17 April 2013

අපි නොදන්න සෙංකඩගල... අනේ නුවරකට ගිය කල...


ඔය පින්තූරේ පේන්න තියෙන ගල අදුරනවද..? එහෙමත් නැත්තං ඕක ගැන අහලා තියේද..?

උත්තරේ ඔව්නං බොහෝම හොඳයි... උත්තරේ නැහැනං මං දන්න ටික කියලා දාඤ්ඤ කියලයි හිතුවේ...

මං කලින් ලිපියක කිව්වා නෙව අර උඩවත්තේ කැලේ ඇවිද්ද කතාව... ඔය උඩවත්ත කැලේට ඇතුළු වෙන තැන තිබුනා කැලේ ඇතුලේ ඇවිදින මාර්ග සිතියමක්...


ඔය සිතියමේ අංක 19 යටතේ තියෙනවා සෙංඛණ්ඩ ලෙන කියලා තැනක්... ඒත් මං ඕක හොයාගෙන යද්දී සිතියමට අනුව ඒකට යන්න තියෙන පාරේ තිබුන බෝඩ් ලෑල්ලත් ගලෝලා දාලා තිබුනා... පාරත් අනිත් පාරවල් වගේ නෙවෙයි මඩ වෙලා... ගස් කඩා දාලා පාර වහලා එහෙම තිබුනේ.. ඒත් ඉතිං ඕක බලන්ට ඕන හින්දා මං ගස් කොටන් උඩින් පැනලා කරලා ගියා.. ප්‍රධෘන ගමන් මාර්ගයෙන් වම් පැත්තට කන්ද පහලට බැහැගන යන අඩි පාරක් දිගේ සෑහෙන පහලට ගියාම ඔන්න හම්බ උනා ඔය කියන ලෙන කියලා හිතන්න ඇහැකි ගල් පියස්සක්... හැබැයි ඒක පාමුලටම යන්න බැරි විදියට අර මං ගමන් කොරාපු අඩි පාර නාය ගෙහුං තිබුනා... තනියම කැලේක හෝ වෙනත් තැනක ගමන් කරද්දී අනවශ්‍ය අවධානම් වැඩ කොරන්න යන්ට හොඳ නැති හින්දා අර නාය ගොහින් තිබුන මඩ පස් ගොඩ දිගේ පහලට රෑටන්ට නොගිහින් මං හිටිය තැන ඉඳලා ඇහැකි විදියට තැන බලාගෙන ඔය පොටෝව එහෙමත් අරගෙන මං ආපහු හැරුනා... 

එයින් පස්සේ මං ආයේ කොළඹ ආවයින් පස්සේ තමා මොකක්ද ඔය කියන සෙංඛණ්ඩ ලෙන කියලා හොයන්න ගූගල් මාමගෙන් තොරතුරු හෙව්වේ.. හප්පට සිරි ගජ... බලං ගියාම මේක එසේ මෙසේ තැනක් නෙවෙයි මෙහෙම වල් වැදිලා තිබුනට...

කොටින්ම කිව්වොත් මුළු නුවරම තියෙන වැදගත්ම තැන මෙතැනයි කියන්ට ඇහැකි... දළදා වහන්සේ වැඩ සිටින තැන ඇරුනු කොට...

අපි ඔය නුවර නුවර කියලා කිව්වට මොකද ඔය නුවරට කියන නියම නම “සෙංකඩගල“ පුරය නෙව... ආන්න ඒ සෙංකඩගල  කියන නම ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ කියන ලෙන නෙව...

එහෙං මෙහෙං කියෝලා අල්ල ගත්තු කරනු අනුව අතීතයේ මේ කියන ලෙන තමුන්ගේ වාසස්ථානය කොරගෙන හිටලා තියෙනවා “සෙංඛණ්ඩ“ කියලා තපස්වරයෙක්... දවසක්දා වේවැල් කපන්න කැලේ ගෑටුව කොලුවෙක් අතරමං වෙලා මේ කියන ලෙනට ඇවිත් තපස්වරයාගේ අවසරය ඇතිව රැයක් මෙතැන ගත කොරලා තියේ.. ඒ හිටිය එක දවසට අර කොළුවට මේ ස්ථානයේ තියෙන බොහෝම ආශ්චර්යමත් සිද්ධි දෙක තුනක් දැක බලා ගන්නට ලැබිලා ඒ ගැන අපේ අර සෙංඛණ්ඩ තාපසතුමාගෙන් විස්තර අහපුවාම උන්නාන්සේ මේ කොළුවට කියා තියෙනවා මෙතන බොහෝම හොඳ ජය භූමියක්ය... බොහෝම ආශ්චර්යමත් තැනක්ය කියලා... කොළුවත් මේක හිතේ තියං ගමට ගියාට පස්සේ අළුතින් රාජධානියක් තනන්ට සුදුසු භූමියක් හොය හොයි හිටිය රටේ රජතුමෙකුට මේ ස්ථෘනය ගැන කිව්වාය කියලයි කතාවේ කියැවෙන්නේ.. හැබැයි ඒ රජු කවුද කියන එක හරියටම පැහැදිලි මදි... කැළණි තිස්ස රජුගේ සොහොයුරු උත්තිය කුමාරයා ගැන වගේම පහු කාලෙක ගම්පොල රජ කල වික්‍රමභාහු රජු කියලත් කියැවෙනවා... ඒ ගැනනං මං නොදනී.. ඒවා හොයලා බලලා අපිට රපෝර්තු කොරන්න තමා ඔය හසිත චාමිකරලා වගේ බ්ලොග් ලියන ඉතිහාස විශේෂඥයෝ ඉන්නේ.. හා නැද්ද හා...?

ඉතිං කොහොම උනත් එයින් පස්සේ මේක රාජධානියක් උනා වගේම සිරිලංකාවේ අවසාන රාජධානිය හැටියටත් පත් උනා... හැබැයි මං හිතන්නේ සෙංකඩගල පුරයේ ඉන්න උදවියවත් මේ කතාව දන්නවද කියලා මං දන්නේ නැහැ... සමහර විට ඔය සෙංකඩගල කියන නම හැදුන හැටි ගැන තව තව කතා තියෙන්නත් ඇහැකි... මේකත් ඒ කතා අතුරින් හොද කතාවක්...

කණගාටුවට කාරණාව එහෙවු වටිනාකමක් තියෙන තැන මෙහෙම අනාරක්ෂිත විදියට තියෙන්න ඇරලා තියෙන එකයි... හරියටම පිහිටීම බැළුවොත් මේක තියෙන්නේ දළදා මාළීගාවට උඩින් පිහිටි කන්දේ දළඳාව පේන දුරින්... සිරිලංකාවේ ප්‍රධානම රාජධානියක් පිහිටුවන්න මුල් වෙච්ච.. ඒ රාජධානියේ නමට පවා මුල් වෙච්ච වටිනාකමක් ඇති අදටත් පවතින මේ ස්ථානයට මෙයිට වඩා ආරක්ෂාවක් හා ප්‍රසිද්ධියක් ලැබෙන්ට ඕන කියලයි මගේ නම් කල්පනාව... රටේ එවුවෝ කෙසේ වෙතත් නුවර එවුවෝවත් මේ තැන ගැන මෙයිට වඩා අවධානයක් යොමු කොරලා තමුන්ගේ පළාතේ වැදගත්ම තැනක් වෙච්ච මේ තැනට නිසි සැලකීමක් කොරනවනං හොඳා...

දැන් ටිහිකට කලියෙන් නුවර කොලුවෙක්ගෙන් මං තොපේ නුවරට කියන නියම නම ඇහුවම ඌට ඒක මතකත් නැහැ.. එයින් පස්සේ සෙංකඩකල කියන නම හැදුනේ කොහොමද කියලා ඇහුවම ඌ උඩ බිම බලනවා... ඔන්න නුවර එකාලගේ වග... එහෙවු එකේ රටේ එකාලගේ වග අහන්ටත් ඕනයෑ...?

අපි නොදන්න මොණරතැන්න කිව්වළු.. නැහ්.. සෙංකඩගල කිව්වළු... :D

45 comments:

  1. බම්බුවක් කතා කරනවා..
    සෙංකඩගල කියන එක හැදුනෙ මෙන්න මෙහෙමයි.
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොන්ට බරපතල සෙම අමාරුවක් හැදිලා තිබුණා එක කාලෙක... මේ නිසා රජ්ජුරුවොන්ට බොහොම අපහසුයි.. සෙම කැඩෙන්නෙම නැහැ.... ඉන්නම බැරි තැන රජ්ජුරුවො සිය දිවි නසාගන්න කියලා අන්ත:පුරේ ඉන්න හොඳම කෑලි ටිකත් එක්කලා ගලක් උඩට ගියා...
    ඔන්න ඉතිං ඔය අතරෙ හිටපු ධනාත්මකව හිතන ගැටිස්සියෙක් රජතුමාට කියපි..
    රජතුමනි... දිවි නසා ගන්න ඉස්සර එක පාරක් සෙම යවන්න ට්‍රයි කරමු කියලා... රජතුමත් ඉතිං අන්ත:පුරෙන් ගෙනාපු ගැටිස්සියෝ ඔක්කෝම පේලියට තියලා සෙම අරින්න ට්‍රයි කළා... මෙන්න එකපාරටම රජතුමාට හිරවෙලා හිටපු සෙම ඔක්කොම කැඩිලා ගියා හරියට නුවර වැවේ වාන් දොරටු ඇරියා වගේ....
    අන්න එදා ඉඳලා රජතුමාගෙ සෙං කඩ වූ ගල සෙංකඩගල නමින් ප්‍රසිද්ධ වුනා....
    ඔය කතාව මහාවංසෙ එකසිය අසූ දෙවනි පරිඡේදයෙ තුන්වෙනි පිටුවෙ තියෙන්නෙ ඔන්න ඔහොමයි...

    ReplyDelete
    Replies
    1. මේ අදහස හොඳයි.. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මේත් එක්කම යටින් අපේ මීවනපලානයන් විසින් ඔය කතාවටම ලගින් යන..එහෙත් වෙනස් එකක් කියන එකයි... අනික මේ අනං මනං දියකරපු පාට වතුර එක්ක සෙල්ලං දාන ඇල්කෙමියා කියනවා වගේ නෙවෙයි අපිට මීවනපලානයන් කියන දේ ඉර හද වගේ විස්සාසයි.. මොකද උන්නැහේ කියන්නේ ඇලාලා වගේ ආවට ගියාට නෙවෙයි.. අහුබුදුවන්ට අනුව බස කණ්ඩනය කරලා... ලොවෙත් නැති මහා පුස්තකය උන ඉපැරණි වර්ගපූර්ණීකාවට අනුව... කලින් තිබුන..ඒත් දැනට නැති..(බමුණෝ..ඔව් අර පර බමුණෝ විනාස කල) සෙල් ලිපි කියවලා වගේ එහෙං පිටින්ම පිළිගත හැකි කොරමයකට අනුවනේ.. ඕනනං තවත් සැකයිනං ඈත කදුකර හිමවු අරනේ..සීත චන්දන ලපළු සෙවනේ ඉන්න නිර්නාමික තාපසතුමාගෙනුත් අහලයි... ඒ හින්දා කණගාටුයි..මේ මතය පිළීගන්න අමාරුයි.. ඒ කිව්වේ ඔය සිරිවික්‍රම රාජසිංහ රජුගේ වැඩක්ය කියන එක පිළිගන්ට බැහැ.. මේකත් අපේ සුපර් කින්ග් රාවණාගේම ගේමක් හැටියට සම්මත කරන්න වෙනවා...
      :D :D :D

      Delete
  2. රාවණගවේශකයින්ට අනුව "සෙංකඩගල" කියන නමේ අරුත මෙවැන්නක්. අහුබුදු න්‍යාය අනුව පද නිරුක්තියෙන් ඕනැම ඉතිහාස තොරතුරක් මතු කර ගත හැකි නිසා මෙය නිරුක්ති කරමු.
    සෙං=සෙම
    කඩ=කැඩූ
    ගල=ගල

    "සෙම කැඩූ ගල" කියන එක තවත් සරළ කළොත් "හොටු හූරපු ගල" කියන අරුත එනවා. ඒ අනුව ශ්‍රී රාවණ රජතුමා ඒ ගල උඩට නැගලා හොටු හීරුව බව ඔප්පු වෙනවා. බලන්න කොතරම් වටින ගලක්ද?

    තවත් ඔප්පු කරන්න ඕනැනම් වර්ගපූර්ණිකාවේත් මේ ගැන සඳහන් වී තිබෙනවා. මාරයා තවත් ටිකක් හොයල බැලුවනම් ඔය හරියේ නැති වූ සෙල් ලිපියකුත් හොයා ගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මොකෑ පේන්න නැත්තෙ?

      Delete
    2. ජයරත්න තාම දොයි මතේ ඉන්නේ. උන්නැහේ අත් හදා බලපු ඖෂධයක් වැරදිලා මාස ගණනක් දොයියාවෙන් ඉන්න කොට මේ මාරයාගේ නාදය හීනෙන් වගේ ඇහිලා ඇවිත් තියෙන්නේ.

      Delete
    3. දෙයියනේ ජයේ...කොහෙද දෙයියෝ හිටියේ...

      Delete
    4. වෙල්කම් බැක් මී ජයේ

      Delete
    5. අපගේ හිතමිතුරු මීවනයන් විසින් එසේ කීවේ නම්..එය එසේම බැව් මාගේත් විස්වාසයයි...

      බොලේ ආචාර්ය මීවනයන් පිළිගැනීම සදහා බලා සිටින සේනාවේ තරම... :D

      Delete
    6. ඔබ සැමට බෙහෙවින් ස්තූතියි. වුණ දේවල් කියන්න බැරි තරම් හරිම සංකීර්ණයි. ආයිත් වර්ගපූර්ණිකව පටන් ගන්නම්. ලිපියකින්ම විස්තර කියන්නංකෝ. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    7. එහෙමයි එහෙමයි ආචාර්ය තුමනි ..පුංචියට හරි
      ලිපියක් දැන් දැම්මත් වටිනවා අලුත් අවුරුදු
      ආශිංසන එක්ක ...මන් හිතන්නේ මේ චාරිත්තරත්
      බොහොම පැරණි ඒවා වෙන්න ඕනේ ...

      ප්ලීස්.....

      (හිස පොළොවෙහි තබා ආයාචනා කිරීම )





      { පල = පොළෝ , ඉස් = හිස

      පද නිරුක්තිය වැරදි නම් සමාවෙන්න ඕනේ ..ගුරුතුමා
      හිටියේ නැහැනේ පහු ගිය ටිකේ ..පුළු පුළුවන් විදිහට
      තනියම ඉගෙන ගත්තේ ..හරිද මන්දා ..}

      Delete
    8. මීවනපළානයන් එනකං මග බලාගෙන ඉන්නෝ අපිනං...

      Delete
  3. මාරයත් සෙම කඩන්න හොයාගෙන යන තැං වල හැටි.

    ReplyDelete
    Replies
    1. හිටහං ගොඩක වෙල අප්පුහාමිලයි පැත්තෙත් එන්න...

      Delete
  4. // රටේ එවුවෝ කෙසේ වෙතත් නුවර එවුවෝවත් මේ තැන ගැන මෙයිට වඩා අවධානයක් යොමු කොරලා තමුන්ගේ පළාතේ වැදගත්ම තැනක් වෙච්ච මේ තැනට නිසි සැලකීමක් කොරනවනං හොඳා //

    අනේ බං, ඒ සැලකීමෙන් කමක් නෑ.. ඔය තැන ඔහොම්මම අප්‍රසිද්ධියේ තිබුනාවෙ.. අපේ රටේ එවුං පුරාවස්තුවලට/ පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථානවලට 'සලකන' ආකාරය අමුතුවෙන් බොට කියන්ට ඕන නෑ නෙවැ.. :)

    ReplyDelete
    Replies
    1. මන් මේ ටික කියන්න කියල කමෙන්ට් පෙට්ටිය සොයද්දී මෙන්න බුරා එහෙම්ම කියල . ඔහොම තිබ්බොත් ඔය ගල තව කාලයක් යහතින් තියෙයි

      Delete
    2. ම්හූ... මේ අදහසට එකඟ වෙන්න අමාරු හේතුවක් තියේ.. මොකද මෙයිට පහලින් මීටර් තිහක් විතර දුරින් කුමක් හෝ පෞද්ගලික ගොඩනැගිලි වගයක් තියෙනවා... ඒ ගොඩ නැගිලි වලට පිටුපසින් මේ ගල දෙසට තව තවත් ඉදිකිරීම් වන බවට සලකුණු තියෙනවා... කොන්ක්‍රීට් කෑලි දාගෙන ටිකෙන් ටික මේ පැත්තට එන හැඩක් තියෙන්නේ... ටික දවසකින් මේකට බෝරයක් ගහලා පුපුරවන්න උනත් බැරි නැහැ අපේ අය ගල් ටික ගන්න... අඩුම තරමේ ගැරිසන් සොහොනට උඩින් බහින්න බැරි විදියට එතැන හමුදා මුර අට්ටාලයක් දාලා තියෙනවා වගේ මෙතනට එහෙම ආරස්සාවක්වත් නොදුන්නොත් මට තේරෙන හැටියට වැඩි කලක් මෙතනට ආයුස නැහැ.

      Delete
    3. හුටා! එහෙමත් කේස් එකක්දෑ.!?

      Delete
  5. //..ඒවා හොයලා බලලා අපිට රපෝර්තු කොරන්න තමා ඔය හසිත චාමිකරලා වගේ බ්ලොග් ලියන ඉතිහාස විශේෂඥයෝ ඉන්නේ.. හා නැද්ද හා...?...//

    ඔන්න කියන නිසා අපිත් ආවා :D

    //..මොකද ඔය නුවරට කියන නියම නම “සෙංකඩගල“ පුරය නෙව...//

    නියම නම මේකත් නෙමෙයි අයියා. නියම නම "සෙංඛණ්ඩ ශෛලාක්‍ය ශ්‍රී වර්ධනපුරය"

    //..කොළුවත් මේක හිතේ තියං ගමට ගියාට පස්සේ අළුතින් රාජධානියක් තනන්ට සුදුසු භූමියක් හොය හොයි හිටිය රටේ රජතුමෙකුට මේ ස්ථෘනය ගැන කිව්වාය කියලයි කතාවේ කියැවෙන්නේ.කැළණි තිස්ස රජුගේ සොහොයුරු උත්තිය කුමාරයා ගැන වගේම පහු කාලෙක ගම්පොල රජ කල වික්‍රමභාහු රජු කියලත් කියැවෙනවා... ...//

    මේක වෙන්නේ ගම්පොළ කාලෙදී.

    කැලණිතිස්ස රජතුමාගේ සහෝදරයා උත්තිය හැංගිලා හිටියා කියන්නේ ගම්පහ උඩුගම්පොළ පැත්තේ. අර පස්සේ කාලේ සකලකලාවල්ලභ රාජධානිය පිහිටුවා ගන්නේ. උඩුගම්පොළට නම ආවා කියන්නේත් "උත්තිය ලැගුම් ගත් පොළ" උඩුගම්පොළ විදිහටලු


    ගම්පොළ රාජ්‍ය සමය වෙද්දී වරින් වර යාපනයේ ආර්ය චක්‍රවති බලය ගම්පොළ රාජ්‍යය ආසන්නය දක්වාම ඇවිල්ලා තිබුණා. මේ වගේ තත්වයක් එක්ක තමා ගම්පොළ 3 වෙනි වික්‍රමබාහු රජතුමා අලුත් නගරයක් ඉදි කරන්න තැනක් හොයන්නේ.

    මේ අතරවාරයේ තමා රජතුමාට සෙංඛණ්ඩ කියන තාපසයා හමුවන්නේ. මේ වෙලාවේ තාපසයා ළඟ තිබුණු පඳුරකට ගලකින් ගද්දී සුදු හාවෙක් මතු වුණාලු. තව පඳුරකට ගහපුවාම නරියෙක් මතුවුණාලු. මුලින් හාවා පස්සේ නරියා එලෙව්වත් ගල් ගුහාව ආසන්නයට ආපුවාම නරියා පිටිපස්සේ හාවා එලෙව්වාය කියනවා.

    එතැනදීම මුවෙක් පිටිපස්සේ කොටියෙක් එලවන් ඇවිත් ඊට පස්සේ මුවා කොටියා පස්සේ එලවාගෙන ගියාලු [මේ කතාවම තමා ඔක්කාක රජතුමාගේ දරුවන් කපිල තාපසතුමාගේ බිමේ කපිලවස්තුව ඉදි කරන්නත් හේතු වුණේ]

    පස්සේ තමා රජතුමා මෙතන නගරයක් ඉදි කරන්නේ. ඒ වගේමයි නාථ දේවාලයකුත් ඉදි කරනවා. ඒ වගේමයි මේ බිමේ හිමිකාරයා වුණු සෙංකණ්ඩ තවුසාට ගරු කිරීමක් විදිහට සෙංඛණ්ඩ කියන නම අලුත් නගරයට තබනවා.

    මට මතක විදිහට ඔය උඩවත්තේ කැලේ ගල්ගුහාවේ "සෙංකඩ" කියලා කොටලා එහෙමත් තියෙනවාලු

    ඔය සිද්ධිය වෙන්නේ 1360-1375 අතර කාලෙදී. ඒක නිසා සෙංකඩගල තියෙන පරණම ගොඩනැගිල්ල තමා නාථ දේවාලය.

    //...ඉතිං කොහොම උනත් එයින් පස්සේ මේක රාජධානියක් උනා වගේම සිරිලංකාවේ අවසාන රාජධානිය හැටියටත් පත් උනා... //

    ඊට පස්සේ මේක රාජධානියක් වශයෙන් පාවිච්චි වුණේ නැහැ. ඒකටත් ටික කාලයක් ගියා. වරින් වර ස්වාධීන පාලකයෝ හිටියත් එයාලා රජුන් විදිහට පෙනී හිටියා කියන්නම බැහැ. එහෙම හිටියත් ඒවා කෝට්ටේ අග රජුගේ බලය පිළිගත් යටත් රාජ්‍යයක් විදිහට තමා තියෙන්නේ.

    සෙංකඩගල ස්වාධීන රජෙක් විදිහට හිටිය පළමු කෙනා තමා සේනා සම්මත වික්‍රමබාහු රජතුමා. ඒ 1469-1511 වගේ කාලේදී. ඊට පස්සෙත් වරින් වර කෝට්ටේ, සීතාවක, පෘතුගීසි බලයට යටවුණු සෙංකඩගල ස්වාධීන රාජධානියක් විදිහට නැවත වරක් පත් කරගන්නේ කොනප්පු බණ්ඩාර එහෙමත් නැත්නම් 1 වෙනි විමලධර්මසූරිය 1592 දී වගේ.

    //..රටේ එවුවෝ කෙසේ වෙතත් නුවර එවුවෝවත් මේ තැන ගැන මෙයිට වඩා අවධානයක් යොමු කොරලා තමුන්ගේ පළාතේ වැදගත්ම තැනක් වෙච්ච මේ තැනට නිසි සැලකීමක් කොරනවනං හොඳා....//

    මේක ගැන නම් කියන්න දෙයක් නැහැ අයියා. අපේ රජවරු කරපුවායි විජාතිකයෝ රටේ කරපු ඓතිහාසික නිර්මාණයි ඔක්කෝම විනාස කරද්දී මේවා ගැන කවර කතාද ?

    ReplyDelete
    Replies
    1. //...නියම නම මේකත් නෙමෙයි අයියා. නියම නම "සෙංඛණ්ඩ ශෛලාක්‍ය ශ්‍රී වර්ධනපුරය"...//

      අකුරු පොඩ්ඩක් පැටලිලානේ :)

      "සෙංඛණ්ඩ ශෛලාඛ්‍ය ශ්‍රී වර්ධනපුරය"

      Delete
    2. දැන් අලුත් ස්ටයිල් එක නේ හසිත මල්ලි විජාතිකයෝ කරපුවා විනාශ කරලා දාන එක,,අධිරාජ්යවාධීන්ගේ දේවල් අපිට එපා කියලා,,මම මාරයගේ ඉස්සල්ල පෝස්ට් එකකත් දැක්කා කීප දෙනෙක් එහෙම කියලා තියනවා,,,
      අපේ රටෙන් ගෙනියපු වටිනා කියන දේවල් යුරෝපේ කෞතුකාගාර වල තියනවා කියලා මම අහලා තියනවා,,ඒවා ආයේ ඉල්ලලා බලලත් තියනවා,,දීලා නම් නෑ,,අනේ ඒවා සුද්දොම තියන් උන්නාවේ දෙන්නම හොද නෑ,,ඒවා ඒ විදිහටවත් පරිස්සම් වෙයි,,,පුලුවන් නම් ඔය ගැරිසන් සොහොන් බිම,ඩෝසන් කුලුන,ගාලු,කල්පිටි වගේ ඉතුරු වෙලා තියන බලකොටු ආයේ සුද්දන්ට ගලෝ ගෙන ගෙනියපල්ලා කියන්න තියෙන්නේ,, එහෙම කලොත් උන් ඒවා පරිස්සම් කරයි

      Delete
    3. ඔන්න ආවා උවමනා කෙනා... අනිවාර්යයෙන්ම මලයා මේකට අඩු වැඩිය දෙයි කියලා හිතාගෙන තමා මේක ලිව්වේ... (අපි මොකට මහන්සි වෙනවද ඔය නොදන්න ඒවා හොය හොයා... ඕන කරන බඩුව ඉද්දී... :D )

      මේ විස්තර ටිකත් එක්ක ලිපිය සම්පූර්ණයි... බොහෝමත්ම ස්තූතියි...

      Delete
    4. @ ItalyDilan

      යටත් විජිත මානසිකත්වය කියන එක උවමනාවටත් වඩා ඔළුවට ගත්තාම තමා එහෙම වෙන්නේ මට හිතෙන විදිහට නම්.

      අයියාගේ කතාවට එකඟයි. අපේ එවුන් කරන වින්නැහි හැටියට සුද්දා හොඳා එහෙම හරි පරිස්සම් කරන එක.

      අසරණයා ඉන්න රටේ [අප්‍රිකානු රටක්] කෞතුකාගාරේ නිකම් ලී කෑලි බෑලි වගයක් විතරයි තියෙන්නේ කියලා කතාවක් කිව්වා. වටිනා කියන බඩු ඔක්කොම වගේ මංකොල්ල කාලා. අපේ ඒවාටත් මෙහෙම වෙන දවස වැඩි ඈතක නෙමේ :(

      Delete
    5. @ මාරයාගේ හෝරාව

      ලිපිය සම්පූර්ණ වුණා නම් එච්චරයි අයියා (Y)

      Delete
    6. @Hasitha
      "සෙංඛණ්ඩ ශෛලාඛ්‍ය ශ්‍රී වර්ධනපුරය" = සෙන්කඩගල සිරිවර්දනපුර

      එදා සංස්කෘත, අද ඉංග්‍රීසි. අපේ කට්ටියට ගැම්මක් එන්න වෙන බාසවකින්ම කියන්න ඕනා.

      Delete
    7. @ හසිත,ItalyDilan,

      මාත් දැක්කා මාරයගෙ අර කලින් පෝස්ට් එකේ කීප දෙනෙක් කියලා තියෙනවා "අධිරාජ්‍යවාදීන්ගෙ සොහොන් අපට මොටද, ඕක විනාශ කරලා මොකක් හරි වැඩකට ඇති දෙයක් ගැහුවනම් මොකද කියලා".. ඔහොම කතා කියන අයගෙයි, බාමියන් බුදුපිළිම විනාශ කරපු තලේබාන් කාරයින්ගෙයි අතර මට නම් වැඩි වෙනසක් පේන්නෙ නෑ..

      Delete
    8. @ රන්

      නොක්ස් කියන විදිහට කන්ද උඩරටට "Kandy" කියන නම ලැබෙන්නේ කන්ද කියන වචනේ විදේශිකයන් උච්චාරණය ආකාරය අනුව

      @ Buratheno

      //... ඔහොම කතා කියන අයගෙයි, බාමියන් බුදුපිළිම විනාශ කරපු තලේබාන් කාරයින්ගෙයි අතර මට නම් වැඩි වෙනසක් පේන්නෙ නෑ..///

      +++++

      Delete
  6. Pissu kelinna epa...
    Api inna Nuwara gana api dannawa.. Me nama haduna widiya gana Maarayathumaa kiyala thiyana kathaawa hari. E Rajathuma thamayi 3nwana Wickramabaahu Rajathuma..
    E kathaawa serama mama dannawa eth type karanna amaaruyi phone 1n...
    Ow oka aprasiddawa thiyana 1 hondayi naththam okath dosar wewi...

    ReplyDelete
    Replies
    1. දැනටත් වැඩි කලක් නොයා ඩෝසර් වෙයි වගේ කියලා හිතෙනවා.. ඩෝසර් වීමටත් වඩා මෙයිට පහලින් කෙරෙන වැඩ හින්දා මෙතන නාය යන්ට පුළුවන්...

      Delete
  7. මාරයියේ ඔය වල් වැදිලා තියන ඒවා එහෙම්ම තිබ්බාවේ,,බ්ලොග් වලින් හරි ප්‍රසිද්ධ කලාම ඕවා විනාශ වීම ඉක්මන් වෙනවා...

    ReplyDelete
    Replies
    1. දැනටත් ඒකට වැඩේ සිද්ධ වෙන හැටියක් පේන්න තියෙනවා ඩිලා... ඒ හින්දා දැනට තියෙනවට වඩා පරිස්සමක් මේකට උවමනායි... හානිය වෙන්නේ බලන්න යන අයට වඩා මෙතැනට පහලින් පදිංචි අයගේ ඉදිකිරීම් නිසා...

      Delete
  8. සෙම කඩපු ගල් අපි දන්නෙ නැහැ බං. අපි දන්නෙ රජවරු තෙල් මාරු කරපු ගල් ගැන.

    ReplyDelete
    Replies
    1. උඹ දන්නේ ඒ ගල් ගැන විතරමද සෑම් මල්ලියේ...?

      Delete
  9. සෙංකඩගල පුරයට නම හැදුන හැටි ගැන හසිත කියල තියෙන කතාව මමත් අහල තියෙනව ටිකක් වෙනස් විදියට. ඒ කතාවේ චරිත වෙන්නේ නයා සහ මුගටියා.

    ReplyDelete
    Replies
    1. @ meeghaya

      නයා මුගටියා කතාවක් තව වර්ෂන් එකක එනවා තමා. නයා මුගටියා කතාව මට හොඳටම ඔළුවේ තියෙන්නේ කෝට්ටේ බලකොටුව හදන්නේ ඒ ප්‍රදේශය තෝරාගන්න අලකේශ්වරට තිබුණු හේතුව විදිහට

      Delete
  10. මු කන්දක් නැගලා ,අපිට තියෙන රුදාවක්‌ ,ඇයි යකෝ දැන් පොස්ට් කීයක්ද?දැන් කඳු ගැන ඇති තැනිතලාවක් ගැන ලියපිය

    ReplyDelete
  11. මාරයියත් එසේ මෙසේ පොරක් නෙවේ බලන් ගියාම.

    ReplyDelete
  12. මාරයියගේ පොස්ට් එක බලලා බැළුවේ හසිත මලයා කමෙන්ට් කරලද කියලා.. ඒකත් හරි.. පෝස්ට් එක සම්පූර්ණයි..

    මාරයියත් මේ හැංගිච්ච ඒවමනේ හොයන් යන්නේ..

    ReplyDelete
  13. මේක අපි නලින්ට දෙමු. එතකොට දිනමිණ පත්තරේට දාන්න පුළුවන්. එතනින සාධාරණයක් වෙයි කියලා හිතාගෙන නෙවෙයි. එතකොට මෙතනට මොනවා හරි කරන්න හිතාගෙන ඉන්න උන් ටික කාලයක් වත් පස්ස ගහයි කියන විශ්වාසෙට.

    ReplyDelete
  14. ආරක්ෂා කලයුතු තැන් කොපමනනම් තියෙනවද ජරාවාස වෙලා.ඒවාට පත්කරල ඉන්න නිධාරීන් ට උවමනාවක් නැහැ.

    ReplyDelete
  15. රට පුරා නිදන් හාරනකොට, කඩු හොරකම් කරනකොට, කෞතුකාගාරය කොල්ල කනකොට, මේ සම්බන්ධයෙන් දැනුමක් ඇති මිනිස්සු පවා නිහඬව ඉන්නව ඇති. සුදීක කිව්වා වගේ නලින්ට දීලා බැලුවොත් හොඳයි.

    ReplyDelete
  16. mata post ekai comment tikai tapalila kokada hari kiyala hita gana baha.
    Jayawewa.

    ReplyDelete
  17. සෙංඛන්ඩ තාපසයා නාථ දේවාලයත් පැරණි ධර්මරාජ ප්‍රාථමිකයත් අතර තියෙන බෝධිය යට වාසය කලා කියලත් කියනවා...

    ReplyDelete
    Replies
    1. @ kandyan

      අනුරාධපුරයේ දේවානම්පියතිස්ස කාලයේ දෙතිස් ඵලරූහ බෝධි ශාඛාවක් මේ ප්‍රදේශයට වැඩම කරවපු බමුණෙක් නාථ දේවාලය බිමේ ඒක රෝපණය කළා කියලාත් කතාවක් තියෙනවා. ඒ බමුණාගේ නමත් නාථ කියලා කියනවා.

      Delete
    2. ඒ විස්තරේ නම් අදමයි ඇහුවේ..බොහොම ස්තුතියි කිව්වා...

      Delete
  18. ඉතාම වැදගත් එයිතිහාසික තැනක් ගැන ලිව්වාට මාරයා මල්ලිටත්, වැඩිදුර තොරතුරු ගෙන ආ හසිත මල්ලිටත් ස්තුතියි ..!

    ReplyDelete