03 April 2013

හව් ටු එක්ස්ප්ලේන් “කොට්ටා පොර“

ඔකේ පීපොල්... නව් අයි එක්ස්ප්ලේන් ටූ යූ.. හව් ටූ ප්ලේ “කොට්ටා පොර“

යූ නෝ... දිස් ගේම් ඊස් අවර් කන්ට්‍රි ගේම්. ඉස්පෙසලි නිව් ඉයර් පෙස්ටිවල් ගේම්...ඕකේ...
-----------------------
ටූ මෑන් නීඩ් දිස් ගේම්... ඇන්ඩ් රැක්..ද රැක් මේඩ් බයි පුවක් කොට...

ෆස්ට්... ටූ පීපොල් අප් ටුද රැක්... ඇන්ඩ් වන් පර්සන් හිට්ද  අදර් පර්සන් බයි පිලෝ...
ද අදර් පර්සන් බැක් ටු හිට් බයි පිලෝ වන් පර්සන්...
ටූ මෑන් හිට් ටූ අදර්...ඇන්ඩ් හිට් ඇන්ඩ්..හිට්...හිට්... හිට්...හිට්..හිට්...
ෆයිනලි වන් මෑන් ඩවුන්ද රැක්.. ඉන්ටුද අර්ත්... ඇන්ඩ් වන් මෑන් ස්ටෙ ඉන් ද රැක්.. දැට් මෑන් ද විනර් ඔෆ් ගේම්...

ආ යු අන්ඩර්ස්ටෑන්ඩ්..?

දිස් ඊස් ද කොට්ටා පොර...

ඕකේ තැන්ක් යූ... නව් වී ආර් ගොයින්ටු ද මේන් කන්ට්‍රෝල් රූම්... 
------------------------------------

 මේ ඇවිල්ලා අද ඉංගිරිසි කැලෑසියේදී ඉස්පීකින් ඇක්ට්විටි එහෙකදී කොළඹ ප්‍රධාන පාලක මැදිරියේ සිට නිවේදිකාවක් විසින් යාපනේ අවුරුදු උත්සවේ තොරතුරු විමසා සිටීමේදී එහි සිටිය වාර්ථාකරුවන් විසින් අවුරුදු උත්සවය කොළඹට වාර්ථා කල ආකාරයයි. වෙලාවේ හොද කොමට ඕක නැගිටලා කොරන්න උනේ නැති උනාට..වාඩි වෙලා ඉන්න ගමන්ම ගුරුප් එකේ හිටිය අනිත් උන්ට අත පය විසික් කොරලා කියලා පෙන්නුවාම සෑර් පිටි පස්සෙන් හිටගෙන අහගෙන හිටියා කියහංකෝ... මෑන් හොඳ හින්දම හොදා...

හැබැයි ඉතිං කාට නැතත් මං ගාවම හිටිය කොරියන් බුවා..“ලී“ ට කොට්ටා පොර ගැන හොඳටෝම තේරුනා... ඉංගිරිසි නොදන්න භාෂා දෙකක් දන්න උන් දෙන්නෙක් සැට් උනාම කිසි අවුලක් නැතිව අදහස් හුවමාරු කොරගන්න ඇහැකි උනාට මේ ඉංගිරිසි දන්න උන් එක්කනේ මක් කොරලවත් අදහස් හුවමාරු කොරගන්න බැරි... උන් අපි කියන ඒවෑ ග්‍රැමර් හොයන්න යනවා මිස කියන දේ කනකට ගන්නේ නැහැනේ... ආන්න ඒකටත් එක්ක “ලී“ වගේ පොරවල්... උන්ට උලව් ග්‍රැමර් වැඩක් නැහැ..අතින් පයින් හරි කියන ටිකයි වැදගත්... කොටින්ම මං පොරට අද පෑන් දෙකකින් ලී කෙලි ගහන හැටිත් ඉගැන්නුවා.. පොරත් අන්තිමට “තාන තනා තම්දේ..නා තම්දෙ නානා..“ කිය කියා ආතල් එකේ හිටියා...(පොඩ්ඩක් ෂද්දෙනං වෙනස් තමා) එහෙම බැළුවම අද දවසට මං ඉංගිරිසියේ ආධාරයෙන් කොරියන් පොරකට ලංකාවේ දේවල් දෙකක් ගැන ආයේ අවුලක් නැති වෙන්නම පැහැදිලි කොලා නෙව... ආයේ ඕකට මොන ග්‍රැමර්ද..?

සුද්දට පිස්සුද කොහෙද..? අත පය හොලවලා මෙච්චර පහසුවෙන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවට උලව් ග්‍රැමරයක් මොකට දැම්මද..? එහෙම උනානං මමත් ගිය සතියේ තිබුන ටැස් එකෙන් ලකුණු 34ක් නොගෙන සීයම හරි ගන්නවනේ...

---------------
ඕකේ පීපොල්..සී යූ නෙක්ස්ට් ටයිම්..ඈ...?

44 comments:

  1. මාරයිය ඉංගිරිස් පන්ති යනව කිව්වහම මම හිතුන ඔහොම වෙයි කියල. ඉස්සරහට ඉංගිරිස්වලින්ම මේක ලිව්වොත් මොකද, අඩුගානෙ අපේ ලේ ටික හරි පිරිසිදු වෙනවනේ.

    ReplyDelete
  2. යු කිලර් මෑන් ශුඩ් ගෝ ෆෝ ද ජිනීවා ඇම්බැසඩර්.

    ReplyDelete
  3. අනේ බන් ඔය ගැරමොර් කියන ඒවා මටත් බෑ.. සිංහල වලත් බෑ, ඉංග්‍රීසි වලත් බෑ.. හැබැයි කරුමෙ කියන්නෙ, මම සිංහලෙන් ලක්ෂ ගනන් ගැරමොර් මිස්ටේක් කරනවා, බලු බල්ලෙක් කටක් ඇරලා කියන්නෑ අනේ බන් වැරදියි කියලා, ඉන්ග්‍රීසි ගැමොර් ඕන්නෑ අර ඉස්පෙලින්ද මොනවද කියලා තියෙන්නෙ, ආන්න ඒවයෙන් එකක් වැරදුනොත් හැටක් විතර පෝලිමේ එනවා බන් වැරදි පෙන්වන්න.. හිංහල ඒවයෙ පෙන්නන්න කිව්වත් පෙන්වන්නෑ.. හා බලලා කියන්නම්කො කියනවා විතරයි..

    ඒ ඇයි බන් ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... සිරා කතාව..

      Delete
    2. මේක මල්ලි කොමෙන්ට් එකක් නෙවෙයි පෝස්ට් එකක්... ඇඩෙනවා...

      Delete
    3. සිංහල වගේ සංකීර්ණ භාෂාවක හරි ව්‍යාකරණ දන්න අය අඩුයිනේ , අනික සිංහල වල ස්පෙලින් මිස්ටෙක් කියල දෙයක් නෑම වගේනේ. (ණ න ලළ ප්‍රශ්නෙ තිබුනත් සාමාන්‍යයෙන් ශේප් ) , අකුරක් හරි හැලුවොත් වචනයක් නෑ . හැබැයි ඉංග්‍රිසි කථාව ඔයිට වෙනස් . කොහොමටත් ඔය ග්‍රැමර් , ස්පෙලින් හොයලා අනුන්ට කින්ඩි දාන්නේ ඉතින් කඩ්ඩ දැනගත්තාම "පොෂ් " කියලා හිතාන උන් නේ

      Delete
    4. නණලළ වැරැද්දුවා කියන්නෙ ආය බඩුම තමා. තන අගට වැරදි ණ යන්න දලා වැඩේ කොටු කොටු කරගත්තු අය කොච්චර ඉන්නවද?

      Delete
    5. මගේ පිලිතුරත් මෙතනම දාන්නම්.... වටේ පිටේ දන්න කියන උන් ඉන්න එකේ.

      මුලින්ම කියන්ඩ තියෙන්නෙ උඔගේ හැටහුටාමාරක් පෝස්ට් වලින් මට මේක අමතක වෙන්නෙ නැතිවෙයි. මොකද මේක කියවද්දි අර ලී කේලි කේස් එක හන්දා.....මට හිනා ගියා‍..... .

      උඔ ඔහොම කියද්දි මට මතක් වුනේ අර ගයිඩ් කාරයා සුද්දට කැන්ද කොලේ එක්ස්ප්ලෙන් කරපු හැටි. මිනිහා කොලේ පෙන්වලා කිව්වලු

      හැලප ඔතානිස් ඇන්ඩ් වැටට හිටෝනිස් කියලා.... ඊ ලග දවසේ දඹුලු ගිහිල්ලා‍ සුද්දා ඇහැව්වලු මේවා ‍සිංහලයෝ හදලා තියෙන්නේ කොහොමද කියලා - සුද්දා කෙටියෙන් කියලා දැම්මලු කටුවෙන් මිටියෙන් ටිංකරින් කියලා..... තව දිගට තිබ්බා - දැන් මතක නෑ!

      කොහොම හරි කමන්නැ නියම හෙල යකෙක් හැටියට උඔ පෑන් දෙකෙන් හරි අපේ අභිමානය රැක ගත්තු එක ගැන මගේ බලවත් මෙව්වා එක පිළිගන්න.

      Delete
    6. දිස් ඉස් කිං වලගම්බාස් ටෙම්පල් හී ඉස් අඬුවෙන් මිටියෙන් ටින්කරින්. වෝට කමින් ගල දිගේ තඹ හැලියට ටාං ටාං

      Delete
    7. ආ මේ තියෙන්නෙ බඩේ බත් ටික වගේ

      Delete
  4. හික්ස් දැන්නම් මාරයියාගේ ඉංග්‍රීසි දැනුම ලෙසටම වර්ධනය වෙලා.බැරියැ අපිටත් කියලා දෙන්න.

    ඔය ලී කාරය බ්‍රූස් ලගේ කව්රුත් නෙවේ නේද?

    ReplyDelete
    Replies
    1. ඒ ඇවිල්ලා චීන ලී බොල, මේ ඇවිල්ලා කොරියන් ලී :D

      Delete
    2. මං හිතුවෙ පොල් ලී කියල

      Delete
  5. යකෝ...පපුවත් හිර උනා කඩ්ඩ දැකලා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. බයි ද වේ. යු නෝ දැට් බගර් ඕනයා , හී මෑන් ස්ටාටඩ් අ කඩු ෆයිට් ඉන් බුකි විත් මෝර් දෑන් , ඉයස් මෝර් දෑන් හන්ඩ්රඩ් පීපල්. දෙයාර් වෝස් අ වියෙට්නාම් ගර්ල් ඉන් දැට් ෆයිට්. දෝස් පීපල් මිස්ඩ් යු සෝ මච් ඇට් ද ෆයිට්, මිස්ටර් කිලර්.

    ReplyDelete
    Replies
    1. දීස් ඩේස් රාමා, මිස්ටර් චතූෂ ඊස් වෙරි බිසී විත් වෙරි වෙරි ඉම්පෝටන්ට් ඉශූස්. දෙයා ෆෝර් හී ඩෝන්ට් හෑවු ඉනෆ් ටයිම් ටු මිංගල් විත් අස්

      Delete
  7. සිරාවට බන් මටත් ඔය ග්‍රැමර් කියන මගුලනම් අන්ඩරදෙමල වගේ...

    ReplyDelete
  8. කෝ බං අයියෙ මේකෙ මොකෙන්ද ගහන්නෙ කියල කියල නෑද කොහෙද.

    වෙලාවට කොට්ට පොර ගැන කියනකොට ටැමිල් අය නොහිටියෙ :p

    ReplyDelete
  9. මේවා අහලා මයි බොඩි ෆිෂ් ඩාන්සින් ඉන් ද රිවර් කිව්වලු. ඒ අස්සෙ හාමිනෙ කියනවා ඇහෙනවා " දඩිනරීස් රැඩි ඔන්දටේබල්" කියලා. මාරයා මල්ලි යන්නන් ඈ...

    ReplyDelete
    Replies
    1. "දඩි නරිස් ඔන් ද ටේබල් " නෙමේද ??

      Delete
    2. එහෙමනෙ. මාර ඉන්ග්‍රිසියට ගියහම මේවා ඔක්කොම අප්සැට්.

      Delete

  10. අයි ඉෆ් ටුඩේ ඔල්සෝ ලින්ක් වන් ඔබන්නමයි තින්කින් ..
    ඊස් දැට් ඕ කේ මිස්ට මාරයා ?

    ReplyDelete
  11. දැන්නං කඩුව එහෙන් මෙහෙන් විසිවෙනවා නේද,
    වාර්ථා නෙවෙයි මාරයො වාර්තා,දැන් ඉතින් මට බැනපන් පාලනය කරන්න හදනව කියල.

    ReplyDelete
  12. english dan natuva issarahata kotta pora gahanat bari wei vage, suba anagatayak

    ReplyDelete
  13. ''ඉංගිරිසි නොදන්න භාෂා දෙකක් දන්න උන් දෙන්නෙක් සැට් උනාම කිසි අවුලක් නැතිව අදහස් හුවමාරු කොරගන්න ඇහැකි ''

    සහතික ඇත්ත .

    ReplyDelete
  14. Shah!
    Dan saahenna diunuyine!
    Grammar nam mathak karanna epa..!
    Kamak na ohoma yan ohoma yan!
    Thawa tika dawasakin meke English Class ehekuth daamu ekarala :-)
    Jaya wewa!
    Angaharu paththeth ennako welawaka..!

    ReplyDelete
  15. පන්තියෙ උන් වඩිග පටුනත් නටයිද මන්දා අන්තිමට අන්තිමට මූත් එක්ක ඉඳලා!

    ReplyDelete
  16. එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ
    කල ආරස්සා...

    මේ කවුද බං?

    ReplyDelete
    Replies
    1. දෙන්නටම එක හැන්දෙන් බෙදුව නම් අරවගේ පොස්ට් ලියන්න වෙන එකක් නෑ මගේ හිතේ :D

      Delete
    2. ගෑනු දෙන්නෙක් කොහෙද බන් සාමෙන් සමාදානෙන් මිනිහෙක් බෙදා ගන්නේ :-D

      Delete
    3. මාරයියා...හ් මම සාමෙන් ඉන්නම් අයියා...හ්

      Delete
    4. මහරජ, පෙනෙනා විදියට ඉන්නේ ඡායා විලේජ් එකේය. එකට හබරන ගිය උන්දැ එහෙනම් උඹට මේ කෙලියෙ ආ!

      Delete
  17. මෙච්චර කල් කොට්ට පොර කියලා අපි වෙන ගේමක් නෙ ගහලා තියෙන්නෙ...

    ReplyDelete
  18. වී ආර් අන්ඩර්ස්ටෑන්ඩ් ද නිවු මෙතඩ් ඔෆ් සෙල්ලං කොට්ට පොර.

    අතිං පයින් කියන දේවල් තමයි බං හොඳින්ම තේරෙන්නෙ. බලහංකො ගොලුවො දෙන්නෙක් එක්කහු උනාම එක වචනයක්වත් කතා කරනවද ලියල.
    (ඒ භාෂාවෙත් ග්‍රැමර් තියෙනවද දන්නෑ)

    ReplyDelete
  19. අන්න හරි මාර මලේ.. මොක හින උනත් කමක් නෑ දන්න ඉංගිරිසියෙන් කත කරන්න ඕනෙ.. මගෙ ගජයෙක් ඌට ඉංග්‍රීසි පුහුනුවෙන්න ඕනෙ හින්දා බස් එකට නැග්ගම හොයාගෙන ගිහින් හිට ගත්තෙ ඒක පුලුවන් කියල පෙනුමෙන් හිතෙන කෙනෙක් ලඟ. දවසක් ඌ කතා කර කර ගිහින් විජේරාමෙ බහින එකා හෝමාගමට ගිහින්..

    ReplyDelete
  20. වන්ඩෆුල්,, වන්ඩෆුල්... කීප් ඉට් අප් මිස්ට "මාරෙ". යූ නෝ, අයි ලයික් යුවර් "අවර්" අ ලොට් :D :D

    ReplyDelete
  21. ඉංග්‍රීසි වල ග්‍රැමර් කියන්නේ සිංහල ව්‍යාකරණත් එක්ක බැලුවම හරිම ලේසි දෙයක්. හැබැයි ඒක ඉගෙන ගන්න මැද ඉඳලා බැහැ. මුලටම යන්න වෙනවා. මුල ඉඳලා හරියට ඉංග්‍රීසි දන්න කෙනෙකුගෙන් ඉගෙන ගත්තොත් හරියටම හරි.අනිත් එක ග්‍රැමර් නැතුව ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් කවදාවත් හරියට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ. ග්‍රැමර් දන්නවනම් අනිත් ඒවා ලේසියි.

    මටත් ඉස්කෝලෙ යන කාලේ කවුරු හරි ඉංග්‍රීසි වලින් කතා කළොත් උන හැදෙනවා, ඒත් මගේ වෙලාවට නියමම සර් කෙනෙක් හම්බවුනා. මුලින්ම හැදුවේ ග්‍රැමර්, අවුරුදු දෙකක්. ඊට පස්සේ ඉතින් ගේමක්ම නැහැ. මට අද ලියන්න කියවන්න සහ කතා කරන්න හොඳටම පුළුවන්.

    ReplyDelete
  22. කොරියන් බුවා ලව්වා තොවිලෙකුත් නටවයි ළඟදීම :D

    ReplyDelete
  23. මෑඩ් ලිම්ප් වෙනවා ඕයි. :p

    ReplyDelete
  24. ඉංගිරිසියෙන් හිනාවෙන්න ඉගැන්නුවෙ නැද්ද තාම.

    ReplyDelete