09 January 2013

මේ මගුල හරියන්නේ නැහැ...

අන්න රිසානව මරලලු... ඒ අස්සේ අර නිකං හම්බ වෙන දානේ කාලා පන්සලටයි ගමටයි සේවයක් කරගෙන ඉන්නේ නැතිව සිවුරු කරේ තියං දුවන උන්නාන්සේලා ටිකක් මිනිහෙක් පස්සෙන් එලවං ගිහිං ගහන ගමන් ඒ යකා මර බයට බේරෙන්න අත උස්සද්දී ඒක පොටෝ ගහලා “මෙන්න හාමුදුරුවන්ට අත ඉස්සුවෝ“ කියලා මහා ආඩ පාලියක් කියනවා... මොන මගුලක් වේගන එනවද කියලා මට තේරෙන්නේ නැහැ...

මම සිංහල... කොටින්ම කිව්වොත් මං කැමතිත් නැහැ මේ රටේ සිංහලයට තියෙන ආධිපත්‍යය ගිලිහෙනවට.. මොකද ලංකාවට සිංහලය මහ ජාතිය උනාට ලෝකෙට මේක ඇවිල්ලා සුළුම සුළු ජාතියක්.. අපි සුළු ජාතිය කියන දෙමළ හා මුස්ලිම් ජාතිකයින් ලෝකෙත් එක්ක ගත්තම අපිට ලංවෙන්නවත් බැරි තරමේ මහ ජාතීන්... එහෙම බලං ගියාම අපි නිකංම නිකං අසරණයෝ ටිකක්.. එහෙවු එකේ අපිටය කියලා තියෙන එකම ලබු ඇටේ ඇතුලෙවත් දෙයියනේ කියලා ඔළුව උස්සලා ඉන්න තියෙන ටික නැති වෙන එක හොඳ දෙයක් නෙවෙයි... දෙමළ මිනිහට මොකක් උනත් ඒ ගැන අඩන්න තමිල්නාඩුවේ..කැනඩාවේ.. ඕස්ට්‍රේලියාවේ කට්ටිය ඕන තරං... මුස්ලිම් මිනිහට වෙන දේවල්වලදී කතා කරන්න අරාබි රටවල තානාපති කාර්යාල විසි හතර පැයේම ඇරලා... ඒත් අපිට වෙන දේ අහන්න අපේම ආණ්ඩුවක්වත් සූදානම් නැහැ... පප්පා සුළු ජාතීන් විපක්ෂයට එන එක වලක්කන්න ගහපු ගැටේ අන්තිමට මර උගුලක් උනේ සුළු ජාතීන් නැතිව රට කරවන්න හයිය හත්තිය ඇති ආණ්ඩුවක් හදා ගන්න බැරි තැනට ගෙනිහිල්ලයි... මං දන්න කියන කාලේ ඉදන් නැට්ටට ඕන විදියට බල්ලට වැනෙන්න උනා... සෞම්‍යමූර්ති තොණ්ඩමනුයි.. අෂ්රොෆ් කාරයයි මස් කුට්ටියම බදාගත්තා..

යන්තං අන්තිමේදී වයසක තොණ්ඩමන් මැරිලා ගියේ මුණුපුරා වෙච්ච නාස්තිකාර ආරුමුගම් පුටුවට දාලා... ආරුමුගම් උගේ සැප ඇර වෙන දෙයක් ගැන වැඩි හෙවිල්ලක් නැති හින්දා යාන්තමට වගේ සෞම්‍යමූර්ති හරහා ඇතිවෙලා තිබුන සැර බලපෑම ටිකක් විතර අඩු උනා.. සීයා හදපු චන්ද මල්ල මුණුපුරා විකුණං කනවා ඇර වෙන දෙයක් නොවන හින්දා කඳුකරයෙන් ඇවිලීගෙන ආව ගින්න ටිකක් විතර යට ගියා...

අර ගෑණි මොන දහදුරා වැඩේ කලත් කරපු හොද වැඩ දෙක තුන අතරේ තියෙන්නේ අර අනිත් වාහේව උතුවංකන්දෙන් අහවර කරපු එකයි.. ඒකා හිටියනං මෙලාට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.. ජාතියේ පිනට වගේ මොනවා කලත් දැන් ඉන්න හකීම් කාරයාට ලොක්කාගේ මයිලක් තරමටවත් වැඩ කරන්න පුළුවන්කමක් නැහැ.. ඒත් ඌට බැරි උනත්..ඕන නැති උනත් උගේ පස්සේ ඉන්න උන් දක්කන දැක්කිල්ලට හකීම්ටත් නිකං ඉන්න බැරි තත්වයක් තියෙන්නේ.. ඒ හින්දා ඌත් හරියන එකෙක් නෙවෙයි..

හැබැයි මේ හැම එකම කියන්නේ මගේ පැත්තෙන්.. ඒ කියන්නේ සිංහල ජාතිවාදියාගේ ඇහෙන්... හැබැයි උන්ගේ පැති වලින් ගත්තම සෞම්‍යමූර්තිලා.. අෂ්රොෆ්ලා කියන්නේ දෙවිවරු වගේ මිනිස්සු ජාතියක්... උන් උන්ගේ ජනතාවට නියම නායකත්වයක් දෙමින් උන්ව ඉස්සරහට ගන්න කැප උන නියම මිනිස්සු... හරියටම කිව්වොත් නියම අන්තවාදීන්.. හැබැයි එහෙම අන්තවාදී නායකයින් හින්දයි උන්ගේ මිනිස්සු ඔළුව ඉස්සුවේ... ඒකටත් එක්ක අපිට හිටිය උන්... එකෙක් නැහැ ඒ අතින් බලද්දී හොඳයි කියන්න... මහ ජාතියේ චන්ද මල්ල සින්නක්කර අයිතිය කියලා හිතාගෙන සුළු ජාතිකයින්ගේ චන්ද ටික අරමුණු කරගෙනයි උන් වැඩ කරන්නේ... රනිල්ට කෙලවෙලාම ගිහින් තියෙන්නේ ඔය කාරනේ හින්දා... මහින්ද කවදා හරි කෙලව ගන්නෙත් ඔය ප්‍රශ්නේ හින්දා... චම්පික රණවකලත් නැතිව ගියානං මෙලහකට කෙලවගෙන ඉවරයි.

චම්පික රණවක කිව්ව ගමන් කට්ටිය රෙදි කරට ගන්න බැරි නැහැ.. ඒත් අරුන්ට සෞම්‍යමූර්තිලා ඉද්දි..අනිත් උන්ට අෂ්රොෆ්ලා ඉද්දී ඇයි අපිට විතරක් චම්පිකලා නරක් වෙන්නේ..? නැහැ උනුත් ඉන්න ඕන.. එහෙම නොවුනනං මොකාද අපි ගැන කතාකරන්නේ වචනෙකින් හරි... ආගමික සමගිය.. ජාතික සමගිය කිය කිය පාරම්බෑවට ඒ යටින් තියෙන ඇත්තම කතාව තමා මේ ජාතීන් අතර සීතල යුද්ධයක් තියෙන වග... හැබැයි ඒ දේ නැති කරන්නනං ඒ ඒ වෙලාවට එන ප්‍රශ්නවලට සීනී වතුර ගගා ඉදලා හරියන්නේ නැහැ... එක පාර බෙහෙතක් දීලා ඉවර කරන්න ඕන... බෙහෙත කියන්නේ අසූ ගණන් වල මුලදී දෙමළ ජාතිකයින්ටත් පනස් ගණන්වලදී මුස්ලිම් ජාතිකයින්ටවත් දුන්න බෙහෙත නෙවෙයි... ව්‍යවස්ථාව හරහා ඒ ඒ ජාතීන්ගේ තැන සීමා කරලා ඒ ඒ සිමාවන් තුල කල හැකි නොකල හැකි දේවල් පැහැදිලිව දක්වලා කරන දෙයක් මිසක්... 

කොහොම කලත් සිංහල ජාතිය වැඩි කරනවා කියන එක ආයේ ඉස්සරහට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. වැඩිවෙන ආර්ථික අපහසුතා මධ්‍යයේ දරුවෝ හදපියවු කිව්වට ඒක කරන්න කාටද පුළුවන්... නිදි වදින එකයි ගෑණිට කරන්න ඕන ටිකයි කරන්න බැරි කමක් නෙවෙයි එයින් පස්සේ උන්ට කන්න දෙන්නේ.. අදින්න දෙන්නේ.. උගන්නන්නේ..  කොහොමද කියන ප්‍රශ්නවලට උත්තර අර වදාපියවු හදාපියවු කියන උන්දලා ගාව නැති නිසා...

වැඩි හරියක් සිංහල මිනිස්සුන්ගේ පරමාර්ථය තමා එකෙක් හෝ වැඩිම උනොත් දෙන්නෙක් හදලා උන්ට හොදට උගන්නලා උඩට අරගෙන හොද ජිවිත හදා දෙන එක..එහෙම නැතිව පෝලිමක් හදලා දුක සේ වැඩෙන්න සලස්වන එක සිංහල මිනිස්සුන්ට දැන් හුරු නැහැ... අනිත් දේ තමා ලෝකයේ තියන ජනගහණ අර්බුධයට ඒක හොඳ තත්වයක් වෙන්නෙත් නැහැ.. එහෙම බැළුවම සිංහල මිනිස්සු ඉන්න තැන වැරදියි කියන්න බැහැ... වදන්න වදන්න තව තවත් ස්වාභාවික සම්පත්වලට කෙලවිමක් විතරයි වෙන්නේ...  හොඳම දේ තමා යම් කිසි නිශ්චිත සීමාවක් පනවලා දැනට පවතින ජන අනුපාත ඒ විදියටම පවත්වාගෙන යන ගමන් සෑම ජාතියකටම හොදින් ජීවත් වීමේ හැකියාව ඇති පරිසරයක් ගොඩ නංවන එක... රටේ බස්නාහිරට එක නීතියකුයි.. රට මැදට එකකුයි..  නැගෙනහිරට තව එහෙකුයි කරන්න බැහැ... මුස්ලිම් නීති..උඩරට නීතී... තේසවලාමේ නීති.. අරක මේක නැතිව නීතියනං රටටම එකයි වශයෙන් හදලා ඒවා තදින් ක්‍රියාත්මක කරවන්න ඕන... ඒත් ඒවා එහෙම වෙයි කියලනං මං හිතන්නේ නැහැ මේ තියෙන තත්වය යටතේ...

ඒ වගේ තත්වයක් යටතේ බොදු බල සේනාව බිහිවීම සාධාරණයි.. ඇත්තටම ඒ සම්බන්ධව කවුරු කොහොම කිව්වත් මං කැමතියි... හැබැයි... මේ යක්කු ටික මෙයිට වඩා මොලේ පාවිච්චි කරන්න දැන ගන්න ඕන... මොකක් හරි වලියක් තිබුනොත් ඒක ඉස්සරහින් සිවුරු පටලගත්තු කොණ්ඩ රැවුල් වවාගත්තු අයියලා ටිකක් දුවං යනවා... මොන රෙද්දක්ද මේ... මුං ගොං හරක්ද..? මුංට තේරෙන්නේ නැද්ද තව පැය දෙකක් යද්දී ඔය සේරම සෙල්ලං ටීවීවල යනවා කියලා ගෙඩි පිටින්ම... බලන උන් හරක්ද..? මේ කෙලවෙලා තියෙනවා මදිවට තව කෙලෝ ගන්න හොදයි ඒක... “එකක් කඩතොළු හදාගන්නට ගොසින් මට වූ කාරියා.. දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා“ කිව්වා වගේ බොදුබල සේනාවත් කරන්නේ තියෙන ප්‍රශ්න මදිවට තව රෙද්දවල් හදන එකයි... යකෝ කල යුතු දේ තියෙනවා.. ඒ කියන්නේ දෙමළු මරන්නවත් මුස්ලිමුන් මරන්නවත් නෙවෙයි... ඔය නමට වගේ තියෙන බුද්ධ ශාසන අමාත්‍යංශය වට කරලා ඉන්න හොරු ටිකට ගහනවා වගේ දේවල් වාහන හත අට දාගෙන සද්ද දාගෙන යන මැති ඇමැත්තන්ව පාර මැද්දේ නවත්තලා ගහනවා වගේ වැඩ වෙන්න ඕන මේ රටේ... පුළුවන්නං දියවන්නාව ආක්‍රමණය කරන්න බොදු බල සේනාව ගියත් කමක් නැහැ... මොකද නීති තිබ්බට ඒවා නිදිනං.. නීතිය උත්තරීතර වෙන්නේ උන්ට කෙලඋනාම විතරනං... මොන එහෙකටද එහෙවු නීති අපිට... පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නේ උන්ට කබරයා කන්න ඕන උනාම විතරනං ඒවා අපිට ඇති වැඩක් නැහැ... ගහන්නමයි තියෙන්නේ.. 

හැබැයි ඒකට මේ සිවුරු කරේ දාං මොකට යනවද..? තව දුරටත් මේ රටේ සාමකාමීව ප්‍රශ්න විසදගන්න පුළුවන්ය කියලා හීන දකිනවාට වඩා ටිකක් විතර මිනිස්සු ආක්‍රමණශීලී වෙන එක මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි ඒක ඒ මිනිස්සුන්ව පාගගෙන හිටිය මහ එවුන්ගේ වරදක්... හැමෝම ද්‍රවිඩ ජාතිකයින්ගේ නැගී සිටීම සාධාරණයි කියනවා වගේ දිගින් දිගිටම පීඩාවට පත් වෙමින් යන සිංහල මිනිහා වෙනුවෙන් සිංහල මිනිහා නැගී ඉන්න එක වරදක් නෙවෙයි... මහත්මා ගාන්ධි ක්‍රමය යල් පැන ගිය එකක්... මහත්මා ගාන්ධිලා බිහි වෙන්න වෙන්න පාලකයින්ටයි හොඳ.. උන් මහත්මා ගාන්ධිටත් අරින ජාතියේ උන්... හැමදාමත් ගහන්න ගහන්න ගුටි කන එකා මෝඩයා. තව දුරටත් ඇස් කං පියාගෙන සුළු ජාතීන් විසින් මහ ජාතියට එරෙහිව කරගෙන යන අසාධාරණකං නොසලකා හරින දේශපාලකයින්ටත් ගහනවා ඇර වෙන දෙයක් කරලා වැඩක් නැහැ... හැබැයි ඉතිං ඒ ගැහිල්ල සිවුරු කරේ දාං කැමරා මැද්දෙන් ගිහින් ගහන එකනං නෙවෙයි... ඒක ඇවිල්ලා බොදුබල සේනාව විසින් අපිටම ගහනවා වගේ වැඩක්...

මුලින්ම රටේ ඉන්න බෞද්ධ ආගමික නායකයින් ටික එකතු කරගෙන ඉන්න ඕන.. ඒකට එකතු නොවන මල්වත්තේ මුදලාලිලා.. අස්ගිරියේ මුදලාලිලා.. ඉනාමළුවේ මුදලාලිලා..  ඉන්නවනං ඒ අයටත් ගහලම පටන් ගන්න ඕන... එක අවුරුද්දක් අරකාට මේකාට ඕන හැටියටයි.. තම තමන්ගේ බිස්නස් ගැන තියෙන තණ්හාවයි අහකින් තියලා සිංහලයා ගැන හිතන්න බැරිනං උන්දලගෙන් ඇති සෙතේ මොකක්ද..? උන්දලටත් නෙලන්නයි තියෙන්නේ.. හැබැයි ඒ හැටි දෙයක් ඕන නැහැ නෙලන්නද එපාද කිව්ව ගමන් ඔය අය එකතු වෙනවා... අවුරුදු පහක් පන්සල් බත් කාපු මං උන්දලාගේ නාඩි වැටෙන හැටි හොඳටම දන්නවා... ඒ හින්දා අන්න උන්නාන්සේලා ටිකත් එක්කාසු කරං සමස්ථ සිංහල සියළු දේශපාලකයින්ට සද්දයක් දාන එකයි කරන්න උවමනා.. එහෙම නැතිව හලාල් ලේබලය පස්සෙයි.. නීති විද්‍යාලය පස්සෙයි දුවන එක නෙවෙයි. 

එහෙම තැන්වලට දුවන්න උවමනාමනං ඔය සිවුරු කට්ටිය දුවන්නේ නැතිව ඒවට දුවන්න හරියන කට්ටියක් යොදා ගන්න ඕන... අර මේ ටිකේ යන නිතී විද්‍යාල කෙරුවාවේ මහ ලොකුවට හාමුදුරුවන්ට ගැහුවෝ කියලා කෑ ගැහුවට වීඩියෝ එකේ හැටියටනං පේන්නේ අර මිනිහෙක් පස්සෙන් පන්න පන්න ගහපු සිවුරු කරේ දාගත්ත උන්දලා ටිකක් මිස වෙන එකක් නෙවෙයි... අර මිනිහා බේරෙන්න පොල්ලක් අරං මුංදලට නෙළුවේ නැතිවට ඒ මිනිහට සම්මාන දෙන්න ඕන... යකෝ සිවුරක් කරට දාගන්නේ එක එකාට ගහන්න යන්නයෑ...

රිසානාගේ කතාව අවසන්... ඒ කතාව ඇතුලේ පණිවිඩේ තියෙන්නේ අපිට නෙවෙයි ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් සමාජයටයි... ඔය තමා ඔහෙලට අත්වෙන ඉරණම... මේක වෙන රටක උනානං..එහෙමත් නැත්තං සිංහලයෙක්ව ඔය ඉරණමට ලක් උනානං ඒක හිතාගතෑකි.. ඒත් තමුන්ගේම ආගම අදහන.. කවදා හරි තමුන්ට  හදිසියකදී ඉන්නවයි කියලා හිතාගෙන ඉන්න මුස්ලිම් ලෝකයේ මහ උන්දලා මේ පොඩි රටක ඉන්න ඔහේලා අපි වගේ මිනිස්සුන්ව පයිසෙකට ගණන් ගන්නේ නැහැ කියන එක... 

අනික තමා දෙයියනේ කියලා කියලා ගෑණුන්ට කැමති ඇදුමක් ඇඳගෙන කැමති කෑමක් බීමක් කාලා පාරේ යන්න පුළුවන් රටක් නිකං ඉන්න බැරුවට ගල් යුගයේ නිති වලින් නාස්ති කරගෙන තමන්ගේ නිදහස තමන්ම නැති කරගන්න තත්වෙකට යන්න හිතනවනං අවසානෙදි වෙන්නේ ගල් වැදිලා..බෙලි කැපිලා මැරෙන්න කියන ටිකත් රිසානගේ කතාව ඇතුලේ තියෙනවා.. ඒ ටික තේරුම් ගත්තනං ඔය අන්තවාදේ නවත්තලා දාලා මේ නිකං ඉන්න සිංහල මිනිස්සුන්වත් නැති යුද්ධෙකට ඇදලා දාන්න උවමනා වෙන්නේ නැහැ...

 සිංහල මිනිස්සු පට්ට කම්මැලි ජාතියක්.. ඒ හින්දා උන් කරන්නේ කන්න බොන්න තියේනං වෙන දේකුත් නැත්තං කාලා බීලා වැටිලා ඉන්න එක.. ඒත් නිකං නැති රෙද්දවල් කරලා උන්ව අවුස්ස ගත්තම එක පාරටම කුපිත වෙලා අතට අහුවෙන දේ විනාස කරන්නත් ඒ හැටි නොහිතන ජාතියක්... අසූ එකේ දැක්කේ එහෙම කතාවක අවසානයක්... එහෙම එක පාරට එන රැල්ලකදී ඉස්සරහට මොකද වෙන්නේ..ලෝකේ මිනිස්සු මොනවා කරයිද කියලා හිත හිත ඉන්න ගති උන්ගේ නැහැ... අනිත් දේ තමා දෙයක් උනාට පස්සේ ලෝකේ ඉන්න උන් ඇවිත් මොන දේ කලත් ඇති වැඩකුත් නැහැ... ඒ හින්දා මේ රෙද්දවල් වලින් ඇති වැඩක් නැහැ..වැඩකට නැති මගුල් අතෑරහල්ලා...

මට එපා තිත්ත වෙලා ඉන්නේ...

81 comments:

  1. Replies
    1. හැමදාම වගේ නොදන්නා මගුලට ගිහින් වරිගේ නහගෙන ලොක්කා ඉස්සර වෙලා බොදු බල සේනා කියන්නේ මොකක්ද.සහ ලංකාවේ තියන ඒ හා සමාන සංවිධාන මොනවද කියල හොයල බලන්න. නිකන් උඩ පනින්නේ නැතිව බොදු බල සේනා එක කොයි වෙලේකවත් මුස්ලිම් දෙමලු මරපු පන්නමු කියල නැහැ . එක කොයි වෙලෙත් කතා කරන්නේ මේ රටේ තියෙන්නාවූ ජාතික සමගිය නැති කරන අන්තවාදීන්ට විරුද්ධව මිසක් මේ රටේ සාම්ප්‍රධායික් දෙමල මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව නෙමේ . මේ රටේ දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියනවා මේ රට අරාබියක් කරන්න කට්ටියක් හදනවා අන්න උන්ට විරුද්ධව බොදු බල සේනාව සටන ගෙනින්නේ .මාරයා එක පාරකුත් ඔය වගේ මොන්ගල් කතාවක් කියල අනාගත්ත මේකත් ඒ වගේම තමයි. ඉස්සර වෙලා පොඩ්ඩක් හොඳට හොයන්න ඊට පස්සේ කතා කරන්න

      Delete
  2. මෙ ලිපියට එක පාරටම මොනවා කියන්නද කියලා හිතා ගන්න අමාරුයි.එත් ඒ ඔබේ සිතුවිලි ඔබ දකින ආකාරය නිවැරදි වෙන්න පුළුවන්.ඔබ වැනි රටේ ශක්තිමත් හඬවල් වල ආවෙගත්මක කථා වලට වගකිව යුත්තන් වගකිව යුතුය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  3. සමහර දේවල් වලට කෙලින්ම අත දාන්නෙ නැතුව අඩුව පාවිච්චි කරන්න ඔලුව තියෙන්න ඕනි..
    සමහර රටවල් ජාතිවාදය කියන එක නැත්කරන්න නීතිය ශක්තිමත් කරලා පාවිච්චි කරනවා....අපේ රටේ නොවෙන්නෙ ඒක...

    දැන් කාලෙ අමුවෙං වැඩ කරනවාට වඩා ඔලුවෙන් මහතැන් ටික එකතුවෙලා යමක් කරන එක තමයි වැදගත් වෙන්නෙ....බටහිර රටවල් උනත් හම්බයින් නැතිකරන්න දහං ගැට ගහනවා...
    ඒත් ඒවා කරන්නෙ නීති දාල...එක එක රෙගුලාසි දාල අනං මනං වලින්..
    එහෙම නැතුව එලවං ගිහිල්ලා ගහලා ගොන්පාට් දැම්මාම ඒක කැතයි කියලා උන් දන්නවා..

    ReplyDelete
  4. මාරේ කිවයුතු සියල්ලම නියමෙට කියලා තියනවා.....ඇත්තටම ඇගේ ලේ රත්වෙනවා මේ වෙන වැඩවලට.

    ReplyDelete
  5. අර සුමනක්කා ගැන පෝස්ට් එක එයාට පෙන්නුවා වගේ මේකත් අදාළ එවුන්ට පේනවානම් ....

    ReplyDelete
  6. බොදු බල සේනාවට ඔතරං හයියක් ලැබුනේ කොහොමද, මම දන්නා තරමින් ඔතන පෙරමුණේ ඉන්නා ස්වාමීන් වහන්සේ කෙනෙක් ජනාධිපති උපදේශක කෙනෙක්. හාමුදුරුවරු ගහ ගන්නට නොයනවා නම් වඩාත් සුදුසුයි යන්න මගේ අදහසයි. නමුත් රට යන අත බලපුවම වර්ජනයක්, වලියක් නැතුව කිසිදෙයක් ලබා ගන්න බැහැ.
    යුද්ධෙ අහවර උන හන්ද මේ ගැටළු වැඩිපුර දැනෙනෙව වගේ. නැත්නම් ඒක පිටින් දාල ඔක්කොම ශේප් වෙනව.

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් කියල අද බාන්න එපා බොදු බල සේනා එකට හයිය අවේ කොහෙන්ද කියල හොයනගමන් මේ රටේ වෙන්නේ මොකක්ද කියලත් හොයන්න

      Delete
  7. ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්...සූ..... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්...සූ..... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්...සූ.....
    මං ගොරව ගොරව නිදි

    ReplyDelete
    Replies
    1. රටේ බාගයක්ම ගොරව ගොරවා නිදි එකේ ඔයා නිදා ගත්තට කමක් නෑ :D

      Delete
  8. මේ මඟුල හරියන්නෙම නැහැ ,මටත් තිත්ත වෙලා ගොඩාක් කල්

    ReplyDelete
  9. මටත් මේ මගුල දැන් අහලා එපා වෙලා තියන්නේ.........හැබැයි මේක මෙහෙම පටන් ගත්තත් ඉවර වෙන්නේ හේන් කෙලියක් වෙලා......

    ReplyDelete
  10. මට මේව අහලම දැන් සාමාන්‍ය වෙලා තියෙන්නෙ. කොච්චර කිව්වත් අපේ කාලකණ්නින්ට තේරෙන්නෙ නෑනේ.. ඔන්ට ඕන බලය රැකගන්න විතරයි..

    ReplyDelete
  11. උන්නාන්සෙට මළ පැනලා.... හි හි

    ඔය ටිකම තමයි මේ මාත් හිත හිත හිටියේ.... බොදු බල සේනා කියන සංවිධානයට මගෙත් කැමැත්තක් තිබ්බත් හාමුදුරැවරු මේ විදියේ වැඩ කරනවට නම් මම අන්තිම අකමැතියි.... අනිත් ඒවා ගැනත් මගේ අදහසත් ඕකම තමයි....

    ReplyDelete
    Replies
    1. හිරු ඉස්සර වෙලා හොයල ඉන්න ඊට පස්සේ කතා කරන්න . හැමෝම ඉස්සර වෙලා මේ සයිට් එකට ගිහින් බලන්න .

      http://bodubalasena.org/sinhala/

      Delete
  12. මාරෙ අයියගෙ පෝස්ටුවෙ කිසිම තැනකට මගේ විරෝධයක් නෑ... නියම යථාර්තවාදී ප්‍ර‍කාශනයක්... හාමුදුරුවරු මාධ්‍ය ඉස්සරහ මේ විදියට හැසිරෙන එක වැරදියි කියලා මමත් පිළිගන්නවා... අර නීති විද්‍යාල වීඩියෝවෙ ඒ බව හොදට පේනවා...

    27 ගම්පහ එනවා නේද ?

    ReplyDelete
  13. ඇත්තම කියලා තියනවා... ඔය වගේ වැඩකරන අරාබි රටවලට අපේ රටෙන් කාන්තාවන් යවන එක වහාම නතර කරන්න ඕන..

    ReplyDelete
  14. මාරම කතාව.හැමදෙයක්ම හරි....
    අනිතිමට කියල තියෙන ටික මේ රටේ මුස්ලිම් මිනිස්සු තේරුම් ගන්නව නම් ඔක්කොම හරි.....
    ඒත් ඒක එහෙම වෙන එකක් නෑ කවදාවත්.....

    ReplyDelete
  15. සම්පූර්නයෙන්ම එකගයි... අපිටත් කරන්නම දෙයක් නෑති කමටම මිසක් මේ වගේ රටක වෑඩ කරන එකටත් ලෑජ්ජයි... ඒත් ඉතින් අපේ රටේ අපි කොච්චර ලොකු ගානක් හම්බ කරත් වියදම ඊට වඩා... මෙතනදි මට නම් වෑඩිපුරම කේන්තිය තියෙන්නෙ ඒ දරුවගේ වයස වහල මෙහෙම එවන්න උදවු වුන අපේ රටේ නිලදාරින් ගෑන...

    ReplyDelete
  16. යකෝ මේ දේවල් තාප්ප වල හරි ගහල මේ මිනිස්සුන්ට
    පොවන්න ඕනේ මාරේ.අවුලක් නැහැ ඕන දෙයක් බොනවා.
    ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ .කරන්න තියෙන්නේ
    පොවන්න ක්‍රමයක් හදාගන්න එක.හොඳ මාධ්‍ය බලයක් ගොඩ
    නගා ගන්න පුළුවන් නම් පොඩි හරි ආකල්ප වෙනසක් කරන්න
    පුළුවන් ..එක එක අයගේ හැකියාවන් අදුන ගෙන මෙහෙම දේකට
    නායකත්වය ගැනීමකුයි ඕනේ.නමුත් එහෙම දේකට හුරේ දැම්මට
    එන කෙනෙක් නැහැ ..
    (ඉතින් දැනට පවතින හුරේ එකට සප් එක දී කර බා ඉමු )

    ReplyDelete
  17. මාරෙ කියල තියෙන කතා වලට එකඟයි...!ප්‍රශ්ණෙ තියෙන්නෙ මේ කාරනා ඔයි කොයි උනුත් තේරුන් ගන්නවද කියන එකයි.
    කොහොමත් නිහඬ පිලිවෙත දෙදරා යන බවනම් ඉස්තිරයි.
    පාරක් හදාගන්න. වතුර ටිකක් ලබාගන්න. පාසලක් බේරාගන්න මිනිසුන් පාරට බහින එක සාමාන්‍ය එකක් වෙලා.

    ReplyDelete
    Replies
    1. අන්න වියෝ කතාව. මුන් සේරම සර්වාගමික නපුන්සකත්වයේ ගිලිලා

      Delete
  18. හරි යන්නේ නැහැ තමයි . රටේ නීති හැදුනේ නැතුව මොන මගුලක්වත් හරියන්නේ නැහැ

    ReplyDelete
  19. මං අද ලියන්න හිටපු දේ උබ එහෙම්පිටින්ම ලියලාය.ජාතිවාදී වන්න හොද නැත්තේ සිංහලයාට පමණය.අනිත් උන්ට එය කැපය

    ReplyDelete
  20. ඇ බං මාරයෝ සමහරක් විට අපේ ජීවිත කාලය ඇතුලේ ෂරියා නීතියේ රස බලන්ඩ ලැබෙයිද මන්දා, තම්බි ගානට ගේම ගහනවා, අපේ යක්කු කෙහෙල්මල් සහජීවනයක් ගැන කතා කරනවා

    ReplyDelete
    Replies
    1. තම්බි එක්ක බලනකොට කොටි හොදා බන්,තුක්‌ විතරක් නෙද්දකින් කාලකන්නි

      Delete
    2. අනිවාර්යෙන්ම අපිට ඔය නීතියෙන් බඩු හම්බ වේවි. ඒවාට වග කියන්න ඕන තම්බි නෙමෙයි. මේවා ගැන කතා කරන අයට ජාතිවාදීන් කියලා පහරගහන අපේම සිංහල මිනිස්සු.

      Delete
    3. මං නං බය නෑ.මගේ මෙව්වා එක ශිප් එකට අහු උනානේ.දැං සුන්නත් දූවිලි වෙලා තියෙන්නේ.

      Delete
  21. ඕවා කොච්චර කිවුවත් එතනමයි බන්

    ReplyDelete
  22. සුපිරිම පොස්ට් එකක්. දෙපැත්ත ගැනම සමබරව ලියලා තියෙනවා. ජාතිවාදය නරක නැහැ හැබැයි අපේ අය ඒක අලං තියෙන්නේ වැරදි පැත්තෙන්. අන්න එතනයි වැරැද්ද.
    ඔක්කොමත් හරි මේ ටික තමයි පොස්ටුවේ පට්ටම ඇත්ත කොටස
    //සිංහල මිනිස්සු පට්ට කම්මැලි ජාතියක්.. ඒ හින්දා උන් කරන්නේ කන්න බොන්න තියේනං වෙන දේකුත් නැත්තං කාලා බීලා වැටිලා ඉන්න එක.. ඒත් නිකං නැති රෙද්දවල් කරලා උන්ව අවුස්ස ගත්තම එක පාරටම කුපිත වෙලා අතට අහුවෙන දේ විනාස කරන්නත් ඒ හැටි නොහිතන ජාතියක්... //

    ReplyDelete
  23. නීතිය උත්තරීතර වෙන්නේ උන්ට කෙලඋනාම විතරනං... මොන එහෙකටද එහෙවු නීති අපිට... පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නේ උන්ට කබරයා කන්න ඕන උනාම විතරනං ඒවා අපිට ඇති වැඩක් නැහැ... ගහන්නමයි තියෙන්නේ..

    මේ කතාව නම් අගෙයි...

    ReplyDelete
  24. "මෙන්න රටේ සහජීවනය වැඩි කරන්න ඕන වෙලාවක ජාතිවාදය අවුස්සනව... මුන් මේ ග්‍රෝත්‍රික මානසිකත්වයෙන් මිදෙන්නෙ කවදද?..."

    උඩ දාපු ටික මගේ නෙමෙයි ඈ... මේ වගේ පෝස්ට් තිබුන තැන් වල ඔහොම කතා සෑහෙන දැකල තියෙනව... මේකට එහෙම එකක් වැටිල නෑ කියල දැක්කහම පව් කියල හිතුන බන්...

    මම නම් පට්ට ජාතිවාදියෙක්... උඹේ පෝස්ට් එක සුපිරි මාරෙ අයියා...

    ReplyDelete
  25. උඹ උබේ අදහස් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා.පෝස්ටුව ඇතුළෙ එකඟ විය හැකි කාරණා වගේම එකඟ විය නොහැකි කාරණාත් සම සමව තියෙනවා.

    ReplyDelete
  26. මාරයෝ අම්ම පල්ල උඹ ළඟ පාතක හිටියනම් අල්ලාගෙන ඉඹිනවා බොල. උඹ කැමති උනත් අකමැති උනත් මේක නම් මම මුණු පොතේ දානවා.

    ReplyDelete
  27. නියම පොස්ට් එක අයියේ..ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි පුංචි අසරණ ජාතියක් කියලා අපේම අයට කියන කොට අපේම ඊනියා සාම වාදීන් අපිව ජාති වාදියෝ කියල හංවඩු ගහන එක.වැඩි දවසක් නෑ අද උනා ඒ වැඩේ.මුන්ට තේරෙන්නේ නෑ ජාති වාදියා කියන එකෙයි ජාති මාමකයා කියන එකෙයි වෙනස.

    පහල මම දාන්නේ අද දවසේ වෙන බ්ලොග් එකක දමාපු කොමෙන්ටුවක්

    ~සිංහල උන්ට ඔලුව පත්තු වෙන්නේ අන්තිම මොහොතේ.නැත්තන් කිසිම දෙයක් ගැන කිසිම ගානක් නෑ.උදාහරණයක් ගම්මු ඔය බුකියේ රට රැකගන්න කෑගහන ජාතිවාදීන් කියනවා nolimit එක හම්බයන්ගේ ඒකට යන්න එපා කියල .හැබැයි nolimit එකේ වගේ ඇඳුම් එකතුවක් වෙන සිංහල කඩේක නෑ.සිංහල මුස්ලිම් දෙමල වේවා මිනිස්සු කැමතියි ලස්සනට අදින්න.අනික සිංහල කඩේකට ගියාම ඒ කඩේ ඉන්න උන් අපි දිහා බලන්නේ අපි නිකන් පිනට බඩු ගන්න ආව වගේ බැල්මක්.මුස්ලිම් කඩේක අපිට ලැබෙන පාරිභෝගික සේවාවෙන් අරික්කාලක් වත් ලැබෙන්නේ නෑ.සිංහලයෝ මුස්ලිම් අයට ඉරිසියා නොකර චින්තනීයව ඉස්සරහට යන්න ඕනෑ කියලනේ ඔබ තුමා කියන්නේ.ඒත් ඇත්තටම ඔබ තුමා කරන්නේ හැබෑවටම චින්තනීය වෙනසකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සුන්ගේ වෑයම අවතක්සේරු කරන එක (මම අදහස් කරන්නේ බොදු බල සේනා වගේ සංවිදාන ගැන නෙවෙයි).බොදු බල සේනා එකෙන් කරන්නේ මිනිස්සුන්ට පොඩි ත්වරණයක් දෙන එක විතරයි.දැනුම කොටස තමයි මුසල්මානුවන් පරදා ජාතියක් වශයෙන් චින්තනීයව ඉහල යන එක.හැබැයි මෙදා පාර උගන්වන ක්‍රමේ විතරක් වෙනස්.මතක තියාගන්න ලංකාවේ මුල්ම ජාතිවාදී අරගලය ඇති කලේ මුස්ලිම් අය කියලත් (ඔව් ඒකට පින් සිද්ද වෙන්න අපි තාමත් හෙන්රි ප්‍රේදිස් සමරන්නේ). ~

    ඔන්න ඔය දේ තමයි ඇත්තටම ජාතිවාදේ නමින් වෙන්න ඕනෑ සහ වෙන්නේ . අපි යුද්ධ කරනවා නම් මෙලහකට කුරගලට ගහලා ඒක නිදහස් කරලා.හැබැයි සිංහලයෝ රජයෙන් සහනයක් ලැබේවි කියලා බලන ඉන්නවා.අපි හැම දේම රජයෙන් කරන කන බලන් ඉන්නේ මොකටද?.සිංහලයට සිංහලයාගේ නමින් නැගී සිටින්න බැරිද?.අපි එහෙම කරාම ඇයි අපි ජාතිවාදී වෙන්නේ.මතකනේ අර ෆිල්ම් එකට කොල්ලුපිටියේ මුස්ලිම් අය නටපු නැටිල්ල.

    මුල් වතාවේ ත්‍රස්තවාදයට ජාතිවාදය කියල ලේබල් ගහල අපිව වැරදි කාරයෝ කරා මේ වතාවේ ව්‍යාප්තවාදයට එරෙහි වෙන එකට ජාතිවාදය කියල ලේබල් අලවන්න හදනවා.

    "සියලු මුසල්මානුවන් ව්‍යාප්තවාදීන් නොවේ නමුත් සියලු ව්‍යාප්තවාදීන් මුසල්මානුවන් වේ"

    අපි ජාතිවාදී විය යුත්තේ ඇයි?

    ප.ලි - එකම දුක මම කලින් කිව්ව පොස්ට් එකට හුරේ දාපු අය මෙතන මේකටත් හුරේ දාලා :/

    ReplyDelete
  28. මාරයියේ...උඹේ අර බඩාගේ කථා ඇරුණ කොට මේ දක්වා මම කියවපු කැමතිම ලිපියක්. උඹව බදා ගන්න හිතෙනවා. උඹ කියපු දේවල් වලිං කොටහකුත් කොටාගෙන මම මේ අද උදේ ඉදල අළුත් පෝස්ටුව ක් එළියට දාන්න වෙලාවක් නැතිව හිටියේ. දැන් ඒකෙන් වැඩක් වෙයිද දන්නේ නෑ. ඒත් තව එකක් කොටන්න කම්මැලියි. ඒක නිස ඔන්නේ ඔහේ දානවා.

    රාමා කිව්ව වගේ මේක අච්චු ගහල ජාතික පත්තර අස්සේ දාල බෙදන්න වටිනවා.

    ReplyDelete
  29. මේ වගේ හිතන්න පුළුවන් කමක් ඇති එකෙක් උන්න නම් අර ඇමති මණ්ඩලයේ...අනේ එහෙනම් රට මෙතන නෙමේ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ හිතන එකෙක් වැරදිලාවත් කැබිනට් මන්ඩලේ හිටිය නම් ඉතින් ඊලඟ කැබිනට් සංශෝධනේදි ඌ එලියෙ තමයි.

      Delete
  30. සිංහල බෞද්ධ අපිට ඉතුරු මෙචිචරයි.. ඒකටත් අනික් උන් ඇහැ දාගෙන ඉන්නෙ..
    ඒත් අපිමයි නේද එයාලට පාර හදලා දෙන්නෙ...
    රටෙ ගැටලු නැති හින්දා එක පාරටම හලාල් විරෝධයක් එනවා...(2000 ඉදන් තිබිබ දේ එක පාරටම මතක් වීම)
    නීති විද්‍යාලය මුස්ලිමි නරණය වෙනවා..
    මෙ වාට කියන්නෙ ජාතිවාදය නෙවෙයි..
    බලය රැකගන්න කරන දේශපාලන සෙල්ලමි කියලා..
    එදත් අදත් හෙටත් ඔය සෙල්ලම වුණා වෙනවා වෙයි...
    අපි දන්නෑ වගේ ඔහේ බලන් ඉමු නේ!......

    ReplyDelete
  31. මේක ඉතින් අපි සෙට් එක විතරක් දැක්කට ඇතෑ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  32. රිසානාගේ අළුගෝසුවා මහින්ද ද?
    http://mahasenmonarawila.blogspot.com/

    ReplyDelete
  33. පෝස්ට් එකට සම්පූර්ණයෙන්ම එකගයි.

    මේ ප්‍රශ්න රටේ පාලකයා මගින්නම් විසදාගන්න බෑ. ඒක ඔප්පුවෙලා ඉවරයි. හේතුව තමයි පාලකයා නොම්මරඑකේ මුසල්මානුවෙක් වීම.

    කවුරුවත් හරියට දැකගත්තෙ නැති වුනාට මෙයාගෙ නියම නම මොහොමඩ් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යි. (හැම‍ මොහොතකම මොහොමඩ්...කතොලික පල්ලියට යනකොට..පර්සි...ඉන්දියාවට බබා වෙනකොට....මහේන්ද්‍ර...ජන්දෙ දීපු කාලකන්නි ඉස්සරහදි විතරක් රාජපක්ෂ.
    හුගාක් මිනිස්සු හිතනවා අර කරවටේ දාගෙන ඉන්න පාන්කඩේ "කුරහන් සාටකය" යි කියලා. ඒත් ඇත්තටම ඒකට කිව යුත්තෙ "කුරාන සාටකය" කියලයි.

    ReplyDelete
  34. මහින්ද මාමා දන්නවා සින්හලාබෞද්ධයන්ට එයාගෙන් තොර කිසිම විකල්පයක් නෑ කියලා [බලන්න අපේ ආචාරිය සිල්වා උන්නැහේට වෙලා තියෙන දේ. ඔහේ වවුලා වගේ එල්ලිලා ඉන්නවා].

    ඒක නිසා මහින්ද මාමා මොනවා කළත් අන්තිමේ බැනලා බැනලා හරි මහින්ද මාමට සින්හලබෞද්ධ ඡන්ද ටික ලැබෙනවා. දෙමළ ඡන්ද කොහොමත් මහින්ද මාමට විරුධයි. එතකොට නිකම්ම තීරණාත්මක වෙන්නේ මුස්ලිම් ඡන්ද. ඒකනිසා මහින්ද මාමා මුස්ලිම් ඡන්ද කඩා ගන්න කිසිම ප්‍රසිද්ධ තීරණයක් ගන්නේ නෑ [පහුගිය සිද්ධි එක්ක හොඳට බලන්න මහින්ද මාමගේ හැසිරීම].

    හාමුදුරුවරුන්ට පිස්සුවෙන් වගේ පාරේ නටන්න වෙලා තියෙන්නේ මහින්ද මාමා සින්හලබෞද්ධ පල්ලිය පඩයකට වත් ගණන් ගන්නේ නැති නිසා. Sorry තමයි රංජනි..! :D

    ReplyDelete
    Replies
    1. ආචාරිය සිල්වා කිව්වේ අපේ මහාචාරිය නලින්ද සිල්වා උන්නැහේට. නැතුව අර පාතලාචාර්යට නෙමෙයි.

      Delete
  35. කතා දෙකක් නැතුවම එකඟයි.

    //හොඳම දේ තමා යම් කිසි නිශ්චිත සීමාවක් පනවලා දැනට පවතින ජන අනුපාත ඒ විදියටම පවත්වාගෙන යන ගමන් සෑම ජාතියකටම හොදින් ජීවත් වීමේ හැකියාව ඇති පරිසරයක් ගොඩ නංවන එක... //

    මේක තමා රටේ ආණ්ඩුවට වගේම පුළුවන් තරම් ළමයි හදන්න කියලා කෑ ගහන අයට නොතේරෙන දේ. ඔය කියන තරමට ජන ගහනය වැඩි කරොත් ඉතින් මූදට තමා පනින්න වෙන්නේ. හැබැයි ඒකට විසඳුම මුස්ලිමුන්ට ඕන තරම් හදන්න ඉඩ දෙන එකත් නෙමෙයි. ජනගහන පාලනය කළ යුතු සහ කළ හැකි දෙයක්. අද වන විට චීනයේත් ඒක කෙරෙනවා. (මම කියන්නේ ලංකාවෙත් ළමයි ගාන 1 කට සීමා කරන්න කියල නෙමෙයි. ඊට ලිහිල් සීමාවක්‌ පනවන්න බැරි කමක් නැහැ.)

    // මුස්ලිම් නීති..උඩරට නීතී... තේසවලාමේ නීති.. අරක මේක නැතිව නීතියනං රටටම එකයි වශයෙන් හදලා ඒවා තදින් ක්‍රියාත්මක කරවන්න ඕන
    //

    කටේ දාන්න වටිනවා..ඩොලර්
    එහෙම කරන්න බැරිනම් අහවල් එකකටද රටට නීතියක්. අපිත් මොකක් හරි ගෘප් එකක් හදාගෙන අපිටම කියලා නීතියක් හදාගන්න බැරි වෙයිද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. සයුරිගේ කතාවෙත් ගත යුත්තක් තියනවා. බලන්න දැන් මේ රටේ නීති කීයක් ක්රියාත්මකද කියල?? රෝම- ලන්දේසි නීතිය, උඩරට නීතිය, මුස්ලිම් නීතිය... එකී මෙකී නොකී තව කීයක් නම් ඇත්ද?? මේ ඔක්කොගෙන්ම හොඳ ඒවා අරගෙන එකක් හදාගන්න බැරි ඇයි??

      Delete
  36. සැටිපිකේට් ටෘත්.... එච්චරයි කියන්න තියෙන්නෙ...
    මටත් දැන් තිත්ත වෙලා තියෙන්නෙ...

    ReplyDelete
  37. මෙන්න වැටක්... ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    මේ රට මුස්ලිමුන්ට ලියලා දෙන්නෙ වෙන කවුරුවත් නෙමේ.. මහ ලොකුවට අපිට නිදහස ලබා දුන්නයි කියන ලොක්කම තමා.. රට මුස්ලිම් ආක්‍රමණයකින් බේර ගන්න නම් ඉස්සෙල්ලම කරන්න ඕනා දේ දැන් හරිම පැහැදිලියි.

    රිසානට වෙච්ච දේ ගැන නම් හරිම කණගාටුයි. ඒක අහද්දි මට ජාතිය මතක් වුනේ නෑ.. අපේ ළමයෙක් නේද කියන හැඟීමෙන් පපුව පත්තු වුනා.. ඒ ඔස්සෙ ලාංකීය මුස්ලිම් ජනතාවට දීලා තියන පණිවිඩේ හරිම වැදගත්.. ඒක ඒ ගොල්ලො කොච්චර දුරට තේරුම් ගනියිද දන්නෑ..

    ReplyDelete
  38. සිංහල ජාතිය ගැන කියන කතාවට මම එකඟයි... කොහොමටත් තමන්ගේ ජාතියට, ආගමට, භාෂාවට ආදරය නොකරන කෙනෙක්ට තව මිනිහෙක්ගේ ජාතියට, ආගමට, භාෂාවට ගෞරව කරන්න බැහැ. නමුත් ඔය කොයි ආදරෙත් මනුෂ්‍යත්වය කියන සීමාව ඉක්මවලා යන එකට මම විරුද්ධයි.

    මේ ගැන බලද්දි හිතෙන්නෙ සැබෑ ප්‍රශ්නය ජාතියවත් ආගමවත් නෙමෙයි... දේශපාලනයයි. රටක පාලනය දූෂිත වෙන තරමට, පාලකයෝ අවස්ථාවදියෝ වන තරමට රටක ප්‍රශ්න වැඩියි. බලලෝභී පාලකයෝ කරන්නේ මිනිසුන්ට වැඩියෙන්ම දැනෙන දෙයක් හරහා ප්‍රශ්න ඇති කිරීමයි... එතකොට ඒ ප්‍රශ්න වලින් වවාගෙන කන්න පුලුවන් නිසා. අපේ රටේ පිහිටීම, සම්පත්, ශ්‍රමය සලකලා බැලුවොත් හරිම ලේසියෙන් දියුණු කරන්න පුළුවන් රටක්.

    රට ඇතුලේ අනිවාර්යයෙන් මුස්ලිම් අන්තවාදී වැඩ පිලිවෙලක් යනවා. බොහොම සංවිධානාත්මක විදිහට... නමුත් බොදුබල සේනාව කරන්නෙ සාසනය, හාමුදුරුවෝ තව තව හෑල්ලු කරන එකයි. රටේ නායකයන්ට මේක නොතේරෙනවා නෙමෙයි... ඒත් අර්බුද ගොඩක් මැද්දේ ඉන්න ආණ්ඩුවට එල්ලිලා ඉන්න තියන හොඳම තුරුම්පුවත් මේකයි. ආණ්ඩුව දන්නවා තමන් මෙච්චර කල් ඉන්නේ යුද්දේ ඉවර කරපු නිසා කියලා... ඒ වගේම ඒ ලකුණු වලින් යන්න පුලුවන් දුර දැන් ඉවරයි කියලත් දන්නවා... ඉතිං තව කාලයක් ඇදන් යන්න ප්‍රශ්නයක් ලැබෙනවා කියන්නේ ආණ්ඩුවට ලොකු දෙයක්. මේවා තීරණාත්මක තැනකට ආවහම ආණ්ඩුවට පුළුවන් බලය පෙන්නලා ලකුණු දාගන්න... ප්‍රශ්නේ ඔඩු දුවන්න කලින් විසඳුවොත් ලකුණු ලැබෙන්නෙ නෑ.

    මට නම් හිතෙන දේ තමයි... මිනිසුන්ට කරදරයක් නැතුව කලා බීලා ජීවත්වෙන්න පුළුවන්, නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන, රටේ අත්‍යාවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන දවසකට මේ ජාති, ආගම් ගැන තියන ප්‍රශ්න අඩුවෙනවා. ජාති, ආගම් කියන දේවල් අනවශ්‍ය ලෙස ඉස්මතු වෙන්නේ රටක් දේශපාලන වශයෙන් අසාර්ථක උනාම. එහෙම උනාම ඒ රටවලට ආයෙ නැගිටින්න අමාරුයි.

    මේවා ගැන සමාජය (හැකි පමණින්) දැනුවත් කරන්න පුළුවන් උඹලා වගේ අද රටේ මහ පොළොවේ තියන සමාජෙට හොඳට මුල් ඇදලා තියන උඹලා වගේ එවුන්ට, අපි වගේ මුල් ගලෝ ගත්ත එවුන්ට කරන්න පුළුවන් හරිය සීමිතයි. ඒ නිසා තිත්ත වෙලා කියලා නිකං ඉන්න එපා කියලා තමයි මම කියන්නෙ. වැඩි වැඩියෙන් මේවා ගැන ලියපං...

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන දේ තමයි... මිනිසුන්ට කරදරයක් නැතුව කලා බීලා ජීවත්වෙන්න පුළුවන්, නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන, රටේ අත්‍යාවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන දවසකට මේ ජාති, ආගම් ගැන තියන ප්‍රශ්න අඩුවෙනවා. ජාති, ආගම් කියන දේවල් අනවශ්‍ය ලෙස ඉස්මතු වෙන්නේ රටක් දේශපාලන වශයෙන් අසාර්ථක උනාම.
      me kathawa ettha eth thambith ekka veradi

      Delete
    2. දැන් විවේචනය් කරන තිසර බලන්න කියන්න මේක විසඳන්න ඔබතුමා ගත්තු උත්සහයක් ගැන .. අනුන්ගේ සිනි කිරන්න එපා . අපේ සින්හලයෝන්ගේ හැටිමයි කරන මගුලක් නැහැ කරන එකාව විවේචනය කරන එක තමයි උන්ගේ වැඩේ

      Delete
  39. කියල තියෙන කාරනා වලට සම්පූර්ණයෙං එකඟයි.
    නියම ලිපියක්.

    ReplyDelete
  40. එක නම් ඇත්ත මාර අයීයේ...ප්‍රශ්නේ තමයී අද ඔය වැරදි කරන උන් මේ බ්ලොග් කියවන්නේ නැති එක.

    ReplyDelete
  41. මන් මේ පෝස්ට් එකට කැමතියි.....
    අනිත් කිසිම ජාතියක් තමන් ගැන කතා කරාට ප්‍රශ්නයක් නෑ. සිංහලය කතා කරාම ඒක ජාතිවාදය.

    සහජීවනය වස්තරේ තමා.
    කෙල උන දවසට තේරෙයි.
    මොනව උනත් මාත් බොදු බල සේනාවට කමතියි.
    එතනට හොඳ නායකත්වයක් නැති එක තමා අඩුපාඩුව.

    ReplyDelete
  42. අදහස් පැවසීමෙන් වලකිනවා. මොකද ජාතිවාදී ලේබලය වැදෙන නිසා. මමනම් කොහොමත් ජාතිවාදියි. ඒ ගැන ගැටළුවක් නැහැ.

    ReplyDelete
  43. //මම සිංහල...//

    මාරයාට මම කී සැරයක් කිව්වද තමන් තේරුම නොදැන මේ වචනෙ යොදන්න එපා කියල. ඇත්තටම සිංහල කියන බොහොම වැදගත් වචනේ තේරුම දන්න එකෙක් නැද්ද?

    //කොහොම කලත් සිංහල ජාතිය වැඩි කරනවා කියන එක ආයේ ඉස්සරහට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.//

    ලදන්න නොබ්බක් ගැන කතා නොකර හිටපන්. මම අවුරුදු කිහිපයක් තිස්සෙ සිංහල ජනගහනය මිලියන 400ක් (හාරසියයක්) කරන්න යෝජනා කරපු කෙනෙක්. ඒ උඹ වගෙ හාල්පාරුවෝ නොවෙයි, කිලෝ සීයක් බර අඩි හයක් උස සිංහල පාට උන් මිලියන 400ක්. ඒකට අවශ්‍ය සියලු දැනුම මම දෙනවා. එකම සුදුසුකම, හිඟා නොකා, හේතුවක් නැතුව අනුන්ට කරදර නොකර මිනිසුන් වගේ ජීවත්වීම. උඹට නොතේරුනාට අද මිනිසුන් මෙච්චර ඉන්නේ මීට වසර හැට දාහකට කලින් වඳවෙන එකෙන් බේරීමට දුන් සිංහල දැනුම නිසයි.

    //ඒ වගේ තත්වයක් යටතේ බොදු බල සේනාව බිහිවීම සාධාරණයි..//

    මුන් ඔක්කොම සිංහල වෙස් ගත් බෞද්ධයෝ. ඕන වෙළාවක පොරකන ජාතියට කියන්නෙ දෙමළ කියල. බෞද්ධයෝ කියන්නේ සිංහල විරෝධී, දෙමළ ගැති, දෙමළු ගෙනා ආකම බදාගත්, හිඟනකම මත යැපෙන, සිංහලකම ගෑවිලාවත් නැති ද්‍රෝහියන් රැළක්. අද උන්ට පිස්සු. ඒකට හේතුව සිංහල දෙවියො කෝප වෙලා. සිංහල ජාතිය රැකීමට උන් සමූලඝාතනය විය යුතුයි. අවු 2600ක උන්ගෙ කෙරුවාව නිසා අද සිංහල ජාතිය වැනසිලා. උන් තමයි තම්බි ප්‍රශ්ණයටත් මුල. පිස්සු මරගාතෙන් බල්ලො වගේ බුරන්නේ තම හෙළුව වසා ගන්න. ටිකක් ඉවසපන්. තව ටික දවසයි.

    //සිංහල මිනිස්සු පට්ට කම්මැලි ජාතියක්.. ඒ හින්දා උන් කරන්නේ කන්න බොන්න තියේනං වෙන දේකුත් නැත්තං කාලා බීලා වැටිලා ඉන්න එක.. ඒත් නිකං නැති රෙද්දවල් කරලා උන්ව අවුස්ස ගත්තම එක පාරටම කුපිත වෙලා අතට අහුවෙන දේ විනාස කරන්නත් ඒ හැටි නොහිතන ජාතියක්... අසූ එකේ දැක්කේ එහෙම කතාවක අවසානයක්... .....//


    ඔන්න උඹේ සිංහලකම බේරෙනවා. උඹ කතා කරන්නෙ හිඟන බෞද්ධ සුනඛ රැළ ගැන. මනුෂ්‍යකම පිළිකුල් කලාම මොළෙත් කොලොප්පන් කරනවා. තම්බියෝ කියන්නේ බෞද්ධ අමනුෂ්‍යයන්ට සිංහල දෙවියො දෙන දඬුවමේ ලක්ෂණ. සිංහල රටේ නූනම් උඹලා තම්බි වෙනවාමයි. උඹ සිංහල දෙවියො ගැන දන්නෙ නෑ. උඹ සිංහල උන් අවතක්සේරු කරන තවත් පට්ට කම්මැලි හිඟන්නෙක් විතරයි. මුළු ලෝකෙම සුන්බුන් ගොඩක් කල හැකි දැනුම ඇති සිංහල දෙවියන් ඉන්න බව දැනගන්න උරුමෙ නැතුව බැහැනේ. ඉවසපං බං. උඹට තේරුම් ගත නොහැකි වුවත් වෙන්න ඕන දේවල් ඒ විදියටම වෙනවා.

    මේ වගේ තුට්ටු දෙකේ කතා අහන සිංහල උන්ට සිංහලකම දැන ගැනීමට ළඟදී http://sinha-ali.blogspot.com.au/ එකේ සීමිත තොරතුරු දානවා. සිංහලයන්ගේ කම පණ රැකීමයි. එසේ කිරීමට පණ නසන/නිවන උන් ද නැසිය යුතුයි. සිංහල වෙස් දාගෙන සිංහලකමට ගරහන බෞද්ධයන් සිංහල නොවේ.

    ReplyDelete
    Replies
    1. සද්ද ටිකත් හරි . . . ඇඩ් එකත් හරි

      Delete
    2. හුරේ .. ඔන්න අපි වගේ ජාතිවාදියෙක් .

      Delete
  44. මචෝ නියමයි. මේකට දමන්න තියෙන්නෙත් මතලනේගේ එකට දාපු කොමෙන්ටුවෙන්ම කැල්ලක් තමයි.

    අපි ජාතිය ගැන කතා කරනකොට ජාතිවාදියා... ජාතිවාද අවුස්සන උන්....
    අපි අගමැ ගැන කතා කරනකොට ආගම් වාදියෝ...

    උන් ඒ දේවල් ගැන කතා කරනකොට ..
    උන්ගේ අයිතිවාසිකම්.

    ඒ මොන ***ක්ද බන්.

    ReplyDelete
  45. ඉති බන් ඔය මහා හිංගලේ දියසෙන් කුමාරයා නේද රාජ්ජේ පාලනේ කොරන්නේ..... එයා හිංගලයා ගැන බලන්නෙ නැතෙයි කියලය මේ කියන්නේ.... චී......... චී............ වස කැති නොවැ වැඩේ... අර ගලබොඩ අත්තේ ඤානිස්සර අයියා ගැන නම් මට පොඩි ආඩම්බරයක් ඇති උනා... එයා රටේ සංඝ නායක උනා නම් මරු ඕයි....

    ReplyDelete
  46. ඕවා කථා කරන්න ගියොත් මාරයා උනත් මැරෙන්න වෙන්නේ අයියේ.......

    ReplyDelete
  47. කියලා තියෙන ගොඩක් දේවල් වලට මාත් සම්පූර්නයෙන්ම එකගයි..

    ReplyDelete
  48. මමත් ජාතිවාදියෙක්. අපේ ජාතිය බේරගන්න ඕනි අපිම මිසක් වෙන උන් නෙවේනේ. කොටියා එක්ක ගේම යනකොට අපේ උන් එකෙකුටවත් සීතල යුද්දේ ගැන තේරිලා තිබුනේ නෑ. දැන් උනත් ලොක්කා කොන්ද කෙලින් කරගන්නවානම් මේක ඇෆ්ඝනිස්තානයක්, බන්ග්ලාදේශයක් වෙන එක නවත්තන්න පුළුවන්.

    මාරයාගේ පෝස්ට් එකට +++++++++++++

    ReplyDelete
  49. ඇත්තම කියනවා නම් මට නම් රිසාන ගේ ඝාතනය සම්බන්ධයෙන් තියෙන්නේ අප්‍රමාන සතුටක්. දැන් මට බනින්න එපා කෘර යකෙක් කියල. සමස්තයක් වශයෙන් විමසලා බැලුවහම මේ සම්බන්ධයෙන් ඇතිවන සමාජ කතිකාවතෙන් ඉස්ලාම් ශයරියා නීතියේ ඇති අමානුෂික බව ඉස්මතුවෙලා බොහෝ පිරිසක් ඒ ගැන දැනුවත් වීම සිදු වෙනවා. මන් බොහෝ තැන්වල දැකල තියෙනවා සිංහල බෞධයෝ පවා කියනවා දැන් නම් රටේ තියෙන අපරාධ පාලනය කරන්න ශයරියා ගෙන්න ඕනේ කියල. ගල් ගහල මරන්න ඕනේ කියල. etc etc . ඔවුන්ගේ ඒ දුරගිග නොබලා කරන මුග්ධ ප්‍රකාශ මේකත් සමග සිදුවන සමාජ කතිකාවතත් සමග නවතීවි කියල බලාපොරොත්තු වෙනවා.

    අඩු වයසින් වහල් සේවයට දරුවන් යැවීම මෙයින් වත් නවතීවි. ජනතා හිතවාදී ලෙස නීති රීති සකස් වේවි. ඉස්ලාම් ධර්මය , නීති පද්තිය , ආචාර ධර්ම , ව්‍යාප්ත වාදය ගැන සාමාන්‍ය ජනතාවගේ අවබෝධය වැඩි වේවි.

    මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගේම නීති මඩු ඇතිකොට නුදුරු අනාගතයේම ලංකාවේ ඉස්තාපනය කිරීමට බලාපොරොත්තු වූ ශයරියා නිතිය ටික කාලයකට හෝ ජනතා විරෝධය නිසා හකුලා ගනීවි. අන්තිමේදී බැලුවහම එක කෙනෙකුගේ මරණය නිසා රටකට හා ජාතියකට වී ඇත්තේ ඉමහත් වාසියක් සහ සහනයක්. ලංකාවේ, බුද්ධ ශාසනයේ , සිංහලයන්ගේ යහපත , චිරස්තිය සඳහා මින් වන උපකාරය සමග සසඳා බැලුවොත් එය කුඩා මිලක් පමණයි. සංසන්දනාත්මකව ලංකාවට ආදරය කරන්නෙක් වශයෙන් සතුටුයි. :)

    ReplyDelete
  50. උඹත් සමග එකයි සහෝ .

    ReplyDelete
  51. මම බැලුවා උඹේ ගත්ත ලැපටවත් කෙලවෙලාද කියලා.

    උඹ හරි. හාමුදුරුවො නායකත්වය ගන්න ඕන තමයි, ඒත් සිවුරෙ ගරුත්වය තියාගෙන. එදා ඒක නිවුස් වලින් බලපු අපේ කුරුස කාරයො ටිකයි , තම්බි ටිකයි දකින දකින සැරේට ඒ ගැනමයි අහන්නෙ.

    ~~~~උන්ව අවුස්ස ගත්තම එක පාරටම කුපිත වෙලා අතට අහුවෙන දේ විනාස කරන්නත් ඒ හැටි නොහිතන ජාතියක්... අසූ එකේ දැක්කේ එහෙම කතාවක අවසානයක්...~~~ අසූ එකේ මොකද බන් වුනේ ? අසූ තුනේ එක වැරදිලාද?

    ReplyDelete
  52. එළ එළ මාරයියේ එකඟයි ඔක්කෝටම.

    ReplyDelete
  53. මටත් හිතෙන්නේ මාරයා කියන එක හරි කියල. මොකද හාමුදුරුවරුයි එහෙම කියාගන්න අයයි හැම මගුලකටම ඉස්සරහට යන එකෙන් වෙන්නේ අන්තිමට අපි අපිටම කෙල ගහගන්නවා වගේ වැඩක්. මාරයා කියල තියන ටික තමා වෙන්න ඕනේ.

    ReplyDelete
  54. ඇත්තටම ඕනෑම දෙයක් කරන විදිහක් තියෙනවා කතාව කියවලා අනිත් අයගේ අදහස් කියෙවුවාම හැමෝම හරි

    වැඩි බහුතරයක් මේවා තේරුම් ගන්නේ නැති එක තමයි ප්‍රශ්නේ

    ReplyDelete
  55. පහුවෙලා උනත් මම මේ පෝස්ට් එක මුල ඉදලා අගටම කියෙව්වා. බොදු බල සේනා සංවිදානය පවත්වපු උද්ගෝෂන වලට සහභාගී වුන කෙනෙක් විදියට මටත් හිතෙන්නේ හාමුදුරුවෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ තමන් හැසිරෙන විදිය ගැන. ආවේගයක් හිතට එනවා තමයි, ඒත් ඒක පිට කරන විදිය ගැන මීට වඩා ගොඩක් හිතුවොත් හොදයි.

    මුස්ලිම් ව්‍යාප්තවාදය හා අන්තවාදය ගැනනම් කියන්න තියෙන්නේ ඉවසුවා ඇති කියලයි. නැගෙනහිර මුස්ලිම් තරුණයන්ට අවි පුහුණුව දෙන ගමන්, නැගෙනහිර හැම බිම් අගලක්ම උන්ට උවමනා විදියට පාලනය කරන්නයි උන් හදන්නේ, මඩකලපුව - අම්පාර පාරේ තියෙන කාත්තන්කුඩි නගරය දකින කෙනෙකුට හිතෙන්නේ 'යකෝ මේක අරාබියද?' කියලා. පාර මැද්දේ තියෙන පේමන්ට් එකේ වවලා තියෙන්නේ රට ඉදි ගස්. පාරවල් වල නම් තියෙන බොඩ් එකක්වත් සිංහල අකුරක් නැහෑ. තියෙන්නේ අරාබී, දෙමල, ඉංග්‍රිසි අකුරු. ඒ මදිවට උන් පල්ලි යන දවස, ඒ කියන්නේ සිකුරාදට හැම කඩයක්ම වහලා. හරියට අරාබිය වගේ. ඒ විතරක් නෙමෙයි උන් පොඩිම එකාගේ පවා මොල වලට දාන්නේ මේක උන්ගේ රාජ්ජේ කියලා. ඒ වගේම තමයි මැලේසියාව, මාලදිවයින් වගේ රටවල් වලින් මෙහෙට එන මුස්ලිම් ආගමික නායකයෝ නැගෙනහිර පලාතේ ශරියා නීතීය ගැන පංති පවත්වලා එහේ ඉන්න පොඩි එකාගේ ඉදලා තරුණ වයසේ ඉන්න එවුන්ගේ මොල සුද්ධ කරනවා. ඒ පංති එකකවත් ගණිතය, විද්‍යාව, ඉතිහාසය වගේ විශයන් උගන්වන්නේ නැහෑ. උගන්වන්නේ උන්ගේ ආගම ගැන විතරයි. මේ හැම දෙයක්ම පරිපාලනය වෙන්නෙ මුස්ලිම් පල්ලි හරහා.

    මේ වගේම බරපතල කාරනාවක් තමයි අර අසාද් සාලි කියන හම්බයා කරලා තියෙන ප්‍රකාශය. ඌ කියලා තියෙනවා මුස්ලිම් ආගමට හා ජනතාවට එරෙහිව සිදුකරන අරාජික කටයුතු දෙස රජය නිහඬව බලා ඉන්නවානම් අවි අතට ගන්නවා කියලා. ඇත්තටම ඌට කොහොමද එහෙම කියන්න ශක්තියක් ආවේ කියන එක ගැන හොයලා බලන්න ඕනේ. අර මම කලින් කියපු නැගෙනහිර තරුණයන්ට අවි පුහුණුව ලාබා දෙනවා කියන එක මෙතනටත් සම්බන්ධයි. අර එක පර දෙමළෙක් අවුරුදු 25ක් 30ක් තිස්සේ රට කාලා කලා අන්තිමේ බල්ලෙක් වගේ මැරිලා ගියා. ඊගාවට මේ කුණු හම්බයො අවි අතට අරගෙන මරාගන්න ආවොත් වෙන්නේ රටේ සංවර්ධනේ පැත්තක තියලා උන් එක්ක මරාගන්න. ඒක නිසා අපි හැමෝම බලන්න ඕනේ ඒ තැනට මුන්ට එන්න නොදී අපේ තැන තියා ගන්න. බොදු බල සේනාව ඇතුලු සංවිධාන පෙන්නල දෙන දේ හරි. ඒවා බොරු මනස්ගාත කියලා බැහැර කරන්න නරකයි. අන්තිමේදී වෙන්නේ නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරවෙන්වත් කඩන්න බැරි තැනට වැඩ සිද්ධ වෙන එකයි

    ReplyDelete
    Replies
    1. http://www.seu.ac.lk/convocation-2012/internalconvocation2012/internalconvocation2012.swf

      ඊළඟ සප්තවාර්ශිකය ඔලුවිල් සේවයට යමු කියල කියන්න හිතුනත්, මේ ෆොටෝ කෑලි දැක්කම මොකක්දෝ බයක් එනවා හිතට. මම නං කොහෙත්ම බේද වලට කැමති කෙනෙක් නොවෙයි.

      අෂ්රොෆ් ගිය හෙලිකොප්ටරේ මගෙ නෑදෑයෙකුත් ගියා. ඔහු ආරක්ශක අංශයේ සේවය කලේ.

      Delete
    2. ***මෙය මගේ මිත්‍රයෙකු වන කසුන් ඉන්දික විසින් මූණුපොතේ පලකරන ලද කමෙන්‍ටුවකි***

      මචං දැන් අපි කරන්න ඕනය කියල උඹ යෝජනා කරන දෙයක් තියෙනවද? ඒ මොනවද?

      ----
      අමතරව, උඹ මේකෙම කියල තියෙනවනෙ මචං, ‘එක දෙමලෙක් අවුරුදු 25ක් 30ක් රට කෑවා‘ කියල... ඇත්ත. ඒ එක්කම උඹ පොඩ්ඩක් අවංකවම කල්පනා කරල බලපන් ඒ රට කාපු එකාට එහෙම රට කන්න මඟ පෑදුවෙ කවුද කියල. එහෙම කලේ පර දෙමළු (උඹේ වචනයෙන්ම) ම විතර ද කියල කල්පනා කරල බලපන්. අමන ජාතිවාදයෙන් විතරක් දේවල් තේරුම් ගන්න හදපු-රිඇක්ට් කරපු පර සිංහලයො ඒ රට කාපු එකාලව හදන්න කරපු සම්මාදම ගැනැත් අවංකවම කල්පනා කරපන් මචං. අන්තිම විදියට වර්ගවාදය, තවත් වර්ගවාදයකින් පරද්දන්න බැහැ මචං. මම මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි, එහෙම දෙයක් තියෙන බවත් පිලිගන්නව. හැබැයි ඔය බොදු බල සේනා තව තව සේනාවල් වගේම ඔය ෆෙස්බුක් එකේ ගොන් පාට් දාන මැට්ටො කරමින් ඉන්නෙ ඒ අන්තවාදය පරදන්න හදන එකට වඩා ඒ අන්තවාදයට හොඳට හැදෙන්න ඉඩ කඩ හදල දෙන එකත්, අන්තවාදයෙන් මේ පැත්තෙ ඉන්න එවුන් ටිකත් ඒ නරා වලටම ඇදල දාන එකත් විත්තිය නම් හොඳටම දැනෙනවා. මචං වෙන ජාතියක හරි ආගමක හරි වෙන වර්ගයක හරි මිනිහෙකුට අපහාස වචන වලින් කතා කරන ගමන් වර්ගවාදයක්, අන්තවාදයක් පරද්දන්න බැහැ. වඑක පැත්තකනි රට, නීතිය සහපාලනය කාබාසිනිය කරමින් තියෙන කොට ඒකේ වගක් නැතිව මිනිස්සුන්ව ආගමික කුලල් කා ගැනීමකට යොමු කරන එකෙන් සිද්ද වෙන දේ මොකක් කියලද උඹ හිතන්නෙ.

      මචං, මුස්ලිම් වර්ගවාදයක් කියල දෙයක් තියෙනව, ඒ විතරක් නෙමෙයි සිංහල-බෞද්ධ වර්ගවාදයක් කියල එකක් වගේම දෙමළ වර්ගවාදයක් කියල දේකුත් මේ රටේ තියෙනව. හැබැයි බහුතරයක් මේ රටේ මිනිස්සු ඔය කොට්ටාස තුන ඇතුලෙ නෙවෙයි ඉන්නෙ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න කරන්න අරගලයක් තියෙනව. මේ රට විනාශ කරන්නෙ ඔ්‍ය උඩින් මම කියපු වර්ගවාදී කුලක වලට දැනුවත්ව, නොදැනුවත්ව උඩගොඩි දෙන, ආධාර අනුබල දෙන එවුන්.

      කියන්න තව දේවල් තියෙනව මචං, ඒත් වැඩැක් නැහැ. ලංකාවේ ඉන්නෙ කවදාවත් ඉතිහාසයෙන්, සිද්ද වෙච්ච දේවල් වලින්, සිද්ද වෙන දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන හැදෙන මිනිස්සු නෙමෙයි. මේ රටේ ඉන්නෙ මාර හීනමායකින් ඉන්න බොඩිංකාරයො වගේ මිනිස්සු ටිකක්. මේ රටේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සුන්ගෙ චින්තනය මොනෝක්‍රෝම් (ඒකමානීයයි) ලොකු චිතය දිහා බලල දේවල් තේරුම් ගන්න තරම් පරිනත වෙලා නැහැ මම හිතන්නෙ. ඒ හිද්නා කෙහෙන් හරි පටන් ගන්න ඕනම බාල ප්‍රොපගැන්ඩා එකකින් අපේ මිනිස්සුන්ව නරා වලට දක්කන එක හරි ලේසියි...

      Delete
    3. හේ හේ .. මෙන්න තවත් සව්රාගමික නපුංසකයෙක් .. ඉතිහාසේ කියවල වරෙන් ඊට පස්සේ තේරෙයි අපිට වැරදුනේ කොහෙද කියල .. මම කෙටියෙන් කියන්නම්. සුද්ද මේ රට පාලනේ කරන්න අටවපු උගුල දැන් තමයි හරියටම ක්‍රියාත්මක වෙන්නේ. මේ රටේ තිබිය යුත්තේ එක නීතියක් එක භාෂාවක් . එහෙම බැරි එවුන්ට මේ රටෙන් යන්න පුළුවන් .. එංගලන්තෙට ගිහින් අරාබි දෙමල කතා බහ . ඉංග්‍රීසි විතරයි. එක නිසා මම ආපහු කියනවා . මේ රටේ තිබිය යුත්තේ එක නීතියක් එක භාෂාවක් . ඕනේ එකෙක් ඕනේ ආගමක් අදහගත්තට කමක් නැහැ එත් ප්‍රධාන් ආගම විය යුත්තේ බුද්ධාගම .

      Delete
  56. මාරේ උබටත් මේන් මගෙන් වැටක්..
    +++++++++

    සමහර්ක්වා වලට ඇරෙන්න උබටනම් එකඟ වෙතැකි.. :)

    එක එකාගෙ දෘශ්ටි කොණ වල පොඩි හරි වෙනස් කං තියෙනවනේ.. උබ මට වඩා නං හද්ද නාකියෙක්.. ;) ඒක හන්දා උබට මටවඩා හොදෙ සමාජ මෙව්ව එකක් තියෙනවනේ..ඒක හන්දද මංදා උබේ ඇහත් දේශපාලනීකරනය වෙලා.. කොව්වා කොහොම උනත් පොස්ටුවෙ තියෙන එව්වට අනික්පැත්තට කියන්න තරම් දෙයක් නෑ..

    ඒත් බං හලාල් නිතිවිජ්ජාල සීන් එකට එහෙම එල්ලීගෙන පස්සෙන් යන්න තරන් දේවල් නොවුන්ට එව්වටත් සැලකිල්ලක් දක්වන්න තරම් කරුණු..

    අපි ගියාවේ.. තෙරුවන් සරණ වේවා..! ජය!

    ReplyDelete
  57. හුඟ කාලෙකින් මාරය ගේ හොඳ ලිපියක් කියෙව්වා ..
    මම සම්පූර්ණයෙන් ම එකඟයි.
    මම ලිව්වා නම් ලියවෙන්නෙත් මේ විදිහට ම තමයි.

    ReplyDelete
  58. මම නම් ජාතිවාදියෙක් ඔය කොයිකා කිව්වත් එක වෙනස් වෙන්නේ නැහැ.

    යකෝ මේ රටේ මුස්ලිම් නොවන එකෙක් අවුරුදු 18 ක කෙල්ලෙක් එක්ක ලිංගිකව හැසිරුනොත් හරි කසාද බැන්දොත් හරි එක ළමා අපචාරයක් උව කුදලන් ගිහින් දානවා කුඩුවේ .එත් මේ සිරි ලංකාවේම මුස්ලිම් එවුන්ට අවුරුදු 12 ක් දරුවෙක් උනත් බඳින්න මුස්ලිම් නීතියෙන් ඉඩ තියනවා.. අවුරුදු 12 ට අඩු ළමයෙක් උනත් ක්වාසි වරයාගේ අවසරයෙන් බඳින්න පුළුවන් . යකෝ මේක හරි කෙළියක්නේ මේ රටේ ජීවත්වෙන අනිත් එවුන්ට නැති මගුල් මොන රෙද්දකටද මුන්ට . මේ රටේ තිබිය යුත්තේ එක නීතියක්. එක සංස්කෘතියක් බැරි එවුන්ට යන්න පුළුවන් . අපිට බැරි නම් තොපිටත් බහ තොපිට බැරි නම් අපිටත් බහ .

    මාරයා ඇතුළු නොදන්නා මගුල් කියවන පණ්ඩිතයන්ගේ දැනගැනීම පිණිස
    මුස්ලිමි විවාහ ලියාපදිංචි කිරීම


    මනාලයා විසින් අදාල විවාහය සිදු වීමට ප්‍රථම ඒ පිළිබදව මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය.
    ප්‍රකාශපත්‍රය මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැක.
    බාලිකාවගේ වයස අවුරුදු 12ට අඩුනම් ක්වාසිවරයාගේ අවසරය ලබාගත යුතුය.
    නිකා චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු මනාලයා, මනාලියගේ වාලි, නිකා චාරිත්‍රය ඉටුකළ තැනැත්තා, සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රෙජිස්ට්‍රාර් විවාහ ලේඛනයේ අත්සන් තබයි.
    විවාහ රේජිස්ට්‍රාර් විසින් විවාහ සහතිකය නොමිලයේ
    ලබා දෙනු ලබයි.
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&task=info&id=1847&lang=si

    ReplyDelete