01 April 2013

කාරුණීක නිවේදනයයි..!

කල් දමා ඇති බව පවසා සිටී.


අදට නියමිත මෝඩයාගේ දිනය වඩාත් ප්‍රයෝජනවත් හා පලදායීතාවයෙන් යුතු දිනයක් කර ගැනීම වස්, එහි නාමයේ සුළු වෙනසක් සහිතව (ඒක වචන නාමය බහු වචනයට හරවා ඇත) මසක කාලයකින් ඉදිරියට කල් දමා ඇති බවත්, අද දිනයට නියමිත ප්‍රකාශ නිකුත් කිරීම හා ඒ හා සහ සම්බන්ධ ක්‍රියාකාරකම් මෙම අප්‍රියල් මස පළමු වැනිදා නොව අදින් මසක් ඉක්ම ගිය තැන එළඹෙන මැයි පලමුවෙනිදාට යොදා ගන්නා ලෙසත් සිරි ලංකා පොරජාතන්තරික “සමාජවාදී“  ජනරජයේ පාලක පක්ෂය හා ඒකා බද්ධ විපක්ෂ සමුළුව ඇතුළු සියළුම දේශපාලන පක්ෂ නායකයින්ගේ එකමුතුව විසින් කරුණාවෙන් දැනුම් දී සිටී.

මෙයට
එකී එකමුතුවේ මාජ්ජ ලේකං
මාරයාතුමා වන මං...
(හරි හරි සියළුම මෝඩයින් නියෝජනය කරමින් තමා..ඒකට මං ඇර වෙන කවුද සුදුස්සෙක් ඉන්නේ මේකේ.. )

20 comments:

  1. ඒකා බද්ධ එකේ ඒකා කිව්වේ මොකා ගැනද ?

    ReplyDelete
    Replies
    1. ඇයි අර රනිල් ලොක්ක අටව ගෙන ඒකා බද්ධේ . එජාපයයි + බස් එකක සෙනඟ (බස් කීවේ වයිකින් එහෙම නෙවේ , රෝසා )

      Delete
  2. හුරේ!!!! මෙන්න අපිට තවත් දවසක්!

    ජයවේවා!!!!

    මාරයාට ජ.... (හුටා එහෙම උනොත් අර එක පාරක් වගේ මාරයා රජ කොරයිද දන්නෑ)

    නෑ.. නෑ...

    අපේ දවසට ජය වේවා!!!
    මාජ්ජ ලේබම්ට ජයවේවා!!

    ReplyDelete
  3. මාලිගෙ උපන්දිනේට සුබ පතන්න එහෙනම් තව මාසයක් බලන් ඉන්න වෙනවා !

    ReplyDelete
  4. නරකද ඔය දවසට අපේ ඡන්ද සේරම පැවැත්තුවොත් .

    ReplyDelete
  5. ඡන්ද පවත්වන සහ ප්‍රතිපල නිකුත් කරන සැම දවසක්මත් මෝඩයාගේ දවස තමයි.

    ReplyDelete
  6. මාරයියේ සුභ උපන් දිනයක් වේවා! කෝ බං අපිට කේක්?

    ReplyDelete
  7. උඹ එහෙනං බහුතර වැඩකරන ජනතාව ගොනාට අන්දන්නයි යන්නෙ නේද?

    ReplyDelete
  8. අද මාරයියගේ උපන් දිනේ කියලා මේ කස්ටිය කිව්වා..කෝ මමත් ආවා කේක් කන්න..සැක් කෝ එකත් කල් ගිහින්නේ...අපිටමයි වෙන්නේ...

    ReplyDelete
  9. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ ඒක නෙමේ...මම බ්ලොග් එකත් වැහුවා ඕයි.. වැඩක් නෑ :/

      Delete
  10. මැයි 01 මාරයාගේ දිනයක් විය හැකියි. චිකාගෝ නුවර ලේ විලක් කර කම්කරුවන් මරා දැමුවේ එදිනයි. නමුත්, එක්සත් ජාතික නිදහස් සන්ධානය (ශිලනිප+එජාප) ට නම් බොහෝ දවස් අප්‍රේල් 01 ම විය හැකිය.

    ReplyDelete
  11. ජ්‍යාත්‍යන්තර කම්කරු දිනේ කෙසේ වෙතත් ලංකාවෙ කම්කරු දිනේ අප්‍රේල් පළමුවෙනිද සැමරුව නම් වඩා අර්ථවත් තමා.

    එකාතකට දේශ හිතෛශීන්, ජාති හිතෛශීන්, කම්කරු නායකයො, පොදු ජන සේවකයො, දූරදර්ශී නායකයො පිරිච්ච මේ රජය යටතෙ මාරයිය වගේ මනුස්සයෙක් ඔහොම ප්‍රකාශයක් අදවගේ දවසක කිරීමම කොයිතරම් අපූරුද?

    ReplyDelete
  12. මැයි පලවෙනිදා සමරන්න වෙනමම එකක් තියනවා නෙව බං . . . ලෝක කාන්තා ශෝක දිනය

    ReplyDelete
  13. කියල වැඩක් නැ...ඕන මැන්ටල්..

    ReplyDelete
  14. Aa ela ela.
    Thanks kiwwa danuwath karaata!

    ReplyDelete
  15. අපිට අපි ගැන ආඩම්බර වෙන්න තියෙන දවසටම තමයි මුනුත් කෙලින්නේ :)

    :P

    ReplyDelete
  16. ඇයි බං මමත් ඉන්නෙ

    ReplyDelete