31 May 2013

දෙන්න මට.. මෙන්න බඩු...

ආයේ ඉතිං මාරයා කියන්නේ පට්ට සාධාරණ.. පවුල් වාද නැති.. තමුන්ගේ එකාලට සලකන්නේ නැති... මලාට ඥාති සංග්‍රහ නැති.. හිතවතුන් සනසන්න යන්නේ නැති එකෙක් වග ආයේ අමුතුවෙන් ඔහෙලට කියන්න ඕනයෑ..? නේද..?

ඉතිං එහෙවු එකේ මංතුමා වගේ කෙනෙක් මේ රටේ බලය ඉල්ලුවාම මොකද වෙන්නේ..?  ඒත් ඉතිං ඔය බලය ඉල්ලනවා කියන එකේ එසේ මෙසේ කේස් එකක් නෙවෙයි නෙව.. ඉල්ලන එක නෙවෙයි ඇත්තටම අවුල.. කවුරුවත් ඉල්ලව පලියට දෙන්නේ නැති එක නෙව ලොකුම අවුල...

ඇත්තටම ඇයි එහෙම දෙන්නේ නැත්තේ..? ඔය පුරස්නෙට උත්තර මං කාලයක් තිස්සේ හෙව්වා... මොකද එහෙම නැත්තං මෙච්චර කාලයක් බලය ඉල්ලුව දාස් ගානක් අතරින් ඒ ඒ වතාවත් වලදී බලය ලැබුනේ එක්කෙනකුට දෙන්නෙකුට විතරයි නෙව.. උදාහරණයක් විදියට ඔය පහුගිය ජනාධිපතිවරනෙට බර ගානක් ඉදිරිපත් උනත් පත් වෙන්නේ එක්කෙනයි නෙව... එතකොට විසිවෙන කට්ටිය බොහෝම වැඩියි.

 ඇයි එහෙම වෙන්නේ..? 

ඒකට හේතුව ඒ අය ගැන මේ රටේ මිනිස්සුන්ගේ විස්වාසයක් නැති කමවත්.. ඒ වෙද්දී ඒ ඒ අය පට්ට චාටර් චරිත බවට පත්වීමවත්... මොනවා කියං ආවත් බලේ ලැබුනම කොරන දේවල් මිනිස්සු කල් ඇතිව දැනං හිටීමවත්... අතීත වැරදි මතක් වෙද්දී මලාට ඡන්දේ දෙන්නේ නැති විමවත් වගේ කාරණාවල් නෙවෙයි... 

එහෙමනං මොකක්ද හේතුව..?

හරි සරලයි... හේතුව තමා උන්දලා ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකිරීම... ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොලානං මේ රටේ මිනිස්සු හිටු කියලා ඡන්දේ දෙනවා... ඒක තේරුං නොගත්ත හින්දා තමයි උන්නැහේලා පැරදුනේ...

ඔන්න ඒක හරියටම තේරුං ගත්ත අපේ රනිල් අයියා... (ඇත්තම කිව්වොත් මං උන්දැට කියන්නේ අයියා කියලා නෙවෙයි දෙයියා කියලයි... හනේ ඉතිං අපේ රනිල් දෙයියා චිරාත් කාලයක් දෙයි දේවතාවුන් වහන්සේලා විසින් රැක දෙත්වා... ) ඔන්න මෙදා පොටේ සිරි ලංකා දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් කාලයක් කිසිවකු විසින් නොකල ඒ අති උත්තම..උදාර... වීර.. අභිත.. (මට වචන එනවා මදි මේ වෙලේ.. ඔහෙලට කැමති තරං ඒවා දාගත්තට කමක් නැහැ.. ) කිරියාව කොරලා... ඒ කිව්වේ අළුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොරලා... බඩුම තමා.. ඒ කියන්නේ දැන් ඊ ළඟ ඡන්දෙන් රනිල් අයියා ගොඩ... මොකද මෙච්චර දවසක් රනිල් අයියට බලේට එන්න බැරි උනේ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කලේ නැති හින්දා මිස වෙන වෙන ප්‍රශ්න හින්දා නෙවෙයි නෙව...

දැන් ඉතිං ඒ ප්‍රශ්නෙත් නිරාකරණය වෙච්ච වෙලේ ආයේ ඉතිං කිරි ගහට ෂෙල් වෙඩි කෙලියැහේ එන පාර රනිල් අයියා මේ රටේ ලොක්කා වෙනවා...

ඒවා බලං ඉද්දී මටත් අර ඉරිසියාව කියන රෝගේ උත්සන්න වෙනවා.. යකෝ මේ රටේ ලොක්කා වෙන්නනං ඕන පෙර වැරදි අනං මනං නැති වීම නෙවේය... වළුවස්ථාවක් ඉදිරිපත් කිරීමය කියන කාරනේ මට අමතක වෙලානේ තිබුනේ... හොද වෙලාවට මේ යක්කු ඒක මට මතක් කොලේ...

ඔන්න ඒ හින්දා මාත් කල්පනා කොලා නිකං ඉන්න එකේ මේ රටේ ජනාදිපති උනොත් මටත් නරකද කියලා... ඇයි අප්ෂෙට්ද..? :D

ආන්න එහෙම කල්පනා කොරපු මංතුමාත් ඔන්න හැදුවා ව්‍යවස්ථාවක්... ඔය පහලින් තියෙන්නේ ඒක තමා...

හැබැයි ඔන්න ඒක බලලා එකෙක්වත් කියනවා නෙවෙයි මං අර රනිල් අයියගේ එක කොපි කොලා එහෙම කියලා... ඇයි යකෝ රනිල් අයියට හිතෙන ඒවා මටත් හිතෙන්න බැරිද..? අනික කරන්න බැරි හිතළු සහ කරන්න හීනෙකින්වත් නොහිතන සුරංගනා කතා ලියන්න ඇහැකි රනිල් අයියගෙන් පඩි කන අයට විතරෑ.. මටත් ඇහැකිනේ.. ඒ හින්දා ඔන්න කිව්වා කොපි කොලා කියලනං එකෙක්වත් කියන්න එපා..කඩනවා අඩු... :D

හැබැයි ඔය එයිටත් යටින් තව කෑල්ලක් ඇති... ඒ ටිකනං මං ගෙඩි පිටින් අපේ මාතලංගෙං උස්සපුවා... ඒ කිව්වේ රනිල් අයියටටයි..උන්නැහෙගෙන් පඩු කන ලියන්නෝ ටිකටයි හිතා ගන්න බැරි වෙච්චි ඉතිරි සුරංගනා කතා ටික මාතලං ගොයියා මහන්සි වෙලා ලියලා තිබුනා උන්නැහේගේ බ්ලොග් එකේ... ආයේ ඉතිං රටේ ජනාධිපති වෙන්න හිතං මං මේ යන ගමනෙදි ඔය මාතලං වගේ අයගෙත් අදහස් උකහා ගන්න එක ප්‍රගතිශීලී වැඩක් නෙව.. ඒ හින්දා උකහා ගැනීම මං ගෙඩි පිටින්ම කොරලා ඔන්න ඒ ටිකත් ටයින් එල්ලුවා.. දැන් ඔන්න තියෙනවා මාතලංටවත් වරදක් කියන්න බැරි විදියේ ව්‍යවස්ථාවක් මංතුමාටත්...

හරි දැන් ඉතිං ඔහෙලට තියෙන්නේ මේ ටික හිමිහිට කියෝලා... ඊ ළග ඡන්දෙදි මංතුමාට අත දිග හැරලා කතිරේ කෙලින එකයි... ආයේ ඉතිං ඔය කියලා තියෙන ඒවා මං කරන්නේ නැතිවෙයි කියලා හිතේ අබමල් රේණුවකවත් සැකයක් තියා ගන්න ඕන නැහැ. එහෙම නැත්තං දේශපාලනික වශයෙන් කුජීත වෙලා ඉන්න ගමන් ඒ කුජීතකං අහෝසි කරගන්න හිතං බොරුවට ලියාපු වචන ගොඩක් විතරක්ය කියලා ඔහෙලා නිකමටවත් සැක කොරන්න ඒනත් නැහැ. මෙච්චර කාලෙකට මේ ලංකාවේ දීපු චන්ද පොරොන්දු අස්සේ මේක විතරක් ඇත්ත එකක් නෙවෙයි කියලා සැක හිතන්නත් ඕන නැහැ.. ඔහෙලට තියෙන්නේ ලබන ඡන්දේ තියෙද්දී දුවලා ගෙහුං මගේ මේ ව්‍යවස්ථා ආතල් එක ගැන සලකා බලලා මට ඡන්දේ දෙන එකයි...

ඉතිරි හරිය මං පත් උනාම මං බලා ගන්නං... එතෙක් ඔබ සැමට ආයුබෝ වේවා..! ඔන්න මං ගියා..

හා හා යට තියෙන ටිකත් කියෝලා යන්න... අපරාදේනේ නැත්තං... :D (කලින් රනිල් අයියගේ ව්‍යවස්ථාවයි..මාතලංගේ යෝජනා ටිකයි කියෝලනං තියෙන්නේ ඕක කියවන්න මහන්සි නොවුනත් කමක් නැහැ...)

ඔයාලටත් තියේනං මොනවා හරි යෝජනා... ආයේ හිත හිත ඉන්න එපා මට කියන්න..මං ඒ හැම එකක්ම මේකේ අගට එල්ලන්නං... (ආයේ මොකෝ මගේ අතින් පයින් යන එකක්යෑ... රනිල් අයියට පුළුවන්නං මට බැරි ඇයි...? :D )

ගරු මාරයා තුමාගේ අභිනව ව්‍යවස්ථා යෝජනා මාලාව...

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතු වන අතර එය අන්සතු කළ නොහැකිය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය යන්නට මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන අතර සර්ව ජන ඡන්ද බලය ජනතාව සෘජු ලෙස ක්‍රියාත්මක කළ යුතු වන්නේය. එකී මූලික අයිතිවාසිකම් යන්නට.

අ) අධ්‍යාපනය සඳහා සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්‌ථාවක්‌ ලබා ගැනීමට ඇති අයිතිය,

ආ) විවිධ භාෂාවන් භාවිත කරන සහ විවිධ ආගම් අදහන්නා වූ ජන කොට්‌ඨාසයන් විසින් අනුගමනය කරනු ලබන්නා වූ සංස්‌කෘතීන් වලට අනුකූලව ඒ ඒ භාෂා භාවිත කිරීමට ද, ඒ ඒ ආගම් ඇදහීමට ද ඒ ඒ ජන කොටස්‌වලට අයත් ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම.

ඇ) රාජ්‍ය පාලනය තුළ යහ පාලනය පවත්වා ගෙන යාමට ඇති අයිතිය තහවුරු කිරීම ඇතුළත් වන්නේය.

විධායක කටයුතු හා බලය පැවරීම යන කාර්යයන් සඳහා පාර්ලිමේන්තුව හා ආණ්‌ඩුව ජනතාවට වග විය යුතුවේ.

01. ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැවත ජනතාවට ලබාදීම

1) ප්‍රජාතාන්ත්‍රික රාමුවක්‌ තුළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම. පාලිතයා පමණක්‌ නොව පාලකයා ද නීතියට යටත් විය යුතුය.

II) බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනැමෙන අතර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුකූලව අනෙකුත් සියලු ආගම්වල අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම.

III) සෑම පුද්ගලයකුටම වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්‌ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ වෙනත් යම් හේතුවක්‌ මත වෙනස්‌කමකට භාජනය නොකොට මූලික අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම.

IV) ජනතාවට යටපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ පවත්වාගෙන යාමට සහ සුදුසු රැකියාවක්‌ ලබා ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව ලබාදීම, අධ්‍යාපනය සඳහා සර්ව සාධාරණ ඉඩ ප්‍රස්‌ථාවක්‌ ලබාදීම, පවුල් අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, ළමා සහ කාන්තා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහ ශාරීරික හා මානසික දුර්වලතාවන්ගෙන් පෙළෙන්නන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් යන්නට ඇතුළත් විය යුතු අතර එම අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම පිළිබඳව වගකීම රාජ්‍ය විසින් දරනු ලැබීම.

V) අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් සහතික කරනු ලබන අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය ඊට ඇතුළත් කරමින් එම අයිතිවාසිකම් ශක්‌තිමත් කරනු ලැබීම.

02 ව්‍යවස්‌ථාදායකය

I) සෑම මැතිවරණ කොට්‌ඨාසයක්‌ සඳහාම මන්ත්‍රීවරයකු පත්වන පරිදි සහ මැතිවරණවලදී ඒ ඒ පක්‍ෂ ලබා ගන්නා අවසාන ප්‍රතිඵලය පිළිබිඹු වන පරිද්දෙන් මිශ්‍ර සමානුපාත ක්‍රමයක්‌ යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු දෙසිය විසි පහක්‌ තෝරාපත් කර ගැනීම, මෙම ක්‍රමය යටතේ ප්‍රකාශිත සෑම ඡන්දයකටම වටිනාකමක්‌ ලැබෙනු ඇත.

II) මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම.

III) පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල ධුර කාලය වසර පහකි.

IV) පාර්ලිමේන්තු සහ පළාත් සභා ඡන්ද එකම දිනයක පවත්වන අතර යම් හෙයකින් රාජ්‍යයේ ප්‍රධානියා මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගන්නේ නම් එම ඡන්දයද එම දිනයේදීම පැවැත්වීම.

V) යම් දේශපාලන පක්‍ෂයකින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයකු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු හට එම පක්‍ෂ සාමාජිකත්වය අහිමි වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හෝ පළාත් සභා මන්ත්‍රී ධුරය හෝ පළාත් පාලන මන්ත්‍රී ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි වේ.

VI) දේශපාලන පක්‍ෂයකින් තේරීපත්වන මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු නියමිත දිනයට පෙර සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශය ලබාදීමට අපොහොසත් වුවහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ. ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ද සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ වර්තමානයේ මෙන් විධායකට නොව කථානායකවරයාට භාරදිය යුතුය.

VII) යම්කිසි මන්ත්‍රීවරයකු අපරාධයකට වරදකරු වුවහොත් සිර ගත වීමක්‌ සිදු නොවූවද ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ.

03 විධායකය

I) ජනාධිපති ධුරය අහෝසි කරනු ලැබේ.

II) ජනාධිපති ධුරය වෙනුවට රාජ්‍ය ප්‍රධානියකු පත් කරනු ලැබේ. ජනාධිපතිවරයා වෙත පැවැරී ඇති බලතල රජයේ ප්‍රධානියා, අගමැතිවරයා හා කථානායක කමිටුව වෙත බෙදා හරිනු ලැබේ.

විකල්ප 1

ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කර ගත් අගමැතිවරයකු කැබිනට්‌ මණ්‌ඩලය සමග ආණ්‌ඩුව පවත්වාගෙන යාම. අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්‌ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතුය.

විකල්ප 2

තුලනය සහ සංවරණය සහිත ව නිර්දේශපාලනික ප්‍රතිපත්ති මත විධායක බලතල නවතම ක්‍රමයක්‌ යටතේ ක්‍රියාත්මක කිරීම.

2.1 ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කරමින් රාජ්‍යයේ ප්‍රධානියා ජනතාව විසින් සෘජු ලෙස පත්කර ගැනීම.

2.2 රාජ්‍යයේ ප්‍රධානියාගේ ප්‍රධානත්වයෙන් යුතු රාජ්‍ය සභාවක්‌ ස්‌ථාපනය කරනු ලබන අතර එය අගමැති, විපක්‍ෂ නායක, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ වල නියෝජිතයන් සහ පළාත් සභාවල මහ ඇමැතිවරයන්ගෙන් සමන්විත විය යුත්තේය. රාජ්‍යයේ ප්‍රධානියා එම මණ්‌ඩලයේ උපදෙස්‌ මත කටයුතු කළ යුත්තේය.

2.3 රාජ්‍ය සභාව සියලු දේශපාලනමය කරුණු සහ ජාතික ප්‍රමුඛතාවන් පිළිබඳ තීරණය කළ යුත්තේය. අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමැති මණ්‌ඩලය සහ පළාත් සභා අමාත්‍ය මණ්‌ඩල රාජ්‍ය සභාව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කළ යුත්තේය.

2.4 රාජ්‍ය සභාවේ තීරණයන් සියලු සාමාජිකයන්ගේ සම්මුතිය ඇතිව ගත යුතු අතර සම්මුතියකට එළැඹීමට නොහැකි වූ අවස්‌ථාවකදී පමණක්‌ බහුතර මතය අනුව තීරණ ගැනීම සිදුවිය යුතුය. රාජ්‍ය පාලන ධර්මයන් සම්බන්ධව බුදුන් වහන්සේ දේශනා කළ සමගියෙන් රැස්‌වීම, සමගියෙන් සාකච්ඡා කිරීම සහ සමගියෙන් විසිර යැම යන මූලධර්ම මෙමගින් තහවුරු කරනු ඇත.

විකල්ප 3

වෙස්‌ට්‌මිනිස්‌ටර් ක්‍රමයට සමාන ආකාරයේ ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම.

III) අගමැතිවරයා ඇතුළුව අමාත්‍ය මණ්‌ඩලය විසි පහකට නොවැඩි විය යුතුය.

IV) කථානායකවරයා, අගමැතිවරයා, විපක්‍ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ නියෝජනය වන පරිදි කථානායකවරයාගේ කමිටුවක්‌ පත්විය යුතු අතර කථානායකවරයා එහි සභාපතිවරයා වේ.

V) රාජ්‍යයේ ප්‍රධානියා රාජ්‍ය සභාවේ නිර්දේශ පරිදි සහ කථානායකවරයාගේ කමිටුවේ අනුමැතිය ඇතිව ස්‌වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණය සහ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ද පත් කිරීම, රාජ්‍ය ප්‍රධානියා විසින් කථානායකවරයාගේ කමිටුවේ නිර්දේශ මත රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම.

04 බලතල බෙදීම

I) ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ව පවතින අතර පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන අව්‍යාජ ලෙස පළාත් ඒකක සඳහා බලතල බෙදීම සිදුකරනු ලැබේ. එනම්,

අ) 2009 මැයි මස දී ශ්‍රී ලංකා ආණ්‌ඩුව සහ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නිල නිවේදන.

ආ) එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත කළ යෝජනා.

ඈ) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ අතර හුවමාරු වූ ලිපි ද ඇතුළු තිස්‌ස විතාරණ වාර්තාව සහ ඊට අදාළ අනෙකුත් ලේඛන.

ඈ) උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිෂන් සභාවේ නිර්දේශයන්.

ඉ) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2009 මැයි මස පාර්ලිමේන්තුවේදී කළ කතාව.

II) පළාත් ආණ්‌ඩුකාර තනතුර අහෝසි කරනු ලබන අතර එම බලතල රජයේ ප්‍රධානියා විසින් ක්‍රියාත්මක කිරීම.

III) පළාත් සභාවක බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු අතර දෙවැනිව වැඩිම ආසන සංඛ්‍යාවක්‌ දිනා ගෙන ඇති දේශපාලන පක්‍ෂයේ ප්‍රධාන නියෝජිත මන්ත්‍රීවරයා නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් කිරීම.

IV) පළාත් සභාවකට ඉදිරිපත් වෙමින් ඒ ඒ පක්‍ෂ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවේ අනුපාතයට අනුකූලව පළාත් සභා අමාත්‍ය මණ්‌ඩලයට ඇමැතිවරු පත් කිරීම.

05 අධිකරණය

I) වෙනත් කරුණු අතර ප්‍රධාන වශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා හා පනත් කෙටුම්පත් වල ව්‍යවස්‌ථානුකූල භාවය පරීක්‍ෂා කිරීම සඳහා වෙනම සහ ස්‌වාධීන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිට වීමු. එහි තීරණ අවසානාත්මක වන අතර විධායකය සහ ව්‍යවස්‌ථාදායකය එහි තීන්දු අනුගමනය කිරීමට බැඳී සිටී.

II) සියලුම විනිශ්චයකාරවරුන්ගේ ධුර කාලය, වැටුප්, දීමනා සහ වරප්‍රසාද සුරක්‍ෂිත කරනු ලබන අතර උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ට එරෙහිව දොaෂාභියෝග ඉදිරිපත් වනු ලබන අවස්‌ථාවකදී ඊට පදනම් වන චෝදනා පිළිබඳ පරීක්‍ෂා කිරීමේ බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණය වෙත පැවරෙනු ඇත. එම පරීක්‍ෂණ පැවැත්වීම පොදු රාජ්‍ය මණ්‌ඩලීය මූලධර්ම වලට (ලැටිමර් හවුස්‌ ප්‍රකාශනය) අනුකූලව සිදුකිරීම.

III) පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණය වෙත පැවරෙන අතර එවැනි පෙත්සම් විභාග කොට තීන්දු කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක්‌ නියම කළ යුතුය.

06. යහ පාලනය

I) ස්‌වාධීන මැතිවරණ කොමිසම, ස්‌වාධීන පොලිස්‌ කොමිසම, ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්‌වාධීන අධිකරණ සේවා කොමිසම සහ ස්‌වාධීන අල්ලස්‌ හෝ දූෂණ කොමිසම ප්‍රමුඛතා පදනම මත ස්‌ථාපනය කිරීම.

II) සියලු මැතිවරණ ස්‌වාධීන මැතිවරණ කොමිසම මගින් පැවැත්විය යුතු අතර රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ඇතුළත් මැතිවරණ ක්‍රියාකාරකම් වල යෙදෙන ආයතනවලට හා පුද්ගලයන්ට නියෝග නිකුත් කිරීමේ බලය එම කොමිසම සතුවේ.

III) දූෂණ වැළැක්‌වීම සහ මැඬලීම ධෛර්යමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග කාර්යක්‍ෂම ලෙස හා බලාත්මක ලෙස රජය මගින් සිදුකළ යුතුය. පොදු දේපොළ සහ රාජ්‍ය සම්පත් කළමනාකරණය කිරීමේදී ආණ්‌ඩුවේ ආයතන විසින් නිසි වගකීමෙන් සහ වගවීමෙන් යුතුව අවංකව කටයුතු කළ යුතුය.

IV) එක්‌සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්‍රඥප්තිය බලාත්මක කිරීමට හැකි වන පරිදි දූෂණ විරෝධී නව නීතියක්‌ පැනවීම.

V) ජාත්‍යන්තර නිර්ණායක වලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය සභාවේ සාමාජිකයන්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණයේ, උපරිමාධිකරණයේ හා පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ අනෙකුත් අධිකරණවල විනිශ්චයකාරවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක්‌ පැනවීම.

VI) පුද්ගලික අංශයේ දූෂණ ආවරණය වන පරිදි අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ නීතිය සකස්‌ කිරීම සහ එම නීතිය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීම.

VII) පොදු ව්‍යාපාර තේරීම් කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ශක්‌තිමත් කිරීම සහ එම කමිටු විසින් ඉදිරිපත්කරනු ලබන පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන්නා වූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ වගකීම පාර්ලිමේන්තුව විසින් දැරිය යුතුය.

VIII) රාජ්‍ය ව්‍යාපාර තේරීම් කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතුවලට පහසුකම් සැලසීම පිණිස තොරතුරු (දත්ත) බැංකුවක්‌ සහිත ස්‌වාධීන ලේකම් කාර්යාලයක්‌ පිහිටුවීම සහ වාර්ෂික අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට පෙර ඒවා සඳහා වූ ඇස්‌තමේන්තු පරීක්‍ෂා කිරීමේ බලය එම කාරක සභා වෙත පැවරේ.

IX) රුපියල් මිලියන දාහක්‌ ඉක්‌මවන්නා වූ වටිනාකමකින් යුතු රාජ්‍ය ව්‍යාපෘති හෝ ආයෝජන හෝ ගිවිසුම් පරීක්‍ෂා කර බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්‌ පත් කිරීම.

07. සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය

කාන්තා අයිතිවාසිකම්

I) සියලුම පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා කාන්තාවන් හට සියයට විසිපහක නියෝජනයක්‌ ලබාදීම.

II) කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීම පිණිස රටේ සෑම ප්‍රදේශයක්‌ම සහ සමාජයේ සෑම ස්‌ථරයක්‌ම නියෝජනය වන පරිදි කාන්තා මණ්‌ඩලයක්‌ පිහිටුවීම, එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට පියවර ගනු ලැබේ. ඊට අමතරව පාර්ලිමේන්තුව විසින් පවරනු ලබන වෙනත් බලතල ක්‍රියාත්මක කිරීමද සිදුකරනු ලැබේ.

ප්‍රජා සංවර්ධන සමිති

III) ජනතා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපනය කිරීම සහ ජන කොට්‌ඨාස අතර සංහිඳියාව ගොඩනැඟීම පිණිස සෑම ග්‍රාමසේවා කොට්‌ඨාසයක්‌ තුළම ප්‍රජා සංවර්ධන සමිති පිහිටුවනු ලබන අතර එය නිර්දේශපාලනික පදනම මත ක්‍රියාත්මක වීම.
--------------------------------

ඒ ටික අහවරයි.. දැන් මේ ටික..

ගරු මාතලං මහතාගේ අඩු වැඩිය...

විශ්‍රාම වැටුප අහෝසි කල යුතුය. අතීතයටද බලපාන පරිදි (මෙමගින් රැකියාවක් ලෙස දේශපාලනය කිරීම වහාම නවතිනවා ඇත)


ඇමතිවරුන් 25 කට සීමා කිරීම මෙන්ම උප ඇමතිවරුන්ද 25 කට සීමා කල යුතුය. ජේෂ්ඨ අමාත්‍යවරුන්, අධීක්ෂණ අමාත්‍යවරුන් හා සීනී ආමාත්‍යවරුන් වැනි කිසිම ඇමතිවරයකු 25 ට අමතරව පත් නොකල යුතුය.


ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයින් බඳවාගැනීම වහාම නැවත්විය යුතුය.


ඉන්ධන දීමනා, ලිපි ලේඛන දීමනා, දුරකථන දීමනා, විදුලි බිල, ජල බිල, සීමා කල යුතු අතර. ඒම සීමාවන් මහජනතාවට ඉදිරිපත් කල යුතුය.


සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට (රාජ්‍ය නායකයාද ඇතුළුව) එකම වැටුපක් ලබා දිය යුතුය. මන්ද මේ සියාල්ලෝම ජනතා නියෝජිතයන් වන බැවිනි. මෙමගින් තනතුරු හා බලය පිළිබඳ ඇති කෑදර කම නැතිවේ. (ගැටළුවක් ඇති නොවන්නේ තනතුරු අනුව සිඳු කරනා වියදම් අත්‍යාවශ්‍යයෙන්ම රාජ්‍ය වියදම් වන බැවිනි.)


අත්‍යාවශ්‍යම මන්ත්‍රිවරුනට පමණක් පුද්ගලයන් දෙදෙනකු පමණක් ආරක්ෂාව සඳහා ලබා දිය යුතුය. ආරක්ෂාව සඳහා එකදු අමතර වාහනයක් ලබා නොදිය යුතුය. මේ රටේ ජනතාව සමග සිටිය නොහැකි නම්, වෙනත් රටකට පිටුවහල් කල යුතුය. 


රාජ්‍ය නායකයාට උපදේශකවරුන් 25 ක් හා (අමාත්‍යංශ විෂය පිළිබඳ දැනුමැතී) අමාත්‍යවරුනට එක් උපදේශකයකු ලෙස උපදේශකයන් සීමා කල යුතුය


කිසිම රාජ්‍ය ආයතනයකට, සභාපතිවරුන් හෝ අධ්‍යක්ෂකවරුන් පත් නොකළ යුතු අතර. ඔවුන් පරිපාලන සේවයෙන් පත් කල යුතුය.


විදේශීය අමුත්තන් සම්බන්ද වන උත්සව අවස්තාවන් හැර, අනෙක් සියළු උත්සව අමාත්‍යාංශය තුල සිඳුකල යුතුය. 


රාජ්‍ය නායකයා හැර රාජකාරී යටයුතු සඳහා විදෙස් ගතවන ඇමතිවරුන්ගේ පවුලේ සාමාජිකයින් අමාත්‍යංස මුදලින් විදෙස් ගතවීම වහාම නවතා දැමිය යුතුය.


තානාපති සේවය වෘත්තීමය තත්වයට පත් කල යුතු අතර, දේශපාලන හෙන්චයියන්, ලෙඩුන්, හා විශ්‍රාම ගිය පිරිස් පත් කිරීම වහාම නවතා, විදේශ් සේවය පිළිබඳ උපාධියක් ඇති පුද්ගලයින් පමණක් ඒ සඳහා පත් කල යුතුය.

49 comments:

  1. මං එක!


    පාලි: කියෙව්වෙ නෑ අයියෙ

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් මල්ලියේ... මල්ලිට කියන්න මාත් කියෙව්වේ නැහැ.. ඒ තරමට බඩු ෂුවර්නේ... :D

      Delete
    2. මට ගැටලුවක් තියෙනවා අයියෙ.. තරහා නැත්නම් අහන්නද?

      Delete
    3. අයියෙ ඇනෝනිමස්වත් අහන්නද අයියෙ.. නැත්නම් හිතට හරි නැ නැ වගේ!! :D

      Delete
    4. ආ) විවිධ භාෂාවන් භාවිත කරන සහ විවිධ ආගම් අදහන්නා වූ ජන කොට්‌ඨාසයන් විසින් අනුගමනය කරනු ලබන්නා වූ සංස්‌කෘතීන් වලට අනුකූලව ඒ ඒ භාෂා භාවිත කිරීමට ද, ඒ ඒ ආගම් ඇදහීමට ද ඒ ඒ ජන කොටස්‌වලට අයත් ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම.

      III) සෑම පුද්ගලයකුටම වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්‌ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ වෙනත් යම් හේතුවක්‌ මත වෙනස්‌කමකට භාජනය නොකොට මූලික අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම.

      මේ දෙක එකකට එකක් ගැලපෙන්නේ නැහැ නේද.. මාර ගොන් නේද .. එක රටකට එක නීතියක් එක ප්‍රධාන ආගමක් එක ප්‍රධාන සංස්කෘතියක් එක ප්‍රධාන භාෂාවක් තිබ්බම ඇති.. ඔය එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ වගේ..

      Delete
  2. මාතලන්ගෙ බ්ලොගේ කමෙන්ට් එක දැක්කම මට හිතුන ඔහේටත් ඔය උන බෝවෙයි කියල.

    ReplyDelete
  3. mata melooo deyak therune nea ayye.. adenawa... ;(

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ නංගියේ..මටත් තේරුනේ නැති කොට... :D

      Delete
  4. ව්‍යවස්ථාව = විය + වස්ථාව
    විය + වස්ථාව = විය + වස්ථා + ව
    වස්ථාතා = වස්ත්‍රය = රෙද්ද
    ව = වේවා

    ඒ අනුව,

    ව්‍යවස්ථාව යන්න "ඕන රෙද්දක් වේවා" යන අර්ථය දෙයි.

    ReplyDelete
    Replies
    1. රාවණාටම හරියන රාමා කෙනෙක්.

      Delete
    2. මී ජයා හිටියනං හරිම එක හොයා ගතෑකි.. :D

      Delete
    3. ඒකනම් ඇත්ත මිනිහ ළඟ ඕනි වස්ත්‍රයක් තිබුනනේ ඒ දවස් වල..

      Delete
    4. :D

      වස්ත්‍රය යනුත් හෙළ වදනකි..හෙළ ඇඳුමකි...
      වස්ත්‍රය= වසනා ස්ථරය=වහගන්න එක

      Delete
  5. මට කවුරු හරි උපදෙසක් දියන් බුද්ධි මංකොල්ලය යටතේ නඩුවක් පවරන්න.. මූ රනිල්ගෙ එකයි මගේ එකයි දෙකම මුගෙ කියලා දාගෙනනේ....

    :) :) :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉරිසියාවට නඩු දාන්න හදනවා අපි රජ වෙයි කියලා හිතලා.. :D

      Delete
    2. උපදේශක කමක් වත් දියන් ඉතින්....

      Delete
    3. ආං ඒම එන්න... හුටා.. ඒක වියවස්ථාවේ නැහැ නේද..?

      Delete
    4. උපදේශකවරු 25නේ පුඵුවන් මාතලංගේ එකට අනුව. ඒ හින්ද ඒක කරන්න බෑ. රියදුරු නරකද

      Delete
    5. බෑනේ බං මගේ තියරියට අනුව ඌත් රජයේ සංචිතයෙන් ගන්න ඕන...

      Delete
  6. ආයේ ඉතිං මාරයා කියන්නේ පට්ට සාධාරණ.. පවුල් වාද නැති.. තමුන්ගේ එකාලට සලකන්නේ නැති... මලාට ඥාති සංග්‍රහ නැති.. හිතවතුන් සනසන්න යන්නේ නැති එකෙක් වග ආයේ අමුතුවෙන් ඔහෙලට කියන්න ඕනයෑ..? නේද..?

    පස්ස පැත්තෙන් කිතියක් වගේ දැනුනට බැලුවෙ... බැලින්නං මගේ පුක හිනා වෙනවා...

    ReplyDelete
    Replies
    1. :D

      ඔය ටික ලියද්දී මටත් එහෙම දැනුනා නෙව... :D

      Delete
  7. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න.....
    මේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...

    ReplyDelete
  8. ඔය කාට කාට උනත් මට කියන්ඩ ඇහැකි හුරේ....ජය වේවා!!! කියලා විතරයි මාරයියේ...හැබැය් ඡන්දෙනං දෙන්නෑ.ඒක මගේ සර්වජන ඡන්ද අයිතියනේ..

    ReplyDelete
  9. හෑ O.o ctrl + scroll සරණයි .. එත් රෙද්ද,, කියෙවුවෙ නැහැනේ... නැද්ද.. මේකේ සාරාංශයක් හෙම..
    මටත් පට්ටමක් දෙනවනං දෙන්නන් චන්ද තුනක්.. වැඩිපුර.. මැරිච්ච සියල දෙන්නගෙයි මැරෙන්න ඉන්න ආච්චිගෙයි..

    ReplyDelete
  10. මහා රජ තුන්වැනි පාරත් රජ වෙනවා ඇත.. දෙකක් නැති සත්‍යකි .
    ලංකාවට දශක දෙක තුනක රාජාණ්ඩු පුරුදු නැත.මෙයත් සත්‍යකි

    ReplyDelete
  11. මේ විදිහට එකක් හදලා බැරි වෙයිද අපේ පවුල ඇතුලේ බලය මට අල්ල ගන්න.

    ReplyDelete
  12. හනේ මන්දා එන්න එන්න විපස්සේ හෑල්ලු වෙනවා..සුරංගනා කතා අහලා ඇති වෙලා..

    මම විවස්තාවක් හැදුවොත් දාන්නේ මෙච්චරයි..

    පාන් ගෙඩිය නැවත 25ට
    අල පරිප්පු කිලෝ එකම 60 ට
    හාල් කිලෝ එක 35 ට
    පොල් ගෙඩිය 12.50 ට
    සැමන් ටින් එක 50 ට
    ළූණු කිලෝව 40 ට
    එළවලු මිළ පහතට




    ( ඇයි මගේ දිහා අමුතු විදිහට බලන්නේ ? මීට කළින් මේ වගේ විවස්තා දැකලා නැද්ද ...? )

    ReplyDelete
    Replies
    1. ගණන් දැන්ම දාන්ට එපා සහන්, ඊට අඩුවෙන් වෙන එකෙක් ගනන් දාලා ඌත් එකක් හදයි. :D

      මේ යන තාලෙට ඔක්කොම නිකන් දෙන්න උනත් පොරොන්දු වෙන්න බැරිය බං.

      Delete
    2. හෙහ් පිස්සු හැදෙයි..ඒවා කොහෙද ළමයෝ මා එක්ක ..මම හදනවා විවස්තාවක්

      " ඔක්කොම අඩුවට " කියලා ...




      ( වරෙන්කො මචන් අපේ පැත්තේ පුළුවන් වෙලාවට..උඹ ඇවිත්ම නැහැනේ )

      Delete
    3. නෑ බං මම ඇවිත් තියෙනව එක පාරක්, සෑම්ගෙ බ්ලොග් එකේ තිබුනු ලින්ක් එකකින් ගිහින් ඔයාගෙ අකුණු ගැන තිබුනු ලිපිය මම කියෙව්ව. ඊට පස්සෙ හුඟ දවසකින් මේ ඊයෙ පෙරෙයිද තමා නැවත බ්ලොග් පැත්තට ඔළුව දැම්මෙ. ඒ ලිපි ටික නිදහසේ කියවන්න ඕන කියල මම හිතා ඉන්නව. දැන් එහෙම කියවන්න ඕන කියල හිතන් ඉන්න මඟ හැරුණු ලිපි හුඟක් තියෙනව බ්ලොග් හිතවතුන්ගෙ, ඒත් තවම ඒකට වෙලාවක් තමා හොයා ගන්න බැරි වුනේ. අනිවාර්යෙන් ඒ පැත්තටත් එනව සහන්.

      Delete
  13. ෂෙහ් අප්පා මාරයනෙ බඩුව...මූට අපි සැලකුව මදි

    ReplyDelete
  14. දේශපාලනේට යනවනම්...යන්න කලින් හොඳට ඔලුව අතගාල බලන්න....ගියාට පස්සෙ ටික කාලෙකින් ආයෙ ඔලුව අතගාල බලන්න......වෙනසක් තේරුනොත් කියන්නකෝ....

    ReplyDelete
  15. ඉතිං ඔයටික මුද්‍රිත පිටපත් හදලා ලංකාවේ ගම් දනවු සිසාරා යාම තමයි හොඳ. මමනම් අත් දෙකම උස්සලා ඡන්දේ දෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  16. ජනතාවට දැන් ඕන ඔය වචන මාරු කරල හදන ව්‍යවස්ථා නෙමෙ හොද ඩයල් එකක්.
    ඒකට මාරයා අයිඩියල් කියල හිතෙනව.
    එකනේ මම කිව්වෙ මාරයාගේ හෝරාව ඇවිල්ල කියල.

    ReplyDelete
  17. කෝ බං මේකෙ පාං 3.50 ට දෙනව, අරක්කු බෝතලේ 250 කරනව වගේ ඒව නැත්තෙ ඇයි. ඒ ටිකත් ඔය කොහෙන් හරි ඇඩ් කරහං.

    අර උපදේශකයො 25 න් එකක් මටත් දියං ඈ.

    ReplyDelete
  18. ලිපියේ දෙවෙනි කොටස, “මාරයාගේ අඩු වැඩිය නම් පොඩි කොපියක්් නේද“

    මම ඕකම දැක්කා මාතලන්ගේ බ්ලොග් එකේ
    http://maathalan.blogspot.com/2013/05/new-constitution-from-unp.html#more

    මාරයාටත් ලෙඩේ බෝ වෙලාද?

    ReplyDelete
  19. සිරා ලියවිලක්නෙ...හක්ක පනිනවා නෙව කියවනකොට :-)

    ReplyDelete
  20. අඩෝ උඹට සුදු වැන් එකේ යන්න ඕන ද? රටේ ජනතාව නොමග යවන්න උත්සහා කොරල ..ඕකට තව එකතු කරපන් internet free දෙනවා කියලා .

    ReplyDelete
  21. ගණිකා වෘත්තීය නීතිගත කරනවද නැද්ද? ගංජා වවන්න තහනම්ද?කසිප්පු පෙරන්න පුලුවන්ද?හරක්මස් ඌරු මස් ගැන කියලත් නෑ. ලයිට් බිල කීයද?

    ReplyDelete
  22. හෑ.... එතකොට "මාරයාගේ හෝරාව" ලියන්නේ රනිල් වික්‍රමසිංහද?

    ReplyDelete
  23. මාරයාට හා මාතලන්ට එකක් අමතක වී ඇත. ඒ මේ ජනපති තනතුරට වැඩක් ඇති අපේක්ශකයන් තෝරා ගැනීම සදහා අවශ්ය කොටස. ( මෙතරම් හොඳ ව්‍යවස්ථාවක අරමුන කර්යශූර දක්ශ දේශපාලකයන් පත් කර ගැනීම නොවැ. මෙතරම් බලතල නැති ආර්ථික වාසිත් අඩු ජනපති තනතුරකට ලන්කාවේ සිටින වැඩකට ඇති මනුස්සයෙක් ඉල්ලන්නේ ඇයි? )

    ඉස්සර ඉස්කොලේ පන්තියේ පන්ති නායකයාට සුදුසු කෙනෙක් කැමැත්තෙන් ඉදිරිපත් නොවූ විට ටීචර් කලේ හොඳ ලමයෙක් බලා ඒ තනතුරේ තැබීමය. මේ ජනපති තනතුරටත් එවැනිම ක්‍රමයක් හදා ගත යුතුය.

    ReplyDelete
  24. ඕව කියවන කොට ඔලුවෙ කැක්කුම හැදෙනව. මට නම් තේරුනේ නැ.

    ReplyDelete