21 June 2013

ෂුවඳ ෂබන් ඇග ගාලා..හායි හායි...

video

ඇත්තටම මේකේ අහන්න බලන්න තියෙන්නේ ගීතය විතරක් නෙවෙයි... ප්‍රේක්ෂකාගාරයෙන් නැගෙන ප්‍රතිචාර... මං හිතන්නේ මුළු හෝල් එකේම සින්දුවේ තාලයට අත්පුඩියක් ගැහුවේ නැතිව මේක රස වින්දේ මං විතරයි වෙන්නත් පුළුවන්... යකෝ මං කොහොම අත්පුඩි ගහන්නද..? කැමරාව යට තට්ටුවට වැටෙයි බැල්කනියෙන්.. :D

මේ නාට්‍යය වගේම මේ ගීතය මොන තරම් රසික හදවත් තුල තදින් බැඳිලා තියෙනවද කියලා දැනෙන්නේ එහෙම වෙලාවකම තමයි.. මං හිතන්නේ නාට්‍ය ශිල්පීන්ට උනත් ප්‍රේක්ෂකයින්ගේ මේ බැඳීම  ඔවුන්ට ලැබෙන මුදලට වඩා වටිනවා ඇති... ඒතරමේ බැඳියාවකින් නළුවා වගේම නරඹන්නනුත් මේ විනාඩි කිහිපය ගත කලේ...

මේක මං වීඩියෝ කරගෙන දැන් මාසයක් දෙකක් වෙනවා මරදානේ එල්පින්ස්ටන් එකේ මේක තිරගත උන දවසේ මගේ යාළුවෙක් හින්දා මේක බලන්න අවස්ථාව උදා උනේ.. ජීවිතේ එක් වරක් හෝ නැරඹිය යුතුම නාටකයක්..රාජ කපුරු...

එහෙමනං මං ගියා...

23 comments:

  1. මෙයාට ගිහිපු චූන් එකක්.

    ReplyDelete
    Replies
    1. හෑ ..... කලින් එද්දි යටින් ලියපු ටික තිබුනෙ නෑනේ.

      ඔය ගීතය ඉස්සර අයිටීඑන් එකේ නිතර විකාශය උනා. ඒ වගේ නාට්‍ය ගීත කිහිපයක්ම ඒ දවස්වල නිතර විකාශය කළා මතකයි.

      ෂුවඳ ෂබන් උනත් ‘ඇග‘ ගාන්නෙ නැතුව ‘ඇඟ‘ ගෑවනම් නේද හොඳ. මොකද හෙම්බිරිස්සාවද මේ දවස්වල.

      Delete
  2. මේවා මෙහෙම වත් බලන්න ලැබෙන එක වටිනවා අයියේ..මට නම් තව සෑහෙන්න කාලෙකට ඕවගේ යන්න ලැබෙන එකක් නැහැ..

    ReplyDelete
  3. මේ දවස්වල පන්තියේ හදන රට කෑමක් විස උනාද බං උඹට

    ReplyDelete
    Replies
    1. එයාට ඔලිව් ඔයිල් විෂ වෙලා.

      Delete
  4. දැන් දැන් ලංකාවෙ නාට්ටි "තිරගත " වෙනවද බොල ..

    ReplyDelete
    Replies
    1. :D දැන් දැන් වෙන විපිරියාස රටේ!

      Delete
    2. ඔවු දැං ලංකාවෙ චිත්‍රපටි වේදිකාගත වෙනවලු.

      Delete
    3. "දැන් දැන් ලංකාවෙ නාට්ටි "තිරගත " වෙනවද බොල .." hoooooooooooooooo :D :D :P

      Delete
    4. නොදකින් මුං ටික.. යකෝ පින්ටින් මිස්ටේක්...:D

      Delete
  5. අනිවා, මමත් ආසාවෙන් බලපු නාට්ටියක්, ජනක් ප්‍රේමලාල් වගේ වැඩක කරන්න පුළුවන් අයට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා හිතෙනවා.

    ReplyDelete
  6. මේ සොච්චමත් අර පහුගිය කොටසටම දැම්මනං අහවරයිනේ. මේ වැඩෙන් මාර ගතිය හීන වෙනවා.

    ReplyDelete
  7. දැං උඹ ගියේ නාට්ටෙ බලන්නද, ඒක රූපගත කරන්නද.

    ReplyDelete
  8. මේකට ලිංකු දෙක තුනක් දැම්ම නම් කතන්දර මාමගෙ පෝස්ට් එකක් කියල හිත හදාගන්ට තිබුන.

    ReplyDelete
  9. බල්ලන්ට පොල් ලෙලි දැමීම... තුන්වන කොටස....

    ReplyDelete
  10. නාට්ටියක් බලන්ඩත් ආසයි ... :D

    ReplyDelete
  11. පුළුවන් නම් අයියෙ ඔය වගේ අන්දරේලා එකත් වීඩියො කරල දාපන් පුළුවන් වෙලාවක.. :)

    ReplyDelete
  12. රුකඩ රාජ්‍ය බැලුවා ..මෙලෝ රහක් නැහැ
    ජයවේවා

    ReplyDelete
  13. අර "කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් අපිට මොන කේන්ගෙඩියද තව ඕන කියන්නේ" කියන එකත් ෂෝක්.

    ReplyDelete
  14. ආයෙ තිබුනොත් මටත් කියන්න පුළුවන්ද

    ReplyDelete