25 May 2013

දන්සැල් කියන්නෙ එව්වටයි... කජුගහ පිටියේ කොල්ලෝ තමා කොල්ලෝ...

අපේ හැලපයියා මේ දවස්වල මොනාලිසාව කරෙන් ටිකකට බස්සලා දන් කඳක් කරේ තියං ඇවිදිනවා... රැල්ල ගහන අතට එපෑ අපිත් පඳින්න... ආයේ මොටද පරණ කතා මෙවා ඇවිත් අළුත්ම එව්වා... කොටින්ම කිව්වොත් අද දවසට මෙහෙමයි වැඩ පිළිවෙල...

සිසිල් බීම දන්සල් එකයි
මඤ්ඥොක්කා දන්සැල් එකයි
බත් දන්සල් දෙකයි
සුප් දන්සැල් දෙකයි
බෙලිමල් දන්සැල් එකයි
කෝපි දන්සැල් එකයි
කිරිකෝපි දන්සැල් එකයි
අයිස්කිරිං දන්සැල් එකයි.

අතෑරලා දාලා ආපුවා එමටයි...

ආයේ ඉතිං නිකංම දන්සැල් කන්න ගියා එහෙමත් නෙවෙයි... කොළඹීන් අවිස්සාවේල්ලට... අවිස්සාවේල්ලෙන් තල් දූවට... තල් දූවෙන් රුවන් වැල්ල හරහා අගුරුවැල්ලට... එතැනින් ආපහු රුවන් වැල්ල හරහා ඌරාපොල.. අත්තනගල්ල.. වාරණ.. මාළිගාතැන්න.. වැලිවේරිය.. මාකොළ.. කිරිබත්ගොඩ හරහා කොළඹට...

කියන්න කණගාටුයි මුල් ටිකේ නං ඇඩුනා... කොලොන්නාවට යනකල් එහෙං මෙහෙං එකක් දෙකක් තිබුනට මොකද පටන් ගත්ත ගමන්මනේ කියලා අතෑරලා ගියා... මල හත්තිලව්වයි... කොලොන්නාවෙන් පස්සේ හංවැල්ලට යනකල්ම බෞද්ධ පින්වතුන් නැහැ නෙව මේ රටේ... කඩුවෙල..නවගමුව..බෝමිරිය පැත්තේ මං හිතන්නේ මුස්ලිං උදවියද කොහේද ඉන්නේ... සික්..ආසාවට වතුර පොදක් බොන්න දන්සැලක් නැහැ... හැබැයි තැනින් තැන තියෙනවා බැනර්නං දාලා මහා බත් දන්සැල අද(25) මෙතැනදී දවස පුරාම කියලා... ඒත් ඒවා ළග බව්වෙක්වත් නැහැ... මුං ආධාර එක්කාසු කොරලා..එව්වෑයින් බැනර් ගහලා ඒවා එල්ලලා මාරු වෙලාද මංදා... :D 

යන්තං ඔන්න හංවැල්ල පේනකොට පාට වතුර කෝප්පයක් හම්බ උනා... වේලිලා හිටිය හිටිල්ලට එක හුස්මට ඇදලා ඇරියා... හංවැල්ලට අඩිය තියද්දිම බොහෝම රස එලෝලු සුප් එකක් හම්බ උනා... ආයේ ඉතිං වෙලාවේ හැටියට අමෘතේ වගේ තමා... හංවැල්ල හරියේ යන්තං පින්වතුන් ඉන්න හැඩයි...

හැබැයි ඉතිං පින්වතුන් කියන නියම සැට් එක හිටියේ කොස්ගම සාලාව හරියේ... අන්න දන්සැල්... මයියොක්කා දෙනවා ගිනි විසිවෙන පොල් සම්බෝලයක් එක්ක...ඇති පදං කෑහැකි... නෙළුවා හීනියට...






ආයේ ඉතිං අවිස්සාවේල්ල හරියේ බයියං එහෙම තිබුනට මයියොක්කා වඩියේ ආතල් කඩා ගන්න ඕන නැති හින්දා ගියා ඉස්සරහට... ආයේ ඉතිං සහරාව මැද්දෙන් යනවා වගේ තමා...යාන්තං රුවන් වැල්ල පැන්නට පස්සේ මෙන්න තියේ මහා පරිමාණ බයියං දන්සැලක්... හොද්දටම දියඋන කරෝල හොදි ගංගාවක් එක්කලා බාගෙට තැම්බුන වම්බොටු මාළුවකුයි...පරිප්පු හොද්දකුයි එක්කලා කිඹුලා කිරිමැටි ගිලින්නැහේ ඇදලා ඇරියා බත් නෑඹීළියක් විතර... ආයේ ඉතිං කතරට වැස්සක් වගේ තමා...

අනේ එයින් පස්සේ ගියා අගුරුවැල්ලට ටිකක් ඉස්සරහින් හැරිලා ගමක් ඇතුලට... අන්න පින්වතුන් ඈ...
කජුගහපිටියේ කොල්ලෝ තමා කොල්ලෝ...





 දුං විසි වෙනවා පින්වතුනි... අඩ ගහලා ඇතුලට ගත්තේ හරියට නිකං පරණ නෑයෙක් හම්බ උනා වගේ... පුදුම ලෙංගතු කොමකින් මෙන්න මෙයා තමා බුවා... එළ කොල්ලා... දන්සැල් වැඩට නෙවෙයි ඕනෑ තැනකට හරියන බුලට් බඩුවක්... ආයේ ඉතිං ගෙදර ගිහින් කන ගානට තැන හිතට අල්ලලා යන විදියට මෑන් කතා බහ කරලා පහසුකං සපයලා කන්න බොන්න දෙන්නේ... පිගාන හිටං ඉල්ලගෙන හෝදනවා අම්මා අප්පා කාපු පිඟාන වගේ සලකලා... ආයේ ඉතිං කියන්න වදන් නැහැ... 


දන්සැල්නං ආන්න දන්සැල්.. පින්වතුන්නං ආන්න පින්වතුන්... එතැන හිටිය අක්කලා වගේම පොටෝ අල්ලද්දී සප් එක දීපු නංගිලා ටිකත් මල් හතයි... හම්මපා අන්න ගිහින් වැටෙනවනං නියම තැන්... 



එයින් පස්සේ ඉතිං ගිය තැන බලා කියාගෙන ආපහු එද්දී මෙන්න එවෙලේ අටෝපු දන්සැලක්... සුවඳ ගහන බෙලිමල් වතුර එක්කලා ලෝබ නැතිව කඩාපු ලොකු හකුරු කෑලි එක්ක විස්කෝතුත් දුන්නා නෙව... එයින් පස්සේ ඔන්න රුවන් වැල්ලෙන් හරෝලා නිට්ටඹුව පැත්තට එනවා... රුවන් වැල්ල පැත්තේ ඉඳන් එන්න ගත්ත තැන ඉඳන් ඔන්න යන්තං මල් පිපෙනවා වගේ කලාවට දන්සැල් වැඩි වේගන එනවා... එයින් අපූරු දන්සැල තමා මොරලිඔය අහල තිබුන බිස්කට් එක්කලා කෝපි දුන්න දන්සැල... එහෙං පිටින්ම ඒ හරියේ වතුවල වැඩ කොරන දමිළ පින්වතුන්... වැඩිහිටියාගේ පටන් අවුරුදු හතේ අටේ දරුවා දක්වා එක්කාසු වෙලා..හරියට නිකං කඩි ගුල ඇවිස්සුනා වගේ... ඔවුන්ගේම ඌරුවට සිංහල උච්ඡාරණය කරමින් අහ අහ කන්න දුන්නේ... 

එයින් පස්සේ ඔන්න ඇතුළු උනේ කවදත් මට හුරු පුරුදු ගම්පහ දිස්තිරික්කේට... ඒ කිව්වේ නිට්ටඹුව පැත්තට කිට්ටු කොලා... ඌරාපොල හන්දිය පේන නොපෙනෙන හරියෙදී මල් මසුරං අයිස්කිරිං දන්සැල... ඕන තරං දෙනවා..කිසිම පෝලිමක් නැහැ... කස්ටිය නිකං වෙඩි කාලා වගේ වේගෙන් වැඩේ කරනවා... මාත් අත් දෙකටම අයිස්කිරිං දෙකක් උස්සං ඇවිත් කෑවා...


 කියන්න සංතෝසයි පින්වතුනි... මොනවා කොලත් නිට්ටඹුව කිට්ටුවට එද්දී තමා දන්සැල් තියෙන්නේ වකාරෙට... පුදුම මෙව්වා එකක් දැනුනේ ඈ... අවුරුදු තුන හතරක් නිට්ටඹුව යක්කල අවට ඉන්න මාත් පින් කොලානේද කියලා හිතලා තනි ඇහැට ඇඩුනා නෙව... කොටින්ම ඔය මං කලියෙන් මුර රස්සාව කොරද්දී නැවතිලා හිටිය ගොරකදෙනිය හරියේ... (ඔව් ඔව් අර හොල්මං කතාවල්වලට පහුගිය සංදියේ පොරසිද්ධ උන හන්දිය තමා...) මීටර් පනහෙන් පනහට දැන්සැල්... කෑවට වඩා සංතෝසයි... දැක්කත් මදෑ එහෙම දර්ශනයක්...
ඔන්න ඔහොම යන්තං කිරිබත්ගොඩට එනකල් කැලෑ පාරවල් වලින් දාගෙන පන්සල් බලාගෙන.. දන්සැල් වැදගෙන ආපි... උදේ වරුවේ වේලුනාටත් එක්කලා හවස් වරුවේ කෑවා නෙව බුරිය උල්වෙන්නම... දැන් ඉතිං හෙට උදේට තත්වය කොහොමද කියලා බලං ඉන්න තමා වෙලා තියෙන්නේ...

ඔන්න ඔහොමයි මෙදා පාර වෙසක් එකට දන්සැල් කෑවේ... ආ ගිය ගමන් බලා කියා ගත්ත තැන් ගැන විස්තරයක් ඊ ළඟට දෙඤ්ඤං...

30 comments:

  1. mars ...labana poson walata apith yanawa , dansel wadinna...

    ReplyDelete
  2. මංඤ්ඤ්ඤ්ඤොක්කාආආආ කැන්ද කොලේ සම්බෝලා එක්ක!!!!!!! ඒකනම් නියමයි. කටට කෙල උනනවා.

    ReplyDelete
  3. සැහ්!
    අපිට කොහෙද දන්සැල් වඳින්න පිං?
    බත් පත ගෙදර ඉව්වා වගේ, දැක්කමත් බඩ පිරෙනවා. ටටුෂයෝ නිකමටවත් හිතුනෙ නැත්ද කජුගහපිටිය පැත්තට 'බින්න බහින්න එහෙම? :D

    ReplyDelete
  4. හංවැල්ලට මෙහා දන්සැල් තියෙන්නෙ පොසොන් පෝයට....

    ReplyDelete
  5. ඔය තියෙන්නේ සැපටම දන්සල්...මේව කියවන කොට හැලපයියට ලංකාවට කඩාගන එන්න හිතෙයි.


    ReplyDelete
  6. දංසැල් ගැන මොන කතාන්දර තිබුනත් දංසල් වලත් පුදුම ආතල් එකක් තියෙනවා..ඒ අය දෙන්නෙ අපිට කන්න නම් කන අය වවිදියට එයාලට පිංකම් කරගන්න අපි උදව්වක් නෙව දෙන්නෙ..

    ReplyDelete
  7. ඔච්චර රවුමක් ගිහිනුත් හොඳම දන්සැල් තිබ්බෙ අපේ පළාතෙ කිව්වම කාටද ආඩම්බර...සියනෑ කෝරළේ මැද පත්තුවෙ ඉන්න පිං කොරන්න ඕනෑ අප්පා.

    ReplyDelete
  8. සතුටුයි සතුටුයි බොහොම සතුටුයි....

    ReplyDelete
  9. හෙට උදේට වතුර දන්සැලක් හොයාගනින් , බැරිම උනොත් නගර සභාවට කියපන් ගලියකුයි වතුර බවුසරේකුයි එවන්ඩ කියලා..

    මේ උබේ මහ බඩ වැල කකුල දිගටත් තියනවද.

    ReplyDelete
  10. දැනට අවුරුදු දෙහෙකට විතර ඉස්සෙල්ලා රාජකාරියට ගිහින් එන ගමන් කහවත්තේ තොරණ් බලාගෙන එද්දී රෑ එකොළහට විතර නැවත්තුවා අතුරු පාරක දුප්පත් ගෙදටක තිබුණු දන්සලක. අවු: දහයක දොළහක විතර කොල්ලෝ තුන් හතරදෙනෙක් තමයි හිටියේ. උන් ටික මාර ෆිට් උණා. ඒක තමයි මං ගිය හොඳම දන්සැල. (සරුවට තිබුනෙ නැතත් උන්ගේ හිත පිරිලා තිබුණු නිසා මගෙත් හිත පිරුණා)

    ReplyDelete
  11. පිස්සු හැදෙන සඳ. මයියොක්කා පාර නම් පංකාදුයි. මාරයාගේ ලිවිල්ලත් ඒ වගේමයි. මටත් මේ දැන් එලියට බැහැලා දුවන්න හිතෙනවා.

    ReplyDelete
  12. අපිට ඉතින් කොහෙද දන්සැල් කිවුවලු..

    ReplyDelete
  13. මයියොක්කා.. අයියෝ.. බඩගිනියි....

    ReplyDelete
  14. අන්තිමටම මයියොක්කා කෑවෙ ගිය දෙසැම්බරයෙ.... ඒත් කටට කෙළ ඉනුවා දැක්කම...

    අපටත් මෙහේ වෙසක් දන්සැලක් තිබුණනෙ ඊයෙ.... අපරාදෙ කියන්න බෑ දාහක් විතර ඇවිත් හිටියා වෙනද ඔබා මාමගෙ යාළුවා හදන වෙසක් කූඩු රාජයා වෙනුවට මේ සැරේ පළවෙනි වතාවට හදපු තොරණ් රාජයා බලන්නත් එක්ක.... සුද්දොත් ඇවිත් හිටියා දන්සැලට.... අපරාදෙ කියන්න බෑ අර කට දන කෑම කිසිම වගක් නැතුව සමහරුත්, හායි හූයි ගගා සමහරුත් හොඳට කෑවා.....

    ReplyDelete
  15. පුදුම බඩක් තමයි ..අනේ මන්දා

    ReplyDelete
  16. Bada pirenna pin kolla thiyenne.katata kela unanawa bole

    ReplyDelete
  17. අයිස් කිරිං දෙක ගැන තමයි සැක ඕං.. :D

    ReplyDelete
  18. හැබෑවට නිවාඩුවක් යනවා නම් මේ කලේ යන්න ඕන ....

    ReplyDelete
  19. මට නම් වෙන ගමනක් යන්න වුනා... මයියොක්කා හොඳ සැර කොච්චි සම්බෝලයක් එක්ක සෙට් වුනා කියල වැඩක් නෑ... ඒ තමා එකම දන්සැල් කෑම... වාහන දෙකකට විතරක් මාරු වෙන්න පුළුවන් පාරෙ වුනත් උන් වැඩේ ලස්සනට කලා අනිත් මිනිස්සුන්ට වැඩිය කරදරයක් නෙවෙන්න... ඒ ඇරෙන්න නම් දන්සැල් ට්‍රැෆික් එක හින්දා ඇඬිල හිටියෙ...

    ReplyDelete
  20. යකෝ අර බත් එකනං නියමෙට තියෙනවනෙ. මාතර පැත්තෙත් ඔයවගේ දන්සැල් තිබුණ. හැබැයි ඒවයෙ අම්බානක පෝළිම.
    උඹ උදේ පාන්දැ ගියාට බත් දන්සැල් දෙන්නෙ දවල්ට බං.

    දැං උඹ ගෙදර වතුර තියෙනවද කියල එහෙම බලලද තියෙන්නෙ.

    ReplyDelete
  21. උඹේ බඩට තෙරුවන් සරණයි!

    ReplyDelete
  22. නියමයි,නියමයි අපිට කටට කෙල උනන විදියට ක්‍රමානුකූලව වෙසක් දවසේ දන්සැල් අනුමෝදන් කරගෙන තියෙන විදිය නම්.

    ReplyDelete
  23. මෙන්න වෙසක් අසිරිය නියමෙට කියවෙන පෝස්ටුව...මෙච්චරයි බ්ලොග් අවකාශෙටම තිබුනෙ...සිරාට මේ සැරේ නෝ දන්සැල්...

    ReplyDelete
  24. Apith giyo..
    Ape pansale me sare Shreepaadekuth hadala thiyanawa. Dansal nam meheth thiye..

    ReplyDelete
  25. ඊයේ වෙසක් බලන්න ගිහින් දන්සල් වලින් අයිස්ක්‍රිම් කාලා එක එක ජාතියේ බීම නම් බීලා ආවා.. ඒත් බත් කන්න ගියේ නෑ...ඊට වැඩිය නිදිමතයි කකුල් රිදෙන එකයි හින්දා..... හි හි

    ReplyDelete
  26. දන්සැල් මතක්වෙනකොටත් ඇගේ මයිල් ඉස්මයිල් වෙනවා සුපින්වතුනි වෙලාවක් තිබුනොත් පෝස්ට් එකක් දාන්නම්. අද නිපුණතා පියසෙ කෝස් එකකට යන්න තියෙනවා. එහේ ටොයිලට් කොහොමද දන්නෑ?

    ReplyDelete
  27. මඤ්ඤොක්කා පාර නම් එල වගේ... දන්සැල් වට වන්දනාවේ ගිය කාලය මතක් උනා.

    ReplyDelete
  28. අයියා මම කියන්නම් රසයෙන් වයඹට ගහන්න නම් දන්සැල් ලොවෙත් නෑ.........

    ReplyDelete
  29. මේ පාර වෙසක් එකට වෙනදට වඩා දන්සැල් තිබ්බද කොහෙද
    තොරන් කූඩු එහෙම නම් අඩුයි

    ReplyDelete