ඕක කිව්ව ගමන් ඉතිං කට්ටියටම කල්පනාවට එන්නේ එකම කාරණයයි නෙව... ඒ කිව්වේ ඉතිං බඩදරු අම්මලාට බඩින් ඉන්න කාලෙට ඇති වෙන ලොවෙත් නැති කෑම ජාති ගැන ඇතිවෙන ආසාව නෙව... ඔය දොළදුක් කෑම ගැන වංගියක් අපේ කට කහන දුමී අයියා ලියලා තිබුනා කියලා මට මතකයි... ටිකක් හොයලා බැළුවනං හොයා ගතෑකි... ආයේ ලින්ක් හොයන්න යන්න කම්මැලියි බොලවු...
ඉතිං මේ හදිසියේ දොළදුක් කෑමක් ගැන මොකක්ද මට තියෙන කතාව කියලා බලන අයත් ඇති නෙව... (ඔව් ඔව් බබා හම්බ වෙන්න කිට්ටුයි.. වරෙවු කෑම අරං.. :D ) ඇත්තම කිව්වොත් මේක මේ හරිම වචනේ දන්නේ නැති කොමට දාපු මාත්තුරුකාවක්... දැන් ඔය ගෑණු උදවියට ඔය දොළ දුක් ගාය හැදෙන්නනං ඉතිං බඩ දරු වෙන්නම එපැයි... (හා හා මං දන්නවා.. උන්දලට බඩ දරු නොවුනත් ඉතිං කවුරු හරි ගෙනල්ලා දෙන්න එකෙක් ඉන්නවනං අවුරුද්දේ තුන්සිය හැට පස් දවසෙම උනත් දොළදුක් තමා.. මං කිව්වේ ඒ ගැන නෙවෙයි...) ඉතිං එහෙම බඩ දරු නොවී උන්දලට මොනවා හරි කෑමක් කන්න ආසාවක් ආවොත් ඒකට කියන නියම නම මොකක්ද..? ඇයි එතකොට කෑම ජාතිවලට ආලේ හිතෙන්නේ උන්දලට විතරද..? ඇයි අපි ඔටුවොද..?
මට ඇත්තටම දැන ගන්න උවමනා වෙලා තියෙන්නේ මේ අහිංසක අපි වගේ උදවියට ඔය කෑමක් බීමක් ගැන අප්පරමාණ ආසාවක් ආවොත් ඒකට කියන නම මොකක්ද කියලයි... දන්න එකෙක් සිටී නං කියමු බලන්ට...
ඉතිං මෙච්චර වැල් වටාරං ගැහුවේ වෙන කෙංගෙඩියක් ගැන කියන්න නෙවෙයි.. මගේ දොළදුකක් (හරි වචනේ ලැබෙනකල් ඒක තමා පාවිච්චි කොරන්න වෙන්නේ) සංසිඳුවා ගන්න හැකි වීම ගැන තමා ඕං...
මාරයාතුමා වෙච්ච මංතුමාට හරි අපූරු බාල සංධියක් තිබුනා.. දුක් කරදර රාසියක් තිබුනා උනත් ඒ හැමටමත් වඩා අපූරු තාලෙට අපි ජීවත් උනා... සමහර දේවල් සල්ලි කොච්චර තිබුනත් කෙනෙකුට ලැබෙන්නේ නැති දේවල්... එයින් සුපිරිම එක තමා අපේ තාත්තාගේ උයන පිහන කෑම වල තිබුන දිවිය ලෝක රහ... ඒ දේ ලේසියෙන් ලැබෙන්නේ නැහැ කෙනෙකුට... අපි අර කතාවට කියනකොට කියන්නේ “මොනවා නැතත් අම්මා අතින් හදන කෑම ටික තරං වෙන කිසිම දෙයක් රහ නැහැ“ කියලා නෙව... එහෙම කිව්වට මොකද මංනං එහෙම කියන හුග දෙනෙක් අම්මා හදන කෑමවලට වඩා කඩවල් වලින්.. යාළු මිත්තරයින්ගේ ගෙවල් වලින්.. එහෙම කොටා බාන්ට කැමතියි කියලා දන්නවා... මොකද මටත් එහෙම යාළු මිත්තරයෝ කිහිප දෙනෙක්ම උන්නා.. උනුත් කියන කොට කියන්නේ “අම්මාගේ කෑම තමයි කෑම“ කියලා.. ඒත් අම්මා උයන කෑම එක මග ඇරලා හිමිහිට ගිහිං වෙන තැන්වලින් කන උන් ඒ අතර එමටයි... ඇත්තම කිව්වොත් ඉතිං ඔය කියුං බොහෝමයක් කියුං විතරයි නෙව...
අනේ ඉතිං කවදා කවුරු කොහොම ඇහුවත් මංනං කියන්නේ අම්මාගේ කෑම නෙවෙයි මටනං තාත්තාගේ අතින් උයන කෑම තමා වැඩි රස... හැබැයි ඒ වගේම මං කඩවල් වලින් කන්නත් රුසියා... ඒත් පිටස්තර ගෙවල් වලින් කෑමට ඒ හැටි මනාපයක් නැහැ....
ඉතිං මේ හදිසියේ තාත්තාගේ කෑම ගැන ලියන්ට හිතුනේ මේ දවස්වල බ්ලොග් අවකාසේ රැල්ල ගහන්නේ කාපූ බීපූ කෑම බීම ගැන හින්දාම නෙවෙයි... (ඔව් ඔව් අර එකෙක් මොනා ලිසාව පෙන්නනවා කියලා හතර අතේ බතුයි පානුයි ඉඳි අප්පයි අරකයි මේකයි අපිට ගිල්ලෝන කාරනේවත්... අපේ කාකාතුමා බයියං කෑව කාරණේ හින්දවත් එහෙම නෙවෙයි... අනික ඉතිං මේ බ්ලොග් අස්සට කෑම ජාති දාලා මං තරං බැනුං අහපු එකෙක් නැති හින්දා මට මොන තහංචිද..?) මේක මේ වෙනම කාරණාවක්...
හදිසියේම මරණයක් වෙලා මට ගිය ඉරිදා දිහාවේ අපේ ගෙවල් පැත්තේ ගෙහුං එන්ට උනා... කර ගාවට වැඩ ගොඩ ගැහිලා තියෙද්දී උනත් නොගිහිං බැරිම අවස්ථාවක් හින්දා හදිසියේ ගෙහුං එද්දී අපේ ගේ පිටිපස්සේ බිලිං ගහේ ගෙඩි හැදිලා තියෙනවා දැකලා එයින් ටිකක් නංගිට කියලා කඩෝගෙන ආවේ මේ පාරනං උයනවා උයනවා උයනවාමයි කියලා හිතලා... දැනට සති කිහිපයකට කලින් ගෙදර ගිය වෙලේත් හැදී ගෙන එන බිලිං ගැට ටිකක් කඩං ආවා උනත් ඒක කරෝල හොදි වලට දාලා කෑව ඇර මාළුවට උයන්න උනේ නැහැ නෙව...
ඔය බිලිං මාළුව ගැන කිව්වාම සමහරුනං කියන්නේ “කජු බිලිං“ තමා හොඳම කියලයි.. සමහරු “කජ්ජ බිලිං“ කරලත් උයනවා කියනවා.. අනේ ඉතිං අපි ඒවා කොරන්න යන්නේ නැහැ... පැරණි විදියට බිලිං ටික උයා පිහා ගන්නවා ඇර...
බිලිං මාළුව කිව්වම මට නිකංම මතක් වෙන්නේ වෙන දෙයක් නෙවෙයි ‘ඉඳි ආප්ප“....
අපේ තාත්තා අපි පුංචිකාලේ ගෙදර තේ කඩේකුත් කලා නෙව... ඒ දවස්වල තාත්තා උදේට ඉඳි ආප්ප.. තෝසේ වගේ දේවල් හදලා විකුණනවා... අහල පහල බොහෝමයක් දෙනා උදේට පෝලිමේ ඉන්නේ ඉදි ආප්ප ගෙනියන්න... ඔය දැන් කඩේ තියෙන හුළඟට ගහං යන ජාතියේ ඉඳි ආප්ප නෙවෙයි ඒවා බොහෝම සරුසාර ඉඳි ආප්ප.. අනික පාන් පිටි ඉඳි ආප්ප... දැන්නං හැම තැනම තියෙන්නේ හාල් පිටි ඉදි ආප්ප නෙව... හාල් පිටි ඉඳි ආප්ප සුදු පාටට තිබුනට මටනං ඇත්තටම ඒ හැටි අල්ලන කෑමක් නෙවෙයි... තම්බපු පිටි වලට ලුනු වතුර ටිකක් එක්කාසු කොරලා... හුමාලේ යන්න ඇරලා උණු වතුරින් අනා ගත්ත ගමන්ම පිටි වල එන්නේ අපූරු සුවඳක්.. එතැන ඉඳන්ම ඉඳි ආප්ප තැම්බෙනකල් බලං ඉන්න එකත් එපා වෙන වැඩක්...
එහෙම හදාගත්තු ඉඳි ආප්ප වලට අපේ තාත්තා එහෙමත් දවසක තමා පරිප්පු හරි අල හොද්දක් හරි හදන්නේ... දැන්නං මිනිස්සුන්ට ඉඳි ආප්ප කිව්වම කිරි හොදිනේ මතක් වෙන්නේ... ඒත් අපේ තාත්තගේ ආහාර රටාව එයිට වෙනස්... කඩේ විකුණන ඉඳි ආප්ප මුලට උනත් පොල් සම්බෝල ඇරුනම මාළුට දෙන්නේ එක එක ජාතියේ වෑංජන... පොළොස් පැහි... කෙසෙල් මුහ මාළුව... කොහිළ දළු වෑංජනේ.. කැබැල්ල දළු වෑංජනේ.. බිලිං මාළුව... අලයි හාල් මැස්සොයි හින්දවලා උයලා... ආන්න ඒවා එක්ක තමා තාත්තා තවාපු කෙසෙල් කොලෙන් හරි..වියළි කෙහෙල් කොළවල හරි ඉඳි ආප්ප මුල් බඳින්නේ... උදේට කට්ටිය පෝලිමේ එන්නේ තාත්තා අතින් හැදෙන ඒ වෑංජන එක්ක ඉඳි ආප්ප කන්න හුරු වෙච්ච සැට් එක තමා... උදේ පාන්දරම බාන ඉදි ආප්ප වලින් මුල්ම ඉඳි ආප්ප ටික ලිප ගාවට වෙලාම ගිල දාන් හින්දා මිස වැරදිලාවත් අට නවය වෙලා කන්න හිටියොත්නං ඉදි ආප්ප හොයනවා බොරු... සමහරු ඇවිත් හට්ටියත් පිහගෙන කාලා යන්නේ... ඒ තරමට ඒ දවස්වල අපේ තේ කඩේ ඉඳි ආප්ප මාකට් වෙලා තිබුනේ...
ඉතිං ඒ කාලේ එහෙම කෑවට මොකද පස්සෙන් පහු එහෙමත් වෙලාවකට තමා ඉඳි ආප්ප ටිකක් ඒ විදියට කන්න ලැබුනේ.. කොටින්ම මං කාලයක් ඉඳි ආප්ප කන එක නවත්තලා දාලාම තිබුනා.. ඒකට හේතුව උනේ හොඳ පුසුඹ ගහන පාන් පිටි ඉඳි ආප්ප දැන් හොයන්න ලේසි නැති එක.. අනිත් කාරනේ තමා කිරි හොඳි..පරිප්පු හොදි එක්ක ඉඳි ආප්ප කාලා කවදාවත් අර රසේ ගන්න බැහැ කියලා දැන දැන නිකං හිත නරක් කරගෙන ඕවා කන්න බැරි වීම...
ඒත් ඉතිං ආයේ ඕවා හදලා දෙන්න තාත්තා ඉන්නවා කියලෑ... ඉතිං කාලයක් තිස්සේ තාත්තාගේ ආහාර ගැලපීමේ රටාව මතක තියං ඉඳලා..උයන පිහන වෙලාවට ඒ රටාවට උයාගෙන පිහාගෙන කන එක මගේ පුරුද්ද උනත් බිලිං මාළුවක් එක්ක.. කැබැල්ල දළු ටිකක් එක්ක ඉඳි ආප්ප ටිකක් කන එක මගේ හිතේ කාලයක් තිස්සේ තිබුන ආසාවක්... ඔන්න කාරණේ...
පොළොස් ටිකක් එක්ක... කොහිළ දළු එක්ක පහුගිය කාලේ මං ඉඳි ආප්ප හදාගෙන කෑවා... ඒත් උවමනාව තිබුනත් බිලිං ටිකක්... කැබැල්ල දළු ටිකක් ලේසියකට හම්බ වෙන එකක්යෑ... ආන්න එහෙම කාලයක් තිස්සේ මං ඇගිලි ගැන ගැන හිටියට වැඩේ ගොඩ දාගන්න උනේ නැහැ...අනුමානෙට වගේ කල්පනා කොරලා බැළුවොත් එක දහස් නවසිය අනූ අටෙන් පස්සේ.. ඒ කියන්නේ අවුරුදු පාලොහකින් විතර මට බිලිං මාළුවක් එක්ක ඉඳි ආප්පයක් කන්න වෙලා නැහැ...
ඉතිං පින්වතුනි... මෙහෙම තත්වයක් තියෙන කොට... කොහොම හරි බිලිං ටිකක් හම්බ උන වෙලේ වැඩ වැඩියි කියලා නිකං හිටියැකිද...? ඔන්න කොලා වැඩේ...
ඇත්තම කිව්වොත් ආවේ බිලිං වෑංජනේ හදන හැටි පින්තූරත් එක්කලාම දාන්න කියලා.. ඒත් වැල් වටාරං ගහං එද්දී මේක දිග වැඩි වෙලා.. ඊ ළග පෝස්ටුවෙන් බැරියෑ ඒක දාන්න...
මම හිතුව ඔයාට බබා හම්බෙන්න කිට්ටු ඇති කියල.
ReplyDeleteඑයාට බබාලා ඉන්නවලු. ඔය ඇතිලු.
Deleteමේ ඉන්නවා මදෑ... :P
Deleteමටත් එවකො පින්වත :(
ReplyDeleteඅහෝ පින්වත් උපාසක මෑණියනි... දුර නම් බොහෝය... නැතහොත් එවනට තිබුණි.. :D
Deleteමාත් හිතුවා කෑඹ හදන හැටිවත් ඇති කියලා
ReplyDeleteමේකේ නැතිවට ඊ ළග එකේ ඕං දැමමා...
Deleteදැන් ගෙවල් පැත්තෙ හෙමත් යනව නේද...යකෝ කැබැල්ල දළු වෑංජනේ මගෙත් නොම්බර එකේ කෑමක් නොවැ...හැබැයි පොඩිකාලෙ කෑව මිසක් හදනහැටි දන්නෙ නෑ...ආපුවාම හදල කමුද මම දෙන්නං කැබැල්ල දළු.
ReplyDeleteඔය බිලිං මාලුව නං අපේ ගෙදරත් හදනව ඉස්සර ගෑවුණු අතේ කන්න පුළුවනි...බිලිං වේලලත් කලු පාටට වෑංජනයක් හදනව නේද මාරයො.
යනවා යනවා ඉඳ හිට ගෙහුං එනවා.. ඒ එද්දී ඉතිං ගස් කොලං හූරං එනවා.. :D
Deleteකැබැල්ල දළු උයන්න ඒ හැටි අමාරුවක් නැහැ අයියේ... දළු ටික ඇල් වතුරින් හෝදලා පිරිසිදු කොරං... උණු වතුර එහෙකට දාලා ඩිංගිත්තක් වෙලා තියලා ගොඩ දාගන්න ඕන... යන්තං තවු මැරෙන්නයි ඕන... එහෙම අරං මිරිස් ගලක ආධාරයෙන් හරි බ්ලෙන්ඩරයක ආධාරයෙන් හරි.. අයියගේ අර උළුදු අඹරන එකෙන් හරි අඹර ගන්නයි තියෙන්නේ නාරටි ඇඹරිලා එන්න... එයින් පස්සේ ඒ එන තලපෙට රතු ළුණූ උම්බලකඩ ටිකක් යහමින් දාලා තව ඩතිං අමුමිරිස් කරලක්... රම්පේ කරපිංචා ටිකක්..උළු හාල් ඇටයක් එහෙම දාලා... මිටි කිරි මිටක් දාලා ඕකට කහ කුඩු පහේ කුඩු ටිකක් දාලා මිරිස් කුඩුත් යාන්තමට මුහු කොරලා ලිපේ තියලා කකාරවලා ගන්න ඕන.. අඩිය අල්ලන්න දෙන්න නාකයි.. පස්සේ තෙම්පරාදුවක් දාගත්තහම වැඩේ කම්මුතුයි...
ඔන්න කොරමේ... ඇහැකිනං හදලා දාමු බලන්න බොලොගේ...
ආ මතක ඇතිව හොඳවෑයින් ගොරකා කෑල්ලක් දාන්ට ඕන...
Deleteගොරකා වෙනුවට තක්කාලි හරියන්නෙ නැද්ද. දැන් තියෙන්නෙ ගොරක ක්රීම් කප්නේ විකුණන්න.
Deleteඑහෙම කිව්වට ඉතිං කැබැල්ල දළු කියන්නෙ මක්කද කියලවත් මම නම් දන්නෑ. සමහර විට දැකල ඇති නමින් දන්නෙ නැති උනාට.
This comment has been removed by the author.
Deleteකජු මාළුව..කැබැල්ල දළු.. සමඟ තාත්තාගේ මතකය...
Deleteස්තූතියි ප්රසන්න අයියා. මම ගූගල් සර්ච් කලාමත් ආවෙ ඔය ඉමේජ් දෙකමයි. ඒ කොලේ ටිකක් කෝපි ගහේ කොලේ වගේනේ.
Deleteමම බිලිං උයල කාලම නෑ බන්... නිකං වුනත් අන්තිමට බිලිං ගෙඩියක් කාල මේ වෙද්දි අවුරුදු විස්සකට විතර කිට්ටුයි..
ReplyDeleteඉඳිආප්ප එක්ක මට නම් නැගලම යන්නෙ කොහිල දළු හොද්දයි සම්බෝලෙයි... ඒ නැත්තන් ඉතිං හොඳ සැරට තියෙන කුකුල් මස් එක්ක වුනත් ගිලල දාතහැකි...
කොහිල දළු එක්ක ඉඳි ආප්ප කන්න සමර්ථයි කියන්නේ බිලිං මාළුවයි.. කැබැල්ල දළු මාළුවයි එක්ක අනිවා ඉඳි ආප්ප කන්ට ඇහැකි පුතෙක් කියන එකයි... කොහොම හරි හොයං උයවා ගං...
Deleteමං ඉදිආප්ප පොඩි දවස්වල කෑවෙ හොදි එක්ක නෙමෙයි..හොදි මට එච්චර අල්ලන්නෙ නැහැ...මැල්ලුන් හෝ පොස්සම්බෝල තමයි ...
ReplyDeleteඅපේ පුංචි ලෑ දිහා මම හිටිය දවස්වල හැමදා උදේට ඉදිආප්පු..පුංචි කඩේට දානවා ඉදිආප්ප...
ඉස්සර හිච්චි එකා වෙලත් උදේට ඉදිආප්ප විසිපහක් විතර කනවා....හොදි රහිතයි ඉදිආප්ප නවලා හතරට ඔබනවා උගුර හරියටම....
හැබැයි මම මේ කියන කාලෙත් ඉදිඅප්ප වල සයිස් එක ටිකක් පොඩියි..
මට නං හොදි ඕනෙමයි හොඳට.දිය බත් වෙන්න හොදි ඕනේ.
Delete\\හැබැයි මම මේ කියන කාලෙත් ඉදිඅප්ප වල සයිස් එක ටිකක් පොඩියි.. \\\
එහෙනම් මචන් දැන් ඉදියාප්ප කියලා විකුණනවා ඇත්තේ මුරුක්කු ...ඉඳිආප්ප මුළම හතරට නමලා හක්කේ තියාගන්න පුළුවන් ඇති...
මම ඔය පොඩි එකා සංධියේ ඉදි ආප්ප කන ගාන කිව්වොත් මෙතන එකාලා ඕක නයෙක් හැටියට ගන්න හින්දා තමා මං ගාන නොකිව්වේ... ඇත්තටම ඒ කාලේ කන්න ඇහැකි මාර කෑමක්... කොහාට අල්ලනවද කියලා තමයි දන්නේ නැත්තේ...
Deleteඅඩෝව් ඉඳිආප්ප ගැන කතා කරන්න එපා හරිය. ඉඳි ආප්ප කන හැටි බලන්න ඕන නම් මෙතෙන්ට.
Deletehttp://mata-hitena-hati.blogspot.com/2012/01/blog-post.html
ආය නයි එහෙම නෙවේ ඔං අවිස්වාසනම් කියපල්ලා සාක්කි පෙන්නන්න.
මයේ නං ඔය ඇඹුල් ජාති වලට මනාපයක් නැහැ මාරයියේ.වෙන එකක් තියා සම්බෝලෙකට දෙහි ඩිංගක් එක්කාසු උනත් මට කන්න බැහැ.ඉතින් ඔය සියඹලා , බිලිං , දෙහි , ගොරකා වගේ ජාති එක්ක මගේ වැඩි බජනයක් නැහැ.
ReplyDeleteමගේ පුංචි බනිනවා මේකට දෙහි දාපු සම්බෝලෙක රහ බලන්න පින නැති හැටි කියලා..මොනවා කරන්ඩද ආයුබෝවන්ඩ දෙහි ජානේ පිහිටලා නැති කොට...
පුංචි කියාපු ටිකම තමා ඉතිං මටත් කියන්ට තියෙන්නේ.. :D
Deleteදොළ දුක සහ අපේ දුක |දුමීගේ කට කහන කතා
ReplyDeleteකාලෙකට ඉස්සර මම පොඩි කාලේ ටී.වී එකේ ගිය ඔය සිංහල ෆිල්ම් එකක් බලපු වෙලාවක දැක්කා, ඒකෙ හිටපු ගෑණු ළමයෙක් මහ පෙරේත කමින් හොරෙන් වල්ල කඩාගෙන කෑව . කාගෙන කාගෙන යනවා. ඊට පස්සෙ ඒ ගෑණු ළමයගේ අම්මා මේක දැකලා අර ගෑණු ළමයට අල්ලගෙන තඩිබානවා. ෆිල්ම් එකේ ඔය සීන් එක මගේ ඔළුව කරපට් කරලා දැම්මා, හත් ඉලව්වෙ මොකද බොලේ ඉතිරියත් කියවන්න .....
( මෙතන දැමිය හැකි මට්ටමට සංස්කරණය කරන ලදී )
ආ ඔය තියෙන්නේ...
Deleteමං තාම හැදුවේ නෑ අප්පා ඕක.. වැස්සට බිලිං ගහේ ගෙඩි ටිකත් හැලිලා දැන් නම්....
ReplyDeleteහපොයි මං මහන්සි වෙලා කොටාපු වචන...
Deleteඅවකාසේ කට්ටිය මුලින් මුලින් බ්ලොග් හමු තිබ්බා,පස්සෙන් පහු අවුරුද්දු උත්සව,ගේට්ටු එහෙම තිබ්බා.නැපොලියන් උන්නැහෙගේ වාසගම සිහි කරලා පාටිත් දාල තියෙනවාලුනේ!,දැන් ඉතින් අඩුවකට තියෙන්නේ මහා බොජන සංග්රහයක් වාගේ එකක් අර පප්පා ගමේ සෙට් ඒක කරපු.නරකද?මාරයා තුමාම මැදිහත් වේලා ඒ ජාතියේ එකකුත් කොලොත්,හරි හරි.....වියදම ඉතිං.....ටිකට් එකක් හරි ගහමු.....
ReplyDeleteහනේ මේ... වෙන වැඩ නැත්තං හොඳා.. :D
Deleteඅරය අමු කජු මාලුව මතක් කරනව මෙයා බිලිං මාලුව මතක් කරල අපිව පිස්සු වට්ටනව.ඔය ගෙදර තම්බන පාන් පිටි ඉදි ආප්ප එක්ක වියලි හාල්මැස්සෝ,බිලිං සමග රතුලුනු යහමින් දාල හදන හොද්දයි,කුනිස්සෝ දාපු පොල් මැල්ලුමයි එක්ක ඉදිඅප්පන් මම හරි ආසයි.
ReplyDeleteඅමු කජු මාළු මං මතක් කොලේ මෙයිට කාලෙකට කලියෙන්...
Deleteමං තාම පොල් මැල්ලුමක් හදලා නැහැ.. වෙලාවක හදන්ට ඕන බලන්න... කූනිස්සෝ වගේකුත් ගෙනාපුවා තිබුනා කුස්සියේ...
මංනං වැඩිපුර මනාප ඉඳිආප්ප වලට නෙවෙයි ලැවරිය වලට.
ReplyDeleteලැවරියත් නරක නැහැ...
DeleteBiling mama amuwen nam kaawa wate gaha thiyanakalma. Eth dan nam aasawata gediyak dakinna na..
ReplyDeleteIndi aappa matath hariyanne hodi ekka newe hondata hadapu sambol ekka. Oya sambole upatha gana methana kiyanna bari kathaawak ahala thiyanawa mama.
ටිකක් සැර බාල කොරලා දාමු බලන්නට..
Deleteමම ඔබතුමාට මූණු පොතේ මැසේජ් එකක් දාන්නම් ඒ ගැන කියල.
Deleteමටනං ඉදි ආප්ප හොදි එක්ක කන්ඩ බැ බං,කොහොමත් මං හොදි වලට මනාප නැ
ReplyDeleteහොඳි ඕන නැහැ කියන්නේ ආන්න ඒකටයි...
Deleteකොළඹ ගොඩාක් කඩවල් වල තියෙන්නේ හාල් පිටි ඉඳි ආප්ප. ඇත්තටම ඒවා කන උන් ඇමරිකන් පිටි ඉඳි ආප්ප කාලා නැද්ද කියලා හිතෙනවා. කොළඹ පවුල් රාශියක් ඉන්නවා මේ ඉඳිආප්ප හදලා ජීවත් වෙන. ඉඳි ආප්ප වලට විතරක් නෙමයි. කැකුළු හාල් පිටි ආප්පෙටත්, බිලිං හොද්ද සුපිරි පිරි ඉතිරි. "මාරයා" රෙස්ටුරෝන්ට් එක ඕපන් කරන දවසට, අපිටත් කන්න බැරිය...
ReplyDeleteහැබෑටම උඹට බබා හම්බ උන නිසාද කාළෙකින් මේක අප්ඩේට් නොකලේ. අපි ඉතින් බල්ලන්ට පොල් ලෙලි දදා ඉන්නවා. හැලපයයි, ඩියුඩුයි නැත්නම් නෝටි ඇමරිකා වල පිහිට තමයි...
අත්දැකීං තියෙන බුවාලා වැඩට බැහැලා ඉන්න කාලේ ඕන අපිත් විවේකයක් ගන්න... අපරාදේ කියන්න බැහැ උන් දෙන්නා මේ ටිකේ ඇදගෙන යනවා ගේම... කොහොම හරි අර අංකල් කෙන්ජිවත් ගත්තනං මේ ගොහොරුවටම අපිට පාඩුවේ හිටියැකි තව කාලයක්... කස්ටියගේ බැස්ටි බහින වෙලාවට ආයේ අපිට බැරියෑ ඇදගෙන යන්ට...
Deleteදඹුලු යන්න තලගොයත් මරාගෙන එන්න..
ReplyDeleteඅහල පහල පඳුරුත් තලාගෙන එන්න...
Deleteමාත් ඉඳියාප්ප කන්න කැමති සම්බෝල එක්ක තමයි. හැබැයි සම්බෝලෙ වේලන්නෙ නැතුව තියෙන්න ඕන.
ReplyDeleteමොනදේ හැදුවත් අන්තිමට බිත්තරයක් නැත්තං කෑවෙ නෑ වගේ නේද?
දැං දාහංකො බලන්න මාරයා ෆුඩ් හවුස් එකේ බිලිං හදන විශේෂ රෙසපිය.
ආන්න දැම්මා...
Deleteහා හා මං දන්නවා.. උන්දලට බඩ දරු නොවුනත් ඉතිං කවුරු හරි ගෙනල්ලා දෙන්න එකෙක් ඉන්නවනං අවුරුද්දේ තුන්සිය හැට පස් දවසෙම උනත් දොළදුක් තමා..
ReplyDeleteමේක නම් සහතික ඇත්ත අයියේ...
:D
Deleteඉඳි ආප්ප මම කන්න කැමති අලගුඩු, කෙලවල්ලෝ, බාලයෝ, ඉරටවල්ලෝ වගේ සැර මාළු හොද්දකුත් සමග පොල් එක්ක.
ReplyDeleteමාරයාගේ භාෂාව මම බැලුවේ රටේ හැම පත්තකම වචන තියෙනවනේ මේ ලියවිලි වල.
උණු උණු මාළු හොදි එක්ක මංනං කැමති රෝස් පාන් කන්න...
Deleteභාෂාව එහෙම වෙන්න බල පෑව කාරණා ගොඩයි... පස්සේ වෙලාවක ලියඤ්ඤං...
මොනා තිබ්බත් හොද්දක් නැතුව ඉඳි ආප්ප කනවා බොරු, මට නම් :-D
ReplyDeleteතම්බපු ගමන් ඉදි ආප්පනං රසම පොල් සම්බෝල විතරක් එක්ක.. හොඳි ඕන ඉදි ආප්ප නිවුනම කන්න...
Deleteරෙසපිය බලලාම වැඩි විස්තර කථාකරමු
ReplyDeleteආං දාලා ඇත්තේ...
Delete>>මගේ දොළදුකක් (හරි වචනේ ලැබෙනකල් ඒක තමා පාවිච්චි කොරන්න වෙන්නේ) සංසිඳුවා ගන්න හැකි වීම ගැන තමා ඕං...<<
ReplyDeleteමම නම් ඕකට උත්තරයක් දන්නේ නෑ, නමුත් ඕකට ඉංග්රීසියෙන්නම් කියන්නේ craving කියලා. ඒකට ලිංග බේදයක් නෑ.
ආ ඕක අපේ මීවන පලානේ ජයරත්න ගොයියට දීලා හෙළුවට නගා ගත්තනං හරි...
Deleteඅපේ අම්මත් ඉස්සර ඉඳිආප්ප එක්ක කැබෙල්ල දලු සම්බෝල හදනවමයි.රස නම් කියල වැඩක් නෑ.දැන්නම් කැබෙල්ල ගහක් දකින්නවත් නැහැනෙ.
ReplyDeleteකැබැල්ල ගස් නැති එක නෙව කරුමේ...
Delete