19 June 2013

රජාට ප්‍රශස්තියක්... 2 (රාජ කපුරු)

කලියෙන් මං දැම්මනේ රජාට ප්‍රශස්තියක් අංක 1... ඒත් හුග දෙනෙකුට වැඩේ හරියටම තේරිලා තිබුනේ නැති බව පෙනුනා.. ඒක හරි.. ඒක පැහැදිලි මදි වෙනවා තමා.. ඒ කිව්වේ වීඩියෝවේ තියෙන අවුලක්මත් නෙවෙයි... අගක් මුලක් නොදැන කොහොම තේරුං ගන්නද..?

ඒත් දැන් මං ලෑස්ති වෙන්නේ තරමක් මේ ගැන කියා හිටින්නයි.. එතකොට වැඩේ පැහැදිලි වෙයි... 

රාජ කපුරු... ප්‍රවීණ නාට්‍ය නිර්මාපකයෙක් වන ජනක් ප්‍රේමලාල්ගේ විශිෂ්ඨ නිර්මාණයක් කියලා මං ආයේ අමුතුවෙන් කියන්න උවමනා නැහැ... විශේෂයෙන්ම දැනට සිටින නාට්‍යකරුවන් අතරින් ජනක් ප්‍රේමලාල් මහත්මයට හිමිවෙන්නේ ඉතා වැදගත් තැනක්.. ඒ ඔහුගේ නාට්‍යවල ඇති සරල සුගම බව හා හාස්‍ය මුසු කොට යටින් අපූරු දේශපාලන කතාවක් කීමේ ඇති හැකියාව වෙන්න ඕන... ඇත්තටම කිව්වොත් රාජකපුරු කියන්නේ මටනං සීයට සීයක්ම දේශපාලන නාටකයක්... පාලකයින්ගේ හා ඔවුන් වටා ඉන්න ඇම්බැට්ටයින්ගේ තරම මනාව කියා පාන මේ නාට්‍යය පටන් ගත් මොහොතේ සිට අවසානය දක්වාම කිසිම කම්මැලිකමක් නැතිව එක දිගට බලා හිටිය හැකි නාට්‍යයක්... සාමාන්‍යයෙන් මේවා පෙන්නන්න ඕන දේශපාලකයිනුත් ආරාධිත අමුත්තන් හැටියට ගෙන්වලා කරලා එහෙම තමා... එතකොටයි තවත් අගේ වැඩි වෙන්නේ...

හරි රාජ කපුරු ගැන කියනවනං කතාව කෙටියෙන් මෙහෙමයි...

නාට්‍යය පටන් ගන්නේම මහ අවුලකින්.. ඒ කියන්නේ හිටිය රජු ස්වර්ගථ වී ඇති තැනින්... මේක හරි අපූරුවට ගමේ ගොඩේ කයිකාරයෙක් විසින් අපිට කියා හිටිනවා... මේ කයි කාරයා(රවින්ද්‍ර යසස්) තමා නාට්‍යයේ සුසුම්නාව කිව්වොත් හරි... ඒ කියන්නේ කතාව ලස්සනට ඇදගෙන යන්නේ කයිකාරයා නැත්තං කාව්‍යක්කාරයා හරහා...

ඉතිං ස්වර්ගස්ථ රජු වෙනුවට නව රජෙක් උවමනා කලත් රජකමට නියම උරුමය ඇති කෙනෙක් හරියටම නැහැ... මේක ඇවිල්ලා අරාජික තත්වයක්... එහෙම තියෙද්දී හිටිය රජුගේ මහ ඇමතියයි.. පුරෝහිතයි දෙන්නා රජකමට කෙල හලමින් ඉන්නවා.. ඒ අතරෙම හිටිය රජුගේ අවජාතක පුතෙක් යැයි කියන දැනට ඈත ප්‍රත්‍යන්තයක ග්‍රාමභෝජන තනතුරක් හොඹවන හාදයෙකුත් කෙල හලනවා.. ඒ කොහොම උනත් වියවස්ථාවේ හැටියට මේ එක්කෙනෙකුටවත් මේකට පනින්න හැටියක් නැහැ... 

අන්තිමට වියවස්ථාවට අනුව සිදු කරන කිරියා පටිපාටියෙන් මෙයාලට රජෙක් ලැබෙනවා...

හැබැයි පොඩි අවුලක්.. අභිනව රජතුමා පත් උන මොහොතේ ඉදලම කිසිම හා හූවක්.හැල හොල්මනක් නැහැ... ඇත්තනේ ඉතිං කොහොම වෙන්නද..? මේකා පඹයෙක් වෙච්චි කොට... පඹයා රජ වෙච්ච හැටි බලන්නනං ඉතිං නාට්ටිය බලන්නම වෙනවා... මොකද නිකං ජනක් ප්‍රේමලාල් මහත්මයට පාඩු කරවන්නේ...:D

ඉතිං මේ රජතුමාගේ හැලහොල්මනක් නැතිකමට පිලියං හොයන්න මහ ඇමතියි..පුරෝහිතයි බොහෝම වෙහෙසෙනවා.. ඒ රජාට ඇති ආදරේකටද..? නැහැ පින්වතුනි... ඒක වෙනම කේස් එකක්... කොහොම හරි ඒ ගන්නා උත්සයන් සියල්ල හබක් වෙද්දී අවසානයේ තීරණය වෙන්නේ රජාට සෙත් කයි කියන්න.. එහෙමත් නැත්තං ප්‍රශස්ති ගායනයක් මගින් ආශිර්වාද කරවන්න.. එහෙම කරවලාවත් රජා නැගිට්ටවන්න ගන්නා උත්සහයේදී මේ ප්‍රශස්ති ගායනය සඳහා සුදුස්සෙක් නැති කමින් අර පාරක් පාරක් ගානේ කයි කිය කිය ඇවිද්ද අපේ කාව්‍යක්කාරයට පොට පෑදෙනවා රා වාසල නිල කවිකාරයා හැටියට පත්වීම් භාරගන්න... 

එහෙම පත්වීම අරං ආව කයිකාරයට අදාල ප්‍රශස්ති ගායනය නිසි පරිදි කරන්නනං එයට අදාල නර්තනයකුත් උවමනා වෙනවා.. ආන්න එතනදි තමයි රජ වාසල නිල නර්ථන ශිල්පින් සභාවට කැඳවන්නේ.. දැක්ක නේද කලින් වීඩීයෝව... කොහොමද රජ වාසල නර්ථන සැට් එකේ සිල්ප...

ආන්න එහෙම ඒ වැඩෙත් හබක් වෙච්ච හින්දා අවසානයේදී කොහොම හරි රජා නැගිට්ටවගන්න තියෙන උවමනාව හින්දම මහ ඇමතියි..පුරෝහිතයි භාරගන්නවා නර්ථනයේ යෙදෙන්න... අද විතරක් නෙවෙයි පින්වතුනි එදත් එහෙම තමා.. තමුන්ගේ කාරිය කරගන්න උවමනා උනාම ඔය කොයි ඇමතියත් ඕන කස්තිරමක් අල්ලනවා... :D

 ඉතිං අපි බලමු වැඩේ ගොඩද කියලා.. ඒ කිව්වේ කයිකාරයගේ ප්‍රශස්තියත්.. මහ ඇමති හා පුරෝහිතගේ නර්ථනයත් හේතු වෙලා රජා නැගිටීද කියලා...

එහෙමනං මෙන්න බඩු... මුලින් නිකං මොකක්ද වගේ උනාට වැඩේ නැගලා යන හැටි බලන්ට.. ඒ විතරක් නෙවෙයි..මතක ඇතිව අපේ පුරෝහිතගේ රැප් කිරිල්ලත් බලල හිටින්ට...:D

තුන් යම නිදි මරතෙයි.. තෙතෙයි තෙයි... 
රට දැය රැක දෙවතෙයි...තෙතෙයි තෙයි...
රට දැය රැක දෙවතෙයි......
video
වැඩිය නැහැ මෙගා බයිට් 8ක් වගේ තියෙන්නේ

10 comments:

  1. බලන්න ඕනෙ. සිරාවටම මාරයියා කියන විදිහට නොබලම බෑ.
    ඒත් මේ ඔෆිස් එකේ නෙට්වර්ක් ඇඩ්මින් හු*** පුතාලා අපේ යූටියුබ් බ්ලොක් කොරලනෙ, උන්ගෙ අම්**$#%$#@.....

    ReplyDelete
  2. වීඩියෝව නම් හරි හැටි බලාගන්න බැරිවුනා..ඩොංගල් රාජයාගේ මොනවද ඉවර වෙලා හෙට තමයි අලුත් කරන්න තියෙන්නේ..ඒත් විස්තරේ හැටියට නම් බලන්න වටින නාට්ටියක්.......

    ReplyDelete
  3. යකෝ අපි රාජකපුරු බැලුවෙ ඉස්කෝලෙ යන කාලෙ. දැං කොහොම මතක තියෙන්නද ඕව. ඒත් හොඳ නාට්‍යයක් කියන්නනං පුලුවං.

    කොහොමහරි අන්තිමට පඹය නැගිටල එනව නේ. ඉතිං ප්‍රශස්තිය නරකම නෑ වගේ.

    ReplyDelete
  4. මාරයත් ඉදලා ඉදලා මරු වැඩ කරන්නේ.රාජ කපුරු දැන් තහනම් කරාවිද දන්නේ නැ.

    ReplyDelete
  5. මට නම් ඕකෙ හොඳම කෑල්ල අර මංගල හස්තිරාජයා ගිහින් පඹයා ඉස්සරහ වැඳ වැටෙන කෑල්ල... ;) ඕක බලපු කාලෙ හැටියට මට මතකත් එච්චරයි... ඒ දවස් වල ඉතිං හිච්චි එකා හින්දා දේසපාලනයක් ගැන තේරුමක් තිබුනෙ නෑ...

    ReplyDelete
  6. බොහොම කාලෙකට ඉස්සර බලපු රසවත්ම නාට්‍යයක්නේ මේ. දැන් කතාව පොඩ්ඩක් කියල ආයි අපව කුලප්පු කළා නොවැ. ළගදී පෙන්නුවොත් බලන්න යන්නෝනැ. නෙලුම් පොකුණෙවත් පෙන්නයිද?

    ReplyDelete
  7. නියම්යි මාරයා..මෙන්න මගෙන් මල් මිටක්..!!!!

    ReplyDelete
  8. ස්තූතියි මාරයියේ...

    ReplyDelete
  9. අපේ පැත්තට ආවොත් නම් අනිවාර්යෙන්ම බලන්න යනවා....

    ReplyDelete