කරං හිටිය රස්සාවෙන් අහක් උනා... බලා කියාගෙන පරිස්සං කරං ඉන්න නවාතැනක් කොළම්බු සෙවන් වලින් සෙට් උනා... ගෙදර වතුර බිලේ ලයිට් බිලේ හිටං ගෙවල් අයිතිකාරයා බලා ගන්නවා..මට තියෙන්නේ ගේ පරිස්සං කරං කැලෑ වදින්න නොදී පිළිවෙලකට තියාගන්න එක විතරයි... ගෙවල් අයිතිකාරයට ගේ මුර කරන්න කෙනෙක්.. මට නොමිලේ නවාතැනක්... කන්න බොන්න කේන්දරයක් බලා කියා ගත්තම මදෑ... දැන් යනවා ඉංගිරිසි ටිකක් ඉගෙන ගන්න කියලා කැලෑසියකට... ඒක ටිකක් හයි ෆයි මොඩැල් එකේ තැනක් වෙච්චි... කියන දේවල් තේරෙනවනං අඩුයි තමා.. ඒත් දත කට පුට්ටු කරං කොහොම හරි අල්ලගෙන ඉන්නවා... රාජා හෝ.මාහෝ... බැරිනං සර් කාරයා හෝ කියලා... ඔන්න ඕක තමා මගේ හැබෑම විස්තරේ... ඕක කෙනෙකුට කිව්වට පිළිගන්නේ නැහැනේ... කවුද හිතන්නේ කියන්න කිසිම කරදරයක් නැතිව කර කර හිටිය රස්සාව අල්ලලා දාලා හිටි හැටියේ යයි කියලා... ඒත් ඒ තමා මං... ආයේ ඉතිං මට හිතුනද මං කෙරුවා... කාට බයද.. කාට ණයද..? මයි පැස්ටෝල්..මයි බයික් හරිය...
එතකොට මංතුමා බැන්දද..? බැන්දනං මෙහෙම හිතු මනාපෙට රස්සාවල් අල්ලලා දාන්න ඇහැකිද..? එතකොට මාත් අභිමානවත් සිරි ලාංකික සාමාන්‍ය පොදු පුරුෂයෙක් වගේ පණ ගියත් කර කර ඉන්න රස්සාව අතනෑර... මුළු ලෝක බෝලෙම තියෙන පුරස්න කර උඩ තියං ඇවිදිනවා වගේ හෙන හිතට අරං ජීවත් වෙන්ට එපෑ.. හා නැද්ද මං අහන්නේ...? ඔය බැදලා කරලා ඉන්න මහත්තුරු උත්තර දෙමුකෝ බලන්ට..ආයේ මං කියන්ට ඕනයෑ... අනික මං බඳිනවනං බඳින්නේ අතේ සතේ නැති..ඒත් ලෝකෙ වටේ කරක් ගහන්න කැමති.. මෙලෝ බරක් පතලක් නැතිව හැමදාම උදේට නැගිටින... නෑදෑයෝ අරුං මුං නැති තැනකට ගෙනියන්න බැරි ජාතියේ මිනිහෙකුට කැමති නිදහස් මතධාරී කෙනෙක්ව මිස අර සාම්ප්‍රධායික සිරි ලාංකීය කාන්තාව නෙවෙයි... ඇයි යකෝ එයිට වඩා දෙයක් මගේ ගන්න තියේයෑ...
සිරි ලාංකීය සම්ප්‍රධායික ගැහැණිය ඒ කිව්වේ අර ගේ දොර බලාගෙන ඉන්න.. තියෙන තරං අරවා මේවා ණය වෙවී හරි ගෙනත් ගෙදර පුරෝගන්න.. ලෝකෙට පේන්න මිස හිතට දැනෙන්න ජිවත් නොවෙන.. ළමයි හද හද ලෝකෙට සේවය කරනවා කිය කිය ලෝකය විනාස කරන්න අල්පයකින් හරි දායක වෙන (ලෝකයට සේවය කරන්න නොව තමුන්ට සැලකුම් ගන්න.. අනිත් උනුත් හදන හින්දා තමනුත් හදන්න ඕනයැයි රැල්ලට හිතන හා වෙන වෙන දේවල්වලට ළමයි හදනවා යැයි අවබෝධයෙන් ළමයි හදනා දෙමවුපියන් මෙයට අයත් නොවන බව කරුණාවෙන් සලකන්න..) තමුන්ගේ හිතේ සතුටට වඩා සමාජයේ ඉන්නා තරං උන් සතුටු කරවන්න උන් හිතන පතන විදියට හිතමින් තමන්ගේ සතුට නැති කරගන්න.. බැන්ද දවසට පහුවදා ඉඳන් ලෝකේ තියෙන තරං හැම බරක්ම තමන්ගේ ඉහ මත්තේ කඩා වැටුනා සේ සලකා හිතට අරං වැඩ කරන ගෑණු මනුස්සයටයි... අනේ එහෙම අයත් එක්ක මට දීග කන්නත් බැරි හින්දා එහෙම වැරදි තීරණයක් මං ගන්නෙත් නැහැ මලාට... මොකද මං කැමති ඉන්න එක දවස හරි සරලව සැහැල්ලුවෙන් ඉන්න මිසක් ඔය ලොකු හීනවල ජීවත් වෙන්න නෙවෙයි.
දැන් හුග දෙනෙකුට තිබුන අටෝ රාසියක් පුරස්න වලට උත්තර ලැබිලා ඇති නෙව මයෙ හිතේ... හා හා ඔය මුණු පොතෙන් ඇවිත් සුභ පතපු බර ගානක් උදවිය කලබල වෙන්ට කාරි නැහැ..ඒ සුභ පැතුම් මං පෙළවහක් කර ගත්තොත් එදාට ගන්න තියා ගඤ්ඤං..එහෙම හොඳයිනේ නේද..? :D
හරි ඉතිං ඔන්න ඔහොමයි මේ දවස්වල ජීවිතේ.. ඉතිං අර කිව්වත් වගේ ඉන්නේ කොළම්බු සෙවන්වල උනත් කන්න වෙන්නේ වෙනදා වගේම තමා... ගේ බාර ගන්නකොට ගෙයි සියළුම බඩු මුට්ටු එක්ක හම්බ උන නිසා පරණ පාවිච්චි කරපු දේවල් වලින් උවමනාම එකක් දෙකක් ඇර අනිත් සේරම එක එක්කෙනාට දීලා දාලා තමා ආවේ.. ඒ කියන්නේ ආයේ වතාවක් මගේ ජීවන බර අඩු උනා.. දැන් සාමාන්‍යෙයන් කොහේ හරි යන්න උනොත් බෑග් දෙහෙක ඔබාගෙන යන ගානට බඩු තියෙන්නේ... බොහෝම සැහැල්ලු වැඩක් ඒක...
ඉතිං මේ දවස්වල නෙට් එක හරහා කේන්දර බලමින්..සතියට දවස් දෙකක් පන්ති යමින්... අනිත් දවස්වල විවේක පාඩු වෙලාවට එහෙ මෙහෙ ඇවිදිමින්..යාළුවෝ හම්බ වෙමින් කාලය ගෙවනවා... ඒ අතරේ දැන් ආයෙමත් බඩුවක් මුට්ටුවක් ගන්න ඇහැකි මිල ගණන් පහසු තැන් හොයමින් ඉන්නේ... නිස්ටඹුවෙනං රංපොකුණුගම ඉරිදා පොල වගේම..නිස්ටඹුවේ අගහරුවාදා පොල තියෙන හින්දා අග හිගයක් නැතිව බොහෝම ලාබෙට කන බොන දේවල් ටික ගන්න හම්බ උනාට මොකද මේ කොලොම්බු සෙවන්වල ලාබෙට ගන්න තියා ආසාවට බඩුවක් ගන්න එහෙමට තැනක් නැහැ... ගන්නවනං යන්න වෙන්නේ සුපිරි මාරකැට්ටු තමා... අනේ මේ අතේ තියෙන තුස්ටු දෙකත් අරං ඕවෑ ගිහින් මට යන්න වෙන්නේ රිම් එකෙන් තමා.. අනික හෙට අනිද්දට තව කෝස් කෑල්ලකුත් කොරන්ට හොය හොය ඉන්න වෙලාවේ...
ඒ හින්දා එහෙං මෙහෙං බඩු මුස්ටු අරං ඇති වෙලා මං අන්තිමට තීරණය කොලා යමං ඔටුවේ කියලා.. ඒ කිව්වේ පිට ඔටුවේ... ආන්න එහෙම හිතලා මං දැන් කෙලින්ම කන බොන ජාති ටික ගේන්නේ පිට ඔටුවෙන්... ඔන්න අදත් උදේ ගෙහුං ගෙනාවා සුපියල් දාහක බඩු...
පරිප්පු ග්‍රෑම් 250ක්........... 40යි.
බල කරවල ග්‍රෑම් 250ක්....150යි.
අල කිලෝ එකක් ............70යි.
කැරට් 500ක් .................30යි.
බෝංචි ග්‍රෑම් 250ක් ..........30යි
ලීක්ස් ග්‍රෑම් 250ක්............ 30යි.
ගෝවා ග්‍රෑම් 750ක්........... 50යි.
පිපිඤ්ඤා ග්‍රෑම් 500ක් ........30යි.
ගර්කින් ග්‍රෑම් 250ක් ..........50යි.
මාළු මිරිස් ග්‍රෑම් 250ක් .......30යි.
කොල ගෝවා මිටියක් .......20යි.
කරපිංචා මිටියක් .............10යි.
නාරං 5ක් ....................100යි.
මිදි ග්‍රෑම් 250ක් .............150යි.
අන්නාසි ගෙඩියක්........... 60 යි.
දිවුල් ගෙඩියක් ...............20යි.
එකතුව රුපියල්..........1000යි.
හරියටම රුපියල් දාහක බඩු අරං ඉවර වෙද්දී මගේ උවමනා දේවල් ටිකත් අරං තිබුන හින්දා එයින් එහාට ආයේ කීයක්වත් පර්ස් එකෙන් අදින්නේ නැතිව මං ගත්ත ටිකත් ඇන්න ආපහු ආවා... අනික ඔය තරං බඩු පිරෙව්වැකියෑ අර පෙට්ටි දෙකට... කලින් වතාවේ ගෙනාව තක්කාලි ලූණු මිරිස් වගේ දේවල් තව ඉතිරි තිබුන හින්දා ඔය ටික හොඳටම මදෑ මේ දවස් ටික පිරි මහ ගන්ට... ලේසි නැහැ ජීවත් වෙන එකත් නේද..?
දැන් මෙහෙම නිදහස තියෙනවනම් ....ඇයි මේ බ්ලොග් එක පාලුවට යන්න ඇරලා ...
ReplyDeleteකේන්දර වැඩ වලට හිර උනාම..එතකොට මයේ පාඩං වැඩ එහෙම කරන්න ගියාම දවස යනවා හිටු කියලා... ඔය අතරට මං උයං කන්න ඕන..කලමනා ගේන්න යන්න ඕන... ඇයි කොළඹ සිරි බලන්න..චිත්තර පටි බලන්න... කොච්චර වැඩද..? ඉස්සරනං වැඩට යන දවස්වල ඕන තරං වෙලාව තිබුනා බ්ලොග් ලිය ලිය ඉන්න.. දැන් වැඩට යන දවස් කියලා දෙයක් නැති හින්දා එහෙමට නිදහසක් නැහැ...
Deleteනොලිය ඉන්න ඒපා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
පිස්සුද මං මලත් මේක ලියවෙයි...
Deleteහොල්මන්ද?
Deleteජීවිතේ අමාරු තමයි අප්පා... ඔහේට තියෙන්නේ කොලම්බු සෙවන් වල කැන්ටිමට ගිහිල්ල හැලප ණයට කාලා, බඩගින්න නිවාගන්න ගමන් බිල ඒකේ ලොකු මහත්තයාට දෙන එක විතරයි. අපරාදේ කියන්නේ එතුමා හරි සත්ගුණවත්... මාත් එන්නෙයි අර ඉංගිරිසි කැලෑසියට... දෙකක් කියන්න ඉගෙනගන්ට හෙම...
ReplyDeleteහපෝ කතා කරන්න එපා.. ඒකා ඔය කිව්වට ආසාවට අපිට වණ්ඩු ආප්පයක් අරං දෙන්න කතා කොරන එකෙක් නෙවෙයි..ගෙවයි බිල මේං කියලා.. හුහ්...
Deleteමදැයි මන් අහන්න කියල හිතාගෙන ආපු එක මේ අහලා තියෙන්නේ උඩින්ම...!
ReplyDeleteඔය උත්තරත් දීලා තියෙන්නේ එකෙන්ම...
Deleteආයි ඉගෙන ගන්න පටන් ගත්ත එක නම් බොහොම වටිනවා ...
ReplyDeleteඒක තමා...
Deleteමචෝ ලාබෙට කන්නනම් රින්ගපන් කොළඹ කැම්පස් එකේ කැන්ටිමට,උබ කොලබ හතේනම් ඉන්නේ ලගයිනෙ
ReplyDeleteහැබැයි ඉතිං මෙලෝ රහක් නැති දියබත් කන්න ඕන නං වරෙං මාරයියා, කනව තියා කටේ තියන්නවත් බෑ :D
Deleteමදෑ..ඒ අදහස එතැනම අතෑරියා... :D
Deleteමන් නම් අදත් කෑවා අවුලක් නෑ බඩගින්න ලොකු උන වෙලාවට :D
Deleteකී දෙනෙක් එතැනින් කනවද මාරේ... ඉදුල් පිගාටන බෙදාගනත් කන අය ඉන්නවා.. සල්ලි නැති කමට..එතකොට ගාන අඩුයි..
Delete
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්. මරු බං.
කඩ්ඩ හෝ මා හෝ සර් කාරයා හෝ නෙවෙයිද?
හරියට හරි එහෙම තමා එන්න ඕන...
Deleteඅඩේ උබ කොටන්න පුරුදුවෙන්න ගිහින් බ්ලොග් එකේ එහෙම ඕව කොටනෝ නෙවෙයි හරිය ...
ReplyDeleteහිටපියවු..හෙට අනිද්දට මං මේක කඩ්ඩෙන්ම කොටනවා...
Deleteවාසනාවයි, කිව්ව වෙන මොනවද?
ReplyDeleteඅනේද කියන්නේ...
Deleteමෙච්චර දවසක් තිබුණු ප්රශ්නගානකට උත්තර දීලා..
ReplyDeleteඔයතරම් නිදහසක් තිබිලත් ලියවෙන්න අඩු හේතුව තාම පැහැදිලි මදි වගේ
එහෙම බැලුවම 2500ත් ජීවත්වෙන්න ඇතිවගේ ලංකාවේ
අන්න මං පලවෙනි කොමෙන්ටුවට දුන්න උත්තරේ බලන්ට...
Deleteඔටුව එහෙම උනාට ගංවල අමාරු ඇති...
ඇ බන් මාරේ අය්යේ.. මොකෝ මේ හැම එළවලුවක්ම ග්‍රෑම් 250ක්, 500ක්, 750ක් ගාන ගත්තේ? දන්නෙති හන්දය් අහන්නේ..... මේක බොන්න ඕනේ ප්‍රශ්නයක් .... උදාහරණ.... :-
ReplyDeleteපරිප්පු ග්‍රෑම් 250ක්........... 40යි.
බල කරවල ග්‍රෑම් 250ක්....150යි.
අල කිලෝ එකක් ............70යි.
කැරට් 500ක් .................30යි.
බෝංචි ග්‍රෑම් 250ක් ..........30යි
ලීක්ස් ග්‍රෑම් 250ක්............ 30යි.
ගෝවා ග්‍රෑම් 750ක්........... 50යි.
පිපිඤ්ඤා ග්‍රෑම් 500ක් ........30යි.
ගර්කින් ග්‍රෑම් 250ක් ..........50යි.
මාළු මිරිස් ග්‍රෑම් 250ක් .......30යි.
මොකෝ ඇ .... :O
ගෙහුං බලන්ටකෝ ඔටුව දිහාට ඔව්වා ඔයිට වඩා චූටි ගණන්වලින් ගන්ට ඇහැකිද කියලා... අනික වට්ටක්කා කිලෝව 30යි..පන්සීය 20යි..එතකොට දෙසිය පණහක් එහෙම ගත්තොත් කොහොම වෙයිද..එයිට වඩා හොදයි වැඩිය එලොලු ගෙනත් තම්බ තම්බ හරි කනවා... මේ ටිකේ බත් මේස හැන්දෙන්... එලොලු ජාති සවලෙන් බෙදන්නේ...
Deleteඅය්ය ඔහොම කියන්නේ ඉතින් ඔටුව යන හන්දනේ .. එත් අපේ අම්මා හැම දාමත් කියන්නේ "අද එළවලු ගොඩාක් ගණන් කියල." අනික ඔයා ඔච්චර එළවලු අරන් ගෙනාවත් ඔයා මාරසරනියට දාන්නේ හෙන චුට්ටය්නේ... :P
Deleteඒක නෙවේ මාරෙ අය්යේ.. කොලොම්බු හතේ තියෙන (රෝයල් ඉස්කෝලේ ඉස්සරහ ) පොට් එකට ගියේ නැතැය් ...????
Deleteමොනවා නැති වුනත් අර බුකියට දාන දුප්පතාගේ බත් පිඟාන දිගටම දන්ටෝනෑ. මම විශ් කරේ නැති එක ගැන සතුටුයි.
ReplyDeleteඅනිවා කොහේ හිටියත් කෑම පිගාන නොදා අරින්නේ නැහැ...
Deleteඇරු සොයිසා!!!!!!
ReplyDeleteඅයි ලව් පොල සහ ගොයින් පොලෙ.
අයි ඕල්සෝ ලව් පොල ඇන් ගොඉන් පොලේ,බට් අයි හේට් ගොඉන් ටු කඩේ ස්පෙෂලි ටු පාං ගේන්න. :D
Deleteඕහ්, ගොයින් කඩේ ටු පාං ගේන්න සවුන්ඩ්ස් නඅ(ර්)ඩි වගේ. බයි ඉට් චූන් පාන් ගෙන්.
Deleteහඳහන් බලන ගාන වහාම ක්‍රියාත්ම වෙන පරිදි සීයට පනහකින් අඩු කරපිය. ඇයි යකෝ බොලා හලාල් සහතිකේ ගන්න ගානත් එකතු කරලද මේ තරම් බඩු මිල අඩු වෙලා තියෙද්දීයේ ඒවා ගනන් අඩු නොකර ඉන්නේ . . :P
ReplyDeleteදුකා : අන්න ප්‍රස්නේ මචෝ +++++++++++++++!!!!
Deleteමෙහෙම හරි යමක් කොටලා දාපු එක හොඳා අයියා. ඒත් ඉතින් කතා කියන එවුන් නම් කතා කියයි දිගටම
ReplyDeleteකලින් ජොබ් එකට වැඩිය මේ ජොබ් එක නිදහස් මගේ හිතේ ...
ReplyDeleteඔබ නම් ආදර්ශයට ගඔත යුතුම චරිතයක්. ඔබෙන් උගත හැකි දේ බොහෝයි. නින්දාව ප්‍රශංසාව මේ කොතැනදීත් ඔබේ හැසීරිම කාටත් ආදර්ශයක්. ඔබට සුබ අනාගතයක්.
ReplyDeleteබෝඩිමේදි මාසෙකට සැරයක් උයන්න බඩු ගෙන් හැටි මතක් උනා..
ReplyDeleteහදිසියේ ඉංගිරිස් ඉගෙන ගන්ට හිතක් පහල වෙන්ඩැත්තේ අහල පහල පොශ් නංගිලා කතාවට අල්ලගන්න වෙන්ටැ....
ReplyDeleteමට මතක් වුනේ මාරයියා 2500කට කන්න පුලුවන් කියල ඒ කාලෙ දාපු පෝස්ට් එක. මම ඒකට දාපු පිලිතුරු පෝස්ට් එක:)
ReplyDeleteජය !
අනික මං බඳිනවනං බඳින්නේ අතේ සතේ නැති..ඒත් ලෝකෙ වටේ කරක් ගහන්න කැමති.. මෙලෝ බරක් පතලක් නැතිව හැමදාම උදේට නැගිටින... නෑදෑයෝ අරුං මුං නැති තැනකට ගෙනියන්න බැරි ජාතියේ මිනිහෙකුට කැමති නිදහස් මතධාරී කෙනෙක්ව මිස අර සාම්ප්‍රධායික සිරි ලාංකීය කාන්තාව නෙවෙයි... ඇයි යකෝ එයිට වඩා දෙයක් මගේ ගන්න තියේයෑ..
ReplyDeleteඔය කිට්ටුවෙන් සුදු නෝනා කෙනෙක් ගන්ට වගේ සහේට .. කෝස් එකට හේතුව...
ජය වේවා. සුභ මංගලම් ඉන් ඇඩ්වාන්ස් ...
මචන් race corse එකේ mcdonald එකට ගියේ නැද්ද..?මාර ලාබයි බං කෑම.
ReplyDeleteසික් අපරාදේ මන් හිතුවේ මාරයියා දැන් පෙලවහක් කරගෙන නිසා සතුටෙන් ඇති කියලා.එක අතකට තනිකමත් සැපයි අපිට හිතුන ඕන දෙයක් කෙරුවහකිනේ.
ReplyDeleteඅඩේ පිටඔටුවෙ ඔච්චර ලාබද බඩු...මෙහේ නම් ගිනිගනන්..!
ReplyDeleteඋඹ අඟවපු එක හොඳා..උඹේ විවාහය ගැන කියල මඩ ප්‍රචාරයකුත් ගියා නොවැ..!
මොකටද බන් ඔටුවේ යන්නේ? පලයන්කෝ නාරාහේන්පිට ආර්ථිකෙට එහෙ එළවලු ඔයිට වඩා ලාබයි , හොඳ ඒවා තියෙනවා.
ReplyDeleteබොලේ කතානියා පොලෙත් බඩු ගණන්නේ ඔයිට වඩා..
ReplyDeleteමලේ උඹ ගතකරන සැහැල්ලු ජීවිතේ ගැන මට නං තියෙන්නෙ පුදුමාකාර ඉරිසියාවක් ..
ReplyDeleteමටත්......!
Deleteඅසීමිත නිදහස ගැන මටනම් තියෙන්නෙ ඉරිසියාවක් නොව බයකි... මේකා කසාදයක් බැන්ද දාට මමත් ජීවත් වෙයිනෙ... බලමුකො එදාට... ;)
Deleteඇයි මට. මං මේ ඒක කියන හතරවෙනි වතාව. මම බුලත් විටක්වත් කන්නේ නැති එකා වෙච්චි මූට ඇස්වහ කටවහ වත් වැදිලා භාරියක් වත් සෙට් වෙන්නේ නෑනේ.
Deleteහෙහ් හෙහ්... එල කොල්ලෙක්නෙ.... මම නම් සිරාවටම හිතුවෙ උඹේ ග්‍රහය නීච වෙලා මෝඩ වැඩක් කරල කියල... ;)
ReplyDeleteලිපියට අනුව නිදහස තිබේනපාටයි . මේ දවස්වල රෙස්ට් කරනවා මයෙ හිතෙ .
ReplyDelete"දැන් යනවා ඉංගිරිසි ටිකක් ඉගෙන ගන්න කියලා කැලෑසියකට... ඒක ටිකක් හයි ෆයි මොඩැල් එකේ තැනක් වෙච්චි... කියන දේවල් තේරෙනවනං අඩුයි තමා.. ඒත් දත කට පුට්ටු කරං කොහොම හරි අල්ලගෙන ඉන්නවා... රාජා හෝ.මාහෝ..."
ReplyDeleteමා ඔබේ ලිපි නොකඩවා කියවන අයෙක් නිසා මෙය ලියන්නේ.
හොඳ ඉංග්‍රීසි (lucid English) ඉගෙන ගන්න ආස නම් සරල ක්‍රමයක් තියෙනවා. අත් දුටුවයි,සහතිකයි,අත්දැකීමෙන් කියන්නෙ.ඔබ කැමති සති අන්ත සින්හල පත්තරයකුත් ඒකෙම ඉංග්‍රීසි පත්තරෙත් ගන්න. (සිංහල ලිපි ඒ විදියටම ඉංග්‍රීසි පත්තරේ තියෙනවා) පළමුව සිංහල පත්තරය කියවල කතාව දැනගෙන ඒකම ඉංග්‍රීසියෙන් කියවන්න.( මතක ඇතුව දිකා .. ළඟ තියාගෙන) නොතේරෙන සෑම වචනයේම තේරුම අලස නොවී බලන්න. මුලදී ලිපියක එකචේදයක් කියවන්න වරුවක් යාවි. ඊට පස්සේ වාක්‍ය හැදිලා තියෙන දිහා බැලුවාම grammar pattern එක ගැන අදහසක් එනවා. දැන් ඉංග්‍රීසි පොඩි පොත් හොයා ගෙන කියවන්න බලන්න.(එංගලන්ත ඉංග්‍රීසි විතරයි). ටික කාලයකදී ජේන් අයර් කියවන්න පුළුවන් උනොත් හරි. pride and p reduce තනිවම දෙසැරයක් කියවන්න පුළුවන් නම් හොඳ ඉංග්‍රීසි (lucid English) වලින් ගොඩම තමා.
දැන් අත් දුටුවයි,සහතිකයි,අත්දැකීමෙන් කියන්නෙ කියන එකට ශාක්ෂි ඉදිරිපත් කරනවා. විශ්ව විද්‍යාලයට ගිය දවසේ මට ඉංග්‍රීසි පොඩ්ඩක් වත් බැ. ඒක මගේම වරද නිසා උන දෙයක්.මම ඉගෙනගත් විෂයන් ගැන පොත් තිබුනේ ඉන්ග්‍රිසියෙන් නිසා කොහොම හරි ඒ භාෂාව ඉගෙන ගන්න උනා.ටියුෂන් යන්න සල්ලි නෑ. අපේ තාත්තා බොහොම අමාරුවෙන් මාසෙකට රුපියල් 100ක් එවුව. ඒකෙන් බෝඩිමට රුපියල් 85ක්ම දෙන්න උනා. මගේ ක්‍රමය සාර්ථක උනා.කයිවාරුවක් එහෙම නෙමේ පසු කාලයේදී මගේ පස්චාත් උපාදිය ඉංග්‍රීසි මාධයෙන් කලේ ඒ දැනුමෙන්.තව එංගලන්තේ,ඉන්දියාවේ සහ ජපානේ ගොස් අන්තර්ජාතික කළමනාකරණ ඩිප්ලෝමා 3ක් හොඳට කලෙත් ඒ විදියට ඉගෙන ගත් ඉංග්‍රීසියෙන් තමයි.
එතකොට නිට්ටඹුවෙද ලාබ, පිට ඔටුවෙද..? මම හිතන්නෙ පැස්ටෝල් ටිකක් පුච්චං ගියත් දෙල්කඳ පොලේ ෆ්‍රෙෂ් බඩු තියෙනවා ලාබෙට. කොරටුවල හදන බඩු.
ReplyDeleteහරියටම හරි... මම මේ යටින් කියන්න හිටියේ... දෙල්කඳ පොල තමයි තැන.. ලාභයි කොලිටියි... පොඩි පොශ් ගතියකුත් තියෙනවා..
Deleteදෙල්කද පොලේ නැත්තේ දඹානෙන් ගේන බඩු විතරයි මයෙ හිතේ. ඒත් ඉතිං අර ඉස්සර පොට් එක නැති වුනහම පොඩි අඩුවක් වගේ දැනෙනවා.
Deleteමිනිහෙක් ජීවත් වෙන්න ඕන ඔය විදියට තමයි.
ReplyDeleteඅඩේ උඹ කඩ්ඩ ඉගෙනගෙන මේක කඩ්ඩෙං කෙටුවොත් අපි උඹට කොමෙන්ට් දාන්නෙ හිංදියෙං හරිය.
ReplyDeleteඋඹ අර වෙනියත් එක්ක සෙටි වෙලා මිනිහගෙ කැංටිමෙන් කෑවනං හරිනෙ.
(හැබැයි වෙනි අයියත් ඔය දාන්නෙ වෙන කවුරුවත් කන ඒවද දන්නෑ)
බඩු මිල බොහෝ දුරට අපේ පොලට සමානයි. එතකොට ඒකයි විස්තරේ ඈ. ඔය ගෙන්දගම් පොලොවේ මාත් හිටියා නේ අවුරුදු බර ගානක්.... පුරුදු වුනොත් පුරුදු වුනා තමා.... ඒත් උඹට නං ඇලවෙන්න ගැලවෙන්න හොද හැටි දන්න නිසා අමාරු වෙන එකක් නෑ.
ReplyDeleteඅර වෙනියගේ කොලොම්බු සෙවන් බනිස් කඩේ තාම මාට්ටු වුනේ නැද්ද?
හප්පා මාරයා.... 7 ද ? මම 8......
ReplyDeletemage comment eka witharai adu wela thibbe...
ReplyDeleteekath damma on..
මේව දැම්ම එක හොදයි. නැත්නම් අර ආතතියෙ ඉන්න මාමිලට දුකයි නේ උඹ ගැන.
ReplyDeleteදැන් ඉතිං අපිටත් යන්න වෙනවා ඩූඩ් ගාවට පන්ති. නැත්නම් ඉතිං ගොළු භාෂාවෙන් තමා කමෙන්ට් කොටන්න වෙන්නේ.