මට මේ දැනුයි දැන ගන්න ලැබුනේ අද කාන්තා දිනේ කියලා... ඒකත් මේ අපේ බ්ලොග් ලියන්නියෙක් මතක් කොලාට පස්සේ... ඔය රටේ ලෝකේ දින තියෙන තරමට ඕවා මතක තියා ගන්න ඇහැකි මොන එකාටද..? අනික ඕවා මතක තියා ගත්තා කියලා අපිට මොනවා හම්බ වෙනවා කියලද..? අපි මතක තියාගන්න ඕන අපිට මොනවා හරි වාසියක් තියෙන දවසක් තියේනං අන්න ඒවා විතරයි.. හා නැද්ද හා.. කොටින්ම ඔය කාගෙන් හරි කෑමක් බීමක් සෙට් වෙන දවසක්..එතනින් ගිහාම කවුරු හරි අපෙන් ගත්ත ණයක් හරි ඒ ණයට පොලිය හරි ගෙවන දවස..ආන්න එහෙම එකක් මිස ඔය අනං මනං දින මතක තියා ගත්තා කියලා මොකාට වැඩක් ඇතිද..? කොටින්ම ඔය අනුන්ගේ උපන්දින අනං මනංනං අමතක කරන තරමට හොඳා... නැත්තං අතිං කයිට් වෙන වැඩ තමා වෙන්නේ.. අපේ උපන්දිනේ උනත් අමතක කලාට කමක් නැහැ එදාට පාටි දෙන්න වෙන කට්ටිය වැඩියි වගේනං... නිකං මොකටද මෙයාලා ඉල්ලං මාමයිට් ගාගන්නේ.. හා නැද්ද...?
හරි හරි උත්තරේ ඔව් උනාට එක පාරටම එහෙම කියන්න එපා... එහෙම උනොත් අනිත් උන් මං ඔය ගොනා මීමා සේ කියලා දාපු එකට මාත් එක්ක තරහා වෙනවට වඩා ඒකට අග අල්ලපු ඔහෙලව මරං වළදන්න බැරි නැහැ. ඒක තමා අළුත් සිස්ටොං එක...
රයිටෝ අනිත් කතා වැඩක් නැහැ අපි යං මාත්තුරුකාවට අදාලව කතා කොරන්න...
ඔව් අද මගේ මාත්තුරුකාව තමා...
කාන්තා දිනය අහෝසි කරනු..!
ඇයි..අවුල්ද..? දැන් නිකං කාන්තාවන්ට මාව දවල් කෑම මේසෙට තියන්න වගේ හිතෙනවද..? යන්න මෙයාලා යන්න... එක පාරට හිත්වලට ආවේග ආවට ඒවා පිටට දාන්න කලියෙන් ඩිංගිත්තක් හිතලා කල්පනා කොරලා බලන්න... මේ මාරයාතුමා කාත් එක්ක අවුල් උනත් කාන්තා පාරුසවේ එක්ක අවුල් නැහැ... කොටින්ම එයාලවත් දන්නේ නැහැ මං එයාලට කොයි තරං ආදරෙයිද කියලා... කොයි තරං ලෙංගතුද කියලා.. කොයි තරං මෙව්වයිද කියලා... ඒක දන්නේ මගේ මේ හිත විතරයි.. කොහේද ඔයාලට ඇහැකියෑ මගේ මේ හිත් පොජ්ජ මංදෝ කරන්න... එහෙම උනානං මං දන්නවා ඔයාලා මට උම්මා දෙන්න පොර කන්වා.. ඕ..යේෂ්.. ආයේ ඒකේ දෙකක් නැහැ...
ඉතිං එහෙවු මෙව්වා එකක් ඔයාලා ගැන තියෙන මංතුමා ඇයි මේ ඔයාලට තියෙන එකම දවසටත් කෙලින්න හදන්නේ..? ඒකනේ දැන් ගැටළුව නේද..?
හරි හරි ප්‍රශ්න තියා ගන්න එපා..මං දෙවා වදාරන්නං තිතටම කාරුනාව...
දැන් බලන්න ලේඩීස්ලා..ඔයාලා දන්නවා සෑම දේකටම විරුද්ධ තවත් පැත්තක් තියෙනවා... දැන් බලන්න දවාලක් තිබුනොත් රැයක් තියෙනවා... ඇත්ත කියලා දෙයක් තියෙද්දී බොරුව කියලා දේකුත් තියෙනවා... දැන් ඔය කසාදේ කියලා ගත්තම ඒකේ අනිත් පැත්තනේ මෙයාලා දික් කසාදේ කියන්නේ... එහෙම බැළුවම ඔය කොයි දේටත් තව පැත්තක් තියෙනවා.. දැන් මේ කාන්තා දිනේ කියලා ගත්තම ඒකේ අනිත් පැත්ත මොකක්ද..? ආයේ ඉතිං ඕක අහන්නත් දෙයක්යෑ.. පුරුෂ දිනේ නෙව...
දැන් ඉලන්න මෙයාලා එතකොට අවුරුද්දකට දවස්ම කීයක් තියේද කියලා... ත්‍රී හන්ඩ්‍රඩ් සික්සිටි පයිව්නේ මෙයාලා.. (හිටපියවු තව ඩිංගක් කඩ්ඩ හුරු වෙනකල්.. කොටනවා කඩ්ඩෙන්ම.. දැනට මේ ඇති..) එතකොට ඔය ගානෙන් ඔයාලගේ අර එක ඇරියම තව කීයක් ඉතිරිද මෙයාලා.. ත්‍රී හන්ඩ්‍රඩ් සික්ස්ටි ෆෝනේ මෙයාලා... එතකොට ඒ දින ටික කාටද අයිති... එකක් ඔයාලටනං ඔයාලට අයිති නැති ටික යන්නේ අනිත් පැත්තටනේ මෙයාලා... ඒක හරි වැරදියිනේ... එහෙම බැළුවම මේ කාන්තා දිනේ කියන එක වෙන් කිරීම තුලම ඔයාලට වෙලා තියෙන්නේ හෙන අසාධාරණයක්...
ඉතිං මෙයාලා ඔයාලාට බොක්කෙන්ම ආදරේ කරන එකෙක් හැටියට මට පුළුවන්ද මේ අසාධාරනේ තව දුරටත් උහුලං ඉන්න..මට බැහැ මෙයාලා මට බැහැ... මගේ හදවත පැලෙන්න එනවා... මේ මොන අපරාදයක්ද..? මං කොහොමද දෙයියනේ මේව දැක දැක ඇස් කං පියං ඉන්නේ...?
ආන්න ඒ හින්දායි මුළු ලෝකෙම මාත් එක්ක සටනට ආවත් මේ සටනට මං බහිනවා කියලා තීරනේ කලේ... වහාම කිරියාත්මක වන පරිදි කාන්තාවන්ගේ සම අයිතියට බාධා පමුණුවන.. කාන්තාවන්ගේ උත්තරීතර අයිතියට අපහාස කරන මේ කාන්තා දිනය නැමැති ලජ්ජා සහගත දිනය අද පටන් අහෝසි කරලා දාපියවු..!
කාන්තාවෝ වෙච්ච ඔයාලාත් දැන් ඔය ටීවී රේඩියෝවල ඔයාලාගේ දිනය වෙනුවෙන් කියලා උදේ ඉදන් පෙන්නන වෙලෙන්දන්ගේ වැඩසටහන් බලන එක නවත්තලා මේ මොහොතේ ඉදලා බහින්න මාත් එක්ක මේ සටන වෙනුවෙන් පාරට... යකෝ අවුරුද්දෙන් එක දවසක් විතරක් දීලා දැඩි අසාධාරණයකට ලක් වෙලා තියෙද්දී මොන ටීවී රේඩියෝද..? මොන සැමරුම්ද..? පපුව කකියනවා අක්කේ නංගියේ..නැන්දේ පුංචි අම්මේ... අපි මේක ලේසියෙන් අතාරින්න හොද නැහැ...
එහෙමනං දැන් ඔයාලා ලෑස්තිද කාන්තා දිනය අහෝසි කිරීම වෙනුවෙන් හඩක් නගන්න...?
එන්න හැමෝම එකට කියමු...
කාන්තා දිනය අහෝසි කරනු..!
අද මාරය ලිප්ටන් වට රවුමෙ කාන්තාවො පිරිවරාගෙන ඉස්සරහයින්ම කාන්තා දිනය අහෝසි කරනු කියන බැනර් එක උස්සගෙන යයි.
ReplyDeleteහැබැයි උඹ පිරිමිංගෙන් ගුටි කන්නයි යන්නෙ.
අඩේ කාන්තාවන්ට පමණයි පෝස්ට් එකේ එක වෙලා තියෙන්නෙ මංනෙ.
Deleteහරි ඉතින්... කාන්තාවක් තමා එක! ^_^
Deleteමොකෑ මන්දා අන්තිම හරියට එද්දි මතක් වුනේ විමල් ගොයියව... ;)
ReplyDeleteකොහොම හරි තුන් වේල උයා ගන්න පුලුවන් හින්දා හොඳා
ReplyDeleteනැත්තන් කැඳත් සුවර් නෑ:)
හැම දේකටම දෙපැත්තක් තියෙනවයි කියන ද්විකෝටික තර්කය දැන් අවුට් ඔෆ් පැශන්....දැන් හැම දේකටම හතර පැත්තක් තියෙනවයි කියන චතුස්කොටිකය කියන එක තමයි ෆැශන් එක..ඒක හිනදා 365 හතර දෙනෙක් අතර බෙදෙන්න ඕනා
ReplyDeleteකාන්තාවන්
පිරිමි
කාන්තාවන් හා පිරිමින් නොවන අය
එකවිට කාන්තාව්න් හා පිරිමින් වෙන අය
ඒකත් ඇත්ත අපි අවුරුද්දේ මාස12 හා මයියා කියපු කණ්ඩායම් 4න්'එක කණ්ඩායමකට මාස 3 ගනනේ බෙදල දෙමුද? එක්කෝ එකත් සමානුපාතික ක්‍රමේට ඉන්න සංක්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සලකල දිනා ගනන් බෙදල දෙමු
Deleteමයියා ++++++++++++!!!
Deleteමෙන්න දාර්ශනිකයෝ..... ++++++++++
Deleteමේ අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර තවත් ගස් තිබේද...? :D
Deleteමේ ගැන නං මාරේ මං ලිපි දෙකක්ම දාල තියනවා.. පොඩ්ඩක් ගොඩ වැදිලා බැලුවනං.
ReplyDeleteඉංග්‍රීසියෙන් දාපන් මාරයට දැන් සිංගල අමතකයි
Deleteඔව්වොව්... ඉන්ගිරිසියෙන් ලියහන්... දැන් ඌට සිංහල බෑ...
Deleteතව මාසෙකින් විතර කොරියන් වලින් හරි කමක් නෑ.
Deleteමේ විදියට බැලුවම අපි නිදහස් දිනය වගේ දේවලුත් අහෝසි කරන්න වෙනවා . එතකොට හැමදාම නිදහස්.පෝය දවස මොකටද ඒකත් අහෝසි කරමු හැමදාම පින් කරන එක වලක්වෙන්නේ මේ එක දවසක් පෝය දාපු එක.
ReplyDeletemomo ban ada ubata wela thiyenne..mama dekka pitakotuwe station eka issaraha board ekak ellan innawa :)
ReplyDeleteඔක්කොම දින ටික අහෝසි කරව් නෙවේ කරපියව්..!!!
ReplyDeleteඅපිට සෙට් නොවන කෙල්ලන්ගේ දිනය සාතිශය ලෙස හෙලා දකිමු!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අපි එහෙනම් කාන්තා මාසයක් කියලා එකක් දාමු....
ReplyDelete"මැයි පලෙවනදා" කාන්තා ශෝක දිනය හැටියට නම්කොරමු.....
ReplyDelete++++++++
Deleteතියෙන්නෙත් එක දවසයි ඒකත් අහෝසි කරපියව් ලු... ඊටවඩා නරකද තව මාසයක් දෙකක්වත් එකතු කරල දුන්නනම්?????
ReplyDeleteඑක දවසක් දීලා තියෙද්දි අයිතිවාසිකම් කියලා ඔච්චර උඩ ගියානං මාසයක් දෙකක් දුන්නොත් කොහොමට තියෙයිද?????????
Deleteඔන්න ඔය වැඩිය හිටහ්නේ නැතුව අද ගෙදර යද්දී අනුන්ගේ වැටකින් හරි කමක් නැහැ මලක් කඩන ගිහින් හාමිනේට දෙන්න . මේ මන් කිව්වේ හාමිනේලා ඉන්න උදවිය . එක දවසක් මොකටද 365 ම ගන්න කියන්නේ අද වත් විශේෂයක් කරන්න කම්මැලි කම ...නැද්ද
ReplyDeleteමාරයගෙ මාර අදහස!
ReplyDeleteඑහෙම නෙමෙයි මචෝ අර ජාත්‍යන්තර නිවාස වර්ෂෙ යෝජනා කල ප්‍රේමදාස මහත්තයා වගේ, උඹත් ජාත්‍යන්තර කාන්තා වර්ෂයක් වගේ එකක් යෝජනා කොලා නම්... කෙල්ලෝ ඔක්කෝම දේවි උම්මා පොරො හැලෙන්න.. කොහොමද කුරුඳුවත්තේ නෝනලා මාරයා වට කරගෙන උම්මා දෙනකොට, කොක්ටේල්, කොන්ෆරන්ස්, චීෆ් ගෙස්ට්... අනේ මට මැවිලා පේනවා... මාරයා රතු වෙලා ඉන්න හැටි...
ReplyDeleteකාන්තා දිනය අහෝසි කරනු..! චංගුමී දිනය සමරව්...
ReplyDeleteබහිමු බහිමු පාරට.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එහෙනම් අපිටත් දවස් 364ක්ම තියෙනවා :)
ReplyDeleteමාරයත් කඩු කාරය වෙච්ච එකේ... මේකත් ලියලම දානව...
ReplyDelete" a question for all husbands... which day is not women's day..? "
දැන් මේ උඩින් අදහස් දක්වලා තියෙන්නේ කාන්තාවොමද....
ReplyDeleteකොහොම උනත් කමන්නෑ, පහත විඩියෝව බලන්න. ඔබට සිනහ වෙන්න නොවේ. සත්‍ය තේරුම් ගන්න.
http://www.facebook.com/photo.php?v=261079724026210&set=vb.100003725540741&type=2&theater
කාන්තාවන්ගේ දිනේ අයින් කලොත් ඉතිං ඒකෙ කරදරෙත් අපටමනේ.
ReplyDeleteඑක දවසනේ... ඔන්න කමක් නෑ
ReplyDeleteA great read.www.ycdress.com www.dressesforbest.co.uk
ReplyDeleteමෙන්නෝ මාරයා කඩ්ඩ දාන්න පටන් ගත්ත ගමන් සුදු අක්කලා ස්පෑමුත් කරනවා. :P
Deleteතරහ ගන්න එපා මන් fake frofile එකෙන් අවට මේවගේ වටින ලිපියක් ඔබට මග හැරෙන්න පුළුවන් හින්දයි යොමු කරන්නේ, මේකේ ඔයාගේ නමත් තියෙනවා කියව්වහම හිතෙයි ඔයත් යම්දුරකට කොටස් කාරයෙක් නේද කියල මේ ලිපිය කියවල බලලා තෙරුන් ගන්න අනෝලට ඉඩ නැතත් ඔයාලගේ කල්ලියෙන් පිට යටත් අදහස් දක්වන්න ඉඩ දෙන්න http://anonymousaya.blogspot.it/2013/03/blog-post_9.html
ReplyDeleteමාරයා ගෑනුන්ට කඩේ යැයි කියල ඇනොලා ලියන්න ගනීවි බොල මේවා දැකලා.
ReplyDeleteඔයාට වගේ හොද මොලයක් කාටවත් නෑ අනේ.. මටත් පස්සෙනේ අසාදාරනේ තේරුනේ.. අපි සටන් කරමු අඩුම ගානේ අර කඩ්ඩෙන් කිව්ව දින ගාන පොඩ්ඩක් වෙනස් කරගන්න.
ReplyDeleteප.ලි.. මටනම් හිතුනේ එකදවසක්වත් නැති ඔයාලට ඉරිසියා හිතිලාදවත් කියලා. :D
මොනවද මාරයෝ... කාන්තාවන්ට පමණයි, කාන්තාවො වෙනුවෙනුයි කියල, තියෙන එකම දිනේත් අහෝසි කොරන්න හදන්නෙ... මාරයගෙ මාර ගැටනෙ මෙව්වා... hiks..
ReplyDeleteලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත
eka danwasane ban
ReplyDelete