18 January 2013

අවසන් මුරය...

සිව් වසරකුත් මාස හයක් එක දිගට...
මෙතුවක් කෙරුව රැකියාවට අද තිතය...
දුක සැප දෙකම එක ලෙසටම හිමි කෙරුව...
මුරකරු  දිවිය අද මෙතැනින් අහවරය...

අවුරුදු තිස්තුනක් වයසයි දැන් මෙමට...
තිස් හතරකට තව ඇත්තේ ටික දිනය...
එතුවක් කලක් කල රැකි රස්සා අතර...
මුරකරු දිවිය කිසිදා අමතක නැතිය...

පැය දොළොසකිය ෂිෆ්ට් එක මා වැඩ කෙරුව...
එයින් දෙකක් හැමදාමත් කල යුතුය...
දවසක් වැඩ පොලේ දවසක් නිවසේය..
ඒ ඔක්කොමත් අද මෙතැනින් අහවරය...

මුරකරු දිවිය තුල හමු වූ මිනිස් කැල...
අමන දනන් හා දෙවියන් වැනි අයද...
ගෙන දුන් මතකයන් සැමදා මා සතුය...
ඒ මතකයත් ගෙන මෙතැනින් යා යුතුය....

බ්ලොග් ලියනට නිදහස මා හට දුන්න...
මුරකරු රැකියාව මට නම්  සුන්දරය...
නිදි වරනට වුවත් හැම නිදනා රැයක...
මෙතරම් නිදහසක් වෙන කිසිවක නැතිය..

මෙතුවක් කලක් කල කී දේ තබා සිත..
මුර කුටියෙන් මා නික්මිය යුතුව ඇත..
අවසන් පැය ගෙවේ යන්නට තබා තිත...
යළි හෙට දිනේ මා මෙහි නොඑනවා ඇත...

60 comments:

  1. මොකද අයියා අස් වෙන්නේ ??

    ReplyDelete
    Replies
    1. එලෙව්වහම යන්න එපාය.. (විහිළුවක් හොඳේ.)

      Delete
  2. ඊ ළඟ රැකියාවට හා අනිත් එකට සුභ පැතුම් !!

    :)

    ReplyDelete

  3. අවසන් දිනය සතුටින් ඔබ සමරන්න ...
    …හිතවත් සැමට ආදරයෙන් සමුදෙන්න ...
    පතනා පැතුම් එලෙසම ඔබෙ ඉටුවන්න ...
    …නව මාවතට ජය ජය පතනව මෙන්න...

    ReplyDelete
  4. එකතැන පල්වීම වෙනුවට නික්මීම
    අලුතින් අත් දැකුම් ගෙන එයි හැමදාම

    ReplyDelete
  5. කොරපු කෙරුං ටික දැන්නං අහවරය
    සය වසරක බ්ලොක් කෙරුවේ හෙනහුරුය
    අමන දනන් හා දෙවියන් ගැන නිතර
    කිව්ව කතා තාමත් රැව් දේ නිතර

    කියන දෙයක් හරි විදියට කියල ඇති
    කොරපු දෙයක් ටක්කෙටමත් කරල ඇති
    ගහපු ගහපු තැන අඩි එසවිලා ඇති
    කරන දෙයක් කරපං හිතලා නොමැති

    එහෙනං අළුත් පරිච්ඡේදයකියන් හමුවෙමු.. බොට අයියා කිව්වට තිස් තුනෙයි කියල දන්නෙ නෑ නෙව. අපරාදේ මූට අයියා කිය කිය හිටිය මගේ කට.. චික් විතරක්.. හැක්.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලකෝ මාත් හිතාන උන්නේ මට වඩා වැඩිමාල් කියලා

      Delete
  6. අලුත් දිවිට ඔබ හට වාසනාවන්...
    යන යන හැම තැනම ජය දද නැංවීයන්...
    මිනිසත් කමින් හැම හදවත් බැඳියන්....
    එළැබෙන හෙට දිනය කිරි පැණියෙන් නැහැවියන්....

    සුබ අනාගතයක් මාරේ..

    ReplyDelete
  7. mata kavi loiyannta noheka

    අව්වේ තිබෙන රැස්‌ මාලා
    අඩුවේවා
    ගවුවෙන් ගවුව දිව මාළිග
    සෑදේවා

    jaya wewa maraya

    ReplyDelete
    Replies
    1. යකෝ යසෝදරාවත කියන්ඩ තියාගත්තෙ මූ ගිහිගෙය අතෑරල යනවය? :D

      Delete
  8. ජීවිතයට හුඟාක් ලං උන රස්සාවකින් ඈත්වෙද්දී හිතට දුකයි තමා. යන අලුත් තැන මීට වඩා හොඳ වෙයිද කවුද දන්නෙ..දැනට එහෙම හිතමු. අපිට අලුත් තැනේ වග තුගත් දැනගන්න ලැබෙයිනේ..:)

    ReplyDelete
  9. අරන් මතක හොඳ ඊයේ
    කරන් අමතක පලනැති ඒවායේ
    බලන් පායන ඉර උදයේ
    තියන් නව පියවර දිරියේ

    ReplyDelete
  10. කොහොමත් අපි ඉන්නෙ සමුගැනීමේ නවාතැක....

    අලුත් ප්‍රවේශයට ජය වේවා....!

    ReplyDelete
  11. තිස් තුන් වසක් ජීව්තයේ ලබන ලද
    පන්නර අත් දැකුම් වෙනෙකෙකු ලබනවද
    පුස්තකාලයක් වන් උඹේ දැනුම් කඳ
    මින් මත්තටත් අප වෙනුවෙන් බෙදනවද....?

    සුබ අනාගතයක්....!!!

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ.. හි හි

      Delete
    2. වෙන මොකටවත් කලින් මේකට උත්තරක් දීලා හිටහං අයියේ. උත්තරයක් කිව්වෙ. 'ඔව්, අනිවා' කියල කියහං.

      Delete
  12. මෙතුවක් කලක් කල කී දේ තබා සිත..
    මුර කුටියෙන් ඔබ නික්මී ගියත් අද..
    ලැබෙනා අලුත් රැකියස්ථානයේ සිට...
    යළි හෙට දිනේ ඔබ මෙය ලියනවා ඇත...

    ReplyDelete
  13. බ්ලොග් එකටත් වයධම්මා සංඛාරා වේද ?
    :o

    ReplyDelete
  14. දිවි කතරක සැරි සරමින් සිටින තුර
    කඩයිම් එනව ජීවිතයේ නොයෙක් වර
    සොඳුරු මතක කරගෙන හදවතෙහි සිර
    ජීවන ගමන ගෙවපන් සැප තුරුලු කර

    හැබෑටම මොකෝ මේ???

    ReplyDelete
  15. කලිනුත් කිව්ව වගේ ඔබට වරදිනේ නැහැ. මිනිසත්කම තිබෙන හදකට වරදිනවා අඩුයි.

    ReplyDelete
  16. අලුත්රැකියාව වාසනා වේවා !!
    :)

    ReplyDelete
  17. දැන් එතකොට බ්ලොග් ලෝකෙට මුර කරුවෙක් නැතිව යනව ද?

    ReplyDelete
  18. අලුත් ඇරඹුමට ජය මාරෙ !!

    ReplyDelete
  19. කොහේ ගියත් උඹට ජයම වේවා...

    ReplyDelete
  20. ඒ කියන්නේ තව තැනකට මනුස්සකම බෙදන්ඩයි යන්නේ

    ReplyDelete
  21. මාරයා...

    දැක්කම භය හිතෙන නමක් ඇති..
    ඇසුරු කල විට හිත හොද බව පැහැදිලි..
    ඊනියා උගතුන්ටත් පාඩම් කියා දෙන..
    දාහකින් හොයා ගන්න බැරි මනුස්සකමක් තියන..
    රටට ණය නැති පුතෙක්...

    මාරයියේ...උඹේ සමහර මතවාද මගේ මතවාද එක්ක ගැටෙන්න පුළුවන්. උඹට තැන තැන ගහන පදනම් විරහිත මඩවලදී උඹ උපහාසයෙන් බැලුවා වෙන්නත් පුළුවන්. ඒත් මට නම් මල පැන්නා. වෙන හේතුවක් නිසා නෙමේ, මොන මතවාදේ දැරුවත් උඹ මේ රටට සම්පතක්. උඹට කොහෙදිවත් වරදින්නේ නෑ. හදවතින්ම පතන්නේ ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පෂ්ෂට සැප දෙනකං මේකා සම්පතක්. හික්... මාරයෝ. බොට කියන්න එකක් තියෙනවා. ආයේ අළුත් තැනක පැක් වෙන කං, හිතා ගනිය මම මීට පස්සේ ඉදල මට දාන හැම කොමෙන්කටුවටම උත්තර දෙනවයි කියලා

      Delete
  22. මේ කවි පෙළ හද පතුලටම වැදුනා මාරෙ... ජීවිතයේ අළුත් ඉසව්වකට පිය නගන ඔබට මිතුරන් මිස පසමිතුරන් හමු නොවේවා ! ජය !

    ReplyDelete
  23. එහෙනං, සුබ අනාගතයක් !

    ReplyDelete
  24. යන එන හැම ගමනම සුභ වෙන්න
    කරනා සියලු දෑ සිතුලෙස ඉටුවෙන්න
    නව දිවිමගේ බදාවල් නැති වෙන්න
    දළදා සමිදු පිහිටෙන් සෙත සැලසෙන්න

    එතකොට මාරයිය ස්ථාන මාරුවක් නෙවෙයි, රැකියා මරුවක්ද ලබල තියෙන්නේ? අපොයි ඒ ගමන මොකෑ කරන්න යන්නේ? අර කරලා නෑයි කිවුව තෙල් බේත් විකිනිල්ල හරි මැෂින් හැදිල්ල හරි නෙවෙයිනේ?
    අලුත් වෙනසට මගෙන් සුභපැතුම් ...!!!!!!!

    ReplyDelete
  25. අලුත් රැකියාව මොකක් උනත්, මාරෙ මලයට සුබ අනාගතයක් !!!!!!!!
    >
    >
    >
    >
    ලොක්කගෙ උපදේසක පට්ටමක්වත් හම්බුනාද මන්ද, ?

    ReplyDelete
  26. අඩා ගොබිලා

    ජොබ මාරු කරනවද ???? මගෙන් සුභ පැතුම්

    (යන තැන හොලෝගෙන හිටපං හරී)

    ReplyDelete
  27. කොහේ ගියත් ජයවේවා!!!

    ReplyDelete
  28. සුභම වේවා ජයම ලැබේවා..!!!!

    ReplyDelete
  29. යහපතක්ම වේවායි හැඩ පතුලෙන්ම පතමි.

    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    ඔබ මුව පෙනේ සුපිපුණු කුසුමක් ලෙසට

    ජය වේවා

    ReplyDelete
  30. තබමින් පාද එලියට යන වෙලාවේ
    කරපන් මතක් කල හොඳ වැඩ මරා මලේ
    අතහැර දමන් ගුණමකුවන් දිවි තලාවේ
    හනිකට වරෙන් මාරයෝ හරි වෙලාවේ

    ඉක්මණින් ආයෙත් වරෙන්. තෙරුවන් සරණයි !

    ReplyDelete
  31. එළඹෙන හෙට දිනට සුබ පැතුම් මාරෙ ජයවේවා.

    ReplyDelete
  32. අළුත් ඇරබුමට ජය!

    ReplyDelete
  33. තෙරුවන් සරණයි!

    ReplyDelete
  34. ඔනම නිමාවක් ලග ඇරඹුමක් තියෙනවා කියනවනේ.. සුභ පැතුම් මාරයියේ එලබෙන හෙට දවසට..

    ReplyDelete
  35. හෙහ් හෙහ්... උඹට වෙන ජොබක් හොයාගන්න කිව්ව නේද ගෑණු ළමයා... :)

    ඕන මගුලකට සුභ පැතුම් මාරෙ අයියා :)

    ReplyDelete
  36. සුභ පැතුම් මාරයියේ...

    ReplyDelete
  37. එහෙමනම් අලුත් රැකියාවට සුභ පැතුම් හොදේ.....

    මොනවා කලත් කවදාවත් වරදින්නේ නැනේ.... ජයම වේවා...

    ReplyDelete
  38. පියෙන් පිය තබා යන ජීවන ගමන
    පිය සටහන් මතකය අමතක නොවන
    පොලොවේ පය ගසා දිවි මග දුර ගෙවන
    පතමි ජය මිතුර, නව පියවර තබන

    ReplyDelete
  39. මෙන රස්සාව උනත් අවංකව කරපං මාරයා අයියා! උඹ කුකිං ජොබ් එකකටවත් යන්නද හදන්නෙ! අයේ දෙකක් නෑ අයියා අංක එකේ පබ්ලිස්ගෙ තත්වෙට එයි ෂුවර්! කාලා නෙමෙයි පොටෝ වල විතරයි දැක්කෙ කෑම වල ලස්සන! හී හී! අලුත් රස්සාවට සුභ පැතුම් අයියා!!

    ReplyDelete
  40. නව ‍රැකියාවට සුබ පතනවා මලේ ... බ්ලොග් ලියන්න වෙන් කරන කාලය අඩු කරන්න නම් එපා ...

    ReplyDelete
  41. කොහෙද මාරයෝ යන්නේ , යන තැනක කියල පලයන්. මොනවා උනත් උබ ලියපු ඒව හැමදාමත් රස වින්ද. කොහොමත් බ්ලොග් වලින් ආයෙමත් හමු වෙනවා කියන එක බලාපොරොත්තු වෙනවා. ජය වේවා !!!

    ReplyDelete
  42. යන යන තැන ජය ගැනුමට හැකිවේවා
    එකට හිටපු අය අමතක නොම වේවා
    දුදනන් නොව මිතුරන් වැඩි වැඩි වේවා
    පතමි ඔබට යන තැන ජය ජය වේවා......! :)

    ReplyDelete
  43. අනේ මාරයියෙ...බ්ලොග ලියන්නෙ නැතිව නම් ඉන්නෙපා...

    ReplyDelete
  44. හප්පච්චියේ.. වෙලා තියන සන්තෑසියක්... මම නෑවිත් හිටපු ටිකට.. බ්ලොග් ලියන්නතුව නම් ඉන්න එපා අර කිව්වත් වගේ..

    ReplyDelete
  45. නොමළ ගෙයක අබ සොයලා ගත හැකිද
    කූඩැල්ලෙකුව කොට්ටය උඩ තිව හැකිද
    මුණු පොතොන් මුණක් ගැලවිය හැකිද
    බ්ලොග් නොලියා මාරයාට හිටි හැකිද

    ReplyDelete
  46. දැන් මොකද්ද උඹේ අලුත්ම ජොබ් එක මාරයෝ . . .

    වෙලාවකට උඹ ගැන ඉරිසියාවේ බෑ . . ඔහොම ජොබ් මාරු කරන්න අවස්ථාව හැමෝටම හම්බ වෙන්නේ නෑ බන්

    ReplyDelete