07 March 2013

කෙල්ලන්ගේ වටේ යෑම සහ කොල්ලන්ගේ ළග නැවීම...

මේක නිකං පාළු අම්බලම වගේ වෙලා නෙව... යකෝ බ්ලොගේකට ගිය කලක්... ඇඩෙනවා පින්වතුනි... මදෑ කොළඹ ආවා... දෙයියනේ කියලා අර සිකුරිටි ජොබ් එකත් කොරං දවසක් ඇර දවසක් වැඩට ගිය කාලේ ඇති වෙන්න ජාලේ සැරිසරන්න වෙලාව තිබුනා නෙව... ඒකටත් එක්කලා දැන්... රස්සා පොජ්ජ මංදො කොරලා දාලා ඇවිදින් දැන් මේ ඉංගිරිසි පොජ්ජ මංදෝ කොරන් යන්න කියලා කොළඹ රටේ ඉන්ස්ටියුට්දෑ මොකක්දෑ මංදෑ උලව්වකට බඩ ගාලා එතනදී වනන කඩු කිණීසි පාරවල් වලට ඔළු පාත් කරං පසු පාදයේ ආරක්ෂිත පහරවල් දදා යන්තං නොමැරී ඉද්දී දැන් ඕං ලබන මාසේ මුල වෙද්දී තව සුකුරුත්තමක් එක්කාසු වෙන්ට නියමිතයි... 

ඒ කිව්වේ ලබන මාසේ මුල ඉඳලා මේ කොරං ඉන්න ඉංගිරිසි ඩිප්ලෝමා කටුවට අමතරව තවත් ඩිප්ලෝමා කටුවක් එක්කාසු වෙනවා... හැබැයි ඉතිං මේ මල උලව් ඉංගිරිසිය වගේ නෙවෙයි මංතුමා කැමති කෙලියක් තමා... ඒ කිව්වේ උයන පිහන කෙලිය.. යේෂ් යේෂ්.. සිංහලෙන් කිව්වොත් හොටෙල් ඩිප්ලෝමා කෑල්ලක්... ඒකත් කුස්සිය පැත්ත තමා.. ඒ කිව්වේ ජාත්තියන්තර සූප සාත්තර ඩිප්ලෝමා කෑල්ලක්... මොන මගුලක් වෙයිද කියලා දන්නේ උඩ ඉන්න දෙයියො තමා... 

ඉංගිරිසිය ඉගෙන ගන්ට ගියාට මොකද බොලවු තාම මට බැරි උනා මං මොකෙක්ද කියලා ඉංගිරිසියෙන් කියා ගන්න... හැබැයි අපරාදේ කියන්න බැහැ අපේ මාස්ටර් ලොක්කා මාව මරං කන්න හදන්නේ නැහැ.. බුවාට මගේ තත්තේ තේරිලා තියෙන්නේ... පොර නිතරම මාව අපහසුතාවයට පත් නොවන විදියට ගේම ගෙනියනවා... නැත්තං මෙලාට මං කඩු කෑල්ලක් හිරවෙලා සෙත්තපෝච්චි වෙලා... ඒත් ඉතිං කොයි තරං අමාරුකං මැද්දේ හරි තාම ඇදගෙන යන්නේ පොරගේ කරුණා මහිමය නිසාම තමා... නැත්තං එක වචනයක් සිංහලෙන් කියන්නේ නැති පංතියක මං කොහොමද බෙල්ල බේරං ජිවත් වෙන්නේ... මාස්ටර් කාරයා වචන සීයක් විතර කියනකොට එයින් තුන් කාලක් විතර තේරෙනවා..ඒ තේරුන ටික හිතේ තියං අනිත් නොතෙරුන ටික මෙහෙම වෙන්න ඇති කියලා හිතං මාත් ඉතිං ඔළුව වන වන ඉන්නවා... 

අපරාදේ කියන්න බැහැ ළමයි ටිකත් නරක නැහැ.. උනුත් හිනාවෙන්නේ  නැහැ මං කොර වෙලා ඉන්නේ කියලා දැන දැනත්... ඔක්කෝම පොඩි ළමයි... ඒ ලෙවල් කරපු ගමන් ආව අය... පන්තියට අමුතු සත්තු ඉන්නේ තුන් දෙනයි.. එකෙක් මං.. අනිත් දෙන්නා කොරියන් දෙන්නෙක්... එක්කෙනෙක් “ලී“... අනිත් කෙනා “මීනා“ (මින් අකීම්)... දෙන්නම එයාලගේ වැඩිහිටියෝ මෙහෙ රස්සාවල් කරන හින්දා ඒ හරහා ලංකාවට ඇවිත් ඉංගිරිසි ඉගෙන ගන්න මෙතනට ආව අය.. ලී නං ටිකක් විතර ලැජ්ජාකාරයා.. බුවත් මං වගේ තමා බයෙන් බයෙන් තමා කඩුව අත පත ගාන්නේ.. කොයි වෙලේ බෙල්ල කැපෙයිද කවුද දන්නේ... පංතියට ආව වෙලේ ඉදන් කන් දෙකේ වයර් කෑලි දෙකක් ගහං පොර සිංදු අහනවා... වෙන කාත් එක්කවත් කතාවට යන්නේ නැහැ.... මීනා ෂෝක් ළමයා.. ඒකි අතාරින්නේ නැහැ..ඒකිට තේරෙන ඉංගිරිසියෙන් කියලා දානවා.. හැබැයි ඒ ඉංගිරිසි අපේ මාස්ටර්ගේ ඉංගිරිසිවලට වඩා මටනං තේරෙනවා.. මොකද කතාව අතර මැද්දට මැද්දට වෙන්න කෙල්ල අතින් පයිනුත් කියනවානේ.. මගේ ඉංගිරිසිත් ආන්න එහෙම නිසා මට එව්වා තේරෙනවා... ලීව ගොඩ දාන්නෙත් මීනාම තමා... මීනා පංතියට ඇවිත් තියෙන්නේ ලී හරහා..ඒ දෙන්නා යාළුවෝ... ලීට කියා ගන්න බැරිව ඉන්න වෙලාවට මීනා පංතියේ කොහේ හිටියත් ලී කියන්න යන දේ ඒකිට තේරෙන ඉංගිරිසියෙන් කියලා දෙනවා... ලීත් කතා කරන්න නැගිට්ට වෙලේ ඉදන් ඉන්නේ මීනා කෙල්ල දීහා ඇහැ ගහගෙන.. මොකද ඒකගේ ගැලවුම් කාරී මීනා නිසා... අසරණ අපිට කොහේද ගැලවුම් කරුවෝ... ඒ හින්දා බොහෝම අමාරුවෙන් බෙල්ල පාත් කරං.. අනේ මගෙන්නං මොනවත්ම අහන්න එපා කියලා දෙයියන්ට කියමින් කට්ට ඇතුලට රිංගපු ඉබ්බා සේ ඉන්නවා... හැබැයි ඉතිං ගැලවුම් කාරයෝ නැහැම කියන්නත් බැහැ... ඒ තමා අර දෙමළ ගෑණු ළමයා...

මේ පංතියේ තියෙන නීතියක් තමා පංතියේ ළමයි නිතරම වාඩි වෙන තැන මාරු කරන්න ඕන... එහෙම වෙලාවට හිටිය ගමන් කොරියන් නංගි ඔන්න මං ගාවටත් වැටෙනවා.. ආන්න එදාට තමා දෙයියනේ කියලා බය නැතිව මාත් දන්න කඩ්ඩෙන් කොටන්නේ... මොකද ඒකිටත් මට වගේම හස්ත මුද්‍රාවෙන් කතා කරන්න හොඳට හැකියාව තියේ... ආයේ කොහොම හරි කඩු පාරක් කොටා ගන්න පුළුවන් වෙන්නේ පංතියේ ඉන්න දෙමළ ගෑණු දැරිවි මගේ ළගට වැටුනමයි... අපරාදේ කියන්න බැහැ ඒ ළමයත් මට මේ උලව්ව බැහැ කියලා තේරුං අරං මට වරදින කොට සහ කියන්න ඕන දේ කියා ගන්න වචන නැති වෙනකොට ඒකිම කල්පනා කරලා අදාල වචනේ මතක් කරලා දෙනවා... මටත් යන එනමං නැති වෙලා ඉන්න වෙලාවට මට දැන් බැලෙන්නේ ඒකී දිහාව..කෙල්ල පටස් ගාලා උදව් කරනවා... ලග ඉන්නවනං කොලේක හරි මට පේන්න ලියනවා... ඒ හින්දා දැන් පංතියේ මට ඉන්න ෆිට්ම ළමයි දෙන්නා තමා කොරියන් නංගියි... මධූ නංගියි... උන් දෙන්නාට අමතරව රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට යන කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා අන්න උන් දෙන්නත් ෆිට් බුවාලා.. හැබැයි මාස්ටර්ට හොරෙන් උන් දෙන්නම මාත් එක්ක කතා කරන්නේ හොද සුද්ද සිංහලෙන්...

පංතියනං නරක නැහැ... ඒත් මං මේ කල්පනා කරන්නේ මේක අවසාන වෙද්දි මට ඉංගිරිසි කෙසේ වෙතත් කොරියන් හරි දෙමළ හරිවත් පුළුවන් වෙයිද කියලා... අහ් එහෙම කියද්දී මතක් උනේ ඊයේ වෙච්ච සින් එකක්...

ඕං මාස්ටර් පුරුදු ආකාරයටම දවසට එක්කෙනෙක් ඉස්සරහට අරං දෙනවා කතාවක් කරන්න තමුන් ගැන... ඒකෙදී වරදිනකොට මාස්ටර් උදව් කරනවා... ඒ හැටිම අමාරු දේවල් දෙන්නේ නැහැ... උන්නැහෙත් ඇවිත් ළමයි අතරේම වාඩි වෙලා කතා කරන කෙනාගෙන් ප්‍රශ්න අහනවා සරලව.. ඔය විදියට යද්දී තමා ඊයේ ඕකට කොරියන් නංගිව සෙට් උනේ... ඔන්න නංගි එයා ගැන විස්තර ටික කියලා ඉවර උනාම එහෙං මෙහෙං ප්‍රශ්න අහගෙන යද්දී ඇහුවා දැන් නංගි මොනවැයි ඉගෙන ගෙන තියෙන සිංහල වචන කියලා...

කෙල්ල ඔන්න සුපුරුදු පරිදි අත පය විසි කර කර අංගචලනයත් උපයෝගි කරගෙන කියනවා...

“වම්මට යෙන්න“ (වම් අත වම් පැත්තට හරවලා පෙන්නන ගමන්..)
“දක්කුණට යෙන්න“ (දකුණු පැත්තට අත යවමින්..)
“ඉස්සරහට යෙන්න“ (අත ඉදිරියට යවමින්..)

මාස්ටර් වගේම අපිත් ඉතිං හිනා වෙවී නංගිගේ සිංහල අහනවා... ඔය වචන තුනට පස්සේ කෙල්ල ටිකක් කල්පනා කරලා ආයෙම කියනවා...
“ඉස්සරහ බහිනවා“...
“ඉස්තූතියි..“ කියලා...

බලං ගියාම කෙල්ල කියන්නේ වෙන රටකට ආවම ජීවත් වෙන්න උවමනා කරන මූලික වචන කිහිපයක්නේ... කෙලී තනියම පාරවල් හොයං යද්දී එද්දී  කට්ටිය  සිංහලෙන් පාරවල් කියා දීපුවා හරහා තමා මේ ටික හොයං තියෙන්නේ...

හොඳම වැඩේ ඕක නෙවෙයි... ඔය විදියට එයා එයාගේ කතාව ඉදිරිපත් කරලා ගියාට පස්සේ තමා ඊයේ කලින් ඇවිත් හිටියේ නැති “ලී“ හති මුනින් දාගෙන පංතියට කඩං වැටුනේ... ලී ආවට පස්සේ මාස්ටර් කිව්වා ලීට වටිනා කියන කතාවක් මිස් උනා කියලා.. ඒ කියලා ලිගෙනුත් ඇහුවා දැන් ලී මොනවද දන්න සිංහල වචන කියලා...

ඔන්න බලන්න පින්වතුනි මේ කෙල්ලෝ දෙයක් ඉගෙන ගන්න ගියාම ඕනවට වඩා දීග පාරවල් වලින් ඉගෙන ගන්න එකෙයි.. කොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ගියාම කෙටිම පාරෙන් නවන එකෙයි වෙනස... ලී ගත් කටටම මීනා කියාපු පාරවල් හොයා ගන්න ටිකම කියලා දැම්මා.. හැබැයි මීනාට වඩා ලේසි ක්‍රමයකට...

“දක්කුණට“... (මීනා වගේම අත දකුණට හරවලා පෙන්නන ගමන්..)
“වම්මට“... (අත වමට හරවන ගමන්..)
“කෙල්ලින්“... (අත ඉස්සරහට යවන ගමන්...)

බලන්න ඔය ටිකම කියන්න මීනට වචන දෙක දෙක ඕන උනත් අපේ ලී මල්ලි තනි වචනෙන් වැඩේ ගොඩ දාගෙන තියෙන හැටි... ආන්න ඒකයි කියන්නේ කෙල්ලෝ දෙයක් කරන්න ගියාම වටේ යනවා කියලා... කොල්ලෝ ළග නවනවා කියලා...

හා හා අදට ඇති... උයන පිහින වැඩට ගිය දවසක එතැන වෙන දේවලුත් කියන්ට බැරියෑ...

64 comments:

  1. ඇඩෙනවා පින්වතුනි...

    ReplyDelete
  2. අවංකවම ලියලා. නියමයි.

    ReplyDelete
  3. දන්න වචන දාල ඉංග්‍රීසී කථා කරන්න...මෙහේදී ‍රැජින මරනවයි කියල හිනා උනාට සුද්දන්ගේ රටවලදී ඉංග්‍රීසී වැ‍රැද්දුවට හිනා වෙන්නේ නෑ....හැබැයි ඉගෙන ගන්න එක අත අරින්නත් එපා...පුලු පුලුවන් විදිහට ම කඩ්ඩෙන් කොටන්න...

    ReplyDelete
  4. පන්තිය ඉවර වෙනකොට මාරය ඉංග්‍රීසි කෙසේ වෙතත් කොරියන් ඉගෙන ගනීවි කියලා අපිටත් හිතෙනවා . කමක් නෑ ඕනෙ එකක් .

    ReplyDelete
  5. කඩුව නැතුව බෑ අයියා! අපිත් කඩුවෙන් කොයි වෙලේ කැපෙයිද දන්නැතුව ඉන්නේ! ඉන්ට වීව් ගියාම හිතෙනවා ෆිල්ම් එකක් බැලුවනං මීට හොඳා කියලා! මොකද තේරුනේ නැත්තං ආපහු රිවයින් කරලා හරි ඇහුව හැකිනේ! හිකිස්!!

    ReplyDelete
  6. හිනාවෙන්නේ උදවු කරපු කෙනාට නේ.. හරි ලස්සනයි මාරයියේ .... හි හි

    ReplyDelete
  7. ක්ලාස් එක ඉවර වෙනකොට මාරය කොළඹින් කොරියාවට මාරුවක් ගත්තයි කියල කියයිද දන්නෑ.
    කුකරි ක්ලාස් එකට ගියාමනං උඹට එතන ඉන්න එව්වන්ටත් උගන්නන්න පුලුවං වෙයි.

    ඔහොම යං.

    ReplyDelete
  8. ක්ලාස් එක තියෙන තැන මටත් කියපන් බන්.. මමත් එන්නම්.

    ReplyDelete
  9. අත අරින්න එපා මාරයෝ කාගෙන ඉඳින්.ටික දවසකින් ඔක්කොම හරියයි.
    අර කුකරි ක්ලාස් එකනං මාරයට මාළුවා දියට දැම්මහේ තියෙයි,යකෝ මගෙත් හොඳම විනෝදාංශයක් තමයි උයන එක, කෝ ඉතිං ක්ලාස් එකකට යන්න තියෙන එකක්යැ.
    අර කෙල්ලො දෙන්න නං ඉක්මනට සිංහල ඉගෙන ගනී නේද මාරයෝ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මාරයෝ මේ කට්ටියම කියන හරුපේ,ඇත්තද ඒක

      Delete
  10. කෑම ජාති හදන්න විතරද බන් උඹ ඉගෙන ගන්නේ? බීම ජාති කලවං කරන්න උගන්නන්නේ නැද්ද ඒකේ :-D

    ReplyDelete
  11. මාරයට මම ඕක කිව්වේ බොහොම කලින්. ඔය සෙනසුරු මාරුවට (බෝඩිම් මාරුව ) කලින් කතාකල විටක ඔය මංගල කාරණා දෙකම මට දුරබණුවෙන් කිව්වාම මට බොහොම සතුටක් ඇති වුනා. මාරයට හොදින්ම ගැලපෙන පාරට මාරයා වැටිලා. බලන් හිදිමි. කඩ්ඩ වනාන කෑමක් හදලා අපිට සංග්‍රහයක් එහෙම දුන්නට නරකක් වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා කිව්වා මටත් මතකයි! මට පේන්නෙ දැන් අපිත් පංති යන්න ගත්තා නම් හොදයි. නැන්නං අපිට කෝචෝක් එකටත් එක්කලා මිනිහා ඉදලා හිටලා කඩ්ඩෙන් පෝස්ට් දායිද කව්ද දන්නෙ.....

      Delete
    2. පෝස්ට් නම් දාගත්තාවේ බන් maxxa, patta, ela කියලා ඇවිල්ල කමෙන්ට් එකක් දාලා යන එකනේ :-D

      හම්බ වෙච්ච වෙලාවක කඩුවෙන් කෙටුවොත් තමා අවුල. හැබැයි අන්න එදාට තමා මාරයා සුද්ද සිංහල වල තරම දැන ගන්නේ

      Delete
    3. මරණේ අඩේ මගුලක් වෙනව බං එහෙම වුණොත්..!!!
      ඒත් මාලිංගගේ වෙනස්වීම එක්ක බැලුවම එහෙම වුණත් පුදුම වෙන්න දෙයක් නෑ

      Delete
    4. අවුලක් නැහැ තිස්ස අයියේ අපිත් කියලා දාමු
      "අදද අපිව දැක්කේ අනේ යනවා මනුස්සයෝ යන්න. වැඩක් බලාගෙන" කියලා :-D

      Delete
    5. හෙහ් හෙහ් හෙහ් මරණේ දවසේ කියමන!!!!!!!

      Delete
    6. ම,ති, දැන් මිනිහා මාලිංගව ද ෆලෝ කරන්නෙ.... ඒක තමා හලෝ කියද්දිම කියපං කියපං ඉස්මනට කියලා සැර දාන්නෙ.... හෙහ් හේ... මාරයා මොනවා මාලිංගකරණය කර ගත්තත් කොන්ඩෙනං සිංහබාහු කට් කපනවා ලොවෙත් බොරු හෙහ් හේ....

      Delete
  12. ඔය් අවෙන රටවල උන් එක්ක ඉන්න එකත් හරිම සුන්දර දෙයක්.. නම්බර් වන් චෙෆ් කුකෙක් වේවා කියා ප්‍රාර්ථනා කරණවා.. මම හිතන්නේ මේ තමයි උඹෙ ජීවන ගමනේ ආරම්භය..

    ReplyDelete
  13. හෙහ් හෙහ්.... අර ඉංගිරිස් නොදන්න උදවිය කියන එව්වා දන්න උදවිය කියන එව්වට වඩා තේරෙනව කියන එක නම් පට්ට ඇත්ත මාරෙ අයියා... :)

    ReplyDelete
  14. මේක කියවද්දි ලැබිච්ච ආරංචිය ගැන නම් සෑහෙන්න සංතෝසයි මාරයියේ අනාගතේ ලංකාවට නැතුවම බැරි සූපවේදියෙක් වේවා කියලා ඕං මම ප්‍රාර්ථනා කරනවා

    මේ ධෛර්යය ගැන සංතෝසයි ජය වේවා මාරයියේ

    ReplyDelete
  15. මරු! මාර රස සරණිය නැගලාම යයි කෝස් එකත් එක්ක!

    ReplyDelete
  16. මමත් ඔය බාස ඉගෙන ගන්න හරිම දුරුවලයි
    පාලි සඟිස්කුරුත ඉගෙනාගත්තු මාරයට ඕකත් කජ්ජක්ද ඈ?
    මටත් යන්ට හිතුන ඒ පන්තිය ගැන විස්තරේ හැව්වාම
    මරියෙස්ල්ගේ සින්දුවක් බාගෙට මතක් වුණා - ඉතිරි හරිය මතක නෑ - අන්තිමට කියන්නේ "..... ..... ..... .... දෙකට කැඩිච්චී" කියල ;-)

    ReplyDelete
    Replies
    1. රණ මොණරයි රණ මොණරිය රටින් පලච්චි

      ගෙදර හිටපු මගෙ මිනිහත් දීග පලච්චි

      ඒක අහපු මගෙ හදවත පහට පැලිච්චි

      අලුත බැඳපු කාසාදෙ මගෙ දෙකට කැඩිච්චි...

      (

      Delete
    2. මොකදෑ ඔයාට ඒක මතක් උනේඒඒඒඒ??)

      Delete
  17. මාරයෝ උඹ අහලා තියෙනවද ප්‍රසිද්ද අකිටෙක් ජෙෆ්‍රි බාවා කියන කෙනාව?

    එතුමා ආකිටෙක් කෙනෙක් උනේ අවුරුදු 40දිලු.

    යමක් ඉගෙන ගන්න ආසාවක් තියේ නම් වයස කීයටවත් ඒකට ප්‍රශ්නයක් නෙමේ කියලා මට පොල්ලෙන් ගහලා වගේ දැනෙව්වේ මෑග තාත්තා.

    උන්දෑ මේ ලඟදිත් මොකද්ද මන්දා ඉටි වැඩ කෝස්ට් එකක්ද කොහේද කලා. (උන්දැගේ කෝස් වල අවුල තියෙන්න කෝස් එක පටන් ගන්න කොටම ඒ ඉගෙන ගන්න දේ ඉවරවෙනන්ත් කලින් බිස්නස් එකක් පටන් ගන්න ඕන වෙන එක තමා හික්z)

    උඹට අපේ පබිලිස් ගොයියා වගේම දස්ස කෝකියෙක් වෙන්ට ඇහැක් වේවා කියලා සුභ පතනවා.

    හොඳින් ඉගෙන ගනින් . ..

    @තිසා දෙකට කැඩෙන්න එහෙම අලුත් මෙව්ව එකක් උනේ නෑ කියලනේ කියන්නේ බන් මූ . . :D

    ReplyDelete
  18. දැන් දැන් කතාකරද්දි උත්තර දෙන කලබල ගතියෙන් තේරෙනෙවා මුකුත් වෙනසක් වෙලා කියලා. දැන් උඔගේ ජිවිත කතාවේ තවත් පිටුවක් පටන් අරගෙන නේද ඒ කියන්නෙ................... පරුමුක සේවය දැන් පරණ පිටුවේ!

    ReplyDelete
    Replies
    1. කථා කරන්නේ කොහෙද.. ටැලිපෝං නොම්මරත් වෙනස් කරලා.....
      පේස් බුක් එකත් අවුට්සෝස් කොරන්න ඉන්නේ කියලත් ආරංචියක් ආවා

      Delete
    2. දැන්ම එහෙමද?? එහෙනම් ඉතින් ඉස්සරහට අපිට කතා කරන්න වෙන්නේ ඔය මොකක් හරි ටීවී චැනල් එකක උය උයා ඉන්න වෙලාවක කෝල් එකක් අරන් තමා :-D

      Delete
    3. ඒ ලක්සන තියෙන පාටයි - "ඔබගේ ප්‍රස්නය කෙටියෙන් කියන්න" කියයි එතකොටත් - හනේ! :-(

      Delete
    4. වැඩක් නෑ. එතකොට මූ උයන්න යන්නෙ කඩ්ඩෙං යන උයන ප්‍රෝග්‍රෑම් වලට විතරයි.
      'අයි ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ් යුව ලැංග්වේජ්' කියල කියයි යසට.

      Delete
    5. හා එව්ව කොහෙද - අපි කියනව එතකොට - "ඉන්ස්ටොල් යුනිකෝඩ්" කියල

      Delete
    6. මේ යන විදිහට කොරියන් ටීවී චැනල් එකක ඉඳී කියලා මට හිතෙන්නේ එහෙම උනොත් නම ඔය කතා එකකින් වත් වැඩක් නැති වෙනවා :-D

      Delete
    7. කාලෙකින් බස් ඩැයිවර් කෙනෙක් ඇවිත් බසු එකක් පාරට දාලා... ;)

      Delete
    8. මෙහෙම හරි බස් පදින්න ඕනේ තනෝජා :-D

      Delete
  19. අනේ අනේ... කළගුණ සැලකීමේ ගුණය ඉහලින්ම තියේ...

    හැබැයි මලේ ඒ වටේ යෑම නිසයි උඹත් ඔය තත්තෙන් ඉන්නෙ කියලයි මටනම් තේරුනේ... කෙල්ලො දෙන්නත් කොල්ලො වගේ ළඟ ගැනම හිතුවනම් උඹට කාගෙ සරණද?

    කන්න දුන් අත් හපාකන්නෙ නැතිව උන් දෙන්නටත් සිංහල උගන්නලා උඹටත් ඉංගිරිසිය වගේම දෙමළ, කොරියන් ඉගෙන ගන්න හැකිවේවායි පතන්නම්!!!

    ReplyDelete
  20. පංතිය ඉවර වෙද්දි දෙමළ හරි ඉගෙනගෙන තිබුනොත් මදෑ ඉතින්. මමත් මුලින්ම වැඩ කරන්න ගියේ ඉංග්‍රීසි භාවිතයක් නැති පැත්තකට, පස්සෙ අපේ එකෙක් වැරදිලා සේවාදායකයෙකුට ගේන්න ඕනි ලියවිල්ල ඉංග්‍රිසි නමින් කියල ලොකු ප්‍රශ්ණයක් උනා. අන්තිමට ඉහලින් දැනුම් දුන්න එක වචනයක් වත් පාවිච්චි කරන්න එපා ඉංග්‍රිසියෙන් ඒ අයට කියල.. ඉතින් අන්තිමට එහෙන් එද්දි වැඩ නොගෙන හිටපු අපේ කඩුත් මොට්ටවෙලා සෑහෙන්න කල් ගියා හදාගන්න..

    ReplyDelete
  21. ඉංගිරිස් චිත්‍රපටි සබ්ටයිටැල් එක්ක බලාපං... වචන, උච්චාරණය, වගේම භාවිතයත් ඉගෙන ගතෑකි.

    ReplyDelete
  22. රැජිනගේ ස්පොට් එක වෙන්නැහැ මං හිතේ. ඉස්ස ඉස්සෙල්ලා රාජකාරි කරපු ඉසව්වෙන් මංතුමාව මෙතැනට යැව්වා. ඔය අත්දැකීමම තමා. වඩා වැදගත් වෙන්නේ උඹේ අවංක බව.

    කුකරි පංතිය පටං ගත්තහම අපිට තව තව රස පෝස්ට් බලාගන්නැහැකි. උඹට ජය!

    ReplyDelete
  23. ඈ බං මාරයියෙ, මාරයාටත් මංගල සීනු හැඬවේ කියලා මේ ලෝකයා කියන කතාව ඇත්තද.

    ReplyDelete
  24. මාරයෝ, කොරියන් කොරියන්, ඉගෙනගනින් කොරියන්. ඊළඟට ඔය නංගිට කියලා කොරියාවෙන් රස්සා පොජ්ජක් අල්ලගත්තනම් ආයේ ඉති ගොඩේ ගොඩ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  25. චංගුමී කෙනෙක් වෙලා නවතීද මන්දා... මං කිවුවෙ...කොරියන් කතා කරන උයන්න පුළුවන් කෙනෙක්....
    ඒකත් ජයසිරි මංගලම් කිවුවලු....

    ReplyDelete
  26. ඕම තමයි බන් අපිත් කඩ්ඩ කොහොම හරි අමාරුවෙන් අමාරුවෙන් බස්ස ගත්තෙ..බදලම අල්ලපන්..උඹට බැරි වෙන්නෙ ඔය කෙලිය..

    ReplyDelete
  27. මාරයියේ, මමනම් කුඩා අවදියේ පටන් කඩද ටික ටික වැනුව, එත් හොදටම කතාව පුරුදු වුනේ බයනැතුව කතා කරන්න ගිය නිසයි, උබ බය වෙන්න එපා, ඔය කියන විදියට ක්ලාස් එකේ උනුත් හිනාවෙන්න බලන් ඉන්න උන් නෙවෙයි නිසා බය නැතුව කතාකරහන්, හැමෝම වැරදි වැරදි තමයි පටන්න් ගන්නේ..

    ReplyDelete
  28. Cook with chef Maraya කියල TV programm එකකුත් කරන්න පුලුවන්...

    ReplyDelete
  29. අද මාත් කොරියාව ගැන නේ ලිව්වේ . මෙව්වට කියන්නේ කෝ ඉන්සිඩන්ස් කියල .[coincidence].

    භාෂාවක් කියන්නේ රන් පාලමක් කියල සුනේත්‍රා රාජකරුණානායක කියා තිබුණ .

    මාරයාට රන් පාලමෙන් එගොඩ වෙන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. රන් පාලං වැඩි කල් පවතින්නෙ නැනේ .... කෑලි ගලෝගෙන යනවනේ...,!

      Delete
  30. මාර ආතල් එකක්නෙ උඹ මේ ගන්නෙ.
    ඉස්සෙල්ලම උඹේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    හිනා කාල මලා මේක කියවලා. මේවනෙ බං පෝස්ට්! උඹේ අර මලෛලව් දේශපාලන පෝස්ට් කියවලා කියවලා මේවා කියෙව්වාම පුදුම වෙනසක් තියෙන්වා. ඇත්තටම උඹට එහෙම හිතෙන්නෙ නැද්ද?

    නොතේරෙන දෙයක් තියෙනවනම් අහපං. උයන ඒවෑ නෙවෙයි ඉංගිරිස් වල.

    අර තිසර කිව්ව එක හොඳ වැඩක්!

    ආ දැන් කියවපං මගේ ඉංගිරිස් බ්ලොග. සිංහල පරිවර්තනේ කියවලා කියෙව්වෑකිනෙ කඩ්ඩෙන්. :)

    ReplyDelete
    Replies
    1. අනේ ඩුඩ්ඩෝ උඹට ගිය චූන් එකක්

      Delete
  31. නියමයි මාරේ දැක්මත් සමග කනට ඇහෙන දේ තමා තදින්ම හිතට වදින්නේ.. ඉගන ගැන්මට ඇති හොදම විදියත් ඒකයි..ආසයි මටත් ඔය වගේ පංතියකට එන්න.

    ReplyDelete
  32. තව ටික දවසකින් දෙමළ නංගියි කොරියන් නංගියි සිංහලෙන් කතා කර කර බත් මාළු උයයි මං හිතන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඇයි කේන්දරත් බලයි.....:D

      Delete
    2. නැත්තං මෙයා ඒ දෙන්නට උයලා කන්ඩ දෙයිද දන් නැ

      Delete
  33. අනේ හොදයි.... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  34. කඩ්ඩ නැති උනාට මක්කයි අමු සිංහල හොඳටම දන්නව නෙව. හිකිස්.

    ReplyDelete
  35. මටත් අප්පා ඉගෙන ගන්න බැරිම විෂය.උයන්න ඉගෙන ගන්න එක නම් හොඳයි වගේ.

    සුභ පැතුම්!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  36. And now that I'm married

    I don't know what to do

    මයියොක්කා and පොල්සම්බල්

    with piece of කරවල

    ඩිඟිසි ඩිඟාරේ මිනාචි ඩිඟිසි ඩිඟාරෙ

    ඔනසි ඔනමුරේ මිනාචි ඔනසි ඔනමුරේ..

    Korian නංගි roly poly lovely looking

    Roly poly lovely kicking

    Roly poly pretty foxy hen

    එතකොට don't say පලයං

    I've got ten acres ගොයම්

    U're my දිග දිග තාප්පෙ

    U're my බිත්තර ආප්පේ

    And I am ur කතුරුමුරුංගා

    U're my වැටේ මුරුංගා

    Yes - I am ur one and only සීටිං අයියා ♫♪

    ReplyDelete
  37. Maarayaata subapathum wewa!
    Oyala ohoma kiyanawa mama 6 wasare English Medium karanna aawe English wachana 10k danagena. Oka paawichchi karalama polish karaganna one. Ela ela! Digatama karan yamu!
    Subapathum from Angaharu!

    ReplyDelete
  38. මොකක්ද අයියා ඔයා ක්ලාස් එක?.භාෂාව කෙසේ වෙතත් ඔය ක්ලාස් එකේ පිහිටින් සහකාරියක් හම්බ වෙයි වගේ :)

    ReplyDelete
  39. අනේ වාසනාවං බං උඹ වාගේ උන්ට හරි ගිහිල්ලා වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕන.

    ReplyDelete
    Replies
    1. යන යන තැන ගෑණු පරාන වලින්නං අඩුවක් නැ උඹට නේද

      Delete
  40. :D :D apuuruei apuuruei lipiya :)

    ReplyDelete