17 February 2013

රණවක අයියයි..දිනේෂ් අයියයි...

මහින්ද අයියා රණවක අයියට වැඩක් නැති අමාත්තංසයක් දීලා කොරගත්තේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ... වැඩ වැඩි එහෙකට දැම්මම රණවක අයියට ආයේ වෙන වෙන දේවල් කොරන්න වෙලාවක් නැහැ..ඒත් ඔය නිකං එහෙකට දැම්මම වෙන්නේ චන්දිරිකා ධීවර අමාත්තංසේ මහින්ද අයියට දුන්න එකේ අනික... සමහර විට මේක මහින්ද අයියලගේ ප්ලෑනක්ද කියන්නත් බැහැ.. මොකද බොදු බල සේනා වගේ සංවිධානයක් තමුන්ට පිටතින් තියෙනවට වඩා ඒක ඇතුලටත් තමුන්ගේ රජයේ එකෙක් රිංගවලා ඒකේ පාලනයත් තමන්ගේ යටතට ගන්න වගේ ගේමක්... මට මතක් වෙන්නේ අර වෙල්ලස්සේ කැරැල්ලට කැප්පෙටිපොල රිංගපු එකේ අනික... සුද්දට හේත්තුව දාගෙන කාලයක් යහතින් හිටිය කැප්පෙටිපොල අන්තිමට සිංහල රැල්ල උඩ ගහනකොට මොන හේතුවක් හින්දා හරි පැත්ත මාරු කලා... ඉතිහාස පොතනං කියන්නේ ජාති වාත්සල්ලෙන්ද මොකෙන්ද එකෙන් ඔඳ වැඩිලා එහෙම කලා කියලා.. ඒත් කවුද දන්නේ උන්දැටත් රණවක අයියට උණ දේ උනාද කියලා... තමුන්ට සුද්දගේ ආණ්ඩුවෙන් දීලා තිබුන වරප්‍රසාද අඩු කෙරිල්ලක් හරි.. මේ සැපට ඉන්න අස්සේ එක පාරට අස්සයෙක්ගේ පිටේ නග්ගලා යුද්ධෙට ඇරියම මොන මනුස්සයටද තද නොවෙන්නේ.. අනික මේ නහින දෙහින කාලේ ඇග සැපට හුරු වේගන එද්දී පලයංකෝ යුද්ධෙට... එහෙම වේගන එද්දී පැත්ත මාරු කොරන එක ඒ හැටි පුදුමයක් කියලා මංනං හිතන්නේ නැහැ...

හැබැයි අමතක කොරන්න හොඳ නැති කාරණාවක් මේ දෙකේදිම තියෙනවා.. කැප්පෙටිපොල පැත්ත මාරු කරලා සටන අතට ගත්තට පස්සේ ඒ වෙනකල් කැරැල්ල උඩට ගේන්න දහඩිය මහන්සිය හෙලපු උන්දලා හුග දෙනෙකුගේ නං අපිට අදටත් ඉතිහාස පොත්වලින් කියවන්න හම්බවෙන්නේ නැහැ... ඒ හින්දා අපි ඒ අය ගැන දන්නෙත් නැහැ.. දන්නේ පොත්වලින් කියන කීපදෙනෙක් ගැන විතරයි... ඒත් ඒ අයට වඩා සිය ගණන් මිනිස්සු ඉන්න ඇති ඕක සංවිධානය කරගෙන කැප්පෙටිපොලව යුධ භූමියට යවන තරමට සුද්දට ගේම අමාරු කරවපු... 

අපරාදේ කියන්න බැහැ කැප්පෙටිපොලත් පැත්ත මාරු කොලාට පස්සේ දෙහිතක් නැතිව දංගෙඩියට යනකල්ම බාර ගත්ත දේ කලා.. ඒ වගේමයි අමතක කරන්න හොද නැහැ කැප්පෙටිපොලව යුද්ධෙට යවන තරමටම ගේම අමාරු වෙන තරමට සුද්ධට ගහලා තිබුන කැරැල්ල කැප්පෙටිපොලගේ ආගමනයෙන් පස්සේ උඩින් ශක්තිමත් වෙද්දී යටින් බෙලි කැපිලි ගණනාවක් හරහා අන්තිමට සුද්දට කැරැල්ල පාවා දෙන තත්වෙට ගියා... සමහර විට ඒ වෙනකල් කැරැල්ල මෙහෙයවපු අයට කැප්පෙටිපොලගේ නායකත්ව හුවමාරුවෙන් පස්සේ කැප්පෙටිපොලගේ හෙංචයියෝ දුන්න ගේම් හින්දා වෙච්ච අකටයුතුකං වගේ දේවල් ඇතුලේ කාකොටා ගැනීලිවලට හේතු වෙන්න ඇති... කොහොම උනත් ඔය පල හිලවු වලින් අවසානෙට උනේ සුද්ද දිනපු එක විතරයි... පැත්ත මාරු කල කැප්පෙටිපොලගේ බෙල්ල ගියා... මිනිස්සුන්ගේ ලේ කඳුළු දහදිය මතින් උඩට අරං ආව කැරැල්ලක් හේදිලා ගියා...

දිනේෂ් අයියට කට්ටිය හිටු කියලා බයිනවා... හැබැයි මං දන්න දිනේෂ් අයියානං මං දන්න කාලේ ඉදලාම බොහෝම හොඳ සිංහලයෙක් වගේම බොහෝම හොඳ බෞද්ධයෙක්... දිනේෂ් විතරක් නෙවෙයි ගීතාංජනලා එහෙමත් එහෙමයි... උන්දලාව දැක ඇසුරු කොරලා තියෙන හින්දා නමට හා වාසියට බෞද්ධ කියන අයට වඩා ඒ මිනිස්සුන්ගේ ඇතුලේ ලේ වලින්ම ආව සිංහලකම  මං දැකලා තියෙනවා... හැබැයි රණවක අයියා අනිත් පැත්ත ගහද්දිම මෙච්චර කාලයක් සිංහලයා වෙනුවෙන් කතා කරපු දිනේෂ් අයියට කෙලවගෙනම ගමණ පටන් ගන්නවා වගේ පේනකොට මට මතක් වෙන්නේම වෙල්ලස්සේ කැරැල්ල..කැප්පෙටිපොලලා.. සහ නම් නොකියවුන කැරැල්ලට උඩට ගෙනාව කොහේ නමුත් වෙලක් මැද්දේ..ගලක් ඉස්මත්තේ.. කැලෑවක් මැද්දේ සුද්දගේ කඩුවට..තුවක්කුවට අහු වෙලා මහ පොලව බදාගෙන ලේ හලගෙන මැරිලා ගිය නියම නායකයින් ගැන...

සමහර විට මේ සටන කොහේ ගියත් අවසානෙට දිනේෂ් අයියලා නරක මිනිස්සු වෙයි..රණවක අයියා උඩට යයි... අපේ පොල් බූරුවොත් උඩ බිම නොබලා කෑ ගහලා දිනේෂ් අයියලාව නැත්තට නැති කරයි... 

බොදුබල සේනා කියන්නේ යුගයේ අවශ්‍යතාවයක් උඩ හේතු ඇතිව බිහි උන දෙයක් මිස අමුතු දෙයක් නෙවෙයි... උන්දලගේ වැරදි තියෙනවා.. විශේෂයෙන්ම ආවේගශීලීවීම හා වැරදි උපක්‍රම තේරීම.. එතැනින් ගියාම මාධ්‍යත් එක්ක කරන ගනුදෙනු..කැමරාව කියන භයානක ආයුධය ඉස්සරහා හැසිරෙන හැටි නොදන්නාකම හෝ දැන දැන ඒ වරද කිරීම වැනි දේවල්.. ඒත් එහෙමයි කියලා බොදුබල සේනා කියන්නේ මේ රටේ බිහිඋන අති භයංකර සංවිධානයක් නෙවෙයි... හරියට බැළුවොත් මේකට වඩා භයානක සංවිධාන තමා යූ ඇන් පීය.. පොදු පෙරමුන..ජේවීපිය..එල්ටීටීඊය... මුස්ලිම් කොන්ග්‍රසය..ද්‍රවිඩ සංවිධානය එහෙම කියලා කියන්නේ.. එහෙම සංවිධානවලින් කරපු..කරන හානි වලින් දාහෙන් එකක්වත් බොදුබල සේනාව අතින් මේ ලංකාවට වෙලා නැහැ... ඕක හරියට මෙහෙයවන්න පුළුවන්නං අර කාලකණ්නි සංවිධාන වලින් මේ රටට කරපු හානි ටිකක් හෝ අවම කරන්න පුළුවන් උනොත් මිස...

සෑම ජාතියක්ම තමුන්ගේ ජාතියට ආදරෙයි... ඒකේ කියන්න වරදක් නැහැ... මොකද ලෝකය එක යායයක් අපි හැමෝම එකම මිනිස් කැලක් කියලා හිතන්න තරං මානවයා තවම පරිණාමය වෙලා නැති හින්දා... කොයි තරං දැන උගත්කං තියෙනවා කියලා කොල කෑලි පෙන්නුවත්..අනං මනං ගැජ මැටික් පෙන්නුවත්.. කතා පැවැත්තුවත් මිනිහා තාම ඉන්නේ ගල් යුගයේ අදහස්ම කර පින්නං... එහෙම ඉදන් නිකං ලෝකෙට පේන්න සර්ව ආගමික..අනාගමික කතා කිව්වට අපි කා ඇතුලෙත් අර පරණ සතා ඉන්නවා.. එහෙම ඉන්න සතාගෙන් ඔය ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ... හැබැයි එහෙමයි කියලා මුං මුං මරාගන්න ගත්තොත් ලෝකය මහ නරකාදියක්.. මිනිස්සු ජීවත් වෙන ටික කාලේ මරා ගන්නේ නැතිව කාලා ඇදලා නිදහසේ ජිවත් වෙලා මැරිලා යන එකයි වෙන්න ඕන.. ඒත් එහෙම වෙන්නනං ඔය වෙන් වෙලා ඉන්න ජාතීන් ඒ ඒ ජාතීන්ට ගරු කරමින් ඒ ඒ අයගේ ඇදහීම් වලට සංකල්ප වලට පිළිගැනීම් වලට ගරු කරන්න ඕන... ඒ ඒ දේවල් කරන්න ඕන වගේම තම තමන්ගේ ඇදහීම් අනං මනං වලින් අනිත් උන්ට බලපෑමක් නොවෙන්නත් වග බලා ගන්න ඕන. ඒත් නොවෙන්නෙත් ඒකමයි... හැම ආගමකින්ම වෙන්නේ අර පරණ සතාව මොන විදියකින් හරි ටිකක් බැදලා දාන එකයි. රටක නීති පද්ධතියට වඩා... පොඩිකාලේ ඉදන් ඔළුවට දාන ආගමික නීති හින්දයි ඔය මොකා මොන ලොකු ටෝක් දුන්නත් මේ සමාජේ මේ තරමටවත් ආරස්සා වෙලා  තියෙන්නේ... උදාහරණයකට කියනවනං මං මට හතුරුකං කරන එකෙක්ව මරා දාන්නේ නැත්තේ අපායේ යන්න තියෙන බයට..එහෙම නැතිව උලව් නීතියට බයේ නෙවෙයි.. නීතියට අහු නොවෙන්න මිනිහෙක් මරන එක මහ දෙයක් නෙවෙයි.. ඒත් මිනිහෙක් මරලා පවු පුරෝගෙන අපායේ ගිහින් දුක් විදින්න මං කැමති නැහැ... මේවා සුරංගනා කතා කියලා කට්ටියට පේන්න පුළුවන්..ඒත් ඇත්තම කතාව ඕක තමා... අනික මං මොකටද සල්ලි හොයන්න රස්සා කර කර දුක් විදින්නේ..මට පුළුවන් හොද සල්ලි තියෙන එකෙක්ව මරලා හරි මට උවමනා මුදල් හොයාගන්න.. ඒත් ඒ මුදල්වලට යටින් මට අපායේ ගිනිදැල් පේනකොට මං ඒ අදහස අතෑරලා එයිට වඩා දුෂ්කර මාර්ගය වෙච්ච රස්සාවක් කරලා සාධාරණව ජීවත් වෙන්න උත්සහ ගන්නවා.. ඒ ආගමට දහමට තියෙන ඇල්ම..කැමැත්ත..බය හෝ මොකක් හරි වේවා ආන්න ඒක හින්දා මිස නීතියට බයේනං නෙවෙයි. ඒ හින්දා ආගං දහං ලෝකේ තියෙන එක වරදක් නෙවෙයි... හැබැයි එහෙම ආගමකින් දහමකින් අනිත් ආගංවල අයට තර්ජනයක් තියේනං අන්න එතනදී අනිත් ආගං වල උන් තම තමන්ගේ ආරස්සාවට මොනවා හරි වැඩ පිලිවෙලකට යද්දී ඒකට අම්මා මෝ නැතිව බනින්න කලින් ඒ මිනිස්සුන්ගේ ආරස්සා වීමට ඇති අයිතියට ගරු කරන්න ඕන.. එහෙම නැතිව ආරස්සාව වෙනුවෙන් පිහිටවාගන්නා සංවිධානයකට එයින් ආරස්සා වෙන්න ඉන්න උන්ම පැල් බැඳගෙන නෙලන එක නෙවෙයි යුතුකම... මං බොදු බල සේනා වලට විරුද්ධ නැත්තේ ඒ කාරනේ හින්දයි... හැබැයි අර කිව්ව අඩුපාඩු අවබෝධ කරං ඒවා හරි ගස්ස ගන්න ඕන... බොදු බල සේනාව කල යුත්තේ පාරට වෙලා කෑ ගහන මට්ටමේ වැඩ නවත්තලා දේශපාලන නායකයින්ව හිර කරලා මේකට ඉහල මට්ටමේ කාටත් සාධාරණ පිලිගත හැකි විසඳුමකට යෑමයි... ඒ පාරට බොදුබල සේනාව අරගන්න උදව් කරනවා විනා වචනයකින්වත් ඒකට එරෙහිව කතා කිරීම මට අනුවනං අපිට යුතු නැහැ මේ මොහොතේ.. නැතිනම් අද නෙවෙයි අදින් වර්ෂ ගානක් ගිය තැන අපේ මිනී වලවල්වල අපේම බාල පරම්පරාව කෙල ගහනවට දෙකක් නැහැ...

මං රණවක අයියට බොහෝම මනාපයි... කවදා හරි දවසක උන්දෑ මේ රටේ ලොකු පුටුවකට යනවනං මං ඒකටත් මනාපයි... මහින්ද අයියට පස්සේ මේක කරන්න පුළුවන් කට්ට කයිරාටික වෙට්ට පිත්තල මොලයක් සහ.. මොන දේ කලත් උඩින් මොන දේවල් කිව්වත් යටින් මේක සිංහල අපිට කියලා තියෙන එකම රට කියලා හිතේ තියෙන එකෙක් හැටියට මං ඔය මනුස්සයව දකින්නේ... බලයට එන්න සෝම හාමුදුරුවන්ව වික්කා කියලා කට්ටිය කිව්වට වෙන විදියකට බලයට එන්න ක්‍රමයක් නැත්තං එහෙම හරි ඇවිත් අිට උවමනා දේ කරනවනං ඒ මදෑ... ඒ හින්දා දාහකුත් ජාතියේ උන් ඉන්න ආණ්ඩුවේ රණවක අයියටත් ඉඩක් තියෙන්න ඕන... හැබැයි රණවක අයියගේ දඩි බිඩි ටෝක් හින්දා මෙච්චර කාලයක් අපි වෙනුවෙනු හිටපු දිනේෂ් අයියට හරක් පැටවු වගේ බයින්න යන එකටත් මං විරුද්ධයි... දිනේෂ් අයියලා වගේ මිනිස්සු මොනවා හරි දෙයක් කිව්වම හරියටම කිව්වේ මොකක්ද කියලා හොයලා බලලා කටයුතු කරන්න තරං ඉවසිමක් අපිට තියෙන්නත් ඕන.. එහෙම නැති ගාල කඩා ගත්ත හරක් වගේ කලින් හිටිය එකාට බැනලා දැන් ආව කෙනාව ලොකු කරගෙන කෑ ගහන්න ගියොත් ඉස්සරහට අපි වෙනුවෙන් කතා කරන්න එක බල්ලෙක් නැතිව යනවා... ඒ හින්දා රණවක අයියා වේවා..දිනේෂ් අයියා වේවා..බොදු බල සේනාව වේවා..ඔය කොයිකත් අපේ යහපතට යොදා ගන්න එකයි මේ වෙලාවේ කරන්න ඕන...

කැප්පෙටිපොල වීරයා කරං කලින් හිටිය උන් ඉතිහාසයේ අමතක පොතට යැව්වා වගේ දිනේෂ් අයියට පයින් ගහලා රණවක අයියා උඩ දාන එකවත්... දිනේෂ් අයියලා මත්තේම ඉදන් රණවක අයියලාට එන්න එපා මේක ඇතුලට කියන එකවත් නෙවෙයි කාරිය... බොදු බල සේනා..රණවක අයියලා..දිනේෂ් අයියලා එකතු කරං රටේ ඇතිවෙන්න යන අහිතකර තත්වයක් තියේනං ඒකට පිලියං කරන එකයි.. කෙක්කෙන් කරන වැඩ කෙක්කට..කොක්කෙන් කරන වැඩ කොක්කට බාර දෙන්න ඕන..ඒ දේවල් පටලවගන්නේ නැතිව...

ඒ ඔක්කෝමත් හරි අපේ රනිල් අයියා ගේමට බහින හැඩක් දැක්කමනං මගේ බඩ පපුව හෝස් ගාලා ජාති ආලෙන් දාලා පිච්චිලා ගියා... හනේ දෙයියනේ මේක තමා මහින්ද අයියගේ ආස්චරියට එහා ආස්චරිය...

හා හා ඔය මදෑ... මං ගියා...

26 comments:

  1. අතීතය වර්තමානයට ගැලපිල්ලක්ද මේ.

    හතුරුකං කරන එකෙක්ව මරා දාන්නේ නැත්තේ අපායේ යන්න තියෙන බයට..එහෙම නැතිව උලව් නීතියට බයේ නෙවෙයි.
    ඒකනං ඇත්ත කතාවක් තමයි.

    ReplyDelete
    Replies
    1. /*අපායේ යන්න තියෙන බයට..එහෙම නැතිව උලව් නීතියට බයේ නෙවෙයි*/

      සහතික ඇත්ත

      Delete
  2. පලවෙනි ඡේද තුන ගැන කියන්න වචන නැත. මමත් කල්පනා කර කර හිටියෙත් මේ එකපාරට වුනු දේ අගක් මුලක්. දැන් ටිකක් ලිහාගත්තැකි.

    ReplyDelete
  3. මාරයාගේ මාරම කතාවක් මේක....කැප්පෙටිපොළ කාලේ වෙච්ච දේවල් එහෙම් පිටින්ම තියන පොතක් මට කියවන්න ලැබුනා මේ පහුගිය දොහේ. ඒක ලියලා තියෙන්නේ පෝල් ඊ පීරිස් මහත්තයා ඉංගිරිසියෙන්.. ඒකේ නම TRI SIMHALA. එය දැන් අභය හේවාවසම් පරිවර්ථනය කරලා තියනවා ත්‍රී සිංහලය කියලා.. ඒ පොතේ තියනවා උඩරට කැරැල්ලේ කැප්පෙටිපොළට කලින් යුද සේනා සංවිධානය වු ආකාරය අපූරුවට සාක්ෂිත් එක්කම.. ඒ සේරම සාක්ෂි සුද්දගේ ලියැවිලි හැබැයි.

    ReplyDelete
  4. රණවක උන්නැහැ අතින් දේශපාලනිකව ගෙල සිඳිච්ච උන්නැහෙලගේ ලැයිස්තුවක් කියතෑකි!
    තිලක් කරුණාරත්නත්, එස් එල් ගුණසේකරත් ප්‍රමුඛයි ඒ අතරින්.
    උන්නතිකාමය කියන්නේ මහ බලසම්පන්න දෙපැත්ත කැපෙන කඩුවක්.
    මෙතැන තියන ඔක්කොම කාරණා එක්ක එකඟයි රනිල් ගැන කියාපු කාරණේ ඇරුණම - මේ කාරණේදී නම් රනිල් උන්නැහැ කිව්වේ නම් සහතික ඇත්ත - එක එක නීති මොටද? රටේ නීතියක් තියෙන්නේ - ඒක නැතිවීමේ විපාක නෙව මේ හැමෝම අඩුපාඩුවක් නැතිව බුක්තිවිඳින්නේ.

    [දිනේෂ් ගොයියා වැනුවට උන්නැහැ ඔතෙන්ට ගෙනාපු මහරගම ජනතාව ගැන නොකී එක හරි අඩුපාඩුවක් :-) ]

    ReplyDelete
    Replies
    1. හික්.... මහරගම ජනතාවට ඔන්න ඇඩෙන්න පටන් ගන්නවා...

      Delete
  5. මම දකින විදිහට ශ්‍රී ලංකා දේශපාලනය තුල රණවක කියන්නේ පොරක්... දිනේශ් කියන්නේ හිටපු පොරක්... දිනේශ්ගේ තියෙන එකම වරද සැලකිල්ලෙන් යාවත්කාලීන නොවීමයි...

    ReplyDelete
  6. මං නං හිතන්නේ චම්පික අයියා ඉන්න තැන හොඳටම ඇති. වැඩිය ඉහලටවත් පහලටවත් යවන්න ඕනේ නෑ. රටේ ඉහලම තැන ඉන්න ඕනේ මහින්ද, රනිල්, එස් බී වගේ අය. "රණවක අයියා" වගේ අන්තවාදීන් උඩම පු‍ටුවේ තැබීම එච්චර සුදුසු දෙයක් නෙවෙයි.

    හැබැයි පැත්තෙන් ඒ වගේ ඉන්න ඕනේ මොකද අනිත් අන්තවාදියෝ නියුට්‍රල් කරන්න ඔය වගේ චරිතක් අත්‍යවශයි. මොකද ජාතිවාදී කුණු තමන්ගේ ඇගේ ගාගෙන මුළු දවසෙම ලේ රත් කරන් ඉන්න මම කැමති නෑ .

    ඒ කුණු මං වෙනුවෙන් ගා ගන්න චම්පික වගේ කෙනෙක් (කසල ශෝධකයෙක්?) ඕන වෙන්නේ ඒකටයි.

    ReplyDelete
    Replies

    1. කසල සොදකයෙක් ඕනි නම් උරෙක් හොයාගන්නවකෝ .. අර අමනතුන්ගයා ඉන්නේ

      Delete
  7. මම නම් වෙන දේ බලන් ඉන්නවා ඇර වෙන කොරන්න
    දෙයක් නැහැ කියල තේරුම් අරන් ඉන්නේ ...:(

    ReplyDelete
  8. මේක කියවගෙන යද්දි හිතට ආපුව ඔක්කොම කොටන්න ගියොත් මේ තරම් දිගට නැතත් මේ වගේ භාගයක්වත් කොටන්න වෙනව...

    ලෝකය එක යායයක් අපි හැමෝම එකම මිනිස් කැලක් කියලා හිතන්න තරං මානවයා දියුණු නෑ තාම මිනිස්සු ඉන්නෙ ගල්යුගයෙ කියන කතාව නම් මම දකින්නෙ විහිලුවක්, එහෙමත් නැත්තන් පොඩි ටැග් ලයින් එකක් විදිහට මාරෙ අයියා... සමහර උන් නම් උඹල ගල් යුගයෙ කියන්නෙ තමුන් ඊට ටිකක් උඩින් කියල පෙන්නන්න (උඹට එච්චර ලෙඩක් නෑ කියල දන්නව ;) )... හැබැයි පෙන්නන්නෙ වෙන එකක්...

    මගේ ජාතිය, මගේ ආගම, මගේ කල්ලිය කියල නොහිතන මිනිහෙක් ඉන්නව නම් මම දන්න දහමට අනුව අඩුම තරමින් රහත් වෙලාවත් ඉන්න ඕන... ඉතිං එහෙම එකේ බුරුතු පිටින් රහත් වෙන ට්‍රේන්ඩ් එකක් ඇවිත් හොඳට පැතිරිලා ගියොත් නම් මේ වෙද්දි මෙච්චරක් ගල්යුගෙන් මිදුන මිනිස්සු ඉන්නව තව මෙච්චරක් තාම ගල් යුගයෙ කියල අප්ඩේට් එකක් දවස ගානෙ දෙන්න පුළුවන් වෙයි...

    මොන ආගමක ජාතියක වුනත් මිනිහෙක් තමන්ගෙ ආගම, ජාතිය වෙනුවෙන් කතා කරනකොට මේකා ගල් යුගයෙ කියල කියන උන් බලන් ඉන්න උන්ව ගොනාට අන්දල, එහෙමත් නැත්තන් තමුනුත් ගොනට ඇඳන් අනිත් උන්වත් අන්දල ආතල් එකක් ගන්න එක තමා කරන්නෙ...

    බොදු බල සේනා ගැන මගෙත් තියෙන්නෙ උඹේ මතයමයි... අනිත් කාරණා ගැන ඕනෙ නෑ බන්...

    ආ... රනිල් ලොක්කගෙ ආගමනය දැක්කහම ආශ්චර්ය මොනාද කියල හිතෙනව ;)

    ReplyDelete
  9. චම්පිකලත් ඉන්න ඕන. දිනේශ්ලත්, ඉන්න ඕන. බොදු බල සේනාත් ඉන්න ඕන. රනිල් විතරක් නෙම්යි මොංගල් උන්නැහෙත් ඉන්න ඕන එතකොට තමයි අපට ආතල්. කන්න බොන්න අඳින්න නැති උනත් මේ ආතල බල බලා ඉන්න එකම ආතල් එකක් නේ බං. කැප්පෙටිපොලනම් පැත්ත මරු කලේ සුද්දා රජ කම නොදෙන බව දැන ගත්ත නිසයි. රට ජාතිය පාවා දීපු නම්බර් වන් පොරක් තමයි බලය වෙනුවෙන්...

    ReplyDelete
    Replies
    1. කැප්පෙටිපොළ කවද්ද රජකමට පත්වෙන්න හිටියෙ?ඒ හිටියෙ ඇහැලෙපොළ.ඒකත් වෙන සන්දර්භයක. "රට ජාතිය පාවා දීපු නම්බර් වන් පොරක් තමයි බලය වෙනුවෙන්..."කියලා කැප්පෙටිපොළට චෝදනා කරන කොට හිතලු උඩ එහෙම නොකරණව නම් හොදයි මහත්තයො.

      Delete
  10. චම්පිකලා කියන්නේ සෝම හාමුදුරුවන්ගේ අභාවය පිහිට කරගෙන පාර්ලිමේන්තුවට පැන්න අවස්ථාවාදියෙක්. උන්වහන්සේගේ නම විකුණගෙන කාපු කුජීත දේසපාලුවෙක්.

    ඔහු දක්ෂයි මාකටින් වලට, කාලානුරූපිව තට්ටෙ ගාලා, රැල්ලට, රැල්ල වදින පැත්තට හක පුරවලා සැප ගන්න දක්ෂයා. හලාල් සිද්ධියෙන් වැඩක් අරගෙන නම හිටින වැඩකුත් කරලා, සමාජෙට හොදක් කරයි නොවැ !

    අහෝ සිහල උරුමය !

    ReplyDelete
  11. කැප්පෙටිපොල ගැන කී සමහර කතා ගැන නම් සැකයක් උපදී. නමුත් අර කී පරිදි දිනේෂ් නම් හොඳට හිටි එකෙකි. රණවක උන්නැහේ අවස්තාවාදියා වුනත් උගතෙකි. දෙන්නගෙන්ම ගන්නට වැඩ තිබේ. හැබැයි දැන්නම් දෙන්නගෙන්ම කෙරෙන වැඩක් නම් නැත.

    ReplyDelete
  12. රනිල් කිව්වදේ ගැනනං මට වැරැද්දක් පේන්නෑ...
    අනේ මංදා එයිටවඩානං මං මුකුත් කියන්නෑ..

    ReplyDelete
  13. යකෝ රනිල් ලොක්කා පොඩ්ඩක් වෙනස් උනත් වැරදිනේ මුන්ට,,ඉන්න විදිහත් වැරදී වෙනස් උනාම ඒකත් වැරදි

    ReplyDelete
  14. රණවක ගොයියා හොදයි. හැබැයි දෙන, පොර-ටෝක් වල හැටියට වැඩ නම් මදි වගේ. මොනවා උනත් දියවන්නාවෙ දෙසිය විසිපස් දෙනා අතරෙ ඉන්නම ඕන එකෙක්.

    ReplyDelete
  15. මට නං උබෙයි, අර අට පාස් විමල්ගෙයි වෙනසක් පේන්නෙ නැ :D

    ReplyDelete
  16. මම නම් එදා ඉඳල බොදු බල සේනා පැත්තේ තමයි. හැබැයි උන්දලා කරන ක්‍රමය වැරදියි කියන එක මමත් කියනවා. රණවක සෑහෙන්න අවස්ථා වල ජාතිය ආගම වෙනුවෙන් කතාකරනවා මම දැකල තියෙනවා.

    ReplyDelete
  17. මාරයියා අපායට බය උනාට මමනං බය නෑ ඕං.ඔය කියන තුප්පහි වැඩ මම නොකරන්නේ අපායේ යන්ඩ බය හින්දා නෙමෙයි.මටත් එක එකා ඔය පොඩි පොඩි අසමජ්ජාති පාඩු එහෙම කරලා තියෙනවා.මම ගුටි කාලා තියෙනවා.බැණුං අහලා තියෙනවා.මම දන්නවා එහෙම දෙයක් උනාම තියෙන දුක.ඒක වෙනින් එකෙකුටත් වෙනවට මම කැමති නෑ.ඒක හින්දා මම කැමති නෑ තව එකෙක්ට කෙළවන්ඩ.අපායක් තියේ නං මම දන්න අඳුරන උන් ඔක්කොම යන්නේ එහෙ හින්දා මට බෑ දිව්‍යලෝකේ ගිහිං තනියෙං ඉන්ඩ.මමත් ඇප්ලිකේෂන් එකක් දාලා හරි අපායේ තමයි යන්නේ.

    ReplyDelete
  18. මේ රජයේ ඉන්න ඇමති වරුන්ගෙන් කාර්යක්ෂමම ඇමතිවරුන්ගෙන් කෙනෙක් චම්පක කියන්නේ. ඊට අමතරව දෙයක් දේශපාලනය ගැන කථා කරන්නට කැමති නැත. මොකද, මගේ තර්ක කිරීම් වලින් අවසානයේ ඕනෑම සිද්දියක වරද ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව බව ඔප්පු කර පෙන්විය හැකි නිසා.

    ReplyDelete
  19. //හරියට බැළුවොත් මේකට වඩා භයානක සංවිධාන තමා යූ ඇන් පීය.. පොදු පෙරමුන..ජේවීපිය..එල්ටීටීඊය... මුස්ලිම් කොන්ග්‍රසය..ද්‍රවිඩ සංවිධානය එහෙම කියලා කියන්නේ.. එහෙම සංවිධානවලින් කරපු..කරන හානි වලින් දාහෙන් එකක්වත් බොදුබල සේනාව අතින් මේ ලංකාවට වෙලා නැහැ...//

    මේක නම් අමු ඇත්ත. පොඩි අප්ෂැට් එකක් තියෙන්නේ මාරයියට එක්සත් ජනතා නිදහස් සංධානය ලියන්න අමතක වෙලාද කියන එක විතරයි. තිත් දෙකයි ඩී.

    ReplyDelete
  20. මාරයා අයියා කියල තියෙන කාරණා සාධාරණ වෙන්න පුළුවන්.. ඒත් මේ දරුවෙක්... මොන ජාතියක, ආගමක උණත්, අම්ම තාත්තා මොකා උණත් දරුවෙකුට ජීවත් වෙන්න තියෙන අයිතිය නැති කරන එක මම අනුමත කරන්නෙ නැහැ.... ආයෙම දවසක දෙමළ දරුවන්ගේ ලෙයට ලෙය පලිය ගන්න බිලි වෙන්න සිංහල දරුවන්ට සිදු වෙයිද? මේවයෙ නිමාව කවදද? මලමිනී ගොඩ ගන්න එකටත් මං විරුද්ධයි.. දැන් වැඩ සිද්ධ විය යුත්තෙ සාමය සංහිඳියාව ඇති කිරීමට...

    ReplyDelete