14 June 2013

රුසිරු පෙතන්ගොඩ උයනේ.. රුදුරු උණ කටුව ඇනුනේ...

කිං රාජසිංහ ගැන මේ වෙනකොට කස්ටිය ඇති පදමට දැනගන්ට ඇති කලියෙන් මං දාපු පෝස්ට් දෙක තුනේ අපේ හසිත මලයා එහෙම දාපු කොමෙන්ට් ටික එහෙම කියෙව්වනං... දැන් මේ පෙන්නන්ට යන්නේ කිං රාජසිංහ උත්තමයට වැරදුන තැන තමා ඕං... ඒ කිව්වේ අර උණ කටුවක් ඇණුන ප්ලේස් එක... උණ කටුවක් කිව්වේ ආයිබෝං අර ඉස්පිටිතාලේ ගියාම කටෙයි පෂ්ෂ පැත්තෙයි කිහිලිවලයි ගහන එක නෙවෙයි.. ඒකක් ඇනුනොත්නං ඉතිං රාජසිංහ රජ්ජුරුවන්ට ඇනුන කටුව හොදයි කියලා හිතෙයි... මේ ඇවිල්ලා සොබාවික උණ ගහක කටුවක්...

ඇත්තම කියන්ට මෙයාලා මෙච්චර කාලයක් මම හිතං හිටියේ උණ කටුවක් ඇනුනා කිව්වම ඔය උණ ගහක මුලක් කකුලේ ඇනුනා කියල තමා... උණ පඳුරු අස්සේ හක්කලං කොල උදවිය දන්නවා නෙව උණ ගස් කැපුවට පස්සේ ඒවායේ මුල් කොටස් කාලයත් එක්ක දිරාපත් වෙද්දි වල් උල් එහෙම හිටිනවා කියලා...

ආ ඒක කිව්වම මතක් උනේ වල් උල ගැන දන්නවා ඇති නෙව ඔහෙලා... වල් උල කියන්නේ අපේ ගමේ ගොඩේ වියවහාර වෙන වචනයක්... ඒ කියන්නේ ඔය පොඩි පොඩි බූටෑව කැපුවම.. (බූටෑව දන්නවා නේද..?) ඒ තැන්වල ඉතිරි වෙන මුල් කොටස.. ඒකත් නිකංම තිබිලා බැහැ හැඩේට කැපිලා තියෙන්න ඕන...  ඒ කිවවේ මෙන්න මෙහෙම... (මගේ චිත්තර ඇදිල්ලනං බලු සරි ඈ..)
ඔනන ඔහොම සයිඩ් එකට කැපිලා පොළවෙන් උඩට යන්තං මතුවෙලා තියෙන උල් වලට අපි කියන්නේ වල් උල කියලා... සමහර විට පැත්තෙන් පැත්තට මේවෑ වියවහාරේ වෙනස් වෙන්ට ඇහැකි..එහෙම උනොත් ඒ බව කියන්ටලා දන්න කියන උදවිය...

ඉතිං මං හිතාන උන්නේ උණ කටුවක් ඇනුනා කිව්වම මේ උණ ගහක මුලකින් උඩට මතුවෙලා තිබුන උලක් ඇනගෙන තමා මේ සංගදිය වෙලා තියෙන්නේ කියලා... ඒත් හත් ඉලවුවේ මෙතැනට කියාම නෙව දැක්කේ මේ උණ වර්ගේ කටු සහිත ජාතියක්ය කියලා... අපේගංවල තිබුන කහ උණ, කොළ උණ, බට පදුරු, ආදියේ කවදාවත් නොදැකපු අන්දමේ වැඩක් නෙව ඒක... උණ ගහේ හැම අත්තක් පුරාම අගල් දෙක තුන දිග දොංත පතං කටු... හරියට දොඩං ගස්වල කටු වගේ..දිගයි තියුණුයි... එයින් අත්තක් බිම වැටුනම කකුලක ඇනෙනවා කියන එක ඒ හැටි කේස් එකක් නෙවෙයි... මං දැක්කයින් දැක්කේ නැහැ එහෙවු උණ වර්ගයක්... බැලින්නං ඒක මේ ඉන්දියාවෙන්ද කොහේද ආදී කාලේ ලංකාවට ගෙන්නාපු වර්ගයක් කියලා එතැන ලියවිලා තිබුනා... මං හිතන්නේ දැන් එවුවා එතැන ඇර වෙන කොහේවත් දකින්ටත් නැතිව ඇති...

ඉතිං ඔන්න මෙතැනට යන පාර... 

මෙන්න මෙතන තමා හරියටම පොට් එක.. ඔය දැන් ගූගල් මාමගේ සිතියමේ ඔතැන ලකුණු වෙලා තිබුනට පෙතන්ගොඩ උයන කියලා... මං යන්ට කලියෙන් එහම මාක් වෙලා තිබුනේ නැහැ... බොහෝම අමාරුවෙන් පාර අහගෙන හොයාගෙන ගියේ... ඒ හින්දම මාත් මහන්සි නොබලා පස්සෙන් පහු සිතියම අගලෙන් අගල බල බල ගෙහුං තමා ඔය එතැනට හැරෙන පාරයි තැනේ නමයි කොටලා දැම්මේ.. දැන් ඔන්න පෙතන්ගොඩ උයනත් ගූගල් මාමගේ සිතියමේ පෙන්නනවා ඒ හින්දම... මෙන්න තව සිතියං ටිකක් යන හැටි බලාගන්න... මේ තියෙන්නේ අවිස්සාවේල්ලේ ඉදලා යන හැටි...


අවිස්සා වේල්ලෙන් රුවන් වැල්ලට ගෙහුං එතැනින් තව ටිකක් ඉදිරියට යද්දී අගුරුවැල්ල පහු කොරද්දී වම් පැත්තට තියෙන පාලමෙන් එගොඩ වෙලා තවත් ටික දුරක් ඉදිරියට ගමන් කොරන්ට ඕන... අවිස්සාවේල්ලේ ඉදන් ඔතැනට තියෙනවා දුර කිලෝ මීටර් 28ක් විතර... 

එතකොට ඔය නුවර පාර දිගේ එන කෙනෙකුට පුළුවනි වරකාපොලින් හරි ගලිගමුවෙන් හරි නෙළුන් දෙනියෙන් හරි හැරිලා එන්න උනත් මෙන්න ඒකට සිතියම...


මේ සිතියමත් වැදගත් වෙයි අන්තිම ටික යන කෙනෙකුට...


හරි එහෙමනං මෙන්න තැනට අදාල පින්තූර ටිකක්... 










ඔන්න එහෙමනං අපි කැපුනා... 

26 comments:

  1. කෝ බං උඹ උණ කට්ටක ෆොටෝ එකක් දාල ‍නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ වල් හුලහ කියල කියල කියන්නෙත් ඔය වල් උල කියන එකටමද කොහෙද. අපේ මස්සිනා කාරය තමයි ඔය ගස් කැපිලි ගැන දන්නෙ.

      Delete
  2. මේ උණ පඳුරු ඕසෙට තියෙනවා.. මින්නේරිය සෆාරි යනකොට.... මම කල්පනා කලේ.. අලි කැළෑ වදිනවට නියම පිලියමක් මේක.. ඒත් මේ අපේ රටේ වගේ රටක ඕවා කතා කරලා වැඩක් නෑ. ඕන් උඹ හරි මම හරි ජනාධිපති උනොත් මොකක් හරි කරමු....

    ReplyDelete
    Replies
    1. අලි කැළෑ වැදීම නෙමෙයි.. අලි ගම් වැදීම වෙන්න ඕන...

      Delete
    2. ෆොටෝ එකක් ඇත්නම් හොයලා දාහන් බලන්න ... ගාමිණී අයියත් දන්නවා ඇති සබ්ජෙක්ට් එක..

      Delete
  3. මාරයියගෙ චාරිකා සටහන මාර වැදගත්. මං කොපි කොරගත්ත ඕං බ්ලොග් කියවිල්ලට හුරු නැති යාළුවන්ට පෙන්නන්න.

    ReplyDelete
  4. මේ උන කටු විෂ ඇති මගේ හිතේ... එක නිසාද දන්නේ නැහැ වැඩිය කොහෙවත් නැත්තේ ... උන කටුවක ෆොටෝ එකකුත් තිබුනානම් තමයි වටිනාකම වැඩි .

    ReplyDelete
  5. ඇත්තටම මාරයෝ නියම ගුඩ් වැඩක්... කියල නිම කොරන්ට බැරුවැ...

    ඇතටම ඔය කටුව ලොකුද???

    නෑ මම නිකමට අහන්නෙ ඇත්තටම ඔය කිං රාජසිංහ උන්නෑහේට ඇස් පේන්නෙ නැද්ද??

    ReplyDelete
    Replies
    1. @ ජීවිතය සුන්දරයි.......

      //...නෑ මම නිකමට අහන්නෙ ඇත්තටම ඔය කිං රාජසිංහ උන්නෑහේට ඇස් පේන්නෙ නැද්ද??...//

      මේ වෙලාවේ රජතුමා ෆුල් අප්සට් එකේනේ ඉන්නේ. පොඩි කාලේ ඉදන්ම යුද්ද කරලා දිනපු රජතුමා කොලු ගැටයෙක්ට පරාද වෙලා තියෙන්නේ අප්සට් යන්නේ නැද්ද :D

      එතකොට ඉතින් සිහි කල්පනාව ටිකක් අඩු වෙන්න ඇති

      Delete
  6. මේ කටුව නිසාම නෙමෙයි රාජසිංහ රජු මලේ. ඒගැන වෙනත් මත තිබෙනවා. දිනක කියන්නම්.

    ReplyDelete
    Replies
    1. වෙදකම් කරපු වේදා තුවාලෙට විෂ බැන්දා කියලත් කතාවක් තියෙනවා නේද ..

      Delete
    2. නැහැ මේක නවීන වෛද්‍ය විද්‍යාවටත් ඉතාම වටිනා මරණයක්. ඒ ගැන විස්තර වශයෙන්ම ලියන්න ඕනෙ.

      Delete
    3. රජ්ජුරුවො මැරුනෙ පිටගැස්ම හැදිල කියල කතාවකුත් තියෙනව නේද?

      Delete
  7. මේ වගේ කටු තියන උන නම් මාත් වෙන කොහෙවත් දැකල නෑ මාරයියෙ. මං හිතන්නෙ ලංකාවටම එකයිද කොහෙදො.

    රාජසිංහ රජ්ජුරුවංගෙ මරණයට හේතුව ගැන විවිද කතා තියනව. ඔය කටුවක් ඇනුනෙ නෑ සර්පයෙක් දශ්ට කලා කියලත් කියනව. ඔය උන පදුර දැක්කම මාරයියටත් හිතෙන්ට ඇතිනෙ මේකෙන් කට්ටක් ඇනගන්න තරම් මෝඩයෙක් වෙන්නෙ කොහොමද රජෙක් කියල.
    තවත් කියනව එතර හිටපු කෙනෙක් රජාගෙ විෂ බැන්ද කියල. එව්ව ඉතිං අපි නම් දන්නෑ ඕං.
    දැන් කොහොම උනත් ඒ කාලෙ කුලය ගැන හෙව්වයි කියනවනෙ. රජා මැරුනට පස්සෙ මිනිය ගෙනියන්ට ගිහාමත් ලොකු අවුලක් උනාලු කුල හීන පිරිසක් එතන ඉදල තියෙන්නෙ.

    කටුව ඇනුනට පස්සෙ රජතුමා ගග දිගේම උඩහට එක්කං ආව කියලයි කතාව තියෙන්නෙ. එහෙම එනකොට එක තැනකදි ඇවිදගන්ට බැරුව කොර උනාලු. එතනටලු කොරවුන වැල්ල කියන්නෙ. දැන් කරවනැල්ල කියන්නෙ එතනට තමා.

    ReplyDelete
    Replies
    1. @ desh දේශ්

      //.. රජා මැරුනට පස්සෙ මිනිය ගෙනියන්ට ගිහාමත් ලොකු අවුලක් උනාලු කුල හීන පිරිසක් එතන ඉදල තියෙන්නෙ....//

      රජතුමාගේ දේහය ආදාහනය කරපු තැනට අරගෙන ගියා කියන්නේ එතැනටම ඇලක් කපලාලු. කවුරුත් දේහය අල්ලලා නැහැ. ඒක නම් කුලහීන ගැටලුවකටත් වඩා රජතුමාගේ තිබුණු තේජස නිසා වෙන්න ඕනේ. මේ ගැන ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නේ. කියන්නම්කෝ ලියලා ඉවර වුණාම :)

      Delete
  8. මේ පැත්තේ නිතර කරක් ගහපු කාලේ ආයෙත් මතක්වුනා. මේ ඉතිහාසය අමතක වීම වැලක්වීමට වරින්වර මෙවැනි ලිපි පලවීම වැදගත්. අඟුරුවැල්ලෙන්ම වමට (ගලිගමුව පැත්තෙන් එනකොට දකුණට)හැරිලා රජකාලේ තිබුන පාර දිගේ ගියොත් මේ පැත්ත ගැන දන්නා ගැමියන්ගෙන් ඉතිහාස කතා අහගන්න පුළුවන්.

    අනේ මාරයෝ පොඩි ටයිපින් වැරද්දක් තියනවා හදන්ඩ. නුවර පාරෙන් එන අය 'ගල්ගමුවෙන්' නෙවෙයි 'ගලිගමුවෙන්' කියලා නිවැරදි කරන්ඩ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  9. නපුරු පෙතන්ගොඩ උයනට අනේ ලංවුනා
    රුදුරු උන කටුව පතුලේ ඇනී වනවුනා
    එක්වැ සිටි සැවොම මතුරා එයද වැඩිවුණා
    රාජසිංහ දෙවි නාමේ ගියා නැතිවුණා


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  10. සිතියම්වල මේ තැන් ලකුණු කරන එකනම් බොහොම හොඳ වැඩක්.
    හොඳ වෙලාවට මේ ජාතියෙ උණ මෙහෙ බෝ වෙලා නැත්තෙ. වැඩිය නොහිතා, එවෙලාවෙ ප්‍රයෝජනයට පිටරටින් ගෙනෙන ශාක වර්ග සිටවීමෙන් සමහරවිට හානි වෙන්න පුළුවන්නෙ. උඩරට කඳුවල හිටවපු ගස් වර්ග, සැල්වීනියා වගේ දේවලින් පරිසරයට හානි වෙලා තියෙනවනෙ.

    ReplyDelete
  11. ඔක්කොම හොඳයි, උඹට උණ කට්ටක ක්ලෝස් අප් එකක් අරං දාන්න බැරි වුනේ මොකද?

    ReplyDelete
    Replies
    1. අධික වර්ෂාව ඇද හැළුන දවසක්නේ හෙන්රි අයියා මං ගිය දවස... ඔතැනට යද්දිත් නිකං තෙමිච්ච කුකුළා වගේ... දාං ගිය තොප්පියේ (අර අපේ සුමිත් අයියගේ ජාතියේ කව්බෝයි තොප්පියක් ඈ..) හෙවනින් තමා කැමරාව නොතෙමී ඔය ටිකත් ගත්තේ... එතකොටත් පොද වැටෙනවා... කටුවක් හරියට ගන්න තරං ආලෝක තත්වයක් නැහැ වගේම කැමරාව මූණ ළගින් අහකට අරං නිදහසේ පොටෝවක් ගන්ට හැටියක් නැහැ තෙමෙනවා... කැමරාව සූම් කරලා අමාරුවෙන් ගත්ත කිහිපයක් තිබුනා.. ඒත් ඒ හැම එකක්ම අපැහැදිලියි.. ඒ හින්දා ඩිලීට් කරලා දැම්මා...

      Delete
    2. ඉදකින් යකෝ...

      Delete
  12. මමත් අහල තියෙනව පිටගෑස්ම හෑදිල මෑරුනෙ කියල

    ReplyDelete
  13. සීතාවක රාජසිංහ රජතුමාගේ මරණය ගැන කතා කීපයක්ම තියෙනවා. පෝල් ඊ.පීරිස් මහත්මයාගේ පෘතුගීසි යුගය කෘතියේ දක්වන්නේ පෙතන්ගොඩ උයනේදී උණ කටුවක් ඇනිලා ඒක විෂවෙලා රජතුමා මියගියා කියලා.

    රාජාවලියේ තියෙන්නේ දොඩම්පේ ගණිතයා රජතුමාට හූනියම් කරලා බෙහෙත් වෙනුවට විෂ බැන්දාය කියලා. මේ විෂ කියන්නේ සත්ව මළ කියලාත් කියනවා.

    ක්වේරෝස් කියන්නේ රජතුමා මියගියේ වසදීමකින් කියලා.

    ReplyDelete
  14. මමත් තව කොහේදී හරි මේ උණ ගස් දැකල තියෙනවා.

    ReplyDelete