12 February 2013

සිංහල බ්ලොග්...


සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය යුගය..?

මංදා..එහෙම එකක් තිබුනද..තියෙනවද..ඒවිද කියලා... අපි හැමෝම බලන්නේ අපි ආපු තැන ඉදලා... මං එද්දී මටනං ඒ කාලේ තමා හොඳම කාලේ කියලා කිව්වැකි.. මොකද යුනිකෝඩ් ඒ හැටි ප්‍රසිද්ධ නැහැ... කණ්ඩායම් කීපයක් එකතු වෙලා යුනිකෝඩ් භාවිතය වැඩි කරවන්න උත්සහ කරමින් හිටිය කාලයක්.. ඒ හින්දා දැනටත් වඩා බ්ලොග් තාක්ෂණය ගැන ලිපි ලියවුන කාලයක්...  ඒ අතරේ විවිධ මට්ටම්වල අය ඒ ඒ අයගේ පුද්ගලික අදහස් කතා කවි ආදිය එකතු කරමින් සටහන් ලියමින් හිටි කාලයක්... ඉගෙන ගන්න දේවල් වගේම කියවන්න දේවලුත් යම් ප්‍රමාණයකින් තිබුනා.. හොදම දේ තමා ඒ දවස්වල පල උන බ්ලොග් සියල්ලම අතරින් වැඩි හරියක් කියවන්න අවස්ථාව ලැබිම..මොකද වැඩිය නැහැනේ... ඉතිං කොයි බ්ලොග් කාරයා ගැනත් යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන් කාලයක් ඒක...

හැබැයි ඒ කාලෙත් ඔය අද වාගේම තමා කැපිලි කෙටිලි මරා ගැනිලි අම්බානකට... නිකං ඉන්නකොට හොයලා බැළුවොත් ඒ කාලෙත් මේක ඇතුලේ තිබුන වලි හොයා ගතෑකි... මොන රෙද්දක් බෙදා ගන්න බැරිවද කියලා අපිට හිතෙන තරමට යුනිකෝඩ් හරහා බ්ලොග් හදන්න කියා දුන්න කට්ටියම දෙපිලකට බෙදිලා මරා ගැනිම... අනුරාධපුර සෝන් අඩවිය කල හාදයා විසින් තමන්ගේ සයිට් එකට කට්ටිය එන්නේ නැති නිසා කුපිතවී අනිත් අයගේ ඒවෑ කුණු හරප කෙල කෙල ගිය ආකාරය... සිංහල බ්ලොග් යනු කොළඹ හතේ හා ඒ සමාජයට අයත් අයට බුක්තියෙන් උරුම උන දේපලක් ලෙස සලකා කටයුතු කල පිරිසේ බලපෑම... දේශපාලන කණ්ඩායම් දෙකක් සිංහල අන්තර් ජාලය තුල අයිතිය ලියා ගැනීමට උත්සහ කිරීම... ඔය වගේ ප්‍රශ්න රාශියක් මැද්දේ ගෙවුනු කාලයක් ඒක...

හොද වගේමයි නරකත්...

එයින් පස්සේ අපිත් ලියන්න ගත්තා.. තව අයත් ලිව්වා..බ්ලොග් වැඩි උනා.. අද වෙනකොට සෑම බ්ලොගයක්ම කියවනවා කියන එක හීනයක් විතරයි වෙන තරමට බ්ලොග් පැතිරිලා... ලේසි නැහැ... හරි අමාරුයි.. ඒ අතරේ මේක හිට් සහ කමෙන්ට් තරඟයක් කරගත්ත අය වැඩි වෙලා... කොටින්ම අද වෙද්දී මේක මෙහෙමයි කියලා පැහැදිලිව කියන්න පුළුවන් කමක් නැහැ.. ඒ තරමට සංකීර්ණයි... ඉදිරියේදී ඕක තවත් වැඩි වෙයි...

කලින්වත් දැන්වත් ඉදිරියේදීවත් ස්වර්ණමය යුග කියලා දෙයක් ඇති වෙයි කියලා මං නොහිතන්නේ මේක සෑම කාලෙකදීම වෙනත් වෙත් ආකාර වලින් ගියත් හැමදාමත් එක වගේ වීම නිසයි... බ්ලොග් කොයිතරං වැඩි උනත් මේක ඇතලේ හැම රසයක්ම හැම කාලෙදීම පවතිනවා... හොඳ වගේම නරක...

කොහොම උනත් පොදුවේ ඔය ගහ මරාගැනිලි පැත්තකින් තිබ්බම සිංහල බ්ලොග් කියන්නේ රත්තරන් වටින දෙයක්... ඉංග්‍රිසියෙන් පමණක් තිබුන තොරතුරු දැන ගැනීමේ හැකියාව මේ වෙද්දී සිංහලෙනුත් කරගන්න පුළුවන් කම ලැබෙන්නේ මේකට පින් සිද්ධ වෙන්න...

ඔහොම යං.. කියනවා ඇරුනු කොට වෙනනං කියන්න දෙයක් මට නැහැ...
---------------------------------

ඇත්තම කිව්වොත් මේක සුදීකගේ අඩවියේ කොමෙන්ටුවක් හැටියට දාපු එකක්.. තාම ඒකේ පල වෙලා නැතිව ඇති. මේ දවස්වල ලියන්න වෙලාවක් හොයා ගන්න නැති හින්දා මෙහෙම දිගට කොටන කොමෙන්ටුවලින් හරි ගොඩ යන්න එපෑ.. ආන්න ඒ හින්දා මේක මෙතන දාලා ඔන්න අළුත් ලේබලේකුත් ගැහුවා... ඉස්සරහා මාස කිහිපය මෙහෙම තමා ඇදගෙන යන්න වෙන්නේ... :D


55 comments:

  1. හ්ම්ම්.. සුදීක අයියගේ පෝස්ට් එක දැකලා මාත් එකක් ලිව්වා..

    අනේ මෙයා... එයා හරීඊඊ ෂෝක් එකට ලියනවා අනේ.....

    ReplyDelete
  2. කොහොම හරි ඇදගෙන ඔහොම යමු. ස්වර්ණමය යුගයවල් කොහොම වුනත් ස්වර්ණමය බ්ලොග් පවතින්න පුළුවනි..


    ජය !!!

    ReplyDelete
  3. මට බ්ලොග් කියන්නෙ තවත් එක කියවීමේ මාධ්‍යයක් විතරයි. පත්තර කියවන්න බෑ දේශපාලන කුණුහරුප විතරයි. පොත් හොයා ගෙන යන්න වෙලාවක් නෑ. ඒ දවස් වල ගත්තු පොත් තාම පට්ට ගහනවා. ඒ අතරේ බ්ලොග් කියවනවා.

    …ස්වර්ණමය ලේඛකයන් බිහිවන හැම කාලෙම ස්වර්ණමය යුගයක්. එහෙම එවුන් ලියන්නෙ නැති හැම කාලෙම අවිචාර සමය. ඉතින් තොට මම කියන්නෙ ලියන්න හොඳ මානසිකත්වයක් තියනවා නම් ලියපන්. එතකොට හොඳ ලිපි බිහිවේවි. නිකන් ලියන්න ඕනවට ලියන්න එපා. අර කකාගේ සමහර එව්ව වගේ.

    …මාරයාගෙ හෝරාව හැමදාම හැම වෙලාවෙම උදා වෙන්නෙ නෑ.

    ReplyDelete
  4. සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය යුගය..?

    ReplyDelete
  5. මෙහෙම ගොඩ යන මාරයෙක්... වෙන පානකින් පන්දම පත්තු කිරීම කියල දැම්මනං හරි ලේබලේ

    ReplyDelete
  6. මට තේරේන විදිහට බ්ලොග් වල තියෙන වැදගත්ම දේ තමයි වාරණයකින් තොරව, කිසිදු බැදීමකින් තොරව තමන්ගේ හිතේ පතුලේම සගවගෙන ඉන්න දෙයක් උනත් එලියට දාන්න පුලුවන් වීම...සම්භාව්‍ය නිර්මානයක් වේවා, කුනිහරුපයක් වේවා, කවි කථා වේවා, දේශපාලන වේවා මේ ඔක්කොටම පොදුවේ මේ නිදහස හිමි වේලා තියෙනවා..

    ඒත් අපි ප්‍රොෆයිල හදා ගෙන යම් යම් පෞරුශ්‍යත්ව ඒවාට අරෝපනය කරගේන ඉන්න නිසා අපි ලියන ඒවාට යම් කිසි ස්වයං වාරනයක් දා ගෙන තියෙනවා..එකේ හොදක් හෝ නරකක් මා දකින්නේ නෑ... බ්ලොග් වල තියෙන විශේශිතම දේ අසීමිත් නිදහසයි... නිදහස වැඩි උනාම සිද්ද වෙන දේත් අපිට මේකෙන්ම බලා ගන්න පුලුවන්...

    ReplyDelete
  7. ඔය ස්වර්ණමය යුගය කියන එක සාමාන්‍යයෙන් හැමදාම තියෙන්නේ ඉතිහාසයේ... බොහෝ විට අද වගේ නෙමේ අපි ඒ කාලේ කලේ මෙහෙමයි කියලනෙ හැමෝම කියන්න කැමති. ඉතිං ඔය ස්වර්ණමය යුගය කියන එක ඕනෙම වෙලාවක බැලුවොත් අපි පහු කරන් ආපු එකක්. සමහර වෙලාවට ඒකෙ සාධාරණ බවකුත් නැත්තේ නෑ... හැබැයි තව කාලෙකින් කට්ටිය කිව්වොත් 'අද අපි ගතකරන මේ කාලේ' තමයි ස්වර්ණමය යුගය තිබ්බේ කියලා... හ්ම්ම්ම් කාටද ආඩම්බර... මාත් ළමයින්ට එතකොට කියනවා මාත් ඔය කාලෙ බ්ලොග් එකක් (නො)ලිව්වා කියලා...

    ReplyDelete
    Replies
    1. ++++++++
      වැටට මං ගානේ ඉනි ටිකක්..

      Delete
  8. මට නම් දැන් එපා වෙලා... උඹ කියන තොරතුරු දැනගැනීමේ හැකියාව නම් අනේ මන්දා... නැත්තෙ නෑ... ඒත් ඉතිං ;)

    ReplyDelete
  9. ඕක මචෝ සාපේක්ෂ දෙයක්. අපි තමයි පොරවල් කියලා හිතාගෙන ඉන්නකම් තියෙන ලෙඩක්. ඕනම කාලේක හොඳ දේවල වගේම අප්සට් දේවලුත් තියෙනවා. සමහර කාළවල් තියෙනවා මුකුත්ම නැති.

    ReplyDelete
  10. මොනවා උනත් සිංහල සලකුණ සහිත බ්ලොග් පටන් ගැනීම ගැන මටනම් සතුටුයි.............අපි අලුතෙන් ඇවිල්ල මෙහෙම ලියන්නේ අපිට කලින් ලියපු බ්ලොග් දැක්ක නිසා ..............එක නිසා මට හිතෙනවා දැන් යන්නේ ලංකාවේ බ්ලොග් වල විකාශන යුගය කියල.........තාම ලංකාවේ බ්ලොග් අවුරුදු 24-25 තරුණයෙක් කියලයි මගේ හැගීම .........මොකද ලියන අලුත් කරුණු, කතා කරන මාතෘකා දැක්කම එහෙම හිතෙනවා ......

    මොනවා උනත් දැන් ලංකාවේ ගොඩක් තරුණ කොටස් බ්ලොග් වැනි අලුත් සන්නිවේදන තොරතුරු සේවා සමග සම්බන්ධ වෙලා අවසන්........එම නිසා ලංකාවේ දැන් පත්තර, පොත් වගේ දේවල් තරුණ කොටස් අතර හුවමාරුව අඩු වමින් යනවා .........

    ReplyDelete
  11. අම්මප උඹ වගේ මාත් වෙන බ්ලොග්වල දාන කොමෙන්ට් ටික දාලවත් මගේ බ්ලොග් එක ගොඩ ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔන්න කරනවානම් වැඩ.

      Delete
    2. එපෝ එපෝ.. (හයියෙන් අඩමින්) ඒ වගේ සම්භාව්‍ය බලගයක් මෙව්ව කරන්න එපෝ... තව මාස හතරක් ඉවසපන් අයියේ ඊට පස්සේ එකක් දාපං

      Delete
  12. ඔව්ව ගැන කතා කරන්න තව කල් යන්න ඕනි බන්... ස්වර්ණමය යුගය... අනේ රෙද්ද.

    ඵ්‍රසන්ன : උබ නම් පුතේ බ්ලොග් ලිපි ලියපු තරමට නිවාඩුවක් දාල කියෙවාත් ඉවර කරගන්න බෑ... තව නම් නොලියන්. :D

    ReplyDelete

  13. ස්වර්ණමය යුගය ඉවරයි වගේ හිතෙනවනං මේවා කියවන්නTaboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා

    ReplyDelete
    Replies
    1. හපොයි . . . . මෙහෙම හිට්ස් හිගනව කියල දැනගත්තොත් ටැබූ සීය පු* පොලවෙ ගහගෙන මැරෙයි

      Delete
    2. මමත් මුලින්ම හිතුවේ මේ අර කියපු ටැබූ කියල. දැන් බලනකොට ?

      Delete
  14. මාරයාගේ කතාවට එකඟයි...
    සුදීකගෙ පෝස්‍ටුව නිසා ගොඩක් අය අවදිවෙලා ..!

    ReplyDelete
  15. කරන්නන්වාලේ පටන් අරගෙන කලාට ඒකෙ අමුතුම රසයක්, කලාවක් තියනවා. කොයි දේත් වැඩි වෙනකොට අගේ නැති වෙනවානේ.

    ReplyDelete
  16. සුදීකගේ හිරුගේ ඔන්න මාරයාගෙත් කියෙවුවා. හැම තැනම අද ස්වර්ණමය යුගය ගැන කතා නේ. කියන්න තියෙන්නෙ එදා තිබුනේ නැ අදත් නැ නමුත් සමහරවිට හෙට තියෙවි. ස්වර්ණමය යුගය එනකන් කට ඇරන් ඉදලා වැඩක් නැ ඒ වෙනුවෙන් වැඩ කරන්න ඔනේ. මම හිතන්නෙ දැන්වත් බ්ලොග්කරුවෝ හිට්ස් කමෙන්ට්ස් ෆලොවර්සලා පස්සෙ පන්නන එක නවත්තලා වැඩකට ඇති යමක් ලියන්න ඔනේ. මමත් ඔය කිවුව එවා පස්සෙ නොදිවුවත් නොදැනුවත්ම සිද්ධ වෙන්න ඇති. මටත් අවුරුදු 2ක් බ්ලොග් එක කරන් යද්දි මම මුලදි බ්ලොග් ලියන්න ආවේ ඇයි කියන එක අමතක උනා. ඇත්තම කිවුවොත් මම මාව අමතක කරලා ලියන්න පටන් අරන් තිබුනා. ලැබෙන ප්‍රතිචාර, ප්‍රසිද්ධිය නිසා හිත අයාලේ ගිහින් තිබුනා. මිනිස්සුන්ට වෙනස් වෙන්න බෑ කියන්නෙ බොරුවක් හිත තියෙනවනම් උවමනාව තියෙනවානම් වෙනස් වෙන්න පුළුවන් කවදාවත් කිසිම දෙකට පරක්කු නෑ. බලයට තියෙන ප්‍රසිද්දියට තියෙන ආසව අතඇරලා ගුණාත්මකත්වයෙන්, සාහිත්‍යම අතින් ඉහල ලිපි වැඩි වැඩියෙන් ලියවෙනවනම් ස්වර්ණමය යුගය ඉක්මනට උදා වේවි. ස්වර්ණමය යුගය නැතත් කුණු රසය හොයන බ්ලොග් පාඨකයෝ අඩු වේවි.

    ReplyDelete
  17. දැන් බලන්න මාරයියා වෙන බ්ලොග් වල දාන කොමෙන්ට් එක අරන් ඇවිත් පොස්ට් එකක් විදියට දානවා මේවයින් පෙන්නේ සුදීක අයියා කියන කතාව ඇත්තක්දෝ කියයල තමයි

    ReplyDelete
  18. හෆුයි, දේශකයගෙ වස් කවි පරහට වැඩකොරලද මංද.

    මාරයියෙ. හිට් වලට තියන තරගයි, එක එකාගෙ කැපිලි කෙටිලියි නිසා ලියන උන් පරිස්සමට හොද පෝස්ට් දාන්න උත්සහ කරනව කියල හිතෙන්නෙ නෑද? මාරයියට දැන් ටික කාලෙකට කලින් මඩක් ගැහුව වගේ මතකයි, ඉතින් මාරය සැලුනද? නෑනේ, ඔය අගේටවත් ලියන්නෙ.

    ReplyDelete
  19. බ්ලොග් වල ස්වර්ණමය යුගයක් ගැන කතා කරන්න තවම ඉක්මන් වැඩියි. ඒකට තව සෑහෙන කාලයක් තියෙනවා.

    බ්ලොග්වල කොලිටිය ගැන කිව්වොත්, "රාවය" හැර අනෙක් ඕනැම පත්තරේකට වඩා බ්ලොග් වල තත්ත්වය උසස්.(සමහර බ්ලොග් අදාල නොවේ)විශේෂයෙන්ම බ්ලොග් වල පල වෙන කෙටි කතා සහ යාන්ස් (yarns) ඉතා ඉහළ මට්ටමක තියෙනවා.

    මට නම් ගැටළුව තියෙන්නෙ බ්ලොග් පෝස්ට් වෙන වේගයෙයි.
    හිට් ගැන නොසලකා, හොදින් කපා කොටා සංස්කරණය කළ පෝස්ට් එකක් සතියකට එක බැගින් පබ්ලිෂ් කරනවනම් වැඩි බ්ලොග් ප්‍රමාණයක් කියවන්න පාඨකයින්ට අවස්ථාව සැලසෙනවා.
    ඒ වගේම තමන් ලියන්නෙ කෙටි කාලයක් තුළ කෙනෙකුට කියවා වින්දනය කළ හැකි දෙයක් බව අවබෝධයෙන් බ්ලොග් ලිපිය රචනා වෙනවනම් වඩාත් හොදයි. උදාහරණයක් විදියට අපේ හැලපයා ලියන විදිය (හැලපයා ලියනවා "ඒ පියදාස මුදලාලිගෙ මරණෙ වෙලවෙ" කියලා...)අපට පියදාස මුදලාලිගේ පැටිකිරිය වැඩක් නෑ. වැදගත්වෙන්නෙ හැලපයා කියන්න යන කතාව විතරයි, ඒත් අපේ සමහර බ්ලොග් රචකයන් පියදාස මුදලාලිගෙ පැටිකිරියත්, විනාඩි දෙකක් තුනක් කියවන්න තරම් දිග හෑල්ලක් විදියට රචනා කරනවා ඒ වගේ අනවශ්‍ය වැල් වටාරම් ඉවත් කරනවානම් බ්ලොග් පෝස්ට් එකක් සෑහෙන තරමින් කෙටි කරගන්න පුළුවන් (මේක සෙන්නා ට අදාල නැත; සෙන්නාගෙ පෝස්ට් කෙතරම් දීර්ඝ වුනත් එහි කපන්න කොටන්න දෙයක් නෑ)

    ReplyDelete
    Replies
    1. ****හොදින් කපා කොටා සංස්කරණය කළ පෝස්ට් එකක් සතියකට එක බැගින් පබ්ලිෂ් කරනවනම් වැඩි බ්ලොග් ප්‍රමාණයක් කියවන්න පාඨකයින්ට අවස්ථාව සැලසෙනවා.****


      මෙන්න මේ කොටසට මාත් එකඟයි .නමුත් ගොඩක් දෙනා හිතන් ඉන්නේ
      වැඩිම පෝස්ට් ප්‍රමාණයක් දැමීම තමයි ජයග්‍රණය කියල..මගේ නම් අදහස
      විවේක වෙලාවට කොච්චර පෝස්ට් ලිව්වත් , ඒවා publish කිරීම සතියකට
      වරක් වගේ කරනවා නම් ගොඩක් දෙනෙක්ට කියවන්න අවස්ථාවක් ලැබෙනවා
      නිදහසේ ..

      නැත්නම් වෙන්නේ කරදහිය ලිපේ දැම්ම වගේ කියවල
      " මචන් පට්ට , එන්න අපේ පැත්තෙත් ඇවිත් යන්න කියල
      මෙන්න මේ වගේ
      ඔයා බැඳලද ? මන් දන්නේ නැහැ | මොකා ! ( WTF )?

      එහෙකුත් දාල යන්න ..

      මන් නම් දැනටම සති දෙකක් ඇර පෝස්ට් වැටෙන්න පෝස්ට්
      30 ලිව්වා අලුත් ..ඒවට කමෙන්ට් කරන්න හිටියත් නැතත් ඒව
      වැටෙයි ..
      කියවන අය නිදහසේ කියවයි ,නිදහසේ කමෙන්ට් කරයි ..

      Delete
  20. අනේ මට නම් ඉතින් මේක තමයි ස්වර්ණමය යුගය....:P
    (ඇවිත් මහ කාලයක් නෑනේ)
    ජාතිවාදයට විසඳුමක්...!!! ෴

    ReplyDelete
  21. මට නම් කියන්න තිබෙන්නේ මම බ්ලොග් ලියන්න අරන් ගතවූ වසර දෙකක කාලය තුල බාහිර ගැටුම් වලට යොමු නොවූ හා ඒවාට පැටලුනේ නැති තරම්බවයි. එකම දෙයක් නම් වුනේ මගේ බ්ලොග් එකේ ඇතුලෙම සමහර ලිපි වලදී ඒ ඒ අවස්ථාවල එන පාඨකයන්ගේ විවිද මත හා ගැටීම් නම් එම මාතෘක සම්බන්ධයෙන් ඇතිවුනා. ඒවා ඉතින් ඒ ඒ ලිපියට පමණක් සීමාවූ ඒවායි. ඒවගේම මටනම් වෙනමම කණ්ඩායමක් හෝ කල්ලි එක්නොවුනා ව‍ගේම මමත් කාගෙවත් කණ්ඩායමකට නොගිහින් හුදකලාවෙම ලියන්න තියෙන දෙයක් ලියලා වෙන්නේ මොකද කියලා බලා සිටිය එකයි...

    ReplyDelete
  22. ආසන්නම මාතෘකා ඇති ලිපි දෙකක්. මම සිතනුයේ ස්වර්ණමය යුගය ගැන කථා කරන්න බ්ලොග් කලාවේ මේ වසර කිහිපය පමණක් ප්‍රමාණවත් නොවේ ය කියලා.

    ReplyDelete
  23. බ්ලොග් ලිවීම - කියවීම ඉතිං රස්සාව නෙවිනේ. ඉඩ තියෙන හැටියට විවේක පාඩුවෙ කියවල රසවිඳින එකක් වෙනුවෙන් කල්ලි හදන් මරාගන්නෙ මොන මෝඩ කටකටද. බ්ලොග්වල නම් ස්වර්ණමය යුගයක් කියල එකක් පවතින්න විදියක් නැහැ කියල තමයි මම හිතන්නෙ. කාලෙන් කාලෙට එක එක ප්‍රවණතා එනවනේ.

    මොකද මාරය අයියා දැන් වැඩිපුර ලියන්නෙ නැත්තෙ.

    ReplyDelete
  24. ඇත්තට මමත් කල්පනා කරන්නෙ මොන ඇටේ බෙදාගන්න බැරුවද අපි මේ ගහ මරාගන්නෙ කියලා. ඇයි බං මේ කෙරුවාවට අතේ තියෙන කීයක් හරි වියදම් වෙනවා මිසක වෙන ආර්ථික ලාබයක් තියෙන එකක්යැ. ඇයි කාලය?

    ReplyDelete
  25. 5 වසරේදි විතර හිතෙනවා ඉස්කෝලේ යන්න කලින් කාලේ මරු කියලා. 10 දි හිතෙනවා 5 වසරේ හිටපු කාලේ මරු කියලා. උසස් පෙල කරද්දි හිතෙනවා ඕලෙවල් කාලේ තමා නියම කියලා. ආයි උසස් පෙල ඉවර වෙලා වෙන මොනවා හරි කරන කාලේ හිතෙනවා උසස්පෙල කාලේ තමා හොඳ කියලා. ජොබ් එකක් කරන කාලෙක හිතෙනවා ජොබ් එක කරන්න කලින් කාලේ හොඳ කියලා. දැන් හිතෙනවා ජොබ් එක පටන් ගත්ත කාලේ හොඳයි කියලා. ඔය වගේ මට නම් හිතෙන්නේ අපිට හැම වෙලේම හිතෙන්නේ දැන් ඉන්න කාලෙට වඩා පහුවෙච්ච කාලේ හොඳයි කියලා.

    සින්ඩි වලින් නැතුව ඔය කවුරු හරි ෂෙයා කරන ලින්ක් හරහා ගියාම නම් කියවන්න ආස හිතෙන බ්ලොග් හොයා ගන්න පුළුවන්.

    බ්ලොග් කාටවත් බල කරලා කියවන්න කියන්න බැරි නිසා හොඳ ඒවා ටිකක් තෝරගත්තම හරි කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
  26. සුදීක අයියගේ පෝස්ට් එක ගැන අපි කථා කරන එකම හොද ලක්ෂණයක්. ඒකෙන් එකක් තේරෙනවා, ඒ හැමෝම කැමතියි බ්ලොග්වල තත්වේ තව වැඩි වෙනවනම්. හැබැයි මේක කතාවට විතරක් සීමා වෙන්න දෙන්න එපා. පෝස්ට් දාල වේගය ගැන නොහිතා පෝස්ට් එකේ ගුණාත්මකභාවය ගැන හිතනවනම් වඩාත් හොදයි.

    මොන දේ වුනත් පිල් බෙදීම් වලක්වන්න නම් පූළුවන් වෙන එකක් නෑ. ඒත් අපිට පුළුවන් ඒ පිල් බෙදීම සමස්ථයක් විදිහට බ්ලොග් ලොකේ හොදට යොදාගන්න. මඩ ගහන්නේ නැතුව නිර්මාණාත්මක තරගයක් කරන්න.

    මේ ඒක නෙමේ මාරයියේ මේ උඹට කියන්නේ, ඉදල හිටල හරි අපේ බ්ලොගටත් ගොඩ වෙයං. මට හිට් වැඩක් නෑ. හැබැයි සමහර දේවල් ගැන උඹේ අත්දැකීම් බෙදා ගන්න එක වැදගත්. දැක්කේ නැද්ද අන්තිමට ලිව්ව එක.

    සාරභූමිය (දේශපාලනාර්ථයෙන් ඔබ්බට දේශමාමකත්වය)

    උඹ ගමේ ඉන්න කාලේ ගොයං කයි වලට නිතරම ගිය එකා වෙච්චි, අපි නොදන්න දේවල් බොහොමයක් උඹ දන්නවා නොවැ.

    ReplyDelete
  27. හැමදාම ස්වර්ණමය තමයි මාරේ.... පුද්ගලික මඩ නැති තැන බ්ලොග් කලාවක් සේ රජයනු ඇත.

    ReplyDelete
  28. ස්වර්ණමය යුගයකට යන්න මම හිතන්නේ තව ටිකක් කල් යයි. අපි තාම ඉන්නේ පිටුපසෙන් කියලයි මට හිතෙන්න

    ReplyDelete
  29. කවුරු මොනවා කිව්වත් මම නම් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා බ්ලොග් නිසා.

    කොටුවේගෙදරගේ බ්ලොග් එක වගේ ඒව නිසා එක්සෙල් වල සමහර දේවල් ඉගෙන ගත්තා වගේ දිනේෂ්ගේ සත්සමුදුරෙන් සාමාන්‍ය දැනීමට නොදින්න දේවල් සෑහෙන්න එක්කර ගන්නවා.

    මාරයගේ මාර සරනියෙන් සමහර කෑම හදන හැටි ඉගෙන ගන්නවා.

    සමහර බ්ලොග්ස් වලින් පාසැල් ගිය කාලේ, කන්තෝරුවේ රසබර සිද්දි වගේ ඒවා ආයේ ආයේ මතක් වෙනවා.

    එහෙම හිතුවාම බ්ලොග්ස් වලින් මට දෙයක් ලබා ගන්න ඉඩ ලැබෙන හැම කාලයක්ම බ්ලොග් කලාවේ ස්වර්ණමය කාලයක්

    ReplyDelete
  30. අපි වගේ හාල්මැස්සෝ ඉතින් මොනවා කියන්නද මන්දා.අපි ඔන්න ඔහේ වෙන දේකට මුහුණ දීගෙන ඉමු.

    ReplyDelete
  31. මොනවද බ්ලොග් කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ගඩොල් ජාතියක්. පූසෝ වුනාම දන ගන්න ඕනේ. ඔයාලට ගහන්න පාවිච්චි කරන්නේ දෙකට කඩපු භාග වලින්. D

      Delete
    2. හික් හික්.. සමහර වෙලාවට බාගෙත් කුඩු කරල පොඩි කෑලි වලින් දුර දුවන පූසන්ට ගහනවා... බ්ලොග් ගඩොල් දැං හදන්නේ නෑ මයේ හිතේ...පුසෝ.

      Delete
  32. දැන් තමයි ස්වර්ණමය යුගය.....

    ReplyDelete
  33. ඒදා මම දාපු කෙමන්ට් ඒක ෙමන්න

    //කාලයත් සමග හැම දේම වෙනස් වෙනවා. පැරැන්නන් කියන පිරිස ගොඩක් කාලයක් තිස්සෙ ලියලා හෙම්බත් වෙලා එපා වෙලා නවත්තලා ඇති. ඒත් ඒක මහා පාඩුවක්. ඒ ලියපු ටිකත් අපරාදේ කියල හිතෙනවා.

    සාර්ථකත්වය කියන්නේ ජීවිතයේ සියළු කටයුතු කරන අතර මේකත් බැලන්ස් කරන එක.

    අළුතෙන් බිහිවන බ්ලොග් වලටත් මේක හොද ආදර්ශමත් ලිපියක් වේවි.

    ස්වර්ණමය යුගයක් පහු කළාද, ඉදිරියට ලැබෙනවද කියල කියන්න බැහැ. මොකද හැමදේම සාපේක්ෂයි. ස්වර්ණමය යුගය අතරතුර අසූචි තැන තැනද හැලෙන විදිහට සමහරු අතින් කටයුතු කෙරෙනවා.//

    සියළු ෙදෑ කාලය සමග ෙවනස් වන්ෙන්මය !

    ජය !

    ReplyDelete
  34. මේ ගෙවුන ටික කාලේ හොද වගේම නරක දේවල් අපි දැක්කනේ මාරයියේ.. තව ඉස්සරහට බලමු..

    ReplyDelete
  35. ඔය කියන්න එක්දාස් නමසිය බර ගණන් ගැන වෙන්න ඕන......

    ReplyDelete
  36. මේ ගැන කතා වීමෙන්ම මට තේරෙන දෙයක් තියෙනවා. එදා බ්ලොග් ලෝකය ගිය ගමන් මගේ නෙවෙයි දැන් යන්නේ කියන එක. අපි වැඩිහිටියන් වශයෙන් යුතුකමක් තියෙනවා මේකේ ඉන්න නංගි / මල්ලිලාට හරි මග පෙන්වන එක.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ ඒ කිව්වේ...වැරදි මාර්ගේ යනවැයි අපි.. අපෝ නෑ.. කවදත් කෙලින්ම හරි මාර්ගයේ තමා..

      Delete
    2. ඒ කියන්නෙ එදා ගිය මාර්ගය හරියටම හරි කියලද...මම එයට එකග නෑ සුදීක අයියෙ..ලෝකෙ සෑම දෙයක්ම කාලානුරූපීව වෙනස් වෙලා තියෙනවා...එකිනෙකාට මග පෙන්වීමක් කරන එක සාර්ථක නෑ...මොකද ඔබේ රුචිය සහ ඔබේ දැනුවත් භාවය නෙමෙයි බ්ලොග් ලියන හැමෝටම තියෙන්නෙ...තමන් ලියන දේ පිළිබද තීරණය ඔවුන් ගනීවි...යහපත් දේ රැදේවි...අයහපත් දේ තුරන් වී යාවි...බ්ලොග් අවකාශයට නිසි බලධාරීන් අවශ්‍ය නෑ.. මම හිතන විදියට...

      Delete
  37. මචන් මාරා,
    ඇත්තම කිව්වොත් දැන් කියවන්න ගොඩාක් සිංහල වෙබ් එකේ තියෙනවා. ඉස්සර සිංහල අකුරු හොයනවා කියන්නේ හරියට කලු නික වගේ තමයි. නමුත් දැන් මේ යන හිට් කවුන්ටරේ වැඩේ නම් එච්චර සුබ නෑ කොල්ලෝ. ගුණාත්මකභාවය වැඩි කරන එකයි දැන් වෙන්න ඕනෑ. ඔහේ ලියපු කාලයට නැවතීම තිබ්බොත් තවත් කාලයක් සිංහල බොල්ග්ස් රැකෙයි.

    ReplyDelete
  38. සුදීකගෙ බ්ලොගේ මං දාපු කමෙන්ට් එකත් බැලින්නම් හෙන දිගයි.. අපරාදෙ ..

    ReplyDelete
  39. හිරුවගෙ බ්ලොගේ දාපු කමෙන්ටුව ගෙඩි පිටින්ම මෙතන්ටත්

    බ්ලොග් කියන්නෙ බොහොම නිදහස් මාධ්‍යයක්...එතැනට ඔය ලියන ඇත්තන්ව කවුරුත් බලෙන් ඇදගෙන ඇවිල්ලා අත ඇරලා නෑ...ඒ නිසා තමන්ට රිසි දෙයක් තමන්ට හැකි විදියට ලියන්න මේ තුල නිදහස තිබිය යුතුයි..බ්ලොග් වලට නීති රීති පනවලා සීමා මායිම් පෙන්වන්න කවුරු හරි උත්සාහ කරනවා නම් එය බොහොම අසාර්ථක වෑයමක්...

    අපි ලියන යමක් කියවලා අවංකවම ඒ ගැන තමන්ට හිතෙන දේ කමෙන්ටුවක් විදියට ප්‍ර‍කාශ කරන්නෙ කීයෙන් කී දෙනාද...බ්ලොග්කරුවෙකුට තියෙන හොදම ශක්තිය මේ ප්‍ර‍තිචාර නිසා ලියවිල්ල පිළිබද අදහස බොහොම අවංකව ඉදිරිපත් කරනවා නම් එයත් බ්ලොග් කලාවේ යහපත් ප්‍රගමනයකට හේතු වෙයි කියලා මට හිතෙනවා...

    පට්ටයි මචං..මරු ලිපිය...සුපිරියි...මේ වගේ කමෙන්ට් දාන්නෙ කථාව කියවන්නෙ නැතුව කියලා මම නම් අත්දැකීමෙන්ම දන්නවා...

    ReplyDelete
  40. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete