24 June 2013

තවදුරටත් හෙළුවෙන් වැනිල්ල වනාහී...

කාලෙන් කාලෙට මේ සිංහල බ්ලොග් ලියන උන්දලත් මොකාක් නමුත් එකක් ඇදලා ඇරං තම්බලා මලවං කනවා... මුංදලාගේ හැසිරීමත් අර මේ දවස්වල තියෙන රටේ නිව්ස් වගේ.. ඔන්න එනවා ලයිට් බිලක්.. ඒක යට යද්දි එනවා ගිනිතියා ගැනිල්ලක්.. ඒ එක්කම කුණාටුවක්.. එකක් යද්දි එකක් එනවා.. හැමදාම මරාගන්නවා ඉවරයකුත් නැහැ.. හැබැයි වෙච්ච දේකුත් නැහැ.. අර කියමනට කියන්නේ “ගහපු පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ“ කියලා... ආන්න එහෙමම තමා මේකත්...

මට පේන විදියට මේකේ ඊළග රැල්ල යන්නේ අපේ නලින් අයියගේ හෙළුව වැනීමේ වියාප්පුරුතියට අදාලව වගේ... ඕකට හවුල් කාරයෝ කිහිප දෙනෙක් ඉන්නවා උනත් ගින්න හරියටම පත්තු කොරලා තියෙන්නේ නලින් අයියම තමා...

නලින් අයියව නොදන්න අය නැහැ නෙව මේ බ්ලොග් ලියන කියවන අය අතරේ... මුලින්ම අපි හුග දෙනෙක්ගේ බ්ලොග්වල බොහෝම උද්යෝගීමත් ප්‍රතිචාර දක්වන්නෙක් හැටියටත්.. එයින් පස්සේ සමූහ බ්ලොගයක හිමිකාරයෙක් හැටියටත්... ( ඒ කිව්වේ මේ කතුවරුන් කිහිප දෙනෙක් එකතු වෙලා ලියන ලිපි යන එකක්.. හරියට අර වන් වන් සීරෝ.. එතකොට අක්ෂරය... ආත්තමගේ පෙට්ටගම වගේ කිහිපදෙනෙකුගේ හෝ සමූහයකගේ ලිපි යන ඒවා..) ඒ ඔක්කෝටමත් වඩා ලංකාවේ පුවත්පතක කතුවරයෙකු හැටියටත් හදුනා ගත්ත කෙනෙක් නෙව... ඒ වගේම මට මුලින්ම නලින් අයියව හම්බ උනේ ගිය අවුරුදු උත්සවේ දවසේ තමා.. මං හිතුවටත් වඩා බොහෝම තලත්තෑනි.. ප්‍රියමනාප.. සුහදශීලී අහිංසක මනුස්සයෙක්... ඒ තමා නලින් අයියා ගැන මගේ කියවීම...

රයිටෝ දැන් ඔන්න මේ නලින් අයියා කතා කරනවා සිංහල බ්ලොග් ලියන්නන්ට නිවැරදි සිංහලෙන් බ්ලොග් ලියන්න... ඒකට හේතුව හැටියට දක්වන්නේ මේවා බලන ළමයින්ට මේ හරහා නිවැරදි සිංහල භාවිතය හුරු කරවීම වගේ කාරණා.. අනික සිංහල ජාතිය රැක ගැනීමටනං මුලින්ම සිංහල භාෂාව රැක ගන්න කියලත් කියනවා වගේ තේරුනා.. හෙඩිම නිකං ඒ වගේ...

ඇත්ත කතාව.. සිංහල භාෂාව රැක ගැනීම සිංහල ජාතිය රැක ගැනිමට හේතුවක් වෙන්න පුළුවන්.. හැබැයි මට පොඩි පුස්නයක් තියේ... මේ යන විදියට සිංහල භාෂාව රැක ගතෑකිද..?

නලින් අයියලා කියන විදියට සම්මත වියරණ... රැකගෙන දිගින් දිගටම කටයුතු කලොත් මේ භාෂාව රැකෙයිද..? ඇත්තම කිව්වොත් මෙයට අවුරුද්දක් විතර කලියෙන් මාත් ඔහොම හිතුවා... සිංහල භාෂාව වරද්දලා ලියන... මේක වෙනස් කරන්න හදන අය ගැන මගේ උනත් පැහැදීමක් තිබුනේ නැහැ.. හැබැයි ඒක වෙනස් උනේ මේ පහුගිය කාලේ ඉංගිරිසි ඉගෙන ගන්න ගත්ත උත්සහයෙදි තමයි... යකෝ මේ සුද්දට ඕන ඕන හැටියේ යොදා ගත්ත දාහකුත් එකක් වියාකරණ නීති රීති එක්ක මේක ඉගෙන ගන්න එක ටික ටික අමාරු වෙනවා මිසක් ලේසි නැහැනේ... හැබැයි ඉතිං සිංහල භාෂාවේ තියෙන කෝටි සංඛ්‍යාත නීති රීති එක්ක බැළුවම සුද්දා හොඳා... අනිත් දේ තමා ලෝකය පුරා බොහෝ පිරිසක් භාවිතා කරන භාෂාවක් හින්දා ඉංග්‍රිසි ඉගෙන ගැනීමට මාර්ග බොහෝමයක් ඇති වෙලා තියෙනවා.. ඒත් මේ අතලොස්සක් භාවිතා කරන අපේ සිංහලේ විදේශිකයෙකුට ඉගෙන ගන්න එහෙමට ලේසි මාර්ග නැහැ... එහෙම තියෙද්දී තව දුරටත් මේක ව්‍යාකූල කරන්න කරන්න වෙන්නේ ආධුනිකයෙකුට මේක බොහෝම දුෂ්කර දෙයක් වෙන එක සහ නීරස වෙන එක... මට මේ ඉංගිරිසියත් එක්ක ගේමක් තියෙනවා වගේ... හැබැයි මං දන්නවා මට ඉංගිරිසියත් එක්ක තියෙන ගේමට වඩා සිංහල නොදන්න කෙනෙකුට සිංහල ඉගෙන ගන්න ගියාම ලොකු ගේමක් එනවා කියන එක...

ඇත්තම කිව්වොත් මේ භාෂාව කියන එක මූලික වෙන්න ඕන අදහස් හුවමාරුවට මිස පණ්ඩිතයින්ගේ දක්ෂතා පෙන්වන මිනුම් දණ්ඩක් හැටියට නෙවෙයි. හැබැයි ඉතිං ලංකාව වගේ රටක භාෂාව යොදාගන්නේ තමුන්ගේ ලොකු එක පෙන්නීමට මිස අදහස් හුවමාරුවටම නෙවෙයි..

උදාහරණයක් හැටියට මං දැනට දන්න ඉංගිරිසි කෑලි ටිකෙන් මට සුද්දෙක් එක්ක කතා බහ කරලා මගේ වැඩක් පලක් කර ගැනිමේ හැකියාව මට තියේ... මොකද එතැනදී මං කැඩි කැඩි ඉංගිරිසියෙන් කතා කලත් සුද්දා බලන්නේ මං කියන්න හදන්නේ මොකක්ද කියලා තේරුං ගන්න මිස මං කියන එකේ වියාකරණ හරි වැරදි බලන එක නෙවෙයි හින්දා.. ඒත් අපේ එකෙකුට මං දන්න ඉංගිරිසි ටික කිව්වොත් ඌට මං කියන එක තේරුනත් ඌ පටන් ගන්නේ හිනා වෙලා... කවුරු හරි ඕක නැහැයි කියනවනං ඉතිං ඒකා ලංකාවේනං නෙවෙයි... ඕක තමා ඇත්තම කතාව... ඉංගිරිසිය කියන්නේ ලංකාවේ බෙහෝමයක් දෙනාට මෙවලමක් නෙවෙයි ආභරණයක්.. ආයුධයක්.. බැබැලීමට හේතුකාරණයක්.. ඒ හැර වෙන මහ දෙයක් නැහැ... දැන් මේ යන විදියට ගියාම වෙන්නේ සිංහලයත් ඒ වගේම සුවිශේෂ කොටසක් අතරේ පවතින දෙයක් බවට පත්වීම මිස වෙන දෙයක් නෙවෙයි...

පුරාණ කාලේ තිබුන පාලි සංස්කෘතවලට වෙච්ච දේ වැඩි කලක් නොයා සිංහලේටත් වෙන එක ඇර වෙන දෙයක්නං මෙහෙම ගියොත් වෙන එකක් නැහැ. පාලි සංස්කෘතත් බමුණෝ අතයි.. පැවිදි පඩිවරු අතරයි..අල්පයක් ගිහි පඩිවරු අතරයි පැවතුනා මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට බෙදී ගිය දෙයක් නෙවෙයිනේ... එහෙම කලේ ඒ ඒ අයගේ වටිනාකම අනිත් අය අතර රඳවන්න මිස වෙන දේකටය කියලනං මං හිතන්නේ නැහැ... අන්තිමට උනේ ඒ  ඒ පඩිවරු එක්කම ඒ ඒ භාෂාත් වලපල්ලට ගිය එක විතරයි...

අනිත් කාරනේ තමා අපි පුංචි කාලේ අපිට මුලින්ම ඉගෙනගන්න තිබුනේ විෂයන් දෙකයි.. සිංහල හා ගණිතය.. දැන් මේ වෙද්දී පුංචිම ළමයගේ ඉදන් භාෂාම තුනක් උගන්නනවා..සිංහල දෙමළ ඉංගිරිසි... එතකොට වෙන වොන විෂයනුත් ආවම උන්ට අපිට තරං පිළිවෙලකට මේක ඉගෙන ගන්න කාලයක් කෝ.. ඒකට සාධාරණ කාලයක් නොදී අපි කියනවා හරි සිංහලම ඉගෙන ගනිවු කියලා... අසරණයින්ට අබ සරණයි...

අපේ කාලෙටත් කලින් කාලවල්වලට ගියොත් ඒ ඒ කාලවලදී අපිට තරං විෂයන් තිබුනෙත් නැහැ... එහෙම වෙද්දීනං ඉතිං ඔය මුනිදාස කුමාරතුංග මහත්තයට වගේ සිංහලේම පැලපදියං වෙලා ඒකම රැක රැක ඉන්න තිබුනා.. ඒත් අපිට තිබුන ඉඩ පාඩුවවත් නැති වර්ථමාන ළමයට කෝ ඒ අවස්ථාව.. එහෙමනං වෙන්න ඕන මේක ටිකක් සරල කරලා සැහැල්ලු විදියට සකස් කරන එකයි.. එහෙම නැතිව තව දුරටත් මේක බමුණු විෂයක් හැටියට රකින්න ගියොත් වෙන්නේ තව අවුරුදු පනහක් යද්දි පාලි සංස්කෘත සිංහල කියලා භාෂාවල් ඉස්සර ලංකාවේ තිබුනා කියලා ඉංග්‍රිසියෙන් ළමයින්ට කියලා දෙන්නයි...

සිංහල භාෂාව හරියට උගන්නන්න කලින් මේකේ තියෙන වැරදි අඩුපාඩු හදන්නේ නැත්තේ ඇයි...? දහ දෙනෙකුගෙන් අහලා බලන්න සිංහල හෝඩියට අකුරු කීයද කියලා.. උත්තර කීයක් ලැබෙයිද කියලා... ඒ උත්තර දෙන අයගෙන් කී දෙනෙකුට ඒ තමන් කිව්ව අකුරු ගාන මතකයෙන් කියන්න පුළුවන්ද..? 

ඊට පස්සේ ලියන්න එකයි.. කතාකරන්න එකයි... ණනළල බේද.. අරවා මේවා හැට හුට හමාරක් අස්සේ මේක රකින්න ලේසිද..?

මුලින්ම වියත් පණ්ඩිත ඇත්තන් ටිකක් නම්‍යශීලී වෙලා... තමුන්ගේ පණ්ඩිතකම් හින්දා තද මතවල නොහිට මේක සරල නිවැරදි භාෂාවක් කරන තත්වෙට ගේන්න උත්සහ කරන්න ඕන.. තව දුරටත් ණනළල බේද උවමනාද කියන දේ ගැන හිතන්න ඕන... තන කියන්නේ එකක් තණ කියන්නේ එකක් තමා.. ඒත් තන ගැන යෙදෙන වාක්‍යයකයි.. තණ ගැන යෙදෙන වාක්‍යයකයි වෙනස තේරුම් ගැනීම මහ අමාරු දෙයක් නෙවෙයිනේ.. අර කොයිකටත් යෙදෙන උදාහරණෙම ගන්නකෝ..

“හරකා තන කයි“ ඔහොම කිව්වම මොකාද හිතන්නේ හරකා මේ කාගේ හරි තනයක් කන්න යනවා කියලා.. එහෙම හිතෙන එකෙක් ඉන්නවනං ඌට තණ කවන්න ඕන... ඔය දේවල් ටිකක් සාකච්ඡා කරලා විසඳගන්න බැරි දේවල් නෙවෙයි.. හැබැයි කුමාරතුංග මුනිදාස මහත්තයාලා..හෙල හවුලේ උදවිය වගේ අරටු මොඩල් එකෙන් වැඩ කරන්න ගියොත්නං වෙන්නේ උන්නැහේලා හෙන විශිෂ්ඨ සිංහල පඩිවරු කියන ටයිටලේ ඉතිරි වෙන ගමන් සිංහලේ බල්ලට යන එක විතරයි. නම්‍යශීලී නොවුන කිසිම දෙයක් මේ ලෝකේ පවතින්නේ නැහැ.. ඒ ඒ කාලේ හැටියට ඔය කොයි දේත් වෙනස් විය යුතුයි... කුමාරතුංග මුනිදාස උන්නැහේලා.. අනගාරික ධර්මපාලතුමා වගේ අය අරටු වගේ නොහිට තව ටිකක් නම්‍යශීලී වෙලා කටයුතු කලානං අද වෙද්දී ලංකාව මෙයිටත් වඩා ලස්සන රටක්... එහෙම උනානං ජාතියට භාෂාවට උන්නැහේලගෙන් මෙයිටත් වඩා සේවාවක් වෙන්න තිබුනා... 

බුදු හාමුදුරුවෝ උනත් තමන් ගාවට ආව කිසිම කෙනෙකුට තමන්ගේ මතේ බලෙන් පොවන්න ගියේ නැහැ.. සමහර තැන්වලදී තියෙනවා ඒ ආව අය තමුන්ට ඉදිරිපත් කරපු කරුණු පිළිඅරගෙන ඒවා අනුමත කරමින් දේශනා කරපු... ඒ හරහායි බුදු දහම විශිෂ්ඨ දහමක් බවට පත් වෙන්නේ.. එහෙම නැතිව හා හා ඔවා නෙවෙයි මේවා අහපල්ලා කියලා එන එන එකාට තමුන්ගේම මතේ කිය කිය හිටියේ නැහැ...

සාමාන්‍ය පෙලේදී සිංහලවලට විශිෂ්ඨ සාමාර්ථයක් අරගෙන එයින් පස්සේ කලෙක සාමාන්‍ය පෙළ ළමයින්ට සිංහල උගන්නලා උන්ව විභාගෙන් ගොඩ දාපු කාලේ මාත් හිතාගෙන හිටියා මමත් සෑහෙන පමණකට සිංහල දන්නවා කියලා.. ඒත් පස්සේ කාලෙක පාලි ඉගෙනගන්න උත්සහ කරද්දී තමා දැනගත්තේ සිංහල මම දන්නේ මොන තරං අල්පයක්ද කියලා... එයින් පස්සේ මං තීරණය කලා ඇත්තටම මං සිංහල ගැන දන්නේ අල්පයයි කියලා... තාමත් එහෙමම තමා... හරියට භාෂාවක් හැටියට ගත්තොත් පාලිය සිංහලයට වඩා දහස් ගුණයකින් විශිෂ්ඨ භාෂාවක්... මෙයිට වඩා නිවැරදි භාෂාවක්.. ඒත් අමතක කරන්න එපා ඒකත් අද මල භාෂාවක්... 

සාමාන්‍ය පොදු ජනයා කොහොම කලත් භාවිතා කරන්නේ තමන්ට සරල සුගම විදිහේ භාෂාවක් මිසක් මොකාටවත් නොතේරෙන අමුතු භාෂාවක් නෙවෙයි.. ඒ හින්දා ව්‍යවහාරයෙහි ඇති භාෂාව ගැන වැඩි තැනක් දීලා.. එහි ඇති සකස් කල යුතුම තැන් සකස් කරමින් පලමුවෙන්ම මේක ලියන කියවන භාෂා දෙකක් හැටියට නැතිව එකක් හැටියටවත් ගත්තේ නැතොත් සිංහලය රකින්න යන අය විසින්ම සිංහලය නසන දවස වැඩි ඈතක නැහැ කියලා විතරයි මගේ මේ උකුණු මොලේටනං වැටහෙන්නේ... 

සිංහලය කියන්නේ ඕනෑම අයකුට පහසුවෙන් ඉගෙනගත හැකි... ඕනෑම අදහසක් හුවමාරු කරගත හැකි.. සරල ප්‍රියජනක දෙයක් බවට පත් කරවීමයි විය යුත්තේ එහෙම නැතිව තව දුරටත් රට්ටුන්ට විහිළු සපයන මට්ටමට හෙළුවෙන් වනන සමාජයක් කරා ආපස්සට ගමන් කරවීම නෙවෙයි... එහෙම උනොත් ඉතිං වෙන්නේ අර අරිසෙන් අහුබුදු උන්නැහේ වගේ විහිළු කතා රැසක අයිතිකාරයෙක් බවට පත් වීම විතරයි.

ඒ හින්දා මටනං කියන්න තියෙන්නේ මුලින්ම  භාෂාව සරල කරලා... නිවැරදි කරලා.. එයින් පස්සේ ඒ නිවැරදි සරල භාෂාව ප්‍රචලිත කරවන්න කටයුතු  යෙදීමයි විය යුත්තේ... එහෙම නැති පරණ කරත්තෙටම බැදලා මිනිස්සුන්ව දක්කන්න තවදුරටත් උත්සහ නොකර...
---------------------

1-ඇත්තටම නොදන්න හින්දා අහන්නේ හරියටම සිංහල හෝඩියේ අකුරු කීයක් තියේද මේ වෙද්දී.. ඒ මොනවද...?

ආ තව එකක්...
2-“ක්‍රෑ“ මෙන්න මේක කියවන්නේ කොහොමද..? සාමාන්‍යෙයන් අ ආ කියනවා වගේ ක්‍රැ ක්‍රෑ කියන දෙකත් එක ලග යෙදෙන අකුරු දෙකක්ද.. ඇදීම විතරක් වෙනස් වන...

එතකොට අපි කුරිරු කියන වදනට සමානව ගන්න වචනේ නිවැරදිව ලියන්නේ ක්‍රෑර කියලද කෘෘර කියලද...? (ගැට පිලි දෙක එක ලග කොටන්න බැහැ මෙකේ..)

41 comments:

  1. මචන් මාරයෝ දැනට අපි භාවිතා කරන ව්‍යාකරණ නීති , අක්ෂර වින්‍යාසය වගේ දේවල් රැක ගන්න ඕනේ..පොඩ්ඩක් හිතපන් ආඛ්‍යාතයට ස්ත්‍රී ලිංග ස්වරූපය , පුරුෂ ලිංග ස්වරූපය උනත් වැරද්දුවම වෙන අවුල ..( ඕක මමත් නිතර කරන වරදක් .. ඩුඩ් අයියා ,තිසර , හිරු එහෙම තමයි මගේ රෙද්ද කැඩෙන්නේ නැතුව බේරගන්නේ සමහර වෙලාවට )

    නැගණිය ගමට ගියේය . ඔය වගේ වාක්‍යක් දැක්කම සබ්ජෙක්ට් එක දන්න මිනිහෙක්ට එතනින් එහාට පෝස්ට් එක වත් කියවන්න හිතෙන්නේ නැහැනේ..


    මම කියන්නේ මහා ලොකු මහප්‍රාණකරන්න නොයා සරළ භාෂා රීති ටික වත් රකින්න ඕනෙමයි..නැත්නම් මේක අච්චාරුවක් වෙනවා..අරු කියන දේ මූට තේරෙන්නේ නැහැ , මූ කියන දේ අරූට තේරෙන්නේ නැහැ ..අන්තිමට හැමෝම කච කච ගානවා විතරයි , එකෙක්ටවත් තේරිලා නැහැ...


    මම නම් කියන්නේ එදිනෙදා ජීවිතයේ භාවිතා වන සරළ වචන වල අක්ෂර වින්‍යාසය රැකියා යුතුයි , බහු වචන , ඒක වචන , ලිංග භේදය , කාල සම්බන්ධය , සන්ධි , වාක්‍ය ගැළපීමේ විධි ගැන වත් සළකන්න ඕනෙමයි...

    එහෙම නොවුණොත් අපේ දරුවන්ට ඉතුරු වෙන්නේ කෂඩ භාෂාවක් කිසි ලකයක් නැති...

    ReplyDelete
    Replies
    1. සරල වියරන නීති වලට මම විරුද්ධයි කියලා නැහැ සහන්... වියරණ තිබිය යුතුයි.. හැබැයි ඒවා සරල විය යුතුයි... සාමාන්‍ය ඉංග්‍රිසියට වඩා මේ කොම්පීටර් ඉංග්‍රිසිය සරල වෙනවා වගේ මේකත් ටිකෙන් ටික ඒ තත්වයට ගත යුතුයි. එහෙම නැතිව තව දුරටත් අතීතයේ තිබුන වියරන නීති සියල්ල රකින්න යෑම මේකේ දියුණුවට හේතු වෙන්නේ නැහැ. කාලයත් එක්ක අත හැරිය හැකි..යුතු දේ අතෑරලා රැක ගත යුතුම ටික අරගෙන සංශෝධනය විය යුතුයි...

      ඉදිරි දරුවන්ගේ භාෂාව තව අවුරුදු දහයකින් කොහොමත් සිංහල නෙවෙයි ඉංග්‍රිසි... දැනටත් ඒක ඉතාමත් වේගයෙන් වෙමින් පවතිනවා අපේ පරම්පරාවට වඩා වෙනස්ව...

      Delete
    2. \\\ඉදිරි දරුවන්ගේ භාෂාව තව අවුරුදු දහයකින් කොහොමත් සිංහල නෙවෙයි ඉංග්‍රිසි... දැනටත් ඒක ඉතාමත් වේගයෙන් වෙමින් පවතිනවා අපේ පරම්පරාවට වඩා වෙනස්ව...\\\

      කමෙන්ටුවේ අනික් කරුණු ගැන දෙයක් නොකීවද මෙයට යමක් එක් කල යුතුමැය...මාරයා කියන ඔය සිද්ධිය වෙන්නේ තදාසන්න ගම් දනව් වල විතරයි...සෑම ප්‍රසිද්ධ නගරයකින්ම ටෙන් කිලෝමීටර්ස් ගම් මැද්දට යද්දී තත්වය අන්තිමයි..ඉටි කොළ ගහපු දේවල් තියෙන්නේ බන්..උන්ට ඉංග්‍රීසි තියා කන්න බත් පත නැහැ...ඒ පිටට කොළඹ නෝනලා ඇවිත් ඉංගිරිස් පාර්ට් දාපු ගමන් කාපු බත් පිඩත් වේලිලා යනවා...

      Delete
  2. නලින් කරන්න යන දෙයට මොකද ඔයාට තියෙන පුකේ අමාරුව.
    ඉස්සෙල්ල බලන්න ඒ මනුස්සය කරන වැඩේ.
    ඒ වල යම් වැරැද්දක් තිබේ නම් මේ වගේ මාගලක් දිග හරින්න.
    මෙයාටත් එක එක සාරලගේ ලෙඩේ බෝවෙලා වගේ.
    කොහොමත් සිවුරු සුවද තාමත් ඇගේ තියෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම මේ නියම කෙන්ජි අයියගේ ප්‍රොෆයිලයද කියා හරියටම නොදනිමි කියලා පටන් ගන්න ඕන... මොකද කාව හරි අප්‍රසන්න කරවන්න ඒ කෙනාගේ නමින් කමෙන්ට් දැමීම දැනට මේකේ තදින් කෙරෙන හින්දා... හරි කොහොම උනත්...

      “නලින් කරන්න යන දෙයට මොකද ඔයාට තියෙන පුකේ අමාරුව.“
      අමාරුවක් නෙවෙයි මේ මගේ ඒ සම්බන්ධව තියෙන අදහස... මං මගේ අදහස් කියන්න ලියන්න තමයි මේක කරගෙන යන්නේ... ඉතිං මං ඒක මෙතැන නොලියා කොහේද ලියන්නේ..? ඕනම කෙනෙකුට ඒ ඒ දේවල් සම්බන්ධව තම තමුන්ගේ මතයක් තියෙනවා.. ඒක කියා හිටීම පුකේ අමාරුවක්ද කියලනං මං දන්නේ නැහැ.

      මේක ලියාපු කෙනා කෙන්ජි හෝ වෙන කවුරු උනත් බොදු බල සේනාව එක්ක අවුලක් ඇති.. ඒත් ඒකට මට කරන්න දෙයක් නැහැ... හැබැයි මේ ප්‍රශ්නෙම එයාලට දැම්මොත් සමහර විට මගේ මතේට විරුද්ධව සිංහලය සුද්ධ සිංහලය කරගන්න මට්ටමේ කතාවක් එයාලගෙන් එන්න පුළුවන්.. බොබසේ මත වාද එක්ක ගත්තම එයාලා මේක වෙනස් කරන්න කැමති වෙයි කියලනං මට හිතෙන්නේ නැහැ.. මට තේරෙන්නේ නැහැ බොබසේ ක්‍රියාකාරකම් එක්ක මේක සමාන උනේ කොහොමද කියලා... එක්කෝ නොදැනීම.. නැත්තං නොසිතීම... එහෙමත් නැත්තං හිතේ කේන්තියට එක පාර දෙපැත්තටම කෙලලා අදින්න හිතීම.. :D

      සිවුරු සුවඳ තාම ඇගේ තියේනං ඒක ගැන මං සතුටු වෙනවා... ඒත් එදා හිටිය තැනින් මං අද බොහෝම වෙනස් තැනක ඉන්න වග කණගාටුවෙන් උනත් කියන්න වෙනවා... හැබැයි මම සිවුරේ සුවඳ තියෙන හින්දා හරි කොහොම හරි මේකෙදී නලින් අයියට නෙලීමක් කරලා නැහැ..නලින් අයියා කරන්න කතා කරන දේ ගැන මගේ මතය කියනවා ඇර.. ඒත් ඉතිං මේ කොමෙන්ටුව දාපු කෙනාට තියෙන්නේ එයිට එහා ගිය අවුලක් කියලා මං කියා හිටියොත් ඒකේ වරදක් තියෙයි කියලා මං හිතන්නේ නැහැ... :D :D :D

      Delete
    2. මම නියම කෙන්ජිය තමයි මලයො.
      ඔබගෙ පිළිතුර තව ටිකක් කියවල උත්තරයක් දෙන්නම්.

      Delete
    3. ආ දැන්නං දන්න කියන කෙන්ජි අයියගේ රටාව ඇවිත් තියේ උඩට.. :D

      Delete
    4. හා හා උඹල ඇරගන්න ඕන නෑ! මං හිතන්නෙ මාරය කියල තියනටික කෙන්ජි වැරදියට තේරුම් අරං :-)

      Delete
    5. :D මං ඇරගත්ත කාලේ ගියා බං...

      Delete
    6. කෙන්ජි අයියා.. මෙතැන අකටයුත්තක් වී නෑ..ආරෝව අතාරිමු. මං දන්නවා ඔයා හදන්නේ අවුස්සන්න. මෙතැන එහෙම ගැටලුවක් නෑ. අපි හැමෝම හොද සහෘදයෝ.

      Delete
  3. ඕකත් ඉතින් ඔය ඉවුම් පිහුම් වගේ තමයි... පට්ට බඩගිනි වෙලාවට ඕනම ජරාවක් ඇදලා අරිනවා... කෙල්ල එක්ක හෝටලේක කෑම කන්න ගියාම ටිකක් පිළිවෙලයි. ගෙදරට මනුස්සයෙකුට කෑමකට එන්න කියලා දෙනකොට තවත් පිළිවෙලයි. ඊටත් පස්සේ දැන් ඔය සූප සාස්තරේ එහෙම කෙල පැමිණි උන් තව සුකුරුත්තං හැටහුටාමාරක් දානවා කෑම වලට... අපි කන්නේ බඩගින්නට ගියන සරල තර්කය ගත්තොත්, ඔය සූප සාස්තරේ මහා වැඩක් නැති දෙයක් වගේනෙ පේන්නෙ. නමුත් ඕනෙම කෙනෙක් පිළිගන්නවනේ සූප සාස්තරේ කියන්නෙ මාර ආතල් වැඩක් කියලා... මාරයම දන්නවනෙ හොඳට ඒ ගැන..

    අපිට නිකම්ම නිකං සන්නිවේදනය පමණක් නම් ඕනේ.. භාෂාවක් මෙච්චර සංකීර්ණ වෙන්නෙ නෑ. නමුත් මිනිස්සු හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක් විදිහට භාෂාව යොදා ගත්තහම, මිනිස් සිතේ ඇතිවෙන සියුම් හැඟීම ප්‍රකාශ කරනගන්න පුළුවන් වෙන මට්ටමට භාෂාවක් සංකීර්ණ වෙන්න ඕනේ... හොඳ සාහිත්‍ය නිර්මාණ සිද්ධවෙන්න භාෂාව පොහොසත් වෙන්න ඕනේ.

    සාපේක්ෂව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක ලේසියි තමයි. නමුත් මට හිතෙන්නේ කොයි භාෂාවත් අවශ්‍යතාවය ඇති වුනාම ඉගෙන ගන්න පුළුවන්. ප්‍රශ්නේ, ලෝකේ අනිත් රටවල මිනිස්සුන්ට සිංහල ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නෑ.

    ReplyDelete
    Replies
    1. තිසරගේ අදාහරණයට මං බොහෝම කැමතියි.. ඒක පැහැදිලියි සරලයි..නිරවුල්...

      හරියටම හරි... ඒ ඒ සාස්තරේ යොදා ගන්නේ ඒ ඒ තැනේ හැටියට.. බඩ ගින්න තද වෙලාවට කාගෙන යන කෑම ටිකක් පිලිවෙලකට කන වෙලාවකදී අපි කරන්නේ නැහැ..

      ආන්න ඒ වගේ තමයි මටනං මේ බ්ලොග් කලාවත්.. මං පොතක් ලිවුවනං..එහෙමත් නැත්තං පත්තරයක ලිපියක් රචනා කරනවනං ඒක මගේ අතින් පිලිවෙලට වෙයි... ඒත් මේ බ්ලොග් එක කියන්නේ අර බඩ ගින්නට හදිසියට කන එලෝලු රොටිය වගේ එකක් විතරයි මටනං... හිතට එන දේ කියලා දාලා අත පිහිදගන්නවා ඇරුනුකොට.. මෙතනදී දාහක් එකක් දේවල් හිත හිත ලියන්න ගියොත් මේකත් නිකං අර බටහිර කෑම තියෙන හෝටලයකට ගිය කොස් දෙල් බතල කාලා හුරු වෙච්ච එකාට සිද්ධ වෙන අපහසුතාවයට දෙවැනි වෙන්නේ නැහැ... රකිනවා කියලා හැම දේම හැම තැනම රකින්න බැහැ... බ්ලොග්වල ලියන දේවල් වලින් මිනිස්සු අරක්කු සිගරට්වලට පුරුදු කරවනවා කියලා මෙයිට කාලෙකට කලියෙන් ආවා තද චෝදනාවක්.. එදා මං හිටිය මතේ තමා මෙවයින් එහෙම නරක් කරන්න පුළුවන්නං ඉතිං මේවයින් මට රටේ ජනාධිපති වෙන්නත් පුළුවන් කියන එක.. ඒ දෙකම සිද්ධ වෙන දේවල් නෙවෙයි... ඒ වගේම තමා මේකත්... බ්ලොග් වලින් සිංහල හදන්න යෑමත් බ්ලොග් නීරස කරවන දෙයක් වේවී... නිදහස් ලිවීමේ රටාවන්ට.. කට වහරින් ලියන අයගේ ලිවීමට.. භාෂා දැනුම බොහෝම අඩු.. ඒත් ලියන්න ඇති ආසාවට මොනවා හරි ලියලා හිත සැහැල්ලු කරගන්නා අයගේ ලිවීම් දුර්මුඛ වේවී... නිදහසේ ජීවත් වෙන්න නැති උන්ට මෙතැනත් තියෙන නිදහස සීමා වේවි...

      කලට කමක් නැහැ... හැබැයි ඒක ඇනයක් නොවෙන්න...

      Delete
    2. මගේ අදහසත් මෙතෙන්ටම දාන්නං.
      තිසරගෙ උදාහරණය ඇතුලෙම තියන අනිත් කාරණාව උඹලට පෙනිල නෑ.
      //පට්ට බඩගිනි වෙලාවට ඕනම ජරාවක් ඇදලා අරිනවා... කෙල්ල එක්ක හෝටලේක කෑම කන්න ගියාම ටිකක් පිළිවෙලයි. ගෙදරට මනුස්සයෙකුට කෑමකට එන්න කියලා දෙනකොට තවත් පිළිවෙලයි.//
      බඩගින්නට, කරන්න දෙයක් නැති කමට ජරාව කෑවට ඒ වෙලාවට උනත් සූප සාත්තරේ කෙල පැමිණියෙකුගෙ කෑම වඩා හොඳයි නේද?

      ව්‍යාකරණ නීති-රීති යටතේ තියන භාෂාව කියවීම මට නං වඩා ආශ්වාදජනකයි. උදාහරණයක් බ්ලොග් අවකාශයෙන් දෙනව නං ටැබූගෙ ලිපි කියවන්න කොච්චර නං වටිනවද! ඒකට එක හේතුවක් ඔහුගේ භාෂා විලාශය.

      Delete
  4. ඔන්න ඔන්න ඉතිං බාල්දි දානව... නලින් අයියලගෙ වැඩෙන් ඉගෙනගන්න කැමති උන් ඉගෙන ගන්නෙ නැතෑ බන් අයියෙ...

    අනිත් අතට ඔය අපි භාෂා ප්‍රවීණ, උඹල සිංහලවත් දන්නෙ නෑ කියල මොකක් හරි ආතල් එකක් ගන්න උන්ගෙ ආතල් කඩන්නෙ ඇයි?... සමහරු ඉන්නව තමන් කියන එක තේරුම් ගන්න ඕන නම් ඉගෙනගෙන වරෙන් කියන තාලෙ.. උන්ගෙ හීන බිඳින්න එපා.. ;)

    මහාප්‍රාණ, ව්‍යකරණ නීතී, වදන් ඉගෙනගන්න වෙලාව යොදවන එකේ මට නම් කිසිම වාසියක් ලාබයක් නැති හින්දා දැනට දන්න ටිකෙන් අදහස් හුවමාරු කරන් ඉන්න තිබුන නම් ඇති... ව්‍යාකරන අනං මනං සරල නොකලට නම් ප්‍රශ්නයක් නෑ... හැබැයි ඉතිං සාමාන්‍ය භාවිතයෙදිත් මෙහෙම මෙහෙම පාවිච්චි කරන්න කියල නීති දාන්න ආවොත් නම් ඉතිං ප්‍රශ්නයක්...

    /*ඒත් අපේ එකෙකුට මං දන්න ඉංගිරිසි ටික කිව්වොත් ඌට මං කියන එක තේරුනත් ඌ පටන් ගන්නේ හිනා වෙලා*/ අනිත් උන් ගැන දන්නෙ නෑ... මම නම් හිනාවෙන්නෙ නෑ... මොකද මම කියල සුද්දෙක් යෑ... :)

    ReplyDelete
    Replies
    1. සාතන් මම දකින විදියට නං මෙතනදි සිදුවිය යුත්ත "හැකි හැම විටම භාෂා වියරණය රැකීම"යි. එහෙම නැතුව ඒක හිතාමතා අමතක කිරීමත්, වියරණ රැකිය යුතුමයි කියන්නෙත් අන්ත දෙකක්.

      Delete
  5. අපොයි මංනං ඔය ව්‍යාකරණ අනං මනං පලහිලවු අත ඇරල ගොඩක් කල්. අපි ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ සිංහල හෝඩිය නෙමෙයි දැං තියෙන්නෙ. තව ටික දවසක් යනකොට තව වෙනස් එකක් එයි. කාට ඕන හැටියටද ඕව වෙනස් කරන්නෙ. ඇයි ඉංග්‍රීසි වගේ නිශ්චිත හෝඩියක් සිංහලට තියෙන්න ‍බැරි. ඕව සැරින් සැරේ වෙනස් කරනකොට මතක තියාගෙන ඉන්න පුලුවං කාටද. ඔය හෝඩියෙ භාවිතයට නොගන්නා අකුරු කීයක් තියෙනවද.

    උඹ කියල තියෙන එක ඇත්ත. සුද්දෙකුට අපි දන්න කැඩිච්ච ඉංග්‍රීසියෙන් මොකක් හරි කියන්න හැදුවොත් මිනිහට ඒක තේරුනේ නැත්තං හස්ත මුද්‍රාවෙන් හරි මිනිහ හදන්නෙ අපි කියන්න යන දේ තේරුං ගන්න මිසක් අපි කියන වචනවල හරි වැරදි හොයන්න නෙමෙයි.

    ReplyDelete
  6. අපේ උන්ට ලොකු එකක් වුනාට, ලෝකයාට පොඩි ඇටයක් තරම් වුනු, බොහෝ දෙනෙක් නොදන්න රටක භාෂාවක් වීම නිසා, ප්‍රචලිත නොවුනත් මම දන්නා , අහල තියෙන තරමින් ලෝකයේ තියෙන හොඳම භාෂාවක් සිංහල.

    ඒත් ඉතින් මාරතුමා කියනවා වගේ, භාෂාව කොන්ක්‍රීට් කරල තියන්න බෑ නොවැ. පෆ් (මේ ෆයන්න සිංහල ද ? ) මාම නිතරම කියනවා වගේ ඔය විදෙස් බලපෑම් එහෙම එන කොට, අළුත් වචන එන කොට අපේ සිංහලේ මදි වෙනවා සමහර විට. එහෙම වුනාම අන්තිමට ව්‍යවහාර සිංහලේට තව කොටස් එකතු වෙනවා. එහෙම වෙන එක නවත්වනවානම් ඉතින් කරන්නේ සිංහල නැසීමක් ම තමයි.

    මැලේසියාව තමන්ගේ භාෂාව ඉංග්‍රීසි අකුරෙන් ලියනවා. අපි ඒ මට්ටමට යන්න ඕනි කියලනම් මම හිතන්නේ නැහැ. ඒත් ඒ වගේ දේ වුනු රටවලුත් තියෙනවනේ.

    ඒ වගේම භාවිතා වෙන්නේ නැති භාෂා කොටස් අභාවයට යන එක නවත්තන්නත් බෑ නේ.

    බ්ලොග් ගැන කිව්වොත් ඒක ලියන එකා කැමති හැටියට තමන්ගේ හිතට එන දේ එන හැටියට ලියන එකනේ (උස්සලා අලවන්නේ නැතිනම්). ඒකට ඉතින් ව්‍යාකරණ එහෙමට තැකුවේ නැතිවට කමක් නෑ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා , තමන්ගේ ව්‍යාකරණ අඩු පාඩුවක් වැරද්දක් දැක්කොත්, දැන ගත්තොත් ඒක හදා ගත්තට වැරද්දක් නැහැ.කාගෙන් හරි අහ ගත්තත් , කවුරු හරි වරද්දලා තියෙනවා දැක්කම පෙන්නලා දෙන එකෙත් වැරද්දක් නැහැ. හිතා මතා ව්‍යාකරණ වරද්දන තැනට කවුරු හරි යනවනම් ඒක වැරදියි.

    අපි කවුරුවත් බැහැල මහා පරිමාණයෙන් භාෂාව වෙනස් කරන්න යන්නවත්, වෙනස් වෙන කොට ඒක නවත්වන්න උද්ඝෝෂණ කිරීමත් නෙවෙයි හොඳම දේ, වෙන වෙනසක් ඔහේ වෙන්න ඇරල හිතා මතා බස මරන්නේ නැතිව ඉන්න එක මම හිතන්නේ.

    මේ කිව්වේ මට හිතෙන දේ.මගේ හිතේ කොනක නිකන් පොඩි ආසාවක් තියෙනවා සිංහල ගැඹුරින් ඉගෙන ගන්න. ඒක කවද හරි වුනොත් ඉතුරු හරිය බලා ගන්නම් !!! .. හරිය ...

    ReplyDelete
  7. මුලින්ම මේ ලිපියට මාර මලයාට ස්තුතිවන්ත වෙනවා.

    දැන් යමු කාරණාවලට. මා කිසිම තැනක හෙළ බසක් ගැන කතා කොට නෑ. සිංහල බස ගැන මිසක්.//සිංහල බසට ලැදි ඔබ සැමට ම ආරාධනය කර සිටිනවා//
    දෙවැන්න මා කියන්නේ මහප්‍රාණ කතාවක් නොවේ මෙයින් එය ගම්‍ය නොවෙද?
    //එදිනෙදා භාවිතයේ හමුවන වදන් හි නිවැරදිම වදන් එකතු කොට//
    මගේ අරමුණ වූයේ නිතර හමුවන සරළ වදන් පවා වැරැදි අයුරින් ලියැවෙන එක ගැනයි.
    උදා - කල හා කළ මේ දෙක යෙදෙන්නේ කාලය හා ක්‍රියාව යන දෙතැන් හි ය.
    කිසිම බ්ලොගයක් වෙනුවෙන් මා තහංචියක් දමන්නට වෙර දරා නැත. මගේ යෝජනාව සයිබරය තුළ අප හදුනාගන්නා වදන් හි නිවැරැදි එකතුවක් සාදාගැන්මයි. එසේම නිවැරදිව ලියැවෙන සටහනක් කියවන්නාට ප්‍රිය ජනකයි. මගේ සටහන් වල ද බස වැරැදියට භාවිත වූ අවස්ථා එමට ය. මට අවැසි එවන් වැරැදි අවම කර ගැන්මයි. මගේ අඩුපාඩු පෙන්වා දෙන්න. එය මා බාරගන්නේ සැදැහැ සිතිනි.
    එසේම නිවැරැදි වියරණ සහිතව සරළ බස් වහරින් ලියන පල් හැල්ලක වුව අලංකාරයක් ආකර්ෂණයක් තිබේ.
    කිසිම බ්ලොග් කරුවෙකු මා කිසිවිට බස නසා ඇතැයි පහත් කොට සළකා නොමැත. ඇරියුම එදිනෙදා හමුවන වැරැදි හා ගැටලු සහගත වදන් නිරාකරණය කර ගැන්මටයි. ඒ සඳහා කැමැත්තෝ එක් වෙත්වා. එසේම මේ සටහන ලියූ පරිණත බ්ලොග් කරු මාර මලයා ගේ වියරණ හා අක්ෂර දොස් අවම ය.

    1. ජාතික අධ්‍යාපන ආයතනය පිළිගන්නේ හා පාසල් සඳහා ඉදිරිපත් කොට ඇති සිංහලයේ අකුරු ගණන 60කී.(වත්මනෙහි බොහෝ විට අත් පොත ලෙස ගන්නේ එයයි.)
    2. මෙය තවමත් වියතුන් අතර මතවාදීව පවතින අකුරකි.
    පත පොතේ ක්‍රෑර ලෙස තිබේ. උච්චාරණය නම් මටත් අවුලකි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉහත ඉඳුනිල් මම්ම වෙමි. :) වෙනත් ප්‍රොෆයිලයකින් ඒ කමෙන්ටුව වැටුන නිසා ඉවත් කලේ.

      යෝජනාව යහපත්, ප්‍රායෝගික දෙයක්. එව , බලව, කැමති නම් ඉගෙන ගනු වර්ගයේ එකක් ගැන මට හිතෙන්නේ. එහෙම ඉගෙන ගන්න මාත් මනාපයි.

      Delete
  8. ඩ්‍රැකියා වාග් විද්‍යාව උගත් පොරක් නිසා පොර ටෝක් එකක් දීමට හැකියාව ඇත්තෙකි. ඒ උනත් උගේ අදහස මේ වගේ සරළ එකකි.

    භාෂාවක් පරිණාමය වෙන හැටි ඔහොමයි. පරිණාමය මුලින්ම එකතු වෙන්නේ භාෂණයට හෙවත් කතා කරන භාෂාවටයි. ඊට පසු කාලයක් ගත වීමෙන් සමාජ සම්මතයෙන් ඒවා ලේඛනයට එකතු වෙයි. අපේ හෙළ බස හොයාගෙන යනවා නං අපිට සෙල් ලිපි වලටම ආපසු යන්නට සිදු වේ. පූර්ව බ්‍රාහ්මී ලේඛන වල ඉඳන් නූතන සිංහල භාෂාව තෙක් භාෂාව පරිණාමය වී ඇත්තේ මේ විදිහටය. ඒක දැන් නැවතී නැත. කාලයත් එක්ක පරිණාමය වෙමින්, භාවිතයට හුරු විදිහට හැඩ ගැසේ. අපිට ඇත්තේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බලා සීටීමයි.

    ReplyDelete
    Replies
    1. එළ...
      මම නලීන් ගෙන් ප්‍රශ්ණයක් ඇහුවා.. සරළ සිංහල හැදුනේ කොහොමද කියලා..
      ඒක අහනකොට මේ කොමෙන්ට් එක කියවලා තිබුනේ නෑ..
      නලියෝ උඹ මේ කොමෙන්ට් එක කියෙව්වනම්.. ඒකට උත්තට ඕන නෑ..
      කැඩපත් පවුරේ තියෙන කවි.. සෙල්ලිපි වලට වඩා කොච්චර වටිනවද... බ්ලොග් කියන්නෙත් කැඩපත් පවුර වගේ තැනක්... මගේ කොමෙන්ට් බොක්ස් එක නම් කරලා තියෙන්නෙත් ඒ නමින්...

      Delete
    2. සයිබර් අවකාශය තව කලකින් දරුවන්ගේ අත් පොත බවට පත්වෙනවා.

      Delete
    3. @ මාතලන්
      කැටපත් පවුරේ බහුතරයක් තියෙන්නෙ සීගිරිය බලන්න ආව සාමාන්‍ය ජනතාව ලියපු ගී. ඒක නිසා ඒන ජීවමාන සන්නිවේදනයක් වගේම සාමාන්‍ය මිනිස්සු භාවිතා කරපු භාෂාවේ හැඩහුරුව බලාගන්න නියම ආදර්ශයක්.
      සෙල් ලිපි ගොඩක් ලෙන් පූජා ලිපි. අනික්වා මහරජවරුන්ගේ විධිවිධාන. ඒවයේ තියෙන්නෙ රාජකාරි භාෂාව.
      ඕකයි මම දකින වෙනස.

      @ නලීන්
      සයිබර් අවකාශය දැනටත් අපේ අත්පොත බවට පත්වේගෙන නේ එන්නේ. අපේ වගකීමක් තමා ඒක පුළුවන් තරම දැනුමෙන් පුරවන එක.

      Delete
  9. සිංහල භාෂාව රැකීමට දැනට අපේ රටේ තවම හරි වැඩපිළිවෙලක් නැහැ. නමුත් අනිත් හැම දියුණු රටක්ම වාගේ තම තමන්ගේ භාෂාව ආරක්ෂා කරන්න වැඩ කටුයුතු පිළිවෙලට කරනවා.එක නිසා සරලව හරි එහෙම එකක් කරන එක හොදයි. සිංහල භාෂාව යොදාගෙන කරන්න අමාරු තැන වලදී විකල්පයක් යොදා ගන්න එක හොදා. පරිගණක භාවිතයදී වගේ. හැබැයි නියම භාවිතය ගැන දැනුමක් හැමෝටම තියන එක වෙන්න ඕන දෙයක් කියල තමා මට නම් හිතෙන්නේ. මොකද සමහර රටවල් තමන්ගේ භාෂාව ගැන අධ්‍යයනය කරන්න කියල විශ්වවිද්‍යාල වලට ලොකු මුදල් අනුමත කරනවා.ලංකාවේ සිංහල ගැන පර්යේෂණයක් කරන්න මුදල් ස්පොන්සර් කෙනෙක් හොයන්න පුලුවන්ද කාලේ...

    ReplyDelete
  10. ඉහතින් කියවන ලද අර්ථකතනයන් මෙන් අර්ථකතනයක් සැපයීමට ඔබ තරම් මා උගතෙකු නොවනු ඇත.එනමුදු මාගේ මතයට අනුව සිංහල භාෂාව සරළ කරන්නට ගියහොත් එය හෙළ බස්වහරට බලපෑමක් වනු ඇත.ලොව ඕනෑම භාෂාවක් සදහා තමනටම වූ ස්වකීය අනන්‍යතාවක් ඇත.පෙර පඩිවරුන් හෙළ බස් වහර විවිධ වියරණ රීතීන් වලින් පෝසත් කරන්නට උත්සාහ ගෙන ඇත්තේද අනාගතයේ හෙළයා හෙළුව හෙළුවෙන්ම වැනීමට ඉඩ ප්‍රස්ථාවක් ඇතිකිරීමටදෝ මගේ හැගීමයි.මා ආධුනික බ්ලොග්ස් කරුවෙකු බව ඔබ දන්නා බව මා දනිමි එසේම වසර 10 පසුව ආශාවෙන් සිහල වචනයක් කියවීමට අවස්ථාවක් කර ගත්තේද මෙයයි.තවද මා දන්නා පරිදි හෙළ බසට ඉංගිරීසිය මෙන් නොව ඉතා වටිනා දීර්ඝ ඉතිහාසයක් ඇතිබව කවුරුත් දන්නා කරුණකි.එසේම හෙළ බස ඉංදීය ආභාෂය ලදුව වරින් වර සංස්කරණය වෙමින් වර්තමානය තෙක් දිව ආවකි.ඒ අනුව ඔබ පවසන පරිදි මෙම ණ න ල ළ බේදය තව දුරටත් පවත්වාගෙන නොගියහොත් ඹුලික අධ්‍යාපනය ලබන පාසල් ශිෂ්‍යාගේ සිට ඉහලම උගතා දක්වාම එය බලපානු ඇතියැයි මා විශ්වාස කරමි.

    ReplyDelete
  11. අපේ රටේ ඉන්නේ තනිකර බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු. මම කියන්නේ නලීන්ගේ වැඩේ නෙමෙයි. ඒ මනුස්සයගේ රැකියාව අනුවයි. හැලපේ කරපු රැකියාවයි අනුව. මෙහෙම දෙයක් කරන එක ළොකු දෙයක්. පත්තර කළාව ගැන ලියවුනු පොතකුත් මම කියෙව්වා කාලෙකට කලින් මෙරිල් පෙරේරාගේ. ඒකේ තියෙන ඒවා දැක්කම නම්, ඔක්කෝම පිස්සුම තමයි ලියන්නේ. අනික මේකට ගෙම ඇදපු පොරක් තමයි සුචරිත ගම්ලත්. තව එක්කෙනෙක් තමයි කාරියකරවන මහත්තයා. දැන් මෙයාලා උන්නා කියලා පත්තරකාරයී හෙළුවෙන් වනනවද. බ්ලොග් වල තියෙන භාෂාවටත් එහා උන්ගේ භාෂාව. දැක්ම ගැන කියන්න ඕන නෑනේ.

    දැන් නලියා මෙහෙම දෙයක් පටන් ගන්න කොට. උගේ හිත හොඳ වෙන්න, උගෙ කොමෙන්ට් එක දිගටම තියාගන්න, ඌව කොහේ හරි දැක්කම අඳුනන එකෙක් කියලා පෙන්නන්න, මේක නම් මාර වැඩක්, ශ්‍රේෂ්ඨ වැඩක්, ජාතික යුතුකමක්. අපි එක පයින් ගාලා පටන් ගන්න එකෙක්වත් ඔය නීරස වැඩේ එල්ලිලා ඉඳලා නිවැරදිව බස හසුරුවයිද හෙළුවෙන් වනයිද කියලා බලමුකෝ.

    මම නම් පටන් ගන්න කොටම කිව්වා මම මේකට නෑ. මම ලියන්නේ මට ඕන විදියට කියලා. අපි යෙදෙන්නේ පුරවැසි මාධ්‍ය කියන එකේ. ඒ කියන්නේ ඕපදූප ලියන එක. අද මේකට තමයි තැන තියෙන්නේ. එතනදි මටම වෙන් වෙච්ච සදාචාරයක් ඇතුලේ මට හිතෙන එක මම ලියනවා. බලන එකෙක් බලයි. නොබලනවයි කියන උනුත් හොරෙන් බලයි. අර පැරාගේ එකේ කොමෙන්ට් දාන්නේ. මේවා බලන්නේ ඉතින් හරක් තමයි කියලා. ඒ කියන්නේ උනුත් බලනවා කියන එක නේ.

    ReplyDelete
    Replies
    1. කුමරතුගු අහුබුදු සූරීන් ලා ගෙනෙන්නට තැනූ හෙළ බසක් ගැන නොව මා යෝජනා කළේ. බොහොම සරළ සිංහලයේත් වරද්දන වදන් ගැන යි.

      Delete
    2. සරළ සිංහල හැදුනේ කොහොමද නලීන්...

      Delete
    3. අපේ බස හැදී ඇත්තේ පාලි හා සංස්කෘත වදන්ද බොහෝ සේ මුසුවෙමින්. එය අසීරු බසක් සේ පෙනෙන්නට ගත්තේ ඇකාරය යනාදිය යොදමින් හෙළ හවුල ගෙන ගිය ව්‍යාපාරය නිසයි. එවන් දෑ අතහැර සාමාන්‍ය සිංසල වදන් වියරණ රකිමින් ලියන්න හැකිනම් එය අනවශ්‍ය කරදරයක් ද? කොහොමත් භාෂාවක් පරිණාමය වෙනවා. සිංහලත් එසේම තමයි. එනමුත් මූලික වියරණත් වෙනස් කරන්නේ නම් එය ජාතික ව්‍යපෘතියක් විය යුතුයි. එතෙක් තිබෙන වියරණ හෝ සුරැකීම කළ යුතුයි.අපහසු කටයුත්තක් වුව උත්සාහ කළොත් එය බැරි දෙයක් නොවේ.

      Delete
    4. ඒ වුණාට මාතලන්ගෙ කමෙන්ටුවේ ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය බොහෝදුරට නිවැරදියි නලින්

      Delete
    5. මූලික වියරණය ජාතික ව්‍යාපෘතියකින් වෙනස් කිරීමට යාම නිරර්ථකයි නේ නලීන්. ඒක පරිණාමයෙන් සිදු වෙන දෙයක්. උදාහරණයක් තමා සිදතේ තියෙන ව්‍යාකරණය, ඒක දැන් භාවිතා වෙන්නේ නෑනේ.

      නලීන්ගේ වෑයම අගය කරනවා. නමුත් මම නම් තැන සුදුසු විදිහට භාෂාව නමාගෙන, මට කියන්න ඕනෙ දේ කීමට යොදාගන්නවා. ඒක තමා සිංහලයේ තියෙන ජීවමය ගුණය. හුදෙක් ව්‍යාකරණ රැකීමට යාම භාෂාවේ ජීව ගුණය මැරීමක් වෙන අවස්ථා බහුලයි.

      Delete
    6. නලින් අයියට මොකෝ මේ වෙලා තියෙන්නේ ඔලුව කොහේ හරි වැදුනද?

      මට හිතෙන්නේ දිණමිණ පත්තරේ (හරිද මන්දා ඒක පත්තරයක් නේද බන්? සුවර් නේ??) විකිනෙන ප්‍රමානය හදිසියේ වැඩි වෙලා නලින් අයියට වැඩ අඩුවෙලාද . . .

      අනේ මන්දා පහලිනුත් කිව්වා වගේ කේතුමතී පුරේ වගේ කිසිම ප්‍රශ්නයක් නැති රටේ නලින් අයියලා නැති ප්‍රශ්න අරන් එන්න හදනවා . .

      මේවා කියෝලා හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරුව මම මේ ඉන්නේ . .

      Delete
  12. යම් පමණකට ලිහිල් බසක් සහ ව්‍යාකරණයක් තිබ්බම ඇති. බලන්න ත්‍රිපිටකය ව්‍යාකරනය පැහැදිලි නැහැ. ඒ නිසා අර්ථ නියම විදියට එන්නෙ නැහැ. හැබැයි බස ලිහිල් වුනා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මගේ මතය ලිහිල් බසක් පමණක් ඇති. ගැබුරු බස වහරණවා නම් ව්‍යාකරණය අත්‍යාවශ්‍යයි. නමුත් බ්ලොග් වලට සැහැල්ලු බසක් ඇති කියන එකයි මගේ අදහස.

    ReplyDelete
  13. නලීන් අයියගේ වැඩේ මාත් ඇත්තටම අගය කරනවා.. ලියද්දී කලබලේ නිසා හෝ, යුනිකෝඩ් වල අවුලන් නිසා හෝ, ඇත්තටම නොදන්න කම හන්දා වෙන වැරදි එහෙම හරි නිවැරදි කරන්න කෙනෙක් ඉන්න එක සෑහෙන වටිනවා.. ඉස්සරනම් හදිස්සියට අකුරු නොදන්න ඒවා බලා ගත්තා ස්වප්නා අක්කගේ බ්ලොග් එකෙන්.. දැන් ඉතින් එයත් ලියන්නේ නැහැනේ..

    මම හිතන් හිටියේ කෲර ලියන්නේ මෙහෙමයි කියලා.. දැන් ඒක වැරදිද එතකොට?

    ReplyDelete
    Replies
    1. අමතක උනානේ..

      ව්‍යාකරණ නීති නම් කතාවක් ලස්සන කරන්න තමන්ට ආවේණික විදිහට වෙනස් කරාට කමක් නෑ කියන අදහසේ මම නම් ඉන්නේ.. ඒත් අක්ෂර එහෙම නෙමෙයි.. ඒවා නිවැරදි විය යුතුමයි..

      Delete
  14. මේ ගැන මහා වාදයකට එකතු වෙන්න තරම් දැණුමක් නැති වුනත්, මම හැකිතාක් නිවැරදිව ලියන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ.
    ඒ වගේම වාග්මාලාව, නිරන්තරයෙන් වෙනස් වෙන බවත්, ඒ වෙනස්වීම් වලට අපි අනුගත වෙන බවත් පිළිගන්නවා.
    මේක මම භාවිතා කරන භාෂා දෙකටම අදාලයි.

    ReplyDelete
  15. මටත් සිංහල ලෙඩක් තියෙනවනේ.... සාමාන්‍යයෙන් වචන වරද්දලා ලියලා තියෙනවා දකින කොට හිතට මහ අමුත්තක් දැනෙනවා.. විශේෂයෙන් වගකිවයුතු තැන් වල..

    මාස ගාණකට කලින් මම බ්ලොග් එක ලියන්න පටන් ගන්න කොට මට හොඳට මතක තිබ්බ සමහර වචන දැන් පැටලෙනවා... මම දන්නවා හරි වචනේ.. හැබැයි මට පැටලෙනවා.. මොකද බ්ලොග්ම කියවලා සමහර වචන වරද්දලා දැකලා දැකලා දැන් ෂුවර් නෑ මොකද්ද හරි වචනේ කියලා....

    සිංහල වල ව්‍යාකරණ නීති රීති ටිකයි අක්ෂර නීති ටිකයි රකින එක මහා ලොකු අමාරු දෙයක් නම් නෙවෙයි කියලා මම දන්නවා... ඔය දඟල දඟල ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ ඒකටත් උනන්දුවක් තියෙනවනං... ඒත් ඉතිං මේ සිංහලනේ.. අපිට පාන්යැ ඔය ඕනෙ විදියකට ලියාගත්තම කියලා හිතන්න පුළුවන්.. මොකද මේකෙ වැරැද්දක් පෙන්නන්න පුළුවන් සිංහල දන්න එකෙක්ටම විතරනේ...

    භාෂාවක වචන වල අර්ථය තේරුම් ගන්න නම් නීති රීති ටිකක් තියෙන්නම ඕනේ.. එකෙක් මෙහෙ ඉඳන් එක හූවක් තිබ්බම අනිත් පැත්තේ ඉන්න එකාට ඒකෙන් කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නත් එකට නීතියක් තියෙන්න එපැයි එක හූවෙන් කියන්නේ මේකයි කියලා...

    සිංහලේ මහා අමාරුයි කියලා කියන්න තරම් නීති ටිකක් නම් මට තාම හම්බුවෙලා නෑ... ඔච්චරයි මට කියන්න තියෙන්නේ...

    ReplyDelete
  16. මම හිතන විදියටනම් සිංහල බ්ලොග් කියවන්න මෙච්චර පිරිසක් එකතු වෙලා ඉන්නේ ඒවා ලියලා තියෙන සරල,ව්‍යවහාර භාෂාව නිසා.අපි කෙනෙක් එක්ක කතා කරමින් ඉන්නවා හා සමානයි මේ පෝස්ට්,කමෙන්ට් කියවන කොට.ඒ නිසා බ්ලොග් සරල විදියටම ලිවීම හොඳයි කියලයි මගේ අදහස.

    ReplyDelete
  17. ඉංග්‍රීසි තියෙන ව්‍යාකරණ වලට අපි ගරු කරනවා වාගේ සිංහල භාෂාවේ තියෙන ව්‍යාකරණ වලටත් ගරු කරන්න ඕනෑ. ලියන සිංහලයි කතා කරන සිංහලයි කියල දෙකක් තියෙනවා. මේ දෙකේම ව්‍යාකරණ තියෙනවා. ඉංග්‍රීසි වලත් ජාති දෙකක් තියෙනවා. lucid english කියන්නේ උගතුන් භාවිතා කරන ඉංග්‍රීසි (ජි .එල්. පිරිස් මහතාගේ කතාවක් උදාහරණයට දෙන්න පුළුවන් නියම වචන නියම උච්චාරණය සහ නියම ව්යාකරන් එකේ තියෙනවා

    අපි ගැට ගහන ඉංග්‍රීසි වලට කියන්නේ bla bla english කියල අදහස යන්තම් මාට්ටු වෙනවා තමයි.ඒත් ව්‍යක්ත සභාවකදී පාවිච්චි කරන්න බැහැ.

    ඔබේ අදහස හොඳයි ඒත් නිරපරාදේ උතුමන්ට ගරහන එක හොඳ මදි කියලයි මම දකින්නෙ.අනාරගාරික ධර්මපාල උතුමන්ට අගරු කිරීම ගැන නම් එකඟ වෙන්න බැ. එතුමන්ගේ අප්‍රතිහත ධෛය්ර්ය නොතිබුනානම් අපිට අද ගරු බුහුමන් සහිතව බුද්ධ ගයාව වන්දනා කරන්න ඉඩක් ලැබේවිද? එතුමන්ගේ ආශිර්වාදය නොලැබුණු සංකස්ස පුරය අද තිබෙන සෝචනීය තත්වය ඔබ දැක තිබේද? (මා එල්ලූ කොඩිවැල මා ඉදී රියේම කොල්ලො ටිකක් කඩාගෙන ගියා.)

    ReplyDelete
  18. මේ කිසිම ප්‍රශ්නයක් නැතුව කේතුමතී පුරය වගේ තියෙන ලංකාවට ඔය ජාත්‍යාන්තර කුමන්ත්‍රණකාරයින්ගේ ණ න ළ ල වගේ ප්‍රශ්න අරන් එන්න හදන්න එපා මාරයෝ ඔන්න කිව්වා හරිද . . .

    ReplyDelete