06 January 2013

හැකිනම් යමක්...


මේක මේ මට එක්තරා අයකු විසින් එවන ලද මේල්ලුවක්... 
----------------------------------------------------------------


මාරයා අයියේ පුළුවන් නම්  මේ ලිපියට සාධාරණයක් කරන්න 

පංසල අපේ හාමුදුරුවෝ අපේ
ශ‍්‍රී සම්බෝධි විහාරය කෝකිළායි (කුකුළෑව)


කෝකිළායි යනුඋතුරු පළාතේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩ පත්තුව උපදිසාපති කොට්ඨාශයේ පිහිටා ඇති ගම්මානයකි. ත‍්‍රිකුණාමලය සිට මුලතිවු දක්වා සංවධනය කෙරෙන මහාමාගයෙහි කෝකිළායි කළපුව හරහා ඉදිකිරීමට නියමිත දැවැන්ත පාළම තරණය කරමින් නැගෙනහිර පළාතෙන් උතුරු පළාතට සම්ප‍්‍රාප්තවන අයෙකුට අනාගතයේ දී මුණගැසෙන පළමුවන ජනාවාසය මෙම කෝකිළායි ගම්මානයයි. යටකී මාර්ගය මුලතිවු පටන් යාපනය දක්වා සංවධනය කෙරුණ පසු ශ‍්‍රී ලකාවේ උතුරුකරය දකුණුදිග සමග යා කරන ප‍්‍රධාන නැගෙනහිර මුහුදුබඩ මහාමාර්ගය බවට එය පත්වේ. එම කෝකිළායි පාළම තරණය කරන අනාගත පිරිසටඋතුරු පළාතට සම්ප‍්‍රාප්ත වුන විගසමඑම මාර්ගයේ වම් පසින් විහාරයක් දර්ශනය වනු ඇත.
පසුගිය කාලය තුළ මෙම ප‍්‍රදේශයේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් මේ විහාර ස්ථානයේ දැනට ඉතිරිව ඇත්තේ ඉපැරණි බෝධීන් වහන්සේලා තුන්නම පමණි. එම විහාරස්ථානය නැවත පූජනීය ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට වත්මන් විහාරාධිපති පූජ්‍ය ශ‍්‍රී තිස්සපුර ගුණරතන ස්ථවිරයන් වහන්සේ ගෙනයන්නේ අතිශය දුෂ්කර ක‍්‍රියාවලියකි. හොරණ ප‍්‍රදේශයේ පොකුණුවිට කිත්සිරිමෙවන් රජ මහා විහාරයෙන් පැවිදිබිමට පත්වූ උන්වහන්සේ කෝකිළායි සිංහළ විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයෙකු වශයෙන් පත්වීමක් ලබාගෙන එහි යන්නේ සංග‍්‍රාමයේ උච්චතම අවදිය වුන 2007වර්ෂයේදීය. ඒ අවධිය වනවිටඑම පාසැලේ සේවය කෙලේ එහි මුල් ගුරුතුමා පමණකි. මේ සා දුෂ්කර පෙදෙසක හා ඒසා බිහිසණු පරිසරයක් මැද සේවය සඳහා නාගරික සැපසම්පත් කැපකිරීමට උන්වහන්සේ පෙළඹුණේ,පදවි-සිරිපුර ප‍්‍රදේශයේ ඉපදී දුෂ්කර බිහිසණු අත්දැකීම් සමග ගත කළ උන්වහන්සේ ගේ ළමා කාලයේ මතකය විය යුතුය. තමන්ගේ එකකුස උපන් වැඬිමහල් සොහොයුරා හමුදා සේවයේ දී ජීවිතය පූජා කරද්දීත්දෙවැන්නා දිවිහිමියෙන් ආබාධයට පත්වෙද්දීත්අනෙක් තුන්වැන්නා දහමුදා සේවයටම බැඳෙන පවුලක සාමාජීයෙකු ලෙසතමන්ගේ සේවයද එම පීඩනයට පත්වූ පිරිස වෙනුවෙන්ම කැපකළ යුතුයයි උන්වහන්සේ සිතන්නට ඇත.
කෝකිළායි ප‍්‍රදේශය විවිධ ආගමිකයන් හා ජාතීන් වෙසෙන ප‍්‍රදේශයකිඅන්‍යාගමික බැතිමතුන් සඳහා සිය ආගමික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට ආගමික සිද්ධස්ථාන ඇතත් බෞද්ධ ජනතාවට තම ආගමික අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට විහාරස්ථානයක් නොමැත. එනයින් තමන් පත්ව ඇති බලවත් අපහසුතාවය ගැන එම ගම්වැසියන් විසින් නිරතුරුව උන්වහන්සේට සැළකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසටමෙම විනාශවූ ස්ථානය නැවත පිළිසකර කරන්නට උන්වහන්සේ අධිෂ්ඨාන කරගනිති. බෞද්ධ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා සේමජාතික සමගිය හා සහජීවනය ගොඩනැගීම පිණිසදමෙම බෞදධ සිද්ධස්ථානය ඉවහල් වෙනු අතැයි උන්වහන්සේ දැඬිලෙෂ විශ්වාස කරති.
කෝකිළායි බටහිර සහ නැගෙනහිර ග‍්‍රාමසේවා වසම් දෙකෙහි ම පදිංචි සමස්ථ පවුල් සංඛ්‍යාව 1000 ක් පමණ වන අතරඑයින් අඩක් පමණ දෙමළද ඉතිරිය සිංහළද යනුවෙන් හැඳින්වෙයි. හින්‍දුක‍්‍රිස්තියානි මෙන්ම බෞදධ යන ලබ්ධි තුටම අයත් මෙම සමහර පවුල්වල දෙමව්පියන් දෙමළ-සිංහළ යනුවෙන් මිශ‍්‍ර ගණයට ලා ගත හැකි අතරසමහර පවුල් හින්‍දු-ක‍්‍රිස්තියානි හෝ හින්‍දු-බෞදධ හො බෞදධ-ක‍්‍රිස්තියානි හෝ යනුවෙන්ද වර්ග කළ හැක.
මෙය සිංහළ ගම්මානය සහ දෙමළ ගම්මානය යනුවෙන් භෞතිකව කොටස් දෙකකට බෙදුනදයටකී සංකීර්ණ අන්තර් පවුල් සම්බන්‍ධතාවයන් නිසා මේ කෝකිළායි වැසියෝ ජාති-ආගම්-කුල යන බෙදීම් ඉක්මවා ගිය මිනිස්කම මෙන්ම තිත්‍වය මත පදනම්වුන හෘදයාංගම සජීවනයකින් බැඳී ජීවත්වෙති. යටකී යුධ සමයේදීමෙ ගම දෙමළ-සිංහළ භේදයකින් තොරව බොහෝ දෙනා ත‍්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්වූහ. එයට ප‍්‍රධනතම හේතුව මෙම ගමේ පවුල් බොහෝමයක් ජාති-ආගම්-ගොත‍්‍ර යන පටු වර්ගීකරණය අභිබවා ගිය මිශ‍්‍ර සංයුතියකින් යුක්ත වීමයි.
මූලිකව මෙම විහාරස්ථානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අතර එය මුලතිව් දිස්ති‍්‍රක්කයේ ලියාපදිංචි කරන ලද දෙවන විහාරස්ථානය වග සහතිකයේ අංකනයෙන් පෙනේ,
වත_මානයේ මෙම භූමියෙහි තාවකාලික ආවාසයක්වෙයි. එහි බිත්ති සහ වහළය දැවදඩු සහ ටකරං තහඩු වලින් සාදා ඇත. සම්පත් බැංකුවේ අනුග‍්‍රහය හා යුධ සහ නාවික හමුදාවන්ගේ ආධාරයෙන් තනන ලද මෙම ආවාසය තුළ,අවාස-කුටියට අමතරවකුස්සිය සහ වැසිකිළියක් ඇත. සමස්ථ කෝකිළායි ගම්මානයටම තවම විදුලිබලය සපයා නැත. පන්සල් භමියෙහි කණින ලද නල ළිඳක් වෙයි. වැසිකිළියේ මෙන්ම කුස්සියේ කරාමවලින් ගලායන්නේ,වහලය මත ඇති ජලටැංකියට සැදැහැවතුන් විසින් තම භාහු බලයෙන් පොම්පරන ලද එම නල ළිඳෙහි ජලයයි. මෙම නල ළිඳෙහි ජලය සමස්ථ ගම්වාසීන් අතරම ඉතා ජනප‍්‍රියය. ඊටහේතුව නම් විශ්මිත ලෙස එහි කිවුල් බවක් නොමැති කමයි.
මේසා අතිශය දුෂ්කරතා මධ්‍යයේ දෛනිකව ජීවත් වෙමින්මෙම ප‍්‍රදේශ වාසීන්ගේ ආගමික සහ සාමාජයික උන්‍නතිය වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේ ගෙනයන වැඩ පිළිවෙල දකින  ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුගේ මනසෙහි මතු වන්නේ දැඬි ගෞරවයක් මුසු සෙනෙහසකි. එම වැදගත් කාර්යය වෙනු වෙන්ය මෙකුට කළහැකි හොඳම දේ වන්නේ උන්වහන්සේ ගේ පාරමිතාවට හැකි පමණකින් ධෛර්ය සහ ශක්තිය සැපයීමයි. මේ සම්බන්‍ධයෙන් අපේ ප‍්‍රයත්‍නය වී ඇත්තේ උන්වහන්සේ ගේ ආගමික සහ සාමාජයික කටයුතු තව තවත් තීව‍්‍රව හා ක‍්‍රමිකව කරගෙනයාමේ පහසුව සඳහාවර්ග අඬි 1000 ක පමණ වපසරියැති අවම පහසුකම් සහිත කුඩා ගොඩනැගිල්ලක් තනාදීමයි. එය කුඩා කාමර දෙකකින්එක් වැසිකිළියකින් සහ තරමක ශාලාවකින් යුක්ත වෙයි.
දැනට මෙහි දැනෙන බරපතල අඩුපාඩුවක් වන්නේඑහි යනෙන දුරස්ථ කිසිවෙකුට රාත‍්‍රිය එහි ගතකිරීමට කිසිදු පහසු කමක් නොවීමයි. කෝකිළායි ග‍්‍රාමයට ගොඩබිමින් යාමටපදවිය සහ කොක්‍කුතුඩුවායි හරහා අතිශය දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කළයුතුය. විකල්පය වන්නේ,ත‍්‍රිකුණාමලයෙන් උතුරට පුල්මුඩේ දක්වා ගමන් කොට කෝකිළායි කළපුව ඔරුවකින් තරණය කිරීමයි. මෙම ක‍්‍රම දෙකටම මහත්වූ කාලයක් අවශ්‍ය වෙන බැවින්කොළඹ වැනි දුරබැහැරින් පැමිණෙන  ඕනෑම ආගන්‍තුකයෙකුට පැය කීපයකට වඩා මෙම පුණ්‍ය භූමියේ රැඳීසිටීමට අවකාශ නොලැබේ. අප මෙහි ගොඩනැගීමට යෝජනා කරන නිවස්නෙහි තිබෙන අමතර කාමර මෙම අඩුපාඩුව මකා දමන්නට සමත් වෙනු ඇතැයි විශ්වාස කරමු. එ්අතර කුඩා වන්‍දනා කණ්ඩාය මකට වූවද එහි ඇති ශාලාව යම් ප‍්‍රමාණයකට හෝ අවම පහසුකම් සහිත සහනදායී නවාතැනක්වනු ඇත.
මෙම සීමිත භූමියෙන් උපරිම ඵලයක් නෙලා ගැනීම පිණිසවිහාරය,චෛත්‍යය,බෝධිඝරයන් ත‍්‍රිත්‍වයධර්මශාලාවපොහොය සීමාවසංඝාවාසය යනාදී ආගමික ගොඩනැගිලිදඒවායේ පූජනීයත්‍වයට හානියක් නොවන පරිදි,පෙර පාසලක්දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්පරිඝණක මධ්‍යස්ථානයක් හෙවත් නැණසලක්පුස්තකාලයක්ඉතුරුම්බැංකුවක්සේවාපියසක් හෙවත් වෘතීය පුහුණු මධ්‍යස්ථානයක්ආදර්ශ ගොවිපලක් යන සමස්ථ ගම්වැසියන්ගේ සාමාජයික උන්‍නතිය වෙනුවෙන් කැපවුන පහසුකම් සියල්ලමද විධිමත්ව කළමණාකරනය කරගත හැකි ගොඩනැගිලි සංකීර්ණයක මූලික වාස්තුවිද්‍යාත්මක සැලැස්මක් [ Master Plan Layout ]අවශ්‍යය තාක්‍ෂණික උපදේශ වලට අනුකූලව උන්වහන්සේගේ මග පෙන්වීම යටතේ සැලැසුම්කර ඇත. අප විසින් ගොඩනැගීමට යෝජීත නිවස්නය වනාහීමෙම මූලික සලැස්මේ අන්‍තර්ගත වෘතීය පුහුණු මධ්‍යස්ථානයවෙයි.
-------------------------------------

Kokilai is a village in the Maritime-pattu AGA Division of the Mulaitivu District of the Northern Province. This will be the very first habitat metupon crossing the future bridge over the KokilaiLagoonenteringtheNorthern Province from the Eastern, through the road under construction from Trincomalee to Mulaitivu,. This road when extended to Jaffna would be the main link between South and North along the Eastern Coast. In the future one will see a Viharayafacing the road on its’ left side, a few hundred meters after entering the Northern Province.

This Sri SmabodhiViharayahas been decimated,duringthe terrorist conflict, and the present remains there are Threeancient Bo-trees only. The incumbentpriest,RevSri TissapuraGunarathanaThero, is making a herculean effort to restore this temple to a place worthy of worship. Ordained at the PokunuwitaKithsirimevanRajamahaViharaya in Horana, he has moved in as a Volunteer Teacher to the KokilaiSinhalaVidyalaya,at the height of the troubles in 2007, whenit’s only other staff member was the Principal. His renouncement of the comforts of his urban temple to undergo unimaginable hardships within this conflict zone, must gave been an answer to thecall of duty, as one born and raised in Padavi-Siripura in a family of five where all the brothers enlisted with the forces to engage terrorists; one paying the supreme penalty, a second maimed for life, and a third still in service

The residents in Kokilaiare a mix of all religions and races. While there are several places of religious worship within the area, there is noproper place of worship for the Buddhist. His decision to rejuvenate this place is a result of the repeated requests made by the villagers while teaching there. He believes that apart from alleviating the difficulties of the Buddhists, it can contribute to the harmonious coexistence of the villagers as well. 

Demographical landscape of Kokilaiis unique. It holds about 1000 families, of which half can be classified as Tamil with the rest as Sinhalese. Significantly, Parents of some of thesefamily units are a mix of Sinhala and Tamil ancestry. Hence, thegeneralclassification does not portray the reality here. This is further complicated as the parents of some families are a mix of Hindu-Christian, Hindu-Buddhist and Buddhist-Christian faiths.

Although the Kokilai Village is geographically divided into two halves called the Sinhala half and Tamil half, the intermixing that has taken place among them have created a harmonious relationship that transcends all the narrow divisions of racial-religious-communal classifications. The people of this village were under threat from the terrorists, irrespective of their established racial nomenclature, particularly due to their transcendental racial and religious connections

TheViharayahas been registered with the Department of Buddhist Activities and it should be noted that this is the second such registered Viharaya within the entire Mulaitivu District.

At present there is a temporary timber shed clad with GI sheets on the roof and sides which is the Awasaya including the kitchen. Living and Toiletfor the Priest.This has been constructed by the Army and the Navy with the assistance of the Sampath Bank. There is no electricity in the entire village. A tube well has been dug in the premises, and an overhead tank provides running water to the Awasaya Toilet provided it is hand pumped to the Tank by some devotee. Water of this well is very popular among the villagers as it is miraculously free of alkalinity, which is helpful in this respect

When the abject hardships endured everyday, by our priest in the service of the Sasanaya and national harmonyisobserved, ones heart it filled awe and admiration, andcompels to make the maximum possible contribution towards his attempt, in whatever manner possible. We are trying to put up a modest building of 1000 sifts with the very basic comforts to make the life of this priest a little convenient, so that he can concentrate more productively on the religious and social undertakings that he is planning for the villagers. It will consist of two small rooms, a toilet, and a fairly large hall

One of the biggest drawbacks now is that there is no place to stay overnight for any visitor. To reach Kokilai by land one has to traverse through difficult terrain passing Padaviya through Kokutuduwai. The alternative route is to pass Trincomalee and travel north up to Pulimodai, and cross the Lagoon by boat. Both these routes take a lot of time.Any visitor from Colombo is thus left with only a couple of hours that can be spent in Kokilai. The planned building consists of an additional room which can be of help in that respect. It also has a fairly largehall that can provide overnight shelter to a larger group; though with minimal facilities, until better buildings are constructed some day

A Master Plan has been drawn by the Priest with some Professional Architectural Assistance, and our targeted building will eventually end up as the Vocational Training Institute, in the permanent complex ultimately. The Master Plan incorporates a Pre-school, Day Care Centre, Computer Centre – Nanasala, Library, Savings Bank, Vocational Training Institute and a Model Farmwithin this limited land area, to sit alongside the religious buildings such as the Viharaya, Chetiya, Three Bhodhigarayas, Dharmashalawa, PohoyaSeemawa, and the Sangawasaya without compromising the sanctity of them.
The monk who scarified his life for country 
VEN, MAHAMITHAWA PANNARATHANA THERO
(MahamithawaHamuduruwo)
(Tripitakacarya, B.A (sp), Director of MAGADHI, publication Institute of Pali and Buddhist Studies,Former project officer The Presidential Secretariat of the 2600th Sri SambuddhatvaJayanti Steering Committee , Coordinating office SamasthalankaSasanarakshakaMandalaya Department of Buddhist Affairs,Founder of “BODU PUBUDUWA”)

---------------------------------
ඔය තමා සටහන.. පස්සේ මං කතා කරලා එහෙ පින්තූර ටිකකුත් ගෙන්න ගත්තා...



මං අමුතුවෙන් දෙයක් එකතු කරන්න යන්නේ නැහැ... කැමති කෙනෙක් ඉන්නවනං මේ ගැන අවධානය යොමු කරමු... මේ ඒ සම්බන්ධ වැඩි විස්තර...

























35 comments:

  1. මාරයා කැමති නම් මට හැකියි මෙයට මා සේවය කරන තැනින් ප්‍රචාරයක් ලබා දෙන්න. එසේ කැමති නම් මට විස්තරවල සේයා රූ පිටපත් ටකක් ලැබෙන්න සලස්වන්න. නැතිනම් අපේ කෙනෙක් යවන්නත් හැකියි එතැනට.

    ReplyDelete
    Replies
    1. මම නලින්ට මේ සම්බන්ධව මට මේල් එක එවපු කෙනාව සම්බන්ධ කරවලා දෙන්නම්... බොහෝම ස්තූතියි පළමු ප්‍රතිචාරයෙන්ම වැඩේට තල්ලුවක් ලැබෙන හැටියට කටයුතු කිරිම ගැන...

      Delete
    2. නලින් මෙ ලිපිය මාර අයියාට යොමු කලේ මම වැඩේ ගැන අපිටත් අදහසක් දුන්නේ මහමිතව ප්‍රඥ්ඥාරතන ස්වාමින් වහන්සේ එක නිසා ඔය
      "මහමිතව හාමුදුරුවන්ගේ" ටෙලිෆෝන් නම්බර් වලට (0777755658 0718401778) කතා කරලා උදවුවක කරන හැටි කතා කර ගන්න හාමුදුරුවෝ මට වඩා හොදට කෙරෙන්න ඕනෑම දේ කියයි

      Delete
    3. දැන් මේ වගේ දේවල් ගැන මිනිස්සු, අදාල ආයතන දැනුවත් කරන්න තියන හොඳම ක්‍රමය ඊමේල් නෙ. මේ විස්තර, ෆොටෝස්, ඇටෑච්මන්ට් එකක් විදිහට (zip file) download කරගන්න ලින්ක් එකක් දුන්න නම්, මටත් මේ වගේ ක්‍රියාවන්ට දායකවෙන්න කැමති සමාජ සංවිධාන ගණනාවකට මේක යවන්න පුළුවන්.

      Delete
    4. තිසර ඔයාගේ ඊමේල් එකෙන් මගේ warunac@gmail.com එකට මේල් එකක් එවන්න මම ඔක්කොම විස්තර ඊමේල් කරන්නම්

      Delete
    5. අදම මං හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්නං.

      Delete
  2. මාරයෝ, මේ ගැන මට "බෞද්ධයා නාලිකාව" පවත්වාගෙන යන ශ්‍රී සම්බෝධි විහාරය දැනුවත් කල හැකියි. කුසල ධම්ම නායක හාමුදුරුවෝ වේ වගේ දේට බොහොම උදව් කරනවා. ඔබගේ අදහස් කියන්න.

    ReplyDelete
    Replies
    1. අද බොහෝම හොද දවසක් වගේ... බොහෝම ස්තූතියි... එහෙම කරන්න පුළුවන්නම් ලොකු දෙයක් වේවි...

      Delete
    2. Ayilas කැමති නම් මට warunac@gmail.com ඉමේල් එකක් එවන්න මම විස්තර ටික ඉමේල් කරන්නම්

      Delete
  3. මට නම් ඉතිං ඇත්තටම මේ ගැන යමක් කරන්න පුළුවන් කමක් නෑ දැනට...
    නමුත් මාරයියා මේ කරලා තියෙන වැඩේ අගයන්න මේ කමෙන්ට් එක දාන්නේ...

    ReplyDelete
    Replies
    1. වචනයක් හරි කියල දිරි ගන්න එකක් උදුවක්

      Delete
  4. මට පුලුවන් Geek.lk වෙබ් එකේ මෙ ගැන ප්‍රචාරයක් දෙන්න. මෙකම ලින්ක් කරන්නම් නේද

    ReplyDelete
  5. මුරගල සින්ඩියෙත් මේ ලිපිය ගැන ප්‍රචාරයක් ලබාදෙන්නම් ඒ සඳහා ඔබගේ අවසර
    ලබාදෙන්න

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වැඩේ කරන්න...

      Delete
  6. අනිවාර්යෙන්ම අපි මේකට උදව් කරමු.ඉතින් මාරයෝ උඹ ම යෝජනා කරමුකෝ වැඩපිළිවෙලක් අපේ සයිබරයේ ඇත්තන්ගෙන් උදව් ගන්න.

    ReplyDelete
    Replies
    1. මං මේ ටිකේ වැඩ වගයක පැටලිලා ඉන්නේ... නැත්තං මෙයිට පිලිවෙලට මේකට අත ගහන්න තිබුනා... ඇරත් දැනටමත් මේ සඳහා වැඩේට බැස්ස කිහිප දෙනෙක් ඉන්නවා.. අපි ඒ අය මේකට සම්බන්ධ කරලා කරන්න පුළුවන් දෙයක් කරන්න බලමු...

      Delete
  7. බ්ලොග් ලියන කියවන අයටත් කියකිය හරි එකතු කරලා මේකට සම්මාදන් වෙන්න තිබුන, එත් ඉතින් අන්තිමට අර කලින් වතාවල වගේ එක්කෙනෙකුට දෙන්නෙකුට තමයි කුණුගොඩකට කරගහන්න වෙන්නේ,ඔක්කොම අහගන්න වෙන්නේ
    මාරයිය මුලිකඋනොත් උබයි බැනුම් අහන්නේ, එත් මේවගේදෙයකදී තනියම රු 500ක් දෙනවටවඩා ලොකුගානක් එකතුකරලා දෙන්න පුළුවන් උනොත්රක ගොඩක් වටිනවනේද..
    තමන් දෙනදේ කැමැත්තෙන් දීලා වැරදි හොයන්නැති පිරිසක් එක්ක විතරක්හරි මේකට සම්මාදන්වෙන්න වැඩපිළිවෙලක් සංවිදානය කරමුද..?

    ReplyDelete
    Replies
    1. බැනුං නාහා වැඩ කරන්නත් අමාරුයි.. ඒත් හැම දේම පැහැදිලිව කරලා පෙන්නවනං බැනුං අහන්න වෙන්නෙත් නැහැ... වෙලා තියෙන්නේ එහෙම විනිවිදතාවයෙන් හුගක් අය වැඩ නොකර එකයි.. එහෙම උනාම කාට හරි බනින්න අවස්ථාව හැදෙනවා...

      මට මේ වෙලාවේ වෙන වැඩ වගයකට කර ගහන්න වෙලා තියෙන්නේ මල්ලි... නැත්තං මෙහෙම අමුවටම නොදා මේක ලෑස්ති කරනවා... මේක එවපු කෙනාටත් මං ඒ වග කියලා මේක පල කරන්න විතරක් බාර ගත්තේ...

      Delete
    2. අර කතාවකුත් තියෙයි නේ වැඩිපුර වැඩ කරන මිනිහ තමයි වැඩියන් බැනුම් අහන්නේ කියලා
      වැඩ කරන්නේ නැති මිනිස්සු ගැන මොන කියන්නද ? වැඩක් කලොත් තමයි එකේ ඇදයක් හරි කියන්න පුළුවන්නේ වෙන්න් කට හරි එක නිසා කවුරු හරි එක රුපියලක් මේ වෙනුවෙන් පරිත්‍යාග කරනවා නම් එක වචනයකින් වැඩේ හොදයි කියනවා නම් අපි එක බර ගන්නේ ගොඩක් සතුටින්

      Delete
  8. උඹල මොනවහරි කරනවනං මටත් සම්මාදං වෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. මේකට සම්මාදං වෙන්න හැටියක් ඒ අය අපිට දැනුම් දෙයි... එහෙමවත් හේත්තු වෙමු...

      Delete
  9. කෙලින්ම මුදල් එවන්න අපහසුයි. නමුත් පියතුමන්ගේ මාර්ගයෙන් මේගැන යමක් කරන්න හැකිවෙයි .

    ReplyDelete
    Replies
    1. කොහොම උනාම මොකද..වැඩේ කෙරෙන්නයි ඕන...

      Delete
  10. මටත් මුදල් යම් ප්‍රමාණයක් දෙන්න පුළුවනි... අවශ්‍ය වුනාම දන්වන්න.. දැනට මට කරන්න පුළුවන් එච්චරයි... පස්සෙ වෙනත් විදියක් බලමු... කොහොමත් මේක ඉක්මනින්ම ඉවර වෙන දෙයක් නෙවෙයිනෙ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි..නැහැ පුංචිම දෙයක් නෙවෙයිනේ කල් තියේ...

      Delete
    2. ඇත්තටම අපි හිතන් ඉන්නේ අඩුම ගානේ මාස 6 කින් වත් වැඩේ ඉවර කරන්න මස තුනක් ෆේස්බුකියෙනුයි ඊමේල් වල්ලිනුයි උත්සහ කරලා පොත් 12000ක් ළමයි 1000කට බෙදුව නම් මේකත් බැරි වෙන එකක් නැහැ
      https://www.facebook.com/media/set/?set=a.10151356869608092.536449.676078091&type=3

      Delete
  11. මෙ ලිපිය මාර අයියාට යොමු කලේ මම මෙන්න මෙහෙම "මාරයා අයියේ පුළුවන් නම් මේ ලිපියට සාධාරණයක් කරන්න"
    මොකද අයියා මේ වගේ වැඩ කරලා තියෙනවා කියල පැරණි ලිපිවල කියලා තිබ්බා
    ඇත්තටම කියන්න ගොඩක් සතුටුයි ලිපිය දාලා අන්ත පැත්තට අව පිළිතුර ගැන
    පහලින් තියෙන්නේ පිළිතුර
    "දැනට මේ ස්ථානයේ තත්වය පෙන්නන ඡායාරූප එහෙම නැති වෙයිද..? මුලතිව් යන්න හිටියේ මේ මාසේ..ඒත් වෙන වෙන වැඩ හින්දා ටිකක් පස්සට ඇදිලා තියෙන්නේ. එහෙම නොවුනනම් මටම ගිහින් දැක බලාගෙන ඇවිත් කට්ටියට පෙන්නන්න තිබුනා..."

    පස්සේ මම ඕන කරන දේවල් ලබා දුන්නා අනික අයිය මේ දවස් වල වෙන වැඩක් නිසා කාර්යබහුල නිසා "ඕනමනං දැනට මේක බ්ලොග් එකේ දාන්න පුළුවන් මට ලැබුන පණිවිඩයක් හැටියට"

    ඉතින් එකේ ප්‍රතිපලයක් විධිහට මේ ලිපිය පල උනා
    ඉතින් පුළුවන් හැමෝම උදවුවක් කරන්න ලැස්ති නිසා මේ වැඩේට බැහැලාම වැඩ කරන "මහමිතව හාමුදුරුවන්ගේ" ටෙලිෆෝන් නම්බර් වලට (0777755658 0718401778) කතා කරලා උදවුවක කරන හැටි කතා කර ගන්න
    තව විස්තර ඕනා නම් හාමුදුරුවන්ගේ facebook එකේ තියෙන මේ පින්තුරෙත් බලන්න
    https://www.facebook.com/photo.php?fbid=422511371154581&set=t.100001871666953&type=1&theater

    හාමුදුරුවෝ මේ වගේම කරපු වැඩකට මම සහබාගි උනා මේ තියෙන්නේ එකේ ප්‍රතිපල
    https://www.facebook.com/media/set/?set=a.10151356869608092.536449.676078091&type=3

    එක නිසා උදවු කරන ය බය වෙන්න එපා සල්ලි අරන් වෙන වැඩ කරයි කියලා

    තව මොනවා හරි දැන ගන්න ඕනා නම් අහන්න මම දන්නා පිළිතුරු දෙන්නම්

    ReplyDelete
  12. ඉතින් මාරය මල්ලි මේ සම්බන්ධව අරමුදලක් පටන් ගන්නකො...මමත් පුලු පුලුවන් විදිහට කීයක් හරි එකතු කරල එවන්නම්.

    ReplyDelete
    Replies
    1. මෙන්න තියෙනවා ඔයාට පිළිතුර
      https://www.facebook.com/photo.php?fbid=422511371154581&set=t.100001871666953&type=1&theater

      Delete