හට ගැටළුවක් නැත.ඒ ප්‍රහාර එල්ල කල අයගේ මානසික තත්වය මා හට යම් තරමකින් අවබෝධ කරගත හැකි නිසා එකී අපහාස උපහාස පසෙක ලා කටයුතු කිරීම අසීරු කාරණයක් නොවේ... මගේ විරෝධය ඇත්තේ ඔබගේ අඩවියේ ඔබ ලියනා දේ කුමක් වූවත්..ඒවාට වැටෙනා කමෙන්ටු හරහා කෙරෙන්නේ මේ වන විට බ්ලොග් අවකාශයේ ඉතාමත් හොදින් ඉදිරියට එන පිරිසක් වෙත ප්‍රහාර එල්ල කිරීමයි. එය බලනා කාට වූවත් පෙනී යන කරුණ වන්නේ ලිපිය කුමක් ගැන වූවත් කමෙන්ටු යන්නේ බල්ලා සහ මැක්කාගේ කතාව මෙන් සහෝදර බ්ලොග් කරුවන්ට හා කාරියන්ට අපහාස කරනා තැනටය...

      වාරණයට අකමැතිය යන පදනම ඉදිරියට දමාගෙන ඔබ විසින් කරන්නේ දක්ෂ බ්ලොග් කරුවන්/කාරියන් පිරිසක් බ්ලොග්කරණයෙන් එලවා දමන්නට යැයි මා සිතන්නේ එහෙයිනි.

      Delete
    10. එම සිතිවිල්ල වැරදි එකක් යැයි ඔබ පවසන බව මා දනිමි. එහෙත් වචන වලට වඩා ඔබගේ ක්‍රියාව මම විස්වාස කරමි. ඔබ කරන්නේ දක්ෂයින් පිරිසක් මෙයින් එළවා දැමීමට උත්සහා ගැනිමයි.

      පෝස්ටුව ලියන ඔබ හා පෝස්ටුවට අදාල කතාව නොමැතිව කොහේවත් නැති තුන්වැනි පාර්ශවයක උදවිය ඇදගෙන දමනු ලබන ඇනෝ කමෙන්ට් පල කිරීමත්..ඒ ඔස්සේ එවැනි කමෙන්ට් කරුවන් දිරිමත් කිරීමත් ඔබ ඉතා හොදින් කරගෙන යනු ලබයි. එසේ කරනා ගමන් අදාල තුන්වැනි පාර්ශවයේ අය ඉල්ලා සිටියහොත් එකී කමෙන්ටු ඉවත් කරනා බව කියයි... මා ඒ පිළිබදව සිතන්නේ ඔබ ඒ හරහා තව දුරටත් ප්‍රහාරයට ලක්වූවන් පිඩනයට පත් කරන්නට උත්සහා ගන්නා බවයි. කුමක් නිසාද තවත් කෙනෙක් ඔබගෙන් ඉල්ලා සිටින තෙක් එකී කොමෙන්ටු ඉවත් කිරීමට බලා සිටින්නේ..? අන් අය ඔබ හමුවේ යදින්නන් බවට පත්වෙනවා බලා වින්දනයක් ලැබීමටද..? මෙය තුච්ඡ වැඩක් කතන්දර... මට අදාල නැති උනත් මේ ටික ලියන්නේ පහුගිය කාලයේ ඔබගේ අනුදැනුම ඇතිව ප්‍රහාර එල්ල වූ සියල්ලන් වෙනුවෙනුයි.

      ඔබ කමෙන්ට් මොඩරේට් කර ඇති නිසා ඔබට එවැනි තුන්වැනි පාර්ශවයකට අදාල කමෙන්ට් පල නොකරම සිටීමේ හැකියාව තිබියදී ඔබ විසින් ඒවා පල කර ‘ඕන කෙනෙක් ඉන්නවනං කියන්න මං අහක් කරන්නං“ වැනි දෙකයි පණහේ කතා කියන ආකාරය දුටු කල තව දුරටත් ඔබට සුහදව කතා බව කල යුතුයැයි හෝ වැදගත් අයකු සේ සලකා කටයුතු කල යුතුයැයි මා සිතන්නේ නැත.

      මට වැටහෙන ආකාරයට නම් පොස්ටුවට අදාල නැති අන් අයට පහර ගසන කමෙන්ට් පල කිරීම හරහා ඔබ කාරනා කිහිපයක් බලාපොරොත්තු වෙන බවයි...

      ලියන දේට අදාලව කිසිවෙක් කතා නොකරන නිසා අහක යන කුණු ගොඩක් හෝ ඇදගෙන ඒ හරහා ඇනෝ කමෙන්ට් මගින් හෝ කමෙන්ට් ප්‍රමාණය වැඩි කර ගැනීම.

      එකී ඇනෝ කමෙන්ට් හරහා ආරවුලක් ඇති කර තව තවත් අය බ්ලොගයට ගෙන්වා ගැනීම.

      ඔබේ බ්ලොගයට වඩා පිරිස ඇදෙන..කමෙන්ටු දමන අඩවි තෝරාගෙන ඔවුන්ට පහර ගැසිම... ඒ හරහා දක්ෂයින් අතු ගා දැමීම...

      වැනි කරුණු ඔබගේ අරමුණු යැයි මා විස්වාස කරමි.

      මේවා අසත්‍ය චෝදනා යැයි ඔබ කියන මුත් කාලයත් සමග දුටු දේ හරහා මීට වඩා යමක් මට සිතන්නට ඉඩක් නැත.

      එපමණක් නොව මෙවැනි තත්වයක් මත මා තදින්ම විස්වාස කරන්නේ එකී ඇනෝ කමෙන්ට් අතර ඔබ විසින්ම දමන ඇනෝ කමෙන්ට් ගණනක්ද ඇති බවයි.

      ඔබට පහසුවෙන්ම මේවා ප්‍රතික්ෂේප කල හැකි බව මා දනිමි. එහෙත් එකී ප්‍රතික්ෂේපය වචන වලින් පමණක් මා බාර ගන්නේ නැත.

      --------------------

      මා විසින් ලියන ලද දේ කුමක් වූවත්..එයට ඔබගේ ප්‍රතිචාර කුමක් වූවත් මා හට ඇති ගැටළුවක් නොවේ. ලියනා දෙයක හොද නරක දෙකම මා බාර ගැනීමට කැමැත්තෙමි. නමුත් පෙර කී අන්දමේ තුච්ඡ ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කරනු ලබන ඔබ වැන්නකුගෙන් මට කිසිදු ප්‍රතිපත්තියක් ගැන අදහසක් උවමනා නැත.

      සිංහල බ්ලොග් අවකාශයේ කලක් සිටි අයකු ලෙසින් ඔබ විසින් සාදාගෙන තිබූ ප්‍රතිරූපය මත මෙම කාරණා ටික ඔබට කීමට බොහෝ අය අකමැති බව මා දනිමි. ඒ ඔබගේ වයසට හා බ්ලොග් වෙනුවෙන් කල මෙහෙය පිළිබඳව සලකා බලාය. එසේම එවැනි තත්වයක් මත ඔබ වැන්නෙකුට මෙසේ චෝදනා කිරීම ඇතමුන්ගේ දෝෂදර්ශනයට හේතුවක් බවත් මා දනිමි. එහෙත් හිතේ එකක් තියාගෙන කටින් තව එකක් කීමේ “ප්‍රතිපත්තියක්“ මා සතුව නැති හෙයින් මා අවංකවම මේ වන විට ඔබ ගැන සිතා සිටින ආකාරය ආයේ අඩු නැතිවම සටහන් කරන්නට යෙදුණි.

      Delete
    11. හැමදාම වගේ අන්තිමට ඇවිත් බබා පාට් එක දැම්මහම ඔයා බබාද . අපේ ගම් පලාතේ ඕකට කියන්නේ සරම කඩලා මූණ වහගන්නවා කියලා , හූ හූ

      Delete
  20. ඒ කෙල්ල එහෙනම් බේරුනා...!!!

    ReplyDelete
  21. මොකෝ මෙච්චර හොඳ කෙල්ලෙක්ට බූට් තිබ්බෙ ?

    ReplyDelete
    Replies
    1. යකඩෝ මෙතන බූට් එකක් නැත... මං ඇහුවා.. පැණි පෙරුවා.. කෙල්ලත් බොහෝම සුහදව හිටියා..සුහදව බෑ කිව්වා.. මං නැවතුනා.. ලියුම ඉතුරු උනා... මං ලියාපු ලියුං පණහකට විතර පස්සේ මට ලැබුන එකම ලියුම මේ... :D

      Delete
  22. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  23. ලව් ලෙටර් ලිවූ ඒ කාලේ මතක් උනා..

    ReplyDelete
  24. මේ තියෙන්නෙ බඩූ ඩූ ඩූ...හි හි හී

    ReplyDelete
  25. කතාවත් කියෝලම අද ලිපිය බැලුවා ...දුක හිතුනා ..ඉතිං මක් කොරන්නද?

    ReplyDelete
  26. ඒ කියවලම දිය වෙලාද මන්දා.....

    ReplyDelete
  27. ඇත්තටම මාරයට ආදරේ දෙන්න බැරි උනාට ඒ ආදරේට වටිනාකමක් දීල තියෙනව...ඒකම ඇති මාරයො

    ReplyDelete
  28. හ්ම්ම්ම්....දුක හිතෙන කතාවක් නොවැ.... මොන කරන්නද ඔහොම තමා ජිවිතේ හැටි......

    ReplyDelete