05 February 2013

සුරූපී හෙළු යකින්නක් වීමට ඔබත් ආසද..? මෙන්න ක්‍රමය...(කාන්තාවන්ට පමණයි...)

මේ දවස්වල මංතුමා වාසය කරන්නේ කොලම්බු වල කියලා කස්ටිය දන්නවා ඇතිනේ මයෙ හිතේ... ඒ ගැන වැඩි විස්තරයක් පස්සෙන් පහු කියන්ට බැරියෑ... මේ කතාව එහෙම එකක් නෙවෙයි... අපේ සකල සිරි ලංකා වාසී තරුණියන් පිළීබඳව මංතුමාගේ හිතේ ඇති වෙච්ච අප්‍රමාණ ආදරය..දයාව..කරුනාව පෙරදැරි කොරගත්ත මෙව්වා එකක්... ඒ වගේම මේ හෙළු රටේ උපන්න හෙළු යකෙක් විදියට හෙළුවන්ගේ දියුණුවට උන්නතියට හේතූ භූත වෙන කාරණාවක් තමා මේ...

ඇත්තම කිව්වොත් මේක අපේ සිරි ලාංකික හෙළු තරුණියන්ට ලැබුන ලොකු චෑන්ස් එකක්...

හරි මෙහෙම කියමුකෝ.. අපේ තරුණියන්ගෙන් කොයි කවුරුද ලස්සන වෙන්න අකමැති... ඔව් ඔව්.. අපි දන්නවා හැමෝම කැමතියි ලස්සන වෙන්න... ඒත් එහෙම ලස්සන වෙන්න කියලා හිතුවම ගෑල්ලමයි ඒකට ආදර්ස හැටියට ගන්නේ කාවද..? අහන්න දෙයක් නැහැ වැඩි හරියක්ම අර පර ඉන්දියානු රාමගේ පරපුරෙන් එන ආස්චරියා රායිලා..ජුහී වව්ලලා.. වගේ හින්දි කෑලිනේ... නැත්තං අර ඇන්ජලීනා ජොලීලා වගේ පර සුද්දියෝවනේ.. යකෝ රටකට ගිය කල... හෙළු කාන්තා රත්නයෝ වෙච්ච අපේ තරුණියෝ පර ඉන්දියානු හැතිකරේ පෙනුම ගන්නේ අහවල් එහෙකටද... අපිව හූරා කාපු පර සුද්දන්ගේ ගෑණු වගේ වෙන්නේ අහවල් එහෙකටද.. මගේ හෙළු ලේ කකියනවා බොලවු... හැම දේම දේශිය වෙන මේ කාලේ ඇයි අපිට බැරි අපේම ලස්සනක් ඇති කරගන්න... ආන්න ඒකට තමා මං මේ ක්‍රමය කියා දෙන්න හදන්නේ...

ඇත්තම කිව්වොත් මේක මගේ හොයා ගැනීමක් නෙවෙයි..මටත් අහම්බෙන් වගේ හම්බ වෙච්ච දෙයක්..ඒත් ඉතිං අපේ කෙලි පැටික්කියන්ට මේක නොකියා කොහොමද... මේ බ්ලොග් එක කියෝන මගේ ආදරණීය පැංචියෝ පැටික්කියෝ.. ටිකට හොදක් වෙනවනං මට එයිට වඩා සංතෝසයක් තියේද.. නැහැනේ... ආන්න ඒකයි කොහේ ගියත් කොතැන හිටියත් මේ කාන්තා පාරුසවේට හොදක් වෙන දෙයක් දැක්ක ගමන් මට ඒක මතක හිටින්නේ...

---------------------------

මේ දවස්වල මංතුමා කොළඹ ඉන්නවා කියලා කිව්වා වගේම තවත් එකක් තමා මේ ටිකේ මට මේ “තුන ඩී “ (3D) චිත්තරපටි බලන රෝගෙකුත් ඇවිත්... ඒ හින්දා පහුගිය ටිකේ ඔය වැල්ලවත්ත සැවෝයි එකට ආව ඔක්කෝම “තුන ඩී “ (3D) චිත්තරපටි ටික කොහොම හරි බලන්ට ගියා... වැඩියම නෙවෙයි මං හිතන්නේ දැන් හතරක් හෝ පහක් විතර බලලා තියේ... ඉතිං ඒ ගියාම තමා මට මේ අගනා රහස එළි දරවු උනේ...

ඔය “තුන ඩී “ (3D)  චිත්තරපටිය යන අතරේ ඉන්ට බෙල් එකක් එනවනේ... ආන්න ඒ වෙලාවට ප්‍රචාරය වෙන දැන්වීම් අතර තිබිලා තමා මට මේ හෙළු සුරූපී රහස එළි දරවු උනේ... සමහර විට මේක ටීවී වලත් යනවා ඇති.. ඒත් ඉතිං මං ටීවී බලන්නේ බැංකුවකට ගිහින් පෝලිමක ඉන්න උන වෙලාවට විතරක් හින්දා මට ඕක අහුවෙලා තිබුනේ නැහැ... 

ඔන්න ඉතිං මේ ඇඩ් එකේ පෙන්නනවා එක්තරා නිළියක්... එයා ඇවිල්ලා ලඳ බොළද කෝමල ස්වරයෙන් අපිට කියනවා එයා කොයි තරං සුන්දරද.. ඒ සුන්දර කම එයා රැක ගන්නේ කොහොමද කියලා... ඔව් එකේ රහස තමා එක්තරා මල්ටි විටමිනයක්... අර බයෝනා කියලා කියන්නේ. ආන්න ඒක... ඉතිං මේ නිළිය කියන විදියට එයා නිළියක් හැටියට එයාගේ මේ සුරූපී මෙව්වා එක රැක ගන්නේ ඔය බයෝනා ගහලා තමා... ඇත්ත තමා ඒ නංගි හරිම ලස්සනයි... එයාගේ ලස්සනට හරියනම විදියේ චිත්තපටි දෙහෙකම තමා එයා මේ වෙනකොට රග පාලා තියෙන්නේ... ඒ චිත්රපටිවල කෑලිත් අර ඇඩ් එක මැද්දේ යනවද කොහේද...

දන්නවද මොනවද ඒ චිත්තරපටි දෙක කියලා...

1. අබා
2. කුවේණී

දෙකම අපේ හෙල යක් පරපුර ගැන කියවුන චිත්තරපටි දෙකක්නේ ආයිබෝං... මේ නිළිය ඒ දෙකේම හිටියේ යකින්නියකට නෙව... පලවැනි එකේ අර ගුම්බක බූතා කියලා යකින්නියකටයි... දෙවැනි එකේ කුවේණිටයි.. ඒත් යකින්නක් නෙව.. දැන් මං කියන්න ඕන නැහැනේ නිළිය කවුද කියලා... ඔව් ඔව්..දුලානි අනුරාධා තමා...

ආන්න එයා කියන විදියට එයාට මේ තරං යක්ෂ පාට් ලැබෙන්නේ බයෝනා ගහලම තමා... ඉතිං බලන්න මේක කොයි තරංනං වටිනා කියන ආරංචියක්ද අපේ ගෑණු ළමයින්ට... නිකං පර සුද්දියෝ.. පර ඉන්දියන් කෑලි වගේ සුදු මැලි කෝමල පෙනුමක් ගන්නවද එහෙමත් නැත්තං අපේ හෙළු යක් පරපුරේ අභිමානය රැකෙන අන්දමට උල් දත්.. කැරළි කොණ්ඩය... කාල වර්ණ සමක් සහිත..නියම යකින්නියක් විදියට ලස්සන වෙනවද..? තීරනේ තියෙන්නේ අපේ අක්කලා නංගිලා අතේ... නැන්දලා..අම්මලා... පුංචි අම්මලා.. ලොකු අම්මලා නෙවෙයි ආච්චි අම්මලාට උනත් තමුන්ගේ පෙනුම හෙළු යකින්නක්ගේ වගේ කර ගන්න ඕනනං ආයේ දෙකක් නැහැ මෙන්න බෙහෙත... බයෝනා.. ගැහුව ගමන් බඩු ෂුවර්..කෙලින්ම සුරූපී හෙළු යකින්නක් වීමට ඔය හැමෝටම අවස්ථාව...

කවුරුවත් හිතන්න එපා මං මේ බයෝනාවලට කඩේ ගියා කියලනං.. මං ඇත්තටම මේ කඩේ ගියේ අපේ සිරි ලාංකික ඉස්තිරී පාර්සවේට විතරමයි ඕං...

එහෙමනං ඔන්න ක්‍රමය කියා දුන්නා.. දැන් ඉතිං වැඩ කෑල්ල තියෙන්නේ ඔයාලා අතේ... හිටු කියලා බයෝනා ගහලා හෙළු යකින්නියෝ විදියට හැඩ වැඩ වෙලා... හෙට අනිද්දට ඔයාලා පාරට බැහැලා යන හැටි මට නිකං දැනුත් මැවිලා පේනවා පේනවා වගේ... කාටද දෙයියනේ ආඩම්බර...?


110 comments:

  1. පට්ට කින්ඩි කතාවක්! හිකිස්! අද එකද මං?? එලනේ!

    ReplyDelete
    Replies
    1. චී චී මං මේ සද්බාවයෙන් ලියාපු එක කින්ඩි කතාවක් උනේ කොහොමද බොල.. :D

      Delete
  2. මාරෙ අය්යේ .. ඔය කියන විදිහට බයෝනා බීවොත් අපිත් ලස්සන වේවිද

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... හැඩැති උල් දත්.. කැරළි කොණ්ඩය.. සහිත....

      Delete
    2. මාරේ අය්යේ.. එහම කියන්න එපා..!! මම බොහොම අමාරුවෙන් මගේ කැරළි කොන්ඩේ ඉත්තෑ කුරු කළේ .. අනික අපහු උල් දත් අවොත් විනාසය් .. පව් අප්පා මගේ කොල්ල ... !!! :(

      Delete
    3. හපෝ ඔයා අපරාදයක්නේ කරගෙන තියෙන්නේ.. නිකං උත්පත්තියෙන්ම ලැබුන හෙළු පෙනුම ඇයි ඔහොම කරලා විනාස කරගත්තේ...

      (තමුන්ගේ කෙල්ල සැලෝන්වල වැඩියෙන් කාලේ ගත කරන කොයි කොල්ලත් පව් තමා මෙයා.. :D)

      Delete
    4. මොකෝ අය්යේ එහෙම කිවේ? පොඩ්ඩක් තේරෙන්න කියහන්කෝ

      Delete
  3. මාරයියා ළඟදි ඉඳලා ඇයි මෙච්චර ගෑණු අය එක්ක තරහා කියලා මං මේ කල්පනා කොළේ.. හි හි

    ReplyDelete
    Replies
    1. තරහටද යකෝ මේ කියන්නේ... තියෙන ආදරේට නෙව... මං කියනවට උඹත් අත්හදා බලහංකෝ.. :D

      Delete
    2. හොඳ වැඩේ මම කොච්චරනම් කියල තියෙනවද මුන්ට හොඳ කරන්න යන්න එපා කියලා... කිසිම ගුණයක් නැති කුහක ජාතිය :P

      Delete
    3. අම්මපා බං..මුංට කියන කටවල් හොදා...

      Delete
  4. appe maraya ayye pissu nethnam shok kiwwa....

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතිං... මෙච්චර දෙයක් කියා දීලත්...

      Delete
  5. අබා වලදි හෙළු බව වැඩිය පෙන්නුවේ නෑ.. කුමාරයා ආරක්සා කොරන්ට ඕන නිසා ආරක්සක හේතූන් නිසා වෙන්ටෑ... හැබැයි අර කුවේණි එකේ පැන්නා පැනිල්ලක් හෙළු බව යාන්තමට රෝස පාට මෙව්වා එකකින් වැහිලා තිබ්බේ... ඊලඟ එකේ නම් බඩු ෂුවර්...

    ඔය බයෝනා කියන්නෙ බය + උනා වගේ එකක්... ගාන කස්ටිය නෙමෙයි.. බලං ඉන්න කස්ටිය...

    ReplyDelete
    Replies
    1. මාත් අර දෙකම බැළුවේ නැහැ... හැබැයි තුන් වැනියට එන එකනං බලන එක බලනවමයි... හෙළුව රකින්නත් එපෑ...

      Delete
  6. බයෝනා බොන්න කියන සද්භාවයෙන් කියන්න පුලුවන් මාරය්යා කොච්චර ගෑණු ලමයි එක්ක තරහද කියල.....

    ReplyDelete
    Replies
    1. හද්දෙයියනේ මං කොයිතරංනං ගෑණු ළමයින්ට ආදරේද කියලා මංනේ දන්නේ...

      Delete
  7. යක්කු සුදු වෙන්න නම්

    ගා.....න්......න

    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි... ෆෙයාර් ඇන්ඩ් ලව්ලි

    මොකක් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි දෙකක්

    ඔව් එකක් මූන සුදු වෙන්න

    අනික සුක පුදු වෙන්න...

    ගන්න ගාන්න

    වෙනස ඔබම බලන්න...

    ReplyDelete
    Replies
    1. දෙකක් ගන්න එකේ ගන්නකෝ එකක්..බයෝනා... මුණත් සුදු කරයි.. සුකත් පුදු කරයි...

      Delete
  8. ඇ පව්කාරයෝ , උඹ අර මුරවැඩෙත් අත ඇරලා කොළඹ ගියේ අපේ පර්ස් එකේ තියන තුට්ටු දෙකට කෙලවන කොම්පැණියක මාකටින් මැනේජර් කමකටද, මුර රස්සා නරකනං ඒක අත ඇරලා ඉස්සර වගේ පොලේ බිස්නස්වලට ගියානං හොදයි මීට වඩා,

    ReplyDelete
    Replies
    1. නොදෝමකින් උඹලා වගේ ඉරිසියාකාර සුවාමි පුරුසයෝ.. සික්... කුණු පෙරේත හැත්ත... යකෝ තමුන්ගේ ගෑණි යකින්නක් වගේ ලස්සන වෙනවට ඔච්චර අකමැතිද... කුණු කං නොකර අදම අරං දීහං...

      Delete
    2. මාරයත් කොලම්බු ඇවිල්ල කරගත්ත වින්නැහියක්. කොලම්බු 7 වත්ද? අර කියපු විස්තරේට තැන්ක් යූ මාරයා හෙටම අර කිව්ව එක ගෙන්නගෙන තිරිහං වෙන්ට බලන්න ඕනැ

      Delete
    3. @කවිකාරි: පොඩ්ඩක් හිටින්න මම පටස් ගාල කැමරාව අරං ඇවිත් නැන්දගේ පොටෝ එකක් ගහගන්නකම්.. ඊට පස්සේ බයෝනා බීලා කාම්බෝජෙ ගිහින් ආවම දෙවනි පොටෝ එක ගන්නවා.. මාරයියට පුලුවන්නේ ඒ දෙක සසඳලා වාර්තාවක් දෙන්න

      Delete
    4. තොටියා කියන්නැහේ කල් වේලාසන පිංතූරයක් අරගෙනම ඕක ගහන එක හොදා කවි අක්කේ.. නැත්තං ආයේ මලාට හොයා ගන්න වෙන එකක් නැහැ කවුද කියලා...

      Delete
    5. @කවිකාරි....අපොයි අර අසරණ මනුස්සය..!!

      Delete
  9. මාරයියා කාලෙකට පස්සේ හෙලුවෙන්ම වනල වගෙයි

    ReplyDelete
    Replies
    1. හෙළුව අපිට.. අපි හෙළුවෙන්...

      Delete
  10. menna bole dhEshakayage mewwa eka waedakarala.

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැහැනේ ආයිබෝං...

      Delete
    2. හෙහ්... ඔන්න බලාපං... දවස් තුනෙං පොරොතිපල...සාපයට එක්වන්න

      Delete
  11. හිකිස්‌ කියලා හිතුනා ඕයි, හැමදාම බලලා ගියාට අදනම් කොමෙන්ටුවක් කොටලාම යන්න හිතුනා,

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තූතියි කිව්වා ඕං...

      Delete
  12. ඔය එක එක එව්ව බොන්න ඕනෙමද අනේ ගෑනුන්ට යකින්නියෝ වෙන්න :D

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඉතිං..ගිමාට හිතෙනවනං එහෙම නැතත් වෙතෑකි කියලා.. අපි ඉතිං පිළිගන්නං...:D

      Delete
  13. වැඩේ කැතයි මාරයෝ...ඔහොම අපහාස කරන්න හොඳද බවලත් උදවියට..හි හි හී...

    ReplyDelete
    Replies
    1. මක්ක කිව්වා..අපහාස කොලා..කෝ කවුද..? පික්ෂුනං කියන්ට එපා..මං මේ බවලත් උදවිය ටිකක් මොඩ් කොරලා ගන්ට හැදුවා විතරයි... අනික මං කොහොමද බවලත් උදවියට විරුද්ධව වචනයක් කියන්නේ..මගේ හුස්ම ටික යයි නෙව...

      Delete
  14. ඇත්තම කියපන් උබ මාකටිං වැඩේට බැස්සා නේද ?

    ReplyDelete
    Replies
    1. පික්ෂුද බං... මේක හුදෙක් අපේ කාන්තාවන්ගේ හිත සුව පිණිසම කරන ලද තවත් එක් “මාර ප්‍රජා සේවාවක්“ පමණි...

      Delete
    2. එහෙනම් කමක් නෑ. එහෙම උනත් කමක් නෑ

      Delete
  15. මාරයා ළඟදී කොළඹ ඇවිත් 3D ෆිල්ම් පහක්ම බලලා. Savoy එක අල්ලපු වත්තේ තිබිලත් තාම බැරි උනානේ 3D බලන්න යන්න.ඉරිසියාවෙ බෑ.

    ReplyDelete
    Replies
    1. ආ ඒකනං ඒ හැටි ගනන් ගන්ට ඕන නැහැ..දැන් මේ මමත් අල්ලපු වැඩේ ගෑණු ළමයි සිය ගානක් ඉන්න බෝඩිමක හිටියානේ කාලයක්.. කෝ ආසාවට කියලා එක දවසක් රිංගුවද අර කියාපු බෝඩිමට..නැහැනේ... එව්වා ඒ හැටි දේවල් නෙවෙයි..ගණන් ගන්ට කාරි නැතිවා... :D

      Delete
  16. බයෝනා = බය + උනා
    උනා = ඉවත් කර

    ඒ අනුව "හිටු කියලා බයෝනා ගහලා හෙළු යකින්නියෝ විදියට හැඩ වැඩ වෙලා..." යන්නේ අර්ථය "සිටගෙන සිටීමට පවසා බය ඉවත් කර ගහලා හෙළු යකින්නියකට විවිධ හැඩයට වැඩ පෙන්විය හැකි බව"යි.

    ප.ඉ.රාමා

    ReplyDelete
    Replies
    1. අම්මපා... බය විතරක් නෙවෙයි ලැජ්ජාවත් උනා දාලා අපේ කෙල්ලෝ යන එන හැටි දැක්කමනං හිතෙන්නේ මුං ඔක්කෝම මං කියන්නත් කලින් ඉදලම බයෝනා ගහනවා කියලයි...

      Delete
  17. පට්ට පට්ට..
    රාමගෙ බයෝනා අර්ථ දැක්වීමත් සෑහෙන තේරුමක් ගේනව මුලු පෝස්ට් එකටම..
    එල !!

    ReplyDelete
    Replies
    1. ඔය රාමා කියන ඒවා වැඩියම විස්වාස කොරන්න හොද නැහැ..ඕකා ඔය හිත මිත්තර ලීලාවෙන් හිටියට ඉන්දියන්කාරයා...

      Delete
  18. එයාලා 'බයෝනා' බිව්වම අපිට එයාලා දිහා බලලා 'බය වුනා' කියන්න තමයි වෙන්නේ, අයි ඉතින් යකින්නියෝනේ ආයිබෝන්.. ;)

    ReplyDelete
    Replies
    1. ශම්මියත් නිකං ඉන්නේ නැතිව බයෝනා ගහලා යකින්නියක් වෙන්න කැමති නැද්ද..? එහෙම උනානං බය ඇරෙයි...

      Delete
  19. umba heluwa raakata kama na heluwa wanna yanna epa

    ReplyDelete
    Replies
    1. පකට පුඟුලෝ උනාම හෙළුවෙන් නොවනා කොහොමෙයි...?

      Delete
  20. ඇයි යකෝ මේක කාන්තාවන්ට පමණයි කිවුවහම පිරිමි බලන්නෙ.
    දැං ඔය ගෑනු යකින්නියො උනාම පිරිමි යක්කු වෙන්න එපැයි. උං ගාන්නෙ එතකොට මෙන්ස් ඇක්ටිවු ද?

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රසා මේක බැළුවෙම නැතෙයි..? :D

      අපිට ආයේ මොකටද බයෝනා... කොහොමත් යක්කු වෙච්චි කොට...

      Delete
  21. mara aiye .. sure ekatama wede ahri yai neda ??? ona ehema une nethan oya thamai ewata waga kiyanna ona ;)

    ReplyDelete
    Replies
    1. බය නැතිව පාවිච්චි කරන්න නංගි මං කියනවට... අනිවාර්යයෙන් ඔයා යකින්නක් වෙනවා... :D

      Delete
  22. ඔය බයෝනා කියන්නෙත් හෙලු නමක්නෙ.. ඕනනම් මැරිච්ච ත්‍රී හෙලයේ නාම සාදන්නාගෙන අහන්න පුලුවන් එහෙ ගිහිල්ලා.

    ReplyDelete
    Replies
    1. හනෙ අම්මේ මෙන්න වැන්දා ඒ උන්නැහේගෙන්නං අහන්න ලෑස්ති වෙන්න එපා... මෑන්ට ඕනම දෙයක් හෙළුවට හරවන්න යන්නේ අකුරු කිහිපයක් විතරයි...

      Delete
  23. මම හිතන්නෙ ඕක ගැහුවම "මළ යස්සණියක්" වෙනවා ඇති. කොහොමත් දැනටමත් හෙළ ගෑණු නම් යක්ෂණියොනෙ.... ;)

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ රහස් ප්‍රසිද්ධියේ කීම විපතට හේතු වේ සුමිත් අයියා...

      Delete
    2. සුමිත් අයියා... අපේ අයියා!!!

      සුමිත් අයියා... අපේ අයියා!!!

      Delete
    3. අපොයි සුමිත්.. අත්දැකීමෙන් නේද කිවුවේ ඔයා? :)))

      Delete
    4. අනවස්ස පුරස්න දාලා සුමිත් අයියා ගෙදරින් තුන් වේල කන එක නැති කොරන්ටද දැන් කට්ටිය තනන්නේ..? :D

      Delete
    5. මන් නම් කැමතියි ..හැම කෙල්ලෙක් ඇතුලෙම යකින්නක් ඉන්න ඕන .

      ස්ත්‍රී දුෂකයින්ගේ බෙල්ල මිරිකන්න .

      Delete
    6. ඒකනං හරි... ඒත් කෙල්ලෝ ඇතුලේ දැනටම යකින්නියෝ ඉන්නවා කියලා තමා වැඩි දෙනා කියන්නේ.. කරුමෙට උන්දලා මතු වෙන්නේ බැදලා කරලා ටික දවසක් ගියාමළු නෙව...

      Delete
  24. "බයෝනා" කියන්නේ "බය ඕනා" කියන එක.
    හෙලයන් ලස්සන වීමට නම් ලැජ්ජා බය අවශ්‍ය වේ..
    හෙලු ලස්සනට බයෝනා අවශ්‍ය ඒකයි...:D

    ReplyDelete
    Replies
    1. පිස්සුවක් ඇතෑ... ලැජ්ජා බය තියාගෙන කොහොමද අර වගේ ගුවන් කරණං ගහන්නේ... අර රෝස පාටට පෙනුන මොකක්ද එකක් ගැනත් කට්ටිය කතා උනේ... කලින් රාමා කිව්වා වගේ බය උනා තබා කියන කෑල්ල තමා මාත් හිතන්නේ හරියන්නේ... :D

      Delete
  25. මාරයියගේ කතාව හරි. එකපාරටම නොපෙනුන්නාට බෙහෙතේ නමෙන්ම ඒක ගම්‍ය වෙනවානේ. දැන් බලන්න යක්කු කිව්වාම ඒ එක්කම එන අනිත් වචනය මොකක්ද කියලා. බය කියන එකනේ.. බෙහෙතේ නම බයෝනා.. ඒ කියන්නේ ඒක යක්ෂනියන්ට හදපු එකක් තමා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... ආයේ ඒකේ දෙකක් නැහැ..හරිනං මේකට අර සූරිය සිංහ ලාංජනේ දෙන්න ඕන...

      Delete
  26. යකෝ.... දැන් යක්කු සුදු වෙන්න ගන්නෙත් "බයෝනා" ඇඩෙනවා බං තනි ඇහැට...........

    ReplyDelete
    Replies
    1. යකින්නියන්ට ගිය කල තමා...

      Delete
  27. වැඩේ හරි ඔය තියෙන්නේ දැන් ඉතිං කස්ටියම බයෝන ගහල නියම හෙළ යකින්නියෝ වෙලා එයි එතකොට රාවණ නිකම්ම නැගිටියි සුරූපී හෙළ යකින්නියෝ
    දැකලා.. :D
    බයෝන ගැන නියම රිවිව් එකක් දෙයි මීවනපලානේ ජයරත්න උන්නාන්සේ ආවනම් නේ මාරයෝ..

    ReplyDelete
    Replies
    1. අම්මපා..මීයා හිටියනං මේක තව ටිකක් නග්ගලා ගන්න තිබුනා..කමක් නැහැ අපි බලමු රාවණාවත් නැගලා එයිද කියලා...

      Delete
  28. මදෑ මම මේ හෙලුවෙන් ඉන්න යකින්නක් දකින්න ආසාවෙන් ආවා . . සික් ඉතරක්

    ReplyDelete
    Replies
    1. කලින් කියන්න එපෑ..නැත්තං දාන්න තිබුනා පිංතූරයක් අර නිලිය ගල් දෙබොක්කාවට උඩින් ජම්ප් එක දාද්දී දෙබොක්කාව පෙනුන එකවත්.. :D

      Delete
  29. මාර අයිය මාර කතාවක් මාර විදියටනෙ කියල තියෙන්නෙ. මාරයි ඈහ්හ්හ්

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. මාර කතාවක් නෙවෙයි මල්ලියේ මේක හෙළු කතාවක්...

      Delete
  30. මාරයා අයියේ, කොහොමද කොළඹ ජීවිතේ?. ඇයි හදිස්සියන්ම නිට්ටඹුවෙන් ගියේ?. අනේ මන්දා මටනම් කොළඹ කියන්නේ දිරවන්නෙම නැති පළාතක්.ඔබතුමාගේ මාරසරණියේ තිබ්බ අර පතෝල හදන වැඩෙයි, රෝල්ස් හදන වැඩෙයි මම ට්‍රයි එකක් දාලා බැලුවා ගිය සතියේ. වැඩේ නැගලා ගියා. ටැංකියු වේවා!!!!!!!!....:-)

    ReplyDelete
    Replies
    1. බොහෝම සංතෝසයි කෑම ටික අත්හදා බැලීම ගැන..

      කොළඹ ජීවිතේනං ඉතිං නිට්ටඹූවේ තරංම පහසු නැහැ. ලොකුම අවුල මට මෙහෙ නිට්ටඹුවේ වගේ කැලෑ කොල හොයා ගන්න නැති එක... ඒත් ඉතිං ලංකාවේ නෙවෙයි ලෝකේ කොහේ උනත් ඉන්න තැන මට ඉන්න ඇහැකි විදියට හදා ගන්න එක නෙව කරන්නේ..තව ටික දවසක් යද්දී මෙහෙත් කලින් තැන් වගේම මට අල්ලලා යයි...

      Delete
  31. අපහාසය උපහාසය කින්ඩිය සේරම උපරිමෙන්ම තියනවා මාරේ..

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ මදෑ මාත් ඉදලා ඉදලා මේ කාන්තා පාර්සවේට ලියුමක් ලිව්වා... ඒකේ කාන්තාවන් ගැන නැතිව අනිත් ඔක්කෝම තියෙනවා කියන්නේ... :D

      Delete
  32. ඔව්ව ලංකාවේ හෙලු නිෂ්පාදනයක් වෙන්න ඇතිනේ ...

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව..මොකද අපි වැරදිලාවත් ඉන්දියාවේ හදන බේත් ජාති ගෙන්නවා කියලෑ... :D

      Delete
  33. නෙද්දකින්...ඉරිසියාකාරය...!

    මේ හරියටම ගාන්න ඕන තැනත් පෙන්නුවද ඈ..!!

    ReplyDelete
    Replies
    1. ගාන තැන පෙන්නුවළු අර කුවේණි චිත්තරපටියෙදිනං..මංනං ඔන්න දැක්කේ නැතිවා...

      Delete
    2. අර රෝසපාට සලුවකින් වැසී තිබුනේ එයැ යි ?

      Delete
    3. ආන්න ඒ සීන් එක තමාළු. :D

      Delete
  34. පුහ්.. කවුද මාරයෝ කියන්නේ ගුම්බක බූතා යකින්නක් කියලා. එයා කුඹල් ගමක කාන්තාවක් කියලයි මට නම් මතක. හරි ඉතින් යකින්නක්ම කියමුකො. යකින්නක් උනත් බලන්නකෝ එයාගෙ ලස්සන.. මෙයා ඊරිසියාවෙද කොහෙද හහ්.... :P

    ReplyDelete
    Replies
    1. කරුමෙට වගේ මට අබා බලන්න උනේ නැහැ නෙව..නැත්තං ටක්කෙටම කිවුවැකි... ඒත් මට මතක හැටියටනං පත්තරවල ගියේ ගුම්බක බූතා යක්ෂ ගෝත්‍රික කාන්තාවක් කියලයි...

      හත් දෙයියනේ මාත් කියන්නේ ඒක නෙවෙන්නං..යකින්නියෝ ලස්සන හින්දා නේන්නං මේ අනිත් වනිතා රත්නයෝ ටිකත් යකින්නියෝ කරවලා ගන්න හදන්නේ. :D

      Delete
  35. මාරයෝ... බයෝනා හෙල නිපැයුමක්ද ?

    ReplyDelete
    Replies
    1. හෙලය වනාහී සිවු දෙසට පැතිර ඇති දේශයකි... අප මහා රාවණා රජුගේ සමයෙහි උත්තර භාරතීය පෙදෙස් පවා හෙලයට යටත්යෑ.. එසේ සලකා බලන කල්හී බයෝනාත් හෙළු නිපැයුමක් විය හැකිය...

      Delete
  36. e - nat 400 ගත්තොත් මක්කවෙයිද මාරේ ???

    ReplyDelete
    Replies
    1. ඒ ගැන අර නිළිය මක්කවත් කිව්වේ නැහැනේ බොලේ...

      Delete
  37. හෙළ යක් පුතුන් වන අපට මුකුත් නැතෙයි?.

    ReplyDelete
    Replies
    1. ඇයි දැනට ඔය දීලා තියෙන සැට් එක මදිවෑ...?

      Delete
  38. නිකං විහිලුවට වගේ බලන්ඩකො මාරයෝ අපේ රටේ රූපවාහිනී නාලිකාවක් සතියේ දිනවල උදේට. අප්පොච්චියේ ඔය ගාන, අතුල්ලන, උලන, වක්කරණ, ගිලින, ලස්සනවීමේ රහස් සහිත බෙහෙත් ගැන කියලා දෙන්ඩ එන නෝනලා කන්දරාව. උන් ඔක්කොම එක්කෝ අඟහරු ලෝකෙටත් ටිකක් එහායින් තියන ලෝකයක පදිංචි එවුන් වෙන්ඩ ඕනෑය. උන්ගේ කොණ්ඩය අපේ වැදි රැහේ නෑම්බියන් ගේ වගෙය. ඒ කියන්නේ කූරූ වගේ තනි කෙලින් පහලට තිබෙනවාය. හෙලවෙන්නේවත් නැත. ඒ මදිවට ඒ කොණ්ඩය රත්තරන් පාට සහ දුඹුරු පාටින් යුක්තය. ඇස, කණ, නාසය, කම්මුල, ඔක්කොම රත්තරන් පාට, දම් පාට, රතුපාට, කහපාට, නියපොතු නිල්පාට, (සිරුරේ අනික් තැන මොන පාටද කියා නොපෙන්වීම ලොකු අඩුවකි) වැනි වෛවර්ණයෙන් යුක්තය. ඉතින් දවසක් මේ නෝනා කෙනෙකුට එයාගේ යාළු නෝනා කෙනෙක් සජීවීව දුරකතනයෙන් ඇමතුවාය. සුබ පැතුවාය. ඔයාට මතකද ඒ කාලෙදී ආදී වශයෙන් කියාගෙන ගිහින් මට දැන් වයස 50 යි ඔයාට 51 ක් නේද කියා කිව්වාය. අනේ මාරයෝ අර නෝනාගේ මූණ කුනුවෙච්ච පැණිකජු අයිස්ක්‍රීම් එකක් වගේ උනාය. නිකං චවුස් වුනාය. නිවේදිකාව වහාම කෙටි විරාමයක් දමා වැඩේ ෂේප් කළාය. ඔහොමය. මෙහෙමය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හපොයි... ලංකාවේ හෙළු යකින්නන්ගේ රෑප සොබාව වඩවන කොරම ගැනනං කතා කොරන්න එපාය... උන් ඇගේ මූනේ නොගාන මල දානයක් නැත... උන්ට ගාන්න හදන ශාඛසාර නිෂ්පාදනවල ඇත්තටම ඒ කියන දේවල් තිබුනනං මෙලාට ශාඛ කියා දෙයක් ලොවෙත් ඉතිරිව තිබෙන්නට හැකියාවක්ද නැත...

      අහෝ පනස් එකේ නංගි...

      Delete
  39. Replies
    1. කාලෙකින් දැක්කේ..මෙයාලාත් මතු වෙන්නේ එයාලට පරයෝජනවත් දෙයක් අපි ලිව්වාම විතරමද මංදා.. :D

      Delete
  40. දැන් මාරයියා මේකෙයි වැඩ ??

    ReplyDelete
  41. ඔයා නිකමට ගෙදර ඉන්න දවසක උදේ 7.30-11.00 වගේ වෙලාවට අපේ චැනල් ටික බලන්නකෝ........ විශ්වාස කරන්න දැන් මේ යන විදිහට ස්වභාවික කියලා ගිනිසීරියා ඇට්ටේරියා වගේ ගහක් තියා තණකොල ගහක්වත් හොයා ගන්න බැරි කාලයක් එන්න යන්නේ........ ස්වභාවික ශාකසාර කියන හැමදේම ඔබලා හදපු ක්‍රීම් වර්ග විකුණන්න නළු නිළියෝ විතරක් නෙමෙයි සුපර්ස්ටාර්ස්ලාත් එනවා. අර තීක්ෂණ අනුරාධ කියලා ඉන්නේ, ආන් උන්දැ ඇවිත් කිව්වා දවසක් දැන් පේනවානේ මං මෙච්චර ලස්සනට ඉන්නේ මෙව්වා ගාලා තමයි, ඔයාලාත් ගාලා බලන්න කියලා. අයේ නැහැ පටන් ගත්ත ගමන් කියන්නේ 100% ක් ස්වභාවික ශාකසාර වලින් නිර්මිතයි කියලා.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මගේ හොද වෙලාවටම තමා ටීවී පෙට්ටියක් නැත්තේ.. නැත්තං ඕවා බලලා මමත් නාස්ති වෙනවා... ඒවා බලලා මේවා ලියන්න ගියාම ඔහෙලත් නාස්ති වෙනවා.. :D

      Delete
  42. මේකෙ යක්කුන්ටත් ගාන්න පුලුවන් යුනිසෙක්ස් වර්ෂන් එක හැදුවොත් මාත් එකක් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. තාම එහෙම එකක් ගැන එකේ දැම්මේ නැහැ..හිටුකෝ මං හොයලා බලන්න අර කුවේණි එකේ යක්කු සැට් එකේ උන් මොනවද ගාන්නේ කියලා...

      Delete
  43. මාරයාට ස්ථාන මාරුවක් ලැබුණද. අඩේ මම දන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. බොලා හද්දොහේ මගුල් කාලා එද්දී ඕවා කෝම දැන ගන්ටෙයි...

      Delete
  44. ඔය නිළිය සුදු වෙන්න ගාන මොකක් හරි තිබුනොත් මටත් කියපන් ඈ

    ReplyDelete
    Replies
    1. ඇයි බොටත් සුදු වෙන්න හිතිලද... ගාහං මල්ලියේ ගල්ලාට බාන සබං.. හරි අපූරුවට සුදු වෙනවා... :D

      Delete
  45. අපිට සුදු වෙන්න මොකුත් නැතෙයි ?

    ReplyDelete
  46. නෙදකින්...මාතෘකාව දැකලා විදලා ආවා...ආතල් කුඩු උනා...

    ReplyDelete