17 March 2013

මත්තල සහ කුරුල්ලෝ...

උදේ ඉදන් කරන්න තිබුන වැඩ පොල ටික කරලා අහවර වෙලා කාරිය වාඩි උනා ලැපා ගාවින්.. ඒ වාඩි වෙලා මුලින්ම ගියා සුපුරුදු පරිදි බුකිය වෙත.. ආන්න එතකොට තමා දැක්කේ අද කට්ටිය වැඩිය කතා වෙන්නේ මත්තල ගුවන් තොට ගැන කියලා... ඒක විවෘත කරන්නේ අදද හෙටද කියලනං මට ඒ හැටි ගානක් තිබුනේ නැහැ.. ඒක හොයන්න ගියෙත් නැහැ.. ඒත් මගේ අවධානය යොමු උනේ මේ ටිකේමත් අදත් බුකියේ කට්ටිය වැඩියම උනන්දු වෙන කාරණයක් ගැන.. ඒ තමා මත්තල ගුවන් තොටට ඇති කුරුළු අවධානම...

ලංකාව වගේ පුංචි රටකට මෙයාකාර ගුවන් තොටවල් මොකටද කියලා කට්ටිය වාද විවාද කර ගන්න අතරේ මං ඒ ගැන කතා නොකර මේ කුරුළු කාව තෝර ගත්තේ ඒක ගැන මංතුමා දන්න කියන කාරණාවක් තියෙන හින්දා... ඔය අනිත් ලොකු ලොකු වාද විවාද වලට යන්ට තරං මං දන්න ලබ්බක් නැහැනේ ආයිබොවන්ලා.. ඒ හින්දා දන්න ලබ්බ කියා දාලා හිටියම ඇගටත් හොදයි හිතටත් හොඳයි... ඒත් ඉතිං සුද්දගේ කාලේම ලංකාවේ රත්මලාන..කොග්ගල... තිරිකුණාමලේ වගේ රට වටේ ගුවන් තොටවල් ගහලා තිබුනනං.. ඒවායේ පිට රට ඉඳන් එන අහස් යන්තරා බෑවනං අද කාලෙට කටුණායක ඇර තව එකක් දෙකක් තියෙන එක ලෝක අපරාදයක් කියලනං මං දකින්නේ නැහැ.. හැබැයි ණය බර වැඩි කරගෙන කරන දේවල් වල දීර්ඝ කාලීන වාසි අවාසි  කියන දෙකම ගැන රටේ මිනිස්සුන්ට මෙයිට වඩා පැහැදිලි කරලා දීලා ඕවා කරනවනං කාට කාටත් හොදයි කියලත් කිව්වැකි...

කොහොම උනත් කොළඹ ආශ්‍රිතව ඉන්න බොහෝ දෙනාගේ තියෙන කුහක කතාවක් වෙන හැම දේම හම්බන්තොටට කියන කතාවටනං මං කැමති නැහැ... ඇත්තටම මේවා වෙන්න තිබුනේ මෙයිට දසක ගානකට කලියෙන්...  සුද්දා දාලා ගිය දා ඉදලා රේල් පාරක් අඩි දහයක් දිග් කරගන්න බැරි උන..උන් දාලා ගිය රනවේ ටිකවත් පරිස්සං කරං ඒ ගුවන් තොටවල් ටික නඩත්තු කරං යන්න බැරි උන අපේ රටේ කාලකණ්ණි දේශපාලන නායකයෝ ටිකගේ මෑණිවරුන් මතක් කරනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ... එතනදී ජාතියේ පියා කියලා කියන ඩී ඇස් සේනානායක කියන ලොකු උන්නැහේගේ ඉඳන් බණ්ඩාරනායක ත්‍රිත්වයත්... පුංචි සේනානායකත්... ජේ ආර් පප්පා සහ ප්‍රේමදාස උන්නැහෙයි කියන කට්ටියම එක පෙලට වග කියන්න ඕන පක්ෂ විපක්ෂ බේධයකින් තොරව... අර අහම්බෙන් ඇවිත් පෙනිලා ගිය දහනායක උන්නැහෙයි.. විජේතුංග ලොක්කවයි අපි අතාරිමු.. උන්දලා මක්ක කියලා කොරන්නද..? හැබැයි අනිත් හැම පක්ෂෙම.. අනිත් හැම ලොක්කම මේවට වග කියන්න ඕන... රට කොරවපු දෙගොල්ල ඇරුනම දෙපාරක්ම රටේ සම්පත් ගිනි තියලා නාස්ති කරපු අමන රැලක් හිටිය රතු පාටියේ අයත් උතුරේ දඩ රැවුලා ඇතුළු නඩේත්..උන්ට උල්පන්දං දුන්න උනුත් ඇතුළුවම මේකේ හවුල් කාරයෝ... ආයේ උන්ට විතරක් අත හෝදගන්න දෙන්න බැහැ...

එහෙම තිබිලා තිබිලා කොළඹම විතරක් හදන්න වැඩ කරපු කාලේ අහවර වෙලා කොහොම හරි ඈත පළාත් වලටත් මොනවා හරි ලබ්බක් දෙනකොට අන්න අපිට නැතිව අරෙහෙට කොරනෝ කියලා කෑ ගහන එක කුහක කමක් විතරයි... හැබැයි ඔය කෑ ගහන අයට පේන්නේ හම්බන්තොට දියුණු කරන කතාව විතරයි... වැරදිලවත් උන්දලා උතුරු පළාතට නැගෙනහිර පළාතට ගියොත් පෙනෙයි හම්බන්තොට විතරක් නෙවෙයි ඔය කියන දේවල් සිද්ධ වෙන්නේ ඒ පළාතුත් දැන් බලං ඉද්දී දියුණු වේගන එනවා කියන එක... හැබැයි ඉතිං ඒකට කොළඹට වෙලා ඉඳලා බැහැ..ටිකක් රට තොට ඇවිදලා... මිනිස්සු එක්ක ගැවසිලා.. බලන්ට ඕන... ගෙවල් වලට වෙලා ඉදන්නං අපිට මොනවා කියන්නට බැරිද... ඇට නැති දිවවල් වගේම බ්‍රේක් නැති ඇඟිළි සහ යතුරු පූවරුත් එහෙමම තමා...

අසීමිත ණය බර කියන කාරණාවට දෙන්න පැහැදිලි උත්තරයක් සහ හරි හමන් වැඩ පිළීවෙලක් තියේනං මමනං කැමතියි රනිල් හරි කමක් නැහැ කොළඹින් පිටතට දියුණුව ගෙනියනවනං... අද ඊයෙක නෙවෙයි දැනට අවුරුදු පහලොහකට විතර ඉදලා කලින් හිටංම මං බලාගෙන හිටිය දෙයක් තමා මේ අග නුවර කියන සංකල්පේ කොළඹින් අහක් කරලා ඈතකට ගෙනියන එක... ඒක හම්බන්තොටද.. නුවරද.. නැත්තං පොලොන්නරුවද කියන එක මට ඒ හැටි වැදගත් නැහැ... වෙන්න ඕන කොළඹට විතරක් බෙදන බෙදිල්ල රට වටේටම ගලා යන එකයි... රටේම ඉන්න මිනිස්සු ටික ඇවිත් කොළඹ හා අවටට රොක්වෙන එක නවතින එකයි... කොළඹට ආසන්නව උනත් බොහෝම නිස්කලංක ගමක උපන්න මට අද ඒ නිස්කලංක පරිසරය මගේ දෑස් ඉස්සරහම නැත්තටම නැති වෙලා ගිහිං තියෙන්නේ මේ එක පළාතකට විතරක් හැම දේම ඒකරාශී වෙච්ච හින්දයි... අඩුම ගානේ රටේ අමාත්‍යංශ ටිකවත් එක එක පළාත්වලට බෙදිලා ගියානං ඒකත් එකක්... කොටින්ම රටේ අග නුවර යාපනේ කලානං අද මේ තියෙන හුගාක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි කියලත් මට වෙලාවකට හිතෙනවා...

හා හා ඒවා පැත්තක තිබිච්චදෙන්.. මං කියන්න ආවේ වෙන එකක්නේ...

මත්තල සහ කුරුල්ලෝ... හප්පා දැන් කට්ටිය හෝ ගාලා කියවන්නේ මේ කුරුළු උවදුර ගැන නෙව... මත්තල ගුවන් තොට ආසන්නයේ බොහෝම කුරුළු ගහනයක් තියෙන හින්දා ගුවන් යානා වලට විය හැකි අනතුරු ගැන තමා දැන් කතාව නැගලා යන්නේ...

ඇත්ත කතාව... ගුවන් යානා ඇන්ජිමක් ඇතුලට කුරුල්ලෙක් ගියොත් ඒ ඇන්ජිම ගිනි ගන්න පුළුවන්.. ඒ වගේම ගුවන්යානා ඇන්ජින්වල ඇති ටර්බයින්වල හැටියට එයට ඉදිරියෙන් එන බොහෝ දේ ඇතුලට ඇද ගැනීමේ හැකියාවක් තියෙන හින්දා වැඩේ බොහෝම භයානකයි... එහෙම බැළුවම මත්තල හරි භයානකයි නෙව...

එතකොට පින්වතුනි කටුනායක ආරක්ෂීතද..?

මෑණියන්ගේ වස්ත්‍රය තමා පින්වතුනි... මත්තල ඇති අනතුරුදායක ස්වභාවය කෙසේද පින්වතුනි.. එසේම අනතුරක් කටුනායකත් ඇත... කටුනායක රනවේ එක විවර වෙලා තියෙන්නේ කෙලින්ම මුහුදු වෙරළට... ( රන වේ එක/කටුනායක දුම්රියපල/මීගමු පාර/මුහුද) මුහුද ආශ්‍රිතව වෙසෙන බොහෝ කුරුළු වර්ග මේ රනවේ එක කෙලවරට වෙන්න ඉන්නවා...විශේෂයෙන්ම මුහුදු ලිහිණි වර්ග සහ කොකුන්... එයට අමතරව දුම්රිය පල ආශ්‍රිතව පරවියන් බොහෝමයි... තවත් කුඩා කුරුළු වර්ග මේ කියන ටිකේ ඉන්නවා... 

එහෙම බැළුවම මත්තලට එහා කටුනායක... එතකොට පින්වතුනි ඇයි කටුනායකට එහෙම හානියක් නොවෙන්නේ...

හැම තැනම ඉන්නවා පින්වතුනි අපි ඔහේලා වගේ පින්වතුන් වෙනුවෙන් දුක් ගන්නා රාළලා... ඒ කියන්නේ අපි කුරා කූඹියෙක්වත් නොමරා හැටට හැටේ ස්පීඩ් කරලා නිවන් යද්දී.. අපි වෙනුවෙන් අපේ මාර්ග අවහිර කරන උන් මරා දාලා අපේ ගමන යන්න ඇරලා තමුන්ගේ ගමන ප්‍රමාද කරගන්නා පව් ගෙවන්නන් එහෙම නැත්තං දුක්ගන්නා රාළලා හින්දා අපිට කටුනායක කුරුළු අනතුර පේනනේ නැහැ පින්වතුනි...

-------------------------
කකුල්වල කිසිදා සුව නොවන අන්දමේ තුවාල සහිත නිසාම හමුදා නිල ඇදුමේ අනිවාර්ය කොටසක් වන බූට්ස් හෝ සපත්තු යුවලක් නොපැළඳ සාමාන්‍ය සෙරෙප්පු යුවළකින් සැරසී කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් සහිතව නිතරම රනවේ එක කෙලවර ප්‍රදේශයේ සැරිසරන  ගුවන් හමුදා සාජන් වරයෙක්... ඔබ දැක තිබේද..? කටුනායකින් ගුවන්ගත වන ඔබ සැමගේ සුරක්ෂීතතාවය වෙනුවෙන් අහිංසක කුරුල්ලන් සිය දහස් ගානක් වෙනුවෙන් තුවක්කුව වසර ගණනාවක් තිස්සේ මානන්නට සිදුව ඇති පුද්ගලයකු ගැන ඔබ දන්නවාද..? කටුනායකට හෝ ලංකාවට පමණක් ආවේණික නොවන මෙවන් තනතුරු දරන පුද්ගලයින් සෑම ගුවන් තොටකම පාහේ සේවය කරනු ලබන බව මෙයට පෙර දැන සිටියාද..?

බොහෝම කණාගාටු දායක සහ අවාසනාවන්ත කාරණයක් වූවත් මේ තමයි සැබෑ තත්වය... මත්තල කුරුල්ලොත් පව්... ඒ වගේම කටුනායක කුරුල්ලොත් පව්... එහෙම බැළුවම අපි මේ පවට අර සාජන්ට විතරක් කරගහන්න නොදී ගුවනින් යන එක නවත්තලා බෝට්ටු ඔරු පාරු නැව් වලින් වත් යන්න බලන්න ඕන නේද පින්වතුනි...?

මට ආයෙමත් රාහුල සිහි වෙනවා පින්වතුනි...

70 comments:

  1. ඔබගේ යම් යම් දේශපාලන මතයන් හා එකඟ නොවනමුත්, මෙහි සදහන් අදහස් හා එකඟ වෙන්න පුළුවන්, ඇත්තටම ලංකාවේ හැමදේම කොලබට සිමා විය යුතුනෑ,රන්මිහිතැන්න වගේ සුදු අලි නැතිව මේවගේ වැඩ පාට කන්නාඩි නැතිව බලා සතුටු විය හැකියි,

    ReplyDelete
  2. නියමයි මාර අයියා............මේක තමයි තිත්ත ඇත්ත..............

    ReplyDelete
    Replies
    1. @තොත්ත බබා
      ඔයානම් හැබෑවටම තොත්ත බබෙක් මෙයා.

      Delete
  3. එළ..
    ප්‍රශ්නයක් තියෙනවා. අලි ප්‍රශ්නෙ ගැන අදහස මොකක්ද?. විදුලි වැටක් හදන්න යනවා කියල ඊයෙ කියෙව්වා.
    http://www.dailymirror.lk/news/26734-electric-fence-at-mattala-to-keep-elephants-at-bay.html

    ReplyDelete
    Replies
    1. මේ සිතියම බුකියෙන් උපුටා ගත්තක්. (මුල් පලකිරීම Jenny Pastorini). දැනට මත්තල අවට ප්‍රදේශයේ සිටින විද්‍යුත් කොලර් සවිකළ අලින්ගේ සංචරණ ව්‍යාප්තිය. (https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/45415_10200842235326688_1046043508_n.jpg )

      ඉතාම පැහැදිලියි, ඉදිරියේදී බරපතල අලි මිනිස් ගැටුම් ඇති වෙන්න පුළුවන්. අලි මංකඩක් විශේෂයෙන් නිර්මාණය කිරීමේ සැලසුමක් තිබුනත් මේ වෙන තුරු එය ක්‍රියාත්මක වී නැහැ.

      සංවර්ධනය ගමට, හම්බන්තොටට ගෙන යාමේ වැරැද්දකට වඩා තියෙන්නේ ගැටළු වලට හරි විසඳුම් නැතිව මේ දේ මත්තල ඉදි කිරීම.

      Delete
    2. කවුද කියන්නේ හරි විසඳුම් නෑ කියලා??? ඔය මාරයා කියලා තියෙන්නේ...

      කුරුල්ලන්ට ගුවන් හමුදා සාජන්වරයෙකු වෙඩිතියනවා වගේ, අලින්ට වෙඩිතියන්න ගුවන් හමුදා ඉහල නිලධාරියෙක් යෙදවීමයි කරන්න තියෙන්නේ... :D

      Delete
  4. කොලඹින් පිටට සංවර්ධනය ගෙන යා යුතුයි කියන කතාව එක්ක මං එකඟයි. නමුත් මත්තලට ගුවන් තොටුපලක් දීපු එක වැරදි. මොකද දැනටමත් ගාල්ල සිට මාතර දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීම ගොඩක් දුරට ඉවරයි කියලා ආරංචියි. ඒ වගේම එතනින් එහාට හම්බන්තොට මංතීරූ හතරේ හයේ පාරවල් ගැන කවුරුත් මේ වෙද්දි දන්නව. මේ පැත්තෙන් කටුනායක කොළඹ අධිවේගය මේ අවුරුද්දේ අන්තිම හරියේ විවෘත කරන කතාවකුත් ඇහෙනවා. එහෙම බැලුවොත් තව අවුරුද්දක් හෝ දෙකක් තුල ඒ පැත්තේ මිනිස්සුන්ට වැඩිම උනොත් පැය 3කින් කටුනායකට ලඟා වෙන්න පුලුවන්.
    කරන්න තිබුනෙ උතුරට හෝ ඒ පැත්තට වෙන්න තැනක් තෝරගෙන ගුවන් තොටුපොලක් ඉදිකරන එක හෝ පලාලි ගුවන්තොටුපොල අන්තර්ජාතික මට්ටමට නවීකරනය කරන එක. මොකද ඒ මිනිස්සු ගුවන් ගත වෙනවා නම් දවස් දෙකකට කලින් ගෙදරින් පිට වෙන්නේ. පස්සෙ කොළඹ ඇවිත් කලින් දවසෙ නතර වෙලා සෑහෙන්න දුකක් විඳිනවා.

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිගේ ගම යාපනේ නං එහෙම වෙන්න තිබුනා.

      Delete
    2. පලාලි ගැපෙනම තැනක් තමයි , කුරුළු ප්‍රශ්නයනං එහෙම්මමයි

      Delete
  5. 01) සංවර්ධනය බලහත්කාරයෙන් ගමට ගෙන යාම යන සංකල්පයම වැරදිය , එය කරන්නේ මහින්දද රනිල්ද යන්න හෝ කරන්නේ කොහෙද යන්නේ වැදගත්කමක් නැත

    02) සාමාන්‍යෙන් මාරයා සංවාද කරන්නෙක් නොවන නිසා ඉතා සරලව කිව හැකි දෙය නම් මත්තලට ගුවන් තොටුපලක අවශ්‍යතාවයක් නොමැති බවයි

    03) ණයට සිදු කිරීම දෙවන වරදයි
    04) කටුනායකත් කුරුල්ලන්ගෙන් ප්‍රශ්න තිබේ නම් , දෙවන ගුවන් තොටුපලත් කැලයක් අසල ඉදිකර වරද රිපිට් කලේ ඇයි?(කෙසේ වුවත් මත්තල සම්බන්ධයෙන් මෙය අවශේෂ චෝදනාවකි )
    05) සුද්දාගේ රට පාලනය කලේ තමන්ගේ වාසිය මුල් කරගෙන ,ඒ නිසා රටේ දිගුකාලීන අවශ්‍යතාවයන් පිලිබඳව නොව ඔවුන් එදා සැලකුවේ එදා පැවැති යුධ කටයුතු සඳහා අවශ්‍යතාවය විය හැක

    ReplyDelete
  6. //උතුරේ දඩ රැවුලා ඇතුළු නඩේත්..//

    සටන් විරාම කාලෙට ‍රැවුල කපලා නේද ඉන්නේ

    දැන් ඉතින් ආච්චිලට දඹදිව යන අතර මගදිම කතරගමත් වැදගෙන යන්න බැරියැ

    ReplyDelete
    Replies
    1. මෙහෙන් බාර වෙලා දෙවියන්ගේ ඉන්දියන් බ්‍රාන්ච් එකකදි ඔප්පු කරන්නත් පුලුවන්

      Delete
  7. මම නම් ඕව ගැන දන්නේ නෑ අප්පා , මත්තලට මෙව්වා එකක් ඕනේ නෑ කියල නම් මට පේනවා යස අගේට

    ReplyDelete
  8. මත්තල ගැනමත් නෙවෙයි ලංකාවේ ඔය අන්තර්ජාතික ගුවන් තොටුපලවල් කියන එකම සම්බන්ධයෙන් මට පොඩි අවුලක් තියෙනවා.... දැන් නුවරයි කුරැණෑගලයි ඕවා හදන කතාවක් ඇහුනා.. අනේ මන්දා ඕවා ඇත්තද කියලා...

    සමහර රටවල් වල තියෙනවා Ghost airports කියලා ජාතියක්... ලැබෙන ආදායමට වඩා නඩත්තු වියදමත් වැඩියි.. මේකත් එහෙම නොවේවා කියලා පතමු...

    පෞද්ගලිකව මම හිතනවා ලංකාවට අන්තර්ජාතික ගුවන් තොටුපලවල් දෙකක් වැඩක් නෑ කියලා.. විශේෂයෙන් මහා මාර්ග ටික යම් තරමකින් සංවර්ධනයක් තියෙන නිසා... ඕනේ වෙන්නේ කුඩා ගුවන්තොටුපලවල්... චාටර් සර්විස් වගේ... පෞද්ගලික අංශයට කරගෙන යන්න පුළුවන් ඒවා... සංචාරක කර්මාන්තයටත් හොඳ වෙයි කියලා හිතනවා... ආයෝජකයන්ටත් හොඳයි... මිහින් එයාර් වගේ වෙන රටවල් අස්සේ යන්න දඟලන්නේ නැතුව රට ඇතුලේ සාමාන්‍ය ගුවන් සේවා ක්‍රමයක් හැදුවා නං සාමාන්‍ය මිනිස්සුන්ට උනත් දරාගන්න පුළුවන් මුදලකට පාවිච්චි කරන්න, මට හිතනවා හොඳයි කියලා...

    නමුත් අපනයන වලට මේක හොඳ වෙන්නත් ඉඩ නැත්තේ නෑ.. හැබැයි ඉතිං අපේ රටෙන් තාම අපනයනය කරන්නේ නිමි ඇදුම් ටිකයි, මල් ටිකයි, තේ ටිකයි, රබර් ටිකයි විතරනේ පේන විදියට.. අපනයනය සඳහා නිමි භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරන්න දෙයක් කරන්නේ නැතුව අපනයන වෙනුවෙන් බලං ඉන්න එක නම් අනේ මන්දා.... මොකද ඉදිරියටත් රබර් ටික අමුද්‍රව්‍යක් විදියට අපනයනය කරන්නත්, කුරුදු ටික අමුද්‍රව්‍ය විදියට යවන්නත්ම නම් හදන්නේ, බලාපොරොත්තු වෙන විදියේ දියුණුවක් ලැබෙයිද කියලත් හිතෙනවා...

    මේවා සම්බන්ධයෙන් විශේෂඥයෙක් නෙවෙයි මං.. ඔය ඉතිං මට හිතෙන විදිය....

    ReplyDelete
  9. අනේ අයියෝ පාට කණ්නාඩි මාරයියාව අන්ධ කොරල වගේ !

    වැඩිය හිතන්නෙපා.. මත්තල කුරුල්ලො ඉන්නව නම්, ලොක්කා උන්ටික වන් ෂොට් විනාස කරල දායි..

    කුරුල්ලො වගේද මත්තල ?

    ReplyDelete
  10. ආනේ ඔය ලොකු ලොකු කතන්දර අස්සෙ මක්කට රිංගනවද, ඔන්න අපි නෑ ඕවට. බොලා ඕන මඟුලක් කරගනිල්ලා.

    // ජාතියේ පියා කියලා කියන ඩී ඇස් සේනානායක කියන ලොකු උන්නැහේගේ ඉඳන් බණ්ඩාරනායක ත්‍රිත්වයත්... පුංචි සේනානායකත්... ජේ ආර් පප්පා සහ ප්‍රේමදාස උන්නැහෙයි කියන කට්ටියම එක පෙලට වග කියන්න ඕන පක්ෂ විපක්ෂ බේධයකින් තොරව... අර අහම්බෙන් ඇවිත් පෙනිලා ගිය දහනායක උන්නැහෙයි.. විජේතුංග ලොක්කවයි අපි අතාරිමු.. //

    ඒක නෙවි, දැන් එතකොට කොතලාවල උන්නැහෙ මේකට අදාල නැතෙයි. නැත්නම් ඉඩකඩම් ටික දුන්නු හින්දා උන්නැහෙව මේ කරුමෙන් ෂේප්ද?

    ReplyDelete
  11. මංනං කියන්නෙ තව එකක් හදන්නම ඕනකම තිබ්බනං ඒක ලංකාවෙ අනිත් කොනේ හදන්න තිබ්බ කියන එකයි. මොකට ඒ මිනිස්සුන්ට මත්තලට ආවත් එකයි කටුනායකට ආවත් එකයි හින්ද.

    ඊට කලින් නරකද පිංවතුනි අර යාපනේට යන රේල් පාර හදල ඉවර කරල හිටියනං.

    ReplyDelete
  12. //ඊට කලින් නරකද පිංවතුනි අර යාපනේට යන රේල් පාර හදල ඉවර කරල හිටියනං.//

    හා .. හා ... කට. කට.

    ReplyDelete
  13. මත්තල ගුවන් තොටුපලක් ඉදිකරන්න නියම තැන නෙමේ කියන එක ඕකේ ඉදිකිරීම් ඉංජිනේරුවන් පවා කියලා තියනවා,,,අපේ රටට තව අන්තර්ජාතික ගුවන් තොටුපලක් ඕනා ඒක අනිවාර්යෙන්ම සිදු විය යුතු දෙයක්,ඒත් ඒක හරි තැනක ඉදිකිරීමයි කල යුතුව තිබුනේ.
    ලංකාවේ කවදාවත් සිදු නොවුනු විදිහට මාර්ග සංවර්ධනය නම් සිදු වෙනවා,,,යූ ඇන්පී කාරයෝ ඉන්න ගමක් විදිහට හංවඩු ගහපු අපේ පුංචි ගමට භාගයක් තාරත්,දැන් අවසන් පාර වන අපේ ගෙවල් හරහා යන පාරට කොන්ක්‍රීට් ටිකත් වැටීගෙන යනවා,අපි මහින්ද ලොක්කා කරන සේරටම චව් චව් වගේ කෑ ගහන්න හොද නෑ හොද දේට හොදයි කියන්නත් එපැයි

    ReplyDelete
  14. අපේ සම හරක් ඉන්නවා දියුණුව දිහා වැරදියට බලන. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. හරි දේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් කොන්ද පණක් තියෙන්න ඕනේ.

    ReplyDelete
  15. අනේ මාරයෝ, දැං ක‍ටුනායක කුරුල්ලන්ගේ ප්‍රශ්නෙ තියෙන නිසා මත්තලත් තිබුනට කමක් නැද්ද??? මෑණියන්දෑගේ වස්ත්‍රය තමා... වෙලා තියෙන වැ‍රැද්ද ආයෙත් නොවෙන්න වගබලාගන්න නෙව තිබ්බේ!

    පහසුකම් කොළඹින් පිටට ගෙනියන්න ඕනෑ කියන මතයට නම් අත් දෙකම උස්සන්නම්! හැබැයි කොළඹින් පිට ලංකාවේ තියෙන්නේ හම්බන්තොට විතරද? මේ වගේ දෙයක් කරනකොට (විශේෂෙන් ණය ආධාර මත) ඒක පිහි‍ටුවන්න ඕනෑ සුදුසුම තැනක... මට නම් හිතෙන්නේ මේ රටේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලක් හදනවා නම් සුදුසුම ස්ථානයව තිබ්බේ උතුරුමැද පලාතයි. මොකද ක‍ටුනායකට තියෙන දුර වැඩි බහුතරයකට පහසුවෙන්න තිබ්බේ ඒ ස්ථානය. මොකද දැන් දකුණු අධිවේගී මාර්ගයත් හැදෙන නිසා ඒ පලාතේ අයට ඉදිරියේදී ක‍ටුනායක අපහසුවක් නැතිවේවි.

    කොහොම වුනත් ඔය ගැන දැං කතාකරලා වැඩකුත් නෑ, මොකද කරලා ඉවර නිසා! මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ මුදලුත්, කාලයත් කාබාසිනියා නොකර, මේ ගුවන්තොට ඉදිරියේදී භාණ්ඩ ප්‍රතිනැව්ගතකිරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් හදිසි මගී ගුවන්තොටක් ලෙසත් යොදාගෙන ලාභයක් ලැබීමේ ශක්‍යතාවයත්, මොළයත් පහලවේවා කියායි!

    ReplyDelete
  16. 2007 අප්‍රේල් මිහින් ලංකා ගුවන් සේවාව අරඹනවිට හොඳයි කියපු පිරිසක් සිටියා. එය අනවශ්‍ය බව කී පිරිසක් ද හිටියා. වෙන දෙයක් උනාවේ කියා සිතු පිරිසක් ද හිටියා. දැන් අර හොඳයි කී කට්ටිය කටවල් ලොක් වෙලා.
    මිහින් ලංකා දැන් ආශ්චර්යක් කියන අය සිටි නම්,
    රාජ්‍ය බලය උපරිම යෙදුවත්, මහ භාණ්ඩාගාරයෙන් විටින් විට සහන ලැබුවත්, මිහින් ලංකා 2012 අවසාන වන විට රුපියල් බිලියන 8.5 ක පමණ පාඩුවක් ලැබුවා. එය සංවර්ධනයේ යෝධ පිම්මක් කියා කියන්න කිසිවෙකු සමත්නම්, ඔබ රටට ආඩම්බරයක්.

    මත්තල ගුවන්තොට සෑදීම සඳහා රුපියල් බිලියන 26 (50% චීන කොමිස් ක්‍රමය යටතේ) ක් පමණ වැය වන බව පවසනවා.
    නමුත්, දැන් එක් අදියරක් හදලා අවසන් කරපු එයාර් පෝට් එකට හෝ ඒ නිසා කටුනායක එයාර් පෝට් එකට හෝ එවන් ඉරණමක් අත් නොවේවා කියා ප්‍රාර්තනය කරමු!

    ReplyDelete
  17. Barida dannaa Nuwara apitath waraayak wath hadaaganna?
    :-D

    ReplyDelete
  18. ගරුතර හිටපු සඝ;පින්වතුන් වන අප කියන්නෙ කටුනායක අවට පක්ෂියෝ ගුවන් යානා දෙදරුම් හඩ ට බොහෝ කාලයක සිට පුරදු වී ඇති බවයි.ඔය සමහර පන්සල් වල කූඩු වල ඉන්න "මයින"නන්ගෙන් දහම් පාසල් එන නොසන්ඩාල කොල්ලො මයින බත් කෑවද ඇහැව්වම,ඔව් යකෝ මම බත් කෑව කියනව වගෙ.
    ස්වාසිලන්තේ නම් අපෙ හිටපු හාන්දුරුවනේ පක්ෂීන්ට කෙළින්ට බලාගෙන ඉන්නෙ දුන්නයි ඊතලේ ගත්ත පයේ සේරප්පුවක් වත් නැති බුවෙක්ලු.පුදුමයි නෙ හාන්දුරුවනේ....හි...හි....හි....!!!!!
    මම කියන්නෙ හාන්දුරුවනේ,ඔය හම්බ තොට හදපු දෙකට වියදම් කරපු සල්ලි යොදවල,හම්බ තොට ඉදල මාතරට සුපිරි අධි වේගයක් [මන් තීරු 4පමණ එක පැත්තකට දාල]හදල රට වටේ පොදු ප්‍රවාහණය දියුණු කලානම් කොහොමෙයි කියලයි අහන්නෙ.
    කොහොමත් බ්‍රේස්ලට් බැදන් ඩෙනිම් ගහගෙන කුඹුරකට/කුලී වැඩකට කෂ්ටිය නැති එකේ ඉන්දියාවෙන් විසිට් වීසා වලින් හරි බහින්නෙ නැතා මත්තලට.එහෙම එන එව්වන්ගේ යානාවක ටර්බෝ එහෙකට පජාත කුරුල්ලෙක් රිංගල ගිනි අරගෙන කෂ්ටිය මලත්,එයාල ටුවැරිස් ලා නිසා වන්දි ගෙවන්නෙත් රජයෙන් නේ.බෝට්ටු වලින් යන එව්වන්ට වගේද විසිට් වීසා වලින් එන එව්වන්ට හාන්දුරුවනේ

    ReplyDelete
  19. කුරුල්ලෝ නම් කොයි එයාපෝර්ට් එකේත් හැප්පෙනවා ඇති උඹ කියන්නැහේ.

    එයාපෝර්ට් එක ගැන කියනවනම් තවත් එයාර්පොර්ට්ස් එකක් හැදෙන එක ගෑන් මේන් මගේ අදහස

    මේ ෆේස්බුක් එකේ කාගෙද සා ච ක් කා වකට දාපු කොමෙන්ටුවක් බන් . . එකම මාතුකාවනේ . . කොපි පේස්ට් කලා ඕන්

    "මම නම් කියන්නේ රටක් දියුනු වෙනවා කියන්නේ ඒ රටේ ලස්සන ලස්සන උස උස ගොඩනැගිලි හැදෙන එක මිසක් ඒ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් වෙන එක නෙමේ.

    මිනිස්සු තුන් වේලක් හොඳ පෝෂ්‍යජාති කෑම කාලා තමන්ගේම කියලා ගෙයක් හදාගෙන ලස්සන ඇඳුම් ඇඳලා සුව පහසු කාර් එකක යනව වගේද පිට රටින් අපේ රට ට එන අය ට පේන්න ලාස්සන බිල්ඩිංස් එයාපොර්ට්ස් හයිවේස් හදලා ඒ මිනිස්සු "වාව් වට් අ නයිස් බිල්ඩින්ග්ස්, වට් අ ස්මූත් රෝඩ්ස්" කියලා කියනවා අහන එක . . හා නැද්ද?

    රටේ ජීවත්වෙන මිනිස්සුන්ගේ බඩේ තියෙන ඒවා, උන්ගේ ලස්සන ගෙවල්, උන්ගේ කාර්, උන් දුක් නොවිඳ සැප පහසුවට ජීවත් වෙන එක වගේ දේවල් වලින් රටක දියුනුව මනින්නේ කොහොමද? "

    මම නම් කියන්නේ මහනුවරටත් එයාපෝර්ට් එකකුයි වරායකුයි ඕන කියලයි.

    එතකොට මට වෑන් එකකට රුපියල් 10,000ක් 12,000ක් (දැන් නම් කීයක් වෙයිද මන්දා ලඟදී පැස්ටෝල් ඩීසැල් වැඩි උනා නේද බන්ස්) ගෙවන්නේ නැතුව මහනුවර එයාපොර්ට් එකෙන් බැහැලා ත්‍රීවීල් එකක බෑග් එක පටවන් රුපියක් 200න් 300න් විරුල් බලන්න දුවගෙන යන්න ඇහැකි.

    ඩුබායි / අබුඩාබි කඩේ වහලා එන කාලෙක ගෙදර හට්ටි මුට්ටි ටික පෙට්ටියක දාලා කාගෝ එක මහනුවර වරායෙන් ගන්න ඇහැක් නම් සුපිරි.

    සුභ අනාගතයක් . . . !

    ReplyDelete
  20. මේ සුපින්වත් මාරයා ඇතුලු ආර්ථික විශේෂඥයින්ට කියන්න ඇහැක්ද දන්නේ නෑ අද වෙනකොට හම්බන්තොට වරායේ:

    1. ශුද්ධ ආදායම
    2. ශුද්ධ ලාභය
    3. ලබා ගත් මුලු නය ප්‍රමාණය
    4. මෙතෙක් ගෙවා ඇති නය ප්‍රමාණය
    5. ඉදිරියට ගෙවීමට ඇති නය ප්‍රමාණය
    6. හිඟ නය ප්‍රමාණය ගෙවීමට ඉදිරියට ඇති කාලය.

    මොකෝ ඒ කාලේ හම්බන්තොට වරාය සුදු අලියෙක් කියපු උන්ට ගැහුවෙත් දැන් මේ එයාර්පෝර්ට් එක සුදු අලියෙක් කියන උන්ට ගහපු දේශද්‍රෝහී ලේබලේම තමා හිකිස්

    ReplyDelete
  21. කුරුල්ලන් නිසා සිදුවන ගුවන් අනතුරු ගැන මට ඉස්සෙල්ලම පැහැදිලි කරලා දුන්නෙ ඇවිදින විශ්ව කෝෂයක් වගේ හිටපු මගේ තාත්තා.

    ඔය ප්‍රශ්ණෙ හුඟාක් තැන්වල දකින්න ලැබෙනවා.

    මට මෑතකදි මතක් වුනේ, මම හදපු ප්‍රශ්ණ පත්‍රයක ඔය ගැන ලිපියක් අඩංගු වෙලා තිබ්බ නිසයි. මාරේ අහල තියෙනවද දන්නෙ නෑ එක්තරා අමෙරිකානු ගායිකාවක් හිටියා ටීනා ටර්නර් කියලා. බැලුවාමත් සිංහ දේනුවක් වගේ. කටහඬත් මාර ප්‍රභලයි. එක ගුවන් තො‍ටුපලක් ගුවන් තො‍ටුපලේ කුරුල්ලෝ එලවන්න ටීනා ටර්නර්ගෙ සින්දු වාදනය කරලා. වැඩේ සාර්ථක වුනාලු. ටීනා ඒක ගැන මොනවා කිව්වද කියලා නම් මම දන්නෙ නෑ.

    එතකොට ඔය කුරුල්ලන් පාලනය කරන්න එක එක උපක්‍රම යොදනවා විවිධ රටවල. ඔය වෙඩි තැබීමත් එයින් එකක් විතරයි. බල්ලන් යොදා ගැනීම. බෝවෙන ස්ථාන විනාශ කිරීම උස ගස් වගේ කූඩුහදන තැන් ඉවත් කිරීම, උන් ආහාරයට ගන්නා පණු ගහනය පවා පාලනය කිරීම ඉන් සමහරක් විතරයි.

    තව එකක්. මේකත් ලංකාවෙ උන් කරන වැ‍රැද්දක්.
    අරක රනවේ run away නෙවෙයි රන්වේ runway.
    උඹ දැන් ඉංගිරිස් පන්ති යන නිසා කිව්වෙ. නැත්නම් උඹට කියලා වැඩක් ඇතෑ. :D
    මෙතනත් තියෙනවා විස්තර:
    http://en.wikipedia.org/wiki/Bird_strike

    ReplyDelete
  22. මා මිත්‍ර මාරයා මල්ලී,
    1. මත්තල ගුවන් තොටුපල සෑදීමට පෙර කළ පරිසර වාර්ථා මොනවා ද කියා අප කවුරුත් දන්නෙ නැහැ. ඒ නිසා පරිසරය සහ සත්ව ජීවිත වලට වන හානිය පිළිබඳ තක්සේරුවක් මත්තල නැහැ. අනික ඔබේ විසදුම මත්තලට ගැලපෙන්නෙ නැහැ. හේතුව කටුනායක නෙමේ බොහෝ ගුවන් පථයන් අවට කුරුළු දඩයම් කරුවන් සිටිනවා. නමුත් මත්තල ඒ සෙල්ලම් බැහැ. එය අන්තර් ජාතික කුරුළු ගමන් පථයක්. ඒ මිනිසා ගුවන් යානා සොයා ගැනීමටත් පෙර සිට.

    2. ගුවන් තොටක කුරුළු ගමන් පථයක් ආසන්නව සෑදීම සදාචාර විරෝධීයි. එය අන්තර් ජාතික සම්මුතියක්. අපේ ගුවන් ගමන් සදහා කුරුල්ලන් මැරීම, මට නම් ඒකට එකඟ වෙන්න බැහැ.

    3. හැබැයි මත්තලට ගුවන් තොටුපලක් එන එක විද්‍යාත්මකව හරි. ඒ කටුනායක දේශගුණික කලාපයේම ඇති බස්නාහිර පළාතෙන් ගුවන් තොටක් සෑදිම එතරම් නුවනට හුරු නැහැ.

    4. අනික ලංකාවට තවත් ගුවන් තොටක් දැන්ම අවශ්‍යද? කිසිසේත්ම තව එකක අවශ්‍යතාවයක් දැඩිව දැනට මතුව නොතිබිණි. තියන එකටත් හරියට සෙනඟ නැති එක. තව මොන ගුවන් තොටක් ද?

    5. මේ වියදමෙන් අධිවේගී මාර්ගයක් සෑදුවා නම්, රොහලක්, පාසැල් කීපයක්, විශ්ව විද්‍යාලයක් සෑදුවා නම්, නැත්නම් වෙනත් ඵලදායි යමක් කළා නම් අගය කළ යුතුව තිබුනා.

    හැබැයි මත්තල ඒ පිහිටුවීම නම් දේශගුණික කළාප පැත්තෙන් හැර අනෙක් කිසිවකින් මම අනුමත නොකරමි.

    ReplyDelete
    Replies
    1. "5. මේ වියදමෙන් අධිවේගී මාර්ගයක් සෑදුවා නම්, රොහලක්, පාසැල් කීපයක්, විශ්ව විද්‍යාලයක් සෑදුවා නම්, නැත්නම් වෙනත් ඵලදායි යමක් කළා නම් අගය කළ යුතුව තිබුනා. "
      මෙන්න මේකේ "විශ්ව විද්‍යාලයක්",, මෙන්න මේක හැදුව නම් මේ වෙලාවේ ගොඩක් හොදයි

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. ""මෑණියන්ගේ වස්ත්‍රය තමා පින්වතුනි... මත්තල ඇති අනතුරුදායක ස්වභාවය කෙසේද පින්වතුනි.. එසේම අනතුරක් කටුනායකත් ඇත... කටුනායක රනවේ එක විවර වෙලා තියෙන්නේ කෙලින්ම මුහුදු වෙරළට... ( රන වේ එක/කටුනායක දුම්රියපල/මීගමු පාර/මුහුද) මුහුද ආශ්‍රිතව වෙසෙන බොහෝ කුරුළු වර්ග මේ රනවේ එක කෙලවරට වෙන්න ඉන්නවා...විශේෂයෙන්ම මුහුදු ලිහිණි වර්ග සහ කොකුන්... එයට අමතරව දුම්රිය පල ආශ්‍රිතව පරවියන් බොහෝමයි... තවත් කුඩා කුරුළු වර්ග මේ කියන ටිකේ ඉන්නවා... ""

    මටනම් මේක කියෙව්වම හිනා ගියා. ඇත්තටම මේ මාරයාතුමා වගේ සියල්ල දත් කිහිප දෙනෙක් හිටියම ඇතිනේ ලංකාව ගොඩ දාන්න. මමනම් කියන්නේ ලංකාවේ ඔය විද්‍යඥයෝ, උගත්තු කියන උන් ලංකාවෙන් එළවලා දාලා මාරයා තුමා වගේ සියල්ල දත් අයව උපදේශක තනතුරු වලට බදව ගන්න එක තමයි නියම විසදුම. අහ් කොහොමත් මේ වෙන වැඩවල හැටියට අනිවා දැනුත් වෙනවා ඇත්තේත් ඒකම තමයි. මහින්ද මාමටත් උපදෙස් දෙනවා ඇත්තේ මේ අයම තමයි.

    මම අර මහින්ද මාමිගේ බාල පුතා රොකට් එක යවපු වෙලාවේ දාපු කමෙන්ට් එකක් මේකට කොපි පේස්ට් කරන්නම්.

    ""ලංකාවේ දැන් දැන් සිදුවන දේ ගැන කල්පනා කරමින් ලේ කෝප කර ගන්නට ගියොතින් වන්නේ අපේ ආයුෂ කොට කර ගන්නටය. එනිසා මහ එකාලට පොඩි එකාලට සහ ඒකලාට කඹුරන එකාලට ඕන කුදයක් ගහ ගන්නට හැර කට සහ පු* වසා දන්නේ නෑ දැක්කේ නෑ මෙන් සිටීම දැන් මගේ සිරිතය. ඇරත් ඒවා ගැන ලේ කෝප කර ගත්තා කියා අපිට කරන්නට පුළුවන් ලබ්බක්ද නැත. යම් හෙයකින් මොනයම් හෝ එහෙයියන් මාරුවකින් මේ යකා ගියත් එන්නේම මේ වගේම යක්කු බව දන්නා නිසා නිහඬව සිටිනු ඇරෙන්නට වෙන කරන්නට ඇති දෙයක්ද නැත.""

    :)

    ReplyDelete
    Replies
    1. ලොකු තැන්වල වැඩ ගැන නම් කේන්ති ගන්න එක අඩුවෙලා , ඒත් අර කඹුරන උන් දකින කොට නම් තාම ලේ කෝප වෙනවා . අපිට මුන්ව වෙනස් කරන්න බැ තමයි කරන්න පුලුවන් එකම ලබ්බ , මුන්ට ඕනි හැටියෙන් නටාගන්න කියල වෙනත් අහකට තොලොංචි වෙන එක

      Delete
    2. ඇත්තටම මේ චිනගේ ලනුකාල නය අරන් ඒවගෙනුත් අම්බානෙක ගස කන්නේ මේ මාරයාතුමා වගේ සියල්ල දත් ය හිතවත් කමට නෑකමට සුදුසු කම් බලන්නේ නැතුව උපදේශක තනතුරු වලට අරන් තියන නිසා තමයි.
      ජේ ආර් පප්පා මහවැලියට ගත්ත නය ඔක්කොම පප්පා යන්න කලින්ම ගෙවලා ගියේ. රාජපස්ස මාමා වගේ ඉස්සරහ පරම්පරා ගානකට ඉතුරු කරලා නෙමේ

      Delete
  26. ආණ්ඩුවේ ඉන්න මහත්තුරු නොකරන එක දෙයක් තමයි මොකක් හරි පටන් ගන්න කලින් මේ අන්තර්ජාලේ ඉන්න ප්‍රාඥයන්ගේ ඒ ගැන විමසන්නේ නැති එක. එහෙම ඇහුව නම් අහක බලන් කියයි වරාය හදන්න ඕන මෙතන, එයාර්පෝර්ට් එක හදන්න ඕන මෙතන කියලා. මොකද ඒ අය විතර දැනුම් තේරුම් තියෙන අය කොහෙද ලංකාවේ. මම හිතන්නේ හිතට එන අදහස් පල කරන්න කලින් ටිකක් ඒ ගැන හොයා බලා අදහස් කියනවනම් හොඳයි කියලා. මේ තියෙන්නේ ඕකට සම්බන්ධ වෙච්ච් ප්‍රධානියෙක්ගේ අදහස්, ඔහු කවුද කියල හිතන්නේ නැතිව එහි අන්තර්ගතය ගැන හිතලා බලන්න. ගුවන්තොටුපලකින් වෙන එක දේ මගී ප්‍රවාහනය කියල හිතන් ඉන්න අයට මේක වැදගත් වෙයි

    මත්තල ගුවන්තොටුපල

    ReplyDelete
    Replies
    1. ඔය හැදුවේ වරායක් , නැව් තොග පිටින් එනව කිව්වා , දැන් එන නැව් ගණන් කරනවා . ඒ එන්නෙත් බලෙන් යවපු වාහන් නැව් , ඊට පස්සෙ රත්නපුර -කොළඹ පාර බ්ලොක් කරගෙන එහෙන් වාහන අදිනව කොළඹටයි කුරුණැගලටයි . හැදුවා බලාගාරයක් , පහුගිය කාලෙම කැඩිලා දැන් ඕං චීනෙට විකුනනවලු , දෙහිවල ගැහුව ගුවන් පාලමක් "බර වාහන යන්න තහනම්" .. මිහින් එයා ෆෙල් වෙච්ච එකෙන් රටට දිගටම පාඩුයි . මාරයා සුදික වගේ කඩේ යන උන්ගෙ බදු සල්ලි වලින් විතරක් නෙවෙයි අපෙත් බදු සල්ලි ඔය විනාශ කාරි දේවලින් නැතිවෙනවා . තමන් විචාර බුද්ධියක් නැතුව , කඩේ ගියා කියල අනික් මිනිස්සුත් ඒකම කරන්න ඔනි කියල හිතන්න එපා

      Delete
    2. හිතන්නේ නැතුව කොහොමද , කෙනා තනතුරෙනුත් පෞද්ගලිකවත් මධ්‍යස්ථව දකින්න පුලුවන් කෙනෙක් නොවන බවත් ඔහෙත් හොඳටම දන්නවනේ

      Delete
    3. තව ව්‍යාපෘති ගොඩක් කළා නේද ? ඒවා ගැනත් කියන්න.

      Delete
    4. කියන්න කියන්න ඔය ලොකු ව්‍යාපෘති ටික ගැන මම එතකොට ඒවා ගැනත් මගේ ඇනලයිස් දෙක දෙන්නම් , ආ දැන් මතක් උනා අර කුලුණ , ඒ මගුලත් හදන්නේ ණයට , දැන් ලෝකේට පෙන්න කුලුණක් , ණයට ගහන එකේ තේරුම මොකක්ද ? අපිට දකුණු ආසියාව ලොකුම කුලුණ තියනවා කියන එකද ?

      Delete
    5. සුධීක බුද්ධියට නිගා කරන සමාජයක් තමයි තියෙන්නේ ඇත්ත නුදුරු අනාගතයේ මේවායේ ප්‍රතිපල දැනගන්නට ලැබේවි. මම ලාංකිකයෙක් විදියට අවංකව ප්‍රර්ථනා කරනවා මම වැරදි වෙලා ඔයා, මාරයා කියන දේවල් නිවැරිදි වෙන්න එහෙම වෙලා මේ ගුවන් තොටුපල ආශ්චාර්යකින් හරි සාර්ථක වෙන්න කියල. මොකද එහෙම උනේ නැත්නම් මේවට ගිය සල්ලි අපිට අපේ ළමයින්ට පරම්පරා ගානක් තිස්සේ ගෙවන්න වෙන ණය අරගෙන නේ හදල තියෙන්නේ. අන්තර්ජාලේ ඉන්න ප්‍රාඥයන්ට වඩා ආණ්ඩුවේ ප්‍රවීන ප්‍රධානියෙක් විස්වාස කලයුතුයි සහ ඔවුන් කියන දේවල් අපි ගෙඩි පිටින් ගිලිය යුතුයිද? ඔබ ලින්ක් එක දාපු ලිපියේ අන්තර්ගතය තුල මහා ලොකු දෙයක් ඔබට පේනවද? මට නම් පේන්නේ නෑ.
      මේවට විරුද්ධ වෙලා දැන් වැඩක් නෑ අශ්වයා දැන් ගිහින් ඉවරයි අපි කෑ ගැහල ඉස්තාලේ වහල වැඩක් නෑ හැබැයි සුදීක එකක් මතක තියාගන්න අපි කෑ ගහන්නේ මේවා අසාර්ථක වෙලා රටට කෙලවෙයන් කියන තැනින් නොවෙයි මේ වගේ අවදානම් වැඩ ජනතාවගේ සල්ලි වලින් කරන එක භයානක සෙල්ලමක් කියන එක එකෙක්ට දෙන්නෙක්ට හරි තේරුම් කරන්න. එතකොට මිනිස්සු ඉස්තාලේ වහයි අශ්වයා පැනල යන්න කලින්. අනාගතයේදීවත්.

      Delete
    6. උදිත දන්නවා ඇතිනේ ඔය සුදීක දීල තියන ප්‍රධානියා කාගෙ කව්ද කියලා ? එහෙම කෙනෙක්ගේ ප්‍රකාශයක් සුරියප්පෙරුම ගේ කථාවකින් වෙනස් වෙන්නේ කොහොමද ? මාත් ප්‍රාර්ථන කාරනවා වැරදිලා හරි හරියමන් කියලා . කොහොමත් වරයාට වඩා ඕක සාර්තකයි අපේ ගුවන් යානා හරි බස්සන්න පුලුවන් නිසා .ඒත් දඹදිව වදින්න මාතර, ගාල්ල , මොණරාගල ,හම්බන්තොට බදුල්ල රත්නපුර දිස්ත්‍රික්ක ඇරුණාම අනික් ඕනිම දිස්ත්‍රික්කේක කෙනෙක් කටුනායක අත්හැරලා මත්තල එක කාලය හා මුදල් නාස්තියක් . මිහින් එයා එකෙන් දඹදිව යන්න මත්තලම වරෙන් කියල අනිවාර්ය කරන එකෙන් සිද්ධ වෙන නාස්ති කාරකම් ඔතනදි ගණන් ගැනෙන්න්ත් නෑ . කුරියර් සර්විසස් Wඅඩේ හොඳයි , හැබැයි මට ඒ ගැන ලොකු විශ්වාසයක් නෑ

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. කෝ මේ සුදීක, මාරයා වගේ ආර්ථික විශේෂඥයෝ කිසි කෙනෙක් කියන්නේ නෑනේ චීනෙට නය වෙලා හදා ගත්තු වරායෙන් මේ වෙනකොට කොයි තරම් නම් ආර්ථික සංවර්ධනයක් උදාකරගෙන තියෙනවද කියන එක. කැතයි හොඳේ

      Delete
    9. ""
      දැං මේ හම්බන්තොට වරාය පිහිටලා තියෙන්නේ සුවිශේෂී පිහිටීමක. මෙතනින් කිලෝමිටර් හාරසීයක් දුරෙන් ඉතාම වැදගත් ජාත්‍යාන්තර නැව් මාර්ග කිහිපයක්ම වැටිලා තියෙනවා. මේ මාර්ග වල ගමන් කරන නැව් වලට අවශ්‍ය ආහාර, පානීය ජලය වගේ දේවල් ලබා ගන්නෙ සිංගප්පූරුවෙන්. ලංකාව මේ ජාත්‍යාන්ත නැව් මාර්ගය ආසන්නයේම තිබුනත් අපිට ඒ සැපයුම් පද්ධතිය අත් කර ගන්න බැරි වෙලා තියෙනවා

      මොකද අපේ ප්‍රධාන සැපයුම් වරාය වුන කොළඹ වරාය පිහිටලා තියෙන්නෙ රටේ අනිත් පැත්තේ. ඒක නිසා අර ජාත්‍යාන්තර නැව් මාර්ගයේ ගමන් කරන නැව් වලට කොළඹ වරායෙන් අදාළ සැපයුම් ලබා ගන්න නම් වරායට ඇතුල් වීමට සැපයුම් ලබා ගැනීමට සහ වරායෙන් පිට වීමට වශයෙන් අමතර දවස් 3ක් ගත වෙනවා

      ඒත් හම්බන්තොට වරාය තියෙන්නෙ නැව් මාර්ගය ආසන්නයේම නිසා නැව් වලට ඒ කාලය ඉතිරි කර ගෙන සැපයුම් ලබා ගන්න පුළුවං. මේකෙන් නැව් සමාගම් වලටත් විශාල වාසියක් තිබෙනවා. ඔවුන්ට ආහාර ජලය මෙතනින් ලබා ගන්න පුළුවන් නිසා ගමන මුලදී ඒවා අඩුවෙන් පටව ගෙන ඒ වෙනුවට ඔවුන් ප්‍රවාහණය කරන වටිනා භාණ්ඩ වැඩිපුර පටවා ගන්න පුළුවං

      ඒක නිසා මේ වරාය හැදුවට පස්සේ දවසකට ඉතාම විශාල නැව් ප්‍රමානයක් මෙතනින් සැපයුම් ලබා ගන්න පැමිණෙනවා. එවැනි නැව් ප්‍රමානයකට සැපයුම් ලබා දෙන්න තරම් විශාල ප්‍රග්ධනයක් යොදවන්න පුළුවං ව්‍යාපාරිකයො ලංකාවෙ නෑ. ඒක නිසා අපිට ඒ කටයුත්ත සිංගප්පූරුව වගේ රටවල් වල එවැනි සැපයුම් ජාල ක්‍රියාත්මක කරන රටවල් වලට භාර දෙන්න සිද්ධ වෙනවා. එහෙම වුනත් ඒ සමාගම් අදාල අමුද්‍රව්‍ය මිල දී ගන්නෙ අපේ රටේ ගොවියො මාළු වෙලෙන්දො වගේ අයගෙන්.

      මෙවැනි විශාල ඉල්ලුමකට ආහාර ද්‍රව්‍ය සපයන්න නම් අපි දැං ඉඳලාම අපේ කෘෂිකර්මාන්තය, ධීවර අංශය වගේ දේවල් වැඩි දියුණු කරන්න වෙනවා."

      -ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ධම්මික පෙරේරා මහතා හම්බන්තොට වරාය විවෘත කිරීමට සතියකට පමණ පෙර රූපවාහිනී වැඩසටහනකදී. මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ එවකටද කැබිනට් ඇමතිවරයකු වූ චම්පික රණවක මහතා විසිනි
      ""

      Delete
  27. මත්තල ගුවන්තොටුපල සුදු අලියෙක් වෙනවා. එය වැදගත් ගුවන්තොටුපොලක් වෙන්නේ සංචාරකයන්ට පමණයි. ජාත්‍යන්තර ගුවන්තොටුපොළකට සුදුසු 1.අනුරාධපුරය, 2.වවුනියාව, 3.කිලිනොච්චි, 4.මාතලේ/මහනුවර, හැබැයි ඔය කොතනදීත් කුරුල්ලන් මරන්න වෙනවා. මේ තැන්වලින් මගී ප්‍රවාහනය, සංචාරක කටයුතු, නිෂ්පාදන භාණ්ඩ ප්‍රවාහනය ඔක්කොම කරන්න පුළුවන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  28. හෙඩිම "මත්තල සහ කුරුල්ලෝ" කියා දැමුවත් මාරයියා වටම වනා ඇත. ඒත් මගෙ නම් කමෙන්ට් ටොපික් එකට පමණක් ගලපාගනිමි

    මං නම් කියන්නෙ "කුරුල්ලෝද මනුස්පයෝය"
    හුටා වැරදුනාද, එහෙම හරියන්නෙ නැති නිසා කුරුල්ලො නෙමෙයි අලි මරල හරි අපි මත්තල රැකගත යුතුය. ඕනෑ නම් මත්තලට එරෙහිවන්නන්ටද එම ඉරනමම අත්කර දුන්නාට කම් නැත. අපි මත්තල රැකගත යුතුය.

    ලිපියෙන් වගේම කමෙන්ට් වලින්ද ගොඩක් දේ දැනගත්ත. ඒ නිස වටිනව. පිලිගත නොහැකි කරුනුද නැතුවා නොවේ. එව්වා නොසලකා හැරියෙමි. අවසානයට කියන්නට යමක් ඇත.
    මාරයියේ මගෙ නම් පලමු තැන ඇත්තේ බඩය. එයට සාධාරනයක් නොවන කල මක්කවත් මට එපාය. බඩ පිරුනු කල අනෙක් දේවල් සොයාගැනීමට වෙහෙසෙන්නෙමි

    ReplyDelete
    Replies
    1. දේශ් +++
      * මාරයියේ මගෙ නම් පලමු තැන ඇත්තේ බඩය. එයට සාධාරනයක් නොවන කල මක්කවත් මට එපාය. බඩ පිරුනු කල අනෙක් දේවල් සොයාගැනීමට වෙහෙසෙන්නෙමි *

      Delete
  29. මේ රට පට්ට බිසී ගුවන් ගමන් තියන අති විශාල සංවර්ධනයකින් හෙබි රටක් උනානං (ඇමරිකාව වගේ) අනේ හම්බන්තොට ගමක් ගමක් ගානේ ගුවන්තොටුපලවල් හැදුවට මයෙ මොකෝ.... වැඩේ තියෙන්නේ
    1. නයෙන් මිරිකිලා ඉන්නැද්දී තව නය වෙලා හම්බන්තොට වරාය (only opening ceremony)
    2. ඒ වගේම දැං ලංකාවේ දෙවනි ජාත්‍යන්තර ගුවන්තොටුපල (ඒකත් ඒ දෙයියටම නොගියොත් ඇති)

    දැං මෙතන ලොකුම මෙව්වඑක වෙලා තියෙන්නේ ජනාධිපති උත්තමයගේ නම දාන එක වගෙනේ මොකද දැනට තියන වරාය සංවර්ධනය කලත් ගුවන්තොටුපල සංවර්ධනය කලත් (නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ කලාවගේ) තමන්ගේ නමින් සෙල්ලිපි පල කරන්න බෑනේ.....
    නැත්තං අරාබියේ වහල්කමට යන කාන්තාවෝ ටිකයි අවුරුද්දේ එක කාලෙකට පොඩ්ඩක් බලලා යන්න එන සුද්දෝ ටිකටයි කටුනායක මදිද?
    ඒ වගේම මේක දැං යස ඉසුරිං බරවෙලා තව කරන්න වැඩක් ඇත්තේම නැත්තං ඔන්න කිසි කේස් එකක් නෑ, අධ්‍යාපනය (පුධාන වශයෙන් උසස් හා වෘත්තීය) දියුනු කිරීම, සෟඛ්‍යය, කෘෂිකර්මය, තාක්ෂණය ආදිය දියුනු කරන අතරේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය ගැනත් හිතන්න ඔන උංගේ සරල අවශ්‍යතා ගැනත් හිතන්න ඔන, යුද්දේ යුද්දේ කියලා නොදුන් සහන (ඒක කමන්නෑ කියමුකෝ) යුද්දේ ඉවර උනාට පස්සේ (අඩුගානෙ මුං රවට්ටන්න ටික දවසකට හරි) දුන්නද? දැං මහා ලොකු සංවර්ධන බයිලයක් ගෙනත් නෙලුං කුලුනුයි පොකුනුයි හදහදා මහා පරිමාන නාස්ති කිරීම්.... (මේක දැං comment එකක් නෙමේ blog post එකක් ගානට ඇවිත් වගේ, තව කීවත් ඔච්චරයි, කිලා වැඩක් නෑ ඒ හිංදා කියලා වැඩක් නෑ)

    ReplyDelete
  30. මාරයා මේ දවස්වල ඉංග්‍රීසි ඉගෙනගන්නවා නේද?.. මාරයා ඉංග්‍රීසි කියමනක් තියනවා if it ain't broke, don't fix it නොකැඩුණු යමක් හදන්න යන්න එපා කියල මේකේ තේරුම විකිපීඩියා අර්ථයට අනුව මෙහෙමයි Leave something alone; avoid attempting to correct, fix, or improve what is already sufficient. (Often with an implication that the attempted improvement is risky and might backfire.)
    මේවා ඇවිල්ල හෝඩිපොතේ පාඩම් මාරයා අපිට තියන දේවල් දෑනටමත් ප්‍රමාණවත් ලෙස සෑහෙනවා නම් ඒවා නිවැරිදි කරන්න හදන්න හෝ වර්ධනය කරන්න එපා ඒක අනතුරුදායක අනවශ්‍ය වැඩක් කියන එක තමයි මේකේ තේරුම. මගේ ජිවිතයේ පහුගිය අවුරුදු 12ක ඇමරිකානු අත්දැකීම තුල දැකපු දෙයක් තමයි මෙහේ මේ අය මේ නිතිය අකුරට ක්‍රියාත්මක කරනවා. ප්‍රශ්නයක් තියන තැනකටයි විසඳුම් දෙන්න යන්නේ. ලංකාවේ වරාය හා ගුවන් තොටුපල වෙළඳ හා ගමනාගමනයට ප්‍රමාණවත් නොමැති නිසා ගුවන් යානා හැරිලා ගිහින් නැව් හැරිලා ගිහින් තියේනම් මේවා හොඳ වැඩ.
    ලංකාවේ ප්‍රශ්න ඕන තරම් තියනවා ඇයි ඒවාට විසඳුම් නොදී ප්‍රශ්නයක් නැති තැනකට විසඳුම් දෙන්න රටේ අනාගත පරම්පරාව බිලියන ගානින් ණය කරන්නේ. මේව පොඩිඑකාගේ ආසාව නිසා ලොකු අයිය තමන්ගේ අතේ සල්ලි වලින් හදන ඒවා නොවෙයි නේද?
    මාරයා ඔබගේ ගෙදර කක්කුස්සියක් නෑ වැල්ලේ බොග දාන්නේ ඔබ අල්පු ගෙදරින් නයක් අරගෙන ගෙදරට කක්කුස්සියක් හදන එකද කරන්නේ බාල පුතාට කාමරයක් නෑ ලොකුපුතාට විතරක් වෙනම කාමරයක් තියනවා ඒක අසාධාරණයි කියල අලුතින් නිවසට තව තට්ටුවක් කාමර ගහන එකද?

    ReplyDelete
  31. මත්තල නෙමෙයි මයියංගනේ හරි එයාර්පොට් හදනවනම් හොඳයි. නමුත් යටි තල පහසුකමුත් ඇතුව. ඔය පාරවල් වල නිතරම යන කෙනෙක් දන්නවා. තංගල්ලේ ඉඳලා මාතරට එනකම් කන්න තියෙන කට්ට. ප්‍රධාන පාරේ ලයින් දෙකයි තියෙන්නේ. කන්ටේනරයක් හරි ලොරියක් හරි සෙට් උනොත් කතරකම් දෙයි හාන්දුරුවන්ගේ පිහිටයි...! තරු පන්තියේ හෝටලයකට තියෙන්නේ පී කොක් බීච් එක විතරයි. යාල කැලෙත් 2-3 ක් තියෙනවා. ඒත් මහ රෑකට ඒවට යන්න බෑ. ඉතින් මුලින් ඒ දේවල් හදලා හැඩුවනම් තමා වටින්නේ. කොහොම උනත් තවත් සුදු අලියෙක් වෙන එකක් නෑ. ඊට වඩා සැලසුම් සහගතව ඉඳිකළ බයි ආරංචි. තෙල් ටිකවට් වතුර ටිකවත් නැති හාබර් එකකටන නැව් එන්න නැව් අයිතිකාරයෝ බලමාළු කාලා නැතුව ඇති.

    ඔක්කෝටම කෙලලා අරින එක අසාධාරණයි. වී ගොවිතැන අදත් කරන්නේ. ඩී ඇස් ගේ ගොවිජන ව්‍යාපාරය නිසා. ඊට පස්සේ ජේ ආර් මහවැලිය හැරෙව්ව, ඕපන් ගන්ගම් ස්ලයි එක ගෙනාවා. ප්‍රේමේ ඇඟළුම් කර්මාන්තේ ගෙනවා. ඇස් ඇල් ඇෆ් පී කාරයන්ගෙන් නම් වැඩක් කලේ රාජපක්ෂවරු පමණයි.

    ReplyDelete
    Replies
    1. මම හදවතින්ම පතනවා ආණ්ඩුව බලාපොරොත්තු වෙන විදියටම DHL,FedEx,UPS වගේ කොම්පැනි කලාපයේ හබ් එකක් විදියට මේ ස්ථානය භාවිතා කරයි කියල. ණය මුදල් matured වෙන්නේ 2020 දී විතර වෙන්න ඇති ඊට කලින් ඉදිරි වසර 7 ඇතුලත මොකක් හරි උප්පරවැට්ටියක් දාල මේක කාර්යබහුල ලාභ ලබන ගුවන් තොටුපලක් කරගන්නම වෙනවා නැත්නම් රටට බරක් වෙනවා.
      //කොහොම උනත් තවත් සුදු අලියෙක් වෙන එකක් නෑ. ඊට වඩා සැලසුම් සහගතව ඉඳිකළ බයි ආරංචි.//
      උඹ වගේ එකෙක් මෙහෙම කිව්වම හිතට සහනයක් සතුටක් දැනෙනවා මේක හරියයි කියල. කරන්නේ රනිල්ද මහින්දද කියන එක මටත් අදාළ නෑ රට දියුණු වෙනවනම් මාත් සතුටුයි බං. අපි බලාගෙන ඉමු. මම නම් හිතල ගහන සැලසුම් වලට වඩා වෙළඳපොළ ඉල්ලුම විශ්වාස කරන කෙනෙක්. වෙළඳපොල ඉල්ලුම තුල ලංකාවට තව වරායක් සහ ගුවන්තොටුපලක අවශ්‍යතාවය ඇතිවෙලා තිබුනනම් මේක අනිවාර්යෙන් සාර්ථක වෙනවා.

      Delete
    2. ලුෆ්තන්සා එක්ක ඇග්‍රීමන්ට් එකක් තියෙනවලු. එයාර් ඇරබියා එනවා කියන්නෙත් සුබ ලකුණක්. මොකෙක් හරි මේවා කරන්න එපයි. විවේචනය් බොහෝම ලේසියි. දෙයක් ගොඩනගන එකයි අමාරු..

      Delete
  32. umbata rata yanna air port ekata yanna one unama terei...

    ReplyDelete
  33. මේ කොමෙන්ටුව දාන්න විනාඩි ගණනකට කලින් ඔන්න මත්තලට පළමු ගුවන් යානය සැපත් වුණා..කුරුල්ලොනං පේන්න හිටියේ නෑ..

    ReplyDelete
    Replies
    1. නලී;මට එකෙක් කිව්ව පළමු ගුවන් යානය එන්න විනාඩි ගානකට කලින් චොපර් 4කින් කුරුල්ලො එලෙව්ව කියල.ඒව ඒව කඩප්පුලි කමට කිව්ව කතා වෙන්න ඇති නේ :) :) ?

      Delete
    2. මෙහි නිවැරදිම තත්ත්වය මං හෙට දාන්නම්... කෙන්ජි සහෝ

      Delete
  34. කොළඹ මිනිස්සු කුහකයි කිව්වට මම විරුද්දයි.අපිට අවුලක් නැහැ ත්‍රිකුණාමලේ,උතුරු මැද එයාපෝට් හදලා ඒ පැති දියුණු කරනවට.දැන් ඒ පළාත් වලටත් කරගෙන යන ව්‍යාපෘති වලටත් අපි කැමතියි.මම නම් වචනයක්වත් කියන්නේ නැහැ.ඒත් ඇයි මේ දකුණෙන් වුනත් හම්බන්තොටට විතරක්?

    ඒක මහින්දගේ ගම නිසානේ? ආයේ තව කතා මොකටද? ගමේ මිනිහා ගමට ඕනෑවටත් වඩා දේවල් කරනවා.අන්න ඒකටයි අපි දොස් කියන්නේ.හම්බන්තොට වගේ දකුණේ හැමතැනමත් දියුණු කරන්න එපැයි.මොකද මේ වරයාවල්,එයාපෝට් ඔක්කොම හම්බන්තොටට? ලංකාවේ බුද්ධිමත්ම සිසුනුත් දැන් එහෙන්? ඒ බුද්ධිමත් සිසුන් බිහිවුනේ ඇත්තටම එයාලගේ දක්ෂ කම නිසාමද? මේවා ආශ්චර්ය මහත්තයෝ ආශ්චර්ය!!

    කුරුළු සීන් එකට නම් මම එකඟයි.මත්තල නෙවේ ඕන නම් ලංකාවේ හැම පළාත් නවයේම එයාපෝට් හැදුවත් මම මුකුත් කියන්නේ නැහැ.ඒවාට බොරුවට හරි එක එක කියන්න කට්ටිය ඕන තරම් ඉන්නවනේ

    ReplyDelete
  35. Dude:
    මාරෙ මල්ලි, මේ දවස්වල ගූගල් දෙයියෝ මාත් එක්ක කෝපවෙලා ඉන්නෙ. මගේ කමෙන්ට් ඔප්ක්කොම ස්පෑම් යනවා. උඹේ එකට අමාරුවෙන් කොටලා දාපු එකත් උඹේ ස්පෑම් එකේ ඇති. ඒක ගොඩින් තියාපංකො හොඳ එකා වගේ. මේකත් ස්පෑම් යන්න හොඳටම ඉඩ තියෙනවා

    ReplyDelete
  36. කොහොම උනත් පොරොන්ඩුව ඉස්ට කලා නොවැ..........

    ReplyDelete
  37. මේ පෝස්ට් එකේ නියමම කමෙන්ටුව

    "කුරුල්ලන්ට ගුවන් හමුදා සාජන්වරයෙකු වෙඩිතියනවා වගේ, අලින්ට වෙඩිතියන්න ගුවන් හමුදා ඉහල නිලධාරියෙක් යෙදවීමයි කරන්න තියෙන්නේ... "

    අර ඊ නිවෙ තක්කඩියනං කියල තිබ්බ කිඹුලොත් එනව කියල. එහෙම උනොත් නාවික පුතා දාමු කිඹුලො මරන්න.

    මේකට ප්ලේන් එන්නෙ නෑ කියන කඩප්පුලිය මොකද?

    අන්න මාලෙ යන එව්ව කටුනායකින් උස්සල මත්තලින් තේ බීලලු යන්නෙ.

    ප්ලේන් එකක වැඩිම ශක්ති හානිය වෙන්නෙ නග්ගනකොට කියන එක අපිට දාල නැති උනත් පොඩි උන්ගෙ කන් අගුල් වැටිල උන් බෙරිහන් දෙන්න නගින බහින වෙලාවට බව දන්න උන් නං එක වදේ දෙපාරක් විඳින්න මාලෙ මත්තල හරහ යාවිද මන්ද!

    ඔය කටුනායක ඉඳන් එන එක මත්තල ගාවල යන එක මටනං නිකං නිකන් ගාළු යන බස් එක රන්දොඹේ නවත්තල තේ බොනව වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. උඹල හරි පසුගාමියි බන් , ඒ ඉස්සර ගාලු පාරේ බස් තේබොන්න නතර කලේ , දැන් අපි යන්නේ හයිවේ එකේ (එකේ බසුත් තේ බොන්න නතර කරනවා කියලා මොකෙක්ද එකෙක් කඩප්පුලි කථාවක් කිවා අනේ මන්ද ) . දැන් අපි තේ බොන්න නතර කරන්නේ ප්ලේන් බලහංකො කොච්චර දියුණුවක්ද කියලා ,

      Delete
    2. "උඹල හරි පසුගාමියි බන්" :)

      කොළඹ ඉඳන් ගාළු යන බසුත් තේ බොන්න නොනවත්වන එකේ කොට්ටවෙ ඉඳන් හයිවේ යන එව්වත් නවත්තනවනං ඉතින්....අනේ මන්ද!

      Delete
  38. මෑනියන්ගෙ වස්ත්‍රය තමා පින්වතුනි කටුනායක ඉන්න ග්‍රෑම් 100 කුරුල්ලො වගෙද මත්ත්ල මොනරු බලන්න එපායෑ වෑහි වෑහෑලා අර සෙරෙප්පු දාන සාජන්ට මත්තල ගියානම් සය්ඩ් එකේ බිස්නස් එකකුත් කරගන ඉන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ශ්‍රි ලාංකික ක්‍රමයට ගුවන් තොටුපල වල් හදන්නේ දෙවියන්ගෙත් ප්‍රයෝජනේට . ඉස්සර දේවාලේ පිටිපස්සේ ආමාරුවෙන් බාපු කතරගම දෙවියො කෙලින්ම දැන් බන්නේ මත්තල . තොපි කොහෙද ඒවා දන්නේ . කතරගම දෙය්යන්ගේ මැනියගෙ ව්ස්ත්‍රය කියල තමයි කියන්න වෙන්නේ

      Delete
  39. මත්තල සහ කුරුල්ලෝ :D
    කෝ මේ අපේ ගුවන් තොටුපොළ විශේඥයෝ..?

    http://www.insidelankanews.com/2013/03/ua-jfka-mafaka-tllg-lre-rxpqjla-wekd.html

    ReplyDelete