06 January 2013

අංගං මාස්ටර්...


මේක මේ බුකියට ලියාගෙන ගිහිං අන්තිම මොහොතේ කල්පනා වෙලා මෙතනම අලවන්ට උස්සං ආපු එකක්... නිමිත්ත අංගං නග්ගන්න රාජ්‍ය අනුග්‍රහය කියලා දැකපු පෝස්ටරයක්...
-------------------------------

දැන් එහෙමට නැති..ඒ කාලේ බොහෝමයක් තාප්පවල පාප්ප වලින් ඇලවුන පින්තූර ටිකක් තිබුනා... මාස්ටර් ජී ටී ලිවේරා..සීවලී වික්‍රමආරච්චිලා වගේ අය.. පස්සෙන් පහු සේනක විජේසිංහලත් ආවා.. ඒත් අතින් පයින් සිල්ප දක්වන්න යනවට වඩා ඒ සල්ලි එකතු කරලා පිස්තෝල කට්ටක් ගන්න එක වඩා ලාභයි සහ ප්‍රයෝජනවත් කියලා ගංවල හිටිය කොල්ලෝ තේරුං ගත්තට පස්සේ ඒ උදවියට ගෝල බාලයෝ අඩු වෙන්න ගත්තා... ඉතිං ඒ අයගේ අර නිතර පාප්ප වලින් පෙගිලා තාප්පවල ඇලවෙන පෝස්ටර් එහෙමත් කාලයත් එක්කම අඩු වෙලා ගියා... එක එක්කෙනා වෙන වෙන රස්සා හොයා ගන්න ඇති... සේනක විජේසිංහලා එහෙම නළු කමට බැස්සා... දේශපාලනේට හේත්තු උනා... ඒත් ඉතිං එදාවේල හොයා ගත්ත හැමෝටම නළුවෝ වෙන්නත් බැරි උනා..දේශපාලනේට යන්නත් බැරි උනා... වෙන රස්සාවල් අහුවෙලත් නැහැ... හැබැයි එයාලටත් එල්ලෙන්න වලිගයක් අහු උනා... ඒ තමයි ජයන්ත චන්ද්‍රසිරි  ඇම්බැක්කේ දේවාල කැටයමක් පසුබිම් කරගෙන යන්තං ඉතිහාස පොතක දෙකක ගෑවුන නමක් ගමක් හොයාගෙන ඒවා රසට කලවං කරලා.. සේනක විජේසිංහ විසින් තමුන් දන්න වූෂු කලවං කරලා නිර්මාණය කරපු සිංහලේ සටන් කලාව... “අංගම් පොර“

දැන් සුදලියේ පරම්පරාවෙන් මරුවල්ලියේ පරම්පරාවෙන් පැවත එනවයි කියාගත්ත අංගම් අයියලා වැහි වැහැලා... හැබැයි දැනට දසක දෙකකට කලින් උන් දැනං හිටියෙත් නැහැ ඔය මොන අංගමක්වත්... හොඳම විහිළුව තමා සමහර අංගං කාරයෝ දැන් උන් උන් වලි..ඒ නියම අංගං කාරයෝ තමුන්ය කියලා බෙදා ගන්න බැරිව...

මං දන්න කියන හංවැල්ල පැත්තේ අංගං පොරක් ඉන්නවා... පොර හෙනට ප්‍රසිද්ධයි ඔය අංගං දර්ශනවලට.. හැබැයි මෑන් ඉස්සර චීන සටන් ක්‍රම ටිකක් ඉගෙන ගෙන ඒවාම ළමයි හත් අට දෙනෙකුට උගන්නගෙන හිටිය හාදයා...  හැබැයි ජයන්ත චන්ද්‍රසිරි දඩුබස්නා මානය පෙන්නුවට පස්සේ නියම ලයින් එක අල්ලගෙන මෑන් ගැලෙව්වා සාම්ප්‍රචායික චීන සටන් කලා ඇදුම..ඇදගත්තා සුදු රෙදි කඩයි... රක්ත වර්ණ ඉනකඩයි.. ආන්න දැන් පොර අංගං බුවෙක්... ඒ විතරක් නෙවෙයි ඒකටම හරියන්න ඉතිහාස කතාවකුත් මෑන්ට දැන් තියෙනවා පොර අංගං පරම්පරාවකින් එන හැටි ලස්සනට කියැවෙන... කොණ්ඩෙත් වවලා දැන් නියම සිංහලයා... කතාව දෙබස් තිරනාටකය සේරමත් හරි... ගෝලබාලයොත් ඒවටම හරියන්න හදා ගත්තා... දැන් මෑන් නියම පරම්පරානුගත අංගමෙක්... අහල පහල උන්දලාගේ මතක පොතත් මකලා දැම්මනං ඉතිං ආයේ ලොවෙත් නැහැ...

එහෙම බිහිවෙච්ච අංගං පොරවල් තමා දැන් ඉන්නේ.. ඒත් ඕක කිව්වම අපේ හෙළුව අගයන කීප දෙනෙකුට තද වෙනවා..“ ඔය කිව්වට නියම පරම්පරාවෙන් පැවත එන අංගං පොරවල් තාමත් ඉන්නවා ලංකාවේ කියලා හත් පොලේ දිවුරනවා.. හැබැයි දැකපු එකෙක්නං නැහැ... දැක්කා උනත් මං අර කිව්ව හංවැල්ලේ අංගමා වගේ බුවාලා පණ පිහිටෝලා කියන කතාවක්නං ඉතිං තේරුමක් ඇතෑ...

වැලිවේරියේ චීනලගේ චීනඩිත්.. ගාමිණීලා ඉස්සර චිත්තර පටිවල ගහපු පොල් අඩිත් ඇරුනුකොට ලංකාවේ මෑත කාලයේ ඔය කියන තරං දියුණු අංගමක්නං තිබුනේ නැහැ ජයන්ත චන්ද්‍රසිරි දඩුබස්නාමානය හදනකල්ම... ඕක හදලා වැඩේ නැගලා යන මුල්ම කාලේ පත්තරේකට සේනක විජේසිංහ විසින් දීලා තිබුන සාකච්ඡාවකදී මෑන්ම කියලා තිබුනා ටෙලියට අංගං ගැන හොයද්දී එහෙමට ලොකු දෙයක් හොයා ගන්න බැරි උන හින්දා තමුන් දන්න වුෂූ සිල්පෙන් කොටස් අරං ඒක ටිකක් සිංහල කරලා අර ගත්ත වග... හැබැයි ඒ වෙද්දී ජයන්තවත්..සේනකවත් හිතන්න නැතිව ඇති තමනුත් සටන් කලාවක ආරම්භකයෝ කියලා... ඔය චීන සටන්ක්‍රම වල එන එක එක සත්තුන්ව අනුගමනය කරන සටන් ක්‍රම බිහි වුන හැටි ගැන හදන චිත්තර පටියක් වගේ එකක් දවසක හදන්න පුළුවන් වෙයි ජයන්ත සහ සේනක විසින් බිහි කරපු “නූතන අංගං පොර“ හැදුව හැටි ගැන... හැබැයි ඒක හදන්න ඒ හැටි වියදමක් යන එහෙකුත් නැහැ..දඩු බස්නාමානයෙන්ම වැඩි හරියක් කෑලි අරගෙන වැඩේ ගොඩ දා ගතෑකි...
----------------------------------
බුකියට දිග වැඩි හින්දා මේකේ දැම්මා මිස බ්ලොග් එකට හරියන ලිවිල්ලක්නං නෙවෙයි මේක...

54 comments:

  1. ඒ වගේම මෑත කාලයේ ඔය අංගම් සටන් ගැන ටෙලි කීපයක්ම හැදුනා , කොරතොට පැත්තේ පොරවල් ටිකකුත් ඉන්නවලු ඔය සටන් කලාවට උරුමකම් කියන එත් අර රතුගල එක්කෙනා තමයි නියම සුරය කියලත් කට්ටිය කියනවා මන් අහල තියෙනවා,
    ඔය මොන දීත් අර කිවැහේ කටපුන්චට යටයිනොවැ

    ReplyDelete
  2. ඒ කාලේ මට මතකයි කොල්ලෝ දඬුබස්නාමනයේ තියෙන විදියට වරෙන් අන්ගපොරයකට කියලා චැලේන්ජ් කරනවා.

    ReplyDelete
  3. මේක ගැන නං මගේත ඒ තරං දැනුමක් තිබෙන නැහැ...ලංකාවෙ අංගන් වල අගමුල හොයා ගත් මාරයා තුමාත් ලොව පතල වෙයි කාලෙකින්...

    ReplyDelete
  4. උඹ හොයල බැලුවෙ නැද්ද ජී ඒ ටී ලිවේර දැං මොකක් කරනවද කියල.

    හැබැයි අර කොරතොට පොට් එක ගැනනං සිරසෙත් ලොකු ටෝකක් දුන්න. ඇඟ හදාගන්න පොඩි එකෙක් බිම දාල තෙල් ගාල පාගන, නමන ලයින් ටිකක් එහෙම.

    ReplyDelete
    Replies
    1. ලිවේරා මාස්ටර් දැන් මැරිල බන් එයගේ නමින් පාරක් මිගමුවේ තියනවා දැන්

      Delete
    2. මං මව් චුට්ටකට කලිනුත් ඒ පාරේ ගියා

      Delete
  5. අපේ හෙළ උරුමයක් නේ අංගම් පොර ,ඉතිහාසේ තිබුන හෙළ සටන් කලාව
    නැවත නගා සිටුවන එකනම් ලොකු දෙයක් හැබැයි මාරය කිව්වා වගේ චීනාඩි
    කලවම් නැති ජෙනුයින් සුදලිය,මරුවල්ලියලාගෙන් පැවත එන අංගම්පොර ශිල්පීන් වෙන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව

      Delete
  6. මං නං ඔය මොන අංගමක්වත් දන්‌ෙන් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම අංගං යටයි ගෙදර ඇඳේ අල්ලන අඩව් වලට. එතැන බැරි එකාට කොහෙත්ම බෑ.

      Delete
    2. උබටත් මරු තැන් තමා මතක් වෙන්නේ සටන් කරන්න...........

      Delete
  7. ලංකාවේ ඉස්සර තිබිච්ච සටන් කලාව දැන් අනිත් ඒවාත් එක්ක එකතු වෙලා කලවම් වෙලා තියෙන්නේ!

    ReplyDelete
  8. හ්ම් ... ‘දඬුබස්නාමානය‘ නම් ඒ දවස්වල ආසාවෙන් බැලුව, ඊට පස්සෙ එයාගෙ ‘අකාල සන්ධ්‍යා‘ බැලුව. දැන් තියෙන මෙගා ටෙලි විකාරවලට සාපේක්‍ෂව හුඟක් හොඳ ටෙලිනාට්‍ය. ඒත් ඔය සටන් කලා ගැන නම් මම මොන මඟුලක්වත් දන්නෑ.

    ReplyDelete
  9. මාරෙ වෙනස බලන්න කො අන්න අ වෑඩ

    ReplyDelete
  10. දැන් ඔය කට්ටියක් හෝ ගාලා ඉතිහාස කතා චිත්‍රපටි හදන්නේ.... ඔක්කොම කරන්නේ අපේ දේ අගය කොරන්ට නොවැ.... ඒකනේ ඉස්සර අපේ කස්ටිය කරපු, අපිට දැන් කොරන්ට බැරි, හැබැයි අනිත් රටවල් ගොඩක් පස්සෙ පස්සෙ හරි කොරන දේවල් ගැන අපි කියන්නේ අයියෝ ඕවා මොනාද, අපේ ආදී මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කලානේ කියලා. දැනට මොකවත් කරගන්න බැරි කස්ටියට ඉතිහාසේ විකුණන එක තමා ලේසිම.... "අපේ උරුමය සොයා යමු" වගේ ටැග් එකක් දාලා මාකටිං පාරක් දෙන්නත් ලේසියි....

    ReplyDelete
    Replies
    1. අර එකෙකුට දවස් දෙකතුනකට පස්සෙ මැරෙන්න ගහන්න පුලුවන් "චලෝහි" පහර (නම හරිද මන්දා) එහෙම දන්න එවුන් ඉන්නවද?

      Delete
    2. දවස් 2-3කින් මැරෙන්න නෙවෙයි, අවුරුදු 20කින් මැරෙන්න ගහන්න පාරක් දන්නවා.. උඹට ඕනනම් උගන්නන්ඤා.. :)

      Delete
  11. ඔය මාරයා කට්ටියට ඇමක් දාලා තියෙන්නෙ... මාරයා අයිති මරුවල්ලිය අංගම් පරම්පරාවට... ඒකනෙ මාරයා කියන්නෙ...
    කට්ටිය ඔකට මොනවද කියන්නෙ කියලා බලන්නෙ... තව ටික කලකින් මාරයා අංගම් පන්ති පටන් ගන්න හදන්නෙ...
    දැන් බුද්ධගජ්ජෙත් හදාරනවලු...

    ReplyDelete
    Replies
    1. සික්.... මාරය මුට්ටිය දානකොටම පොල්ලෙන් ගහන්න එපා බන්,

      Delete
  12. උබට කියන්න අපේ පැත්තෙත් හිටියා ඔය වගේ පොරක් වු ඉස්සර හෙන වලත්ත කුකුළා මේ මෑතක ඉදන් වු පන්සලේ භාවනා කරනවා, සිල් ගන්නවා මං බැලුවා මොකද කියලා බැලින්නම් වුත් අංගම් කොරනවා. යකෝ වුගේ අංගම් බලන්න අපිට පිස්සු නැත්නම් හොදයි.

    ReplyDelete
  13. දැන් අංගම් කාරයෝ වැහි වැහැලානම් තමයි..එක්කෙනෙක් විවුර්ත අභියෝගේකුත් කරලා තියෙනවා දැක්කා පහුගිය දවස් වල... අංගම් පරම්පරා දෙකේ උදවියත් දැන් ඉන්නවාලුනේ... මමනම් හිතන්නේ ඔය කොයිකත් පාරම්පරික අංගම් කෙටිල්ල නෙමේ චීන අඩි, වුෂු කලවම් කරගෙන එක එක්කෙන නිර්මාණය කරපු ඒවා තමයි ඔය තියෙන්නේ...
    දඩුබස්නාමනය නට්‍යන් පස්සේ අංගම් වලට හොද මාර්කට් එකක් ආවා.. කට්ටිය දිව්වේ ඒකෙන් ප්‍රයෝජනේ ගන්න .. වුෂු උගන්නපු අය නිකන්ම පාරම්පරික අංගම් ගුරුවරු උනා ... හොදම දේ පෙරේරා වාසගම තියෙන උන්දලා අංගමුත් එක්ක කාලයක් යනකොට මහන්තආරච්චිලා වෙලා පාරම්පරික අංගම් උරුමක්කරුවෝ වෙච්ච එකයි ... අර කිව්වත් වගේ මිනිස්සුන්ගේ මතක පොත් මැකුවානම් මෙන්න මෙන්න ලංකාවේ පාරම්පරික සටන් කරුවෝ ...ඒත් ඔක්කොම දුවන්නේ මුදල් පස්සේ ...

    ReplyDelete
  14. ඔය මරුවල්ලියලගේ සුදලියලගේ කට්ටිය නොවුනට අපිත් හොඳ අංගං පොරවල් තමයි.ගමකට උනත් ගහනවා සෙනඟ නැත්තං හරිය???

    ReplyDelete
  15. //...මං දන්න කියන හංවැල්ල පැත්තේ අංගං පොරක් ඉන්නවා.....//

    මේ පොර කොරතොට නේද ඉන්නේ ??

    සීතාවක රාජසිංහගෙන් ලැබුණු කඩුවකුත් මෙයා ගාව තියෙනවා කියලා ෆොටෝස් වගයක් දාලා තිබුණා. ඒ වගේමයි වාර්ෂිකව මුල්ලේරියා විජයරහණය මෙයා සමරනවා... සෙල්ලම් නම් ගොඩයි :D

    ReplyDelete
  16. කියන්න තියෙන ඔක්කොම කියල තියෙනව කියල හිතෙනව... කරාතේ කියන එක ඇරුනහම අනිත් හැම සටන් කලාවක්ම ලංකාව ඇතුලෙ තමන් කැමති නමකින් කැමති දෙයක් උගන්නන්න පුලුවන් තත්ත්වයක් තියෙන්නෙ... හොඳ හරි දේ තෝරල බේරල ගන්න එක මාර අමාරු වැඩක්...

    අංගම් පිරිස දැන් නම් හෙල පෙනුම හදාගෙන ඉන්නව තමා, මම ලංකාවෙ මුලින්ම අංගම් ශිල්පීන් කියාගන්න අයව දැක්කෙ ජාත්‍යන්තර සංගමයකින් මිගමුවෙ පවත්වපු පුහුණු කඳවුරකදි (2004දි විතර)... බෙර තාල ටිකක් රෙකෝඩ් කරගෙන ඒක ප්ලේ වෙන ගමන් එදා මරු රඟපෑමක් දුන්නා... මට තාමත් ප්‍රශ්නයක් එතනට කොහොම රිංගගත්තද කියල... :)

    ReplyDelete
  17. මොනව උනත් ඉස්සරහට යන්න ඕනේ කලාවක් බං මාරයියේ
    දැක්කේ නැතෙයි අර ගාමණී එකේ ගහන ගැහිල්ල

    ReplyDelete
  18. අම්පාර පැත්තෙනම් අංගම පිබිනවා කියන්නේ ගම්මිරිස් ටිකක් කටෙ දාළ හපලා පිබල කරන හූනියමක්‌ වගේ එකකට ,සදරුවා හිටියනම් විස්තර අහගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. ඕක මට මතක හැටියට මායා අංගම් කියන කොටසට අයත් එකක්. කාලම් පිඹිනවා කියල එකකුත් තියනවා කියල අහල තියනවා. මායා අංගම් වලදී මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතා වෙනවලු.

      Delete
  19. මගේ තාත්තත් ලිවේරා ගුරුතුමාගෙ ඔරිජිනල් ගෝලයෙක්....

    ReplyDelete
    Replies
    1. බයාආආආආඅයි මම නම්

      Delete
    2. අර එකෙක් පත්තර ඒජන්සියක් ගැන කියලා ගූ නානවා , සිරා උඹත් පරිස්සමින්

      Delete
    3. නෑ නෑ භය කරන්න නෙමෙයි...තාත්තා කියන විදියට 70 දශකයෙ මුල් කාලෙ ගම්පහ කරාටෙ පන්ති තිබිලා නෑ... කොළඹ ගිහිල්ලා තමයි ඉගෙනගෙන තියෙන්නෙ...අද වගේ නෙමෙයි එදා බොහොම විනයක් යටතේ ශිල්පය උගන්වලා තියෙන්නෙ තමන්ගෙ ආත්මආරක්ෂාව සලසා ගන්නා අරමුණෙන් පමණයි. වයස 60 ඉක්මවා තියෙන මගේ පියා ජීවිතයේ අවස්ථා දෙකකදී පමණයි තවමත් ඒ ශිල්පය පාවිච්චි කරලා තියෙන්නෙ...එක් අවස්ථාවක් විදේශයකදි ඉන්දියානු ජාතිකයෙකුගේ අභියෝගයකට එරෙහිව...අනිත් අවස්ථාව ලංකාවෙදි කොල්ල කන්න ආපු කෙනෙකුට එරෙහිව...

      අද පන්ති වල මාස 6න් කලු පටි ලැබෙනවා...බහුතරය ඉගෙන ගන්නෙ අනුන්ට වැඩ පෙන්නන්න...ක්‍රීඩාවේ විනය කියන දේ බොහොම අඩුයි. ඉතිං හරිහාමන් එකෙක්ට සැට් වෙච්ච ගමන් උණ ගැනන්න ගුටි කනවා....

      Delete
  20. Kisiwak nokiyami, thawaduratath me gena danaganna pituwak pennannam. Meke hora angam kaarayo gena nithara katha karanawa
    methanin balanna

    ReplyDelete
  21. මේක හරියන්නෙ බ්ලොගේට තමා බං.
    අංගම්පොර කියන වචනෙ ඔය මැද කොහේහරි හරියට කොටල තියහං. කවදහරි අංගං ගැන සර්ච් කරන එකෙකුට මේක අහුවෙන්ඩ :)

    ReplyDelete
  22. අංගම්පොර දැං වඳ වෙමින් යන කලාවක් වෙලා.... සුද්දගෙ රෙස්ලින්නෙ අපිට ලොකු..

    ReplyDelete
  23. මට දැන් කාටහරි ගහන්න ඕනෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  24. අංගම් ගැන මාත් ලියපු පොඩි පෝස්ට් එකක් තියනවා. ඉදිරියේ දී බලමු එලියට දාන්න.
    දැන් නම් කොහෙද අංගම්.

    ReplyDelete
  25. මාරයා අයියා ගේ කතාව ඇත්ත...ගොඩක්(ප්‍රසිද්ධ ඔක්කොම වගේ) ඉන්නේ බොරු අංගම් කාරයෝ.මම අහල තියන විදියට උරා වලේ සටනකදී ඇරෙන්න අංගම් හරඹ ප්‍රසිද්ධියේ කරන්න ශිල්පියාට කැප නෑ.

    මගේ යාලුවෙක් ඉන්නවා.එහෙම පරපුරකින් පැවතගෙන එන.හබැයි හදිසි කෝප කාරයෙක්.මිනිහා ඉපදිච්ච දවස්වලම මිනිහගේ කේන්දරේ බලපු සීයා කිව්වලු මේකා භයානකයි මුට සිල්පේ දෙන්න එපා කියල.ඉතින් මුට සිල්පේ දීලා නෑ.දුකම සීන් ඒක තමයි මගේ යාළුවගේ තාත්තට සහෝදරයෝ හතර දෙනෙක් හිටියට ඒ එකම සහෝදරයෙකුටවත් පුත්තු නෑ.පරම්පරාවේ එකම කොල්ලට ශිල්පෙ දීලත් නෑ.ඒ අංගම් පරපුර එතනින් ඉවරයි.

    ඒක ජීවමාන සාක්කියක් අංගම් වලට ඇත්තටම මොකක්ද උනේ කියන එකට.මම අහල තියෙන්නේට සමකුල සහ උපන් නැකත් ගැලපෙන අයට මිසක් පිට අයට ශිල්පෙ දෙන්නේ නෑ කියල.මොකද අංගම් වල තියන කූට ප්‍රාප්තිය වෙච්ච මායාඅංගම් වලට අධිමානුෂික බලවේග එක්ක ගැටෙන්න පුළුවන් බලවත් කේන්දරයක් ඕනෑ වගේම තමන්ගේ දැනුම අනිසි ලෙස යොදා ගන්නේ නෑ කියන ඒක සහතික කරන්න පුළුවන් කේන්දරයක් ඕනෑ.



    ReplyDelete
  26. Mathakai oya senaka galle class karanta ewith ambanaka guti kewa..ane uge huke angampora..den u loweth ne..hikz..

    ReplyDelete
  27. ඇත්ත නේන්නම්... ජයන්ත චන්ද්‍රසිරි "දඩුබස්නාමානය "හදන්න කලින් ඔහොම වචනයක්වත් අහලා තිබුනෙ නෑ... දැන්නම් ඉපදිච්චදා ඉඳලා හතර වටේටම නෙලපු අංගං කාරයො වැහි වැහැලා..හෙට අනිද්දා කියයි බෲස් ලීත් ලංකාවට ඇවිත් තමා ඉගනත්තෙ කියලා..

    ReplyDelete
  28. මසුරන් වටින ලියවිල්ල මලය. හැම මගුලම අපිටත් තිබුනයි කියලා ඇත්තටම පුලුවන් දේ නොකර බොරු විජ්ජා කරන හොරු..

    ReplyDelete
  29. අංගම් වලින් ඉස්සර මිනිස්සුන්ට සතියෙන් ..මාසෙන් ..මාස තුනෙන් මැරෙන්න ගහනවලු නිල වලට ..අපේකමට තියන දේවල් නැතිවෙලා යන එක ගැන කනගාටුයි අප්පා !

    ReplyDelete
    Replies
    1. //අංගම් වලින් ඉස්සර මිනිස්සුන්ට සතියෙන් ..මාසෙන් ..මාස තුනෙන් මැරෙන්න ගහනවලු නිල වලට ..//

      ඔය ටික ආවෙත් දඩුබස්නාමානයෙන්ම තමා රෙහානි... ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණ කරුවෙක් හැටියට අතිශයින්ම සාර්ථකයි සහ ලංකාවේ හැටියට ජාත්‍යන්තර මට්ටමේ පොරක්... ඒත් එහෙම නිර්මාණයක් හරහා දීපු දේවල් අපේ අය ඇත්තම හැටියට බාර ගත්තයින් වෙලා තියෙන දේ තමා දැන් මේ රෙහානිගේ කමෙන්ටුවෙන් උනත් මට පෙනුනේ...

      ලු... කෑල්ල මිස රෙහානිටවත් කිව්වැකිද ඒක ඇත්ත කතාවක්ද කියලා... අපේ දේවල් තියෙනවා තමා.. ඒත් මේ වෙලා තියෙන්නේ නැති දේවල් ඇති කිරීමක්... ඔය කියන විදියේ නිල ගැහිලිල තියෙන්නේ කටින් මිස හැබෑවටනං නෙවෙයි... එහෙම පුළුවන් උනානං අපි ඉන්දියාව අල්ලලා මේ වෙද්දී...

      Delete
  30. සම්පුර්ණ ඇත්ත කතාව මාරයෝ

    ReplyDelete
  31. අපේ පැත්තෙත් අංගම්පිටියක් තියෙනවා...

    ReplyDelete
  32. පොස්ට් එක නියමයි...

    හැබැයි අංගම්පොර කියලා දෙයක් තිබුනා. මීට අවුරුදු 30 කට විතර කලින් අපේ ගමේ පන්සලේ උත්සවයක(පිංකමක) කවුරු හෝ අංගම් රංගනයක් කළා. වේලායුධය(තියුණු වානේ පටි ගණනාවක් එකට බැන්ද ආයුධයක්) ක් පළමු වරට දැක්කෙ එදායි. ඒ දවස්වල ජයන්ත චන්ද්‍රසිරිලා ඉස්කෝලෙ යන කොල්ලො වෙන්න ඕන. අපිත් බොහොම පුංචියි.
    අංගම්මන,අංගම්පිටිය කියන කියන ගම්වල ඕකට කුමන හෝ සම්බන්ධයක් තිබිය යුතුයි.
    හැමෝටම ඕන වුන වෙදකමවත් සාමන්‍ය මිනිස්සු අතරට නොයැවූ අපේ හෙළුවෝ....අංගම්පොර වැනි සටන් කලාවක් (කල් පවතින විදියට) මිනිස්සු අතරට යවයි කියලා කොහෙත්ම විශ්වාස කරන්න බෑ. අපේ ඉතිහාසයෙන් මෙය සැගවී අතුරුදහන් වෙන්න හේතු වුනේ ඒකයි.

    දැන්වත් උඹලා දන්න කලාවක් තියෙනවනම් ගුරු මුට්ටිය දුමේ තියලා, කාට හරි උගන්නපල්ලා...

    ReplyDelete
  33. මචෝ මේ ලංකාව රන් වෙන්නේ තනිකර බොරුවෙන්.. මේ අංගංම්පොර කාරයෝ ගැන ඇහුවම් ජයන්ත එක දවසක් මාත් එක්ක මැරෙන්නේ හිනා උනා.. ඌ කිසිම උත්තරයක් දුන්නෙ නෑ.. බලාගෙන ගියාම හොඳම අංගම්පොර කාරයෝ දෙන්නා තමයි.. උඹ කියපු දෙන්නා...

    ReplyDelete
  34. අන් ගම් සමග ඇතිවන පොර තමයි අංගං පොර උනේ. අපිත් ඉස්සර සරුංගලයක් කඩාගෙන එහා ගමට ගියාම උන් එක්ක අන් ගම් පොර ඇති උනා.

    ReplyDelete
  35. සුද්දන් විසින් අංගම් කලාව තහනම් කිරීමෙන් පසු එම පරම්පරා විසින් අංගම් කලාව පවත්වාගෙන ගියේ නැටුම් කලාවක් ලෙස බවත් අදටත් ඇත්තේ එම නර්තන කලාව බවත් මා අසා ඇත

    ReplyDelete
  36. අපේ තිබුන කරාතේ පන්ති නැති වෙලා ගියේ තුවක්කු පිස්තෝල සෙල්ලම නිසා නං නෙවී .... 88 -89 කාලේ තිබුන පන්ති තහනම නිසා ලිවේරා මාස්ටර් ගෙන් කළු පටි ගත බොහෝ දෙනෙක් කැරැල්ලට සම්භ්න්ධ් උනා .... පංති තහනම් උනා ආපහු ගොඩ යන්ද බැරි උනා ...
    ඔය අංගම් කියලා උගන්නන හැම කෙනාම කරන්නේ කාරාටේ හෝ වූශූ තමා ....
    හොදම කෙනා තමා කොරතොට පොර ... මේ ලගදි මිනිහා පන්සලේ පුස්කොල පොත් වගයක් උස්සන්න ගිහින් මාට්ටු වෙලා පන්සලේ හාමුදුරු වන්ට ගහන්ඩ ගිහින් ගමේ උන්ගෙන් ගුටි කෑවා
    අනිත් හොදම නලුවා රිටිගල සුමේධ කියන පොර ... මිනිහටත් හොද කතන්දරයක් තියෙනවා...

    ReplyDelete
  37. කොෙමන්ටුවක තිබුන පාරක් දිෙග් ගිහින් //අංගංපොර සහ අංගං හොරු// බ්ෙලාග් ඒකත් කියෙව්වා. කවුරු අැත්ත කියනවද කවුරු ෙබාරු කියනවද දන්ෙන් නෑ.

    දඩුබස්නාමානයෙන්, අකාළ සන්ධ්‍යා වලින් මම නං හිතන්ෙන් හැංගිලා තිබුන ෙදයක් ඒලියට අාවා. ඒත් ඒලියට අාපු දෙයින් පැත්තක හිටපු පිරිසක් අයුතු ප්‍රයොජන ගන්නවා..

    ReplyDelete
  38. //දැන් මෑන් නියම පරම්පරානුගත අංගමෙක්... අහල පහල උන්දලාගේ මතක පොතත් මකලා දැම්මනං ඉතිං ආයේ ලොවෙත් නැහැ...//

    හූ හූ... අර ඉස්සර ජනාධිපති කෙනෙකුත් හිටියේ. බොරු පරම්පරාවක් මවාගත්ත.

    ReplyDelete
  39. මාරයෝ, අං ආපු කතාවක් නිසා හිනා ගියා. තමන් අටවාගත් වාඩියෙන් එළියට ඇවිල්ල, රෙද්දෙන් විළි වසාගෙන හොයල බලල කිව්වා නම් අපූරුයි. රෙද්දක් ඇන්දම, වටේම තියෙන්නේ පිටින් ආපු කසල වුනාට ඒවායේ ගඳින් නොවැසුන දේ බොහොමයක් තියෙනවා. අද රා අකුරෙන් පටන් ගත් එකා ඉතිරි ටිකට කෙළිනවා වගේ, සක්විති රජකම උදුරා ගත් රාවනා ගොයියට පස්සේ සිංහල රට අද වෙනකම් ම පහළට තමයි ගියේ. ඉතින් බං, මීට අවුරුදු 4000 කට පෙර සිට වාඩි/කෝවිල් අටවගෙන ඉන්න මලයාලි හිඟනුයි, වසර 2600 කට පෙර සිට ආපු මිනිස්කම නසන, සොහොන් පිල්ලි වාසී දෙමළ ආධිපත්‍යයයි, 1815 ඉඳල රට නැසූ කබරයනුයි, 1948 ඉඳල එල්ලෙන ඒවත් අහිමි කරන ගම්කබරයනුයි, කරපු විනාශෙ ගත්තම, සිංහල උන් ළඟ තිබූ දේවල් උඹට නොපෙනීම හැර වෙන යමක් විය නොහැක.

    ඒත් දෙමළු පරදන්න කඩුවෙන් හැකි වූ, දෙමළුන් හිසමත නැග චූ කරන කොට කබරයන් සමඟ යුධ කල උන්ට අවමාන නොකරව. උඹලා අංඟම් පොර කියල දෙමළෙන් කීවට ඕක අංඟ පොර වුනාම යමක් කියනවා. ඔය නොයෙකුත් ජාතීන් අංඟ පොර හැදුවේ උන්ට සිංහල උන්ගෙ දැනුම ලැබුන නිසයි. උඹලාට කබරයන් හැර වෙන කෙරුමෙකු නොපෙනුනාට, ඒ දැනුම හැම අවදියක්ම සමඟ ලොව පුරා අදත් පවතිනවා. සිංහල උන්ට අහිමි වුන අද ඉන්දියාව කියන රටේ, මුල්ම අවදියේ සටන් ක්‍රම තවමත් රැකිලා. උරුමය නැති උන්ට සිංහල දැනුම තේරුම් කල නොහැකි වුවත්, දහ අට සන්නියෙ, වෙදකමේ, තොවිල් වල අදත් ඉතිරිව ඇති අංඟ හැසිරීම ගත්ත නම් ඕවා තේරුම් ගන්න පුළුවන්. ගත මලාට සිත නොමැරෙන නිසා අපේ දැනුම නොනැසේ. දත් උන් ඉපදුන කල එම දැනුම හෙළිවේවී. ඒත් අර රාවන පරපුරේ ලොක්ක එන කොට, උඹලැගෙ රැහේ උන් මළ රාවණයෙක් ගැන බයිල කියල අනාගත්ත වගේම, ඒ රැහේම උන් අංඟපොරවල් වීමත් අනාගැනීමත් කුජීත වීමත් පෙන්වනවා. ඇත්ත ළඟදි එළිවෙන නිසා, යන්න තැනක් බැලුව නම් අපූරුයි.

    ReplyDelete