10 April 2013

පොලිස් කාරයින්ටත් සද්දේ දාන මාරයා...

මෙහෙම හිටියට මම නැහැනේ ඔය එක එකාට බය වෙන්නේ... ආයේ ඉතිං අම්මේ මුත්තේ කිව්වත් වැරැද්ද දුටු තැන ඕන එහෙකුට ඒක පෙන්නලා දෙන්න බය වෙන්න ඕන නැහැ හරිය..? එව්වා මේ අපේ උපතින්ම එන ගති ලක්ෂණ... මැරුවත් කාටවත් ඒවා නැති කරන්න බැහැ... 

ඔහෙලට කියන්න, විස්සාස කරනවනං විස්සාස කරන්න..එහෙම නැත්තං ඒත් විස්සාස කරන්න මං මේ ඊයේ හවහත් පොලිස් කාරයෝ එහෙකුට නෙවෙයි දෙන්නෙකුටම උන් කරපු වැරැද්දක් පස්සෙන් එලෝලා ගිහින් සද්දේ දාලා පෙන්නලා දුන්නේ... ආයේ ඉතිං උන් නෙවෙයි මීක් කිව්වේ.. මීයෝ දෙන්නා වගේ කරපු වැරැද්ද පිළිගත්තා... ඒ විතරක් නෙවෙයි කියන සුනංගුවෙන් ඒ කල වරද හදා ගත්තා... ආන්න එහෙමයි අපි... වැරැද්ද දුටුවද බය නොවී ඒක කියලා දානවා...  ඒ කියන තාලෙට පොලිස් කාරයෝ උනත් දඩ බඩ ගාලා තමුන්ගේ වැරැද්ද හදා ගන්නවා... අන්න වැඩ...

දැන් බලන්න මෙයාලා... ඔයාලා හෙන ටෝක් දුන්නට මං වගේ බය නැතිව... ඔහොම පස්සෙන් එලෝලා ගෙහුන් පොලිස් කාරයින්ට උන්දලා කරන වැරැද්දක් පෙන්නලා දෙයිද මං අහන්නේ..? නැහැනේ...

ඇයි ඒ..?

ඔහේලා බයයි නෙව.. සික්.. අභිමානවත් බ්ලොග් කාරයෝ හැටියට ඔහොම බය වෙලා ඇහැකිද..? අනික මේ බ්ලොග් ලියන කියන අයගෙන් කී දෙනෙක් මූණු පොතේ ඉන්නවද..? එහෙවු එකේ අහවල් එහෙකට බය වෙනවද..? මූණු පොතේ තමුන්ට කියලා ගිණූමක් තියෙන කිසිම ලාංකිකයෙක් මොන බල්ලෙකුටවත් බය වෙන්ට ඕනයෑ..? නැහැනේ...

හරි මං මේ මං ගැන පොර ටෝක් දෙනවා කියලා හිතන්න එපා.. ඒත් ඉතිං අමුතුවෙන් නොකිවුවට තමුන්නාන්සේලා දන්නවනේ මයේ හැටි.. ඔව් ඔව්.. ආයේ ඉතිං මහසෝනටවත් බයක් නැති එවරෙඩි පොරක් තමා... නැත්තං ඉතිං මේ සිරිලංකාවේ පොලිසියේ එහෙකුට හරි වැරැද්ද කියා දෙන්න යනවද පණට ආදරේ තියෙන එකෙක්.. එක පොලිස් කාරයෙක්නං තව කමක් නැහැ..දෙන්නෙකුටම..? ම්හූ..මං හිතන්නේ නැහැ.. තමුන්ලානං කවදාවත් කරයි කියලා...

හෙහ් හෙහ්... අන්න ඒකටත් එක්ක මංතුමා... පස්සෙන් එලෝලා ගෙහුං කියා දුන්නේ..හරිය..පස්සෙන් එලෝලා... නාවල ඉඳන් නාරාහේන්පිට කිට්ටුවට එනකල් එලෝලා ගෙහුන් වරද පෙන්නලා දුන්නේ නිකං සිංහයෙක් වගේ... අන්න ආදර්සෙට ගන්නවනං දේවල්...

හා හා දැන් ඉතිං ඔහෙලා බලනවා ඇති මොකක්ද මේ මං මේ පොලිස් කාරයෝ දෙන්නෙක් යන බයිසිකලයක් පිටු පස්සේ මගේ බයික් එකෙන් එලෝගෙන ගිහින්..උන්ට ඉස්සර කරන ගමන් සද්ද දාලා පෙන්නලා දුන්න වැරැද්ද කියලා... හා මං දැන් කියන්නංකෝ මං උන්ට කිව්ව ටික...

“අයියාආආආ..... බයිසිකලේ  සයිඩ් ස්ටෑන්ඩ් එක ගහගෙන යන්නේඒඒඒ....“

කොහොමද ටෝක... උන් දෙන්නා සුටුස් ගාලා බය උනා... ඒ වගේම පැදං ගිය එකා දඩි බිඩි ගාලා ස්ටෑන්ඩ් එක උඩට දාගත්තා... තව මදිවට මට ස්තූතියි කියන්නැහේ හිනාවකුත් දැම්මා...

අන්න බලන්න මෙයාලා අපේ වැඩ...

හා හා මෙන්න මං ගියා.. ඔහෙලත් කොහොම හරි මං වගේ වැරැද්ද දුටු තැන පොලිස් කාරයෙකුට උනත් ඒක පෙන්නලා දෙන්න බය නොවෙන එළ කිරි වගේ බුවාලා වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා...

අවුලක් එහෙම නැහැ නේද..? :D

37 comments:

  1. අයියා කියලද කිව්වේ...
    අපිටනම් ආරංචි සෑර් කිව්වා කියලයි

    ReplyDelete
  2. ඇයි මීට කලින් සයිඩ් ඉස්ටැන්ඩ් ගහන් යනවා දැකලා නැද්ද, පොලිසියට කොහොම ගියත් එකයි
    කණ පලාගන්නෙ නැතුව පලයන් මාරයෝ යන්න කිව්වෙ නෑ පුදුමයි... හෙහෙහෙහෙහෙ

    ReplyDelete
  3. බලු වැඩ කරන්න එපා ඩෝ , පොලිස් කාරයො දෙන්නට වැටෙන්න අරිනවා මිසක් උන්ව බේරන සිරිතක් තියනවද ,පුලුවන්කමක් තියේ නම් ස්ටැන්ඩ් එක පිටින්ම හොඳ වංගු , බම්පර් වලවල් තියන පාරක යවනවා මිසක්

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නැ.. බුවා හරි... හි හි...

      ( ‌පොලිසියේ අය මේවා අහගන්නේ එයාලගෙම වැරැද්දෙන් තමයි.. කරන්න දෙයක් නෑ...)

      Delete
    2. සිරාවට මටත් මතක්වුනෙම ඔය ටිකමනේ.. නෙද්දකින් මු කරන වැඩ..

      Delete
    3. මම නම ජිවිතේට දැක්කට කියන්නේ නැ උන්ට නම්.

      Delete
  4. බුවා හරියටම හරි මාරයෝ, උඹ කරලා තියෙන්නේ මහා නරක වැඩක්.

    ReplyDelete
  5. ඊට පස්සෙ උං දෙන්න උඹට දඩ කොලයක් දීපු එක මෙතන ලියල නෑනෙ.

    ReplyDelete
  6. පුදුමයි උන් දඩ කොලයක් නොලිව්ව, රාජකාරියට බාදා කොලා කියලා.

    ReplyDelete
  7. හ්ම්ම්... සයිඩ් ස්ටෑන්ඩ් එක අකුලන්න, හෙඩ් ලයිට් එක ඕෆ් කරන්න මතක් කරන්න ඕනේ කස්ටිය ඉන්නවා.... දවසක් එක්කෙනෙක් පාරේ මැද්දෙ වැටුනත් එක්ක ස්ටෑන්ඩ් එක අකුලන්න අමතක වෙලා ගිහින්... හි හි....

    ReplyDelete
  8. අනේ මාරයෝ....උඹ තමා දවසටත් මිනිහා....

    ReplyDelete
  9. මාරයගෙ පොර ටෝක් විතරයි..
    මට පොලීසියෙ එකා කියනව මෙහෙම කතාවක්...


    මල්ලි මල්ලි.. ඔන්න මල්ලි පෙට්‍රල් ටැංකියෙන් තෙල් ලීක් වෙනව කියල.. එතකොට තමා මාරය නවත්තල ටොයිලට් එකකට ගිහින් තියෙන්නෙ...

    ReplyDelete
  10. ශික්! බලපන් මාරයා කරලා තියෙන අසමජ්ජාති වැඩේ!!!

    ReplyDelete
  11. රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා පිළිතුරු දෙන්න ඉඩ

    රමේෂාට පිළිතුරු

    ReplyDelete
    Replies
    1. රැල්ල ගහද්දි හිට්ස් දෙක තුනක් අල්ලගන්න දගලන දැගලිල්ලක්

      Delete
    2. ‍රැඩියා උඹ අවුරුදු උත්සවේට එනවද? උඹ එල කොල්ලා. මට උඹව දකිනකම් ඉවසිල්ලක් නෑ. අනේ වරෙන් මයෙ අම්මා. ආවම මම ‍රැඩියා කියලත් කියපං වස්තුවේ

      Delete
  12. ලයිට් දාගෙන යන පොඩි එකෙකුට "මල්ලි ලයිට් දාලා" කියලා කිව්වම "ඉතිං උබට මොකද?" කියලා අහපු දවසේ ඉදන් මම නං ඔහොම උදව් කරන්නෑ :D :D

    ReplyDelete
  13. මාරයාගේ ක්‍රියාව අනුමත කරමි...
    කාගේ උනත් දරුවොනේ අප්පා ....

    ReplyDelete
  14. මාරයා කරලා තියෙන්නෙ මහ ජරා අසමජ්ජාති, පජාත මාර වැඩක්... ඔය දෙන්නා ඔහොම ස්ටෑන්ඩ් එක ගහගෙන ගිහින් පාරෙ වැටිලා ප්‍රයිවෙට් බස් එකකට යට වෙලා මැරුණ නං ඕකට වග කියන්න ඕන මහරජා නිසා... ඒ මනුස්සයා බේර ගන්න කරපු අළුගුත්තේරු වැඩක්....

    ReplyDelete
  15. දවල්ද සිද්දිය උනේ??

    ReplyDelete
  16. එල කොල්ලෙක්... (මාමෙක්)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ අඩුමගානෙ මේ පෝස්ට් එක කියෙවුවද කොල්ලො ?

      Delete
  17. ඇත්තටම වෙන්න ඇත්තේ

    මාරයා - සෑර් .. සෑර් .. ස්ටෑන්ඩ් එක ගහලා (මාරයාගේ සුපුරුදු කුපාඩි හිනාව දාගෙන)

    පොලිසියේ අය : හරි මල්ලි එක අපි බලා ගන්නම් ඔය වැටෙන්නේ නැතුව ඉස්සරහ බලන් යන්න.

    ReplyDelete
  18. ‍තෝ නං මහ ද්‍රෝහියෙක්. ඔහෙ යන්ඩ දෙන්නනෙ බොල තිබ්බේ. :-O

    ReplyDelete
  19. මල්ලි කරපු දේ හරි මල්ලි...ඇයි කියලා දන්නවනෙ..හා හා කට කට..

    ReplyDelete
  20. මමනම් ෆේක් බුක් අකවුන්ට් එකක් නැති නිසා හෙන බයෙන් අප්පා ඉන්නෙ..හූණු පැටියෙකුටවත් මමනම් කටක් ඇරලා මුකුත් කියන්නෑ.. ඔළුවටම රීලා ගියත්.. සත්තයි..

    ReplyDelete
  21. kana palagana natuwa palyan doo..kiwa kiyali aranchiya.
    Jayawewa.

    ReplyDelete
  22. ආයේ නම් ඔය වගේ වැඩ කරන්න එපා මාරයෝ පොලිසියේ උන්ට ,

    ReplyDelete
  23. කාලෙකට කලින් අපි අතරින් බ්ලොග්කරුවෙක් වියෝ වුණෙත් ඔය විදිහට සයිඩ් ස්ටෑන්ඩ් එක අකුලන්න අමතක වීමකින් සිදුවුණු අනතුරක් නිසා

    ReplyDelete
  24. මුල් ටික කියවද්දිම හිතුනා ඔහොම සීන් එකක් වෙන්න ඇති කියලා.කෘතගුණ වශයෙන් දඩ කොලයක් හරි ලියලා දෙන්නේ ඔය මහත්වරු විතරයි.

    ReplyDelete
  25. Ane manda mekata monawa kiyannada kiyala...

    ReplyDelete
  26. මාරයා ගුටිකාලා ඇවිලා වගේ

    ReplyDelete
  27. මාරයාගේ පොලිස් පාට්... අර පරණ ලියුමකත් තිබ්බේ..

    ReplyDelete
  28. ඔයා කොහොමද බොල පොලොසියෙ උන්දෑ අයියා හිනාවෙනවා දැක්කෙ? ඒ කියන්නෙ හෙල්මොටේ දාගෙන නෙවේද උන්නෙ? ඔයා ඒ කිව්ව ටික කිව්වෙ හෙල්මොටේ දාගෙනද? එහෙම නැත්නම් අතින් පොඩ්ඩක් උස්සලා කට විතරක් එලියට එන විදිහටද? එයැයියා හිනා උනා දැක්කානම් ඒ කියන්නෙ හෙල්මොටයක් දාගෙන ඉඳලා නෑ. එහෙම උනොත් එයාලා වැරදි දෙකක් කරලා තියෙනවා. ඔයත් එකක් කරලා තියෙනවා. මොකද මම හිතන්නෑ හෙල්මොටේ දාගෙන ගමනෙ යන ගමන් කෑ ගැහුවට එලියට පැහැදිලිව ඇහෙයි කියලා. එහෙමනම් අනිවා ඩෙෆා හෙල්මොටේ ගලවන්න ඕනා එක්කො උස්සන්න ඕනා. දැන් බලන්න, පස්සෙන් එලෝගෙන පන්නගෙන යන ගමන් හෙල්මොටේ උස්සනකොට ඔයා ලිස්සලා වැටුනා. හෙම්ලොටේ උතුරටත් ඔයා දකුනටත් ගියා. කාගෙද වරද? ආහ්? එහ්!! හෙල්මොටෙ ගැලෙව්වත් වැරදියි. ඉස්සුවත් වැරදියි. උස්සන්න පුලුවන් කියන්නෙ බාගෙට දාගෙන ගිහින් තියෙන්නෙ. ඒකත් වැරදියි.

    ReplyDelete
  29. ඇයි බං මාරයියේ, ඔය වගේ අමන තකතිරුවන්ට උදව් කරන්න යන්නෙ? අහල නැද්ද ආරක්ෂක ලේකම් ව බේරගත්ත ඩ්‍රැයිවරයා කියපු කතාව? උන්නැහැ බෝම්බෙන් බේරගත්ත හින්දා දැන් ඩ්‍රැයිවරයට මරණ තර්ජන තියෙනවලු, ගමේ මිනිස්සුන්ගෙන්.
    අදයි ආවෙ මේ පැත්තෙ. ෆොලෝ කළා. ආයෙත් දිගටම එනව පරණ ඒව කියවන්න. ජය වේවා!

    ReplyDelete