22 June 2013

ලේ දන්දීලත් හමාරයි වගේ...

මීට සති කිහිපයකට කලින්  අන්තිම පේලියේ කට්ටිය විසින් අපේ ඔබා අයියට පින් පිණිස කරන ලද ලේ දන්දීමේ පින්කම ගැන ලේ යන නමින්ම දාපු ලිපිය කට්ටියට මතක ඇති මං හිතන්නේ... ඒ ලිපියේ මතකය ඉවත් වෙන්නත් කලින් අද දවසේ දැකපු ප්‍රවෘත්තියකින් නැවතත් ලේ දන්දීම ගැන අමුතුවෙන් හිතන්න ඕන කියන හැගීම මේ වෙද්දී මට ඇවිදිල්ලා තියෙන්නේ... මෙයිට කලින් දවසක මුහුණු පොතේ හිතවතෙකු විසින් මේ ගැන කරුණු කෙටියෙන් සදහන් කරලා තිබුනත් මේක ඒ හැටිම බරපතල විදියට කල්පනා උනේ නැහැ.. ඒත් හෙට දවසට නියමිත ඉරිදා දිවයින පත්තරේ තිබුන මේ ලිපිය කියෙව්වට පස්සේ අමුතුවෙන්ම ඒ ගැන හිතන්න වෙන්නේ නැත්තං ඒක තමා පුදුමේ...

ජාතික පුවත්පතක යන තරමට මේ කාරණාව වැදගත්නං ඒ සම්බන්ධ ප්‍රවෘත්තියේ ඇත්තක් නැතිම වෙන්න විදිහක් නැහැ. එහෙම කාරණාව ඇත්තනම් ඇත්තටම තව දුරටත් ලේ දන් දීමේ ව්‍යාපාර ලංකාවේ කල යුතුද..? කියලා කල්පනා කරන්න වෙනවා...

ලේ දන්දීම ගැන කියන්න.. කතාකරන්න.. ඒ සම්බන්ධව මොනවා හරි අක්‍රමිකතාවයක් වෙනව නම් ඒ ගැන විරෝධය දක්වන්න මටත් පුංචිම හරි අයිතියක් තියෙන්න ඕන කියලා මං හිතන්නේ එක් වතාවක් බොහෝමත්ම සාර්ථක විදිහට ලේ දන්දීමේ පින්කමක් කරවපු හින්දා විතරක් නෙවෙයි... ජීවිතේ මේ වෙද්දී හත් අට වතාවකටත් වඩා ලේ දීලා තියෙන හින්දයි...

ලේ දෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා හිතන අයත් ඉන්න පුළුවන්.. ඒත් ලේ දෙන්න බය... ඒ ගැන විශාල භීතියකින් පසුවන උදවිය කොච්චර ලෝකේ ඉන්නවද කියලා දන්නවනං ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා කවුරුවත් හිතන එකක් නැහැ...

එහෙම තත්වයක් යටතේ තමුන්ගේ ශරීරයේ කොටසක්ම වෙන ලේ ටික දන් දෙන්නේ පින් පිනිස මිස අපිට හම්බ කරං කන්න නෙවෙයි...

ඇත්තටම ලේ ටිකක් දෙද්දී ඒ ලේ ටික දෙන්නේ කවුරු හරි අසරණ මනුස්සයෙක්.. ජීවිතයත් මරණයත් එක්ක පොර බදන මනුස්සයෙක් මේ ලේ ටික අරගෙන තමුන්ගේ ජීවිතේ ආරක්සා කරගෙන ඒ අයගේ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබේවා කියල.. සමහර විට අපි දෙන ලේ ටික නිසා පවුලක් රකින තාත්තා කෙනෙක්... දරුවෝ බලා කියාගන්න තියෙන අම්මා කෙනෙක්... ජීවිතේ ආරම්භ කරපු දරුවෙක්... රට වෙනුවෙන් මහ පොලවට ලේ හලාගත්ත රණ විරුවෙක්... රටට සමාජෙට වැඩක් ඇති... තව දුරටත් ජීවත් වීම තුලින් තව බොහෝ දෙනෙකුට යහපතක් වෙන මනුස්සයෙක් තමන්ගේ ජීවිතය රැක ගනී නේද කියන අරමුණින්...

ඒත් අපි එහෙම දෙන ලේ ටික මේ විදියට අතින් අතට ගිහින් ඒ ලේ ටිකෙනුත් මිනිස්සු සල්ලි හොයනවනං...? අපි පින් තකා දෙන ලේ ටිකත් තව කෙනෙකුගේ ඇගට ඇතුළු වෙන්නේ මුදලක් අය කරලනං..? තව දුරටත් අපි කරන දෙයින් වැඩක් තියේද..?

ලේ දෙන්න උවමනා රජයේ රෝහල්වල නේවාසික රෝගීන් හිටිය පවුල්වල අය දන්නවා එහෙම ලේ ටික දෙද්දී උනත් ඒ දෙන ලේ ටිකට හරියන්න තව කවුරු හරි ඒ වෙනුවෙන් ලේ දෙන්න රෝහලට යායුතුයි... ලේ ටික නිකං ලැබෙනවනං ලැබෙන්නේ එයිට කලින් ලේ දීලා ඒ කාඩ් එක ඉදිරිපත් කලොත් විතරයි.. එහෙම නැත්තං රජයේ රෝහලක දෙන ලේ ටිකටත් තව ලේ දෙන්න දායකයෝ උවමනා වෙනවා.. එකේ  ලොකු  වරදක් කියන්න බැහැ.. මොකද ලේ සංචිත පවත්වා ගෙන යාම රෝහලක විය යුතුම නිසා... ඒත් ඒ දෙන ලේ ටිකට මුදලක් ගන්නවනං ඒක අසාධාරණයි...  මොකද අපි මුදල් ගෙවුවට ඒ මුදලින් රජයට ලේ මිලදී ගන්න විදිහක් නැති හින්දා...  මේ විදිහට බැළුවම රජයේ රෝහලකින් රෝගියෙකුට ලේ දීම සම්බන්ධව දැනට ඇති වැඩ පිළිවෙලේ ලොකු දෝෂයක් කියන්න බැහැ...

ඒත් ප්‍රශ්නය තියෙන්නේ පුද්ගලික අංශවලයි... මේ ලිපියේ කියන විදිහටත්.. මෙයිට කලින් දවසක මගේ මූණු පොතේ යහළුවා කිව්ව විදියටයි... බැළුවම ඒ ඒ රෝහල් විසින් රෝගියෙකුට ලේ දීමේදී අධීක මුදලක් අය කරමින් පවතිනවා... අපිට කමක් නැහැ එයාලා කොච්චර සල්ලි ගත්තත්.. හැබැයි ගැටළුව තියෙන්නේ එයාලා මේ අධීක මිලකට විකුණන්නේ අපි අර පින් තකා අසරණ මනුස්සයෙකුට දෙන්න කියලා හිතලා පිනට දෙන ලේ ටික... ඒක හරියට බුද්ධ පූජාවට කෑම පිඟානක් තිබ්බම ඒක පැකට් කරලා බත් කඩේ විකුණන්න දානවා වගේ වැඩක්... ඒ කෑම එක කන්න නැති මිනිහෙකුට හරි සතෙකුට හරි නිකං දෙන එක වෙනම වැඩක්.. ඒත් ඒක විකුණං කන්න..?

එහෙම උනාම ඉතිං කරන්න තියෙන්නේ බොහෝම සරල දෙයක්... ඒ තමා බුද්ධ පූජාව තිවිල්ල නවත්තලා දාලා නිකං ඉන්න එක... ඒත් එහෙම කලෑකි බුද්ධ පූජාවටනං.. මොකද බුද්ධ පූජාව නොතිබ්බා කියලා බුදු හාමුදුරුවන්ට වෙන අමුතු හිරිහැරයක් නොවන හින්දා.. ඒත් අපි ලේ දෙන එක නැවැත්තුවොත් වෙන්නේ ලේ ටික උවමනා මනුස්සයෙකුට උවමනා වෙලාවට ලේ ටිකක් නැතිව යන එකයි... ඒත් එහෙමයි කියලා අපි දෙන ලේ ටික විකුණං කනවනං තව දුරටත් මොකද කරන්නේ..?

ලිපියේ තියෙන හැටියට ලේ බැංකුව මේ පෞද්ගලික රෝහල් වලට විකුණන්නේ රජයේ රෝහල් වලින් ලේ බැංකුවට ගිය අතිරික්ත ලේ ප්‍රමාණයන්... ඒ කියන්නේ ලේ වැඩියි.. එහෙමනං කරුණාකරලා කරන්න තියෙන්නේ ඒ ලේ විකුණන එක නෙවෙයි.. ඇප කාරයෝ හොය හොය ලේ ගනිමින් ලේ දෙන ක්‍රමය අහෝසි කරලා රජයේ රෝහල්වල රෝගීන්ට කෙලින්ම ලේ දෙන එකයි.. එහෙම හැමෝටම දෙන්න ගියොත්  හිගයකට මුහුණ පානවනං කරන්න තියෙන්නේ අඩු වයස්වල.. ඒ කිව්වේ වයස පහලවෙන් අඩු අයට.. එහෙමත් නැත්තං වැඩි වයස්.. අවුරුදු පනහෙන් ඉහල අයට වගේ මොනවා හරි සීමාවක් දාලා ඒ අයට ඇපකාරයෝ ඕන නැහැ කියලා කියන්න... අනිත් අතින් දුප්පත්.. අසරණ.. ලේ ඇපේට කෙනෙක් හොයාගන්න අපහසු මට්ටමේ උදවියගෙන් ලේ ඇප කාරයෝ නොගැනීම වැනි දේවල්.. එහෙම කරලා අපි දෙන ලේ ටික තව කාට හරි නොමිලේම දීලා දාන එක මිසක් ලේ වැඩියි කියලා පිටට විකුණන එක නෙවෙයි...

එතකොට හැබැයි තව ප්‍රශ්නයක්  කෝ එතකොට පුද්ගලික රෝහල්වලට ලේ..?

ඇයි එයාලට එතකොට පුළුවන් එයාලගේම ලේ බැංකු ඇරලා මුදලට ලේ දෙන අය දිරිමත් කරවන වැඩ පිළිවෙලක් යොදලා සල්ලිවලට ලේ ගන්න.. එහෙම නැත්තං වඩාත් හොඳ පහසුකම් යටතේ රුධිරදායකයින් අද්දවගන්න විදියේ වැඩ පිළිවෙලක් යොදන්න... රෝගින්ගේ ඥාතීන්ගෙන් ලේ ඇප ලබාගන්න... එහෙම කරලා ඒ ප්‍රශ්නය විසද ගතෑකි ගැටළුවක් නැතිවම.. මොකද සල්ලි වලට ලේ දෙන්න මිනිස්සුත් මේ රටේ හොයා ගන්න බැරි නැහැ... අපේ මෙහෙම තිබුනට ඇතැම් රටවල ලේ දෙන්නේ මුදලට පමණයි... මගේ දායක මහත්තයෙක් හිටියා ඉස්සර ඉරාකයේ සේවය කල... උන්නැහේ තමුන්ගේ පවුලට පවුම් දෙක තුනක මාලයක් හදලා දීලා තිබුනේ තනිකරම එහෙ ඉද්දි ලේ දීපුවට හම්බ උන සල්ලි වලින්... ඉතිං මෙහෙත් එහෙම හොදට ගෙවද්දී මිනිස්සු සල්ලිවලටත් ලේ දෙයි... එතකොට ඒ ගන්න ලේ පුද්ගලික රෝහල විසින් කීයට විකුණ ගත්තත් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි... හැබැයි පිනට දෙන දේ විකුණලා ලාභ ගැනීම කරන්න දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි...

එහෙමත් නැතිනම් දැනට පවතින විදිහටම කරගෙන යනවනං අඩුම ගානේ කරන්න තියෙන්නේ රජය විසින් ලේ එකතු කිරීම සදහා ගන්නා බෑග් ආදියේ වියදම් පියවෙන පරිදි මුදලක් පුද්ගලික රෝහල් වලින් අය කරන අතරේ පුද්ගලික රෝහල් විසිනුත් එකී රජයට ගෙවන ලද මුදල හා ලේ ප්‍රවාහනයට ගිය මුදල පමණක් රෝගීයාගෙන් අයකරගෙන ලේ සඳහා බිලක් නොකඩා ඒ දේ කරන එක...

මේ කියන විදිහකට වහාම මේ දේ වෙනස් වෙන්න උවමනයි... එහෙම වෙන්නේ නැත්තං ඉතිං කරන්න තියෙන්නේ හා උඹලා ඕන නැටුමක් නටා ගනිල්ලා... මෙයින් පස්සේ අපි ලේ දන්දෙන එක නවත්තලා අපේ වැඩක් බලා ගන්නවා කියලා නිකං ඉන්න එකයි.. වෙන මොකක්ද කරන්නේ..?

ඇත්තටම මේ ගැන හරියටම විස්තර දන්න කවුරු හරි ඉන්නවනං ඒ ගැන අපිව දැනුවත් කිරීම වැදගත්... නැත් උනොත් මං වෙලාවක නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින් හරි මේ ගැන තොරතුරු හොයනවා... ඒත් පුද්ගලික රෝහල් වලින් ලේ දෙන්න උන රෝගීන් ගැන විස්තර මට හොයා ගන්න අමාරුයි... කවුරු හරරි ඒකට උදව් කරනවනං ලොකු දෙයක්.. තමුන්ගේ ඥාතියකුට ලේ දෙන්න උනානං එහෙම තැනකින්.. එයාලා ඒ සඳහා කොහොමද අය කලේ කියන තොරතුරු...

එතකොට මේ සම්බන්ධව හරියටම තීරණයක් අරගෙන ලේ දෙන එකත් නවත්තලා දෙන්න අයන අයවත් නිසි පරිදි මේ කාරණේ ගැන දැනුවත් කරනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ... හරියටම මේ ගැන මිනිස්සු දැනුවත් වෙලා ලේ දීම අඩු උන දවසට හරි මේක වෙනස් වෙන්නේ නැතෑ...

43 comments:

  1. එහෙම අතිරික්තයක් තියනවනම්, අච්චර පෝස්ටර් ගගහ, ලේ දන් දෙන ලෙස නැන්දා මාමව පොළඹවන්න අවශ්‍ය නැහැනෙ. අනික් අතට, "අතිරික්ත" ලේ තියෙනවනම් විතරක්නම් පෞද්ගලික රෝහල්වල සැත්කම් කෙරෙන්නෙ, ඒගොල්ලන්ගෙ සැත්කම් මීට වඩා සීමා වෙන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. //නැන්දා මාමව පොළඹවන්න අවශ්‍ය නැහැනෙ.//

      ඒ ප්‍රචාරණයනං එළටම වැඩ කරා

      Delete
    2. මේක මම කලින් කීපවතාවකම බ්ලෝග්වලට දාලා තියෙනවා.

      දානය කියන්නෙ අත්හැරීම මිසක් දුන්නට පස්සෙ ඒකට මොකදවුනේ කියලා තැවෙනවනම් එතන දානයක් නෑ බොලල්ලා.

      යමක් දුන්නනම් ඒක අතඇරපල්ලා

      Delete
  2. මටත් සිරාවටම ලේ දෙන එක එපා වුනා ඒ නිව්ස් එක කියවල...

    එක අතකට උන් හරි බන්... ලේ දන්දෙන්න කියල එකතු කරන තැන් වලත් ගහල තියෙන්නෙ ලේ දන්දීමේ ව්‍යාපාරය කියලනෙ...

    ReplyDelete
  3. අනේ මන්දා මාරයෝ මේ වෙන දේවල්..මේ සබ්ජෙක්ට් එක දන්න කියන අය මීට වඩා දේවල් ටිකක් මේ ගැන කතා කලොත් හොඳයි..අඩුම තරමේ කොච්චර කාලයක් යනකම් ලේ තියාගන්න පුලුවන්ද කියලවත් අපි දන්නේ නැහැනේ...

    දැන් නම් හැම දේම වැරදීගෙන එන්නේ..දැන් නම් ඉතින් අපිටත් කැත්තට පොල්ල වගේ ඉන්න වෙනවා...එහෙම වත් මේවා වෙනස් වෙන්න ඕනේ මාරයා අන්තිමටම කිව්වා වගේ....

    ReplyDelete
    Replies
    1. දවස් 30 ක් තියාගන්න පුළුවන් කියලයි ලේ බැංකුවෙන් කියන්නේ!

      Delete
    2. එහෙමද බොහොම ස්තූතියි දැණුවත් කිරීමට නෙලුම්..මම නම් ඕව ගැන එච්චර දන්නේ නැහැ..මේ ගැන දැනුම් තේරුම් ඇති අය කතා කරන්න ඕනේ , නිශ්ශබ්ධ වෙලා බැහැ විශේෂෙන්ම මේ වගේ වෙලාවල් වලදී..

      Delete
  4. ලේ දෙන එක නම් එපා කරගන්න එපා අය්යේ... සල්ලි ගෙවල, ලේ ගන්න බැරි මිනිස්සු ගැන හිතලවත් ලේ දෙන්න!

    මම දෙපාරක් දීලා තියෙනවා ඇප ලේ! ඒ දුන්නේ නයින් වෙල්ස් රෝහට! පළවෙනි වතාවේ රු.12000 ක පරීක්ෂණ ගාස්තුවක් බිල් එකට එකතු කරලා තිබුණා!දෙවෙනි වතාවේ නම් ගාස්තු කොහොමද දන්නේ නැහැ!ඒ ගැනත් අහලා බලන්න ඕනේ! මම හිතන්නේ ලේ වලට ගාස්තුවක් අය කරලා තිබුනේ නැහැ ඒ රෝහලෙන් නම්!

    ReplyDelete
  5. මේක ඉල්ලමක් කරගෙන තියෙන්නේ. වෙනත් රටවල නම්, ලොකු මුදලක් ගෙවනවා. ඔය ඇෆ්‍රිකන් කාරයෝ ඉන්නවා ලේ දීලම සල්ලි හොයන..

    ලේ දන් දී ජීවීතයක් බේරා ගැනීමට පෙර දෙසරයක් සිතන්න...!!!

    ReplyDelete
  6. මම නං පුද්ගලික රෝහල්වලදි ලේ දීල නෑ...රජයේ රෝහල්වල පමණයි...ඒ නිසා මට එහෙම අත්දැකීමක් නෑ

    ReplyDelete
  7. අපි දුක් මහන්සි වෙලා සාදාරණව උපයන මුදලින් බඩට දාගන්න එව්වායෙන් එන හයිය හත්තිය නේද මාරයෝ මේ අපි අහිංසක ලෙඩ්ඩුන්ට පුජා කරන්නේ , ඒක අපි කරන්නේ කොච්චර භක්තියකින්ද , ඇයි යකෝ අපි ලේ දෙන්නේ එක එක මස්වැද්දන්ට විකුණාගන කන්ඩද , මම හිතාගන හිටියේ ඕකුන් සල්ලි දීලා ලේ අරගන්නවා ඇති කියලා මිනිස්සුන්ට විකුණන්ඩ , අපි බොහෝම ආදර කරුනාවෙන් පිරිනමන දුප්පත් ලේ බින්දුවත් විකුනාගන කනවානං ඉතින් වැඩක් නැ , අනේ අම්මපා මුන්ගේ අම්මලට

    ReplyDelete
    Replies
    1. උඹට මේක නොලියා ඉන්ඩයි තිබ්බේ බලපං උඹ මගේ ආතල් එක කෑවා

      Delete
    2. මගේ රුපියල් පහත් කෑවා! හිකිස්...

      Delete
  8. මම ලේ දැන් දීපු වාර ගණන් නම් මටවත් මතක නැ. අර ප්‍රශ්න පත්තරේ කොටින්ම කට පාඩම් වගේ. හැම අවුරුද්දකම මගේ උපන් දිනේට කොහේ හිටියත් ආසන්නයේම ලේ දෙන්න පුළුවන් තැනට ගිහින් ලේ දෙනවා. යාලුවන්ගේ අම්මලට, තාත්තලාට, නෑයන්ට සමහර අවුරුදු වල තුන් සැරයක් විතර දීලා තියනවා. හැබැයි අදටත් මගේ ලේ වර්ගෙවත් මොකක්ද කියලා මට මතක නැ.

    දවසක් මම ලේ දෙන්න ගිහින් නුවර ඉස්පිරිතාලේ ඉද්දි අග හිග කට්ටියකගේ හදිස්සි ලෙඩෙකුට ලේ දෙන්න කවුරුත් නැතිව මට සල්ලි වලට ලේ දෙන්න කතා කරා. උන්ගේ පිරිසනම් ගොඩක් හිටියා ඒ උනාට ඕකුන් ලේ දෙන්නේ නැ පුරුස සක්තිය අඩු වෙනවා කියලා. මම සල්ලි එපා කියලා ලේ දීලා එත්දී බලෙන්ම රු 3000 මගේ සාකුවට එබුවා. එක එලියට ඇදලා දාල හොඳවයින් දෙකක් කියලත් මම ආවේ.
    හැබැයි කාලෙකදී මම ලේ දෙන එක නවත්තලාම දැම්මා. හේතුව උනේ අර දොස්තර නෝනා කෙනෙකුට රුධිර පාරවිලයෙනයෙන් ඒඩ්ස් බෝ උනාට පස්සේ. ඒ දවස් වල ලොකු ප්‍රසිද්දියක් දුන්න ඔය සිද්දියට. ඒ වගේම බාවිතා කරපු එන්නත් කටු වගයක් නැවත පැකට් කරලා රෝහල් වලට සපයපු සිද්දියක් ගැනත් ලොකු ආන්දෝලනයක් ඇති උනා. මම හිතුවා යකෝ අපිට ඇදෙන ස්වීප් වල හැටියට බැරි වෙලාවත් ඔය පරණ කට්ටක්වත් ඇනලා ඒඩ්ස් වත් බෝ උනොත් මැරෙන එකනම් එච්චර දෙයක් නෙවේ. ඒ උනත් එකෙක්වත් කියයිද ඕකා ලේ දැන් දීලා ඒඩ්ස් හදා ගත්තා කියලා. හැම එකාම කියයි ඔන්න ඕකා වත්ත වටේ ගොං ගහලා තමයි ඕක කරගත්තේ කියලා. නිකන් මොකටද නකදී පුසින්නේ කියලා නවත්තලා දැම්මා.

    හැබැයි මාරයා කියන සිද්දිය ගැනත් ලේ දෙන්න කලින් දැන් හිතන්න වෙනවා. මම නම් මොනවා උනත් දෙනකොටම හිත හදාගෙන දෙන්නේ තම්බගෙන බැරි නම් පුච්චගෙන හරි කාපන් කියලා.

    මනුස්සකම තුට්ටු දෙකට බැස මලගිය සේක
    අපට හොරෙන් අපි විකුණන පුදුම රටක් මේක

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුවත් තහනං කොරලලු බං මාරයාලගේ මහරජා බං

      Delete
    2. යුද්දේ දවස් වල මිනිහගේ සිංදු හොඳ උනා ජාතින් සමගිය ඇති කරන්නන. රජ්ජුරුවන්ට කඩේ ගිය නැති හින්දා දැන් මේවා නරකයි.
      "ආයුබෝවේවා මහරජ්ජනෙනි" කීවානම් හරි. ඒවා තමා සිංදු.

      Delete
  9. කෝ මේ මාරයා

    බුකියේ ඇති , මෙතන කක්කා ගොඩක් අවුස්සලා ආතල් ගන්ඩ හිතුවා මදි , ( ළපටි මල් තල තළා , හිටහල්ලා හිටියොත් කණෙන් ඇදගන එන්නං )

    තැටිය රත්කරලා පිටි ගුලිය අපිට දීලා යන්ඩ,

    අපිට ගහන්ඩ ඕන බොලවු මූ එවන කරත්තවල නගිනවට

    ReplyDelete
  10. හිතන්න යමක් තියන කතාවක්.

    ReplyDelete
  11. මාරෙ මේක ගැන තව හොඳට හොයල බලල මිසක් කලබල වෙන්න එපා...

    අපේ පවුලෙ මම දන්න අවස්තා දෙකක් තියෙනව පුද්ගලික රෝහල් වලින් ලේ දුන්න... එකක් අපේ නිකීත ට , අනෙක ලඟදි අන්තරා වුණු අපේ හාමිනේගෙ තාත්තට... දෙකෙන් එක වතාවකවත් ලේ වලට මුදල් අයකිරීමක් සිදුවුණේ නෑ....පුතාට නම් ඉතින් පොඩි ප්‍රමාණයක්නෙ... තාත්තට දුන්න වෙලේ කිව්ව දෙන්නෙකුට ගිහින් ලේ බැංකුවට ලේ දීල කාඩ් එක ගෙනැත් පෙන්නන්න කියල... එච්චරයි...

    මම තවත් හොයල බලල කියන්නම්... නලිනිට පුළුවන් වෙයි ලේසියෙන්ම ඕක හොයල බලන්න...

    සල්ලි ගන්නව උනත් ඔය කියන ගාන වෙන්නම බෑ... පත්තර කාරයොත් ලියන්න ගියහම මෙලෝ විචාරයක් නෑ...
    ඇමැරිකාවෙ උනත් මම හොයල බලපු හැටියට ලේ පයින්ට් එකක් ඔය කියන රු 40,000 ක් වෙන්නෙ නෑ... $ 200 ක් - $ 250 ක් තමා වෙන්නෙ... ( රු 30,000 ක් කියමුකො ) ... ඉතින් මෙහේ 40,000 අය කලා කියන එක පිලිගන්න පුලුවන්ද...

    ( මේකෙන් කියන්නෙ නෑ පුද්ගලික රෝහල් වල අයකිරීම සාධාරණයි කියල වගේ අදහසක්... අදාල කාරනය ගැන සටහනක් පමනයි... )

    ReplyDelete
  12. දැන් යුද්ධය නැති නිසා වෙනදා තරම් ලේ ඕන කරන්නේ නැතිව ඇති කියලා හිතෙනවා. රජය කරන්න ඕනේ පුද්ගලික රෝහල් වල වුනත් ලේ දන් දීපු අය සහ ඔවුන්ගේ ලේ ඥාතීන්ට නොමිලයේ ලේ ලබා දෙන ආකාරයේ වැඩ පිළිවෙලක් සකස් කරන එක. ඒ අය වෙනුවෙන් ලේ බැංකුවෙන් ලේ සපයන එක. පුද්ගලික රෝහල් වලට ඇතුළු වෙන බොහෝ අය හැම දේම මුදල් වලට ගන්න හැකි යයි විශ්වාස කරන, මුදල් තියෙන අය නිසා ඔවුන්ට මුදල් වලට ගන්න ඉඩ අරින්න ඕනේ. ඔවුන් වෙනුවෙන් රජය ලේ නො-සැපයිය යුතුයි. මම කියපු දේ රජයේ රෝහල් වල දැනට වෙනවා.

    ReplyDelete
    Replies
    1. පුද්ගලික රෝහල් වලට යන ගොඩක් අය සල්ලි තියෙන අය කියලා හිතන එකේ එච්චර තේරුමක් තියෙනවා කියලා මං හිතන්නේ නෑ සුදීක අයියේ... දැන් ඔය අපේ තාත්තලාගේ එහෙම කම්පැණි වලින් දාලා තියෙන ඉන්ෂුවරන්ස් වල හැටියට යන්න ඕනේ නවලෝකෙට.. අනිත් එක රජයේ රෝහල් වල තියෙන පෝලිම් වල හැටියට හදිසි ලෙඩ්ඩු අමාරුවෙන් හරි සල්ලි හෙයාගෙන පුද්ගලික රෝහල් වලට යනවා... ඒ ගොඩක් අය සල්ලි තියෙනවට වියදම් කරන මිනිස්සු නෙවෙයි...

      Delete
    2. කොළඹ අවට පුත්ගලික රෝහල් වලට යන හැමෝම සල්ලි තියන අයම නෙමේ.මේ කතාව හරි. හැබැයි මගේ අත්දැකීම අනුවත් ලේ වලට සල්ලි ගත්තේ නැහැ.ටෙස්ට් එකට නම් සල්ලි ගත්ත. නමුත් හොයල බලන එක නම් ගොඩක් වටිනවා...

      Delete
    3. පුද්ගලික රෝහල් වලට යන සේරම සල්ලිකාරයෝ නෙමේ,,,පිළිකාව වගේ භයානක රෝගවලට ප්‍රතිකාරයට මිනිස්සු තමන්ගේ මුලු සේසතම විකුනලා බෙහෙත් කර ගන්න මිනිස්සු මම ඕනා තරම් දැකලා තියනවා,,පොඩ්ඩක් සවසට ඔය ආසිරි,ලාංකා,ඩර්ඩන්ස් රෝහල් වල ලංකාවේ පිළිකා රෝගෙට චැනල් කරන දොස්තරලා දෙතුන් දෙනා ලගට පෝලිම් ගහන ලෙඩ්ඩුන්ව පොඩ්ඩක් බලන්න..සල්ලිකාරයොද දුප්පතුන්ද කියලා දැක ගන්න පුලුවන්

      Delete
  13. මටත් හිතෙන්නේ සපා කිවා වගේ දන්නා අය පොඩ්ඩක් සොයා බලන්න කියල මන් ලේ බැංකුවේ යාළුවෙක්ගෙන් අහල බලන්නම් . පුද්ගලික රෝහලක සැත්කමකදී අපිත් දායකයින් සොයන ගිහින් ලේ දුන්නා මිසක සල්ලි ගෙවුවේ නැහැ . හැබැයි ඒ වසර ගානකට පෙර . අද කොහොමද දන්නේ නැහැ

    ReplyDelete
  14. ධම්මත්දිපයේ මහ එව්වො විකුනං කන ඒවා දිහා බැලුවම නොමිලෙ මිනිස්සු දෙන ලේ ටිකත් විකුනං නොකෑව නම් තමා පුදුම වන්න ඕන.
    මාරය මල්ලො,භය වෙන්න එපා තව ටික දවසකින් සාමාන්‍ය ජනතාවට දන් දෙන්න ලේ බිදක් ඉතිරි වන්නෙ නැහැ අසරණයන්ගේ ශරීර කූඩුවල මේ යන විදියට ගියාම.

    ReplyDelete
  15. මමත් එක සැරයක් ලේ දීල තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා කියල හිතන්න අමාරුයි නේද? ඒත් ඉතින් අපි වෙන්නෙ නැ කියල හිතන කොච්චර දේවල් දැන් වෙනවද? ඒ වුනාට කතාව බොරුවක් නම් පාඩු වෙන්නෙ අහිංසක මිනිස්සුන්ට.

    මම මගෙ බ්ලොග් දෙකෙන්ම ඇවිත් තියෙනව්. ඒත් මාරය තාම මගෙ එක බ්ලොග් එකකටවත් ඇවිත් නැ. වැඩේ කැතයි ආ.
    මිහිරැති ඉංග්‍රීසි පරිවර්ථන ඇතුළු සිත නිවන දෑ රස විඳින්න එන්න ගිං ඔය අද්දරට


    ReplyDelete
    Replies
    1. සහන්ගේ අයිඩියා එක වැඩ කරලා ඈ... ඔය දාන්නේ ලින්ක් එක නියමෙට... හි හි....

      Delete
  16. ලේ දෙන්න ඕනි නං කතා කරන්ඩ මහරගම පිළිකා රෝහලට .. එතනදී රුධිර ප්ල්ස්මාව විතරක් දෙන්න පුළුවන් ... එතකොට ඔය විකුනන සින් එක බලපාන්නේ නෑ .....
    සම්පුර්ණ රුධිරයම දෙනකොට මස 4 කට සැරයක් තමා ලේ ගන්නේ නමුත් ප්ල්ස්මාව විතරක් දෙනකොට් සති 2 න් 2 ට දෙන්න පුළුවන් කියල පිළිකා රෝහලේ ඩොක්ටර් කෙනෙක් ලේ දන්දීමකට අපු වෙලාවේ කිවා , පිළිකා රෝගය නිසා රුධිර ප්ලාස්මාව අඩු වූ රෝගීන් ඕනි තරම් ඉන්නවා කිව්වා , කෙලින්ම ඇවිත් ලේ දෙන්න පුළුවන් කියලත් කිව්වා .. විශේශයෙන්ම දුර්ලභ රුධිර ඝන සහිත අයට . ... නැත්තන් ලේ දන් දීමේ කදවුරක් හරහා කෙලින්ම පිළිකා රෝහලේ රුධිර පාරවිලයන අංශයට ලේ දෙන්නත් පුළුවන් ..

    ReplyDelete
  17. මං මේ කල්පනා කළේ පුද්ගලික රෝහල් වලට ලේ බැංකු පටන්ගන්න දුන්නොත් ඉන්දියාවේ කිඩ්නි ජාවාරම් වෙනවා වගේ මෙහේ ලේ ජාවාරම් වෙයිද දන්නෑ... දැන් මේ වෙන්නෙත් ජාවාරමක් නම් තමයි.. ඒත් ඉතිං ලේ වලට සල්ලි දෙන්න ගත්තම ඔය කාගෙත් ලේ ගන්න බැරියැ අර ප්‍රශ්න පත්තරේ පැත්තකින් තියලා... එදා කට්ටිය දාලා තිබ්බේ අහපු ප්‍රශ්න ටිකත්... හි හි...

    ReplyDelete
  18. මේ පත්තරේ ලිපිය දැං සති කීපෙකට කළිං මම දැක්කා මම හිතන්නේ වෙන පත්තරේක වෙන්ඩැති. ඒ උනත් මාරයියේ මේ වගේ දේකදි ලේ දෙන එක නවත්තන එකද කරන්ඩ ඕනේ නැත්තං මේ විදිහට විකුණන එකද නවත්තන්ඩ ඕනේ? ලේ බැංකුව පුද්ගලික අංශයට ලේ දෙද්දි 1500ක් ගන්නේ ඒ ලේ පැකට් එක සම්බන්ධ පරික්ෂණ සහ සංරක්ෂණ කටයුතුවලට ගිය වියදම කවර් කරගන්ඩ විතරයි.එහෙම දෙන ලේ ටික ඔහොම ලොකු ගාණකට විකුණනවනං මිනිස්සු පුද්ගලික රෝහල්වලට යන එක නවත්තනවා මිසක් ලේ දෙන එක නවත්තලා හරියන්නෙ නෑනේ.

    අනික ඔය අතිරික්ත කතාව එනවා ඇත්තේ ඔය ලේ වර්ග තියෙනවනේ O, A, AB, B කියලා.ඉතිං ලංකාවේ O+ ලේ ගොඩක් බහුලයි.හැබැයි ඔය 'බොම්බේ O' කියලා ලේ ජාතියක් එහෙම තියෙනවා හොයා ගන්ඩ හරිම අමාරුයි.ඉතිං ලේ බැංකුවට කවුරු හරි ඇවිත් ලේ දෙන්ඩ ඕනෙ කිව්වම "ඔයාගේ ලේ ජාතිය අපි ගාව ඇතිවෙන්ඩ තියෙනවා." කියලා ඒ මනුස්සයව හරවලා යවන්නේ නෑ.ඒකෙන් මිනිස්සු ලේ දෙන එක ගැන තියෙන උනන්දුව අඩුවෙලා යන නිසා.ඉතිං ලේ බැංකුවේ හැමතැනම ගහලා තියෙන්නේ "ඊළඟ පාර එනකොට යාලුවෝ දෙන්නෙක්වත් එක්කං එන්ඩ" කියලා.

    ඔය මාරයා කියලා තියෙන විසඳුම හොඳ එකක් නං "මහින්ද රජ්ජුරුවෝ රටට මේ වෙලාවේ කිසිසේත්ම අනවශ්‍ය යෝධ චෛත්‍යයක් හදලා සල්ලි නාස්ති කරන එක වළක්වන්ඩ කට්ටියම පන්සල් යන එක නවත්තමු" වගේ විසඳුම් එහෙමත් ගේන්ඩ පුළුවංනේ.

    ReplyDelete
  19. සල්ලි වලට ලේ ගන්න පුත්ගලික රෝහල්වලට ඉඩ දුන්නොත් ලංකාවේ ජනගහනය අඩු කර ගන්න නම් පුළුවන් වෙයි.මහා පාරේ හොරා කන සිරි ලංකාවාසීන්ට අනර්ඝ අදායම් මාර්ගයක් වෙනවා සිකුරුයි ....

    ReplyDelete
  20. බලන්න ජාතික රුපවාහිනියේ ,ඉරිදා 8.30 ට නිර්සත්වයෝ නාට්‍යය. පුද්ගලික රෝහල් මාෆියාව ගැන හොඳ අදහසක් ගත්තහැකි.

    ReplyDelete
  21. සල්ලි වලට අම්ම අප්පත් විකුණන කාලයක් බං මේක

    ReplyDelete
  22. Yako dan me rate kohe baluwath mokak hari magadiyak...
    Le jaawaramakuth e asse awithda? Samaharawita O -ve wage durlabha le warga wala athiriktha nathuwa athi.
    Ane manda mewwa dakinakota yanna hithenawa aapahu Angaharu walatama..

    ReplyDelete
  23. ප්‍රවෘත්තියෙත් වරදක් ඇති කියලා හිතන්න බෑ.හෙද සංගමයේ සභාපතිමනේ ඒ බව කියන්නේ.හොඳම දේ කියලා තියෙන විදියට පනත සම්මත කරගෙන පුද්ගලික රෝහල්වල ගසාකෑම් නතර කරන එක..

    ReplyDelete
  24. මේක නම් හොඳට සොයා බැලිය යුතු කාරණාවක්.

    ReplyDelete
  25. මීට අවුරුදු 3ට ඉස්සල්ලා ආසිරි රෝහලේ ලේ වලට රුපියල් 5000 විතර අය කලා,,මම පුද්ගලිකව ඒක දන්නවා,,,අපි ඒ හිලව්වට ලේ දුන්නම රුපියල් 500 විතර දෙන්න ඕනා...ඒත් ගොඩක් වෙලාවට 5000 ගන්න ලේ නෑ ඔතන,,,අපිට ප්‍රශ්නයක් උනේ නැත්තේ අපිට ඕනා තරම් මිනිස්සු උන්නා ලේ දෙන්න,මාරයියේ ඔතන එහෙම දේකුත් තියනවා,,,,මනුස්ස ආශ්‍රය අඩු අයට ඔය වගේ කරදර ආවම,,,සල්ලි වලට ඇර වෙන විකල්ප නෑ...
    ඔච්චර ලොකු ගානක් යනවා කියලා නම් මට විශ්වාස කරන්න අමාරුයි,,පොඩ්ඩක් හොයලම බලන්න වෙනවා...

    ReplyDelete
  26. මේකයි ...... අපි ලේ දෙන්නේ පින් තකා............ අපි යහපත් සිතුවිල්ලෙන් මම මේ දෙන රැධිරයෙන් තවත් කෙනෙක්ගෙ ජීවිතය බේරෙනවා කියල හිතාගෙන ලේ දෙනවනම්; ඒ ලේ වලින් ඇත්තටම කෙනෙක්ගෙ ජීවිතේ බේරෙනවනම් එච්චරයි.............. පවුද්ගලික රෝහල් හරහා හරි ඒ ලේ දෙන්නෙ අසරණ මිවිස්සුන්ටනේ...............ඒව දෙන්නෙ මුද්ල් වලටද නැද්ද කියන එක මටනම් අදාල නෑ..........මුදල් වලට දෙනවනම් ඒවගේ විපාක එහෙම දෙන අයට හම්බෙයි....... ඒක නිසා මේ වගේ දෙයක් නිසා මම මීට පස්සෙ ලේ දෙන් නෑ කියල හිතන එකනම් මෝඩ අදහසක්.......... මේ සංසාරේ අපි කරන දේවල් වලට විපාකයි අපිට ලැබෙන්නේ........ඒත් අසරණ මින්සුසන්ට නොමිලේ ලේ දෙන්න පුලුවන් කම තියෙද්දි ඒව සල්ලිවලට විකුනනවනම් ඒක මහ කැත වැඩක්......... රජයේ රෝහල්වලට ඇති තරම් තියෙනවනම් පවුද්ගලික රෝහල් හරහා හරි දුන්නට කමක් නෑ........... ඒත් මේ මොන දෙයක් නිසාවත් මීට පස්සේ ලේ දෙන් නෑ කියල හිතන එකටනම් මම එකග නෑ

    ReplyDelete
  27. බොහොම හොඳ ලිපියක් මාරයෝ.

    ReplyDelete
  28. ඔය නිව්ස් එක ඔයිට කලින් ලංකාදීපෙද කොහෙදත් ගියා. මේකනං වහාම සොයාබලා පිළියම් යෙදිය යුතු ප්‍රශ්නයක්.

    ReplyDelete
  29. දෙන මනුස්සයා හිත පිරිසුදුව උතුම් අදහහසකින් නොමිලේ දෙන ලේ ටික මුදලට විකිණීම නම් අපරාධයක්.. ඒක උන්ට පඩිසන් දේවි අපි හැමදාම වගේ ලේ දෙමු.. මම නම් අවම වශයෙන් අවුරුද්දට වතාවක් දෙනවා කවදාහරි දෙන්න බැරි දවසක් එනතුරු.. අර ටියුබ් එක දිගේ උණු ලේගිහින් බෑග් එක පිරෙන කොට මට එන සතුට අපරිමිතයි..කවුරුහරි ලෙඩෙකුට මගෙ මේ ලේ ගිහින් එයා සුවපත්වෙනවා කියන හැඟීම ඇතිකරන සතුටට වෙන කිසිම සතුටක් සමාන නැහැ.. කොහෙවත් ඉන්න මිනී කාක්කන් නිසා අපි මොකටද අර නිරාමිස සතුට අහිමිකරගන්නේ.

    ReplyDelete
  30. මන් දැනගත්ත විදිහට නම් මේ සම්බන්ධව මීට වඩා වැඩ පිළිවෙලක් කරගෙන යනවා
    මාත් මේ ලඟදි තමයි ඕක දැනගත්තේ අනික පුද්ගලික රෝහල් වල කියල නියමිත මිලක් නෑ 40000 ම නෙමෙයි ඊට වැඩි හෝ අඩු වෙනවා රෝහලෙන් රෝහලට...

    මෙතනදී මන් නම් එකග වෙන්නේ එහෙම මුදලක් අය කරන්නම ඕනේ නම් පුද්ගලික රෝහල් වලට වෙනම එයාලගේම ලේ බැංකු පටන් ගන්න ඒත් එතකොට කල්පනා වෙන්නේ පුද්ගලික රෝහල් වලට යන්නේ සල්ලි බාගේ තියෙන්න මිනිස්සුම නෙමෙයි කියන එක එක්කෝ හදිස්සියකදී ළඟම තියෙන්නේ පුද්ගලික රෝහලක් නිසා පුද්ගලික රෝහලකට ඇතුල්වෙන දුප්පත් මිනිස්සුත් නැත්තෙමත් නෑ කියන එක.

    ReplyDelete