15 June 2013

අද නිවාඩු...

හෙනහුරාදා කියන්නේ ඉතිං මං උයන පිහින වැඩ පුරුදු පුහුණු වෙන්ට යන දවසක් නෙව... ඒත් ඉතිං අද හිටි ගමන් නිවාඩුවක් අහු උනා... ඊයේ හවස්වරුවේ අපේ හෝටල් පාසලේ ෂුධු නංගි කතා කොරලා කිව්වා නෙව අද නිවාඩුය... කියලා... ඒ කිව්ව හැටියටනං ඉතිං මට තේරුනේ අපේ සෑර්ට මොනවා හරි පුරස්නයක් වෙන්ට ඕන කියලා... හරියටම මොකක්ද හේතු කාරණාව කියලනං අහ ගන්ට වෙන්නේ ආයේ ඊ ළග දවසේ ගියාම තමා... ෂුවර් එකට බඩු වැඩිවෙලා මොකක් හරි අවුලක් වෙන්ට ඇති... :D

අපරාදේ කියන්ට බැහැ අපේ උපදේසකතුමා හෙන ජොලි ගුඩ් බුවා... ඕන එහෙකට හිනා වෙච්ච ගමන්ම තමා... ඕනෑ හරුපයක් කියන්ටත් ඇහැකි... ටිකක් මැදි වයස පන්නගෙන යනවා උනාට මොකෝ කොල්ලා වගේ තමා කියුං කෙරුං... අවුරුදු ගානක් රජයේ හෝටල් පාසලක ඉගෙනගෙන ගන්න තියෙන අරවා මේවා උපාධි එහෙම අරගෙන එයින් පස්සේ තරුණ කාලේ රට රටවල් බොහෝමයක ඇවිදලා කොරලා ලෝකේ පුරා බෝහේමයක් තරු හෝටල්වල වැඩ කොරලා අත්දැකීම් රාසියක් අරං ඉන්න උන්නැහේ ගාව කිසිම ලොකු කොමක් එහෙම නැහැ... අපේ පුහුණුවට අදාල නැති උනත් මොනවා හරි දේශනයක් යද්දී අතරින් පතර ඒ හා සම්බන්ධ වෙනත් පාඨමාලාවල තොරතුරු එහෙම මහන්සි නොබලා කියා දෙන උන්දෑ... විහිළු තහළු එහෙම යහමින් දන්න හාදයා... හැමදාම හවහට හවහට මදි නොකියන්න දාන බවත් පේනවා... ඒකයි කිව්වේ ෂුවර් එකට බඩු වැඩි වෙලා වෙච්ච හදියක් වෙන්ට ඇති කියලා... 

අපේ තාත්තා තුමා කුස්සියේ රජ්ජුරුවෝ වගේ උයන පිහන දිහා බලන් හිටලා.. ඒ උයාපුවා කොටා බාලා.. එයින් පස්සේ යන්තමට කුස්සියට ඉද හිට පැනලා බඩගින්නට මොනවා හරි රත් කොරං කාලා.. පස්සෙන් පහු උයන පිහන එක ගැන ටිකක් ආසා හිතිලා..අන්තිමට පන්සල් ජීවිතේ පටන් ගත්තැයින් පස්සේ තනියම උයන පිහන එක ටිකක් විතර කොරන්න අරං... එයිනුත් කාලෙකට පස්සේ පන්සලෙන් ගියාට පස්සේ ආරම්භ කොරාපු බෝඩිං ජිවිතය තුලදී උයා පිහා ගන්න එක දවසේ අනිවාර්ය රාජකාරියක් වීම හරහාම උයන පිහන වැඩ ටිකෙන් ටික හුරු වෙච්ච මට දැන් ඉතිං ගමේ ගොඩේ අපේ තාලෙට තාත්තා උයා පිහාපු දේවල් වලට අමතරව සුද්දන්ට කෑම හදන හැටි ඉගෙන ගන්නත් වෙලා තියෙන්නේ... 

මේකත් හරි ආතල් වැඩේ...  උයනවා කිව්වට මේකේ එක එක අංස බර ගානක් තියෙනවා වගේම ඔය ඔක්කෝම ඉගෙන ගන්නනං දෙතුන් විඩයක් මැරිලා උපදින්නත් වෙනවා.. ඒ තරමට දේවල් තියේ ඉගෙන ගන්න.. ඒ හින්දා අපිට කොරන්න වෙලා තියෙන්නේ මොනවා හරි අංසයක් තෝරගෙන ඒ පැත්තෙන් ටික ටික දියුණු වෙවී ඉස්සරහට යන්න තමා... මටනං තාම මොකක් තෝර ගන්නවද කියලා හරියටම අදහසක් නැහැ.. දැනට මේ මූලික පාඨමාලාවෙන් පස්සේ කල්පනා කොරලා බලන්න ඕන මොකක්ද කොරන්න ඕන කියලා.. මොකක් කොලත් පිටි එක්ක හැප්පෙන වැඩේනං බැහැ... කලින් බේකරි පැත්තට පොඩි තල්ලුවක් තිබුනා උනත් ඊයේ පෙරේදා තමා දැන ගත්තේ බේකරි කෝස් කියන්නේ සදා නයිට් කතන්දරයක් කියලා... ඇත්ත නේන්නං පාන් පිටි වලින් හදන කෑම වැඩි හරියක් යන්නේ උදේට නෙව... උදේට ඒවා දෙන්න නං හදන්න වෙන්නේ රෑටනේ... මදෑ කාලයක් සිකුරිටි ජීවිතේ ගෙව ගෙව දවසක් ඇර දවසක් නිදි මර මර හිටියා... ඒක අතෑරලා ඇවිදින් ආයේ දවස ගානේ නිදි මරහන්කෝ වැඩ නැතිවට... :D

 ඒ හින්දා ඒ බේකරි කතාවෙන් වැඩක් නැහැ.. අනික මං වැඩියමත්ම කැමති පිහියෙන් කපන කොටන අංස වලට තමා... හැඩ තිය තිය එලෝලු කැපිල්ල හරි ආතල් වැඩේ... ඒ හින්දා ඒ ළගින් යන අංසයක් හොයලා පනින්න ඕන...

කොහොමින් කොහොම හරි අද හම්බ උන මේ අනපේක්ෂිත නිවාඩුව හොඳින්ම ගත කොරන්න හිතා ගත්ත මං තුමා පරණ පුරුදු විදියටම දවස ආරම්භ කොරන්න මේ බොලොග් කටුව කොටන්න පටන් ගත්තා ඕං... මොනවා උනත් උදේ හවහා වැටිලා හිටිය තැන නෙව මේක.. දැන් පාළුවට ගෙහුන් තිබුනා උනත්... හම්බ වෙච්ච නිවාඩුවේ උපරිම නිවාඩු ගැනීම අරමුණ වෙච්ච හින්දා අද වැඩි ඉවිලි වලට නොගිහින් උදේම බයියං ටිකක් උයලා පොල් සම්බෝලයක් හදාගෙන කොටා බෑවා... ඉතිරි බයියං ටිකටයි සම්බෝල ටිකටයි දවල්ට වග කියනවා.. ඕනෑනං තව ඔය බිත්තරයක් බැද ගන්න බැරියෑ... ඒ ඇති... හවස් අතේ නාට්ටියක් බලන්න යන්නත් හිතේ තියෙනවා... කලියෙන් නාට්ටියේ දැන්වීම් දැකලා තිබුනා උනත් පන්ති දවසක් හින්දා වැඩිය හොයන්න ගියේ නැහැ... බලන්න වෙන්නේ නැති හින්දා.. ඒත් මේ අහම්බෙන් කඩා පාත් වෙච්ච මරාලේ හින්දා දැන් යන්ට ඇහැකි.. ඒත් ඉතිං ටිකට් තියෙයිද දන්නේ දෙයියෝ තමා... ආ සමරහ විට හෝල් එකේ ටිකැට් කවුන්ටරේ ඉන්න හාදයත් දන්නවා ඇති තමා.. බලං ගියාම දෙයියෝ දන්න සමහර දේවල් දන්න අපේ උනුත් ඉන්නවා නෙව... :D

 කොහොම උනත් හවස් අතේ ගෙහුන් බලනවා ටිකැට් තිබුනොත් බැළුවා..නැත්තං ආපහු ආවා... මයි බයික් මයි පැස්ටෝල් කියලා.. හා නැද්ද...?

නිවාඩුවක් උනාම ඒක හොඳට ගත කොරන්න ඕන... බලමු අද කොහොමද තත්තේ කියලා...

9 comments:

  1. Mare ayye... koo anea mara SARANIYA?? ekata mokoo wenne??

    ReplyDelete
    Replies
    1. ඉඩ ලැබෙන හැටියට ඒකත් කොරන් යන්න ඕන...

      Delete
  2. ඔය ඉගෙන ගත්තු ඒවායින් අපි නොදන්නා අලුත් කෑමක් ගදාගන්න විදිය කියලා දෙන්නකෝ බලන්න ..

    ReplyDelete
    Replies
    1. දෙන්නං දෙන්නං.. දැනටත් මං පීසා ගැන එක පෝස්ට් එකක් දැම්මා.දැක්කේ නැතෙයි..?

      Delete
  3. හැබෑටම උඹ මොනවා ඉගෙන ගන්නද ඔය කුකරි මගුලක පදින්නේ ..? මෙන්න මෙහෙ හිටින් විකාර නැතුව..

    ReplyDelete
    Replies
    1. මේ ඇවිල්ලා සුද්දට බත් තම්බන විදිය ඉගෙන ගන්න නෙව...:D

      Delete
  4. උඹට නිමාඩු උනාට අපිට වැඩ යකෝ. ඔහොම දෙක තුන පෝස්‍ට් දාන්න එපා.

    ReplyDelete
    Replies
    1. උඹ මගුලක් කියනවා.. උඹට හොදා එක දිගට පෝස්ට් දාං යන්න.. අපි එකක් දැම්මම තමා කෑ ගාන්නේ... හනේ පලයං මෙයා යන්න...:D

      Delete
  5. පීස එක හදන්න අමාරුයි.එදිනෙදා කන්න හොද ව්‍යංජනයක් නම් හොදා.අද නිවාඩුව හොදින් ගත කරන්න කියල කියලත් ඉන්නම් එහෙනම් ...

    ReplyDelete