08 April 2013

පීසාත් කජ්ජක්ද..? (Pizza)




රයිටෝ මෙන්න මාරයා තුමාගෙන් ඔබ ආසාවෙන් බලා සිටිනා පොෂ් කෑමක් හදා ගන්න විදිය...

ඇත්තම කිව්වොත් මේක මේ මයෙ හෝටල් පාසලේ ගිය සෙනසුරාදා කියා දීපූ කේස් එකක්... එහෙදි හවුලේ හැදුවට ඕක තනියම හදනකල් මට නින්ද යන්නේ නැහැ නෙව... ඒ හින්දා අද දවාලේ ඕන කරන අඩුම කුඩුමත් උස්සං ඇවිත් අවම පහසුකං යටතේ වැඩේ ගොඩ දැම්මා...

රයිටෝ..මේක ඒ හැටි කජ්ජක් නෙවෙයි..ඕන කරන්නේ පොඩ්ඩක් අතින් පයින් වැඩ කරද්දී තියෙන්න ඕන හුරු බුහුටි ගතිය විතරයි... ඒ කිව්වේ යමක් කරද්දී ටිකක් ඒක හැඩ දාලා කරගන්න උවමනා හැකියාව විතරයි.. ළුණු ගෙඩියක් අල ගෙඩියක් සුද්ද කරන්න ගියාම හත් පොලේ ගාගන්නේ නැති.. පොල් ටිකක් ගාන්න කියාම පොල් බෑය උළුප්පන්නේ නැති තරමේ හැකියාවක් තිබුනනං මෙව්වා වැඩ නෙවෙයි. ඔය ටික මුලින්ම කියලා හිටියේ  සමහරුන්ට ඔය වගේ වැඩක් කරන්න ගියාම අතේ පයේ ලොකු නුහුරු ගතියක් තියෙන හින්දයි..  මක් කොලත් ඒ ඒ දේවල්වලට හුරු කරවන්න බැරි අතක් තියෙන අය මේක කොරන්න ගිහින් පිටි ටික නාස්ති කරන්න කලින් ඔය ටික කියා හිටියේ. මොකද මේකේ වැදගත්ම කේස් එක තමා පිටි මෝලිය අනා ගන්න එක... ඒක හරියට කර ගන්න බැරිනං පීසා තියා පොල් රොටීවත් හදාගන්න වෙන්නේ නැහැ...

හරි එහෙමනං මෙන්න පටන් ගත්තා... ඔය අන්තර් ජාලයෙන් පීසා රෙසිපි හොයද්දී හම්බ වෙන ඒවෑ තියෙන දාහකුත් එකක් කලමනා නැත්වට කමක් නැහැ. පිටි මෝලියට ඕන මෙච්චරයි...

පිටි ග්‍රෑම් දෙසීයයි
සීනි මේස හැන්දයි
ලුනු තේ හැදි තුන් කාලක් විතර
ඊස්ට් ග්‍රෑම් 5ක්
මාගරින් හෝ බටර් වර්ගයකින් ග්‍රෑම් විස්සක් විතර
වතුර

(මෙයට අමතරව තව පිටි ග්‍රෑම් පනහක් විතර පැත්තකින් තියා ගන්න..ඒක ඕන වෙනවා...)

ඔතනින් පිටි ටික එක පාරක් හලා ගත්තනං වඩා හොදයි.. ඒකට කම්මැලිනං එපා හලන්න! :D
සීනි ගන්නකොට හීනි ඇට තියෙන සීනි ජාතියක් ගන්න.
ඊස්ට් ගැන කියනවනං ඔය ඕන කඩේක තියෙනවා අර මයුරිපෑන්ද කොහේද කියන ඊස්ට් පොඩි පැකට්... සිල්ලර කඩවලනං රුපියල් 40 කට විතර ග්‍රෑම් 12ක පොඩි පැකට් එකක් ගතෑකි.. සුපර් මාකට්වලනං ඒ පොඩි පැකට් පහක පෙට්ටි එනවා රුපියල් 190යි ඒක... නිතර ගෙදර පිටි කෑම හදන්න හිතං ඉන්නවනං ලොකු එකක් ගත්තට කමක් නැහැ..නැත්තං තනි පැකට් එකක් ගෙනාවම ඇති.. ඒ පැකට් එකෙන් බාගයක් මේකට හලා ගත්තම හරි... දොළහ දෙකෙන් බෙදුවම 6යි තමා.. ඒකට කමක් නැහැ..මංනේ කියන්නේ.. :D

මාගරින් කිර කිර ඉන්න බැරිනං මේස හැන්දකින් ලොකු කුට්ටියක් කඩලා ඕකට ගත්තම ඇති...

ඔන්න හැම දේම පැහැදිලිව කියලා ඇති..
රයිට් ඊ ලගට කරන්න තියෙන්නේ මුලින්ම පිටි ටික අනන්න පුළුවන් තැටියකට හරි..ලොකු භාජනේකට හරි දාගන්න.. ඒකට ලුනුයි සීනියි ඊසුයි..බටරුයි දාලා හොදට බටර් පොඩි වෙනකල් අනන්න... ඔය රෙසිපිවල ඇති තමා මුලින් ලුනු දාලා අනන්න..පස්සේ සීනි දාලා අනන්න..ඊටත් පස්සේ බටර් දාලා අනලා අන්තිමට ඊස් දාලා අනන්න කියලා.. අනේ බංස්ලා ඔයාකාර නහින්න ඕන නැහැ..එක පාරම දාලා හොදට අනා ගනිල්ලා... මංනේ කියන්නේ.. :D

බටර් ටික පොඩි උනා කියලා තේරුනාම ඒකට වතුර ටික ටික එකතු කරලා හොදට අනා ගන්න.. අන්න දැන් තමා අර මං කිව්ව අතේ පයේ හුරුබුහුටිකං ඕන වෙන වෙලාව... ඒ කියන්නේ මෝලිය අතේ නොඇලෙන ගානට අනා ගන්න ඕන.. ඒක ඒ හැටි අමාරු නැහැ.. අර මං කලින් කිව්ව අමතර පිටි ටික ඕන වෙන්නේ ඔය මෝලිය අන්තිමට පිනිස් කොරද්දී ඒක වටේ ටික ටික තවරමින් වැඩේ ලස්සනට අහවර කොරන්න තමා.. එහෙම අනාගත්ත මෝලිය තමා ඔය තියෙන්නේ...





පැහැදිලියිනේ... රයිටෝ ඕක අනා ගත්තට පස්සේ ඔන්න ඔහොම තියන්න පිපෙන්න... ඕක තියෙනවා වගේ දෙගුණයක් වෙනකල් පිපෙන්න ඕන..ඒකට පැය බාගයක් විතර යයි.. සමහර විට එයිට ටිකක් වැඩි වෙයි..

ආ ඒක පිපෙනකල් අපිට තියෙනවා වැඩක් කරගන්න.. ඒ තමා පීසා එකේ මතුපිට මිශ්‍රණය සකස් කරගන්න එක...

මෙන්න ඒකට උවමනා දේවල්...

මොසරැල්ලා චීස් ග්‍රෑම් එකසිය පණහක්
ලොකු ලූණු ගෙඩි එක හමාරක්
සාමාන්‍ය තරමේ මාළු මිරිස් කරල් තුනක්
නියම ගානට ඉදුනු පොඩි නොවුන තක්කාලි ගෙඩි හතරක්
සොසේජස් කරල් තුනක්*
තක්කාලි සෝස් මේස හැන්දක්
ලුනු තේ හැදි බාගයක්
මිරිස් කුඩු තේ හැදි බාගයක්
ගම්මිරිස් කුඩු තේ හැදි කාලක්
තෙල් මේස හැන්දක්*
සුදුළුණූ බික් තුනක්
අමු ඉගුරු කෑල්ලක්

හරි.ඔය මොසරැල්ලා චීස් එක ඒ හැටිම ගණන් නැහැ.. කොත්මලේ එකෙන් ගහන ග්‍රෑම් දෙසීයක් රුපියල් 390ක් විතර වෙන්නේ... අනිත් චීස්වල ගණන් වල හැටියට ඕක කාලා ඉවසන්න ඇහැකි ගානක්... හැබැයි ඕක නිකං කන්න බැහැ හරිය... පීසා වලට පැස්ටා වලට විතරයි ගන්න ඇහැකි... තමුන්ට නිකං සල්ලි කහනවා වගේනං අනං මනං නැතිව ගන්න ක්‍රාෆ්ට් චීස්... වැඩේ සුපිරියට තියෙයි... :D ඒත් අරකත් ඇති හොදටෝම...

ලොකු ලුණු ටික සුද්ද කරලා අගලේ වගේ කොටු කපා ගන්න ඕන
මාළු මිරිස් වල නැට්ට පැත්තෙන් කපලා ඒකේ මැද තියෙන ඇට සහිත කොටස් අහක් කරලා අගල් තුන්කාලේ වගේ දිග රවුං කපා ගන්න
තක්කාලි හතරට පලලා සම්පූර්නයෙන්ම ඇට අහක් කරගන්න (අපරාදේ තමා ඒත් මැරෙන්නයෑ..නැත්තං පීසා එක චොර වෙනවා) එහෙම ඇට අහක් කරගන්නට පස්සේ තව පාරක් මැදින් කපා ගන්න..ඒ කියන්නේ එතකොට තක්කාලි ගෙඩියෙන් කෑලි අටක් එන්න ඕන..
සොසේජස් ටික හීනියට පෙති කපා ගන්න... සොසේජස් වෙනුවට තමුන්ට කැමතිනං තම්බලා හෝ බැදලා තීරූ ඉරා ගත්ත මස් වර්ගයක් උනත් පාවිච්චි කලෑකි..ඒක තම තමුන්ගේ කැමැත්ත...
ඉඟුරු සුදු ළුණූ ටික චූටියට කපා ගන්න.. (අපි කියන්නේ චොප් කරනවා කියලා.. අන්න ඒක කොර ගන්න :D  )
ඔතන තෙල් කියලා තියෙන එකට තමුන්ට පුළුවන් එළවළු තෙල්/සෝයා තෙල්/ඔලිව් තෙල් වගේ එකක් ගන්න..මංනං පොල් තෙල් දැම්මා.. කිසි අවුලක් නැහැ මෙයාලා.. දේශීය දේ නෙව...

හරි දැන් ඔය ටික කලවං කර ගන්න චීස් ඇර... ඒ කියන්නේ කපා ගත්ත සොසේජස්/ලොකු ළුණූ/තක්කාලි/ඉගුරු/සුදු ළුණූ/මිරිස් කුඩු/ගම්මිරිස් කුඩු/ලුනු කුඩු/තක්කාලි සෝස්/තෙල්

ඔය ටික භාජනයකට දාලා හොදින් කලවං කරගන්න..ටිකක් සැරට උවමනානං මිරිස් කුඩු ප්‍රමාණය වැඩි කරගන්න..අපි සුද්දෝ නෙවෙයිනේ ආයිබෝං... චීනාගේ කෑම චීනෙත් නැති විදියට දේශිය කරගත්ත අපි..පීසා එකටත් මිරිස් කුඩු දාලා ඒක අපේ කටට හරි ගස්ස ගන්න ඕන..නැත්තං මෙලෝ බල්ලෙක්ට කෑහැකිද ඔය කෑම.. හා නැද්ද..? :D





රයිට් දැන් තියෙන්නේ අර පිපෙන්න තියාපු පිටි මෝලියට වැඩේ දෙන එක... ඒක පිටි ටිකක් ඉහපු ලෑල්ලක් මත්තේ තියලා අර ලී රෝලර් එහෙක ආධාරයෙන් තූනි කර ගන්න..

මේ පේනවනේ..මංතුමාට රෝලර් නහී හේ... මගර් වීදුරු හේ... :D





ඔය පේන වීදුරුවෙන් තමා වැඩේ දුන්නේ.. වැඩේ සිද්ද වෙනවනං මෝල් ගහෙන් හරි කමක් නැහැ බොලවු.. :D





හරි ඒක අගල් බාගයක විතර ඝණකමට තුනී කරගත්තාම ඇති... එයින් පස්සේ මෙන්න මෙහෙම තෙල් ආලේප කල භාජනයකට ඕක දාලා වටේ කොටස් කපා හැරලා භාජනේ හැඩේට අරං වටෙන් ටිකක් වාටිය නවලා අර කුඹුරුවල නියර වගේ හදලා ගත්තම හරි.. එයින් පස්සේ හීනියට කපා ගත්ත චීස් තට්ටුවක් පිටි මෝලිය උඩ තූනි කරලා එයිට උඩින් අර අපි හදාගත්ත මිශ්‍රණය හොඳට අතුරන්න.. එයිටත් උඩින් තව චීස් තට්ටුයක් යන්න ඕන... රයිටෝ වැඩේ දැන් හරි..




දැන් තියෙන්නේ මේක බේක් කරගන්න...

ඕක නියම ක්‍රමයට කරගන්නනං රත් කරන ලද පෝරණුවක සෙන්ටිග්‍රේඩ් අංශක 180ක උෂ්ණත්වයකින් විනාඩි 12ක් බේක් කරගන්න ඕන. (ෆැරන්හයිට් අංශකනං 350ක්)

ඔන්න මට ඇනෙන තැන... මයික්‍රෝවේව් අවන් එකක් මිස මෙහෙ අනිත් අවන් එකක් නැත.. එහෙමයි කියලා මංතුමා සැලෙයිද..? නැහැ පින්වතුනි...

දැම්මා මයික්‍රෝවේව් එක ඇතුලට මේක.. මුලින්ම  මයික්‍රෝ වේව් එකේ කම්බයින් ක්‍රමය යටතේ විනාඩි 8ක් තියලා.. එයින් පස්සේ ග්‍රිල් ක්‍රමයට විනාඩි 4ක් තියලා ගත්තම කිසිම අවුලක් නැහැ... ග්‍රිල් ක්‍රමයට තියද්දී අර කම්බි රැක් එක උඩ තියන්න අමතක කරන්න එපා..එතකොට යට පැත්තත් නියමෙට කර වෙලා එනවා... හුලින්ම එහෙම තියන්න බැරි හින්දා තමා අර විදියට කම්බයින් එකේ මේක තැම්බෙන්න අරින්නේ...

රයිටෝ මෙන්න දැන් අපිට තියෙනවා එල කිරි වගේ පීසා එකක්...



මෙයිට දවසකට දෙහෙකට කලියෙන් මං අපේ හොටෙල් ඉස්කෝලේ හදාපු මෙන්න මේ 


පිංතූරේ බුකියේ දාපුවාම කවුද මංදා නිකං කැපිල්ලට වගේ කියලා තිබුනා නෙව උඹට ඕක ආයේ හැදියැකිද කියලා.. හුහ්..මං සැලෙයි ඔව්වට..? ඇයි ඩෝ මේ හැදිලා නැද්ද..ඈ..?

චණ්ඩි එහෙම ඉන්නවැයි..?

84 comments:

  1. හ්ම්ම්... රහ ඇති නේද යම්... යම්,,,

    ReplyDelete
    Replies
    1. රහනං තියේ..ගුණ කොහොම වෙතත් :D

      Delete
  2. පීසා දේශීයකරණයට ලක් කරන්න පුලුවන්ද ?

    උදා :

    1. කොස් පීසා
    2. මයියොක්කා පීසා
    3. කුරක්කන් පීසා

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පුළුවන්.. අනාගතේදී මං කරලා බලනවා..හරියන්න හරි වරදින්න හරි... කොහොමත් කොස්වලින් වැඩ හුගක් කරන්න හිතං ඉන්නේ..හිටුකෝ මේ ටික අහවර වෙනකල්

      Delete
    2. පේටන්ට් එකත් ගන්ඩ ඕනා..

      Delete
    3. කොස් කිරන එකට නම් මාත් ආසයි.

      Delete
  3. ගිය සතියෙ අල රොටී කෑවා, මාරයි ඈ.
    මේ සතියෙ පීට්සා හදවගන්න ට්‍රයි එකක් දෙන්න ඕන.
    ස්තුතියි චෙෆ් මාරයා.....;-D

    ReplyDelete
    Replies
    1. අනිවා..අතාරින්න එපා..කොහොම හරි හදලා බලමු...

      Delete
  4. අපි බෑ කිව්ව යෑ ඉතින් ..... බඩ යන්නේ නැතිව kanda පුලුවන්නං එච්චරයි .....

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනානේ අල රොටී එල ඇ ...

      Delete
    2. හෙහ් හෙහ්.උඹද අර මට සද්දේ දැම්ම එකා..ඈ ඩෝ...?

      Delete
  5. අපේ ක්‍රමයට පීසා හදන්න රෙසිපියක් මේ මම හොය හොය මයි හිටියේ.ඔය තියෙන්නෙ දෙයියෝ දුන්නා වාගේ.තෑනක්ස් ඈ. :D

    ReplyDelete
    Replies
    1. හදලා බලලා අඩු පාඩුත් කියමු බලන්න එහෙනං...

      Delete
  6. දැන් එතකොට තුන්හුලස් විදියට අර ඇදෙන්න හදාගන්නේ කොහොමෙයි?

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්නේ මල්ලි යටින් දාන චීස් තට්ටුවෙන්.. ඒ චීස් ටික උණු වෙලා ගම් එකක් වගේ පීසා එක් බදලා අල්ල ගන්නවා.. පීසා කපන අර රවුං පිහියෙන් කැපුවට සම්පූර්ණ පීසා එකම වෙන් වෙන්නේ නැහැ..ඒකයි ඇදෙන්නේ.. අපි පාන් කපන පිහියෙන් හොදට කැපුවම මොන ඇදිලිවත් නැහැ හැබැයි.. :D

      Delete
  7. හැම දෙම පැහැදිලිව කියලා දිලා තියෙනවා මාර අයියා හොදට ඒක කරලා තියෙනවා ගොඩක් ස්තුති මෙකෙ වර්ග හොඩක් තියෙනවා නෙ ඒක ඒක විදිහට හදන විදිහ ඉඩ තියෙන වෙලාවක හෙමිට ඒ ගැනත් දන්න

    ReplyDelete
    Replies
    1. තාම මං හැදුවෙත් ඕක විතරයි නෙව..ඉස්සරහට අළුත් ඒවා කලොත් දාන්නං... මූලික ටික දැන ගත්තම අනිත්වා ඒ හැටි අමාරු නැහැ..වෙනස් වෙන්නේ උඩින් දාන ටික විතරයි නෙව...

      Delete
  8. අංශක 350 ෆැරන්හයිට් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්මයි..මට ටැපලිලා..ස්තූතියි ඩීන් අයියා..මං ඒක හදන්නං...

      Delete
  9. සිරා මාරයා අයියේ. කොහොමහරි දවසක හදනවා. පින් සිද්ද වේවා.. වැඩි වැඩියෙන් කෑම හැදීමට ලැබේවා. :D

    ReplyDelete
  10. ඉස්සෙල්ල dough එක ටිකක් බේක් කරගෙන එලියට අරන් ඉතුරු ජාති දාලා ආයෙත් අවන්1ට දාන්න ඕන නැද්ද

    ReplyDelete
    Replies
    1. එහෙම උවමනා නැහැ... මං දැකලා තියෙනවා සමහර තැන්වල එහෙම තියෙනවා.. ඒත් ඒක උවමනා වෙන්නේ නැහැ.. අනික එහෙම මෝලිය කලින් තනියෙන් දැම්මම මැදත් පිපිලා උඩ එනවා පාන් වල වගේ.. එතකොට තව ප්‍රශ්නයක්නේ..

      Delete
  11. මාරෙ.. ඔය නම පීට්සා කියල ලිව්වනම් හොඳා මහිතෙ... අපි වගේ අවසේස කස්ටිය කොහොම කිව්වත් සූපවේදී සිස්සයො ඕව හරියට කියන්න එපැයි...

    ..................

    මෙහෙත් ඕව හදන්න බලනව... හයි ස්පීඩ් කියත් පටි කෑල්ලක් ඕනැ කපන්න...:D මම නම් යට කොන්ක්‍රීට් කෑල්ලතිය්ද්දි උඩ ටික හූරල කනව හැන්දකින්... :D

    ReplyDelete
    Replies
    1. ඔය නම ගැන අන්න අරහේ කෙහෙල් කොරොට්ටාත් ඔට්ටු වෙනවා... ඕක ඉංගිරිසියෙන් ලියලා තියෙන විදියට ටයන්නක් මැදට නැති හින්දා මං ඔහොම දීලා ඇද්දේ... ඒත් ප්‍රංශ ඉතාලි භාෂාවෙන් හදුන්වන කෑම ඉංගිරිසියෙන් ලියන්න ගියාම ලියන්නේ වෙන විදියකට.. කියන්නේ තවත් විදියකට..මටනං මේ ටිකේ එපා වෙලා තියෙන්නේ ප්‍රංශ කාරයින්ව.. :D

      නොදෝමකින්..අච්චර මහන්සියෙන් හදලා දෙන කෑම එක කාලා පැත්ත වැටෙන්නේ නැතිව කියන අලුගුත්තේරු කතා විතරකි.. සික්.. :D

      Delete
    2. ඉතාලි ක්‍රමයට හරිම වචනය "පීත්සා"

      ඔරිජිනල් ඉතාලි මොZසරෙලලා අවශ්‍ය අය අමතන්න .. අඩු මිල ගණන් යටතේ .... මීගමුව සිට හලාවත තෙක් විශේශයි....

      Delete
  12. මාරයියේ පුලුවන්නම් ඔය මොසරැල්ල වල ෆොටෝ එකක් දාහන්කො බලන්න. කපන්න කලින්. මොකද පිසාවලට දාන චීස් වර්ග කිහිපයක් තියෙනවා,මන් අහලතියෙන විදියට ලංකාවට පිසාවලට චීස් එන්නේ පිටරටින් විතරයි,දැන් ලංකාවේ හදනවා කියන එක අහන්නත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඒක දාලත් අහවරයිනේ... http://www.kotmale.lk/htmls/products.htm
      මෙන්න මෙයාලා තමා ඔය මොසරැල්ලා එක විකුණන්නේ... රටින් එන එක තරම්ම කොලිටිනං නැතිව ඇති.. හැබැයි මිලෙන් හුගාක් අඩුයි... අපේ සෑර් කාරයා ඕක අනුමත කරනවා වැඩේට... කොත්මලේ එකේ හුගාක් වර්ගවල චීස් හදනවා...

      Delete
    2. ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  13. 12 වෙනිදට කව්පි වඩේ හදල කාල, 13 වෙනිදට පීසා කාල, 14 අවුරුදු කාල, 15 නැන්දම්මලෑ දිහා ගිහින් කාල 16 වැඩට යන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. යන්න පුළුවන් වෙයි.. හැබැයි 15 රෑට හොස්ස පිටලුත් ගෙහුං ඇවිදින්... :D

      Delete
  14. දැන් පැහැදිලිව කියන්න ඕක මොන රසද කියලා

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මේක පීසා රහයි... :D

      Delete
  15. ෂාහ් - දැන් අපේ ෂෙෆා එන්න එන්නම දියුණු වෙනවා!!!
    ලස්සනයි ඔයාගෙ පිට්සා එක. දාලා තියෙන චීස් එකනම් මොට්සරෙල්ලා වෙන්න බෑ. පෙනුමෙන් සහා පාටින් පේන්නෙ ස්විස් හිල් තියෙන චීස් කෑලි වගේ.

    ReplyDelete
  16. අපේ අය්යා කරන්නාවූ සත්ක්‍රියව වෙනුවෙන් පුංචි තිළිණයක්....

    http://rasavimana.com/

    මේ වෙබ් එකේ ගොඩාක් කැම හදන විදිහ තියෙනවා... අය්යාට දැන් පුළුවන් අය්යාගේ කුකින් පංතියේ බුවා වෙන්න... පොඩ්ඩක් try කරලා බලන්න ...

    ReplyDelete
  17. අඩෝ මාරයා. අපිත් සතියකට දෙවේලක් ගෙදර හදපු පීට්සා කනවා. නමුත් කියන්න බෑනේ ඒක නයි කෑමක් හැටියට සලකන එවුන් ඉන්න නිසා.

    බොල ඕකට සල්ලි තිබ්බයි කියලා ක්‍රාෆ්ට් වගේ චෙඩාර් හරි ප්‍රෝසෙස්ඩ් චීස් එකක් දැම්මට පීට්සා රහ එන්නේ නෑ. අපි එහෙමත් කරල බැලුවා කිසි ගතියක් නෑ. ඕකට හරියන්නෙ මොට්සරෙල්ලා විතරයි.

    අනික දැන් උඹ ඉංගිරිස් පන්තිත් යන එකා වෙච්චි, කොරියන් උන්ටත් ඉංගිරිස් උගන්නන එකා වෙච්චි දැන් නම් උඹ කරන වැරදි වලට මගෙන් සමාවක් නෑ.

    බොල අරක යීස්ට්, ඊස්ට් නෙවෙයි. ඊස්ට් කියන්නෙ නැගෙනහිරනෙ යකෝ මෙන්න ඒකට ටොක්කක්.

    අනිකට ටොකු තුනක් වත් දෙන්න ඕනෙ ඔලුව හිල් වෙන්ඩ

    >>මෝලිය අන්තිමට පිනිස් කොරද්දී<< යකෝ ‍ෆිනිෂ්. පීනිස් කියන්නෙ පුරුෂ ලිංගය. :D

    ආහුවෙයංකො ආයේ.

    ඔන්න අපේ චෙෆ් කිව්වා ඕකට සෝස් ටිකක් චීස් දාන්න කලින් අඩියටයි ටොපිං එකට උඩිනුයි වක් කලාමත් රසයි කියලා.

    ඒයි අපි උඹේ අල රොටිය හදලා කෑවා ඈ. Wow!

    ReplyDelete
    Replies
    1. finish එකට පිනිස් කියලා කියන්නෙනම් ජොලියට එයා :)

      Delete
    2. කියන්න බෑනෙ හෙන්රි අයිය මේ යකා මෝලිය ෆිනිෂ් කරන්න ඉස්සෙල්ල ඒකට මොන මොනව කලාද කියල. :D

      Delete
    3. මාරයියට දැන් නම් ඩූඩ් අයියගෙන් ඉන්න හම්බුවෙන්නේ නෑ... හි හි...

      Delete
    4. අන්න නියම ගුරුවරු..

      Delete
    5. මිශ්‍රණයේ ගොඩක් අඩුපාඩු ඇත ජාත්‍යන්තර කෑමක රෙසපියට අනුව.ඔබ මෙවැනි කෑම පිටරැටියන්ට කන්න දෙන්න ඉගෙන ගන්නවානම් එය නවතා,පබිලිස් ලොක්ක ලගට ගිහිල්ල ඉගෙන ගන්න බල මාළු මිශ්‍ර එළවලු පිට්සා හදන එක.
      ඔබ යන්නෙ නුගේගොඩ පාසැලට ද?
      එහෙනම් අබ සරණයි!

      Delete
  18. මාර මලයෝ මං නිතරම වගේ පීට්සා හදනවා ගෙදරදි එක එක දේවල් දාලා. එත් රොටියට ගත්තේ කාගිල්ස් එකේ හදල තියන රෙඩි මේඩ් රොටි දැන් අනිවා තනියම හදනවා. බොහොම ස්තුතියි විස්තරයට. තව සුප් ගැන මොනවා හරි දාපන් මලයෝ. නිතර හදන ඒවා නොවේ.

    ReplyDelete
  19. කුකරි ක්ලාස් එකත් දැන් දියුණුයි නේ,පොෂ් බාජන එහෙම,ඔහොම තමයි වෙන්න ඕනැ දවසෙන් දවස දියුණු වෙන්න ඕනෑ.

    ReplyDelete
  20. නියමයිනේ . හැබෑටම දැන් ඔය පිටි දෙසිය පනහේ පිසා එක තනියමද කන්නේ .

    ReplyDelete
    Replies
    1. පෝරණුවට දාන්න සූදානම් පිට්සා එකයි දාලා එලියට අරගත්ත එකයි, එකක් නොව දෙකක් බව පෙනේ :D

      Delete
  21. හරි! මේකත් බුක්මාක් කර ගත්තා!!!!! ;)

    ReplyDelete
  22. මාර පීසා.. නියමයි ඈ..

    ReplyDelete
  23. ඕක නියම ක්‍රමයට කරගන්නනං රත් කරන ලද පෝරණුවක සෙන්ටිග්‍රේඩ් අංශක 180ක උෂ්ණත්වයකින් විනාඩි 12ක් බේක් කරගන්න ඕන. (සෙල්සියස් අංශකනං 350ක්)

    යකෝ ෆැරන්හයිට්නං වෙන්න ඕනෑ දෙවැනි එක

    සෙලසියස් = සෙන්ටිග්‍රේඩ්

    #facepalm

    :D එළ පීzසා එක ඈ..


    ReplyDelete
  24. Hafoi...
    Gedara oven ekak naa affa...
    Micro thiya macro wave ekakwath na.. :-(
    Kamak na... Eelanga kaama eka gana balaporoththu thiyan innawa ekata owa one wennathi wei kiyala...

    ReplyDelete
  25. මේකනම් මම හදල බලන්නම ඕනෙ . මාරසරණියෙන් තව අලුත් අලුත් කෑම බලාපොරොත්තු වෙනවා .

    ReplyDelete
  26. ඔය හදන එවුවා ගෙදරට ඩිලිවර් කරන්නේ නැතෙයි අයියේ..?

    ReplyDelete
  27. රොටිය හීනි කරගත්විට (thin base) රස වැඩිවේ....

    ReplyDelete
  28. කෝ බං මම අච්චර අමාරුවෙන් කොටලා දාපු කමෙන්ට් එක?

    උඹ ස්පෑම් වලට උඹේ කොම්පියුටරේ ට්‍රේන් කරනකොට ස්පෑම් උදාහරනෙට ගත්තේ මගේ කමෙන්ට් එකක්ද බං? මම දාන දාන කමෙන්ට් එක ස්පෑම් යන්නේ? :-O

    ReplyDelete
  29. උඹ දැන් hotel school යනවද බන්?

    ReplyDelete
  30. යකෝ මේ අර රටේ තියෙන ඔක්කොම කොල ජාති මැල්ලුං හද හද හිටපු එකා නේද, නැත්තං මං වැරදි බ්ලොග් එකකට ඇවිල්ලද මංද.

    කොහොම උනත් පීස එකනං මරු ඈ.

    උඹට තියෙන අවන් ප්‍රශ්නෙ මටත් තියෙනව බං. අපේ ගෙදර තියෙන මයික්‍රෝවේව් එකේ ඔය කම්බයින්-ග්‍රිල් එකත් නෑ. ඉතිං මොකෑ කොරන්නෙ.

    ReplyDelete
    Replies
    1. තව එකක්, උඹ CTK පීස හට් එක පටන්ගන්නෙ කොහෙද?

      Delete
    2. "CTK" නරක නෑ නම. මේක ආවොත් KFC එක නිකම්ම බැහැලා යනවා :D

      Delete
  31. බ්ලොග් ලියන එක නවත්තලා හෝටලයක් පටන් ගන්නවා නම් අයියේ කට්ටිය දැන් සෑහෙන්න ඉන්නවා උයන්න... පීසා එක නම් රස පාටයි.. දැන් ලංකාවේ පීසා හට් එකේ ඒවට නම් මම එච්චර මනාපයක් නෑ.

    ReplyDelete
  32. අම්මට උඩු..... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  33. දිනේෂ් අයියා හූනා කියන්න වගේ කියල තිබුනේ ඔය දේ වෙයි කියලා මඩියාගෙ පොස්ට් එකේ හික් හික් හික් තැන්කු කිවා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දිනේෂ් අයියා ඒ කොමන්ට් එක දැම්මේ මේ පෝස්ට් එක දැකලා

      Delete
  34. ඔය පීස හට් එකේ පෙනුමයි තත්වෙයි ගන්න තවත් පහසුයි මේ පොඩි වැඩ ටිකත් කරානං.

    1. ටොමැටෝ පෙස්ට් ( කඩේ තියෙනව ගන්න ) එක්ක සුදුළුනු ඇබිංදක් අඹරල එකට මුහු කරල ඒක රොටියෙ ගා ගන්න.

    2. මොසරැල්ල චීස් සිහින්ව ග්‍රෙට් කරගන්න ( මෙහෙනං සුපර් මාර්කට් වල කරල දෙනව, ලංකාවෙදි අර උලන ග්‍රේටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්) .

    3. සිහින්ව ග්‍රේට් කරන ලද චීස් තට්ටුවක් මුලින් ටොමැටෝ පේස්ට් එක මත ඝනව අතුරන්න.

    4. ඒ මතට කපා ගත් ඔලිව් ටිකක්, ළුුනු, මස්/ සෝසේජ් තීරු සහ හතු අතුරා ගන්න. ( ඔලිව් නැති පීස පරිප්පු නැති හොටල් වගේ තමයි )

    5. නැවත චීස් ස්වල්පයක් උඩින් ඉසින්න.

    දැන් රන් වන් පාටයි සමනළයා වෙන තෙක් පුළුස්සා කෑමට ගන්න.

    ReplyDelete
    Replies
    1. මොසරුල්ලා චීස් එක හයිය නෑ ඉන්දික අයියේ.. ග්‍රේට් කරන්න බෑ.. ග්‍රේට් කරලා ගන්න ඕනේ අර බෝලේ වගේ තියෙන චීස් එක.. ( චික්.. මට ඇත්තටම නම මතක නෑ දැන්...Ball Cheese කියලත් කියනවා.. ඒත් හරි නම වෙන මොකද්ද එකක්...) කොත්මලේ එකෙත් ඒක තියෙනවා...

      Delete

    2. අනේ බං අපි නොදන්න චීස්. ග්‍රෙටි නොකර මොසැරැල්ල ස්ලැබ් පීස වලට දානව මම මේ ඇහුවමයි. මෙන්න බලාගන්න වැඩේ කරන විදිය.

      I usually freeze mozzarella and then grate it (longer the better, unless you are in a hurry, then 20 minutes or so works OK). This works very well.

      Delete
  35. අපේ හාමිනේ නං කියන්නෙ කවදවත් යීස්ට් එක්ක එකට ලුණු තියන්න එපා කියල .. එහේම එකතු උනම පිපෙන එක අඩුවෙනවාලු..

    ReplyDelete
    Replies
    1. සරත් එතුමිය කියන්නෙ හම්බන්තොට ලුණු ගැන වෙන්න ඇති.

      Delete
  36. මේක නම් මමත් හදනවා මයික්‍රොවේව් එකේ දාලම...අනිත් අවන් එකක් මටත් නත... :(

    ReplyDelete
  37. ගොඩාක් අය අල රොටි හදලා නොවෑ. මට බැරි උනා තාම. ඉක්මනින් හදන්න ඕනා. (හිතමින්...)

    ReplyDelete
  38. පිං අයිතිවෙනවා ආයිබෝං මේක හදන රහස කියලා දුන්නට....! මං හිතුවා ශල්ලි දිලා ඉගෙන ගත්තු හන්දා අපිට කියලා නොදී අරිද කියලාත්!!

    ReplyDelete
  39. ඔය මිශ්‍රනයම පාන් පෙතිවලට තබා බේක් කරල බලන්නකො.පොඩි එව්වො අසාවෙන් කනව.

    ReplyDelete
  40. මාරයා ගේ පීසා හට් එකට. "පීසා මඩුව" කියලා දාලා දේසියකොරණය කොරානම් හරි

    ReplyDelete
    Replies
    1. @මාතලන්;
      මං හිතුව අර කඩන් යන තිස් ගාන හම්බ වෙන්න ගිහිල්ල කියල.අන්න ලොක්ක රේඩියෝවල කට කපල කියනව එයාගේ කට්ටියෙ එකෙක්වත් පැනල යන්නෙ නැහැ කියල.

      Delete
  41. පීස එකක් හදලම කාල බලන්න හිතෙනවා... අපූරුවට විස්තර කරල තියෙනවනේ.. පබිලිස් සිල්වල කැලේ....

    ReplyDelete
  42. මයික්‍රොෙව්ව් අවන් එකක් නැතිව නෝමල් අවන් එකක් නම් තියෙන්නේ මක්කෙයි කොරන්නෙ

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක හරියටම කියවලා නැහැ වගේ...

      //ඕක නියම ක්‍රමයට කරගන්නනං රත් කරන ලද පෝරණුවක සෙන්ටිග්‍රේඩ් අංශක 180ක උෂ්ණත්වයකින් විනාඩි 12ක් බේක් කරගන්න ඕන. (ෆැරන්හයිට් අංශකනං 350ක්)//

      ඕකට හරියන්නේ නෝමල් අවන් එකක් තමා..මට ඒකක් නැති හින්දයි මයික්‍රොවේව් කලේ... :D

      Delete
  43. හිරු ට තැන්කූ වෙන්න පිසා හදන ඒක බලන්න ගියාමයි දැනගත්තේ මාරය්යගේ පිසා ලෙසන් ඒක..මගේ පොඩි උන් දෙන්න හැමදාම නහයෙන් අඩනවා..ගෙදර මයික්‍රෝ වේව් එකක් තිබුනට මොකුත් හදන්නේ නෑ කියලා ..දන්නේ නැති දේ කොහොම හදන්නද..අනේ මාරයියේ...ඔයාගේ පදමට පින්..මගේ නම්බුව බේරාගෙන මේ සති අන්තේ මම පිසා හදනවා...

    ReplyDelete
  44. මාත් මීට අවුරුද්දකට ඉතර කලියෙන් කිහිප පාරක්ම හැදුවා ඔවුවා. හැබැයි ඉතින් පීසා මඩුවේ ඒවා තරම්නම් නැහැ :D

    ReplyDelete
  45. මාරය්යේ, දැන් තියෙනවා ලිලී චීස්. http://www.lilidairy.com/
    ලාබයි. කොලිටි බඩු. නිකමට දාලා හදලා බලන්ඩ. ජයවේවා.

    ReplyDelete
  46. Maath haduwa onna pizza ekak oyage wada kaalla dakala ammata hudu supirine eth karume kiyanne dan bada poddak ridenawane

    ReplyDelete
    Replies
    1. මෙ ජැම් බනිස් හදන්නෙ කොහොමද මාරයියෙ............

      Delete
  47. මාරයෝ උඹගේ ලිවීමේ කලාව අපූරුයි බොලං ඒ රටාවේ අපේ කම තමන්ගේ කම කිට්ටු බව තියනවා.අනික ඉතිං බොරු පොෂ් වදන් නැතිව අපේ සිංහලෙන් ලිව්වම හොදට හිතට වදිනවා සුබ පැතුම්.

    ReplyDelete