මේ ලාස්ට් මන්ඩේ.. (ඔව් ඔව් යකෝ ගිය සඳුදා..ඒ කිව්වේ පෙරේදා තමා..) උදේ පාන්දර මම නැගිටින කොට මුළු සරුවාංගෙම නිකං ගල් රෝලකට අහු වෙච්ච පොල් ලෙල්ල වගේ තලා දාපු ගතියයි... ඉහ පුපුරන්ට එනවා කැක්කුමට... බෙල්ල රස්නෙයි නිකං දුං දාන කොත්තු තැටිය වගේ... කොටින්ම කිව්වොත් කෙලින් හිට ගන්ට බැරි තරං...
ඒත් ඉතිං එහෙමයි කියලා නිකං හිටියැකිද ආයිබෝං... මොකද අපිත් කන්න බොන්න එපාද..? ඒ හින්දා කොහොමින් කොහොම හරි මූණ කට හෝදං පැනඩෝල් දෙහෙකුයි පිරිටන් පෙත්තකුයි ගිලලා දාලා ආයේ වැටුනා පැයක විතර කෙටි නින්දකට...
ඔය උණ ගැණුනම තියෙනවා නේද මෙයාලා... එහෙම වෙලාවට මගේ තියරිය තමා හොඳට කාපං... හොඳට නාපං... දපලා බුදියං... ආයේ ඉතිං දෙවරුවෙන් කෙලින් හිට ගතෑකි...
කනවා කිව්වමත් ලේසිද මෙයාලා... කට කාරන තිත්ත නෙව ඔහොම වෙලාවට... ආන්න ඒ හින්දා මං කොරන්නේ මොන අමාරුවෙන් හරි..කුස්සියේ මේසෙ හාන්සි වෙලා හරි ඔය වගේ වෙලාවට බෙරි වෙන්ට බත් ටිකක් උයාගෙන තලනවා හොඳ වෑයින් පොල් සම්බෝලයක්... ඒක හැබැයි ලෙඩ වෙලා ඉන්න දවසට ඇර හොඳින් ඉන්න දවස්වලට කන්ට ලේසි නැහැ... ආයේ ඉතිං මදි නොකියන්ට දානවා සුදු ළුණූ ගම්මිරිස්... කාලා විනාඩියක් යද්දී නහයෙන් එනවා සුදුළුණූ සුවඳ... අනිත් එක තමා ඕකට කෑලි මිරිස් එහෙම දාලා හරියන්නේ නැහැ.. කොයි ලෝකෙන් හරි වේලිච්ච මිරිස් කරල් හත අටක් තලන්ට ඕන ටිකක් විතර කෑලි හිටින ගානට...
මගේ හොද වෙලාව කියන්නේ මේ දවස් කීපෙකට කලියෙන් අර මං ගෙදර ගෙහුං ආවේ.. ඔව් ඔව් අර බිලිං මල්ල එහෙම උස්සං ආව දවසේ තමා.. ආන්න එදා මං අපේ අම්මට උයන පිහන බඩු මුට්ටු ටිකක් අරං දෙන්න උන්දැත් එක්ක සිල්ලර කඩේකට ගිය වෙලේ උන්දැට අරං දෙන ගමන්ම ආයේ මෙහෙ ටිකක් හොයන්න කරදර හින්දා වේලිච්චි මිරිස් කරල් ගෑරැං දහයක් විතර ඇන්න ඇවිත් තිබුනා... අම්මා හිනා වෙලා “ඔය මොකෑ.. කොළඹ මිරිස් නැතිවෑ..“ කියලා ඇහුවම ඉතිං මං කිව්වා.. “තියෙනවානං ඇති.. ඒත් ඉතිං මේ ගංවල කඩ වලින් වගේ ගැරැං දහය පහ කිරන තැන් එහෙ හොයන්න ගිහාම පණ යනවා.. මොකද මෙව්වා කිලෝ ගණන් අරං මං මිරිස් මෝලක් දාන්ටයෑ“ කියලා...
අන්න එහෙම කොහොමින් කොහොම හරි මිරිස් කරල් ටික ගෙදර තිබුණ හින්දා කොල්ලා.. (ඔව් යකෝ.. ඇයි අවුල්ද..? :P ) ගොඩ ගියා...
ඉතිං ආන්න එහෙම යහමින් කලමනා දාලා ගිණි පිට වෙන්න සම්බෝලයක් තලාලා.. කටට හොඳට රහ දැනෙන විදියට ලුනුයි දෙහියි කලවං කොරලා හදා ගත්ත සම්බෝලත් එක්ක ඔහොම වෙලාවට එක දිගට බත් කෑහැකි මටනං... ආයේ අර තිත්ත ගතිය මතු වෙන්නේ නැහැ...
ඔහොම ගිනි පිටවෙන්න සම්බෝලේ හදා ගත්තම ආයේ ඒකේ තවත් අමතර වාසියක් තියෙනවා... ඒකත් මේ රෝගෙට හොඳ ප්‍රතිකර්මයක්... මං ඒක පස්සේ කියඤ්ඤංකෝ...
ඉතිං මූලික පොරතිකර්මය වෙච්ච බුරිය උල් වෙන්න කෑම වගේම දෙවැනි කාරනේ වෙච්ච නෑමත් වැදගත්... හොඳට දාඩිය යන්න.. ඇගේ රස්නේ නිවෙන්න නාන්න ඕන එක හිතිං... ආයේ බය වෙලා පස්ස ගගහා හිටියොත් බඩුම තමා...
නාලා කාලා අහවරනං ඉතිං බුදියන එකයි තියෙන්නේ දපලා... ඔය ටික හරියට උනාම හතරවෙනි කාරණයක් නිකංම සැට් වෙනවා...
ඒ කිව්වේ..?
ඒක තමා මං අර කලින් කිව්වේ.. සැරට පොල් සම්බෝල එක්ක බත් කෙලපං කියලා... ආයේ ඉතිං නාලා කාලා දපලා ආවට පස්සේ කාපුවෑ තිබුන මිරිස් සැරට වැසිකිලි යෑම නිකං ඉරාකෙට මිසයිල ගහනවා වගේ සැපට කෙරෙනවා... ඔයාලාට කියන්න මෙයාලා ඕකත් හරිම වැදගත් කාරණාවක් ඔය වගේ වෙලාවට... හොඳට බඩ සුද්ද වෙන්න තියා ගත්තමත් ඇගේ තියෙන සෑහෙන තරමක් අසනීප කරදර අහක යනවා... හැබැයි ඉතිං අතීසාරෙට ආවොත් ඒවට මං නැහැ.. හොඳ වෑයින් අමුඩ කෙටියං ගහගන්න තමා වෙන්නේ.. නැත්තං කොණ්ඩ කැවුමක් නොපිට හරෝලා ගිලින එකයි...
ඉතිං ඔන්න ඔය වගේ තියරියක් මගේ තියෙන හින්දා කොහොම හරි ටිකක් නිදාගෙන ඉදලා නැගිටලා ගෙනල්ලා තිබුන පාන් කෑල්ලකුත් ගිලලා දාලා... හෝව් හෝව්... මහ ලොකුවට බතුයි සම්බෝලයි ගැන කියලා කෙලින්නේ පාන්ද කියලා අහන්ට ඔට්ටු නැහැ... ඇයි යකෝ මේ උදෑහනේ මට මේ අමාරු පිට බත් ඉවුවැකිද..? අනික උදේම යන්ට දා ගත්තු ගමනක් තියෙද්දී කුස්සියේ හැරි හැරි හිටියැකිය..?
ආන්න ඒ හින්දයි අතට අහු උන දේ ගිල්ලේ ගෙදර ඇවිත් බත් තම්බනවා කියලා හිතං... එහෙම හිතලා යන්තං කඳ කෙලින් කොරං ගියා කොරන්ට තිවුන කාරණාව කරන්ට... ඒ කිව්වේ මගේ බඩ රස්සාවට අදාල දෙයක්... ඔව් ඉතිං කේන්දර වගයක් බලන්ට තමා... ආයේ ඉතිං උණ නෙවෙයි කෙලඋණ උනත් පොරොන්දු වෙච්ච දේට යන්ට එපෑ... මේ දවස ගත්තු උන්දලා ඒක වෙන් කොරගත්තේ අප්පිරියල් මාසේ මැද දිහාවේ.. එහෙවු එකේ එක පාරට උදේ පාන්දර කිව්වැකියෑ “අද මට සනීප නැහැ පස්සේ දවසක එඤ්ඤං“ කියලා... පොරොන්දුවනං පොරොන්දුව...
කොහොමින් හරි ඒ ගෙහුන් ඔන්න මං වැඩේ කොරගෙන යනවා... ලේසි නැහැ.. කේන්දරම හත අටක්... මං දැන් ගෙදර අප්පලා..අම්මලා.. පුතාලා වට කරං මේක කොරං යන කොට මෙන්න බොලේ “පෝප්..පෝප්... පෝප්..පෝප්...“ ගානවා... බැලින්නං මගේ ටැලිපෝන් කටුව... වැඩක් කරන වෙලාවට මං ඕක දිහා ඒ හැටි නොබලනවා උනත් මං බලාපොරොත්තුවෙන් හිටිය කෝල් එකක් තිබුනා ඔය පිං අතේ වැඩක් සම්බන්ධව... ඒකවද්ද කියලා හිතලා ගෙදර අයට තත්පරයක් ඉන්ට කියලා ගත්තා පෝන් කටුව අතට...
හුටා මේ අපේ සාඩම්බොර බ්ලොග් නංගි කෙනෙක්නේ... කෝල් එක අරගෙනත් බැහැ.. ඒත් නොගෙනත් බැහැ. මොකද උන්දෑත් අර මං කිව්ව පිං අතේ වැඩේ ගැන කාරණාවක් අහලා උදේ පාන්දරමත් කෝල් කරලා තිබුන හින්දා... අනික මයේ උපන් දිනේ දවසේ.. ඒ කිව්වේ ඉරිදා දවාලේ මතක් වෙලා ( හරි කොහෙන් හරි දැකලා හරි.. :D ) මට කතා කොරලා සුභ පතාපු කෙනා වෙච්චි... කෝකටත් කියලා එබුවා බටොං එක..තියා ගත්තා කන ගාවින්... මෙන්න ඉතිං ටකරමට බොරළු කෙලින්නැහේ මේකි කියෝගෙන යනවා... මුලින් කිව්ව මෙලෝ දෙයක් ඒ හැටි පැහැදිලි නැහැ.. නිකං මේක රුහුණු කුමාරි වගේනේ කියවං යන්නේ... ඒත් එක පාරටම මෙන්න මේකි අහනවා...
“මේ ඒක නෙවෙයි අයියේ ඔයා බැන්දා කියලා ආරංචියක් ආවා..ඇත්තද අනේ ඒක..?“
මට නේද ඌරු ජුවල්.. ඇයි යකෝ මේ වැදගත් කාරණාවකට වෙන්න ඇතිය කියලා හිතලා ගත්තු මොඩකොම... මං ඉතිං හිතිං තොට කියලා හිතන ගමන්... කටින් කිව්වා
මට නේද ඌරු ජුවල්.. ඇයි යකෝ මේ වැදගත් කාරණාවකට වෙන්න ඇතිය කියලා හිතලා ගත්තු මොඩකොම... මං ඉතිං හිතිං තොට කියලා හිතන ගමන්... කටින් කිව්වා
“යකෝ **** මං මේ කේන්දර වගයක් බලන්න තැනකට ඇවිත් ඉන්න ගමන්.. පස්සේ අහපිය අහන එකක්“ කියලා...
“හරි හරි අයියේ... ඉතිං ඒක විතරක් කියන්නකෝ...“
හනේ හත් ඉලව්වේ මිනිහෙක් හම්බ කොරං කන රස්සාව කොරන වෙලාවට ඒකට බාධා කොරනවද මිනිස්සු.. ඒකටත් එක්ක මෙන්න මේ උන්දෑ... මට ඉතිං ඕං මේකිගේ හතර වරිගයම සිහි පරාද වෙනවා... ඒ මදිවට මගේ පෝන් එකේ ටිකක් සද්දේ පිටට ඇහෙන ගානට තියෙන්නේ.. මොකද පාරේ යන එන වෙලාවට එන කෝල් ඇහෙනවා මදි හින්දා... දැන් මං දන්නවා වටේ කට්ටියටත් මේක ඇහෙනවා කියලා... අනික ඉතිං කොහොම කිව්වත් මේකි නෙවෙයි ඕපේ අහගෙන මිසක් අතාරින්නේ... මං දන්නවනේ නගාගේ හැටි.. ඕපයක් කිව්වොත් ඉතිං මේ නගා එතැන ඇති සුටුස් ගාලා... හනේ හම්මපා අර බැඳලා ඉන්න හාදයාට හවස ගෙදර ආහම කන් දෙකේ ඇබ ගහගන්න වෙනවා ඇති මෙයා එක්කාසු කොරලා දිග අරින ඕප මල්ල අහං ඉන්න ගෙහුං...
නටාපං කියලා කියලා මං පෝන් එක තිබ්බා... අර මනුස්සයෝ ටිකත් බලං ඉන්න හින්දා මං කිව්වා “ඔන්න මිනිස්සුන්ට තියෙන පුරස්න... රටේ ලෝකේ ජීවන වියදම අරක මේක නෙවෙයි මේ මං බැන්දද කියලා හොයන එක“ කියලා.. උන්දලත් හිනා වෙනවා මේක බලං ඉඳලා...
ඉතිං කොහොමින් හරි බලන්න ගිය ගානටත් වඩා කේන්දරයක් බලලා ආපහු එන්න පිටත් වෙද්දී මට නිකං උන්නද මලාද කියලා තේරුමක් නැහැ.. කොටින් පස්සෙන් පහු කල්පනා කොරලා බැළුවම ආපහු බයිසි මොටෝ එකේ ගෙදරට ආව හැටි මගේ මෙමරි කාඩ් එකේ නැහැ... ඒ තරමට හාන්චි පයිස්...
ආයේ මොනවද ඉතිං එතැන් පටන් කබරයා පොළවේ ගැහුවා සේ එක දිගට නින්ද තමා.. පැනඩෝල් බොනවා.. දොයියනවා... පැනඩෝල් බොනවා දොයියනවා... යන්තං කෙලින් හිට ගන්න ඇහැක් උන ගමන් නැගිටලා බත් ටිකක් තම්බලා සම්බෝල හදාගෙන කනවා... නානවා.. ආයේ දොයියනවා.. නැගිටිනවා... බයි ගිලිනවා... නිදියනවා... ඔහොම දවස් දෙකක් තිස්සේ කොරලා යාන්තං ඔන්න අද මේ වෙද්දී යංතාක් ගානකට කොලුවා කෙලින් කටින් හිටලා තියෙන්නේ... ඒ හින්දා හිතුනා මෙනු එක වෙනස් කොරන්න... එහෙම කියලා ඉතිං වෙනදා වගේ අරකයි මේයි හද හද ලිප ගාවට වෙලා වරු ගණන් ගත කොරන්න ඇහැකියෑ.. ඒ හින්දා යාන්තමට බත් ටික ගිලින්න කියලා හදා ගත්තා පරිප්පු හොද්දකුයි කූනිස්සන් බැදුමකුයි... දැන් මේක කොටන්න මේ වාඩි වෙලා ඉන්නේ ආන්න ඒ කෑම එකේ හයියෙන් තමා... ඒත් ඉතිං ආයේ මේක දාලා ටිකක් වැටිලා දොයියන්න ඕන... එක දිගට වැඩි වෙලා මෙව්වා දිහා බලං ඉදිල්ල ලේසි නැහැ නෙව...
කොහොම උනත් අද හවාටවත් යන්න ඕන ලේ එකක් චැක් කොරගෙන එන්න... මට නිකං හැකයි හැකයි වගේ ඩෙංගුවත්ද කියලා... මොකද උණක් හැදෙන්න තරං හේතුවක් මේ දවස්වල තිබුනේ නැති තරං... ඒත් පහුගිය දොහේ මදුරුවෝ ටිකක් එහෙං මෙහෙං මාව අනුභව කොලා නෙව...
නෑ නෑ ගෙදරනං ඉතිං මදුරුවෝ නැහැ.. ඒසී එකට මොස්කිටෝලා එන්නේ නැහැනේ මෙයාලා... (මිස්ට වෙනී එහෙම දැක්කද කවුරුවත්..?) ඒත් මං මේ මෝනින්ට මෝනින්ට.. (උදේට උදේට කියන එක එහෙම නේද කියැවෙන්න ඕන..? :D ) ඇක්සසයිස් එකටත් එක්ක පොඩි වෝක් එකක් දානවනේ මෙයාලා... ඉතිං එහෙම වෙලාවට ඔය පාර තොටේ යන මොස්කිටෝස්ලා එහෙම මාව හපලා කරලා යනවා ඇති... ඇති කියන්නේ මෙයාලා මට උන් මාව කනවා තේරෙන්නේ නැති හින්දා.. (කබර හමක් හින්දා නෙවෙයි යකෝ... මගේ රනින් කිට් එකේ මැටීරියල් එකේ තියන හොද කොමට... තනිකරම පිට රටින් ගෙන්නාපු බර ගානක් වටින එව්වා වෙච්චි කොට...) ගෙදර ඇවිත් වොෂ් එකක් දාද්දී තමා ඔය මදුරුවෝ කාපු ලකුණු එහෙම පේන්න පටන් ගන්නේ... ඔයාලා දන්නවනේ මෙයාලා මගේ ස්කින් එක හරි සියුමැලි නෙව... (ඒසී එකේම ඉඳලා එසී එකේම ඉඳලා.. :D ) ඉතිං අර වගේ උනාම හරි අමාරුයි මෙයාලා... ඉතිං එහෙම කාපු මදුරුවෙක්ගෙන් හරි බෝඋනානං සොරිම තමානේ මෙයාලා... ඒ හින්දයි ලේ එකක් බලවන්න හිතුනේ... ඔයාලා හිතන්නේ ඕක කොහෙන් බැලෙවුවනං හොඳයි කියලද..? (නැහැ යකුනේ මගේ මතකේ තාම හොඳට තියෙනවා නවලෝකේ ඕන නැහැ.. :D )
හා හා මෙයාලා දැන් හරි ටයඩ්..මං යනවා රෙස්ට් කරන්න... පස්සේ හම්බ වෙමුලා.. එතකල් සීයූ ලා... ටටා.. බයි බායි...
( අර නංගි එහෙම මට දැන් කෝල් කරලා පස් පඩංගුවේ බනිනවා එහෙම නෙවෙයි... රැකෝඩරේ රැඩි පිට තියං ඉන්නේ දානවා රැකෝඩ් කොරලා මේකටම හරිය... :D ) කෝකටත් පෝන් එක ඔප් කොරලා තියන්න ඕන.. නිකං මොටද ඉල්ලං කන්නේ.. :D :D :D
/*මිනිහෙක් හම්බ කොරං කන රස්සාව කොරන වෙලාවට ඒකට බාධා කොරනවද මිනිස්සු..*/
ReplyDeleteඋඹ මේක සිරාවට කිව්ව කතාවක් නම් වෙන්න බෑ... ලලනා පාර්ශවේ ඕකමයි කලොත් කරන්නෙ... උඹට කියන්න බන් අයියෙ කතා නොකලට කමක් නෑ ලයින් එකේ ඉන්න කියලත් කියනව බන් මේ යමරෙට වැඩ තියෙන වෙලාවල් වලදිත්...
මාත් උණ හැදුනම කෑම කොහොම වෙතත් නෑමනං කරනව.
ReplyDeleteඅනික් එක තමයි උඹ කියල තියෙනව වගේ බඩ සුද්ද වෙලා යනවනං ලෙඩෙත් සනීපයි. (ලෙඩා මලත් බඩ සුද්දයි නෙමෙයි)
දැං උඹ චෙක් කරන්න යන්නෙ ලේ එකක් ද බ්ලඩ් එකක් ද?
මේ ඒක නෙමෙයි ඔයා බැන්ද කියල ආරංචියක් ආව. ඇත්තද අනේ ඒක.
Deleteමාර අසනිප සහ මාර වෙදකම ...
ReplyDeleteඉඳල හිටල පොඩි උණක් හැදුනට කමක් නෑ අනේ . පොඩි රෙස්ට් එකකටත් එක්ක .
ReplyDeleteමාරය මාර දේකින් බේරිල තියෙන්නෙ.... යකෝ බන්ද උනත් හිටපන් බැදපු නැති ගානට.... ඒක නිසා ගත්ත කටට කියන්න තිබුනෙ බ්ලොග් කෙලීට නෑ නංගී ඇයි ඔයා මාව බදින්නද කියල අහන්න එපැයි....
ReplyDeleteඅනික සහෝ... මටත් හැදුනෙ නැතැයි ඔය ජරා ලෙඩේ.... අම්ම හිටින්න මම ගොඩ ආව... නැත්තම් මම මෙලහකට වලේ.... අම්ම දුන්න සේලයින් තව මක්කද එකතු කොරල.... දුන්න බොන්න පෙති හතුරෙකුට වගේ.... තෙමුව තෙමිල්ලක් මහ රෑ 12.00 විතර... යකෝ එහෙම හතුරෙකුටවත් කරන්නෙ නෑ බොලවු.... පුදුම දුකක් වින්දෙ.... දවස් 04 ක්.... පට්ට ආතල්....
අන්න සහෝට වැරදුණා... යකෝ ඒ නංගි බැදල මිනිහෙක් ඉන්න වගක් මාරමලයා කියල තියනවා නේද මේ කතාවෙම...
Deleteමේවා කියෝන අපිට ගහන්න ඕනේ බොලව්!! ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කොහොම හරි කොලුවා අන්තිමේ කෙලින් උන එකම මදැයි...
ReplyDeleteඅර බැඳපු කතාව ඇත්තද බන්?
ReplyDeleteආ නිෂ් මල්ලි...අර ෆොටෝ ටික දාලා ටැග් කරන්ඩමයි හිතෙන්නෙ බන්..ඔයි ගැන හිතලම මට කන්ඩ බොන්ඩත් බෑ..නින්ද යන්නෙත් නෑ...කෙට්ටුත් වෙලා..දාන්ඩද බන් ???
Deleteබොට හැදිලා තියෙන්නේ කෙලින් උණ ද දන්නේ නෑ ......
ReplyDeleteතල් උණලු බන් හැදිලා තියෙන්නෙ !
Deleteඇයි, මිනිස්සු මීට කලින් බඳිනවා අහලා දැකලා නැද්ද????? අනේ යන්ඩලා මෙයාලා වැඩක් බලාගෙන, නේද මියා?
ReplyDeleteලේ එකකුයි බ්ලැඩ් එකකුයි ඉක්මනින් ටැස් කරවගන්ට.
මේ ඒක නෙවෙ, උයා බැන්දද බොල?
කොණ්ඩ කැවුමක් නොපිට හරෝලා ගිල්ලම බඩේ අමාරු සනීප වෙනවැයි??
ReplyDeleteහරි තැනටම සෙට් වුනොත් හරි
DeleteHuta marayath leda wela?????????
ReplyDeleteමේ ලෙඩේ මොකක්ද අප්පේ.. අර බුකිය පැත්තේ මං දැක්කා හුක්කි හුක්කි කිය කියා හිනා වෙවි ඉන්නවා..
ReplyDeleteඅනේ බං මාරයියේ. ගෙට් වෙල් කිව්වා ඕං පුළුවං තරං සූන් එකේ.
ReplyDeleteගෙදර කෙනෙකුට පැතිරෙන උණක් බෝ වුණාම අපේ තාත්තා හදනවා හාල්මැස්සෝ කරවල කබලේ බැදලා පෙයාවක් වගේ එකක්. ඒක බිව්වම අනිත් අයට ලෙඩේ බෝ වෙන්නේ නෑ. මේ ගැන තාත්තාගෙන් අහන්න ඕනේ.
ReplyDeleteඅනේ සුදික ඒක පුලුවන්නම් ඔබගේ ලිපියකින් හරි තාත්තගෙන් අහල ලියන්නකො.
Deleteඅපේ ගෙදර අක්කට හැදුනොත් මල්ලට පහවුවදා හැදෙන දෙයක්.
ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි.
ලෙඩාද ඔය පේයාව එක බොන්නේ
Deleteනැත්තම් ගෙදර අනිත් අයද ?
මල්ලියෙ මල්ලිට කියන්ඩ අසනීප උනයි කියලා ආරංචි උනහම අපි දුක් වෙච්ච තරමක්..සමහර විට මල්ලි දකින්නත් ඇති අපි මූනු පොතේ කොයි තරම් නම් ශෝක උනාද කියලා..ඒත් අද හැන්දෑ කොරේ බෝධි පූජාවක් තියන්නත් කතා බහ කොර ගත්තා නොවැ..තන්තෝසෙ බැරුවා මල්ලිට සනීපයි කියලා දැන ගත්තහම ඕන්..අපි ඉතින් අහලක පහලක් හිටිය නම් ඉතින් දුක සැප බලන්න හරි එනවනේ (ඈ කොකොනට් ඩොන්කියො උඹ නංගිලට විතරයිනෙ බොගෙ ටෙලිෆෝන් නොම්බරේ දෙන්නේ !හොඳ වැඩේ..දන්නව නම් කතා කරලා ආයි උඹේ නින්දට බාධා කරන්ඩ තිබ්බා !)
ReplyDeleteඅර කියුවා වාගේ මොකක් හරි උපදේසයක්වත් ගන්ඩ බොගෙන් පෝං නොම්මරේ ඉල්ලුවහම අපිට තමා ලොකු එක දාන්නේ , මට ඉතින් කටට එන එව්වා
Deleteඋන ගැනීමත් සැපක් වගේ දැනෙන්න ලස්සනට ලියල තියෙනවා.මගේ හිතට ඇල්ලුව හොඳම යෙදුම තමයි කොන්ද කැවුම් ගෙඩියක් නොපිට හරවල ගිලීම. දිගින් දිගටම රසවත් දෑ ලිවීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා .
ReplyDeleteමටත් හිතුවා ඔයාට නිකං ෆීවර් වගේ නං මෙයා ඩෝනට් ලේට්. යන්න ඉක්මනටම චැනලින් සෙන්ටර් එකකට. ගිහිල්ල එතැන චෙයා ඒකේ වාඩි වෙලා අවශ්‍ය උනොත් වොෂ් රූම් එහෙම ගිහිල්ල ඩොක්ටර් හම්බ වෙන්න. සී යු ලේටර් මාරයා. (මමත් ඉංගිලිසි කලාස් ගොයින්)
ReplyDeleteසහලෝල උන ගත්ත වෙලාවට ගෙදර තියෙන ගොඩක් පලතුරු කපල,වටකුරු භාජනයකට දමල වැනිලා අයිස් ක්‍රීම් කට කැපෙන්න දාල කලවම් කරගෙන කාල බලන්න නැවත උන ගැනුනාම.
ReplyDeleteහෑ... මාරයාට මාරයා පෙන්නන්න හදන්නේ මයේ හිතේ..
Deleteඒ බේතත් නරකම නෑ වගේ..
Deleteබාජනේ වටකුරු වෙන්නම ඕනෙද ?
Deleteහතරැස් උනාම කොන් ටැපලෙනවා.
DeleteWahaama gihin le check karan enna. Una nam me dawaswala sure ma na. Langa paathaka hitiya nam aniwa enawa balanna. Ikmanata saneepa wenna!
ReplyDeleteකැස්සට කොස් ඇට උනාට කුරුම්බා.. දන්නේ නැද්ද .. අද කාලේ බෙහෙත් ^_^
ReplyDeleteඅනේ අය්යේ ඔයාගේ ලිපිය දිගයි.. ම් ඒත් හරිම රසවත් මම හුඟක් ආසාවෙන් ඔයා ලියලා තියෙන ලිපි කියෙව්වේ. ඔයාට හොඳට රසවත්ව ලියන්න පුලුවනි.මම හරිම කැමතියි ඔයා අදහස් ගලපලා ලියලා තියෙන විදිහට. විශාල රසයක් මට දැනෙන ඒ ලිපින දේවල් කියවලා. මම පුංචි කෙල්ලෙක් තවම. මට නම් තවම ඒ හැටි අත්දැකීම් නැහැ තමයි ඒත් තියෙන ආසාවට පුංචියට හීනියට මම බ්ලොග් එකක් ලියාගෙන යනවා. නමුත් මට ඒතරම් අත්දැකීම් නැහැ.ඉතින් ඔයා වගේ හොඳ කරුණාවන්ත අය්යා කෙනෙක් මගේ ලිපි කියවලා මගේ හිත ධෛර්යමත් කරන්න මගේ බ්ලොග් අඩවියට ඇවිල්ලා මගේ බ්ලොග් එකේ මිතුරු හවුලට එකතු වෙලා මාව ධෛර්මත් කරන්න කියලා බොහෝම කාරුණිකව ආරාධනා කරනවා.. ඔයා වගේ ප්‍රවීණ, උගත්, අත්දැකීම් ඇති පළපුරුදු බ්ලොග්කරුවන්ව මේ තරම් හරි ඇසුරු කරන්න ලැබීමත් භාග්‍යයක් අය්යේ..
ReplyDeleteහික්ස් එන්නං මල්ලියේ... වටිං නැතුව ගොඩිං වරෙංකො බං..
Deleteනලියො මේ මල්ලෙක් නෙමේ.අපිට දෝණියංදෙක්.
Deleteදුව හොදට ලිපි ලියන්න.අපි බලල කොමන්ට් කරන්නම්.
කෙන්ජි අන්කල් ට හරියන ලිපි තමයි දෝනියන්ද ලියන්නේ ..මෙන්න රි-කැප් එකක් ...
Delete- පැරණි පෙම්වතාගේ ලොකු ශිෂ්ණය යෝනියට ඇතුල් කරද්දී ජැකලින්ට දෙවියෝ සිහිවෙලා
- ෂෙරිල්, සිය පැරණි පෙම්වතා සමඟ ලිංගිකව ඇසුරු කිරීමට ගුවන් නියමු කුටියට රිංගලා
- දූලිකාට හොඳට ශිෂණය පණ තියෙන කොල්ලෙක් සොයයි
දෝනිට නැගල යන හොඳ අනාගතයක් තියෙන බව පේනවා. මාරයෝ නංගියගේ හිත ධෛර්යමත් කරන්න ඇසුරු කරාට කමක් නැහැ .. රේන්කෝට් දාගෙන
හිකිස් !!
කවුරුහරි අහිංසක කෙල්ලෙක්ට අපහාස කරන්න කරපු දෙයක් වගේ....
Deleteඇත්ත >>සොහොන් පිල්ලිය<< නෙමෙයි නේද උඩ කොමන්ට් කරල තියෙන්නෙ.
Deleteඈ යකෝ ඊයෙද කොහෙද නේද උපං දිනේ උත්සවාකාරයෙන් සැමරුවෙ.
ReplyDeleteසිහි පරාද වෙනව කියන්නෙ මාරයො සිහිය අඩු එහෙම නැත්නම් අමතක වෙනවට...ඕක වැදි භාෂාවෙ වචනයක්...කොහෙන්ද අහුල ගත්තෙ
නොදකින් උණක් හැදුනත් මුන්ටනේ. අවුරුදු ගානකින් ආසාවට දවස් දෙක තුනක් නිදා ගන්න හම්බෙලා නැ.
ReplyDeleteමගෙත් උනට බෙහෙත ඕකම තමා පොල් සම්බෝල වෙනුවට පොල් පුච්චපු සම්බෝල තමයි මම හදන්නේ.
ඔය වැඩේ දිගටම කරලා මම දන්නවා කොයිවෙලේ හරි නිදියන්න වෙන්නේ ආය නැගිටින්නේ නැති වෙන්න ඔං
ගොඩක් උන් නම් කියන්නේ උඹට කොහොමත් උණක් තියෙනවා කියලා...
ReplyDeleteමාරයියා බැඳපු දවසක උන අඩු වෙයි.... :D
ReplyDeleteමේ ඔයා බඳින්නේ කවද්ද මෙයා....
අර බැඳපු කතාව ඇත්තද බං?
ReplyDeleteනැතුව නැතුව දැන් එහෙනේ පදිංචිය
Deleteඅපේ සමහර උන්දලාටත් ඕනේ නැති රෙද්දක් නැහැ බං. දැන් සනීපද? සමහන් පැකට එකක් ඔය මෙනු එකට එකතු කරගත්තනම් ඉවරයිනේ.
ReplyDeleteඔයාට උන ශරීරෙ කොහෙද?
ReplyDeleteඋණ හැදුන වෙලේ නාන එකනම් එච්චරම හොඳ දෙයක් නෙවේ මාරයියේ!
ReplyDeleteබැන්දා බැන්දා කියන්නේ කොහෙද බැන්දේ????/
ReplyDeleteඋණ ගැනුනම නාන්න අනේ මන්දා
ReplyDeleteඋන හැදුනාම කියලා තියන අනිත් දේවල් නම් කරන එක හොඳයි, ඒත් නාන එකනම් හොඳ නැහැ. විශේෂයෙන්ම උනට හේතුව මොකක්ද කියලා දන්නේ නැතුව නාන්නම හොඳ නැහැ. සෙමත් එක්ක එන වෛරස් උනක් තියනවා මේ දවස් වල, ඒකට නම් නෑවොත් ඉතින් බඩුම තමා. හොඳ වෙනවා වගේ පෙනුනත් ලෙඩේ මාස දෙක තුනක්උනත් තියෙන්න පුළුවන්. ඉතින් වෛද්‍ය උපදෙස් මත විතරක් නාන එක තමා හොඳ.
ReplyDeleteගෙට් වෙල් සූන් මාරෙ අයියා...........
ReplyDeletehttps://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg
ReplyDelete!
ReplyDelete