21 April 2013

සයිබර් සිහින උළෙල සහ නොකියා බැරි කොමට කියන කතා...





කලින් යන්න කියලා හිතං හිටියේ නැතත් දැන් දවස් කිහිපයකට කලින් මට හිතිලා තිබුනා ඕන මගුලක් කියලා ඔන්න ඔහේ මේකට යන්ට ඕන කියලා.. ඒ හින්දා තිබුන වැඩ එහෙ මෙහෙ කොරං ඔන්න ගියා උදෑහනක්කෙම පොට් එක හොයං...

ඔව් ඔව් අපි එහෙමයි..යනවනං තැනකට වේලපහම යනවා...


ඒත් මුලින්ම වෙන්නේ දෙඤ්ඤං බැටේ කතාවක්.. ඒ තමා සයිබර් සිහින උළෙල සංවිධානය කල උදවියගේ මුල්ම වැරැද්ද..

සිතියම යකෝ සිතියම... මුංදලා මේක තියෙන්නේ ජාතික තරුණ මධ්‍යාස්ථානයක කියලා තිබුනට ඒ කට යන සිතියම කියලා අදාල බ්ලොගයේ දාලා තිබුනේ ඔන්න ඔය කොහේද යන සිතියමක්... ඒකේ හැටියට යන්න වෙන්නේ අදාල තැනට නෙවෙයි වෙන මොකක්ද පන්සල පාරකට... කෝකටත් යන්න කලින් ගූගල් දෙයියගෙන් අහලා බැළුවම ඒ සිතියම යන තැන පිට්ටනියක් තියා හරි හමන් මිදුලක්වත් පෙන්නුං කොරන්නේ නැහැ.. ඒ පාර උදේ යන්න කිට්ටු වෙලා දෙතුන් දෙනෙකුට කෝල් කරලා යන්තං තැන අහගත්තා.. බැලින්නං මේ අපි ආදිකාලයක් තිස්සේ දන්න ජාතික තරුණ සේවා සභාව මහරගම කියන පොට් එක නෙව... ඕක ඒ සිංහලෙන් කිව්වනං එකක්...  එහෙමත් නැතිව අර වගේ සිතියමක් දැම්මම හරියනවද...?

අනික මේ වගේ වැඩක් කොරද්දී වැදගත්ම දේ එතැනට එන හැටි පැහැදිලිව කියන එක නෙව... මෙච්චර අන්තර්ජාලේ බඩගාන උදවිය මෙහෙම දෙයක් කොරන්න ගියාම එතැනට යන හැටිවත් පැහැදිලිව සිතියමකින් දක්වන්න බැරි වීම ගැන ඔන්න මුලින්ම දොස් තියලා හිටින්න ඕන... 

හා හා දැන් ඉතිං සංවිධායක උදවිය දුවලා ගිහිල්ලා බලහල්ලා සිතියම කොහොමද පෙන්නන්නේ කියලා..? බොලලා සිතියමක් හරියට දාන හැටි දන්නේ නැත්තං අර හීන කොල්ලගෙන් අහගනිල්ලා... :D 

ඒකා තමා මටත් මුලින්ම ඔය සිතියං කෙරුවාව ගැන කියා දුන්නේ.. දැන් රට තොට කරක් ගහන හින්දා ඔය ගූගල් දෙයියගේ මැප් එකේ තියෙන වටිනාකොම මං හොඳටම දන්නවා... මොකද මොකා බොරු කිව්වත් ගූගල් මැප් එක බොරු කියන්නේ නැහැ.. ඒ වගට ඔය ගමනක් බිමනක් යන්න කලින් ඒ පැත්ත ගැන මං දන්න දේවල් මොනවද කියලා අහලා කරලා ඒ ගමන යන අපේ කෙහෙල් කොටුවේ බුද්ධි කොලුවගෙන් අහලා බලන්නට..මේක කොයි තරංනං වැදගත් දෙයක්ද කියලා..?

හරි එතැනින් ගියාම ඔන්න කොහොම හරි තැනට ගියා කියමුකෝ... කලින් නං දීලා තිබුනේ නැති හින්දා ආයේ අනං මනං නැතිව බයිසි කටුව පාරේ අයිනෙම දාලා අපි ගියා ඇත්ලට.. අපි කිව්වේ මං වගේම නොදන්වා ආව එකෙක් වෙච්ච අර පෙට්ටගං ජෝන් අයියා එක්ක... වංගු වංගු අරං පිට්ටනියට ගියාම මෙන්න එතැන ඉන්නවා අර චතු මිතුවා මේස ලෑල්ලකුත් දාං ටිකට් කඩන්න... ටිකට් ගන්න කලියෙන් මං අහලා හිටියා කලින් නොදන්වා ආව හින්දා කෑම අනං මනං දෙන්න අපහසු වගේද කියලා.. මොකද අපේ පිස්සු හින්දා සංවිධායකයින්ට අපහසුවක් වෙන්ට තියන්ට බැහැනේ... ඒත් ඒ ගැන අවුලක් නැහැ කියලා ඔන්න ටිකැට්ටුවකුත් දුන්නා... හැබැයි ඒ මේසේත් එතැනම නැතිව ටිකක් එයිට කලින් පඩි පෙල මුලටම වගේ හරි පඩි පෙල උඩටම හරි අරං හෙවනකින් තියාගත්තනං තවත් සාර්ථකයි කියලත් කියන්ට ඕන.. 

මොකද හුග දෙනෙකුට ආව ගමන් අර මේසේ පේන්න කලින් අනිත් යාළුවන්ව පේන්න ගන්නවා.. එතකොට මේසේ පැත්තට යන එක නැවතිලා නිකංම ඇදෙන්නේ යාළුවෝ ගාවට.. එහෙම උනාම මුලින්ම කට්ටිය රෙජිස්ටර් වෙන්න පරක්කු වෙනවා නෙව... අන්තිමට දවල් වෙලා බඩගින්න දැනෙනකොට තමා වැඩි හරියක් කට්ටිය දුවලා ගෙහුං ටිකැට් අරං නං ගං ලියලා ආවේ... අර සිදු වෙච්ච ආහාර ප්‍රමාදයට ඒක හේතු වෙන්න ඇති කියලා හිතෙන හින්දා ආහාර ප්‍රමාදයක් වීම ගැන සංවිධායක මණ්ඩලේට දෝසයක් තියන්ට හැටියක් නැහැ.. හැබැයි අර කිව්වා වගේ ටිකක් කට්ටිය ඇතුලට ඇවිත් අනිත් අයත් එක්ක මුහු වෙන්ට කලියෙන්ම ටිකැට් කඩන කට්ටිය හිටියනං ඔය අවුලත් විසදගන්ට තිබුනා... ඒකට ආදර්ශයක් ගන්ට ඕනනං අර අපේ වැප් මල්ලිගෙන් අහන්ට තිබුනා.. උන්දැනං මුල්ම අවුරුදු උත්සවේදී පාර අයිනෙම හිටගෙන කැඩුවා ටිකට් කැඩිල්ලක්.. පස්සේ බලද්දී ආරාධිත අමුත්තන්ටත් පොර ටිකට් කඩලා... අන්න එහෙමයි වැඩ කරන්ට ඕන.. :D

එයින් පස්සේ ඉතිං ඔන්න කියාපු වෙලාවට බොහෝම පරමාද වෙලා හරි වැඩේ පටන් ගත්තා... තරඟත් පැවැත්තුනා... මාත් ඉතිං අති උද්වේගකර තරගයක් වෙච්ච බනිස් කෑම තරගයට සහභාගී උනා මුල්ම අවුරුදු උත්සවේ වගේම... ඇත්තම කිව්වොත් උදේටත් හරියට කාලා නොගිය හින්දා මං අති සාර්ථක විදියට බනිස් පහක් කාලා තරගේ දිනුවා උනත් උන්දලා තෑගි දුන්නේනං තනි පනිසක් කාලා ආපහු දිව්ව උන්ට.. හැබැයි ඉතිං මං හිතං හිටියේ බනිස් කෑමේ තරගේ කිව්වම බනිස් ගොඩාරියක් කාපු එකා දිනන්නේ කියලා... අපරාදේ කියන්න බැහැ මං පැදුරේ වාඩි වෙලා හීන් සීරුවට බනිස් කද්දී අහල පහල එල්ලලා තිබුන බනිස් ගෙඩිත් නූල් වලින් ගලෝලා මගේ අතේ තියාපු නංගිලා මල්ලිලාටයි... හිරවෙයි කියලා බයට කන ගමන් බොන්න කියාල මට කිරිං සෝඩා බෝතලයක් දුන්න කෙනාටයි බොහෝම ස්තූතියි... හැබැයි ඉතිං බනිස් කාලා ඉවර වෙද්දී ප්ලේන්ටියකුත් දුන්නනං තමා වැඩේ සංපූර්ණ වෙන්නේ... ඒ ගැනත් සංවිධායක ඇත්තෝ සලකා බැළුවොත් හොඳා.. :D


කොහොම කොහොම හරි ඔන්න උදේ ඉදන් රෑ වෙනකල්ම වගේ එතැන ගත කොරලා බොහෝම සංතෝසෙන් අනිත් අයත් එක්ක කතා බහ කොරලා විහිළු තහළු කොරලා..මඩ ගහගෙන මං ගෙදර ආවා... ඒ අතරේ මුළු අවුරුදු උත්සවේම නස්කූනි කල ගෑණු ළමයි දෙන්නාගේ වලිය ගැන මං මෙතැන නොකිව්වට හෙට අනිද්දා වෙද්දී ඔය හැම තැනම ඇනෝලා හරි කියයි... ඒ ගැන මං ආයේ අමුතුවෙන් කියන්ට යන්න ඕන නැහැ... ඒ දෙපාර්සවේටම කියන්න තියෙන්නේ එක දෙයයි... උඹලා දුර දිග නොහිතා මරා ගත්තම අහල පහල ඉන්න උන්.. ඔව් ඔව් අපිත් ඇතුළුව තමා... අන්න උන් ඒකෙන් ආතල් ගන්නවා ඇර උඹලා දිනුවා වෙන්නේ නැහැ... ඒ හින්දා මෙයිට පස්සේවත් ලෝකේ හිනස්සන්නේ නැතිව සිහි බුද්ධියෙන් වැඩ කොරහල්ලා... සයිබරේ කියන්නේ මුළු ලෝකෙම නෙවෙයි.. මේක මේ කන්හැන්දක් තරංවත් ලොකු දෙයක් නෙවෙයි.. බොලා මේක මහා පරිමාණෙන් හිතලා නිකං වෛර බැඳන් තමුන්ගේ තත්වේ අනිත් අය ඉස්සරහා බාල්දු කරවගන්ට එපා... ගහ මරා ගන්ට ඕනනං ඒකට හරි හමන් හේතුවක් හොයා ගනිල්ලා... මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවල තියෙන බරපතලකං වල හැටියට උඹලා මේ සත්තු සරපයි වගේ හැසිරෙන්නේ තුට්ටු දෙකක් වටින්නේ නැති දේවල් වලට... ඒකයි දුක... අනික එයින් එක්කෙනෙක් මං දන්නා තරමින් මේකේ ප්‍රධාන සංවිධායිකවරියක්... මෙහෙම තැන්වලදී තමුන්ගේ පෞද්ගලික කෝන්තර පැත්තක දාලා ඉවසීමෙන් යුතුව තමුන් හොබවන තනතුරේ ගෞරවය රකින්න හා කරන කාරිය ගැන හිතලා අනිත් හැම දේම පැත්තකට දාලා ඒ දේ සාර්ථක කරවන්න බැරිනං ඒක තමුන් ලද තනතුර හෑල්ලු කිරීමක් වෙන වගත් සිහි තියාගන්ට ඕන... මෙතැනදී තමුන් අසාර්ථක වෙන්නේ කරන වැඩේ අසාර්ථක උනොත්... මොන දේ හරි ඉවසගෙන කරන වැඩේ අඩුවක් නොවන්න ගොඩ දැම්මොත් අනිත් සියළු දේම පැත්තක දාලා මිනිස්සු කියන්නේ මොනවා උනත් ප්‍රශ්න පැත්තක තියලා වැඩේ හරියට කරන්න දන්න ළමෙක් කියලා මිස වෙන දේවල් නෙවෙයි... ඒ දේ එහෙම කරගන්ට බැරි උනාම සිද්ධ වෙන්නේ තමුන් දරණ තනතුරට තමුන් නුසුදුසු කෙනෙක් කියලා හැමෝම ඉදිරියේ විදහා දැක්වීමක්...

මේ ටික කිව්වට ඔය දෙපාර්ෂවයේම උදවිය මාත් එක්ක අමනාප වෙන්න එපා... ආයේ තැන තැන කිය කිය ඇවිදිනවට වඩා මෙහෙම කියලා දැම්මම හැදෙනවනං හැදෙයි.. නැත්තං තව දුරටත් රට්ටු හිනස්ස හිනස්ස  තමුන් කැමති පදයක් තමුන්ට රිසි ආකාරයට ගහ ගනී කියලා හිතලයි...

ඊ ළගට තව කියන්ට තියෙන්නේ ඝෝෂාකාරී සංගීතය ගැන...

මේක එක එක්කෙනා එක එක කෝණයෙන් දකී.. සමහර විට මං දැකපු කෝණය වැරදිම කෝණය වෙන්න ඇති.. ඒත් මං දැකපු විදියත් නොකියා බැහැ...

කාලෙත් එක්ක හැම දේම වෙනස් වෙද්දී අපිට විතරක් පරණ විදියටම හැම දේම කරන්න බැහැ තමා... ඒත් ටිකක් හරි කාරණා කාරණා ගැන සංවේදීව හිතලා ඒ ඒ දේවල් සකස් කරගන්ට උනන්දු වෙනවනං වඩාත් හොදයි...

ඇත්තම කිව්වොත් මේක අවුරුදු උත්සවයක් හැටියටම ගන්ට බැහැ. ඒ හින්දා මං කියන්නේ නැහැ මේක එෆ් එම් රේඩියෝවක යන වැඩසටහනක් ගානට දාලා තොර තෝංචියක් නැතිව සංගීතය අස්සේ චර බර ගාන මට්ටමේ වැඩසටහනක් කරන්න එපා කියලා... සාම්ප්‍රධායික අවුරුදු උත්සවයක වගේ එවෙලෙට පවතින ඉසව්වට සිටිනා අයගේ සම්පූර්න අවාධානය යොමු කරවාගන්න සමත් නොවීම මං නිවේදක නිවේදිකාවන්ගෙන් දැක්ක ලොකු දුර්වල කමක්... සමහර විට ළමයි ටික මේක බස් රේඩියෝවත් සමග සමගාමිව කරගෙන යන හින්දා ඒක වෙන්න ඇති. ඒත් පළමු අවුරුදු උත්සවයේදී අපි මයික් කටා කියලා ආදරෙන් හඳුන්වපු මුචා හෙවත් කවුරුත් දන්නා රචින්ත ජයවර්ධනට මෙයිට වඩා හොද හැකියාවක් තිබුනා අවුරුදු උත්සවේ සිටිනා අයගේ අවධානය පැහැර ගන්න හැකි ආකාරයට ඒ දේ කරන්න... ඒ හින්දා මෙහෙම දෙයක් කරද්දී ඒ වගේ අත්දැකීම් ඇති අයගෙන් තරමක් දුරට හෝ උපදෙස් ගැනීමත්... ඒ අයගේ දායකත්වය වැඩේට සරිලන පරිදි ලබා ගැනීමත් බොහොම වැදගත්.. අවසාන පැය කිහිපයේදී මයික් එක ලසිත බෙනරගමට හා දුලිප් සිකුරාජපති(ඕනයා) අතට වැඩි වේලාවක් පත් වීම හරහා ඒ වෙලාවේ සිටිය අයගේ අවධානය තරඟය තියෙන තැනට ඉතාමත් සාර්ථකව ඇදගත්ත හැටි ගැන කල්පනා කරලා බලන්න වටිනවා... මං මේ ටික කියන්නේ උදේ වරුවේ විදුලිය විසන්ධි වීම නිසා සුළු වේලාවකට සංනිවේදන කටයුතු කිරීමේදී ඇති උන අපහසු මට්ටමේ කාල සීමාව ගැන නෙවෙයි.. සමස්ථ කාලයම සලකලා.. අනිත් දේ තමා අර සංගීත සපයාපු උදවියගෙන් වැඩේ ගැනීමේදී ඒක නිසි පාලනයකින් යුතුව ගැනීමට සංවිධායක පිරිස සමත් විය යුතුය කියන කාරනේ...

සෑම වෙලේම ඒ කිව්වේ නිවේදක නිවේදීකාවන් සිය නිවේදන කටයුතු කරදිදී පවා.. ඒ හඩවල් මැකෙන පරිදි අර ඝෝෂාකාරී සංගීතය පසුබිමින් නැගෙන්නට වීම... ඇත්තටම ඒක පුදුම අපහසු කාරණයක්.. මුලින්ම ඒ අයට පැහැදිලි කර දිය යුතුව තිබුනා මේක ඔහෙලගේ සංගීතයෙන් එන උන්ගේ කන් පුරවන්න කරන දෙයක් නෙවෙයි කියන දේ... සුදුසු අවස්ථාවලදී ඒ ශබ්ද නවතා දමා නිවේදන වලට ප්‍රමුඛතාවය දී කටයුතු කරන ආකාරය ගැන කතා බස් කරගෙන සුදුසු උපදෙස් දීලා තිබුනනං මං හිතන්නේ නිවේදක නිවේදිකාවන්ගේ තත්වය මෙයිට වඩා බොහෝම උසස් වෙන්න තිබුනා...

අනිත් වැදගත්ම දේ තමා මෙතැනට එන අය සාමාන්‍ය අවුරුදු උත්සවයකට එන අයට වඩා සුවිශේෂ පිරිසක්.. සාමාන්‍ය ගමක තියෙන අවුරුදු උත්සවේකනං ඒකට එන්නේ අහල පහල උදවිය තමා වැඩිපුරම... ඉතිං කෑ කෝ ගහලා විනෝද වෙලා යනවා ඇර ඒ අයට කතා කරන්න තරං මහා ලොකු දේවක් නැහැ.. මොකදඋ දේ හවහා හම්බු වෙන අයට මේ අවුරුදු උත්සව බිමක ආගිය තොරතුරු කතා බස් කොර කොර ඉන්න දෙයක් නැහැනේ...

ඒත් මෙතැනදී තත්වය බොහෝම වෙනස්... මේ එකතු වෙන පිරිස ගමක උදවිය නෙවෙයි..අඩුම ගානේ ලංකාවේ විතරක් අයවත් නෙවෙයි... රට රට වලින් ආව උදවිය... ඒ අතරෙ මේ සඳහාම ආව අයත් හිටියා... ඉතිං එහෙම එන අයට අවුරුදු උත්සවය වගේම තමතමුන්ගේ හිතමිතුරු බ්ලොග් කරුවන් හමු වීමට තියෙන තැන තමා මේක... ඉතිං කියන්න කතා කොච්චර තියෙනවද..? ඒත් මහා ඝෝසාවක් සේ නැගෙන සංගීතය හමුවේ මහ හඩින් කෑ ගසමින් එකිනෙකාට කතා බස් කිරීමට සිදු වීම ටික වේලාවක් යනවිට තරමක අපහසු කාරියක්... ඒ හින්දා ඒ ගැනත් හිතලා ලොව පුරා සිට පැමිණි අයට මොහොතක් සැහැල්ලුවෙන් කතා බස් කරලා දැන හදුන ගන්න අවස්ථාව සලසා දීමත් කෙරෙනවනං ඒකත් වැදගත්... පැමිණි පිරිසට එකිනෙකා ගැන දැන ගන්න සුළු මොහොතක් හෝ වෙන් කර දීමත් සිදු නොවුනා කියලයි මං හිතන්නේ... දෙවැනි අවුරුදු උත්සවයේදී ඒක උනාද කියලා මං දන්නේ නැහැ.. හැබැයි පලවෙනි අවුරුදු උත්සවේදී ඒකටත් සුළු මොහොතක් වෙන් උනා...

මෙන්න මේ වගේ අඩුපාඩු රැසක් දකින්න සිද්ධ වීම නිසා ඒ ටික කියන්න සිද්ධ වීම ගැන මං කණගාටු වෙනවා.. ඒත් කවුරුම හරි නොකිව්වොත් ඒකත් අඩුපාඩුවක් වෙනවා.. මොකද මේ පවත්වන්නේ පලමුවෙනි වතාවට නෙවෙයි තුන් වැනි වතාවට නිසා... කලින් ඒවෑත් අත්දැකීම් අරගෙන මේ වෙද්දී පළමු අවුරුදු උත්සවයටත් වැඩිය සාර්ථක අවුරුදු උත්සවයක් දකින්න බලාගෙන ආව මම වගේම බොහෝ පිරිසක් ඒක එහෙම උනා කියලා සතුටින් ගියා කියලා මට හිතන්න අමාරුයි.. අනිත් අය කොහොම උනත් මංනං ආවේ ඒ සතුට හිතේ දරාගෙන නොවන බවත් කියන්න ඕන... සංවිධායක උදවියගේ මහන්සිය හෑල්ලු කරන්න හිතලා ලිව්වා නෙවෙයි... ඒ අය මහන්සි උන බව පේන්න තිබුනා උනත් තව ටිකක් මෙයිට වඩා වැඩේ කල යුතුයි කියන්නයි මේ ටික කිව්වේ...

ඒ කොහොම උනත් මේ අලකලංචි අස්සේ ආතල් නැත්තේම නැහැ කියන්න බැහැ... ඒ ආතල් ලබා දීපු ආව ගිය හැමෝටමත්.. දැන හෝ නොහැදි කතා බස් කරලා දැන හඳුනාගත්ත හැමෝටමයි... මේ තරමින්වත් වැඩේ කරන්නට සමත් වූ සංවිධායක මණ්ඩලයටයි ස්තූති කරමින් මගේ කතාව මින් අවසන් කරමි...



අසා..නැහැ කියවා සිටි ඔබ සැමට ස්තූතියි...

ගත්ත පිංතූර හැම එකක්ම බුකියේ දානවා තව ටිකකින්....

85 comments:

  1. නාවට දුකයි දැන්
    එනිවේ ඔය ග්‍රවුන්ඩ් එක කියපු එක යූත් එකේ ග්‍රවුන්ඩ් එක කියලා මං දන්නෙත් අද උදේ

    ReplyDelete
    Replies
    1. කියලා තිබුන විදියට මං හිතුවෙත් වෙන මොකක් හරි කියලා...

      Delete
  2. සුවනියර් එකේ මගේ ඇඩ් එක තිබුනද බන්?

    ReplyDelete
    Replies
    1. තිබුනා තිබුනා මුල් පිටේම... ඒක දැකලා මට හිනාවෙනවද අඩනවද කියලා හිතාගන්න බැරි උනා...

      Delete
    2. ඒකනේ බොල ඇඩ් එක .

      Delete
    3. :D පට්ට ඇඩ් එක :P

      Delete
    4. මාත් ඒක දිග ඇරල දෙතුන් දෙනෙක්ට පෙන්නුවා.

      මැක්සා පාර ඇහ් :ඩී

      Delete
  3. සද්දේ අහගෙන හිටියා .. උදේ කරන්ට් එක නැතිවෙච්ච එකෙන් මං ඒත් හිතුවා වැඩේ අවුල් වෙයිද දන් නෑ කියලා...

    ReplyDelete
    Replies
    1. පල පල තෝ ආවේ නැනේ

      Delete
    2. මං උත්තර දෙන්න දෙයක් නැහැ..ඔය අහගත්තේ :D

      Delete
    3. දැං කවුද කියන්නේ මං ආවේ නෑ කියලා... හි හි....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. නෙද්දකින්...කියන කැත!

      Delete
  4. පහුගිය අවුරුදු උස්සව වලට සාභාගි නොවිච්ච නිසා පහුගිය එවුවට වඩා චාටර්ද සුපිරිද කියන්නනං දන්නෑ..
    නමුත් මං මීට කලිං සහභාගි වෙලා තිබුන එවුවට වඩානං හොද මට්ටමක තිබ්බා..
    මාරයියා කියපු එවුවා එක්කත් මං එකගයි..
    දැක හදුන ගන්න ලැබීම ගැනත් බොහොම සතුටුයි!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හදුනා ගැනීම සතුටක් මටත්... කලින් මං ගිහින් තිබුනෙත් පලවෙනි එකට විතරයි මල්ලි... ඒකයි තුන් වැනි එකේදී පරිණත ගතියක් අපේක්ෂා කලේ...

      Delete
  5. මට නම් එන්න බැරිවුනා..ඒත් මේ වගේ පෝස්ට් එකක් සංවිධායක මන්ඩලය වැරදියට තේරුම් ගන්න එපා...
    අපි වැඩක් කලාම හොද බලාපොරොත්තු වෙන්න බැහැ වැරදි තමයි අහගන්න ඕනි..
    මොකද අපි අද වැඩක් කරලා හෙට මැරිලා යන්නෙ නැහැ..තව කල් ජිවත් වෙනවා..ඒ කියන්නෙ අපිට වෙනත් විවිධ අවස්ථා සංවිධානය කරන්න ලැබෙයි..

    මේ වගේ දේවල්වලින් අපි ලබාගන්න අත්දැකීම් විවිධ අය ඒවා දකින විදිය අනුව අපිට දේවල් ඉගනගන්න පුලුවන්..ඒවා තමයි වැදගත්...

    අද සමාජය වුනත් ගත්තොත් විසාල උගතුන් ගානක් හිටියත් සාර්ථක සංවිධායකවරුන් ඉන්නෙ ඉතාම අඩුවෙන්..
    ඒ නිසා මේ විවේචන හරි විදියට අරගෙන අලුතින් මෙව්වා වෙන්න පාවිච්චි කරයි කියලා මම හිතනවා...

    මට එන්න බැරිවුන එකට සොරිය ප්‍රකාශ කරමි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක කිව්වේ වරදවා තේරුම් අරං මාත් එක්ක කේන්ති ගන්න නෙවෙයි තමා.. ඒක ගැන කිව්ව එකට බොහෝම ස්තූතියි අමිල... නොකියාම හිටියොත් ආයේ හදා ගන්න වෙන්නේ නැති හින්දා තැන තැන කිය කිය ඇවිදින්නේ නැතිව මට හිතෙන දේවල් කියන්න තියෙන හොදම තැනේ මෙහෙම ලියලා දැම්මේ...

      Delete
  6. ගල් සහා මල් හුඟක් හැමතැනම තියනවානේ අෆ්ෆා කොම වුනත් කට්ටිය අඳුරගන්න ලැබිමනම් හුඟක් සතුටුයි :) :)

    ReplyDelete
  7. අඩෝ පසික්කාට්ටුවා තෝ බනිස් පහක් නෙ‍මෙයි හයක් කෑවා,

    ReplyDelete
    Replies
    1. හරියටම ගණන් තියා ගන්න බැරි උනා බං.. මට ගැනුනේ 5යි කියලා... සමහර විට නොදැනිම 6ක් කැවෙන්න ඇති... :D

      Delete
    2. ඉතිං අටං මොටද ඒක ගැන්නෙ .... ම් .......

      Delete
    3. @DDT
      ඌත් හිතාගෙන ඉදලා තියෙන්නෙ කන බනිස් ගානටයි ප්ලේස් එක කියලා....ඒකයි ගැනලා තියෙන්නෙ.

      Delete
  8. කියලා තියෙන හැමදේම ඇත්ත කලින් අවුරුදු උත්සව දෙකේදිම නොදැනුණ මොකක්දෝ අසම්පූර්ණ බවක් දැනුනා

    ReplyDelete

  9. එල එල ගොඩක් සතුටුයි මචන්ලා...
    +++++++++++++++++++++++

    ReplyDelete
  10. කනගාටුයි එන්න බැරි වුන එක ගැන. අවිස්සාවේල්ලට එනකන් ඇවිත් හදිස්සි වැඩක් යෙදුන හින්ද අපහු හැරිල ගියා. අපරාදෙ.

    ReplyDelete
  11. කනගාටුයි එන්න බැරි වුන එක ගැන. අවිස්සාවේල්ලට එනකන් ඇවිත් හදිස්සි වැඩක් යෙදුන හින්ද අපහු හැරිල ගියා. අපරාදෙ.

    ReplyDelete
  12. ගම්පහ ගෙට්‍ටුවේදි නම් සංගීතය නිසිපරිදි යොදාගෙන තිබුනු බව සතුටින් කිව යුතුයි.

    පැමිනීමට නොහැකි වීම ගැන කනගා‍ටුයි.

    ReplyDelete
    Replies
    1. වියා ආවෙ නැත්තෙ මොකෝ :(
      මායි නිශානුයි වීයාව හෙව්වා

      Delete
    2. වෛරස් උන බං..!

      ස්තූතියි බං මතක් උනාට..! :))

      Delete
  13. බනිස් කැව්වෙ මං :D

    ReplyDelete
  14. මීට කලිං අවුරුදු උස්සව දැකලා නැද්ද මනුස්සයො ?
    නිකං යනවා යන්න වැඩක් බලාගෙන...

    ReplyDelete
  15. මාරයා අයියාගෙ බ්ලොග් පෝස්ට් එක සම්පූර්ණයෙන් කියෙව්වා.... මේ අදහස් හරි වටිනවා..

    ReplyDelete
  16. ජෝඩු දාලා බනිස් කෑවේ කව්ද මාරයියේ?

    ReplyDelete
  17. මේ ටික උඹට කියපු එක හොදයි අයියේ..

    ReplyDelete
  18. මම මිට කාලෙකට කලින් කාපු වැරැදි උඹ දැන් කරනවා වගෙ.. මමත් බැලුම්මහර හිටියෙ ඔය මගුලක විත්තියක් දන්නෙ නැහැ... දන්නවා නම් එනවා රවුමක් දාලා යන්න..

    ReplyDelete
  19. ෂෙහ් ... මෙයා තොරණෙ විස්තරේ ‘සම්පූර්ණයෙන් අසංක්‍ෂිප්තව‘ දාලා නොවැ.

    ReplyDelete
  20. කියන්න තිබෙන හැමදේම වගේ මාරයියා කියා තිබෙන නිසා අලුතින් එකතු කරන්නට දෙයක් නැත. කවුරු අහන්න කැමති වුණත් අකමැති වුණත් හැමෝටම කියා ගන්නට බැරි වුණු අවංක කාරනා දෙකක් තුනක් ඒ ඇතුළේ ඇති බැවින් කියෝපු හැමෝටම හොඳ හුස්මක් අරං තමන් එදා එතන හිටි හැටි සිහියට නගාගෙන ආයෙම සැරයක් කියවන ලෙස ආරාධනා කරමි.

    ReplyDelete
  21. සංවිධායක මණ්ඩලය ගැනවත් උන වලිය ගැනවත් මුකුත් කියන්න බැ. අවේ නැති නිසා ඒ ගැන මුකුත් කියන්න බෑ.... එත් එතන උනේ පුද්ගලික තරහක් පිරිමහ ගැනීම නම් එක මහා නින්දිත වැඩක්... ඒ පාඩම මට කියලා දුන්නෙත් මාරයා අය්යාම තමා.. අය්යට අමතක නැතුව ඇති.....

    මොනවා උනත් මෙහෙම ලියපු එක වටිනවා... දෙවෙනි පාර එක ගැන මමත් සංවිධායක මණ්ඩලේ උන්නු නිසා දන්නවා අඩු පාඩු පොස්ට් වල ලියවුනේ නැ...

    වැරදි හදා ගන්න මිසක් ඒවා දැන් මෙතන කිවා කියලා කවුරුවත් තරහ ගැන ඕනේ නැනේ

    ReplyDelete
  22. වටිනා ඔවදන් ටිකක්..පැහැදිලිවම මාරයා අයියේ ඒ වගේ ඇහැකින් බලන කොට වෙනස් විය යුතු දේවල් වෙනස් කරගන්නත් සූදානම් විය යුතුයි..ඇත්තටම අගය කරනවා

    ReplyDelete
  23. අපිනම් ඉතින් ඔය ආවමයිලු .. හොදයිලු ..

    ReplyDelete
  24. අනිත් එව්වා කෙසේ වෙතත් ඇදුනා ගැනීම සතුටක් මාරයියේ., සිරාවටම සැබෑ ජීවිතේදී හරි වෙනස් විදියට ඉන්න නිසා ඇදුනා ගන්න අමාරුයි

    ReplyDelete
  25. මගේ කුමාරිහාමිව අවුරුදු කුමාරි කරපු එක ගැන මම එකෙන්ම සතුටු වෙමි....එකම අවුල ඇයට ලැබුනේ මට කිසිදු වටිනාකමක් නැති ත්‍යාග වීමය...

    ReplyDelete
    Replies
    1. ඇයි බොල ෆේෂල් එකක් එහෙම දාල පොඩ්ඩක් හිටහං.

      Delete
    2. ඒවා ඒකිට වටිනවා වටින්නේ නැත්තේ මට..ඒ සැලුන් එක ලේඩිස් ඔන්ලි ද කොහෙද :'(

      Delete
  26. මේකට මොනා කොටන්නද කියලා හිතාගන්න බෑ අප්පා. හැබැයි හැම ගෙට් එකකකදිම වඩා මේ සැරේනම් මන් පට්ටම ෆන් එකක් ගත්තා.

    ReplyDelete
  27. වසරින් වසර සංවිධායක මණ්ඩලය වෙනස් වීම නිසා, පෙර වැරදි නිවැරදි වීමක් කිසිදා නොවේවි.

    අදයි මාරයියාව සැට් වුනේ. උබ ආතල් එකේ කකුල් දෙක පද්ද පද්ද පැදුරෙ සැතපිලා බනිස් කාපු විදිහනම් සිරා ඇහ්...

    ජය !

    ReplyDelete
    Replies
    1. මීට කලින් මේ වගේ පෝස්ට් ලියවිලා ඇත්නං, අලුත් සංවිධායකවරුන්ට උනන්දුවත් ඇත්නං පහුවෙච්ච දේවල් ගැන හොයල බලල, වෙන්න තියන වැරදි අඩු පාඩු කලින්ම දැනගෙන, පෙර වැරදි නිවැරදි කරගන්න බැරි වෙන එකක් නෑ..

      Delete
  28. මාර බනිස් කෑමනම් මරු පින්තුර ටික හෙටම බුකියට එවන්නම්කො

    ReplyDelete
  29. වැරදි නිවැරදි කරගන්න පෙන්නලා දෙන එක හොඳයි. බොරුවට මූනට එකක් කියලා තැන් තැන් වල වැරදි කිය කිය යනවට වඩා!
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  30. හොද විග්‍රහයක් අයියා! බනිස් වැඩේ තමා වැඩේ!

    ReplyDelete
  31. මම උඹත් එක්ක කත කලා කියලා මට මතකයි.. පිළිතුරු ස්වරය විතරක් මම අමතක කලා...

    ReplyDelete
    Replies
    1. මාරය කියන්නෙ පරන පොළිස් කාරයෙක් නිසා හොරු වංචා කාරයො දැක්කම ඉබේම ස්වරෙ වෙනස් වෙනව ඇති!

      Delete
    2. ඔව්... ඒකත් ඇත්ත වෙන්න පුළුවන්... වෙනත් අදහස් තියෙනවද? :D

      Delete
    3. වෙන නෑ. මගේ සල්ලි ටික ආපහු දෙන්න කටයුතු කරනාං මහත්තයො ( විළි ලැජ්ජාව නැතුව තව මෙතන මහ ලොකු පොර වගේ කමෙන්ට් දාන්නත් එනව )

      Delete
    4. ඔබතුමාට රිසි වූ සහ අපේක්ශා කල මාර්ගයෙන් ඒ මුදල් ලැබේවි... අනුන්ගේ බ්ලොග් වල මගේ දේ කතා කර පුරුද්දක් නැති නිසා මීට එහා යමක් නොකියමි...

      Delete
  32. කටයුත්තේ ගුණාගුණ ගැන ලියපු හොදම පෝස්ට් එක මේක වෙන්න ඉඩ තියෙනවා....

    ReplyDelete
    Replies
    1. යැස් කනට ගහන්න වගේ උනත්.... මාරු ඈ.. මටත් කනට ගහන් වගේ කතවක් කිවුවා// මුලින් මම හිතුවේ මට නෙවෙයි කියල... පොඩ්ඩක් කල්පනකරනකොට.. තමයි කිවුවේ කාටද මොකක් සම්බන්දවද කියල මීටරේට වැටුනේ... නියමයි.. මාර අයියේ.. :D

      පට්ට ආසයි ඔය ක්‍රමේට.. ඕනි එකක් .. කෙලින් මුනට... තැන තැන නැහැ... එල ඈ

      Delete
  33. මාරයා වැඩියෙන්ම කන්න ආස මොන බනිස්ද?

    එන්න විදියක් නෑනේ, මොනවා උනත් මාරයා කියන්න ඕන දේ කෙලින් කියන මනුස්සය නිසා... මේ පොස්ට් එකෙන් ගත යුතු දේ ගත යුත්තෝ ගනිත්වා!!!!

    ReplyDelete
  34. සද්භාවයෙන් අඩුපාඩු පෙන්වා දීම කොහොමත් හොඳ දෙයක්.

    ReplyDelete
  35. මෙහෙම අඩුපාඩු පෙන්වල දෙන එක ඉතාම වටිනව.මීලග උත්සවයට මාසයකට පමණ පෙර ඔබට හැකිනම් ලිපියකින් සංවිධාන කටයුතු විය යුතු ආකාරය ගැන පැහැදිලි ලිපියක් දමන්න.එය බොහෝ දුරට සංවිධායක මඩුල්ලට ප්‍රයෝජනවත් වේවි.
    කතාව සාවදානව අසා සිටියෙමි.ඔබට ස්තුතියි!.

    ReplyDelete
  36. මම ආපු පලවෙනි එකනේ, නිවේදක නිවේදිකාවන් ගැන කියපු කතාවට සහ රේඩියෝ වැඩසටහන් සහ අවුරුදු උත්සවය පැටලීම ගැනද එකඟය, නමුත් මගේ මූලික අවශ්‍යතාවය උනේ කස්ටිය දැකගැනීම නිසා මේ ගැන වැඩිය නොහිතුවෙමි.

    ReplyDelete
  37. හම්මේ....... වෙන්ටෑ... මම හිතන්නේ...

    ReplyDelete
  38. අඩේ මාරය රැවුලකුත් එක්ක! :-)
    සද්දෙ නං මටත් අල්ලන්නෙම නැති වැඩක් තමයි. ඒත් අපේ කස්ටිය මොන දේ කලත් සිංදුවෙන්නේ....

    ReplyDelete
  39. මාරයාගේ මාර බනිස් කෑම වෙනියගේ ෆොටෝ වලින් දැක්කා.

    ReplyDelete
  40. මාත් ගියේ පළවෙනි වතාවට. ගේට් එක ගාව කිසිම දැන්වීමක් නැති නිසා පොඩ්ඩක් එලියෙ එහාට මෙහාට කැරකෙනකොට තොප්පියක් දාපු ඩයල් එකකුත් මං වගේම හොල්මං වෙලා ඉඳල ඇතුලට යන්න ගියා. මූනෙං නිකං සුමිත් නිරිඇල්ල අයිය වගේ හින්ද මාත් ඉතිං ඒ පස්සෙං ඇතුලට ගියා. අන්තිමට පඩිපෙල බහිද්දි බනිය දැක්කට පස්සෙ තමයි පොට් එක හරි කියල තේරුනේ.

    කොහොම උනත් උඹ කියල තියෙන කාරණා වලට එකඟයි. ඒ වගේම මේ තරමින් හරි මේක පවත්වන්න උත්සාහ ගත්තට සංවිධායක මණ්ඩලේට මාගේ ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. යූත් එකනම් මට අලුත් තැනක් නෙවෙයි....එත් මම හිතුවා ගේට් එක ළග අපේ කවුරුහරි ඉදියි කියලා (පොදු තැනක් නිසා අපේ අයව නියම තැනට යොමු කරන්න)[හැම දෙයක් ගැනම බලන්න අමාරුයි තමයි ඉතිං...]

      ප්‍රසා ගැන මම හිතාගෙන හිටියෙ අඩුම ගණනෙ අපි තරම්වත් උස පොරක් කියලා. ඉතිං දැකපු ගමං උඹ ප්‍රසා ද කියලා අහන්න ඉක්මං වුනේ නෑ...(ඒ වගේම මූ අපි හිතනවට වඩා නිවිච්ච පොරක්)

      Delete
    2. යැස්,,, ප්‍රසන්න අයියනන් සිරාවටම නිවිලා.....

      Delete
  41. ඉතාමත් හොද විශේලේෂනයක්... මං නං එදා දවසම බොහොම සතුටින් හිටියා. ඔබ ඇතුළුව බොහෝ දෙනෙක් දැක හදුනා ගත්තා. කතා කළා.. හොද වෙලාවට වලිය යන වෙලාවේ අපි කීප දෙනෙක් හිටියේ මහරගම ටවුමේ... වෙන තැනක.. අපි එතැන්ට වෙලා මාරම ආතල් එකකුත් ගත්තා.. එතැනට ඔබවත් සම්බන්ධ කරගන්න හිටියත්... ඔබ දැන් ඒවට නෑ කියා දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. මහරගම හෝල් එක ලගද නැත්නම් අර උඩ තට්ටුවෙද නලී?
      මාතලන් ලොක්ක ආවෙ නැතෙයි?

      Delete
    2. කිව්වනම් ඩිස්කවුන්ට් එකක් අරන් දෙන්න තිබ්බ.

      Delete
    3. මාතලන් ආවේ නැත...අපරාදේනේ කලින් කියන්න එපැයි එතැන දන්නවා කියලා..

      Delete
    4. මම හිතුවෙ වාහනෙ පිටිපස්සෙ තියන් සප්පායම් වෙනව කියල.
      එහෙම උනානම් ඔතෙන්ට බැහැල හිටපු CID 6 ගෙන් කෙනෙක්ගෙ අතේ එවන්න තිබුන.

      Delete
  42. හැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  43. මේ ඉවරයක් නැති විභාග නිසා සයිබර් සැණකෙළිය පැත්තේ එන්න ආසාව තිබුනත් එන්න පුළුවන් උනේ නෑ,ලබන සැරේ වත් සහභාගී වන්න වාසනාව ලැබේවා.මුණු පොතේ පින්තුර ටිකක් බැලුවා.නියමයි ලබන පාරත් කරමු.

    ReplyDelete
  44. අවුරුදු උත්සවේකට වඩා ගෙට්ටුගෙදර් මුහුණුවරක් තමා තිබ්බේ. හැබයි ෆන් එක උපරිමයි. ඇත්තටම මං ආවේ අවුරුදු උත්සවේට වඩා කට්ටිය දැන් අදුන ගන්න. අඩුපාඩු ගැන එකගයි. සංවිධාන කිරීමේදී සංවිධායක මණ්ඩලයට ලැබුණු සහයෝගෙ මදි වගේ තේරුණා.

    ඕනයා දුන්න ෆන් එක ගැන නම් වචන නෑ.

    ReplyDelete
  45. කැට් ෆයිට් එකක් ගියාද අයියෝ හොදම හරියට මට ඉන්න බැරි වුනානේ !!! මම ආවෙත් පරක්කු වෙලා පැය දෙක විතර ඉදලා ලන්ච් එක වෙලාවේ මම ගියා තව අවුරුදු උත්සවේකට සහබාගි වෙන්න.කාවවත් අදුරන්නේ නැති නිසාත් පැන පැන දෙන්න ආස නැති නිසාත් ගොඩක් වෙලා ඉන්න හිතුනේ නැහැ, ඔහොම හරි දෙයක් කරපු එක ගැන සංවිධාකයන්ට තැන්ක්ස් කරන්ඩ ඕනි

    ජය වේවා
    අහක බලන් ගහන කොත්තුව ලියන
    කේ කේ

    ReplyDelete
  46. මටනම් හැමදාම පත්තුවෙන කරුමේ ඊයෙත් පත්තුවුනා...

    ReplyDelete
  47. අපි නමි ඔය ආවමලු ....
    මාරයියා කිවිව දේවලුත් ඇත්ත...

    ReplyDelete
  48. ඇත්ත .. බස් එකක නැගල මේක රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් උනා .. ඒ පැත්තෙන් දුර්වලයි ..
    …ඒවගේම හැකියාවන් පහත් කරනව නෙමෙයි. නිවේදනය කරපු ආකාරය ඇත්තටම අසාර්තකයි ..
    …මේක අවුරුදු උට්සවයක් කියන එක තේරුම් අරගෙන නෙමෙයි ඒ කටයුතු කලේ ..

    …ඒත් විනිශ්ය මන්ඩලෙන් දුන්නු ආතල් හොදටම ඇති ඒ දුර්වලතා අමතක කරල හිනා වෙන්න
    …ජයවේවා

    ReplyDelete
  49. මාරයත් අවුරුදු කන් ගිහින් තියෙනවා දැක්කා

    ReplyDelete
  50. කනට ගහන්න වගේ ඔය කියල තියෙන්නේ....මටයි බට්ටිටයි එන්න ආසාවක් තිබුනත් ලංකාවට එන්න නිවාඩු ගන්න බැරි වුනා බන්.....හැබැයි රජා සහ මාරය දාපු පොටෝ ටික රස කර කර බැලුවෙමි.
    ආවේ නැති නිසා වුනේ මොකද්ද කියල නම් දන්නේ නැතුව .....එත් මාර අයියා දෙන්නේ ස්වාධීන විචාරයක් කියල නම් බුදු ෂුවර් .......
    තාමත් කුක්කු බොන පුංචි බබෙක් විදියට මට කියන්න තියෙන්නේ ඔය පොඩි පොඩි දේවල් හදා ගෙන අපි ලබන සැරේ සුපිරි එකක් කරමු .....

    ReplyDelete