08 June 2013

සීතාවක රාජධානිය... කනාමැදිරියන් වල සහ රජ මාළිගය පිහිටි ස්ථානය...


රයිටෝ කලින් දාන්න කියලා හිටියට වෙලාවක් නැතිකම හින්දා මේවා දාන්න පරක්කු උනා නෙව... අද මං පෙන්නන්න යන්නේ සීතාවක රාජධානියේ වැදගත් ස්ථාන දෙකක්... එකක් තමා මෙන්න මේ කනා මැදිරියන් වල කියන පොට් එක... මේක ඇවිල්ලා කැළණි ගගේම පිහිටි ස්ථානයක්... හරියටම කිව්වොත් ගග මැද තියෙන වලක්...

යකෝ අපි දැකලා නැද්ද ගඟවල්වල තියෙන වලවල්..? හා නැද්ද..? 

හරි හරි දැකලා තියෙනවා තමා..ඒත් ඉතිං ඔය හැම වළකම ඉතිහාස කතා තියෙනවා කියලෑ.. මෙන්න මේ වලටනං කතාවක් තියෙනවා.. ඒක ඉතිං ඒ හැටි හොඳ කතාවක්නං නෙවෙයි... ටිකක් විතර අප්සෙට් කේෂ් එකක්.. කොටින්ම කිව්වොත් හාමුදුරුවරු බර ගානක් ගිල්ලවලා අපවත් කොරවාපු තැනක් තමා මේ කනා මැදිරියන් වල කියන්නේ.. හරියටම ගාන ගැන මට කියන්න අමාරුයි.. ඒත් තැන් කිහිපයක එක එක ගණන් සදහන් වෙනවා... එක තැනක ඒක 120 ක් වෙද්දී තවත් තැනක මං දැක්කා 62 යි කියලා.. කොහොම උනත් එක හාමුදුරු කෙනෙක් අපවත් කෙරෙවුවනං ඒකත් කේස් එකක් වෙන එකේ 62 ක් හෝ 120 ක් කියන්නේ ලේසි පාසු කේස් එකක් නෙවෙයිනේ..?

මේක කොරවාපු කෙනා හැටියට දැක්වෙන්නේ අර අපේ පරසිද්ද රජ්ජුරුවෝම තමා.. ඒ කිව්වේ සීතාවක රාජසිංහ.. ඒ කියන්නේ හරියටම කිව්වොත් කෝට්ටේ රජකං කරාපු විජයබාහු රජ්ජුරුවන්ගේ පුත්තු තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච මායාදුන්නේ කුමාරයගේ පුත්තරයා වෙච්ච... කුඩා කල ඉදලම රණ සිල්පෙට කප් ගහාපු මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හරවාපු.. නිකං නෙවෙයි පරංගි බර ගානක් කපලා දාලා තමා... ඔය ගාන 1500 කට වඩා වැඩියි කියලයි මතක... (මගේ මෙමරිය අප්සෙට් වෙලා දැන් කාලෙක ඉදලා.. අවුලක් තිබුනොත් ගණන් ගන්න එපා.. අපේ හසිත මලයා ගණන් හිලවු කියාවි වෙලාවක් අහු උන ගමන්...) 

ඇත්තටම කිව්වොත් ඔය ඉතිහාසේ හිටිය රජ වරුන්ගෙන් මගේ පේවරිට්ම කෙනා තමා මේ ගොයියා.. ඒ කිව්වේ ටිකිරි කුමාරයා.එහෙමත් නැත්තං සීතාවක රාජසිංහ... බුවා කිව්වා නාහන එක්තරා අන්දමක මරුමුස් බුවා.. හැබැයි ඉතිං පොරගේ වැඩ කිඩ එළකිරි... අපේ එවුවොන්ට සිනමා කරුමාන්තේ කියන්නේ  තාමත් වැඩක් ගන්න පුළුවන් කරුමාන්තයක් වෙලා නැති හින්දාම මිස නැත්තං මේ තියෙන කතා ටික ඇති  සුපිරි චිත්තර පටි ටිකක් ගහන්න... අර මෙලෝ රහක් නැති මහින්දාගමනයයි දළදාගමනයයි වගේ උපාසක අම්මලාව ගෙන්න ගන්න දාන විකාර නැතිවට... ඔය සීතාවක රාජසිංහ ඇරුනාම මං තවත් ආස බුවෙක් තමා විදීය බණ්ඩාර...  හැබැයි ඉතිං දෙන්නම එකයි... යක්ෂ බුවාලා... ඒත් ඉතිං මං කැමති එහෙම බුලට් වලට තමා... කස්ටිය මොනවා කිව්වත් ඉතිං ඔය හිට්ලර් උන්නැහේටයි නැපෝලියන් බොනපාට්ටයි එහෙමත් මගේ වීර ලයිස්තුවේ ඉහල පුටු අයිති වෙලා තියෙනවා නෙව... අන්න පොරවල්...මං කැමති උන්දලගේ සංවිධාන ශක්තියට... මිනිස්සුන්ට තමන්ගේ කටින් කතා කරලා ලෝකයක් වෙනස් කරන්න පුළුවන් වීම ලේසි වැඩක් නෙවෙයි... සංවිධාන ශක්තිය අතින් මං දුටු ගැමුණුට වඩා කාවන් තිස්සට වඩා කැමතියි...

හා හා යන්නේ කොහේද මල්ලේ පොල් වීගෙන එන්නේ...

ඉතිං මේ තමා කනා මැදිරියන් වල...විජයබාහු රජුජුරුවන්ට උන්නැහේගේ පුත්තු තුන්දෙනා  බැස්ටිය දුන්නා... එයින් එක පුතෙක් වෙච්ච මායාදුන්නේටත් උන්දැගේම පුතා වෙච්ච ටිකිරි කුමාරයා එහෙම නැත්තං සීතාවක රාජසිංහ බැස්ටිය දුන්නා කියලා තමා ජන කතන්දර වලදී මං අහලා තියෙන්නේ... ඇත්ත බොරු ගැනනං මං දන්නේ නැහැ... හැබැයි එයින් පස්සේ රාජසිංහ රජ්ජුරුවෝ සංඝ සමාජය අතෑරලා හින්දු ආගමට බර උනාය කියලා තමා කියන්නේ... එහෙම බර වෙලා කොරාපු එක වැඩක් තමා ඔය හාමුදුරුවරුන්ට කලාය කියන හදිය...  ඒක කොලාය කියන්නේ මෙන්න මේ පොට් එකේ...







පේනවනේ පොට් එක බොහෝම ගැඹුරුයි... හරියටම මේක තියෙන්නේ සිතාවක රජ මාළිගය තිබුන තැනට ඉදිරිපිටින්... අනිත් පැත්තෙන් ගගේ එහා පැත්තේ තමයි බැරන්ඩි කෝවිල පිහිටලා තියෙන්නේ... හරිනේ පැහැදිලියි නෙව...

දැන් තැන පැහැදිලියි නේද... මං ඕක ගූගල් මැප් එකේ මාක් කලාට තාම පෙන්නන්නේ නං නැහැ වගේ.. හැබැයි මං මාක් කරපු සීතාවක රජ මාළිගය පිහිටි තැන දැන් පෙන්නනවා... 

හරි ඔතැනට යන පාර මං කලින් ලියාපු අර බැරැන්ඩි කෝවිලට යන පාර දැක්වෙන සිතියම බලපුවාම හිතා ගතෑකි.... ඒ කනා මැදිරියන් වල.. මේ ඇවිල්ලා සීතාවක රජ මාළිගාව තිබුන තැන... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ එතැන දැන් තියෙන්නේ ඒ මාළිගයේ නටඹුන් නොවීමයි... එහෙම වෙන්න හේතුව පස්සෙන් පහු කාලෙක ඔතැන අල්ල ගත්ත පරංගි හෝ ලන්දේසි... (මං හිතන්නේ ලන්දේසි වෙන්න ඕන) රාජ මාළිගය කඩලා විනාස කරලා එතැනම තමුන්ගේ බල කොටුව පිහිටුවීමයි... ඒ හින්දා දැන් මතු වෙන්නේ ඒ කොටුවේ නටඹුන්... හතර පැත්තේ මුළු හතරේ කාලතුවක්කු එහෙම පිහිටෝලා තමා තැන හදලා තියෙන්නේ... දැනට කෙරෙන කැණීම් වලින් කාල තුවක්කු උණ්ඩ එහෙම මතු වෙනවා කියලා තමා එතැන හිටිය මල්ලි කෙනෙක් කියන්ට යෙදුනේ... මුළින්ම බල කොටුව ගැන කැණිම් කරලා එයින් පසුව තව දුරටත් යද්දී ඉපැරණි මාළිගයේ කොටසුත් හමු වෙන්ට ඉඩ තියේ... දැනට මෙතැන කැණිම් සිද්ධ වේගන යන හින්දා අපිට වෙන්නේ බලං ඉන්ට තමා.. මෙන්න එතැන දැනට තත්වය...













රයිටෝ... ඔන්න ඒ ටිකත් ඉවරයි... හැබැයි ඉතිං ඉවරයි කිව්වට ඉවරම නැහැ... :D

39 comments:

  1. ඒ කාලේ බො.බ.සේ සිටියානම් ???

    ReplyDelete
    Replies
    1. ඉන්න ඇති..ඉන්න ඇති... ඒ වගේ සෙට් එකක් තමා මං හිතන්නේ වලේ බස්සලා තියෙන්නේ...

      Delete
  2. මාරයියා මේ දවස්වල පුරා විද්‍යා චාරිකාවක් යනවද...බැරැන්ඩි කෝවිල ගැන අහල තිබුනට මේ තැන ගැන නම් අහල තිබුනෙ නෑ....

    ReplyDelete
    Replies
    1. වෙසක් දවසේ දන්සැල් වන්දනාවකුත් කරගෙනම ඔය ටික බලං ආවා...

      Delete
  3. සීතාවක ගැන තව තොරතුරු තියේ නම් දාන්ට හොඳේ. හැබැයි කියවන්ට වෙන්නේ අගෝස්තු පහු වෙලා තමා. ආය බ්ලොග් පැත්තේ නෙවෙයි නෙට් එන්නෙත් විභාගේ ඉවරලා තමා. හෙට අනිද්දා මගේ බ්ලොග් එකේ එක පෝස්ට් එකක් අප්ඩේට් කරලා මම යනවා බොලව් යන්ට. ආපහු එනකල් කට්ටියටම ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විභාගේ හොඳට කොර ගනින්කෝ අනිත්වා පස්සේ බැරියෑ...

      Delete
  4. වතුර වැඩිවෙලා හැඩපාර සැර නැත්නම් කනාමදිරියන් වලේ එගොඩ මෙගොඩ පීනන්නත් පුළුවන්. හැබැයි මම වගේ හොඳ වැඩකාරයෙකුට පමණයි. ඒ වගේම දැනට අවුරුදු 40 කට පමණ පෙර පමණයි. අත්හදා බලන්න නොයනු.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මට එච්චර පීනන්න බැ මමත් ඔය වැඩේ කරලා තියනවා . හොද වැඩ කාරයෙකුගේ ආරක්ෂාව යටතේ , හැබැයි රජෝ වතුර අඩු උනාට ඔය වලේ වතුර එහෙමට අඩු වෙන්නේ නැ , හැඩපාර ටිකක් අඩුවෙලා ගං නිසන්සලවෙනවා ඇර.

      ඔය වල ගාවට නාන්ඩ ගිය දවසක (වතුර ගොඩක් අඩුකාලයක) ඔය කණාමැදිරියං වල හෙන ජබුරයි කියලා කියන එක ඇත්තද බලන්න ඔතන බැදලා තිබුන පහුරකට නැගලා ඒකේ උඩ තිබ්බ දිග උණ ලීයක් අපේ අයියා කෙනෙක් එක්ක අමාරුවෙන් බස්සලා බැලුවා අඩියක් නං උණ ලීයේ වැදුන්නැ ,

      Delete
    2. වතුරේ නොදැන සෙල්ලං කොරන්න යන්නනං හොද නැහැ තමා.. ඒත් ඉතිං මෝඩකමට හරි මාත් ඔහොම තැන්වල පීනපු කාලයක් තිබුනා... ඔට්ටුවට කැළණි ගගෙයි කළු ගගෙයි මැණික් ගගෙයි වතුර වැඩිම කාල වලදී එගොඩ මෙගොඩ පීනපු අවස්ථාත් තිබුනා... මෙතන උනත් වතුර කොච්චර ගැඹුර උනත් ඒක ඒ හැටි අවුලක් වෙන්න හැටියක් නැහැ එගොඩ මෙගොඩ පීනන්න... සුළි කැරකෙන්නේ නැතිනං එච්චරයි... පීනන්නේ වතුර උඩින් නෙව.. මොකෝ ඇවිදන් යනවා කියලෑ... :D

      Delete
  5. මිනිස්සු වුණාම මෙහෙමත් රස්තියාදු ගහන්න හොඳද.... මම නම් දැන් රස්තියාදු ගහන එක නැවැත්තුවා.ඊරිසියාවට කියන කතා එහෙම නෙමේ මේවා

    ReplyDelete
    Replies
    1. පැහැදිලියි පැහැදිලියි.. පැහැදිලිම මෙව්වා එක තමා කියලා... :D

      Delete
  6. ගෙවල් අහල පහල වෙලත් අපි සැලකුව මදි නොවැ මේ පැත්තට... මේ සැරේ ආයිත් ගිහින් බලන්ඩ ඕනැ..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඔයත් ඒ පලාතෙද

      Delete
    2. එහෙමයි මචෝ... මම නම් තවත් රත්නපුරේ පැත්තට වෙන්න... ඒත් හිරයක් අරං තියෙන්නෙ සීතාවකින් නොවැ...

      Delete
    3. හිරේ හුගක් හිරද දන්නේ නැහැ.. :P

      Delete
  7. ඒ හාමුදුරුවො කට්ටිය රජාට විරුද්ධව වලට පැනල සිය දිවි... නෑ ජීවිතය පූජ කළාද දන්නෑනෙ.

    ඔය රජා සම්බන්ධ කරල ගහන්න වෙන්නෙ ඇක්ෂන් ෆිල්ම් එකක් හින්ද කට්ටිය වැඩේ කරන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. සමහර විට තමුන්ම ලියුමක් ලියලා තියලා ඇවිත් ගිලුනද දන්නෙත් නැහැ තමා හැබෑට...

      ඇක්ෂන් කියන්නේ රාජසිංහ රජ්ජුරුවන්ට මට පේන විදියට ළමා කාලයක් කියලා එකක් තිබිලත් නැහැ.. පොඩි කාලේ ඉදන්ම හටනෙම ඉදලා තියෙන්නේ.. ඉතිං කොහොමද ෆිල්ම් ගහන්නේ...

      Delete
  8. ඔයාගේ විස්තර ටික බලාගෙන ආයිත් යන්නෝනෑ බයික් චාරිකාවක්.... හි හි

    ReplyDelete
    Replies
    1. මේ ගමනනං හිරුවට ඒ හැටි අමාරුවක් වෙන එහෙකුත් නැහැ... බොහෝම කෙටි දුරක්නේ...

      Delete
  9. චාරිකාව අගෙයි වගේ,
    (ඔය චාරිකා යනකොට පොඩි කඩේ හිටපු නගාලා එහෙම හම්බ වෙන්නේ නැතෙයි, එතකොට චාරිකාව නිම උනත් උඹ බලන්න නගේ යන්න තිබුනා නොවැ)

    ReplyDelete
    Replies
    1. අනේ දැන් කොහේද නගාලා... එයාලත් හරියට අර බටලීයේ කජු ලියන් වගේ තමා.. දොංත පතං.. බුරුත නැදුන්...

      Delete
  10. සබපතමි. ඉතා වැදගත් සටහන් පෙළක් සේ අගයමි

    ReplyDelete
  11. සීතාවක රාජධානියත් මාරපාද ස්පර්ශය ලැබුවා එහෙනම්...

    ReplyDelete
  12. Replies
    1. හිත හිත ඉඳලා හරියන්නේ නැත.. හැකි විගසින් යා යුතුය...

      Delete
  13. හොඳ ගමනක්නේ .මාර චාරිකා ..දැන් කැළණි ගඟ දිගේ

    ReplyDelete
    Replies
    1. ගග දිගේ කිව්වම මතක් උනේ..මහවැලි ගග දිගේ යන්න හිතං ඉන්නවා මනං පිටියේ ඉදලා තිරිකුණාමලේටවත්... තාම වැඩේ හරියට සැට් උනේ නැහැ නෙව...

      Delete
  14. රජාව හැරෙවුවෙ අරිට්ටකීවෙන්ඩු නෙව.. රාජා හෝ මා හෝ ගංගා හෝ කියල ලොකු යාගයකුත් කලයි කියනව නෙව අර තාත්ත මරාපු පව හෝදන්න..

    ReplyDelete
  15. මාරයෝ......... ඔය වල කොච්චරක් විතර ගැඹුරු ද ? මට තියෙන ප්‍රස්නෙ තමයි, මෙච්චර කාලයක් ගිහිල්ල හෝදගෙන එන මඩ පස් වලට ඔය වල පිරුනෙ නැත්තෙ ඇයි කියන එක. දන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ගැඹුර ගැන ප්‍රකාශයක් අටම් කරලා තිබුනා දැක්කා... හරියටම ගැඹුර කොහොමද කියලානං මටත් කියන්න හැකියාවක් නැහැ.. හැබැයි අනිත් තැන්වලට වඩා වතුරේ පැහැය හින්දා කියන්න පුළුවන් පැහැදිලිවම සෑහෙන ගැඹුරක් තියෙන වගනං... වල නොපිරෙන්න හේතුව හරියටම කියන්න බැරි උනත් සමහර විට මෙතන පිහිටලා තියෙන්නේ හරියටම වක්කලමක පහළින් හින්දා ජල පාරේ සුළි ගතිය හින්දා මඩ වැලි එහෙම කැරකවිලා ඉවත් වෙනවා වෙන්නට පුළුවන්.. මං එහෙම තැන් කිහිපයක් කැළණි ගගේ දැකලා තියෙනවා... කවදාවත් පිරෙන්නේ නැති විදියේ වලවල්...

      Delete
  16. //..නිකං නෙවෙයි පරංගි බර ගානක් කපලා දාලා තමා... ඔය ගාන 1500 කට වඩා වැඩියි කියලයි මතක...//

    1600 ක් කියලා තමා මට මතක

    //..මායාදුන්නේටත් උන්දැගේම පුතා වෙච්ච ටිකිරි කුමාරයා එහෙම නැත්තං සීතාවක රාජසිංහ බැස්ටිය දුන්නා කියලා තමා ජන කතන්දර වලදී මං අහලා තියෙන්නේ... ඇත්ත බොරු ගැනනං මං දන්නේ නැහැ...//

    මේ කතාව රාජසිංහ රජතුමාව අපහසුතාවට ලක් කරන්න ගොතපු කතාවක් බවත් කියවෙනවා. විශේෂයෙන්ම පෘතුගීසින් වගේම උඩරට බලය අල්ලන්න ගිය කොනප්පු බණ්ඩාර සීතාවක රාජසිංහට තියෙන මහජන ප්‍රසාදය බිඳින්න කරපු මඩ ප්‍රචාරයක් කියලා අදහසකුත් මේ ගැන තියෙනවා. මොකද මායාදුන්නේව මරලා රජවෙන්න තරම් හේතුවක් රාජසිංහට තිබුණා කියලා හිතන්න අමාරුයි. කොහොමත් සිහසුන හම්වෙන්න තිබුණු එක වගේම මායාදුන්නේගේ කාලේ ඉදන්ම පාලනයේ ලොකු බරක් රාජසිංහ ඇදලා තියෙනවා. අනික මායාදුන්නේ මියයද්දී රාජසිංහ ඉන්නේත් කෝට්ටේට කරන ඇටෑක් එකක

    //..හැබැයි එයින් පස්සේ රාජසිංහ රජ්ජුරුවෝ සංඝ සමාජය අතෑරලා හින්දු ආගමට බර උනාය කියලා තමා කියන්නේ... එහෙම බර වෙලා කොරාපු එක වැඩක් තමා ඔය හාමුදුරුවරුන්ට කලාය කියන හදිය... //

    රාජසිංහ යටතේ තිබිලා තියෙන්නේ බොහොම දැඩි පාලනයක්. ඒ හරහා අපහසුතාවට පත් වෙන මිනිසුන්ගේ නැගී සිටීම් කීපයකට භික්ෂූන් මූලිකත්වය දීමත් එක්ක ඔවුන්ම මරා දාන්න රාජසිංහ පසුබට වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ වගේම සිද්ධියක් දෙවන රාජසිංහ කාලෙත් වෙනවා.

    ඉතින් කොහොම හරි මේ විදිහට බෞද්ධ භික්ෂූන්ගෙන් ක්‍රියාකලාපයත් එක්ක රජතුමා බුදුසමයෙන් ඈත්වුණා වෙන්න ඕනේ. ඒකත් එක්ක හින්දු සමයට අරිට්ඨකීවෙණ්ඩු වගේ අණ්ඩපාලයෝ නිසා නැඹුරු වෙන්න ඇති. ඒත් බුදු සමයට සපුරා නොතකා හැරිය බවක් කියන්න බැහැ. මොකද ඒ කාලෙත් දළදා පෙරහැර සුපුරුදු විදිහට සීතාවක පැවැත්වුණු නිසා

    //...මේ ඇවිල්ලා සීතාවක රජ මාළිගාව තිබුන තැන... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ එතැන දැන් තියෙන්නේ ඒ මාළිගයේ නටඹුන් නොවීමයි... එහෙම වෙන්න හේතුව පස්සෙන් පහු කාලෙක ඔතැන අල්ල ගත්ත පරංගි හෝ ලන්දේසි...//

    සීතාවක රාජධානියේ හිටිය අන්තිම රජතුමා වෙන නිකපිටියේ බණ්ඩාරව පෘතුගීසින්ගේ සහය ලබාගෙන අරිට්ඨකීවෙණ්ඩු අල්ලා ගන්න සමත් වෙනවා. ඒකත් එක්ක මුළු සීතාවකම කොල්ල කන්න පෘතුගීසින් කටයුතු කරනවා.

    ඒ ගැන විස්තර කියන විදිහට රජ මාළිගාව බැරැණ්ඩි කෝවිල වගේ වැදගත් ස්ථානවල අත්තිවාරම් පවා හාරලා වස්තුව හොයලා තියෙනවා. ඒක නිසා තමා සම්පූර්ණයෙන්ම් මේවා විනාශ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මලයා... උඹ ඉන්න හින්දම හොඳයි... නැත්තං මං එපෑ දත කට පූට්ටු කොරං ඉතිහාසේ හොයන්න... :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  17. බොහොම ස්තුතියි මාරයො බෙදා දුන්න දෑනුමට.හසිතටත් එ වගෙම ස්තුතියි

    ReplyDelete
  18. //ඔය සීතාවක රාජසිංහ ඇරුනාම මං තවත් ආස බුවෙක් තමා විදීය බණ්ඩාර... හැබැයි ඉතිං දෙන්නම එකයි... යක්ෂ බුවාලා... ඒත් ඉතිං මං කැමති එහෙම බුලට් වලට තමා... කස්ටිය මොනවා කිව්වත් ඉතිං ඔය හිට්ලර් උන්නැහේටයි නැපෝලියන් බොනපාට්ටයි එහෙමත් මගේ වීර ලයිස්තුවේ ඉහල පුටු අයිති වෙලා තියෙනවා නෙව... අන්න පොරවල්...මං කැමති උන්දලගේ සංවිධාන ශක්තියට... මිනිස්සුන්ට තමන්ගේ කටින් කතා කරලා ලෝකයක් වෙනස් කරන්න පුළුවන් වීම ලේසි වැඩක් නෙවෙයි... සංවිධාන ශක්තිය අතින් මං දුටු ගැමුණුට වඩා කාවන් තිස්සට වඩා කැමතියි...//

    දාපං මාරයියෙ පහක්. මාත් එහෙම්මයි.

    ReplyDelete
  19. බලාගෙන ගියාම සීතාවක රාජසිංහ කියන්නේ දසයෙක්නේ

    ReplyDelete