28 March 2013

බලු කමෙන්ට් දැමූ බ්ලොග් රචිකාවියකගේ දුක්බර කතා පුවත... එහෙම හැකර්ලා වාසනාවන්...



මෙන්න තියෙනවා කතාවක්...

ඔන්න ළමයි එකෝමත් එක රටක..එකෝමත් එක කාලෙක එකෝමත් එක බ්ලොග් ලියන්නියක් හිටියා. මේ බ්ලොග් ලියන්නිය බොහෝම දැන උගත් වැදගත් කෙනෙක් කියලා තමයි කියවන අපි හිතං හිටියෙත්.. ලියන එයා අපිට කියා හිටියෙත්. ඉතිං මේ බ්ලොග් ලියන්නිය බොහෝම සතුටින් සාමයෙන් තමුන්ගේ මේ බ්ලොග් එක කරගෙන ගියා.

අනේ බලන්න ඉතිං ඔය හැම පැණීවරකා ගහටම නැතත් ඉද හිටලා ඔය අතරින් පතර තියෙන වැල ගස්වලටත් හෙන ගහනවනේ.. ඉති මේ වැල ගහටත් ගැහුවා හෙනයක්... ඒ කිව්වේ.. අර දැහැමින් දෙසමින් බ්ලොග් එක ලියාගෙන හිටිය වැදගත් නෝනගේ බ්ලොග් එක හැක් කරලා තිබුනා නෙව නපුරුම නපුරු හැකර් කෙනෙක්.

ඉතිං ඔන්න බලන්න ඒ බ්ලොග් එක හැක් කරපු එකා කරපු දේ... ඒකා ගිහින් ඒ බ්ලොග් එකේ එකවුන්ට් එකෙන්ම තවත් ඒ එකෝමත් එක රටේ එකෝමත් එක කාලයේ බ්ලොග් එකක් ලියාගෙන හිටිය බ්ලොග් ලියන්නියකගේ බ්ලොග් පෝස්ට් එහෙක දානවා කැතම කැත කොමෙන්ටුවක්.  නිකං නෙවෙයි ඒ බ්ලොග් එක කරන බ්ලොග්කාරිනියවයි ඒකේම කොමෙන්ටුවක් දාපු තවත් බ්ලොග් එකක් ලියන එකෙකුයි එකට පටලලා කැතම කැත එකක් තමා... ඒක මහ බලු කොමෙන්ටුවක් කිව්වට කමක් නැහැ... එහෙම බලු වැඩක් කරන්න පුළුවන් බ්ලොග් එකක් හැක් කරන එහෙකුටම මිසක් අර වගේ ඇල්වතුරත් නිවලා බොන වැදගත් බ්ලොග් ලියන්නියකට නෙවෙයි කියලා අපිට තේරෙනවනේ නේද..?

ඉතිං මේ බ්ලොග් එක හැක් කරපු එකා ඒක හැක් කරලා කෙලින්ම ගිහින් දැම්මා අර වගේ කැත කොමෙන්ටුවක් අර අනිත් බ්ලොග් ලියන්නියගේ බ්ලොග් එකේ.

හැබැයි ඉතිං ඔය කොමෙන්ටුව දැක්කම ඒ ගැන කරුණූ හෙව්ව ඒ කොමෙන්ටුවේදී පටලෝගෙන හිටිය බ්ලොග් අයිතිකාරයා  ඉක්මනට එහෙට මෙහෙමට කැරකිලා තොරතුරු ටිකක් හොයාගෙන ඇවිත් ඒකෙම දානවා මෙන්න මෙහෙම...

හා ඉතිං මං ඕක ලියන්න යන්න ඕනයෑ.. මං දෙන්නංකෝ කතාවට අදාලව තොරණේ රූප රාමුවක්...



පේනවා නේද..?

දැන් ඔහෙලා හිතන්න එපා මේ රූප රාමු මේ ලස්සන සුරංගනා කතාවට අදාලයි කියලා.. ඕක නිකං ඒ වගේ එකක් කියලා අපි හිතමුකෝ. :D

හරි ඉතිං එයින් පස්සේ ඔය අවසාන කොමෙන්ටුව දාපු හාදයා එයාගේ මූණු පොතෙත් ගිහින් ඔය ගැන වහෙන් ඔරෝ කියලා හිනා වෙනවා.. මොකද අදාල කෙනා තමන්ට වැඩේ වැරදුනා කියලා දන්නවනං ඔය කියාපු හාදයා මොකද කරන්නේ කියලත් බලං ඉන්නවා කියලා දන්න හින්දා. 

අනේ ඉතිං ටික වෙලාවකින් ඔන්න මේ බ්ලොග් කාරිනිය තමුන්ගේ මූණු පොතේ මෙන්න මෙහෙම දානවා...



ඕක දකින මේ හාදයා තේරුං ගන්නවා රෙද්ද දුන්නම කපං මහං ඇදගන්න තමා මේ ගෑණු කෙනා ලෑස්ති වෙන්නේ කියලා... ඒ පාර මෑන් කියනවා “ඔහොම බැහැ තව කොහේ කොහේ හරි ගිහින් ඇනෝ කමෙන්ට් දාලා බනින්න ඕන කාට හරි.. එතකොටයි මේක ඇත්තටම හැක් කරලා “ කියලා අනිත් අයට හිතෙන්නේ කියලා...

අනේ ඉතිං අර බලු කොමෙන්ටුව දැම්ම බ්ලොග්කාරිනිය.. ආ වැරදුනා..ඒ බ්ලොග් එක හැක් කරපු පින්වතා... දුවලා ගිහින් දානවා තවත් ඒ එකෝමත් එක කාලේ එකෝමත් එක බ්ලොග් එකක් ලියාපු බ්ලොග් කාරිනියකගේ බ්ලොග් එකේ මෙන්න මෙහෙම...



පව් නේද..? තව ටිකක් හොයලා බැළුවම අදාල හැක් කලාය කියන ගිණූමෙන් ඔය බලු කොමෙන්ට් එක දාන්න ටික වෙලාවකට කලිනුත් තම හිතවතුන්ට ඊමේල් ලැබිලා තියෙනවා වගේම ඒවා වෙනදා වගේම සාමාන්‍ය මේල් වගත් හොයා දැනගන්ට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අදාල බලු කොමෙන්ට් දාන බ්ලොග් කාරිණීය එක එක ඒවට වෙන වෙනම ඊමේල් භාවිතාවක් නොකරන වගත් එකම ඊමේලයකින් මූණු පොත පවා හසුරවන වගත් දැන ගන්නට ලැබුනා කියමුකෝ...

ආයේ ඉතිං එයින් එහාට හොයලා වැඩක් ඇතෑ... ඒ ටික අනුව අර මෑන් තේරුං ගන්නවා ගෑණිට කෙල උනා තමා කියලා... ඔය කියන ගෑණී කොහොමත් මේ මෑන් එක්ක හිටියේ ටිකක් අමනාප වෙලා... ඒකට හේතුව උනේ ඔය කියන බලුකොමෙන්ට් කාරි ආස්සරේ කරන කෙනෙක්ව මේ කියාපු මෑනුත් ආස්සරේ කරපු එකයි. ඒත් මේ බලු කොමෙන්ට් නෝනට ඒක රිස්සුවේ නැහැ මොකක් හරි හේතුවක් හින්දා. සමහර විට තමන් වගේ වැදගත් උගත් යැයි හිතං ඉන්න කෙනෙක් ආස්සරේ කරන්න ඕන තමන් වගේම පැලැන්තියක අය මිස අර මෑන් වගේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි කියලා වෙන්න ඕන. 

ඒත් ඉතිං අර මේ සිද්ධි එහෙකටවත් අදාල නැති කෙනා මේ බලු කොමෙන්ට් කාරි වගේ ඔළුව උදුම්මවගත්ත කෙනෙක් නොවන හින්දා මිනිස්සුන්ගේ ලොකු පොඩි කං නොබලා ත‍මුන්ගේ හිතවත්කං තියාගත්තා. මේක මේ බලු කොමෙන්ට් නෝනට රිස්සුවේ නැති  හින්දා කිහිප වතාවක්ම ඒ ගැන පරල වෙලා එක එක දේවල් කලා උනත් ඒ එකක්වත් හරිගියේ නැති කේන්තියට මෙහෙම බලු කොමෙන්ට් එකක් දැම්මාය කියලා මෑන් තේරුං ගත්තා. ඒ වගේම එයින් එහාට එලව එලවා ගහන්න යන්නෙත් නැතිව ඔහේ බලං හිටියා මොකද වෙන්නේ කියලා...

ඔන්න එයින් ටික දවසකට පස්සේ එක එක දේවල් අර එකෝමත් එක රටේ..එකෝමත් එක කාලයේ බ්ලොග් සමාජය තුල සිද්ධ වෙනවා. එයින් එකක් තමා අර මෑන්ටයි... තවත් කෙනෙකුටයි මඩ ගහලා බ්ලොග් එහෙකින් පොස්ට් එකක් එහෙම දාන සීන් එක එහෙම. මෑන් තවත් බලොග්කාරිනියක්වක්ව බැන්දා කියලා මඩක් ගහන ගමන් මෑන්ට වගේම මෑන් බැන්දාය කියන ගෑණු කෙනාටත් හිතේ තියෙන ලොකු වෛරයකින් බැණ අඩ ගහන විදියට තමා පෝස්ටුව වැටුනේ...

දැන් ඉතිං ඒ මඩ බ්ලොගය කරන්නේ අහවල් බලු කොමෙන්ට් නෝනා සහ තවත් එකෙක් එකතු වෙලාය.. වගේ කතා කියන්න යන්න ඕන නැහැ. ඒවා ඒ කාලයේ හිටිය බ්ලොග් කාරයෝ තේරුං ගනීවි... අපි ආවේ කතන්දරයක් කියන්නනේ... අපි කතාව කියමු...

ඉතිං කොහොම හරි මේ හුට්ටපරේ සිද්ධ උනාට පස්සේ අදාල බලු කොමෙන්ට් නෝනා තමුන්ගේ බ්ලොග් එක ලියන එක නැවැත්තුවා. ඇත්තනේ.. එයා කියපු හැටියට දැන් ඒක හැක් කරපු බ්ලොග් එකක්නේ. එකේ කොහොමද පොස්ට් වැටෙන්නේ.. මොකද අර හැක් කරපු එකාට වෙන වැඩ නැද්ද ඕකට පෝස්ට් ලිය ලිය ඉන්නවට වඩා.

කොහොම හරි මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ එක්තරා දවසක මෙන්න නැවතත් අර හැක් කරපු බ්ලොග් එකේ බ්ලොග් පෝස්ට් එකක් වැටෙනවා. හැබැයි ඒක ලියන්නේ අර හැකර්නං නෙවෙයි... අර බලු කොමෙන්ට් එකක් දාන්න ගිය නෝනම තමා... ඔන්න ඕක දකිනවා මෙච්චර දවසක් වැල යන්නේ කොයි අතටද කියලා බලං හිටිය මෑන්... ඒ කිව්වේ අර මඩ ප්‍රහාරයට  ලක් උන බ්ලොග් කාරයා.

අන්න එතකොට ඒ මෑන්ගේ හිතට එනවා මෙන් මේ වගේ ප්‍රශ්න ටිකක්...

මංනං ඒ යකාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නේ නැහැ පින්වතුනි.. බලන්න ඔහෙලටවත් ඒවට උත්තර දුන්නැකිද කියලා...

*බ්ලොග් එකක් හැක් කල අයෙක් එකී බ්ලොගයට කිසිදු හානියක් නොකොට.. (එහි එතෙක් තිබූ පෝස්ට් මකා දැමීම/ වෙනස් කිරීම/ අසභ්‍ය හෝ වෙනත් අයහපත් අන්දමේ පෝස්ටු දැමීම/බ්ලොගය මකා දැමීම වැනි දේ..)
එකී ගිණුමෙන් ගොස් වෙනත් බ්ලොග් දෙකක පමණක් බලු කමෙන්ට් දෙකක් පමණක් දැමීම විය හැකිද..?

*එසේ කමෙන්ට් දෙකක් දැමීමට පමණක් බ්ලොගයක් හැක් කරනා හැකර්ලාත් සිටීද..?

*ඔක්කෝමත් හරි එයින් පස්සේ මාස ගානක් කිසිදු අන්දමක ක්‍රියාකාරකමක් අදාල බ්ලොගය  තුල සිදු නොකොට නැවත මාස ගාණකට පසුව සිද්ධියේ උණුසුම මැකී ගියායයි සිතා බ්ලොගය අයිතිව තිබූ කෙනාගේ රචනා ස්වරූපයට අනුව ලිපියක් ලියා පල කරයිද..? නැතහොත් නැවත බ්ලොගය අයිතිව තිබූ තැනැත්තියට බ්ලොගය සුරක්ෂිතව නැවත භාර දෙනු ලබයිද..? (හරිම ගුණ යහපත් හැකර් කෙනෙක් නේද..?)

*එසේ ගුණ යහපත් හැකර්වරයාගෙන් නැවත තම බ්ලොගය ලබා ගත් පසුව මෙතෙක් කලක් සිදුව තිබූ කරදරය ගැන වචනයක්වත් පැහැදිලි නොකර කිසිවක් සිදූ නොවූ ලෙසින් ලිපියක් පල කර කඩේ වහන්නට බ්ලොගය අයිති නෝනා කටයුතු කරයිද..?

අනේ මංදා ඔය ප්‍රශ්නවලට අර මෑන් ගාව වගේම මේ මං ගාවත් උත්තර නැහැ. එකෝමත් එක කාලයක එකෝමත් එක රටක සිද්ධ වෙච්ච මේ බ්ලොග් කතන්දරය කියවලා බලාපු ඔහෙලටම පුළුවන් වෙන්න ඕන මේ ප්‍රශ්න විසදන්න.

---------------
ප/ලි...

මොනවා උනත් ඌ හරි ගුණ යහපත් හැකර් කෙනෙක්... අනේ වාසනාවන්... :P

--------------
ප/ප/ලි...

අපි නොදන්න මොණරතැන්න...

258 comments:

  1. ඕන් බලන්ඩැ එකෙත් හැටි නැද්ද අයියා?
    මෙහෙම හැකර්ලා රටටම ආදර්සයක්..
    ඕං කිවා!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මලේ.. අපිට අහුවෙන්නේ නැහැ මෙහෙම ආදර්ශමත් හැකර්ලා.. අපිට එකෙක් අහු උනොත් ඌ පේ බ්ලොග් එකත් මකලා.. තව කුණු හරප ටිකකුත් ලියලා යයි...

      ඔව් ඔව් බොලා අද 1.. හිටහං කැරට් අලයක් තැපෑලෙන් එවන්ට.. :D

      Delete
  2. විළිලැජ්ජාවේ සං‍තෝසේ බෑ පිංවතුනි

    ReplyDelete
  3. අර හාදයා කවුද ඉතිං..

    උපාසක මහත්තයෙක් අහන ප්‍රශ්නයක් මාරයියේ.. මම නෙවේ ඕං ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. “වෙන කවරෙක්ද මම්ම වෙදෑයි“.. කියලා අර මෑන් කිව්වළු.. ඔන්න මමනං නෙවෙයි කිව්වේ...

      Delete
    2. හැබැටම කවුද ඔය මහත්තයා.... මොකක්ද ඒ ඇත්ති එක්ක තියන සහ සම්බන්දෙ.... දැනගන්න ලැබෙයිද?

      Delete
  4. අම්මෝ ඔය විදිහට එයා අපිවත් හැක් කොරයිද මන්දා

    ReplyDelete
    Replies
    1. බලාගෙන අටමෝ යකෙක් හැක් කලා වගේ තමා...

      Delete
    2. තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගන්න කියලා ඒ කාලේ ජේ.ආර්. ලොක්ක කිව්වේ ඔන්න ඕකට.

      Delete
  5. වෙලා තියන දේවල් අපි දන්නෙත් නැ මෙහෙම වෙලා කියලා... මොනවා උනත් පව් නේ.. එතකොට අරක ලියන්නේ මේ ඇත්ති ද?

    මෙහෙම ඒවාත් එතකොට වෙනවා නේද? සාදු කියන්න පින්වත..........

    ReplyDelete
  6. මොකක්ද බන් මම මේ කියෙව්වේ

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩාක් ඒවා මීටර් උනේ තුන් හතර පාරක් කියවලා.. උබත් කියවපන් අය්යන්ඩ්

      Delete
    2. හෙහ් හෙහ්..ආයේ මුල හිටං කියවහං හිමිහිට...

      Delete
    3. ඒ උනාට මට හුඟක් ඒවා තෙරෙන්නෙ නෑ . අන්න බලපන් අපි අනුන්ගෙ ඒවා නොහොයන එකේ විපාක. හෙක් හෙක්

      Delete
    4. පැය දෙක තුනක් යද්දී කොමෙන්ට් හරහා පැහැදිලි වෙයි..හිටු ඉවසලා.. :D

      Delete
  7. මෙහෙව් පට්ට සීන් අල්ලා ගන්න බොලාම ඉන්න ඕනි මල්ලි ! මතකද ඉස්සෙල්ලා සීන් එක අර කුනුහරුප ලිව්ව එකා...
    ඔන්න ඕකයි මන් නම් අදහන්නෙ වැරදි වැඩක් කලොත් ඒකට ස්වභාවධර්මයෙන්ම හම්බ වෙනවා පනිශ්මන්ට් එක කියලා..ආන්න ඒ වගේ දැන් ඔය අම්මණ්ඩිගෙ රෙද්ද ගලවිලා තියෙන්නෙ...හලේ..පවූඌඌඌඌඌ !

    ReplyDelete
    Replies
    1. :D

      වෙනී අයියත් එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක එක්සිබිසන් බලන්න වගේ ගියානං ඔය කියන කෙනා හම්බවෙලා ලොකු ටෝකක් එහෙමත් අහගන්න තිබුනා.. කෝ ඉතිං වෙනී අයියා එකෝමත් එක කාලෙක හිටලා නැහැනේ... :D :D :D

      Delete
    2. අනේ ඔව් මල්ලි ඔය කියන එකෝමත් එක කාලෙක එකෝමත් එක එක්සිබිශන් එක මට මිස් උනා නොවැ.. :-D
      අර නමේ ටිපෙක්ස් ගාලා මකලා තියෙන්නෙ අකුරු දෙකක් විතර දුර නොවැ මලේ...හක හක හක...

      Delete
    3. අපරාදේ අයියා..අයියා ඉන්න තිබුනේ මේ කාලේ නෙවෙයි..එකෝමත් එක කාලේ.. ෂෙහ්...

      :D :D :D

      Delete
  8. හික්ස්... මාරයියටමයි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හා හා මට නෙවෙයි... මේ එකෝමත් එක කාලෙක එකෝමත් එක කතාවක එහෙකුට වෙච්ච දෙයක් බං... :D

      Delete
  9. මේක කියවල මට පොඩි කාලෙ මතක් වුනා මාරෙ අයියා... ඉස්සර අපි හොරට නිදාගෙන ඉන්නකොට හොර අල්ලන්න අම්ම හරි තාත්ත හරි කියනව ඇත්තටම නිදාගෙන නම් ඉන්නෙ දැන් කකුල හොල්ලන්න ඕන කියල... ඉතිං අපිත් හරක් වගේ කකුල හොල්ලල චාටර් වෙනව... පව් අර බ්ලොග් අයිතිකාරිට... ආහ් වැරදුනා, හැකර්ට පොඩි කාලෙ එහෙම අත්දැකීමක් ලැබිල තිබුන නම් ඔහොම චාටර් වෙන්නෙ නෑනෙ...

    අන්තිම ප්‍රශ්න වලට නම් මටත් උත්තරයක් හිතාගන්නවත් බෑ බන් අයියෙ.. හරි අමාරු ප්‍රශ්න...

    ReplyDelete
    Replies
    1. මටත් ප්‍රශ්න අමාරු හින්දනේ මං මේ බොලාට දැම්මේ...


      සහතික ඇත්ත...අර පොඩි කාලේ කතාව තමා මෙතනත් උනේ..

      Delete
  10. මොන හැක්ද බන්..හැක් කරන්න හිතන තරං ලේසි නෑ.. සේරම බොරු ...

    ReplyDelete
    Replies
    1. ඒ අයහපත් චේතනාවෙන් හැක් කරන්න ගියොත් බං අමාරු... මෙහෙම සද්භාවයෙන් යුතුව හැක් කරන අයට ඕවා සිම්පල්..ඒකනේ හැක් කරලා ආපහු දීලත් දාන්නේ බ්ලොග් එකට අබමල් රේණූවකවත් අවුලක් නොකර...

      Delete
  11. අනේ මන්ද බං මේ මිනිස්සුන්ට මොනව වේගන එනවද කියල...
    ඉතාම සීමිත, සිංහලෙන් බ්ලොග් ලියන පිරිසක් අතරෙත් මේ හිත් අමනාපකං ඇති කරන්නේ - තාවකාලිකවවත් සතුටක් ලැබෙනවද මන්ද :-(

    ReplyDelete
    Replies
    1. නානාත්ත කායා... නානත්ත සඤ්ඥා... බොලාගේ අර පරණ දිරාපු මීටර් කෝදුවෙන් හැම එකාම මනින්න බැහැ බොල... :D

      Delete
    2. ඒ කිව්වෙ තිස්ස අයියගේ මීටර් කොදුව දිරලා ද?:D

      Delete
    3. හා හා ඔය කතාව වැඩි දුර ගෙනියන්න එපා.ඔය මනුස්සයගේ කෝදුව ඔහෙ තීද්දෙන් පාඩුවේ... ඒක දිරලද ගෙවිලද කියලා හොයන්න ගිහින් තියෙන කෝදුවත් නැති නොකර... :D

      Delete
    4. ඒ උනාට මට තියෙන්නෙත් තිස්ස අය්යාගේ ප්‍රශ්නෙමයි මේච්චර ලොකු සයිබරයේ කොච්චර පොඩි කොටසකද සිංහලෙන් ලියන් උන් ඉන්නෙ උනුත් එහෙම ලියන උන්ට අරින කොට අනේ මන්දා .....

      Delete
    5. මචං කොහොමද බ්ලොග් ලියනවට සල්ලි එහෙම දුන්නං , අම්මෝ අපිව ගෙවල් වලට ඇවිත් මරලා යයි

      Delete
    6. උඔත් අනිත් එවුන්ගේ කටවල් මහලා එබ්බ්‍රොයිඩර් කරයි...... අනේ පලයං අටං :D:D:D:D

      Delete
    7. menna sahabagi wenna obina sanwade . . . "thissa ayiyage dirapu meter koduwa"

      Delete
    8. ඉරිසියාව කියන දේට සීමිත පිරිසක් මොකටද තිස්සයියා.. දෙන්නත් ඇතිනෙ...

      වැඩිය ඕනනෑ.. මයෙ ලොක් එකීට මොනවත් ගෙනියන්න බෑ පොඩි එකීට නැතිව.. පොඩි එකෘට මොනවත් දෙන්න බෑ ලොකු එකීට නැතිව...

      ඕවා සාමාන්නියයි... ඒවගේම තාවකාලිකයි...

      Delete
    9. ඕනේ උඹට කිව්වැයි කියල හිතා ගනිං :-)

      ඒවනං මේ "6/4" හරියට නොදන්න පොඩි දරුවෝ අතරනේ තනෝජා නංගී
      මේ රටේ තොටේ භාරදූර වෘත්තීන් කරන උදවිය නෙව මේ දෙකේ කොලේට වැටිල ඉන්නේ

      Delete
    10. @බුද්ධි...
      අනේද කියන්නේ..එහෙමනං බලා ගන්න තිබුනා අටමගේ වැඩ කිඩ...

      @ඕනයා
      තිස්ස අයියා අළුත් කෝදුවක් සල්ලිවලට හරි ගන්න හොයනවයි කියන්නේ...

      Delete
    11. මොනව කරන්නද තිස්ස අයිය... ඔහොම අය අතරෙ තමා අපිට ඉන්න වෙන්නෙ... වෘත්තියයි මෝඩකමයි දෙකක්... වෘත්තිය ලැබෙන්න අධ්‍යාපනෙන්නෙ.. අධ්‍යාපනේ ඉහළට ගිය හැමෝම බුද්ධිමත්තු කියල කියන්න බෑනෙ.. එක එක වෙලාවට පිස්සු නටනවානෙ... මෙලෝ අධ්‍යාපනයක් නැති උන් මේතරම් මෝඩකම් කරන්නෙ නෑ මට හිතෙන විදියට...

      වින්දනීය මනසක් තියෙන එකත් මේව හොය හොය යනවනෙ මන් අහන්නෙ.. මෙච්චර කල් සද්ද නැතිව ඕනෙ එකක් කියාගන් කියල හිටපු එකා.. බයේ බෑ අප්පා... :) (කලින් කමෙන්ට් එකට උත්තර නුදුන් තරහට)

      Delete
    12. ඔව් ඒක හරි.. අර 'රතු රජරට'ත් කියන්නාවාගේ මේවා ගැන කථා කරන එක තේරුමක් නැති දෙයක් එක අතකට තනෝජා..

      Delete
    13. @තනෝජා අක්කා...

      මොනවා කරන්නද වින්දනීය මනසට මේවත් ඒවාට හරියන ආකාරයට වින්දනය කරන්න ඇහැකි නෙව...

      @තිස්ස අයියා...
      රත්තා එහෙම කියන්න හේතුවක් තියේ... :D

      Delete
    14. මේ
      අපි තිස්ස අයියගෙ මීටර් කෝදුව ගැන ටිකක් කතා කරමුද?

      Delete
  12. අනේ පලයන් මාරයා.... මාතෘකා නැත්තං නිකං හිටපන්.... චරිත ගාතනය කොරන්නෙ නැතුව‍

    ‍(අප්පා මෙන්න ‍ඹරිමජිනල් පොපයිල් එකෙන් පබ්ලිස් වුනා)

    ................
    ඇත්තට මේ කව්රු ගැනද කියලා තියෙන්නෙ කියලා හොයාගන්න අමාරුයි. කොහොම වුනත් කෙටි නමක් තියෙන කෙනෙක් නේද‍? ඔය සුදු පාට අයින් කරලා නම මතුකරගන්න පුලුවන් හැටියට පොටෝසොප් මෙව්වා එක සංවර්ධනය කරන්න කියලා මම ඇඩෝබ් කට්ටියට යොජනා කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. එකෝමත් එක කාලෙක හිටිය එකෙක්නං කිව්වේ ඒ අකුරු දෙක ඉංගිරිසි අකුරු දෙකක් කියලයි... එකක් ටිංකර් ටියන්න කිව්වා.. අනිකනං අනේ මංදා...

      අපරාදේ ඇනෝ කමෙන්ට් එක බොලාගේ... :D

      Delete
    2. දැන් බ්ලොග් ලියන අයව අපි අදුනාන්නේ නැනේ ඉතින් කොහේ අපිට මීටර් වෙන්නද?

      Delete
    3. @මාරයාගේ හෝරාව

      TG නේ ද කෙනා???

      Delete
  13. දෙපාරක්ම කියෙව්වා.... මැදක් වෙනකන් කතාව තේරිලා ආයේ නොතේරී ගියා... අනේ මන්ද!!

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නෙත් නැහැ අප්පා.. එහෙවු එකේ ඔයා කොහොම තේරුං ගන්නද.. :D

      Delete
  14. කවුද මේ බ්ලොග් කාරීනිය.

    මාරයා අයියගේ ජිවිතේට මුන ගැසුන දෙවනි ඇනෝ ක්‍රමෙනට් ප්‍රශ්නය වෙන්න ඇති නේද ? මතකද මීට කලින් Wordpress අඩවියක මමත් සෙල්ලමක් දාන්න ගිහින් අතේ මාට්ටු උනා. මට මේ ලිපිය කියවනකොට ඕක මතක් උනා :D :D

    මම නදුන්

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ උඹ තාමත් ඉන්නවද මලේ...

      මං මොකද මතක නැත්තේ බොට වෙච්ච හරිය... :D :D :D

      Delete
    2. දැක්ක කල් බන් උබව.... අර අපිත් දා ගත්තේ එක වලියක්... ඔය වලිය නිසානේ මාරයා තාම ඉතින් කතා නැත්තේ.......

      Delete
    3. @දේවා ගේ අඩවිය he he

      ඇයි මගේ බ්ලොග් එක දැකලා නැද්ද මාත් බ්ලොග් එක ලියනවා තවම මගේ බ්ලොග් එක මේක http://blog.anusha.us මට ඉතින් තවම බ්ලොග් ලියවිල්ල අත අරින්න හිතෙන්නේ නෑ. ඒ උනාට ඉස්සර බ්ලොග් ලියපු අයගෙන් ‍බොහොම ටික දෙනයි දැන් බ්ලොග් ලියනවා දැකලා තියෙන්නේ. ඉස්සර බ්ලොග් ලියපු අය වගේ නෙමෙයි දැන් ලියන්න එන අය ඒ අය ගොඩක් ‍වෙනස් ගති ගුන.

      Delete
    4. සිරාවටම දැක්කේ නැනේ... ඇවිත් යන්න එන්නම්කෝ........ ඉස්සර උන්න අය නම් මම දින්නෙත් කීප දෙනයි.. සමහර ය ලියන්නෙම නැනේ..


      අනිවා එක නම් ඇත්ත

      Delete
    5. anusha.us

      ඇයි අනේ අපි එච්චර නරකද

      Delete
    6. @අටම්පහුර
      ++++++++++++++++++++++

      Delete
    7. ඔන්න මම නං ඉස්සර බ්ලොග් ලියාපු කෙනෙක් :D

      Delete
    8. ඔන්න මමත් ඉස්සර(2010) ඉදන් ලියන කෙනෙක් :D

      Delete
    9. අපිනං ඉතිං හුජ්ජ කොල්ලෝ බ්ලොග් ලියන්න.මේ කියන මලදානයක් තේරෙන්න කියහල්ලකෝ.කොටු පුරවන්න දාන්නේ නැතුව.මේ සේරම කොමෙන්ටුවලින් පේන්නේ අලුත් එවුන්ට කෙළිනවා කියන හැගුම ම තමයි.

      Delete
  15. අනේ සුදු අයියේ ඔය ඇනෝ කොමෙන්ට් ඇන්ඩ් ඇනෝ බ්ලොග් කාරයෝ ගැන කතාකරනවට වැඩිය හොඳයි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන ඉන්න එක.මොකද කියනවා නම් අපිම තමයි කොමෙන්ට් කරලා ඔය සෙවෙන්ටිගේ පුතාලව ෆෝර්ම් කරන්නේ.අපි කොමෙන්ට් නොකරනවා නම් ඕකුන් ලොකු වෙන්නේ නෑ.නෙද්දකින් වැල පත්තර කාරයෝ.

    ReplyDelete
    Replies
    1. මානවක
      ++++++++++++++++++++++++

      Delete
    2. මටත් පුකෙනුත් හිනා මානවකගෙ කමෙන්ට් එක දැක්කම. සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ මානවක, ඔයා ඇනෝ බ්ලොග් කාරයොන්ට ඔහොම කිය කිය ඇයි අනේ අහිංසක කබ්බා කියල ඇනෝ බ්ලොග් එකක් ලියන්නේ? මාරයා රෙද්ද ගැලෙවුවේ එක ඇනෝ කාරයෙක්ගෙ උනාට පුක දෙන්න ඇවිල්ල උඹත් රෙද්ද ගලව ගත්තා නේද මලේ?

      Delete
    3. @සු දී ක / මානවක

      http://thekabba.blogspot.com/2013/03/lakafrance.html?showComment=1364542569415#c7571584327888434826

      :D :D :D

      Delete
  16. හ්ම් ... සුළු අනුමානයක් හිතට ආවා. දින වකවානු අනුව මම ගියා වැඩේ තව ටිකක් පැහැදිලි කරගන්න. අපිත් දැනගෙන ඉන්න එපෑය, සත්තු කව්ද මිනිස්සු කව්ද කියල. අනාගතේට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්නේ. (ඒ අතරෙ මෙන්න මෙයා කමෙන්ට් එකක නම වමාරල)

    අනේ මන්ද, මේ මිනිස්සුන්ට මොන යකෙක් වැහිලද කියල. කොහොම උනත් අනවශ්‍ය වැඩ කරන අයට කවදකහරි ඒක තමන්ටම පාරාවළල්ලක් වෙනව, කොහොම උනත් මාරයිය මේක දාපු එකත් හොඳා.

    ReplyDelete
    Replies
    1. මාත් ගියා මට මීටර් උනේ නැනේ,,,,,, අනේ කියපන්කො කවුද මේ කියලා දැන ගන්න

      Delete
    2. ඇයි බන්ස්ල ඔය මාරයගෙ තොරණේ රූප රාමුවලින් පළවෙනි එක දිහා හොඳට බලපං. මොකුත් මතක් වෙනවද? අනෙක පේන හැටියට නම කෙටියි, දැන් ඔය උපකාරක පදත් තියෙන්නෙ.

      Delete
    3. සන්තානම් මෑණියනේ...නයි කයිද රෝස් පාන් කිව්වලු...DDT උඹ දෙවියෙක් නෙවෙයි දේවාල සංකීර්ණයක්...අම්මපා

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. දෙයියනේ මානවක, එතන තව නමක් තියෙනව. එයාව එහෙම ගාව ගන්න එපා මචං. මමත් ඔය කිව්ව කෙනා ගැන දැනගෙන හිටියෙ නෑ. කියන හැටියට ඔය කියන දවස්වල බ්ලොග් ලිවිල්ල නවත්තල උණු උණුවෙම ආපහු ලියන්න පටන්ගත්ත කෙනෙක්ව හොයන්න. වැඩිය මහන්සි වෙන්න ඕන නෑ බං, ගූගල් දෙයියොම පිහිට වෙනව.

      Delete
    6. මම දැනුමෙන් සන්නද්ද වී පැමිණියෙමු...ඒ සත්වයා අපි දන්නා සත්වයා නොවේය....වෙන සත්වයෙකි...ජරා සත්වයෙකි(සතෙකි)...

      Delete
    7. මාරයෝ කට්ටිය වැරදි කොනෙන් අල්ලනවා වාගේ

      Delete
    8. පිස්සුද අටම් අයියා, තේරෙන සිංහලෙන් කිව්වෙ එතන තියෙන අනිත් නම නෙවෙයි කියල. අටම් අයිය හිතන කෙනා බ්ලොග් ලිවිල්ල එක දිගට කරන් ආවනේ පහුගිය කාලෙ. අනික නරියෙක් හාවෙක් ඇල්ලුවම කව්ද හාවා වැරදිකාරය කරන්නෙ. ඒක කිව්වෙ ඔය පාරෙන් ගියාම අදාල කෙනා හොයාගන්න ලේසි නිසා. මම නම් ඊයෙ රෑම ඔය කියපු බ්ලොග් එකටත් ගිහින් ආවා. නිකන් අහම්බෙන් ආවා කියල කමෙන්ට් එකකුත් දාලා. තාම ඒ කමෙන්ට් එක පබ්ලිෂ් වෙලා නෑ. කොහොම උනත් එහෙම වැඩ කරන මිනිස්සු ගැන දැනගෙන ඉන්න එක හොඳයිනේ. ඒ ඇරෙන්න ඉතිං මෙතන වැඩිය හිතට ගන්න දෙයක් නෑ.

      Delete
    9. මේකට දාගන්න තිබුනේ DDT කියල නෙවෙයි CID කියලා...

      Delete
    10. මාව එහෙම ඕවට ගාවගන්න එපා .. කැකිල්ලේ තීන්දුවට වගේ එකක් වෙයිද මන්දා

      Delete
    11. අනේ බං කියන @&*$ කෙළින් කියපල්ලකෝ.

      Delete
    12. @ බින්දි අක්කා,

      අනේ බින්දි අක්කේ ඔයාගෙ බ්ලොග් එකෙත් එහෙම කමෙන්ට් එකක් වැටිච්ච බව වත් මම දැනගෙන හිටියෙ නෑ. මාරයියගෙ පහළින්ම තිබුනු ස්ක්‍රීන් ෂොට් එක කාගෙ බ්ලොගේද කියල හිතාගන්න ක්‍රමයක් තිබුනෙ නැති නිසා. ඒක දැනගත්තෙත් මේ පල්ලෙහා කෙනෙක් දාපු කමෙන්ට් එකක් නිසා.

      kamalshMarch 29, 2013 at 7:29 AM

      කව්ද ඔයාව මේකට ගෑවුන කියල කිව්වෙ. මම කලිනුත් කියපු වගේ ආයිත් කියන්න තියෙන්නෙ නරියෙක් හාවෙක් ඇල්ලුවම කව්ද හාවා වැරදිකාරය කරන්නෙ. කොටින්ම මමත් ඔය කිසි මඟුලක් දැනගෙන හිටියෙ නෑ ඊයෙ රෑ මේක කියවද්දි නම්. ඒත් වටින් ගොඩින් එළිය වෙද්දි කව්ද කියල දැනගත්ත. මේ වෙනකොට නම් ඉතිං හැමෝම කවුද කියල දන්නවනේ. අනික ඉතිං ඒ හැටි වැඩක් ඇති දේකුත් නෙවෙයිනේ. හිත කරදරකරගන්න ඕන නෑ අක්කා, අල්ලල දාන්ට. (මමත් දැන් තේරුමක් නැතිව කමෙන්ට් කීයක් නම් කොටන්න උනාද මේ වැඩේ නිසා)

      @ නලීන් අයියා,

      මොකෑ. ඔයා තාමත් කමෙන්ට්ස් ටිකවත් බැලුවෙ නැත්ද.

      Delete
  17. නොතේරේ.
    කමෙන්ට් වැටෙනකල් බලා හිඳිමි :D

    ReplyDelete
  18. හෆූඌඌ බොල, මේ පරණ කතන්දරයක්නෙ. මම දුවං ආවා අළුත් එකක් වෙන්න ඕනෙ කියලා හිතාන.

    මේ... ඒක නෙවෙ, උඩින්ම තියෙන පින්තූරෙ නම් ගජරාමෙට මැචින්. මට හිනා ගියා. එමමයි. කපාපු පලුව, පියෝනාගෙ :D

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කතාව පරණ උනාට මෙයා.. ඊයේ කතාව අළුත් කරලනේ එකෝමත් එක කතාවේ එන ෆියෝනා අක්කි. ඉතිං මාත් අළුත් කරලා දැම්මා.

      Delete
  19. මමත් හවස් වරුවේ වැඩ නවත්තල යනවා මේ ඕපේ හොයන්න.... :D

    ReplyDelete
  20. ඔය ටිපෙක්ස් වගේ උලලා තියෙන්නෙ එක්තරා "ටූත් පේස්ට්" වර්ගයක් නේ ද...?

    ReplyDelete
    Replies
    1. T & G කියන "ටූත් පේස්ට්" වර්ගය වගේ නේද සුමිත් අය්යේ ..:D

      Delete
    2. උඹල‍ා දෙන්නගේ මොළ දෙක දාන්ඩ ඕන ඇලේ

      Delete
    3. මොළ එක්කම උන් දෙන්නවත් දාලා නාවලා ගත්තනං තවත් හොදා... :D

      Delete
  21. අනේ වාසනාවන් එහෙම හැකර් කෙනෙක්නම් අපේ ඒවත් හැක්කරාට කමක් නෑ නේද අප්පා.......?

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද.. එහෙම කෙනෙක් අපිට ඉන්නවනං මං පාස්වර්ඩ් දිලම හැක් වෙනවා.

      Delete
  22. තේරුනේ නැත... තේරුම් නොගෙන සිටීමද වඩා හොද?

    ReplyDelete
    Replies
    1. ලොකුම විජ්ජාව ගැලවිජ්ජාවයි.

      Delete
  23. මාරයියෙ, තව කතාවක් කියන්නකෝ

    ReplyDelete
    Replies
    1. එහෙම ආවට ගියාට කිව්වැකිද බං කතන්දර කියන එව්වා.

      Delete
  24. අපොයි මේක කියවලා මගේ ඔලුව රිදෙන්න ගත්තා උදේ පාන්දර . :D

    ReplyDelete
    Replies
    1. ඔන්න හිරු අඹලා කරනවැඩ

      Delete
    2. ගිමා - බොරු ලෙඩ අරගෙන මෙතනිනි පයින්න නේද යන්නෙ..... ඔහොම ඉන්ඩයි කිව්වෙ ඉන්වෙස්ටිගේසන් එක ඉවර වෙනකල්

      Delete
    3. අනේ එයයි මමයි කරන ඉන්වැස්ටිගෙසන් ඔය දැන් ඉන්නෙ උතුර දකුන මාරුවෙලා වැරදි වචනයක් පිටවෙයි කියලා බයේ ....හරි බොරුද මම කියන්නෙ ?

      Delete
    4. තේරුනේ නෑ.... ලොකූ මොකද්ද උඔ කියන්නෙ කියහංකො දැං :D

      Delete
    5. බුද්ධියා උඹ “ආම් ෆක්ස් මෝල්ඩර් එෆ් බී අයි ඒජන්ට්“ වෙලා ගිමා වගේ පිට සක්වලයෙක් මේකට සැක කරන්නද හදන්නෙ.

      Delete
    6. @ බුද්ධි මම ගිම් ගැන කියුවේ මේ කතාවට සම්බන්ද දෙයක් නෙමෙයි මම ඉතින් හැම බය නැතිව කොක්කක් දාගන්නෙ එයත් එක්ක විතරයිනේ මේ දවස්වල එයත් එක්ක මට කොක්කක් දාගන්න බැරිව උන්නේ මම බැලුවේ මේ කතාව අස්සේ කොක්කක් දාගන්න කෝ මේ ගිම් තාම ඇවිස්සිලා ආවේ නෑනේ (ඒ උනාට අපේ වලි හරි ජොලි වලි මේ වගේ වලි නෙමෙයි )

      Delete
    7. අනේ ඇත්තමයි ජෝන් අයියා ඔය ගිම් අක්කව වලියකට ඇද ගන්න බෑනේ මොනා කරලවත්..එයා අයිස් වතුරත් නිවලා බොන්නේ...

      Delete
    8. ඒකනේ බට්ටියො තාම මෙකටවත් මුකුත් කීවෙ නෑනෙ මම හිතන්නෙ සිල් අරගෙන

      Delete
    9. මාත් එක්ක වලි දාගන්න ඕනෙ අය එන්න එෆ් බී එකට ඕනෙ තරම් වලි දාගමු .

      …අනේ ඉතින් මට කියන්න තියෙන්නෙ ඔක්කොටම මේ මම වගේ පිට සක්වල ජීවියෙක් වගේ ඉන්න කියල . එතකොට ඔය ප්‍රශ්න මුකුත් නෑ . D

      Delete
    10. හික් හික් FB එකේ නේද ... මටනේ FB ගැන කියන්නේ

      Delete
  25. :o @අන්ද මන්ද වී

    ReplyDelete
    Replies
    1. ??? මෙච්චර පැහැදිලිව ලියලා තියෙද්දිත්...

      Delete
  26. Replies
    1. අනිච්ඡං දුක්ඛං අනාත්මං කිව්වළු...

      Delete
  27. අනුකම්පා සහගත ආදරණීය හැකර් කෙනෙක්.. අලි ඔඳා

    ReplyDelete
    Replies
    1. ඔඳාදත් අහනවා... හරි සුවිට් හැකර් කෙනෙක්...

      Delete
  28. මෙන්න මේකේ තියෙනව එයාගෙ වැඩ

    http://nelumwila.blogspot.com/2012/11/blog-post_17.html

    TG 23 November 2012 01:54
    This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඒ වැඩ දැන් මකලා හින්දා පෙන්නුම් කරන්නේ නැහැ.. ඒත් තොරණේ රූප රාමු මං ගාව සුරක්ෂීතව තියෙනවා...

      Delete
  29. අගක් මුලක් නොතේරේ මාරේ..

    ReplyDelete
    Replies
    1. යකෝ පත්තරකාරයෙක් නේද මෙහෙම කියන්නේ... වහාම කිරියාත්මක වෙන පරිදි ඔය රස්සාවෙන් අහක් වෙලා කුඹූරු කොටාපිය... :D

      Delete
  30. @ නට් ලූස් වී... මොලය කචල් වී........

    ReplyDelete
  31. මට හිතෙන්නෙ මාරය ඔය වැඩේ කලා කියල...

    ප/ලි.. අනේ මාරයෝ මගේ එක එහෙම හැක් කොරන්ට එහෙම එපා ඕන්.. මම අහිංසකයි රටක් වටී....

    ReplyDelete
    Replies
    1. පිස්සු දොඩෝනවා..මාත් මේ එහෙම එකෙක් හොයනවා මගේ එක හැක් කරවගන්න.

      Delete
  32. අනේ සෝයි හැකර් කෙනෙක්‌.

    ReplyDelete
  33. කවමදාවත් මිනිස්සුන්ව ගොඩාක් කල් රවටන්න බෑ... කොයි වෙලේ හරි පනිනවා... මේ පළවෙනි අවස්ථාව නෙවෙයි නේ... මේ දවස්වල හිට් වෙච්ච මාතෘකාවක් ගැන මට මාට්ටු වෙච්ච දේකුත් තියෙනවා... මෙහෙම දිග ඇරලම දානවද, එහෙම නැත්නම් නොකියම ඉන්නවද කියලයි මම මේ කල්පනා කරන්නේ.... :D :D :D

    ReplyDelete
    Replies
    1. අනේ දාහංකෝ ඒකත්

      Delete
    2. ආ මේ උබේ ඇත්ත එක නේද ?

      Delete
    3. //කවමදාවත් මිනිස්සුන්ව ගොඩාක් කල් රවටන්න බෑ... කොයි වෙලේ හරි පනිනවා//

      අන්න ඒකනං කාට කාටත් අදාල වෙනවා. මොනවා උනත් පහුගිය දවස්වල මේ කුණු ගොඩත් උඹේ කරඋඩින් ගිය වගත් මං බලං උන්නේ. ඒත් ඉතිං ඒවටත් හේතු තිබුනා. උඹම සමහර තැන්වල වැරදීමෙන් වගේ දාපු කමෙන්ට් තිබුනනේ ඔය ගැන.

      Delete
  34. අනේ ඔය වගේ වාසනාවන්ත හැකර් කෙනෙකුට මගේ බ්ලොග් එක හැක් කරල පොස්ට් දෙක තුනක් දාන්න කියහංකො.

    ReplyDelete
    Replies
    1. අන්න හැක් කරනවනං බ්ලොග්...ඌට වහ බොන්න හිතෙයි.

      Delete
    2. අර එකම පෝස්ට් එක තියන එක නේද මාරේ.

      Delete
  35. මේ මොන හුන්නස්ගිරියක්ද බං? මට දැන් හැම එකීවම සැකයි ඩෝ. බලපං උඹ කරපු වැඩේ!!!!!!!!!!!!!! :D

    ReplyDelete
    Replies
    1. මටත් ඒ සන්තෑසියම තමා දැන් වෙලා තියෙන්නෙ.. :D

      Delete
    2. හෙහ් හෙහ්... දීපා අක්කා බ්ලොග් ලියන්නේ නැහැ නේද හොද වෙලාවට..?

      Delete
  36. හයානකයි හයානකයි.. මධුවිතක් විශ බඳුනක්

    ReplyDelete
    Replies
    1. ලෝකයේ හෙලිදරවු උන දුෂ්ඨයින්ට වඩා සැගවුන දුෂ්ඨයින් වැඩියි සරත් අයියා...

      Delete
  37. අපේ රස්සාව තමයි investigation. මේවා අර පොලි දෙපාර්තමේන්තුවේ කරන ඒවා වගේ නෙවෙයි. අපේ පරිඝනක පද්දති වල ඇති වෙන ගැටළු වලට පිළිතුරු හෙවීම. අපිට ලොක්කෝ දෙන්නෙක් ඉන්නවා. එක ලොක්කෙක් ප්‍රශ්ණයක් ඇති වුණාම එයාගේ උත්තරයක් හිතේ තියාගෙනමයි සාකච්චාවට එන්නේ. අනිත් ලොක්කා කරන්නේ අපෙත් එක්ක කතා කරලා විය හැකි සිදු වීම පිලිබඳ අපි දෙන අදහස් වලින් හොඳම කෙලවර අල්ල ගන්න එක. මේ දෙදෙනාගෙන වඩා සාර්ථක කවුද කියල නිකංම තේරෙනවනේ.

    ඔන්න මේ ගැටලුවට මුහුණ දීපු එකෝමත් එක රටක හිටිය මහත්තයා අපේ අර ප්‍රශ්ණේට උත්තරය හිතේ තියාගෙන ඉන්නවා විතරක් නෙවෙයි මිතුරු වෙසින් පෙනී ඉන්න ඇත්ත ගේම දීපු කෙනාටත් කියනවා තමන්ගේ සැකය. එතකොට අර ගේම දෙන කෙනා කරන්නේ අර මහත්තයා සැක කරන එකට උපරිම ප්‍රසිද්ධිය ලබා දෙන එක.

    මේ ප්‍රශ්නෙදී කතා දෙකක් තියෙනවා. එකක් අර නෝනට දාපු කමෙන්ට් එක. අනික අලුත් බ්ලොගක් ඇටවීම. මම කියන්නේ ඔය අලුතෙන් අටවපු එක ගැන. ඉතිං අපේ මේ මහත්තයා අරෙහෙම තමන්ගේ හැතිරිව සක කරන එක සාධාරණයි. නමුත් සැබෑ සැකකරුවා කරන්නේ අර සකකාරිගේ එකවුන්ට් එකට යන්න වැඩේ දෙනවා. මෙතැන එයාගේ බලාපොරොත්තුව කාටවත් හානිදායක නෑ. මුදල් ඉපයීම අවසාන අන්තය ගත්තොත්. නමුත් අපි වගේ අයගේ එලි දැක්වීම නිසා එයා ටිකක් පහු බැහැලා ඉන්නේ. මෙතන කමෙන්ට් අතරෙත් එයා ඉන්න පුළුවන්. පුළුවන් නෙවෙයි අනිවාර්යෙන්ම ඉන්නවා.

    මම මෙතන ඉන්න අයට පොඩි උපදෙසක් දෙන්නම්, බ්ලොග් ලියන අයත් එක්ක තමන්ගේ පුද්ගලික දේවල් වැඩිය කියන්න යන්න එපා. ඒවා පස්සේ එලියට එනකොට එන්නේ පැටව් ගහලා. මොකද මොන වගේ මානසික අසහන කාරයෝද මෙතන ඉන්නේ කියලා අපි දන්නේ නෑ. ඕනෑවට වඩා අරක මේක හොයන ය ගැන පරිස්සම් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම කලින් උඹෙන් පරිස්සං වෙලා ඉන්න වෙයි වගේ... :D

      Delete
    2. සුදිකගේ කතාව සම්පුර්ණ ඇත්ත.

      Delete
    3. සහතික ඇත්ත. දැන් මොක ලියන්න ගියත් දාහක් දේවල් හිතන්න වෙන නිසා ඉස්සර වගේ නිදහසක් නැහැ වගේ .

      Delete
    4. Bindi ne a wede kare.. dan methana boruwata comment karata.

      Delete
    5. \\මම මෙතන ඉන්න අයට පොඩි උපදෙසක් දෙන්නම්, බ්ලොග් ලියන අයත් එක්ක තමන්ගේ පුද්ගලික දේවල් වැඩිය කියන්න යන්න එපා.\\\

      පැහැදිළිවම.....

      Delete
    6. @Dinusha...

      වරද්දලා අල්ල ගන්න එපා බින්දි නෙවෙයි මේ කියන කෙනා.. හැබැයි බින්දිගේ එකේ තමා අර පස්සේ ගිහින් “දන්න උලව්වක් ලියාගෙන හිටපං අම්මණ්ඩි“ කියලා කොමෙන්ටුවක් දාලා ගිහින් තිබුනේ.

      Delete
    7. මන් හිතුව කවුරු හරි පොට වැරැද්ද ගනී කියලා . මේ වගේ උලව් ලියද්දි ගෙඩිය පිටින්ම නම් ගම එක්ක ලියනවා නම් මන් කැමතියි . බ්ලොග් අවකාශයේ අද වෙද්දී තේරුම් ගැනීමට ඇති හැකි අයගේ තරම අනුව මේක කැකිල්ලේ රජතුමාගේ තීන්දුව වෙලා මාව එල්ලයි කියලා මට හිතුන නිකමට .

      Delete
    8. මාරේ උඹයි වැරැද්ද කළේ. මේ පෝස්ටුවත් එක්ක උඹලගේ සම කාලිනයෝ නියම තතු දන්නවා ඇති. ඒත් ඔය කාල දෙක අතර ඉන්න උන් බින්දිවත් සැක කරන්න ඉඩ තියනවා.වහෙං ඔරෝ නැතුව කෙළින්ම කියපන්කෝ නං එක දෙක හෝ කස්ට්ය කවුද කියලා.

      Delete
    9. එකනේ නලින් . එච්චර කල් සිද්දියක් නෙමේ . නමුත් බ්ලොග් දෙකේම අදාළ කොටස් මකලා නිසා නොදන්නා අයට අවුල් ඇති . කෝ මේ යෝදයා ..

      Delete
    10. ඔය කියන නම කෙලින්ම නැති වුනත් මෙතන කියවිලා තියෙනවා.

      Delete
    11. බින්දිව විතරක් නෙමෙයි. මේකා මෙහෙම දාලා දෙන්නෙක් මගෙන් අහනවා අර හිරු ගැනද බං අරු කියන්නේ කියලා

      Delete
    12. ඔව් අරුන් දෙන්නා දත් හිටං මැද්දා

      Delete
  38. අනේ බං කුණු අවුස්සන්නෙ නැතුව හිටින්.මේවා අවශ්‍ය දේවල්ද?

    ReplyDelete
    Replies
    1. උගේ බ්ලොග් එකේ ඌට ඕනෙ ඒව ලිවුවම උඹට පාංද?

      Delete
    2. ඕං ඕං ඉතිං රත්තා පිට පාරේ යන්න හදනවා.

      උඹට මතක නැහැ මට අමතක නැහැ :D :D :D

      Delete
    3. @අපට පිස්සු ඕයි.
      මාරයාගේ බ්ලොග් එකේ මගේ කොමෙන්ට් එක මට ඕන හැටියකට දාපුවාම බොට බනිස්ද?

      Delete
  39. බලමු මේකට ගූගල් අංජනම් දෙයියන්ට කියල

    ReplyDelete
    Replies
    1. කෝකටත් දෙයියා..ගූගල් දෙයියා...

      Delete
    2. පොරත් ෆොන් එක ඔෆ් කරලා ජෝතියෝ

      Delete
  40. සමාව ඉල්ලීම සහ සමාව දීම කියන එකට අපේ සමාජය හුඟක් පැකිලෙන නිසයි ප්‍රශ්න දුර දිග යන්නේ .

    ReplyDelete
    Replies
    1. ඕකට කියෙන්නෙ මහන්තත්තෙ කියලනේ

      Delete
    2. @බින්දි අක්කා...

      සමාව දීම කරන්න පුළුවන් කෙනෙක් වරදක් උනා කියලා පිළිගත්තනං හෝ ඒ වරද ආයේ නොකරන බවක් පේන්න තියෙනවනං.. එහෙම නැතිව මට අරින්න ඇවිල්ලා පස්සේ මාට්ටු උනාට පස්සේ හෙමිජ්ජා වගේ සද්ද නැතිව ඉදලා ඒ මදිවට තව බලු වැඩත් කර කර අන්තිමට ඇවිත් සුදනා වගේ පෙනී ඉන්න කොට අනිත් පැත්තට අරින්නේ නැතිව නවගුණ වැල ගණින්නද අක්කේ..? එහෙම කරන්නත් තිබුනා මේ අපි වගේම දෙකයි පනහේ එකෙක් උනානං. එහෙම නැතිව ලොකු එක දීගෙන අපිට අරින්න එද්දී මොන නවගුණ වැල්ද අප්පා.

      අනිත් දේ තමා මම මෙතන දකින අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම වරදක් තමා මොකෙක් හරි වරදක් කලාම ඒක එලිපිට කියන එක ලොකු වරදක් විදියට දැකීම. ඒකෙන් වෙන්නේ ඌ හරි ඒකි හරි තව එහෙකුට ඒ වරදම කරන එක. අපි මහා ලොකුවට දූෂණය වංචාව පිටු දකින්න කතා කරන ජාතියක් වෙච්චි..ඒත් පෞද්ගලිකව ගත්තොත් සීයට අනූනවයක්ම හොරු. අඩුම ගානේ ළමයි ඉස්කෝලෙට දාගන්න හරි බොරුව කරන එවුන්. එහෙම නැත්තං වැඩ කරන තැන ලොක්කට කේලං කියන උන්. බස් එකේ ටිකට් නොගෙන යන උන්... ඕක තමා අපේ තත්වේ.

      Delete
    3. අනිත් කාරණාව තමා මට පෞද්ගලිකව ගහන්න ඕනනං ඒක වෙනම එකක්.. ඒත් මෙතනදී මට නෙවෙයි මෙයා වැඩිම හානිය කරලා තියෙන්නේ..මටනං ඔය මොන බලු කතාව කිව්වත් අවුලක් නැහැ. ගෑණු සීයක් එක්ක මාව පටලෝලා කතා කලත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මගේ ගෙදර ගෑණියෙක් නැහැනේ “තෝ කාත් එක්කද ගියේ“ කියලා අහන්න... මට ඕන දෙයක් කරන්න නිදහස තාම තියෙනවා.

      ඒත් මෙතනදී මේ කාලකණ්ණි ගෑනි අපහාස කලේ කොහේවත් ඉන්න ගෑණුන්ට... එකියක් බැඳලා බොහෝම සමාදානෙන් පවුල් ජීවිතේ ගෙනියන එකියක්. හිතලා බලන්න අක්කට කිව හරි සම්බන්ධ කරලා ඔය වගේ කතාවක් බ්ලොග් එකේ කමෙන්ට් එකක් හැටියට දැම්මනං..දරුවෝ ඉන්න අම්මා කෙනෙක් හැටියට කොයි තරං ඒක හිතට දුකක් දෙන දෙයක් වෙයිද..? මේ ගෑණීයෙක් තවත් ගෑණීයෙකුට අපහාස කරන්නේ..මට නෙවෙයි. මට කොහොමත් ආරක්ෂා කර ගන්න කියලා අමුතු සද්ගුණවත් භාවයක් නැහැ. ඒත් අනිත් පැත්තේ ඉන්න කෙනාට මට වගේ නිදහසක් නැති කෙනෙක්නං..? අනුමත කරන්න පුළුවන්ද..?

      Delete
    4. බහුතරයක් වැරැද්ද කරපු කෙනාට නෙවෙයි මහ ලොකු අපරාධයක් කලා කියලා චෝදනා කරන්නෙ වැරැද්ද හෙලිදරව් කල කෙනාට තමයි. අනිත් එක තමයි වැරැද්ඩ හෙලිදෑඅව් කලේ පිරිමියෙක් ගැනුකෙනෙක්ගෙ නම්...ස්ත්‍රී පාර්ෂවයම එන්නෙ රෙදි උස්සගෙන අර වැරැද්ද කරපු කෙනාගෙ සුදු හුණු ගාන්න..මන් කීවෙ මෙතන සිද්ධිය නෙවෙයි සාමාන්‍ය සමාජයේ බහුතරයක් සිදු වෙන ආකාරය !

      Delete
    5. ඉතින් ළමයා මන් කිව වාක්‍ය ඔක්කොම කියෝලා නැහැනේ .'' සමාව ඉල්ලීම '

      අනිවාර්යයෙන්ම මන් විරුද්දයි මඩ වලට .

      වෙනි ..'

      මට නම් ඕන නැහැ සුදු හුණු ගාන්න . සිද්දිය මුල ඉඳන්ම දන්නා නිසා මන් කියන්නේ වරදක් කළා නම් සමාව ඉල්ලලා සමාදාන වෙන්න හොඳටම කල් ඇති කියල .

      Delete
    6. පිස්සුද බින්දී එයාල එක පවුලක්

      Delete
  41. අනේ පල පල ඩෝ අර ඉංග්‍රීසි පන්තියට ගිහිං වචන දෙක තුනක් ඉගෙන ගෙන කෑමක් උයාගෙන පාඩුවෙ ඉන්නෙ නැතුව වැල් බයිල ගහනවා. වැඩ නැද්ද උබට??

    ReplyDelete
    Replies
    1. හුටා දාන්ඩ ගිය මුල්ම ඇනෝ කමෙන්ට් එක මගෙ එකෙංම වැටිලා :D

      Delete
    2. යකෝ මෙච්චර පැහැදිලි සිංහලෙන් කියලා තියෙද්දී ඔහොම අවස්ථාවල කරන්න ඕන දේ..තවත් මෙතන මක්කා කොරනවද..? දුවලා ගෙහුන් බුකියේ දාහං මගේ එක හැක් කරලෝ කියලා... :D:D:D

      Delete
    3. මාරයාගේ හෝරාව : +++++++++++++++++++++++++++++++

      Delete
  42. ////අනිත් දේ තමා මම මෙතන දකින අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම වරදක් තමා මොකෙක් හරි වරදක් කලාම ඒක එලිපිට කියන එක ලොකු වරදක් විදියට දැකීම. ඒකෙන් වෙන්නේ ඌ හරි ඒකි හරි තව එහෙකුට ඒ වරදම කරන එක. ////

    ++++++++++++++++++++++++++++++++++++++

    සිද්දිය ගැන කියන්න දෙයක් නෑ

    වරදාකාරයො ආරක්සා කරන මිනිස්සු තමා ලොකුම වරදකාරයො. උඹත් එයින් එකෙක්

    ReplyDelete
  43. ලියපු එකත් කියවා,රූපත් බලා, කොමෙන්ටුත් සියල්ල කියවූ පසුත් කිසිවක් ම මීටර් නොවීම.... හයීයෝ මම නම්....

    ReplyDelete
    Replies
    1. ඕව මචං බුදු නුවනින් විතරක් දකින්න පුලුවං දේවල්
      උඹ ඔන්න ඔහෙ හිටිය වගේ පාඩුවෙ හිටපං

      Delete
  44. මාස කීපෙකට කලින් රතු රජරට බ්ලොග් එකේ තිබුණු අදහසකට මම කියපු කතාවක් තමා මෙතනත් කියන්න තියෙන්නේ

    //...බ්ලොග් ලියන්නේ කිසියම් දැනුවත් භාවයකින් යුක්ත පුද්ගලයන් බැව් මාගේ පෞද්ගලික විශ්වාසයයි....//

    ආරම්භයේදී එහෙම අදහසක් මගේ හිතේ තිබුණත් එය වැරදි බවයි මගේ වැටහීම. අන්තර්ජාලය පිළිබඳ අවබෝධයක් ඇතුව විනා කිසියම් දැනුවත් භාවයකින් වගේම වගකීමක් ඇතුව බ්ලොග් ලියන්නන්ගේ ගණන බහුතරයක් නොව සුළුතරයක් කියලයි මගේ හැඟීම

    ReplyDelete
    Replies
    1. හසිත,

      චාමි එක දවසක් කිව්වා වගේ සිංහල බ්ලොග් අවකාශය කලින් තිබ්බේ විකෘතියක්. දැන් තමයි ප්‍රකෘතියට එන්නේ.

      අද සිංහල බ්ලොග් අවකාශය සහ ළිද ලඟ සංගමයක් අතර වැඩි වෙනසක් නෑ. මේක තමයි ප්‍රකෘතිය. ඒකට දොස් කියලා වැඩක් නෑ. :)

      Delete
    2. අතීතය ගැන වැඩි යමක් දන්නේ නෑ. ඒ වුනත් මාලන්ගේ කතාවට එකඟයි.

      Delete
    3. හසිත මොකක් අදහස් කරාද කියලා ම‍ට තේරුන් නැ

      Delete
  45. ඔළුව රිදෙනකන් කල්පනා කළා. පොඩි අදහසක්නම් ආවා.

    ReplyDelete
  46. මොන මළහත්තිලව්වක්ද මේ.... මම නම් හිතන්නේ එකෙක්ටවත් තේරිලා නෑ. ඒත් තේරුම් ගත්තා වගේ පෙන්නන්න නම් උත්සාහ කරලා තියෙනවා. මාරයගේ මල නම් මගේ මලටත් එහා ගිහින් තියෙනවා.

    අනේ ඉතින් මේ මට අවවාද කරපු එකානේ... ඉසසපං මයෙ අම්මා.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මේ මල හත් ඉලව්ව තේරෙන්නේ නෑ කියල උඩින්ම දැම්මේ.

      Delete
    2. උඹලා ටියුබ් ලයිට් නෙමෙයි , මර්කරි ලයිට් , නැ නැ ඊටත් අන්ත සෝඩීයම් ලයිට්

      Delete
  47. දැන් නම් ඉතින් මට කවුද කියලා කමෙන්ට් වලින් තේරිලා වගේ තියනවා... එත් ඔය කියන බ්ලොග් එකට මම ගිහින්ම නැද්ද මන්දා....

    මොකක්ද ඔය බ්ලොග් එක.. අනික අර කවුද මහතැන් කෙනෙක් ගැන කිවේ.... මොකක්ද එයාගේ සම්බන්දෙ...

    ReplyDelete
  48. මට තියෙන්නේ මේ කියන කෙනා එක්ක දේශපාලන ප්‍රශ්නයක් ඉස්සර මෙහෙම ලිව්වා මෙයා මට මතකයි
    //කෑදර උගත් ධනවත් අලුත් මැද පන්තියක්" බිහිවීම එක්ක සමහර සමාජ ආර්ථික ප්‍රශ්න මොනතරම් අපි ලඝු විදියට දකිනවද කිව්වොත් කැමති කෙනෙක්ට සල්ලි ගෙවලා ඉගෙනගන්න පුලුවන් වෙන්න ඕනේ කියන අන්තගාමී මතේට අපි ගිහින් තියේ//
    මෙන්න මෙහෙම ලියපු අය. සල්ලි ගෙවලා ඉගෙන ගන්න තහනම් කරන්න ඕනෑ කියල හිතන මානව හිතවාදී අය මේ අය.

    ReplyDelete
    Replies
    1. කෙළින් ම කියන්නකෝ උදිත මේ කතන්දර කාරයා ගැනද කියන්නේ.

      Delete
    2. ඇ නලින් එයා එහෙම කියුවේ කොතනද බං

      Delete
  49. ඇයි බං හත්තිලව්වේ මට තාම තේරුන්නැත්තේ...ඉඟි ආවට හිරි එකාව දැනගන්නකම් නින්ද යන්නෑනේ අෆ්ෆා.. ඕපයක් කිව්වොත් වෙන මොකුත් ඕනි නෑ අෆ්ෆා..

    ReplyDelete
  50. හරි මම කවුද කොහෙද ලිව්වේ හොයාගත්ත.... :D

    ReplyDelete
    Replies
    1. ඔයා ගැනද මේ ලියලා තියෙන්නේ

      Delete
    2. අනේ නෑ... මම බ්ලොග් ලියන එක නවත්තල සැහෙන්න කල්... අවුරුදු දෙකකටත් කිට්ටුයි

      Delete
  51. එක එකා එක එක ඒවා කියවනවා..
    නොදන්නම උන් ටික නම් කමක් නැහැ
    කියමු...

    ඒත් මේ සිද්දියේ පාර්ශව කරුවොත් එක එක
    ඒවා කියන්න පටන් අරන් නේද ...?


    සංසාරේ දිග්ගැස්සෙන වැඩක් මාරයියේ මේක ...

    ReplyDelete
  52. අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු|safety precautions for lightning.

    පින්වතුනි සියලු කුණු කන්දල් පසෙකට කර
    මෙවැනි අධ්‍යාපනික වටිනාකමක් ඇති ලිපියක්
    කියවීමට ගොඩවදින්න ...

    ( අඩේ මාරයියේ මේ සීන් අස්සේ මම ප්‍රොමෝෂන් එකක්
    කර ගත්තට කමක් නැහැනේ...)

    ReplyDelete
  53. Profile Not Available
    අපිට ඒකට යන්ඩ බැනේ

    The Blogger Profile you requested cannot be displayed. Many Blogger users have not yet elected to publicly share their Profile.

    If you're a Blogger user, we encourage you to enable access to your Profile.

    ReplyDelete
    Replies
    1. ඇයි සමියෝ මේ යන්නේ

      Delete
  54. සහන් උඹත් මරු ''කලදුටු කල ඉහපං වල''

    ReplyDelete
    Replies
    1. මේ වගේ වෙලාවට තමයි නහුතෙට හිට් වදින්නේ
      බන් ..ඉතින් යන්තන් ඔබා ගත්තා ..
      හිට් දෙකක් ආවත් සෙල්ලන්ද ...:D

      Delete
  55. අනේ මට මොකුත් මතක නෑ! මං බබා!

    ReplyDelete