20 June 2013

හොඳ ඡායාරූපයක් ගන්නේ කෙසේද..? විශිෂ්ඨයකුගේ උපදෙස්...

ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන පස්ට පල් බොරුව තියෙනවා නේද..? ආන්න ඒක බොරු කියලා ඔප්පු කොල බොහෝමයක් දෙනා මේ ලෝකේ ඉන්නවා... එයින් එකෙක් තමා මේ මංතුමා... ආයෙත් අහලා මං තමා යකුනේ... දැන් බලහල්ලා මේ වෙනකල් කියපු කොරපුවා ගත්තම මංතුමා මහදැන මුත්තගේ මුත්ත වෙන්න තරං B.පණ්ඩිතයෙක්නේ... ආයේ ඉතිං කැකිල්ලේ රජ්ජුරුවන්ට පුරෝහිතකං කොල පරම්පරාවේ වෙච්චි කොට ඒක ඉතිං අරුමයක් නෙවෙයි නෙව...

ඉතිං ඔය මංතුමා දන්න දාහකුත් එකක් සිල්ප කලා අතරින් එකක් තමා මේ ඡායාරූප සිල්පේ.. ඇත්තම කිව්වොත් මං ඔය ඡායාරූප ශිල්පයේ කෙල පැමිණි මානවකයෙක් වෙන්ට කලියෙන් තමා ඒ පිළීබද ප්‍රවීණ විචාරකයෙක් බවට පත් උනේ.. කොටින්ම මයේ විචාර හින්දම තමුන්ගේ ඡායාරූපකරණ ජිවිතේ ජය කෙහෙලි නංවපු බොහෝමයක් දෙනා අද මේ අපි අතරේම ඉන්නවා... ඕනනං ඒ ගැන සාක්කි විදිහට අපේ අර බනියාතුමාව උනත් ගතෑකි... ඒකා කැමරාවක් ගත්තට මොකද කවදාවත් පොටෝවක් හරියකට ගන්න දැනං හිටිය එකෙක් නෙවෙයි.. පස්සේ පස්සේ මගේ උපදෙස් හින්දම මේ වෙද්දී ඒකා පරිණත ඡායාරූප සිල්පියෙක් වෙලා තියෙනවා.. ඒවා ඉතිං කියද්දිත් මගේ හිතට සංතෝසයක් දැනෙනවා... අද ඒකා කොච්චර දියුනුද කියනවනං කැමරාව අඩු ගානකට විකුණලා දාලා දන්න කියන ලී කොටං රස්සාව කරගෙන ජිවිතේ ගැට ගහගන්නවා කියලා තීරණයකටත් ඇවිල්ලා...

එතැනින් ගියාම අර අපේ බ්ලොග් ලියන සුදු පූසා... ඌ තනිකරම ඡායාරූපකරණයේ විශිෂ්ඨයෙක් හැටියට.. ඡායාරූපකරණයෙන් සමුගත්තේ මේ මට පින් සිද්ධ වෙන්න.. ඕවෑ අතුරු කතා කිය කිය ඉන්න මට වෙලාවක් නැහැ.. ඕනෑමනං උන්ගෙන් අහගන්න එකයි ඇත්තේ මගේ මේ සද්ගුණවත් වැඩවල තරම... :D

හරි එහෙමනං අද මං මේ කරන්න යන්නේ මගේ ඔය දාහකුත් එකක් හැකියාවන් අතරින් එකක් වෙච්ච මේ ඡායාරූපකරණය සම්බන්ධව ඇති හැකියාවෙන් ඒ ගැන උනන්දුවක් ඇති ඔහෙලාට යම් කිසි වැදගත් පාඩමක් කියා දෙන්නයි...

ඇත්තටම මේකට මග පෑදුනේ මේ දැන් සුළු වෙලාවකට කලියෙන් මූණු පොතේ දැකපු කතාවක් තමා... ඒ කිව්වේ අපේ මේ මූණු පොතේ සහෘදයෙක් වෙච්ච මනෝරම වීරසිංහ ළමයා අළුතින් කැමරාවක් අරගෙන ඒ ගැන වරුණාව ඇද බාලා තියෙනවා දැකලා...

ඉතිං ඒ වරුණාව අස්සේ මනෝ කොලුවා අවසානෙට කියනවා මෙන්න මෙහෙම...

// කෙ‍සේ හෝ හොද පින්තූරයක් ගැනීම එකම අරමුණයි...//

ඉතිං ඒක දැක්ක ගමන්ම තමා මට තේරුනේ මේ ආධුනික ඡායාරූපකරණ ශිල්පීන්ට මගේ මේ සුපිරි මෙව්වා එකෙන් උපදේසයක් දුන්නම මොකද වෙන්නේ කියලා... ඇත්තටම ඔය කැමරා තියෙන හැමෝම විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෝ වෙන්නේ නැහැ... ඒකට හොද ඇහැක් වගේම හොද මොලයක් තියෙන්නත් ඕන.හොඳ පරිකල්පන මෙව්වා එකක් තියෙන්න ඕන.. ඒ වගේම හොඳ ගුරුවරයෙකුගෙන් උපදෙස් ගන්න ඕනෑ... එහෙම නැත්තං මේ කැමරා තියෙන හැම එකාම විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෝ වෙන්න එපෑ.. ඒත් එයාලා එහෙම වෙන්නේ නැත්තේ අන්න අර මං කිව්ව හොද ඇහැයි.. පරිකල්පන මෙව්වා එකයි නැති කම හින්දා තමා... ඒ වගේම හොඳ ගුරු උපදෙස් නැතිවීම...

ආන්න ඒ හින්දා තමා කැමරාකාරයෝ වැඩි උනාට ඒ හැම කැමරාකාරයෙක්ම හොඳ කැමරාකාරයෙක් නොවෙන්නේ... :D

රයිටෝ එහෙමනං වැඩි කතා මොටද..? මනෝරම ළමයා අර විදියට කිව්ව ගමන් හිත උනු උන මංතුමා එවෙලේම දුන්නා ඒකට උපදේසේ.. මං ෂුවර් එකට දන්නවා දැන් ඉතිං පැය විසි හතරෙන් ඒකානං හොඳ ඡායාරූපයක් ගන්න විත්තිය... අපේ උන්දලා මාස ගනන් අවුරුදු ගණන් බඩ ගාලා බඩ ගාලා පන්ති ගිහිල්ලා අවුරුදු හත අටක් ගිහිල්ලත් හොඳ පොටෝවක් ගන්න බැරිව දගලද්දී නිකංම නිකං පැය විසි හතරෙන් ඒ දස්කම දක්වන්න හැකියාවක් ලැබෙන්නේ ඉතිං මේ මං වගේ සුපිරි ඝණයේ ගුරුවරයෙකුගේ අවවාද අනුසාසනා ලැබුනොත් විතරමයි... (ඔව් ඔව් ළගදී පන්ති පටන් ගන්නවා.. එතකොට වරෙල්ලා ..:D)

ඉතිං මං කල්පනා කලා මනෝරමයන්ව පැය කිහිපයෙන් උසස් පොටෝවක් ගන්න යොමු කරවපු ඒ උපදේසේ ඔහෙලටත් දිලා දාන්න... ආයේ ඉතිං ගුරු මුට්ටි නැහැ... ඇන්දිලි නැහැ... ආලවට්ටං නැහැ..කෙලින්ම ගේමනං ගේම.. මෙන්න උපදේසේ...

කැමරාවක් ඇති සෑම ඡායාරූප ශිල්පියෙකුගේම සිහිනය වන තමුන්ගේ කැමරාවෙන් හොඳ ඡායාරූපයක් ගැනීමේ පහසුම හා නොවරදිනම මග...

මේ සඳහා ඔබට උවමනා වන්නේ අන්තර් ජාල පහසුකං ඇති කොම්පීටරයක් සහ තමුන් සන්තක හෝ අන් සතු උනත් ටික වේලාවකට ඉල්ලා ගත් මොකාක් හෝ කැමරාවක්... පමණයි... 

මුලින්ම යන්න ගූගල් දෙයියා ගාවට ගිහින් හොයන්න එදා මෙදාතුර ලෝකයේ හොඳම ඡායාරූප මොනවද කියලා...  එහෙම කරලා ඒ අතරින් තමුන්ගේ හිතට අල්ලන.. තමුන් ගන්න කැමති විදියේ හොඳ ඡායාරූපයක් තෝරගන්න.. මතක ඇතිව හදිසි නොවී හොදම එකක් තෝරගන්න.. මොකද මේක තමුන්ගේ ජීවිතේ අමරණිය අවස්ථාවක්.. ආයේ ලේසි නැහැ... තමුන් මේ ගන්න යන්නේ තමන්ගේ ජීවිතේ හොඳම පොටෝ එකක් මුල්ම වතාවට.. ඒ හින්දා හොඳ එකක් තෝර ගන්න කලබල නොවී...

හරි දැන් ඒක තෝර ගත්තනං ඒක ටිකක් විසාල කරලා ඕපන් කර ගන්න මොනිටරේ පිරෙන්නම...

හරි දැන් ඔබ සූදානම්.. දැන් ඉතිං තියෙන්නේ තමන්ට පහසු ආකාරයකින් කැමරාව මානන්නයි මොනිටරේට... මෙතනදිත් කලබල වෙන්න දෙයක් නැහැ... හිමින් සීරුවේ පුටුවක වාඩි වෙලා කැමරාව ඕනනං තමනුයි මොනිටරෙයි මැදින් තියා ගත්ත මේසයක් උඩින් උනත් තියලා... මානන එකයි ඇත්තේ මොනිටරේට... ඔය කැමරාව සීරු මාරු කරන්න ඇහැකි එකක්නං එහෙම කරලා මොනිටරේ ගානටම කැමරාව සීරුමාරු කොලාම හරි... කැමරාව එහෙම බැරි අර පරණ ජාතියේ වන්ටෙන් එකක්නං කරන්න තියෙන්නේ තමුන් මොනිටරේට කිට්ටු වෙලා කැමරාව මොනිටරේට අල්ලන එකයි.. එතකොට මූණ පිරෙන්න.. නැහැ මං කිව්වේ මේ කැමරාව පිරෙන්නම මොනිටරේ තියෙයි... 

හරි එහෙමනං දැන් හැම දේම තිතට තියෙනවා... දන් ඉතිං දෙයියෝ බුදුන් සිහි කරලා..(අන්‍යාගමිකයින් තම තමුන්ගේ අදහන ආගමක් සිහි කරන්න..) දෙවැනුව ඕනනං මාවත් සිහි කරගන්න.. (නැහැ නැහැ අපේ මෑණියන්ව සිහි නොකලට කමක් නැහැ.. උන්දෑ මගේ මේ ඡායාරූපකරණ හැකියාවටවත්.. මගේ උපදෙස් දීමේ හැකියාවටවත් මොනව ආකාරයකින්වත් සම්බන්ධයක් නැහැ.. මේවා එහෙං පිටිංම මගේ උත්සහය මත මංම හදාගත්ත දේවල්...) එහෙම සිහි කරන දේවල් සිහි කරලා නමෝ විත්තියෙන් කැමරාවේ පොටෝ ගන්න බටන් එක ඔබන්න... (ඒක කෝකද කියලා කලින් හැම එකම ඔබලා හොයා ගන්න එකයි ඇත්තේ ඒක නොදන්න උන්..)

හරි ඔන්න දැන් ඔබටත් තියෙනවා ලෝකයේ හොඳම ඡායාරූපයක් ගත්ත ඡායාරූප ශිල්පියෙකුට ඇති අභිමානය.. තෘප්තිය... වචනයෙන් විස්තර කල නොහැකි ආහ්ලාදය...

සංතෝසයි නේද..? සංතෝස වෙන්න සංතෝස වෙන්න.. මේ වගේ වෙලාවක නැති සංතෝසේ අහවල් වෙලාවකටයෑ...

හරි එහෙමනං මෙන්න මගේ උපදෙස අහවරයි.. මගේ මේ වැදගත් උපදේසය හොඳින් හිතට ගත්තු ඔබ සියළු දෙනාටම ඡායාරූප ශිල්පයේ දිගු ගමනක් යන්නට වරම් ලැබේවා... කවදා නමුත් කොහේදී හරි තමුන්ට මේ ඡායාරූප සිල්පය ගැන යම් කිසි ඇගයීමක් ලැබුන දවසට.. (එහෙම ලැබේවා කියලා මං පතනවා ලේසියෙන් වෙන්නේ නැති උනත්..)  ආන්න එදාට මේ අපිවත් සිහි කරලා පින් දෙනවා හොඳයි..

හරි එහෙමනං මං ගියා... සියළු දෙනාටම සුභ අනාගතයක්...!

74 comments:

  1. සෑහෙන්න වටින උපදේසෙ... මමත් කොරල බලන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. කරලා බලලා නිකං ඉන්න එපා.. අපිටත් උඹේ හැකියාව දැක ගන්න ගත්ත පින්තූරේ දාහං ඈ...

      Delete
  2. මට වචන මතක් වෙන්නෙ නෑ මේවට කියන්න :D

    ReplyDelete
    Replies
    1. :D

      මෙන්න මේ වගේ වචන ටිකක් තමා එන්න ඕන...
      අති විශිෂ්ඨයි..උත්කුරුස්ටයි...

      Delete
  3. සැහ් ගූගල් පීරන්න කීවාම මම හිතුවා හොද නිර්මාණ අධ්‍යන‍ය කරන්න කියනවා කියලා. ඔච්චර ඕනේ නෑ.මුලින්ම මොකක් හරි ස්ටූඩියෝ කියලා පේජ් කෑල්ලක් අටවගන්න. ඒකේ ප්‍රොෆයිල් පික් එකට කැමරාවක් දාන්න. ඔය කාගෙ හරි වැඩිය ප්‍රසිද්ද නැති කෙනෙක්ගේ පින්තූර අරන් කොපි කරලා තමන්ගේ නමත් ගහලා දාන්න

    ReplyDelete
    Replies
    1. අසංකගේ කොමෙන්ටුව හතර පස් පාරක් වැටිලා තිබිලා එකක් තියලා අනිත්වා මකලා දැම්මා ඕං...

      ප්‍රසිද්ධ නැති අයගේ පොටෝවලට නං ගහලා මක්ක කොරන්නද..නම ගහනවනං ගහන්න ඕන නමක් තියෙන අයගේ ඒවට...

      Delete
  4. ඡායාරූප ශිල්පයේ කෙල පැමිණි මානවකයෙක්ගෙන්‍ කෙල බේරෙන උපදෙස්.

    අනේ ඉතිං අර මනෝරම හාදය දැං ගූගලේ පෙල්ලගෙන ෆොටෝ හොයනව ඇති.

    ඔයිට වැඩිය ලේසියිනෙ ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරල ඒක යටිං තමංගෙ හංවඩුව ගහගත්තනං.

    ReplyDelete
    Replies
    1. එහෙම ඩවුන්ලෝඩ් කරලා නම ගැහුවට ඒක තමුන් කැමරාවෙන් ගත්තු හොඳම ඡායාරූපයක් වෙන්නේ නැහැනේ ප්‍රසා.. කම්මැලි නැතිව කියපු විදියට වැඩ කොරහං මගෙන් අහගන්නේ නැතිව හොදවෑයින් දෙකක්...

      මනෝරම කොලුවා එයින් පස්සේ තාම දැක්කේ නැහැ...

      Delete
  5. අසංක හෙන්දහේවා

    :o

    ReplyDelete
  6. ෂා මාරු උපදේසය, අනේ අම්මාපා මිට කලින් මෙහෙම උපදේශයක් ලැබුනේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. මම පහුගිය ටිකේ බොලා ලියාපු පොටෝ ගැනිල්ල ගැන විස්තරත් කියෙව්වා... ඒත් මං හිතන්නේ බොලාට මගේ මට්ටමට එන්න තව කල් යයි.. :D

      Delete
  7. ෂා මාර උපදෙස් ටිකක් වෙන්ට ඇති... මමත් ඡායාරෑප කලාව හදාරන්න ඉන්න නිසා මාරයා අයියගේ මාර උපදෙස් ටික වැදගත් වෙයි. සේව් කරලා තියා ගන්න ඕන පස්සේ කියවන්න. දැන් වෙලාව නැහැ...

    පසුව,
    තුහ්හං නොදොමකින් මේ මොනව ද මේ පොර ලියල තියෙන්නේ! ඡායාරෑප කලාව නෙමේ මේකට කියන්‍නේ කාලය කන කලාව කියලා. :D

    ReplyDelete
    Replies
    1. තුක් විතරක්... වැදගත් දේක වැදගත්කොම නොදන්න එවුවෝ... බොලාටනේ අපි මේ නිකංම සිල්පේ බෙදලා තව බැනුනුත් අහගන්නේ.. සික්...

      Delete
  8. කැමරාවක් නැති මටත් කැමරා කාරයෙක් වෙන්න පුළුවන් වෙයි වගේ,

    ReplyDelete
    Replies
    1. අනිවා.. කැමරා මොකටද කැමරා ශිල්පියෙක් වෙන්න... එහෙමනං ඉතිං පයිලට් කෙනෙක් වෙන්න ප්ලේන් එකක් තියෙන්න ඕන වෙයි... අතාරින්න එපා...

      Delete
  9. මේක හොද අදහසක් ..

    ReplyDelete
    Replies
    1. ආයේ නැතිව මං වගේ B.පණ්ඩිත විශේෂඥයෙකුගෙන් නරක අදහස් ලැබෙයියෑ...?

      Delete
    2. මොකක්ද බං ඔය B කියන්නෙ 'බුදින' පණ්ඩිත ද?

      Delete
    3. නෑ , බක පණ්ඩිත , :D

      Delete
  10. යකෝ මාරයෝ තොව නං මරන්නම තමා හිතෙන්නේ. මේ මේ උපදෙස් කෙසේ වෙතත් අර ඔයා ගත්ත ගස් බල්ලන්නේ පිංතුර සෙට් එකටනං මං තාමත් මනාපයි.

    ReplyDelete
    Replies
    1. නලී අපි ගත්ත පිංතුර කලු/සුදු ප්‍රින්ටවුට් අපිම ඩේවලොප් කරපු කාලෙ කොහොමද?

      Delete
    2. ඒ කාලේ ගැන මතක් කල එකට ස්තුතියි කෙන්ජි. ( සමාවෙන්න ඔබ දෙදෙනා මැදට පැනීම ගැන. නමුත් මේ අතීතය මතක් උනාම මේක කොටන්නම හිතුනා)

      Delete
    3. ඔන්න ඕකනේ කියන්නේ අපි හොඳ කොරන්න ගිහිල්ලත් බැනුං අහනවා.. දැන් බලන්න නලින් අයියා දසක දෙක තුනක් තිස්සේ ඔය පත්තර රස්සාව කොලාද..? කෝ.. තාම නම පවතින්න එක පොටෝවක් ගත්තද..? නැහැනේ.. දැන්වත් ට්‍රයි කරලා බලන්න මෙහෙම..

      Delete
    4. අම්මප කෙන්ජි අයියේ ඩිවලපර් බාත් වල හයිපෝ නාගෙන ඒව සුද්ද කරල ප්‍රින්ට් බාත් එකේ රතු එළියෙන් පිංතුරෙ ලාවට මතුවෙනකොට දැනෙන සතුට නිමි හිම් නෑ. ඉතින් අයිලාෂ් ඒ මතකය කොහොම අමතක කරන්නද?

      Delete
  11. මලේ, අපේ අම්මා ඉන්දද්දි උඹ වගේ එවුන්ට කියන්නේ අලුකුත්තේරුවෝ කියලා ...! (ඒකෙ තේරුම නං මම දන්නෙ නෑ .. අම්මා මටත් ඕක දවසකට දෙතුන් පාරක් කියනවා)

    ReplyDelete
    Replies
    1. ගාමිණි අය්ය ඔය ටික වේල පහ කිව්ව එක හොදයි,නැත්නම් මාරය කියයි කන් නැමිලා කිව්ව කතාවක් කියල.

      Delete
    2. අයියට කියන්ට අයියා... අපේ තාත්තා මගේ නමට වඩා මට අමතන්නේ ඔය ගවුරවනාමෙන් ඒ දවස්වල... කොටින්ම මං කාලයක් හිතාගෙන හිටියා ඒක මගේ නමේම කෑල්ලක් කියලා.. තාත්තා විතරක්නං බැරියෑ.. මුළු ගමම මං ගැන හිතුවේ ඔහොමම තමා... ;D

      Delete
    3. දැන්නම් මුළු ලෝකෙම උඹ ගැන හිතන්නේ එහෙම වෙන්න ඇති මයේ හිතේ.

      Delete
  12. මේවා තමයි මාරයගේ ලෑන්ඩ් මාක් පෝස්ට්. කවුරුවත් උඹේ වටිනාකම තේරුම් අරන් නෑනේ. මම යෝජනා කරනවා මාරයගේ මූණ දාලා තැපැල් මුද්දරයක් නිකුත් කරන්න. එතකොට ඒකෙ අනිත් පැත්තට කෙල ගහලා මූණ අර බර සීල් එකෙන් තලලා දැම්මෑකි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මං ගන්නෙම...... (පසුබිමින්: පප්ප පපර පෑන්...) මාරයා ලකුණ මුද්දරම තමයි.

      Delete
    2. හෙන්රි අයියට කියන්න මං උඹලගේ... අහ් නැහැ මගේ කරුමෙකට මේ රටේ ඉපදුනේ.. වෙන රටක ඉපදුනානන් මෙලාකට...

      හිතා ගතෑකිනේ...

      නැහැ අයියා මුද්දර ඕන නැහැ..මං නිහතමානී මනුස්සයා වෙච්චි ඔය ගවුරව සම්මාන මොන එහෙකටද..? :D

      Delete
    3. ඩූඩ්ගෙ කතාවට කටේ ‘මාරයා මාක්‘ මුද්දරයක්ම දාන්න වටිනවා.

      Delete
  13. ඔය මාරයා තුමාව මම ඇදිනගත්තේ කාලෙකට කලින්. ඒ නිසාම මට හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න පුලුවන් වුනා. මේ මම පහලින් දාන්නේ ඒවට සාක්ෂි. මේ ඡායාරූප මම දාන්නේ මගේ හැකියාව පෙන්වන්න නෙමේ. අපේ මාරයට උපහාරයක් විදිහට.

    01. මේ පින්තූරේ මම ගත්තේ උත්සවයකට ගිහින් සිංදු කියලා ආපහු ජාමේ දොලහට එද්දි මහ රෑ. මේ තියෙන්නේ බකමුනෙක් මීයෙක් අල්ලගන්න යන් ඔන්න මෙන්න අවස්ථාවක්. මාරයාතුමාගේ මගපෙන්වීම නිසා මට රෑ පානේ වුනත් දවල් වගේ පින්තූරේ ගන්න පුලුවන් වුනා.

    මෙන්න පින්තූරේ -[ http://images.nationalgeographic.com/wpf/media-live/photos/000/655/cache/gray-owl-mouse_65519_990x742.jpg?01AD=3cAZ1WXWqBA2mGusTWtvMyPWeOMQ-2Ya2qlbIgF1Ut21W1zDE9vsbMg&01RI=878B2542D7009AE&01NA=na ]

    02. මේ පින්තූරේ මම ගත්තේ වත්ත පල්ලෙහා කජු අහුලන්න ගිය වෙලාවේ. ඒ වෙලාවේ මගේ ඉස්සරටම මේ සිංහයා ඇවිල්ලා මම දන්නෙම නැතුව‍. ඇයි මම ගියේ කජ්ජෙ සිහියෙන්නෙ...... කොහොමහරි එදා පෝය දවසක් නිසා මම පොටෝ එකක් ගහගෙන පොරව යන්න ඇරියා. නැත්තං හම ගලෝලා මාරයට සාලුවක් මහනවා‍. තෑගි හැටියට දෙන්න.

    මෙන්න ඒ පින්තූරේ [ http://images.nationalgeographic.com/wpf/media-live/photos/000/646/cache/jaguar-yasuni-winter_64638_990x742.jpg ]

    03. අපි අලුත් අවුරුදු සමරන්න දිගන යාලුවෙක්ගේ ගෙදර ගියා...... මෙන්න යකෝ ගමට අලි පැන්නා..... ඉතින් මම ජීවිතේ පරදුවට තියලා ගත්තා පොටෝ එකක්. මේ පහලින් තියෙන්නේ ඒක. මේකත් මාරයා තුමාට උපහාර පිණිස!


    මේන්න පින්තූරේ [ http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-ash4/320088_588317214520167_1579450_n.jpg ]

    වැදගත්-

    මේ උඩම පින්තූර දෙක මගෙන් අවසර නැතුවම "සුන්දර ස්වභාව ධර්මය - නැෂනල් ජියෝග්‍රැෆික් ඡායාරූප එකතුවෙන් බිඳක්.... [http://vidya-gaweshana.blogspot.com/2013/06/blog-post_3.html]" කියන මාතෘකාවෙන් විද්‍යා ගවේෂණ බ්ලොග් එකේ දාලා තිබ්බා. ඕගොල්ල ඒවට අහුවෙන්ඩ එපා.


    අන්තිමේ කියන්න තියෙන්නේ අපි වගේ පරිනත ඡායාරූප ශිල්පියෝ වෙන්න ඕනෙ නම් මාරයා තුමාගේ උපදෙස් නිතර දෙවේලේ පිලිපදින්න කියලයි.

    ගුරුතුමනි ඔබ සදා දිනේවා!

    ReplyDelete
    Replies
    1. අති විශිෂ්ඨයි බුද්ධි.. අති විශිෂ්ඨයි.. ඔබ වැනි ගෝල පරම්පරාවක් බිහි කරන්නට ලැබුනු එකම මා ලද භාගයක්...

      ප්‍රීතී පුරෝහි.. බුද්ධිය ප්‍රීතී...

      ඇත්ත වශයෙන්ම මේ අරගනෙ තියෙන ඡායාරූප අති විශිෂ්ඨ ඒවා බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... විශේෂයෙන්ම අර ගමට අලියා පැනපු වෙලේ ගත්ත එක... මං හිතන්නේ ඒ ඡායාරූපය මුහුණු පොතේදී සෑහෙන කතාබහට ලක් උනා කියලත් මතකයක් තියෙනවා...විද්‍යා ගවේශණ බ්ලොග් එකට ගේමක් සැට් කරමු...

      Delete
    2. හරියට ලින්ක් නොදැමීම ගැන විරෝධය...

      Delete
    3. බුද්ධි උඹට ශුවර්ද බං අර දෙවෙනි ෆොටෝ එකේ ඉන්නෙ සිංහයෙක් කියල. සමහරවිට බය වැඩිකමට ඌව දැක්ක හැටිය උඹේ කේසර කෙලිං උනාද දන්නෑ.

      Delete
    4. බුද්ධියා නං මාර ගුරාටම වටින ගෝළයෙක් තමා.

      Delete
    5. තිසර, හරියට ලින්ක් වැඩ. හැබැයි මැනුවල් දාලා තියෙන්නේ - සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා යන එකයි තියෙන්නේ...
      ..........

      ප්‍රසා,
      කියන්න බැරි වුනානේ..... කේසර මැකිලා යන විදිහටයි ඒ පොටෝ එක අල්ලලා තියෙන්නේ.... එහෙම පොටෝ ගන්න හැටි කියලා දෙන්න නං මාරයා තුමාගේ ඇඩ්වාන්ස් කෝස් එක ෆලෝ කරන්න ම ඕනේ....
      ...................
      ඩ්‍රැකී,
      ඔයා දන්නේ ඔය ටිකයි. මාර සරණියේ කියලා දීපු සුපවේදී වැඩ පෙන්නලා දැන් මට සති අන්තෙත් නිවාඩු නැති වෙන හැඩක් තියෙන්නේ....

      Delete
  14. මම දැන් වැඩිහිටියන්ට පමණයි කැමරා ශිල්පියෙක්... සුදු කෑලි ගෙදර ඉඳංම (පොටෝ) ගහන්න පුළුවනි...

    ReplyDelete
    Replies
    1. අන්න ඡායාරූප ශිල්පයේ නව මානයක්...

      Delete
  15. අම්මප, විසි තිස් අවුරුද්දක් අර මෙව්ව එක ඔබලත් හරි හමං පින්තූරයක් ගන්න බැඑි වෙච්චි මාත්, අදම ඕකනං කරල බලනවාමයි...!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඉන්දරේ අයියේ... අන්තිමට හරි නියම ක්‍රමය අහු උනානේ.. දැන් වැඩේ දෙන්න තමා තියෙන්නේ... :D

      Delete
  16. යකෝ හෑගොඩල මක්කුන්ද....

    ReplyDelete
  17. මෙන්න ලෝකේ හොඳම ජායාරුප ගුරු! මාරතුමා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ... මං පන්තිය පටන් ගත්තාම සීයාට පණාක ඩිස්කවුන්ට් එකක් දෙනවා ඔය ළමයට...

      Delete
  18. මාරයියගෙ මාර උපදෙස්..අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි...කල්පවතියි...

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව.. හෙහ් හෙහ්...

      Delete
  19. යකෝ මම මේ කුණු හරප හොයනවා බොට බනින්න මේ වැඩ අස්සේ දඩි බිඩි ගාල දුවලා ආවේ........... කනවා බොල..........

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ..මේ තරං වටින දේවල් කියා දීලත් අපිට විඳින්න වෙන්නේ අවනම්බු... අවුලක් නැහැ.. ඔය විත්තිය ධර්මපාලතුමා වේල පහින්ම කියලා තිබුන හින්දා මං සැලෙන්නේ නැහැ...

      Delete
    2. මට කැමරාවක් තිබ්බනං ගහනවා ඒකෙන් බොගේ මාරතට්ටේ කුඩුවෙලා මාර මොළ කැලි එලියට පණින්ඩ

      Delete
    3. ඕකනේ උඹට කවදාවත් හොද කැමරාකාරයෙක් වෙන්න බැරි...

      Delete
  20. අප්පට පුතේ හිටුකෝ මාත් සංගීතයෙන් කෙල පැමිණි එකේ දවසෙන් ඕනෑම භාණ්ඩයක් වාදනය කරන්න උගන්නන පොස්ටුවක් දාන්න

    ReplyDelete
    Replies
    1. දන්න කියන වටිනා සිල්ප අනිත් අයට කියා දීම ලොකු පිනක්...

      Delete
  21. අම්මපා මේ තරම් වටින දේවල් මෙහෙම කියලා දෙන්න එපා බං මාරයියේ.. අපරාදේනේ..

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මං හෙට අනිද්දට සල්ලි අය කොරලා පංතියක් දානවා... :D

      Delete
  22. ඔන්න මම මේ ක්‍රමය පාවිච්චි කරලා ගත්ත විසිස්ට චායාරූපයක්... බොහොම ලස්සනට හැඟීම් ඉස්මතු වෙන විදිහට තමයි ගත්තේ... ත්‍රාසය, භීතිය, කුතුහලය අපූරුවට තියනවා... සුංගාරෙත් ලාවට තියනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. ෂා..ෂා... මේකනං අනර්ඝයි...

      Delete
  23. මාරයගෙ උපදෙස් නං මේ රටටම ගැළපෙනවා. උඹ කොහෙද මගෙ දෙය්යො ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. උඹේ ගංපළාත අහලම තමා...

      Delete
  24. අඩෝ මාරයා
    මතක තියාගනිං උඹෙයි මගෙයි පොටෝ විචාරෙක ඇරියස් එකක් තියනව

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අර නාන තොටේ පින්තූරේ ගැනද..?

      Delete
  25. මාරයියට කොහොමත් පෝය ලං වෙනකොට ඔහොම වෙනව. නෑ යකූ මං කියන්නෙ පිනට දහමට හිත ගිහිං අනෙක් අය වෙනුවෙන් කැප වෙලා පෝස්ට් දානව.
    මාරයියෙ කැමරාව මොනිටරේට ඇල්ලුවහම මාර කලාත්මක වර්න රටා මතු වෙනව. ස්තුතියි බොහොම

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද.. මෙච්චර දවසක් නොදුටුව ඒ ලස්සන වර්ණ රටා බලාගන්න හම්බ උනේ කවුරු හින්දද..?

      Delete
  26. මාරයො,හොඳවෙලාවට උඹ සිවුරෙ නොහිටියෙ...හිටිය නං බුදුබව අත්වෙනව මේ දෙන උපදේශ වලට...

    ReplyDelete
    Replies
    1. බුදු කෙසේ වෙතත් එහෙමනං කට්ටිය මාව රහත් කොරවයි...

      Delete
  27. මාරයි අප්පා මේ වගේ අදහස් එන්න මාර මොලයක් තියෙන්න ඔනෙ

    ReplyDelete