21 January 2013

දන්න යකා හොඳා...



පොරජා තන්තරෙ රකින්න..අයුක්තියට එරෙහි වන්න..
එන්න එන්න අපිත් එක්ක..ඇවිත් අපිට එකතු වෙන්න...
එහෙම කියලා උසි ගන්නලා..අපි ලව්වා ඇට බාවලා..
උන් සුදනෝ වගේ යනවා..කෝට් බෑය පොරවාගෙන...
සාධාරණ සමාජයක්...සැමට සුදුසු පරිසරයක්...
හැම දෙනාට එක හැන්දෙන්..බෙදලා දෙන රාජ්ජයක්..
සුචරිත ගැන කතා..නිතර කියන ගොතා..
මේ වාගේ ඈයෝ එක්ක..ගියොත් විපත තමා...
ඉන්න උන්ව පන්න ගන්න..අළුත් උන්ට බලය දෙන්න..
අළුත් උන්ට බලය දීලා..උන්ට කියල ඇරව ගන්න..
ආසවක් හිතේ..තාම නැහැනෙ පුතේ.. 
ඒ හින්දා පෙර වාගෙම..මම යනවා කඩේ...
දන්න එකා හොදා...ඌ ඇරියත් හොඳා..
නොදන්න දෙයියට වැඩියෙන්..දන්න යකා හොඳා...




ලියන්න වෙලාවක් නැති හින්දා මාතලංගේ බ්ලොග් එකේ ලියපු කොමෙන්ට් එහෙකින් වත් වේල පිරිමහ ගන්න හිතුවා... මේක පාළුවට යන්න දීලා බැහැනේ මොනවා උනත්...

42 comments:

  1. කමෙන්ට් කිරීම තහනම්ය.

    ReplyDelete
  2. කට්ටිය කාලා දොයි වගේ

    ReplyDelete
  3. අදට ඇති. ඔයා කොහේ ගියත් කමක් නෑ මගේ වැඩෙත් දවසක වෙන්නෝනෙ. සිංහ ලග්නෙ 12 අධිපති සඳු 12නම් මොකද?

    ReplyDelete
  4. මෙහෙමවත් මේකක් තියෙනවා කියල මතක් වුන එකත් ඇති,

    ReplyDelete
  5. බලය දූෂණය වෙන සුලුයි

    ReplyDelete
  6. හරියටම හරි මාරයා..

    ReplyDelete
  7. මොකද මාරයියේ. ලියන් දේවල් නැද්ද?

    ReplyDelete
  8. දන්න එකා හොදා...ඌ ඇරියත් හොඳා..

    හොඳා.. හොඳා..

    ReplyDelete
  9. අනේ ඉතින් අපේ මොකෝ ...බොට හොඳ නම් හි හි හී LD

    ReplyDelete
  10. මේකා තව හොරකං කරන්ට පෙර යමක් කරන්ට වෙනවාය...

    ReplyDelete
  11. දන්න එකා හොදා...ඌ ඇරියත් හොඳා..
    නැවෙන්නම් ආඩම්බරෙන්...
    ලෙස්සල යන්නට කෙළ පොඩ්ඩක් සමගින්...
    දනහිස නවල අරින්න ...මාමේ...

    (දැන් මූ විතරක් හම්බ කලාම ඇතිද, අනිත් උන් පව් නැද්ද බං)

    ReplyDelete
    Replies
    1. ඇයි අඹත් හොරාකන්ඩ ඕනද, අපායේ යන්ඩ ඕනද

      Delete
  12. දන්න එකා හොදා...
    ඌ ඇරියත් හොඳා..
    ඇරවා ගනින් පුතා...
    අනේ අපිට මොකෑ .

    ReplyDelete
  13. දැන්නම් රිදෙනවා.. හරිම අමාරුයි මාරේ....

    ReplyDelete
  14. අලුතින් කන්න එන්න ඉන්න උන්ට වඩා මේකා හොඳා තමා

    ReplyDelete
  15. යකෝ මෙච්චර කල් හොඳට හිටිය මාරයා හදිස්සියේ කාර්ය බහුල උනේ මොකෝ ගෙට්ටුවට දරදිය අදිනවද? නැත්තං කෙල්ලෙක්වත් සෙට් වෙලාද?

    ReplyDelete
    Replies
    1. මාමට දරදිය අදිනවා

      Delete
  16. හැමදාමත් දන්න එකා ඇරල යනව පුතේ
    කවුරු ඇරල ගියත් එකයි දැන් ගාණක් නැතේ
    ඉඳහිටවත් වෙනස් කමක් කරන්ඩ හිත ඇතේ
    ඇරල එමුද අපිට අරින උන් හට බුදු පුතේ

    ReplyDelete
  17. අපරාෙද ලංකාවෙ චන්දෙ තියන්න පිටරට වලිං ආදාර ගන්නෙ...
    චන්ද නොතිය හැමදාම මෙයාම තියාගමු..කිසි තේරුමක් නැහැනෙ හැම විරුද්ද කාරයටම වඩා මෙයා හොදයි නෙව...

    ReplyDelete
  18. From Lanka C News,

    //lankikaya says:
    January 21, 2013 at 4:08 pm

    හරි මචන්ලා සොරි වෙන්න ඕනා ?අපි මුන්ලාව ගෙදර යවමුකෝ?කවද ගේන්නේ?කාලකන්නි,කුහක,රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න UNP,JVP ද මචන්ලා………..එහෙම නැත්නම් අපේ විරෝදාර SARATH FONSEKA මැතිතුමාද?නැත්නම් වික්‍රමභාහුද,සිරිතුංගද,නිර්මලාද ,නැත්නම් අපේ TUN කට්ටියද?කියන්නකෝ වෙනසක්……….මොකෙක් හරි රට කොරන්නත් එපෑ ……………….
    Reply

    lak wijaya says:
    January 21, 2013 at 4:37 pm

    ඔලු වෙනස් කරන එක පැත්තක තියපන්. ඉන්න එවුන්ගේ ඔලුවලට දෙකේ දෙකේ පොල්ලකින් හරි ගහල හදාගන්න බලපන්. කටවහගෙන හිටියොත් මුං කටට චූ කරලා යයි දවසක//


    ඔය උඩ ලක් විජය කියල තියෙන දේම තමයි මටත් කියන්න ඕන. කරන කරන දේට "අපේ ආන්ඩුවනෙ" කියල කට වහං හිටියොත් අපිටත් වෙන්නෙ මුල් දවසෙ පැන්සල හොරකම් කලාම "කමක් නෑ ඌ මගෙ පුතානෙ" කියල කට වහං උන්න අම්මට උන දේම තමයි.

    ReplyDelete
  19. කොච්චර කරත් දන්න එකානෙ නේද???

    ReplyDelete
  20. වෙන මක්කැයි කොරන්න තියෙන්නේ?
    දැන් මාරයා අයියට අලුත් ජොබක් සෙට් වුනෙයි?

    ReplyDelete
  21. මාරයියට හොදා නං අපිටත් හොදා :D

    ReplyDelete
  22. ඒකෙ හිටපු ඇනෝලා ටික දැං මේකටත් බහිංඩලා....

    ReplyDelete
  23. ආණ්ඩු වෙනස් කිරීමෙන් පලක් නැත.
    පවතින ආණ්ඩුව තම අභිමතය පරිදි මෙහෙයවා ගැනීම ජනතාව සතු කාර්යයකි
    ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි . ජනතා මතයට සියල්ල යටත් ය.
    නමුත් සිදු නොවන්නේත් එයයි
    සය වසරකට සැරයක් චන්දය දී සියල්ල කරලා යනතුරු , ආශ්චර්යය අතට දී යනතුරු , තම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් (පඩි වැඩිවීම නෙමේ ) ඉබේ ලැබෙන තුරු ලාංකිකයන් නිදි වැදී බල සිටිති.
    තමන්ට පෞද්ගලිකව අවාසියක් වෙන විට ගිරිය පුප්පා සියලු ලාංකිකයන් වෙනුවෙන් බොරුවට කෑ කරති (FUTA )
    නැත්නම් කරබා සිටිති
    සියලු ආණ්ඩු මෙය දනිති
    ආණ්ඩු හදන්නෙත් , මැති, ඇමති , ජනපති වෙන්නෙත් ඇමරිකාවෙන් ඇවිත් නොව ලංකාවේම මිනිසුන් බැවිනි.
    මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලාංකේය පොදු ජන හද ගැස්ම ඉතිහාසයේ හොඳින්ම අවබෝධ කරගත් නායකයාය
    ඔහුට තරඟයක් නැත.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ඇත්තෝද මැති ඇමතිවරු වෙති

      Delete
  24. @මාරයා,

    උඹ මලේ නැහැ එහෙනම්.

    එදා,

    ඩී එස් සේනානායක බත් දුන් ජාතියේ පියා ය.

    සිංහල රජ බස කල එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක යනු ශ්‍රී ලාංකේය පොදු ජන හද ගැස්ම ඉතිහාසයේ හොඳින්ම අවබෝධ කරගත් නායකයාය. ඔහුගේ අවාසනාවට වෙඩි කා නැසුනා.

    අද,

    ජේ ආර් නූතන ව්‍යවස්ථාව වැදූ ජාතියේ පියා ය.

    එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගෙ පක්ෂයෙන් විත්, නැවත ඉංග්‍රීසි රජ බස කල මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලාංකේය පොදු ජන හද ගැස්ම ඉතිහාසයේ හොඳින්ම අවබෝධ කරගත් නායකයාය....

    මම නම් ඔය JVP ඇතුළු හැම වර්ගෙටම ප්‍රතිවිරුද්ධ වර්ගෙ දේශපාලනයක් කරන්නෙ. ඒක නම් ඔටුනු ගන්න නොව ජීවිත්වීමටයි. මෙතෙක් පැවතුන ඕනම පක්ෂෙකට හේත්තු වෙලා කල්ල මරේ කරගත් උන්වත්, උඹ වගේ කඩේ යන උන්වත්, රාජ්‍ය සේවයේ ඉන්න එකෙකුවත් අපට සහාය වෙන්න ඕන නෑ. ඒ, අප හීනෙන් හරි බලේට ආවොත් ඔය ඔක්කොම එංඟලන්තෙට පියාඹන්න කියල ජංඟි නැතුව මුහුදට දාන නිසයි.

    ReplyDelete
    Replies
    1. 70 දශකයේ ඉදන් තට්ටුමාරුවට කටිටියම රට කෙරෙව්වනේ..ඒ ගැන හැමෝම දන්නව ඇතිනේ.ඉතින් මාරය කියන එක තේරුං ගනිල්ලා.

      Delete
    2. අමතක කරන්න එපා රනිල් වික්‍රමසිංහ මහත්තයත් දෙවරක් මේ රටේ අගමැති වුණ කෙනෙක්

      Delete
    3. නලීන්,

      මාරයා දන්න යකාගෙ තව කොච්චර නොදන්න දේවල් තියෙනවාද? අප ඔය යකුන් දන්නේ වෙන යකුන් අහලවත් නැති කලය. එදා අපේ යකුන් නොදැන මේ යකුන් උඩට නොඑසවූවා නම්, හිටියා දැයි මොන යකෙක් වත් නොදනි. අපේ යකුන් මේ යකුන්ගෙ දැන් නටන නැටුම් දැන සිටියා නම්, අද මෙසේ නොවනු ඇත. යකුන් එළවීමට හැකි යකුන් ඇත්තේද ඒ ළඟමය. ඔබ සුනඛයෙක් ගැන කීවද, අප, පරපුරෙන් යකුන් නැටවුවන් වෙමු.

      සුනඛයන් හිස තබාගෙන යකුන් කර, සංගීතයට අනුව සුනඛයන් හිඳගන්න පුටු මාරු කරනවාට වඩා දුර නොබැලුවොත්, මොන යකෙකුට වත් බේරාගත නොහැක.

      යකුන්ගෙ වදුලට අතේ දුරින් ජීවත්වූ යකුන් තරම්, වෙස්බැඳි යකුන් නොදනී.

      Delete
  25. අපේ යකා - අපට හොඳා.

    ReplyDelete
  26. කරකාරවත් බඳින්නද මන්දා මේකා බිසී වෙලා

    ReplyDelete
  27. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete