25 June 2013

විමල් අයියේ තරහා අවසර... මාර පාන්...


සුදු විමල් අයියේ උඹ මේක එහෙම බලලා මාත් එක්ක අමනාපයක් වෙන්ට එපාය... වරදක් කොලත් හිතකින් නොවේය... උඹ වාගේම මාත් ඇවිල්ලා අමු හිංගලයෙක් වග අමුතුවෙන් කිව්වේ නැතිවට උඹ සහ සුද්දෙන්ම දන්නවා ඇතැයි සිතමි. අපේ ජාතික මෙව්වා එක රැක ගන්ට උඹ වාගේම මාත් දිවා රෑ නොබලා වැඩ කොරනවාය... ඒ කාලේ උඹත් දිවා රෑ නොබලා තාප්ප ගානේ පාප්ප බාල්දි ගානේ ගෑව එකෙක් හැටියට මං අද පත් වෙලා ඉන්න තත්තේ ගැන උඹටත් අවබෝධ කොරගන්ට හැකිවේ යැයි සිතමි... ඒ හින්දා රත්තරනේ මං මේ මෙහෙම කොලා කියලා උඹ එහෙම අබමල් රේණුවක් තරංවත් මං ගැන අහිතක් ආරෝවක් හිතන්ට කාරි නැතුවා මයෙ දෙයියා.. මම එදත් අදත් හෙටත් නොවෙනස් දේශප්‍රේමී.. දේශහිතෛෂී.. දේශමාමක.. මාරයාම වෙමි...

තාප්පවල පාප්ප ගෑන කතාව ඇදලා ගත්තේ වෙන මක්කටවත් නෙවේය.. උඹට ඒ කතාවෙන් මං කොරාපු දේ ගැන හරියටම තේරුං ගතෑකි කියලා මට හිතුන හින්දාය... දැන් බලහං විමල් අයියේ විප්ලවේ කොරන්ටනං තාප්ප වගේම පාප්පත් අවශ්‍යය... එහෙම නොවුනොත් විප්ලවයට කෙලවෙනවාය... ඇයි බොල අයියේ තාප්පයි පාප්පයි නැති උනොත් පෝස්ටර් අලවන්නේ අහවල් එකේයෑ..? පෝස්ටර් වලින් තොර විප්ලවයක් මෙහෙ තියා රුසියාවෙත් නැති වග එහෙ ගිය කවුදෝ මංදා කියනවා මාත් අහගෙනය.. එහෙවු එකේ විප්ලවයේ සහකරුවෝ වන තාප්ප සහ පාප්ප සමග සදා ගනුදෙනු කල උඹ ඒ පාප්ප හදාගන්න හාල් පිටියෙන්වත්... කුරක්කන් පිටියෙන්වත් බැරිවග හොඳටෝම දන්නවා ඇතිය... 

අනේ අයියේ උඹට පාප්ප හදන්න වගේම මට පාන් හදන්නත් පාන් පිටි ඕනෑය.. ඒ හින්දා අදට විතරක් සමාව දියංය.. හෙට ඉඳලා පරණ විදියටම සුදු හාලේ බත්ම කඤ්ඤං...

-----------------------------------

හා අවසර ගැනීමේ යාතිකාව අවසානයි... මොකක් කලත් ඒකට අදාල දෙයියට යාතිකාවක් කියලා.. බාර හාර වෙලා ඕන වැඩේට අත ගහන්න.. නැත්තං අත ගහන වැඩේ හරියට ඉස්ට සිද්ධ කොරගන්න බැරි වෙන්න බාධා එනවා.. ඒකයි එහෙම පටන් ගත්තේ..

හරි එහෙමනං කාරියට බහිමු... අද විශේෂ පාන්...

ඔව් ඔව් පාන් තමා..ලංකාවේ අංක එකේ සුපිරි ආහාරය.. හැබැයි මේක අර කඩේ පාන් වගේ හතරැස් නං නෙවෙයි ටිකක් දිගට හදාපු එකක්... පිටි ටික හදාගත්තම හැඩේනං කොහොම උනාම මොකෝ...

මෙන්න උවමනා දේවල්.. තමුන්ට ඕන හැටියට හැම එකම අඩු වැඩි කොරලා ගන්ට...

පාන් පිටි ග්‍රෑම් 400 යි...
ඊස්ට් තේ හැදි එක හමාරයි...
සීනි තේ හැන්දයි...
මාගරින් තේ හැදි දෙකයි...
ලුනු කුඩු තේ හැදි එක හමාරයි...
තරමක් උණුසුම් වතුර කෝප්ප එකයි...
බිත්තරයක්...
වැඩ කොරන අවන් එකක්...


හරි පොතේ හැටියටනං ඉතිං පිටි තුන් පාරක් හැලිලි එහෙම තියේ.. අනේ එව්වා දාන්න ගෙදර ඉන්න ඩෝග්ට.. මොකද දැන් ඔය අපි කඩෙන් කන පාන් හදන්නෙත් එහෙමද.. වස්ත්‍රය තමා.. මංනේ දන්නේ ඒ හදන හැටි... ගත්තා පිටි මිටිය බේකරිය මුල්ලෙන් මේසේ උඩට.. කැපුවා කට හැළුවා මේසෙට... ගෝනියේ තිබුන කුණු රොඩුත් මේසේ උඩ...

හා හා ඒ කතා එපා...

ඒ හින්දා ඔය හැලිලි ඩෝග්ට පිටි ටික දාගන්න ටිකක් ඉඩ තියෙන භාජනේකට... දාලා ඒකටම ඔය බඩු වලින් බිත්තරෙයි අවන් එකයි වතුරයි මාගරිනුයි ඇර අනිත් ටික දාලා හොදට අතින් කවලං කරගන්න..එහෙම කලවං උනාට පස්සේ මාගරින් ටිකත් දාලා හොදට පොඩි වෙන්න අනාගෙන දාන්න වතුරත්.. දැන් ඉතිං තියෙන්නේ දෙයියන්ට බුදුන්ට හිතිං බාරයක් හාරයක් වෙලා අනන්න තමා..  මොකද වැඩේ දෙල් උනොත් පාන් පිටි ටික අහක.. පාන් පිටි කියන්නේ රත්තරං වගේ දෙයක් නෙව..විසි කොරන්නේ මොන හිතකින්ද...?

හරි ඒක අතේ නොඇලෙන ගානට අනාගන්න... අතේ ඇලෙනවනං තව වැඩිපුර පාන් පිටි ටිකක් අරං මොලියට ඉහින්න... එතකොට ඕක හොදට බෝලේ වගේ හදා ගතෑකි... එහෙම හදාගත්තට පස්සේ ඕක ලෑල්ලක් හෝ..තහඩු මේසයක් මතට දාලා හොදට අත් ගහලා මෘදු වෙන්න අනා ගන්න ඕන... විනාඩි දහයක් විස්සක් වගේ කාලයක් ඕක අත් ගහගත්තාම නිකං බටර් වගේ මොලොක්.. අතේ ඇලෙන්නේ නැති..හරි සනීප මෝලියක් බවට පත් වෙනවා.. එයින් පස්සේ ඒක මෙන්න මෙහෙම හරි.. නැත්තං බෝලයක් හැඩේටම හරි තියන්න පැත්තකින්...



වහන්න මෙන්න මෙහෙම බත් කොලයකින් හරි තෙත රෙද්දකින් හරි...

හරි  දැන් ගිහින් පැයක් විතර තමුන්ගේ තියෙන වෙන වැඩක් බලා ගන්න.... ආපහු ආවම පෙනෙයි මෙන්න මෙහෙම... තිබුනා වගේ දෙතුන් ගුනයක් වෙලා තියෙන මෝලිය.. 

 දැන් මේක කෑලි කඩලා අරං තමන්ට ඕන හැටියකට හැඩ තියලා පාන් හදාගන්න... අච්චුවක් තියේනං ඒකට තෙල් ටිකක් ගාලා ඒකට දාගන්න.. මෝලිය නවන එක එක ක්‍රම තියෙනවා.. ඒත් තාමත් මට වීඩියෝ පහසුකං යටතේ මේක කොරන්න හම්බ උනේ නැති හින්දා ඒ හැඩ වැඩ කියා දෙන්නනං වෙන්නේ නැහැ.. ඒ උනාට කමක් නැහැ.. ඕන එකක් සත පණායි කියලා හිතලා තමුන්ට ඕන හැඩයක් ගන්ට මෙන්න මේ වගේ... 

හරි එයින් පස්සේ ඒක තෙල් තවරාපු තැටියකට දාලා කැමතිනං තව තෙල් ටිකක් උඩින් යාන්තමට වගේ ගාන්න... අකමැතිනං නිකං ඉන්න මෙයාලා.. :D
හා දැන් ඔය අස්සෙම ගිහින් අවන් එක ඔන් කොරලා එන්න... ඒක විනාඩි පහක් විතර රත් උනාට පස්සේ දාන්න ඔය ටික ඇතුලට.. අවන් එක හදන්න මෙන්න මෙහෙම... උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙසීයයි... විනාඩි දහයයි... උඩින් යටින් හැම අතින්ම රත් වෙන හැටියට...

ආ දැන් ඔය වැඩේ යන්නේ.. මේකට කියන්නේ පාන් තම්බනවා කියලා... එක පාර බේක් කරනවට වඩා මේක හොඳයි...


හරි දැන් ගන්න එළියට.. දැන් මේක තැම්බිලා තියෙන්නේ.. දැන් අර කලින් කියාපු බිත්තරේ ගහලා කොරලා ගන්න..සමහරුනං මේකට ගන්නේ සුදු මදේ විතරයි.. ඒත් මංනං බිත්තරේම ගහලා ගන්නවා... ඇයි සුදු මදේ මේකේ ගාලා මං කහ මදේ මූනේ උලා ගන්ටයෑ...:D


ආ දැන් හරි.. අර ගහ ගත්ත බිත්තර සාරුව අරං පින්සලයකින් හරි.. අතින් හරි කමක් නැහැ මේක උඩ හොඳට ආලේප කොරන්නයි තියෙන්නේ... ඔය තියෙන්නේ දිලිහි දිලිහී...


දැන් ආයෙමත් අවන් එකට...
උෂ්ණත්වය සෙල්සියස් අංශක 250යි ඒ කියන්නේ පැරන්හයිට්නං 475ක් වගේ නේද..? ආන්න ඒ ගානට තියලා විනාඩි 15ක් පුච්ච ගන්න...

ආ මේ තියෙන්නේ එහෙම පිච්චෙනකොට පෙනුම...


රයිටෝ එහෙමනං දැන් බාගමු... ටිකක් නිවෙනකං අත පය ගාවගන්න යන්න එපා...

කොහොමද පෙනුම...?




48 comments:

  1. මේක අච්චු පාන් මොඩල් නේද? යට තෙල් කෑල්ල නෑනේ තැටි පාන් වගේ.පාන්වල මම කැමතිම හරිය.කොහොම වුනත් කමක් නෑ මාර බක්කරේ....

    ReplyDelete
    Replies
    1. අච්චුපාන්වලට වඩා මේකේ යට පැත්ත හොදයි...

      Delete
  2. අප්පටසිරි දවල්ට කන් හිතන් ඉද්දි කියවද්දි. අපි ඉතින් දවල්ට කන්නේ මේ වෙලාවටනේ. බඩගිනියි අප්පා. මං යනවා කන්න

    ReplyDelete
    Replies
    1. හා හා රෑටත් කාලම වර..:D

      Delete
  3. //විප්ලවේ කොරන්ටනං තාප්ප වගේම පාප්පත් අවශ්‍යය//
    අම්මට සිරි ..මේක අදනේ මට මීටර් උනේ.
    සිරා කතව මාරයෝ..
    මොනවා උනත් මේ සති අන්තයේම හදනව පාන්..
    මිසිස් ඇල්බන් ට තරු පේන්න.
    තැන්කු වේවා..!

    ReplyDelete
    Replies
    1. අදමද මංදා දුටුවේ ඇල්බොං ගොයියව...?

      හදු හදු... තරු නෙවෙයි චක්‍රාවාටෙම පේන්න හදු...

      Delete
  4. දැං ගනිංකො ඕව හදන්න අවන් එකක්. මොකද මයික්‍රොවේව් වල ඕව හදන්න පුලුවනෑ.
    කොහොම උනත් කුණු ටිකක් දාඩිය ටිකක් නැති පාං රහ නෑ බං. :D

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව.. පාන්වල නියම ලුනු පදම එන්නනං බක්කරේ හත් අටවතාවක්වත් දාඩිය පොල්ල පිහිල දාන්නම ඕන... :D

      දෙපාරකට උඩ යට මාරු කරලා දාලා බලහං මයික්‍රෝවේව් එකෙත් බැරිද කියලා...

      Delete
    2. සමහර මයික්‍රෝවේව් වල බේකින් පුළුවන්, සමහර ඒවා වල බැහැ.

      Delete
    3. //පාන්වල නියම ලුනු පදම එන්නනං බක්කරේ හත් අටවතාවක්වත් දාඩිය පොල්ල පිහිල දාන්නම ඕන//

      ශික් වලත්තයා....
      මම නං බක්කරේගෙ පොල්ලෙ දාඩිය පිහිදපු පාං ආයෙ කන්නෙ නෑ..

      හිතපු හැටි වැරදුනාවත්ද මන්දා... සිංහල තේරෙනවා අමාරුයි අයියා..

      Delete
  5. ඊස්ට් ටික වතුර කෝප්ප කාලක විතර කලවම් කරල විනාඩි 5ක් විතර වහල තිබ්බම පෙන දාල ද්‍රාවනයක් හැදෙනව.එය තමයි මිශ්‍ර කල යුතතේ.ඊස්ට් ඇට මාළු බිත්තර වගේ නිසා පිටිවලට කලවම් වූ පසු දිය වීම හොරයි.
    විමලය ගොන් ජනතාවට පොර ටෝක් දුන්නට පවුලම කන්නෙ පිටි මිශ්‍ර යුරෝපියන් කෑම.
    ඔය හදල තියෙන දිග පාන් එකට කියන්නෙ ප්‍රෙන්ච් බ්‍රෙඩ් නේද?
    අර බෝල දෙක හැදුවෙ..........................එක්කො ඕනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් නියම කොරමේ එහෙම තමා.. මං කලියෙන්ම කිව්වේ අර පිටි හැලිල්ල එහෙමත්.. ආන්න ඒ වගේ පිටි හැලිල්ල එක්කම ඔව්වා වෙනම දිය කිරිල්ලත් මං බව්වට දැම්මා... ගෙවල්වල හදද්දී ඕවාට ඔයාකාර නහින්න ඕන නැහැ... වැඩේ සිද්ධ වෙනවා ඒ හැටි වෙනසක් නැතිව.. අනික දැන් මෙහෙ තියෙන ඊස්ට් එක ඉස්සර තරං ලොකු නැහැ... කෙලින්ම පිටිවලට දැම්මත් වැඩ කරනවා...

      හැඩේනං ඒ වගේ තමා ඒත් ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකේ ගානටකොලිටි මදි.. හැඩේ.. කැපුම.. නියම විදියට මෝලිය එතිල්ල... වගේ දේවල් වෙලා නැහැ... ඒ ළගින් යනවා.. දැන් මේකේ මං ලිව්වේ නැතිවට මං මේකට සුදුළුණු තලපෙකුයි සැලරි ටිකකුයිත් දාලා තියෙන්නේ...:D

      Delete
    2. නොකිව්ව එක අර වගේ තමා

      Delete
    3. ඔය දිග පොල්ලට වියනා බ්‍රෙඩ් කියලත් කියනව.... හැබැයි ඒක හදන්න වෙනම රෙසිපියක් තියේද කියන්න දන්නෙ නෑ

      Delete
  6. >>දාලා ඒකටම ඔය බඩු වලින් බිත්තරෙයි අවන් එකයි වතුරයි මාගරිනුයි ඇර අනිත් ටික දාලා හොදට අතින් කවලං කරගන්න.
    මෙන්න මේ රෙසිපියෙ හොඳම නිර්මානාත්මක වාක්‍යය.<<

    ReplyDelete
    Replies
    1. එතකොට දාන්න තියෙන්නේ ලුනු ඊස්ට් හා සිනි පමණයි

      Delete
  7. මේ බේක් වැඩේ මයික්‍රෝවේව් එකේ බැරිද. එහෙම පුළුවන්නං ගොඩ තමා.

    ReplyDelete
    Replies
    1. මයික්‍රෝ එකේ පාන් පුච්චන්න පුලුවන්නම් අපේ තියෙන දේ වලින් තව දේවල් උපද්දවන පුළුවන්.
      සිංගර් එකේ තියෙන්නෙ පොලි නැතිව,ලයිට් බිල ආවම හුලං බීල අවන් ගන්න ක්‍රම.

      Delete
  8. යකෝ හැමෝම ගෙදර පාන් හදන්න ගත්තොත් "පාන් අයියා" කියන්නේ කාටද ?

    ReplyDelete
  9. Replies
    1. මටත් මතක් උනේ *කා පාන් තමයි.

      Delete
  10. අවන් වලින් රත් කොරන්න ගිහින් ලයිට් බිල් ගෙවන්නේ මොකාද, ගිහිල්ලා කනවා කඩෙන් පාන්

    ReplyDelete
  11. වෙන මහන්සියටයි... කාලේටයි.. පාන් ගෙඩියක් කඩෙන් ගෙනත් කන එක ලාබයි..

    කොහොම හරි උඹ ඉගෙන ගන්න දේ බෙදා හදා ගෙන කන එක.. ළොකු කුසළ කර්මයක්....

    ReplyDelete
  12. මේ අලුත් ඉස්කෝලෙන් ඉගෙනගත්තු වැඩ කෑලි නේද මලේ...හරිම ලස්සනයි බං දැක්කහම පැනල කාගෙන කාගෙන යන්න හිතෙනව...මමත් මේ පාං හදනව ඕං බලපන්කො...
    හැබැයි ඉතිං අපි කොහොම වුණත් උඹනං ත්‍රස්තවාදියා...ඇයි යකෝ එකට විප්ලව කරපු උං මෙහෙමත් පාං පිටිවලට පෙං බඳිද්දි මල පනින්නෙ නැද්ද...පරිස්සමෙන් හිටපං.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මං හොය හොයා හිටපු රෙසිපියක්.තැන්කු වේවා

    ReplyDelete
  15. හොය හොයා හිටපු රෙසිපියකි.තැන්කු වේවා

    ReplyDelete
    Replies
    1. ඇයි ගෙවල් පැත්තේ කඩවල පාන් නැතිද?

      Delete
  16. අර බිත්ටර සාරුව ගාන්න බිත්තියේ තීන්ත ගාපු පරණ බ්‍රෂ් එකක් කමක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ගෙදර අතුගාන කොස්ස උනත් අවුලක් නෑ.

      Delete
  17. හරි දැං මේක කන්න හොඳ හොද්දක් හදන හැටිත් කියමුකෝ බලන්න...

    ReplyDelete
    Replies
    1. හොද්දක් ඕන නැහැ තිසර, දිග පාන් එක බෝල පාන් එක්ක කන්න පුළුවන්.

      Delete
  18. තවම මට හරියට සිංහල කොටන්න බැහැ ඒ නිසා ඔයාලා අපහසුතවයට පත වෙනවනම් මම කියවලා විතරක් යන්නම් කොමෙන්ටුවක් නොදා..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කොටද්දී කොටද්දී තමයි ..මුවහත් වෙන්නේ , හැම එකම එහෙමයි ..හිකිස්

      Delete
  19. පාප්ප ගැන කතාවෙන් විමල්ට අතීතය මතක් කරලා දුන්න එක හොඳා. ඌ දැන් ජවිපෙත් අමතක අමුතුම සතෙක් වෙලානේ ඉන්නේ.

    ReplyDelete
  20. ස්තූතියි ස්තූතියි...මම නම් හදන්නේ මාළු පාන් තමයි...රසයි ගුණයි කදිමයි..

    ReplyDelete
  21. බලන්න ලස්සන පාන් . කොහොම හරි ඉගෙන ගත්තා නේ . උත්සාහවන්තයා .
    ප්‍රංශ බගට් හදන්නත් ඉගෙන ගන්න .

    ReplyDelete
  22. දැන් ලේසි නෑ මාරයා අයියත්...

    ReplyDelete
  23. මාරය්යා දක්ෂයා , අපිත් උත්සහ කරලා බලන්නම්

    ReplyDelete
  24. අයි ටීන් එකේ මහින්දගේ "විමසුම" ජාතියේ වමනේ යන සයිස් එකේ දේසපාලන විචාර නොලියා මෙන්න මේ වගේ වැදගත් දෙයක් ලියපන් . . . ! :P

    ReplyDelete
  25. ඒක නෙමේ අපේ උන්දෑ මෙහේ Dubai ඉන්නැද්දී අරන් දුන්නු අවන් එකක් තියෙනවා නුවර ගෙදර.

    අපේ උන්දෑ ලයිට් බිලට බයේ ඒක නිකම් වත් ඔන් කරන්නේ නෑ.

    තෝ දැනට ඉගෙන ගන්න එකා වෙච්චි.

    නිකම් පැත්තක පෙට්ටියකට දාලා තියෙන අවන් එක බොට ටික කාලෙකට දෙන්නද?

    ඉගෙනගෙන ඉවර වෙලා රටකට යද්දී ආපහු දීලා පල.

    ReplyDelete
  26. ඔන්න, ඉතින් මාත් ආවා අද රස පාන් කන්න.

    ReplyDelete
  27. ammata hutu duka dakka kal
    ko bola post

    ReplyDelete
  28. ලස්සන දැක්කම කටට කෙල උනනව :D

    ReplyDelete