28 May 2013

සීතාවක චාරිකාව... 1 බැරැන්ඩි කෝවිල ...

කලින් දවසක කිව්වා නෙව වෙසක් පෝයට පහුවදා දන්සැල් පාරක් එහෙම වැඳගෙන ගමනක් ගිය වග... ආන්න ඒ ගමන ගැන තමා මේ විස්තරය... ඇත්තටම කිව්වොත් මේක බ්ලොග් එකේ ලියනවට වඩා පොටෝ ටික බුකියේ ඔබලා අත පිහද ගන්න තිබුනනං ලේසියි... ඒත් පොඩ්ඩක් හරි කොටලා දාන්න කියලා හිතුනේ එදා උදේ මේ ටික බලන්න යන්න කියලා තොරතුරු හොයා ගන්න නෙට් එකේ සර්ච් පාරක් දැම්ම වෙලේ හරි හමන් විස්තරයක් හොයා ගන්න වින්ඳ දුක ගැන මතක් උන හින්දම තමා...

ඒ හින්දා යන්තමට හරි මේකට තොරතුරක් එක්කාසු කොරන්න ඕන කියලා හිත හදා ගත්තා.. ඇත්තටම කිව්වොත් මේ සමහර තැන් ගූගල් මැප් එකේ සටහන් වෙලා නැහැ.. විශේෂයෙන්ම පෙතන්ගොඩ උයන.. ඒ කිව්වේ අර රාජසිංහ රජ්ජුරුවන්ට උණ කටුවක් ඇනිලා අසාධ්‍ය වෙච්ච පොට් එක... ඒක මැප් එකේ නැහැ වගේම යන පාරත් නැහැ...  මේ දවස්වල මගේ වැඩේ තමා මං ආව ගිය තැන් ගැන ගූගල් මැප් එකේ සටහන් වෙලා නැති තැන් බලලා ඒවා මාක් කිරිල්ල... අපෙනුත් මේකට මොනවාම හරි සේවයක් වෙන්න එපෑ... ඒ හින්දා ඒ වැඩේට සුළුවෙන් නමුත් මගේ දායකත්වයත් දක්වමින් ඉන්න වෙලේ ඔය පෙතන් ගොඩ උයනත් මං මාක් කොරලා දැම්මා...ඒකට යන පාරත් එක්කම... හැබැයි තාම අනිත් අයට ඒක පේනවද දන්නේ නැහැ... දවස් දෙක තුනක් යද්දී ගූගල් මාමා ඒවා පෙන්නයි.

ඔය ඓතිහාසික තොරතුරු කාල වකවානු වගේ ඒවනං මං දන්නේ නැහැ.. ඒවා ඉතිං මේක දැක්කොත් අපේ හසිත මලයා දෙයි අඩු නැතිවම... ( ඒ ඒ දේට විශේෂඥයෝ ඉඳීමේ පහසුව අම්මපා.. :D )

මේ ඇවිල්ලා සීතාවක රාජධානිය අවට ස්ථාන කිහිපයක් හොයාගෙන ගිය ගමනක්... මේ තියෙන්නේ පලමුවෙන්ම ගිය තැන... බැරැන්ඩි කෝවිල... මෙන්න ගූගල් මාමට අනුව පොට් එක...


මෙන්න පොටෝ කිහිපයක්...























පසු සටහන...

කිව්වා වගේම හසිත මලයා තමුන්ගේ යුතුකම අඩු නැතිව ඉස්ට සිද්ධ කොරලා තියෙන අතරේ අටම්පහුරත් තමුන්ගේ මල්ලෙන් කොටහක් දාලා ගෙහුං තියෙනවා.. ඒ අතරේ මට කරන්න බැරි උන සිතියම් වැඩේ විචාරක මහත්තයා කරලා තියෙනවා... ඔන්න ඒ ටිකත් මේ පහළින්ම මං අමුනලා දානවා කාට හරි කොමෙන්ට් කියවන්න බැරි වෙලා තොරතුරු ටික මග ඇරුනොත් කියලා හිතලා...

හසිතගේ තොරතුරු

1521 වෙන විජයබා කොල්ලයත් එක්ක සහෝදරවරු තුන්දෙනා කෝට්ටේ බෙදාගැනීමත් එක්ක සීතාවක ප්‍රදේශයේ පාලන බලය හම්බෙන්නේ මායාදුන්නේ කියන බාල කුමාරයාට. එයා බොහොම වෙර වීරියෙන් රාජධානිය ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ කාලේ වෙද්දී තිබුණු ඇදහිලි සහ විශ්වාස නිසා මායාදුන්නේ රජතුමා මේ කෝවිල මුලින්ම ඉදි කරන්න පටන් ගත්තා කියලා තමා පෘතුගීසි ලේඛනවල තියෙන්නේ. 

ඒත් කාලෙන් කාලට සීතාවකයි කෝට්ටෙයි වලි දාගෙන සීතාවකට හොම්බෙන් යන්න වෙද්දී පෘතුගීසිකාරයෝ ඇවිත් සීතාවක ෆුල් සුද්දයක් දාන නිසා කෝවිල මුල් අවස්ථාවේදී විනාස වෙනවා. 

ඊට පස්සේ කෝවිල ආයි ඉදි කිරීම් පටන් ගන්නේ 1580 ගණන්වල වගේ මායාදුන්නේගේ පුතා ටිකිරි කුමාරයා රාජසිංහ රජ වීමත් එක්ක. රජතුමා දැඩි පාලනයට එරෙහිව හාමුදුරුවරු සංවිධානය වීමත් අවසානයේදී රජතුමාගේ අණින් හාමුදුරුවරු කණ්ඩායමක් මරා දැමීමත් එක්ක බෞද්ධයන්ගේ අප්‍රසාදයට රජතුමා ලක් වෙනවා වගේම භික්ෂූන් වහන්සේලාව රජතුමාට එපා වෙනවා. 

මේ නිසා වෙන්නේ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කියන කෙනාගේ බහට රැවටිලා රජතුමා ශිව භක්තිකයෙක් වෙන එක. ඒ යටතේ ශිව දෙවියන් වෙනුවෙන් කැපවුණු මේ කෝවිල ඉදි කෙරෙනවා. කොහොම වුණත් රාජ්‍යයේ තිබුණු තත්වේ එක්ක 100% ක් ඉදිකිරීම් අවසන් කරන්න බැරිවෙලා තියෙනවා. 

කෝවිලේ බිත්තිවල අලංකාර රූප එහෙමත් තිබුණාය කියනවා. 

අන්තිමට සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක ඇතිවෙන්නේ අවුල් සහගත තත්වයක්. රජතුමාගේ අනුප්‍රාප්තිකයන්ට සීතාවක කන්ට්‍රෝල් නැතිවෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කෝට්ටේට එකතු වෙලා පෘතුගීසි එක්ක ඇවිත් සීතාවක ෆුල් සුද්දයක් දෙනවා. 

කොටින්ම මාළිගාවේ මේ කෝවිලේ අත්තිවාරම් පවා හාරලා පෘතුගීසිකාරයෝ වස්තුව හෙව්වාය කියනවා :)
-----------------------------------

අටම්පහුරගේ තොරතුරු

ඔය කෝවිල මයාදුන්න රජ්ජුරුවෝ මරපු පව නැතිකරගන්න කියලා අරිට්ටකීය වෙන්ඩු කියන පූසාරියා දුන්න වැරදි උපදෙස හන්දා ගග යන පාර හරවලා දෙවනි රාජ සිංහ රජතුමා තමයි හදලා තියෙන්නේ

ගල් කෑල්ලක් අරගන ඔය තියන ගල් ඇදිවලට තට්ටුවක් දාලා බැලුවේ නැද්ද , එක එක ගල්වලින් එක එක සද්ද එන්නේ , තඹ බාජනවලට ගහන සද්දේ , ලීකොටවලට ගහන සද්දේ අන්න ඒ වාගේ , 

ඔය දාහතරවෙනි පොටෝ එකේ තියෙනවානේද පුංචි කාණුවක් වාගේ එකක් ඒ කෝවිල ඇතුලේ බිලි පූජා දුන්නහම ගලන ලේ එලියට එන්න හදාපු පාර.

ඒ පැත්තෙම මැද්දට වෙන්න තියනවා දැක්කද සලකූනු එහෙම තියන ගලක් ටිකක් විතර එලියට ඇදලා වාගේ , ඒකේ බොරකටුවකින් විදපු සිදුරක් එහෙම තියනවා, එතන නිදන් වස්තු තියනවා කියලා තමයි පැරැන්නෝ කියන්නේ ,

ඔය දැනට කොටුකරලා තියන තියන සීමාවට වඩා ඉස්සර කෝවිල් බිමට අයිතිවෙලා තියනවා , ක්‍රමක් ක්‍රමයෙන් ගල් වැටි හතක් ඉහලට තිබුනා කියලා තමයි මම අහලා තියෙන්නේ, දැනටත් අර ගල් බොක්කුව හරියේ ඉදන් බලනකොට ස්ටෙප් හතරක් විතර අදුරගන්න පුළුවන්.

ඔතන පල්ලෙහා කණාමැදිරි වලේ තමයි අර හාමුදුරුවරු 59 දෙනෙක් කිං දෙවනි රාජසිංහ අරිට්ටකිය වෙන්ඩුකාරයාගේ ටොපියකාලා ගිල්ලලා මැරුවේ , 

ඔය වල ගාවට නාන්ඩ ගිය දවසක (වතුර ගොඩක් අඩුකාලයක) ඔය කණාමැදිරියං වල හෙන ජබුරයි කියලා කියන එක ඇත්තද බලන්න ඔතන බැදලා තිබුන පහුරකට නැගලා ඒකේ උඩ තිබ්බ දිග උණ ලීයක් අපේ අයියා කෙනෙක් එක්ක අමාරුවෙන් බස්සලා බැලුවා අඩියක් නං උණ ලීයේ වැදුන්නැ , ඔතන හිතාගන්න බැරි තරම් ලොකු මාළු ජාතියක් ඉන්නවා , ටිකක් විතර තෙප්පලින්ට සමානයි . එක කොරපොත්තක් රුපියල් දෙකක් විතර ඇති , 

ඉස්සර පාලම ගාව ඉදන් ඔතනට යනකං පයින් යන්න පුළුවන් , ගග දිගටම මිනිස්සු නෑවා , හරිම ලස්සනයි , දැන්නං ගගේ මිනිස්සු නානවා හරි අඩුයි , මැණික් ගන්ඩයි වැලි ගන්ඩයි හාරලා හාරලා ගග විනාස කරලා තියෙන්නේ , ඔය හරියේ පොලව උනත් එහෙම තමයි පෙරලපු නැති බිං අගලක් නැ , 

ඔය කෝවිල හදා තියෙන්නේ සීතාවක ඔය හරවලා කලින් සීතවක ගග ගිය තැනලු , ඔය කණාමැදිරියං වලට ටිකක් උඩින් තියන නැම්මක් වාගේ තැනින් තමයි ඉස්සෙල්ලම ගග පිටාර ගලලා ගංවතුර තල්දුව ටවුන් එකට දාන්නේ . හැරෙව්වට ගග පුරුදු පාරෙම යනවා කියලා දවසක් අපේ තාත්තා කියුවා, මයේ හිතේ ඔයා ඔය අන්තිමට දාලා තියෙන්නේ ගග හරවපු තැන ෆොටෝ එකක් 

ඔය වැඩේ කරන්ඩ ගල් කොහොම ගෙනාවද කියලා නං හරියට තොරතුරක් නැ , ඔය හරියේ පිහිටි ගලක් ලගක නං දකින්න නැ.ඉස්සර අපි පුංචි කාලේ ඔය වටේ ඉඩං වලත් ගල් විසිරිලා තිබ්බා දැන්නං එව්වා නැ.කෝවිලට ටිකක් උඩහින් තියන තොටුපලක වැලිවලට යටවෙලා කපා සකස් කරපු ගල්වාගයක් ඉස්සර තිබ්බා . අපේ ආතා දවසක් කියනවා මතකයි ඒ ගල් ගග දිගේ කෝවිල හදන්ඩ ගෙනාපු ගල් කියලා , 

කොහොම උනත් මට හිතෙනවා ඔය නිර්මාණය සම්පුර්ණයෙන්ම නිමකරලා ඉවරකරන්න බැරි වෙන්න ඇති කියලා . සුවල්ප වැඩ කන්දරාවක්යැ දෙවනි රාජසිංහ රජතුමාට තිබ්බේ , සිතාවක ඔය දිගේ කැළණිගග හරහා ගුරුගොඩ ඔය දිගේ පෙතංගොඩට බරන ගණිතයාගේ දුව බලන්ඩත් නිතර නිතර ආවා ගියා කියලා කියනවනේ , තමුන්ගේ දුව යකඩදෝලියක් කරගත්ත තරහට , දුවට ඇලුම්කං පාපු රාජ සිංහ රජ්ජුරුවන්ගෙම අක්කා පුතා එක්ක එකතුවෙලා බරන ගණිතයා උණ කටුව ඇණුන වෙලාවේ විස බදින මන්තරයක් මතුරලා තුවාලයට ගොම බැන්දා කියලනේ කියන්නේ.

ඔය පරණ කවිවල විස්තර කරන රජතුමාගේ රෝග ලක්ෂණ එක්ක ඔය ජනප්‍රවාදය එකතු කරලා ගත්තහම රජතුමා මියගියේ පිටගැස්ම රෝගයෙන් කියලා මීගස්වත්තේ මහත්තයාද කොහොද කියනවා දවසක් මම අහගන , 

කොහොම උනත් කනගාටුයි කියන්න තල්දුව කියන ඉස්සර සිංහල ගමේ ඔය පුංචි නගර සිමාවේ දැන් පාර අයිනට වෙන්න දැන් ඉන්නේ සිංහල පවුල් හතර පහයි . 

දැන් ඉතින් පොතේ පතේ තියන ටික හොයලා හසිත මලයා දන්න එව්වා ටිකත් ඒකටම එකතු කොරලා දැම්මහම වැඩේ සම්පුර්නයි
----------------------------------------

විචාරක මහත්තයගේ සිතියම




පසු සටහනටත් පස්සේ එක කියමුකෝ... :D

ඔන්න මාත්  කෙලින්ම පාර බලා ගන්න ලින්ක් එකක් දෙනවා...
හරියටම පාර දුර එක්කලා බලා ගන්න මෙන්න මෙතන කොටන්න... මේක දිලා තියෙන්නේ කොළඹ කොටුවේ ස්ටේෂන් එක ළග ඉඳන් යන විදිහට... දුර හරියටම කිලෝ මීටර් 48 ක් විතර වෙන්නේ එතැන ඉඳලාම...

28 comments:

  1. "ඒ හින්දා යන්තමට හරි මේකට තොරතුරක් එක්කාසු කොරන්න ඕන කියලා හිත හදා ගත්තා.. ඇත්තටම කිව්වොත් මේ සමහර තැන් ගූගල් මැප් එකේ සටහන් වෙලා නැහැ.. විශේෂයෙන්ම පෙතන්ගොඩ උයන.. ඒ කිව්වේ අර රාජසිංහ රජ්ජුරුවන්ට උණ කටුවක් ඇනිලා අසාධ්‍ය වෙච්ච පොට් එක... ඒක මැප් එකේ නැහැ වගේම යන පාරත් නැහැ... මේ දවස්වල මගේ වැඩේ තමා මං ආව ගිය තැන් ගැන ගූගල් මැප් එකේ සටහන් වෙලා නැති තැන් බලලා ඒවා මාක් කිරිල්ල... අපෙනුත් මේකට මොනවාම හරි සේවයක් වෙන්න එපෑ... ඒ හින්දා ඒ වැඩේට සුළුවෙන් නමුත් මගේ දායකත්වයත් දක්වමින් ඉන්න වෙලේ ඔය පෙතන් ගොඩ උයනත් මං මාක් කොරලා දැම්මා...ඒකට යන පාරත් එක්කම... හැබැයි තාම අනිත් අයට ඒක පේනවද දන්නේ නැහැ... දවස් දෙක තුනක් යද්දී ගූගල් මාමා ඒවා පෙන්නයි."

    ඒවා ජාතික යුතුකම්. ඔහොම හිතන අය හරි අඩුයි.ජාලෙට දෙන්නේ බොහොම ටිකයි... මේ අපි වගේ..

    ReplyDelete
  2. යන පාර ගැන පොඩ්ඩක් මේකෙත් දැම්ම නම් හොඳයි නේද මාරයෝ ..කමෙන්ට් එහෙකින් හරි දාන්න බලන්න..මෙහෙම හරි දැක බලාගන්න ලැබෙන එක හොඳයි ඕව..ඔයා පෙන්නන්න මාරයියේ තියෙන ඔක්කොම.හසිත විස්තර කරයි ගාණට..

    ReplyDelete
  3. ayya.. oya barandi kowilee athi wedagathkama mokakda ?? anea thawa tikaka wisthara kiyantakoo.. plss..

    ReplyDelete
  4. මැප් එකෙන් ඒ අවට බලද්දි ගෙවල් වල වහලවල් පේන්නෙ අළුපාටටනෙ. ඒවා අළු පාට උළුද නැත්නම් තහඩු ඇස්බැස්ටෝ වගේ ඒවද? ඔයාට අමුත්තක් පෙනුනද ඒ අවටින් යද්දි?

    (මමත් අහන පුරස්න නේ, සොරි ඈ)

    ReplyDelete
    Replies
    1. ඔය වටේ තිය ගෙවල් ඔක්කොම පරන ගෙවල් සමහරක් එවායේ තියෙන්නේ ඇස්බැස්ටස් . පරන උළු උනුත් කාලයක් යනකොට දිය සෙවල බැදිලා වේලුනහම අළුපාටට තමා පේන්නේ . අවුරුදු අටක් පරණ අපේ ගෙදරත් ගූගල් දෙයියට පේන්නේ ඒ වාගේ

      Delete
  5. 'බැරැන්ඩි කෝවිල් සාගාව' මතකද? :)

    ReplyDelete
  6. අපිවත් මතක් කොරාලා තියෙන නිසා ඔන්න යමක් කියන්න එකතු වුණා.

    1521 වෙන විජයබා කොල්ලයත් එක්ක සහෝදරවරු තුන්දෙනා කෝට්ටේ බෙදාගැනීමත් එක්ක සීතාවක ප්‍රදේශයේ පාලන බලය හම්බෙන්නේ මායාදුන්නේ කියන බාල කුමාරයාට. එයා බොහොම වෙර වීරියෙන් රාජධානිය ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ කාලේ වෙද්දී තිබුණු ඇදහිලි සහ විශ්වාස නිසා මායාදුන්නේ රජතුමා මේ කෝවිල මුලින්ම ඉදි කරන්න පටන් ගත්තා කියලා තමා පෘතුගීසි ලේඛනවල තියෙන්නේ.

    ඒත් කාලෙන් කාලට සීතාවකයි කෝට්ටෙයි වලි දාගෙන සීතාවකට හොම්බෙන් යන්න වෙද්දී පෘතුගීසිකාරයෝ ඇවිත් සීතාවක ෆුල් සුද්දයක් දාන නිසා කෝවිල මුල් අවස්ථාවේදී විනාස වෙනවා.

    ඊට පස්සේ කෝවිල ආයි ඉදි කිරීම් පටන් ගන්නේ 1580 ගණන්වල වගේ මායාදුන්නේගේ පුතා ටිකිරි කුමාරයා රාජසිංහ රජ වීමත් එක්ක. රජතුමා දැඩි පාලනයට එරෙහිව හාමුදුරුවරු සංවිධානය වීමත් අවසානයේදී රජතුමාගේ අණින් හාමුදුරුවරු කණ්ඩායමක් මරා දැමීමත් එක්ක බෞද්ධයන්ගේ අප්‍රසාදයට රජතුමා ලක් වෙනවා වගේම භික්ෂූන් වහන්සේලාව රජතුමාට එපා වෙනවා.

    මේ නිසා වෙන්නේ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කියන කෙනාගේ බහට රැවටිලා රජතුමා ශිව භක්තිකයෙක් වෙන එක. ඒ යටතේ ශිව දෙවියන් වෙනුවෙන් කැපවුණු මේ කෝවිල ඉදි කෙරෙනවා. කොහොම වුණත් රාජ්‍යයේ තිබුණු තත්වේ එක්ක 100% ක් ඉදිකිරීම් අවසන් කරන්න බැරිවෙලා තියෙනවා.

    කෝවිලේ බිත්තිවල අලංකාර රූප එහෙමත් තිබුණාය කියනවා.

    අන්තිමට සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක ඇතිවෙන්නේ අවුල් සහගත තත්වයක්. රජතුමාගේ අනුප්‍රාප්තිකයන්ට සීතාවක කන්ට්‍රෝල් නැතිවෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කෝට්ටේට එකතු වෙලා පෘතුගීසි එක්ක ඇවිත් සීතාවක ෆුල් සුද්දයක් දෙනවා.

    කොටින්ම මාළිගාවේ මේ කෝවිලේ අත්තිවාරම් පවා හාරලා පෘතුගීසිකාරයෝ වස්තුව හෙව්වාය කියනවා :)

    ඕන් ඉතින් පුලුවන් හැටියට යමක් කිව්වා

    ReplyDelete
    Replies
    1. සම්පුර්න කරන්න බැරි උනාට ඔතන පුද පුජා පවත්වන එක රලා තියනවලු හසිත

      Delete
    2. @ අටම්පහුර

      ඔව් ඔව් පොඩි පොඩි ෆිනිෂිං වැඩ ටිකක් තමා ඉතුරු වෙලා තියෙන්නේ :D

      Delete
  7. ඔන්න මම ටිකක් සවිස්තර සිතියමක් හැදුවා. මෙතනින් බලන්න

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. මැප් එකනං ටිකක් පරණයි වාගේ මාරයෝ, ගුගල් දෙයියා සැහෙන දවසකින් ඒ පැත්තේ ගිහිල්ලා නැ වාගේයි පේන්නේ,

    ඔය කෝවිල මයාදුන්න රජ්ජුරුවෝ මරපු පව නැතිකරගන්න කියලා අරිට්ටකීය වෙන්ඩු කියන පූසාරියා දුන්න වැරදි උපදෙස හන්දා ගග යන පාර හරවලා දෙවනි රාජ සිංහ රජතුමා තමයි හදලා තියෙන්නේ

    ගල් කෑල්ලක් අරගන ඔය තියන ගල් ඇදිවලට තට්ටුවක් දාලා බැලුවේ නැද්ද , එක එක ගල්වලින් එක එක සද්ද එන්නේ , තඹ බාජනවලට ගහන සද්දේ , ලීකොටවලට ගහන සද්දේ අන්න ඒ වාගේ ,

    ඔය දාහතරවෙනි පොටෝ එකේ තියෙනවානේද පුංචි කාණුවක් වාගේ එකක් ඒ කෝවිල ඇතුලේ බිලි පූජා දුන්නහම ගලන ලේ එලියට එන්න හදාපු පාර.

    ඒ පැත්තෙම මැද්දට වෙන්න තියනවා දැක්කද සලකූනු එහෙම තියන ගලක් ටිකක් විතර එලියට ඇදලා වාගේ , ඒකේ බොරකටුවකින් විදපු සිදුරක් එහෙම තියනවා, එතන නිදන් වස්තු තියනවා කියලා තමයි පැරැන්නෝ කියන්නේ ,

    ඔය දැනට කොටුකරලා තියන තියන සීමාවට වඩා ඉස්සර කෝවිල් බිමට අයිතිවෙලා තියනවා , ක්‍රමක් ක්‍රමයෙන් ගල් වැටි හතක් ඉහලට තිබුනා කියලා තමයි මම අහලා තියෙන්නේ, දැනටත් අර ගල් බොක්කුව හරියේ ඉදන් බලනකොට ස්ටෙප් හතරක් විතර අදුරගන්න පුළුවන්.

    ඔතන පල්ලෙහා කණාමැදිරි වලේ තමයි අර හාමුදුරුවරු 59 දෙනෙක් කිං දෙවනි රාජසිංහ අරිට්ටකිය වෙන්ඩුකාරයාගේ ටොපියකාලා ගිල්ලලා මැරුවේ ,

    ඔය වල ගාවට නාන්ඩ ගිය දවසක (වතුර ගොඩක් අඩුකාලයක) ඔය කණාමැදිරියං වල හෙන ජබුරයි කියලා කියන එක ඇත්තද බලන්න ඔතන බැදලා තිබුන පහුරකට නැගලා ඒකේ උඩ තිබ්බ දිග උණ ලීයක් අපේ අයියා කෙනෙක් එක්ක අමාරුවෙන් බස්සලා බැලුවා අඩියක් නං උණ ලීයේ වැදුන්නැ , ඔතන හිතාගන්න බැරි තරම් ලොකු මාළු ජාතියක් ඉන්නවා , ටිකක් විතර තෙප්පලින්ට සමානයි . එක කොරපොත්තක් රුපියල් දෙකක් විතර ඇති ,

    ඉස්සර පාලම ගාව ඉදන් ඔතනට යනකං පයින් යන්න පුළුවන් , ගග දිගටම මිනිස්සු නෑවා , හරිම ලස්සනයි , දැන්නං ගගේ මිනිස්සු නානවා හරි අඩුයි , මැණික් ගන්ඩයි වැලි ගන්ඩයි හාරලා හාරලා ගග විනාස කරලා තියෙන්නේ , ඔය හරියේ පොලව උනත් එහෙම තමයි පෙරලපු නැති බිං අගලක් නැ ,

    ඔය කෝවිල හදා තියෙන්නේ සීතාවක ඔය හරවලා කලින් සීතවක ගග ගිය තැනලු , ඔය කණාමැදිරියං වලට ටිකක් උඩින් තියන නැම්මක් වාගේ තැනින් තමයි ඉස්සෙල්ලම ගග පිටාර ගලලා ගංවතුර තල්දුව ටවුන් එකට දාන්නේ . හැරෙව්වට ගග පුරුදු පාරෙම යනවා කියලා දවසක් අපේ තාත්තා කියුවා, මයේ හිතේ ඔයා ඔය අන්තිමට දාලා තියෙන්නේ ගග හරවපු තැන ෆොටෝ එකක්

    ඔය වැඩේ කරන්ඩ ගල් කොහොම ගෙනාවද කියලා නං හරියට තොරතුරක් නැ , ඔය හරියේ පිහිටි ගලක් ලගක නං දකින්න නැ.ඉස්සර අපි පුංචි කාලේ ඔය වටේ ඉඩං වලත් ගල් විසිරිලා තිබ්බා දැන්නං එව්වා නැ.කෝවිලට ටිකක් උඩහින් තියන තොටුපලක වැලිවලට යටවෙලා කපා සකස් කරපු ගල්වාගයක් ඉස්සර තිබ්බා . අපේ ආතා දවසක් කියනවා මතකයි ඒ ගල් ගග දිගේ කෝවිල හදන්ඩ ගෙනාපු ගල් කියලා ,

    කොහොම උනත් මට හිතෙනවා ඔය නිර්මාණය සම්පුර්ණයෙන්ම නිමකරලා ඉවරකරන්න බැරි වෙන්න ඇති කියලා . සුවල්ප වැඩ කන්දරාවක්යැ දෙවනි රාජසිංහ රජතුමාට තිබ්බේ , සිතාවක ඔය දිගේ කැළණිගග හරහා ගුරුගොඩ ඔය දිගේ පෙතංගොඩට බරන ගණිතයාගේ දුව බලන්ඩත් නිතර නිතර ආවා ගියා කියලා කියනවනේ , තමුන්ගේ දුව යකඩදෝලියක් කරගත්ත තරහට , දුවට ඇලුම්කං පාපු රාජ සිංහ රජ්ජුරුවන්ගෙම අක්කා පුතා එක්ක එකතුවෙලා බරන ගණිතයා උණ කටුව ඇණුන වෙලාවේ විස බදින මන්තරයක් මතුරලා තුවාලයට ගොම බැන්දා කියලනේ කියන්නේ.

    ඔය පරණ කවිවල විස්තර කරන රජතුමාගේ රෝග ලක්ෂණ එක්ක ඔය ජනප්‍රවාදය එකතු කරලා ගත්තහම රජතුමා මියගියේ පිටගැස්ම රෝගයෙන් කියලා මීගස්වත්තේ මහත්තයාද කොහොද කියනවා දවසක් මම අහගන ,

    කොහොම උනත් කනගාටුයි කියන්න තල්දුව කියන ඉස්සර සිංහල ගමේ ඔය පුංචි නගර සිමාවේ දැන් පාර අයිනට වෙන්න දැන් ඉන්නේ සිංහල පවුල් හතර පහයි .

    දැන් ඉතින් පොතේ පතේ තියන ටික හොයලා හසිත මලයා දන්න එව්වා ටිකත් ඒකටම එකතු කොරලා දැම්මහම වැඩේ සම්පුර්නයි ,

    ඔන්න මල් වට්ටියට ආරාධනයක් නැතුවම මමත් අත ගැහුවා , තරහා නැනේ

    ReplyDelete
    Replies
    1. @අටම්පහුර

      //..ඔය කෝවිල මයාදුන්න රජ්ජුරුවෝ මරපු පව නැතිකරගන්න කියලා අරිට්ටකීය වෙන්ඩු කියන පූසාරියා දුන්න වැරදි උපදෙස හන්දා ගග යන පාර හරවලා දෙවනි රාජ සිංහ රජතුමා තමයි හදලා තියෙන්නේ..//

      අයියාට පොඩ්ඩක් පැටලිලා වගේ සීතාවක හිටියේ පළවෙනි රාජසිංහ. එයාම තමා මේ කෝවිල හදන වැඩ ඒවා මේවා කරන්නේ. මහනුවර තමා දෙවෙනි රාජසිංහ ඉන්නේ. එක්දාස් හයසිය ගණන්වල.

      රජතුමා පීතෲඝාතකයෙක් කියන චෝදනාව රජතුමාව අපහසුතාවට ලක් කරන්න පෘතුගීසී ලේඛකයෝ වගේම විමලධර්මට පක්ෂපාතී ලේඛකයෝ කළා කියලා තමා මේ ගැන තියෙන අනෙක් අදහස වෙන්නේ. මොකද මායාදුන්නේ මියයද්දී ටිකිරි කුමාරයා කෝට්ටේ වටලෑමකට ගිහින් හිටියා වගේම රජකම නොලැබීම ගැන ප්‍රශ්නයක් තිබුණේත් නැහැ එයාට

      //..ඔය දාහතරවෙනි පොටෝ එකේ තියෙනවානේද පුංචි කාණුවක් වාගේ එකක් ඒ කෝවිල ඇතුලේ බිලි පූජා දුන්නහම ගලන ලේ එලියට එන්න හදාපු පාර....//

      මේක නම් ටිකක් ෂුවර් මදි. ඇතුළේ තිබුණාය කියන්නේ ශිව ලිංගයක්. ශිව ලිංග තියෙන කෝවිල්වල තවමත් මේ විදිහට කෑල්ලක් දානවා. මොකද මිනිස්සු කිරි, වතුර, තැඹිලි වතුර වගේ එකී මෙකී නොකී දේවල්වලින් ලිංගේ නාවපුවාම එළියට වතුර එවන්න

      //..ඒ පැත්තෙම මැද්දට වෙන්න තියනවා දැක්කද සලකූනු එහෙම තියන ගලක් ටිකක් විතර එලියට ඇදලා වාගේ , ඒකේ බොරකටුවකින් විදපු සිදුරක් එහෙම තියනවා, එතන නිදන් වස්තු තියනවා කියලා තමයි පැරැන්නෝ කියන්නේ...//

      පැරණි සීමා මායිම් දක්වපු ගල් පර්වත තියෙන සලකුණු දැක්කාමත් මිනිස්සු මේ වගේ කතා කියනවා. මොකක් වුණත් පෘතුගීසිකාරයා දුන්නු සුද්දේ හැටියට ආයේ නිධානයක් ඉතුරු වුණාද කියන එකත් සැකයි :D

      Delete
  9. ඔන්න වැඩේ ගානට කෙරිලා තියෙනවා... හසිතගේ අටුවාවයි... අටම්ගේ ජනප්‍රවාදයි එක්කම විචාරකගේ සිතියමත් එක්කාසු උනාම මේක දැන් ඉස්කෝල ළමයෙකුට උනත් වැඩක් ගත හැකි පෝස්ටුවක්...

    හැමෝටම ස්තූතියි... :D

    තව ඉතිං මේ ගැන දන්න කියන අය ඉන්නවනං තම තමුන්ගේ පඩුරුත් දාලා ගියානං පිං සිද්ධ වෙනවා...

    ReplyDelete
  10. බැරැණ්ඩි වෙනකල්ම කට්ටිය දීල තියෙන්නෙ වැඩේ. අපි මොනව කියන්නද.
    මේවට මග පෙන්වූ පිණෙන් තව තවත් මෙවැනි ගමන් යන්න ලැබේවා කියල තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
  11. මම මෙලෝදෙයක් දන්නෙ නැති නිසා කට පියාගෙන ඉන්නව.. නමුත්... මේක දාපු මාරයත්, විස්තර කරපු හැමෝටමත් බොහොම ස්තූතියි නොදන්න දෙයක් කියල දුන්නට....

    ReplyDelete
  12. අනේ ඉතිං ඔන්න මං නං අදම තමයි මේ තැන ගැන ඇහුවේ... පරණ ස්ටෝරි ටික නම් ටික ටික මීටරේ තිබ්බා...

    ReplyDelete
  13. ඉතිහාසය ලේඛකයාට නීරස විෂයකි. මිතුරකුගේ නිවසේදී අහම්බෙන් ‘සිංහලයේ මහා වංශ කතාවේ’ කොටසක් නොදකින්නට ඔහු බැරැන්ඩි කෝවිල ගැන නොඅසන්නට ඉඩ තිබුනේය. 1521-80 අතර කාලය තුළ රජකළ මායාදුන්නේ හෝ ඔහු පුත් පළමුවැනි රාජසිංහ ඉදිකළා යැයි සැලකෙන එය අගනුවරට නුදුරින් පිහිටි, තවමත් යම් පමණකට හෝ ආරක්ෂා වී පවතින විශිෂ්ඨතම සෙල්මුවා ස්මාරකය වේ. එසේම පොළොන්නරුවෙන් මෙපිට ද්‍රවිඪ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිතව ඉදිකරනු ලැබූ ගොඩනැඟිලි අතලොස්සෙන් එකක්ද වේ. වැඩ සටහනට සහභාගි වූ එල්ලාවල මේධානන්ද මුරුංගා අත්තේ තබමින් ජැක්සන් ඇන්තනි ප්‍රකාශ කළේ එය උන්නැහේගේ ‘වැයික්කියේ’ ඇති දෙයක් හැටියටය. මේධානන්දද ඊට හූ මිටි දුන්නේ නරඹන්නන්ට තමන් එහි මහා භාරකාරයා ලෙස හැඟෙන පරිදිය.

    වෙනත් උවමනාවක් සඳහා අවිස්සාවේල්ලේ නතර වී සිටි දිනෙක සවස් වරුවේ නිකමට මෙන් බැරැන්ඩි කෝවිල බලන්නට යන්නට ලේඛකයාට ආසාවක් ඇතිවිය. මේ ආසාව බෙදාගත් සගයකු නොසිටි හෙයින් යන්නට වූයේ තනිවමය.

    ඉතිරිය කියවන්න

    බැරැන්ඩි කෝවිල් සාගාව | Barandiya Kovil saga

    ReplyDelete
  14. මේ වගේ චාරිකා සටහන් ලියන එක ඉතාමත් වැදගත්...මේ දේවල් බලන්න යන කෙනෙක්ට බොහෝ ප්‍රයෝජනවත්...මම මෙතනට ගිහිල්ලා නෑ... ඒත් දැන් යන්න අවශ්‍ය කාරණා මෙතන තියෙනවා...

    මාරයා මොකද දැන් අපේ ඉසව්ව අමතක කරලා...

    ReplyDelete
    Replies
    1. එයා මේ දවස්වල busy.අපිට මේ දවස් වල උයන හැටි,කන හැටි,සංචාරය ගැන සහ දේශපාලනය කියල දෙනව.
      නිවාඩුවක් ලැබුන ගමන් එයි.ඕව කියවන එක නම් බුදු ෂුවර්.

      Delete
  15. ගූගලයාගේ සලකුණු කිරිම හරිම වැදගත්.ඔව්වා සමාජසේවෙම කොටසක් මාර මලේ. ඒ වගේම මේ විස්තරය සම්පුර්ණ කළ හසිතටත් අටංපහුරටත් තුති.

    ReplyDelete
  16. මාරයියගෙ විස්තරේ හරිම සම්පූර්ණයිනෙ. අල ගිය වැලගිය මුලගිය හැම තැනක්ම තියෙනවා.

    ReplyDelete
  17. Menna Mr. Maaraya maara sanchaarayak gihin! Ko ara una katuwa anunu pot 1 gana ehema wisthara? Ewath daanna honde..

    ReplyDelete
  18. අනේ මෙහෙමත් වාසනාවන්ත මිනිස්සු...........

    ReplyDelete
  19. තල්දූව හරියේ කැලණි ගගට මායිම්ව තියෙනවා සුද්දගෙ පරන බංගලාවක්.කලින් ඒක උත්සව ශාලාවක් හැටියට කුලියට දුන්නා.එතනත් බලන්ඩ කියලා පැරණි ගෘහ භාණ්ඩ,ඡායාරූප වගේ පොඩි පොඩි දේවල් ටිකක් තිබුනා.දැන්නම් එතන තත්වය කොහොමද දන්නෑ.මාර චාරිකාවට එතන හම්බුනේ නැද්ද,

    ReplyDelete
  20. නොදන්නා දෙයක් ගැන සහසුද්දෙන් දැනගන්න ලැබුණා මේ සටහනෙන්. අර රාජසිංහ රජතුමා ඇනගත්ත කටුව තියෙන උණ පඳුර ගාවට ගියා කිතුල්ගල හිහින් එන ගමනේ.

    ReplyDelete