24 March 2013

බැන්දට පස්සේ... අනේ මංදා ඕවා...

“මේ දවස්වල මාරයාතුමාට මක්කද වෙලා තියෙන්නේ...? බ්ලොග් එක පාළුවට ගිහින්..මොනවා වෙලාද කියලා ආරංචියක් නැහැ... හැබෑට මොකද ඌට වෙලා තියෙන්නේ..?“

“ආ..ඌට බැන්දට පස්සේ වැඩ වැඩි වෙලානේ...:D ඔහොම තමා බැන්දම..කලින් කුරුල්ලෝ වගේ නිදහසේ හිටිය උන්ගේ තටු කැපෙනවා.. දැන් ඇති පවුල් බරට කර ගහලා...“

-----------------------------------

ඕක තමා මේ දවස්වල සිංදුව නේද...? පවතින තත්වය කොහොම කිව්වත් මිනිස්සු ඔන්න ඔහොම ආරංචි අහන්නනේ වැඩිය කැමති... ඒත් ඉතිං වෙලා තියෙන දේවල් දන්නේ මංතුමාම නෙව.

පහුගිය සති දෙක අම්බානක වැඩ තිබුන දවස් ටිකක්... ගෙදර දොරේ වැඩ වගේම..කේන්දර වැඩයි... ඉගෙනීමේ වැඩයි වලට අමතරව හදිසි රියදුරු රාජකාරියකුත් අහු උනා... ඒක මේ මගේ ගෙදර අයිතිකාරයගේ අක්කා කෙනෙක් පිටරට ඉඳන් ලංකාවට ආව හින්දා ඒ අක්කණ්ඩි එක්ක කොළඹ එහෙ මෙහෙ රස්තියාදු වීමේ රියදුරු වැඩක්... සතියක් ඇතුලත ලොරියක බඩු ගන්න කොළඹ එහෙ මෙහෙ දුවලා හොද ගණන්... හැබැයි ඉතිං අපි වගේ පිටෝටුවෙන් කෑල්ල දෙසීය ගානේ බඩු ගන්න අය නෙවෙයි නෙව... ඒ හින්දා කොළඹ රටේ ලොකු ලොකු පොට්වලටම තමා බඩ ගෑවේ... මාත් ඉතිං ඒ පස්සෙම වැටිලා ගෙහුන් ලොකු ලොකු සාප්පු ගානේ ගෑටුවා... ආයේ නිකං බණ්ඩා කොළඹ ගියා වගේ තමා පින්වතුනි..මගේ අම්මේ මේ රටේ මිනිස්සු නාස්ති කරන සල්ලියක තරම... සරදියල්ලා හත් අට දෙනෙක් හිටියනං මුංදලගෙන් මාසෙක වියදම අරං දුප්පත් ගං රටවල් හත අටක් අවුරුද්දක් දුවවන්න තිබුනා යසට... හැබැයි ඉතිං හුගාක් තැන්වල ලොකු ගණන් වලට විකුණන බොහෝමයක් දේවල් එයින් හතරෙන් පංගුවේ මිලට ඒ කොලිටියටම කොටුවෙන් ගන්න පුළුවන් බවනං මට හොඳටෝම තේරුනා... ඒත් ඉතිං ඕවා කාට කියන්නද..? තත්තේ මේන් ටේන් කොරන්නනං මිල කීය උනාම මොකද එහෙම තැන් වලින්ම නෙව බඩු මුට්ටු ගන්නට ඕන... කහන සල්ලි ඔහේ ගලා ගියදෙන්...

කොහොම හරි පෙරෙදා රාත්තිරියේ අක්කණ්ඩි ආපහු යන්ට ගියා... අවසාන දවසේ ගෙවල් අයිතිකාරයා එක්කම අක්කණ්ඩි ආවා මං ඉන්න තැනට... ඒ පාර හදිසියේ නමුත් උන්දැට කෑම වේලක් දෙන්ට හිතුන හින්දා දඩි බිඩි ගාලා නාරාහේන්පිට ආර්ථිකේට දුවලා කොස් ටිකක් එහෙම හොයං ඇවිත් කිරි කොස් මාළුවක් හදලා අගුණ කොල සම්බෝලෙකුයි..හාල් මැස්සන් බැදුමකුයි එක්ක බත් ටිකක් දුන්නා... ගෙවල් අයිතිකාරයනං කිරි කොස් කටේ තියෙන එකෙක් නෙවෙයි... ඒකට බම්බු ගහගන්න කියලා මං අරුන්දැට මගේ තාලෙට බතක් දුන්නා... අපරාදේ කියන්න බැහැ ලංකාවට ඇවිත් හිටිය සති දෙක ඇතුලත කෑව හොදම කෑම එක කියන සම්මානේත් මට පිරිනමලයි අක්කණ්ඩි ගියේ.... ඒ මදෑ... ගෙවල් අයිතිකාරයනං මං දැක්කා හාල් මැස්සොයි අගුණ කොළයි එක්ක මං තම්බලා දීපු බිත්තරෙකුත් දාගෙන අමාරුවෙන් වාගේ බත් ටික ගිලිනවා... මොනවා කරන්නද කෑමක බීමක රහ නොදන්න කොට.. අනලා කටේ ඔබන්ටද පින්වතුනි...? කොහොම නමුත් අක්කණ්ඩිට යන්ට කලින් මගේ දුප්පත් කරමෙට හරි කෑම වේලක් දී ගන්නට පුළුහං උන එක මගේ හිතට ලොකු සංතෝසයක් නෙව...

ස්ථීර රස්සාවකට නොබැදී... මේ දවස්වල කාලේ ගෙවන්නේ ටෙම්පරි ජොබ් වලින් නෙව... ඒ කිව්වේ ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට... අතට අහුවෙන පොඩි පොඩි ජොබ් කටු කරන ගමන් වෙනදා වගේම කේන්දර වැඩත් හිමිහිට කරගෙන කීයක් හරි අතට හොයං ඉංගිරිසි කෑලෑසියටයි... කුකරි කෑලෑසියටයි යමින් එමින් තමා කාලේ ගත වෙන්නේ... ආ ඔව් ඔව්.. කියන්ට අමතක උනා නෙව... මාරයා තුමා ඔන්න දැන් අභිමානවත් කුකෙක් වීමේ අරමුණෙන් හෝටල් පාසලකටත් යන්ට එන්ට තියා ගත්තා... ඒකත් නැගලා යනවා... මේ කෝස් එක මාස හතරක් තියේ... ඒක අහවර කරලා සහතිකේ ගත්තොත් එයින් පස්සේ ආයේ තියෙනවා ඩිප්ලෝමාවක්.. හැබැයි ඒකනං තියෙන්නේ තනි කඩ්ඩෙන් නිසා මේ මාස හතර ඇතුලේ කොහොම හරි කඩ්ඩ වනා ගන්න පුරුදු වෙන්ට වෙනවා.. නැත්තං ඉතිං වැඩේ හබක්... ඒත් ඉතිං ඩිප්ලෝමා ඇලේ ගියත් ටිකක් හරි ගොඩ යෑමක් තියෙනවා නෙව... බලමු ඉතිං මත්තට මක්ක වෙයිද කියලා...

ඔන්න ඔහොමයි මේ දවස්වල ජීවිතේ... බැන්දට පස්සේ මක්කද වෙන්නේ කියලානං අහගන්ට වෙන්නේ බැන්ද එකෙක්ගෙන්ම තමා... :D

ඔව්වා දන්නවද ආයිබෝං මම... ඔන්න වැරදිලාවත් හෙට අනිද්දා බැන්දොත්නං එයින් පස්සේ මං කියන්නං ඒකත් කොහොමද කියලා...

හා හා මං ගියා... වැඩ තියේ කප්පරකට...

45 comments:

  1. තවත් කාලයකින් පබිලිස්ගේ අඩුව පුරවන්නට ..... :)

    ReplyDelete
  2. Ey uba bende nedda? Ara mada neti blog eka kiyola mama hita hitiye maraya bedala kiyala..... ;)

    ReplyDelete
  3. කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරිවුනා..ගොඩාක් දේවල් වෙනස්වෙලා වගේ..
    ජයවේවා..!!!

    ReplyDelete
  4. මාරයා අහල නැද්ද 80-20 න්‍යාය. ඒක හැම තැනකටම අදාලයි කියල කියන්නෙ. එකෙන් කියන්නෙ, රටක 20% ජනතාවකට තමා 80% මුදල් අයිති. ඉතිරි 80% අයිති 20% වන මුදල්. ඒවගෙ තමා ව්‍යාපාරයක උනත්, 20% වන සේවකයන් ප්‍රමානයක් ගන්නව, 80% පඩි මුදල්.
    ඉතින් කොළඹ 7 කට්ටියගෙ මිලදී ගැනීමේ හැකියාව ගැන නම් කියල වැඩක් නෑ............... ඒ වගෙම තමා යන කඩවල බඩුවල ගනන්.
    මොනව උනත් රස කෑමක් දීපු එක ගැනනම් සන්තෝසයි......

    ReplyDelete
  5. අක්කා ආයෙත් ඒවිද ???? අනේ මන්දා.....

    ReplyDelete
  6. උඹත් උත්සාක කරලා අර අක්කගේ තත්වෙට වරෙන්.. ඔය කුක් රස්සාවට පට්ට ඉල්ලිමක් තියෙන්නේ. ඕකෙත් එක එක ෆීල්ඩ් තියෙනවා. එකක එක්ස්පර්ට් එකෙන්ක් උනාම. බඩුම තමයි. ඔය ෆීල්ඩ් එක තොරාගත්ත මගේ යාළුවෝ ඔක්කෝම අද නම්බර් වන් චෙෆ්ලා. මෙහේ නෙමෙයි පිටරටවල.

    ReplyDelete
    Replies
    1. කුක් කියන්නෙ පට්ට තැනක්.හැබැයි අහක බලන් ඇගිල්ල කැපෙන්නෙ නැතිව ළුණු ගෙඩිය කපන්න ඕන හීනියට.

      Delete
    2. ළූණු ගෙඩියට " ඌයි මගේ රත්තරන් " කියල
      කියවෙන්නත් ඕනේ ..නැත්නම් කොච්චර හීනියට
      වේගෙන් කැපුවත් වැඩක් නැහැ ...

      Delete
  7. නියමයි නියමයි. මාරයා කෝකියෙකුත් වෙයි එහෙනං :D

    ReplyDelete
  8. බැන්දට පස්සේ තියන එකම පුරස්නේ මාරයෝ, ඉස්සර වගේ ඇඳේ දෙපැත්තෙන්ම බිමට බහින්න බැරිවීම.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඕනෙ දෙයක් උඩින් පනින්න අස්සෙන් රිංගන්න පුලුවන් යුද පුහුණුවක් තියෙන මනුස්සයෙක් කියන කතාවක්ද මේක!

      Delete
    2. මළා ! කාමරෙත් ලොකු කරන්න වෙයිද මන්ද ඉස්සරහට. මගේ ඇ‍ඳේ එක පැත්තක් තියෙන්නෙ බිත්තියට.

      Delete
    3. විනයක් ඇතිව හැදන මනුස්සයෝ කොට්ටෙන් එහාටවත් පනින්නේ නැනේ ඩූඩ්

      Delete
    4. පුහුණුවේම කොටසක් තමයි 'විනය තකාගෙන' කටයුතු කිරීම.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. එකනේ අපි උඩම තියල තියෙන්නෙ.

      Delete
    6. විකිල්ලේ සැප ගැනීමට නම් අප යට වී සිටිය යුතු මැය.

      Delete
    7. විචාරකගෙ කමෙන්ට් එකට හපන් ඩූඩ්ගෙ එක...හික්.!

      Delete
    8. එහෙනං මේ විචාරක තමා අර කොට්ටෙන් අනිත් පැත්තට පනින්ඩ බැරුව පල්ලමකට පැනලා තොප්පිය අරගන ඉස්කෝල හාමීට දෙන්ඩ ගිය ඉස්කෝල ගුරා

      Delete
    9. හික් හික් හික්

      Delete
  9. අර මඩිස්සෙ නිශාන් මලයගෙ තේක බීපු සීයට වෙච්ච දේ අක්කට නොවේවා.



    මං කියන්ට හදපු එක මාතලන් කියලනේ........

    ReplyDelete
  10. බිත්තියක් නැද්ද අහල පහල ඔලුව හප්පගන්න? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. උඹ ලංකාවෙ ඔස්ට්‍රේලියන් එම්බසියටවත් ගිහිල්ල අහල බලහං ඔය අක්ක යහතිං ගෙදර ගියාද කියල. මොකද ඔය කෑම ඒ මනුස්සයට ඇලජික් උනාද දන්නෑනෙ.

    දැ උඹ ඔය චෙෆ් වෙන්න ඉන්නෙ පබිලිස් ගොයිය වලකජ්ජ ගැහුවට පස්සෙද?

    ReplyDelete
  12. අඩේ අය්ය බැන්දාද? කාලෙකින් නේ මේ පැත්තෙ ආවේ කෝ පින්තූර?

    ReplyDelete
    Replies
    1. මේකි කියවන්නේ නැතිව කමෙන්ට් එක දාලා අතේ මාට්ටු

      Delete
  13. ලොකු පැලෑනක් හිතේ තියාගෙන වගේ සීරුවට වැඩේ කරන්නේ. අගෙයි අගෙයි.
    එක දෙයක් වැඩි කල් කරන්න බැරි ලෙඩේ ඔළුවට නොගැහුවොත් නම් හොඳයි :)

    ReplyDelete
  14. අන්තිමේ දී උඔත් බිසි වුනා ඈ....! :D

    ReplyDelete
  15. මාරයා අය්යත් බිසී වෙලා නොවැ......... කොහොමත් චෙෆ් කෙනෙක් වෙලා ලොකු හෝටලයක ජොබ් එකක් කරනකොට ඉතින් පොඩ්ඩක් අපිත් දන්නා කියන කෙනෙක් කියලා ඔය ටීවී එකේ එහෙම මුණ යනකොට කියන්න බරියැ....

    ReplyDelete
  16. හෆ්ෆටසිලි ! තත්තෙ ඒකද, එතකොට අර කට්ටිය අහසෙ හදපු මාළිගාවලට මක්කෙයි වෙන්නෙ.

    ReplyDelete
  17. කිරි කොස් කන්න බැරි අයත් ඉන්නවා එහෙනම්

    ReplyDelete
  18. මෙන්න ආදර්සෙට අරන් හැදෙනවනන් මිනිස්සු ...
    හැමදේටම දස්සයි...

    ReplyDelete
  19. ආ....අහන්න අමතක වුනා.අර අක්කා යන්න ඉස්සෙල්ල කොස් කිරුවේ නැතෙයි

    ReplyDelete
  20. මාරයාගේ පැතුමන් ඒ ලෙසින්ම ඉටුවේවා...

    ReplyDelete
  21. යකෝ මුං කියපුව මේ කොල්ලට

    ReplyDelete
  22. හැම ප්ලෑනක්ම එළකිරි වගේ සාර්ථක වේවා !

    ReplyDelete
  23. ඒ කියන්නේ තව ටික කාලෙකින් මාර මෙනු එකකින් select කරලා මාර කෑමක් කන්න පුළුවන් වෙයි

    ReplyDelete
  24. නරකද "මාර කෑම" කියල බිසිනස්‌ එකක් පටන් ගත්තොත්..??

    ReplyDelete
  25. හුකෑස්... එතකොට අර පැත්තෙන් කියවුනේ බොරුවක්..

    මාරයා තවම තනිඩකයි පිංවතුනි..

    උපාසකාම්මලාට තවමත් අයැදුම් කළ හැකිය..

    :)

    ReplyDelete
  26. තාම කටේ කිරි සුවදවත් ගියපු නැති පොඩි එකාටනේ මුන් කසාද බැන්දයි කියලා කතා හැදුවේ

    ReplyDelete
  27. අක්ක ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ පණිවිඩයක්වත් එවුවයි මාරයියේ?

    ReplyDelete
  28. අක්කා දැන් අයියගේ කැම කාලා එහේ කෑම නිකන් මොනාද කියලා හිත ඉත හූල්ල හූල්ල ඇති නේද?
    ඔය මාස 4න් 5න් ඉංග්‍රිසි ගොඩ යන කොරමයක් තීනම් මටත් කියලා දීපන්කෝ බං අයියේ. මං මේ දහ අතේ හොයනවා කඩු වනන්න හොද තැනක්..කෝ තාම නෑ..

    ReplyDelete
  29. සුභපතමි මල්ලියේ දිග ගමනක් යන්ට හැකිවේවා කියා.. බැරි කමක් නම් නැති වග දනිමි...

    ReplyDelete
  30. අනේ පව් අර අක්කා.හිත රිද්දන්න බැරි නිසා කෑම ටික කාලා එහෙම කියන්න ඇති.

    ReplyDelete
  31. බුද්ධියගේ කාටූන් එක දැන්නේ බොල මීටර් වුනේ. ප්ලෑන එල. මම නම් බං කඩුවෙල එකානේ. ඒක නිසා කිසි අවුලක් නෑ රැජිනගේ ආයුදේ (කඩුවෙල = කඩුව + එල)

    ReplyDelete