20 February 2013

ඔක්කෝම හරි..අපි වැරදියි...

මේ ටික කිව්වම හුග දෙනෙකුට මාත් එක්ක කන්න තරහක් එයි.. හා හා කලබල වෙන්න එපා..මොකද එහෙම තරහා ගන්න ඔහෙලට ඔට්ටු නැහැ..මොකද ඔහේලා සද්ගුණවත්... එහෙම අයට කේන්ති යන්නේ නැහැ... ඉවසන්න... කේන්ති ගන්න..වෛර බදින්න..මිනී මරන්න..ඒවා ඇහැකි අපි වගේ උන්ට විතරයි... අපි වගේ නරුමයෝ නොවුන සද්ගුණවත් ඔබතුමාලා මංතුමා ගැනත් උපේක්ෂාවෙන්ම බලන්න..ආයේ මොටද අච්චර අය ගැන නැති ද්වේශයක් මං ගැන ඇති කරගන්නේ..ඒක සද්ගුණවත් අයට හොඳ මදි නෙව...

දැන් මේ යුද්ධේ අහවර වෙච්ච ගමන් යුද්ධය මොන විදියෙන් හරි අවසාන වීම හෝ කිරිම ගැන කට ඇරලා ඇති යන්තං කියලාවත් කියා ගන්න බැරිව කටවල් වල පිට්ටු හිර වෙලා හිටිය අය ටික දවසක් යද්දී එහෙං මෙහෙං ඇහෙන කතා අල්ලගෙන කියාගෙන ගිය කතාවක් තිබුනනේ... ඒකේ තැන් තැන්වල එක එක වෙනස්කම් තිබුනා උනත් පොදුවේ මෙන්න මෙහෙම කතාවක් තමා මට අහන්න ලැබුනේ..

“ප්‍රභාකරන් මලේ නිකංම වෙඩි වැදිලා නෙවෙයි... අන්තිම මොහොතේ කට්ටියම යටත් වෙන්න ඇවිල්ලා... අනිත් උන්ට වෙඩි තියලා ප්‍රභාකරන් ඇතුළු පවුලේ අයව අත්අඩංගුවට අරං... චොපර් එහෙක දාගෙන පනාගොඩටත් ගෙනාවා කියන්නේ... ගෝඨාභය ගාව දණ ගස්සලා ප්‍රශ්න කලාලු... එහෙම කරලා තමා අන්තිමට මරලා දාලා තියෙන්නේ.. මරලා තියෙන්නේ ගජබා එකේ කොල්ලෙක් පොරවකින් ඔළුවට ගහලලු... එයිට පස්සේ තමා වෙඩි තියලා මිනිය ආයේ ගෙනිහිල්ලා වතුරට දාලා ගොඩ අරං තියෙන්නේ... පවුලේ අනිත් අයවත් එහෙමම මරලා දාලා“

ඔන්න කතාව... රයිටෝ උනා හෝ නොවුනා ඒත් මං මේ වෙලාවේ කැමතියි ඒක එහෙමම හෝ එයිට සමාන ආකාරයකට සිද්ධ උනා කියලා හිතන්න... මොකද කොහොම කිව්වත් කට්ටියම යුද්දෙ මැදදි සාමාන්‍ය ආකාරයට වෙඩි වැදිලා මලේ නැහැයි කියලා කියන කතාවනේ ඔප්පු කරන්න යන්නේ... එහෙම සාමාන්‍ය ආකාරයට වෙඩි වැදිලානං ප්‍රභාකරන් සහ පවුලේ සාමාජිකයින් මලේ ආයේ එයින් එහාට කතාවක් නැහැනේ.. දැන් කතාව තියෙන්නේ ඔය කට කතාවට අදාලව හින්දා අපි ඒ පැත්තටම කතා කරමු.

හරි ඔය කියපු ආකාරයට උනානම්... එකේ ඇති යුක්තිය අයුක්තිය ගැන තීරණය කරන එක පහසු වැඩක්ද..? 

ජ්‍යාත්‍යන්තර යුධ නීතිය... මෑණියන්ගේ වස්ත්‍රය... ඉරාකයේ සදාම්ට නැති... ලිබියාවේ ගඩාෆිට නැති... අර බින් ලාඩ්න් කාරයාටත් නැති මානව හිමිකම්.. යුධ නීති අරවා මේවා ඔක්කෝම තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ සිංහල දෙමළ මුස්ලිම් බහුතරයකට කාලකණ්නි අත්දැකීම් රැසක්  උරුම කරලා දුන්න ප්‍රභාකරන්ට විතරයි...

හරි ඔන්න අපි බොක්කට කෙලින් කතා කරමු... ඇත්තටම ප්‍රභාකරන් ඔය කියන ආකාරයට යටත් උනා කියලා.. දැන් මොකද අපි කරන්න ඕන... සාමාන්‍ය ක්‍රමය යටතේ කොළඹට ගෙනල්ලා නීතිය යටතේ කටයුතු කරලා අවුරුදු සීයකට හෝ තුන් හාර සීයකට හිරේට නියම කරන එක..? එහෙම නැත්තං මරණ දණ්ඩනය නියම කරලා වැලිකඩ වාට්ටුවක හිර කරලා තියන එක..? ඔය දෙක ඇරෙන්න මේ ලංකිවේ දැනට කරන්න පුළුවන් මහ ලබ්බක් නැහැනේ... හරි ඔය ටිකත් කරලා දැම්මා කියමු... දැන් ඔන්න ප්‍රභාකරන් වැලිකඩ ඉන්නවා... පවුලේ අයත් ඔය නේවි එක භාරයේ හරි කොහේ හරි ඉන්නවා අර විජේවීරගේ කට්ටිය වගේ...

කමක් නැහැ එහෙම උනානං ඒකත් හරි කියමුකෝ... ඒත් කාලයත් එක්ක ඒක එහෙමම තියේවීද..? අරෙහෙන් ඉන්දියාවෙන් ඉල්ලනවා එයාලගේ නඩු අහන්න කියලා... නොදී තියා ගන්නද..? ඒකට කියන්න වෙන්නෙත් මණියන්ගේ වස්ත්‍රය තමා කියලම තමයි. යකෝ අපේ මුහුදු තීරෙට අනවසරයෙන් එන මාළු බෝට්ටු කාරයෝ ටික අත් අඩංගුවට ගත්තම දවස් දෙකක් යද්දී නඩු නැතිවම නිදහස් කරලා උන්ට බාර දෙන්න වෙන එකේ මේ ප්‍රභාකරන්ව තියා ගතෑකිද නීතියට අනුව උන් ඉල්ලද්දී... 

දැන් කියයි මොකට දෙනවද කියලා... මෑණියන්ගේ නෙවෙයි මිත්තණියගේ වස්ත්‍රය... අපි මේ නැව් ටෝක් දුන්නට ඉන්දියාව නෙලන්න ගත්තොත් අපිට වෙන හරිය මං නොකිව්වට කියවන හැමෝටම හිතේ කොනකින් හරි හිතා ගතෑකිනේ... අනික ඉන්දියාව නෙලන්න ගත්තොත් ඔය කියන එක්සත් ජාතීන්ගේ මොකක් එකයි..පොදු රාජ්‍ය මණ්ඩලේද මොකක්ද එකයි.. මහ බවලතුන්ද බලවතුන්ද කියන උනුයි මේං කියලා අපිව බේරගන්න ඉන්දියාවට නෙලයිද...? වස්ත්‍රයම තමා...

අන්තිමට ප්‍රභාකරන් නවතින්නේ තමිල්නාඩුවේ... හිර ගෙදර ඇතුලේ රජෙක් වගේ ඉන්න ගමන් ආයෙම  ඉන්දිය රජයේ පූර්ණ අනුග්‍රහය මතම මෙහෙ පටන් ගන්නවා ආයෙමත් පරණ කතාවම... සමහර විට ඉන්දියාව නොයිල්ලුවත් කැනඩාව හරි නෝර්වේ හරි වගේ රටවල් වලින් එහෙං මෙහෙං දත කාලා හරි ප්‍රභාව ඒ රටකට ගන්නවා ගන්නවාම තමා... අන්තිම දවස් ටිකේ මෑන්ව ගෙනියන්න උන්දලා දත කාපු හැටියට කට්ටිය කියනවනං හපෝ එහෙම වෙන්නේ නැහැ.. ප්‍රභාකරන්ට සදා කාලිකව ලංකාවේ හිර ගෙදරක තමා ඉන්න වෙන්නේ කියලා... මං ආයෙම මතක් කරනවා අර මෑණියැන්දැගේ වස්ත්‍රය...

මොකා මොන ධර්ම ටෝක් දැම්මත්.. කල යුතුව තිබුන එකම දේ තමා ප්‍රභාකරන්ගේ කතාවට තිතත් තැබීම... ඒක නීතියට අනුව කරන්න තියෙන ඉඩ බොහෝම අඩුයි නම් නීතිය පැත්තකින් තියලා හරි ඒක අහවර කරන එක කල යුතුම කාර්යයක්... හා බයින්න බයින්න... මට ඇති වෙනකල් බයින්න... ඒත් කොච්චර බැන්නත් මං ඉන්නේ ප්‍රභා අවසන් කල යුතුයි කියන තැනම තමා... ඒක මගේ විතරක් නෙවෙයි මේ රටේ බහුතරයක් විසින් පිළි ගන්න කාරණයක්... බහුතර කැමැත්තනේ අර ප්‍රජාතන්තරේද කොහේද කියලා කියන්නේ... අනිත් වෙලාවට ඒක හොදයිනං මේ වෙලාවට විතරක් නරක් වෙන්න හැටියක් නැහැනේ...

හරි ප්‍රභාව අවසන් කල යුතු නිසා අවසන් කලා.. ඒත් ඇයි අර කුඩා දරුවව..? ඇත්ත දරුවෙක්ට එහෙම කලක් යන එක යුතු නැහැ. ඒත් මේ සාමාන්‍ය දරුවෙක් නෙවෙයි... රටක් වෙනස්කල හැටි... ජාතියක් වෙනස් කල හැකි ශක්තියක් උරුම කරං ආව දරුවෙක්... ප්‍රභා මැරිලත් ඒ වග නොපිලිගන්නා උන් ඉන්න ලෝකෙක... මැරිලා අවුරුදු ගානක් ගියත් මැරිච්ච ප්‍රභාකරන්ට පණ දෙන්න දගලන් උන් ඉන්න ලෝකෙක... බාලචන්ද්‍රන් වගේ උන්ට ඕන විදියට පාවිච්චිකල හැකි ආයුධයක් නිරුපද්‍රිතව තැබීම...? ඒක සාමාන්‍ය තත්වයක් නෙවෙයි.. අනිත් දේ තමා ප්‍රභාව අත්අඩංගුවේදි මරා දැම්මා නම්.. ඒ බවට සාක්කි දෙන්න ආයේ වෙන කවුරුවත් ඕනද..? ඔය තියෙන්නේ සුපිරි සාක්ෂියක්... “අප්පාව පණ පිටින් අල්ලා ගත්තේ“ කියලා එක පාරක් ඔය කටින් කියඋනාම ඒ මදෑ ලෝකෙටම... මොකද ඒකා ඒක නොකියා හිටිවිද..?

තත්වය කණගාටු දායකයි තමා... ඒත් වෙන මොකක්ද කල යුත්තේ..? රටක අනාගතය... රටේ නිදහස දිනා දුන්න රණවිරුවන් කැලකගේ අනාගතය... එකම එක සාධකයක් මත පරදුවට තැබීම..? එහෙම තිරණයක් ගනී ඔය පන්සලක දායක සභාවක වගේ තීරණ ගන්න උදවියනං.. ඒත් රටක් පාලනය කිරීම කියන්නේ පන්සලක දායක සභාවට වඩා බරපතල කාරණයක්... එතනදී හදවත කියන දේට වඩා දෙයක් අහන්න වෙනවා.. කරන්න වෙනවා... විශේෂයෙන්ම දශක කිහිපයක් තිස්සේ පීඩා වින්ද ප්‍රශ්නයකදී... දාහකට එකක්වත් නොලැබෙන තරමේ අවස්ථාවක් ලැබුන වෙලාවක ඒක ඉවර කරනවද නැත්තං පොල් ගගා ඉන්නවද කියලා තීරණය කරන්න උන වෙලාවක... ඔයිට වඩා ගන්න තීරණය මොකක්ද..?

පොඩි එකෙක් ගැන කණගාටුවක් තියෙනවා තමයි කොයි කාටත්... ඒ දරුවාගේ තාත්තා ලෝකේටම පහල වෙච්ච තිරිසන්ම ඝාතකයෙක් උන වරදට පුතාටත් මරණය කියන එක නෙවෙයි කාරණය... එහෙම නැතිනං තමන්ගේ ජාතියේම කුඩා ළමුන්ට යන්තං ඇවිදගන්න පුළුවන් වෙද්දී කරට සයනයිඩ් කරලා එල්ලලා අතට තුවක්කුව දීලා අගලකට දාලා වෙඩි තියන්න දාද්දී..ඒ වයසේම තමන්ගේ පුතාට සෙල්ලං කාර්.. පිනුං තටාක උරුම කරලා දෙද්දී ඒ පුතා ඒවා භුක්ති වින්ද වරදටවත් නෙවෙයි... ඒවා වෙනම කතා... මෙතන තියෙන්නේ ඝාතකයාව කොයි විදියෙන් හෝ අවසන් කිරීමත්.. ඒ අවසන් කිරීම ඉදිරියට ප්‍රශ්නයක් නොවන විදියට අවසන් කිරීමත්... මං හිතන්නේ ඒක හැකි උපරිම අයුරින් සිද්ධ උනා... ආදරයේදිත් යුද්ධයේදීත් ඕනෑම දෙයක් සාධාරණය කියලා අත පිහිදගන්න වෙන එක කණගාටුවට කාරණයක් උනත් වෙන කල හැකි යමක් තියෙනවද..?

නිය පොත්තෙන් ගහලා කඩන්න තිබුන දේ වතුර පෝර දාලා ලොකු කරලා අන්තිමට පොරවකින්ම ගහලා අවසන් කරන්න උනාට පස්සේ ආයෙම එතැනින්ම තව තවත් දළු දාන්න තියන්න කටයුතු කරනවද..? නැත්තං රටක දස දහස් ගනන් දරුවන්ගේ යහපත උදෙසා එක අප්‍රසන්න තීන්දුවක් ගන්නවද..? ඔච්චරයි හිතන්න තියෙන්නේ...

අමතක කරන්න එපා මං මේ කිව්වේ අර උඩින් මං කියාපු කට කතාව ඇත්ත නම් පමණක් කියලා... අග මුල පටලෝගෙන දගළන ඒවට මට කරන්න දෙයක් නැහැ...
------------------------------------------------

නිවන් දකින්න මට තව සෑහෙන කලක් යයි.. ඒත් මොනවා කරන්නද..? සැදැහැවතුන් නිවන් පාරේ ඒකට බාධා කරන උන්ට ගහන්න මරන්න එන උන්ට තඩි බාන්නත් මොක්කුම හරි ඉන්න එපෑ... අපි පරක්කු වෙලා හරි එන්ට බලන්නං ඔය සැදැහැවතුන් ඔහොමම ඉස්සරහට යන්න ආපහු හැරිලා අපිට බැනලාවත් තමුන්ගේ ගමන ප්‍රමාද කර නොගෙන... 

253 comments:

  1. ඔය ෆොටෝ එක මෙච්චරකල් කොහෙද බං තිබුණෙ.

    ReplyDelete
  2. //කොච්චර බැන්නත් මං ඉන්නේ ප්‍රභා අවසන් කල යුතුයි කියන තැනම තමා... //

    මමත් ඉන්නේ ඒ තැනම තමයි මම කීයටවත් ආසා කලේ නෑ ඒ තිරිසනයි පවුලේ අයයි යුද්දෙකදි මැරුණා කියලා හිතන්න මට ඕන කලේ උන් අපා දුක් විඳලා විඳවලා මැරුණා කියලා හිතන්න

    අරන්තලාවේ ඝාතන විතරක්ද මතකද සඳරු අයියා දාලා තිබුන පොටෝ ටික අර ගාමණි ෆිල්ම් එකේ නොකියවුනු කතාවේ පෝස්ටුවත් එක්ක....

    ඒවා දකින කොට මටත් මුගේ එක මයිලක් හරි ඇදලා ගලවන්න තිබ්බනං කියලා හිතෙනවා ඒ තරම් කේන්තියි

    ඒ විතරක් නෙමෙයි මේ කාලකන්නියා‍ මගේ යාළුවෙක්වත් මරලා දැම්මා පිළියන්දල බෝම්බෙන් මට මූ එක්ක තියෙන තරහා තාම නැතිවෙලා නෑ හැබැයි වෙන දෙමළ මිනිස්සුත් එක්ක මට කිසිම තරහක් නෑ

    ප්‍රභාකරන්ගේ දරුවෝ මරපු එක එක්තරා විදියකට සාධාරණයි කොහොම කිව්වත් තමන්ගේ තාත්තාව ත්‍රස්ථවාදියෙක් කියලා පුතා දකින එකක් නෑ ඒ නිසා අනිවාර්යෙන් පුතා පළිගන්න තිබ්බා

    දැන් ඉතින් කියපල්ලා උඹලා බෞද්ධකම තියාගෙන ඉන්නේ කටින් විතරයි කියලා එතකොට මම අහන්නේ අම්මගේ කිරි බිබි හිටිය පොඩි එවුන්ව කපලා කොටලා මරලා දාන්න අණ දීපු තිරිසනාගේ දරුවෝ මැරුවාම විතරද පව් කියලා....

    ReplyDelete
    Replies
    1. මට මේ බ්ලොග් ලියන බහුතරයකට කියන්න තියෙන්නෙ මෙච්චරයි....... ප්රභාකරන් මැරිම නම් සාධාරණයි....... ඒත් ඔහුගේ පුතා(හිතල මැරැව නම්)මැරැවනම් ඒක සාධාරණය කරන්න බැ කොහොමවත්..... ඔහු තමන්ගේ පියා අනුගමනය කරයිද නැද්ද කියන එක වෙනම කාරණයක්......... ඒත්........ ඒත් ඒ අසරණ දරැව ඒකට මොනා කරන්නද??? එයා වෙනම කෙනෙක්.........එයාව තාත්ත යන මාර්ගයෙන් වෙනස් මාර්ගයකට ගන්න තිබ්බ...... ඒක බැරි නෑ.............. මේ කමෙන්ට් කියවද්දි මට හිතෙන්නේ මේක බුදුන් 3පාරක් වැඩි දේශයද කියල........ උබල බවුද්ද කියන්නත් මට ලැජ්ජයි.......... වවෙරයෙන් වෛරය සන්සිද්දෙන් නෑ මචන්ලා

      Delete
    2. අතිගරු එතකොට ප්‍රභා අපේ බඩදරු අම්මලව කපල කොටල මැරුව එක ගැන මොනවද හිතෙන්නේ. උඹේ පවුලේ එකෙක්වත් මේ ත්‍රස්තයට බිලිවෙලා තියනවද?බොරු සෝබන නැතිව ඇත්ත කියපං.

      Delete
    3. @ගැමියාගේ පත් ඉරුව

      //මම අහන්නේ අම්මගේ කිරි බිබි හිටිය පොඩි එවුන්ව කපලා කොටලා මරලා දාන්න අණ දීපු තිරිසනාගේ දරුවෝ මැරුවාම විතරද පව් කියලා//

      බාලචන්ද්‍රන් මැරුවා කියලා අම්මගේ කිරි බිබි හිටිය පොඩි එවුන්ට පණ එන්නේ වත් ඒගොල්ලන්ට සාධාරණය ඉෂ්ඨ වෙන්නේ වත් නෑ.

      Eye for an eye තියරිය තියෙන්නේ යුදෙව්වන්ගේ බයිබලේ මිසක් ත්‍රිපිටකයේ කොතනකවත් එහෙම කතාවක් නෑ.අවෛරයෙන් පමණක් වෛරය සංසිදේ කියලා මේ බෞද්ධ මහත්තුරු අහල ඇතිනේ

      Delete
    4. @charmie:

      බුද්ධ ධර්මයයි බෞද්ධ සංස්කෘතියයි පටලගත්තම ඔහොම හිතෙනවා. ත්‍රිපිටකය ඉස්සරහට දාගෙන කවදාවත් යුද්ධ කරන්න බැහැ . එහෙම බලනකොට අපි යුද්ධ කරපු එකත් වැරදියි. ප්‍රභා මරපු එකත් වැරදියි. කොටින්ම උන් වෙඩි තිව්වත් අපි මයිත්‍රී කර කර ඉන්න ඕනෑ .

      //බාලචන්ද්‍රන් මැරුවා කියලා අම්මගේ කිරි බිබි හිටිය පොඩි එවුන්ට පණ එන්නේ වත් ඒගොල්ලන්ට සාධාරණය ඉෂ්ඨ වෙන්නේ වත් නෑ.//

      එහෙමනම් ප්‍රභාකරන් මරුවා කියලත් අපේ මැරිච්ච දහස් ගණන් මිනිස්සුන්ට පණ එන්නෙත් නෑ . බාල චන්ද්‍රන් මැරුවේ ඒවාට පලිගන්න කියලා කියන්නේ කොහොමද?

      Delete
    5. යුද්ධෙයකදී සාන්තුවරයෙක් ලෙස කටයුතු කරන්න යැයි නොකිව්වෙමි. ප්‍රභාකරන් නොමැරුවානම් එතන ප්‍රශ්න වැලක් .ඒත් බාලචන්ද්‍රන් මැරීමෙන් ලැබෙන කෙංකෙඩියක් නැත.

      කේපී වගේ මුදල් සපයපු, ආයුධ විකුනපු ත්‍රස්තවාදීයෙක් ආණ්ඩුවේ ආරක්ශාව සැපයීමත්, බාලචන්ද්‍රන් වගේ පොඩි ලමයෙක්(Did you saw his face) ඒ වගේ මරාදැමිම ගැන මේ දේශප්‍රේමී ජනතාව කතා නොකරන්නේ ඇයි

      Delete
    6. යුද්ධ කරන එක "හරිය" කියන්න බැ කාටවත් මිනිසත් කම අගය කරනවා නම් . නමුත් ප්‍රායෝගික දේශපාලනික සංදර්භයකදි යුද්ධය වලක්වන්න බැරි වෙන්න පුලුවන් , එහෙමය කියල යුද්ධයකදි කුඩා දරුවන් මරන එක අනුමත කරන්න බෑ , ඒක යුධ අපරාධයක් විදිහට ලෝකයම පිලිගන්නේ ඒකයි . කොහොම වුනත් හිංසාවෙන් තොරව සටනක් ජයගන්න පුලුවන්ය කියල ගාන්ධි , මැන්ඩලා , මාටින් ලූතර් වගේ අය ප්‍රායෝගිකවම පෙන්වලා දීල තියන බව සයුරිට මතක් කරන්න කැමතියි !

      Delete
    7. ප්‍රභාකරන් අහිංසක දෙමල සිංහල මුස්ලිම් මිනිස්සුන්ගේ දරුවෝ මැරුවා ඒ කරපු ක්‍රියාවට සමානුපාතික ප්‍රතික්‍රියාවක් විදියට උගේ දරුවෝ මැරු‍ණා‍

      අනික යුධමය පැත්තෙන් හිතුවාමත් රටේ අනාගත ආරක්ෂාව ගැන හිතුවාමත් මේ කරපු දේ ඇරෙන්න වෙන ‍විකල්පයක් නෑ මොකද මෙහෙම වෙයි මෙහෙම නොවෙයි කියලා උපකල්පනය කරලා මේවා විසඳන්නත් බෑ

      විජේවීරගේ දරුවෝ හොඳට ඉන්නවා ඒ හොඳ පිරිසක් බලාකියාගෙන උගන්නපු නිසා ප්‍රභාකරන්ගේ දරුවෝ කියන්නේ මේ රට බෙදන්න බලාගෙන ඉන්න එවුන්ට මසුරන් වගේ උන්ට දරු‍වාගේ ජීවිතේ නෙමෙයි වැදගත් වෙන්න තිබුනේ ඒ ලමයගේ හිත එක එක පාටින් පාට කරලා මේ රටටම විරුද්ධව ආපහු එව්වනම් ප්‍රභාකරන්ටත් වඩා දරුණු වෙනවා ඒ තමන්ගේ පියාගේ ජීවිතේ පලිය ගන්නත් එයා බලාගෙන එන්න ඉඩක් තිබ්බ නිසා එහෙම එකෙක්ව නවත්තන්න ලේසි නෑ

      දැන් මමත් කිව්වේ මෙහෙම වෙන්න තිබුනා කියලා ඒ වෙන්න තිබ්බ දේ බයානක වැඩි නිසා අපේ හමුදාවත් ඒ විදියට හිතන්න ඇති ඉතින්

      Delete
    8. //ප්‍රතික්‍රියාවක් විදියට උගේ දරුවෝ මැරු‍ණා‍// " මැරුණා" මොකද මල්ලි ප්‍රත්‍ය වෙනස් කරන්නේ. 'මැරුණා" නෙවෙයි "මැරුවා".

      "අපේ හමුදාව අවුරුදු දොළහක් වත් වයස නැති බාලචන්ද්‍රන්ව මැරුවා"

      ඇයි ඕක කෙලින් කෙලින් කියන්න බැරි

      පොල් කඩන එකාගේ පුතා පොල් කැඩිය යුතුය. අද්වකාත්ගේ පුතා පමණක් ලොයර් විය යුතුය වගේ වැඩ වසම් තියරි යල් පැනල ගොඩක් කල්. තාත්තා බේබද්දා කියලා පුතා බේබද්දෙක් වෙන්නේ නෑ. මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන්.

      ඔය පොඩි එකාට වැඩිය කේපී රටේ ආරක්ෂාවට තර්ජනයක් නොවෙන නිසා වෙන්න ඇති තාමත් පණ පිටින් ඉන්නේ

      Delete
    9. ඔව් ඔව් අයියේ මැරුවා තමා වයසට ගිහින් නෙමෙයිනේ මැරුණේ.... මැරිලා ඉවර නිසයි මැරුණා කිව්වේ සිංහල අප්සට් එකක් වෙන්න ඇති සමාවෙන්ඩෝ...

      මම කියන්නෑ පොල් කඩන එකාගේ පුතා පොල් කඩන්න ඕන කියලා එහෙම නොවෙනවනම් මම කැමතියි

      ඒ වගේම තමා මේ ‍දරුවා වුනත් හොඳ එකෙක් වෙනවනම් මම කැමතියි

      ඒත් අහලා ඇතිනේ ගිණි පෙලෙල්නේ බැට කාපු මිනිහා කණාමැදරි එලියටත් බයයි කියලා

      Delete
  3. සහතික ඇත්ත. ඔය තරම් බලවත් ඇමෙරිකාව ඔසාමව පණ පිටින් අල්ලාගෙන මැරුවාය කියන්නේ.. කුදලාගෙන ඇවිත් ලෝකෙටම පෙන්නන්න තිබුනනේ. එහෙම කරන එකේ අවදානම නිසයි මැරුවාය කියන්නේ ? එහෙම නැතිනම් ඇත්තටම මැරුවේ.

    ෆොන්සේකා මහත්තයත් කියල තියෙන්නේ ඔය ලමයව හමුදාවට හම්බ වුනේම නැහැ කියලා..

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත කතාව. ඕකව මරන්න තිබුනේ ඔහොම නෙවෙයි.අපේ ඉන්නවනේ බත් කන මීහරක් උන් මොනවා කිව්වත් සැලෙන්නේ කවුද

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඕකා මරන්න තිබුණෙ සුද්දගෙ ක්‍රමෙට වෙඩි තියල නෙවේ සිංහල බෞද්ධ කරමෙට කටුකම්බි දාල දර්ම චක්කරේ ගහලා.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අපිට නම් සති දෙකයි බන් සති දෙකයි . . .

    ඒක කිව්වෙත් ඔය මැරිච්ච මනුස්පයාම තමා . .

    හික්ස්

    ReplyDelete
  7. මහ නරක හමුදාවක්... මෑණියැන්දගෙ වස්තරේ.. ;)

    සිරාවට මාරෙ අයියෙ ඔය සැදැහවත්තු හිතන් ඉන්නෙ ලංකාවෙ තිබුනෙ යුද්ධයක් නෙමෙයි ඔට්ටු සෙල්ලම් කිරිල්ලක් කියලද දන්නෙ නෑ නේද?...

    ReplyDelete
  8. සම්පූර්ණයෙන් එකගයි.. මිනිස්සු විදපු දුකට ඔහොම කරල මදි කියලයි මට නම් හිතෙන්නෙ.. ඒ මිනිහා කවදාවත් දරුවො වෙන් කරල මැරුවෙ නෑනේ අනික දැනටත් ඔය රටවල ඉන්න කොටි නටන්නෙ මේ මහ එකා කරපු දේවල් නිසානෙ.ළමයි කියලත් වෙනසක් වෙන්නෙ නෑ. ඔය විදිහටම හැදිලා රටටම වින කරන උන්.

    ReplyDelete
  9. යුද්දේ අවසාන මොහොතේ පින්තූර තියෙන්න් හමුදා සෙබලුන් අතේ විතරයි නේ. ඒවා කොහොමද පිටරට ගියේ කියලා හොයලා බැලුවනම් නරකද?

    ReplyDelete
    Replies
    1. මමත් ඊයේ කල්පනා කලා.

      Delete
    2. @Pravin Indranama

      Oh just pretend that you don’t see this writing of sheer hatred and just comment on the technical facts. Bravo

      Delete
  10. ඔය ගැන කතාකරලා වැඩක් නෑ මාරයො අපේ උන්ට කවදත් මුල මතකත් නෑ මැද මතකත් නෑ අද මතකත් නෑ .

    ReplyDelete
  11. කොල්ලව ඉතුරු කරන්න ?
    වස්ත්‍රයම තමා... !!!

    ReplyDelete
  12. ඉන්දරේ අයියාගෙ ප්‍රශ්නෙම තමා අහිංසක මටත් ආවෙ?.. කෝමද මාරයෝ ඔන්න මං කොමෙන්ට් එකක් දැම්මා...

    ReplyDelete
  13. ඕක වුනාම කියමුකෝ. මේ ලෝකේ සත්‍ය වසන් වෙච්ච් එකම සිද්දියි ඕකද? ඇමරිකාව කොයි තරම් දේවල් වල සත්‍ය වසන් කරනවද ? මයිකල් ජැක්සන් මරුනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. @සු දී ක
      හරියට වසන් කරලා නැති එකයි මෙතන වසන් කරානම් මෙතන ගැටළුවක් නැහැ. හරියට වසන් කරානම් අරවගේ චායාරුප ලීක් වෙන්න බැහැ. අපි හැම කෙනෙක්ම යටින් රියල් එකේ අශ්ශීල මිනිසෙක් දාමරිකයෙක් මිනිමරුවෙක් ඉන්නවා ශිෂ්ඨාචාරගත වෙනවා කියන්නේ ඒක වසන් කරලා අපි එලියට පෙන්නන රියලිටි එකට තමයි. මෙතන අවුල වෙලා තියෙන්නේ වෙස් මුහුණ යටින් තියන අශ්ශිලත්වය එලියට එන එකටයි. යුද්ධය කියන්නේ රියලිටි ෂෝ එකක් නොවෙයි රියල් තමයි. ආතල් එකට පින්තුර ගත්ත පුද්ගලයෙකුගේ ගේ (රණ විරුවෙක් වෙන්නත් පුළුවන්) පින්තුර ගැනීමේ ආතල් එක නිසා රටක් නිර්වස්ත්‍ර කිරීම දැඩි වරදක් නොවෙයිද? ඇත්තටම අපි කල යුත්තේ අරන් තලාවේදී උන් කිරිබොන ළමයි මැරූ නිසා අපිත් මරනවා යැයි කීම (ඉහත ගැමියාගේ තර්කය) වැනි උන් කල නිසා පලි ගැනීම මිනී මැරීම සාධාරණිකරණය කිරීම නොව මේ චායාරුපයෙන් පසු පොඩි ප්‍රභාකරන් ට වෙඩි තැබීමට සිදුවූ සිදුවීම පිලිබඳ ශිෂ්ඨ විදියට කතාවක් ගෙතීමයි. ලාංකිකයාගේ අර්බුදය ඇත්තේ මෙතැනයි. තේරුම් ගන්න පුළුවන් අයට තේරෙයි අපිට රියල් එක කවර් කරන රියලිටි එක හදන්න තේරෙන්නේ නැහැ රියලිටි එක කියන්නේ ප්‍රබන්ධයක්.ඒ ප්‍රබන්ධය විශ්වාෂ කිරීම තමයි ශිෂ්ඨ සමාජය කියන්නේ. අපි අමුවෙන් රියල්. උදාහරණයක් තමයි මේ ලිපිය සහ කමෙන්ට්.

      Delete
    2. //ඇත්තටම අපි කල යුත්තේ අරන් තලාවේදී උන් කිරිබොන ළමයි මැරූ නිසා අපිත් මරනවා යැයි කීම (ඉහත ගැමියාගේ තර්කය) වැනි උන් කල නිසා පලි ගැනීම මිනී මැරීම සාධාරණිකරණය කිරීම නොව මේ චායාරුපයෙන් පසු පොඩි ප්‍රභාකරන් ට වෙඩි තැබීමට සිදුවූ සිදුවීම පිලිබඳ ශිෂ්ඨ විදියට කතාවක් ගෙතීමයි//

      Revenge is bad but this writing is much worse

      Delete
    3. උදිත සමග එකගයි. මේක යථාර්තය කලමණාකරණය කරගන්න නොහැකි වීම නිසා වෙච්ච අවුලක්.

      Delete
    4. @charmie Guruge

      මම නම් ඕකට කියන්නේ සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක විතරයි තව කොච්චර මෙතන වාද කලත් වැඩක් නෑ

      හැබැයි මගේ තාත්තා ත්‍රස්ථවාදියෙක් වුනොත් ඒ මගේ තාත්තා නිසා මට ඔහොම වුනා නම් අනිවාර්යෙන් පළිගැනීමේ චේතනාවක් ඇතිවෙන්න පුළුවන්

      Delete
  14. ප්‍රභා ගැන නෝ කතා. දරුවව බේරන්න තිබ්බා. අපේ මනුස්සකම පෙන්වන්න. පොඩි එකාට අර පොලිසීයේ වෙපන් හොයන්න යන කතාව කියලා ශේප් කර ගන්න තිබුනා. මොනම ආකාරයකින්වත් හිත හදා ගන්න බෑ. මාරයට දරුවෝ නෑනේ. ඔය දුක තේරෙන්නෙ දරුවෝ ඉන්න උන්ට විතරයි...

    ReplyDelete
    Replies
    1. දරුවෙකුගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටීම ගැන ස්තුතියි ඔබට... මරා දැමීම හොදයි කීමවත් මල මිනී ගොඩ ගැනීමවත් නෙවෙයි දැන් වෙන්න ඕන.... ඇත්තම සාමය සංහිඳියාව වෙනුවෙන් හඬක් නැගීම සහ වැඩ කිරීම....

      Delete
    2. මාරයට දරුවො හිටියට කියල වෙනස්ක් නෑ මෙයාට රාජපක්ෂගෙ බෙට්ටත් සුවඳයි . ආණ්ඩුවෙ හොරනැ වල කියන රෙද්දවල් හිස් මුදුනින් පිලිගන්නවා මිසක් ලෝකයේ වෙන්නේ මොකක්ද කියල තේරුම් ගන්න ඕනි කමක් නෑ . අවම වශයෙන් ඊයේ ඔය ෆෝටෝ දාපු වෙනත් රටවල වෙබ් සයිට් වල කමෙන්ටු කියෙව්වා නම් ලෝකයා මේ වගේ සිදුවීම් දකින විදිහ හිතාගන්න තිබුනා

      Delete
    3. thank you Mathalan. i agree with you and it is brave of you to stand up and tell the truth ... that an innocent child should not have been killed ... i am very troubled by this article ... CT i thought you were a humanist. very disappointed.

      Delete
    4. මහින්දගෙ බෙට්ටක් නෙමෙයි ඕන එකක් කියපන් මට නම් මේකට හිත හදා ගන්න නම් බෑ. අනික මහින්දගෙ බෙට්ට සුවඳනම් මම මක්කටද මේ ගැන දුක හිතන්නේ..

      Delete
    5. මාතලන් මොනවද බිව්වේ ? , මම කියල තියෙන්නේ මාරයට මිසක් උඹට නෙවෙයි

      Delete
    6. මම තේරුම් ගත්තේ වෙන විදියකට බුවා. මට සමාවෙයන්. උබේ මනුසත් කමට මම හිස නමා ආචාර කරනවා. ඒ වගේම උඹ අන්වර්ට පිළිතුරු දේන සංයමයත් මා ඉතා අගේ කරණවා. සොරි බුවා...

      Delete
    7. බලාගෙන ගියාම බ්ලොග් ලියන කියවන ගොඩක් උනුත් ප්‍රභාකරන්ලමනේ...

      Delete
    8. කියන්න දෙයක් නෑ මාතලන්... ඔබට ස්තූතියි!

      Delete
  15. අම්මගෙ රෙද්ද. වේලුපුල්ලෙගෙ පුතා මළාට අඬන සක්කිලි, සිංහල ගෑණුන්ගෙ බඩ පලා ගැබ් පොළවේ ගසන කොට මොකද හිතුවේ?

    මට නම් ඌ මැරෙන්න මාස ගණනකට කලින් උගේ පවුලම මැරෙනවා දකින්න ඕන වුනා. ඒක වුන වෙලාවේ කියන්න බැරිව මාධ්‍යකාරයෝ අනාගත්තට, මම නම් දැන ගත්තේ ඒ වෙළාවෙමයි. මට දුක උගේ හත්මුතු පරම්පරාවම නොමැකුව එක ගැනයි. මිනිස්කමට නොගැලපෙන උන් උපදින එක නතර කරනවා නම් වඩා හොඳයි. තමන්ගෙ දරුව වගේම අනුන්ගෙ දරුවන් සමව නොදකින එකා බිහි කරන්නේ ද උගේ වර්ගයේ තිරිසනෙකි. වේලුපුල්ලෙ ද බිහි වුනේ එලෙසමය.

    ReplyDelete
    Replies
    1. //වේලුපුල්ලෙගෙ පුතා මළාට අඬන සක්කිලි//

      //තමන්ගෙ දරුව වගේම අනුන්ගෙ දරුවන් සමව නොදකින එකා බිහි කරන්නේ ද උගේ වර්ගයේ තිරිසනෙකි//

      බලාගෙන.. ළමයි එහෙම හදන්න එපා !!!!

      Delete
    2. //සිංහල ගෑණුන්ගෙ බඩ පලා ගැබ් පොළවේ ගසන කොට මොකද හිතුවේ?// - මේක හැලුනේ උඹේ ඇස් පොට්ට නිසා ද?

      //බලාගෙන.. ළමයි එහෙම හදන්න එපා !!!!// - උඹටත් ඒකමයි වෙන්න ඕන (උඹේ පවුලම මැරෙනවා දකින්න මට ඕන.).

      Delete
    3. මගේ දරුවා වුනත්, බඩ දරු අම්මා කෙනෙකුගෙ බඩ පලල දරුවො අරන් පොළවේ ගහන තරම් ම්ලේච්ඡ නම්, මම ඌ විතරක් නොවේ ඒ ලේ තියෙන හැම එකාම මකන්නෙ මගෙ අතින්මයි. ඒ එතරම් කෲර වැඩ කරන උන් මිනිසුන් නොවන නිසයි. ඒ වගේ වැඩ කරනවා නම් මටත් එහෙමයි. තමුසෙලාට දෙමළු කරන ඒවා පෙනෙන්නේ නෑ නේ ද? හිතාගන්න පුළුවන්.

      Delete
    4. http://www.mediafire.com/?c0zadw5ss7kma6d

      මේකත් බලන්නකෝ කවුරු කවුරුත් කිරි බොන ලමයිව මරලා තියෙන හැටි බලන්න

      Delete
    5. such hatred by buddhist sinhalese ... where is your compassion... where are your standards? a child is an innocent!

      Delete
    6. @renukamendis,

      //such hatred by buddhist sinhalese.//
      Did you say that to me? Sorry, I am not a Buddhist, nor I believe that I am Sinhala. Indeed, I hate Buddhists and see them as silent mass murderers hiding behind beautiful words like compassion. They drive humans to extinction. They killed more Sinhalese (All in N-E) by their belief bought from Tamils.

      //where is your compassion?// - My compassion is only for those who PROTECT LIFE. Those who kill and those who would kill in the future got something much worse than my hatred.

      //where are your standards?// - I have a simple standard. Being human, if you kill others other than for self defence, you have no right to life.

      // a child is an innocent!// - Tell that to those parents who abort so many children. Unless we know how to control who becomes children, we are inviting devils to be born as humans. Indeed, people like you are devils in human form. You want us to show compassion to the worst criminal that we know in modern times. Prabha can kill our children. We must love his children. Go to hell. Sorry go back to Portugal. Portuguese/Dutch/English/Tamil/French can kill and grab our land. We should not kill and grab their land. That is your kind of standard. Isn't it? You are on the wrong planet. Kill the killers or you die on this planet. It is THE HISTORY.

      I wish you know how much I have contributed to the death of evil killers. Every day killers die because of some knowledge I offered to the humans. Whether you like it or not, Tamils will be extinct soon.

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ප්‍රභා යනු සමාන්‍ය කැරළිකරුවෙක් නෙවෙයි, දේශපාලුවෙකුත් නෙවෙයි, දාමරිකයෙකුත් නෙවෙයි.. මිනිහෙක්ගේ මොලය වෙනස් කරලා අනුන්ගේ කීමකට මැරෙන්න මිනිස්සු පුරුදු කරපු එකෙක්.. තමන්ගේම මිනිස්සු මරපු මානසික ලෙඩෙක්.. ගමේ චණ්ඩියගේ පුතා චණ්ඩියෙක් නොවුනත් මේවගේ මිනිහෙක්ගේ ළමයෙක් එහෙම වෙන්නෑ කියන්න පුලුවන් කාටද?

    අනික දැන් ඔය තියන දරුකැක්කුම් එකක්වත් අරන්තලාවට ගහද්දි තිබුන්නෑ, නිවාඩු එන ආමි කොල්ලන්ගේ බස් වලට ගහද්දි තිබුන්නෑ..

    ඒ කාලේ කොහෙන් හරි අහපු දැකපු කතාවක් තාමත් මගේ මතකේ තියෙනවා,
    "බල්ලෙක් බළලෙක් මැරුනත් අනේ අපොයි කියන මේ බෞද්ධ රටේ, ප්‍රභාකරන් මැරුණ දවසේ උත්සව සිරියක් ගත්තා, කිරිබත් ඉව්වා..." ලංකාවේ බහුතරයක් මේ මතේ තාමත් ඉන්නවා කියලා මම හිතනවා...

    ReplyDelete
  18. ලංකිකයන්ගේ පිනට විය යුත්ත විය යුතු විදියටම වෙලා තියනාව මාරේ.. එපමණයි.

    ReplyDelete
    Replies
    1. නලින් ඔබ කොමෙන්ට් නොකලානම් වඩා හොඳයයි සිතමි...

      Delete

  19. බර අවි ප්‍රහාර එල්ල වෙද්දී ප්‍රබා විතරක් මැරිලා ,පුංචි පුතා
    බේරන්න පුළුවන් කමක් නැහැනේ..

    අනික් දේ කිව්වොත් ඉතින් ඔය ළමය 100% අහිංසක කෙනෙක් උනත්
    එයාගේ මොළේට වයිරය දාල , ආයෙම එයා වටා ලොකු බලයක් ගොඩ
    නගාගෙන ප්‍රභා ගිය ගමනම යනවා ..

    ඒකෙ දෙකක් නැහැ.

    ReplyDelete
  20. මාරයා අයියා කියල තියෙන කාරණා සාධාරණ වෙන්න පුළුවන්.. ඒත් මේ දරුවෙක්... මොන ජාතියක, ආගමක උණත්, අම්ම තාත්තා මොකා උණත් දරුවෙකුට ජීවත් වෙන්න තියෙන අයිතිය නැති කරන එක මම අනුමත කරන්නෙ නැහැ.... ආයෙම දවසක දෙමළ දරුවන්ගේ ලෙයට ලෙය පලිය ගන්න බිලි වෙන්න සිංහල දරුවන්ට සිදු වෙයිද? මේවයෙ නිමාව කවදද? මලමිනී ගොඩ ගන්න එකටත් මං විරුද්ධයි.. පාර්ශව දෙකම තාමත් යන්නෙ වැරදි පාරේ.... මනුස්සකම රකින පාරෙ නෙවෙයි. දැන් වැඩ සිද්ධ විය යුත්තෙ දෙපාර්ශවයේම සාමය සංහිඳියාව ඇති කිරීමට...

    ඔක්කොමත් වැරදියි... අපිත් වැරදියි මාරයියේ... මට නම් හිතෙන්නෙ එහෙමයි... තාමත් අපි බොහෝ දෙනෙක් වැරදි හදාගෙන නැහැ..

    ReplyDelete
  21. මම මාර අයියගෙ කියවපු හොඳම පෝස්ටුවක්. ප්‍රභාකරන්ව කොහොම මැරුවත් එකයි මට නම් . ඔයිට වඩා දස වද දීල මැරුවා නම් තවත් හොඳයි. මේ රටේ දන්න කාලෙක උන එකම හොඳ යුද්ධය ඉවර උන එක විතරයි. ඒක ඉවර උන එකත් ඇණයක් වේගෙන එන්නේ බිල් ලාඩන්ගේ දරුවන්ව ඇමෙරිකාව මැරුවේ කොහොමද දන්නෙ නෑ නේද ?

    ඔය පින්තූර කොහෙන් කොහොම ආව ඒවද කියන එක ගැන නම් සාධාරණ සැකයක් ඇති වෙනවා. මොකද මුලදී එළියට නොආපු ඒවා ඩොලර් මිලියන ගණන් වලට වෙන්නැති දැන් දැන් එළියට එන්නේ. ඔක්කොම පැත්තකින් තියලා ඒක හෙව්වනම් හරි..

    ReplyDelete
    Replies
    1. //ඔයිට වඩා දස වද දීල මැරුවා නම් තවත් හොඳයි//

      මේ හිත් වල පැසවන වෛරය කවදා නිවෙයිද, අන්න එදාට මේක ලස්සන තැනක් වෙයි ජීවත්වෙන්න.

      Delete
    2. හිතවල වෛරය කියන් එක හැමෝටම ඇති වෙන්නෙ නෑ. අපි උපන්නෙ යුද්ධය එක්ක. හැදුනේ වැඩුනේ යුද්ධය එක්ක. මගේ ලොකු අම්මගෙ පුතා මැරුනේ ඒ යුද්ධය වෙනුවෙන් ජීවිතය දීලා. අපි ගෙව්වේ කොහොම ජීවිතයක්ද ? කොයි වෙලේ පුපුරයිද? කොයි වෙලේ මැරෙයිද ? ඒ වගේ මානසිකත්වයක් අපිට දුන්නේ කවුද ? එතකොට ඒ මනුස්සටයාට වෛර කරන එක වැරැද්දක්වත් පාපයක්වත් නෙමේ.. ප්‍රභාකරන් ජීවත් වෙලා යුද්දේ තවමත් ඉතුරු වෙලා තිබුනා නම්...මේ ලෝකෙ ලස්සන වෙයි නේද ?

      Delete
    3. සිංහල, දෙමළ රාමුවෙන් එළියට ඇවිත් "මනුස්සයෙක්" විදියට බලන්න හැම කෙනාටම බැරිබව මම දන්නව.

      Delete
    4. //සිංහල, දෙමළ රාමුවෙන් එළියට ඇවිත් "මනුස්සයෙක්" විදියට බලන්න හැම කෙනාටම බැරිබව මම දන්නව.// - මිනිස්කම පිළිකුල් කරන උඹ අමනුෂ්‍යයෙකි.

      Delete
    5. මම කොහෙත්ම සිංහල දෙමළ රාමුවකට කොටු වෙලා නෑ. මම දෙමළ මනුස්සයින්ව ආශ්‍රය කරනවා. ඒ ගෙවල් දොරවල්වලට යනවා. ඒ අය අපේ ගෙදර එනවා. අපි එකට කනවා. දෙමළ මනුස්සයෝ ඔක්කොම ත්‍රස්තවාදී කියන ලාබ මානසිකත්වයේ මම නෑ. ඒත් ප්‍රභාකරන් කියන්නෙ ත්‍රස්තවාදියෙක්. යුද්ධය ඇස් දෙකේ තියාගෙන රටේ කොටසක් ඉල්ල ගන්න දහස් ගණනක් මරපු මිනී මරුවෙක්. එහෙම කෙනෙක් ට වෛර කරන්න මට පුළුවන්. හැබැයි එහෙමයි කියලා දෙමළ ඔක්කෝටම වෛර කරන්නෙත් නෑ.

      යුද්ධයක් පටන් ගත්තේ ප්‍රභාකරන්. ඒ යුද්ධෙට පිළිතුරු දෙද්දී හුඟක් දේ වෙන්න ඇති. ඒක සාධාරණද අසාධාරණද කියලා හිතන්න ගියානම් මේ රටේ සිංහල, දෙමළ ඔක්කෝටම ප්‍රභාකරන්ගේ වෙඩි පාරට පපුව අල්ලන්න විතරයි ඉතුරු වෙන්නේ. යුද්ධේ තියෙනකම් යුද්දෙට බනින මිනිස්සුම ඒක ඉවර උනාම, ඒ යුද්ධය පටන් ගත්ත එකාව මරපු විදිය අසාධාරණයි කියලා මොර දෙනවා. සාමයෙන් කරන් යුද්ධයක් ලෝකයේ නෑ. යුද්ධයක් පටන් ගත්තම් දෙපැත්තෙම අයට අසාධාරණකම් වෙන එක නවත්තන්න බෑනේ..දැන් යුද්දෙ ඉවරයි. මොන දේ මොන විදියට තිබුනත් අඩුම තරමින් යුද්ධයක් නැති රටක අපි අද ඉන්නවා. එහෙම උනේ හොඳින් හරි නරකින් හරි ප්‍රභාව මරපු නිසයි.

      බස් පුපුරලා සිංහල දෙමළ නැතුව හැම මනුස්සයෙක්ම එකට කෑලි කෑලි වෙනකොට... ගම්මානවලට පැනලා සිංහල දෙමළ නැතුව හැම මනුස්සයෙක්ම කෑලි කෑලි වලට කපනකොට..ප්‍රභාකරන් ඉන්න ඇත්තෙ මොන රාමුවෙද ?

      ඇත්ත ඒකයි. යුද්දෙ ඉවරයි . ඉවර වෙද්දී අසාධාරණකම් හුඟක් වෙන්නැති. ඒවා අතීතයට එකතු උන දේවල්. අද අපි නිදහසේ ඉන්නවා නම්...අද යුද්දයක් රටේ නැත්තම්... හමුදාවෙන් හෝ රජයෙන් කරපු ඒ හැම දෙයකටම අපි හැමෝමත් දායකයි. කාගෙ හෝ අතින් ප්‍රභාකරන්ව මැරුවා නම් ඒ අපි සහ අපේ ඉදිරි පරම්පරාවේ අනාගතය වෙනුවෙන්. ඒ පව් අපි උඩත් තියෙනවා.

      Delete
    6. @ලිහිණි
      ලිහිණි ඔයාගේ තර්කය ඔයාට හරි ඔයා පිලිගන්නවා කොටින්ගෙන් වසර 30ක් බැට කාපු සිංහලයෝ බහුතරය පිලිගන්නවා ඇත්ත තමයි එත් මෙතෙන්දි රටක් විදියට මෙහෙම පටු විදියට හිතන්න බැහැ . මෙතෙන්දි තමන්ට සහ තමන්ගේ ගෝත්‍රයට පිටින් බාහිර ලෝකයක් තියනවා ඔයා ඔලුවෙන් හිටගෙන කිව්වත් ළමා ඝාතනයක් පිටතින් ඉන්න කිසිම ශිෂ්ඨ සම්පන්න මිනිහෙක් අනුමත කරන්නේ නැහැ.
      වෙන විදියකට කියනවනම් කියන්නේ ඔය උත්තරේ එලියට හරියන්නේ නැහැ වෙන රටවල් වල මිනිස්සුන්ට ඕක කියන්න බැහැ. ලංකාවේ ඇතුලේ පවා අර පොලිසිය ආයුධ හොයන්න ගිහින් සිදුවන ගැටුමකදී තමයි අත් අඩංගුවේ ඉන්න වැඩිහිටි පාතාල සමාජිකය පවා මිය යන්නේ නැතිව පාතාලේ එකෙක් මූ මිනී මරුවෙක් හින්ද පොලිසිය වෙඩි තියනවා නොවෙයි.
      බොරු උනත් පිළිගතහැකි කතන්දරයක් කියනවා නම් උන් මැරුව හින්ද අපිත් ළමයි මැරුව වගේ දේවල් කියන ඇත්තට වඩා හොඳයි. නැත්නම් අපිත් සත්තු වගේ වෙනවා.

      Delete
    7. හොඳ වෙලාවට ජිනීවා වල උන් සිංහල බ්ලොග් බලන්නෙ නැත්තේ . ඒත් මේවත් ට්‍රාන්ස්ලේට් වෙලා යනවනම් උන් කියන්නේ ඇත්ත බව සක් සුදක්සේ ඔප්පු වෙනවා. අප කතා කරන්නේ ප්‍රභා ගැන නොවේ. මේ දරුවා ගැනයි..

      Delete
    8. අනෙ අනේ උදිතයියා...මගෙ කොමෙන්ට් මුල ඉඳලම බලන්න. මම ළමයා ගැන වචනයක් කතා කරන්නෙ නෑ. අර තිරිසන් ප්‍රභාකරන් ගැන විතරයි.. මුලටම ගිහින් බලලා එන්න. ළමයා මරපු එක මම අනුමත කරන්නෙ නෑ. ඒක ගැන කතා කරන්නෙත් නෑ..

      Delete
    9. //ළමයා මරපු එක මම අනුමත කරන්නෙ නෑ.//
      මේ වාක්‍යයට ස්තුතියි ලිහිණි. හමුදාවේ හිටිය මගේ බොක්කේ හොඳම යාළුවෝ මේ යුද්දෙන් මැරුණ එකේ වේදනාව මමත් දන්නවා. ඒත් අපි අතින් වරද්දක් වුනා කියන හැගීම සහ වැරදි නිවැරිදි කර ගැනීමේ හැකියාව මිනිසත්කමේ මහඟු දායාදයයි. මෙහෙම දේවල් නොවුනානම් හොඳයි ඒත් වුනානම් වැරැද්ද වරදම තමයි ඇයි අපි ඒවා නිවැරිදි කර ගත නොයුත්තේ.

      Delete
    10. //යුද්ධයක් පටන් ගත්තේ ප්‍රභාකරන්.// යුද්ධය පටන් ගත්තෙ දෙමල අයට අසාධාරන විදිහට සලකපු දිගින් දිගටම වෙනස් කරපු සිංහල බහුතර ආන්ඩු. ප්‍රභාකරන් කියන්නේ ඒකට විරුද්ධව දෙමල සමාජයෙන් ආපු ප්‍රතික්‍රියාව නිරූපනය කරන රෝග ලක්ෂනයක්.

      //ගම්මානවලට පැනලා සිංහල දෙමළ නැතුව හැම මනුස්සයෙක්ම කෑලි කෑලි වලට කපනකොට..ප්‍රභාකරන් ඉන්න ඇත්තෙ මොන රාමුවෙද ?// මේ වගේම මිලේච්ඡ වැඩ අපමන රජයේ හමුදාවත් කලා. 88/89 කාලයේ කැරලි ගහපු සිංහල අයට රජයේ හමුදාව සලකපු හැටි ඔබ දන්නවා ඇති. දෙමල සමාජයත් අපමන එවැනි අමානුශිකකම් වලට මුහුන දුන්නා.ඔබ කොල පාට කන්නාඩියක් දමාගෙන ලොව දෙස බලන විට ලෝකයම පෙනෙන්නේ කොල පාටටය.කන්නාඩිය ගලවා තබා බලන්න. ලෝකය කොල පාට නැති බව පෙනේවි.

      Delete
    11. //88/89 කාලයේ කැරලි ගහපු සිංහල අයට රජයේ හමුදාව සලකපු හැටි ඔබ දන්නවා ඇති.//

      කොහෙත්ම නෑ. මොකද මම ඉපදිලා අවුරුද්දයිනේ..කියවාපු දේවල් විතරයි දන්නෙ :)

      මට හිතෙන්නෙ එකම එක දෙයයි. අනේ අපරාදේ එහෙනම් ප්‍රභාකරන් මැරිලා ගියේ. රජයෙන් අරහෙම කලා නම් ප්‍රභා කොහොම කරපුවම මොකද කියලා මුළු කොළඹම එක පාර පුපුරන්න තිබුනේ.... :)

      ඔබේ පාට නැති ප්ලේන් කණ්නාඩියෙන් බලද්දී එහෙමනෙ පේන්න ඕනෙ..විකාර..

      Delete
  22. කියන්න වදන් නෑ... සහතික ඇත්ත....
    වඳ පීදිච්ච කෙහෙල් ගහක් ගලවනකොට වටේ ඉන්න මොටෙයියොත් ගලවන්නෙ ඒවා ලොකු වුනත් හැදෙන ගස් වඳ පීදෙන නිසා....
    මම දන්නෙ එච්චරයි.

    ReplyDelete
    Replies
    1. මේක තමයි හොදම උත්තරය

      Delete
    2. කනගාටුයි අල්කෙමියා. ඔබ ලාංකික දරුවන්ට ආදරය කරන්නේ හදවතින්ද.. නැතිනම් ජන්ප්‍රියතාවය සඳහාද...? මේ ප්‍රශ්ණය නැගුවා කියා ඔබ මා හා අමනාප නොවනු ඇතයි සිතමි.

      Delete
    3. කණගාටු වෙන්න එපා මාතලන්...
      මටත් මේ පින්තූරය දැක්කම දුක හිතුනා.. මම මිනිහෙක් තියා සතෙක්වත් මරණවට කැමති මිනිහෙක් නෙවෙයි...
      නමුත්, මෙහෙම කියන අපි කී දෙනෙක් දුමින්ද මැරෙයි කියලා බලං හිටියද ? ප්‍රේමදාස මැරුණාම රතිඥ්ඥ පත්තු කළාද ? ප්‍රභාකරන් මලා කිවුවම කිරිබත් ඉව්වද ?
      මේ රටවල කරන්නෙ සතෙක් මැරෙන්න යනව නං ඌට ඉන්ජෙක්ෂන් එකක් දීලා ඌට තවත් දුක් විඳින එකෙන් මුදවනවා.
      හොඳයි මාතලන්ම හිතලා බලන්න, මාරයා කියපු දේවල වැරැද්දක් තියෙනවද කියලා...
      ඔසාමාගෙ මිනිය පුච්චන්නෙ නැතුව මුහුදෙ ගිල්ලුවෙ ඒකා වීරයෙක් කරයි කියන සැකයට. මෙතනත් ඊට වඩා වෙනසක් දකින්නෙ නෑ... ආයුධ පෙන්නන්න ගිහින් මාංචු පිටින් මැරෙන පාතාලයොත් ඉන්නවා... සමහර දේවල් තියෙනවට වඩා නැති තරමට හොඳයි...
      මම හිතන්නෙත් ඒ විදියට... මානුෂිකත්‍වය එක දෙයක්, ප්‍රායෝගිකත්‍වය තව දෙයක්... ලටපවා ගන්න එපා....

      Delete
    4. දුමින්ද එවෙලෙම වෙඩි හුවමාරුවෙන් මැරුණා නම් සතුටු වනවා මිසක්. ඔහුව මැරුවොත් මම සතුටු වෙන්නේ නෑ. ප්‍රේමදාස මැරුණාම මට ඇති වුනේ දුකක්. අද ඒක එදා කිරිබත් කාපු කාටත් දැනෙනවා ඇති. ඔහි සිටියානම් මේ රට ආර්ථික අතින් ඉහලටම ගමන් කරණවා. ප්‍රභා මැරුණම සතුටු උනාට. ඒ සතුටු වුනේ ප්‍රභාකරන මරා දැමීම ගැන නොවේ. තස්තවාදය අවසානය සනිටුහන් කල නිසා. මා ප්‍රභා මරා දැමු ආකාරයත් කිසි සේත් අනුමත කරන්නේ නෑ. මතක තබා ගන්න එළාරගේ සොහොනටත් ගරු කළ මිනිසුන් අපි. මට ඒ ඡායාරූප දෙස බලා සතුටු වන්නට නම් කිසිසේත්ම බෑ. ඇතිවන්නේ කනගාටුවක් හා කළකිරීමක් පමණයි. එසේ නොවන්නේ නම් ප්‍රභා අහා අප අතර ඇති වෙනස කුමක්ද...?

      Delete
    5. ///ඒ සතුටු වුනේ ප්‍රභාකරන මරා දැමීම ගැන නොවේ. තස්තවාදය අවසානය සනිටුහන් කල නිසා.///

      මට පේන විදිහට කවුරුත් මෙතන බාලචන්ද්‍රන් දරුවා මැරුවා කියලා සතු‍ටු වෙන්නේ නෑ.....සතු‍ටු වෙන්නේ ත්‍රස්ත්‍රවාදය යලි හිස ඒසෑවීමේ හැකියාවත් නැති කරා කියලා...

      ඒ දරුවගේ මරණය ගැන හැමෝටම කණගා‍ටුවක් කලකිර්රිමක් තියෙනවා...මාතලන් ප්‍රභා මරලා දාපු දවසේ ත්‍රස්ත්‍රවාදය ඉවර උනා කියලා සතු‍ටු වෙනවා ව්ගේ බාලචන්ද්‍රන් දරුවාගේ මරනය දැකල ත්‍රස්ත්‍රවාදය යලි හිස ඒසැවීමේ හැකියාවක් නැතිඋනා කියලා තමයි....මට නං තේරුනේ ඒ වගේ දයක් තමයි...

      Delete
    6. විජේවීරගේ දරිවොත් ත්‍රස්තවාදින් වූවාද...? කඹරගොයා තලගොයා කර ගන්න එපා මයියා. මට ඔබ ගැනත් කනගාටුයි. අප කතාකරන්නේ මනුෂ්‍යත්වය ගැනයි...

      Delete
    7. ස්තූතියි මාතලන් ඔබ මා ගැන කණගා‍ටු වීම ගැන...

      මටත් පොඩ්ඩක් මෙතන සමහර අය ගැන කණගා‍ටුවක් තිබෙනවා...ඒ ඒගොලන්ට තමන්ගේ හිතටවත් අවංක වෙන්න බැරී වීම ගැන......

      නැවත වතාවක් ඔබ මා ගැන කණගා‍ටු වීම ගැන ස්තූතියි...හදවතින් කණගා‍ටු වෙන්න පුලුවන් හොද මනුශ්‍යයෙකුට වගේම හොද මිත්‍රයෙකුට....

      Delete
  23. ඕනම කාරණාවක් දෙපැත්ක් තියනවනෙ, ඒත් අපි හැමෝම දකින්නෙ අපි "කැමති" පැත්ත විතරයිනෙ. අනිත් පැත්ත වැරදිලා හරි දැක්කොත් සු‍ටුස් ගාල අහක බලාගන්නව. එහෙම නැත්නම් රටේ ලෝකෙ තියන සේරම තර්ක දාල තමන්ට අනුව ඒක සාදාධාරණීය කර ගන්නව. ඒක ඕනම මනුස්සයෙක් තමන්ගෙ ගැලවිජ්ජාවට යොදාගන්නා ක්‍රමයක්, සමහරුන්ට අනුව ඒක "හරි" තවත් සමහරුන්ට ඒක "වැරදියි"

    තාත්ත කෙනෙක් විදියට මට දුකයි අර පොඩි එකා මැරුන එකට, ඒ දුක වෙන ඕනම ළමයෙක් මැරුනම දැනෙන දුකට වඩා වැඩි නෑ. ඒ පොඩි එකාගෙන් ත්‍රස්තවාදියෙක් දෑක්කෙ නෑ. දැක්කෙ අසරණ බැල්මක් තියන තව පොඩි එකෙක් විතරයි.

    ඒ පොඩි එකාම කැමා කිට් එකක් ඇඳල, මූණත් පාටකරගෙන, තුවක්කුවක් කරේ තියාගෙන, ඒ තුවක්කුවෙන්ම මරාපු තවත් මනුස්සයෙක්ගෙ පපුව උඩින් කකුල තියාගෙන මහ උජාරු බැල්මෙන් හිටිය නම් මට අර අනුකම්පාව දෑනෙනෙ එකක් නෑ.

    හැබැයි ඒ අවස්ථා දෙකේම භෞතිකව ඉන්නෙ එකම ළමයෙක්. මම ඒ ළමයා දැක්ක විදිය විතරයි වෙනස් උනේ. ළමයා කියල මගේ හිතේ තියන පින්තූරෙට වඩා වෙනස් නම් ළමයා කෙරෙහි යොමුවිය යුතුයි කියල "මගේ හිතේ තියන" දැක්ම ඒ විදියටම "මේ ළමයා කෙරෙහි යොමු වෙන්නෙ නෑ. [ඒක හරියට කළු කැත අහිංසක කමක් නැති ළමයෙක්ට වඩා, තළෙලු අහිංසක, හුරතල් ළමයෙක්ට ආදරේ හිතෙනව වගේ]

    පෝස්ට් එකට සෘජුවම අදාල නැතත් මේකත් කියන්න ඕනෙ,

    යමෙක් මිනිහෙක් මරණවනම් ඒ කෙනා "මිණී මරුවෙක්මයි" ඔහු නියෝජනය කරන පාර්ශවය මොකක් උනත්. රට, ජාතිය ආගම ??? වෙනුවෙන් මැරුවත්, තමන්ගෙ වත්තෙ වැට එහා මෙහා කරනවට අල්ලපු ගෙදර එකාට වෙඩිතියල මැරුවත් ඒක මිණී මැරුමක්.

    හැබැයි සමහරුන්ට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඒත් වෙඩි කාපුඑකා මැරිලත්, වෙඩි තියාපු එකා මිණී මරුවෙක් වෙලත් ඉවරයි !!!

    මිණීමැරුම් ගැන කාට හරි ආඩම්බරයෙන් කථාකරන්න පුළුවන් නම් ....... අනේ මන්දා ..... !!!!

    ReplyDelete
    Replies
    1. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ දරුවා මැරුණ එක නෙවේ නවම්..
      ඒ දරුවා හිටියනම් , ඒ පිටින් ආයෙම ප්‍රභාගේ ගමනම යනවා..

      ඒ ළමය මැරුණ එකෙනුත් දැන් කරන්නේ මිණි ගොඩ අරන් කන
      එක..ඒ නිසා මෙහෙම තැන් වලදී පුංචි, කේන්ද්‍රීය දේවල් ගැන
      නොහිතා අවුරුදු 20, 30 ඉස්සරහට රටක් විදිහට බලන්න ඕනේ..


      අනික කිසි සේත් ඔය පුංචි අහිසක කොලු පුන්චෙක් නෙවේ..
      මීළඟ කිරුල හිමි , කුමරු ..( ජීවත් උනා නම් )

      Delete
    2. "සිංහල" රාමුව ඇතුලෙන් පේන්නෙ ඔහොමයි ඒක ඒ රාමුවට හොඳයි. "පිට" ඉඳල බැලුවම පේන්නෙ ඔයිට වඩා වෙනස් විදියට. රාමුවෙන් එහාට යන්න බැරිකම දුර්වල කමක්.

      Delete
    3. //යමෙක් මිනිහෙක් මරණවනම් ඒ කෙනා "මිණී මරුවෙක්මයි"//

      උඹ කියන විදියට මිනීමරුවෙක් මැරීම වැරදියි. ඒ කියන්නේ මිනීමරුවන් හරි කියල. මිනීමරුවන්ට මෛත්‍රී කරන උඹ මිනිස් වර්ගයා වඳ කිරීමට මාන බලන සමූලඝාතකයෙකි.

      Delete


    4. මචන් nawam මට මෙතන මගේ පුද්ගලික ජීවිතේ දේවල් කියන්න
      බැහැ , ඒත් මමත් කවදාවත් සිංහල , දෙමළ , මුස්ලිම්
      කියන කෝණෙන් මේ ප්‍රශ්න දිහා බැලුවේ නැහැ..

      නමුත් මන් ඉතාම වගකීමෙන් කියනවා ඔවුන් එසේ නැහැ..
      කුමන මොහොතේ හෝ වාඩුව ගැනීමට ඔවුන් සිටින්නේ..
      ඒ නිසා අපිටත් අපේ මෛත්‍රී කෑල්ල ගලවන් ඉන්න වෙනවා..
      නැත්නම් ජුන්ඩක් තරම් දෙයක් වත් ඉතුරු වෙන්නේ නැහැ..

      ප්‍රභාගේ මූලාරම්බය කොහොම උනත් , අන්තිමට ඔහු හිටියේ
      වියරු වැටිලා .දෙමල සිංහල මුස්ලිම් ඕනේ කෙනෙක් මරල තමන්ගේ
      ගමන යන තැනක..

      එනිසා ප්‍රභාකරන් සමග ඇති වූ දෙයක් දෙමල සිංහල ආරවුලක් නෙවේ..
      ත්‍රස්තවාදය අතර ගැටුමක් විතරයි..

      දැන් ඒ ගැටුම යාන්තන් ඉවරයි ( දරුණුම අවස්ථාව ) , ඉතුරු ටිකත්
      කොහොම හරි ඉවර කරන් යද්දී අනවශ්‍ය මෛත්‍රී දේවල් පටලවන්න
      එපා..

      මාව මැරුවොත් මිනිස්සු 1000 ගානක් ජීවත් වෙන්න වරම් ලබනවා නම්
      pls එක පාර මා මරන්න ..

      Delete
    5. මට උඹ ගැ ලැජ්ජයි සයිලන්ට් සහන්... මේ හැඟිම්බර ළිපි ලියන පුද්ගලයාමද. කෝ ඔයාලගෙ මනුස්සකම..

      Delete
    6. මගේ මතය හා මං හිතන විදිය ලිව්වට පස්සේ එයින් එහාට ඒ ගැන දක්වන ප්‍රතිචාර වලට පිළිතුරු දෙන්න තරං දෙයක් නැහැ කියලා හිතන හින්ද මං කරන්නේ අනිත් අයගේ අදහස් කියවන එක විතරයි. ඒත් මාතලංගෙන් මට අහන්න එකම එක ප්‍රශ්නයක් තියෙනවා.

      දරුවෙක් ඉන්නම ඕනනං දරුවෙක් මරන එක ගැන දුක හිතෙන්න හෝ එහි වරදක් දකින්න... මාතලංගේ කවුරුවත්ම හිරේ නැති හින්දද හිරකාරයින්ට වෙඩි තියලා දැම්මට අවුලක් නැහැ කියන තැනට මාතලං ගියේ... ඒකෙයි මේකෙයි වෙනසක් නැහැ වගේනං අවුලක් නැහැ. :D

      අනිත් අය මොන අදහස දැරුවත් මට කිසිම ප්‍රහ්නයක් නැහැ.. ඒත් හිරකාරයෙකුගේ අයිතීන් වෙනුවෙන් නැති මාතලංට කොහොමද මෙතනදී විතරක් මානව දයාව පහල උනේ.. අන්න ඒකයි මට තියෙන ගැටළුව.

      ඒ ඇති...

      Delete

    7. මචන් මාතලන් මෙතන තියෙන්නේ දරුවෙක් ගැන ප්‍රශ්නයක් නෙවේ.
      දරුවෝ කාගේ උනත් දරුවෝ.මෙතන වෙන්නේ පොඩි හුරතල් ළමයෙක්
      පෙන්නලා ගන්න මහා විසාල කෙමනක් ..

      මේක බන් තව ලක්ෂ ගානකගේ ජීවිත ගැන ප්‍රශ්නයක් බන්..මන් මෙතන
      අහිංසාවාදිය වගේ

      " කව්රු කරත් ඕවට නම් හෙණ ගහන්න ඕනේ " කියලද කියන්න ඕනේ ?

      නැත්නම් මෙතන අපේ ඇහෙට වැලි ගහල කරන විගඩම එලි කරන එකද
      කරන්න ඕනේ???

      මටත් පුළුවන් එහෙනම් "යකෝ මටත් දරුවෝ ඉන්නවා " කියල
      කියන්න ..ඒත් මෙතන තියෙන්නේ බන් වෙන දෙයක්..

      මෙච්චර කාලෙකට පස්සේ එකපාරට ප්‍රබාගේ පුතා..මෑණියන්ගේ වස්තරේනේ
      බන්..

      පොඩ්ඩක් හිතපන් උබම දන්නවා , උබ රිසාන ගැන පෝස්ට් දාද්දි කී දෙනෙක්
      පණ දෙන්න , ආණ්ඩුක්‍රම විවස්තාව වෙනස් කරන්න, සංදේශ යවන්න හිටියද ?

      ඒත් රු 100 දෙන්න කෙනෙක් හිටියද ? මෙතනත් තියෙන්නේ මාතලන්
      බොරු සෙනෙහස මවා පෙන්නීමක් මේ පුහු මිනිස්සුන්ගේ ..

      අන්න ඒක තේරුම් ගන්න ..මට නම් ඔහොම ඕනේ නැහැ .ඔතනදි
      මන් ඉන්නේ පියෙක් විදිහට අපෙන් අයුතු ප්‍රයෝජන ගන්න නොදී..


      ඕවට අහු උනොත් විනාසයි ..අපේ හදවතින් අයුතු ප්‍රයෝජන ගන්න
      දෙන්න හොඳ නැහැ.ඔය දරුවා මට හදාගන්න දුන්න නම් මන්
      ( මගේ අම්ම තාත්ත පල්ලා ) හදා ගන්නවා..හැබැයි එක එකාට
      උඩ දදා ආතල් ගන්න දෙන්නේ නැහැ ...!

      Delete
    8. @ මාරේ
      හිරකාරයන්ගේ මානව අයිතිය රකින්න ඕන ඒක ඇත්ත. ඒත් එතන ත්‍රස්තවාදයක් පටන් ගත්තයින් පස්සෙ අවි අත දරාගෙන ඉන්න උන්ට වෙඩි තැබීමේ වරදක් මා දකින්නේ නෑ. එහෙත් මීගමුවේ ධිවරයින් මරණ එක. කටුනායක රොෂේන් මරන එක මම අනුමත කරන්නේ නෑ. අනෙක සිර කාරයන් හා දරුවන් අතර වෙනස වැටහීමට ඔබට දරුවෙක් සිටිය යුතුයි.

      කෙසේ වෙතත් උදිත සඳහන් කලාක් මෙන් අපේ වැඩි දෙනෙක් තිරිසනුන් බව ඔප්පු කිරීම ගැන උඹට ස්තූතියි මාරේ...

      Delete
    9. @ silentsahan
      උඹට බොරු කාරයෝ සයිලන්ට් සහන්.. උඹලා මනුස්සයෝ නෙමෙයි.. මේ ෆොටෝ එකෙන් වාසි ලැබෙන්නෙ ඇයි. ඒක උඹ මගෙන් නෙමෙයි උඹේ හදවතින් අහපන්.. උඹත් ප්‍රභාත් අතර වෙනසක් නෑ. මට මේ දරුවට වෙඩි තියා මරපු සොල්දාදුවා ගැන ප්‍රශ්ණයක් නෑ. මට ප්‍රශ්ණය තියෙන්නේ අනික් උන් ගැන.

      Delete
    10. hiks මචන් මාතලේ ඔහොම කතා කරන්න එපා .
      මගේ හිත පෑරෙනවා ..

      මචන් තේරුම් ගනින් මේ දරුවට හනේ හපොයි කීමෙන් මට
      මගේ චරිතයට සුදු හුණු ගාගන්න ඕනේ නැහැ..
      මෙතන තියෙන්නේ බන් මානසික යුද්දයක් .
      අපේ පපුකැහුත්ත අවුස්සලා ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම
      කපන්න යන්නේ බන්..

      උබේ කේන්තිය යනකම් බැනපන් , අනික් අයත් එහෙම කරන්න..
      ඒත් මට කියන්න තියෙන්නේ මේ දේවල් ගැන අපි බොළඳ වෙලා
      බැහැ ..

      උබ ඕනේ දෙයක් කියපන් මන් අහන් විතරක් ඉන්නම්..

      Delete
    11. මානසික යුද්දේ ගැන උඹට වඩා හොඳට මම දන්නවා. මහින්ද මහත්තයට තියා යුද්ධයට සම්බන්ධ වූ කිසිවකුට හෝ එදිරිව එන ක්‍රියාමාරගයකදි අප රට වෙනුවෙන් පෙනි සිටිනවා. ඒ ගැන කිසිඳු සැකයක් නෑ. අවසානයට මට එක දෙයක් කියපන්. උඹට පුළුවන්ද මේ දරුවට වෙඩි තියන්න...?

      Delete
    12. //මේ දරුවට වෙඩි තියා මරපු සොල්දාදුවා ගැන ප්‍රශ්ණයක් නෑ.//
      හරියට හරි මාතලන් මේකට අණ දීපු නිලධාරියා නැත්නම් වෙඩි තියපු සොල්දාදුවාට මම මෙතන කියන එක අදාළ නැහැ. අපි නොවෙයි යුද්ධය කලේ ඒ මොහොතේ ඔවුන් ඒ දේ කළා පොඩි එකා සිටියොත් වන අනාගත රිස්ක් එක ගැන ඇතිවූ භිය නිසා මැරුවා කියමු. නමුත් යුද්ධයකදී උනත් නිරායුධ ළමයෙක් මරණ එක වැරදි දෙයක්. මම අකමැතියි මිනී මරන්න මට සතෙක් මරන්නවත් බෑ. ඒක යුද්දෙට යන හමුදා නිලධාරියෙක්ට අදාළ නෑ. නමුත් මේ පින්තුර ඇත්ත නම් මේවා ෆොටෝ ගැහුවේ සොල්දාදුවෙක් නම් මේ ෆොටෝ ගහල ගෙදර ගෙන ඒමේ රියල් එක රියලිටි කිරීමේ බොළඳ රියලිටි ෂෝ මානසිකත්වය අපේ සොල්දාදුවන්ට තිබුන නිසා අපිට කෙලවුනා මේක සොල්දාදුවන්ගේ විනය පිලිබඳ ගැටළුවක්. දැන් මේක ලෝකෙට එලි උනාම ලෝකයාට බැනල වැඩක් නෑ.
      ඒ වගේම ගෝත්‍රික විදියට ඔව් උනුත් ළමයි මැරුවනේ ඉතින් අපි මැරුවම මොකද වගේ තිරිසන් උත්තර උත්තරත් නොවෙයි.
      අපි සිවිල් මිනිසුන් විදියට මේ මරණය මේ විදියට සිදුවුනා සහ එය එලි වුනානම් මැරුවේ අපේ පරම හතුරාගේ දරුවා උනත් එය අපි අතින් වුන වරදක් හැටියට පිළිගන්න වෙනවා.
      නැත්නම් සිංහලයත් මිනීමරු ළමයි මරපු කොටි දෙමලගේත් වෙනසක් නෑ නේද?
      අනාගත රිස්ක් එක අරන් වුනත් හතුරනි "අපි උඹලට භය නෑ ඒ වගේම අපි උඹල වගේ ළමයි, ගෑනු මරන්නේ නෑ" යන උදාන වාක්‍යය කියන වීර සිංහලයා හිටියනම් මිට වඩා හොඳ නැද්ද?.

      Delete
    13. මගේ තර්කයත් එයමයි උදිත. මේ දරුවා බේරූවා නම් ඒ සාක්ෂියම ඇති බටහිර කුමන්ත්‍රණ කාරයෝ හොම්බෙන් යවන්න. මේ දුප්පත් (හේතුවක් ඇතිව.) මිනිස්සු මේක සාධරණීකරනය කරන්න වලි කනවා. මේවාට මූන දෙන්න බැරුව අපේ එක ඇමතියෙක්වත් ජිනීවා යන්නෙ නැති බවයි ආරංචිය.

      Delete
    14. \\\මානසික යුද්දේ ගැන උඹට වඩා හොඳට මම දන්නවා.///
      ඒ බව පේනවා මාතලේ ..:P

      \\\\මහින්ද මහත්තයට තියා යුද්ධයට සම්බන්ධ වූ කිසිවකුට හෝ එදිරිව එන ක්‍රියාමාරගයකදි අප රට වෙනුවෙන් පෙනි සිටිනවා. ඒ ගැන කිසිඳු සැකයක් නෑ.///

      ඒකත් පේනවා ...:P

      \\\අවසානයට මට එක දෙයක් කියපන්. උඹට පුළුවන්ද මේ දරුවට වෙඩි තියන්න...?///
      ---------------------------------------------------------
      {මාතලන් තදින් වෘතීය පරිසරය එක්ක බැඳුන කෙනෙක්ට
      පහල අයට තදින් නියෝග පැනවීමටත් , ඉහල
      නිළධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමටත් බැදී සිටිනවා
      ලැබූ පුහුණුවෙන් ..

      එවැන්නෙක් චර පුරුෂයෙක් පමණයි.ඔවැනි මෙහෙයුමකට සුදුසු කම් ලබන්නේ එහෙම අය පමණයි..}

      ---------------------------------------------------

      01. මන් ඔව් කිව්වොත් ඔබ එකක් කියයි..
      02.නැහැ කිව්වොත් " එහෙනම් කලින් කිව්වේ " කියයි..

      03. යුධ හමුදාව ගැන සම්බන්ද කිරීමම නුවනට හුරු නැහැ..

      04.මට මෙතන සුදු චරිතයක් වෙන්න ඕනේ නැහැ .

      05. i ඔය ළමය මට දුන්නොත් මන් මරන්නේ නැහැ , හදා
      ගන්න ඉල්ලනවා දෙන කෙනාගෙන් ..
      ii .මටත් මේ ලෝකේ කාත් කව්රුත් නැත්නම් අර ළමය
      එක්ක මාත් වෙඩි කාල මැරෙනවා..

      Delete
    15. වැල්වටාරම් ලිව්වාට මම අහපු ප්‍රශ්නයටත් පිළිතුරු දීම ගැන ස්තූතියි. ඒ ඇති. සදාම් හුසේන් එල්ලා මරන දවස්වල මම හිටියේ ඊශ්‍රායලයේ. ඔවුන් සදාම්ගේ පරම හතුරෝ. එහෙත් ඒ මරපු ක්‍රමය සාධාර්නයි කියන කිසිම යුදෙව්වෙක් මට හම්බ උනේ නෑ. ඔවුන් එය හෙලා දැක්කා. සමහර උන් පැවසුවේ එක වෙඩි පහරින් මරා දමන්න තිබුනා කියායි. යුද්ධය කියන්නේ එකක්. මනුෂ්‍යත්වය කියන්නේ තව එකක්.

      Delete
    16. \\\\වැල්වටාරම් ලිව්වාට මම අහපු ප්‍රශ්නයටත් පිළිතුරු දීම ගැන ස්තූතියි. ඒ ඇති. ///

      ඔයා මගේ හිත එන්න එන්න පාරන්නේ ඇයි මෙහෙම ? :D

      \\\\යුද්ධය කියන්නේ එකක්. මනුෂ්‍යත්වය කියන්නේ තව එකක්.//

      පැහැදිළිවම .යුද්ධය කියන්නේ එක එක මුහුණුවරින්
      එන දෙයක් .මාරාගෙන මැරෙන තත්වය වැනි
      අති බිහිසුනම තත්වය එන්නේ " මානසික යුද්ධයේ "
      ප්‍රති ඵල නිසා..

      ඒ නිසා මාතලන් මා මේ ගැන මීට වඩා කතා කරන්නේ නැහැ.
      මොකද කියල හිතා ගන්න පුළුවන් නම් හිතාගන්න..
      මෙතනත් වෙන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියන්න
      ඒමක් මචන්..
      ඒ නිසා මාළු කපන්න ඌරු පිට නම් දෙන්න එපෝ...

      Delete
  24. මේ පෝස්ට් එක සම්න්හදයෙන් මට කියන්න තියෙන්නේ ෆොටෝ එකෙන් ඇත්ත දැන ගත්ත අයට තර්කානූකූල ඇත්තත් කියවා දැන ගන්න කියලා තමයි.....


    තමන්ට හිතෙන දේ ඒ ආකාරයෙන්ම කියන්නට ඉදිරිපත් වීමත්, ඒ වෙනුවෙන් පෙනී හිටීමත් ගොඩක් හොද දෙයක්....ඒක හැමෝටම හැම වෙලාවෙම කරන්න බෑ......අවංකව ඇත්ත කථා කරන එක තරම් අමාරු දෙයක් ලෝකේ නෑ....

    ReplyDelete
  25. විචාරක තුමාගේ සයි ඔප්ස් ගැන ලියවුනු ලිපි කියෙව්වම මේගොල්ලන්ගේ ෆොටෝ, වීඩියෝ ගැන සාධාරණ සැකයක් ඇතිවෙනවා. http://jangun.wordpress.com/

    ReplyDelete
  26. හරිම කණගා‍ටුයි මේ ලියවිල්ල ගැන. මෝඩ තලේබාන් කාරයෙක් මිනිමර මර වියරුවෙන් අල්ලා හු අක්බර් ගාල කෑ ගහන එකෙයි මේ ලිපියෙයි වැඩි වෙනසක් දකින්නේ නෑ

    මාරයත් හමුදාවක හිටියනේ. මේ ලමයා මරණ "රාජකාරිය" තමන්ට පැවරනොත් ඒක ඉ‍ටු කරනවද? මට නං බාලචන්ද්‍රන් ‍රැවුල වත් වැවුනේ නැති අහිංසක ළමයෙක් විතරයි.
    මේ ලමයට උරුම උන දේ කේපී ට උරුම නොවීම ගැන මොකද හිතන්නේ.

    බුද්ධාගමේ මූලික සංකල්පයක්නේ මමත්වය නැති කරන එක . මමත්වය නැති කර ගන්න කලින් තමන්ගේ ජාතිය/කල්ලිය පිලිබඳව හැගීම වත් හැගීම වත් මේ බෞද්ධ මහත්තුරු හිතා ගත්තොත් නරකද?

    ReplyDelete
    Replies
    1. කේ පී ව මරුවා නම් කොහොමද අපේ අය ජාත්‍යන්තරයට කියන්නේ අපි ජාති වාදී නැහැ කියලා මෙතැනදී කේ පි තවත් වෙළද භාණ්ඩයක් විතරයි ඔයා හිතන විදිහට හිතුවොත් දුටුගැමුණු රජ්ජුරුවොත් වැරදි නේද ?
      ඔසාම මැරූවට තලෙයි බාන් ඉවර කරන්න බැරි උනා සදාම් හුසේන් මැරූවට ඉරාකේ තස්තවදේ නැති කරන්න බැරි උනා ගඩාෆි මැරූවට ලිබියාවට සාමේ ගෙන්න බැරි උනා
      එත් අපේ මේ ලංකාවේ යුද්දේ ඉවර උනාට පස්සේ අපහු බෝම්බ පිපිරෙන්නේ නැති වෙන්න එක ඉවර කරපු එක ගැන ලාංකිකයෙක් හැටියට නම් මට තියෙන්නේ ආඩම්බරයක්
      රණවිරු උපහාර යක් තියෙන දවසක පාර්ලිමේතු කීඩාපිටියට ගිහින් බලන්න එතන තියෙන නාම පුවරුවේ තමන්ගේ තාත්තාගේ නම බල බල අඩන ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා
      සමහර ළමයි තමන්ගේ තාත්තාව කවදාවත් දැකලාම නැහැ
      ඒ වගේම තමයි දෙමල මිනිස්සුන්ගේ පැත්තෙනුත් ප්‍රභාකරන් සහ ඔහුගේ සගයෝ නිසා මුළු ලංකාවේම මිනිස්සු දුක්වින්දා
      එක කොහොම හරි නැති උන එක ගැන සතුටු වෙන්න

      Delete
    2. //// මේ ලමයා මරණ "රාජකාරිය" තමන්ට පැවරනොත් ඒක ඉ‍ටු කරනවද? මට නං බාලචන්ද්‍රන් ‍රැවුල වත් වැවුනේ නැති අහිංසක ළමයෙක් විතරයි///.

      මේ ප්‍රශ්නයට උත්තය මහත්මා ගාන්ධි ඝාතනය කල නේතුරාම ගෝඩ්සේ දීලා තියෙනවා කියලා මට හිතෙනවා.. අවිහිංසාවාදයේ පියා කියලා කියන මහත්මාව ඝාතනය කලේ ඒතුමාට ගොඩක් ආදරය කල නාතුරාම් ගෝඩ්සේ...

      උසාවියක් නිහඩ කල ඝාතකයා - මේ ඔහුගේ කථාවයි -2 : The story of Mahatma Gandhi Killer : Nathuram Godse

      Delete
  27. ශිෂ්ඨ සමාජයක සිරිත තමයි වැරදිකාරයාට නීතියට අනුව දඬුවම් කිරීම, නැතුව මොන වැරදි කරලා තිබුණත් බල්ලෙක් වගේ මරලා දාන එක නෙවෙයි. එහෙම කරන්නේ ම්ලේච්ජ සමාජයක විතරයි. අපි කොහොමද දන්නේ මාරයා හිතන විදිහට වැඩ සිද්ධ වෙයිද නැත්නම් මේ ළමයා හිටියනම් අනාගතේ හොඳ පුරවැසියෙක් විදිහට සමාජයට එයිද කියලා....

    ළමයෙක් කියන්නේ සම්පතක්, කිසිම හේතුවක් නිසා ළමයෙකුට වැඩිහිටියෙකුට වගේ දඬුවම් කරන්න බැහැ. ඒක නිසා තමයි එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියක් තියෙන්නේ. ළමයින් ආරක්ෂා කරන්න ළමා අයිතිවාසිකම් තියෙන්නේ. තාත්තා ත්‍රස්තවාදියෙක් වුන පලියට පුතා හෝ දුව ඒවට වග කියන්නේ නැහැ.

    මානුෂිය අතින් බැලුවත්, මේ වගේ දරුවෙකුට ජීවිතය අහිමි කරන්න පුළුවන් කාටද????

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන නම දැක්කට අද නෙ කෙනාගේ නියම මූණ දැක්කෙ. මනුෂ්‍යකම රෙද්ද අස්සෙන් බේරෙනවා. ප්‍රභාකරන් මනුෂ්‍යකම දන්න එකෙක් නේ. හමුදාවෙ උන් කිහිප දෙනෙක් ම ළමයි කියල වෙඩි නොතියා ප්‍රභාගෙ බේබි බ්‍රිගේඩ් එකෙන් මැරුම් කෑවා. ප්‍රභා කියන තිරිසනා මනුෂ්‍යකම නොවෙයි තිරිසන්කමටත් වඩා පහළ ම්ලේච්ඡ වැඩ කලා. උගේ පුතා පුංචි උනාට ඌත් බේබි බ්‍රිගේඩ් එකෙ. මෙයාලට මේ පුංචි සයිස් එක තමයි ලොකු.

      ඉස්සර කාලේ මිනිසුන් තමන්ගෙ දරුව වුනත් වැරදි කලොත් මරා දැම්මා. දැන් මේ කට්ටිය හිටියෙ අනාථ මඩමක වෙන්න ඇති. තමුන්ල කවුද කියල හොඳට පේනවා. ඔය කට්ටියගෙ මනුෂ්‍යකම දෙමළට විතරයි නේ ද? එතකොට සිංහල උන්ට? මේ කට්ටියට සිංහල උන්ගෙ දුක තේරෙන්න යමක් වෙලා නෑ වගෙයි. ඉතින් ඉංග්‍රීසි කාරයොත් දරුවන්ගෙන් වාඩුව ගත්තේ. ප්‍රභා හිතුවෙ නෑ සිංහල උන්ට ඌ කරන දේවල් කරන්න පුළුවන් කියල. ඕක වෙන බව දැනගෙන හිටිය නම්, ඌ වෙනස් වෙන්නත් තිබ්බා. තමන්ගෙ හැසිරීම දරුවන්ටත් මරණය ගෙන දෙනවා නම්, ඔය අපරාධ කරන උන් දෙසැරයක් හිතන බව මට විශ්වාසයි.

      Delete
  28. මමත් මේ කතාවට 100% ම එකයි අපේ රටට ඕන උනේ කොහොම හරි යුද්දේ ඉවර කරන්න
    එක හරියට ඇමරිකාවට කොහම හරි සදාම් හුසේන්ව මරන්න ඔසාමා බින් ලාඩන් මරන්න ඕන උනා වගේමයි
    එක කොහොම හරි කුරු හරි කළා
    දැන් බයක් සැකක් නැතුව බස් එකක කෝච්චියක යන්න එන්න පුළුවන්
    ඔය කෑගහන එකෙක් වත් කෑගහන්නේ ප්‍රභාකරන් ට වත් දෙමල මිනිස්සු ගැන ආදරේකින් වත් නෙවෙයි
    අවි ආයුද ජාවාරම් කාරයින්ට ඒවගෙන් ලැබුන අදායම් නැති වෙලා
    මිනිස් ජාවාරම් කරපු උන්ට ඒවගෙන් අදායම් නැති වෙලා
    යුද්දේ විකුණන් කාලා බටහිර රටවල් වලට ගිය උන්ට අපහු එන්න වෙලා
    ඒ දුකට තමයි මුන් මේ හැම දේම කරන්නේ ඕක තමයි අකමැත්තෙන් උනත් පිළිගන්න තියෙන ඇත්ත

    ReplyDelete
    Replies
    1. //අවි ආයුද ජාවාරම් කාරයින්ට ඒවගෙන් ලැබුන අදායම් නැති වෙලා
      මිනිස් ජාවාරම් කරපු උන්ට ඒවගෙන් අදායම් නැති වෙලා//

      අන්න ආදායම් නැති වෙලා කේපී දේශපාලනේට බැහැල තියෙන්නේ

      Delete
    2. 71කේ 88 89 තමයි ලංකාවට උන ලොකුම හානිය උනේ ජේ වී පි සහෝදරයෝ කරපු අපරාද නවත්තලා එයාලා පාර්ලිමෙන්තුත් ගියා නේද ?

      බුදුහාමුදුරුවන්ගේ කාලේ අංගුලිමාල මහන වෙලා රහත් උනා කියල අහලත් තියෙනවා නේද ?

      Delete


    3. //71කේ 88 89 තමයි ලංකාවට උන ලොකුම හානිය උනේ ජේ වී පි සහෝදරයෝ කරපු අපරාද නවත්තලා එයාලා පාර්ලිමෙන්තුත් ගියා නේද ?

      බුදුහාමුදුරුවන්ගේ කාලේ අංගුලිමාල මහන වෙලා රහත් උනා කියල අහලත් තියෙනවා නේද ?//

      ඔය තර්කයේ හැටියට ප්‍රභාකරන්ගෙ කොළුව උගෙ අප්පට වඩා වෙනස් වෙන්න බෑ ?????

      Delete
    4. //ඔය තර්කයේ හැටියට ප්‍රභාකරන්ගෙ කොළුව උගෙ අප්පට වඩා වෙනස් වෙන්න බෑ //

      wenas wenna puluwan. habayi wenas nounoth kawadahari ape lamaitath yanne apita giya kala thamai.

      Delete
  29. හමුදාව ගත්තේ ඒවෙලාවේ ගන්න ඕනි හරිම තීරණේ..එහෙම නැතුව නලවලා වැඩක් නෑ..අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් බැදුනා හමුදාවට යුද්ධ කාලෙදිම. එයා ගියේ කටුමැටි ගේ සිමෙන්ති ගෙයක් කර ගන්නයි අක්කව බන්දලා දෙන්නයි එයාට කියලා මෝටර් සයිකල් එකක් ගන්නයි..ඒ දවස් වල යුද්ධේ අවසාන හරිය. ට්‍රේනින් එකෙන් පස්සේ ගෙදර එන්න ලැබුනේ නෑ. එහෙමම එයාලා රාජකාරීවලට දාලා තිබුණා.අන්තිමට එයා ගෙදර ආවේ සීල් කරපු පෙට්ටියක් ඇතුලේ.මූණ චුට්ටක් ඉතුරුවෙලා ඒක බලන්න වීදුරු කෑල්ලක් දාලා තිබුනා.ඉතිං හීන ගොඩක් එක්ක ගිය බේබි මල්ලිට උනේ ඒක.ඒවා මතක් වෙද්දි නම් ඔය ප්‍රබාකරන්ගේ මුළු සංහතියම ............හ්ම්ම්ම්ම.......

    ReplyDelete
    Replies
    1. "නහී වේරේන වේරානි" කියල බුදුහාමුදුරුවෝ කියල කෙනෙක් කාලෙකට කලින් කිව්වා

      Delete
    2. //එයා ගියේ කටුමැටි ගේ සිමෙන්ති ගෙයක් කර ගන්නයි අක්කව බන්දලා දෙන්නයි එයාට කියලා මෝටර් සයිකල් එකක් ගන්නයි//

      මේක ලියන්න තිබුනෙ ඔහොම නෙමෙයි මෙහෙමයි,

      "එයා ගියේ රට ජාතිය ආගම බේරාගැනීමේ උතුම් චේතනාවෙනි !"

      අරෙහෙම කලින් වගේ ලිව්වම නිකං හිතෙන්නෙ, පෞද්ගලික උවමනාවක් පිරිමසාගන්න මිනී මරන්න ගියා වගේ.

      එහෙම ගියපු කෙනෙක් පෙට්ටියකින් ආවම වෙඩි තියාපු එවුන්ගෙ පරම්පරාවම මරන්න හිතෙන එක කැතයිනෙ.

      [මේ මාතෘකාව ගැන ලියන කොට පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න, නැත්නම් සවරං එල්ලපු වසුරු මුට්ටිය බි‍ඳෙනව]

      Delete
    3. @charmie
      ඔය කියන ඒවා ඔක්කොම ඔය ඔහොමම කියනවද ඔයාගේ ලගම නෑදෑයෙක් හරි ළමය හරි ඔය යුද්දෙන් මරුනනම් ?

      Delete
    4. @Nipuna Jayawardana

      මම නෙවෙයි කොල්ලෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක්

      Delete
    5. @ Charmie Guruge . ඇත්තද ???

      ක්‍රිස්තු කියල කෙනෙක් කිව්වා හැමෝටම ප්‍රේම කරන්න කියල. එත් එයාව අදහන ක්‍රිස්තියානි කාරයෝ බින් ලාඩන් බල්ලෙක් වගේ වෙඩි තියල මැරුවා. රටවල් ගානකට හමුදාව ඇරලා ලක්ෂ ගානක් මිනිස්සු අමු අමුවේ මැරුවා. වියට්නාමෙට බැරල් බෝම්බ දාල ඇමරිකාව කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති ලෝකේ අනිත් පැත්තේ හිටිය ළමයි අමු අමුවේ පුච්චලා මැරුව.

      කෙල්ලේ... !!!! අපි ඒ ගැන පොඩ්ඩක් විලි ලැජ්ජාව පැත්තකින් තියල කතා කරමු !!!!

      Delete
    6. me hama ekakatama buddhagama gawaganne mokada kiyana ekai mata thiyana prashne.

      ehemanam ithin minissu kasada bandala lamai hadana ekath therumak nathi sasara dik karana deyak kiyala me wenakota therum yanna one kattiyata.

      Delete
  30. හරි රයිටෝ මේ අනාගත කොටි නායකයෙකු වීමේ ශක්‍යතාවක් ඇති පොඩි එකාව එනම් ප්‍රභාකරන් නම් මිනි මරුවාගේ පුතාව මරන්න තුවක්කුවක් ඔබේ අතට දීල වෙඩි තියන්න අරාධනා කරොත් මෙතන කමෙන්ට් දාපු කී දෙනෙක් තුවක්කුව අරගෙන අපේ රටේ අනාගතය ඔබේ පොඩි එකාගේ අනාගතය වෙනුවෙන් අර පොඩි එකාගේ ඇස් දෙක දිහා බලාගෙන කොකා ගස්සන්න ලෑස්තිද?
    ඔබට ඒ දේ ඔබ විසින්ම කරන්න පුලුවන්ද?
    නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබ වෙනුවෙන් නමක් නැති සොල්දාදුවෙක් ඒ පවට කරගහල වෙඩි තැබිය යුතුයි කියලද?
    මට පොඩි එකෙක්ට වෙඩි තියන්න බෑ ඒ නිසා මම වෙනුවෙන් තව කෙනෙක් ඒ පොඩි එකාට වෙඩි තැබිය යුතුයි කියා මා සිතන්නෙත් නැත.
    මම හිංසාවට විරුද්ධයි ප්‍රභා කරත් එකයි නමක් නැති සොල්දාදුවෙක් කරත් එකයි. මම ඕනෑම කෙනෙක් ගේ හිංසාවට විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. මහත්මා ගාන්ධි ගැන කියවෙන කොට කියන්නේ ඔහු අවිහිංසාවාදයේ පියා කියලා. ඒ වගේ ම මහත්මා ගාන්ධිව ඝාතනය කලේ ඒතුමාට ගොඩක් ගෞරව කරපු නේතුරාම ගෝඩ්සේ....මට හිතෙන විදිහටතමා මරන්න යන් පුද්ගලයට තමා කොච්චර ආදරය කලා උනත් ඒම ඝාතනය සිදු කරන්න පුලුවන්..ඉතිහාසයේ ඒක එහෙම වෙලා තියෙනාවා

      උසාවියක් නිහඩ කල ඝාතකයා :මේ ඔහුගේ කථාවයි -1

      Delete
    2. මරන මොහොතෙ ක්‍රියාත්මක වෙන්නෙ මරණීය චේතනාව මිසක් ආදරය, ගෞරවය නෙමෙයි නේද මයියා ? කලින් තිබූ ආදරය ගෞරවට විවිධ හේතූන් නිසා ක්ෂණයකය නැතිවෙලා ආයෙම ඇතිවෙන්න පුළුවන්. ඒවගේම අර අතර මැදදී ඇතිවන වෙනස මනුස්සයෙක් මරන්න කොකා ගස්සන්න හොඳටම ඇති.

      Delete
    3. එහෙම හිතන්න බෑ...ගෝඩ්සේ මහත්මා මරන වෙලාවේ ඒතුමාට දණ ගහල වැදලා..ඒයා ලග හිටපු ගෑණු ලමයගේ ජීවීතේ බේරන්න ඒයව ඒතැනින් තල්ලු කරා......

      Delete
    4. හරි මයියා ... මහත්මා ගාන්ධි ඝාතනය කලේ ඔහුගේම ක්‍රියාවන් නිසා කියමුකෝ, ඒත් මහත්මා ගාන්ධිගේ පුතා ලඟ හිටියා නම් නතුරාම් ඔහුවත් මරා දමාවිද?

      ඔහුගේ හර්දයසාක්ෂිය ඉදිරියේ නතුරාම් නිවැරදිවෙන්න පුළුවන්, නමුත් නීතිය ඉදිරියේ? ප්‍රභාකරන්ගේ පුතා මැරුවේ හමුදාවෙන් නම් අදාල පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන්වනවාද?

      Delete
    5. //තුවක්කුවක් ඔබේ අතට දීල වෙඩි තියන්න අරාධනා කරොත් මෙතන කමෙන්ට් දාපු කී දෙනෙක් තුවක්කුව අරගෙන අපේ රටේ අනාගතය ඔබේ පොඩි එකාගේ අනාගතය වෙනුවෙන් අර පොඩි එකාගේ ඇස් දෙක දිහා බලාගෙන කොකා ගස්සන්න ලෑස්තිද//

      meka therumak nathi tharkayak.

      methana kukul mas kana kee denekta puluwanda kukulek maranna?

      Delete
  31. දැන් මීට වැඩිහිටි කොටි සොල්දාදුවෝ පුනරුත්ථාපනය වෙලා එළියට එනවා... කේ.පී. සමාජසේවය කරනවා, කරුණා රටේ ජනතා නියෝජිතයෙක් වෙනවා... ඒත් මේ පොඩි එකා හදන්න බෑ...

    දුප්පත් පැලක ඉපදිලා, ඉගෙනගෙන හොඳ තැන්වලට ආපු මිනිස්සු ගැන අපි කවුරුත් අහලා නෑ.... උගතෙක් වෙන්නෙ උගතෙක්ගෙ ළමයි විතරයි... රටට සේවයක් කරන්නේ එහෙම කරපු කෙනෙක්ගෙ දරුවෙක් විතරයි... කොටින්ම තමන්ගේ දෙමාපියන්ගෙන් වෙනස් වෙන්න ළමයෙකුට බෑ... එහෙමද අපි හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. පොඩි එකා ව නම් හදා ගන්න පුලුවන් වෙයි..ඒත් පොඩි එකාගෙන් හැදෙන්න ඉන්න එවුන් නම් හදන්න බැරි වෙයි......

      Delete
  32. පොඩි එකා ව නම් හදා ගන්න පුලුවන් වෙයි..ඒත් පොඩි එකාගෙන් හැදෙන්න ඉන්න එවුන් නම් හදන්න බැරි වෙයි......

    ReplyDelete
  33. ඔය වයසේ සිංහල ළමයි කියක් ප්‍රභාකරන් නිසා මැරුණද, ඔය වයසේ දෙමළ ළමයින් කියකගේ අතට තුවක්කු දීලා බෙල්ලේ සයනයිඩ් කරල් ගැටගහුවද, එහෙම කරපු කෙනෙක්ගේ දරුවෙක්ගේ මරණය වෙන්න ඔයිට වඩා හොද විදියක් තියෙනවද ?

    ළමයා පව් ඒත් කරපු පව් පස්සෙන් එනවා කියන ඒකට හොද උදාහරණයක් මේක ..

    ReplyDelete
  34. ඔය යුද්දෙදි ප්‍රබා ගෙ පුතා විතරද මැරුනෙ ??? වෙන කාගෙවත් දරුවො මැරුනෙ නැද්ද ??? මෙතන වෙන්නෙ උස්සන් පුලුවං කේස් එක උස්සලා අපේ රටට කෙලවන්න පුලුවං පොඩිම චාන්ස් එකත් අරං කෙලවන්න හදන එක විතරයි.

    ප.ලි.
    සිවිල් යුද්දයක් තියන රටක මිනිස් ජීවිත වලට වටිනාකමක් නෑ.

    ReplyDelete
    Replies
    1. රජයේ හමුදාවක් නිරායුධ දරුවෙක් , හිතාමතා ඝාතනය කලා කියන්නේ අතිශය බරපතල කාරණයක් මචන් . එක්කො ඒහෙම දේවල් වුනා නම් අභ්‍යන්තර පරීක්ෂණකයට ගිහින් වැඩේ ගොඩ දාගන්න ඕනි , නැත්නම් ඊශ්‍රාලය වගේ මොන මානව හිමිකම කැඩුවත් කේස් එකක් නොවෙන ගාණට ඇමරිකාවට හේත්තුවෙලා ඉන්න ඕනි !

      Delete
    2. මේ ඕනයා තමයි දරුවගේ බර්ත් ඩේ එකක් දවසේ ඇඬුවේ. අනේ ඕනයෝ උඹත් මනුස්සයෙක්ද...?

      Delete
    3. ඕනයෝ ඔයාගේ ළමයට ඉස්කෝලේ යන වයසට ඇවිත් සමාජ ආස්සරේට වැටෙන වයස එන්න ඉස්සෙල්ලා ඔයාගේ බ්ලොග් එක ඩිලීට් කරන්න. නැත්තං මේ ලංකාවේ ඉන්න සිංහල තලේබාන් කාරයොන් ගෙන් ලමයට බේරුමක් වෙන්නේ නෑ. ඔයා ලියපු දේවල් වලින් ළමයගෙ මට්ටම තීරණය කරයි. ප්‍රභාකරන්ගේ පුතාට වෙච්ච දේම තමයි වෙන්නේ

      Delete
    4. මාතලන් සහ කවුලුව

      මම ප්‍රභාගෙ පුතා මැරුන එක හෝ මැරීම සාදාරනීකරනය කරල නෑ. මම කිවුවෙ මේත් යුද්දයට ජීවිතෙන් වන්දි ගෙවපු එක දරුවෙක් කියල විතරයි. දරුවෙක්ගෙ ජීවිතය විතරක් නෙමෙයි . . . ප්‍රභාගෙ ඉදල යුද්දයෙන් මැරුන බල්ලො බලල්ලු වෙනුවෙනුත් මම දුක් වෙනව . . . හේතුව ඒ ඔක්කොම ස්වභාවිකව අවසන් විය යුතු ජීවිත නිසා.

      මම මෙතන අදහස් කලේ මේ දරුවගෙ පොටෝ එක විතරක් අවුරුදු ගානකට පස්සෙ උස්සල ගත්තෙ ඇයි කියන එක හිතන්න කියල විතරයි.

      මේ දරුව වෙනුවෙන් කතා කිරීම හෝ කදුලු සැලීම වෙනමම කාරනයක් . . . හැබැයි ඒත් එක්කමඅපි යුද්දයෙන් මැරුන හැම දරුවෙක් වෙනුවෙන්ම කදුලු සලන්න ඕනෙ.
      අමතක කරන්න එපා . . . ප්‍රභාකරන් කියන්නෙත් අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි පුතෙක්.

      මාතලන් මම හිතුවෙ නෑ උඹ මෙච්චර පටුව හිතයි කියල :)

      උඹේ කතාවට මම සාදාරන උත්තරයක් දුන්න කියල හිතනව :)

      අනිත් දේ තමයි මේ පොටෝ මේ වගේ කාලෙක එලියට එද්දි අඩ අඩා ඉන්නවට හෝ නියමයි නියමයි කිය කිය ඉන්නවට හෝ වඩා රටක් විදියට අපිට කරන්න දේවල් තියනව, නැත්තං අපිට හැමදාම අඩන්න වෙනව

      @කවුලුව,
      සිංහල තලෙබාන් කාරයෝ මට තීන්දු ගොඩක් දීල තියෙන්නෙ හලාල් සීන් එක නිසා. ඒ තීන්දු සමහරකට මගෙ දරුවත් ඇතුලත්. මට දුක පොදුවේ මනුස්සයෝ ගැන මම දරන ආකල්පය ගැන දන්න මගෙම යාලුවො සමහරෙකුත් මට එහෙම තීන්දු දීල තියන එකයි.

      Delete
    5. මට පේන්නෙ බුවාට විතරයි මම කියපුදේ තේරිලා තියෙන්නෙ

      Delete
    6. මාතලං,

      උඹ කොමෙන්ට් නොකලට මේව කියවනව කියල මම දන්න නිසයි මම මේක කියන්නෙ . . . .

      //මේ ඕනයා තමයි දරුවගේ බර්ත් ඩේ එකක් දවසේ ඇඬුවේ. අනේ ඕනයෝ උඹත් මනුස්සයෙක්ද...?//

      මම කියපුදේ හරියට තේරුම් ගන්නෙ නැතුව නිල අල්ලල වැඩක් නෑ බං

      Delete
    7. //ප්‍රභාකරන් කියන්නෙත් අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි පුතෙක්//


      ++++++++

      Delete
  35. විමසුමේත් අද මේකම වේවි.

    ReplyDelete
  36. මමත් චමී4යූට එකඟයි.ඔයිට් වඩා දුක් විදල තමයි මැරෙන්න තිබුණේ.ජනාධිපතිතුමා නැත්නම් අපිටත් සයනයිඩ් කාල මැරෙන්න තමයි වෙන්නේ.

    ReplyDelete
  37. මෑණියන්ගේ වස්තරේ

    ReplyDelete
  38. ප්‍රභාකරන් ගැන කථාව හරි හිටියා නම් ලෙඩ ගොඩක් .

    හැබැයි දරුවා මැරුව එක අනුමත කරනවා නම් (එහෙම වුනාමය කියල කියන්න තව්ම සාධම නෑඅ ) , අධිරාජ්‍ය විරෝධය ,ඩයස්පෝරාව , බටහිර බලවේග ලබ්බවල් කියවන්නේ නැතුව ඉඳපල්ල , මොකද නිරායුධ දරුවන් මරන එක යුධ අපරාධයක් නොවේය කියල අයිටි එන් එකයි ,ඒවා බලන මෝල් ගසුයි මේ බ්ලොග් එක ලියන එකා සහ ඒවා අනුමත මැටි හරකුනුයි විශ්වාස කලාට ලෝකේ වෙන මොන බල්ලෙක්වත් විශ්වාස කරන්නේ නෑ . ඔය කථාව ඇත්තය කියල ඔප්පු වුනොත් , ඒකට වගවීමේ ක්‍රියාවලියකට යන්න ආණ්ඩුව බැ කිව්වොත් රජකාලේ විදිහට වවාගෙන කන්න ලැස්ති වෙයල්ල . කේන්දර බලන උන් නම් කොහොමත් කරන්නේ වවාගෙන කැමක් තමයි මම මේ කියන්නේ , අනික් රස්සාවල් කරන උන්ට .

    ReplyDelete
    Replies
    1. බුවා මෙතන රස්සාව ඇදලා කතා කරන්න එපා. ගොඩක් උන් කරන්නෙ වවාගෙන කෑමක්. ඒත් අනෙක් කරුණු හා සීයට දහ දාහක්ල් එකඟයි. මොකක්ද මේ පෙන්වන්නේ. ලිං මැඩි මානසිකත්වය. මුන් ජාලෙන් කරන්නේ නෝටි ඇමරිකා බලන එක විතරද. ප්‍රවෘත්තියක් ජාත්‍යන්තර සඟරාවක් කියවන්නෙම නැද්ද.. බුකියේ මල් කඩන් එක විතරමද කරන්නේ..

      Delete
    2. //ලිං මැඩි මානසිකත්වය//

      මම හිතුවෙම උඹට මේක නැතුව ඇති කියල

      Delete
  39. i am not angry with you CT you are a good friend ... but this forgets our innate humanity and our own personal values and standards ad compassionate buddhists... and the basic principles of war.

    you don't shoot prisoners... and you certainly do not kill child prisoners.

    to excuse such conduct makes you in effect a child killer. i am heart broken that you think this way.

    renu akka

    ReplyDelete
  40. පොඩි එකාගේ මූණ දකිද්දී නම් මරන්න නෙවේ පාරක් ගහන්න හිතෙන්නේ නැහැ.

    ReplyDelete
  41. @මාරයා
    //මේ ටික කිව්වම හුග දෙනෙකුට මාත් එක්ක කන්න තරහක් එයි//
    මාරයා හුග දෙනෙකුට කිව්වම බොරුවක් මෙතන කොමෙන්ට් දාපු අය වගේම ලංකාවේ බහුතරය ඉන්නේ උඹේ මතයේම තමයි හුඟ දෙනෙක්ට තරහක් නොවෙයි මේක කියව්වම එන්නේ. උඹ මේක ලියන්නේ ඒ අයගේ කැමැත්ත ආශාව ඉටුකිරීම වෙනුවෙන් හිඟ දෙනෙක්ට පොඩි කික් එකක් එන්නේ.
    මේ මතයට එකඟ නොවෙන කිහිප දෙනාටත් එන්නේ තරහක් නොවෙයි දුකක්.

    ReplyDelete
  42. මේක මම මේ ගැනම ලියවුනු වෙන පෝස්ට් එකකට දාපු එකක්..

    ///මම මාරයගේ එකේ කමෙන්ට් දැම්මේ නෑ.. වැඩක් නැති නිසා...

    ඒක විකාරයක්.. මේකත් විකාරයක්.. සොරි තරු... දෙන්නම වැඩකට නැති දෙයක් අල්ලගෙන ලියපු වැඩකට නැති පෝස්ට් දෙකක්...

    දරුවෙක් මරනවා කියන්නේ කාටවත් දරන්න බැරි දෙයක්.... උපකල්පනයක් විදියට ගත්තත් මම හිතන්නේ නෑ අර බේරගෙන කරේ තියාගෙන ඇවිත්, තමන්ගේ වතුර බෝතලේ දීලා පවස නිවපු පොඩි උන් ගොඩේ හිටපු පොඩි එකෙක් මරන්න හමුදාවට පුළුවන් වෙයි කියලා.. හැබැයි ඒ හා සමානම ගානක් ළමයි ආම්මලා තාත්තලා, ආච්චිලා සීයලා එතනදි මැරෙන්න ඇති... ඒ අය ගැන දුක් වෙන මහා ගොඩක් අය ඉන්නවා...

    ඒත් ඉස්කෝලේ ස්පෝර්ට්මීට් එකට යන්න ආපු අපේ ඉස්කෝලේ කෙල්ලො දෙන්නෙක් මැරිච්ච මරදානේ බෝම්බේ වත්, ඩී එස් එකේ ටීම් එකක්ම මැරිච්ච කෝච්චි බෝම්බෙවත් කාටවත් මතක නැත්තේ ඇයි.... ඒවා ෆොටෝ අරන් ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්න ඒ අම්මලා තාත්තලාට, එදා ඒ මලගෙවල් වල අඬපු අපිට මතක් උනේ නැති නිසාද...?

    ඇයි කාටවත් මතක් වෙන්නේ නැත්තේ ඒ ළමයි පවු කියන්න... මට අන්න ඒක තියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ...?

    මේ කාගෙවත් ලණු කාලා, අපිත් විකාර හිතන්න කලින් පොඩ්ඩක් හිතන්න...

    ( මම මේ කමෙන්ට් එක මාරයගේ එකේ දානවා දැන්....) ///

    ReplyDelete
    Replies
    1. එවා මම අතින් උස්සපු කෙනෙක්. සෙන්ට්‍රල් බෑන්ක් එකේ බෝම්බෙන් පන අඳින අම්ම කෙනෙක්ගේ ලේත් එක්ක කිරිත් ආවා. ඒ අම්මා දරුවන්ගේ නම් විතරයි කිව්වේ. අපේ හිත් එදා කුඩු පට්ටම් උනා. ඒ මනුස්සකම නිසා ඒවා කරපු තිරිසනුන්ට සාප කලා. මේ දරුවට කන්න බොන්න දීලා මරලා දාන්න තරම් තිරිසනුන්ද අපි. එහෙමනම් ජිනීවා වල කියන කතා ඇත්ත නේ. ඔබට තවම දරුවන් නෑ. ඔඹට දරුවෙක් ලැබුන දිනේට මට කියන්න. තෑග්ගට මේ ෆෝටෝ එක එවන්න. මනුස්ස කම කියන්නෙ මොකක්ද කියන එක ඔබට එදාට තේරේවී..

      Delete
    2. // ඉස්කෝලේ ස්පෝර්ට්මීට් එකට යන්න ආපු අපේ ඉස්කෝලේ කෙල්ලො දෙන්නෙක් මැරිච්ච මරදානේ බෝම්බේ වත්, ඩී එස් එකේ ටීම් එකක්ම මැරිච්ච කෝච්චි බෝම්බෙවත් කාටවත් මතක නැත්තේ ඇයි.//
      ඉතින් හිරු ඔයත් ඒ දිනවල හිටියා නේද ඒ පින්තුර අරගෙන ඔයා ඒ දිනවල තානාපති කාර්යාලයකට ගිහින් කොටින්ගේ කෘරත්වය ලෝකේ ට පෙන්නන්න උත්සාහ කලාද? උන් ළමයි මැරුව හින්ද අපිත් මැරුව එකේ වැරද්දක් නෑ කියන ජනප්‍රිය තර්කය ගෝත්‍රික වුනත් මට තේරෙනවා. උන් ළමයි මැරුව රටෙන් කෑල්ලක් අල්ලගන්න කියන අරමුණ වෙනුවෙන් අපි ළමයි මැරුව රටේ ඒකීයභාවය ආරක්ෂා කරගැනීමේ අරමුණ වෙනුවෙන් මේක මට තේරෙනවා ඒත් මට තේරෙන්නේ නැහැ ඔයාගේ මේ තර්කය. ඒ කියන්නේ අපි අපේ අය මැරුවම ඒ වෙනුවෙන් සංවිධානය වෙලා කොටින්ට විරුද්ධව අන්තර්ජාතික මතයක් ගොඩනගන්න කැපවුනේ නැහැ කියන වරද එහෙම අපේ අය මරපු දේවල් අමතක වීම කියන වරද කොහොමද තව කෙනෙක් මත පටවන්නේ කියල ?

      Delete
    3. @මාතලන්
      මමත් සෙන්ට්‍රල් බෑන්ක් එකේ බෝම්බෙ වෙලාවේ එතන හිටියේ. මුදල් අමාත්යංශ ගොඩනැගිල්ලේ ඉඳල ඒ පැත්තට එනවා නූලෙන් බේරුනේ. අදටත් ලොකු ශබ්දයක් ඇහුණාම භය වෙනවා. හිරු අපිට ඒවා මතකයි.ඔයාල අනෙකා ගැන කරන්නේ උපකල්පනයක් විතරයි.

      Delete
    4. කවුරුවත් මම කිව්ව දේ තේරුම් ගත්තේ නෑ නේ...

      මම කියන්න උත්සාහ කළේ ප්‍රභාකරන් මැරුවාය කිව්ව වෙලාවේ අපේ මිනිස්සු ඒ ත්‍රස්තවාදියෙක් කියලා ඒ ගැන එක පයින් හිටියා ( බොහෝ දෙනෙක්) ඒකෙන් උනේ ඒ කරන්න හදපු දේ එතනින් නිකම්ම යට ගිය එක.. දැන් මේ හදිසියේ දරුවෙක්ගේ ‌ෆොටෝ එකක් එක්ක හද කකියවන කතාවක් එන්නේ අපේ මිනිස්සුන්ගේ මේ තියන අනුකම්පාව සහ මානව දයාව කියන එක ප්‍රයෝජනයට ගන්න කියලා මට හිතෙනවා.. ඒකයි මම කිව්වේ මේක වැඩක් නැති පෝස්ට් එකක් කියලා... අපි මේ ගැන කතා කරන්න කරන්න වෙන්නේ මේක කරන අයගේ අරමුණ ඉෂ්ට වෙන එක... ( මේ ෆොටෝ එක ඇත්ත හෝ බොරු හෝ මේක මාධ්‍යයට ඉදිරිපත් කරපු කෙනාගේ අරමුණ මොකද්ද කියන එක තේරුම් ගන්න අපිට බැරි නෑ නේ..)

      දරුවෙක්ට මෙහෙම දෙයක් උනාය කියනකොට මට රිදෙනවා තමයි.. ඒත් මේ කතාව ඇතුලේ තියෙන කතාව මට නම් හමුදාවේ සේවය කරපු කීප දෙනෙක් ඉන්න පවුලක කෙනෙක් විදියට, ඇස් ඉදිරිපිට යාලුවෝ මැරෙනවා දැකපු කෙනෙක් විදියට ඊට වැඩිය රිදෙනවා....

      මාතලන්, මට මතකයි දවසක් ඔයා ඇහුවා අපචාරයට පත් දරුවෙක් හදාගන්න කැමති වෙනවද කියලා... එදා මම කෙලින් උත්තරයක් දුන්නා ඒකේ මට ප්‍රශ්නයක් නෑ කියලා... මම දරුවන් ගැන හිතන විදියයි මේ සිද්ධිය දකින විදියයි දෙකක්... මේ මානව හිමිකම් කතන්දර අස්සේ මේ වගේ කතාවක් එළියට එන්න හේතුව මධ්‍යස්ථව හිතලා බලන්න පුළුවන් නම් හොඳයි...

      උදිත මම ඔය සිද්ධි වෙනකොට 7 වසරේ.. වෙන්නේ මොකද්ද කියලා තේරුමක් අපිට තිබ්බේ නෑ... ඔය කාලේ වෙන‌ොකට අපිට තිබ්බේ දෙමළු ඔක්කොම ‌කොටි කියලා හැඟිමක්... මම දවසක් මගේ බ්ලොග් පෝස්ට් එකක ලිව්වා මල්ලිගේ දෙමල පොතේ ලොකු කොටියෙක් ඇලෙව්වා කියලා.... ඒකයි අපේ මානසිකත්වය ඒ කාලේ... පස්සේ කාලෙක ඒ මානසිකත්වය වෙනස් උන නිසා අපි එක පන්තිවල දෙමල ළමයින්ට සිංහල උගන්න උගන්න, එක බත් එක බෙදාගෙන කෑවා... ඔන්න මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් කම තිබ්බ විදියට මම ඒක ඉහලින්ම කරපු විදිය.. ඒ ඇරෙන්න මේ විදියට කතා කරන්න, හිතන්න ඉගෙන ගත්තේ බොහොම කාලෙකට පස්සේ.. අදටත් මම හිතන්නෙ නෑ මම හරියටම හරි කියලා.. නමුත් මට දෙයක් හිතන්න පුළුවන්කම තියෙනවා... ඒක නිසා ඒ විදියට හිතලා තමයි මම මේදේ කිව්වේ..

      Delete
    5. @හිරු - මේක එලියට ගෙනා ආපු අයගේ අරමුණ ඉෂ්ට කරන්න සිංහල බ්ලොග් අවකාශයට තියා ලංකාවේ ජනප්‍රිය වෙබ් අඩවියක් වෙච්ච ගොසිප් 9 එකටත් බෑ . මේක ගෙනාවේ ජාත්‍යන්තරයට , ජිනිවා වලට එන නියෝජිතයින්ගේ හදවතට දැනෙන්න කථා කරන්න . මේක ඊයේ ලෝක ජනමාධ්‍ය වලින් එලියට ඇවිත් ඉවරයි ඉස්සරහට හැඟිම් බර විඩියෝව දකින සාමාන්‍ය මිනිසුන් විතරක් නෙවෙයි , රාජ්‍යතාන්ත්‍රිකයින්ටත් හදවතට මේක දැනෙයි ඒක තමයි අරමුණ . මානව හිමිකම් ගැන ලොකු උනන්දුවක් නැති ඉන්දියාවේ විදේශ ඇමති සත්‍යාව ගැන ප්‍රශ්න කලාට යුරෝපා රටක කෙනෙක්ට මේ වගේ දෙයක් කම්පනයට පත්වෙන කාරණයක් . අපේ මේ දක්වා ජාත්‍යන්තරයට අපි ගැන දීල තියන ප්‍රතිරූපය නිසා එහෙම හිතෙන එක අරුමයක් නෙවෙයි . කොටින්ම ව්‍යාජ ඡායාරූපය කින් වුනත් මේ වෙලාවෙ දරුණු හානියක් කරන්න පුලුවන් . බටහිර බලවේග කිය කියා බැන බැන , මානව හිමිකම් කියන්නේ සුද්දන්ගේ රාක්ෂයෙක්ය කියල මතු කරන්න දැඟලුවා මිසක් රටේ කීර්තිය රැක ගන්න ක්‍රියා නොකරපු එකේ විපාක තමයි ඒ . ඔයා මීට කලින් දේශපාලන් කථාවකදි කිව්ව රජයක විදේශ ප්‍රතිපත්තිය ගැන තේරුමක් නැතිය කියල . මේන්න මේ ගැනයි අපි කියන්නේ ! . සිංහල බ්ලොග් අවකාශය ඇතුලේ වෙන ඕනිම කථා බහක් අපි අපි අතර පමණයි !

      Delete
    6. ඉතිං බුවා එහෙනං මං හිතපු දේ වැරදි නෑ නේ... මට දේශපාලනේ ලොකු දේවල් තේරෙන්නේ නෑ තමයි... ඒක මම පිළිගන්නවා...

      මම පොඩ්ඩක්වත් කියන්න උත්සාහ කළේ නෑ මේක අපරාධයක් හෝ අපරාධයක් නොවෙයි ය කියලා... මම කිව්වේ මට මෙතන හොරයක් පේනවා, ඒ මේ ව‌ෙග් දෙයක් කියලා... ඒක කිව්වේ සාමාන්‍ය දැනීමෙන්... මම දන්නේ නෑ මේක කලේ කවුද කියන්න හෝ මේක ඇත්තද කියන්න .. ඒත් මට තේරෙන දේ තමයි මේක එළියට ආවේ මානව හිමිකම් එක ඉලක්ක කරලා කියන එක...

      ඉතිං අපි මේක අහස පොළව නුහුලන අපරාධයක් කිය කිය, මේක කරපු උන්ට දඬුවම් දෙන්න ඕනේ කියන එකද මේ වෙලාවේ වැදගත්, නැත්තම් මේ කෙහෙල්මල් මානව හිමිකම් උගුලෙන් ගැලවෙන්න යමක් කරනවද, එහෙමත් නැත්තම් වඩේ වනසන්නෙත් නැතුව පැත්තකට වෙලා ඉන්නවද කියලා මම මේ කියන්න හැදුවේ...

      සිංහල බ්ලොග් අවකාශ තුළ මොනවා නැති උනත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ඒක නිසා මේ අදහස් තවත් අය වැදගත් විදියට සලකනවා ඇති කියලා මම හිතනවා...

      ( ඔයා රජයට මේ වෙලාවෙ චෝදනා කරනවා.. මම කොහෙත්ම රජය සුද්ද කරන්න යන්නේ නෑ.. ඒත් මේ මානව හිමිකම් කතාවට මුල් උනේ රජය විසින් කරපු දෙයක් නෙවෙයි කියලා මට මතක... ආයිත් කියනවා .. දේශපාලනේ ගැන මගේ දැනීම හිල් සහිතයි... ඒක නිසා මම මේ අන්තිමට කියපු කතාව ඔයා වැරදියි කිව්වොත් මම ඒක පිළිගන්නවා..)

      Delete
    7. සිංහල බ්ලොග් අවකාශයට වැඩේ වනසන්න බෑ , ඒ නිසා කුමන හෝ සාකච්ඡාවක් කලාට ගැටලුවක් වෙන්නේ නෑ . මානව හිමිකම් ප්‍රශ්න ඇති වුනේ රජය කරපු දේට වඩා නොකරපු දේවල් නිසා 2009දී ජිනිවා වලදි දිනල ගිය අවුරුද්දේ පැරදෙන්නේ ඒකයි . ලෝකය සාධාරණ නෑ ,ඒක අවබෝධ කරගෙන තමන්ට වාසි දායක විදිහට වැඩ කරන්න දැන ගන්න ඕනි . ආණ්ඩුව ජාත්‍යන්තර ඇතුලේ හැමදාම කරන්නේ නාන එක . එයාල නාගන්න එක නම් ප්‍රශ්නයක් නැ දුක මේ විදිහට ගියොත් අපිටත් හොඳටම නාගන්න වෙන එක

      Delete
    8. මෙතන මේ දේවල් කතා වෙන එක නෙවෙයිනේ වෙන්නේ බුවා.. මෙතන වෙන්නේ කමෙන්ට් කරන අයගේ ... මනුස්සකම, දරු දුක, බෞද්ධකම, හදවතේ තෙතමනය ප්‍රශ්න කරන එක... හරි ඒ වගේ දෙයක්...

      මාරයව පැත්තකින් තියමු.. එයා එයාට කියන්න ඕනේ ටික කියලා තියෙනවා...

      මෙතන කමෙන්ට් කරපු අය ගොඩක් දෙනෙක් මාරයගේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා කියලා කියන්න බෑ... ගොඩක් අයගේ හිතේ තියෙන්නේ, මාත් ඇතුළුව, මේ වදකාර යුද්ධේ යන්තම් ඉවර උනා කියන එක කියලා කමෙන්ට් වලින් තේරෙන්නේ.. ඊට අමතරව ආයිත් මෙහෙම දෙයක් නොවෙන්න වෙච්ච දෙයක් විදියට මේ ‌ෆොටෝ එක්ක එළියට ආපු කතාව දකිනවා කියලා මට හිතෙනවා... ( ඒ කියන්නේ ප්‍රභාකරන්ගේ පවුලම නැති උනාය කියන එක සහ ඊට පස්සේ ඒ වගේ දේකට නායකත්වය දෙන්න හිටපු හැම දෙනාවම මොන විදියකින් හෝ නැති කරපු එක.. ඔය කරුණලා වගේ අය එහෙම..)

      අනිත් එක බුවා මේ රටේ ඉන්න හැම බෞද්ධයම රහත් වෙලා නෑ ( බ්ලොග් අවකාශේ විතරක් ගමු) .... මනුස්සකම් නැත්තම් අර මාතලන් දාපු රිසානගේ පෝස්ට් එකට අපිවත් මොනාහරි කරමු කියලා කමෙන්ට් කරන්නේ නෑ... ( මම මේ පෝස්ට් එකම ගත්තේ මේකෙදි හදවතේ තෙතමනයක් නෑ කියලා බැනුම් අහන අය කීපදෙනෙක්ම තමයි ම් සිද්ධියෙදි ඒ වැඩේ හොඳයි කියලා කතා කරලා ඒ වැඩේට සම්බන්ධ වෙයි කියලා බලාපොරොත්තු උනේ..)

      හදවතේ තියෙන සංවේදීම දේවල් එක්ක, මේ රටේ තිබ්බ ත්‍රස්තවාදයෙන් විඳපු දුක් සංසන්ඳනය කරන එක වැරදියි කියලයි හිතෙන්නේ මට..

      මේ කතාව ඇත්තක් නෙවෙයි කියලමයි මම හිතන්නේ.. අර පහුගිය චැනල් 4 විඩියෝ වගේ... සමස්තයක් විදියට ගත්තොත් ත්‍රිවිධ හමුදාවම ගැන මගේ හිතේ තියෙනවා ගෞරවයක්... ඒකටයි මේ පහර වැ‌දුනේ.. නැතුව මේ කතාව කියෙව්වම මට මේක තනිකරම ගොතපු කතාවක් කියලා හිතුනේ මගේ හිතේ මනුස්සකමක්, හදවතේ තෙතමනයක් නැති හින්දා නෙවෙයි...

      Delete
    9. ත්‍රස්තවාදයෙන් විඳපු දුක මේ පොඩි එකා පිටින් (ඇත්තට මරල නම් ඒත් කමක් නැය කියන එකෙන් ) යවනවා නම් හදවතේ තියන තෙතමනය ගැන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුලුවන් . මම මානව හිමිකම් ඉහලින් ගරු කරන කෙනෙක් රිසානා ගැන වගේම බාලචන්ද්‍රන් ගැනත් දුක් වෙනවා ඇත්තටම අසාධාරණයක් වෙලා නම් . අනික් කාරණා වලදිත් එහෙමයි . යුද්ධ ඉවරීම ගැන ගන්න ආතල් තවම ඉවර නැති බව මාත් දන්නවා , ඒ ආතල් කුඩු වෙන්න පුලුවන් මේ වගේ ප්‍රශ්න ලෝක මට්ටමේදී අනාගත්තාම . ඔයා අන්තිම චැනල් 4 විඩියෝවට කලින් විඩියෝව බැලුවද ? ඒ බලල ගත් අත්දැකීම් අනුවද මේ ගැන පූර්ව නිගමන දෙන්නේ ?

      Delete
    10. කෙහෙල්මලක් කියනවනේ බුවා ඔයා ආයිත්... මම කිව්වද ඇත්තට මරලා නම් ඒත් කමක් නෑ කියලා... මම කිව්වේ මෙහෙම දෙයක් වෙන්න බෑ කියලා මම හිතනවා කියලා... මෙහෙම කතාවක් එළියට ආපු එකේ අරමුණ මෙ ළමයා ගැන සාධාරණයක් ඉටු කරනවට වඩා මේ මානව හිමිකම් ‌කේස් එකේදි තුරුම්පුවක් විදියට පාවිච්චි කරන්න කියල මම හිතනවා කියල...

      මේක නිගමනයක් කියලා කොහෙවත් කිව්වද... මම කිව්වේ මම හිතන දේ විතරයි...

      ///මම මානව හිමිකම් ඉහලින් ගරු කරන කෙනෙක් රිසානා ගැන වගේම බාලචන්ද්‍රන් ගැනත් දුක් වෙනවා ඇත්තටම අසාධාරණයක් වෙලා නම් ////

      මමත් එහෙමයි.. ඒකේ වෙනසක් නෑ.. මට මේ ෆොටෝ ටිකවත් දෙපාරක් බලන්න හිත හදාගන්න බැරි උනා... මේ කතාව දන්නේ නැතුව පොඩි එකාගේ මූණ දැක්කම මේ ප්‍රභාගේ පුතා කියලා හිතුනේ නෑ.. ඒත් මේ කතාව කියෙව්වම මට මේක බොරුවක් කියලා හිතුනා.. ඕක තමයි මගේ හිතේ තියෙන සංවේදීකම...

      Delete
    11. හිරු ඔයා වගේම අවංකවම මමත් කැමතියි මේ කතාව බොරුවක් වෙනවනම්.ඒත් සටනකදී නැතිව අත්අඩංගුවට පසු ළමයා මරපු එක ඇත්ත නම්, ඔබ එම ඝාතනය අනුමත කරනවද නැද්ද? ඔබට ඔව් හෝ නෑ කියන පිළිතුර දෙන්න පුලුවන්ද? අර උඩ අල්කෙමියා දීල තියෙන්නේ වැල් වටාරම් නැතිව. මාරය කියල තියෙන්නේ කෙලින්ම. මේ අයට වෙනස්ව මම නම් මේක ප්‍රසිද්ධියේ අනුමත කරන්නේ නැහැ. එහෙම නොකරන්නේ මගේ ළඟ අනිත් අයට වඩා මනුස්සකම, දරු දුක, බෞද්ධකම, හදවතේ තෙතමනය තියන නිසා නොවෙයි සමහර විට මාරයා අල්කෙමිය ගාව මේ ගුණාංග මට වඩා ඇති. මාරයා සහ පක්ෂව කමෙන්ට් දාන අය තේරුම් නොගත්ත දේ තමයි පුද්ගලික කාරණා වලදී අව්‍යාජ සිතුවිලි එලියට දාන එක හොද වෙන්න පුළුවන් නමුත් සමාජීය කාරනා වලදී අව්‍යාජ සිතුවිලි ප්‍රසිද්ධියේ එළියට දාන එක එතරම් හොඳ දෙයක් නොවෙයි.

      Delete
    12. මෙහෙම දෙයක් වෙන්න බැය කියල කියන්න ඔයාගේ පදනම මොකක්ද කියලයි මම අහන්නේ ? මම කීව චැනල් 4 විඩියෝව බැලුවද කියල ඇහුවෙත් ඒ ගැන දැන ගන්න . මානව හිමිකම් වල තුරුම්පුවක් වුනා නැතා වෙච්ච දේ හරිද වැරිදිද කියල තමන්ගේ පෞද්ගලික අදහසක් තියෙන්න ඕනි . බාලචන්ද්‍රන් අත් අඩංගුවේදි ඝාතනා කලා නම් ඒ වැඩේ හරිද වැරදිද ? කියන ප්‍රශ්නයට ඔව් , නෑ වශයෙන් කෙලින් උත්තරයක් තියෙන්න ඕනි !

      Delete
    13. හිරු ඔයාගේ පවුලේ අය විතරක් නෙමෙයි යුද්දෙන් මලේ. රටේ බහුතරයකගේත්, මගෙත් ඥාතීන් හිතමිත්‍රාදීන් යුද්දෙදි නැති උනා. මම බෝම්බ හතරකට බිලිවෙච්ච මිනිස්සු අතින් අල්ලපු කෙනෙක්. ඒ වගේම රණවිරුවන් කල මෙහෙය අගේ කරනා කෙනෙක්. ජාත්‍යන්තරය ත්‍රස්තවාදය නැති කිරීම හෙලා දකින්නේ නෑ. එමෙන්ම ප්‍රභා මරපු එකටත් විරුද්ධයි. ඒ වගේම කිසිම කෙනෙකුන්ට හෝ ජාත්‍යන්තර බලපෑම් එල්ලවේ නම් අප් එයට එදිරිව කොන්දේසී විරහිතව රට වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් යුද්ධය කියන්නේ එකක්. මනුශ්‍යත්වය කියන්නේ තව එකක්. ඔබත් ප්‍රභාකරනුත් අතර කිසිම වෙනසක් මම දකින්නේ නෑ. කනගාටුයි..

      Delete
    14. ///සටනකදී නැතිව අත්අඩංගුවට පසු ළමයා මරපු එක ඇත්ත නම්///

      උදිත, මේ ළමයා නෙවෙයි වෙන ළමයෙක් උනත්, ළමයෙක් නෙවෙයි සාමාන්‍ය සොල්දාදුවෙක් විදියට එල්ටීටීයීයට බඳවා ගත්ත කෙනෙක් උනත් මේ කතාවේ කියන විදියට මැරුවා නම් ඒක මම අනුමත කරන්නේ නෑ...

      ඒ ඇරෙන්න මම මේ මගේ මුල්ම කමෙන්ට් එකේ කියන්න හැදුවෙත් මේ වගේ අතිශය මානුශික, සංවේදී, සාමාජීය කාරණා ගැන මෙහෙම ප්‍රසිද්ධියේ කතා කරන එක මෝඩකමක් කියන එක තමයි....

      මාතලන්.. ඔයාගේ මානුශීය පැත්ත ගැන මට තේරෙනවා... ඒත් මගේ මානුශීය පැත්ත ඔයාට තේරෙන්නේ නෑ.... මම කොතැනකවත් කිව්වද මේ ළමයා මැරුවාය/ නොමැරුවාය, ඒකම මම කැමතියි ය/ අකමැතිය කියලා.... මානුශිකත්වය ගැන කතා කරනවා නම් ඔයාට වැඩිය මට රිදෙන තැන තමයි මම ගෞරව කරන හමුදාව මෙහෙම දෙයක් කළාය කියන එක... මම දන්නේ නෑ ඒක මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද කියලා...

      ඔයා කියන දේ මට තේරෙනවා.. ඒත් මම කියන දේ ඔයාට තේරෙන්නේ නැති එක ගැන මටත් ඔයා ගැන කණාගාටුයි...

      බුවා...// බාලචන්ද්‍රන් අත් අඩංගුවේදි ඝාතනා කලා නම් ඒ වැඩේ හරිද වැරදිද ? /// වැරදියි... දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවානේ.. හැබැයි මම පිලිගන්නේ නෑ ඒක එහෙම උනා කියලා... ඒක මගේ මානුශිකත්වය..... දැන් වත් ඔයාට තේරෙනවා නම් මගෙන් ආයිත් ෆැක්ට්ස් අහන එකක් නෑ කියලා හිතනවා...

      Delete
    15. පිලිගන්න නොගන්න එක ඔයාගේ වැඩක් , තවමත් ඔයා පිලිනොගන්න ප්දනම කීවේ නෑ.

      //මේ කතාව ඇත්තක් නෙවෙයි කියලමයි මම හිතන්නේ.. අර පහුගිය චැනල් 4 විඩියෝ වගේ.//

      ඔච්චරයි ඒ ගැන තියෙන්නේ , ඒකයි මම අහන්නේ චැනල් 4 විඩියෝ බැලුවද කියල ?

      Delete
    16. හමුදාව මෙහෙම දෙයක් කලත් නොකලත් ඒක ප්‍රශ්ණයක් නොවේ. ඔබ පමණක් නෙමෙයි අපත් සොල්දාදුවන්ට ආදරෙයි. ඒත් අප ඊට වඩා දරුවන්ට ආදරෙයි. දරුවන් හා කාන්තාවන් විශේෂත්වයෙන් සැලකීම ළෝක සම්මතයක්. ඒ වගේ වැදගත් දේවල් ආගම්වල නෑ.

      Delete
  43. ප්‍රභාකරන් මැරුවා කිව්වාම ලංකාවේ හිටපු ලොකුම පිලිකාව අහක් වුනානේද කියලා සතුටක් ඇති වුනා, ඒත් පවුලම මැරුවා කිව්වාම පුංචි දුකක් ඇති වුනා.මට ඒ පවුල දරුවො පෙනුනෙ තවත් දරුවෝ හැටියට විතරයි.සමහර විට මම හිතපු හැටි වැරදිද මංදා. නමුත් මට දුක හිතුනා එච්චරයි.මිනිස්සු වන අපි එක්කෙනාට එක්කෙනා හිතන විදිහ වෙනස් ඒකට තර්ක කරලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹට හිතුන විදිය වැරදි නෑ. කවදාවත් ඒ ගැන පසු තැවෙන්න එපා. ඒකට තමයි මනුස්සකම කියන්නේ. සිංහලයගෙ, දෙමළගෙ තියා තම්බියගෙ වූවත්.. ඒ මනුස්ස කම නැති එක තමයි කරුමේ. මේ මිනිස්සු ගැන මට නම් ඇත්තටම ලැජ්ජයි...

      Delete
    2. ලංකාවේ බුදු දහම් ඉගනගත්ත අයට දැන් මිනිස්කම හොඳටම අමතක වෙලා. මිනිස්කම නැතිවුනේ මුල්ලිවයිකල් වල. මේ යුද්දය නැතුව මේක යසට විසදන්න පුළුවන් තිබුන ඉස්සරමකාලේ; සංඝ කට්ටිය ඒ විසතුමට හරහට දිගට කොට තිබ්බ නේ... දැන් ඒ සංඝ කට්ටිය හලාල් කියල ලතෝනි කෑගැහිල්ල නේ.

      Delete
    3. අනේ කතොලික කෙල්ලේ උඹ ඔය පරිප්පුවක් බතක් උයං කාලා හිටහං නිකං මුස්ලිම් කාරයෙක් දාන විදියට කමෙන්ට් දාන්න නෑවිත්.

      Delete
  44. මට මේ බ්ලොග් ලියන බහුතරයකට කියන්න තියෙන්නෙ මෙච්චරයි....... ප්රභාකරන් මැරිම නම් සාධාරණයි....... ඒත් ඔහුගේ පුතා(හිතල මැරැව නම්)මැරැවනම් ඒක සාධාරණය කරන්න බැ කොහොමවත්..... ඔහු තමන්ගේ පියා අනුගමනය කරයිද නැද්ද කියන එක වෙනම කාරණයක්......... ඒත්........ ඒත් ඒ අසරණ දරැව ඒකට මොනා කරන්නද??? එයා වෙනම කෙනෙක්.........එයාව තාත්ත යන මාර්ගයෙන් වෙනස් මාර්ගයකට ගන්න තිබ්බ...... ඒක බැරි නෑ.............. මේ කමෙන්ට් කියවද්දි මට හිතෙන්නේ මේක බුදුන් 3පාරක් වැඩි දේශයද කියල........ උබල බවුද්ද කියන්නත් මට ලැජ්ජයි

    ReplyDelete
    Replies
    1. බෞද්ධ ? උඹට ලජ්ජා ඇති උඹ හෙළුවෙන් හින්ද. එත් අනිත් උන් එහෙම නැහැ නේ !

      දැන් මොකද්ද මේ ළමය මැරිල්ලයි , ප්‍රභාකරනුයි බුද්ධාගමයි අතර තියෙන සම්බන්ධය ?

      බුදුන් 3 පාරක් වැඩියම ඒ රටේ උන් කටයි පුකයි වහගෙන ඔළුවට පහරල යනකන් ඉන්න ඕනෙද ?

      රටක දේශපාලන අනාගතය , ඒකීයත්වය ගැන කල්පනා කරලා පාලකයන් ගේ පවුල් විනාශ කරේ ලංකාවේ විතරද ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හෙ හෙ......... අනේ මන්ද.... බන්......... ඉස්සල්ල මන් ලියපු එක හරියට කියවපන්......මන් කිව්වද දැන් බුදුන් 3 පාරක් වැඩිය කියල අපිට ගහල මරල දාල යනකන් ඉන්න ඕනා....... නෑනේ.. තමන්ගෙ රටට අභියෝගයක් එල්ල වෙද්දි ; ධර්මයෙන් ඒක විසදන්න බැරිනම් යුද්ධ කරන්න ඕනා තමා...... ඒකට කරැන්න දෙයක් නෑ..... එදත් ඒම කරල තියෙනවා.....ඒත් අපි ‍බවුද්ධයෝ( උබනම් ඒම නෙවී කියල පේනවා) ‍වෛරයෙන් වෛරය සන්සිද්දෙන් නෑ... වෙන මොන රටක්වත් ඒකියත්වය උදෙසා පවුල් විනාස කරා කියල අපිත් ඒක කරන්න ඕනද???? ඒ අනුකාරකත්වය විතරද මේකට එකම විසදුම....හිතපන්.... මොනා උනත් ප්රභාකරන්ගෙ පුතා මරන්න ( ඒම මැරැවනන් විතරයි ඈ) ඕනකමක් නෑ...... මොකද ඒ පොඩි එකාට මේ සිද්ධ වෙච්ච කිසිම දේකට වගකියන්න බෑ.... ඒ ළමයව පුනුරැත්තාපනය කරන්න තිබ්බ( ඒම මැරැවනන් විතරයි) හිතපන්.. ඔසාමා බිල් ලාඩන් ලෝකෙ හිටිය දරැණුම ත්රස්ථවාදියෙක් ....... ඒත් එයාගෙ පුත‍ා??? තාමත් එංගලන්තෙ සාමකාමීව ජීවත් වෙනවා............

      Delete
  45. මේ පිංතුරයේ ඉන්නේ ප්‍රභාගේම දරුවද? එසේම මැරී ඇත්තේ යුද්ධයේ වෙඩි පහරකින්ද? මේ කිසිවක් ගැන හාංකවිසියක්වත් නොදැන මේ ගෙන යන සංවාදය නිෂ්ඵලයි.. ඇත්ත ඇති සැටියෙන් දකින්න. බටහිරයන් දෙන ළණු නොකන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කය නිවරිදියි ශිෂ්ඨ සම්පන්නයි නලින්.
      ගෝත්‍රික තර්ක ගෙනෙන අයට ඉගෙන ගැනීමට ලොකු පාඩමක් ඔබේ කොමෙන්ටුවේ ඇත.

      Delete
    2. දිණමිනෙන් සහ අයිටීන් එකෙන් දෙන ලණු පමණක් කන්න

      Delete
    3. නලින් ඔබ කොමෙන්ට් නොකලානම් වඩා හොඳයයි සිතමි...

      Delete
    4. මාත් ආසයි නලින් මේ "ඔව් මැරුවා තමයි ඇයි මොකද?අපි එහෙම තමයි ඒක හරි " කියන මාරයාගේ කතාවට වඩා උඹ කියන දේ ඇත්ත නම් ඇත්තටම මේක බටහිර බොරුවක් නම් (To be honest, it's a real relief if you can prove it to me this never happened)

      Delete
    5. මෙවැනි සංවේදී මාතෘකාවක් ගැන කථාකිරීම දැළි පිහියෙන් කිරි කනවා වැනි වැඩක්. ඒ වගේම පක්ෂග්‍රාහී නොවී කතාකිරීම ඊටත් වඩා අමාරුයි. අප අදහස් දැක්විය යුත්තේ ලෝකයේ දරුනුම ත්‍රස්තවාදී කණ්ඩායමකින් අවුරුදුන් තිහක කුරිරු යුද්ධයකින් බැට කෑ ජාතියක සාමාජිකයෙක් ලෙසද, අවිහිංසාව අගයන බෞද්ධයන් ලෙසද යන එක ප්‍රශ්ණයක්. මොකද, ඒ අනුව දෙන උත්තරය පරස්පර වෙන නිසා.

      මේ අපූරු සංවාදයට අනුව අපට උත්තර තුනක් ඇත:

      1. ඇල්කෙමියාගේ වඳ කෙහෙල් මොටයි තර්කය.වඩාම මානුෂික නූවද ,වඩාම ප්‍රායෝගික පිළිතුරකි. ජිනීවා සම්මුතියට එකඟ නැත.
      ඒත් සරළයි, සයිඩ් එෆෙක්ට් නැත, චැප්ට ක්ලෝස්. මොනවා කීවද, සුපිරි බලවතුන් කරන්නෙත් ඒකමය. යුධපිටියේ සාන්තුවරයකුසේ වැඩකල නොහැක.

      2. මාතලන්ගේ තර්කය. වඩාත්ම මානුෂිකයි. ජිනීවා සම්මුතියට එකඟය. සමානාත්මකයි, වීජේවීරගේ දරුවන්ට ලැබුණු දේමය.
      ප්‍රශ්ණයේ අවසානය නොවීමටත්, අනාගතේ ඉහල දඩයක් ගෙවීමටත් ඉඩකඩ ඇත

      3. අපි දැක්කෙ නෑ, අපි හරියම දන්නෙ නෑ න්‍යාය : වරදක් බව යටි සිත කීවද, වැඩි දෙනාගේ හිත සුව පිණිස කලයුතු කාර්ය්‍යකි

      තුන්වන පිලිතුර මැද මාවත, නොබැඳි පිළිවෙත හෝ වවුල් පිළිතුරක් ලෙස කෙනෙකුට තර්ක කල හැකි නමුත්, වවුලකු වීම මට නං අවුලක් නැත.

      අවසානයේ කිවයුත්තේ, මෙවැනි සංවේදී දෙයක් , සංයමකින් තර්ක කිරීමත්, ඒ යටින් දිවෙන මානුෂිකත්වයේ සේයාවත් දැකීමම සතුටට කාරණයක් බවයි

      Delete
  46. @මාරයා
    දිගට හරහට කමෙන්ට් දැමීම ගැන අමනාප වෙන්න එපා ඉතාමත් කම්පනයක් ඇතිවන පින්තුර දෙකක් ඒක. ඒ වගේම ඊට වඩා කම්පනයක් ඇතිවන ලිපියක් මේක.
    මාරයා උඹට මේ අව්‍යාජව මේ සිද්ධිය ගැන මෙවැනි සිතුවිලි ඇතිවීම මේක උඹගේ මතය වීම ඇත්තටම ගැටළුවක් නැහැ.නමුත් සමහර දේවල් ගැන අපි පුද්ගලිකව අව්‍යාජ ලෙස හිතන විදිය එහෙමම ගෙඩිය පිටින්ම එලියට දෙන එක සමාජීයව හැම විටම යහපත් දෙයක් වන්නේ නැහැ.
    සමහර පුද්ගලික අව්‍යාජ සිතුවිලි එලියට නොදා තමන්ටම තියා ගන්න එක යහපත් මනසක් තියන අනාගත පරම්පරාවක් වෙනුවෙන්වත් කරන්න

    ReplyDelete
    Replies
    1. //තමන්ට හිතෙන දේ ඒ ආකාරයෙන්ම කියන්නට ඉදිරිපත් වීමත්, ඒ වෙනුවෙන් පෙනී හිටීමත් ගොඩක් හොද දෙයක්....ඒක හැමෝටම හැම වෙලාවෙම කරන්න බෑ......අවංකව තමන්ට හිතෙන ඇත්ත කථා කරන එක තරම් අමාරු දෙයක් ලෝකේ නෑ....//

      උදිත ඔයා ඔයාටවත් අවංක නොවී අනිත් අයගේ ඒ සදහා තියෙන අයිතියට අභියෝග කරන්න ඒපා.....

      Delete
    2. @මයියා ( Mayya)
      ඔව් උඹල අවංක වෙන එක හොඳයි ටයි පටි යට ඉන්නේ කවුද කියල දැන් වස්තර නැතිවම පේනවා. අපි අව්‍යාජ නැති උනාට කාටවත් බය වෙන්න දෙයක් නෑ තිරිසන් හැඟීම් යටපත් කරලා එලියට වපෙන්වන අපේ ශිෂ්ඨ වෙස් මුහුණ කෘතිමයි තමයි එත් එක යට රහසක් නැහැ සහ ඒක ස්ථාවර වෙස් මුහුණක් .අපේ වෙස්මුහුණ ගලවන්න එන්න එපා යට මොනවද තියෙන්නේ කියල බලන්න මොකද අශිෂ්ටත්වය පෙන්නගෙන නිරුවතින් සත්ව මුහුණ පෙන්නගෙන ඉන්නවට වඩා මගේ ව්‍යාජ සිවිල් වෙස් මුහුණ ගැන මට ආඩම්බරයි. මේ මම කියන දේ ඔයාට තේරෙන්නේ නැති බවත් දන්නවා.

      Delete
    3. ///මගේ ව්‍යාජ සිවිල් වෙස් මුහුණ ගැන මට ආඩම්බරයි///

      ස්තූතියි උදිත මං කියපු දේ නියම මහත්තෙයක් විදිහට පිලිගත්ත එකට..

      Delete
  47. මම මේ සිස්ටම් එක වෙනස් කරන්න කැමතියි. ඒත් උං අපිව කපල කොටල මරල පුච්චල, අපිව වට්ටල අපිව කොටු කරල, බස් එකක යන්නත් උන්ගෙන් අවසර ගන්න ඕන සුනඛ මට්ටමටම අපිව දාලා අපිව පාගගෙන ඉන්න මේ සිස්ටම් එක වෙනස් කරන්න මම මැරුනත් සටන් කරනවා. ඒත් සහෝදර වරුනි, එක ප්‍රශ්නයක් අහන්නං, අපි සිස්ටම් එක වෙනස් කරලා, ඒ සිස්ටම් එකම නං ක්‍රියාත්මක කරන්නේ එහෙනං මොකටද උන්ගේ විදියට ක්‍රියාත්මක කරන අපේම සිස්ටම් එකක්. ඒ දෙකම එක නං ඒ සිස්ටම් එක මම අනුමත කරනවා..

    ස්ටීව් බන්ටු බීකෝ.(From the Cry Freedom book)

    පරිවර්තනය සුනිල් මාධව ප්‍රේමතිලක, හඩනු මැන නිදහස

    මට එච්චරයි කියන්න තියෙන්නේ.. සමහර විට මේ වගේ සමාජයකට බ්ලොග් ලියන එක වැඩක් නැති දෙයක් කියල මට දැං හිතෙන්න ඉඩ තියෙනවා... ඒතරං අසික්කිතයි සහෝදර සහෝදරියනි ඔබගේ වැදගත් බෞද්ධ අදහස්...

    ReplyDelete
    Replies
    1. ඔබ කලබල වෙන්නෙ ඕන නෑ. මේ බෞද්ධයන් නොවේ. පඩ ෂෝ බෞද්ධයෝ. මෙයාලා තමයි ටයිට් ජීන්ස් ගහලා, කොට කලසන් ඇඳලා පන්සල් යන මොඩර්න් බෞද්ධයෝ. මම නිර් ආගමික පුදගලයකු වූවත්, බෞද්ධ දෙමව්පියන්ට දාව උපත ලැබීම ගැන අනේකවාරයක් සතුටු වෙනවා. මන්ද මා බුදුන් දැක ඇති බැවින්... මේ කොමෙන්ටුව මාගේ මවට පියාට උපහාරයක් වේවා...!!!

      Delete
    2. බුදුන් දැක්කද ?
      දැන් රහත් වෙලා .. ශෝක් නේද !!!
      එහෙනම් ඇයි තාමත් මෙතන බෞධයන්ට බැන බැන ඉන්නේ
      කොට කලිසන් ඇඳගෙන පන්සල් යන එක වරදක් ද ?
      පටාචාරා ජේතවනාරාමයට ආවේ ඇඟේ නුල් පොටක් නැතුව නේ .
      බුද්ධාගම කියන්නේ ඇඳුමද ?
      මෙහෙම මුග්ධයෙක් !
      බුදුන් දැකල ඔලුව කොලොප්පන් වෙලා .
      අපේ ගෙවල් ගාව පිස්සෙකුත් හිටිය ඔහොම කිය කිය

      Delete


    3. මට නම් ඕවට කියන්න තියෙන්නේ මොන්ටිසෝරි කතා කියල.
      මේ කොහෙවත් ඉන්න පොඩි එකෙක් දැක්ක පලියට නහින්න
      හදල බොරු ආගමික හැදියාවයි, සදාචාරයයි පෙන්නන්න හදන
      ගොන් වහන්සේලා ගැන දුකයි..ඒ වගේම මේ වගේ මිනිස්සු නිසා
      තමයි 83 එක හුලන්ගෙන් ෆෝර්ම් වෙලා මුළු අවුරුදු ගානක් තිස්සේ
      ආව වැඩපිළිවෙල එක රැයෙන් කන්නේ..

      බොරු පඩ ෂෝ බෞද්ධයෝ කියන කතාව මෙතනට අදාළ නැහැ .මෙතන අපි
      ඉන්නේ යුධ්ධෙක .මාත් පන්සල් වලට යන්නේ නැහැ , මල් පූජා කරන්නේ නැහැ.
      ඒක මන් කෙලින්ම මගේ ප්‍රොෆයිල් එකෙත් දාල තියෙනවා..

      ඒ නිසා ඕක මට නම් අදාළ නැහැ.ඒ වගේම මට සුදු හුණු ගාගන්න ඕනෙත් නැහැ
      මෙතන පින්තූරයක් දැක්ක පළියට " සීවරම් දෙවියනේ මේවට හෙන හත ගහන්න
      ඕනේ මොන බල්ලා කරත් " කියල..

      අනේ යුද්ධයක ඇති වෙන තත්වෙයි , ගෙදර ගෑනි එක්ක හුරතල් වෙන
      තත්වෙයි අඳුන ගන්න බැරි ලාමක මනසකින් කතා කරන අය එක්ක
      මේවා කතා කිරීම නිෂ්ඵලයි...

      පුදුම සුචරිතවදියෝනේ බන් උබල..

      එක පිංතූරෙන් කට්ටිය ෆෝර්ම් වෙලා..


      @ mahasona
      thoroughly agreed!
      those r some stupid lunatics .

      Delete
    4. මේ ලෙඩේට තවම බේත් හොයාගෙන නැත. සොයාගත් දිනෙක, වෙනම දන්වන්නම්. ස්තූතියි..

      Delete
  48. ප්‍රභාකරන් ජාතිය පාවලා දුන්නෙ නැහැ. ජාතිය කිව්වෙ ත්‍රස්තවාදී ජාතිය. නැත්තං ඌටත් තිබ්බ නොවැ අර කරුණා කේ.පී ලා වගේ සැප ගන්න. නැත්තං මෙලහට ඇමති පට්ටමක් ගහගෙන රජට ඉන්නව නොවැ.

    ඌව කෝම හරි විදිහකින් මැරුණ එක ගැන සතුටු වෙන ගමන්, අර කාලකන්නි දෙන්නව නොමරපු එක ගැන දුක් වෙනවා. මොකද ඔය අපේ බදු වලින් කොටහකුත් යනවනේ උන් දෙන්නව නඩත්තු කරන්න. රජතුමාගෙ පවුලට නම් අපි කොච්චර වියදම් කළත් ණයයි නොවැ !

    ReplyDelete
  49. මේ දවස්වල නැගල යන දෙයක් තමයි මොනවා හරි උනහම , මොනවා හරි මතයක් ඉදිරිපත් කරහම තම්බින්ට , කතෝලිකයන්ට දාව ජාතියේ අවාසනාවට ඉපදිච්ච කාලකන්නි සිංහල බෞද්ධ වේශයෙන් ඉන්න අවජාතක පරයි සහ තම්බින් සහ කතෝලිකයන් කියන මේ දේ

    - " ඒතරං අසික්කිතයි සහෝදර සහෝදරියනි ඔබගේ වැදගත් බෞද්ධ අදහස්.."
    - "such hatred by buddhist sinhalese"
    - "බුද්ධාගමේ මූලික සංකල්පයක්නේ මමත්වය නැති කරන එක . මමත්වය නැති කර ගන්න කලින් තමන්ගේ ජාතිය/කල්ලිය පිලිබඳව හැගීම වත් හැගීම වත් මේ බෞද්ධ මහත්තුරු හිතා ගත්තොත් නරකද"
    - "මේ බෞද්ධයන් නොවේ. පඩ ෂෝ බෞද්ධයෝ"

    දැන් මොකද්ද මේ ළමය මැරිල්ලයි , ප්‍රභාකරනුයි බුද්ධාගමයි අතර තියෙන සම්බන්ධය ? බෞද්ධ කියන්නේ ඔළුවට පහරල යනකන් කටයි පුකයි වහගෙන භාවනා කරන එකටද ? කෙනෙක් අන්තවාදී හරි නැති හරි අදහසක් ඉදිරිපත් කරහම එකට ආගම ඇදල ගන්නේ මොකටද ? . කොච්චර ද්වේශයක් මේ අවජතකයෝ ගාව තියෙන්න ඕනෙද බෞධාගම ගැන.

    මතලන්ගේ ගැනිට ලඟදි ළමයෙක් ලබිලද කොහෙද උනහපුලුවට උගේ පැටිය මැණිකක් කියනවනේ. එකපාරටම අත්දැකපු පිතෘ සෙනෙහෙ හින්ද මිනිහට පෙන්නේ එක තමයි ලෝකේ තියෙන ලොකුම ලබ්බ කියල. රත්මලානේ දරු දෙන්නෙක්ගේ බෙලි මිරිකලා ගිනි තිබ්බේ ත් තාත්තෙක් තමයි. දරු සෙනෙහසට වඩා වටිනාකමක් තියෙන දේවල් ලෝකේ තියෙන බව මේ මුග්ධයට අමතක වෙලා.

    මාරේ උඹේ මතයට 100% එකඟයි

    ReplyDelete
    Replies
    1. තිරිසනුන් හා සංවාදයෙන් පලක් නොමැත. සංවාදයෙන් ඉවත් වෙමි. මාරේ දිනෙක උඹ කනගාටු වෙයි මේ පෝස්ට් එක ගැන. මට කීමට ඇත්තේ එපමණයි. ස්තූතියි.

      Delete
    2. ලොල් ම තමයි මාතලන්.

      මම එන්න පොඩ්ඩක් පරක්කු උනා අද. ඒ එනකන් මෙතන පොර වෙලා මොන්ටිසෝරියට වැදිච්චි පහේ එකා වගේ , ( නැත්නම් වලන් කඩේට වැදිච්චි හරක වගේ ) තමන් කියන නරි වාදම් වලට උත්තර බඳින්න බැරි අසරණයෝ ඉස්සරහ තවුසන් ටෝක් දීපු මිනිහ දැන් නැට්ට පස්සේ ගහගෙන මාරු ..

      අදහස් හරියට කියාගන්න බැරි , සාකච්චාවක් කරලා ඔබගේ අදහස්වල නිරුවත පෙන්නලා දෙන්න බැරි පොඩි එවුන් ටිකක් ඉස්සරහ තොවිල් නටල දැන් .. ඔය කොහෙද දුවන්නේ ???

      - සභාවේ සිනහ , හූ හඬ

      Delete
    3. //මාරේ දිනෙක උඹ කනගාටු වෙයි මේ පෝස්ට් එක ගැන.//

      අනාගතය ගැන කීමට හදිසි වෙන්න ඕන නැහැ මාතලං... අපි ඒක අනාගතේට බාර දෙමු... හැබැයි මට කියන්න තියෙන්නේ උඹ උනත් පෝස්ට් එක හරියටම කියෙව්වද දන්නේ නැහැ කියලා... මං සද්ද නැතිව හිටියේ මම දන්නවා කට්ටියම හදිසි වෙලා කියන දේවල් තියෙන්නේ කියලා. හරියටම බැළුවනං තේරුම් ගන්න පුළුවන් වෙයි මොකක්ද මං කියන්නේ කියලා.. මං හිතන්නේ උදිතට මුලින්ම නැති උනත් පස්සේ හරි කියවලා මේක තේරුම් ගිහින් තිබුනා.. ඒ වගේම උදිත කිව්වා වගේ මේක ප්‍රසිද්ධියේ කතා කල යුතු කාරණයක් නොවන බවත් මං පිළිගන්නවා. ඒත් සමහර දේවල් තියෙනවා කුණ කරේ තියා ගන්න වෙනවා කියලා පැහැදිලිවම දැන දැන ඒ කුණට කර ගහන්න වෙන... ඒක පෞද්ගලිකව තමාට කර ගන්න හානියක්... කපුටා සහ කබරයා කියන්නේ බොහෝම පිළිකුල් සත්තු... උන්ගේ කාර්යයට වටිනාකමක් මේ ලෝකෙන් ලැබෙන්නේ නැහැ. එහෙමයි කියලා කපුටෙක්වත්..කබරයෙක්වත් උන්ගේ වැඩ නවත්තන්නෙත් නැහැ. කවුරුවත් කර නොගැහුවත්... කොයි තරම් මේක කියවන අය මා ගැන අමනුස්සයෙක් දකින විදියට දැක්කත් ප්‍රායෝගිකව මේක දිහා මං දකින විදිය මං කිව යුතු නිසා මං ඒක කිව්වා.. මෙතනදී උනේ හුග දෙනෙක් මං කියන ටිකට වඩා මේකේ ඇති මානුෂික පැත්ත ගැන විතරක් කල්පනා කලා අනිත් පැත්ත ගැන අවධානය යොමු නොකරම... බොහෝ විට ඕකම තමා ජ්‍යාත්‍යන්ත‍රයෙදීත් වෙයි කියලා හිතන්න පුළුවන්.. මොකද ඔතනට එන හැම රටකම උන් දන්නවා උන් කලත් කරන්නේ ඕය ටිකම තමා කියලා.. ඒ ප්‍රායෝගිකව කල යුත්ත ඒක බව උනුත් දන්න නිසා... ඒත් උන්ට ඒක වැදගත් නැහැ මොකද මේක උන්ගේ ප්‍රශ්නයක් නොවන හින්දා...

      දරුවෙක් මරනවා කියන එක සහ ඡායාරුපවල තියෙන සංවේදීකම නිසා ඇත්තටම මාතලංලා කියන කාරණාව බැහැර කරනවා නෙවෙයි.. හැබැයි අපි කොච්චර කිව්වත් මේක මෙයිට වඩා වෙනස් විදියකින් අවසාන වෙන්න විදියක් තිබුනේ නැහැ. ප්‍රභාගේ දෙමවුපියන් ඉතිරි කලානං දරුවා ඉතිරි කරන එක හමුදාවට බැරි කමක් නැහැ. (අමතක නොකරන්න මා මේ කියන්නේ එහෙම උනානං පමණක් යන වග) ඒත් අවසානයේ දරුවා සහ ප්‍රභා සිටියේ එකට නම් දරුවාගේ සාක්ෂිය හොඳටම ඇති මුළු ලෝකෙම බලං ඉන්න ටික කර ගන්න.. විජේවීරගේ දරුවන් හා එදා තත්වය එක්ක මේක සම කරන්න පුළුවන් කමක් නැත්තේ එතනැදියි. පියාට වූ දේ හරියටම දන්නා දරුවෙක් මෙතැන හිටියනං මොකද වෙන්නේ... මාතලං කියනවා වගේම ඕක කලානං කරන්න ඇත්තේ වෙන කරන්න දෙයක් නැති කමට මිසක් දරුවකු මරන කාලකණ්නි ආසාවකින් නෙවෙයි.. එහෙම අල්පයකින් හරි වෛරයකින් හිටියනං හරි තීන්දුවක් එනකල් හරි දරුවට වතුර පොදක් හරි දෙයි කියලා හිතනවද...? ලෝකය බොහෝම අමාරු තැනක් මාතලං.. ඒක මට වඩා උම දන්නවා. මානුෂික පැත්ත අමතක කලා නෙවෙයි.. මං එහෙම වෛරයකින් ලිව්වද කියලා උඹ ආයේම මේක කියවලා බලලා තේරුම් ගනින්... දසක තුනක් විදෝපු විදවිල්ල මට වඩා උඹ දන්නවා... ඒක නොදන්නේ යුද්ධය ආදායම් මාර්ගයක් උන එකාලට විතරයි. උඹ එහෙම එකෙක් නෙවෙයිනං මං කියන ටික තේරෙයි.. එහෙම එකෙක්නං ඉතිං මං කතා කරන වචනත් අපරාදේ. පැහැදිලි ඇති නේද..?

      එහෙම විදවිල්ලක් ආයේ නොඑන්න ගත හැකි හැම තීරණයක්ම ගන්නවා ඇර මෙතනදි වෙන කරන්න දෙයක් නැති වග විතරයි මගේ කතාව.. එහෙම නැතිව දරුවකුගේ මරණයකින් සතුටු විමක් නෙවෙයි... ඒ වගේම දස වද දීලා ප්‍රභාව උනත් මරන්න ඕන කියන තැන මං නැහැ..දැකපු මුල් වතාවෙම හදුනා ගන්න මුහුණ ඉතිරි කරලා එක ස්නයිපර් පාරකින් හරි ඉවර කිරීම විතරයි වැදගත්.. ඒ තවත් එකෙක් මරන අදහසින් නෙවෙයි... අනාගතේ මැරෙන්න ඉන්න උන් දහස් ගානක් ඉතිරි කරන අදහසින්. බාලචන්ද්‍රන් වැනි දරුවකු උඹලා අපි දරුවෙක් හැටියට දැක්කා උනාට ඒ දරුවා හරහා අනාගත ඊලම දකින අයයි වැඩි... එතනට යන්න නොදී තියන එක ගැන වැරදියට හිතන්න එපා. සමහර විට දෙවැනි ඊලාම් යුද්ධයක් කියන්නේ අද උඹ ආදරෙන් ඉන්න උඹේ පුතාව උනත් එක ඇසිල්ලකදී කෑලි කෑලි වලට වෙන් වෙලා යන බෝම්බයකින් නිකංම නිකං මස් වැදැල්ලක් කරලා දාන්න පුළුවන් දෙයක්... සමහර විට උඹට දවසක හිතෙයි එහෙම උඹේ දරුවාගේ මරණය දකින් උනානං මේ දරුවා ඉතිරි කිරීම හරහා... එදාට උඹ ගැන මට කියන්න තියෙන්නෙත් //මාතලං දිනෙක උඹ කනගාටු වෙයි මේ කමෙන්ට් ටික ගැන// කියලා...

      ඒකයි කිව්වේ අපි ඒක අනාගතේට බාර දෙමු කියලා... මේ වගේ කාරනාවලදී අපිට කෙලින්ම කියන්න බැහැ කවුරු මොනවට කණගාටු වෙයිද කියලා...

      ස්තූතියි...

      Delete
    4. බාලචන්ද්‍රන් මරා දැමීම සධාරණීකරණය කරන මාරයා ඇයි කේපී වගේ ආයුධ ජාවාරම් කාර ත්‍රස්තවාදියෙක් බොහොම සැප පහසුවෙන් ආණ්ඩුවේ ‍රැකවරණය ලබන එක ගැන මුකුත් නොකියන්නේ.

      නවතිමි

      Delete
    5. දෙවන ඊලාම් යුද්ධයක් ඇතිවීමේ ඉඩකඩ බාලචන්ද්‍රන් සමඟ වලපල්ලට ගියා කියා සිතන්නේ නම් එය විහිලුවකි . ඵ්ලය මිස හේතුව ඇති කර නැත, අවම වශයෙන් එයට සුදානමක් හෝ නැත ගෝඨබය රාජපක්ෂ ආරක්ෂක ලේකම් පුටුවෙන් ගිය දිනෙක , අලු යට ඇති ගිනි පුපුරු මතුවීමේ ඉඩ කඩක් වුවමනාවටත් වඩා ඇත . එය ප්‍රභාකරන්ගේ මරණයෙන් සියල්ල අවසන් වුවේයැයි සිතා ආතල් ගන්නා අයට නොපෙනීම පිලිබඳවද මා පුදුමයට පත්වන්නේ නැත , මන්ද අවම වශයෙන් සකස් වෙමින් තිබෙනා දේශපාලනික වටපිටාව තුල යුද්ධයෙන් දිනාගත්තා යැයි උදම් අනනා දේ පවා ඊලාම් යුද්ධයකින් තොරවම අහිමි වීමේ අවධානම හෝ ඔවුන් දකින්නේ නැති නිසාවෙනි

      Delete
    6. @ maraya
      උඹ මේක ප්‍රසිද්ධියේ කතා කල යුතු කාරණයක් නොවේ කියන එකවත් පිලිගත්ත එක ළොකු දෙයක්. ඇයි උඹ එහෙම පිලිගන්නේ. යුද්ධය හා මිනිසත් කම ගැන අබ මල් රේණුවක් හෝ වෙනසක් උඹට දැනෙන නිසා. ඒ උඹ සොල්දාදුවෙක් වගේම බෞද්ධ බික්ෂුවක් ලෙසද උන් නිසා. එහෙත් උඹ මේ දේ ලියපු එක හොඳයි. එයින් නවීන බෞද්ධයන් ගැන මගේ මතය තහවුරු උනා. මා කොමෙන්ට් කිරීම නැවතූවත්. මේක ලිව්වේ උඹට ස්තූති කරන්න. මගේ දරුවා මැරුවොත් මම මොකද කරන්නෙ කියලා අහලා තිබුනා. කෙටියෙන් කියන්නම් මට තවත් කෙනෙක් ඝාතනය කරන්න බෑ මාරේ. ස්තූතියි...

      Delete
    7. බුවා
      කොටි මේ වෙද්දි Transnational Governmentඑකක් (exile government) හදාගෙන නේද ඉන්නෙ ?? ඒ කියන්නෙ ප්‍රභාගෙන් හෝ බාලචන්ද්‍රන්ගෙන් ඊලාම් සිහිනය අවසන් නොවේ කියන කතාව නේද ??
      දන්නෙ නැති නිසා අහන්නෙ එක්සයිල් ගවන්මන්ට් එකට සිංහලෙන් කියන්නෙ විප්‍රවාස ආන්ඩුව කියල නේද ?

      Delete
  50. ප‍්‍රභාකරන්ගේ බාල පුතා මා හමුදාපතිව සිටි කාලයේ හමුදාව ඝාතනය කළේ නෑ

    බි‍්‍රතාන්‍ය ‘චැනල් ෆෝ’ නාලිකාවෙන් ඉදිරිපත් කර ඇති ඡයාරූප පිළිබඳ තමන්ට සැකයක් පවතින බවත් තමන් හමුදාපති තනතුරෙහි සිටිය දී එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාව විසින් ඝාතනය නො කෙරුණු බවත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ෆොන්සේකා මහතා සඳහන් කළේ 2009 වසරේ මැයි 17, 18, 19 තෙදින තුළ යුදමය තත්ත්වය හේතුවෙන් ත‍්‍රස්තවාදීන් 400කගේ මළ සිරුරු යුද හමුදාව විසින් සොයාගත් බවත් එහි තිබී එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සහ ඔහුගේ වැඩිමහල් පුතාගේ මළ සිරුරු හඳුනාගනු ලැබූ බවත් ය.

    යුද්ධය පැවැති වකවානුවේ දී බාලචන්ද්‍රන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත්තේ නම් අද වන විතේ ඔහු ජීව්ත් වන බව ද හෙතෙම සඳහන් කළේ ය. නමුත් බාලචන්ද්‍රන් යැයි සැලකෙන කිසිදු පුද්ගලයකු තමන් අණ දුන් යුද හමුදාවේ කිසිදු නිලධාරියෙකු විසින් ජීව්තුන් අතර සිටිය දී හෝ මළ සිරුරක් හෝ සොයා ගත් බවට කිසිදු වාර්තාවක් නොමැති බව ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    මීට පෙර ද බාලචන්ද්‍රන්ගේ යැයි පවසමින් වෙඩි වැදී මියගිය සිරුරක ඡයාරූපයක් මාධ්‍ය හරහා ජනතාව අතරට ගිය බවත් ඒ ඡුායාරූප පවා බාලචන්ද්‍රන්ගේ ඡයාරූප දැයි තමන්ට සැකයක් පවතින බවත් හෙතෙම පැවැසීය.

    මේ කාරණාව පිළිබඳ ඉදිරියේ දී පරීක්ෂණ සඳහා මුහුණ දීමට සිදු වුවහොත් තමන්ට යුද හමුදාපති ලෙස කටයුතුකළ කාලයේ සිදු වූ ඕනෑම කාරණාවක් පිළිබඳ නීත්‍යානුකූලව හා අපක්ෂපාතීව පවත්වන ඕනෑ ම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බව ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ ය.

    SF ගේ ප්‍රකාශ රටට හිතවත්ව ප්‍රකාශ වෙන නිසා කුරුසයෝ සහ දෙමෙලු වියරු වැටි ඇත.

    “යුද්ධය පැවැති වකවානුවේ දී බාලචන්ද්‍රන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත්තේ නම් අද වන විතේ ඔහු ජීව්ත් වන බව ද හෙතෙම සඳහන් කළේ ය.”

    එනම් වත්මන් රජයද (මහින්ද,ගෝටා) ගොඩ දා ඇත.

    ReplyDelete
  51. මහා බැංකු බෝම්බය වෙලාවේ දක්නට ලැබුණ සිදුවීමක් තමයි එකපාරටම වටින් පිටින් රස්තියාදු කාරයෝ , කුඩු කාරයෝ ඇවිල්ල පිරිලා තුවාල ලැබිච්ච , මැරිච්ච අයගේ චේන් , මුදල් මංකොල්ල කන්න පටන් ගත්තු එක. කී දෙනෙක් නම් අහු උනාද වළලු පිටින් අත් කොට සරන් අස්සේ දාගෙන දුවනකොට. අන්තිමේදී හමුදාවෙන් ඇවිල්ල "උදව්වට" ආපු කට්ටිය අයින්කරලා තමයි ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට ගෙනිච්චේ.

    මාතලනුත් ගියාද එතන උදව්වට ? හරිම හොඳයි. පංකාදුයි. !!!

    සර්ව ධාර්මික , අති පාරිශුද්ධ වේශයෙන් "පෙනී හිටින්න" හදන ( යුද්ධයේදී ළමයෙක් මැරුනහම ලෝකේ දෙවනත් වෙන්න කෑ ගහන) මිනිස්සු තමා වෙලාව ආවහම තමන්ගේ කෘර , තිරිසන් , අපරාධකාරී මානසිකත්වය සමාජයට මුදා හරින්නේ කියන එක අපි කවුරු කවුරුත් ජිවිතෙන් ඉගෙන ගත්ත පාඩම්....

    හොඳ මුනිය හැම වෙලේම තුලනය කරලා මැද මාවත තෝරා ගන්නවා. එකෙන් එච්චරම සුපිරි මානුෂික සුවඳක් වහනය වෙන්නේ නැහැ . නමුත් ප්‍රායෝගිකයි. මාරයා වගේ .


    ReplyDelete
  52. ආගම කිසිලෙසකින් අදාළ නොවෙන තැනටත් බුද්ධාගම සහ බෞධාගමිකයන් බලෙන් රිංගවා පැන පැන අපහාස කිරීමට කට කොකියවමින් ඉන්න අවජාතකයන් රැලක් "යුද්ධයකදී" සිදුවූ ඝාතනයක් ගැන මර ලතෝනි දෙමින් හඬනවා මෙතන . සර්ව සුචරිත ඇති මානුෂිය සුපිරි මිනිසුන්. නමුත් කිසිසේත්ම අදාළ නැති ආගමක් මෙතනට නැවත නැවතත් පුලුප්ප උලුප්පා අරගෙන අපහාස කරන්න අති සමතුන්.

    ඔන්න බේරෙනවා නුඹලාගේ සුචරිතේ රෙද්ද පල්ලේ ...ශික් විතරක් !

    ReplyDelete
  53. අපේ රටේ තාත්තල,බාප්පල,අම්මල ඕනෙ තරම් ළමයි මරණව අපි හොටු පෙරාගෙන අඩනවද ?බ්ලොග් ලියනවද ?,දුක්වෙලා අඩනවද ? මේ ප්‍රබාකරන්ගෙ පුතා වගේම චාල්ස් ඇන්තනිගේ මල්ලි ඒ කියන්නෙ මාකට් කරන්න පුළුවන් දරුවෙක් නිකම් නෙමේ ඉන්ටර්නැෂනල් මාකට් කරන්න පුළුවන් දරුවෙක් ඉතින් අපි අඩමු

    ReplyDelete
  54. දරුවෙක් මරාදැමීම කිසිසේත්ම අනුමත කලයුතු දෙයක් නොවේ.

    නමුත් මේ පිංතූර හරහා එලියට එන්න හදන කතාව කදුලු කතාවක් උනොත් අපේ රටට එයින් ඇතිවෙන බලපෑම මොන වගේ එකක් වෙයිද?

    බහුතරයක් කොමෙන්ට් වලින් පෙනෙන්නේ නුදුරේදී ජිනීවා හීදී රටක් වශයෙන් අපට මූනපෑමට සිදුවන තත්වය නොවේද ?

    ReplyDelete
  55. මෙහි සියලු කමෙන්ට් කියවූයේ නැත. කියවූ කමෙන්ට් දෙස බලා ලිවීමට තිබෙන්නේ එක කමෙන්ටුවක් පමනි. මාතලන්, බුවාගේ සිතුවිලි,චමී ගුරුගේ, උදිත හා තවත් එවැනි අතලොස්සක් සිටීම සම්බන්ධව මම සතුටු වෙමි. අපි ජීවත් වන්නේ ජාතිවාදය ඉහවහා ගිය සමාජයකය. මෙය වෙනස් කල හැක්කේ හමන හුලගට නැවෙන බහුතරයට නොව උඩු ගං බලා පිහිනීමේ ධෛර්යය පෙන්නුම් කරන ( මේ මොහොතේ සුලුතරයක් වුවද) ඔබ වැන්නවුන්ට පමනි.

    ReplyDelete
  56. කියන්න ඇත්තේ මෙපමණයි.ලැජ්ජයි.සිංහල බෞද්ධයො කියල කියන එවුන්,උඹලා රෙදි ඇදන් තවත් බෞද්ධකම ගැනනං කියවන්න එපා මිට පස්සෙ.මිනිස්සු 999 මරපු අංගුලිමාලව මහණ කරවගත්ත බුදු හාමුදුරුවන්ට වදින්න අයිතියකුත් උඹලට නෑ එහෙම බැලුවම.

    ReplyDelete