15 June 2013

ප්‍රෙෂර් එකත් නරකම නැහැ...

ප්‍රෙෂර් කිව්වම ඉතිං සමහර කස්ටිය බය වෙනවත් එක්කලා ඒත් ඉතිං මේ කියන්නේ එහෙම බය වෙන්ට කාරණාවක් නෙවෙයි... ඇත්තටම කිව්වොත් මේ ප්‍රෙෂර් එක හරි ආතල් වැඩක්... හැබැයි ඉතිං වැරදුනොත් මේකෙත් නරක පැති තියේ.. ඒත් ඉතිං වරද්ද ගන්නේ නැතිව මේ ප්‍රෙෂර් එකෙන් වැඩ කලාම එහෙම බය වෙන්ට කාරණාවක් නැහැ.


කස්ටිය ඉතිං දන්නවා නෙව... මං ඇවිල්ලා අඩු වියදං බුවා කියලා... අර පිරිමැස්මට තමා වැඩ... ඒ හින්දා හැකි සෑම විටම සරල.. කාර්යක්ෂම දේට කැමතියි... මේකත් මේ එහෙම වැඩක්... හැබැයි ඉතිං මේ වෙද්දිත් අපේ කාන්තා පාරුසවේ උදවියනං මේ ප්‍රෙෂර් එකෙන් වැඩ ගන්නවා ඇති... හරි හරි ඉතිං කාන්තාවෝ මොකෙන්ද වැඩ නොගත්තේ.. කතාවටත් කියන්නේ ගෙදරට හාමුදුරු කෙනෙක් ආවත් උන්නාන්සෙලාගෙනුත් වැඩක් ගන්න බලනවා කියලනේ... සමහර කාන්තාවෝ හිටියයි කියනවනේ මෙයාලා ඔය ඉස්සර කාලේ පෙනේ පිප්පුවේ නැතොත් නයාගෙන් දර මිටිය බැදන් යන්න බලන ජාතියේ...  මං දන්න සමහර කාන්තාවොත් හිටියා ආයිබෝං ගෙදරට ආවොත් ගැරඩියාව උනත් රවුං කරලා අරං වළං තියන දරණුවක් හදාගන්න ජාතියේ... ඕං ඔහොමයි එයාලගේ වැඩ.. හා හා යන්නේ කොහේද මල්ලේ මොනවද වේගන එන්නේ...

ඉතිං ඇත්ත වසයෙන්ම මං මේ කියන්න ගියේ ප්‍රෙෂර් කුකර් ගැන නෙව...

මං ඉතිං ඉස්සරම ඔය ප්‍රෙෂර් කුකර් දැක්කේ ටැලිවිසොං එකේ දැන්වීම් වලින් තමා... ලොකු ඇළුමීනියම් පාට භාජනේකට තවත් පොඩි පොඩි භාජන කිහිපයක්ම බස්සලා පියන වහලා ලිපේ තියනකොට චූස්....... ගාලා සද්දෙකුත් එක්ක වාස්ප පිටවෙනවා පෙන්නලා එයින් පස්සේ අර ඇතුලට බස්සාපු බාජන ටික අරං පෙන්නනවා..හම්මේ බලන්ට වටින දරුසනේ... ඒවායේ දාලා තියෙන බත්..වෑංජන බොහෝම ලස්සනට දුං දදා තියෙනවා...

එහෙම ඉතිං ඇඩ් වලින් දැක්කට මොකෝ මෑතක් වෙනකල්ම මං ඔය ප්‍රෙෂර් කුකර් ගන මෙලෝ හසරක් දැනං හිටියේ නැහැ... ඒත් මේ අළුත් නවාතැනට ආවයින් පස්සේ මෙහෙ තිබුනා නෙව ඔයින් එකක්... හැබැයි ඉතිං ඒ හැටි වැඩ ගත්ත පාටක් පේන්න තිබුනේ නැහැ... ඔය තියෙන පින්තූරේ වගේ බොහෝම පොඩි පහේ එකක් තමා ඉතිං තිබුනේ...

ඒත් ඉතිං ඕක තිබුනට ඔය නොදන්න සිල්පෙට ගොහින් වරිගේ නහගන්නේ මොටද කියලා හිතලා මං නෙවෙයි ඕකෙන් වැඩ ගන්ට ගියේ... ඒත් එහොම ඉද්දී තමා දවසක්දා මට මේ බොලොගයක් අස්සේම කියවන්ට ලැබුනේ ප්‍රෙෂර් කුකර් එකෙන් පොලොස් තම්බලා උයන කතාවක්.. කතාව කිව්වේ කාගේ හරි බ්ලොග් එහෙක කොමෙන්ටුවක් හැටියට ඊමේල් කවිකාරි අක්කා තමයි... එදා තමයි මටත් හිත ගියේ මේකෙන් වැඩක් ගන්ට ඕන නේද කියලා... එහෙම හිතලා ඒකෙන් වැඩ ගන්නා හැටි දන්න කියන කෙනෙකුගෙන් අහගෙන කොරගෙන වැඩේට අත ගැහුවා...

හප්පට සිරි මේක සෝක් බාන්ඩයක් නෙව... අපි පැය ගණන් තම්බන කොරන බොහෝමයක් දේවල් මේකෙන් එයිට වඩා බොහෝම අඩු කාලයකදී නියමෙට කොර ගතෑකි... ඒ වගේම තම්බන දේ මොනවා උනත් ඒකේ පෙනුම..තත්වය අපි නිකං වතුර හැලියේ දාලා තම්බනවට වඩා බොහෝම හොදට ආරස්සා වෙන හැටියට තම්බා ගන්නත් මේක රජ භාණ්ඩේ...

කඩල..මුං ඇට වගේ දේවල් වගේම අල..බතල වගේ දේටත් යහපති... මයියොක්කා තැම්බිල්ලටනං (නිකං කින්ඩියට හිනා වෙන්ට එපා...මඤ්ඥොක්කා කියලා ලියන්ට මං දන්නවා හරිද ඩෝව්.. මෙහෙම ලියන්නේ මගේ කට වහර හුරු මයියොක්කා කියලා හින්දයි..ඈ..) මං මේක පාවිච්චි කොරන්න ගියේ නැහැ.. මොකද මයියොක්කා තැම්බිල්ල පියන විවෘත කරාපු එහෙක කරන්නට ඕනෑ කියලා මතයක් තියෙන හින්දා... අනිත් ඕනෑ දේකට මේක ඔට්ටුයි...

මේකෙන් වැඩ ගැනිල්ල මට කොයි තරං හුරු උනාද කිව්වොත් දැන් මං නිතරම බත් උයන්නේ මේකේ ආධාරයෙන්... බත් ටික නිකං මුතු ඇට වගේ අයා ගතෑකි... බෙරි වෙන්නේ අනං මනං නැතිව... එතැනින් ගියාම හුගක් වෙලා තම්බලා උයන්න වෙන ජාති.. ඒ කිව්වේ මේ පොලොස්.. වස්ටක්කා.. වගේම මුරුංගා ඉවිල්ලත් මං මේකේ ආධාරයෙන් කරන්න හුරු උනා... හැබැයි මුලින්ම වංගියේ මං ඇල් වතුරෙන් තම්බලා අරං උයලා රහේ පොඩි මදි මදි ගතියක් දැනුන හින්දා පස්සේ මං යන්තමට දිය කිරට ලුනු කලවං කොරලා ඒ දියරෙන් තම්බගෙන... ඉතිරි වෙන දියරයත් හොද්දට මුහු කොරලා අරං නියම රසේ ගන්ටත් සමත් උනා... මොකද ඔය මුරුංගා වල එහෙම රසේ ඒවා තැම්බෙද්දී ඒ තම්බන වතුරට මුහු වෙනවා.. ඉතිං අපි තම්බාපු වතුර ටික නැතිව හොද්දට ඒවා දාගත්තොත් අර නියම රසේ නැතිව යනවා... ඒ ටික අල්ල ගත්තට පස්සේ දැන්නං ඉතිං මේක සෑහෙන වැඩ ගත හැකි මෙවලමක් තමා ඕං... වංගියක් මං කිරි කොස් හදන්ටත් මේකෙන් මුලින්ම කොස් ටික තම්බාගෙන හිටියා.. ආයේ ඉතිං කිසිම අවුලක් නැහැ...

ගෑස් ගණං වගේම කාලය බොහෝම වටිනා දෙයක් වෙලා තියෙන මේ වගේ කාලෙක ප්‍රෙෂර් කුකර් භාවිතය ගෙදර දොරේ ආර්ථිකයට බොහෝම හොද උදව්වක් වෙනවා වගේම කාලය ඉතිරි කර ගැනීම හරහා සෑහෙන ඵලදායීතාවයක් ඇති කරවන දෙයක් හැටියටත් හඳුන්වන්න ඇහැකි. කොටින්ම වෙනදට මට බතකුයි මාළු තුනකුයි හදාගන්න යන වෙලාවෙන් දැන් යන්නේ තුනෙන් දෙකක වෙලාවක් විතරයි... ඒ වගේම වෙනදට වඩා පොඩි ගෑස් (කිලෝ 5හේ)ටැංකියෙන් දවස් දහයක් විතර උයන්නත් ඇහැකි...  එහෙම බැළුවම මේක සෑහෙන වාසිදායක ආතල් භාණ්ඩයක් නෙවෙයිද හා..?

එකම දේ මේක පාවිච්චි කරද්දී සිහි කල්පනාවෙන් පාවිච්චි කොරන එක විතරයි... නියමිත ආකාරයට පියන වැසී ඇද්දයි බැලීම.. ප්‍රෙෂර් කන්ට්‍රොල් ගැජට් එක නියමිත පරිදි සවි කර ඇද්දැයි බැලීම... වාෂ්පය පිට වෙන්න ආසන්න වෙද්දී එම වාෂ්පය නොවදින තරමේ දුරක් භාජනය හා තමා අතර පවත්වා ගැනීම.. උපකරණය හානි වී ඇද්දයි නිතර සොයා බලා කටයුතු කිරීම වගේ දේවල් හරි වැදගත්.. ඒ ඇරුනම ඉතිං මේකෙන් තියෙන වාසිය නං අනන්තයි අප්පරමාණයි ඕං...

මං මේ ටික කිව්වේ මේ දැනටත් මේවා පාවිච්චි කොරන අයට නෙවෙයි... තාමත් මේකට යොමු වෙලා නැති උදවියට... එහෙම අය නැති වෙන්ට බැහැ..මොකද මාත් මෙච්චර කාලයක් උයලා මේ මෑතකදී තමා මේකට හුරු උනේ.. එහෙවු එකේ තවත් ඕන තරං අය හිටීවි තාම මේ ගැන කල්පනාවක් නැති... ආන්න ඒයට අතරින් එකම එක්කෙනෙකුට හරි මේක වැදගත් උනානං ඒ මදෑ... ඒ වගේම තාම මං දන්නෙත් නැති මේ සම්බන්ධ කාරණා ඒ ගැන දැනුවත් උදවිය විසින් ලබා දෙනවනං ඒක මටත් තව බොහෝමයක් අයටත් පොරයෝජනවත් වේවි...

27 comments:

  1. wtina updes tikak..niyamai.
    Jayawewa

    ReplyDelete
  2. ඔය වගේ එකක් අපේ ගෙදරත් තියෙනව බං. ඒකනං ටිකක් ලොකු එකක් හින්ද තාම පාවිච්චි කරල තියෙන්නෙ දෙතුං පාරයි. ඒකත් ඔය කඩල තම්බන්න වගේ දේවල් වලට විතරයි. මාලුව උයන්නනං තාම ඒක පාවිච්චි කරල නෑ.
    ඕක පාවිච්චි කරනකොට සම්පූර්ණයෙන් ප්‍රෙෂර් එක පිටවෙනකල් පියන නොඇර ඉන්නත් වගබලාගන්න එක ඇඟට ගුනයි.

    ReplyDelete
    Replies
    1. මඤ්ඤොක්කා කියල ලියෙන්නෙ මෙහෙම නෙමෙයිද?

      Delete
    2. ප්‍රසන්න කිව්ව දේට කවුරුත් අවධානය යොමු කල යුතුයි.
      ලිප නිවා දැමූ පසුත් අන්තිම ෂූ..ෂූ..ගෑවිල්ල ගියායින් පසුවත් මැද තිබෙන කලු නොබ් එක උඩට ඇද,අන්තිම වායු පොදත් පිට වූවායින් පසුව පියන අරින්න.
      පියන අරින්න හදිසියක් නැත්නම් ලිප් නිවා අර නොබ් එකට ගෑරුප්පුවක් වැනි දෙයක් රදවනයක් ලෙස තබා වෙන වැඩක නිරත විය හැක.
      හැඩලය දෙපැත්තට අරින්න බැරි තදක් තියෙනව කියන්නෙ ඇතුලෙ වායුව තිබෙනව කියන එක.එහෙම තියෙන විට අඩු මිටි භාවිතා කළහොත් ඔබේ පැන්ට්‍රියත් කුඩා "බොස්ටන්"අනතුරක් විය හැක.

      Delete
    3. කෙන්ජි අයියත් හරි කියන්න ආ දේ ප්‍රසන්න කියලා හරියටම මූට මේ වචනේ වැරදිලා තමා. ඔන්න හරි එක ප්‍රසන්න ලියලා තියනවා.

      Delete
  3. මේ අපිට පෙෂර් දෙන්නද යකෝ එක පාර තුනක් විතර ඔබන්නේ. හැක්

    ReplyDelete
  4. අපේ ගෙදර ප්‍රෙෂර් කුකර් එකක් තියෙනවා නං තමා. ඒත් ඒක හැමදාම වැඩ කරන්නේ නෑ. ඒත් මං හොදටෝම බීල ආපු දවසක් උනොත් නං ඒක පුපුරන්න සයිස් එකටම වැඩ.. මං දන්නේ එච්චරයි.. හැක්

    ReplyDelete
  5. අපේ ගෙදර නම් ඉන්නව ඕක ගැන විසේසන්න කෙනෙක්...( අඩෝ ලියන්ඩ දන්නව හරිය ) .. ඕකෙන් සුටුස් ගාල වටලප්පන් හදන්ඩ ඇහැකි.... තව කූරි මාලු වලට පහේ හෙම දාල කටුත් එජ්ක කන්න පුලුවන් ( සැමන් වගේ ) විදිහට හදන්න පුලුවන්... වැඩි විස්තර නම් මගෙන් අහන්න එපා...

    මෙන්න මම දන්න ඒව... ඕකෙන් අති ප්‍රබල බෝම්බයක් හදන්න පුලුවන්....

    මෙන්න බඩු...

    http://m.youtube.com/#/watch?v=aD_Ufn1ROw0&desktop_uri=%2Fwatch%3Fv%3DaD_Ufn1ROw0

    ReplyDelete
    Replies
    1. හරි අපි එයාගෙන්ම අහගන්නම්කො ...

      Delete
  6. අද නිවාඩුව නෙට් එකේම ගෙවන්න පාටයි හදන්නේ ...හික්..හික්..

    ReplyDelete
  7. මාත් ඉස්සර නම් ඔය භාණ්ඩයට බයයි ..ඕක පුපුරලා තුවාල අය ගැන අහල තිබ්බ නිසා . දැන් නම් පාවිච්චි කරද්දී තේරුනේ පහසුව . දැන් එන ඒවායේ සේෆ්ටි වැල්ව් එකක් තියෙන නිසා අනතුරු අඩුයි ,..හැබැයි කලබලේට ඇරලා වාෂ්ප වලට පිච්චුනා මගේ ඉන්දියන් යාළුවගේ අම්මා ලඟදි . ඉන්දියාවේ කාන්තාවෝ උපදින කොට ඔයින් එකක් අරන් එනවා මන් හිතේ ,. ඒගොල්ලන්ට නැතුවම බැරි දෙයක් . කොටින්ම මන් හිතා හිටියේ ඕක ඉන්දියාවේ විතරක් තියෙන එකක් කියලා ..බලනකොට ආසියාවේ හුඟක් රටවල තියෙනවා

    ReplyDelete
  8. ප්‍රෙශර කුකර් එක කියන්නේ නිවසකට සෑහෙන ප්‍රෝයෝජනවත් භාන්ඩයක් . මම නම් සෑහෙන්න වැඩ ගන්නවා . සුප් හදන්න , කඩල තම්බන්න , වටලප්පන් , පුඩින් හදන්න . ගොඩක් කාලය ඉතුරු වෙනවා වගේම . ලඟටම වෙලා ඉන්නත් ඕනෙ නෑනෙ .

    ReplyDelete
  9. වෙඩින් එකට හම්බ උන එකක් තිබුනද කොහෙද, අරගෙන බලන්න ඕනි..

    ReplyDelete
  10. හනේ අප්පේ ඔයින් එකකින් වෙන්න ගිය වින්නැහියක් මේන්න මෙතන කොටලා ගිහින් බලන්න

    ReplyDelete
  11. // හැබැයි ඉතිං ඒ හැටි වැඩ ගත්ත පාටක් පේන්න තිබුනේ නැහැ...//
    හැබැයි මලයෝ ඔයා දැන් දැන් වැඩ ගත්ත නැති එවයින් වැඩ ගන්න බවක් නං පේනවා. රට්ට් මඩට මොනවා කිවුවත් සහෘදයකුට මං සුබ පතනවා.
    වැඩක් නොගත් එකකින් වැඩ ගන්න කියල දුන්න කවිකාරිටත් පිං තමා.
    අඩෝව්..... මාර මලයා දැන් වැඩ ගන්නෝ......

    ReplyDelete
  12. ඕකෙන් මුං ඇට, කඩල හෙම තැම්බුවාම වාශ්පෙත් එක්ක විදිනවනේ බං අර දුඹුරු පාට වතුර ඒක උඩයි, අවටයි හැම තැනම ව්සිවෙන්න. :(

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ ගෑස්කට් පරණ උනාම.එක්කො වතුර ලෙවල් වැඩි උනාම. රුපියල් 150 කට පුන්චි ගෑස්කට් එක සිංගර් බොරැල්ල වෙතින් ගත හැකි

      Delete
    2. ඩුඩට ලබන අවුරුද්දෙ එනකං ඉන්න වෙනවා සිංගර් බොරැල්ලට යන්න.

      Delete
  13. හැලපයගෙ ඉස්ටයිල් එකට ලියාගෙන ලියාගෙන ගිහිං තියෙන්නෙ. අත්දැකීමෙන් තේරේවි පොඩි පොඩි ලීක් එනකොට ගැස්කට් පරණයි කියලා. ඇත්තෙන්ම මම ලියන්න හිටපු පෝස්ට් එකක් මේ. අපි ලිව්වොත් නයි යන නිසාම නොලියා හිටියා. ගොඩක්ම සතුටු රටේ ඩොලර් ටික බේරෙන එක ගැන මාරයෝ. අපි ට්‍රැෆික් එකේ හිරවෙලා හිටියත් ලිප පත්තු කරගෙන හිටියත් පිච්චෙන්නෙ රුපියල් නොවෙයි. ඩොලර්.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමියව කොමන්ට් එහෙකින් දැක්කත් ජීවමානව දැක්ක වගේ සතුටක්.
      ගිය ගමන් බිමන් ගැන ලියන්නකො වාද,බේද දුරලා.

      Delete
    2. //අත්දැකීමෙන් තේරේවි පොඩි පොඩි ලීක් එනකොට ගැස්කට් පරණයි කියලා.//
      මෙහෙම මූණටම කියන්න හොදද අනේ...
      (මාර මලයෝ මේ ජෝක් හරිය.)
      කවි කාරියේ කමෙන්ට් වහල හරි ලියන්න ගන්න. ඇනෝ කමෙන්ට් රසයක් සේ හිතන්න. ඒවා ගැන ඒ තරම් වද වෙන්න එපා.

      Delete
  14. Maru baduwak wage pressurr cookr eka

    ReplyDelete
  15. හරක් මස් චිකන් වගේ හැදෙනවා සුටුස් ගාලා....
    දැන් ඉතින් මාරයා ගිනි තියාගන්න ඕන නෑ.. මම හරක් මස් කනවා කියලා...

    ReplyDelete
  16. කුකරි කැලෑසියේ උයන්නේ ඕකෙන් නේද බන් අයියේ...?

    ReplyDelete
  17. යකෝ මේකා ප්‍රෙෂර් කුකර් එකක් දකින්ඩ ගිය කල්. මාරයෝ, ප්‍රෙෂර් කුකර් එකේ මඤ්ඤොක්කා (අනේ අපි ලියන්ඩ නොදන්න මඤ්ඤොක්කා) තම්බන්ද හොඳ නෑ. මඤ්ඤොක්කා වල සයනයිඩ් තියනවලු. ඒ නිසා තමයි මඤ්ඤොක්කා තම්බනකොට ඇරලා තියන භාජනයක තම්බන්නේ. හොඳ වැඩක් කියන්නම්. හොඳ අලුත් හුරුල්ලෝ ටිකක් අරන්, තද ගින්දරේ පැයක් විතර ප්‍රෙෂර් කුකර් එකේ තම්බන්න. (වතුර අඟල් දෙකක් විතර දාන්න) හුරුල්ලෝ සැමන් වගේම වෙනවා. මාර රහයි මාරයෝ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  18. කවිකාරී නැන්දා ඕක කිව්වේ මගේ අර පොල්කටු අඟුරු ලිපේ පෝස්ට් එකේද කොහෙද... ඒක කියලා දැන් අවුරද්දක් විතර ඇති.... හි හි..

    මං නං ගොඩ කාලෙක ඉඳලා ප්‍රෙෂර් කුකර් රසිකයෙක්.. අපෙ අම්ම තමයි පුරුදු කළේ... මඤ්ඤොක්කා වගේ ඥරුස් වෙන ජාති නම් ඕකේ එච්චර සාර්ථක වෙන්නේ නෑ.. මුං ඇට උනත් දෙපාරක් තුන්පාරක් තම්බන කොට තමයි හරියටම ගානට වෙලාව හදාගන්න පුළුවන් වෙන්නේ... මං නං සාමාන්‍යයෙන් බත් උයන්නත් ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරනවා... ඉට්ලි වගේ ඒවා හදන්න වෙනම ගන්න පුලුවන් කෑල්ලක් එනවා දැන්.. ලේසියි පහසුයි අරපිරිමැස්මයි.. හි හි...

    ( ඕකේ පොලොස්, බතල එහෙම හැදුවාම මාර වාතේ.... අර කොහොල්ලෑ ගතිය වටේටම හිටිනවා.. ආයිත් යැවිලි බොරු පණ දාගෙන අතුල්ලන්නේ නැතුව... බාපු ගමන් උණ වතුර ටිකකුත් තියන් ඉක්මණට හෝදලා දාන්න ඕනේ භාජනේ...)

    ReplyDelete
  19. .ඔන්න ඔහොම එකක් තූර්යවාදන සහිතව වඩම්මාගෙන ආව. අයියෝ ඔන්න පෙට්ටියක් තාමත් වැඩ ඉන්නවා. භාණ්ඩෙ ලොකු වැඩියි අපේ පුංචි පවුලට.. ඕන සුද්ද කරන්න යන කාලෙ වැඩ දහයක් කරන්න පුලුවන් කියල ආපහු පෙට්ටියටම දැම්මා.

    ReplyDelete