04 April 2013

අටමගෙ ඇට සෙල්ලම... ඒකත් නරක නැහැ...

මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන අර අටම්පහුරා... උගේ බ්ලොග් කටුව කියෝන උන් දන්නවා ඒ ඇයි කියන්න... ඕකා අර පඩ කතාවක් කියන්න ගිය වෙලේ තමා මේ  ඇටයකින් කොරනසෙල්ලම ගැන කිව්වේ.. මාත් ඉතිං ඒක එවෙලේ හිතේ තියං ඉඳලා ඔන්න අද තමා කොරලා දැම්මේ... ඒත් අටමා වගේ එකෙක් කියන පලියටම ඔය ඇට සෙල්ලම කොරන්න යන්නත් හොඳ නැති හින්දා ටිකක් කල්පනා කොරලා තමා අවසානේ තීරනේකට ආවේ ඕන ඇටයක් කියලා ඒ සෙල්ලමත් දාලා බලනවා කියලා. ඕකා ඉතිං කට ඇරියොත් කියන්නේ කුපාඩි කතාවක් මිස වෙන මේ අපි වගේ සද්ගුණවත් පින්වත් උදවිය කියනවා වගේ සදාචාර සම්පන්න දේවල් හෙම නෙවෙයිනේ... අපිනං ඉතිං මලාට කියන්නේ නැහැ ඌ වගේ කුණු හබ්බ... දෙපිට කැපෙන කතා.. අවලං කතා..හා නැද්ද හා..?

හරි එහෙමනං මේ ඇවිල්ලා අටමා කියාපු ඇටෙන් හදපු එක තමා...

ඔව් හොඳට බලන්න මොන ඇටේ ගැනද අටමා කිව්වේ කියලා...

  ආ මේ කවුපි ඇටයක්නේ... ඉතිං අටමා කිව්වේ කවුපි වඩේ ගැන නෙව... ඔන්න මාත් හැදුවා කවුපි වඩේ...
මුලින්ම කවුපි ටික පැය දෙක තුනක් පෙගෙන්න දාලා අරං වංගෙඩියක දාලා කොටලා හරි..එහෙමත් නැත්තං ගලක තියලා අඹරලා හරි..ඒත් නැතිනං මං කොලා වගේ බ්ලෙන්ඩර් කොරලා හරි තරමක කෑලි එහෙමත් හිටින්න සකස් කොර ගන්න ඕන...
ඒකට ලියා ගත්තු කරපිංචා,රම්පේ,අමු මිරිස්,රතුළුණු ටිකක්..මිරිස් කුඩු..කෑලි මිරිස්..කහ කුඩු ඩිංගිත්තක් සහ තුනපහ කුඩු යන්තමට..ලුනු කුඩු ටිකක් එහෙම දාලා හොඳට මිශ්‍ර කොරගත්තාම තමා ඔහොම පේන්නේ... ඔය අමු මිරිස් වෙනුවට ඉතිං හීන් කොච්චි ටිකක් තිබුනනං මල් මසුරං..ඒත් මේ හදිසියේ කොහෙන් හොයන්ටද හීන් කොච්චි...?



ආ..එහෙම හදාගෙන ටික වෙලාවක් පදං වෙන්ට තියාපු මිශ්‍රණයෙන් පුංචි බෝල හදාගෙන ඒ බෝල තරමක් පැතලි කොරලා හැඩේ අරං මෙන්න මෙහෙම නටන තෙල් තාච්චියක දාලා බැඳගන්නයි තියෙන්නේ...
 ඔය තියෙන්නේ බැබලි බැබලි... වැඩේ නරකම නැහැ..හැබැයි අටමා කිව්වා උනත් මටනං රතු පරිප්පු වඩේ තරමටම මේකේ ටේස්ට් එක නැහැ... හැබැයි අර කඩල පරිප්පු වඩේ වලට වඩානං හොඳා...

ඔන්න ඔහොමයි අටමා කිව්ව විදියට කවුපි ඇටෙන් වඩේ බඳින්නේ... සමහරුනං කැමතිම අඩුවෙන් බැඳපු වඩේ වලට... අපිනං ඉතිං එහෙම නැහැ... :D

29 comments:

  1. අද උදේට කවුපි තම්බල කෑවේ... ඉතුරු ටිකෙන් හදන්න ඕනේ වඩේ!

    ReplyDelete
  2. කව්පිනම් මන්දා...වඩේනම් ටොප් එකට ඇවිල්ලා. සස පාටයි.

    ReplyDelete
  3. කවුපි වඩේ.. නරක නෑ වගේ.. රතුකවුපි වලිනුත් පුළුවන් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. එතකොට කක්කා පාටයි

      Delete
  4. වඩේ බදින්න ගන්නකොට අඩුවෙන් බැදපන් හොදේ

    ReplyDelete
  5. අනේ කොට්ටෝරුවෝ රහ නැත්තේ මොකද .
    කව්පී වඩේ එළම එළ රහයි,
    බොට දැන් ඔය ලොකූ හෝටල් කෑම කාලා රහ දිව මැරිලා ,
    ඒකයි රහ නැත්තේ ,
    අනික මං අර කියාපු රෙසපියටද උඹ හැදුවේ ,
    (හංගන්නේ නැතුව මම ක්‍රමය කියුවා)
    බැද්දට පස්සේ හරි කමක් නැ කරලා බලහං බොරුනං

    මාරයාගේ බොරු වලට නොරැවටී කව්පි වඩේ රසට හදන විදිහ ඉගන ගන්න "මෙන්න මෙතන"

    ReplyDelete
  6. " ඕන ඇටයක් කියලා ඒ සෙල්ලමත් දාලා බලනවා කියලා. ඕකා ඉතිං කට ඇරියොත් කියන්නේ කුපාඩි කතාවක් මිස වෙන මේ අපි වගේ සද්ගුණවත් පින්වත් උදවිය කියනවා වගේ සදාචාර සම්පන්න දේවල් හෙම නෙවෙයිනේ."

    ReplyDelete
  7. උම්බලකඩ..ඉස්සෙක් වගේ දැම්මනන් ටොප්....

    ReplyDelete
  8. අටමගෙ ඇටේ ගැන කිව්වම මම හිතුවේ මාරයියා රබර් ඇටයක් ගැනවත් මුකුත් ලියලද කියල.මොකද වේලිච්ච රබර් ඇටේ ඇතුල හිස් නේ.

    ReplyDelete
  9. හදලා බලන්න ඕනි, දවස් ගනන් බඩගින්නෙ ඉන්න ටිකකුත් හොයාගෙන එතකොට හැදෙන ඕනි විදිහකට කාල දායිනෙ..

    ReplyDelete
  10. ඔවුවා ඔහොම බැද්දට රහ නෑ මාරයෝ.. අර කඩේ බදින තෙල්වලිං බදින්න ඕනෙ. ඉස්සෙල්ල පපඩම් බැදල ඊලඟට ඒකෙම මිරිස් බැදල ඊට පස්සෙ කාරල්ලොත් බැදල හාල් මැස්සොත් බැදල තවත් ඕන නං කුකුල් කකුලුත් බැදල ඊලඟට ඒ තෙලෙම තමයි කවුපි වඩේ බදින්න ඕනෙ.. අන්න එතකොට රස වෙයි..

    ReplyDelete
  11. මාර වඩයක්නේ ...

    ReplyDelete
  12. වෙනද වංගෙඩියෙං අඹරපු එකා දැං අඹරන්නෙ බ්ලෙන්ඩර් වලිං නේද, මූටත් ගිය කලක්.

    මොක උනත් පාටනං කොලිටියට ඇවිල්ල තියෙනව.

    ReplyDelete
  13. වඩේ බදිද්දී අඩුවෙන් බදින්න ඕනේ නේද ..මාරය්යේ ..

    ReplyDelete
  14. wadw hadana kote pade dannath ona nadda atamoo

    ReplyDelete
  15. කිව්වත් වගේ බාජන ටික එහෙම ටොප් එකට තියෙනව නේද

    ReplyDelete
    Replies
    1. මෙයා අර හට්ටි මුට්ටි ටික දං දීල දැං පොෂ් භාජනනෙ පාවිච්චි කරන්නෙ.

      Delete
  16. ඔය රුපියල් දෙකට විකුනන වඩේ හදන්නේ බඩඉරිඟු වලින් කියලා කියනවා ඇත්තද නම් දන්නේ නැහැ

    ReplyDelete
  17. අටම ගෙ ඇටේ රසයි ද අයියා...හ් ?

    ReplyDelete
  18. කඩල වලින් හදල බලන්න ඕනේ...

    ReplyDelete
  19. Heta niwaadu paaduwe hadala balanna one.

    ReplyDelete
  20. මට නම් දේශපාලන දහජරාවල් වලට වඩා කවුපි වඩේ පෝස්ට් එක දහස් ගුණයක් රහයි.

    ReplyDelete
  21. තනියෙම කොම්බ පැත්තේ ගෙවල් වල ඉඳන් බැදුම් කෑම හදන්න හොඳ නැහැලු.කොළඹට ආවේනික මොකෙක්ද අදුර්ශමාන බලවේගයක් තියෙනවා කියන්නේ.පරිස්සමෙන් මාරයියේ!

    ReplyDelete
  22. මාරයෝ උබ කෑම එහෙම හදන්න හරි හපනෙක් නොවැ... හොදයි හොදයි...

    ReplyDelete
  23. ගූගල් නෝස් කියලා අහවල් එකක් තියෙනවා බං සුවඳත් අප්ලෝඩ් කරන්න පුලුවන්. මට මේකෙනුත් සුවඳ ආවා.

    ReplyDelete
  24. ඈ මාරයයේ මෑ ඇට වලිං බැරිවෙයිද වඩේ හදන්න හරි බදින්න හරි.
    අවවාදය වඩේ බදිනකොට අඩුවෙන් බදින්න

    ReplyDelete
  25. ඒකත් මරු ඈ.. පොඩි ට්‍රයි එකක් දීලා බලන්න ඕන..

    ReplyDelete
  26. මේ යන විදිහට අන්තිමේදී මොන ඇටයක්වත් බේරගන්න බැරිවෙයි.

    ReplyDelete