13 April 2013

බඩ ගාලා උඩවත්තේ... මගේ.. කකුල් පණ නැත්තේ...

මේ පහුගිය දහ වැනිදා උදේ පාන්දර එක පාරටම හදිසි කැඳවීමක් ලැබුනා නෙව නුවර යන්ට... මාත් මොකෑ..ඉබ්බා දියේ දැම්මම අර මොකක්ද කිව්වළු... කියලා පැය බාගයක් යද්දී  බඩුත් පැක් කොරං ගමනට  පිටත් උනා... නුවර ගියාට ඉතිං මට කොරන්ට කියලා ඒ හැටි දෙයක් තිබුනේ නැහැ.. මගේ රාජකාරිය කට්ටිය එක්ක යන එක සහ ආපහු එක්ක එන එක... දවස් දෙක තුනක්ම ඉන්ට වෙයි කියලා කලින්ම කියලා තිබුන හින්දා මං දඩි බිඩියේ යමින් ගමන්ම ඒ දවස් දෙක තුනේ කොරන්ට ඕන දේවල් ගැන හිතුවා...

පලවෙනිම කාරණාව තමා කොච්චර නුවර ගියත් කවදාවත් කොරගන්ට බැරි උන “හිතේ හැටියට මාළිගාව හා ඒ අවට බලා කියා ගැනීම“ මේ වංගියේවත් ඉස්ට සිද්ධ කොරගන්න එක... දෙවැනි එක තමා පොඩි එකා සංදියේ ගියාට පස්සේ ආයේ නොගිය.. පේරාදෙණීය මල් වත්තේ හිතේ හැටියට ඇවිදින එක... හැබැයි ඉතිං දොලොස් වැනිදා හැන්දෑ බාගයේ නුවරට කඩං පාත් වෙච්ච දාරානිපාත වරුසාව මගේ දෙවැනි කාරණාවට බඩු බනිස් කෙරෙවුවා... ඒ කියන්නේ මල් වත්ත අනාගතයට බාර දුන්නා...

ඒත් අපරාදේ කියන්ට බැහැ එකොලොස් වැනිදා හවස් වෙනකල්ම මාළීගාව පැත්තේ හක්කලං කොලා... මාළිගාවට ගියා උනාට මෙච්චර කාලයකට නැගලා නොතිබ්බ පත්තිරිප්පුවටත් නැගලා කොරලා එයින් පස්සේ මාළීගාව පිටිපස්සේ තියෙන රාජා ඇතාගේ සම නැවත පුරවලා සකස් කොරාපු අනුරුවත් දැක බලාගෙන එයින් පස්සේ ඒ අහලම තියෙන පරණ මාළිගාවේ කොටස් වලත් හක්කලං කොරලා ඒ එක ගොඩනැගිල්ලක් ඇතුලේ තිබුන පුරාවස්තු එහෙමත් දැක බලාගෙන ආයෙම මාළීගාවේ පිටුපස කොටසේ ඇති තෙමහල් මන්දිරේ තියෙන කටු ගේ වගේම... මාළීගාවට පිටුපස්ස පැත්තේ තියෙන පුරාවිද්‍යා කෞතුකාගාරෙත් දැක බලා ගත්තා.. හැබැයි වෙන වෙන කටයුතු හින්දා ඒ එක්කම තිබුන ලෝක බෞද්ධ කෞතුකාගාරෙනං බලාගන්න කාලේ මදි උනා... නුවර තරං කටු ගෙවල් වෙන කොහේවත් නැද්ද මංදා.අඩියෙන් අඩියට කටු ගෙවල්...

එයින් පස්සේ හවස් අතේ ඉර බහින්න ඔන්න මෙන්න තියලා ආයේම නැග්ගා කන්දක්... ඒ නුවර බෝගම්බර පිට්ටනියට ටිකක් එහායින් තියෙන කන්දක්.. ඒ කන්ද උඩට ගියාම නුවර නගරය බොහෝම අලංකාරෙට කියනවා.. මට ඒ තැන ගැන කිව්ව කෙනා කිව්වේ එතැනට කට්ටිය කියන්නේ “නුවර බලන හන්දිය“ කියලයි.. ඇත්තටම ඒක නුවර බලන්න හොඳම තැනනං තමා...

එහෙම කොරලා දෙවැනි දවස හමාර කොලාට පස්සේ තුන් වැනි දවසේ මං කොලේ උදේම බඩ ගෑවා උඩවත්ත කැලේ බලන්න.. හැබැයි කියන්න කණගාටුයි නුවර එකාලටත් උඩවත්ත කැලේ ගැන තියෙන අදහස ඒ හැටි හොද මදිද මංදා.. එකෙක් ගත් කටටම කිව්වේ ඔකේ මොනවා බලන්නද..කොල්ලෝ කෙල්ලෝ නං බැලියැකි කියලා... නෙද්දකිං මුනුත් උපන්නනේ අම්මපා නුවරම..සික්... :D

ඒත් ඉතිං මං සැලෙයිද ඔව්වට..මමත් බොහෝම මාරුවෙන් මාළිගාව ඉස්සරහින් වම් පැත්තට හැරිලා කිලෝ මීටර් බාගයක් විතර ගෙහුං තැපැල් කන්තෝරුව තියෙන හතරමං හන්සියෙන් දකුණට හැරිලා ගෙහුං කන්ද නැගලා තැන හොයාගන ගියා.. ඒ යද්දී තමා මේක දැක්කේ.. මේ ගහේ තැන් කිහිපයකම මෙව්වා තිබුනා...



ඇතුළු වෙන තැනට යද්දිම මගේ දිව එලියට ඇවිල්ලා.. ඒ තරමට මහන්සියි... 


ඒ කොහොම උනත් කාලෙකින් මං බොහෝම නිවී හැනහිල්ලේ මගේ පාඩුවේ ගත කොරාපු පැය කිහිපයක් උනා ඒ ඇවිදපු වෙලාව... රුපියල් විසිපහයි කියලා ගහලා තියෙන ටිකැට්ටුවට  රුපියල් විසි අටක් දීලා (රුපියල් විසි අටයි කියලා කිව්වට 30ක්ම ගත්තා..)

  උඩවත්ත රක්ෂිතයට ඇතුලත් උන මට බාධා කොරන්න මෙලෝ යකෙක් හිටියේ නැහැ.. කොටින්ම කිව්වොත් එදා දවසටම ටිකට්ටුවක් අරගෙන උඩවත්ත බලන්න ගිය එකම සංචාරකයා මං විතරයි..

  ආයේ බලු බල්ලෙක් නැහැ... 


පුදුම සැනසිල්ලයි.. අර යෝධයා කිව්වා වගේ කෙල්ලෝ කොල්ලෝනං මේකේ හිටියේ නැහැ... හැබැයි මෙහෙම ජොඩුනං හිටියා...


 බලන බලන අතේ මහ විසාල ගස් වැල්...





 ඒ ගස් මුදුන් අස්සේ ඇහෙන කුරුල්ලන්ගේ සංගීත කෑලි... ඇග පුරාවට දැනෙන සනීප හීතල ගතිය... පුරා පැය දෙක හමාරක් විතර මං ඒ අතට මේ අතට ඇවිද්දා... සෙංකඩ ලෙනද මොකක්දෝ කියන ලෙනට යන පාර එහෙම හොදටෝම මඩ වෙලා තිබුනා උනත් අමාරුවන් වගේ හොයාගෙන ගියාම පේන්න තිබුනේ මෙන්න මෙහෙම ඒවා විතරයි...  

ඔය හිටිය තැනින් පහලට බහින්න හැටියක් තිබුනේ නැහැ..පාර නාය ගෙහුං... හුඟාක් තැන්වල මෙහෙම බෝඩ් ලෑලිත් තිබුනා...










ඉතිං බෝඩ් ලෑලිවලට අනුව මෙහෙම හන්දි වලින් හැරි හැරී ගියා...



ඒ එක තැනකට නුවර නගරය මෙහෙම පේනවා...


එක පාරක් කෙලවර උනේ මෙතැනින්...


එක පාරක් එනවා ආයෙම නුවර මාළීගාව පිටිපස්සටම එනකල්.. එතැන තමා අර මං කලින් පිංතූර දමාපු ගැරිසන් සොහොන් බිම තියෙන්නේ.. එතැනට ආවම මට තේරුනේ ආපහු ආව පාරේ නුවර යනවට වඩා මෙතැනින් බැස්සනං කොයි තරං සනීපද කියලා.. එහෙම හිතලා මං ආයෙම එතැනට එන බලාපොරොත්තුව ඇතිව තව ටිකක ඇවිදින්න ගියා.. ඒ ගියේ  රක්ෂිතයේ තිබුන උසම තැනක් බලන්න..(මුහුදු මට්ටමේ සිට අඩි 1800 යි) 

එතැනට කියන්නේ කොඩිමලේ කියලා...


 ගමන පටන් ගත්ත තැන තිබුන සිතියමේ හැටියටනං එතැන නැරඹුම් කුළුණක් තියෙන්ට ඕන... ඉතිං මාත් ඒ නැරඹූම් කුළුණ බලන්නට ගියා... හැබැයි ඒ ටික ටිකක් දුෂ්කරයි... ප්‍රධාන මංපෙතෙන් අඩිපාරකට හැරිලා..කන්ද මුදුනට කැලෑව පැත්තෙන් තියෙන හරියටම සලකුණූ නැති හිතේ හෝදිසියට පාර හොයාගෙන යන හැටියක් තමා ඒ ටිකේ කොරන්න උනේ.. එකම වගේ අඩිපාරවල් හැම අතටම බෙදිලා ගිහිල්ලා තියේ... කොහොම හරි ඉව අල්ල අල්ල උස පැත්තටම ගැටලා අදාල තැනට ආවා.. අනේ ඈතට බොහෝම ලස්සනට කුළුන කිව්ව අට්ටාලේ පේනවා.. මාත් හති දදා ගියා ඒකට නැගලාම විවේකයක් ගන්නවා කියලා හිතං...



එතැනට ගියාම මෙන්න තියෙනවා කොඩිමලේ බෝඩ් එක...



එයිටත් අඩියක් දෙකක් දුරින් මේ බෝඩ් එකත් පැත්ත වැටිලා තිබිලා මං කෙලින් හිටෝලා ගත්තා පොටෝ එකක්...




දුක්ඛිතයි පින්වතුනි...  බලහංකෝ.. අට්ටාලේ තිබුනට ඒකේ හිණිමග නැහැ නෙව..


ඇත්තම කිව්වොත් මට ඇඩුනා..අම්මපා..


 ඒක දිරාපත් වෙලා කඩං වැටිලා.. තියෙන කනු දිගේ බඩ ගාලා හරි නගින්ට කල්පනා කලාට උඩට ගහලා තියෙන ලෑලිත් හොඳටෝම දිරාපත්වෙලා.. ආයේ ඉතිං මහ කැලයක් මැද අට්ටාලයක් කඩං වැටිලා ලෑලි කෑලි ඇනිලා ජීවිත ගමන නිමා කරනවට වඩා ක්‍රම ඕන තරං තියෙනවා නෙව ඒක කරන්ට ඕනනං.. ඒ හින්දා මං ඒ දිහා බලාගෙන ටිකක් අඩලා කොරලා ආයෙම ගියා එයින් එහාට තියෙන පුස් වැලක් බලන්ට..

 






පුස් වැලත් බලලා ඒ ඔස්සේම සිතියමට අනුව ගියාට එයින් එහාට සිතියමේ තියෙන අඩිපාර නැහැ... බොහෝම වන වැදුන හරියක් තියෙන්නේ... 


සිතියමට අනුව එතැනින් බැස්සනං ආපහු ආව තැනට යන්න බොහෝම ටික දුරක් උනාට..එහෙම පාරක් නැත්තං මං මක්කා කොරන්නද.. ඒ පාර මං ආයෙම හැරුනා අර නැගපු කන්දම බහින්ට හිතං... කඳු නගිනවා වගේ නෙවෙයි ආයිබෝං බැහිල්ල.. දණහිස් නිකං මගේ නෙවෙයි වගේ... බ්‍රේක නැතිව එන්නේ පහලට... කොහොම හරි දෙයියන්නේ පිහිටෙන් අතක් පයක් කඩා නොගෙන කන්ද බැස්සා.. ආයෙම වට රවුං පාරෙන් ආවා ප්‍රධාන පිවිසුම් දොරටුව ගාවට... ඒ එන ගමන්  පාර අයිනේ හිටෝලා තිබුන සිමෙන්ති බංකුවක කමිසේ එහෙමත් ගලෝලා දාලා හොඳට පැත්ත වැටිලා පැය බාගයක් විතර නිදා ගන්නත් අමතක කලේ නැහැ.. හප්පා ගෙදරට වඩා සනීපෙට නින්ද යනවා... ඒ කරලා ආවා ටිකට් කාරියාලේ ගාවට... එතැනට දැනුම් දුන්නා මං ගැරිසන් සොහොන පැත්තෙන් පාරට බහිනවා ආයේ මෙහෙන් යන්නේ නැහැ කියලා.. මොනවා උනත් එහෙම දෙයක් කොරනකොට අදාල අංස වලට කියලා කොරන එක හොදයි.. නැත්තං කැලේ රිංගුව එකා එලියට ආවේ නැත්තේ ඇයි කියලා ඔය මිනිස්සු කලබල වෙලා හවහට හෙව්වොත් එහෙම...

ඉතිං ආයෙම වංගියක් මුලින්ම ගිය පාරෙම ගොහිං ගැරිසන් සොහොන ගාවින් පාරට බැහැලා මාළීගාව පැත්තට ඇවිත් මාළීගාව පිටුපස්සේ තියෙන පොලෝසිය ගාවින් කන්ද නැගලා සොහොනත් බලා කියාගෙනම ආවා... උඩවත්තෙන් ගැරිසන් සොහොන අයිනෙන්ම පාරට බහින්න පුළුවන් උනාට එතැනින් සොහොන් බිමට ඇතුළු වෙන්න බැරි වෙන්න වැටක් ගහලා තියේ.. ඒකයි එහෙම ආයේ වටයකින් එතැනට යන්න උනේ...

කොහොම හරි ඒකත් බලලා කියලා හවස් අතේ පේරාදෙණි මල්වත්ත බලන්ට කියලා ඒ පැත්තට මංගච්චනකොට වැස්සටත් අහු වෙලා තමා කෙලිය නිමා උනේ... කොහොම උනත් දවස් දෙකක් හිතේ හැටියට නුවර පැත්තේ කකුල් කෙටියෙන් හක්කලං කොරලා කොරලා..දැන්නං මගේ කකුල් දෙක අම්බානකට රිදෙනවා කියහංකෝ... ඉතිං මක්ක කොරන්ටැයි.. කකුල් උඩ තියං ආගිය ගමන ගැන මෙහෙම ලිය ලියවත් ඉන්නවා ඇර...

හා එහෙමනං ඔය මදෑ...
ලබන්නා වූ නව වසර සිංහල හිංදු ඔබ සැමටත්... සියළු ලෝ වැසියන්ටත්... සුභම සුභ නව වසරක් වේවා..!

30 comments:

  1. කවුද මාරයගෙ පින්තූරෙ ගත්තෙ

    ReplyDelete
    Replies
    1. මාර ෆොටෝ එක නේ?

      Delete
  2. අපූරු විස්තරයක් නොවැ,,

    උදාවන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
      පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
      නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!


      ( link eke awulak nisa uda eka makuwa )

      Delete
  4. සුපිරි තොරතුරු ටිකක් උපහාසයත් එක්කම නියමයි මාර මලේ.
    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  5. මාත් උඩ වත්ත කැලේ දෙසරයක් ගිහින් තියනවා . බලන්න දෙයක් නෑ කිව්වට හරිම සුව දායක පරිසරය , වෙනස් ගස් කොලං . ඉඩක් ලබුනොත් ආයෙත් යනවා.

    …මාරයා තුමාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. එමුකො එමුකො බලන්න. පුළුවන් නම් වැස්ස දවසක එන්න. බස් නැවතුම වැව බලන්න පුළුවන්!!

      Delete
  6. අනන්ත නුවරගියත් කවමදාවත් නොගිය තැන්ගැන දැනුවත් කලඑක හොදයි.

    මාරයා අයියා,සහ සියලු බ්ලොග් කරුවන්ටත් සකල ශ්‍රීලාංකීය හින්දු අවුරුද්ද සමරන සිංහල හින්දු සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා..!!!!!!!!!!

    ReplyDelete
  7. උඩවත්තට බඩ ගෑහම මෙච්චර පණ යනවානම්
    යටිනුවරට බඩ ගෑහම කොච්චර මොර දේදෝ
    ඒකෙන් කාරියක් නැතිය දැන් යහතින් ආවානේ
    එකසිය විස්සට දෙසියක් ආවඩා - ආයුබෝ!

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  8. ඇයි මාරයෝ කිව්වා නම් එනවනේ මමත්.. මමත් සෙන්කඩගල නුවරට අල්ලපු වැටේ වගේ තමා ඉන්නේ.. එහෙ ඉඳල කිලෝමීටර් 10ක් විතර තියන්නේ.. ඔය උඩවත්ත කැලේට අපි කියන්නේ UK කියල. ඔතන දකින්න ඇති තිබ්බ තැනක් "මහනුවර ත්‍රිත්ව විදුහල" කියල. අන්න එතන තමා මම පහුගිය අවුරුදු 14 පුරාවට ඉගෙනගත්තේ.. ඔව් ඔව් ඔය පහලින් එන අය ගොඩ දෙනෙක් කියන දෙයක් තමා උඩරට ආවම ඇඟට මාර සනීපයි කියලා.. අපිට පහලට ගියහම ඇඟ වටේට ගිනි තියල වගේ දැනෙන්නෙත් එහෙ එච්චරම රස්නේ නිසා වෙන්ට ඇති..
    ඔබ තුමාට සුභම සුභ නව වසරක් වේවා!!
    අඟහරු පැත්තෙත් දවසක එන්න ලැබේවා!!

    ReplyDelete
  9. මම අහන්නමයි හිටියේ උඩවත්ත කැලේ සෙංඛණ්ඩ තාපසයා හිටියා කියන ගල් ගුහාව බලන්න ගියේ නැද්ද කියලා :D

    ReplyDelete
  10. ඔබටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන නව වසරක් වේවා....

    ReplyDelete
  11. උඩවත්තේ බෝඩ් ලෑලි ටික අලුත් වෙලා වගේ. ඉස්සර ඔය තරම් මග පෙන්වීමක් තිබුනේ නෑ.

    ලැබුවා වූ නව වසර සුබම සුබ වේවා මලේ ...!

    ReplyDelete
  12. ඔබ ඇතුළු සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  13. ඇයි උඹ බෝගම්බර බන්ධනාගාරෙ බලන්න ගියෙ නැද්ද?

    මාරයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! මේ අවුරුද්දෙත් වැඩි වැඩියෙන් සංචාර ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. එක බලන්න ගියානම් මුව අහපු එවන්නේ නැහැ.

      Delete
  14. මුගෙ කටේ කැත බං..

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  15. මාරයාගෙ පොටෝ ගන්න ඇත්තෙ චතුෂ වෙන්න ඇති නේද... :P

    උඩවත්ත කැළේ පොළොව යටනම් කෙල්ලො කොල්ලො ඉන්නවා...

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  16. සුභ අළුත් අවුරුද්දක් වේවා කිව්වා!
    ස්කූල් කට් කරපු කාලේ ගියාට පස්සේ උඩවත්ත කලේ පැත්තේ ගියේ නෑ...මාරයා මල්ලීගේ විස්තරේ දැක්කට පස්සේ යන්න හිතුනා. ලඟදී දවසක ඔය පැත්තේ එන්නම්...ගමට සම්ප්‍රාප්ත උනා විතරයි....

    ReplyDelete
  17. ඔය අර නුවර බලපු කන්ද - බහිරව කන්ද වෙන්නැති නේද ?

    ReplyDelete
  18. සුබ අලුත් අවුරුද්දක් වේවා. බොහෝවිට මම මෙම අඩවිය කියෙව්වට අදහස් ප්‍රකාශ කරන්නේ කලාතුරකින් (සමාවෙන්න ඕනනේ )
    තිලිණ

    ReplyDelete
  19. ඉස්සර නම් නැන්දම්මා පෝයට සිල් ගන්න තපෝ වනයට එක්කර ගෙන යද්දී මාසෙකට වතාවක් උඩවත්ත කැලේට ගියත් දැන් නම් ගිය කාලයක් මතක නැහැ. ඔබේ මනරම් විස්තරයෙන් පසු ඉඩක් ලද විගස එහි යන්න හිතා ගෙන ඉන්නවා.

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  20. මාර ලමයාටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    උඩවත්තේ කැලේ ගැන තියෙන තව මතයක් තමයි, ඔතනට යන්න එපා ඕකෙ හොරු මංකොල්ලකාරයෝ ඉන්නවා කියන එක. උඹ ගිය දවසෙ නම් එහෙම එකෙකුට ඉඳලා තියෙන්නෙ උඹ විතරයි වගේ. ඕක පවුලකට යන්න ආරක්ෂාකාරී තැනක්ද ඇත්තටම?

    ReplyDelete
  21. මරු ගමන් තමා අයියටත් සෙට් වෙන්නේ!
    අයියටත් නව සුබ වසරක් වේවා

    ReplyDelete
  22. එක කාලයක යූ.කේ. හෙවත් උඩවත්ත කැලේ බොහෝ ඇවිද ඇත්තෙමි.

    මාරයාට සුභ අලුත් අවුරුද්දක් වේවා. වැඩි වැඩියෙන් චාරිකාවේ යන්න ලැබේවා!!!

    ReplyDelete
  23. එහෙනං මං යාපහු නග්ගා ව‌ෙග් ඇති... හි හි...
    මාලිගාව වටේ තියෙන ඔය කිව්ව හැම තැනම මං නං ගිහින් තියෙනවා.. හැබැයි උඩවත්ත කැලේ නම් ගිහින් නෑ..

    ReplyDelete
  24. මල්වත්තට යනකොට තවකෙනෙක් එක්කම ගියානම් තමයි හොද ;) :D

    ReplyDelete
  25. ජය සතුට ඉතිරෙන අවුරුදක් වෙවා

    ReplyDelete
  26. සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete