26 May 2013

අපි දන්නේ ඉතිං වැදි බණ නෙව...

මෙව්වා බෙල්ල ගහලා යන වැඩ ආයිබෝං... ඔය දේශාපාලනය ගැන කතා කරනවා වගේම තමා මේ ආගං දහං ගැන කතා කොරන්න යන එකත්... ඒත් ඉතිං අහක යන කෝච්චි වලට බෙල්ල තියන එක මගේ පුරුද්දක් වෙච්චි කොට මේ රේල්ලුව දැක්කමත් මයෙ කට නලියනවා නෙව...

කොහොමින් කොහොම හරි බෝවත්තේ ඉන්ද්‍රසාරද කොහෙද කියලා කියන ස්වාමීන් වහන්සේ නමක් වෙලා හිටිය කෙනා අපවත් උනා.. උනා නෙවෙයි කොරගත්තා.

මං කියන දේවල් හිතන දේවල් පැත්තකට දාලා යන්තමට දන්න බුදු බණට අනුව කල්පනා කොරලා බැළුවම මට පේනවා මෙහෙම කාරණා කිහිපයක්...

භික්ෂුවකගේ භික්ෂූත්වය ගිලිහිලා යන කාරණා හතරක් තියෙනවා කියනවා නෙව... අර සතර පාරාජිකා කියලා හදුන්වන්නේ එව්ව තමා... ඕකට අයත් වන එක කාරණයක් තමා ප්‍රාණ ඝාතය... ඒ කියන්නේ පණක් නසන කෙනාට භික්ෂුත්වය අහිමි වෙනවා... තමුන්ගේ උනත් පණනං පණම තමා කියලයි මට හිතෙන්නේ... ෙඑහෙම බැළුවම ඉන්ද්‍රසාර හිමියන්ගේ භික්ෂූත්වය උන්වහන්සේ අපවත් වෙන වෙලාවේ තිබුනද කියලා මං තාම කල්පනා කොරනවා.

ආයේ ඉතිං බුදු හාමුදුරුවෝ දේශනා කොරනවා නෙව “කිච්ඡෝ මනුස්ස පටිලාභෝ... කිච්ඡං මච්ඡාන ජිවිතං“ කියලා... ඒ කිව්වේ මේ මනුස්ස ජීවිතේ කොයි තරං වටිනවද කියන එකයි.. මනුස්ස භවයක් ලබා ගන්න එක බුදු බණට අනුව බොහෝම අසීරු කාරණයක්... එහෙම ලබා ගන්න මනුස්ස භවය තුල අපි තමුන්ලා කොරගන්න දේවල් අනුව ආයේ කල්ප කාලාන්තරයකට නැවතත් මනුස්ස භවයක් නොලැබී යන අන්දමේ පාප කරුමත් කරගන්නවා නෙව... ඔය සිය දිවි හානි කර ගැනීම කියන කාරණාවත් එහෙවු එකක්... ආයේ ඉතිං ලේසියකට මනුස්සයෙක්වෙලානං ඉපදෙන්න ලැබෙන්නේ නැහැ කියලයි මං අහලා තියෙන්නේ... මාත් ඔය මැරෙන්න කියලා හිතපු හුගක් අවස්ථාවලදී ඒක නූලෙන් ගහලා යන්න හේතු උනේ ඔය කියන කාරණාව කියලා කියන්න එපෑ... මොනවා කොලත් ආයේ මනුස්ස භවයක් නැහැ කියලා හිතෙනකොට හිතට එන ආවේගය දිය වෙලා යනවා... ඉන්ද්‍රසාර හිමියන්ට ඒ කාරණාව අමතක උනාදෝ.. එහෙමත් නැත්තං ගවයන්ගේ ජිවිතය වෙනුවෙන් උන් වහන්සේ තම නිවන පරදුවට තැබුවාදෝ කියලත් හිතෙනවා... ඔය වගේ හිමිනමකට මේ වගේ සරල කාරණාවක් අමතක වෙන්න හැටියක් නැහැ නෙව මේ මටත් නිතර මතක් වෙන කාරණාවක් වෙච්චි කොට...

ඔය මං කිව්වේ මට හිතෙන දේවල් උනාට බුදු බණේ තියෙන කාරණා... එහෙම බැළුවම මේ මනුස්ස භවයක් ලබපු ඉන්ද්‍රසාර හිමි නමින් ජීවත් උන ප්‍රාණීයා තමුන්ගේ උත්තරීතර මනුස්ස භව වගේම පැවිදි භාවයත් නැති කරගෙන පාරාජිකාවට පත්වෙලා අපාගත වෙන පවක් කොරගත්තාද කියලා හිතෙන කොට බොහෝම සංවේගයක් හිතේ ඇති වෙන්නේ නැද්ද කොයි කාට උනත්...

ඒත් ඉතිං දැන් පරක්කු වැඩියි... දැන් ඉතිං කරන්න පුළුවන් දේ තමා පිනක් දහමක් කොරලා උන්නාන්සෙට පින් දෙන එක... අපාගත වෙන තරමේ පාපයක් කරගත්තා උනත් ඒ ඉන්න නරකාදියකින් මිදිලා සුගතියකට පත් වේවා කියන කල්පනාවෙන්..  මනුස්සයෝ වෙච්ච අපිට වෙන කොරන්න ඇහැකි දෙයක් ඇතෑ...

ඒත් ඉතිං මේ කාරණාවෙන් පණ ගහලා ආව උදවියත් ඉන්නවා නෙව... උන්නාන්සේගේ අපවත්වීම හරහා උන්වහන්සේ අරමුණූ කරගෙන හිටියාය කියන ගව ඝාතනය වැලැක්වීම කියන කාරණාව ඉස්ට සිද්ධ කොරන්න ඕනය කියලා...

හරි ඒක ගැනත් අපි බලමු...  මොනවා උනත් එක අතකින් බලපුවාම බොහෝම යහපත් අරමුණක් වෙනුවෙන් නෙව අච්චර භයානක තීරණයක් ගත්තේ... මෙලොවදී ගිනි දැල් මැදින් පිච්චිලා අන්ත දුකකට පත් වෙලා මියැදිලා.. එයින් පස්සෙත් කල්ප ගානක් අපාගත වෙලා පිච්චි පිච්චි ඉන්න වෙනවා කියලා දැන දැන ඔය දේ කරගත්තානං ඒක එසේ මෙසේ වැඩක් නෙවෙයි නෙව... උන්නාන්සෙට මානසික ආබාධයක් එහෙම තිබුනේ නැත්තං ඉතිං ඇත්තටම බොහෝම අසීරු තීරණයක්... තමුන් වගේම තවත් සත්ව කොටසක් උදෙසා තමන්ගේ මෙලොව පරලොව දෙකම නැත්තටම නැති කර ගැනීම... කොහොම හරි උන්වහන්සේ ඒක කර ගත්තා... 

ඉතිං එහෙම කරගත්ත හේතුව දැන ගත්තටත් පස්සේ ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා හිතන එක මනුස්සයෝ වෙච්ච කාගෙත් පුංචි යුතුකමක්...

ගව ඝාතනය...

ඇත්තටම මේක නැවැත්තියෑකිද...?

බෝවත්තේ ඉන්ද්‍රසාර හාමුදුරුවෝ පළාත් සභාවකද කොහේද මංත්‍රිවරයෙක් කියලා තියෙනවා මං දැක්කා... හැබැයි ඉතිං ඒ කියන්නේ ලොකු බලයත් තිබුන කෙනෙක්මත් නෙවෙයි නෙව.. නැත්තං ගිනි තියා ගන්න වෙලේ තමුන්ගේ දේශපාලන බලය පාවිච්චි කොරලම ඔය කාරණාව ගොඩ දාගන්න තිබුනා නෙව.. ඒත් එහෙම කරගන්න තරං බලයක් නැති හින්දා නෙව මේ තීරණයට ගියේ..

ඒත් අපේ බුදු හාමුදුරුවෝ ඇවිල්ලා නිකංම නිකං කෙනෙක් නෙවෙයි නෙව... එක පැත්තකින් සුද්ධෝදන රජුගේ පුත්‍රයා... අනිත් පැත්තෙන් ගත්තාම බිම්බිසාර...කොසොල්... උදේනි... වගේ බොහෝම බලවත් රජවරු සමීපයේ සිටිය කෙනෙක්... ඒ ඒ අය උන්වහන්සේගේ අවවාද අනුශාසනා බොහෝම හොඳින් පිළිපැදපු උදවිය... ඔය බලය අද කාලේ කෙනෙකුට තිබුනනං ඒක අර පාප් වහන්සේගේ දේශපාලන බලයට වඩා ඉහළින් යන අන්දමේ එකක් වෙන්න තිබුනා... ඒ කියන්නේ බුදු හාමුදුරුවන්ට ඕනනං එක අවවාදයකින් මුළු මහත් ඉන්දියාව පුරාම ගව ඝාතනය විතරක් නෙවෙයි අනිකුත් හැම සතාවම මරණ එක තහනං කරවන්න තිබුනා... උන්වහන්සේ එහෙම ඉල්ලීමක් කලානං කොසොල් රජ්ජුරුවන්ට හරි... ලිච්ඡවී රජ දරුවන්ට හරි ඒක පැහැර හරින්න පුළුවන් කමක් තිබුනේ නැහැ ලේසියකට... ඒත් උන්වහන්සේ එහෙම ඉල්ලුවද..? මං දන්න තරමින් නං නැහැ...

හැබැයි ඒ වෙනුවට එක වංගියක් උන්වහන්සේ හමුවට ආව දේවදත්ත උන්නාන්සේ ඉල්ලාපු කාරණා පහක් ප්‍රතික්ෂේප කරද්දී ඒ කාරණා අතර ඔය භික්ෂූන් හැමෝම නිර්මාංශික විය යුතු යැයි කියන කරණාවකුත් තිබුනා... හැබැයි උන් වහන්සේ ඒ කාරණේ ඇතුළුව අනිත් කරුණුත් ප්‍රතික්ෂේප කොලා කියලා තමා මං දන්න සාසන ඉතිහාසේ තියෙන්නේ... ඇයි ඒ..?හේතුව තමා බුදු හාමුදුරුවෝ අන්ත වාදියෙක් නොවීම... බුදු දහම නිදහස් දහමක් වීම... කරන්න පුළුවන් දේ මොනවද.. බැරි දේ මොනවද කියලා දැනගෙන කටයුතු කල අයකු වීම... එහෙම නැත්තං අර තමුන්වහන්සේ වැඩි කාලයක් වැඩ හිටිය ජේතවනාරාමය පිටි පස්සේ විසි අවුරුද්දක් තිස්සේ ඌරෝ මරපු චුන්ද සූකරටවත් බුදු හාමුදුරුවෝ නෙවෙයි සංඝයා වහන්සේලා එක්කාසු කොරං ගිහිං ඌරු කොටුව වටලලා ඒකට ගල් ගහලා..බිත්තර ගහලා..ඩෙඟා නටලා චුන්ද සූකරගේ බිස්නස් එකට පාඩු කොලේ...

අනේ මංදා මෙව්වා කල්පනා කොරං යද්දී මට කල්පනා වෙන්නෙම බුදු හාමුදුරුවෝ බුද්ධාගමේ නෙවෙයිදෝ කියලයි... එහෙම නැත්තං මෙහෙම වෙන්න බැහැනේ... එහෙං පිටිංම උන්වහන්සේ වැඩ කරලා තියෙන්නේ වර්ථමාන බෞද්ධ උන්නැහේලා වැඩ කොරන විදියට නෙවෙයි නෙව. චුන්ද සූකරගේ මස් කඩේ වහන්න ට්‍රයි කරලා නැහැ... තමුන් නිතර දෙවේලේ හම්බ වෙන නායකයින්ට කියලා පැය විසිහතරෙන් සත්ව ඝාතන නවත්තන්න කටයුතු කරලා නැහැ... අනේ මංදා නේද..?

තව ඉතිං කියන්න ගියොත් අර චුන්ද කර්මාර පුත්‍රයාගේ අවසන් දාන වේල ගැනත් කියන්න වෙනවා... ඒත් ඉතිං බුදු හාමුදුරුවෝ තමුන්ට බැති සිතින් පිළිගන්නපු ඔය කොයි දේත් වළඳලා ඒ ආහාරයෙන් උපදින ශක්තියෙන් යාන්තමට ජීවිතය පවත්වා ගත්තා මිසක ඒ ආහාරයත් එක්ක ගැටෙන්න ගියේ නැති හින්දා ඒ දානය ගැන කතා කරලා ඒ හැටි වැඩක් නැති වෙයි... 

මං මේ කිව්ව දේවල් කිව්වේ මගේ කටට එනවට එහෙමනං නෙවෙයි බුදු බණය කියලා උදේ හවහා කාලාන්තරයක් තිස්සේ ඔය අපි කොයි කවුරුත් අහලා තියෙන දේවල් ටිකක් විතරයි... ඒවා වැරදිනං ඒවට මාව අල්ල ගන්න ඕන නැහැ... අපි ඉගෙන ගන්න දේ හරිද වැරදිද කියලා හොයන්න වෙනවා වහාම...

හරි ඒ ටිකත් අල්ලලා දාලා අපි හිතුවම මේ ගව ඝාතනය නවත්තන වැඩේ ගැන මොකද හිතෙන්නේ...?

ආ ඔන්න මං දැන් කියන්න යන්නේ බණක් දහමක් නෙවෙයි ආහාර පිසීම ගැන කතාවක්.. ඔහෙලා දන්නවා නෙව මාත් මේ දවස්වල උයන්න පිහින්න ඉගෙන ගන්න යන හාදයා කියලා.. ඒ ඉගෙනීමේ කටයුතු වලදී මස් මාළු වගේ දේවල් එක්කත් මට කොයි වෙලෙත් කටයුතු කරන්න වෙනවා... ඒ වගේම ඒ ඒ දේවල් ගැන විශේෂයෙන් ඉගෙන ගන්න වෙනවා.. ඒවා මගේ විෂයට අදාළ කරුණු...

ඔන්න ඔය ඉගෙනීමේ වැඩ යද්දී මගේ ගුරුතුමා කියාපු කරුණු වලට අනුව කිව්වොත්... ලංකාව වගේ මේ ආසියානු රටවල් වල ගව මස් සම්බන්ධ කරුණු ටිකක් අමාරුයි... සංස්කෘතික වශයෙන් අපි ගවයා එක්ක කලාන්තරයක් බැඳීලා ඇවිල්ලා තියෙන හින්දා අනිත් සත්තුන්ට වඩා ගවයා කියන සතා මැරීමත්.. ඒ මස ආහාරයට ගැනීමත් තරමක් විවාදාත්මක කාරණයක් වෙලා තියෙනවා. හැබැයි බහුතරයක් බටහිර රටවල් වල හරකා කියන්නෙත් අපි ඔය කුකුල්ලු හදනවා වගේ සත්ව ගොවිපලවල්වල හදලා මරලා මස් ටික මාකට් එකට එවන තවත් එක සතෙක් විතරයි. කවුරුවත් සතාව නිතර දෙවේලේ දකින්නේ නැහැ... සතාව බැඳගෙන කරත්ත දක්කන්නේ නැහැ.. කුඹුරු හාන්නේ නැහැ... කොටින්ම මස් දකිනවා මිස සතාව නිතර දෙවේලේ දකින්න නැහැ.. ඉතිං ඒ හින්දා ගවයා කියන එකා සහ කුකුලා කියන එකා අතර මහ වෙනසක් නැතිය කියලා...

දැන් කෙනෙකුට කියන්න පුළුවන් බටහිර සංස්කෘතියට අනුව අපිට කල්පනා කරන්න බැරිය.. ගවයා යනු අනිත් සතුන්ට වඩා උසස් එකෙක්ය  කියලා... හැබැයි දැන්නං හරක්ගෙන් වැඩ ගන්න මිනිස්සු ඉන්නවද කියලත් සැකයි... මං කාලෙකින් දැකලා නැහැ මීහරක් බැඳලා හාන කුඹුරක්... ආ හෝව් හෝව් මට අමතක උනා... ඉඳ හිට දැකලා තියෙනවා අර වප් මඟුල කියන විහිළුව කරන දවසේ හරක් දෙන්නෙක් ඉස්සරහින් බැඳගෙන තව හරකෙක් පිටිපස්සෙන් යනවා වගේ සීන්නං.. ඒත් ඒවා නිකං චිත්තරපටි කෑලි විතරයි නෙව.. එහෙම නැතිව හරක් බැදං කුඹුරු කරපු කාලේ ගියා... එහෙම නැත්තං කරත්ත බැඳපු කාලේ ගියා... කිරිනං තාම ගන්නවා තමා... හැබැයි එහෙම බැළුවොත් අපි ඔය බිත්තරත් කන ගමන්ම කුකුල් මසුත් කන්නේ... එහෙම බැළුවම ජාතියේ කිරි මව වගේම ජාතියේ බිත්තර මවත් අපි රකින්න වෙනවා... ඒත් මුංදලා කවුරුවත්ම අර දවසකට ලක්ෂ ගානෙන් මැරෙන කුකුල්ලු ගැන කතා කරන්නෙවත් ගිනි තියාගන්නෙවත් නැහැ... ඌරෝ මරන්න එපා කියලා කෑ ගහන්නෙත් නැහැ.. ධීවර කර්මාන්තේ තහනම් කරන්න කියලා උද්ඝෝෂණත් නැහැ. හරක් මත්තේ විතරක් අමුතුවෙන් නහිනවා...

ඇත්තටම හරකෙකුට ජීවත් වෙන්න තියෙන අයිතිය ආරක්ෂා වෙන්න ඕන... හැබැයි ඒක හරකට විතරක් දීලා.. කුකුල්ලු..ඌරෝ..එළුවෝ.. මාළු වගේ උන්ට නොදෙන හේතුව මට තේරෙන්නේ නැහැ. කරනවනං කරන්න ඕන සෑම සත්වයකුටම තියෙන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන එකයි.. ඒ කියන්නේ තහනං කරනවනං සියළුම සතුන් මැරීම තහනම් කරලා දාන්න වෙනවා.. එහෙම නැති හරකෙක් එක්ක විතරක් එල්ලිලා කරන්න හදන අවිහිංසාවාදය මට තේරුම් ගන්න ටිකක් අමාරුයි. කුකුල් කකුල් රහ කර කර කන ගමන් ගව ඝාතනයට විරුද්ධ වෙන අවිහිංසාව බුද්ධාගමේ කොයි හරියේද තියෙන්නේ කියලා මංනං දන්නෙත් නැහැ. බුදු හාමුදුරුවෝ දාන්න නොගිය නීති දාන්න දගලන.. ඒ වෙනුවෙන් පැවිදි භාවය අහෝසි වෙන අන්දමේ පාපකර්ම කරගෙන අපාගත වෙන්න පාර හදාගන්න උන්නාන්සේලා මේ දේශනා කරන්නේ බුදු දහමද නැත්තං වෙන මොකක් හරි එකක්ද කියලා හරියටම තේරුං ගන්න පුළුවන් කාටද..?

ආයේ ඉතිං බොරු මොකටද මංනං ඔය හුගාක් මස් මාළු ජාති..බිත්තර එහෙම කන බොන කෙනෙක්... මං මහණ වෙලා හිටිය කාලෙත් පන්සලට මස් මාළු එක්ක දානේ ලැබුනා...  දාන ගෙවල්වලට ගිහාමත් එහෙමමයි... මම වගේම දනට වැඩම කරපු බහුතරයක් හාමුදුරුවරු ඒ හැම දේම පිළි අරං වැළඳුවා... මගේ මහණ කමේ හිටිය අවුරුදු පහටම මස් මාළු නොකන හිමිවරු මට හම්බ වෙලා තියෙන්නේ තුන් නමයි නැත්තං හතර නමයි...  එහෙමට තදින් නිර්මාංශ කියන හිමිවරු මට හම්බ වෙලා නැහැ... හැබැයි ඒකෙන් කියන්නේ නැහැ හාමුදුරුවරු මස් මාළු කන්න පෙරේතයි කියලා... උන්වහන්සේලා අනිත් බත් මාළු පිණි වගේම මස් මාළුත් ලැබෙන හැටියට පිළිගත්තා.. වැළඳුවා... මං දන්නේ නැහැ බෝවත්තේ හාමුදුරුවෝ සහ උන්වහන්සේගේ පිටුපසින් දැන් හිටං ඉන්න හිමිවරු හා උපාසක ඇත්තෝ නිර්මාංශික අයද නැද්ද කියලා.. හැබැයි කොහොම උනත් හරකා මත්තේ විතරක් එල්ලෙන්නේ නැතිව එහෙමනං මේ ඇත්තෝ සියළු සත්වයින්ට කියන කාරණේ එල්ලෙන්න ඕන... සත්තු මරන එක තහනං කරන්න නීති රීතී ගේන්න දගලන්න කලියෙන් තම තමන් මසින් මාංශයෙන් වැලකිලා ආදර්ශමත් වෙන්න ඕන... එහෙම කටයුතු කලානං ඒ දිහා බලං ඉන්න තව කවුරුම හරි පිරිසක් ඒ දේවල් අනුගමනය කරයි. එහෙමයි සමාජය යහමගට ගන්න පුළුවන්.. පිළිවෙතින්..ආදර්ශයෙන්.. එහෙම නැතිව හැම එකටම නීතියෙන් වැඩ කරන්න බැහැ.. එහෙම පුළුවන්නං කසිප්පු කියලා ජාතියික් එහෙම ලංකාවේ නැත්තටම නැතිව යන්න එපෑ... නීති වැඩි වෙන්න වෙන්න වෙන්නේ ඒ නීති කඩන එක සහ ඒවෑයින් රිංගලා යන එක විතරයි. හොදම දේ රට හදන්න කලින් පෞද්ගලිකව තම තමුන් ප්‍රතිපත්ති ආරක්ෂා කරන එකයි. අපි මසින් මාංශයෙන් හැම එකෙන්ම වැලකිලා අනිත් අයට ආදර්ශමත් විදියට හිටියොත් තව කාට හරි හිතෙයි ඒ විදියට වැඩ කරන්න... එහෙම නැතිව අපිත් කකා අනිත් අයට එපා කියන්න ගියොත්..? අනේ මංදා...

එහෙමත් නැත්තං අපි කුකුල් මස් කන ගමන් අනිත් අයට හරක් මස් තහනං කරන්න ගියොත්..?
අපි මාළු කන ගමන් අනිත් අයට මස් කන්න එපා කිව්වොත්..?
ඒ හින්දා හොඳම දේ තම තමුන් ප්‍රතිපත්ති ගරුක වෙන එකයි... හරකට විතරක් සලකන ප්‍රතිපත්තියකට නොයා හෑම සතාටම සලකන්න... බුදු හාමුදුරුවොත් නොකීව බුදු බණ කියන්න ගිහින් බුදු හාමුදුරුවන්ටත් වැඩිය බෞද්ධ වෙන අන්දමේ විහිළු නවත්තන එකයි... ලෝකේ හදන්න කලින් තමන් හැදෙන එකයි... එහෙම නැතිව අනුන් හදන්න කියලා කෑ කෝ ගහලා අන්තිමට තමුන්ට තියෙන මනුස්ස භවය නැති කර ගන්න එකවත්... අපාගත වෙන එකවත් නෙවෙයි.

රජයකට දාන්න පුළුවන්  නීති තියෙනවා... දාන්න බැරි නීති තියෙනවා... කොයි කවුරු කිව්වත් මේ රටේ සත්ව ඝාතනය නවත්තනවා කියන එක විහිළුවක් විතරයි... එයිට වඩා හොඳම දේ තමා ඕනනං  ගෘහස්ථ ගවයින් මැරීම තහනම් කිරීම සහ ඔවුන් බෝ වීම පාලනය කිරීම... ඒ වගේම දැනට ඉන්න අයාලේ යන ගවයින් සහ අයිති කරුවන්ට නඩත්තු කල නොහැකි ගවයින් බාර අරගෙන ධනවත් සැදැහැවත් අයගේ ආධාර උපකාර මත ඒ හරක්ට යැපීම පිණිස නිදහස් තණ භූමි ඇති කරලා ඒවා පවත්වාගෙන යාම... මං හිතන්නේ ඕමල්පේ හාමුදුරුවෝ ඇතුළු කිහිප නමක් දැනටත් ඒ දේ කරනවා යම් මට්ටමකින්.. ඔය අපවත් වෙච්ච හිමියනුත් ඇතැම් විට ඒ වැඩේට සම්මාදම් වෙලා ඉන්න ඇති. කරන්න ඕන පෙට්ටල් දාං ගිනි තියා ගන්න එක නෙවෙයි අර කිව්වා වගේ ගවයින් රැක බලා ගැනීමේ වැඩ තව තවත් පුළුල් කරන අන්දමේ කටයුතු වලට කැප වී කටයුතු කිරීම...

එයට අමතරව ගවයනුත් සත්ව ගොවිපලවල ඇති කර ඔවුන් පමණක් ආහාරය පිණිස සකස් කිරීම. කොහොමටත් ලංකාවේ හරක් මස් කියලා අපි කන දේ ලෝකයේ පවතින ප්‍රමිතීන්ට කිසි සේත්ම අනූකූල නොවන වග තමා අපේ ගුරුතුමා කිව්වේ... සාමාන්‍යයෙන් වර්ෂයක් පමණ (හරියටම මතක නැහැ සමහර විට වර්ෂ දෙක විය හැකියි) වයස සතුන් තමා නියම ප්‍රමිතියට අනුව මස් පිණීස මරන්නේ.. කුකුල්ලුන්ගේ දවස් හතලිස් පහේ කාලය වගේම හරකටත් නියමිත කාලයක් තියේ... අපේ වගේ අවුරුදු දහය විස්ස ගිය.. ඇට ගැහුණු.. මස් ගල් උන සත්තුන්ගේ මස් ආහාරය පිණීස අනුමත වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ආකාරයේ ප්‍රමිතියකට එයට ආදාල විදියට සතුන් ඇති කරවීම වැනි දේ කරනවා මිස හා හා හරක් මස් එපා කියලා කෑ ගුහුවට ඒක මේ රටේ නෙවෙයි මේ ලොකේ කිසිම තැනක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒ හින්දා කරන්න බැරි වැඩ වෙනුවෙන් තමුන්ගේ වටිනා කියන මනුස්ස ජීවිතය නැති කර ගැනීමවත්... වසර ගණනක් රැක ගත්තු මහණ කම අහෝසි වන අන්දමේ පාපකර්ම කර ගැනීමවත්... අවසානේ තමුන් අදහපු..විස්වාස කරපු ආගමේ හැටියට නම් අපාගත වෙලා දුක් විදින්න වෙන අන්දමේ පාපයක් වන මට්ටමේ මරණයක් තමාට ළඟා කරගැනීමවත් නොකර කරන්න පුළුවන් දෙයක් යෝජනා කරන්නත්.. ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්නත් උත්සහ වන්ත වීමයි මං දන්න තරමින් කල යුතු වෙන්නේ...

දැන් පිරිසක් බෝවත්තේ හිමියන් කරපු දේ සාධාරණයි... හරි උතුම් වැඩක් කියලා කියන ගමන් තවත් පිරිසක් උන්වහන්සේ හරකෙක්.. ගොනෙක් හැටියටත් සලකලා දෙපැත්තට කඹ අඳින සීන් එකක් නෙව යන්නේ... තම තමුන්ගේ මත වාදයන් වෙනුවෙන් මොන හේතුවක් හින්දා හරි මිය යන්නට යෙදුණ බෝවත්තේ හිමියන්ව කරේ තියං යන එක නවත්තලා තම තමුන් හැදුනනං..හැදෙන්න බලනවනං ඒක තමා හොදම දේ... එහෙම නැතිව තමන් නොකන හින්දා අනිත් අයත් නොකෑ යුතුයි කියලා හිතලවත්... එක සතෙකුට විතරක් විශේෂයෙන් සලකන ගමන් අනිත් සතුන්ට කුඩම්මගේ සැලකිලි දක්වන එකවත් නෙවෙයි... 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මමනං දැනට මස් මාංශ කනවා... හැබැයි කාටවත් කවන්න යන්නෙවත්.. කාටවත් කන්න එපා කියන්න යන්නෙවත් නැහැ... බුදු හාමුදුරුවෝ නොදාපු නීති දාන්න කාටවත්  බල කරන්න යන්නෙත් නැහැ...  හැබැයි ඉතිං නිවනටනං මං ටිකක් පරක්කු වෙයි... මොනවා කරන්නද නිවන් දකිනවා කියන එක කට්ටිය හිතනවා වගේ මල් ටිකක් පූජා කරලා... දන් වේලක් දීලා... විතරක් ගොඩ දාගන්න ඇහැකි කාරණයක් නෙවෙයි නෙව... ටිකෙන් ටික පාරමිතා ධර්ම සම්පූර්ණ කොරගෙන යන්න ඕන දිග ගමනක් වෙච්චි කොට... මං හිමි හිමිහිට ඒ පාරේ යන්න බලන්නං... ඕනවට වඩා ස්පීඩ් කොරන්න ගිහින් ෂෝට් කට් එහෙකින් අපායේ නොවැටී...

67 comments:

  1. සියදිවි නසාගැනීම ගැන මම අහල තියෙන්නෙත් මාරෙ අයියා කිව්ව ටිකම තමා... ඒ අතින් බලනකොට මමත් වැරදි බුදු දහමක්ද මන්දා ඉගෙනගෙන තියෙන්නෙ... මස් මාළු කන එක පව් නම් බුදුහාමුදුරුවො දෙව්දත්ට එකඟ වෙන්න එපෑ ඒ දවස් වලම..

    බුකියෙ යන වාද ගැන නම් කුමන කතාද?... පිස්සු යක්කු...

    මමත් අප්පිරියාවක් නැති ඕන මසක් කනව..

    ReplyDelete
    Replies
    1. _______________________________

      බ්ලොග් උන්මාදයෙනුයි, ෆේස්බුක් උන්මාදයෙනුයි පෙලෙන,
      නිවට යක්කු ඉන්දරතන හාමුදුරුවන්ගේ අපවත් වීම විවිධ විවිධ විදියට මාකට් කරනවා.
      මහා ලොකු දාර්ශනිකයෝ, ලේඛකයො වගේ.

      සියදිවි නසාගැනීම බුදුදහමේ අනුමත නෑලු.
      එක තමයි පැහැදිලිව උන්වහන්සේ කිව්වේ ජිවිත පරිත්‍යාගයක් කියලා.

      ඔය කියන නිවටයෝ ටික මෙකත් කියවන්න.
      [සාගින්න ඉවසාගත නොහැකිව තම පැටවුන් කෑමට සූදානම් වූ දිවිදෙනකට අප බෝසතාණන් වහන්සේ පිදුවේ තම සිරුරේ මස්ය. සිවි ජාතකයෙහි දී උන්වහන්සේ පිදුවේ තමන්ගේම ඇස්ය. සිරිසඟ බෝ රජතුමා දන් දුන්නේ තමන්ගේම හිසය.]
      http://goo.gl/cVVsn
      ______________________________

      පව් ඉතින් නිවටයෝ අහිංසක ප්‍රීතියක්, ප්‍රිද්ධියක් ලබනවා.

      Delete
  2. හොඳ තේරුම් බේරුම් කර දීමක්!

    ReplyDelete
  3. මරු පෝස්ට් එක..
    ලන්කාවේ හුගක් අය නොදන්න දෙයක් තම්යි හර්කුන්ගේ,එලුවන්ගේ මරනේ හුගාක් පොඩි සත්තු වීම.එවට ලෑම්බ් කියල කීනවා.
    මොනා උනත් පව් වැඩේ,හාමුදුර්වොනට නිවන් සැප ලැබෙවා කියන්ත් බෑ මේක කියවෙට පස්සේ.
    ඉන්න ටිකේ කාලා හිටියන්ම් ඉවරයි,මාරේ මේක ලොකකට යැව්වන්ම් හරි,උපදේශක කම්ක් ලබෙන්ත් බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. මේ අච්චාරු තරිඳුද?

      Delete
    2. තරිදු ලැබ්ම් කියන්නේ බැටලු මස් නේද?

      Delete
    3. මාත් දන්න විදිහට ලෑම්බ් කියන්නේ බැටළු මස්...

      Delete
    4. නෑ නෑ බොලව්! මම ඇහුවෙ කලකට ඉස්සර අච්චාරු බොගේ ලියපු තරිඳුද කියල

      Delete
  4. මාරයාගේ ලිපියත් හරකුන්ගේ නුවණ වර්ධනය පිනිස හේතු වේවා කියල ප්‍රාර්ථනා කරන්නම්.
    මගේ ලිපියෙ කමෙන්ටුවක තිබුන මෙහෙම,
    //භික්ෂුකවට සියදිවි නසා ගැනීම බරපතල අකුසල කර්මයක් නොවන්නේ මේ නිසාය//
    (මේව බුද්ධ වචන විදියට කියල තිබුනෙ)

    ReplyDelete
  5. මාත් ඔය කරගත්ත දේ කොහොමවත් අනුමත කරන කෙනෙක් නෙමෙයි. මොකක්ද ගොසිප් සයිට් එකකත් දාල තිබුණ මේ හාමුදුරුවො වෙන වෙන කේස් වලටත් සම්බන්ධයි කියල.

    ඇයි ඔය මසට ගන්න පුලුවං සත්තු ගැන කතාකරන්නෙ. අඩුම ගානේ ඒ සත්තු මරල මස්ටික හරි කනව. ඒ උනාට මසට ගන්න බැරි අලි කොච්චර මරල දානවද මිනිස්සු විසින්. පන්සල්වල දංවැල්වලින් ගැටගහගෙන හරිහමං කෑමක් දෙන්නෙ නැතුව කොච්චර දුක් දෙනවද. ඇයි ඔය කට්ටියට ඒවයෙ ගානක් නැත්තෙ.

    ReplyDelete
  6. ඔන්න ඕකයි ඇත්ත තත්වේ.දෙපැත්තම දන්නා කෙනෙක්ගෙන් ලිපියක් වැටෙන එකේ හොද කම ඕකයි ...

    ReplyDelete
  7. ලස්සන පැහැදිලි කිරීමක් ...
    බුකියේ මේ දවස් වල යන කුණුගොඩවල් දැක්කම මස් නෙමේ බත්වත් කන්ට හිතෙන්නේ නැහැ

    ReplyDelete
  8. කොහොමතේ අපේ රටේ ඉන්නෙ දේවදත්ත පරම්පරාවක්නේ. ඒකයි දේවදත්ත ඉල්ලපු දේවල් වෙනුවෙන් පෙනී සිටින්නේ. :)

    ReplyDelete
  9. මම මේ ගැන නලිගේ පෝස්ට් එකේදී සහ පැරාගේ පෝස්ට් වලදී කරුණු කිව්වා..මේ තියෙන්නේ ලින්ක් ...
    භික්ෂුවට ගැරහීම සුදුසුද ?

    සිය දිවි නසා ගැනීම , මනුෂ්‍ය ඝාතනය , මානසික රෝගී තාවය , උසාවියේ පිළිගැනීම ,සහාසික අපරාධය , ෆර්ස්ට් - සෙකන්ඩ් ඩිග්රි මර්ඩර් , දණ්ඩ නීතිය යටතේ ගොණු කල හැකි කරුණු ස්වල්පයක්


    \\\එහෙම නැත්තං අර තමුන්වහන්සේ වැඩි කාලයක් වැඩ හිටිය ජේතවනාරාමය පිටි පස්සේ විසි අවුරුද්දක් තිස්සේ ඌරෝ මරපු චුන්ද සූකරටවත් බුදු හාමුදුරුවෝ නෙවෙයි සංඝයා වහන්සේලා එක්කාසු කොරං ගිහිං ඌරු කොටුව වටලලා ඒකට ගල් ගහලා..බිත්තර ගහලා..ඩෙඟා නටලා චුන්ද සූකරගේ බිස්නස් එකට පාඩු කොලේ...///

    මම මෙන්න මේ දේ ගැන විතරක් කියන්නම්..බුදු හාමුදුරුවෝ කොසොල් රජුගෙන් ඉල්ලීම් කරනවා ඝාතකා ගාරය ඉවත් කරන්න කියලා..බැරිම තැන අග්‍රශ්‍රාවක සැරියුත් හාමුදුරුවන්ව පිටත් කරනවා..කොසොල් රජු 3 වරක්ම සැරියුත් හාමුදුරුවන්ව මග අරිනවා..මේ බව දැනගන්න බුදු හාමුදුරුවෝ එවෙලම කියනවා " බුද්ධඃප්‍රමුඛ සංඝයා අපහසුතාවයට පත් කිරීමේ විපාක කොසොල් රජු මෙලොවදීම ලබන බව " ...කොසොල් රජු මිය යන්නේ පාරේ බල්ලෙක් වගේ...මෙහෙම විස්තර වෙන දෙයක් මාරයා විකෘති කර දැක්වීම නේද මෙතන කරලා තියෙන්නේ ...? මේවා ගැන හරියට දන්නේ නැතුව පෝස්ට් දාන්න එපා...විකෘති දේවල් බුදු දහමට ගේන්න එපා පින්වත් මාරය....

    ReplyDelete
  10. හරක් මස් කනවද නැද්ද සහ හරක් මරනවද නැද්ද යන්න කන පුද්ගලයා විසින් සහ මස් මරන්නා විසින් තීරණය කල යුත්තකි. මෙම තීරණයන්හි කර්ම පලයද එන්නේ එම තීරණය ගන්නා පුද්ගලයාටමය. කෙනෙකුට මස් කනවද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කරන කෙනෙක් මස් මරනවද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කල යුතුයැයි සිතන අන්දුස් වූ ජනතාවක් සිටින රටක් අරාබියේ හැර වෙන ඇත්තේ කොහේද?

    ReplyDelete
  11. ඔන්න ඕකයි තත්වේ ....... කොහොමින් කොහොමින් හරි ස්වර්ණවාහිනියේ සෝමා අක්කා .. හමුදුරුවොන්ට ගිනි තියලා වරායේ බඩු ගුදම ගිනි ගත්තු කේස් එක යට ගැහුවා .... අන්තිමට රටට උන කෝටි ගණනක අලාභයට වඩා ... කොහෙද හිටපු හරකෙක් උඩ ගියා ...

    ReplyDelete
  12. ඔය භික්ෂුවගේ දිවි නසා ගැනීම ගැන ලියන්නට මේ බ්ලොග් අවකාශය තුළ ඉන්න සුදුසුම කෙනා මාරයා කියලයි මට නම් හිතෙන්නෙ...
    හැබැයි ඒ භික්ෂුව දිවි නසා ගත්තෙ ගව ඝාතනය නිසාමද කියලනම් මට ප්‍රශ්නයක් තියෙන්වා...

    ReplyDelete
  13. adaooooooooo mama ahala thiyenwa eka jathaka kathawaka bodhi sathwayoo gam muladaniyagena harakek nayata illagena awith puchchagena kanawa.

    ReplyDelete
  14. ශිහ්... මම මාරයා ගැන තියාගෙන තිබුණ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා මේ ලිපිය නිසා....
    බලාගෙන ගියාම උඹ මහ අමානුෂික මිනිහෙක්නෙ.... හරක් වෙනුවෙන් දිවි දීපු හාමුදුරුවොන්ට උඹ කියන කතා....
    ඒ හාමුදුරුවෝ දිවි පූජාකළේ අපි හැමෝම වෙනුවෙන්... දැන් ඉතිං දෙයියනේ කියලා තණකොළ ටිකක් කාලා නිවි හැනහිල්ලෙ ඉන්න පුළුවං...

    ReplyDelete
  15. මචං මාරේ... මම නුවර හැමදාම මම වැඩට යන්නේ මාලිගාව පහු කරලා. මාලිගාව පහු කරලා මීටර් 500ක් යනකොට හම්බවෙන්නෙ නුවර මාකට් එක. උදේ පාන්දරම ඔතනින් හරවනකොටම මම දකින්නෙ ලොරි දෙකක් පුරවලා ගෙනත් බාන හර්ක් ගාත , ඊට මීටර් 100ක් ගියාම මහ පාර මැද බාල බෙදාගන්න මාලු ගොඩවල්. ඒක ඊයේ වෙනකම් මට ලොකුවට දැනුන් නෑ.

    මෙතන ලොකුම ගැටලුව උනේ ගිනි තියාගත්තෙ හාමුදුරුනමක් උන එකද. ඒ සිවුර වෙනුවට ඩෙනිමක් කලිසමක් තිබ්බනම් කෑම පිගානේ මස් පංගුව බේරාගැනීම වෙනුවෙන් ගේන තර්කේ මොකක්ද . ඌ පිස්සෙක් , නැත්ත ඌට වෙන ගෑනියෙක් හිටියා , නයක් ගෙවා ගන්න බැරි උනා , ගොඩක් දේවල් තියෙයි නේද. අවාසනාවට මෙතන අහු උනේ සිවුරක් දැන් ඉතිරි ධර්මය උගසට තියන එක විතරයි.

    මම මේ ගැන කිසිම දෙයක් නොලියා ඉන්න හිතුවෙ මොකද හිතට එකගව මට ලියන්න බෑ මොකද ඒ ගින්නෙ රස්නෙ මටත් දැනෙන තරමට මාත් පවුකාරයෙක්, මම මස් කනවා , මං උබ එක්කත් ඇති පදං මස් කාල , උබ මට ඇති පදං උයලා දීලත් තියනවා එහෙම තියාගෙන පොර ටෝක් ලියන්න හැකියාවක් නෑ.

    ඒත් හිතට දුක එක කාරනයක් තියනවා. අපිට ගොඩක් දුක දැනෙන කාරන තියනවා නෙද, අපිට සමහරක් වෙලාවට බල්ලෙක්ට පූසෙක්ට ගහනවා මරන එක පොඩි දරුවෙක්ට ගහනවා වගේ දෙවල් බලන්න දරාගාන්න බෑ නෙද ඒ ව්ගේම සත්තුන්ගේ ජිවිත ගැන ගොඩක් සංවේදී මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා නේද. ඇයි අපිට හිතන්න බැරි ඒ සිවුර ඇතුලේ පිච්චිලා ගියේ ඒ ව්ගේ සංවේදී මනුස්සයෙක් කියන එක. මාලිගාව ඉස්සරහ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරුවෝ නෙවෙ. රහතුන් වහන්සේ කෙනෙක් නෙවෙ අඩුම ගානෙ සෝවන් උන කෙනෙක් වත් නෙවෙ.

    පහු ගිය කාලෙ පුරා දුෂන වලට , වංචා වලට හාමුදුරු කෙනෙක්ගේ නමක් පත්තරේ එක නිව්ස් එකකට ගිය ගමන් එක තප්පරෙන් ඒ හාමුදුරුවන්ගේ සිවුර ගලවලා ඒ ගනයෙක් නෙවෙ හොරෙක් කියපු අපේ අය ඇයි දැන් මෙතනදි තාම මේ හාමුදුරුවන්ට සිවුර පෙරවන්න හදන්නෙ. කියපන්කෝ මෙත් සාමන්‍ය මනුස්සයෙක් කියලා. බෑ නෙද එහෙම උනොත් අල්ලගන්න හෙතුවක් නැතුව යනවා.

    අද සිවුරක් දරාගත්ත පමනින් බුද්ධාගමේ කෙල පැමිනිලා රහත් වෙච්ච එක හාමුදුරු කෙනෙක් හරි ඉන්නවනම් කවුරු හරි මට කියලා දීපල්ලා, මහා අසපු හදාගෙන , බෙන්ස් ව්අලින් බනඩ වඩින රැඩිකල් බුද්ධ පුතරයන්ට වඩා

    කිලෝ මීටර් ගනන් පයින් ඇවිද ඇවිද සතෙක් ගේ ජිවිත වටිනාකම ගැන මිනිස්ස්සුන්ට කිය දුන්න. පාන්දර එකේ දෙකෙ ඉදලා පාරවල් වල ඉදගෙන හරක් ලොරි අල්ලපු සිවුරක් දරාගත්ත මනුස්සයෙක් ගැන මට දුකක් දැනෙනවා

    අන්තිම කාරනේ මැරෙන්න කලිනුත් ගිනි තියාගෙන වාහනේට දාගන්න මොහොතෙත් කෙදිරි නොගා කිව්වෙ සත්ව ගාතනය නවත්වන්න කියලා, අනිත් එක හැමෝම දඩ මීමා කරගත්තු ඇයි අනික් සත්තු ජිවිත නෙවෙද කියන එකටත් කියන්න තිබ්බෙ උන් ව්හන්සෙ විරුද්ධ උනේ හරක් ඇතුලු සියලු සත්ව ගාතනයට.

    ගිනි තියාගෙන මැරුනේ සිවුර දරාගත්ත මනුස්සයෙක් කියන එකත් බුදු හාමුදුරුවෝ නොවෙන බවත් ටිකක් විතර හිතට ගත්තොත් වෙන මොකක් හරි දෙයක් ඔලුවට වැටෙයි. අනික් හැම කාරනේකේදිම හාමුදුරුවරු කියන්නෙ හොරුය තක්කඩිය කියන ගොඩක් උදවිය මෙතනදි විතරක් උන්නාන්සෙගෙ චීවරය ඇගටම පොරවන්න හදන්නෙ ඇයි කියන එකත් ලාවට වගෙ හිතට දැනෙයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. උපේන්ද්‍ර මහත්තයො හිතේ තියෙන හේතු විරහිත ජාති ආලේහරි වෙන මොකක්හරි ආවේගයක් නිසා ඔහොම ලියවෙනව තමයි. දැන් ඔබතුමා ආයෙ හිතක බලන්නකො බුදුහාමුදුරුවො ඔහොම පාරේ ගිය මස් ලොරි නවත්තලා ඩෙගා නැටුවෙ නැත්තෙ ඇයි කියල. ඊට පස්සෙ ආයෙ නිරවුල් මනසකින් මේ ලිපිය හිමීට කියවල බලන්නකො මහත්තයො

      Delete
    3. උපේන්ද්‍ර ඔබ හරි සංවේදි මිනිසෙකුට කළ හැකි උපරිමයක් තමා ඒ හාමුදුරුවන් කළේ.. හරක් පමණක් නොවේ සියලුම සතුන් මැරීම හිතට එකගව කාටත් අනුමත කරන්න අමාරුයි. අගය කරනවා ඔබේ සටහන. මේ ගැන මේ වනවිට මගේ බ්ලොගයේ මෙන්ම තහනම් අඩවියේ හා රාජ් ගේ අඩවියේ විවිධ කතිකා ඇති වුණා. ඒත් ඔබ පෙන්වා දෙන කරුණ බොහෝ දෙනෙක් පිළිගන්නැත්තේ ඇයි කියා හිතන්න අමාරුයි.. සහන් ද දරන්නේ මේ හා සමානම අදහසක්.

      Delete
    4. අපි බොහෝ දෙනෙක් මස්, මාළු කනවා. කොටින්ම මට නං අඩුම ගනනේ කරවල කෑල්ලක් නැතුව බත් කෑම ගැන හිතන්නවත් බෑ. නමුත් අප හැදුනු, වැඩුනු පරිසරය,සංස්කෘතිය, ආගම නිසා පර පණ නැසීම ගැන පොඩි වරදකාරී හැඟිමක් තියනවා. එහෙම වුනා කියල ,අපි මස් කන එක ආතාරිනවද? නෑ, පිංවතුනි, අපි නිදහසට කාරණා හොයනවා :)

      1. මාළු මැරීම , හරක් මැරීම තරම් නරක නැත්තේ, මාළුවා "උම්බෑ" කියන්නේ නැති නිසාය.
      2.බුදු හාමදුරුවො වැජිටේරියන් නොවුන නිසා, අපිත් එසේ නූනාට කම් නැත. උන්නාන්සෙ ඔව්වා වලට කෙලින්ම විරුද්ධ නොවුනේ, චුන්ද සූකරයා මන්නෙ අරගෙන ඒම වගේ , දේ වීමට ඉඩ ඇති නිසාය.

      නම සඳහන් කිරීමට අවශ්‍ය නැති, හිටපු අවිහිංසාවාදී පුරෝගාමියෙකුගෙන් බෞද්ධ උපාසකයෙක් මෙසේ ඇසුවාලු:

      " මස් කෑමෙන් පව් සිදු වේද?"

      මෙන්න පිලිතුර:
      " මස් කෑමෙන් පව් සිදුවේදැයි අහන්නේකුමටද? පව් නොසිදුවේ යැයි කීවොත් කෑමටත්, නැත්නම් නොකෑමටත් නොවේද? මා නම් මස් නොකන්නේ, මස් කෑම සතුන්ගේ මරණයට හේතුවක් වන නිසාය"

      මස් කෑම හරිද, වැරදිද, පව්ද නැත්ද යන ප්‍රශ්ණවලට උත්තර මා දන්නේ නැත. වැඩිවන ලෝක ජනගහනයේ ආහාර සැපයුම ගැන විසඳුම් ද මා සතුව නැත

      එසේම, මේ කියන හාමදුරුවන්ගේ පැටිකිරිය මා දන්නේ නැත. ඒත්, ගිනි තබාගත් වියට්නාම් මහායාන "කුවැන් ඩක්" හාමදුරුවො "අපවත්" වුනෙත්, මේ කියන හාමදුරුවො අභාචප්‍රාප්ත වුනෙත් ඇයිදැයි මා නොදනිමි.

      මා දන්නේ මගේ මස් වලට ඇති කෑදර කම නිසා , මා මස් කන බවත්, ඒ ගැන පොඩි වරදකාරී විචිකිච්චාකාරී හැඟිමක් ඇති බවත් පමණකි.

      Delete
    5. ඒක තමයි අපි කියන්නේ ... මේ හාමුදුරු කෙනෙක් නෙමෙයි.. හරකෙක්... මූ සිවුර වැලඳුවා...

      Delete
    6. //ඒත් හිතට දුක එක කාරනයක් තියනවා. අපිට ගොඩක් දුක දැනෙන කාරන තියනවා නෙද, අපිට සමහරක් වෙලාවට බල්ලෙක්ට පූසෙක්ට ගහනවා මරන එක පොඩි දරුවෙක්ට ගහනවා වගේ දෙවල් බලන්න දරාගාන්න බෑ නෙද//

      උපේන්ද්‍ර ඔයාගේ ටෝක්ස් විතරයිනේ. ඔයාට පොඩි දරුවෙක්ට ගහන එක හිතට දුකයිලු. මෙතනනම් කිව්වේ පොඩි දරුවා මරන එක හොඳයි කියලා නේද? http://akurublog.blogspot.com/2013/02/73.html?showComment=1361618387428#c6238879807024333852

      Delete
    7. උපේන්ද්‍ර, දිවිනසා ගැනීම බුදු දහමේ හදුන්වල තියෙන්නෙ කෙසේද?
      ජිවත් වෙන්න විදියක් නැතිව දරුවො එක්ක ලිදට/ගගට පනින රටේ කතා කරනවානම් කොපමණ දේ තිබෙනවද?
      රට වටේ ඉඩම්/දුපත් තුට්ටුවට දෙකට විකුණලා හෝටල් සිය ගණනක් හදල සංචාරක ව්‍යාපාරයෙන් රටේ ආදායම අංක එකට ගේන්න යන වෙලාවෙ,සංචාරකයො Beef ඉල්ලුවම දෙන්නෙ අර කතිර ගහල හරකුන්ව පත් කරන කකුල් දෙකේ ගොන්නුන්ව මරලද?

      Delete
    8. කෙනෙකුට ඕනෑම කාරණයක් කියලා සිය දිවි නසා ගන්න පුළුවන්. එයින් යම් පමණක මතයක් ඇති කරන්නත් පුළුවන්. සිය දිවි නසා ගැනීම කියන්නේ කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේ වගේ කාරණාවක් කියලා සිය දිවි නසා ගන්න කෙනෙක් එක්කෝ තමන් ජීවත්වන සමාජය ගැන අවබෝධයක් නැති කෙනෙක්. නැථ්නම් මානසික රෝගියෙක්. ගව ඝාතනයට හෝ අන්‍යාගම්වලට හැරවීම එරෙහි තවත් ව්‍යාපාර තියනවා ඒ වගේ දෙයකට දායක වෙලා කටයුතු කරන්න තිබ්බා, ඕනෙම නම් උපවාසයක් කරන්න තිබ්බා. මේ කරපු ක්‍රියාවෙන් නම් පේන්නේ සමාජය ගැන අවබෝධයකින් තොරව කරපු ක්‍රියාවක් කියලා. එහෙම නැත්නම් මානසික තත්වයක් නිසා. ඒ කොයි වෙතත් මනුශ්‍යයෙක්මේ ආකාරයක සිය දිවි නසා ගැනීම ඛේදජනකයි. දිවි නසා ගැනීමේ මානසික තත්වයක් මත මොහු එසේ කලද, කැමරා අටවං හිටපු ස්වර්ණවාහිනී මාධ්‍යවේදීන් ගැන නම් ඇත්තේ දැඩි පිලිකුලක්.

      Delete
  16. හොද පැහැදිලි ව්ග්‍රහයක් , තාමත් සමහර හරක් පැටවුන්ට යතාර්ථය තේරුම් ගන්න බැරි එකනේ වැඩේ,,,
    තව දුරටත් හිමිනමගේ ජිවිත දානය ගැන කාතා කරන එකේ තේරුමක් නැහැ .. කොටින්ම කිව්වොත් එතුමා කලේ, කරගත්තේ නුසුදුසු අනුවන ක්‍රියාවක් අපාගතවන පාප කර්මයක්.
    කෙසේ වෙතත් ඒ මිය ගිය හිමිනමට නිවන්සුව පතනවා හැරෙන්න දැන් වෙන කල හැකි දෙයක් නැහැ .... ඔහු කරපු වැඩේ නිෂ්පලයි.

    ReplyDelete
  17. ඇහුවයින් ඇහුවා හොඳ බනක්

    ReplyDelete
  18. කියන්න ඕන හැමදේම කියලා තියෙනවා.ධර්මය රකින කොටසක් විදියට ඒ වගේ තීරණයක් ගැනිම අනුමත කළ නොහැකිය.බලෙන් ඇති කරන්න බැ මේ වගේ දේවල්.තම තමන් ප්‍රතිපත්ති ගරුක වෙන එක තමයි හොදම දේ මාරයා පැවදි ජිවිතයෙන් ඇයි මිදුණේ.මට නම් හිතෙන්නෙ මාරයා වගේ අය එතන ඉන්න ඕන කියලා.යථාර්තයේ ගැඹුර සරලව කියා දෙන්න ඔබ දක්ෂයෙකු බව මට හැඟේ.

    ReplyDelete
  19. මට නම් පැහැදිළිව පේන්නේ මේක දේශපාලන ඇජෙන්ඩාවක් පමණක් බවයි.

    ReplyDelete
  20. වෙසක් සතියෙ හිටපු සාධු කෙනෙක් ගෙන් අසපු වල වැඩ වසන බුද්ධ පුත්‍රයන්ට හොද බණ දෙසුමක්.

    ReplyDelete
  21. මනුස්සයා කියන්නේ දන්න කාලේ ඉඳන් සර්ව භක්ෂක සත්වයෙක්. අපේ රටේ එහෙම නෑ මහේ කට්ටිය ගොඩවල් වලට කැඩිලා ඉන්නවා. කට්ටියක් කියනවා එයාලා සියට සීයක් වෙජිටේරියන් කියලා, තව කට්ටියක් වෙජිටේරියන් හැබැයි බිත්තර කනවා, තව කට්ටියක් වෙජිටේරියන් හැබැයි එයාලා මාළු විතරක් කනවා. තව කට්ටියක් වෙජිටේරියන් නෙමෙයි හැබැයි කුකුළ් මස් විතරයි කන්නේ. ඔන්න අන්තිම ඉන්නවා හැම මස් ජාතියක්ම කන අය. ඔය අන්තිම කට්ටිය කොතනකදි හරි කිව්වොත් තමන් හැම මස් ජාතියක්ම කනවයි කියලා, ඊට උඩින් විස්තර කරපු සෙට් අරූ දිහා බලන්නේ මස් වැද්දෙක් දිහා බලනවා වගේ. එහෙම බලලා නිකං ඉන්නෑ ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක් තියෙනවා.

    "ඔයා හරක් මසුත් කනවද?"

    එක දෙයයි කියන්න තියෙන්නේ
    "ඔව් කනවා තමයි. ඇයි ඔයාට අප්සට්ද?"

    ඇයි මේ මිනිස්සු අනුන්ගේ රෙද්දවල්ම හොයන්නේ? තමන් කන බොන දෙයක් තමන්ගේ පාඩුවේ කාලා ඉන්න බැරි හැටියක්!

    ReplyDelete
    Replies
    1. පට්ට ඇත්ත ...
      මගෙන් ඔහොම අහපු ගමන් මම නම් කියන්නේ "ඔවු අනේ කනවා ඔයා බය වෙන්න එපා මම මරාගෙන නෙවේ කන්නේ කඩෙන් අරන් කියලා."

      Delete
  22. සමහර දේවල් වලට, විශේෂයෙන් අර පාරාජිකා කතාවට එකඟ නැහැ මාරයා. ඒ ගැන මෙන්න මේ ලිපිය වෙනම ලිව්වේ ඒ නිසයි.

    ReplyDelete
  23. බුදු දහම ස්වභාවයෙන්ම බලෙන් නීති පනවන එකක් නොවේය...එහි ඇති නිවුන අවිහිංසාවාදි බව ඉදිරියටත් ආරක්ෂා කල යුතුය.
    සමාජයෙ ්ජාතින් අතර ගැටුම් ඇතිවිය හැකි තීරණ ගත යුත්තේ ඉතාම සංයමෙනි. නැතහොත් හරක් ජීවිත වෙනුවෙන් මනුස්ස ජීවිත දහස් ගානකින් අපිට වන්දි ගෙවිය යුතු විය හැක..

    ReplyDelete
  24. සියළු සත්වයෝ නොව, බෞද්ධ සත්වයෝ (හරක්) බුදුන් දකිත්වා...

    ReplyDelete
  25. Maraya i commend ur umderstandung of th issue but as mr upendrq says if u keep aside the fact yhat this was dne by a buddhist monk its just another han bein sacrafizing his life for wat he belived. May b its agisnt buddhism we are nt perfect i dnt say wat he did was rite bt i dnt raise my vpuce to insult him either.i eqt fish n meat but i cant even bear to see a animal killed on th road. May b its my hypocray. But i valuve th man who went to th extreme. On th other hand i feel that buddhists are more n more becomin extremists and move away frm th middle path

    ReplyDelete
  26. අපි දැන් කරන්නෙ ඒ හාමුදුරුවන් අපි අදහන මතය ඔප්පු කරන්න පාවිච්චි කරන එක, ප්‍රසිද්ධියේ සහ හිත ඇතුලෙන් , එක තමයි අපි හෑමෝම කරන්නේ ,

    ReplyDelete
  27. සෑහෙන්න කලයකින් මාරයා සමඟ එකඟ වෙන්න පුළුවන් ;)

    මටනම් හිතෙන්නේ කවුරුන් හෝ අන්තවාදී කණ්ඩායමක් මේ හාමුදුරුවන්ව මෙහෙයවන ලද බවයි. ඒ මතය තහවුරු කරණවා අර රාවණා බලය කියන කණ්ඩායම මේ හාමුදුරුවන්ගේ සිරුර තමන්ට නොදුන්නා කියලා උද්ඝෝෂණය කරපු එකෙන් සහ ගිනි තියාගත් තැන සිදුවුන සියල්ලම රූපාවාහිනි කණ්ඩායමක් මුල සිට අගටම රූපගත කිරීම මගින්.

    මේ අන්තවාදී කණ්ඩායම උත්සාහ කරන්න ඇත්තේ මේ හමුදුරුවන්ගේ සිරුර කරේ තියාගෙන මොකක් හෝ විගඩමක් නැටීමට විය යුතුයි. එය මුලින්ම නවත්වා දැමීමට හැකිවීම හොඳයි.

    ReplyDelete
    Replies
    1. මාරයාගේ මතය මෙන්ම උඹේ කොමෙන්ටුවක් දැකීමත් සතුටක්...

      Delete
  28. සෑහෙන පැහැදිලිව ලියලා තියෙනවා.වැඩේ තියෙන්නේ මාරයාට තෙරුනාට අපේ සම හරක්ට ඔය ටික තේරුම් ගන්න බෑනේ.

    ReplyDelete
  29. පොස්ටුවක් දාන්න හදල නතර උන මාතෘකාවක්. හැම පැත්තක් ගැනම විස්තර කරලා තියනවා. ඒ නිසා තව කියන්න දෙයක් නෑ. කෙසේ උනත් තමන්ගේ ප්‍රාණය හරි නසනවා කියන්නෙ මහා පාප කර්මයක්. ඒක සාධාරණීකරණය කරන්න කොහෙත්ම බෑ . අපේ හාමුදුරුවරු තමන්ට තියන ප්‍රාඩෝ , ඉන්ටකුලර් විකුණලා ඒ සල්ලිවලින් ලොරියක් අරගෙන අනගාරික ධර්මපාලතුමා වගේ ධර්ම ප්‍රචාරයේ ගියා නම් මිට වඩා දහස් ගුණයක ප්‍රතිඵල ලැබෙන්න තිබුනා. මේ හාමුදුරුවෝ සියදිවි නසාගත්ත එක හින්ද මිනිස්සු දෙපැත්තකට බෙදිලා. අරෙහෙම උනා නම් එහෙම වෙනවද?

    තමන් ප්‍රතිපත්ති ගරුක වෙනවා නම් ඔක්කොම හරි. ගොඩක් අය තමන්ගේ ඇහේ පොල් පරල තියෙද්දී අනික් අයගේ ඇහේ තියන පොල් කෙන්ද තමයි පෙන්නන්න හදන්නෙ. සිංහලයට එරී මස් කන්න පුරුදු කලේ පරදේසක්කාරයෝ බව ඇත්ත.ඒත් හැමදාම උන්ට බැන බැන ඉන්නවට වඩා ඒ පුරුද්දෙන් අත්මිදීමට උත්සාහ ගන්නවානම් කොච්චර වටිනවද ?

    ReplyDelete
  30. මාරයා මේ ලිපිය හොඳට ලියල තියෙනවා.ඒ උනත් සමහර මුලික කරුණු නිවැරදි නැ.මේ හාමුදුරුවෝ තමන් වහන්සේගේ බ්ක්ෂුත්වය නැතිවන 4 පාරාජිකා වලින් එකක්වූ මනුෂ්‍ය ඝාතනය (තමාම තම දිවි තොර කර ගැනීම) කල බැවින් අපායගාමී වන බවයි. මාරයාගේ අදහස. මා කියන්නේ එක වැරදියි කියලයි.

    අන්තර්ජාලයේ ත්‍රිපිටකය තියෙනවා (tipitakaya.org මම දෛනිකව පාහේ පරිශීලනය කරනවා.) ඒකෙ භික්ෂුවක් ප්‍රානඝාතයට අසුවන හැටිත් එමගින් ඒ ක්ෂනයේදීම තම භික්ෂුත්වය අහිමි වන හැටිත් මෙන්ම අහිමි නොවන හැටිත් සිදධින් ගොඩක් මගින් පෙන්වා තිබෙනවා. මාරයා කියන ආකාරයේ සිධියක් එතන නැ.

    තම අභිමතය වන සමාධිය නොලැබීම නිසා දැලි පිහියෙන් බෙල්ල කපා සිය දිවි නසා ගත් භික්ෂුන් වහන්න්සේ නමක් (මට මතක හැටියට වක්කලී) සාසන ඉතිහාසයේ දැක් වෙනවා.මේ හිමි තම බෙල්ල කපා ගන්න විටම් එය නැවත්වීමට මාරයා කල ඉල්ලීම බුදුන් වහන්සේ පිළිගත්තේ නැ.නමුත් මරණාසන්න අවස්ථාවේදී තම සිත සමාධියට පත් කල උන්වහන්සේ එය වඩා නිවන් අවබෝධ කල බවත්, උන්වහන්සේගේ ආත්මය සෙවූ මාරයාට් එය දක්නට නොලැබී පසුව බුදුන් වහන්සේගෙන් විමසු විට උන් වහන්සේ නිවන් දුටු බව සාසන ඉතිහාසයේ දැක් වෙනවා.

    මේ නිසා වඩා වැදගත් වන්නේ චෙනතානවයි.උසස් පරමාර්ථයකින් තම ජීවිතය පිදීම කුශලයක්.පාරමිතාවක් පිරීමක්.(රෙනුකානේ නායක හාමුදුරුවන්ගේ පොතෙත් එහෙම තියෙනවා,)එහෙම නැත්නම් සස ජාතකය දහම් සොඬ ජාතකය කියල තියෙන දේ බොරුද ?

    ReplyDelete
    Replies
    1. ඔය මොකේට අහු උනේ නැතත් නීතියට අනුවනම් සම්පුර්ණ වැරද්දක්. සමාජයට කරන හානියක් අපහාසයක්.

      Delete
    2. @ wmk

      //....උසස් පරමාර්ථයකින් තම ජීවිතය පිදීම කුශලයක්.පාරමිතාවක් පිරීමක්.(රෙනුකානේ නායක හාමුදුරුවන්ගේ පොතෙත් එහෙම තියෙනවා).....//

      බෝසතාණන් වහන්සේලා ජීවිත පරිත්‍යාගය කරන්නේ මිනිසෙකුට ලබාගන්න පුලුවන් උතුම්ම තත්වය වෙන බුද්ධත්වය සඳහා දාන පරමත්ථ පාරමිතාව පිරීමක් විදිහට. තව විදිහකට කිව්වොත් බුදු වීමෙන් මුළු මහත් ලෝක සත්වයාටම යහපතක් සිදු කිරීමේ අභිලාෂයෙන්.

      මුළු මහත් ලෝක සත්වයාට යහපත සිදු කිරීම කියන කුලකය ඇතුලේ ගව ඝාතනය නවත්තනවා කියන එක උප කුලකයක්. ඒ වගේමයි මට පේන විදිහට ඒක ලෝකෝත්තර බවටත් වඩා ලෞකික බවටයි බර වැඩි

      බෝසත් සිරිතේ ජීවිත පරිත්‍යාග වෙන හැම අවස්ථාවක වගේ ඒක සිද්ධ වෙන්නේ ඒක හැර වෙන විකල්පයක් ඒ අවස්ථාවේදී නැති නිසා. ඒත් ගව ඝාතනය නවත්වන්න මේ හාමුදුරුවන්ගේ දිවි පූජාව අන්තිම විකල්පය නෙමේ.

      Delete
  31. මොනා නැතත් මිනිස්සුන්ගේ කෑමේ නිදහසවත් තිබිය යුතුයි...දැන් ඒකටත් බාල්දි පෙරලන්න අරගෙන

    ReplyDelete
  32. මේ ගැන හිතුන දේ නලීන් අයියගේ එකේ කිව්වා... එතනින් එහාට මේ වෙන දේවල් නම් මහ විකරයක් කියලා මට නම් හිතෙන්‌ෙන්...

    ReplyDelete
  33. කරපු වැඩේ නම් මහ විහිලුවක්..

    ඒත් ඇයි මේ එක කොනකින් විතරක් අල්ල ගෙන මාරයෝ?

    ReplyDelete
  34. මොනම හේතුවක් නිස හෝ සිය පණ නසා ගැනීම පාපයක් හැටියට තමයි බුදු දහම හඳුන්වන්නෙ. හැබැයි ජාතක කතා අනුව ගියොත් ගෞතම බුදුන්වහන්සේ බෝධිසත්වයෙක් හැටියට එක වරක් කොටි දෙනක් කුස ගින්න නිසා තම දරුවන් කෑම වැලැක්වීමට දිවි පුදනවා. ඉතින් ඒක ජීවිත ගනනක් බේරන්න කල දිවි පිදීමක්. මෙතනදිත් හාමුදුරුවෝ නිර්නාමික සතුන් දහස් ගනනක් වෙනුවෙන් දිවි පිදු නිසා චේතනාව පාරිශුද්ධයි..ඒත් උන් වහන්සේට ජීවත්ව ඉඳගෙන ඊට වඩා මෙහෙයක් කරන්න තිබුණා. හැබැයි එහෙම කියල අනිත් පැත්තත් කියන්න ඕනෙ. බුද්ධාගම බේරාගන්න වගේම සතුන් මැරීම වලක්වන්න කෙසේ වෙතත් අවම කරන්න නම් කරන්න ඕනෙ ප්‍රතිපත්ති රකින සංග පරපුරක් හා ගිහි පරපුරක් ඇති කිරීමට වෙහෙසීමයි ආදර්ශයෙන් මිනිසුන් පෙලඹීමයි.. එහෙම නැතුව සිවුර කරට අරන් පොලිසිය එක්ක යුද්ද කරමින් රටේ නීතිය තමන් අතට ගැනීම නෙවෙයි..
    බුදුන් වහන්සේ වැඩසිටි අරමට අද්දර චුන්ද සූකර ඌරන් මැරුවා. බුදුන් වහන්සේ රජවරුන් හරහා නීති මගින් ඒවා නැවැත්වීම්ට තැත් කිරීම නිශ්පල බව දැන ගෙන පලමුව තමන් පාරිශුද්ධවීම පමණක් කල හැකි කලයුතු බව දේශනා කලා ක්‍රියාවෙන් ඔප්පු කලා. අදටත් මේ සත්‍යය ඒ විදිහටම වලංගුයි.. බටහිර රටවල ඇරඹුන නිර්මාංෂ ව්‍යාපාර ජනප්‍රියවෙන්නේ බුද්දාගම නිසා නෙවෙයි .. සතුන්ගේ අයිතිවාසිකම් පිලිගැනීමට තරම් බුද්දියෙන් මිනිසත්කමෙන් පරිනාම උන මිනිස්සුන් මූලික වීම නිසයි.. ‍රැකියාව උදෙසා රටවල සංචාරය කරන නිර්මාංෂිකයෙක් වන මම දශක යකට පෙර තරම් අසීරුකම් අද නොදකිමි. සෑම නගරයකම නිර්මාංශිකයින් සඳහා වෙන්වූ ආපන ශාලාත් සෑම ගුවන් සමාගමකම නිර්මාංෂික ආහාර සැපයීමත් බහුතරයක් හෝටල් වල නිර්මාංශික ආහාර වෙනම සැපයීමත් අද සාමාන්‍ය දෙයක්.. සෑම සතෙකුටම මේ මහ පොලොව මත වදයෙන් හිංසාවෙන් තොරව ජීවත් වීමේ අයිතියක් තියෙන බව පිලිගන්න තරම් මිනිසා මනුස්සත්වයෙන් පරිනාම වෙන්න කල්ප ගනනක් යාවි.අමතක කරන්න එපා මිනීමස් කා ජීවත් වූ මිනිසුන් සිටි යුගයක් නිමා වූ බව..මිස්නීමස් කෑ සියලු මිනිසුන් එය ආගමක් ලෙස සැලකූ බව හා එය වරදක් ලෙස නොදු‍ටු බව් අමතක කරන්න එපා ඒත් එක සත්ව ජීවිතයක් හෝ ‍රැකීම වටිනා දෙයක්.. පලමුවෙන්ම සංග පරම්පරාව නිර්මාංෂික විය යුතුයි.. මස් කැමේ වරදක් නැති බවට දේශනා කරන බහුතරයක් සිටින රටක ඔබ වහන්සේගේ පරිත්‍යාගය නිෂ්පල නොවේවා.
    සතුන් මැරිල්ල අපේ රටේ ශීග්‍රයෙන් වැඩිවේගෙන යන්නේ ඉල්ලුම වැඩිවීම නිසා මිස සැපයුම වැඩි වීම නිසා නෙවෙයි කලයුත්තේ ඉල්ලුම අඩු කිරීමයි එය කල හැක්කේ මිනිස් මනස් හැදීමෙන් විතරයි යන බුදු වදන මම මතක් කරන්නම්..
    දිවි පිදීමෙන් විසඳිය නොහැකි බව ඇත්තක් වුවත් අහිංසක සතුන්ගේ ජීවිත වෙනුවෙන් දිවි පිදූ ඔබ වහන්සේට මම ශීර්ෂ ප්‍රනාමය පුදමි..එහෙත් නියම මග එය නොවන බැවු බුදු හිමි පෙන්වූ මග බව නැවත් නැවතත් කියන්නෙමි..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නිවැරදිම අදහස ඔබෙන් +++++++++++

      Delete
    3. ඔබ බොහෝ දුරට හරි සරත්, මේ ගැන වෙනමම පොස්ට් එකක් ලියන්න වෙනවා.

      Delete
  35. මේක හරක් මැරිල්ලට විරුද්ධව කරපු උද්ඝෝෂණයකට වඩා මට නම් පේන්නෙ හලාල් සටන අකා මකා වුනාට පස්සෙ ජනතාව කළඹවන්න පටන්ගත්ත තවත් වැඩක් විදිහටයි. ඒකෙන් ජනතාවගෙ ප්‍රශ්න කොච්චර සාර්ථක විදිහට යටගැහුවද කියල හිතන්න. දැන් කෝ ලයිටි බිලට විරෝධතා? කාටද 21 දා තිබ්බ වැඩවර්ජනේ මතක? ඉන්දරතන හාමුදුරුවො මේ කාළකණ්නි දේශපාලනයෙ එක ගොදුරක් විතරයි.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව.+++++++++++++

      Delete
  36. mata pena widihata minissu den budu dahamin antawadi wela. minissunta tiyana prashna magaarawanna ehen mehen ena kumantrana. den meelaga piyawara minissu pelagehila gawagatakagara udgoshanaya karana eka, etakota bahutarayak ewa muslim gawagatakagara, etanadi minissu atare newata muslim/boudda kolahalayak etiwenawa, me minissu ara adinne newatat ena trastawadi kolahalayakata. mole etuwa kalpana karala nobeluwoth ayet agamwadi yuddayak etiwenna puluwan.mewage adahas tiyana ayata tamai e wage prashna walakwanna puluwan. namuth lankawe minissunta deyak pehedili karanawa kiyana ekanam bohoma amaru. namuth atalossak hari mehema hitana eka gena bohoma santosai.me katawa bohoma agaya karanawa.

    ReplyDelete
  37. හොඳ ලිපියක්....... කරුණු වලට එකඟ වෙන්න පුළුවන්

    ReplyDelete
  38. ඒ උනාට මසට ගන්න බැරි අලි කොච්චර මරල දානවද මිනිස්සු විසින්. පන්සල්වල දංවැල්වලින් ගැටගහගෙන හරිහමං කෑමක් දෙන්නෙ නැතුව කොච්චර දුක් දෙනවද. ඇයි ඔය කට්ටියට ඒවයෙ ගානක් නැත්තෙ.

    ReplyDelete